Sunday, February 26, 2017

මහ රෑ පැමිණි මිතුරා, ලව් බෝට්,චෙපාකිගේ රෑ කෑම වේල සහ කොච්චියාගේ උදෑසන දකුණු ඉන්දීය ප්‍රේමය.


අප කලින් කතාකරගත් අකාරයට  කොච්චියා අපේ ගෙදර දොරේ සීනුව නාද කලේ හරියටම හවස දෙකටය.   කළින් කතාකරගත් ආකාරයයි කීවේ දවාලක සෙට් වෙන්නට කොච්චියා කළ යෝජනාවයි.    ඔහුගේ යෝජනාවට එකඟත්වය පළකරමින් මම කීවේ ස්ථානයද අවශ්‍ය අඩුම කුඩුමද මවිසින් සපයන බවය.    ඒ අනුව දහවල ආහාරයෙන් පසුව අපගේ හමුව සිදුකරන්නට යෝජනා එකඟත්වය පළකෙරුණු අතර හමුවේ අවසාන හෝරාව සම්බන්ධයෙන්  තීරණයක් ඒ වනවිටත් නොවුනේ හමුවේ අවසානය ගැන කලින් තීරණයකට ඒම නිශ්ඵල බව අප දෙදෙනා හොඳින්ම දන්නා බැවිනි.    නිශ්ඵල කියනවිට මට තව කතාවක් මතක්වේ.   එනම් මා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සේවය කරන සමයේ ඡායාරූප ශිල්පියෙක් වීමට මුළු හදවතින්ම කල උත්සාහය පිලිබඳවය.    ඡායාරූප ශිල්පය සම්බන්ධව කෙතරම් උනන්දුවක් තිබුණද ඒ සම්බන්ධව පාඨමාලාවක් හදාරා තිබුණද ඡායාරූප ශිල්පියෙක් වීමට අවශ්‍ය මූලික අංගය වන එස් එල් ආර් කැමරාවක් මා ළඟ  නොතිබීම හා කැමරාවක් මිළදී ගන්නට අවශ්‍ය මුල්‍ය ශක්තිය මා සතුව නැතිවීම මගේ හද පිරි ආශාවට හරස්වන සාධකයන් විය.    ඡායාරූප ශිල්පියෙක් වන්නට අවශ්‍ය කැමරාවක් මිලදී ගන්නට නොහැකිව සිටි හා සිටින බ්ලොග් පාඨකයන් බොහෝ දෙනෙකුට මෙවන් අවස්ථාවක මට ඇතිවූ හැඟීම වටහා ගන්නට හැකිවනු ඇතැයි මා අවංකවම සිතමි.    කැමරාවක් සඳහා එදා කළයුතු වියදම අද දවසේ සිනහවකින් මතක් කල හැකි වුවද එවකට ඒ මුදල මට මහමෙරක් මෙන් විශාල විය.    වැඩකට ගන්නට හැකි කැනොන් වර්ගයේ එස් එල් ආර් කැමරාවක් එදා තිබුණේ රුවන් ළඟ පමණි.   මට කරන්නට ලැබෙන වැඩ මා රුවන්ගේ කැමරාව ඉල්ලාගෙන කරගත් අතර රුවන්ද සිය කැමරාව මගේ වැඩ සඳහා පාවිච්චි කරන්නට නිර්ලෝභීව ඉඩ දුන් බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුමය.     ඒ කාලයේ රාජ්‍ය පරිපාලනයේ සිටි මීයා මවිසින් ගන්නා ලද නිශ්චල ඡායාරූප වලට  නමක් පටබැන්දේ මට නිශ්ඵල ඡායාරූප ශිල්පියා කියමිනි.

නැවතත් අපේ කතාවට පැමිණියහොත් කොච්චියාගේ පැමිණීම සමගම අපේ කර්තව්‍යය ආරම්භ විය.   කර්තව්‍යය කියනවිට මට තව කතාවක් මතක්වේ.    ඒ අසුව දශකයේ මුල් භාගයයි.   මම උදේ රස්සාවට ගියේ අපේ ගෙදරට අල්ලපු ගෙදර සිටි කුඩා දරුවා සමගය.    ඔහු එවකට ආනන්දයේ හයවෙනි වසරේ සිසුවෙක් විය.   ගෙදර සිට දුම්රිය පොළට තිබුණු දුර පයින් ගිය අපි දුම්රියට නැංගේ අපේ ගමේ තිබුණු කුඩා දුම්රිය පොළෙනි.    පසුකාලීනව අපේ උදේ ගමනට දේවි බාලිකාවේ හයවෙනි පංතියට තේරුණු ඔහුගේ කුඩා නැගණියද එකතු වුවාය.    අප එකට ගියේ ගෙදර සිට දුම්රිය පොළට පමණක් වූ අතර දුම්රිය පැමිණි විට මා මගේ සගයන් සිටි මැදිරියට ගොඩවූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් තම  තමන්ගේ මිතුරු මිතුරියන් සිටි මැදිරිවලට ගොඩවුහ.     මෙසේ කාලය ගතවුයේ අවුරුදු  ගණනිනි.    දැන් මේ කුඩා දරුවා යොවුන් වියේ එළිපත්තට එබිකම් කරන ගැටවරයෙකි.    ස්වභාවිකවම විය යුතු පරිද්දෙන් විරුද්ධ ලිංගිකයන් කෙරේ ඇතිවන ආකර්ෂණය ඔහුටද නොඅඩුව ඇතිවුන අතර ඒ අනුව ඔහුගේ ළපටි පෙම්වතිය වුයේ අපේ දුම්රිය පොළෙන්ම දුම්රියට නැග ගම්පහ නගරයේ පාසැලකට ගමන් ගන්නා  පාසැල් දැරියකි.    මේ සියළු දේවල් මා අඩුවක් නැතිව දැනගත්තේද මගේ කුඩා මිතුරාගෙනි.     අප දෙදෙනාගේම හිතවත් ජොලා මේ කෙල්ලට පටබැඳි නම වුයේ කර්තව්‍යය යන්නය.    කෙසේ වුවද වැඩිකල් යන්නට පෙර  කර්තව්‍යය තම ප්‍රේමයට නැවතීමේ ලකුණ තැබුවාය.   මගේ මිතුරා මේ වියොව දරාගත්තේ සැහැල්ලු සිනාවකින් වූ අතර ඉතා ඉක්මනටම තවත් පාසැල් කෙල්ලක් ඔහුගේ පෙම්වතිය වුවාය.    

ඒ කතාව මා සමග කිවේ ඔහුගේ නැගණියයි.    එසේ කියූ ඇය වැඩිදුරටත් කීවේ ඒ කෙල්ල එවකට ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරය වූ ලව්බෝට් නම් ඉංග්‍රීසි ටෙලියේ  රඟන නිළියක් වගේ බවය.    දවසක් අපි දෙදෙනාම ඇය නගින කෝච්චි පෙට්ටියට නැග කෙල්ලව දැක බලාගෙන ලව්බෝට් යනුවෙන් ඇගේ නම බවුතීස්ම කළෙමු.     කර්තව්‍යය සමග පලහිලව්ව එතනින් අවසන් වුවත් මේ සම්බන්ධයෙන් මට විසඳා ගත යුතු ප්‍රශ්නයක් ඉතිරිවිය.    එනම් කර්තව්‍යය සිය කුළුඳුල් ප්‍රේමයට පොල්ල තැබුවේ ඇයිද යන්නයි.     මට තිබු සම්බන්ධතා භාවිත කරමින් සොයා බැලු මට දැනගන්නට ලැබුණේ ලබාල වයසේදීම හොඳින් වැඩුණු අඟපසඟ සහිතව උස් මහත්වූ දැරියක්ව සිටි කර්තව්‍යය තමන් තරමට උස මහත නොවූ සිය පෙම්වතා ගැන යෙහෙළියන් විසින් කරන ලද විහිළු තහළු හේතුවෙන් මේ තත්වය ඇතිවූ බවය.

කර්තව්‍ය සම්බන්ධ කතාවද එතැනින් අවසන් වන අතර අපි නැවතත් මුල් කතාවට පැමිණෙමු.     නිවසට ආ විගසම මම කොච්චියාගෙන් විමසුවේ දහවල් ආහාරය ගත්තාද කියාය.      ඔහු දහවල් ආහාරය ලබාගෙන ඇති බව කී අතර මමද ඒ වනවිට ඉතා සුළු ප්‍රමාණයකින් දහවල ආහාරය ලබාගෙන තිබුණේ වෙනදා තරමටම කෑවොත් අප විසින් කරන්නට බලාපොරොත්තු වන කර්තව්‍යයට බාධා වන බැවිනි.    ඒ අනුව ප්‍රමාදයකින් තොරව අප දෙදෙනාගේ  සාදය ආරම්භ වූ අතර සෝඩා සහ අයිස් කැට පමණක්  මදුවිතට මුසු කරන්නට තබා  තිබුණේ  කෘත්‍රිම බීම වර්ග අප දෙදෙනාම පාවිච්චි නොකරන බැවිනි.     ඊට අමතරව එවෙලේම මිරිකාගත් දොඩම් ගෙඩි දෙකක යුෂ ස්වල්ප වශයෙන් බීමට මුසු කළේ පානයේ ඇති අමිරස අඩු කරන්නට උපකාරයක් වේය කියාය.    ඇත්ත වශයෙන්ම එය අප බලාපොරොත්තු වූවාටත් වඩා ප්‍රතිපලදායක වුයේ අප සිත් සතුටට පත් කරවමිනි.     හැලපි එවේලේම  සාදාගත් කටගැස්ම අපට ලබාදුන්නේ උණු උණුවෙනි.     මෙසේ ආරම්භ වූ අපේ කුඩා සාදය හොඳටම උණුසුම් වුණේ  ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20 විස්ස තරඟය පටන්ගත් පසුවය.     බයිට් ගොඩක් තිබුණත් අන්තිමට හොඳම බයිට් එක උනේත් මැච් එකය.      මට වඩා මැච් ගැන පකීර් කෙනෙක්වූ කොච්චියා මැච් එක ලංකාව දින්නෑං පසුව කීවේ ලංකාව දිනන බව ඔහු හොඳින් දැන සිටි බවය.      මැච් එකත් අවසන්ව සාදය අහවර වෙන තුරුම කොච්චියා කියෙව්වේ කොච්චි හාමිනේගේ කොන්දෙ අමාරුව හේතුවෙන් චෙපාකිට හිතූ හැටියට සලකා ගන්නට බැරි උන බවය.

