Tuesday, July 8, 2014

142.ෆිෆා සහ රහුමාන් මාස්ටර්.



අනුන්ගෙ මගුල් ලියනව ඇරෙන්න තොට වෙන දෙයක් ලියන්න බෑ කියල ඇනෝ පිංවතෙක් මේ ලඟදි දවසක මට පිං අනුමෝදන් කර තිබුණා.ලියපු එකේ අර්ථය ඒක වුනාට වචන නං වෙනස් වචන ටික මට දැන් මතක නෑ සහ ඒ කමෙන්ටුව දැන් සොයාගන්නට නැති නිසා ආපහු බලන්න විදිහකුත් නෑ.

ඉතිං පහුගිය සතිය පුරාම මම කල්පනා කලේ අරූට මෙහෙම වුනා මූට මෙහෙම උනා කියල නොලියා මටම පුද්ගලිකව වෙච්ච දේවල් ලියන්න නං කොච්චර කතා තියෙන්න උවමනාද කියල සහ එහෙම අනුන්ගෙ දේවල් ලියන්න බැහැ කියා නීතියක් හෝ රීතියක් මේ බ්ලොග් අවකාශේ තියෙනවද කියලයි.එහෙම හිතාගෙන මම කියවන බ්ලොග්වල පරණ කතා පවා බලපුවම ඒ බ්ලොග්වලත් අනුන්ගෙ කතා අපුරුවට ලියල තියෙනවා.ඒ නිසාවෙන් මම හිතාගත්තෙ මේ කතාව මට විතරක් කියාපු දෙයක් වෙන්න ඇති කියලයි.

ඇත්තම කිව්වොත් මට නං එච්චර ලියන්න පුද්ගලික අත්දැකීම් නැහැ මොකෝ ලියනව කියල පවුල කුස්සියට වෙලා මාළු උයන හැටි ලියන්ටයැ.ඔන්න ඔය කාරනාව ගැන හිත වෙහෙසවමින් මම පහුගිය සතියම ගතකල නිසා මොකුත්ම ලියාගන්නට බැරිවුනා.

ඊයෙ රාත්තිරියෙ නිදිමරාගෙන ෆිෆා සෙමි ෆයිනල්ස් බලද්දී මට කතාවක් මතක් වුනා.හැබැයි ඉතිං මේකත් අනුන්ගෙ කතාවක්. බැන්නත් මොනා කරන්නද, තරහ අවසර කියල ඒ කතාවත් ලියන්නං.

කින්නියාවෙ දර්ශනීය සෙල්ලං පිට්ටනිය හෙවත් ග්‍රවුන්ඩ් එක ෆෙරියට මීටර් හාර පන්සීයක් දුරින් පිහිටා තිබුණා.කින්නියාවෙ කොල්ලො කෙල්ලො ඔක්කොම සෙල්ලං කලේ තරඟ පැවැත්වුවේ මේ ග්‍රවුන්ඩ් එකෙයි.රහුමාන් මාස්ටර්ගේ ගේ පිහිටලා හිබුනෙත් ඒ කිට්ටුවමයි.

ඔන්න එදා තිබුන පුට්බෝල් මැච් එක කින්නියාවෙම පාපන්දු කණ්ඩායම් දෙකක් අතර නිසා තරඟය බලන්නට ගොඩක් දෙනා ඇවිත් හිටියා.සෙනග වැඩිවෙන්න තවත් කාරණයක් වුණේ කණ්ඩායම් දෙක අතර තිබුණු බද්ධ වෛරයයි.හරියට ඉන්දියාව සහ පාකිස්තානය ගහන මැච් එකක් වගේ මේ කණ්ඩායම් දෙකත් හමුවුන තැන්වල ගහමරා ගැනිලි ගෝරි බෝරිවලින් කිසිම අඩුවක් වුණේ නෑ.

ඉතිං මෙන්න මේ වගේ බොහොම භයානක ට්‍රැක් රැකෝඩ් එකක් තියෙන මේ කණ්ඩායම් දෙක අතර  පාපන්දු තරඟය කින්නියාවෙ පිට්ටනියේ උත්සවාකාරයෙන් ආරම්භ වුනා.පාපන්දු තරඟයේ විනිශ්චයකරු හෙවත් රෙෆ්රි හැටියට අපේ හිතවත් රහුමාන් මාස්ටර් කටයුතු කළා.රනිංෂෝටකුත් ටී ෂර්ට් එකකුත් ඇඳගෙන විස්ල් එකකුත් කටේ ගහගත්තු රහුමාන් මාස්ටර් තමන් දන්නා උපරිමයෙන්ම කැපවෙමින් විනිශ්චය කටයුත්ත කලේ පොඩ්ඩ බැරිවුනොත් ඇතිවෙන අවාසනාවන්ත තත්වය ගැන හොඳින්ම දන්නා නිසායි.

