Sunday, January 14, 2018

ස්වප්නාගේ දානය, හොරෙන් කන පළතුරු, ජීප්ගේ භීෂණය, හැංගිමුත්තන් සහ ප්‍රියානිගේ කහබත.


අපේ ගමේ කොල්ලන් සමග රස්තියාදු වෙමින් ජීවිතය සැහැල්ලුවෙන් ගතකළ හැටි ගැන මා මීට පෙර ලියු පෝස්ටුවක සඳහන් කළෙමි.    ඔහොම කාලය ගතවෙමින් යද්දී අපට පෙනී ගිය කාරණයක් වුණේ අපට වඩා වයසින් වැඩි කොල්ලන් කීප දෙනෙක්ම අඩු වැඩි වශයෙන් කොටු පනින්නට පටන්ගෙන ඇති බවයි.     මහ රෑ දෙගොඩහරියක් වෙනතුරු නිදිමරමින් කොටු පැනීම කරන උන් පහුවදා තමන් කොටු පැන්න ආකාරය අපත් සමග රස කරමින් විස්තර කරද්දී අපි ඒ විස්තර අසා සිටියේ කටත් ඇරගෙනය.  කොච්චර ආසාව තිබුණත් කොටුවක් පනින්නට අවශ්‍ය ධෛර්යය ඇති කරගන්නට අපට ඒ වන තෙක් හැකිවුණේ නැත.   කොටු කාරයන් අපිත් එක්ක කිව්වේ උන් කොටු පනින්නේ අනාගතයට අවශ්‍ය අත්දැකීම් ලබාගන්නට මිසක  කිසිසේත්ම වල්කමකට නම් නොවන වගයි.    හොරෙන් කන පළතුරු වඩා රසයි කියා දැනෙමින් තිබුණු මේ කාලයේ කොල්ලන් ගේ කොටු පැනිල්ලේ දී සිදුවන රසබර කතා අපට හොඳ බයිට් වූ බව නම් මතකය. 

අක්කා කෙල්ල මගෙත් එක්ක ඇතිකරගෙන තිබුණු ඇයි හොඳයිය ටිකක් දිගදුර ගොස් තිබුණේ මේ කාලයේදීමය.     අපේ ඔෆිස් එකේ දී මමත් අක්කා කෙල්ලත්, ඇගේ සපෝටර් වූ දීපිකාත්, අබේත් යන අපි  හතරදෙනා කෑවෙ බීවේද, ගමන් ගියේද, කතාකරමින් සිටියේද ,රණ්ඩු වුනේද එකටමය.    අක්කා කෙල්ලට අබේ නමක් දැම්මේ ඒ දවස්වලය.    පොඩ්ඩ බැරිවෙන කොට තද වෙන චරිතයක් වන අක්කා කෙල්ලට අබේ මුලින්ම ගිණිපුක් යනුවෙන් නම් තබා එය ජී. පී යනුවෙන් කෙටිකළේය.   ජී.පී යන්න තවදුරටත් ස්මාර්ට් කළ අපි ජීප් කියා නම හදාගත් අතර ජීප් කියන නමට අක්කා කෙල්ලගේද විරුද්ධත්වයක් නැති නිසා ඒ නම රෙජිස්ටර් කර ගත්තෙමු.     දකුණේ උපන් කෙනෙක් වූ ජීප් රස්සාවට යන්නට පදිංචි වී සිටියේ කිරුළපොනේ ඇයගේ ඥාති සහෝදරියෙකුගේ ගෙදරය.   දීපිකා නුගේගොඩ තම නිවසේ සිට රැකියාවට ආ අතර අබේ ආවේ ගම්පහ සිටය.     ඒ වනවිටත් බඳින වයස පහුවී සිටි ජීප් ට උවමනා වුණේ හැකි ඉක්මනින් කාව හෝ බැඳගෙන පිළිවෙලක් වෙන්නටය.    අබේට ඒ වෙනකොටත් බඳින්නට කෙල්ලක් සිටි අතර ඊළඟ අවුරුද්දේ උගේ මංගල්‍යය ට දින තීරණය වී තිබිණි.   වයස අවුරුදු විසි ගණන් වල මුල හරියේ සිටි දීපිකා ඉතා සැහැල්ලු ගති පැවතුම් ඇති විනෝදකාමී යුවතියක් වූ අතර ඇයටද ඒ වනවිට කොල්ලෙක් හිටියත් චිවාහය ගැන තීරණයක් තිබුණේ නැත.    ජීප් මොන තරම් කිව්වත්, ඇඬුවත්,තර්ජනය කළත් ඒ කාලයේ බඳින්නට මම හීනෙකින් වත් හිතා තිබුණේ නැත.    මට උවමනා වුයේ තාරුණ්‍යය විඳින්නට හා වැඩිදුර ඉගෙන ගන්නටය.