අවුරුදු විසි ගාණක් වැඩ කළ රටට සංචාරයකට ඇවිත් යන්නට බැරිද කියා මම චෙපාකිගෙන් අසමින් සිටියේ කලකට පෙර සිට වුවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොවීය.    චෙපාකිගේ ඥාති සොහොයුරෙක් විවාහ වුනේ මේ අතරවාරයේය.    මට කියා ඔහුව බන්දන්නටද චෙපාකි සෑහෙන උත්සාහයක් ගත් අතර විවාහයෙන් පසුව ජෝඩුව පදිංචි උනේද ළඟ පාතම තියෙන නිවසකය.    ඒ වගේ බැඳපු තවත් ජෝඩුවක් ගැන මගේ මතකය අලුත් වෙයි.    ඒ මීට අවුරුදු කීපයකට පෙරය.    ලංකාවේ දොස්තරවරියක් වූ කෙල්ල විවාහ වුනේ බෙල්ජියම් ජාතිකයෙක් සමගය.    බැන්දුවායින් පසුව මේ ජෝඩුව මා සමග ඉතා කුළුපග වුහ.     මේ ළඟදී මම ඔවුන්ට කතා කරන විට ඒ දෙපොල මෙරට අතහැර දා ලංකාවේ හික්කඩුවේ තනාගත් නිවසක පදිංචියට ගොස් සිටි අතර පැමිණි විගස තමන් බලන්නට පැමිණෙන්නය කියා මට දිගින් දිගටම කියා සිටියෝය.     අලුත බැඳපු චෙපාකිගේ ඥාති සොහොයුරා සිය බිරිඳද සමග ලංකාවේ සංචාරයකට ගියේ මෑතකදීය.    

ඔවුන් විසින්ද චෙපාකිට මේ රටට පැමිණෙන්නටය කියා ආරාධනා කරන ලද අතර කෙටි  සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන්නට  චෙපාකි කල්පනා කළේ ඊට පසුවය.    ඒ ගැන ඔහු මට දැන්වූ පසුව ඉතිරි හරිය සුදානම් කිරීම සුළු දෙයක් විය.    ඔන්න ඔය ආකාරයට චෙපාකි ගේ ගමන සිදුවූ අතර ඔහු මෙරටට ළඟාවූයේ යක්කු ගස් නගින මැදියම් යාමයේදීය.    චෙපාකි යුවළ පැමිණෙන තුරු කොච්චියාත් මමත් චෙපාකිගේ ඥාති සොයුරාත් ගුවන් තොටේ බලා සිටියෙමු.      චෙපාකි යුවළ නවාතැන් ගත්තේ ඔවුන්ගේ ඥාති සොහොයුරා සමග වූ අතර පැමිණි දාට පසුදා එම  නිවසේ චෙපාකිගේ සමාගමේ පැරණි සගයන් සියල්ලන්ටම රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ  අතර කොච්චියාත් මමත් බ්ලොග්කරුවන් වශයෙන් එම සාදයට  ආරාධනා ලැබූවෙමු.

රාත්‍රී හතහමාරට පමණ සාදය ආරම්භවූ අතර කොච්චියාත් මමත් යද්දී ආරාධිතයන් බොහෝ දෙනෙක් පැමිණ මිදුලේ ලන්තෑරුම් එළියෙන් චෙපාකිගේ පැමිණීම සමරමින් සිටියහ.    මධුවිතට අවශ්‍ය කටගැස්ම සියල්ලම චෙපාකිගේ අතින් පිළියෙළ වී තිබුණේ ඔහුගේ ආශාව වූ මිතුරන්ට තම අතින්ම කෑම සාදා දීම සපුරා ගනිමිනි.   මදුවිත නිදහසේ ගලා යද්දී අනුපානයට ගීත ගැයීම ආරම්භ විය.   කොච්චියාට සහ මට චෙපාකි සමග අපේ කතා නිදහසේ කරගන්නට අනෙක් අයගෙන් ඉඩක් නොවූ අතර ඔවුන් කීවේ තමන්ට නොතේරෙන අපේ බ්ලොග් කතා නවතා දමා ඒ අය සමග ගී ගැයීමට එකතුවෙන ලෙසය.   මෙසේ නිදහසේ ඇදීගිය සාදය මධ්‍යම රාත්‍රියත් පසුවන තුරු ගලාගියේ චෙපාකිගේ ආශාව සපුරාලමිනි.    නිවෙස් බලා යන්නට සුදානම් වීම සඳහා රාත්‍රී ආහාරයට මට වාඩිවෙන්නට වුයේ තනිවමය.    ඒ මන්ද යත් චෙපාකි රාත්‍රියට ආහාර නොගන්නා බව කී අතර කොච්චියා රෑ කෑම අනවශ්‍ය බව කීවේ ගෙදර ගිහින්ද තව ටිකක් බීලාම රෑට කන්නට බව මම දැන සිටියෙමි.    චෙපාකි රෑට නොකන හේතුව මම ඔහුගේ ආදරණීය බිරිඳ චෙපීගෙන් ඇසු විට ඇය කීවේ බඩ මහත් වෙන නිසා චෙපාකි රෑට කෑම නොකන බවත් බයිට් ටිකක් වැඩියෙන් කාදමා නිදාගන්නා බවත්ය.   මටනම් රෑට කෑම නොකා ඉන්නට බැරිය.   ඒ නිසා චෙපාකි අපට රාත්‍රී ආහාරයට සුදානම් කර තිබු ඉඳිආප්ප සෑහෙන ප්‍රමාණයක් සීනි සම්බෝල සහ මාළු හොදි සමග ගිල දැමු මම ඊට පසු චිකන් සහ සලාද සමග ප්‍රයිඩ්  රයිස් පිඟානකට සාධාරණය ඉටු කළේ මහන්සියෙන් හදපු කෑම  ඉතිරි කළහොත් චෙපාකිට ප්‍රශ්නයක් වන නිසාය.   වටලප්පන් කෝප්පයක් පළතුරු සමග කා රාත්‍රී ආහාරය අවසන් කළ මම කොච්චියාත් සමග චෙපාකි යුවළගෙන් සමුගෙන ගෙදර ගියෙමි.     ගෙදර ගියද මට ප්‍රශ්නයක් ඉතිරි වුණේ චෙපාකි රෑ කෑම නොකන එකය.   මන්ද යත් චෙපාකි යුවළ පසුවදා රාත්‍රි ආහාරය සඳහා අපේ ගෙදරට එන්නට නියමිත වූ හේතුවෙනි.    පසුවදා රාත්‍රී ආහාරය සඳහා එන චෙපාකි යුවලට රසට කෑම දෙන්නට හැලපි විචිත්‍ර කෑම වට්ටෝරුවක් සාදන්නට අර ඇඳ ගෙන සිටි අතර චෙපාකි ගේ රාත්‍රී උපවාසය හේතුවෙන් නොයෙකුත් වර්ගයේ කෑම සැදීම නිෂ්ඵල  කාර්යයක් වන්නේය.    මා චෙපාකිගේ රෑ කෑම වර්ජනය ගැන හැලපිත් සමග කීවේ පසුදා උදයේදීය.

"එතකොට මම මහන්සිවෙලා හදන කෑම කන්නෙ කවුදැ'?යි ඇසු හැලපි මගේ ඇඟට ගොඩවුනාය.

"ඔය ගැන දැන් මෙතන අපි දෙන්න කෙළගෙන වැඩක් වෙන්නෙ නෑ,කන විදියකට දෙයක් හදල දෙන්න බලමු' යි මා කීවේ හැලපිගේ ඔරොප්පුව සමනය කරන්නටය.    

ඒ අනුව සුදානම් වී සිටි මෙනුව සම්පුර්ණ සංශෝධනයකට ලක්කළ හැලපි වෙනස්ම මෙනුවකට පසුදින රාත්‍රී ආහාරවේල පිළියෙළ කරන්නට සුදානම් වුවාය.  පසුදා රාත්‍රියේ කල්වේලා නොඉක්මවා චෙපාකි යුවළ අප නිවෙසට පැමිණි අතර මගේ තවත් මිතුරෙක්ද පැමිණියේ විශේෂයෙන්ම පිංතුර ගන්නටය.   අපේ කතාබහ සමගින් සාදය නැගලා ගිය අතර චෙපාකිට කෑමට මවිසින් පිළියෙළ කරන ලද කටගැස්ම කමින් බෝතලයකට වටවී සිටියෙමු.    මෙහෙම කියනවිට මට තව කතාවක් මතක්වේ.    එනම් අපි බොනකොට අරක්කු තොපි බොනවනම් මදුවිත කතාවයි.  කලාකාරයන්,ප්‍රසිද්ධ අය විසින් කරන ලද මත්පැන් පානයක් ගැන මාධ්‍යයක ලියැවෙද්දී ලියන්නේ මදුබඳුන මදුවිත ආදී වශයෙනි.   ඔවුන් වීදුරුවේ දාගෙන කසිප්පු බීවද එය මදුවිතය.    එසේ  නොවන දුහුනන් වූ අපි වීදුරුවට ඩබල් බ්ලැක් දාගෙන බිව්වත් එය අරක්කුය.    මේ වෙනස ගැන මම මගේ හිතවතෙකු වූ කවියෙක්,නිවේදකයෙක්, ලේඛකයෙක්,ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ වරයෙක් ආදී ක්ෂේත්‍ර ගණනාවකම හපන්කම් දැක්වූ කලාකරුවෙක් සමග දවසක බීමක් පාවිච්චි කරද්දී ඔහුගෙන් මේ ගැන ඇසුවෙමි.

