Thursday, April 13, 2017

ඇරියස් සමග අවුරුදු, ජිනාගේ වලිය, පේමයාගේ කරාටි, ෆොක්ස් සහ කළගුණ සැළකීම.


අලුත් අවුරුදු හයක් එකදිගට මිස්වූ මට මේ අවුරුද්දේ ගෙදර ඉන්නට ලැබුණේ අවුරුදු හයකට පසුවය.    මට මිස්වූ අවුරුදු හයේ ඇරියස්ද සමග  ජයටම අවුරුදු කවන්නට හැලපි ලක ලෑස්ති වෙන්නේ දවස් ගණනක සිටය.  ඒ හදන කෑම තොගය කෑවොත් සීනි වැඩිවී නතර වන්නට වෙන්නේ රෝහලකය. හැලපැට්ටාද රටේ නැති නිසාවෙන් මට නම් අලුත් අවුරුද්ද එච්චරම ගනිච්චියක් නැත.  ටී.වී. එකේ ජයටම අවුරුදු කීවාට අවුරුදු සිරිය පෙන්නුවාට එහෙමකට අවුරුදු අසිරියක් අපේ ගමේ නං දකින්නට නැත.   ඉඳහිට කොහා කෑගසයි.   කොල්ලො කුරුට්ටෝ සයිකල් වල නැගී අපේ ගේ ඉදිරිපිට පාරේ එහෙ මෙහෙ යති.   කෙල්ලෝ මොබයිල් පෝන් කණේ ගහගෙන කඩිසරකමින් ගමන් කරති.   රෑට රතිඥ්ඥා ද අහස් කූරුද පත්තු වෙන සද්දය කණ ළඟ මෙන් ඇසේ.   ටවුමේ කඩවල සෙනග ඊස් මීස් නැතුව පිරී ඉතිරී බඩු ගනිති. වෙන අවුරුදුවල  උදේ රෑ   නැතුව පාරේ පිරී ඉන්නා බේබද්දන් කවුරුවත් මෙදා දකින්නට නැත.  ඒ අරක්කු මිළ දරාගත නොහැකි අන්දමට ඉහළ යාම නිසා විය යුතුය.  බර ගාණක් දී බෝතලයක් මිළදී ගත්තත් එය හිස්කරන්නට හවුල් වෙන්නට වෙනදා මෙන් කාටවත් කතා නොකරන්නේ අතමිට  හිඟකම නිසාම මිස මිතුරු සාද පවත්වන්නට අකමැති කම නිසා නොවේ.    ඒ නිසා ගෙනාපු බෝතලෙන් ෂොට් දෙකතුනක් තනියම දමාගෙන නොබීවා සේ ෂේප් එකේ සිටිති.    ඉස්සර සැන්ටින් මුද.ලාලිගේ තේ කඩේ මිදුලේ දවල් දවසේම තිබු කැටපොළත් කඩේ පිටිපස්සේ පැය විසිහතරේම ක්‍රියාත්මක වුන බූරුපොළත් අභාවයට ගොස් බොහෝ කළකි.   බූරු ගසා ඇඳන් ඉන්න රෙද්ද ඇරෙන්නට සබ්බ සකළ මනාවම පැරදී කඩේ ඉදිරිපිට නොයෙක් විප්‍රකාර කරන උන්ද බූරු සෙල්ලමෙන් දිනා බෝතල් පාටි දමන උන්ද වඳවී ගොස් බොහෝ කළකි.  

දවසක්දා බුරුපොළ ළඟදී හොඳටම බීමත්ව සිටි ජිනා රජවත්තේ ආරිත් (රජවත්තේ ආරි අපට සොමිය දෙන මයියංගනේ  ආරිත් සමග පටලවා නොගන්න) සමග මොකක්දෝ කතාවකට ඇරගත්තේය.     දෙන්නාගේ බහින්බස් වීම දුරදිග ගොස් කෙලගන්න තත්ත්වයටම ලඟාවිය.    එක්වරමැ  ජිනා අත මිට මොළොවා ආරිට පොල් අඩියක් දෙසා බෑවේය.   හැඩි දැඩි ජවසම්පන්න පුරුෂයෙකු වූ ආරි ඉදිරියේ පඟර නැට්ටෙකු වූ ජිනාගේ පොල් අඩිය අත පහත් වෙන්නටත් පෙර උඩදීම වලක්වාලු ආරි ජිනාගේ අත කරකවා පිටින් ගෙන කර උඩින් ඔසවා ජිනාව පොළොවේ ගසාලුය.    හතර ගාතෙන් බිම ඇද වැටුණු ජිනා නැගිටින විට ළඟ තිබුණු හබරළ අකුලට විසිවන්නට පුකට පයින් පහරක්ද ගසාලීය.    හතර විළි ලැජ්ජාවට පත් ජිනා වී කුරුල්ලෙකුසේ වේගයෙන් නියර දිගේ ගෙදර දිව්වේ "මං ආපහු එනවා! තෝව කන්ඩ මං ආපහු එනවා! " යි නොනවත්වා කියමිනි.    අප සියලුදෙනාම බලාපොරොත්තුවෙන් සිටියේ ජිනා කඩුවත් රැගෙන හැරෙන තැපෑලෙන් ආපහු ඇවිත් ආරිව කපා කොටා දමතිය කියා වුණත් හැන්දෑ වන තුරුම ජිනා ආපහු ආවෙ නැත.   අප සියලු දෙනාම ආරිට අවවාද කළේ මින් ඉදිරියට කිසිම දිනෙක වැරදිලාවත් අඳුර වැටුණු පසුව ජිනාගේ ගේ ඉස්සරහ පාරෙන් ගෙදර යන්නට එපා කියලාය.   ඒ අපි ජිනාගේ හැටි හොඳින්ම දන්නා නිසාය.    වැරදිලාවත් ආරි ඒ පාරෙන් ගියානං එහෙම කඩුවත් තියාගෙන අඳුරේ මඟරැක බලාසිටින ජිනා ආරිව කපන එක සක්සුදක්සේ සහතික නිසාය.  අපේ අවවාද ඉහළින්ම පිළිගත් ආරි ඉන් මතුවට කිසිදිනෙක ඒ පාරෙන් තනියම ගමන් ගියේ නැත.  