අපේ කල්ලියේම නොවුණත් කාර්යාලයේ අපි කරන හැම කුප්ප වැඩකටම උදව් කරන තවත් චරිතයක් වුයේ ප්‍රියානි ය.    මගේ වයසේම වූ ඇය ඒ වනවිටත් විවාහවී දරු දෙදෙනෙකුගේ මවක් වූ නිසාවෙන් කරපිට පැටවී තිබු ගෙදර රාජකාරි නිසා  නිතරම අපිත් එක්ක ඉන්නට නොලැබුණත් ඇයත් විනෝදයට බෙහෙවින් කැමති එකියකි.   ඇය විවාහවී සිටියේ අපි යන්නට කළින් අපේ කාර්යාලයේ සිටි කෙනෙක් එක්කය.   දරු දෙන්නෙක්ද ලැබුණු පසු දෙදෙනා අතර අඬදබර ඇතිවී ලොකු පවුල් ආරාවුලක් නිර්මාණය විය.  අන්තිමට වුණේ දෙන්නා දෙතැනක ජීවත් වන්නට පටන් ගැනීමයි.   වැඩිමල් පුතා සමග මනුස්සයා ඔහුගේ මෝදර මහගෙදර පදිංචි වුන අතර ප්‍රියානි බාල දුවත් එක්ක ජීවත් වුණේ ඔවුන් මිළදී ගෙන තිබු රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ නිවසකය.  කොළඹම වෙනත් කාර්යාලයක වැඩකළ ප්‍රියානිගේ මනුස්සයා සතියකට දෙතුන් දවසක් බීමත්ව අපේ ඔෆිස් එකට ඇවිත් ප්‍රියානිත් එක්ක රණ්ඩු ඇල්ලීම සාමාන්‍ය දෙයක් විය.   ප්‍රියානි හඬා වැළපෙමින් දුක බෙදා ගන්නේ අපිත් එක්කය. 

ප්‍රියානිගේ දුක් ගැනවිලි අසා ඇයගේ හිත හැදෙන්නට කතා කරන එක ජීප්ට රිස්සුවේ නැත.   'එක එක ගෑණුන්නෙ කඳුළු පිහින්න යන් නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්න' යි කියා දවසක් ඇය මට අවවාද කළාය.   දීපිකා මහ හයියෙන් හිනාවෙමින් මගෙත් එක්ක කතාකිරීම ගැනද ඇය දීපිකාට දොස් කීවාය.    ජීප්ගේ සපෝටර් වූ දීපිකා මගෙත් එක්ක පළහිලව්වක් ඇතිකර ගත්තේ ඔය අව්අස්සේය.    ඒ ඉතා ස්වභාවිකව අහිංසකව ඇතිවූ පළහිලව්වක් විනා අපේ නැහැදිච්ච කමටවත් වල්කමකටවත් ඇතිකරගත් පළහිලව්වක් නොවන බව මට කටපුරා කිවහැකිය.   මේ ගැන ජීප් දැනගත්තොත් එහෙම ඇතිවෙන තත්වය අති භයානක නිසා අපි දෙන්නා පළහිලව්ව කරගෙන ගියේ බොහෝ ප්‍රවේශමෙනි.   කාර්යාලයේ රාජකාරි අහවර වීමෙන් පසු ජීප් කෙළින්ම ගෙදර යන අතර ගෙදර යන්නට එහෙමකට හදිස්සියක් නොවූ දීපිකාත් මමත් ඇස්වාට්ටුවේත් බොරැල්ලේත් රස්තියාදුවක් ගසා විසිරී යන්නේ කළුවර වැටෙන වෙලාවටය.    අපේ හැසිරීම් වල මඳ වෙනසක් ඉවකළ අබේට නම් අපි  ගැන තරමක සැකයක් ඇතිවී තිබුණත් ඌ ඒ ගැන මොකුත් සඳහනක් නොකළ නිසා අපි දෙන්නා වැඩි  තැකීමක් කළේද නැත.     