නමුත් කල් යල් බලා අවාසනාව පලදුන්නා. තරඟයේ දෙවෙනි භාගයේ එක කණ්ඩායමක ක්‍රීඩකයෙකුගේ නීති විරෝධී ක්‍රියාවක් හෙවත් ෆවුල් ප්ලේ එකක් හේතුවෙන් රහුමාන් මාස්ටර් අනික් කණ්ඩායමට ලබාදුන් දඬුවම් පහරින් ඔවුන් ගෝලයක් වාර්තා කිරීමත් එක්කම ක්‍රීඩකයන් තුල මතුවී ආ නොසන්සුන්තාවට ආධාරකරුවන්ගේ දැඩි විරෝධයද එල්ල වීම නිසා  ක්‍රීඩා පිටියට කඩා වැදුණු නරඹන්නන් සුළු මොහොතකින් තරඟය එකම යුද්ධයක් බවට  පරිවර්තනය කළා.

මේ කලබල අස්සෙන් රිංගල පිට්ටනියෙන් එලියට පැනගන්නට රහුමාන් මාස්ටර්ට හැකිවුනා.ඔහුගේ එකම අභිමතාර්ථය වුණේ ගෙදරට දුවගැනීමයි.නමුත් රහුමාන් මාස්ටර් පැනල දුවනවා දැකපු එක ආධාරකරුවෙක්...

අන්න අන්න රෙෆ්රියා පැනල දුවනවා අල්ලගනියව් ඕකා තමයි ඔක්කොම කලේ...

කියනවත් එක්කම කීපදෙනෙක් රහුමාන් මාස්ටර්ගේ පස්සෙන් එළවන්න ගත්තා,රහුමාන් මාස්ටර්ට ලංවුණු එකෙක් ඔහුගෙ ටී ෂර්ට් එකෙන් අල්ල ගත්තා මාස්ටර් දුවපු වේගෙට ටී ෂර්ට් එකේ පිට ගැලවිලා අල්ලගත්ත එකාගේ අතට ආවත් මාස්ටර්ව අල්ලගන්න ලැබුනෙ නෑ. 

ඇඳුම ඉරාගෙන කෑලි එල්ලී එල්ලී හැති දමාගෙන දුවන් ඇවිත් මාරාවේෂයෙන් ගෙට කඩාවැදුණු රහුමාන් මාස්ටර් දැකපු ගෙදර අය හොඳටම බයවුනා.

ඇයි ඇයි මේ මක් වුණාද...

බිරිඳ අහපුවම රහුමාන් මාස්ටර්... 

ෂ්ෂ්...සද්ද කරන්න එපා ඉක්මනට දොර වහන්න...

දොරත් වහගෙන රහුමාන් මාස්ටර් ගේ ඇතුළට වෙලා ඉද්දි එළවගෙන ආපු උන් එළියෙ රැකගෙන ඉන්නවා...

හරි තෝ කොයි වේලේ හරි එළියට බහීවිනෙ එතකොට අල්ලගන්නංකො...

එළියෙ ඉන්න උන් කියද්දී රහුමාන් මාස්ටර්ට පණ බයයි.මේ උගුලෙන් බේරෙන හැටි කල්පනා කරමින් හිටපු රහුමාන් මාස්ටර්ට හොඳ දීප්තිමත් අදහසක් හිතට ආවා.

ජනේලෙ ලඟට ගියපු රහුමාන් මාස්ටර් විස්ල් එක පිම්බම බලපු එකෙකුට මාස්ටර් අතින් කතාකළා.ඒ මනුස්සය ජනේලෙ ලඟට ආපු ගමන් රහුමාන් මාස්ටර් සාක්කුවෙන් රෙඩ් කාඩ් එක ඇදල අරං ඌට පෙන්නුවා.

130 comments:

  1. ඊට පස්සේ මොකද උනේ ?

    ReplyDelete
    Replies
    1. මොකුත් නෑ පැතුම් සියල්ල සතුටින් කෙළවර වුවා.

      Delete
  2. //අනුන්ගෙ මගුල් ලියනව ඇරෙන්න තොට වෙන දෙයක් ලියන්න බෑ කියල ඇනෝ පිංවතෙක් මේ ලඟදි දවසක මට පිං අනුමෝදන් කර තිබුණා.//

    හැලපෙට ගහන්න මේ වගෙ සිල්ලර චෝදනාවක් දක්වා යන්න වුනු එකෙන් පේනව බ්ලොග් එකේ වෙන වරදක් නැති බව. වෙල් ඩන් හැලපේ!

    ReplyDelete
    Replies
    1. ඔය එක එක අම්මරු තියෙන අය ලියන දේවල් නොවැ ප්‍රොපයිල් ඇනෝ.කවුද ඔව්ව ගණන් ගන්නෙ.

      Delete
  3. කමිසේ පිටිපස්ස පැත්ත ගැලවිලා ගියත් පොර ඒක ගලෝලා වෙන එකක් ඇඳගෙන නෑ වගේ!

    යෙලෝ කාඩ් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. කකා, ඇයි කකා ඉක්මනට අපිව දාලා යන්නේ? කකා මැරුණම අපිට අතල් එකක් වත් ගන්න කවුරුත් නැහැනේ.

      Delete
    2. රෙඩ් කාඩ් එක තිබිල තියෙන්නෙ කලිසං සාක්කුවෙලු කකා.

      Delete
  4. යකෝ රෙඩ් කාඩ් එක ඇදල ඇරං පෙන්නුව කියල මොකද වෙන්නෙ...
    මොකද ඒත පුබ්බෝල් මැච්චෙකක් නෙවී නෙව

    ReplyDelete
    Replies
    1. යකෝ ඌ රෙෆ්රිනේ වෙන මොනා කරන්නද?

