Thursday, March 16, 2017

සමුදෙන්නට කාලය පැමිණ ඇත.


අවුරුදු පහකටත් මදක් වැඩි කලක් ජීවත්වූ දේශයට සමුදී ගමරට එන්නට දවස උදාවී  ඇත්තේ නොදැනුවත්වමය.    අවුරුදු පහක් යනු ජීවිත කාලයට සාපේක්ෂව බලන කල සුළු කාලයක් වුවද විප්‍රවාසයේ ගතවන සුළු කාලයද දිගු එකක් වන බැව් නොරහසකි.   මීට වසර පහකට පෙර එක ජනවාරියක  හැලපැට්ටා ද කැටුව මෙරටට පැමිණි රාත්‍රිය මට අද මෙන් මතකය.   මෙරට ජීවිතයට අනුගත වීම සඳහා එතැන් සිට තරමක අපහසුතාවන් සහිත කාලයක් ගෙවන්නට අප දෙදෙනාට සිදුවිය.    එතැන් සිට කාලය ගලාගියේ අති ධාවනකාරී ලෙසය.   අද හැලපැට්ටා ද මෙරට අධ්‍යාපනය නිමකර වෙනත් රටකට ගිහින්ය.   ගම රටට එන්නට ලැබීම ගැන හැලපි බොහොම සතුටින් හිටියත් ඒ ගැන මටනම් ඇත්තේ මිශ්‍ර හැඟීමකි.   විශේෂයෙන් දමා එන්නට බැරි දෙයක් නැතත් අසීමිත සහ අති ප්‍රබල අන්තර්ජාල පහසුකම් නැතිවීම ගැන නම් සෑහෙන ලෝබකමක් නැත්තේද නොවේ.    ආයෙම ඉන්නේ කොච්චියා සහ නෙල්ලිය.   උන් දෙන්නාද මට මගහැරෙන තවත් සොඳුරු ජීවීන් දෙදෙනෙකි.    පහුගිය සතියේ මම කොච්චිගේ නිවෙසට ගියේ ඔහු විසින් පවත්වන ලද සමුගැනීමේ සාදයට සහභාගී වන්නටය.    අප කීපදෙනා පමණක් සහභාගිවූ සාදයට නෙල්ලි පැමිණියේ මදක් පමාවීලාය.   ඒ ඇවිල්ලාද අපි හොඳින් අනුමත වන තුරු ඔහුට  අමද්‍යපව ගතකරන්නට සිදුවුණේ සාදයෙන් පසුව අප දෙදෙනාව නිවෙසට ගෙනත් බැස්සවීමේ රාජකාරිය කොච්චියා විසින් ඔහුට පවරන ලද හේතුවෙනි.    කෙසේ වුවද අමද්‍යපවම රාත්‍රී අහාරය ගත් නෙල්ලි ඔහුට පවරන ලද රාජකාරිය ඉතා හොඳින් නිමකර අපෙන් සමුගෙන යන්නට ගියේය.   නෙල්ලි වැනි ලබැඳි  තරුණයෙකු නැවත හමුනොවීම සෑහෙන දුකක් වන්නේ ඔහුව හොඳින් ඇසුරු කරන්නටද කාලයක් නොමැතිවූ නිසාමය.

රිය පැදවීම හා අමද්‍යපව සිටීම ගැනත් යමක් ලියන්නට ඇත්නම් හොඳ යැයි සිතේ.    බ්‍රහස්පතින්දා සහ සිකුරාදා රාත්‍රීන් හිදී පොලීසියේ අය බොහොම ඉවසිල්ලෙන් මග දෙපසටවී බලා සිටින්නේ රාත්‍රියේ මත්පැන් සාද පවත්වා පාන්දර යාමයේ වෙරිමතින් වාහන පදවාගෙන යන අය කොටුකර ගන්නටය.   වැඩිපුරම එහෙම යන්නේද ලංකාවේ උන්මය.   වැරදිලාවත් අහුවුණොත් පැය හතළිස් අටක් හෙවත් දවස් දෙකක් පොලීසියේ ආගන්තුක සත්කාර විඳිමින් ඇතුළේ සිටින්නට සිදුවේ.    පොලීසියෙන් කන්නට  බොන්නට දෙන බිරියානිද නැවුම් එළකිරිද අලුත් පළතුරුද වළඳමින් දවස් දෙක ඇතුළේ  ඉඳීම මහ වැඩක් නොවේ ය කියා මම සිතා සිටියත් මේ ළඟදී මට හමුවුණු එකෙක් කීවේ ඇතුළේ සිටීම පට්ට කරුමයකැයි කියාය.  අපත් සමග ගණුදෙනු කරන මේ රටේ එකෙක් මේ ලඟදී රතු ලයිට් පන්නා යාම හේතුවෙන් දවස් දෙකක් ඇතුළේ සිටියේය.   දඬුවම අහවරවී ආපහු මා හමුවන්නට ඔහු ආ දවසේ මම " ආ කොහොමදැ යි" කියා ඇසුවෙමි.   "මම හොඳින්" කියා ඔහු පිළිතුරු දුන්නේ ලැජ්ජාවෙන් මුහුණ රතුකරගෙනය.     ඔය වගේ පළහිලව් නිසාවෙන් කොච්චියා නම් අනුමතවී වාහන පදවනවා තබා වාහනයට ගොඩවෙන්නේ වත් නැත්තේ පොලීසියේ ආගන්තුක සත්කාර විඳින්නට ඇති අකමැත්ත හේතුවෙනි.   මීට වෙනස් කතාවක්ද මට කියන්නට ඇත.   එනම් මීට දවස් දෙකකට පමණ පෙර පොලීසියේ වැඩකරන ලංකාවේ මිත්‍රයෙක් මාවත් හැලපිවත් රෑ කෑමක් දෙන්නට රැගෙන ගියේ පොලිස් මෙස් එකටය.   රාත්‍රී ආහාරයඇනවුම් කළ අපි එය සූදානම් වනතුරු බාර් එකට ගොස් මදු පානයකට එකතු වුනෙමු.   හොඳින් අනුමතවූඅප ආපසු භෝජනාගාරයට ගොස් ප්‍රණීතවූ රාත්‍රී ආහාරයද අවසන්කල පසු ඔහු තම රියෙන්මඅප දෙදෙනා නිවසේ බස්සවා යන්නට ගියේය.    ගෙදර එන ගමනේ මම ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයක් වුයේ මග සිටින පොලීසියේ අය ඔහුව අල්ලගන්නේ නැතිද කියාය.   එයට පිළිතුරු වශයෙන් ඔහු මට කතාවක් කීවේය.   දවසක්දා සාදයකට ගොස් බීමත්ව රිය පදවාගෙන එන ගමනේ ඔහුව පොලීසියෙන් නවත්වා පරීක්ෂාකර ඇත.   බීමත්ව සිටීද යනුවෙන් ඇසුවිට ඔහු එසේය යනුවෙන් පිළිතුරු දී තම හැඳුනුම් පතදපොලීසියේ අය අතට පත්කර ඇත.   ඒ සමගමඔහුට වාහනයට නගින්නැයි කියූ පොලිසිය ගෙදරට යනතුරුම ජීප් රථයෙන් ඔහු පසුපස ඇවිත් ආපසු යන්නට ගිය බව ඔහු මට කීවේ සිනාසෙමිනි.

ආගිය කතා අවසානයේ නවතින්නට වෙලාව පැමිණ ඇත.   මගේ ලොකු පරිගණකය හෙවත් ඩෙස්ක්ටොපය ගලවා නැව්ගත කර ඇති බැවින් මෙය  කොටන්නේ මගේ ලැප් ටොපයෙනි.   ආපහු කවදා ඔබ හමුවන්නට ලැබේදැයි කිව නොහැක්කේ එය රඳා පවතින්නේ මට ලැබෙන අන්තර්ජාල පහසුකම් මත බැවිනි.   සමහරවිට දින කීපයකින් නැවත හමුවන්නට හැකිවේයි සිතේ.  