එහෙත් බෝම්බය පුපුරා ගියේ අප දෙදෙනා නොසිතු මොහොතකය.    එක් සති අන්තයක සවස දීපිකාත් මමත් නුගේගොඩ කුවින්ලන් එකෙන් එළියට බැස පාරට ආවා විතරය.    ඉස්සරහට එන්නේ ජීප්ය.    ඇය ඉතා හොඳින් අපි දෙන්නාව දුටු නිසා මගඇර යන්නටත් බැරිය.   පොළොව පළාගෙන ගිහිං හැංගෙන්න හිතෙන්නේ මේ වෙලාවටය.    දීපිකා මගේ මුහුණ බැලුවාය.    මම දීපිකාගේ මුහුණ බැලුවෙමි.   අවස්ථාවේ ඇති භීෂණය අමතකවූ අප දෙදෙනාට බකස් ගා සිනාගියේ එක්වරමය.    අපි දෙන්නා සිනාසෙනු දුටු ජීප්ට තවත් තදවෙන්නට ඇත.    කොටුවී ඇත්තේ සිනමාහල ඉදිරිපිටදීම බැවින් නිදහසට කරුණු කිසිවක් නැත.   ඒත් අප බලාපොරොත්තු වූ පරිදි ජීප් පාරේ ගෝරි දාගන්නට ගියේ නැත.    'ලැජ්ජ නැතුව පාරෙ මඟුල් නටනවා එනවා යන්නැ'යි කුටු කුටු හඬින් කියූ ජීප් දීපිකාද ඇදගෙන යන්නට ගියාය.   පාරේ ගිය බස් එකක එල්ලුනු මමද ගෙදර ගියෙමි.    පහුවදා කාර්යාලයේදී හමුවූ ජීප් 'කෙල්ලන්ව රවට්ටගෙන රස්තියාදු ගහනවා' ය කියා මට තරමක දෝස්මුරයක් දැමු අතර 'කොල්ලො රවට්ටගෙන නාඩගම් නටනවා'යි වරුවක් විතර කණ පිරෙන්නටම  ඇයට බැන වැදුණු බව දීපිකා මගෙත් එක්ක කිව්වේ සිනාසෙමිනි.    දැන්නම් ජීප් අපි දෙන්නා ගැන බොහොම පරීක්ෂාවෙන් සොයාබලන නිසා කරන දෙයක් ප්‍රවේශමෙන් කලයුතු යැයි දීපිකා වැඩිදුරටත් කීවාය.    නුගේගොඩ රස්තියාදු වීම අත්හැර දැමු අපි ඊළඟ සති අන්තයේ රාජගිරියේ ඉම්පාලා එකට ගියේ ජීප් ඒ පැත්ත පළාතේ වත් නොඑන බව දීපිකා සහතික කර කියපු නිසාය.    ජීප් එක්ක හැංගිමුත්තං කරමින් ගතකළ ඒ කාලය අපට ඉතා රසවත් විය.