      Delete
  5. මැරෙන්න හිනා ගියා හැලපෙ. අපේ උන්දැ අහනවා මොකද්ද හැබෑටම ඔය විකාරෙ. හැමදාම ඔය මගුල ළඟ ඉඳගෙන තනියම හිනාවෙනවා කියලා. මම කිව්වා මේ බලන්නකෝ අර අල්ලපු ගෙදර ....ගෙ නියුඩ් ෆොටෝ එකක් කවුද ඉන්ටර්නෙට් එකට දාලා කියලා. හැලපෙට කියන්ඩ, මෙයා තත්පර 1.5 කින් පඩිපෙළ නැගලා උඩ තට්ටුවට ගියා පුපුර පුපුරා.

    ReplyDelete
    Replies
    1. නාකි වයසට නෙමෙයි වැඩ. 50GB වෙනකං වාර්තා චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරනවා කිව්වට වැඩි හරියක් අසබ්ය එව්වා වෙන්ඩා.

      Delete
    2. ඇයි බොට ඉරිසියද ඇනෝ

      Delete
    3. ඇනෝ මචං .. දෙන්ඩද උඹටත් ලින්ක් එකක් පට්ට පාරවල් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්ඩ !! ඉරිසියා නොකර :D

      Delete
    4. මේ ඇනෝ පාර නං ඊරිසියාවටමයි. විචාරක තුමා නොසැලෙන් යමු ඉදිරියටම

      Delete
    5. 50GB වෙනකං අසබ්ය එව්වා ඩවුන්ලෝඩ් කරා

      Delete
    6. ඇනෝවා හම්බ ගොන් තඩියෙක් බව පේනවා මූ විචාරක තුමාට ගහන්න හොර ප්‍රොෆයිල් හදාගෙන එන්නේ මූ විචාරක තුමාගෙන් අම්බානක කාපු එකෙක් වෙන්ඩෑ

      Delete
    7. මල්ලි ලස්සනට බොරු ගොතනව නේ.
      බොරු වලට අපායෙ යනවනම් බුදු අම්මෝ වෙනම අපායක් හදන්න වෙනවා

      Delete
    8. AnonymousJuly 9, 2014 at 9:05 PM////
      ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් !

      Delete
    9. විචාරක තුමා....ඔබතුමා පස්සෙ පන්නන මේ ඇනෝ බුවාගෙ විස්තර ඔබට ලගදීම දැනගන්න ලැබෙයි....
      එතෙක් ඔබ වචන වියදම් නොකොට ඉන්න...

      Delete
    10. විචාරක තුමා මම හිතුවෙ නෝනා නියුඩ් සීන්ස් එක බලන්න දුවගෙන ආවයි කියලනෙ.

      Delete
  6. හලෝ හැලපෙ,

    අද අපේ ඔපිස්‌ එකේ කෙනෙක්ගේ ගෙදර උත්සවයක් නේ. ඉතිං අපිට දවල්ට කෑම එහෙං. මම තව කට්ටියක් එන්න 11 ට විතර එහෙට ගිහිං හීනියට අඩියක් එහෙම ගහලා බත් ඩිංගකුත් කාලා අවා. දැන් ආයේ ඔපිස්‌ එකේ ඉන්නේ. සේරටම එක පාර එහෙ යන්න බැරි හින්දා කාණ්ඩ වලට යන්න තමයි තීරණය කරලා තියෙන්නේ. අපි කාලා ආවම අනික් කට්ටිය ගියා. ලොක්කාත් ගියා.
    දැන් ඉතිං මම ගොලිප් එකකුත් ගගහා බ්ලොග් ටික බල බලා ඉන්නවා.

    අපේ මාතලන් එහෙමත් අලුත් පොස්ට් එකක් දලා තිබුනා. මමත් ඉතිං කොමෙන්ට් එකක් දාන්නං කියලා ගියා. ඒත් එකේ ඇනෝ කොමෙන්ට් දාන්න බැහැ. මොකක්ද වෙලා. මම ඉතිං ආයේ ආවා ඒ පාර.

    රාජ් එහම නං අද දවසටම දැක්කේ නෑ. හැබැටම කෝ අපේ රාජ්.

    ReplyDelete
    Replies
    1. අනේ මගේ රත්තරන් පනේ. මේ මොළේ අවුල් නපුංසකයෝ එක්ක බැරි නිසා ඒක වහලා දැම්මේ. අනිත් කොමෙන්ට් ඔක්කොමත් හරි උඹේ එකත් හරි. ඕන් උඹ හින්දම ඒක ඕපන් කලා. වෙලාවක බාගෙකුයි ගෝලිප් දෙකකුයි එක්ක සෙට් වෙමු. මේ දවස් වල බොන කත් මහ පණ යන වැඩේ.

      Delete
    2. සක් ඔව් අප්පා මේ ඔල්මොරොන්දන් කාරයෝ නිසා මේ වගේ ආතල් ඩයල් වල කොමෙන්ට් එකක් දකින්න නොලැබෙන එක තමා දුක

      Delete
    3. බෝතල් ඇනෝ.. අලේ බං මාවත් එක්ක පලයංකෝ ඔය තැනකට සෙට් වෙන්න.

