Wednesday, March 26, 2014

122.මගේ කෙහෙල් කොටුව මුද්දර සහ හිඟුරල




 අදත් තව ටිකක් මඤ්ඤොක්කා ගැන ලියන්න කල්පනා කලේ මම ලියපු මඤ්ඤොක්කා හැළියෙ කතාවට අපේ කට්ටිය බොහොම මනාපයක් දක්වපු නිසයි,මනාප කියන්නෙ ගොඩක් අය මඤ්ඤොක්කා ගැන කෙළ හලාගෙන කමෙන්ට් කරල තිබුණා. නොරට ඉන්න අපි වගේ අයනං කමක් නෑ කියමුකො, ලංකාවෙ ඉන්න අයත් බොහොම කෑදරකමකින් කතා කළා නොවැ...

ඒ වුනාට පහුගිය කාලෙ මම ලංකාවෙ හිටපු දවස්වල මෙන්න මෙහෙම දේකුත් වුනා,මගෙ අර පොඩි කෙහෙල් කෑල්ල තියෙනවනෙ මම නැති ටිකේ කෙහෙල් ගස්වලට කිසිම සාත්තුවක් තිබිල නැතුව බොහොම දුක්ඛදායක තත්වයකට කෙහෙල් කොටුව පත්වෙලා තිබුණා, වල් වැවිල ගස් කඩාගෙන වැටිල කපපු කෙහෙල් මුල් දිර දිරා යනවා   බලන්න දුකයි කිව්වහම මොකද  නලින්ල අටං ල අපේ ගෙදර ආපු වෙලාවෙත් පුතා කොටුවට යමු යමු කිව්වට මම උන්ව එක්ක ගියෙ නෑ පෙන්නන්න බෑ විලි ලැජ්ජයි...

ඉතිං කොටුව මේ විදියට තියන්නත් පුළුවනැයි බලන්න බෑ දුකයි  ඒ නිසා මම කොල්ලො ටිකකුත් අඬගහගෙන කොටුවට රෙපෙයාර් එකක් දෙන්න පටන්ගත්තා. කෙහෙල් මුල් ඔක්කොම ගලෝල දාල වැඩිපුර පැළ අයින් කරල වල් සුද්ද කරලා පෝර පාරකුත් දාල යන්තං මනුස්ස පාටකට හදාගත්ත,වැඩක් නං නෑ ඉතිං මම ඇවිත් කොටුව සුද්ද පවිත්‍ර කරලා පෝර දාල යන්න ගියාම  වැටෙන කෙසෙල්කැන් ටික ඉන්න අය කපාගෙන කනව,අඩු තරමෙ කපපු ගහක මුලක් වත් ගලෝල දාන්නෙ නෑ,ආයෙම කැලෑ වැහුනම මම ආපහු ආපු වෙලාවක සුද්ද කරන තුරු එහෙමම තියෙනව හරියට සංසාර චක්කරේ වාගෙ තමයි ,ඉතිං ඔය වැඩ ටික ඉවර වෙද්දි දවල් එක දෙක උනා මම කට්ටියට එතනම හීනියට කර්තව්‍යයකුත් කරන්න ලෑස්තිකරලා තිබුණා...

මඤ්ඤොක්ක පඳුරු දෙකක් ගලෝල තම්බගමු...

මම එහෙම කිව්වම කට්ටිය කට ඇද කරගත්ත...

මඤ්ඤොක්ක කන්න බෑ අයියෙ පාන් ගෙන්නන්න...

ඒ ගමන චූං පාන් වෑන් එකෙන් උණු පාන් අරගෙන කලටි පොල් ගෙඩියක් කඩල සම්බෝලෙකුත් ගලේ තලෝගෙන කට්ටිය එක්ක සතුටින් කෑවා,සම්බෝල එක්ක නෙවෙයි උණු පාන් කලටි පොල් එක්ක කාල තියෙනවද මාර රසයි,අපි කොල්ලො කාලෙ ඔය වෙසක් සැරසිලි එහෙම කරද්දි මහ රෑ හොර කුරුම්බ කඩනවනෙ ඒ වෙලාවටත් කලටි කඩල ටවුමෙ බේකරියෙන් උණු පාන් ගෙනැත් කනවා...

පෙළක් කොල්ලන්ට නං පාන් කන්න ඔය මොකුත්ම ඕනත් නෑ. දවසක්දා පාන්දර පාන් ගෙනාපු වෙලාවක කපිලය පාන් ගෙඩි දෙකයි තුන්කාලක් නිරි පිටින්ම කෑවනෙ,ඔය රැකෝඩ් එක අවුරුදු කීපයක් තිබිල ආපහු කැඩුවේ කපිලගෙම පොඩි මල්ලි වසන්ත,වසන්ත එදා පාන් රාත්තල් තුනයි කාලක් නිකම්ම කෑවා...

ඔය වගේ රැකෝඩ් කාලෙන් කාලෙට ඇතිවෙනව කැඩෙනව, වීරෙ කුරුම්බ බීල තියපු රැකෝඩ් එක නං තාම කඩල නෑ, දවසක්දා මහ රාත්තිරියෙ වීරය කුරුම්බ ගෙඩි හතරක් බීල හතරෙම ලොඳත් කෑවා,වීරයව දැකපු කෙනෙක් නං මු මෙහෙම වැඩක් කරයි කියල හිතන්නෙවත් නෑ, ඒ තරං  කේඬෑරි කොල්ලෙක්,දැන් ඉන්න කොල්ලො පරපුර නං හොර කුරුම්බ කඩනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති...

ඔව්ව ඔහොම තමයි කලින් කලට පලින් පල කිව්වලුනෙ,මම නං ඉතිං කොයි රටේ හිටියත් අල බතල මඤ්ඤොක්ක ටිකක් හොයාගන කන්න උපරිම උත්සාහයක් ගන්නවා,යුරෝපෙ සමහර වෙලාවට හුළං වදිනවට ලෙල්ලෙ ඉටි ගාපු මඤ්ඤොක්කා  තායි කඩවල ඉන්දියන් කඩවල තියෙනව දැක්කම අරං ගිහිල්ල තැම්බුවට කොච්චර වෙලා තැම්බුවත් තැම්බෙන්නෙ නෑ ගල් කෑලි වගේ, අපරාදෙ ගෑස් ටික කියල බැන බැන අල කෑලි ටික විසික්ක කරල දානව...

ඔන්න අපි චෙන්නායිවල ඉන්න කාලෙ බිරිඳගේ ගමේ මනුස්සයෙක් ඉන්දියාවෙ එනව කියල මොනවද එවන්න ඕනි කියල ගෙදරින්  ඇහුවම මඤ්ඤොක්ක ටිකක් එවන්න කියල බිරිඳ කිව්වලු,අයියත් රට ගෙනියන්නනෙ කියල මඤ්ඤොක්කා කිලෝ ගාණක් වත්තෙන් ගලෝල අර මනුස්සයට ගිහිං දුන්නට බර වැඩිවෙනව කියල අල දෙකක් විතරක් අරං ඇවිත් තිබුණා,පහුවදා උදේ ඒ මඤ්ඤොක්කා අල දෙක තම්බල පොල් සම්බෝලත් එක්ක කෑම මේසෙට තිබ්බම අර මනුස්සය තම්බපු අල ටික ඔක්කොම කාල යන්න ගියා,අනේ පව් මඤ්ඤොක්ක කන්න ආසාවෙන් හිටපු අපි දෙන්නට හුළං...

දැන් කොල්ලො නං අපි වගේ ඔය වැල්අල, බතල මඤ්ඤොක්ක වලට පෙරේතකමේ දඟලන්නෙ නෑ, උන්ට පොටැටෝ චිප්ස් බැදල දුන්නනං කයි,ෆ්රෝසන් චිප්ස් හැමදාම කන අපිට  මුද්දරලගෙ දෙන්දරමුන්දෙ ගෙදර ගියාම ප්‍රෙෂ් චිප්ස් කන්න ලැබෙනව,ඒ කියන්නෙ මුද්දර වත්තෙ අර්තාපල් වවනවා,ගේ පිටිපස්සෙ තියෙන පොඩි ඉඩං කෑල්ලෙ අර්තාපල් ලීක්ස් තක්කාලි බීට්රූට් එක්ක තව අපි නම් දන්නෙ නැති එළවලු ජාති මුද්දර වවාගෙන තියෙනව...




ඒ ගොල්ල වත්තෙ පලදාව එකසැරේ නෙලාගන්නෙ නෑ  උයන්න ඕනෑවුනාම හිල්ඩ නංගි ගිහිං වත්තෙන් ලීක්ස් ටිකක් බීට්රූට් ගහක් දෙකක් ගලෝගන්නවා,එහෙම නැත්නං අපි ගියාම අපට ගේන්න දෙන්න ගලෝනවා, එහෙමත් නැත්නං ඊළඟ කන්නෙ වෙනකල්ම මෝර මෝර තිබිල පස් පෙරලනකොට යටවෙලා යනවා...

දවසක්දා අපි එහෙ ගිය වෙලාවක හවස මුද්දරයි මමයි ගේ පිටිපස්සෙ තියෙන සමර් හට් එකට වෙලා බියර් බෝතලයක් සප්පායම් වෙමින් හිටියා,එදා මුද්දර මට දීපු බියර් බෝතලේ හරිම රසයි, මම ඕක කිව්වම අපොයි ඔය ජාතියෙන් බෝතල් දෙකතුනයි ගෙදර ඇත්තෙ කියපු මුද්දර දඩ බඩ ගාල වාහනේට නැගල ගිහිං ඒ ජාතියෙ බියර් පෙට්ටියක්ම ගෙනාවා,මොකද මුද්දරල බියර් වයින් එහෙම බොන්නෙ වතුර වෙනුවටනෙ, මමත් එහෙම කියල හිතන්න ඇති,බෙල්ජියමෙ ඉන්ටනැෂනල් බ්‍රෑන්ඩ් ඇරෙන්න ලෝකල් බියර් වර්ග හාර පන්සීයක් තියෙනව වයිනුත් එහෙමයි දවසකට එක වර්ගෙ ගානෙ අවුරුද්දක් බිව්වත් ටේස්ට් කරලා ඉවර කරන්න බෑ ...

අපි උදේට කහට තේ, කිරි එහෙම බොද්දි මුද්දර පෝට්වයින් ටිකක් බොනවා උදේ එළිවෙනකොට බේකරියට ගිහිං පාන්,කෘවසොන් එහෙම අරං ඇවිත් බටර් ගාගෙන හය වෙද්දී උදේට කනව, දවල් දොළහට දවල් කෑමත් හවස හයට රෑ කෑමත් ගන්නවා,හැම කෑම වේලකදිම හරි හරියට රෙඩ් වයින් බොනවා,අවුරුදු හැත්තෑ ගානක් වෙලත් තවම තරුණය වගේ ඉන්නෙ වාහන එළවන්නෙ එහෙම මුද්දරගේ කෑම වේලේ තියෙන ක්‍රමවත් භාවය නිසා කියලයි මට නං හිතෙන්නෙ...

ලංකාවට ගිය වෙලාවට මුද්දරට බොන්න  වයින් හෙවිල්ල හරි අමාරුයි, ඒ රටේ යුරෝ දෙක තුනක් වෙන බාල වයින් බෝතලයක් වුනත්  ලංකාවෙ රුපියල් දෙතුන් දාහක් වෙනවලු,මුද්දරට වයින් නැතුව කන්න බැරි නිසා ලොකු ගණන් දීල වයින් ගන්න වෙනවා...

ඉතිං මම කියාගෙන ආවෙ අපි දෙන්න බියර් බිබී හිටපු කතාවනෙ,ඔන්න අපි ඉඳන් හිටපු තැනට  පොඩ්ඩක් එහයින් මුද්දරගෙ අර්තාපල් වගාව,අපේ රටේ අර්තාපල් වැව්වට මොකද හිටවන හැටි අල ගලවන හැටි එහෙම අපි කවදාවත් දැකල තියෙනවයැ,ඔය නුවරඑළිය වැලිමඩ පැත්තෙ ගියොත් අල පාත්තිවලට තෙල් ගහන හැටි දකිනව ඇරෙන්න...