113 comments:

  1. හැලපේට වැඩිකල් සද්දේ වහලා ඉන වෙන්නේ නැත්තේ, දංදෙනියේ සුපිරි අන්තර්ජාල පහසුකම් සහිත නවාතැනක් පිළිසකර කොට ඇති බැවිනි...!
    දුක නොහිතා එන්නයි තියෙන්නේ...!

    ReplyDelete
    Replies
    1. සුපිරි අන්තර්ජාල පහසුකම් .... ආයෙත් අහල 4g සිග්නල් කට්ට හතරම පිරිලා , ...සිග්නල් පට්ටෙට ...මගෙ ටෙම්පඩ් ග්ලාස් එකත් ගියා සිග්නල් වැදිලා

      Delete
    2. බලාගෙන උඹේ අනික්වත් යයි ඔය සිග්නල් වැදිල. හැක්..

      Delete
    3. ලබන 25 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හීදී පැවැත්වීමට නියමිත සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී විශේෂ කාර්යයක් කිරීමට නියමිතව ඇත. එනම් මේ වන විට අසනීප තත්වයේ පත්වන විචාරක බ්ලොග් අඩවියේ රචක විචාරක නොහොත් විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් WMJ ගුණරත්න මහතාට සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. මේ සම්බන්දව කටයුතු කිරීම සම්බන්දයෙන් මෙම බ්ලොග් සම්මාන උළෙල සදහා වෙහෙසෙන සැමට අපගේ ප්‍රණාමය මෙසේ පල කරමු.

      Delete
    4. හොද කටයුත්තක්. සුභ පතමි.

      Delete
    5. කිසිම දුකක් නෑ එන්නං.

      Delete
  2. හැලපෙට එයාමයිල් නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං. අපට ඉතිං පුකේ මයිල් තමා.

      Delete
  3. Good Luck Halape. You are lucky to go back home.

    ReplyDelete
  4. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් ය. කොච්චියාට සාමාන්‍යයෙන් එවන් දුක් එහෙමට දැනෙන්නේ නැතිය. දුකක් කෙසේ වෙතත් හැලපයාගේ නික්ම යාම මා සිතේ ඇති කරන්නේ එක්තරා හිස් කමක් ය. හැලපයා හා සතියට වරක් වත් කරනා දුරකථන සංවාදය හා යනෙන වාරයක් පාසා කාර්‍යාලයේ හමුවීම් මෙන්ම මසකට වරක් හෝ දෙවරක් වත් පවත්වන මධු සාදයන් ද නැවත නොමැති බව දැනීම ඔහු මගේ අතිශය සිත් ගත් පුද්ගලයෙක් යැයි මටම දැනෙන්නට හේතු කාරණාය.
    හැලපේ මා ඔබට සමු දෙන්නේ හිස් බවක් එක්කය..
    මා කැමති මාතෘකා කතා කරන්නට සිටි තවත් චරිතයක් මගේ අත පොවන මානයෙන් ඉවත් වනවා ඇත්තේය.

    ReplyDelete
    Replies
    1. ඔබ සිතට දැනෙන හිස් බවම සමගින් ආපසු මව් රටට යන්නෙමි. කවදා හෝ අප නැවත හමුවේවි යැයි සිතුවිල්ලද සමග.

      Delete
  5. වෙල්කම් කියුව ලංකාවට.. changes ටික manage කරගෙන ඉක්මනටම අපිව බලන්ට ආපහු එන්ට හොඳේ.. :)

    ReplyDelete
  6. ආපසු පැමිණීම සතුටක්...

    එහෙ පොලිසිය මාරයිනේ...

    ReplyDelete
    Replies
    1. ඔයත් කොහොම හරි එහෙ ගිහිල්ලා පොලිසියන් කාල එන්න එහෙ පොලිසිය මාරයිනේ...

      Delete
    2. මාරයි කියන්නෙ නියමෙට සලකනවා.

      Delete
  7. //අසීමිත සහ අති ප්‍රබල අන්තර්ජාල පහසුකම් නැතිවීම // අසීමිත නැතත් අතිප්‍රභප ෆයිබර් ඹප්ට්ක් කනෙක්ෂන් දැන් මෙහේ තියනව

    ReplyDelete
    Replies
    1. තේරෙනවා.මේ ලියන්නෙත් එහෙම එකකින්.

      Delete
  8. ගුඩ් බායි මස්කට් කියන්න හරිම අමාරුයි කියලා මම අත්දැකීමෙන් දන්නවා. අවුරුදු දොලහක ඔමාන් ජීවීතේට මම සමුදුන්නේ හරිම අමාරුවෙන්. සුන්දර කාළ වකවානුවක්. ඕල් ද බෙස්ට් හැලපේ.

    මමයි යාලුවෙකුයි බීලා පාරෙ එනවා ඇවිදගෙන දවසක් ඔමාන්වල රුවී නගරයේ. මහ රෑ පොලිස් කාර් එකක් නැවැත්තුවා. නගින්න කිව්වා. හැතැප්ම එකසිය ගානක් එහා නිස්වා වලින් බස්සලා ආපහු පලයල්ලා කිව්වා. කූඩුවේ නොදා එවපු එකත් ලොකු දෙයක්නේ.

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මේ බං.රුවි ඉඳන් නිස්වා ගෙනිච්චද.

      Delete
    2. හිතවත් හැලප මහතා,

      ඔබගේ අලුත් පියවරට මගේ උණුසුම් ශුබ පැතුම්!

      සියල්ල ඔබලා සිතන පතන අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා කියා හදවතින්ම පතනෙමි.

      ------------------------------------------------------------------

      දෙවනුව මා ඔබ වෙත ඉතා අහින්සක චෝදනාවක් ඉදිරි පත් කරන්නෙමි. සලාලා සහ දොෆාර් වැනි පෙදෙස් ගැන ඔබ අතින් සංචාරක ලිපි ලියවුනද, ඕමානය ගැන කිසිවක් ඔබ අතින්ලියවී නොමැති බවයි එම චෝදනාව.

      පසු ගිය දින කීපයේදී අපටත් මැදපෙරදිග රටවල් කිහිපයක කෙටි සංචාරයක යෙදෙන්නට අවස්ථාවක් ලැබුණ. එහිදී ඕමානයේ මස්කට්වල ගත කල දින දෙකත්, මුසම්දන් අර්ධද්වීපයේ කශාබ් ( Khasab ) වල ගත කල දිනයත් කිසි දිනක අමතක නොවේව්. මනස්කාන්ත සුන්දර කදු සිඛරත්, මා දුටූ ඕමාන වැසියන්ගේ දක්නට ලැබුණු සුහද ශීලීත්වයත් විසින් අප සැම ඕමානය වෙත ඇදබැඳ ගත්තා යැයි පැවසුවේ නම්, එය අතිශෝක්තියක් නොවන බවට ඔබ සහතික වනු ඇත.

      දින දෙකතුනකට මා දුටු සුන්දරත්වයට වඩා වැඩි සුන්දරත්වයක් මෙන්ම මා නොදුටු ඉතා අසුන්දර දේද, ඔබ ඕමානයේ ගතකල වසර පහ තුල කොපමනනම් අත්දකින්නට ඇද්ද? ඉතින් මහත්තයෝ, මා ඉහත සදහන් කල ලිපි දෙක හැරුණු කොට, ඕමානය ගැන වෙන කිසිවක් ඔබතුමා අප වෙනුවෙන් ඉදිරිපත් කලේ නෑ නේද? ඒ හන්දම තමා මා ඔබට ඕමානය ගැන කිසිවක් නොලීවා කියා චෝදනාවක් ගෙනාවේ වේලපහම.