      Delete
    4. මරාගෙන කන ඇනෝල අතරෙ , කන බොන ඇනෝ කෙනෙක්. එල බන් උබේ කොමෙන්ට්.

      Delete
    5. මේ ඇනෝ කොමෙන්ට් කරන බ්ලොග් ලිස්ට් එකක් දෙන්න බැරිද? පෝස්ට් නොකිව්වත් කොමෙන්ට් කියවන්න.

      Delete
    6. පැරා, රාජ්, කතන්දර, මාතලන්.

      Delete
    7. උබ ගැන පට්ට ඉරිසියා හිතෙනව බන් ඇනො

      Delete
    8. ඇනෝ මචං.. පට්ට ඩයල් එකක් බං උඹනං !!

      Delete
    9. ඇනෝ මචං.....දවල් කෑමට මොනවද තිබුනේ බන්....

      Delete
    10. මේ කුල් ඇනෝ සියළුම බ්ලොග්කරුවන්ගේ සිත දිනා ගන්න ඇනෝ කෙනෙක් වෙන බව මා දැනගෙන හිටියා.ඇත්තටම මේ ඇනොගේ ජීවිතේ ගැන මට ඉරිසියා හිතෙනවා.

      Delete
  7. හැලපේ.... මදි මචෝ.. ආන් මම අර උඹලයි ගෙදර තිබුන කොන්පරන්ස් එක ගැන ලිව්වා.. පට්ට මැච් එක නේ.. සංසාරේ දුකක් කියලා තේරුණේ ඊයේ රෑ බං. බ්‍රසීල් කාරයන්ට ජීවිතෙත් එක්ක එපා වෙන්න ඇති. නිකන්ද බං 7-1. මම ජර්මන් කාරයන්ට කොහොමත් මනාපයි.

    ReplyDelete
    Replies
    1. මල සේක කියන්නේ මෙහෙව් කුජීත පරාජයක් වෙයි කියලා කවුද හිතුවේ බ්‍රසීල් කාරයෝ, අර ලස්සන බ්‍රසීල් නංගිලා අඬපු හැටි දැක්කම මට ජර්මන් කාරයොන්ට තනියෙන් ගහන්න හිතුනා අම්මපා.

      Delete
    2. ඇත්තටම පව්. ෆුට් බෝල් කියන්නේ උන්ගේ පණ වගේනේ.. අර දඩි බිඩි ගාලා හතරක් බස්සද්දි මගේ හදවත නැවතුනා වගේ උනේ.

      හැබයි ඔයිට ආතල් මැච් එකක් ගියා දෙරණේ.. කොහෙද කාළකන්නි ඒක හාෆ් ටයිම් වලින් නැවත්තුවනේ.

      Delete
    3. කියලා වැඩක් නෑ ...නිකං හොල්මන් වෙලා ගියා හරියට පරණ මැච් එකක highlights බලනවා වගේ වුනේ

      Delete
    4. මාතා.. මම බැලුවෙ දෙරණේ මැච් එක..

      හැබැයි හොදම හරිය පෙන්නුවෙ නැහැ.. ඒක යූ ටියුබ් එකෙන් බලා ගත්තෙ :)

      Delete
    5. බෙලි කන මහ ඇමති සහ ගේම නම් ගේම වෙන්ඩ මහ ඇමති. ෆුල් ආතල් පොලිටිකල් ඩිශ්කෂන්ස්!!!

      Delete
    6. පලවෙනි විනාඞි දහය බ්‍රසිල් ගැහැව්වෙි ගෝල 10ක් බස්සනවා කියලා ඡර්මන් ඉඞ දිලා බලාගෙන හිටියේ හරි ගහපන්කෝ කියලා.

      Delete
    7. මදි තමයි මචෝ මොන කරන්නද කින්නියාවල ඉඳන් කතා මෙහෙට ලැබෙන්න හරි ප්‍රමාදයි.දෙරණේ ආතල් එක මම බල බලා හිටියෙ අපරාදෙ හාප්ටයිම් වලින් නැවත්තුවනේ.හොඳ හරිය ලයිව් දැම්මනං කොහොමද ආතල් එක.

      Delete
    8. ඉවාන්,
      බ්‍රසිල් නංගිල අඬනව දැක්කම මට ඇතිවුන දුක කියාගන්න බෑ.මුණුවල ගාල තිබ්බ පාට ඔක්කොම හේදිලා වැටෙද්දී කොහොම ඉවසගන්නද බං.

      Delete
    9. සෑම්,අරූ,
      නියම දේශපාලන සංවාද නං ඔහොමයි බංස්ල. හරිම අලංකාරයි.

      Delete
  8. අපරාදෙ, අපේ නානසාර ලොක්කව යවන්න තිබුනෙ රෙෆ් කරන්න....

    ReplyDelete
    Replies
    1. //අපරාදෙ, අපේ නානසාර ලොක්කව යවන්න තිබුනෙ රේප් කරන්න...// ??????

      Delete
    2. කොහොමද නානසාර ෂෝටයි ටීයයි ගහගෙන පිට්ටනියෙ දුවද්දී අල බෝලෙ පෙරළෙනවා වගේ තියේවි නේද?