ඉතිං මමත් නොදන්නාකම සහ කුතුහලය නිසාම මුද්දරගෙන් අල ගැන විස්තර ටිකක් ඇහුව,ගලවන්නෙ කොහොමද අර්තාපලුත් බතල වගේ මුලකින් සම්බන්ධවෙලා තියෙනවද ආදී වශයෙන් මෝඩ ප්‍රශ්න දෙකතුනක් ඇහුවා...

මුද්දර වචනයක්වත් කතා නොකර එතනම වැටට හේත්තු කරලා තිබුණු සවලත් අරගෙන අල පාත්තියට ගිහිං කොළ කහ පාට වෙලා තිබුණු අර්තාපල් පඳුරු දෙකක් සවල ගහල ගලවනකොට ලොකු බිත්තර ගෙඩි වගේ අර්තාපල් අල පොළොවෙන් මතුවුනා,එතනම අල  කිලෝ තුනහතරක් තිබුණා,ටිකක්  එවෙලෙම පොතුඇරලා පොඟන්න වතුර එකක දාල තියල චිප්ස් මේකර් එකෙන් කපල ප්‍රෙෂ් චිප්ස් බැදල කෑවා,ඉතුරු ටික අපි පහුවදා බ්‍රසල්ස් එද්දී අරං ආවා ...

මම තවදුරටත් විස්තර අහපුවම අර්තාපල් හෝ  එළවලු වවන්න කිසිම රසායනික පොහොරක් හෝ බෙහෙතක් නොයොදන බවත් කන්නයක් වගා කරන්නට පෙර කොම්පෝස්ට් පෝර ට්‍රැක්ටරයක් ඉඩමට දාල පස පෙරලගන්න බවත් වතුර ඇරෙන්න වෙන කිසිම දෙයක් වගාවට නොදමන බවත් මුද්දර මට පැහැදිලි කරල දුන්නා...

අපේ රටේ එළවළුවලට පොළොවෙන් කොළේ උඩට ආදා ඉඳන් රසායනික පෝර සහ තෙල් බෙහෙත් දැම්මෙ නැතිනං වගාව පාළුවෙන බව මම කියපුවම මුද්දර ඇස් දෙකත් උඩ ඉන්දගෙන අහගෙන හිටියා...

ඇත්තම කතාව ඒකනෙ අපේ රටේ තෙල් බේත් ගහන්නෙ නැතුව හදන්නෙ මොනවද, පළා වර්ගවලට පවා කපන්න දවස් දෙකකටද කොහෙද කලින් තෙල් ගහනවලු,එහෙම බලපුවම මොන තරං විසක් අපි කනව ඇද්ද .කොහොමත් අපි පොලේ ගියාම පලා ජාති දෙක තුනක් ගන්නවා,තක්කාලි දාල උයන්න කියල බිරිඳ සාරණ මිටියක් ගන්නව,එතකොට මැල්ලුමක් කන්නයි කොළකැඳවලට දාන්නයි මම මුකුණුවැන්න මිටියක් ගන්නව,හදිසියෙ බයිට් එකක් එහෙම හදාගන්න ඕනෑවුනොත් කියල කංකුන් මිටියකුත් ගන්නව...

කංකුන් ගස් කීපයක් තෙල් දාල, බැදපු මස් හරි මාළු හරි කෑලි දෙක තුනක් උඩින් තියල දෙන බයිට් එකට නාරාහේන්පිට වලේ ඒ කාලෙ රුපියල් එකසිය පනහක්ද කොහෙද ගත්ත දැන් නං ඊට වැඩි ඇති...

අපි සිංගප්පූරුවෙ ඉද්දි දවසක්දා එහෙ ඉන්න ඒකනායක මාව හම්බවෙන්න හෝටෙලේට ආවා ඇවිත් බියර් එකක් ගහන්න යමු මචං කියල මාව එළියට එක්කරන් ගියා,අපි හිටපු හෝටෙලේ ලඟම තිබ්බ රෙස්ටුරන්ට් එකකට ගිහිං එළියෙ තියල තිබ්බ මේසෙක වාඩිවෙලා බියර් ඕඩර් කළා, බයිට්වලට මොනවද කන්නෙ කියල වේටර් කෙල්ල ඇහුවම ඒකනායක වෙජිටේරියන් නිසා කංකුන් ගේන්න කිව්වා...
මොනවද සෝස් වගේකින් තම්බල හදපු තෙල් නැති රසම රස කංකුන් බයිට් එකත් එක්ක අපි දෙන්න බඩ පැලෙන්න බියර් බොමින් ඉද්දි ෂොපින් ගිහිල්ල හිටපු බිරිඳ ඇතුළු කාන්තා කණ්ඩායම පස්සෙන් මිනිහෙක් එනවය හොරෙක්ද දන්නෙ නෑ වහාම එන්නය කියල මට කෝල් එකක් ආව නිසා ඒකනායකට ටැක්සියක ගෙදර යන්න කියල මම කාන්තා කණ්ඩායම හිටපු තැනට පයින්ම ගියා...

අපේ පොලේ පළා විකුණන ගෑනු පේලියෙ හිටපු එක කටකාර ගෑනු කෙනෙක් පළා විකුනලම අපිත් එක්ක හිතවත් වුනා,අපිට පළා ඕනැ නැති  දාටත් මේ අම්මණ්ඩි කොහොම හරි පළා මිටියක් ඇඟේ ගහනව,ඈත එනව දකිද්දීම...

එන්න මැණිකෙ මොනවද ගන්නෙ...

ඔන්න ඔය විදියට පළා ගනුදෙනු සිද්දවෙද්දී තවත් දවසක අපි දෙන්න පොලේ ගියා,පළා අම්මණ්ඩි කෑ ගහනවා ...

එන්න මැණිකෙ,එන්න පැටියො මොනවද ඕනැ...

පැටියො කිව්වෙ මට, බිරිඳ මාවත් ඇදගෙන ශීග්‍රගාමී දුම්රියක වේගෙන් එතනින් ගියා,ඊට පස්සෙ නං කොළ ගන්න ඒ ගෑනු කෙනා ලඟට ගියෙ නෑ නමක් දාගත්ත විතරයි...

ඔයාට කොළ ගන්න ඕනැනං තව කොච්චර තැන් තියෙනවද පැටියගෙන්ම ගන්න ඕනැයි...

ඒ වුනාට අපි කෙහෙල්ගෙඩි ගන්න තැන ඉන්න අම්මයි දුවයි නං එහෙම නෑ ඒ ගොල්ල කාබයිට් ගහල ඉදෝපු කෙහෙල් ගේන්නෙත් නෑ,කොළ මිටි කොස්,දෙල්,වැල්අල ජාති, නාරන් කාමරංගා පොල් රඹුටන් කෙහෙල්මුහ ආදී නොයෙකුත් ජාති ගංගොඩෙන් හොයන් ඇවිත් මේ ගොල්ල විකුනනවා...


වැල්අල ජාතිවලිනුත් හිඟුරල මම ආසම අල ජාතියක්,බඩේ ඌෂ්ණේ නිසා දරුපල ප්‍රමාද වෙන කාන්තාවන්ටත් වෙද මහත්තුරු හිඟුරල කන්න කියනවලු, බඩ හීතල වෙන්න කියාපු බේත,ඔය අම්ම ගාව හිඟුරල නැති දවසටත් මම අහනව...

හිඟුරල ගලවන්න තව සතියක් දෙකක් යනව මහත්තයො මේ මාසෙ අන්තිමට ඉතර ඕං ගේන්න පුළුවනි...

එහෙනං ගෙනත් දෙන්නකො කිව්වහම මොකද මට නං නෙවෙයි මේ අපේ නෝනට කන්න දෙන්න...

මාව අල්ලගන්නෙ නැතුව ඔයාට ඕනෑ දෙයක් ගෙන්නගෙන කන එකයි...

ඔන්න  බිරිඳ ගෝලු ගන්නව ...

හරි හරි මං මහත්තයට හිමිහිට අල ටිකක් ගෙනැත් දෙන්නන්කො...

අම්මත් හිනැහී හිනැහී කියනව,මම එතනට ගියාම එතන ඉඳන් ටිකක් වෙලා වෙළඳාම් කරලත්  තමා පොලෙන් පිටවෙන්නෙ...

හිඟුරල කොච්චර රසවුනත් සුද්ද කරනකොට අත කසන නිසා බිරිඳ අල්ලන්නවත් කැමති නෑ,අතට සිලි කවරයක් දාගෙන හරි මම සුද්ද කරල දීල උයෝගෙන කනවා,කන්න ගෙනාපු හිඟුරල වල ඉහටිය කපල අළු ගාල තිබ්බම හිටෝන කාලෙ වෙනකොට දළු දාන්න ගන්නව,ගෙදර තිබ්බ අල ඉහටි ටික මම ගිහිං කොටුවෙ කොළ රොඩු පුච්චපු තැනක් කොටල යටකරල දැම්ම,වැල් දුවන්න කෝටුත් තිබ්බා,මාස ගානකට පස්සෙ වැල් මැරෙන්න ගත්ත, අල ගලවපුවම කිලෝ විසිපහකටත් වඩා අස්වැන්න තිබුණා,ඒ ගමන අපි ගෙදරත් කාල ඉතුරු හරිය යාළුවන්ටත් බෙදල දැම්මා...

ඊට පස්සෙ අල වාරෙ එතන කුකුළල හිටෙව්වා,දන්නවනෙ අර වටු බිත්තර වගේ පොඩි අලේ පොත්ත පිටිං තම්බල පොත්ත ඇරල කනවා,කොච්චර රස උනත් පොත්ත ගලවන්න ගියාම කම්මැලියි,කුකුළල තම්බපුවම අල බෙදපු පිඟාන බිරිඳට දීල තව පිඟානක් අරං මම එතන වාඩිවෙනව,බිරිඳ පොතු ගලෝ ගලෝ මගෙ පිඟානට දාන දාන අලේ පොලුත් එක්ක මම කනව,හරි ලේසියි හරි පහසුයි හරිම රසයි.

මාර්තු 31 වන දිනට යෙදෙන බිරිඳගේ විවාහ සංවත්සරය වෙනුවෙන් මේ කතාව ඇයට ආදරයෙන් පිළිගන්වමි.





150 comments:

  1. එක දිගට කියෝගෙන ගියා. බොහොම රසවත් වෙනදා වගේම. 'දෙන්දරමුන්ද' කිව්වම අපේ රෙටේ නමක් වගේ නේද? බෙල්ජියම් කාරයෝ හංගනවද දන්නෑ ඇත්ත. ඉස්සර අපේ එකෙක් ගිහින් පිහිටවාගත් ප්‍රදේශයක්ද දන්නෑ. අයිතිවාසිකම් කියලා උද්ඝෝෂණයක් පටන් අරං කෑල්ලක් කඩාගන්න බලමුද?

    දුක හිතෙන කතා කියන්න එපා අනේ. වර්ග හාරපන්සීයක් තියනවා, බීලා ඉවර කරන්න බෑ. මම මේ ලියන්නේ අඬ අඬා. කවද්ද ඊළඟට ආපහු ගෙදර එන්නේ. මම එන්නද ගුවන් තොටුපොලටම?

    අවුරුද්දකට සැරයක් අපේ අසල්වැසි පිරිසක් කිතුල් රා,මඤ්ඤොක්කා,ඌරුමස්, සම්මන්ත්‍රණයක් පවත්වනවා. හැලපෙ කාලා නැද්ද උණු පාන් පුංචි කෑලි කඩලා බත් එක්ක කලවම් කරලා. එකත් හරිම රහයි. හිඟුරල වැල් දෙකක් විතර අපේ ගෙවත්තේ තියනවා. හැම වාරයකදීම අල කිලෝ 05 - 10 අතර ලැබෙනවා. උදේ කෑමට බොහොම සුදුසුයි.