මා වැලිසර අතහැර කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුවක් ලබාගැනීමේ මුඛ්‍ය පරමාර්ථය වුණේ වැඩිදුර ඉගෙනගැනීම වුවත් ලලනෝපචාරය නිසා ඉගෙනගැනීම හැරෙන්නට අනික් හැමදේම කරමින් සිටියා මිසක අදාළ දේ සිදු නොවූ බව තේරුම් යනවිට ටික කාලයක් ගතවී තිබුණි.    ඒ නිසා මම හැකි ඉක්මනින් ආපු කාරිය කරගන්නට උනන්දු වූ හෙයින් ඊළඟට පටන් ගත්තේ ඉගෙනගන්නටය.    එහිදී මගේ හොඳම සගයා වුයේ දේශාය. ( මම දේශාය කියා ලියද්දී බ්ලොග් එක කියවන බොහෝ පාඨකයින් දේශා කියන්නේ බ්ලොග් (නො)ලියන දේශකයා කියා වරදවා වටහාගැනීමේ ප්‍රවණතාවක් ඇති බව මම මීට ඉහතදී ලියු බ්ලොග් සටහන් කීපයකදී පෙනී ගොස් ඇත.   මේ මා කියන දේශා දේශකයා නොව වෙනත් කෙනෙක් බවත් දේශකයා මෙතෙක් කාලයකට මගේ දෑහැටවත් දැක නොමැති බවත් සහතික කර කියන්නට කැමැත්තෙමි) දේශා ද මා මෙන් කලාවට බොහෝ කැමැත්තක් දැක්වූ කලාබරයෙකු බැවින් අපි දෙන්නා ඉතා ඉක්මනින් හිතවත් වූයෙමු.     

කොළඹ පෙන්වන නාට්‍ය දර්ශන හා චිත්‍රපට බලන්නට අපි දෙන්නා ගියේ එකටය.    නාට්‍ය හෝ චිත්‍රපට නොබලන දිනවල අපි බම්බලපිටියේ අවන්හලකට ගොස් බියර් බොමින් නාට්‍ය හා චිත්‍රපට ගැන සාකච්ඡා කළෙමු.     කලා ක්ෂේත්‍රය ගැන උනන්දුවක් තිබේනම් ක්ෂේත්‍රය ගැන මුලික දැනුමක් වත් තිබිය යුතු යැයි කී දේශා ඕ.සී. අයි. සී එකෙන් පවත්වනු ලබන ටෙලි නාට්‍ය හා සිනමා පාඨමාලාව හදාරන්නට මා උනන්දු කළේය.    දේශා ඊට අවුරුදු කීපයකට පෙර පාඨමාලාව නිමකර තිබු අතර එහිදී ඔහුගේ සමකාලීනයන් වී ඇත්තේ බෙනට් සහ රුවන්ය.    මගේ වැඩ කටයුතු ගැන ජීප්ගේ කිසිම පැහැදීමක් නොතිබුණත් ඇය ඒවාට අකුල් හෙලුවේ නැත.   ඕ.සී.අයි. සී කෝස් එකේ පංති තියෙන්නේ සති අන්තයේය.   සති අන්තයේ ඕවටයිම් කරන්නට ජීප්ද දීපිකාද කාර්යාලයට එති.   සමහරක් දිනවල පංති ඇරෙන වෙලාවට දීපිකා කොටුවට ඇවිත් මම එනතුරු බලා සිටියි.    විටෙක ජීප් මා හමුවන්නට එන්නේ දීපිකාද එක්කගෙනය.