      පළමු දිනයේදී ඕමානයේ පැරණි අගනුවර වූ නිස්වා හී පිහිටි පුරාණ බලකොටුවත් ඒ ආසන්නයේ පිහිටි නිස්වා "Souq" එකත්, නිස්වා ඉදන් ටිකක් දුරකට වන්නට පිහිටි "ජබ්‍රින්" මාලිගාව දැක බලා ගැනීමට ඇති ටුවර් එකක් තෝරා ගත්තා. එහි යන අතර තුර රට පිලිබද කෙටී විස්තරයක්, වත්මන් සුල්තාන් වරයා තම පියාට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කොට Sultanate of Oman ලෙසින් ඕමානය ඇති කල අයුරුත්, රටේ සම්පත් (වර්තමාන තෙල්; ඉතිහාස ගත තඹ කැණීම් හා අපනයනය; මාළු සහ සම් අපනයනය; රට ඉඳි අපනයනය) පිලිබදවත්, රටේ ආර්ථිකය සහ බොහොම මැතක (1980 ගනන් වල) සංචාරකයන් වෙනුවෙන් රට විවෘත කල අයුරුත්, අධ්‍යාපනය, සෙෳඛ්‍යය, ඔවුන්ගේ සංස්කෘතිය, ජාතික ඇඳුම්, ආගම, ඔවුන්ගේ අහාර ... වැනි දේ පිළිබඳව අපගේ මග පෙන්වන්නා ඉතා කෙටියෙන් සදහන් කර සිටියා.

      ඔහු වර්ථමාන සුල්තාන් වරයා වන "කබුස්" ගැන විශේෂයෙන්ම සදහන් කලේ; සුල්තාන් වරයා සහ රජ පවුල පිලිබදව ඉතා හොද මෙන්ම ඉතා නරක පුවත් දැන ගැනීමට ඇති බවත්.... ඒවායින් කුමන ඒවා සත්යද කුමක් අස්ත්යද යන්න කිසිවෙකු හරියටම නොදන්නා බවයි. වයස අවුරදු හතලිස් ගණනක් වන අපගේ මග පෙන්වන්නට අනුව නම් සුල්තාන් වරයා ඉතා හොද නායකයෙකු බවත් ඔහුගෙන් තොර ඕමානයක් කෙසේ වත් ඇති නොවන බවකුයි. ඔහු වැඩි දුරටත් කියා සිටියේ, ඉන්දියාවේ මුලික අද්‍යාපනය ලැබූ සුල්තාන් වරයා බටහිර රට වලින් උසස් අද්‍යාපනය සහ පිට රටවලින් ලැබූ විවිදාකාර අද්දැකීම් තුලින් නව ඕමානයක් බිහි කිරීමට පන්නරය ලැබූ බවයි.

      ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ; නවසිය 70 ගනන් වලට පෙර ඕමාන වැසියන්ට ඉගෙන ගැනීමට පාසල් තුනක් පමණක් මුළු ඕමානයටම තිබූ බවත්, සුල්තාන් කබුස් පාසැල් විශාල සංක්යාවක් ඇති කොට සියල්ලන්ටම ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබා දුන් බවයි. වර්තමානයේ ඕමාන වැසියන් සියල්ලන්ටම මුලික අද්‍යාපනය අනිවාර්ය බවත් අද මේ වනවිට එහි සාක්ෂරතාවය ඉතා ඉහළ ප්‍රතිශතයක පවතින බවකි.

      මේ අතර අප සියලු දෙනාටම පාහේ කුතුහලයක් ඇති කිරීමට සමත්වුයේ, ඕමානයේ විවාහයක් කර ගැනීමට පිරිමියා විසින් ගැහැනියට විශාල දැවද්දක් ගෙවිය යුතු බවත් රන් අබරණ ආදිය සමග මගුල වෙනුවෙන් සියලු බරපැනද ඔහු වීසින්ම දැරිය යුතු අතර එය ඉතා දරුණූ සමාජීය ගැටළුවක් බවත් දැන ගැනීමට ලැබීමය. තව දුරටත් විවාහ දෑවැද්ද සදහා වෙනම බැංකු ණය ක්‍රමයක් ඇති බව සදහන් කලේ සියල්ලන්ටම සිනහවට අවස්ථාවක් සලසමිනි. විවාහය අවසානයේ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දායාදය යොදා ගත හැකි වෙනවා නේදැයි ඇසු විට; දැන ගත හැකිවුනේ දැවද්ද මනාලියගේ පියාට ගෙවිය යුතු බවයි. බොහෝ විට පියා එම මුදල් තමාගේ සුක විහරණ උදෙසාම පාවිච්චි කර නාස්ති කරන බවත්. ඇතැම් පියවරු දුවගේ දැවද්දෙන් අලුත් කාර් මිලදී ගන්නා බවත් තායිලන්තය වැනි රටවලට ගොස් හොද නිවාඩුවක් ගත කර එන බවත් සමහරු හිතේ හැටියට අඩි - පුඩි ගසා එම මුදල විනාස කර ගන්න බවත් අසන්නට ලැබුණ.


      Delete
    3. අප මග පෙන්වන්නාද විවාහයේ බරපැන දැරීමට අසමත් හෙයින් බොහෝ ඕමාන පරිමින් මෙන් අවිවාහකව සිටිටින බව දැන ගන්නට ලැබීම අප සියල්ලටම තරමක් කණගාටුවට කරුණක් විය. එම කණගාටුව වඩාත්ම තීව්‍ර වුයේ ඕමාන පිරිමින්ට විවාහ හතරක් කර ගැනීමට ( ඕමානයේ පවතින ෂරිය සහ ඊජිප්තු නීතිය) නීතියෙන් ඉඩ ලැබෙන බව දැන ගත් විටය. නමුත් මෙහිදී, ස්වාමියා විසින් සියලුම බිරින්දෑවරුන්ට එක සමානව සැලකීමට නීතියෙන් බැදී සිටිති. එසේ නොවුනොත් දැඩි දඩුවම් වලට පවා ලක්විය හැකි බවයි. ( පසු දින හවස් ජාමයේ " Mutrah Souq" ඉදිරියේ මුහුද දෙසින් වන පදික වේදිකාව මත හතර දෙනෙකු සමග ඉතා සුකොපබෝගී වාහන වලින් බැස යන ඕමාන ජාතික මහතුන් දෙදෙනෙකුම අවස්ථා දෙකකදී දැක ගන්නට ලැබුන. මාගේ බිරිදගේ බලවත් විරෝදයද නොතකා ඔවුනට හොරෙන් එක කණ්ඩායමක පින්තුර කිහිපයකුත් ගන්නට මා සමත් වුණ :D )

      පසු දින "ග්රෑන්ඩ් මොස්ක්" (මුස්ලිම් නොවන්නෙකුට යාමට අවස්ථාව ඇති මැද පෙරදිග පල්ලි කිහිපය අතලොස්ස අතරින් එකක්) වෙත ගිය ගමනත් මට කිසි දිනක අමතක නොවන සිද්ධියක් වන්නේ; මගේ ගෙදර උන්දැගෙත් දියණියගෙත් හිස් ආවරණය කර ගැනුමට මගේ සරම කැබලි දෙකකට ඉරා "ඉස්කාප්" සකස් කර ගනීමයි. ( පල්ලිය ඇතුළු වීමට නම්; හිස් ආවරණ කාන්තාවන් සදහා අනිවාර්ය අංගයකි)

      ( මීට අමතරව බොහෝ තැන වලදී කැසිකිලි ගිය පිරිමි අප හට දැක ගන්නට ලැබුනේ විශාල අලුමිනියම් වැසිකිලි පෝච්චි (squatting pans) ය. ඒවාට ඉදිරියෙන් සෝදා ගැනුමට සවිකර තිබු රිදී පාට තරමක් දිග බට කැබැල්ලත් පසු පසින්, කහට බැදී කළු ගැසුන ඇලුමිනියම් වැසිකිළි පෝච්චිය සේදිමට තිබු "U" බට කැබැල්ලත් අමුතුම ගුප්ත බවක් ඇති කලා. එවන් මැටි පෝච්චි හුරු ලංකික මාහට එය අලුත් දෙයක් නොවුනත් මෙවන් බාන්ඩයක් කිසි දිනක නොදක සිටි විදෙසිකයන්ගේ මුහුණු වලින් පිලිබිබු වුයේ විස්තර කිරීමට අපහසු අමුතුම ස්වරූපයකි. :)


      Delete
    4. දැන් කෙටි ප්‍රශ්න කිහිපයක් .... ඔබ වෙත ...... :)

      1) 1970 ගනන් වල පාසැල් අරම්බ කලයි කීව ඕමානයේ, මස්කට් පාර්ලි‌‌මේන්තුව පැත්තට යන පාරේ මට ලංකාවේ පාසලක් දැක ගන්නට ලැබීම විමතියට කරුණක්. මේ පිලිබද විස්තරයත් google දෙයියාගෙන් අහන්න කලින් ඔබෙන් අහන්න හිතුණා.