    කොහොමද අර පොලේ ඉන්න ගෑණු කෙනෙකුට කියලා 'පලාගන්නෙ' ? එව්වා මේ ඔයා අපි වගේ අය කරන වැඩනේ :D මම අපේ උන්දැත් එක්ක පොලට ගියාම ඔයවගේම දෙයක් කරනවා. අපේ පොළේ පලා විකුණන අම්මන්ඩිගේ හැට්ටේ කර රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත කල නොහැකි ප්‍රමාණයේ පළලකින් යුක්තව තියෙන්නේ. එයා බිම වාඩි වෙලා ඉන්නකොට හිටගෙන ඉන්න අපේ දර්ශන පථය අමන්දානන්දනීයයි. ඉති මම අපේ උන්දැගෙන් අහනවා අර හැට්ට කර මම උස්සලා හදන්නද කියලා. අපේ උන්දෑ මාරවෙෂාව ගස්සාගෙන යන්න යනවා.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න විචාරක තුමා බොහොම සතුටුයි,බතුයි පොඩි පාන් කෑලියි කන එක මගෙත් පුරුද්දක්,ආයෙම ඉඳිආප්පයි පාන් කෑලියි කලවං කරලා කනවා.
      කාන්තාවන්ගෙ ඇඳුම් පැළඳුම් වල අඩුපාඩු හොයන්න ගිහිං අපි ගෙදර උන්දැගෙන් සෑහෙන අසාධාරණයකට ලක්වෙනව ඒක නං සහතික ඇත්ත.

      Delete
  2. බිරිද තුමියගේ විතරද....මචන්...???

    ReplyDelete
    Replies
    1. සොරි මචං බිරිඳ තුමියගෙයි එයා බැඳල ඉන්න පොරගෙයි.

      Delete
  3. මාගේ සහෝදර හැලප යුවලගෙ 31 වැනි විවාහ සංවත්සරයට උණුසුම පැතුම් සුභ..........!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්ජි,හැබැයි 31 වෙනි විවාහ සංවත්සරේට තව අවුරුදු 11 ක් තියෙනව මචං.මම මෙතන කිව්වෙ මාර්තු 31 සංවත්සරේ කියලයි.

      Delete
  4. අර පලා විකුණන ගෑණු කෙනාගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇති. මේ පාර ගියාම වේයන්ගොඩින් ඇස් කන්නාඩි දෙකක් අරගෙන දියන්. නැත්නම් ඉතින් දස මහා යෝදයන්ගෙන් එකෙක් වගේ එකෙකුට පැටියෝ කියලා කියයිය. ඔය පොළේ ඉන්න අම්මලා, ආච්චිලාගේ චරිත හරිම රසවත්. මම ආසම දේ එයාලා සල්ලි දාන්නේ තංගල්ලේ බැකුවේ නිසා. මුලු සේසතම තියෙන්නේ හිච්චික්කිතර හැඹිලියේ.

    ඉස්සට අපේ ගෙදරට මාළු ගෙනාපු ගෑණු කෙනෙක් උන්නා. වට්ටිය ඔළුව උඩ තියාගෙන මාළු ගේන්නේ. අපේ තාත්තත් මේ ගෑණු කෙනාගෙන මාළු ගන්න බොහෝම මනාපයි. තාත්තයි මායි දෙන්නම හෙල්ලෙන්නේ නෑ මාළු ටික කපලා ගහල කොලේ ඔතලා, ගණු දෙණු සියල්ලම අහවර වෙනකන්. ඒත් අම්මයි ආච්චියි නෙමේ පැත්ත පලාතේ එන්නේ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මාතේ මේ මාළු කතාව , ජරා සිද්ධියක් නොවෙයැයි සිතමි ,එහෙම බලා හිදිල්ලක් නම් කියන්න එපා ,අර ආප්ප හදන ගැණුන් ගේ වගේ කතාවක් නම්

      තංගල්ල බැංකුව හම්මෙ උණු උණු සල්ලි වෙන්න ඇති නේ දෙන්නෙ ;)))

      Delete
    2. පළා විකුණන ගෑනිට කන්නාඩි අරං දෙන්න ගිහිං තව මගුලක්,ඊට මීට හොඳයි ඒ ගෑණි ඉන්න පැත්තෙ නොගිහිං ඉන්න එක.
      මටත් පොළ කියන තැන හරිම රස ගුලාවක් මචං,පොළේ පදිංචි වෙලා ඉන්න තියේනං හොඳා කියල වෙලාවකට හිතෙනව.ඒ මිනිස්සු ගෑනු ගාව කොච්චර නං කතා ඇද්ද නිකමට හිතපන්,ඔය කතා ටික අහගන්න තියෙනව නං අපට කාලෙකට ලියන්න ඇති නේද බං.
      අම්මටයි ආච්චිටයි මාළු ගෑනු කෙනාගෙ මූණ බලන්න ලැජ්ජා ඇති ඇයි බොලා දෙන්න ඒ ගෑනිව ඇහෙන් කනකොට.උඹ නං තාත්තගෙම පුතා තමයි.

      Delete
    3. හැලප අයියගේ කොමෙන්ටුවේ අග කොටසට ලයික් ඈ ..මහාචාර්ය තුමා පොඩි කාලේ ඉදන්ම හොදට හැදිච්ච කෙනෙක් වගේ

      Delete
  5. ඔය ගෙදරදී චිප්ස් හදද්දී....චිප්ස් කල අල ලුණු මිශ්‍ර උණු වතුර භාජනයක විනාඩි 5 ක් බහා තබා හොදින් වතුර බේරෙන්න හැර බැද ගන්න.
    බැදුන පසු තෙලෙන් ගොඩ ගෙන,මිරිස් කුඩු/ලුණු ස්වල්පයක් ඉස බයිටට ගන්න.

    අවවාදයයි:
    වැඩිකල් ජිවත්වන්න අරක්කු/සිගරට් වැඩියෙන් ,..බොන්න/උරවන්න......
    කන දේ අඩුවෙන් කන්න....

    ReplyDelete
    Replies
    1. නිකං අල වලින් චිප්ස් හදද්දි ක්‍රිස්පි ගතියට හිටින්න,බේකින් පව්ඩර්ද ‍කො‍හේද දාන්න ඕනා.
      මතක නැහැ‍නේ.‍පොත බලලා කියන්නම්.

      අනියන් රිංස් වලට නම්,ක්‍රිස්පි ගතිය හිටින්න,බැටර් එක බියර් වලින් හදන්න ඕනි බව නම් මතකයි.

      Delete
    2. උපදේශයට ස්තුතියි කෙන්ජි මචං,බයිටට නං මිරිස් කුඩු එහෙම නැතුව ලුණු කුඩු ඉස සෝස් සමග රෑ කෑමට ගන්නටද පුළුවන.

      Delete
    3. @මල්මි,
      ඔයත් බලපුවම ස්ටාර් චෙෆ් කෙනෙක්නෙ.ටක් ගාල බලල ඒකත් කියන්න.

      Delete
    4. ඔව් මචන් ඔබ හරි හැලප...

      Delete
    5. මුරුංගා රෙසිපි ටිකක් මුලින්ම ලියන්න තිබ්බේ.
      අන්න අමුතු දිග නමක් තියෙන කෙනෙක් උත්තරේ ලියලා.
      ස්පාක්ලින් වෝටර්,
      බේකින් පව්ඩර් දැම්මම,බැටර් කෝකත් හොදට පිපෙනවා.
      දල්ලට මොන ස්පාක්ලින් වෝටර්ද බියර් දානවා.
      අල ටික බේකින් පව්ඩර් ටිකක් දාපු වතුරේ දැම්මත් සෑහෙන්න දුරට වැඩේ ගොඩ.

      Delete
  6. කියවගෙන කියවගෙන ගියා තනිකර අල පෝස්ට් එකක්.. හා තව වයින් තිබුනේ.. අපරාදේ බං නලියට කියල අර කෙහෙල් කොටුවේදි “අයියෝ මේක විනාසයි“ කියල කියවගත්ත නං හරිනේ බං. එහෙනං සාරෙටෙ වැවේවි

    ReplyDelete
    Replies
    1. නලිය නෑනෙ දෙශෝ,උඹල ඌට මොනවද කලේ.

      Delete
    2. ඒකා ආයි තට්යේ ගාලා..

      Delete
  7. කෙහෙල් කොටුව කිවුවම මම හිතුවෙ අර චූටිමහත්තයගෙ එක කියල.
    අර මාතලං කියල තියෙනව වගේ අර පලා විකුණන ගෑනු කෙනාට ඇස් පෙනීමෙ දුර්වලතාවයක් ඇති තමයි. :D
    ලංකාවෙ එළවළු ගැනනං කතාකරල වැඩක් නෑ. ඒව කාල හෙමිං හෙමිං මැරෙනවට වැඩිය හොඳයි වහ බෝතලයක් බීල එකපාරම මැරෙන එක.

    //කුකුළල හිටෙව්වා,දන්නවනෙ අර වටු බිත්තර වගේ පොඩි අලේ// මේ කියන්නෙ රටල ගැනද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉන්නල ‍නේද ප්‍රසන්න.?

      කුකුලල කියන්‍‍නේ අර කටු කටු ති‍යෙන එක,‍හොදටම පිටි ‍වෙලා යන.‍ලෙල්ල කලුම කලුයි.‍ගො‍‍රෝසුයි.වැල නිකං බුලත් ‍කො‍ලේට වඩා ‍පොඩි ඒ හැ‍‍‍‍‍ඩේ හාට් ‍ෂේප් ‍කොළ ති‍‍යෙන එක.වැ‍ලේ කද හිනියි ඉරට්ට ව‍ගේ දුඹුරු පාටයි.

      ඉන්නල නම් අඩියක් විතර උස යන අකාෂ්ටිය පදුරු ‍‍නේ,නිකං ‍කෝලියාස් ව‍ගේ.ලා ‍කොළපාට.ලස්සන ‍කොළ.ඉන්නල තමා ‍‍ලෙලි අරින්න අමාරු.‍මොන ‍මෝඩ‍යොද ඉන්නල ‍ලෙලි අරින්නැතිව තම්බන්‍‍නේ,
      ඉන්නල සුද්ද කරන්‍‍නේ ‍මල්ලක/‍ගෝනියක දාලා ‍පො‍ලේ ගහලා.ඊට පස්‍‍සේ වතුරට දානවා.එත‍කොට ‍සේරම ‍‍ලෙලි ටිකයි ‍සෙ‍වෙලයි යනවා.
      තම්බලා ‍පොතු ඇරියට ඉන්නල වල නියම රස ඒන්නැහැ.තැලිල්‍‍ලෙන් තමා රස එන්‍‍නේ.
      අම්‍‍මෝ උයන ‍කොට සුවද!!
      හැබැයි සමහරුන්ට ඒ සුවද ගදයිලු.

      Delete
    3. ඔය ඉන්නල කියල ජාතියනං අපි පිහියෙන් සූරල තමයි උයන්න ගන්නෙ. මම ඔය රටල කියන ජාතියනං අර විදියට ගෝනියක දාල පොළොවෙ ගහල පොතු ඇරල තමයි ගන්නෙ.

      හැලප ජෝඩුවගෙ විවාහ සංවත්සරයට සුබ පතන්න බැරිඋනා. සුබ ඇනිවර්සරියක් වේවා !

      Delete
    4. @මල්මි,
      හරි අල ජාතියි සුද්ද කරන ආකාරයයි ඔක්කොම හරි.මට නං ඉන්නල සුද්ද කරද්දි හරිම සුවඳයි.ඉන්නල තම්බල පොතු අරින කතාවක් මම කියල නෑ නේද මම කිව්වෙ කුකුළල ගැන නොවැ.

      Delete
    5. ත්‍රිභාෂා,
      ඉන්නල සහ රටල දෙවර්ගයක් නොව එකම අල වර්ගයය.විවිධ පළාත්වල නම දෙවිදියටම වහරති.
      සුබ පැතුමට ස්තූතියි ප්‍රසන්න.

      Delete
    6. ඉන්නලයි රටලයි දෙකම එකයි කියල මම දැනගත්තෙ අද. ඉන්නල මමත් ආස කෑමක් නමුත් දැන් විකුනන ඉන්නල මහ ඤරු ජාතියක්, කිසිම පිටි ගතියක් නෑ දිය රහයි ඉව්වම.

      බිරිඳගේ විවාහ සංවත්සරයට සුබ පැතුම්! හැලපෙගෙ එක එනකොටත් අපිට මතක් කරන්න.

      Delete
    7. නමුත් පිටි ගතියෙන් යුත් ඉන්නල කොස් ඇට දමා ඉව්ව විට හරිම රසය.
      සුබ පැතුමට ස්තූතියි,මගෙ එකත් නොවැරදීම මතක් කරන්නං.

      Delete
    8. ඔය ඉන්නල වල ඉන්ග්‍රීසි නම Chinese potato නේද? ඒ කියන්නෙ ඒක්ත් කන් කුන් වගේ එහෙන් ආව හින්ද රටල කියනව වෙන්න බැරිද?