ප්‍රියානිට තදබල මුත්‍රා අමාරුවක් සැදී මහ රෝහලට ඇතුල් කළේ ඔය දවස්වලය.   ඊට පහුවදා උදේ මම ප්‍රියානි බලන්නට ගියෙමි.    සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩකළ අපට ඕනෑම වෙලාවක රෝහලට යන්නට හැකියාව ඇති නිසා මම ගියේ උදේ නවයට විතරය.    ඒ වෙනකොටත් ප්‍රියානි උදේ ආහාර ගෙන නොතිබුණ නිසා    මම ප්‍රියානිට උදේට කෑමද තේ ද ගිහින් දුන්නෙමි.   ප්‍රියානි බලන්නට එන කෙනෙකුට ඉන්නේ ඇගේ මහත්තයා උනත් ගෝරි දාගෙන ඉන්න නිසා බලන්නට නොඑන බව ප්‍රියානි කීවාය.   කොහොමත් බීගෙන ලෙඩ බලන්නට එනවාට වඩා නෑවිත් ඉන්න එක දාහෙන් සම්පතයි කියා ඇය කීවේ සිනාසෙමිනි.    සතියක් පමණ රෝහලේ නැවතී සිටි ප්‍රියානිගේ උදේ ආහාර වේල මම හැමදාම ගෙනගියෙමි.    නැවතත් කාර්යාලයට එන්නට පටන්ගත් ප්‍රියානි ඇයට කළ උදව් ගැන මට බොහෝසේ ස්තුතී කළාය.   ඊට පසු දවල් කෑමට ප්‍රියානි අපත් සමග එකතුවූ අතර සමහර දිනවලට ඇය කහබත් හදාගෙන එයි.   උදේට තියෙන වැඩ අස්සේ කහබත් හදන්නේ කොහොමද කියා කෙනෙක් ඇසුවිට 'බත් එකට කහ ටිකකුත් ලුණු ටිකකුත් දාන එක වැඩක්දැ'යි ඇය ගත්කටටම කීවාය.   එක් සති අන්තයක අපි දෙතුන් දෙනාම එකතුවී රද්දොළුගම ප්‍රියානිලාගේ ගෙදර දවල් කෑමකට ගියෙමු෴

72 comments:

  1. බවලත් ලෝකයක්.. දෙතුන් පාරක් ආයේ ආයේ උඩට ගියා නම් පැටලුම් ඇරගන්න😄

    ReplyDelete
    Replies
    1. මහත්තයා සමලිංගිකද?

      Delete
    2. සම නැති ලිංගෙකින් ඇති වැඩක් නෑ ඇනෝ මහත්තයා

      Delete
    3. පැටලුම් ඇරගත්තද?

      Delete
  2. අඩේ හැලපේ අයියේ.. මං අර දවසක් කිව්වා වගේ අපේ මේ වගේ සිද්ධි ලියන්න වෙන්නේ තව අවුරුදු විස්සකින් විතර තමා. නැත්නම් සදා සොත්ති!

    ReplyDelete
    Replies
    1. තමුසෙට නං ලියන්න වෙන්නේ කකාට වගේ කොලු කතා තමයි

      Delete
    2. ඒ සබ්ජෙක්ට් ඒකට නෑ බ්‍රදර්.. :P

      Delete
    3. අමතක වෙනවට ලියලා තියාගනින්.

      Delete
  3. අම්මපා... තරුණ කාලෙ හැලපයියගේ මනමාලකම් ඉහවහා ගිය පොරක් නොවැ, පැණි හලනවා කියල මෙහෙමත් පැණි හැලිල්ලක් :-D

    මේ වෙනකම් රැවුලයි කඳයි දෙකම බේරගෙන යහතින් ඉන්නෙකම මදැයි !

    ReplyDelete
    Replies
    1. රාළහාමි ලොවි කැඳ කාලා නැද්ද?

      Delete
    2. අනේ නෑ බං මගෙ අහිංසක කම හොඳටම පේනව නේද?

      Delete
    3. අප්පා ... හැලපෙ වයසට ගියා කියලා මොනවයින් අඩුවක්ද

      Delete
  4. තව කී තැනකින් කෑවෙහිද?

    ReplyDelete
    Replies
    1. පුංචි මහතැන්ට ලොලිපොප් එකක් දෙන්නද ලොවන්න, ලොලිපොප් එකක්?