      2) දැනට අවුරදු ගණනාවකට කලින් මම වැඩ කල ආයතනයක සිටි කෙනෙක් කීව කතාවක් තමා ඔහු සිටි මැද පෙරදිග රටක විවාහ කර දීමට කෙනෙක් සිටිනම් එම ගෙදර කොඩියක් දමනවාලු. එම රටේද විවාහය සදහා මනමාල පර්සවය දැවද්ද මනාලියගේ පියාට ගෙවිය යුතුලූ. එවිට මුදල් ඇති අයෙකු පැමිණ පියාට දැවද්ද දී තරුණිය විවාහය කර ගන්නවලු. පසුව මහලු පියා ලැබුණ දැවදි මුදලත් රැගෙන කොඩි දැමු ගෙදරකට ගොස් දීග දුන් තම දියණියටත් බාල අලුත් බිරිදක් රැගෙන එනවාලු. මට ඔහු හිටියා කියපු රට (ඕමානයේද කියලා) කොහෙද කියා දැන් හරියටම මතක නැහැ. (අවාසනාවකට ඔහුව සම්බන්ද කර ගැනීමට කිසිදු ක්‍රමයක්ද නොමැත.) ඔබ මෙවන් කතාවක් ගැන අසා ඇත්තේද ?

      3) මට මේ දැන් ඇතිවූ ගැටළුවක් තමා විවාහය මේ තරම්ම මිල අධික නිසා ඕමාන තරුණයන් විවාහයට පසුබට වන හෙයින්, සමස්තයක් ලෙස ඕමානයේ විවාහ නොවූ කාන්තාවන් බහුල වශයෙන් සිටින්නේද?

      4) අප බලන්නට ගිය ජබ්‍රින් මාලිගවෙත් මැදපෙරදිගදී නැරබු කෞතුකාගාර වලත් ලීබඩු දැක ගන්නට ලැබුනේ ඉතාමත්ම ඉතා සුළු වශයෙනි. (ඇතැම් විට කාන්තාර සහිත රටවල ගස් වල හිග කම විය හැක) කාමරවල බිමට විශාල කාපට් එලා වැඩිවීමට සහ කොන්ද හේත්තු කරගැනීමට විශාල කොට්ට දමා ඇති බව තමා දක්නට ලැබුනේ. මගේ ප්‍රශ්නය එහි ඇති සාමාන්‍ය නිවාස වලත් ලී ගෘහබාන්ඩ පාවිච්චියක් නොමැතිද?

      නිස්වා අවට ඇති UNESCO sites වලට මෙන්ම Aflaj Irrigation Systems බලන්න යාමට කාල වේලා හරස් වීමෙන් යාමට නොහැකි වීම පිලිබදව ඇත්තේ විස්තර කල නොහැකි කනගාටුවකි. මා මෙපමණ තොරතුරු මහින්සිය නොබලා සටහන් කලේ හේතු කිහිපයක් නිසා. ඕබ තුමාගෙන් මා ඇසු කෙටී ප්‍රශ්න කිහිපයට පිලිතුරුත්, ඒ සමගම ඔබගේ ඕමාන අද්දැකීම් ඇසුරින් ඉඩ ලැබෙන පරිදි "ඕමාන් තොරතුරු" ලිපි මාලාවක් අප වෙනුවෙන් ඉදිරි පත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටීමත්, මෙයා දකින කවුරු හෝ ඕමානයට අදාල තොරතුරු එකතු කරාවි යන විස්වාසයත්, අවසානයේ මගේ අත් දැකීම සුළුවෙන් හෝ ඕබ සියලු දෙන සමග බෙදාහදා ගැනීමත්ය.

      සමාවෙන්න අදාළ නොමැති දෙයක් මා අතින් ලියවුවානම්.

      ස්තුතියි !!

      පසු සටහන:-

      මා මෙය සටහන් කලේ වෙනත් ජාතියක ඇවතුම් පැවතුම්, චාරිත්‍ර වාරිත්‍ර පහත් කිරීමට හෝ හැල්ලු කර සිනහ වීමට හෝ නොව, තවත් රටක තොරතුරු ඔවුන්ගේ ජීවන රටා, ඔවුන්ගේ ඉතිහාසය, රටේ භූගෝලීය / දේශගුණික / කළගුණික තත්ත්ව ආදීය දැන ගැනීමේ නොනිත් ආශාව නිසාමය.

      -------------------------------------------------------------------

      මා මෙය අපේ අරූ මහතාගේ කොමෙන්ටුව අස්සෙම අත ඇරියෙත් එතුමාත් මෙයට යමක් අනිවාර්යෙන්ම එකතු කරන බව දන්නා නිසයි. අරූ මහතාත් ඉදිරියේදී "අවුලත්" එක්ක ඕමාන ජීවිතේ අත්දැකීම් මහා පරිමාණයෙන් බුක්ති විදින්න බලා පොරොත්තුව සිටින්නෙමි. :D

      "චෙපාකි" මහතාත් ඕමාන තොරතුරු ලියනවා - ලියනවා කීවට ඉතින් තවම ඒ ගැන කිසිම හාන්කවිසියක්වත් නැහැනේ.. :(

      ----------------
      මට කොමෙන්ටුව කෑලි තුනකට කඩන්න උනා. මොනවා හැලිලාද දන්නේ නැහැ. දැන් ආපසු කියවන්නත් කම්මැලි වගේ. මොනවා හරි නොගැළපෙන දෙයක් තිබුනොත් සියලු සත්වයෝ කමා කරත්වා :)

      Delete
    5. අම්මප නොසෑහෙන්න කරුණු කාරනා ලියල නොවැ ... ඇනෝතුමා කියපු බොහෝ දේවල් වලට මාත් එකඟයි හැලපයිය ඕමානය ගැන ලියල තියනවා හොඳටෝම මදි.

      ඇත්තම කියනවා නම් හැලපයිය ඕමානය ගැන ලිව්වට වඩා ගමේ කඩ හෝටල් ගැන ලියල තියනවා !!!

      කොහොම වෙතත් මේ ඇනෝතුමාට ලබන සම්මාන උළෙලෙන් හොඳම කොමෙටුවට සම්මානයක් දෙන්නම ඕන යයි මා යෝජනා කරනවා !

      ඉතින් කවුරු හරි නැගිටලා ඉස්තීර කොරන්ඩලා .... :-D

      Delete
    6. ඇනෝට සැලියූට්....!!!!! හැලපයියේ.... ඔහේගෙ පෝස්ට් එකක් තමා මේ සුප්ප ඇනෝට දෙන්න තියන හොඳම සම්මානෙ.
      කණ්ඩාගේ යෝජනාව ගස්ලබ්බා ඉස්තිර කොරමි හිටං.