      Delete
    9. ඉන්නල රෙද්දක ඔතලා පොලේ ගහලානේ සුද්ධ කරන්නේ. කීයක් කියලා සුද්ධ කරන්නද එක වේලකට.හරි ඉන්දික ඒක තමයි නම.

      Delete
  8. පෙළක් කොල්ලන්ට නං පාන් කන්න ඔය මොකුත්ම ඕනත් නෑ.///
    හරියටම හරි ,අපිත් උණු උණු පාන් කන්නෙ ඔය මුකුත් නැතුව ,අනික හොරෙන් උස්සනවා බෙකරියෙන් ,මාර රසයි සුවදයි උණුවෙන් පාන්

    ReplyDelete
    Replies
    1. හඩේ අමතකව වෙලා ගියා නේ මේ කැම නිසා ..

      හැලප යුවලට 31 වැනි විවාහ සංවත්සරයට උණුසුම පැතුම්.......!!!



      Delete
    2. නිකං හම්බෙන පාන් වලට හොදි මොකටද.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
  9. මගේ ඔලුවත් කැරකෙනවා...කාපු කෑම ජාති දැක්කාම.

    අනේ පව්...හැලපිගේ විවාහ සංවත්සරයට අපිත් සුබ පැතුවා කියන්ට. දැන් කා එක්කද එයා විවාහ වෙලා ඉන්නේ? හී හී...

    අර අන්තිමට කියපු අල වර්ග නම් කාලා තියෙනවා කියලා මතකයක් නෑ. උඩින් තියෙන නම ලියාගන්ට අමාරු අල ජාතියට නම් හරිම ආසයි. සම්බෝල එක්ක මෙ දැන් කවුරු හරි පිඟානක් ගෙනත් දෙනවා නම් මටත් ඒවා කාලා, ඒ අලයක් වගේ ඉන්ට තිබුණා...අපරාදේ....:(

    ReplyDelete
    Replies
    1. ‍පොඩ්ඩිට සුභ මංගලම්..!

      ඔව් ඔව් කුරුදු ‍කෝට්ට ව‍ගේ ඉන්න ‍පොඩ්ඩි.

      Delete
    2. අලයක් වගේ වේවි ඉස්සරහට බය වෙන්න එපා,සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  10. සිරාවටම මටත් ආසාවක් ආව ෆ්‍රෙෂ් අල චිප්ස් කන්න හැලපයියත් මගේ බඩගින්න අවිස්සුව හිටු කියන්න අපේ මිනිස්සු බෙහෙත් ගහල තමයි හැම දේම හදන්නේ සුද්දෝ එව්වා අපිට පුරුදු කරලා උන් කනවා ෆ්‍රෙෂ් එව්වා අපේ එවුන් ගහනවා බෙහෙත් ම

    ReplyDelete
    Replies
    1. ප්‍රෙෂ් අල චිප්ස් හදාගන්න ආකාරය ගැන ඔන්න කියලදීල තියෙනව කෝරළේ මහත්තයො.

      Delete
  11. අපිත් ඉඩ තියෙන හැටියට එක එක දේවල් වත්තේ හිටවලා තියෙනවා .. ඒව කනකොට තේරෙනවා කඩෙන් ගන්න එවයෙයි ගෙදර එවයෙයි රස වෙනස ... හැමදාමත් වගේ හුඟක් ආසාවෙන් පෝස්ට් එක කියෙව්වා...

    විවාහ සංවත්සරයටත් උණුසුම් සුබ පැතුම්......

    ReplyDelete
    Replies
    1. තමන්ට හැකි දෙයක් වත්තෙ හරි තියෙන ඉඩකඩේ හරි හිටෝගත්තම ඒ වෙනස හොඳට තේරෙනවා.
      සුබ පැතුමට ගොඩක් ස්තූතියි තුශානි.

      Delete
  12. Replies
    1. නාහෙන් අඬන්න ඕනෑ නෑ හොඳ කතා ලීවොත් කට්ටිය කියවන්න ඒවී.කොහොමත් ලියන්න පටන් ගන්න මුල් කාලෙ හිට්ස් කමෙන්ට්ස් අඩුයි ඒක කාටත් පොදුයි.හොඳ රස කතා ලියල කට්ටිය බ්ලොගේ බලන්න හුරුකරගන්න.

      Delete
    2. මම ඒ පැත්‍‍තේ ආවා නි- හි-ංසා

      ඔයා‍ගේ මුණ දැක්කම එන්න හි‍තෙන්නැහැ.
      ‍මොකක්ද ඔය,චින්තන ‍ලො‍ගෝ එක මු‍ණේ අලවං ඉන්‍‍නේ.

      Delete
    3. @ නිහිංසා ~ අනෙ අම්මෝ ගෑල්ලමයෙක් ඔය වචන සෙට් එක කියනවා ඇහෙත්දිත් බය‍යි බයයි වගේ. ;))

      හොද පෝස්ට් දාන්න. කට්ටිය ඒවි එතකොට.

      Delete
  13. හැලපි ඔයාගේ විවාහ සංවත්සරයට සුභ පැතුම්. නමුත් හැලපයනේ අපේ යාලුවා. කවද්ද හැලයගේ සංවත්සරේ?

    මමත් ආසම අල ජාතිය හිඟුරල. මඤ්ඤොක්ක වලටත් පට්ට ලයික්. නමුත් ඉතිං මොනවා කරන්නද?

    ඒක නෙවෙයි. අපි හෙල පොළොවේ පස හරි සරුසාරයි කියලා සින්දු කිව්වට ඒකෙ ඇති ඇත්තක් නෑනේ බං. අර කලු පස මාර සරු සාරයි කියලා දැක්කම කිව්වැකි.

    ReplyDelete
    Replies
    1. Blow one's own trumpet කියල උඹ හොඳට දන්නා කියමනක් තියෙනවනෙ මචං,හෙළ පොළොවෙ පස හරි සරුසාරයි කියන එකත් ඒ වගේ කතාවක්.මම දන්න විදියට තව තව අපට වඩා සරුසාර පොළොවවල් තියෙනව ට්‍රම්පට් ගැහුවෙ නැතුවට.
      ඒ සිංදුව කාලෙකින් ඇහුවෙ නෑනෙ මචං,කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ.

      Delete
    2. මචන් හෙන්‍රියා මේක පොලවේ අවුලක්ම කියන්න බෑ. ලංකාවේ ගොවීන් වැවීමේ ක්‍රමය හරියටම කරනවද කියලා මට හිතෙන්නේ. මම හිතන්නෙ ආපි මේ ගැන මීට කලිනුත් කතා කලා. ලංකාවේ බොහෝ අයට ඕනේ වැඩි පළදාවක් හා විකුණාගැනීමට සුදුසු බඩු. එතකොට ඒ අය සෞඛ්‍යය ගැන හිතන්නෙ නෑ. මේ රටවල ඒකේ අනිත් පැත්ත. හොඳ දේ ගුණවත්ව කන්න බලනවා. මිනිස්සු වැඩි කාලයක් ජීවත් වෙනවා. පරිසරයට ආදරය කරනවා.

      Delete
  14. කල් ඇතුවම ඕන් සුබ පතන්නම් විවාහ සංවත්සරයට !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වෙනී.

      Delete
  15. සුභ!කියන්‍‍නේ සුභම සුභ හැලපම අවුරුදු 30 ක් කනවා කියන්‍‍නේ..
    කැන්ද ‍කොළ එයිට ‍හොදා..

    ReplyDelete
    Replies
    1. අපොයි තවම අවුරුදු 30ක් හැලප කෑවෙ නැතෝ.
      සුබ එකට ස්තූතියි මල්මි.

      Delete
  16. අම්මට සිරි මේ ලිපියේ රහ. හොදවෙලාවට උදේට කාපු ගමන් බැලුවේ. නැතිනම් කෙල ගිලලා මැරෙනවා

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට තමා,නැත්නං අපට එක යකෙක් නැතුව යනවනෙ.

      Delete
  17. අර පාන් ගෙඩි දෙකයි තුන්කාෙල්රැකෝඩ් එක පාන් රාත්තල් තුනයි කාලක් කාලා කැඩුවා කියන්නේ අළුත් වාර්තාව ගෙඩි දොලහක් විතර වෙන්න ඇති නේද? මොකද පාන් ගෙඩියක තියෙන්නේ ග්‍රෑම් තුන්සිය පනහයි නේ!

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි නේද,කකාටත් ගණන් හිලව් හොඳට පේනව ගණංකාරයනෙ.අපි දන්න කාලෙ පාන් ගෙඩියක අවුන්ස දාහතරක් තිබුණා.

      Delete
    2. මං දන්ත තරමින් රාත්තලකට අවුන්ස දාසයයි. එහෙම නැතිනම් ග්‍රෑම් 454 යි.

      පිටි මිලට සහ නිෂ්පාදන වියදමට සාපේක්‍ෂව පාන් ගෙඩිගේ මිල වැඩි නොවුණු නිසා පාන් ගෙඩියක බර ක්‍රම ක්‍රමයෙන් අඩුවුණා. මං හිතන්නේ නෑ දැන් ග්‍රෑම් 350කට වඩා තියෙනවාය කියලා. රාත්තල කියන්නේ නැතුව ගෙඩිය කියන්නේ ඒකයි නේ!

      Delete
    3. ඔව් කකා ඒ කාලෙ රාත්තලේ ගෙඩියකට වතුර බර ඇරල අවුන්ස දාහතරක් තියන්න අවසර දීල තිබුණා.හරියට දැන් ග්‍රෑම් පන්සීයෙ ගෙඩියක හාරසිය පණහක් තියාගන්න ඉඩ දීල තියෙනව වගේ.
      තියෙන්නෙ නං ග්‍රෑම් තුන්සිය පණහයි තමා.

      Delete
  18. අනේ අම්මෝ කටට කෙළ ඉනුවෝ…

    හප්පේ අර අයියගෙයි මල්ලිගෙයි බඩවල් පලන්න එපෑ. මුන් පාන් මෝලවල්නෙ. මටනම් කොච්චර වත් පාන් බාගයක් කා ගන්න බෑ. නිකන් නම් කොහොම‍ටත් බෑ.

    හැලපි අක්කට ප්‍රීතිමත් විවාහ සංවත්සර දිනක් පැතුවා කියන්ට.

    ReplyDelete
    Replies
    1. කොල්ලො කාලෙ නං අපිටත් උණු පාන් රාත්තලකට විතර වග කියන්න පුළුවන් ප්‍රියා,දැන් නං එහෙම බෑ කෑලි දෙක තුනක් කන්නෙත් අමාරුවෙනුයි.
      හොඳයි හොඳයි මම කියන්නං බොහොම ස්තූතියි.

      Delete
  19. මේ පින්තූර ටික අපේ තාත්තා දැක්කා නං ආස්සාවේ පැලෙයි.. එයා කොහොමත් ආසයි මේ වාගේ වගාවන් කරන්ඩ !

    ReplyDelete
    Replies
    1. පිංතූර ටික තාත්තට පෙන්නන්න මධු.

      Delete
  20. ඔක්කොම හොදයි. අන්තිම කෑල්ල බලපංකො. එතකොට බිරිදගේ විවාහ සංවත්සරයද තියෙන්නෙ. එතකොට හැලපි බැන්දෙ හැලපයා නෙමේද වෙන එකෙක්ද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වැව් බිරිඳගෙ විවාහ සංවත්සරේ තමා.

      Delete
    2. මගෙන් සුබ පැතුම් හැලපෙ

      Delete
  21. ආසම අල වර්ගයක් තමා ඉන්නල..
    මටනං පාං කන ප්‍රමාණෙ අඩු වැඩි වෙන්නෙ කන්න තියෙන්නෙ මොනව එක්කද කියන එකෙන්..
    ඒ වුනාට අර යෝධය පාන් රාත්තල් තුනයි කාලක් කෑව කිව්වාම..හම්මේ එකනං බඩක් නෙමේ..
    සංවත්සරේට සුභ පැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා.
      ඉන්නල හෙවත් රටල කන්න මමත් බොහොම ආසයි.හොඳ හොද්දක් හරි පොල් සම්බෝලයක් හරි එක්ක උණු පාන් බෙහෙවින් බඩට යනවා නොවැ.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
  22. //ලෝකල් බියර් වර්ග හාර පන්සීයක් තියෙනව //

    Ale ජනප්‍රියද? අර process එක ඉවර වෙලා නෑති " real ale" එක එහෙත් තියනවද? ඒක කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒල් වර්ග සමර් එකට හරිම ජනප්‍රියයි,නමුත් ඔය ඔබ කියන ඒල් වර්ගය ගැන මගේ විශේෂ දැනීමක් නැහැ,මම මේ ලිව්වෙ මීට අවුරුදු දහයකට පෙර කතාවකුයි.