      Delete
    2. පසුකාලීනව තව කීප පොළකින් කා ඇත.

      Delete
  5. හෙක්.. කන්තෝරුවෙ ඉන්න කෙල්ලො ටික ඔක්කොම දපනෙ දාගෙන වගේ මේ මනුස්සය.

    දැං ප්‍රියානිගෙ ගෙදරත් ගිහිල්ල කොස් කන්නද යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔහේද මේ ප්‍රොපයිල් පොටෝ එකේ ඉන්නේ? සමනලයෙක් වගේ.

      Delete
    2. ඔවු අනේ. නෝටි සමනලයෙක්.

      Delete
    3. ප්‍රියානිලගේ ගෙදර ගිහිං කාපු හැටි ඊළඟට.

      Delete
  6. දේශකයා.. අනේ ඌ දන්න කලාව.

    ReplyDelete
    Replies
    1. එතුමා තම්බිගේ ශුප් එක ලොවන්න දන්නේ

      Delete
    2. බාගෙට නේද කියෙව්වේ.

      Delete
  7. රස්පුටීන් මම වෙමි, මේ වනයට අධිපති
    රස්පුටීන් මම වෙමි, මේ වනයට අධිපති

    පද්මනාදන් කෙන්ජි
    බිස්මිලු කෙන්ජි

    පද්මනාදන් පුසී. පුසී රයිට් සංගීත කණ්ඩායමේ අධීක්ෂණ ජෙනරාල්. අධ්‍යක්‍ෂකතුමා මේ ඉන්නේ.

    දිවංගත බණ්ඩාරනායක. දිවංගත. රාළහාමි හාඩ්වෙයාර්. රාළහාමි හාජියාර්. කවුද බල්ලා එලියට දැම්මේ? කවුද රසික සූරියආරච්චි එලියට දැම්මේ? රසික සූරියආරච්චිගේ යටි බඩ.

    කෆු ෆුලුන් කෑල්ලක් ෆුකේ ගහගමු කිව්වලු. වෙන්නපුවේ අර්නි අයියා ගේ මිනිස්සු. කක්කි කකා අපේ කකා, බඩ පුම්බලා පඩ ඇරියා.

    හැලපෙගේ චූ පැට්ටාට ඉරුටු කුරක් අරං දෙකක් දෙන්න ඕනි. පී ජයසිංහ-අගලවත්ත. අපගේ නීත්‍යානුකූල යට ජංගිය. හැලපගේ යට ජංගිය කෝ? රාළහාමි විභාගේ පේල්.

    කුසුම්සිරි ට්‍රාන්ස්පෝර්ට් සර්විස්-අගුණුකොළපැලැස්ස. සව්දි අරාබියාවේ ප්‍රධාන සංගනායක ධුරන්ධර රියාද් නුවර වාසි අක්කරේපත්තුවේ චන්ද්‍රජෝති මහානායක ආදීපාද ස්ථිවර. තට්ට කකා. තට්ට කාක්කා, තට්ට කක්කා.

    කේජි කෑල්ලක් එහෙම ඇදලා සැපේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. තමුසේ නියම කේජි කෑල්ලක් නොවැ ඇදලා තියෙන්නේ ඇනෝ. සුපිරි බඩු වගේ..

      Delete
    2. කේ ජී කෑල්ලක් ඇදල කියල හොඳටම පේනව බං.

      Delete
  8. හැලපියයියේ මගෙ යාළුවෙක් ලියුව මෙහෙම
    චිත්‍රපටයේ ආරම්භය මා නොදනි
    අවසානය ඇ නොදනි
    කියලා.
    හැලපයාටද එසේ වන්නට ඇතැයි සිතමි.
    සයිස් 2Aද නැත්නම් 2B ද . නැ මං නිකමට ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. තමුසේ කලින් දැකලා නෑ මේ පැත්තේ.

      Delete
    2. නින්ද ගියා . අද ඇහැරුනේ. කමක් නැහැනේ?