      Delete
  9. ෆූට් බෝල් මැච් එකක් ඉවර වුනාම වලියක් නැත්තම් මැච් එක ගැහුවද කියලා වත් මතක නෑ. ඒ වගේම තමයි මැදදී හොරෙන් යන වලි. දුවන ගමන් කුට්ටම මිරිකීම, වැලමිටෙන් නහයට ඇනීම. යටි බඩට දනිහෙන් ගැහීම. කකුල් වටේටම ගෙඩි ගැහෙනකන් බූට් පාර දීම. කකුල් මාට්ටු දැමීම. ෆ්‍රී කික් එකට පුක ඇල්ලීම ..වගේ තව නහුතයක් දේවල්....අර සොලෝ..රහුමාන් මාස්ටර් වාසනාවන්තයා නැත්තම් රෙඩ් කාඩ් හම්බවෙන්නේ මිනිහට

    ReplyDelete
    Replies
    1. ආපෝ පෙනේද කරලා තියෙන නසරානි වැඩ.... හොඳ වෙලාවට අපි මුගේ යාළුවො නොව්නේ

      Delete
    2. හැක් ඒකනම් මගේ වාසනාව ඕ යේස්

      Delete
    3. ඉවාන් බොලා පාපන්දු ගැහුවද ඒ කාලෙ....

      Delete
    4. ඉවා උඹ ගෝලි ඉන්න වෙලාවක කියහං කෙලලා අරින්ඩ බෝල පාරං හරියට සෙන්ටර් කරලා උඹේ මූණ ටම. :D

      Delete
    5. ඉස්කෝලෙ සෙල්ලං කරලා කකුලට වැදුන පාරක් නිසා ගෙඩියක් ඇවිත් මාස ගාණක් එකතැන් වෙලා හිටියනේ.

      Delete
  10. හැක් හැක්... රෙපරි කියන එක ර්‍ක්‍රඩකයෝ අහන්න එපායැ...

    අර ඇනෝ පිංවතාගේ කතාව මට මතකයි ඔහේට හොයල දෙන්නෙයි ඒක???

    ReplyDelete
    Replies
    1. අපොයි එපා බං මොන මගුලකට ගඳගහන කුණු ගොඩවල් ගෙනත් මෙතන එල්ලගන්නද?

      Delete
  11. මේ රහුමාන් පිස්සු පිකුදු පොරක් නේ ...කෝ පොරගේ පුතා ???මේ කතා පිලුමක් වගේ අරම ගුටි කෙලියක් අස්සෙන් එළියට එන එක එහෙම ..කොම වුනත් එල

    ReplyDelete
    Replies
    1. ජ ය වේ වා!!!

      Delete
    2. ඇනෝල,
      මම කිව්වෙ ඔයගොල්ල අදහස් කරපු දේ නොවෙයි,අනුන් ගැන ලියන කතා කියන එකයි.අපි කවුරුත් අනුන් ගැන කතා ලියනවනෙ.අන්න එහෙමයි.මම කියාපු දේ අල්ලාගෙන සහෝදරට මඩ ගහන්න එපා මම කිසිසේත්ම ඔහු ගැන සඳහන් කලේ නෑ.

      Delete
  12. අනිත් අය කියන දේවල් එච්චර වොරි වෙන්න එපා හැලපේ.
    ඔය රහුමාන් මාස්ටර් එදා බේරිලද? ෆූටි ෆෑන්ලට මොනවා හරි කියනවා කියන්නෙ මේ දවස්වල අපේ රටවල් වල නම් පිස්තෝල කල්ලි මහ දවල් සෙල්ලම් දාන්න පටන් ගන්නේ ඒ විතරක් නම් කමක් නෑ මාෆියා වගේ සංවිධාන වෙච්ච තග්ස්ලා හැටදාහක් හමාරක් ඉන්න ස්ටේඩියම් වල මැච් නතර කරන්නේ ප්‍රසිද්ධියේ.

    ReplyDelete
    Replies
    1. වොරි වෙන්නෙ නෑ රංගි,නමුත් මේ ගොල්ල දිව හැරෙන හැරෙන පැත්තට කතාකිරීම ගැන කනගාටුවක් ඇතිවෙනවා.

      Delete
  13. ෆුට්බෝල් ගැන අන්දෝ සංසාරයක් දන්නැති මං පව් අප්පා. දැන් යමන්කෝ යෙලෝ කාර්ඩ්, රෙඩ් කාර්ඩ් වල තේරුම් ඉගෙනගෙන එන්න.

    ReplyDelete
    Replies
    1. ඔයා බස්සට රෙඩ් කාර්ඩ් එකක් අල්ලලා බලන්න...

      Delete
    2. හැක හැක එව්වා කොරන්න් ගිහින් බස්සා මෙයාට රෙඩ් කාඩ් එක දුන්නොත් එහෙම සැණකෙළියයි මෙතන

      Delete
    3. මං කියන්නද . කාඩ් පැක් එකක් ගෙනල්ලා ජෝකර්ල දෙන්න පෙන්නහං :D

      Delete
    4. තේරුම ඇහුවොත් බස්සිට කියල දේවි.

      Delete
  14. බලනකොට රහුමාන් මාස්ටර්ටත් බැරි වැඩක් නැනේ.... මිනිහා සූරයා.

    ReplyDelete
    Replies
    1. පොර වැඩකාරයා.බැරි වැඩක් නෑ.