"මොන නම කිව්වත් වැඩක් තියෙනවද බං හොඳට වදින බීමක් නැත්නං? 

කියමින් මගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දුන්නේය.   නැවත වතාවක් අපේ කතාවට ආවොත් සාදයේ සිටි කාන්තාවන් ඇතුලු අනෙකුත් අය කෑම මේසයට ඇවිත් බෙදාගෙන කෑවත් චෙපාකි මේසය පැත්ත පලාතේවත් නොආවේය.   මේ වැඩේ හොඳින් දැන  සිටි හැලපි කළේ ඇය විසින්පිළියෙළ කරන ලද ආප්ප,බිත්තර ආප්ප ආදිය පිඟන් පුරවා චෙපාකි මදුවිත සප්පායම් වෙමින් සිටි තැනට යැවීමය.   චෙපාකි ඇතුලු එතන සිටි අපි සියළු දෙනාම කිසි අදිමදියකින් තොරව බඩකට පුරා ආප්ප කෑවෙමු.    මහත් වෙනවාට බයෙන් රෑට නොකන චෙපාකිට අප කන්නට දුන්නේ ඔන්න ඔය ආකාරයටය.  අපේ සංග්‍රහ කෙසේ වුවද කලකට පසු සිදුවූ චෙපාකි යුවලගේ මෙරට සංචාරය ඔවුන්ට හුරුපුරුදුව සිටි කෑම පිළිබඳව තිබු බොහෝ ඇරියස් කවර් කරගන්නට ඔවුන්ට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට ඇති බව නම් විශ්වාසය.    දැන් ඉතිං කතාව නවත්වන්නට වෙලාව පැමිණ ඇති බව පෙනීයයි.    ඊට පෙර කියන්නට තවත් කතාවක් ඇත.   දකුණු ඉන්දීය සම්ප්‍රදායික කෑම් බීම් වලට ප්‍රිය කරන්නෙකු වූ කොච්චියා මේ නගරයේ ඇති දකුණු ඉන්දීය අවන්හල් සැමෙකකින්ම පාහේ කමින් බොමින් ඔහුට පුරුදු රස සොයයි.    ඔහුගේ මේ විනෝදාංශය ගැන දවසක් පෝස්ටුවක් ද ලියා තිබුණා මට මතකය.    

දිනක් ඔහු මටද ඔහු සමග උදෑසන කෑම වේලකට එකතුවෙන ලෙස ආරාධනා කළ විට මමද ඔහු සමග ගොස් උදේට කෑවෙමි.    දකුණු ඉන්දීය පාතරාසය  අතිශය ප්‍රසන්න අත්දැකීමක් වුවද පොඩි ප්‍රශ්නයකට තිබුණේ වැඩේ පටන්ගන්න වේලාවය.     මන්ද යත් සතිඅන්තයේ පළමු දිනය වන සිකුරාදා සාමාන්‍යයෙන් අපි තරමක් දහවල් වෙනතුරු නිදා ගන්නෙමු.    නමුත් කොච්චියා උදේට කෑමට යන්නේ උදේ හතට පමණ වීම තරමක අවුලක් විය.    දකුණු ඉන්දීය කෑම තිබෙන හැම අවන්හලකටම ඔහු නොයන අතර යන්නේ ඔහු සිත්ගත් අවන්හල් කීපයකටය.   මේ ගැන මා කොච්චියාගෙන් ඇසුවිට ඔහු කීවේ දකුණු ඉන්දීය කෑම තිබුණු පමණින් අවන්හලක් දකුණු ඉන්දීය නොවන බවත් කෑමට අමතරව දකුණු ඉන්දීය ගතිය (South Indian Spirit) ද එම අවන්හලේ තිබිය යුතු බවය.  
මේ ලඟදි දවසක දවාලේ මා සමග බෝතලයකට සෙට්වුණු කොච්චියා පිටත්වී යනවිට මා සමග කතාකරගත්තේ පහුවදා උදේට කන්නට දෙන්නාම එකතුව යන්නටය.   දහවල කරන ලද කර්තව්‍යය සෑහෙන දිග දුර ගිය නිසා මම කළින්ම නින්දට ගියෙමි.    මළාක් මෙන් නිදාගත් මට පසුදා උදේ ඇහැරුණේ කන ළඟ නාදවූ දුරකතනයේ සද්දයටය.   වෙලාව බැලු විට උදේ හතයි හතළිස්පහවූ අතර කොච්චියා කතා කළේ මාවත් එක්ක යන්නට ලඟම එන බව කියන්නටය.     කරකවා අතහැරියාක් මෙන්වූ මා ඉක්මනටම කීවේ මා තාම නිදියහනේ නිසා ඔහුට යන්නට කියාය.   නිදාගන්නැයි කියූ කොච්චියා මට බැන වදිමින් තනියම කන්නට ගියේය.   ආයෙම ඔහු මට උදේ කන්නට කතා කළේ ඊයේය.    ඊයේ නම් බැණුම් අහන්නට බැරි නිසා කළින්ම  ඇහැරුණු මම කොච්චියාගේ සුඛෝපභෝගී වාහනයට නගිද්දී වෙලාව හතයි හතළිහය.    ළඟ පාත තිබූ මලබාරි අවන්හලකින් වඩ සමග උප්පුමා කෑ අපි දකුණු ඉන්දීය කිරි තේ එක බොන්නට ගියේ වෙනත් අවන්හලකටය.   අපි දෙන්නා කාපු රස කෑම වේල ඔබ සමග බෙදා ගන්නට මම කැමරාව අරගෙන ගිහිං පින්තුරයකුත් ගත්තෙමි.    පිංතුරයේ මගේ කෑම පිඟානට ඉදිරියෙන් තම පිඟානට උප්පුමා බෙදා ගන්නේ කොච්චියාය෴

ප.ලි :චෙපාකි ගේ සංචාරයේ පිංතුර මේ වනතුරුත් මට ලැබී නොමැති බව කරුණාවෙන් සළකන්න.

162 comments:

  1. Replies
    1. යකෝ මේක තනිකරම කෑමයි, බීමයි ගැන පෝස්ට් එකක්නෙ.
      මොනව උනත් දෙන්න තුන්දෙනා හොඳ ෆන් එකක් අරන් තියෙනව වගෙයි පහුගිය දවස්වල.

      Delete
    2. මේ ප්‍රොපයිල් පින්තුරේ ඉන්නේ ඔහේද? ඉන්දියානු අවන්හලකදී කාපු පුස්කාච්ච ෆුස්‌නාබු ගෙඩියක් වගේ. වෙන පොටෝ එකක් දාගනින්. හැලපගේ රැවුල හරි කමක් නෑ.

      Delete
    3. ආනමඩුවේ කළුගල් මුදලාලි. ඔබයි අපේ සක්තිය මුදලාලි. ඔබයි අපේ භක්තිය මුදලාලි. ආනමඩුවට වහින්නේ නැතුව වහින්න ඕනා තැනකට. ආනමඩුවේ කළුගල් මුදලාලිට කළුගල් පටවන්න වෙන්නේ නෑ. කෙහෙල් කොටුවට ගොඩ බැස්ස මිත්‍ර සෙනෙවියා වගේ හතර අතේ නෙලපු මුදලාලි කෝ? සියල්ල දත් ආනමඩුවේ කළුගල් මුදලාලිට අමා මහා නිවනින් සැනසීම උදාවේවා.

      Delete
    4. කොහමද ඇනෝ දෙන ආතල් එක

      Delete
    5. //අමා මහා නිවනින් සැනසීම උදාවේවා.//
      නිවුනහම ඌ කොහොමද බං සැනසෙන්නෙ, බෝර නූල ඇවිලුනොත් තමයි ඌට වාසි.

      Delete
    6. වීල්පත්තුවේ අධ්‍යාත්මික නායක රිසාඩ් බදියුදින් මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමා මට මේ ගේ ලබා දුන්නා. අපි එතුමාට සදා නය ගැතියි.

      Delete
    7. මීට වසර තුන හතරකට පෙර අපේ ටවුමේ පිස්සෙක් විසිය. පිස්සෙක් කීවාට තුන් හතරදෙනෙක්ම සිටි අතර කතාවට සම්බන්ධ පිස්සා 'තට්ට අස්රා' නම් විය. දිනක් කොටුවක් රැගෙන ටවුමේ ඔරලෝසු කණුව අසලට පැමිණි තට්ට අස්රා වීදිවල ගමන් ගන්නා සියලුම මිනිස්සුන්ට එක පැත්තකට පමණක් ගමන් ගන්නා ලෙස අණ කළේය. 'මේ මහින්ද මහත්තයාගේ කාලේ, රටේ විනයක් තියෙන්න ඕනි. හිතුන හිතුන විදියට පාරේ ඒ මේ පැත්තට යන්න බෑ, එක පැත්තකට විතරක් යන්න ඕනි' කියමින් අස්රා මිනිසුන් මෙහෙයවීමට පටන් ගත් අතර ඔහුට අවනත නොවන උදවියට කෝටු පහර දීමට මැලි නොවිණි.