      Delete
    3. කොහොමත් වෙන්නෙ ඒ විදියට තමයි. අවසානය දන්නෙ මා පමණි.

      Delete
  9. හැලප අය්යාගේ කතා රසවත් !

    ReplyDelete
    Replies
    1. ඔහේ නේද එළකිරියේ පොඩි කොල්ලොන්ට නයි අරින්නේ? තමුසේ අපේ රංගගේ(අසේල) බ්ලොග් එකේ නම දාගෙන බ්ලොග් ලියන්නේ ඇයි? වෙන නමක් දාගන්නවා. ඔහෙට අසේල වෙන්න බෑ. දත් ටික මැද ගනින් කටේ ගඳ එනවා.

      GTRZ(රංග තේනුවර, එළකිරි ඇඩ්මින්)

      Delete
    2. මම අරින නයෙක් නෑ Anonymous. බොරු කියන කියන පුරුද්දක් මට නැහැ . Anonymous ඔය කියන රංග(අසේල) කියල කෙනෙක් ගැන මම දන්නේ නෑ . මට කවුරුවත් වෙන්න උවමණා නෑ . මම මම ම තමයි .

      කතා කරන්න ඉගෙන ගත්තොත් හොදයි . ඔහේ එළකිරි ඇඩ්මින් නම් වෙන්න බෑ . හැබැයි වෙන්න හදනවද දන්නේ නෑ . ඔය ළමා ගතිය නිසා වෙන මුකුත් මෙතන කියන්නේ නෑ

      Delete
    3. 'කතා කරන්න ඉගෙන ගත්තොත් හොදයි '

      ඇයි සර්ගේ පුක සුදුද?

      (පුක යනු කුණුහරුපයක් නොවේ,ප්‍රවීන බ්ලොක් ලේකක තැන්පත් දිවංගත කකා)

      Delete
    4. Kalana ඔබ කිසියම් හෝ කරුණකින් මානසිකව පීඩා විඳින්නෙක්ද? නොමිලේ උපදෙස් සඳහා... අමතන්න 1333.

      Delete
    5. ස්තුතියි කලණ!!

      Delete
  10. මරු ආතල් කාලයක්.. හැලපෙ දිගට ලියන එක සතුටක්

    ReplyDelete
    Replies
    1. පුංචි මහත්තයා දියතලාවේ හෙන ගොඩේ පැත්තක නේද ඉන්නේ? ඉන්ටර්නෙට්(අන්තර්ජාලයට) සම්බන්ධ වෙන්නේ කොහොමද?

      Delete
    2. ජීවිතේ සතුටින්ම ගෙවුණු කාලෙ. දැන් දිගටම ලියවේවි.

      Delete
  11. අපරාදෙ නාාස්ති ⁣විය හැලපයාගෙ තරුන මදය... හැක්. මාත් උපන්තේකට හැලප දැක නැත. රෙඩ් වයින් නං දැක ඇත

    ReplyDelete
    Replies
    1. තම්බිගේ ශුප් එක ලොවන්න ගියේ නැතෙයි?

      Delete
    2. දැං කඩේ වහල බං. එක දවසකුත් කිව්වා.. හැක්

      Delete
    3. රෙඩ් වයින් නම් තව තිබේ.

      Delete
  12. අනුකම්පා භූමිකම්පා වෙලා සුනාමී උනත් එන්න ඉඩ තියෙනවා

    හැබයි රික්ටර් පරිමාවේ අගය අනුව...

    ReplyDelete
    Replies
    1. අයිසේ මාතලන්, තමුසේ අසභ්‍ය චිත්‍රපටි බලනවද?

      Delete
    2. සහතික ඇත්ත මාතේ. සුනාමි කීපයකට හසුවී දිවි ගලවා ගත්තෙමි. ඔබටත් ඒ ගැන අත්දැකීම් තිබීම ගැන සතුටුය.