      Delete
  15. අද පටන් ගනිත්දිම ඉවර උනා වගේනෙ. සුපුරුදු හැලපස්ටැයිල් එක නෙමේ.

    රහුමාන් මාස්ටර් බේරුනාද? නැත්නම් තාමත් ගුටි කනවද?

    ReplyDelete
    Replies
    1. තාමත් ගුටි කනවද ඇහුවෙ… මතක් ක‍රන ගානෙ වලටත් ගහලා එනවද දන්නෑ කරොපු වැඩේට. :)

      Delete
    2. සුපුරුදු හැලපස්ටැයිල් එක නෙමේ/// මෙක මේ අලුතෙන් හදුන්වලා දෙන එකනේ ,හැමදාම එකම විදිය බෑනේ ... ;))

      Delete
    3. ඔහොම වෙනවනෙ ප්‍රියා සමහර වෙලාවට පටන් ගනිද්දිම ඉවරවෙනවා.ප්‍රියාට එහෙම අත්දැකීමක් නැතිද?

      Delete
  16. අදනම් චුටි වැඩියි වගේ .... කෝ රාහු අන්කල්ගේ පුතාගේ කතා .... බලන්ගියාම කැන්දකොලෙන් ඔතන ඒවා මාමා ඇනොලට මාර බයයිනේ

    ReplyDelete
    Replies
    1. බයවෙන්නෙ නං මොකටද රාළේ හැබැයි සිරිකිතයි.

      Delete
  17. මේක හැලප හොරට හද්ල දාපු වෙට්ටුවක්. කැන්ද කොලේ නැති රොටී කයි අපි. ඉස්සුව යෙලෝ කාඩ් එක.

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා බං,ඔහොම කොට පෝස්ටුත් ලියන්න එපැයි.ලියන වෙලාවට මහා පදරංග ජාතකේ වාගෙ ලියනවනෙ.

      Delete
  18. චා චා පඳුර වටේ ගියා මදි... දැන් බැළුවම රහුමාන් මාස්ටර්ගෙ කතා කියල පොතක් ගහන්න තරං තියෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සරත්,රහුමාන් මාස්ටර්ගේ කතා තාම එක දෙක ලැබෙමින් පවතිනවා.ඉතිං මම ලැබෙන හැටියට ලියනවා.

      Delete
  19. අද ලිපිය වැඩක් නැහැ පදුරු තැලීමක් කොහෙත්ම නැහැ. ඊට් පස්සේ උනේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මේකට පඳුරු තලන්න බෑ මකසි.කෙළින්ම කියාගෙන ගියා.ඊට පස්සෙ මැච් එක එහෙමම නතරවුනාලු අර දෙරණෙ තිබ්බ මැච් එක වගේ.

      Delete
  20. Lassana kathawa helape,thanks,Mathalantath thankyou,comment walata newatha open kalata .mehe hitiyata mage pariganaka denima 0, name/url kiyana eken saha ano witharai,danne,mama eye metch eke deweni goal eka gehuwa balala,ilangata pump ekak dala enakota munthawa goal2k gahala,hebi meheta eeye hawasa indalawessa nisa parawalwala sadde adui.perduna ekanisa brasil aanduwata aai ldawediwei.dinuwanan wedegoda.ape wagemai.(Ranjan-düsseldorf)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රංජන්.සිංහල ටිකත් හදාගත්ත නං හරි අපුරුයි.

      Delete
  21. මෙක හැලපෙට වුන එකක් නෙමෙයි හොදේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට වෙච්ච දෙයක් නෙවෙයි.

      Delete
  22. ඒක හරියටම මැද ඇඟිල්ල උස්සලා පෙන්නුව වගේනේ බං. එතකොට කට්ටිය හිනාවෙවී පසු බැස්සද දොර කඩාගෙන ගෙට පැන්නද?

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ මචං.කට්ටිය මූට බැන බැන යන්න ඇති.

      Delete
  23. තමන්ගෙ බ්ලොග් එකේ තමන්ට කැමති දෙයක් ලියන්න හැකියි නොවැ...ඒ නිසා තේරුමකට නැති අන්මත ඉවත දමන්න. එදා ෆුට් බොල් මැච් එක ඉවර වෙලා මාස්ටර් විසිල් එකත් කටේ ගහගෙනම වෙන්න ඇති දුවන්න ඇත්තෙ....චිත්ත රූප මැවෙනවා....අපේ පැත්තෙ අවුරුදු උත්සවේක විවාහක අවිවාහක කඹ ඇදීමට තෑග්ගට තිබුනෙ නැටුම් තෙල් බෝතල් කීපයක්...කණ්ඩායම් දෙකම කරට කර...අන්තිමට විනිශ්චය කරපු එකා එක පාර්ශවයකට වාසි සහගතව තරගය පවත්වාගෙන ගියා කියලා...මිනිහා අවුරුදු උත්සවේ තිබ්බ වෙල මැද්දෙම අනිත් පිලේ උන්ගෙන් බඩ පුරා කෑවා.

    ReplyDelete
    Replies
    1. මට කියන්න අමතක වුනා...මගේ කාමරේ පැත්තෙ ඇවිල්ලා අපේ සෑමට කියලා දෙන්නකො දූරියන් කෑමේ වටිනාකම ගැන...පවු අසරණයා තාම ඒ ගැන දන්නෙ නෑ.