      ටික වෙලාවකින් කොහේදෝ යමින් සිටි තවත් පිස්සෙකු වූ ඉක්බාල් පිස්සාද එම අරුමය බැලීමට එතනට පැමිණියේය. ඉන්පසු ටික වෙලාවක් තට්ට අස්රාගේ ක්‍රියාව දෙස බලා සිටි ඉක්බාල් පිස්සා 'අනේ උබ වගේ පිස්සෙක්. දැන් උබ දන්නේ නැද්ද අපේ ලෝකේ රොටියක් වගේ පැතලි එකක් කියලා. උබ මොකද මේ කරන්නේ. මිනිස්සු ඔක්කොම ටික එක පැත්තකට යවනවා. ඒකෙන් වෙන්නේ ලෝකේ සමබරතාව නැති වෙලා ලෝකේ අනික් පැත්තට පෙරලිලා යන එක. අපි ඔක්කොම යටවෙයි' ඉක්බාල් පිස්සාගේ කතාව ඇසු අස්රා පිස්සා ටික වෙලාවක් පුදුමයෙන් මෙන් සිට කෝට්ට විසිකර දමා යන්නට ගියේය..

      බ්ලොග්කරුවන්ගේ මෝඩ කම් හෙළිකිරීමට තවත් බ්ලොග්කරුවෙක්ම පැමිණෙනවාක් මෙන් පිස්සෙකුගේ පිස්සු වැඩ පැහැදිලි කරදිය හැක්කේද තවත් පිස්සෙකුටම පමණි.

      Delete
    8. අප්පටසිලි ඇනෝල කට්ටියම හැලපකඩේ පදිංචියට ඇවිල්ල වගේ.

      Delete
    9. මේව දැක්කම නිකං පිස්සෙක් වගේ පිස්සෙක් වගේ නිවං යන්න තමයි හිතෙන්නෙ.

      Delete
    10. ඇනෝ උබ ඇත්තටම ආතල් බුවෙක් ....පිස්සාගේ කතාව පොඩි මෙන්ඩට කියලා දෙන්න ඕනේ ඌ ට විහිළු කතාවක් කිව්වම හිනා වෙන හැටි දැක්කහම මගේ දවසේ මහන්සිය කොහේ ගියාද නැහැ

      Delete
    11. තනිකරම කෑම තනිකරම කෑම. අපේ හිතවත් චෙෆා ආවහම එහෙම තමා. කන්නෙ නැත්නං බලෙන් හරි කන්න දෙනවා.

      Delete
    12. මැන්ඩෝ,
      මේ ඇනෝ කියල තියෙන්නෙ ගපූර් ගුල්යාම්ගෙ මගේ හපන්කම් කියන පොතේ කොටසක්නෙ බං. ඕක ආයෙම දඟකාර පෙට්ටගම කියලත් පරිවර්තනය උනා.

      Delete
    13. ඒ පොත ගැන විස්ටර්යක් දෙන්න

      Delete
    14. සුපිරි පොතක් බං,මුල ඉඳන් අගටම හිනා කාල පණ යනවා. ඊට වඩා මොන විස්තරද. පොත් දෙකම මගෙ ළඟ තියෙනවා.

      Delete
  2. //කොච්චි හාමිනේගේ කොන්දෙ අමාරුව හේතුවෙන් චෙපාකිට හිතූ හැටියට සලකා ගන්නට බැරි උන බවය.// චෙෆාගෙ වෙලාව හොඳයි එහෙනං. හැක්..

    ReplyDelete
    Replies
    1. හා හා හොදයි හොදයි. ඉතිං අපිට පුකද? (පුක යනු කුණුහරුපයක් නොවේ- ප්‍රවීන බොලොක් ලේකක තැන්පත් රසික හෙන්ද්‍රික් සූරියආරච්චි(57) මහතා නොහොත් තට්ට කක්කා)

      Delete
    2. දිස්තා ලොබා ලොබා.
      කවුද යකෝ ලෝබා?

      Delete
    3. කකා උදේම නැගිටලා හෙළුවෙන් කන්නාඩිය ලගට ගිහින්, දෙකට නැමිලා කකුල් දෙක යටින් කන්නාඩිය දිහා බැලුවිට කකාගේ පුකත්වය හෙළිවූ ඇත. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල අමනාපය මෙසේ දන්වා සිටිමු. ඔබගේ විරෝධය අපේ පුකයි.

      Delete
    4. චෙෆාගේ සංචාරය ගැන කොච්චියාද ලියමින් සිටින බව මට කීවේය.

      Delete
  3. අද්‍යතන ලාංකික වාමවාදී දේශපාලනය සිරගත වී ඇති අධි-ප්‍රායෝගිකත්වයේ සහ අධි-ක්‍රියාකාරී නිස්සාර ‘ආත්ම-කේන්ද්‍රීය උගුලෙන්’(egocentric trap) ගැලවීම පිණිස යම් ආකර්ශනීය මෙන්ම සාමාන්‍ය ජනයාට විශ්වාස කළහැකි ශරීර දේශපාලනයක් අන් කවදාටත් වඩා අවශ්‍ය වී ඇති මේ නිමේෂයේ හැලප වැන්නෙකුගේ වටිනාකම ඉස්මතු වෙයි

    ReplyDelete
    Replies
    1. හැලපට නිර්වාන සැප සම්පත් පාර්ථනා කරමු.

      Delete
    2. හා හා එහෙම කියන්න එපා. හැලපෙ කියන්නේ නිකං අපේ හිටපු ජනාධිපතිතුමා වගේ හරි හුරතල් මනුස්සයනේ. රැවුල මිරිකලා, පස්ස පැත්තට තට්ටුවක් දාන්න ඕනි හැලපගේ.

      Delete
    3. හැලපට කෑම දියයුතු ඇගපත රිදෙන.

      හැලපයාව ඉල්ලංකා යුද්ද අමුදාවට බන්දලා ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා එක්ක තුවක්කුවක් දෙකක් දීලා උතුරේ යවන්ට ඕනි දෙමල කෑම කන්න. හැලපෙ එහෙම උනොත් මසල වඩේ කොච්චර කනවද?

      Delete
    4. අනේ අම්මේ පිස්සු බම්ප් වෙනව බංස්ලා, බොලාට හොල්මන්ද මට හොල්මන්ද කියල මම කල්පනා කරන්නෙ.

      Delete
  4. [මවිසින් ගන්නා ලද නිශ්චල ඡායාරූප වලට නමක් පටබැන්දේ මට නිශ්ඵල ඡායාරූප ශිල්පියා කියමිනි]
    ඉතින් ඇත්තනේ..... ඔළුවක් නැති පින්තුර වල බඩක් එක්ක කෑම පිඟානක් විතරයි!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හා බලලා අපිටත් කියපංකෝ

      Delete
    3. මේ ලිකිතො උඹ ඕනෙවට වැඩියි.
      අනිනව ටොක්කක්.

      Delete
    4. ඇනෝ :
      බයට දනිස් දෙක 'ටක ටක' ගගා වදිනවා"..
      'සැරද මහරජ?'

      Delete
    5. ටෞකණ්ඩ දෙයියන්ට කිවුවනං සලකා බලයි.

      Delete
    6. මීමුරේ යන්න ආසද මීමුරේ?

      Delete
    7. තෝමස් අල්ලා කිව්වා බයිලා. ඔහෙලා අපෙන් පැවතෙනවා කියලා.

      Delete
    8. ඩේට නාස්තිකරන්න එපා
      එක මෙගාබයිට් එකක් හදන්න මොන තරම් හරිතාගාර වායූන් ප්‍රමාණයක් නිදහස් කරණව ඇද්ද
      මොන තරම් පොසිල ඉන්ධන දහණය කරනව ඇද්ද
      ඒ පොඩ්ඩ පොඩ්ඩ ඉහල යන උෂ්ණත්වය නිසා තමා මහා දේශගුණ විපර්යාස ඇතිවෙලා ලක්ෂ ගණං අකාලෙ මැරෙන්නෙ
      අයිස් කඳු දියවෙලා මුහුදු මට්ටම ඉහල ගිහිං රටවල් පිටිං මුහුදට යටවෙන්නෙ
      ඒ නිසා මේ වගේ බ්ලොග් බලන්න ඩේට නාස්ති කරන්න එපා
      මේ ජාතියෙ බ්ලොග් පොස්ට් එකක් ලියන්න/ බලන්න වියදම් කරන ඩේට ආපහු ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ
      පරිසර හිතකාමී වෙමු
      බ්ලොග් වර්ජනය කරමු

      Delete
    9. මේ පිංතුරය කොච්චියාගේ අනුමැතිය ඇතිව පළකරන ලදී. මම මේ වෙන කතාවක් කියන්න හිටියෙ බ්ලොගේ කමෙන්ට් මකන්න එපා ඈ.

      Delete
  5. කර්තව්‍යය අමතක නැති උනත් කාලෙකට පස්සෙ ලව් බෝට්ටුව මතක් කලාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ශරීර කර්තව්වය අමතක උනොත් තමයි වැඩේ. පඩ, ජී, කක්කා යයි ඕසේට.

      Delete
    2. ඔබට මතක නෑ මට මතකයි, අපි එකට ඉස්කෝලෙ ගිය කාලේ.

      Delete
  6. Replies
    1. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරන්ධර තැන්පත් ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්පට් මැතිතුමා.