      Delete
    2. ප්‍රා.....තියෙනවා මෙහෙ හරියට. ලෝකල් පබ් එහෙකට ගියාම බොන්න පුළුවන්. නොයෙකුත් ජාති තියෙනවා. මම පබ් එකකට ගියාම නම් බොනවා . Cask ale කියන්නෙත් මේකටමයි. CO2නැති නිසා බොන්නත් පුළුවන්.

      Delete
  23. කසන අල වර්ග වගේම කන්නේ නැති මස් වර්ගත් අපේ ගෙදර කපලා ලිපේ තියන්නෙත් අපේ තාත්තා, ඒක නී ඇයි අනේ බිරිදගේ විවාහ සංවත්සරය කීවේ ? :(

    ReplyDelete
    Replies
    1. කසන අල ප්‍රශ්නයක් නෑ කියමුකො,කන්නෙ නැති මස් වර්ග ගෙදර ලිපේ තියන්නෙ ඇයි.
      ඉතිං හරිනෙ බිරිඳගේ විවාහ සංවත්සරය නෙවෙයිද.
      කොහොමද නිවාඩුව,පට්ට ජොලියෙන් ඉන්නවද.

      Delete
  24. //අල බෙදපු පිඟාන බිරිඳට දීල තව පිඟානක් අරං මම එතන වාඩිවෙනව,බිරිඳ පොතු ගලෝ ගලෝ මගෙ පිඟානට දාන දාන අලේ පොලුත් එක්ක මම කනව,හරි ලේසියි හරි පහසුයි හරිම රසයි.//

    පට්ට සිම්පල් අයිඩියා එක. අර වනිතා හඬ මේ පෝස්ට් එක කියෙව්ව නම් හරිම සතුටු වේවි :-)

    සිංගප්පූරුවෙ කංකුං වලට හොඳ තැන් වල දාන්නෙ ඔයිස්ටර් සෝස්, දෙකයි පනහෙ පොට් වල නම් සෝය් සෝස්. ලංකාවෙත් මම හිතන්නෙ ඔය චයිනීස් තැන් වල ඔය දෙකම දානව. චීන්නු හැබැයි ගොඩක් තැන් වල කෑම වලට MSG නාවනව.

    හැලපෙ ලියන්න ගිහින් නැති වුනු පෝස්ට් එක මේකද?


    ReplyDelete
    Replies
    1. මට මේ පෝස්ටුව වනිතා හඬට පිළිගන්වන්න තිබුන එහෙනං අපරාදෙ.
      කංකුන් විස්තරයට සතුටුයි.
      ප්‍රොපයිල් ඇනෝ මගේ බෙල්ලෙන්ම අල්ල ගත්ත නේද,නැතිවුණු පෝස්ට් එකම කියන්නට බැහැ,ඒ සමාන පෝස්ට් එකක් කියමු,නැතිවුණු එක ලියන්න කොහොමවත් බැහැනෙ මේක එපමණ රසට ලියැවුනා කියල මම හිතන්නෙ නෑ,කොහොමත් ගිය ලූලා ලොකු එකා කියල කතාවටත් කියනවනෙ.

      Delete
    2. ඇත්තට ඒ වනිතා හඩට නං මොලේ මාන්දමක්ද කොහෙද.... විප්ලවය කියන වචනෙ ලෙවකාල ඇවිත් උඩු බුරනව....

      Delete
    3. @ ඇනෝ....MSG බෝතල් කරලා අජිනමොටෝ කියලා එවන ඉලව්ව.. ලංකාවේදි මම ලොක්කෙක් ලෙස වැඩ කරපු තැන් වලදි පාවිච්චි කරන්න දුන්නෙම නැහැ. මෙහේ නම් තහනම්ද මන්දා? කෑම රසකරන්න පුළුවන් අතින්. ඒ ඒ දේවල් එකතු කරන වෙලාවත් අනිත් කාරනාව. ඔය බයිලා ජාති මුකුත් ඕන නැහැ බන්. දැන් ලංකාවේ ගහන නෝර් උඹලකඩ පවුඩර් එකෙත් මොනවා හරි ඇඩිටිව්ස් තියෙනවා. කංකුං විත් ඔයිස්ටර් සෝස් ඒ විදිහටම ස්පිනැච්වලින් හදන්න පුළුවන්. අපිට කන්කුන් නැති නිසා මම මෙහෙම හදනවා.

      Delete
  25. හැලපේ මේ අල කෑම මගෙත් ප්‍රියතම කෑමක්. ඒත් මම තවම මේ අල වලින් කිහිපයයි වෙන්න ඕනෙ කාලා තියෙන්නේ. හිඟුරල කාලා නෑ වෙන්න ඕනේ. රටල නම් කාලා තියෙනවා. ඒවා උයලත් මිරිස් නැතිව කන්න පුළුවන්නේ. ගමේ කඩේ සෙන්කඩ දුවන්නේ අල කන්නමයි.
    ඕනෙම දෙයක් ක්‍රිස්පි වෙන්න හදාගන්න ඕනේ නම් බැටර්ඩ් එකට ස්පාක්ලින් වෝටර් පොඩ්ඩක් දාගන්න. කනකොට වෙඩි වගේ හැපෙන්නේ.

    හැලපේ නෝනෙට සුභ සංවත්සරයක්. එයාගේ මනාලයටත් අපි එහෙම කීවයි කියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මම නං ඉතිං ඔය අල ජාතිවලින් වැඩි හරියක් කාල තියෙනව,අද නං රෙසිපිස් හරියට.
      සුබ පැතුමට බොහොම ස්තූතියි,මනමාලයටත් කියන්නංකො.

      Delete
  26. ඔයාට අර පොලේ හිටපු අක්ක කිව්වද ,එන්න පැටියෝ පලාගන්න කියලා .:D , හැලපිටත් එයාගේ හබියටත් සුබ අනිවසරියක් වේවා . හැබැයි අරුන් දෙන්න ආපු වෙලාවේ ඔයා මොලේ කල්පනා කරලා වත්ත පැත්තේ එක්කන් නොගිය එක හොඳයි ,නැත්තම් ඕකුන් දෙන්නා ..අප්පේ

    ReplyDelete
    Replies
    1. පොළේ අක්ක මරු බඩුව ඉවාන්,උඹ දන්නවද මල්ලි මම තාම තනියම පොළේ ගියාම පැටියගෙන් පලාගන්න යනවා,කාටවත් කියන්න එපා හයිද.වත්ත පැත්තෙ යන්න උන් දෙන්නගෙත් එච්චර උවමනාවක් තිබුනෙ නෑ වගේ පෙනුන,වැඩියත්ම ඒකයි.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
  27. විවාහ සංවත්සරේට සුභ පැතුම්! :)
    අල කන්න දැන් කාලේ උන් මනාප නැති එකනක්ම් ඇත්ත. සමහර දවස් වලට කැම්පස් යද්දී අම්මා වත්තෙන් ගලොපු බතල හරි මඤ්ඤොක්ක ටිකක් හරි තම්බලා දෙනවා. වෙනදට බස් එකෙන් බැහැලා බත් එක අතට දුන්නහම ඉස් මිස් නැතිව සෙට් වෙන කොල්ලෝ ටික "අද තියෙන්නේ අල මචං" කිව්වහම හෙමෙන් ම ශේප් වෙනවා. මමයි තව දෙන්නෙකුයි විතර ඉතිං තනියම වැඩේ දෙනවා

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද මම කියපු එක මෙතනම ඔප්පු වෙලා,නාඩියත් ගමේ කොල්ලෙක් නිසා අල බතල අපුලක් නැතුව කනව.ඉදිරි පරම්පරාවෙන් නං අල බතල කෑමක් බලාපොරොත්තු වෙන්න බෑ.
      සුබ පැතුමට ස්තූතියි නාඩියෝ.

      Delete
  28. වෙනද වගේම සවාරියක් ගියා.
    .
    ඒක නෙමෙයි. මම අද මාළුන්ට ඇතිවෙන්න කෑම දැම්මා. ආයි අද දාන්න එපා

    ReplyDelete
    Replies
    1. උකුස්සාගේ වැඩේ සවාරි යන එක නේන්න.
      මාළු ටැංකිය උඩ අත්තක වහල ඉද්දි මම හිතුව මාළුන්ට ඇතිවෙන්න කෑම ලැබේවි කියල.

      Delete
  29. කියන්න කතා ගොඩයි නමුත් වෙලාවක් නෑ. සංවත්සරයට සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. මොකෝ රාජ් කඩදහි කොළේ ලිපේ දාල වගේ දුවගෙන යන්නෙ.වෙරි බිසිද.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  30. ඔබ දෙපලගේ විවාහ සංවත්සරයට සුබ පැතුම්. ඉස්සර ගමේ ගෙදර තිබුණු ගෙවත්ත පතක් වුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මකසි

      Delete
  31. මම මේ ලඟදි ඩොකියුමන්ට්‍රියක දැක්කෙ අර්තාපල් තිබිල තීන්නෙ ඉන්කාවරු ගාව දකුණු ඇමරිකාවෙ. උන් අර කඳු උඩ ගෙවල් හදන් කාල තීන්නෙ ඕව. මොකද වෙන මොනවත් වැවෙන්නෙ නැති නිසා. පස්සෙ කොළොම්බස්ගෙ සෙට් එක තමයි යුරෝපෙට හඳුන්වල දුන්න කියන්නෙ.

    මම හිතන්නෙ ලංකාවෙ ට්‍රොපිකල් නිසා ඔය කෘමියො යුරෝපෙට වඩා වැඩියි. අනික තෙල් කාරයොත් නොයෙක් ගේම් දෙනවනෙ. ඒ ඔක්කොම නිසා වෙන්න පුලුවන් ඔච්චර අවුල්.

    අර මොකද බන් ඉන්දියාවට මය්යොක්ක ගෙන්න ගත්තෙ? කේරළේ බඩු එනව නේද ඒ පැත්තට?

    අපිත් දැන් ලංකාවෙ කොළ කෑම අඩු කරල මෙහෙ ඒව කනව. ඒක ලාභයි, ගුණයි. මාර්කට් එකේ බීට් කොළ රාබු කොළ එලෝලු විකුනන බුවා අපිට නිකන් දෙනව.
    තව කොත්තමලී, ලූනු කොල, කන්කුන් වගේ ලෝකල් එව්ව ටිකක් එක්ක එක ගොටුකොළ මිටියක් ගත්තම සතියෙම පළා තමයි.

    මෙහෙ අපේ කොළ විකුණන එකාගෙ ෆොටෝ එකක් අරන් දාන්න ඕන වෙලාවක. අරාබි බුවා. උදේම සුදු ෂෝට් එක ඇඳල, රීබොක් ෂූස් දාල, අයි ෆෝර්න් එක සාක්කුවෙ, එක කනක ඉයර්ෆෝන් එක, ෆුල් පොෂි පිට කොළ විකුනන්නෙ. ලංකාවෙ උනුත් ආදර්ශෙට ගන්න වටින වැඩක්.

    විස්සක් ඇදපු එකට උඹටයි, විස්සක් ඇදගෙන ගිය එකට එතුමීටයි සුභ පැතුව එහෙනං!

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එහෙමයි ඉන්දික ..මාළු විකුණන ගෑනු කෙනා පවා සති අන්තෙට සැලෝන් එකට ගිහින් හැඩ වැඩ වෙනවා . අපිටත් අපේ ජීවිතේට ආදරේ කරන්න හිතෙනවා මේ මිනිස්සු දැක්කම

      Delete
    2. දකුණු ඇමෙරිකානුවන් අර්තාපල් කෑ බව මාත් කියවා තිබෙනවා ඉන්දික.
      කේරලේ මයියොක්ක තිබුනට චෙන්නායිවලට් වැඩිපුර එවෙන්නෙ නෑ,අනික උඹ දන්නවද චෙන්නායි වල අය මයියොක්ක තම්බන්නේ පොත්ත පිටිං,පොත්ත පිටිං තම්බල පොත්ත ඇරල කනවා.
      ලංකාවෙ කොළ කෑම අඩු කරපු එක නං ගොඩක් හොඳයි.
      සුබ පැතුමට ගොඩක් ස්තූතියි ඉන්දික.