      Delete
    7. ස්තුතියි ලබ්බෝ :-D

      තව කාලෙකට හැලපයියගෙන් හල හොල්මනක් තියෙන එකක් නැහැ !

      ෂුවර් එකට සිය රට ගොඩ බැස්ස ප්‍රීතිය සමරන්ට රැලක් එක්කාසු කරගෙන අනුමත වෙලා ඇති මේ දවස් වල .. හෙක් ... හෙක් ...

      මට පට්ට ඉරිසියයි !

      Delete
    8. ඔන්න මට දැන්නේ මතක් වුනේ. කණ්ඩා මහතාත් ලඟදි ඕමාන් ගිහින් ආපු බව. ඒ ගමනේ තොරතුරුත් අමතක වෙන්න කලින් ලියලා ඉවර කරන්නේනම් මැනවි. :)

      හැබෑටම ඔබ තුමාගේ මිතුරා "කොච්චි මිරිස්" මහතා ඉන්නෙත් ඕමාන් වලනේ .... එතුමාටත් කියල බලමුකෝ එරට තොරතුරු ටිකක් ඉදලා හිටලා ඉඩකඩ ලැබෙන විදිහට අප ගැන අනුකම්පා කොට .... ලියන්න කියලා :)

      මේ ඒක නෙමේ ඔබ තුමා ඕමාන් යන්න වැට පැන්නේ අබුඩාබියේ "Garden City" ලෙස හදුන්වන ඇල්ලෙන් (Al Ain) වලින්ද? ඒක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Garden City එකක්ම තමා නේද? එහේ ගියාම; කාන්තාරයක් අහල ගම් පන්සීයකටවත් එහා නැහැ වගේ නේද දැනෙන්නේ..... ඒ තරමටම ලස්සන Cool City එකක්.

      අපිත් UAE වල හතර වෙනි විශාල නගරය වන "ඇල්ලෙන්" යන්න හදිසියේම තීරණය කලා. ගමනේ අරමුණ වුයේ එහි තියෙන විශාල ක්ෂේම භුමිය (Al Ain Oasis) සහ එහි ඇතුලත තනා තිබෙන පැරණි භූගත ජලය ගෙන යන ඇල මාර්ග පද්ධතිය දැකබලා ගැනීමත්, Jahili Fort සහ පැරණි Camel Souk එක දැක ගැනීමත් තමා.

      (ඒ ගමනේ තොරතුරු ටිකක් මෙතන කොටලා දැම්මා කියලා අපේ හැලප මහතා මා සමග උරණ වෙන එකක් නැති වේවි කියලා හිතනවා. තව කාට හෝ මේ විස්තරය ප්‍රයෝජනවත් වේවි කියන ඒකායන බලාපොරොත්තුව පෙරදැරි කොට ගෙන ........ මහන්සිය නොලබා ලියන්න අවසර.... හිත මිත්‍ර හැලප මහතා.)

      Delete
    9. Dubai සිට Al Ain දක්වා දිවෙන (130 km පමණ දුරවූ) අදිවේගී මාර්ගය දෙපසම එක දිගටම පාහේ දක්නට ලැබෙන නොඋස් ගහකොළ දෙස පමණක් බලාගෙන ගියානම් මේ කාන්තාරයක මැදින් යන ගමනක් යැයි කිසිවිටක නොසිතෙන තරම්. හරියට නිකන් අපේ රටේ තරමක් ශුෂ්ක පැත්තක (හැබැයි පාර දෙපසම දිගටම කොළ පාට ගස් තියෙන ) පාරක ගියා වගේ තමා ඉතින්. :)

      ඔහොම යනකොට, අපි කල්පනා කලේ අපේ රටේ ලස්සනට තියෙන ගහකොළ කපා දමලා මුඩු බිම් - කාන්තාර බවට පත් කරනකොට මේ මිනිස්සු ඉරාන, පකිස්තාන් වගේ රටවල් වලින් පස් ගෙනැල්ලා කාන්තාර භුමිය හරිත වනාන්තර බවට පත් කරන්න උත්සහ කරනවා නේද කියා. මේ අයට මේවා කරන්න සල්ලි තියෙන එක වෙනම කතාවක්. එත් .... අපේ රට වල් වල ස්වභාවිකවම අපිට ලැබුණ ගහ කොළ කිසිම සැලකිල්ලක් - වටිනාකමක් නැතිවම කපල-කොටලා විනාශ කරලා දානවද....

      (කාන්තාරයක පිහිටි නගරයක්ද කියා හිතා ගන්න අපහසු තරමට නිල්ල දිලෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන "අබුඩාබි" නගරයේ ගහ කොළ වලට විතරක් පිරිසුදු කර ගත් මුහුදු ජලය ගැලුම් මිලියන 250 ක් දිනකට දානවා කියලා ඇසුවාම "අප්පට සිරි - දෙය්යෝ සාක්කි" කියලා හිතුණා. :D )

      දෙපස සිටුවා තිබු නුඋස් ගස් ගමන පුරාවටම නෙතට සිසිලක් ගෙන දුන්නා වගේම ගස් වලට ඉහලින් පෙනුන වැලි සහිත නිසරු කාන්තාර භූමියත් අතරින් පතර දක්නට ලැබුණ ඔටු රංචු සහ මිනිස් ජනාවාස අපුරු දසුනක් මවාපෑවා පමණක් නොව ගමන් විඩාවත් පැහැර ගත්තා. අතර මග දැක බලා ගත් "Dubai Camel Racing Track" එකත් සිත් ගත්තා.

      ජීවිතයේ පළමු වතාවට තමා කාන්තාරයක පිහිටි ක්ෂේම භූමියක් වෙත යෑමට අවස්ථාවක් ලැබුණේ. ක්ෂේම භූමිය ඇතුලේ තිබුනේ පුදුම සිසිලසක්. ඇතුලත තිබුන නිස්කලංක භාවය ඊට හපන්. දෙපස කෙටී තාප්ප සහිතව ඝන රට-ඉදි ගස් භූටෑව අස්සට විහෙදෙන මාර්ග පද්දතිය තුල මංමුලා වෙනවා කියා අප මාර්ගෝපදේශක පැවසුවේ බොරුවක් නොවන බව වැටහුනේ ආපසු එන ගමන්, අරහෙට මෙහෙට විහිදිලා තිබුන එක වගේ පාරවල් වල ටිකක් විතර වාත වෙනකොට තමා.
      මෙහි ඇතුලත ඉදි ගස් 150,000 ක් පමණ තිබෙන බව දැනගැනීමට ලැබුණ අතර ඉදි වගාවට අමතරව අඹ, දොඩන්, කෙසෙල්, පිග් වගේ පලතුරු ගස් දකින්නට ලැබුණ. උෂ්ණධික (අපි ගියදා ඩුබායිහි සෙන්ටිග්‍රඩ් 27 වගේ තමා තිබුනේ) කාලයේදී මෙම ක්ෂේම භුමිය වෙත ජලය සපයන පාරම්පරික ඇල මාර්ග පද්දතියේ සමහර කොටස් පිළිසකර කරමින් පැවතුන අතර ඇලවල් කිහිපයක "කට කපලා" ගලන සීතල පිරිසිදු ජලය අල්ලන්නත් ලැබුණ.

      මෙම සම්ප්රදායික "falaj irrigation channel system" එකට 30 km ක පමණ දුරක ඇති කදු වල සිට භූගත ජලය රැගෙන එන බවක් තමා දැනගන්නට ලැබුනේ. අතීතයේ මෙම ජලය අවට ජනාවාස වල වාසය කළ අයගේ එදිනෙදා කටයුතු වලටත් සතුන්ගේ පරිබෝජනය සදහාත් භාවිතා කොට ඇත.