      Delete
  7. හුටා චෙෆාකිගේ බඩ තව ඉස්සරහට එනවද ,

    ReplyDelete
    Replies
    1. අන්න හැලපයියාගේ ආදරණීය ටෂ්මා පොටෝ සාප්පුව ඉවරයි . කුඩු පට්ටං . රාජගිරියේ ගුවන් පාලමට බිලිවෙලා

      Delete
    2. බොරුනම් මම එවපු මේල බලන්නකෝ

      Delete
    3. අම්මියා. ලව්පුසා දැක්ක කල්.. මගේ පණ මෙව්වා වෙලා ගියා..

      Delete
    4. අපි මහින්ද මහත්තයගේ මිනිස්සු. කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහත්තයාගේ බොඩි ගර්ඩ්ස් ලා හරි.

      අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ට බුදුබව පාර්ථනා කරමු.

      අටන්පහුර අටන්පහුර
      කොටන්පහුර කක්කා පහුර

      පුංචි මහත්තයා ඉන්නේ වෙන්නපුවේ නේද? වෙන්නප්පුවේ අර්නි අයියා ගාව ඉන්නවා නියම ගෝලයෝ සෙට් එකක්. ටොප් බඩු. කේජි කෑල්ලක් ඇදලා සැපේ ඉන්නේ.

      Delete
    5. දැන්නං ප්ලැට්ම ප්ලැට් බලන්න ලස්සනයි. ඒක නෙවෙයි උඹ කොහෙද අන්තරස්දාන වෙලා හිටියෙ? කාටවත් හොයාගන්න බෑ කියල කතාවුණේ.

      Delete
  8. //ඒ නිසා චෙපාකි අපට රාත්‍රී ආහාරයට සුදානම් කර තිබු ඉඳිආප්ප සෑහෙන ප්‍රමාණයක් සීනි සම්බෝල සහ මාළු හොදි සමග ගිල දැමු මම ඊට පසු චිකන් සහ සලාද සමග ප්‍රයිඩ් රයිස් පිඟානකට සාධාරණය ඉටු කළේ මහන්සියෙන් හදපු කෑම ඉතිරි කළහොත් චෙපාකිට ප්‍රශ්නයක් වන නිසාය.//
    හොදට බීලා බයිටුත් කාලා යකෝ මාර බඩක්නේ මේක......

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්යැ //වටලප්පන් කෝප්පයක් පළතුරු සමග කා රාත්‍රී ආහාරය අවසන් කළ මම‍//

      අම්මප මේක බඩක්ද මන්ද.

      Delete
    2. මැරෙන්ඩ ලේසි ක්‍රම තියෙද්දි හලපයා තෝරගන තියෙන්නේ හිමිහිට මැරෙන අමාරුම ක්‍රමය

      Delete
    3. දැන් කියපල්ලකො මම නොකෑව නං කවුද කන්න ඉන්නෙ? අපරාදෙනෙ බං කෑම.

      Delete
  9. චෙෆාකි ගේ කෝටාව ඉවර වෙලා.....!!!

    ReplyDelete
    Replies
    1. හෑ, චෙෆාකි කූරිය ගහලද ?

      Delete
    2. ඔස්ට්‍රේලියාවේ මලපවාහන පද්දතියේ සේවයේ නිරුතු රසික සූරියආරච්චි මැතිතුමාට අපගේ උපහාරය. කකා නැත්තන් ඔස්ට්‍රියාවේ උන් රීලත් ඉවරයි. කකාගේ අගේ තේරෙන්නත් එක්ක වර්ජනය කරන්න වැඩට යන එක කකා.

      Delete
    3. මම පාරේ යනකොට තට්ටයෙක් හිටියා. ඌ මගේ දිහා බල බලා තට්ටේ අත ගෑවා. ඊට පස්සේ එක අතකින් තට්ටේ අතගාන ගමන් අනික් අතින් මට කතා කළා. මම තට්ටයාගේ තට්ටේ අතගෑවා. තට්ටයා පූර්ර් පුර්ර් ගෑවා. මං තට්ටේට දුන්නා මන්නෙන්.

      Delete
    4. රාජස්තාන් රෝයල්ස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී රසික සූරියආරච්චි මැතිතුමා.

      Delete
    5. ඔස්ට්‍රේලියාවේ ගූ බවුසර් සමාගමේ සේවයේ නිරුතු රසික සූරියආරච්චි මහතාගේ දෑතට බුදු සරණයි.

      Delete
    6. පොදු වැසිකිළියක බොගක් දැම්මාම ගඳ වැසිකිළියේ ගඳද බොගේ ගඳද දැන ගන්නේ කොහොමද? කකාගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මාමත් එහෙමයි. මොකෙන් ගඳ එනවාද නිශ්චිතව කියන්න බැහැ.

      Delete
    7. කකාට දවසක් මරු වැඩක් උනානේ. මිනිහා පහුගිය කාලේ ඉතාලියේ සංචාරක ගියා. පොර එහෙ ගිහිං ඇවිදිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා ප්‍රින්ට් කරලා තියෙන කමිසයක් තමයි ඇදගෙන ගිහිං තියෙන්නේ. කකා ඒ කමිසේ ඇදගෙන ගිහිං තියෙන්නේ ලංකාවේ කට්ටිය එහෙම දැක්කොත් කතා කරයි කියලා හිතං.

      ඉතින් එහෙ සංචාරකයෝ වැඩිපුර ඉන්න පළාත් වල ඔය සන්ග්ලාසස් වගේ පොඩි පොඩි ටොයිස් අයිටම් විකුණන බංගලිදේශකාරයෝ ඉන්නවා.

      දවසක් තට්ට කකා දැකපු බංගලියෙක් කෑ ගැව්වා, "ආ! චිරි ලංකා, චිරි ලංකා, වාස්, වාස්!" කියලා. කකා හිතලා තියෙන්නේ මේකා මේ කෑගහන්නේ චමින්ද වාස් ක්‍රිකට් සෙල්ලම්කරපු එක මතක් කරලා වෙන්න ඇති කියලා.

      ඒත් සිරාම වැඩේ කියන්නේ බංගලි වලින් 'වාස්' කියන්නේ සමරිසි කියන එකට. හැබැයි ඒක ග්‍රාමය යෙදුමක්.
      ඒ කියන්නේ සිංහලෙන් ලොල්ලෙක් කියනවා වගේ.

      ඒ කියන්නේ තට්ටේ බාපු කකාව දැකපු බංගලිකාරයා ග්‍රාමය භාෂාවෙන් කියලා තියෙන්නේ '"ආ! චිරි ලංකා, චිරි ලංකා, ලොල්ලෙක්, ලොල්ලෙක්!' කියලා. කකා ඒක වැරදියට තේරුම් අරං. පොර හිතලා තියෙන්නේ මේ චමින්ද වාස් ගැන කියනවා කියනවා කියලා.කකාට මේ වගේ දේවල් කොච්චර වෙලා ඇත්ද?

      මොකද කකා කියන්නේ, සිව් වසරක් මරදානේ වගේ තවත් පොතක් ගහමුද, කකාට වෙලා තියෙන මේ වගේ අකරතැබ්බ ගැන දාලා.

      Delete
    8. තාම නෑලු නේද? හොඳට ගහනව.

      Delete
  10. ලව් බෝට් ගොඩක් පරන එකක්ද?

    ReplyDelete
    Replies
    1. මගේ මතකය නිවැරදි නම් 1986-87 කාලේ ගියේ. නියම ආතල් සෙක්ස් කතාවක් ඒ කාලේ හැටියට.

      Delete
    2. ඔව් සෑහෙන පරණ එකක්. 1977- 1987

      Delete
  11. කුස පිරී ඇති නිසා හිත පිරී ඇති නිසා දෝ හෝ යි මේ පෝස්ටුවේ ප්‍රීතිය පිරී ඇත්තේ සකී??
    බ්ලොග් පෝස්ටුවක් වත් කොටාගන්නට බැරි තරම් බිසී වී සිටි හැලපයියා මෙයාකාරයෙන් රිලැක්ස් වීම ගැන සන්තෝසෙයි හිටන්.
    (ආ.. අර කැමරා කතාව ගැන එකෙන්ම සාක්සියි හිටන්.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කට ගදයා. වට පඩයා.

      Delete
    2. මට ඊට වඩා සන්තෝසයි බං.

      Delete
  12. Monawada uppuma kiyanne? Recipe please.

    ReplyDelete
    Replies
    1. http://www.vegrecipesofindia.com/upma-savoury-south-indian-breakfast-recipe-made-with-semolina/

      Delete
    2. උප්පුමා සමග හොඳ ක්‍රීමි ලෑම්බ් කරි එකක් සහ අපේ ලුනුමිරිසක් ලඟ තියාගන්න. බියර් එකක් නරකමත් නැහැ.

      Delete
    3. ජීවිතේට අහලාවත් දැකලාවත් නැති කෑම ගැන ලිවීම ගැන සපුරා විරෝධය පලකරමි...!
      මේක කුස් කුස් වලට සමානද?

      Delete
    4. Cous cous මොරොක්කන් කෑමක්... උප්පුමා හදන්නෙ රුලං වලින්...තමිල්නාඩුවේ සහ කේරළයේ කෑමක්. ලංකාවෙත් දෙමළ අය අතර ප්‍රසිද්ධ කෑමක්.