      Delete
    2. කොමෙන්ට්ස් හිඟා කන සිරා බ්ලොග් කාරයෝ

      Delete
    3. ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් !

      Delete
    4. කඹ ඇදීම තරඟයේ වලියක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ හරිම බහුලයි.බොහෝ වෙලාවට ගුටි කෙළියක් ෂුවර්.කඹ ඇදීම විනිශ්චය කරලා වැලි නැතුව නූලෙන් බෙරිච්ච අවස්ථා දෙක තුනක්ම මට මතකයි.

      Delete
  24. පවුල කුස්සියට වෙලා මාළු උයන හැටි

    නෙමෙයි බං

    මං වගේ මාතය වගේ මාරය වගේ කතන්දරකාරයා වාගේ මාළු උයන හැටි ලියහං

    ReplyDelete
    Replies
    1. බොලා මාළු උයන හැටියට මට උයන්න බෑනෙ.මම මාළු උයන්නෙ මම දන්න හැටියටයි.අනික කෑම ජාති දෙකතුනක් හදනහැටි මේකෙ ලියද්දි මේක කෑම හදන බ්ලොගක් කරගන්න එපා කියල කිව්වෙත් බොලාමනෙ.

      Delete
  25. ඇනෝ පිංවත්තු කියන දේවල් ගණන් ගන්න එපා හැලපයියේ,උඹ කෝක කොහොම ලීවත් එක රසයි.
    රාහු මාස්ටර් කොල්ලන්ට පිට්ටනියේදී අහු වුණා නම් මාස්ටර්ට තමයි රතු කාඩ් ලැබෙන්නේ...:)

    ReplyDelete
    Replies
    1. කාඩි එකක් ඉස්පිරිතාලෙන්ම ලියයි ශුවර් එකටම ...

      Delete
    2. අනේ අහිංසකයා අහුවුනා නං එහෙම වෙන දේ හිතාගන්න වත් බෑ නොවැ මනෝජ්.

      Delete
  26. කීප දොහක් ආව අයියණ්ඩි. කොමෙන්ටුනම් දැම්මෙ නෑ. මම අර මීරිගම සෝමයගෙ "අල්ලස් එකේ උස බුවා" මම මුහුණු පොතටනම් පොඩි මැසේජ්ජුවක් දැම්ම. ඔයා වගේ බුවෙක් බොගට සෙට් උන එකනම් පස්ටයි..... මම මාතා පල්ල කියල පරන පෝස්ට් කියවනවනෙ මේ දවස් වල.... එක මලොත් එහෙම හෙන පාඩුවක් බොගට (මම ගානෙ ඔරෙන්ජන් බාර්ලි) එක ඉවර උන ගමන් අයියගෙ බොබ පීරනව මම

    ReplyDelete
    Replies
    1. මට උඹව ඒක පාරට අඳුනගන්න බැරිවුනා මල්ලි කොහෙද දවසට දෙකට නම් මාරු කරලනේ.මොකද හිතාගෙන ඉන්නෙ කතා ලියනවද කමෙන්ට් කර කර ඉන්නවද.කතා ලියනවා නං ඒකට සෑහෙන අය කීප දෙනෙක් අඳුන්නල දෙන්නං.කතා නොලියා කමෙන්ට් කර කර ඉන්න හිතෙනවා නං එහෙම අයත් ඉන්නවා අඳුන්නල දෙන්නං.

      Delete
  27. හැලපයියේ මේ .. පඳුරු තැලිල්ලකුත් නෑ කතාව රහ උනාට හොඳටෝම කොටයි බං .චැහ්.. මගේ බලවත් විරෝධය!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම..

      Delete
    2. මොනව කරන්නද මල්ලි දැන් වයසයි නොවැ.ඉතිං කොටවෙන එක ගැන කියන්න දෙයක් ඇතැයි.පහුවෙලා පඳුරු ටිකක් තලමුකෝ.

      Delete
  28. කොටයි උනාට රහයි... මං කිව්වේ මේ කථාව (වැරදි ලෙස වටහාගැනීම සපුරා තහනම්)

    ජ ය වේ වා!!!1

    ReplyDelete
    Replies
    1. කොට තමයි ඉතිං බොරු නෙවෙයිනෙ.මොනාට වරද්දගන්නද.

      Delete
  29. හැලප මල්ලි ලස්සනට බොරු ගොතනව නේ.
    බොරු වලට අපායෙ යනවනම් බුදු අම්මෝ හැලපයට වෙනම අපායක් හදන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. යනවනං අපි දෙන්නම යමු අනේ තනියෙන් යන්න කම්මැලියි වගේ.

      Delete
  30. ඉතින් ඊට පස්සේ???

    ReplyDelete
    Replies
    1. සිංදුවද?මං ඉතුරු ටික කියන්නද.

      Delete
  31. මටත් කියන්ට තියෙන්නේ, හැලපේ මොනා ඉව්වත්, සොරි...මොනා ලීවත් රහම රහයි කියලා තමා....:)

    ReplyDelete
    Replies
    1. ඉව්වත් රහයි ලිව්වත් රහයි කිව්වනං හරිනෙ පොඩ්ඩි.