      අපි බලන්න ගිය "Camel Souk" නොහොත් ඔටුවන්, එළුවන්, බැටළුවන්, හරකුන් වැනි සතුන් විකුණන සහ හුවමාරු කර ගන්න මධ්‍යස්‌ථානයත් අමුතු අත් දැකීමක් වුනා. දිනපතා උදැසන 10 පමණ වන තුරු මෙම ස්ථානය ගජරාමයට වෙළද කටයුතු සිදුවන නිසා ඉතා කලබලකාරී තත්වයක් පවතිනවලු. සමර පැහැති පැරණි (තනි තටුවේ) ගොඩනැගිලි සංකීර්ණයත්, සතුන්ගේ මලමුත්‍ර සුවද මෙන්ම ඔටුවන්ගේ කම්කළු නාදයත්, අධික උෂ්ණත්වය සමග පරිසරයේ කරකස භාවයත් සත්ව වෙළද පොලට තරමක බියකුරු පෙනුමක් ගෙන දුන්නා.

      අප මාර්ගෝපදේශක පැවසු ආකාරයට මෙහි අරාබි ජාතිකයන්ට අමතරව ඕමාන්, පකිස්තාන්, ඉතියෝපියානු, බංගලි, සෝමාලි වැනි ජාතිකයන් වෙළද කටයුතු වල යෙදී සිටි. කෙසේ වුවත් ඔවුන්ගේ බාහිර පෙනුම සහ ඇදුමෙහි විලාසය අනුව එකිකාට වෙනස් ජාතින් බව සිතා ගත හැක. පොලේ වුවන්ගේ එකිනෙකට වෙනස් ඇදුම් වලීන් ඔවුන් කුමන ජාතිකයෙකුද කියා දන්නා අයට නම් පහසුවෙන්ම හදුනා ගන්නට පුළුවන් ඇති... :) මා දුටු අනෙක් විශේෂත්වය මෙහි සිටි ගැහැණුන් බොහොමයක් හිස් ආවරණයට අමතරව කළු පැහැ තහඩු වලින් සකස් කරන ලද ආභරණ (නලල්පටක් සහ නාස් ආවරණ) විශේෂයක් පැළද සිටීම. (මේ අයුරින් සැරසුන කාන්තාවන් ඕමානයේදීද දැක ගන්නට ලැබුණ.)

      සුපුරුදූ ලෙසම කාලය හරස් වීම හේතුවෙන් Al Ain වල තවත් බොහෝ ස්ථාන දැක බලා ගැනීමට තිබුනත් අවසාන වශයෙන් "ඕමාන් බෝඩරය" (දෙසට එබිකම් කොට) බලාගෙන නැවත ඩුබායි බලා පිටත් වුණ. :(

      Delete
    10. සටහන :-

      ඔබ අජ්මන්, සාජා, ඩුබායි එසේත් නොමැති අබුඩාබි වල නම් ඉන්නේ සහ තවම "Al Ain" වලට යන්න ලැබුනේ නැත්නම් දිනක් ඇතුලත ගිහින් එන්න පුළුවන් පාඩුවක් නැති ගමනක්. ඕමානේ මස්කට් ඉදලා එනවා නම් පැය තුන හමාරක - හතරක විතර ගමන. ගිහින් ඇවිත් ගමනේ විස්තර අපිත් එක්කත් බෙදා ගන්නවා නම් වටිනාකම කියලා වැඩක් නැහැ :)

      අපට යන්න නොහැකිවූ සහ Al Ain අවට බලන්න තියෙනවා කියූ තැන් කිහිපයක් තමා ..... Al Ain National Museum, Sultan bin Zayed Fort, Al Ain Souk, Sheikha Salama Mosque, Al Ain Palace Museum, Al Jahili Fort, Hill Gardens and Archeological Park, Al Ain Zoo

      Al Ain වල ඉදලා 30 km විතර දුරින් තියෙන Jabel Hafeet නම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තියෙන දෙවනියට උස කන්ද තරණය (දෙපයින් නොව වහනයෙන් :))

      ස්තුතියි !!

      -----------------------------------------------------------

      ස්තුතියි ගස් ලබිබා මහතා ඔබටත්. කිව්වත් වගේ හැලප මහතා හමුවුනොතින්; එක් post එකක් නෙමේ "ඒරොප්පෙ" ගැන ලීවා වාගේ; ඉඩකඩ ලැබෙන විදිහට post series එකක්ම ලියන්න කියා ඉල්ලා සිටින්න. අපි ඉන්නනවා දත මැදගෙන කියවන්න .... බලාගෙන. :D

      Delete
    11. අන්නෝන් සහ ගස් ලබ්බ,
      දීර්ඝ සහ විස්තරාත්මක කමෙන්ටු වලට බොහොම ස්තුතියි. ඇත්තම කිව්වොත් ඕමානයේ ඉද්දි ඕමානය ගැන මම ලීවෙම නැති තරම්. ඔබ කියනවා සේම ඉඩ ලැබෙන හැටියට ඕමානයේ කතා ඉදිරියට ලියැවේවි.

      Delete
    12. UAE වල බලන්න තියන ලස්සනම නගරය සහ මම කැමතිම අවිවාදයෙන්ම "අල් අයින්", නමුත් මම අන්තිමට මස්කට් ගියේ "හත්තා" වලින්, මස්කට් ගමන ගැන ලියන්නත් පටන් ගත්ත.

      කොච්චියාගේ කාර්ය බහුලත්වයත් එක්ක ඉඩපාඩු මදිකමත් හේතුවක් වෙන්න ඕන ලියනවා අඩු. අමතරව කොච්චියා ප්‍රිය කරන්නේ ලියනවාට වඩා කියවීම සහ අනිත් එවුන් උනන්දු කිරීම බවයි මහේ වැටහීම :-D

      ඇනෝතුමා UAE වලදි උදව්වක් ඕනා නම් කියන්න, ෆුජේරා, ලිවා (Fujairah, Liwa) වගේ පති වලත් බලන්න බොහොම ලස්සන පැති.

      Delete
    13. //ඉඩ ලැබෙන හැටියට ඕමානයේ කතා ඉදිරියට ලියැවේවි.//

      ඒ කියන්නේ මගේ කෙටි ප්රයශ්න කිහිපයටත් පිළිතුරු ඉදිරි ලිපි වලින්ම බලාපොරොත්තු විය හැකියි, වෙන්ටැ.

      ස්තුතියි හැලප සහ කණ්ඩා මහතුන්ට.

      Delete
  9. ඒකත් එහෙමයි එහෙනං. කරදරයකින් තොරව නැවත පැමිනීමට හැකිවේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි. මේකත් ලිව්වෙ උඹේ කරදරේට.

      Delete
  10. හුහ්.. ඔහේ හිතන්නෙ මේ රට මොකක් කියලද හිටං. ඔය ඩුබායි වල තියෙන අටමගල් වගේ නෙමෙයි මෙහේ සුපිරි 4ජී, පයිබර් ලයින් වලිං අන්තර්ජංජාලෙ දෙන්නෙ. ඔහේට මෙහේ ඇවිල්ල වැඩි දවසක් හැංගිලා ඉන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ගෙදර හැංගෙන්නත් බෑ වගේ.

      Delete
  11. දිනක් කොච්චී නෙල්ලි සමගින් නික්මයන සාදය තියන්
    ඇහැක් සේ ළඟ හිටිය සගයින් දෙන්නෙකුට යන බව කියන්
    දුරක් ගියමුත් යළි යළිත් මව් රටම නිතරම සිහිකරන්
    පහක් වසරින් ගෙවුණු පසු යළි හැලපෙ එයි මව් බිම බලන්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන කවිය දුමි. ජයවේවා!

      Delete
  12. හලෝ හැලපෙ,

    මං අද ඔපිස්‌ එකෙන් කලින් ආවා. එනගමන් ජයේ අයියගේ පොට් එකෙන් භාගයක් දාගෙන එන්නං කියලා එතෙනට ගියා. ඊට පස්සේ ආයේ ඔන්න ඔහේ කියලා මං බෝතලකුත් අරං ආවා. මේ දැන් භාගයක් විතර දාලා ඉන්නේ. පොටෝ එකකුත් ගත්තා අපේ හැලපෙට, මාතලන්ට, රාජ්ට එහෙම බලාගන්න.