      Delete
    5. රුලං කියන්නේ පැනි රස කෑමක් නෙමෙයිද?
      මම රුලන් නම් කාලා තියෙනවා. හරියන්නේ නෑ එක්කෝ මිඩ්ල් ඊස්ට් රටකට යන්න ඕනේ නැත්නම් ඉන්දියාවේ මහරාශ්ඨ යන්නම වෙනවා. කොටින්ම මගේ ඉන්දියානු ප්‍රේමවන්තයා මෙහෙම කෑම ගැන අහලාවත් නෑ.

      Delete
    6. රුලං පිටි...


      උප්පුමා මහාරාශ්ට්‍ර වල අය අහලාවත් නැහැ..
      කේරළ,තමිල්නාඩු,කර්ණාටක වගේ ප්‍රාන්ත වලට සීමා වෙච්ච ආහාරයක්..

      Delete
    7. බුරු බබා පිදුරු ටිකක් කාලා හාන්සි වෙලා හිටපන්

      Delete
    8. නව සද බැලීමෙන් අප පවුලේ සෑම දෙනාගේම ඇස් පෙනීම වර්ධනය විය....

      මාගේ මෑනියන් පියානන් පමනක් නොව අවුරුදු 97ක් ආයු විදිනා මිත්තනියද කන්ණාඩි වීසිකර දමා පොත් කියවයි....

      අප නිවසේ සිටින බල්ලා අහම්බෙන් නැකැත් වෙලාවේ දුටු නවසද හේතුවෙන් ඇස් පෙනීම වර්ධනය වී කි.මී. 15 දුරින් වූ මාගේ රාජකාරි ස්ථානයෙන් මා පිටවූ මොහොතේ පටන් වලිගය වැනීම අරඹයි....

      තවද එදින මාගේ ඇසේ ලේ ගමනාගමනය වැඩිවී ඇතිවූ "සුරත් තඹරු පෙති දෙනත" තවමත් මදක් රත් පැහැතිය.....

      මේ සා ප්‍රබුද්ධ වූත් ප්‍රායෝගික වූත් අසම සම දැනුම සම්භාරයක් අපට බෙදා දුන් මහා පණ්ඩිත, ජෝතිශ්‍ය ශිරෝමණී, ජෝතිරත්න මහතාට පින් පිණිස ලියා පල කරන ලදී....

      Delete
    9. ඔබේ ඉන්දියානු ප්‍රේමවන්තයා බොහෝවිට උතුරෙන් වෙන්න ඇති. දකුණෙ අය නම් මේ කෑම හොඳින්ම දන්නවා.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ඉදපන්කෝ දවසක මමත් එන්න ඔය පැත්තේ දකුණු ඉන්දියන් කෑම ටිකක් කාලා යන්න!

    ReplyDelete
    Replies
    1. වැසිකිලියේ ගුටිකෙළියක්. ලැට් එකේ බොක දානකොටත් කල්පනා කරේ ඉන්දියන් කෑම ගැන.

      Delete
    2. ලැට්ටෙකට වතුර ගහකොටත් එහෙමයි.

      Delete
    3. ලැට්ටෙකට යාමේදී පහත කරුණු තරයේ සිහියේ තබා ගන්න.එහි දැක්වෙන්නේ සමාජවාදයට අනුව වර්චස් කිරීමේ(කක්කා කිරීමේ/ රීමේ) ක්‍රමයයි.

      වැසිකිළියට පිවිසිම සදහා වතුර බකට්ටුවත් ඇතිව එය අසලට එන සමාජවාදියා විසින් ඇතුලෙහි අනිකෙකු ඇති නැති බව දැන ගැනීම සදහා පිටත සිට මහා හඩින් කැකෑරීම කල යුතුය. එවිට ඇතුලෙහි සමාජවාදියෙකුකු ඇත්තම් ඒ බව පිටත සිටිනා වර්චස් බර ඇති සමාජවාදියාට දැන්වීම පිණිස මහා හඩින් තැටමිය යුතුය. පඩ ඇරිය යුතුය.

      ඇතුලේ සිටිනා සමාජවාදියා එසේ කිරීමෙන් පසුව පිටත සිටිනා සමාජවාදියා වර්චස් බර තදකරගෙන කාල්ස් මාක්ස්ගේ ශ්ලෝකයක් මුමුනමින් සිටිය යුතුය. එය ඇතුලේ සිටිනා සමාජවාදියාටද හොදින් වර්චස් කිරීමට උදව්වක් වේ.

      කෙසේවෙතත් පිටත සිටිනා වර්චස් බර ඇති සමාජවාදියා කාල් මාක්ස්ගේ ශ්ලෝක නොකියා නොනවත්වාම කකාරන්නේ නම් එයින් කියා පාන්නේ ඔහුට කාල් මාක්ස්ගේ අම්මා මුත්තා මතක් වෙන අන්දමේ කක්කා බරක් සැදී ඇති බවයි. එහිදී ඇතුලේ සිටිනා සමාජවාදියා වතුර බකට්ටෙක සොලවමින් වතුර වැටෙන සද්දය ඇති කරමින් සිටිය යුතුය. එවිට පිටත සිටිනා සමාජවාදියා, ඇතුලේ සිටිනා සමාජවාදියා ඉක්මනට එලියට එනබව සිතා සතුටින් සිටි.

      කෙසේවෙතත් වර්චස් කිරීමට වැසිකිලියට ගොස් ඇනතියගනිමෙන් පසු හදිසියේම වර්චස් බර අන්තරස්දාන උනොත් කළහැකි ක්‍රියාමාර්ගයක් සමාජවාදීන්ට තිබේ. එනම් අජිත් පැරකුම්ගේ ඩබ්ලිව්ත්‍රිලංකා බ්ලොගය සිහි කිරීමයි. අවිට ආලෝකයේ වේගය පරදවමින් වර්චස් පිටවනු ඇත.

      වර්චස් කිරීමෙන් පසු අදාල උපාංග හොදින් සේදිය යුතුය. එහිදී පුක සේදීමේදීද කලයුතු ක්‍රියාමාර්ගයක් සමාජවාදීන්ට තිබේ. එනම් පුක සේදීමට වතුර වක් කිරීමේදී තාලයට පුක සොලවමින්, 'කා....ල්' කියමින් පුක එක් පත්තකටද, 'මා....ක්ස්' කියමින් පුක අනික් පැත්තටද පැද්දිය යුතුය. අවශ්‍ය අයෙක්ට පුක නිශ්චලව තබා වම් අත ඒ මේ දෙසට ගෙන යමින් තාලයට පුක සේදිය හැක.

      Delete
    4. ඩිටෙක්ටිව් ගුණපාල රෙන්නේ ලැට් එකෙය.

      Delete
    5. ඔට්ටුයි, එනවනං ඉක්මනට වරෙන්.

      Delete
  15. අර කෙල්ලට කර්තව්‍ය කියලා නම දාපු එක පැහැදිළියි :-D
    කොහොම උනත් හොද සාද කීපයක් වගේ

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ බක්තිමත් රෝමන් කතෝලික මහත්තයා ඇවිත්. පල්ලියේ ගියේ නැද්ද ලගදි?

      Delete
    2. අති උතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන්ගේ මිනිස්සු.

      Delete
    3. හොඳ රැයවල් කීපයක් ගෙවුණා කිව්වොත් නිවැරදියි.

      Delete
  16. සිරාවට ඔහේ අර චෙෆාකි ගෙ පාටියෙදි ඔය තරම් ගොඩක් ගිල දාපු බවක් මම දැනන් හිටියෙ නැහැනේ..
    මට නම් එදා සිංදු කියන්න සෙට් උනාට පස්සෙ ආයෙ වෙන මුකුත් ඕන උනේ නැහැ .. මාර කාලෙකින් තමයි හොඳ වාදකයො දෙන්නෙක් සෙට් උනේ...
    චෙෆා ට විතරක් නෙවෙයි කණ්ඩා ටත් සලකගන්න බැරි උන එක ගැන මාර කණගාටුවක් තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මට වාටියක් පාන් වාටියක් ඕක්ඕ..
      කවුද බල්ලා එලියට දැම්මේ බව්..
      කවුද කකා එලියට දැම්මේ බව්..

      Delete
    2. මොනා කරන්නද නරක වෙලාව තමයි.

      Delete
  17. හැලපේ ඔටු මොල්ලියකුත් සවිකරගෙන ඇති බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉස්කෝලේ යන පොඩි එකෙක්ද කොහේද මේ බ්ලොක් අස්සේ රිංගන්න ආවත්.

      Delete
    2. ඔටුවෙකුත් සමගත් මගේ සම්බන්ධකමක් තිබී ඇත.

      Delete
  18. ඇයි අප්පා මෙහෙම නොදන්න නොකාපු කෑම ගැන කතන්දර දාලා අපිව අසරණ කරන්නේ දැණ් මට උප්පුමා කන්න ඕනේ ඕනේ වගේ.බලමු සර්ච් පාරක් දාලා ඕක හදන විදිය.ඔය ඔලුව නැති කොච්චිගේ පින්තූරෙට මම ගෙස් කරලා ඔලුවක් තියලා බැලුවා මටනම් ශුවර් ඒක හරියටම හරි කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ ඔයා දාපු ඔලුව පොඩ්ඩක් describe කරන්න බලන්න. බලමු හරිද කියලා

      Delete
    2. හැක් හැක් එහෙම ඔනේ නෑ මම ඔයාව බුකියෙනුත් හොයන් ඉවරයි ඔයා ඉන්නවනෙ පොත් කියවන අය ගෲප් එකේ ? අනික මම මේ දවස්වල ඔය එක්ක තරහයිනෙ මගේ බ්ලොග් එක පලාතේ ආවෙ නැති නිසා

      Delete

    3. පොත් කියවන ගෲප් එකේ හිටපු පලියටම මාව හොයාගන්නෙ කොහොමද...ඔයා කාගෙන් හරි අහලා තියෙනවා.