      Delete
  32. හැලප යුවලගෙ විසි වැනි විවාහ සංවත්සරයට උණුසුම සුභ පැතුම් ...........!!!

    ReplyDelete
  33. අඩෙ බිරිදගෙ විවාහ සන්වත්සරෙනේ මරු.එතකොට බොගෙ කවද්ද අයියෙ.ඔය රත්නපුරෙ තියෙනව තායි රෙස්ටුරන්ට් .එවයෙ තියෙනවලු වැටකොලු කන්කුන් එහෙම නියම බයිට්.මමත් මයියොකුනම් තම්බල කොච්චි මිරිස් පොල් කවලම් කරල ගන්න බයිට් එකට මාර ආසයි.
    එහෙනම් බිරිදට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. කංකුන් බයිට් කාල තිබ්බට වැටකොළු බයිට් එකට කවදාවත් කාල නෑ දමිත් මල්ලි.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  34. උණු පාන් කට පිච්චි පිච්චි කකා පයින් එනව වෙසක් එකට ඇවිදින්න ගියාම. පොල් නම් නෑ ඉතින්.

    අපේ මල ගෙයක් තිබුනු වෙලාවෙ අහල පහල පොඩ්ඩො ටිකක් පැත්තකට වෙලා හති ඇර ඇර හිනා වෙනවා. මං ඇහුව මොකද බං කියල. "අපි අර එහා පැත්තෙ ගහේ කුරුම්බා කැඩුවා. එතකොට කවුද එනව වගෙ දැකල අපි දිව්වා" කියල උන් කිව්වා. බලපුවාම උන් කුරුම්බ කඩල තියන්නෙ අපේ ගහකමයි. :D

    මං ආසාවට අර්තාපල් ගස් දෙක තුනක් හිටෙව්වා, කෑමට ගේන අල වලින් එන මොටෙයියන් කපල අරන්. ඒකෙත් හැදිල තිබුන අල ටිකක්.

    විවාහ සංවත්සරයට සුබ පතනවා !

    ReplyDelete
    Replies
    1. චන්දනට කියන්න මමත් අපේ ගස්වල හොරාට කුරුම්බ කඩල තියෙනවනෙ.
      අර්තාපල් හැදෙනවා නං ලොකු දෙයක්නෙ වගාව දියුණු කරගන්න බැරිවෙයිද.
      සුබ පැතුමට ගොඩක් ස්තූතියි.

      Delete
  35. ෂහ්,
    මල මේ කටේ කෙල පිහිදාන ගමන්..(කෙළ උනල බේරෙනවා )
    කියවං යනකොට හිතුනා මේ අර අකරතැබ්බය දෙක වෙන්න ඇති කියල..

    සුභ ඇනිවසරියක් හැලපතුමියට

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකෝ විදානෙ මලේ,කෑම රසද.
      සුබ පැතුමට ස්තූතියි.ඔබටත් ජය.

      Delete
  36. අල වගේද ගෝවා. පාන් කියනකොට මතක් උනේ මම පාන් කන්න කැමති නැ හොදි මාලු පිනි එක්ක. මොනවා හරි තෙල්දාගෙන තමා පාන් කන්නේ. ඒ අතරින් මගේ ප්‍රියතම කෑම තමා මිරිස් තෙල් දාලා පාන් කන එක. හොඳ අමු මිරිස් ග්‍රෑම් 250 විතර අරන් නැට්ට ළඟ ඉඳන් දෙකට පලනවා වෙන් නොවෙන්න. පලලා ලුණු වතුරේ ගිල්ලලා පැයක් විතර තියලා ගසලා අරන් තෙල් දානවා. භාගෙට මැලවෙනකොට බාන්න ඕන. ඕකට කලවමේ මාලු මිරිස් උනත් ගත්තහැකි.
    මම ඕක පුරුදු උනේ අපේ තාත්තාගෙන් උන්දැටත් පාන් කීවොත් තුන් වේලම හරි කයි. මම නම් තුන් වේල බත් තමා. හැබැයි ඉඳලා ඉඳලා ඔය විදිහට සෙට් උනොත් පාන් 2-3ක් බස්සනවා.
    http://mata-hitena-hati.blogspot.com/2012/01/blog-post.html මේ තියෙන්නේ එහෙම තියපු රෙකොර්ඩ් එකක්.

    හැලපෙගේ බිරිඳට ප්‍රීතිමත් මෙවුවා එකක් එහෙනම්.

    ReplyDelete
    Replies
    1. නිශාන්තගේ අමු මිරිස් තෙල් දැමීමට මගෙත් හිත ගියා,දවසක හදල බලන්න ඕනෑ.
      ඔය බ්ලොග් පෝස්ට් එක මම කලින්ම බලපු එකක් එක කියෝලා මම හරියට හිනා වුනා මෙහෙමත් බඩක් කියල.කිචි ධර්මයා ඒ කාලෙ ඉඳිආප්ප හැත්තෑ පහක් කාල සෙට් එකට වැඩකරන්න යනව කියපුවම මේකෙ ගොඩක් අය විශ්වාස කලේ නෑ.ඔයාගෙ කතාව කියවපුවම හිතෙනවා ඒක සම්පුර්ණ ඇත්ත කියල.
      මෙවුවා එකට බොහොමත්ම ස්තූතියි.

      Delete
    2. මචං...ඔය නිශාන්ත කියන විදිහටම මිරිස් පලලා..... මීකිරි හරි ප්ලේන් යෝගට් (පැනි රස නෙමේ) එකකට ලුනු ගම්මිරිස් දාලා හොඳට බීට් කරලා...අර පලපු මිරිස් ඒකේ බස්සලා තියලා ඊට පස්සේ බැදපන්. යෝගට් එක ඇතුලේ තියෙන කාලය වැඩිවෙන තරමට මරු.

      Delete
  37. wiwaha sanwathsareeta apenuth suba pathum........... kooo ara apeee paththe kathawa halape aiye

    ReplyDelete
    Replies
    1. තාරකලගේ පැත්තෙ කතාව තාම හිතේ මෝරනවා හරියට සෙට් වුනාම ලියන්නං.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
  38. ඔන්න අපි ඔය රසායනික පෝර කාලා අලුත් වාර්තාවක් තියාගෙන යන්නෙ,වැඩිම වකුගඩු රෝගීන් ඉන්න රටවල් අතරට ගිහින්

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ඩිලාන්,අපේ අය කවද මේවයෙ ආදීනව තේරුම් ගනීද.

      Delete
  39. උණු පාන් කළටි පොල් එක්ක මාත් කාලා තියෙනවා... පුංචි කාලෙ අපේ මාමා තමයි ඕවා හදල දුන්නෙ අත්තම්මා කෑ ගහද්දි.... පස්සෙ කාලෙ නම් හවසට උණු පාන් ගෙනාවම පොල් බෑය උලුප්පගෙන පොල් කෑලිත් එක්ක කෑවා... මාර රසයි...
    අමු පාන් එච්චර ගොඩක් කොහොම කෑවද කියලා මට නම් හිතාගන්න බෑ... ඔන්න උණු රෝස් පාන් නම්...
    මෙහේ නම් අපට ලැබෙනවා හොඳ පිටි තියෙන මඤ්ඤොක්කා.... ඒ නිසා ලංකාවෙ ඉන්දැද්දිට වඩා කැවෙනවා මෙහෙදි... මදැයි යාළුවා මයියොක්කා ගෙනාවා... ගෙනාවෙ මිනිහා නිසා හොඳටම දන්නවත් ඇතිනෙ ඔච්චරයි තියෙන්නෙ කියලා...
    මුද්දරගෙ වගා බිම මාරයිනෙ... හොඳ සරු පොළොවක් කියල පේනවා...
    කං කුං තෙල් දාලා නම් මගේ ප්‍රියතම කෑමක්... චීන කඩවල නිතර තියෙනවා...
    ඔය ඉන්නල කුඹුරුවල නියර දිගේ වවනවා නේද... ඉස්සර අත්තම්මලගෙ කුඹුරුවල එහෙම වවලා තිබ්බ මතකයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කොල්ලො ඕනෑ දෙයක් කෑවා මියුරු ගල් ගිල්ලත් දිරවන වයසනෙ.
      ඔබ කියපු කතාවට මගෙත් මතකය අවදිවුනා,අපේ වැඩිහිටියො කුඹුරුවල නියරෙ මෑ බණ්ඩක්ක වගේ දේවල් වැව්වා,ඒකෙ වාසි දෙකක් තියෙනව, නියර හොඳට සුද්දවෙලා තිබෙන නිසා මීයො වගේ සත්තුන්ට හැංගිල ඉන්න බෑ,හරක් එන්නෙ නෑ,ගෙදරට එළවළුත් නොමිලෙම ලැබෙනව.මොන තරං දුර දක්නා නුවනක්ද කියල නිකමට හිතල බලන්න.

      Delete
  40. අල කීවම රාජල නැත්තං ගතියක් නෑ වගේ... අර දම් පාට එක...
    පට්ටනෙ...
    ඉන්නලයි රටලයි එකයි කියල දන්නෙ අද ඔං...
    සුභ විවාහ සංවස්සරයක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මහේෂ් රාජාල නැත්නං කිසිම අල ගතියක් නෑ මටත් මතක්වුණා නමුත් පෝස්ටුව දික්වෙන නිසා නිකං හිටියා.

      Delete
    2. අමතක වුනා කියන්න සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
    3. ඔය රාජාල පට්ට සිතල කෑමක් ලු! හරි ගුණයි කියන්නේ

      Delete
  41. මුලින්ම හැලපයියාටයි අක්කාගේ විවාහ සංවත්සරයට සුබ පැතුම්.මාර්තු බලන් ගියාම හැලප පවුලට මාර සුවිසේශී මාසයක්නේ.

    කොහොමත් හැලපයියා තමන්ගේ වත්තේ පිටියේ වවාගෙන කරගෙන කන්න පුළුවන්නම් කොයි තරම් දෙයක්ද නේ ?කොහොම හරි මේක කියවලා කටට කෙළ ඉනුවා අප්පා.

    ReplyDelete
    Replies
    1. තමන්නෙ වත්තෙ යමක් වවාගෙන කන්න තියේනං ලොකු දෙයක් තමා මනෝජ්.
      මාර්තු මාසෙ අපට සුවිශේෂී මාසයක් ඒක ඇත්ත.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  42. උපන් දින තුනයි ,විවාහ සංවත්සරෙයි සේරම මාර්තු නේද ...සුබ විවාහ සංවත්සරයක් වේවා....ඔය වගේම හිනාවෙන් ජිවිත කාලයම ගත කරන්න සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බින්දී සියල්ලම මාර්තු සියල්ලම මාර්තු.
      සුබ පැතුම් දෙකටම බොහොමත්ම ස්තූතියි.

      Delete
  43. මේ වැහි කාලෙ අල්ලල මමත් පොඩි කෙසෙල් කොටුවක් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. හරි නියමයි දාපං පුතා මම ආ වෙලාවක කැනක් දෙකක් කපන් එන්න බැරුවයැ,ආ කියන්න අමතක උනා හිටවන්න කෙහෙල් පැළ මගෙ ගානෙ නොමිලෙ,කොටුවෙන් ගලෝගෙන පලයන්.

      Delete
  44. හැලප නෝනට ප්‍රිතිමත් විවාහ සංවත්සරයක් වේවා..ටයිප් කරන්න කම්මැලියි.සරලව කියන්නම්කො.දීර්ඝව ලියන ඔබේ කතා හරිම රසවත්.....

    ReplyDelete
    Replies
    1. දෙවරක් ස්තූතියි එකක් සුබ පැතුමට අනික වර්ණනාවට.නමින් ස්තුති කරන්න බැරිවීම ගැන කණගාටුව,මොකද ගී පවුරෙ තුන් හතර දෙනෙක් ඉන්නවනෙ.