    ඉතිං හැලපෙගේ මේ ලිපියේ මාතෘකාව දැක්කා ගමන් මං බොන්න ගත්තු ෂොට් එකත් පැත්තකින් තියලා විජහට ආවේ හැලපෙ ආයේ ලියන්නේ නැතුව බ්ලොග් එක නවත්තන්න යනවදෝ කියලා දැකලා. මට එහෙම හිතුනම හරියට එපා වෙලා ගියා ඔන්න. කොටින්ම කිව්වොත් මං පත්තු කරන් හිටපු ගොලිප් එක නිමුවා මං.

    ඒත් මේ මේක කිව්වම පස්සේ තමයි දැන ගත්තේ හැලපෙ ආයේ එනවා කියලා. ඉතිං හැලපෙ මං දන්නේ නෑ හැලපෙ මෙහෙ එන්නේ ඇයි කියලා. මොනා උනත් මං කැමති අපේ හැලපෙ වගේ අය කොහේ හිටියත් හොදින් ඉන්නවා නං.

    මං පහුගිය ටිකේ බැලුවා අපේ මාතලන්ගේ බ්ලොග් එක එහෙමත්. ඊට පස්සේ කොමෙන්ට් එකක් දාන්නං කියලා ගියාම එකේ ඇනෝ දාන්න බෑ. ඊට පස්සේ මං ආව එන්න. මං ඉතිං දැක්කා පහුගිය දොහාගේ අපේ බ්ලොග් ලියන කට්ටිය, අපේ මාතලන් රාජ් එහෙමත් වාද කරගන්නවා. මං නං කැමති හැමෝම සාමයෙන් සන්තෝසෙන් ඉන්නවා නං. කවුරු හරි මට උනත් දොස් කියනවා නං මං කරන්නේ එතනින් මග ඇරලා යන එක. ඒත් ඉතිං බ්ලොග් ලියනා මහත්තරුන්ට උපදෙස් දෙන්න මං කවුද නේ හැලප. මං ඉතිං අඩියක් එහෙම ගහනකොට කල්පනා කරා ඇයි මේ මහත්තරු වාද කරගන්නෙත් කියලා. මට ඒක මතක් උනා හරියට.

    මං දාපු දිගම කොමෙන්ට් එකක් වෙන්න ඇති. ඉතිං හැලප මං ලෑස්ති හිමින් සැරේ ඉතිරි භාගේත් ගහලා, බත් ඩිංගක් කාලා හාන්සි වෙන්නං කියලා. හැලපෙගෙ ජිවිතේ අලුත් වෙනසට හදවතින්ම සුභ පතනවා හැලප. මට ඉතිං බ්ලොග් වල දන්නා අයට ඉන්නේ හැලප, මාතලන්, රාජ් එහෙමනි.

    ආ ඔන්න මං පොටෝ එකකුත් ගත්තා මගේ කැබරාවෙන් අපේ මාතලන්ට, රාජ්ට ,හැලපට බලාගන්න එහෙම.

    පොටෝ ඒක

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මගෙ අම්මේ උඹ දැක්ක කල් බං. සහෝදරයෙක් දැක්ක වගේ.

      Delete
    3. මටත් උඹේ කමෙන්ට් එකක් දැකපු එක හැලපෙ ආපහු එනවා කිව්වටත් වැඩිය සතු‍ටුයි. උඹ කොහොමද බං ඔහොම ගොලිප් ගහන්නෙ? එකක් පණස් පහක්ද කොහෙද නේද?

      එහෙ ලයිසන්ස් කැන්සල් කරන්නෙ නැද්ද බං හැලපෙ බීල එලවලා අහුවුනාම?

      Delete
  13. හැලපේ ලංකාවට සාදරයෙන් පිලිගනිමුය.. අන්තර්ජංජාල පහසුකම් ටිකක් ගණන් උනාට සෑහීමකට පත්වන්න පුළුවන් කනෙක්ශනුවක් ලබාගෙන එක්කන්කොල්ලා බ්ලොග ලියන්ටය...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉස්තුතිය. එහෙම ලියන්නට හිතා ඉන්නෙමිය.

      Delete
  14. සාදරයෙන් පිලිගනිමු

    ReplyDelete
  15. මව්බිමට අතුරු අන්තරාවකින් තොරව ගොඩ බසින්න ලැබේවා කියා පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොඳුරු සඳවතී.

      Delete
  16. ලබන 25 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හීදී පැවැත්වීමට නියමිත සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී විශේෂ කාර්යයක් කිරීමට නියමිතව ඇත. එනම් මේ වන විට අසනීප තත්වයේ පත්වන විචාරක බ්ලොග් අඩවියේ රචක විචාරක නොහොත් විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් WMJ ගුණරත්න මහතාට සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. මේ සම්බන්දව කටයුතු කිරීම සම්බන්දයෙන් මෙම බ්ලොග් සම්මාන උළෙල සදහා වෙහෙසෙන සැමට අපගේ ප්‍රණාමය මෙසේ පල කරමු.

    ReplyDelete
  17. අාපසු පැමීනීමට කල තීරනය ඉතාමත් හොදය. මට නමි අපේරට හැර හොද රටක් නැත.ඒක තේරුමි ගැනීමට නමි රටින් බැහැර විය යුතුමය.

    ReplyDelete
    Replies
    1. මටත් එසේමය. රාජකාරිය නිසා මෙපමණ කල් පිට සිටියෙමි.

      Delete
  18. ආයෙත් සිරි ලංකාවට සැපත්වන හැලප අයියා හා හැලපි අක්කා සාදරයෙන් ආදරයෙන් පිලිගනිමු.....

    ReplyDelete
  19. හැලප පුතී වෙල්කම් හෝම්...

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු පුතී.

      Delete
  20. සැපෙන් පරිස්සමින් එන්ට

    මෙහෙ සිග්නල් ගැන අපි කතා නොකර ඉමු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දැනට නං සිග්නල් වල වරදක් පේන්නෙ නෑ.

      Delete
  21. එයාර් පෝට් එකට එන්න වෙයිද මන්දා "හැලපේ පිලි ගමු" කියලා බෝඩ් ලැල්ලක් අරගෙන :D
    උඹව ලංකාවේ දී කොහොම හරි මුලච්චි වෙන්න ඕනේ බං අයියේ!

    ReplyDelete
    Replies
    1. හමුවෙමු හමුවෙමු. ඕනෑ වෙලාවක උඹට අපේ ගෙදර විවෘතයි.

      Delete
  22. හැලපයියා ගේ පොස්ට් එකේ හෙඩින් එක්ක දැක්ක ගමන් සිත සලිත වෙලා ගියා හැලපයියේ.මේ සමුදෙන්නේ "විප්‍රවාසයට" මිස බ්ලොගට නොවන බව දැන ගැනීමෙන් සතුටු වුනා.කොච්චර වුනත් නොරටක ඉන්නවාට වඩා උපන් බිමට එන්න ලැබුණු එක ගැන සතුටු වෙන්න ඕනෙනේ හැලපයියේ.එහෙම් පරිස්සමින් එන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්.කලකට පසුව උනත් වීප්‍රවාසයට සමුදී නැවත උපන්බිමට එන්නට ලැබීම සතුටක්.

      Delete
  23. ඈ අයියෙ උඹ හිතුවද මෙහෙ පකිස්ලන්තෙ කියල ? මෙගෙ බැලුං උඩ යවල තියෙන්නෙ සිග්නල් දෙන්න.
    වෙල්කම් බැක් ... බෝතලයක් අරං එන්නම් බලල යන්න ..