      Delete
    4. නැත නැත කිසිවෙකුගෙන් අසා නැත දිවුරා පොරොන්දු වෙමි.මම විසින්ම සොයා ගත්තෙමි

      Delete
    5. අනේ අක්කේ, හරිම ලස්සනයි ඔයාගේ බ්ලොග්ස් ටික. මම හුස්ම ගන්නේ නැතුව ඒ ටික එක හුස්මට කියෙව්වේ මේ ඇත්තමයි. පුදුම රසවත්කමක් තිබුනේ ඒවායේ.ඒ වගේම හරිම ගැඹුරුයි. ඔයාගේ ලිපි මඟින් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා.

      ඉතිහාසය ගැන ලෝකය ගැන මම දැක්ක උගත් බුද්ධිමත්ම හරවත්ම ලිපි දැක්කේ ඔයාගේ මේ බ්ලොග් අඩවි වන 'World Music' ,'ගැහැනු ළමයි' සහ 'සොඳුරු සඳවතී' හරහා බව පවසන්නේ ඔයාව අනවශ්‍ය විදිහට මුරුංගා අත්තේ තියන්න නන් නෙවෙයි.

      ඉතිං අක්කේ සමඟිය බලය වේ කියලා කියමනකුත් තියෙනවානේ. දරුවෙකු මේ සමාජයට තිලිණ කිරීමේ දී කුඩා කල පටන් ඔවුන්ගේ ළඳරු මානස ක්‍රමිකව සදාචාරාත්මක හැසිරීම්වලට හුරු කරවීමෙන් පසු කාලක දී ඔවුන් නිරායාසයෙන්ම සදාචාරාත්මක පුද්ගලයන් බවට පත් වීමට ලොකු උපස්ථම්භනයක් සැලසෙනවා කියලා කියනවා. ඉතිං අක්කියෝ ඒ ගැනත් ලිපි පෙළක් ලියන්න පුළුවන් නං.

      අනේ අක්කේ ඒත් දෙයක් කියන්නම්, තරහා වෙන්න එපා. ඔයාගේ මේ අදහස් හරිම ලස්සනයි. ඒත් කියවලා තේරුම් අරගන්න නම් ටිකක් විතර බර වැඩියි වගේ. මම ටික ටික කියෙව්වා. දැන් තමයි බ්ලොග්ස් තුනම කියවලා ඉවර කලේ. ඒකයි අදහස් දාන්න ටිකක් පරක්කු වුනේ. වචනවලින් කියලා නිම කරන්න බැරි තරම් සුන්දරයි අක්කේ ඔයාගේ අදහස් ටික නම් හරියට වටිනවා.

      අනික අක්කේ ඔයා හරිම ලස්සනට එක ලිපියක විග්‍රහ කරලා තියෙනවා මානව සමාජයේ ආනුෂාංගික පහසුකම් කියන ආකල්පය අතීතයේ ඉදන්ම ව්‍යාප්ත වීම පිලිබදව. මමත් සමාජ විද්‍යාව විශේෂවේදී උපාධියක් හදාරන කෙනෙක්. ඉතින් මටත් බොහෝම ප්‍රයෝජනවත් කරුණු රැසක් ඔයගේ මේ ලිපිය මඟින් මට දැන ගන්න ලැබුනා.

      ඔයාට ගොඩාක් ස්තූතියි. මට අවශ්‍ය කරුණූ මේ ලිපිය හරහා මට ලබා ගන්නට අවකාශ සලස්වලා දුන්නාට. ආයෙත් දවසක මම අක්කගේ බ්ලොග් බලන්න එන්නම්. ලස්සනට ලිපි ලියන්න තව තවත් හැකියව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ.

      Delete
    6. කවුද බං මේ ආතල් ඇනෝ

      Delete
    7. උප්පුමා ටිකක් හොයාගන්න බැරිනම් හදාගෙන හරි කන්න. කොච්චිගේ ඔලුවෙ පිංතුරයක් මම ඕන්නං දෙන්නං.

      Delete
  19. අඩෝ හැලප අයියේ.. බොහොම සන්තෝසයි ඔහෙලා ඔහොම ආතල් ගන්නවට. කළගුණ වගේම ආගන්තුක සත්කාර ඔහෙල උපරිමයෙන්ම කරන එක ගැනත් බොහොම සන්තෝසයි..

    "හැලපයිය" වගේද බුදු අයියේ "හැලප අයියා" කියන එක..?? හා ද?

    මම මෙච්චර වෙලා පොස්ට් එකක් ලිය ලියා හිටියේ මෙහෙම.. පැය 5ක්.

    \\..අනික මට මගේ පෞද්ගලික දේවල් මෙහෙම ලියන්ට ෆිට් එක ආවේ කොච්චි මිරිස් නිසා. ඌ ලියන්නෙත් ඌගේ හිතට එන ඕනෑම දෙයක්. එක නිසා මේ ලිපිය ලියන්න නිමිත්තක් දුන්න කොච්චි මිරිස්ටත් ස්තුතියි...//

    ඒත් මම ඒ ඔක්කෝම මකල නිදා ගන්න යනවා. වෙන එකක් ලියනම් හෙට.

    ReplyDelete
    Replies
    1. උබට ඇනෝ කෙමෙන්ට් කරලා නැහැ ......චා.....චා....ඇනෝ උබ එක්ක තරහා වෙලාද කොහෙද ටික්කො

      Delete
    2. අපි ඉතිං ඒව කරන්න එපැයි ටික්කෝ. කවුරුවත් නැති රටකට ආරාධනා කරලා ගෙන්නාගත්තම සළකන්න ඕනැනේ.

      Delete
    3. නෑ නෑ මෙන්ඩ. ආතල් මිසක් දුක් සීන් ලියන්නෙ නැහැ කියල මම මටම තහංචියක් දාගෙන ඉන්නෙ.

      අති දරුණු දුක් සීන් වලට වඩා ඇති දරුණු ආතල් සහ හිලේරියස් දේවල් එමට තියේ. කොම්පියුටර් එක ගෙදරට ගෙනාවහම ඊළඟ පොස්ට් එක ලියන්නම්. 👊🏽

      Delete
  20. ජයාරූප ටිකත් තිබුනම් වටිනවා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා පුන්ඩා

      Delete
    2. හැල්පේ අයියන්ඩි මම ඇනොට දාපු කෙමෙන්ට් එක අයින් කරාද

      Delete
    3. වැඩේ කියන්නෙ මම එදා එක පිංතුරයක් වත් ගත්තෙ නැති එකයි. අනේ නෑ බං මම නං අයින් කළේ නෑ හිටපං මම බලන්න.

      Delete
  21. පාටිය ලෙසටම තිබිල තියෙනවා එහෙනම්, ජය වේවා...!
    අපිත් ඒ දවස් වල උප්පුමා කනවා ඉඳහිටලා...
    කර්තව්‍ය කියන නම කියවද්දිම රූපයක් හිතේ මැවුනා. හෙහ් හෙහ්...
    මම මේ පෝස්ට් එකට ෆෝන් එකෙන් කමෙන්ට් එකක් කෙටුවා පෙරේද...
    ඒ වෙලාවේම තේරුණා ඒක බහිරවය ගිල්ල කියලා...

    ReplyDelete
    Replies
    1. හෙනං ඇල්ලේ පොලිසියේ ඇන්ට්‍රියක් දාපං ගිහිං..

      Delete
    2. දැම්ම මචෝ, ඒකත් මිසින් කියහන්කෝ... ;)

      Delete
    3. ඔව්නෙ පාටිය හොඳටම තිබ්බා. කමෙන්ට් එක බහිරවය ගිල්ලෙ දැම්මට පස්සෙද මම බලන්නං.

      Delete
  22. මම අලුත් ක්‍රමයක් හොයාගත්තා.. නෝට් පැඩ් එකට හැලපයාගේ පෝස්ට් එක පේස්ට් කරල අනවස්ස ඒවා මකල දාලා කියෙව්වා.. හරිම රහයි.. හැක්.
    .

    ReplyDelete
    Replies
    1. තම්බිගේ ෂුප්පෙක්ක පාන් කන්න ගියේ නැතෙයි ලගදි?

      Delete
    2. අනවස්ස ඒවා කිව්වෙ මොනවද බං. කමෙන්ට්ස් ද?

      Delete
  23. කෝ අපේ හිටපු නැති හුද හමුදාපති වගේ හිටපු ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා. අභාවයට පත්වත් වෙලාද?

    ReplyDelete
    Replies
    1. හා හා එතුමා අබාවයට පත්වෙන්නේ නෑ. මොකද එතුමා උතුරේ දෙමල්ලු මැරුවට ඒ කාලේ, පන්සලක්‌ හදලා පිං රැස් කරගත්තා පස්සේ.

      Delete
  24. කෝයි හෙලප මාතයෝ,

    මෙයිකේ මාතියගේ පොට්ටො නැනේ. ඇයි මාතියා මුළු පොට්ටො යෙක නොඩාන්නේ නැටුව එයික එඩිට් කරලා ඩාන්නේ? අපි කැමැතෙයි හෙලපමාතියගේ මූන දකීන්ඩ.


    - අක්කරෙයිපත්තුවේ වෙසෙනා හැලප බ්ලොක් පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවිකයා..

      නෑ නෑ නෑ.

      කන්නංගර මුදලාලි ලොව පිළිගත් යාන්ත්‍රික ඉංජිනේරුවරයා.

      රාළහාමි හාඩ්වෙයාර් වෙන්නප්පුව. රාළහාමි හාජ්ජියාර්.