      Delete
  45. සං සං සංවත්සරේට සං සං ගාලා සං සං සංගීතයක් දැම්මේ නැද්ද? සුබ පතුම්.

    උඹගේ කෙහෙල් කොටුවේ මොන වර්ගද තියෙන්නේ. මචං අපි ඔය රටේ ඉන්න කොට ගෝවා, කෝලිෆ්ලවර්. බන්ඩක්කා, වගේ දේවල් හැදුවා. රස්නේ වුනාට එලිමහනේ හැදුවේ.
    මමත් හෙන පෙරේතයි අල වර්ගවලට..අලයි මසුයි තමයි. හුලංකීරිය, ආටිශෝක් මම ආසම තම්බන අල. හිඟුරල,ඉන්නල,කිරි අල උයලා ,,කරෝලා තෙල් දාලා, පොල් සම්බෝල...සැමදා වාසනාවන්.
    මචං ඔය කන්කුන් හදන විදිහටම ඔහේ නිවිති හදන්න පුළුවන් ලොකුවට දඬු සහ කොළ අතින් කඩලා ගත්තාම. ඔයිස්ටර් සෝස් ටිකක්, උම්ඹලකඩ පොඩ්ඩක් දැම්මාම ගොඩේ ගොඩ. ලංකා නිවිති නම් එහෙම හදන්න බැහැ වතුර ගතිය වැඩි නිසා.

    මේ නාරාහේන්පිට වල කියන්නේ හෙල්ත් එකේ පොට් එකද පාළම ගාව. හැඬැල්ලෝ බයිට් එකත් නැගලා ගියා.

    සං සං සංවත්සරේට සං සං ගාලා සං සං සංගීතයක් දැම්මේ නැද්ද? සුබ පතුම්.

    උඹගේ කෙහෙල් කොටුවේ මොන වර්ගද තියෙන්නේ. මචං අපි ඔය රටේ ඉන්න කොට ගෝවා, කෝලිෆ්ලවර්. බන්ඩක්කා, වගේ දේවල් හැදුවා. රස්නේ වුනාට එලිමහනේ හැදුවේ.
    මමත් හෙන පෙරේතයි අල වර්ගවලට..අලයි මසුයි තමයි. හුලංකීරිය, ආටිශෝක් මම ආසම තම්බන අල. හිඟුරල,ඉන්නල,කිරි අල උයලා ,,කරෝලා තෙල් දාලා, පොල් සම්බෝල...සැමදා වාසනාවන්.
    මචං ඔය කන්කුන් හදන විදිහටම ඔහේ නිවිති හදන්න පුළුවන් ලොකුවට දඬු සහ කොළ අතින් කඩලා ගත්තාම. ඔයිස්ටර් සෝස් ටිකක්, උම්ඹලකඩ පොඩ්ඩක් දැම්මාම ගොඩේ ගොඩ. ලංකා නිවිති නම් එහෙම හදන්න බැහැ වතුර ගතිය වැඩි නිසා.

    මේ නාරාහේන්පිට වල කියන්නේ හෙල්ත් එකේ පොට් එකද පාළම ගාව. හැඬැල්ලෝ බයිට් එකත් නැගලා ගියා.

    සං සං සංවත්සරේට සං සං ගාලා සං සං සංගීතයක් දැම්මේ නැද්ද? සුබ පතුම්.

    උඹගේ කෙහෙල් කොටුවේ මොන වර්ගද තියෙන්නේ. මචං අපි ඔය රටේ ඉන්න කොට ගෝවා, කෝලිෆ්ලවර්. බන්ඩක්කා, වගේ දේවල් හැදුවා. රස්නේ වුනාට එලිමහනේ හැදුවේ.
    මමත් හෙන පෙරේතයි අල වර්ගවලට..අලයි මසුයි තමයි. හුලංකීරිය, ආටිශෝක් මම ආසම තම්බන අල. හිඟුරල,ඉන්නල,කිරි අල උයලා ,,කරෝලා තෙල් දාලා, පොල් සම්බෝල...සැමදා වාසනාවන්.
    මචං ඔය කන්කුන් හදන විදිහටම ඔහේ නිවිති හදන්න පුළුවන් ලොකුවට දඬු සහ කොළ අතින් කඩලා ගත්තාම. ඔයිස්ටර් සෝස් ටිකක්, උම්ඹලකඩ පොඩ්ඩක් දැම්මාම ගොඩේ ගොඩ. ලංකා නිවිති නම් එහෙම හදන්න බැහැ වතුර ගතිය වැඩි නිසා.

    මේ නාරාහේන්පිට වල කියන්නේ හෙල්ත් එකේ පොට් එකද පාළම ගාව. හැඬැල්ලෝ බයිට් එකත් නැගලා ගියා.

    සං සං සංවත්සරේට සං සං ගාලා සං සං සංගීතයක් දැම්මේ නැද්ද? සුබ පතුම්.

    උඹගේ කෙහෙල් කොටුවේ මොන වර්ගද තියෙන්නේ. මචං අපි ඔය රටේ ඉන්න කොට ගෝවා, කෝලිෆ්ලවර්. බන්ඩක්කා, වගේ දේවල් හැදුවා. රස්නේ වුනාට එලිමහනේ හැදුවේ.
    මමත් හෙන පෙරේතයි අල වර්ගවලට..අලයි මසුයි තමයි. හුලංකීරිය, ආටිශෝක් මම ආසම තම්බන අල. හිඟුරල,ඉන්නල,කිරි අල උයලා ,,කරෝලා තෙල් දාලා, පොල් සම්බෝල...සැමදා වාසනාවන්.
    මචං ඔය කන්කුන් හදන විදිහටම ඔහේ නිවිති හදන්න පුළුවන් ලොකුවට දඬු සහ කොළ අතින් කඩලා ගත්තාම. ඔයිස්ටර් සෝස් ටිකක්, උම්ඹලකඩ පොඩ්ඩක් දැම්මාම ගොඩේ ගොඩ. ලංකා නිවිති නම් එහෙම හදන්න බැහැ වතුර ගතිය වැඩි නිසා.

    මේ නාරාහේන්පිට වල කියන්නේ හෙල්ත් එකේ පොට් එකද පාළම ගාව. හැඬැල්ලෝ බයිට් එකත් නැගලා ගියා.

    මසුරන් පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. සොරි හැලපේ.....සං සං ගාලා එකම දේ තුන් හතර පාරක් වැටිලා. කොහොමද ඩිලීට් කරන්නේ.

      Delete
    2. ඔන්න ඔහේ තිබිච්චාවෙ, අරූ. . හෙටම යනවා , නිවිතියි, කන්කුන්, අල ගේන්න. පොල් ගෙඩියකුත් අරං , දෙඤ්ඤං රම්පෙට පොරි හැලෙන්න .

      ඩිලීට් කරන්නම ඕනෙ නං . මතක ඇතුව, ඉස්සෙල්ලම, ආයිත් ඕනෙ කොටස විතරක් පෝස්ට් කරන්න. එතකොට හැලපෙට , හරි ඔයාට හරි උඩ එක ඩිලීට් කලෑකි.

      හැලපෙගෙ සං සංවත්සරේට සුබ පැතුම්

      Delete
    3. මොන මඟුලක්ද අරූ මේ dietitian visit එකක් reserve කරගත්තා විතරයි හතරවෙනිදාට. මේ දවස් වල බොහොම හිතේ මාරුවෙන් උනත් හිත හදාගෙන ඉන්නේ proper diet එකක් කරලා බර අඩු කරනවා කියලා. ඉතින් ඔය අල වර්ග ටික දැකල ඒකට කොහොම හිත හදාගන්නද?
      ඔය කියපු අල වර්ග වලින් මම කාලා තියෙන්නේ සීමිත ප්‍රමාණයක් වෙන්න ඕනේ. ඒ වුනාට මගෙ ආසම කෑම.
      මෙහෙ තියෙනව topinambur කියල එකකුත්. ඒක හදන්නේ කොහොමද අරූ?

      Delete
    4. @රංගි.....මම ඔය කියන ටොපිනැම්බුර් කියන අල ජාතිය දන්නවා. ඒකට ඉංග්‍රීසියෙන් නම් කියන්නේ ජෙරුසලම් ආටිචෝක් කියලා. ඒක මම කියන ගමේ අයත් ආටිශෝක් කියපු ජාතිය නෙමේ. යුරෝපයේ තියෙනවා තවත් ආටිචෝක් වර්ගයක් ග්ලෝබ් ආටිචෝක් කියලා. ඒක පැලයක මලක්. ඒකත් කනවා. ඒක ෆ්‍රෙශ් ගෙනල්ලා සුද්ධ කරලා ඒකේ යටම කොටස හදන්නේ. ඒක වාත කෑමක්. හදන්න ගියාමත් එපාවෙනවා. ඇති මහ රසකුත් නැහැ. ටින් වල එනවා සුද්ධ කරලා. ඒක ටින් වල ලුනුවතුර වල බස්සලා තියෙන නිසා කොහොමත් රස නැහැ. හොලන්ඩේස් කියන සෝස් එකත් එක්ක රසයි. හොලන්ඩේස් හදන්න ටිකක් අමාරුයි දන්නේ නැති කෙනෙකුට. සෝස් එක රෙඩිමේඩ් නැහැ. ඒ ආටිචෝක් ගණන්. ප්‍රෙස්ටිජ් කෑමක් ලොකු ෆයින් ඩයිනින්ග් රෙස්ටොරන්ට් වල තියෙන. ඒක අතහරිමු.

      දැන් ජේරුසලම් ආටිචෝක්. මම දෙසැරයක් තුන් සැරයක් හදලා තියෙනවා. අපේ හිටපු ෆ්‍රෙන්ච් ෂෙෆෙක් තමයි ඉස්සෙල්ලාම හැදුවේ. ක්‍රම සහ විධි ගොඩාක් තියෙනවා. ඒ අලේ කැරට් පොතු ගහනව වගේ නොකර පිහියකින් යාන්තම් සූරා ගන්න. හීනි පෙති කපා, ගාර්ලික්,අනියන්,සෝල්ට් ,පෙපර් එක්ක ඔලිව් ඔයිල් එක්ක ස්ලෝ ෆයර් එකේ විනාඩි පහලොවක් විතර හෙමින් කුක්කර ගන්න. රසයි. අවශ්‍ය හර්බ්ස් එකතු කරන්න තමන් කැමති විදිහට. මම කැමතියි කන්න. හැබැයි ඕවා ඉඳලා හිටලා චේන්ජ් එකට කන්න පුළුවන් කෑම. මිලත් ටිකක් වැඩියි.

      මේ කිසිම කෑමක් කරිකාලන් මොඩ්ල් එකේ හදන්න එපා. අපි මස්, මාළු, එලවලු ඔය ඕනම දේක ඒ ඒ රසයන් විඳින්නේ වැරදියට. ඒ ආවේනික රසයට වඩා විඳින්නේ කරි පවුඩර් හෝ මිරිස් රස. ඒක වැරදියි.

      මගේ යාලුවෙක් ඉන්නවා හැම දෙකටම කරි පවුඩර්. ඒ නිසා අපි ඌට කිව්වේ කරිකාලන් කියලා. අපේ රටේ කරියක් වුනත් හදන්න පුළුවන් වරු ගනන් ලිප් වල මස් තම්බන්නේ නැතුව ශ්‍රීලංකන් ටේස්ට් එකට. හැම මසකම, මාළුවෙකුගෙම, එලවලුවකම ආවේනික රසයක් තියෙනවා. ඒක ඒ කෑම තුල රඳවා ගැනීම දක්ෂ කුක්කෙනෙකුගේ ඩියුටි එක. කුකින් එන්ජෝයි කරන්න. කුක් විත් ලව්..එතකොට හරිම රසයි. කුකින් කියන්නේ විද්‍යාවක් සහ කලාවක සම්මිශ්‍රනයක්. අපි කවුරුත් සෙට් වෙන දවසක මම උයන්නම්. හැබැයි වයින් ඕන. කෑමට දාන්න නෙමේ. උයන ගමන් මට බොන්න. දිග වැඩියි නේද?