      Delete
  13. Replies
    1. මහත්තයා දවසට කී සැරයක් මළපහ කරනවද?

      Delete
    2. :-)))))

      කොහෙද කියල ඇහුවොත් තව මොනවා කියයිද?

      Delete
    3. කට වහගෙන වැට ගහන්නෙ ඒකනෙ.

      Delete
  14. හැලපතුමා සෑහෙන ලියලා නෙව අලුත් අවුරුද්දට...
    මම මේ අන්නාසි කතාවක් කීවම දුවන් ආවා. කලින් පෝස්ට් එකත් කියෙව්වා. අර ශෙපෑකිට නම් වෙඩි තියන්න ඕනේ මේ අපි වගේ අහිංසක ළමයිත් ඔය මාළු වලවල් අරව මේවා පෙන්නලා ඉවසීමේ සීමාව බිංදුවෙනුත් එහාට ගෙනියනවට.
    එහෙනම් සුබ අලුත් අවුරුද්දක් හැලපේ...

    ReplyDelete
    Replies
    1. බූරු බබා කොටු පැනලා නැද්ද?

      Delete
    2. අපි අන්නාසි කෑවා. මාළු වලවල් ඉස්සා.රංගි ආවෙ නැති දවස්වල ගොඩක් දේවල් උනානෙ. රංගිටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  15. මෙහෙමත් ගෑණු හැලපෙව රවට්ටගෙන නේද ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් ගෑණු හැලපෙව රවට්ටගෙන නේද ?

      Delete
    2. මෙහෙමත් ගෑණු හැලපෙව රවට්ටගෙන නේද ?

      Delete
    3. තමුසේ ඒ කාලේ අර ටවුමේ ගාමිණී හෝටලයේ තේ ගහපු මත්තයියා වගේ පොඩි කොල්ලෝ රවට්ටන් ලෝඩ් බාලා නැද්ද?

      Delete
    4. ඇනෝ මචං , උඹ මගෙන්ද ඇහුවෙ ?
      අනේ වාසනාවන් උඹට කියන්ඩ මට එහෙම සාගත කාලයක් උදා උනේම නෑ.

      Delete
    5. අන්න බොට විතරයි ඇත්ත තේරුණේ. අහිංසක මා අපයෝජනය විය.

      Delete
  16. හැලපයියාට නිකම් අන්තප්පුරයේ මහා රජ්ජුරුවෝ වගේ ඉන්න තිබ්බා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය කියන තරම් සැපක් නෑ බං. හිසරදේ විතරයි.

      Delete
  17. හැලපෙ ආයෙත් ලියන්න අරගෙන... අන්න විශ්‍රාමික සුවය

    ReplyDelete
    Replies
    1. ලියන්න ගත්තෙ කම්මැලි නිසා.එච්චර සුවයක් නම් නෑ.

      Delete
  18. //ලලනෝපචාරය// මට ඔය වචනේ හොයා ගන්න බැරුව හිටියේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. උඹ කරන්නේම ලලනෝපාචාරයමනේ

      Delete
    2. ඇයි උඹටත් ලලනොපචාරය කරන්නද?

      Delete
  19. ලලනෝපචාරය////////////////// ammata udu niyama vachane

    ReplyDelete
    Replies
    1. ඕක මම පොතකින් හොයාගත්තෙ.

      Delete
  20. මට නම් හිතෙන්නෙ මේක ලලනා + අපචාරය = ලලනාපචාරය කියල :-D

    ReplyDelete
    Replies
    1. භාවිතයේ යෙදෙන්නේ ලලනොපචාරය කියාය.

      Delete
  21. ලලනෝපචාර්ය හැලපාචාර්ය... අද නං ස්වප්නගෙ නම විතරයි, ඒකත් මාතෘකාවෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද ස්වප්න ගැන ලියන්නම බැරි උන හැටි. කමක් නෑ ඉස්සරහට ලියන්නං.

      Delete

ඔබේ අදහස්