      Delete
  32. රෙෆ්රිත් පාපන්දු සෙල්ලං කරපු කෙනෙක් නිසා දවසක් අපේ එකාට අමතක වෙලා එදා මෑච් එකේ ඌ රෙෆා කියලා ලගට ආපු බෝලේට ඞෝං ගලා අහැව්වලු ගෝල් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං ඌ ගහද්දි කවුරුත් බෝලෙ ගන්න වෙට්ටු දාන්න එහෙම එන්නෙ නෑනෙ.හෙන ගහනව වගේ ගෝල් ගහන්න බැරුවයි.

      Delete
  33. to be continued ද? මමත් ඔන්න කඩේට ගොඩ වුනා. පරන හැලපත් කාල අනික් අය ඒවයෙ ගුණපන (වචනෙ ගත්තෙ හැලප කඩෙන්මයි) කියපුවත් බැලුව. හරියට කතන්දර පොතක් කියවනව වගේ. නෑ නෑ කතන්දර පොත් 3, 4ක් එකවර කියවනව වගේ එක පොස්ට් එකක් කියෙව්වම :)
    අද කතාව කෙටියෙන්ම ඉවර කරලනෙ.

    ReplyDelete
    Replies
    1. තව කතා ලැබෙන හැටියට ලියනවා රන්වන්.මේ ඔබේ පළමු පැමිණීම නොවැ.

      Delete
  34. උඹට ඕන දෙයක් ලියපන් බන්....දෙගිඩියාවෙන් ලියනකොට මේ වගේ ඒවා තමයි ලියවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් ලියන්න වෙන්නෙ වැටකොළු පතෝල වගේ පෝස්ට් තමයි මචං.

      Delete
  35. රෙඩ් කාඩ් එක පෙන්නුව එක නං මරු බං.

    ReplyDelete
    Replies
    1. නුහුගුණේ තිබ්බට රහුමාන් මාස්ටර් හොඳ මොළ කාරය කියල පේනවා නේද බං.

      Delete
  36. උඹට මම දවසකුත් කිව්ව එක එක පොන්නයො කියන කතා වලට අකුරු කොටල මහන්සි වෙන්න එපා කියල....
    ඒ වෙහෙසෙන ටිකෙත් උඹේ රස කතා ගුහාවෙ තියෙන පොඩි කෑල්ලක් මෙතැන කෙටුව නම් මේකත් දිගට රස විදිනව අපි......
    ඕන එකෙකුට ඕන දෙයක් කියන්න කියල ලියාගෙන යන විදියට ලියාගෙන යමං මචෝ.....

    ReplyDelete
    Replies
    1. නෑ මචං මගෙ හිත රිදුන ඒකයි මම කිව්වේ.උඹේ ආදරණීය වචන ටිකට ගොඩක් ස්තූතියි.

      Delete
  37. හිහ් .....මරු ....මේ දවස්වල ෆුට්බෝල් කතන්දර උණුසුම නේ ....

    රාහුමන් මාස්ටර්ට ඇබැද්දි මයි වෙන්නේ ;)

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ෆුට්බෝල් උණුසුමයි කතන්දරගේ බ්ලොගය වැසීම ගැන උණුසුමයි දෙකම තියෙනවනේ රෙහානි.

      Delete
  38. දුවන්න කලින්ම කරන්න තිබ්බේ... කොහොම උනත් එල ෆුට් බෝල් ප්‍රේක්ෂකයෝ ටික.

    ReplyDelete
    Replies
    1. ප්‍රේක්ෂකයන්ට කලින් රහුමාන් මාස්ටර් ඉස්සර වුණා.නැත්නං බලාගන්න තිබ්බේ වැඩේ.

      Delete
  39. // මාස්ටර් දුවපු වේගෙට ටී ෂර්ට් එකේ පිට ගැලවිලා අල්ලගත්ත එකාගේ අතට ආවත් මාස්ටර්ව අල්ලගන්න ලැබුනෙ නෑ. // හි..හි.. මම මේ කල්පනා කලේ රහුමාන් මාස්ටර් දුවපු වේගේ ගැන ...

    ReplyDelete
    Replies
    1. එහෙමද නැතිනම් කලින්ම සුදානම් කරගත්තු දිරච්ච ටී ෂර්ට් එකක්ද දන්නෙත් නෑ නොවැ.

      Delete
    2. දුවන්න ගත්තම රහුමාන් මාස්ටර් රොකට් එක වගේ තමයි තුශානි.ආයේ කාටවත් අල්ලනවා කියන එක බොරු.

      Delete
    3. @තෙලිදිය වාඩිය,
      සමහර විට දාඩියට දිරල තිබ්බ එකක් වෙන්නත් බැරි නෑ නේද?

      Delete
  40. රහුමාන් මාස්ටර් මේ විදිහට ටික ටික කරලියට ගේනකොට මොකද හැලපේ අපේ උඩුරාවණට හා ඇම්ඩාට වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇම්ඩා ගැන නං බ්ලොග් අවකාශේ ගොඩක් ලියවිලා තියෙනව තිලකේ,නමුත් උඩුරාවණ ගැනනං කවුරුත් ලියල තියෙනව මම දැකල නෑ.

      Delete

ඔබේ අදහස්