    ReplyDelete
    Replies
    1. කිතුල් පැණි ‍බෝතලයක් වෙන්ටැ

      Delete
    2. හරියට හරි එන්නයි තියෙන්නෙ.

      Delete
    3. ප්‍රසා,
      ඌ කිතුල් පැණි ගේනවා නං මම කිරි හට්ටියක් ලැස්ති කරල තියාගන්නන්.,

      Delete
  24. වෙල්කම් බැක් කිව්වලු...
    ලඟදිම හමු වෙමු...
    ජාලයනම් ලොකු අවුලක් වෙන එකක් නැහැ මයේ හිතේ...

    ReplyDelete
    Replies
    1. මේ අයියල ගොඩක් ස්පීඩ් ඒව බලනවනම් වේගෙ මදි කියල හිතෙනව ඇති.
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      . බය නැතිවෙයි මෙහෙ ආවම , මම ඩකා රැලියත් බැලුවෙ U බටෙන් .

      Delete
    2. ස්තුතියි. හමුවෙමු හමුවෙමු. පේන හැටියට ජාලෙත් අවුලක් නෑ තමා.

      Delete
  25. පසු ගිය මස මස්කට් වෙත පැමිණියත් හැලපයියා සහ කොච්චියා එකට හමු වීමට නොහැකි වීම සහ මධුවිතක් තොල ගාන්නට බැරි වීම ගැන හිතේ ඇත්තේ අප්‍රමාණ දුකකි, ජීවිතය අප කැමති හැම දේම අපට ලබා දෙන්නේ නැත !

    පසුගිය සැප්තැම්බරයේ කියවන්නට පටන් ගත්, අබිං කෑවා සේ ඇබ්බැහි වන්නට යෙදුණු, මාගලක් සේ දිග, හැලපසේ රසවත් හැලප කඩය කියවා අහවර කලේ පෙරදා දහවලය එය අහම්බයක්දැයි නොදනිමි.

    මස්කට් වල බැරි වූ හමුවීම ලංකාවේදී හෝ දවසක ඉෂ්ඨ වෙනු ඇතැයි යන්න මගේ බලාපොරොත්තුවයි.

    හැලපයියාට සහ බිරිදට සුභ ගමන් !!!

    ReplyDelete
    Replies
    1. මදුවිතත් කොච්චියාත් මමත් ඔබව ආදරයෙන් පිළිගන්නට සුදානම්ව සිටියත් ගමනේ කාර්ය බහුලත්වය හේතුවෙන් ඔබ මුණ නොගැසෙන බව කොච්චියාගෙන් දැනගන්නට ලැබී කම්පා වීමි. ලංකාවේදී කෙසේ හෝ දවසක් හමුවන්නට ප්‍රාර්ථනා කරමි.
      ස්තුතියි.

      Delete
    2. ඔව් හැලපයියේ ඒ සතියේ සිකුරාදා දවස පුරා අපි සිෆා වෙරළේ ගත කරලා රෑ එතැනම නැවතුනා !

      Delete
  26. සිරි ලංකාවට හැලප පවුල සාදරයෙන් පිලිගනිමු! දිනෙක අපි හමු වෙමු.

    ReplyDelete
  27. http://asianmirror.lk/news/item/22967-australia-s-internet-speeds-worse-than-sri-lanka
    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය ඔස්ට්‍රේලියාවට වඩා හොද තත්වයේ තියනවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවායි බලාපොරොත්තු වෙමි.

      Delete
  28. හැලප පවුල සාදරයෙන් පිලිගන්නවා... සතුටුයි හැබැහින් දකින්න අවස්ථාවක් ලැබෙන එකට ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි, හැබැහින් දැකගන්න ලැබේවා කියා මමත් පතමි.

      Delete
  29. එහෙ පොලිසිය මාරයි නේ

    ReplyDelete
  30. මම හිතන්නෙ එක internet connection අව්ලක් නැති වෙයි දැන් තියෙනව එක එක ලබ්බවල්. ස්පීඩ් කියන්න තරම් වරදක් නෑ\

    and welcome to sri lanka.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ ලියන්නෙත් එහෙම ලබ්බකින් තමා. ස්තුතියි මද්දෝ.

      Delete
  31. සුබ පැතුම්, ලංකාවට ආවම හමුවෙමු. අපි එක වැයිකිකියේ මිනිස්සු.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපි හමුවෙමු නොවැරදීම.

      Delete
  32. ආයමත් ස්ටේ වෙලා අඩියක් ගහන්නේ ලැබෙයි...පරිස්සමට එන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මැන්ඩෝ, ආයෙම අඩියක් ගහමු.

      Delete
  33. ලංකාවේ ද මස්කට් ඇත. මස්කට් පමණක් නොව පැනි බූන්දි ද ඇත.

    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මස්කට් පැණි බූන්දි තියෙනව අපෙ කාමරේ.

      Delete
  34. හමුවීමට ආසාවෙන් සිටිමි.

    ReplyDelete
  35. හැලපයාගේ ආගිය කතා ඉක්මනින් කියවන්න ලැබේවා. ලංකාවෙත් අන්තර්ජාල පහසුකම් තියෙනවා.
    යහපාලනය ආව දවසට රටටම වයිපයි...

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් නැවතත් ආගිය කතා ලියන්නට සිතා සිටිමි. රටටම නොමිලේ වයිෆයි ලැබුණම දවසට එක ගානේ කතා ලියැවෙයි.

      Delete
  36. එමු එමු.. අපිත් මෙහෙ ඇවිත් කට්ට කනවා.. ආපහු එන එක හරියට අමු අඹ කනවා වගෙ. කන උන් දැක්කාම ආසයි. කෑවාම කල මෝඩකම කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඕව ඔහොම තමයි සරත් ගණන් ගන්න එපා. ඒ කියන්නෙ දැන් ඔබ ලංකාවේ.

      Delete
    2. ඔයාගේ බ්ලොග් එකට යන්න බැහැ අයියන්ඩි

      Delete
  37. මදැයි මම ඇවිල්ල තියෙන්නෙ හැලප අන්තිම කතාවෙදි නෙ....ආයෙ ලියන කල් එහෙනම් ඉන්නම්කො

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? ඉක්මනටම ආයෙ ලියන්නංකො.

      Delete
  38. Halapakadeta goda une palamu wene parata.onna bole atha kotama halapaya lankawata anawalu..lankawata aweillama liyana katha tika balamukooo...

    Halapaaiyala antharjale gana baya weemak wennata deyak natha..dakunu asiyawe prthama warata 5g athhada balannalu hadanne lankawe...heee...hee..

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා. දැනට මට ලැබී තියෙන 4 G පහසුකම වරදක් නෑ වගේ.

      Delete
  39. හැලප මාමේ හොදා හොදා....

    - ජය බෝලී නාත් -

    ReplyDelete
  40. හැලපයියේ.. මාර දුක් සීන් එක. කමක් නැහැ. ලබන අවුරුද්දෙ ලංකාවට ආවහම ඔහේව බලන්න එන්නං. අනුමත වෙන එව්වත් උස්සගෙනම එන්නං.

    සුභ වේවා..!!

    🙏

    ReplyDelete
    Replies
    1. උබ එන දවසට මම ගුවන් තොටුපොල ඉස්සරහා ඉදගෙන ඉන්නවා තෝ එනකන්

      Delete
  41. අනුමත වෙන එවුව ගෙනත් අනුමත වුනාද ඉතිං

    ReplyDelete
    Replies
    1. ඔබ දෙවැනි වතාවටත් සම්මානයට පාත්‍රවීම ගැන මගේ සුබ පැතුම්!

      Delete
  42. හැලපා අයියා ආවා කියා දැනගත්තා. මැරෙන්න කලින් තව එක දවසකට හෝ දැක කතා කර යන්න එමි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමු.

      Delete

ඔබේ අදහස්