      චීන ජාතික ඉංජිනේරු මහත්තයා කියනවා මෙහෙම,
      කොහොම?
      මෙහෙම

      පිලිපිනේ කම්කරු මහත්වරු භය.. වෙලා කිව්වලු.
      හා හොදයි.

      නිව්යෝර්ක් නගරයේ නගරාධිපති සෝඩා පානයට තහනම් ගෙනෙමින් හොට්ඩෝග් කොච්චර ගිලින්නට හැකිදැයි කියා බැලීමට උත්සව සංවිධානය කිරීම ගැන ශ්‍රීමත් හැලප මැතිතුමාගේ මතය කුමක්ද?

      -දෙහිඅත්තකණ්ඩියේ වෙසෙනා හැලප බ්ලොක් පාඨකයෙක්-

      Delete
    2. හු..හු...අපිට වගේ දෙහිඅත්තකණ්ඩියේ වෙසෙනා හැලප බ්ලොක් පාඨකයාට ඇනෝ පිළිතරු කෙමෙන්ට් කරලා නැහැ

      Delete
  25. මං දැක්කා නරියා..ඌව බැලුවා... මා කිව්වා එපා කියලා...නරියා තමා එයා...එයා නෑ...නෑ... ඊට පස්සේ බකමුනා ආවා ඌ හිටියේ , ඈත ... බකමුනු මහත්තයා... බලාගෙනයි..මං ඔයාට කිව්වා..ආං අරෙහෙ..නරියා රෑ එලියට ගියා.ඔයා දන්නවනේ ඉතිං මං ඔයාට කිව්වා..ඊට පස්සේ එයාල ගියා. එතකොට නරියා රෑ හිටියා බකමුනත් හිටියා. ඒ උනාට එයා නැහැ..මාත් කිව්වා..මට නරියා ලගට යන්න උනා. ආ ඇයි බකමුනා ....

    වියට්නාමයේ වෙසෙනා හැලප බ්ලොක් පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. හු..හු...අපිට වගේ ඔයාට ඇනෝ කෙමෙන්ට් කරලා නැහැ

      Delete
  26. මේක නිකං ස්කාගාරයක රස සරනිය වැඩසටහනක් වගේ :D දකුණු ඉන්දිය කෑම වලට කොච්චර කැමති උනත් උප්පුමා දිහා නම් ඇහැක් ඇරලා බලන්නෑ මං :O

    ReplyDelete
    Replies
    1. හා මචන්.

      Delete
    2. උප්පුමා නැත්නං පොංගල් කාල බලන්නකො.

      Delete
  27. බලපන්කො හැලපයියාට තියෙන ඇනොවරුන්ගේ ඉල්ලුම....:)

    ReplyDelete
    Replies
    1. හැලපයියා ගගේ ගියා....
      විචා මාමා ගන්න ගියා....
      දෙන්නා බදන් යටම ගියා....
      මාතේ පැනලා ගොඩ ගත්තා....

      Delete
    2. අන්න බලපන් මනෝජ්. පුදුම ඉල්ලුමක් නොවැ.

      Delete
  28. හැම කොමෙන්ටුවක් යටින්ම දාල තියෙන් ඇනෝ කොමෙන්ටුව සැකයක් නෑ එකම ඇනෝ කෙනෙක්.
    සමහර විට හැලපෙමද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එප්පඩි තම්බි අදද මේ පැත්තේ ආවේ? අඩා පොඩා පන්ඩියා... අයි අයියෝ පුන්ඩා මගරේ. ඒෆ්බීඅයි පොන්ඩේ?

      Delete
  29. කොච්චියා උදේම කන්නෙක්.....ශෙෆා රෑට නොකන්නෙක්....එතකොට හැලපයා ?

    ReplyDelete
    Replies
    1. හැලපයා කන්නේ වට්ටක්කායි බතුයි බඩ පැලෙන්න. ඒකයි වට්ටක්කා ගෙඩිය වගේ හුරතලේට ඉන්නේ.

      Delete
    2. හැලපයා තුන් වේලම කන්නෙක්.

      Delete
  30. කෙල හල හල කියෙව්වෙමි. චෙෆාකි අතින් හදපු බයිට් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ හිටං.. ;)

    ReplyDelete
    Replies
    1. මහත්තයා පොටෝ කේස් එකට හිරේ ඉන්නකොට කාපු කෑම ගැන ලිව්වේ නෑ නේද.

      Delete
    2. මේ වෙනකොට ඇතිවෙන්න කාල ඇති මම හිතන්නෙ.

      Delete
  31. කෝල් එකක් දෙන්ඩ එපැ මල්ලි ....රැට බත් ගිල්ලන්ඩ ක්‍රමය කියලා දෙනවනේ .... බඩ පැලෙන්ඩ කනවා ... සංස්ථා ඔල්ඩ් බීපු දවසට ... අපිටත් බෙදලා දීලා ... බීලා රෑට බඩගින්නේ බුදියන්ඩ ...කාපං @ත්තෝ කියල බැන බැනත් ඉන්නවා කනකං...

    ReplyDelete
    Replies
    1. රාලහාමි මහනකෙනෙක්ද?

      Delete
    2. ෂිහ් අපි දන්නෑනෙ. දන්නවනං බැනල හරි කවනවා.

      Delete
  32. උබ නම් ඇත්තටම පට්ට ආතල් ඇනෝ කෙනෙක් ....
    "මෙන්ඩා පුන්ඩා"

    මම තවම හිනා වෙනවා ...
    හැලෙපේ අයියන්ඩි ඔයාට විරුද්දව එක වචනයක් කියලා නැහැ මේ ඇනෝ ...

    ReplyDelete
    Replies
    1. //හැලෙපේ අයියන්ඩි ඔයාට විරුද්දව එක වචනයක් කියලා නැහැ මේ ඇනෝ ...//
      උඹත් කියන කතා, ඌ ලියයිද බං ඌටම විරුද්ධව

      Delete
    2. හැලපයියා මගේ හොදම යාලුවා.
      ආවේ ඔබ සොයා. මදු උයනේ මේ ගී ගයා.


      බිස්මිල්ලා. බිස්මිලු කෙන්ජි. නැට්ට පුකේ (පුක යනු කුණුහරුපයක් නොවේ-කකා)

      කුකුල් පැටව් දෙන්නයි. ඌරු පැටව් තුන්දෙනයි. ඔක්කොම පැටව් පස් දෙනයි.

      Delete
    3. උඹත් කියන කතා, ඌ ලියයිද බං ඌටම විරුද්ධව///
      මේකත් එතකොට හැල්පේ දාපු කෙමෙන්ට් එකකත් ...

      Delete
    4. මට ඉතිං මොනා කියන්නද බං.

      Delete
  33. චෙෆා වගේ කෙට්ටු වෙන්න මමත් ඔය ක්‍රමේටම රෑට කන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. හැලපෙ වගේ කාහං. දවස් හතෙන් ප්‍රතිඵල ශුවර්. හැක්..

      Delete
    2. කාපං, ප්‍රතිපල අත්දුටුවයි සත්තයි.

      Delete
  34. ගිය අප්‍රේල් වලින් පස්සේ ආපහු හැලපයියට ආතල් ඇනෝ මිශන් එකක්. හැබැයි ගියපාර එක තරම් ආතල් නෑ.

    http://helapakade.blogspot.com/2015/04/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට මෙහෙම සුවීප් ඇදෙනවා බං. හිනාවෙලා පණයනව.

      Delete
  35. ඇයි බන් හැලප අයියේ බොලා කෑම ගැනම ලියලා ලියලා ලියලා ලියලා ලියලා ලියලා ලියලා ලියලා..හිටහන් පොඩ්ඩක් කටේ කෙල පිහිදාගෙන කොමෙන්ටුවේ අනෙක් කොටහ ලියනකම්..........................ඇයි හත් ඉලව්වේ අපිට මෙහෙම දුක් දෙන්නේ බොලා..

    ReplyDelete
    Replies
    1. අනේ බං වෙච්ච දේ ලිව්වා මිසක උඹලට රිදවන්න අදහසක් තුන් හිතක වත් තිබ්බෙ නැතිය.

      Delete
  36. උප්පුමා ඉස්සර අපි කෑවා කොටුවේ බ්‍රිස්ටල් වීදියේ කඩයකින්. දැන් එතැන ඒ කඩේ නෑ. ඒ වුණාට කොළඹ තියෙන තැන් තියෙනවා. මම මේ ළඟදී ටැමිල් කිරිබත් වගේ අයිටම් එකක් කෑවා. පංකාදු පහයි. අපේ ගෙවල් කිට්ටුව සයිවර් කඩයක් දාලා. දැන් මම ඒකෙ රේගියුලර් කස්ටමර් කෙනෙක්. චෙෆාකි එක්ක පාටිය නැගලා යන්න ඇති කියලා සිතනවා. පඳුරු තැලිල්ල නියමයි. මමත් ඊයේ රෑ තැලුවා පොඩි පඳුරු කීපයක්.

    ReplyDelete
    Replies
    1. අර කිරිබත් වගේ අයිටම් එක කර්ඩ් රයිස් හෙවත් තයිරි නෙවෙයිද? චෙෆාකියා නං ඔන්න අදත් පාටි.

      Delete
  37. අපි බොනකොට අරක්කු තොපි බොනවනම් මදුවිත
    patta oyi

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ මම කිව්වෙ.

      Delete
  38. මේ පාරත් කිරි කොස් සමග බත් ටිකක් කාලා යන්න එනවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමු.

      Delete
  39. ඔහේ කාපුව තාම දිරෙව්වෙ නැද්ද??

    ReplyDelete

ඔබේ අදහස්