      Delete
    5. අරූ මම ස්පයිස් නැතිවම කෑම කන කෙනෙක්. ඔය මම කන බොන විදියට අනිත් උන් හිනාවෙන්නේ කොහොම ලුණු මිරිස් නැතිව මම ඒවා කනවද කියලා. ජෙරුසලම් ආටිචෝක් හදන්නේ නැතිව සෑහෙන කාලයක් කන්න ආස වුනාට කනවා කියලා දන්නවා වුනාට චොර වෙයි කියලා බයේ ගේන්නේ නෑ.
      අරූගේ කතාවට මාත් පහක් දානවා. කෑම හදනවා කියන්නෙ පැසන් එකක් ආර්ට් එකක්. හොඳ භාවනාවක්. මම නම් මට පුළුවන් හැමවෙලාවකම කෑම හදන්න ට්‍රයි කරනවා. ඔය මගෙ යාළුවෝ හෙම මෙහේ ආවම එහෙම නැත්නම් මම ලංකාවට ගියාම මගේ යාළුවෝ උඩ ගිහින් බලන් ඉන්නවා.
      ආයිත් අහලා මගෙත් එක ටාගට් එකක් අරූ එක්ක සුපර් ටස්කන් එකකට සෙට් වෙලා ආගිය කතා අහා අහා හොඳ හැන්දෑවක් ගෙවන්න. මම හිතන්නේ අපි දෙන්නා කෑම ගැනයි බීම ගැනයි කතා කරලා ඉවර වෙනකොට වයින් බෝතල් හතරක් පහක් හිස්වෙලා තියෙයි. ඇයි එතකොට අරූගේ පන්සලේ කතා අහගන්නත් ඕනේ. මම කියන්නම් අරූලා මේ පැත්තට එන කාලෙක කියන්න. මාත් නිවාඩුවක් ඇරෙන්ජ් කරගන්නම්. (දිග වුනාට මොකෝ හැලපේ තුමාට අපි වයින් ග්ලාස් එකක් දීලා ඉමු කලින්ම)

      Delete
    6. විශාල දිග කමෙන්ටුවක් කියල බලපුවම එක හතරපාරක් වැටිලා,ගාණක් නෑ බං ඔන්න ඔහේ තිබුනාවෙ.
      උඹගෙ කමෙන්ටුවක තියෙන රෙසිපිස් ගැනයි උඹ ගැනයි මට විශාල ඉරිසියාවක් අවංකවම ඇතිවෙනව මචං මොකද මමත් ඔය සබ්ජෙක්ට් එකට පණ ඇරල ආදරේ කරන එකෙක් නිසා.වැරදි රස්සාවට ඇවිල්ලද කියලත් වෙලාවකට හිතෙනවා.කෑමක් අලුතෙන් අත්හදා බලද්දී හරිගියාම තියෙන තන්තොසේ කොච්චරද කියල නිකමට හිතල බලපංකො,ගෙදර ඉද්දි මගෙ වැඩෙත් අලුත් අලුත් රෙසිපිස් අත්හදා බැලීම තමා.උඹ ගැන මට හරිම සතුටුයි මචං.

      Delete
    7. @බස්සා,
      කාල එහෙම අපටත් ගුණ පණ කියන්නකො.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
    8. රංගි බොලා දෙන්න සෙට්වෙන වෙලාව මටත් කල් ඇතුව කිව්වොත් ට්‍රයි එකක් දෙන්න පුළුවන්.

      Delete
    9. හැලපේ, මම අරූගෙන් අහන්න ඉන්නේ වීක් එන්ඩ් එකකට මේ සමර් එකේ මේ පැත්තේ පවුලම එන්න පුළුවන්ද කියලා. අපි නම් ඉතින් සිංගල් බුවාලා නිසා ඕනේ වෙලාවක ෆ්‍රී වෙන්න පුළුවන්නේ. මටත් අරු ඉන්න පැත්තේ නම් වීක් එන්ඩ් එකකට වුනත් ගිහින් ආවහැකි මේ රටේ ඇතුලේ යනවටත් වඩා ටිකට් එක ගණන් අඩුයි.
      හැලපේ තුමා ඉන්න රට අපේ පැත්තට ඒ තරම් ළඟ නෑ නේද?

      Delete
    10. නරකද උඹල සෙට් එක ඩුබායි හරි බහරේන් හරි ආවනම්? වැඩි දෙනෙකුට එකතුවෙන්න පුලුවන් නියම හැන්දෑවක් සෙට් කරමුද?? "ඉන්ටර්නැෂනල් බ්ලොග් ගෙට් එකක්!!!"

      Delete
    11. ඉන්දික මට නම් පුළුවන්. මට මාස දෙකක් තුනක් කාලයක් කලින් ඕගනයිස් කරගන්න පුළුවන් නම් ඒ වගෙ තැනකට එන එක ලේසියි. ඒත් මේක බ්ලොගර් හමුවකටත් වඩා වෙන්න ඕනේ සැබෑ මිනිසුන් හමුවීමක්. මගේ ලිස්ට් එකක් ඉන්නවා මැරෙන්න කලින් හමුවෙන්න හිතාගෙන ඉන්න. (මෙවෙලේ අරූ තමයි ලිස්ට් එකේ උඩම ඉන්නේ. )
      ඔය බ්ලොගර් හමුව ගැන අපි කතාවුනා මම හිතන්නේ කොහෙද බ්ලොග් එකක. රවියාගෙ බ්ලොග් එකේ වෙන්න ඕනේ.

      Delete
    12. ඩුබායි නං නියමයි මට පයින් හරි එතැකි,රංගිටයි අරූටයි ඩිරෙක්ට් ෆ්ලයිට් තියේවි.එහෙම නං රවිත් ලෑස්ති කරගමු.

      Delete
    13. ඒක තමයි කියන්නෙ. අමතරව ඉන්විටේෂන් යවතෑකි අර ගල් බුරාටයි, කම්මැලි බින්දියයි බනියො ටිකටයි එක්ක එන්න කියල පුලුවන්නම්. ඔහෙ ලඟම ඉන්නව දුමියගෙ සන්ගීත පවුලයි, තිස්සයි, ඔය ඉන්නෙ නියම සෙට් එකක්. මේ ඊද් වලට බලමුද?

      Delete
    14. මචංස්ලා....... Stansted එයාර්පෝට් එකෙන් බැස්සාම විනාඩි 10යි අපේ කුඩා ගේ ගාවට.

      Delete
    15. ඊද් කිව්වේ?

      Delete
    16. අරූ, මම නම් ඊස්ටර් සන්ඩේ දිහාවට ඔය පැත්තේ එන්න අදහසක් තියෙනවා. සමහරවිට මැයි මාසේ දෙවෙනි සතියෙත් හැකියාවක් තියෙනවා. මගේ ලන්ඩන් ඉන්න යාළුවෙක් බලන්න යායුතුමයි. ඒ අස්සේ තවත් කුකුලෙක් අල්ලගන්න එක අමාරු දෙයක් වෙන එකක් නෑ.

      Delete
    17. @ Rangi......WELCOME!!!!! Send me an email.

      Delete
    18. ඔහොම කට්ටිය සෙට් වෙමු කියල එක පාරක් පොඩි අයිඩියානන්ද එකක් නම් ආව තමයි. හැබැයි ඒ කතා උනේ අපේ ගෙදර..අවුලක් නෑ.කොහෙ උනහම මොකද? බලමු මොනව හරි කරන්ට..:) :) මචං හෙට නේද සංවත්සරේ?...උඹල දෙන්න අපිට වඩා අවුරුද්දක් කලින්....Happy Aniversary Helapa :)

      Delete
    19. ඔව් මචං ඉන්දිකත් අල්ලාගෙන මොනව හරි කරන්න බලමු,හොඳ අයිඩියා එක.
      සුබ පැතුමට ස්තූතියි රවී.

      Delete
  46. ඕවා ඔහොම තමා හැලපේ.. ඔය දැන් පොටෑටෝ චිප්ස් කන පරපුර ඉන්නවානේ.. තව අවුරුදු විස්සක් ගිහිල්ලා ඒ ගොල්ලෝඅ කියන්නේ මෙහෙමයි.

    "ෂාහ් ඒ දවස් වල අපි කාපු කෑම ජාති, පොටෑටෝ චිප්ස්, ෆ්‍රයිඩ් චිකන් අරවද , මේවද.. හප්පා එහෙමත් කාලයක්.. දැන් මොනාද මේ තියෙන්නේ.. ඒ දව්ස් වල අපි කාපු ඒවයේ රස කොහොමද ? අනේ අම්මපා ඒකට දැන් ඉන්න ළමයින්ට හරියට කන්න කෑමක්වත් නෑනේ" කියලා..

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත සෙන්නෝ,ඔවුන් එහෙමම කියයි. ජෙනරේසන් ගැප් නොවැ.

      Delete
  47. සුබ විවාහ සංවත්සරයක් වේවා !!! හැමදේම මාර්තු වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි සෙන්නා,ඔව් ඔව් හැමදේම මාර්තු.

      Delete
  48. හරිම රසවත් විස්තරය හැලපයියේ! මුලින්ම ඔබ දෙපලට සුභම සුභ විවාහ සංවත්සරයකට ආසිරි පතනවා.
    ඉතිං අල ගැන කියනවානම් මමත් අල වර්ග , ධාන්‍ය වර්ග හා කොස් දෙල් වැනි කෑම වලට හරිම ආස පුද්ගලයෙක්. එංගලන්තයේ හිටියත් අපි මඤ්ඤොක්කා බතල එහෙම වරද්දන්නේ නෑ. සති අන්තවලට මුං කඩල හා කව්පි වගේ දේත් තම්බලා කනවා. දරැවොත් ආසයි. අපි කොහේ
    හිටියත් අපි අපිමනේ නේද?
    ඒ වගේම ලංකාවේ ඉද්දී මම ඉන්නල උයලා කන්න හරිම ආසයි. අම්මා පොළෙන් ඉන්නල ගෙනල්ලා හදන ඉන්නල හොද්දේ රස මේ දැනුත් දිවට දැනෙනවා වගේ.
    ඒක නෙමේ හැලපයියලා යුරෝපයේ වගේ ඉන්නේ. ලන්ඩන් පැත්තේ කවදද එන්නේ? මට දන්වන්නම ඕනේ. උඹට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන අපි කොහෙ හිටියත් අපිමනෙ,ඉන්නල හෙවත් රටල මමත් බොහොම ආසාකරන කෑමක්.
      අපි යුරෝපේ හිටිය දැන් නං ඉන්නෙ මැද පෙරදිගයි.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  49. ඔය වගේ ගලවපු ගමන් අර්තාපල් තම්බගෙන කෑවෙ නුවර එළි ගමනකදි අපි නවාතැන් ගත්ත තැනකින් හොරෙන් ගලවලා..හප්පේ තිබුන රසයක්....අපේ පැති වලට මේවා එන්නෙ ඉතිං සති දෙක තුන පාරෙ රස්තියාදු වෙලා නොවැ

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් මම අහළ තිබ්බෙ මයියොක්ක හොරට ගලවනව විතරයි දැන් අර්තාපලුත් හොරාට ගලෝලනෙ.

      Delete
  50. ඔන්නා අද දවස තාම 31 නේද. ඉතින් හැලප යුවලට වාසනාවන්ත ඉසුරුබර ඇනිවසරියක් වේවා !!
    අද එන්න හිතාගෙන ආපහු ගියාට මම මේ පොස්ට් එක ටික ටික රහ වින්දා. මේ දවස්වල තිබ්බ අවිවේකී හිතට සහනයක් උනා ඒ රස.

    ReplyDelete
    Replies
    1. ඔබේ රස විඳීමම මට මහත් සතුටක් තිලකේ,අවිවේකී මනසට සහනයක් ගෙනදීම මොනතරම් සත් ක්‍රියාවක්ද.
      සුබ පැතුමට බොහොමත්ම ස්තූතියි.

      Delete
  51. ඔන්න මමත් අන්තිමේට හරි ආවා සුභ පතන්න... එහෙනම් අක්කට සුභ විවාහ සංවත්සරයක් ඈ.....:)
    // පැටියො කිව්වෙ මට, බිරිඳ මාවත් ඇදගෙන ශීග්‍රගාමී දුම්රියක වේගෙන් එතනින් ගියා..// මට මැවිලා පේනවා.. :)
    ලස්සන photo ටික හැලපේ... :) ආ.. කතාවත් ලස්සනයි..:)

    ReplyDelete
    Replies
    1. වර්ණනාවටත් සුබ පැතුමටත් බොහොම ස්තූතියි සඳා.

      Delete

ඔබේ අදහස්