ජිනාගේ තව වැඩක් මට මතක්වේ.   ඒ මයියංගනේ ආරියා ඇතුළු රෙදි මෝලේ වැඩකළ උන්ට කරාටි උණ තදින්ම වැලඳී තිබූ සමයයි.    මුන් කණ්ඩායමම ගිහින් ටවුමේ කරාටි මාස්ටර් කෙනෙකුගේ පන්තියට බැඳුනාහ.   සති දෙක තුනක් මාසයක් පමණ ගතවෙද්දී මුන් ටික දුටු දුටුවන්ට කරාටි ගහන තත්ත්වයට පත්වුනෝය.   මේ කණ්ඩායමේ සිටි පේමයාට කරාටි පිස්සුව තිබුණේ හොඳම එකෙන්ය.    ඌ කෑවේ බීවේත් ඇවිද්දේත් කරාටි වලට අනුකූලවය.   දවසක්දා කට්ටිය ඉන්න තැන පේමයා තමන් කරාටි ක්‍රීඩාවේ ලබා ඇති ප්‍රවීණත්වය ගැන විස්තරයක් කළේ අසා සිටි අපේ ඇඟ ලොමු ඩැහැ ගන්වමිනි.

" දැන් උඹල ඕනෑ විදියකට මට ගහපල්ල, මම ගුටි කන්නෙ නෑ බේරෙනවා!"

කියු පේමයා උජාරුවෙන් වට පිට බැලීය.   සියලු දෙනාම සාවධානව අසා සිටිති, පේමයාට හෙන ජොලිය.

" ඈ බං, උඹ කියන්නෙ ඕනෑ විදියකට උඹට ගැහුවොත් බේරෙන්ඩ පුළුවන් කියලද?"

පේමයාගේ කයිය හොඳින් අසා සිටි ජිනා ඇසුවේය.      

" ඔව් ඔව් ජිනයියෙ, උඹ ඔනෑම විදියකට මට ගහපං බලන්ඩ, මං බේරෙන්නෙ නැද්ද කියල!"

"ඉඳින්කො එහෙනං!" කියු ජිනා ඒ අසල තිබුණු වැටෙන් හොඳට වැඩුණු නාඹර වැටමාර පොල්ලක් කඩාගෙන විත් පේමයාගේ පිටටද අත පය හතරටද  නෙලන්නට වුයේ පේමයාට අතක් ඔසවන්නට පවා ඉඩ නොතබමිනි.   වැටමාර පොලු පහරවල් එක පිට එක චට පට ගා පිට හරහට වැදෙද්දී ප්‍රහාරය ඉවසාගත නොහී " බුදු අම්මෝ" යි මරහඬ දී  කෑගැසූ පේමයා වැටට උඩින් පාරට පැන දුවන්නට වන.     අත තිබූ වැටමාර පොල්ල ජයග්‍රාහීව පහත දැමු ජිනා " කෝ කරාටි කාරය ගියාදැ' යි ඇසුවේ "සේනක බිබිලෙ ගියාදැ' යි සන්නා ඇසු ආකාරයටමය.    ගෙදර ගොස් පිට පුපුරපු තැන්වලට තෙල් ගා සාත්තු කරගෙන ආපහු ආ පේමයා කීවේ ඌට වැදුණු පහරවල් වළක්වා ගැනීමට කරන්නට තිබූ එකම දෙය වැලි සෙල්ලම බවයි.  ඌට ගුටිකන්නට උනේ එතැන පාරේ ගල් බොරළු පමණක්ම මිස වැලි නොතිබූ නිසා මිසක සාස්තරේ වරදක් නිසා නොවන බව පේමයා කීවේ දහ අතේ දිවුරමිනි.

තව එක කතාවක් කියා මේ පෝස්ටුව අවසන් කරන්නට සිතමි.   ඒ මීට අවුරුදු හත අටකට පෙර එක අලුත් අවුරුද්දක මා අත්දුටු සිද්ධියකි.    ඒ අලුත් අවුරුදු සැන්දෑවේද මා බොහෝ කම්මැලි කමින් ඉස්තෝප්පුවේ පුටුවක් තබාගෙන හිස් බැල්මකින් පාර දෙස බලා සිටියෙමි.     අපේ ගේ පිහිටා ඇත්තේ තරමක කන්දකය.  දෙපැත්තටම ඇත්තේ පල්ලමය.   සැඳෑ අඳුර හතරවටින්ම ගලා එන ඒ ගොම්මන් යාමයේ  එක්වනම කන්ද නැගගෙන එන දෙන්නෙක් දුටුවෙමි.    බැලුකොට මගේ යාළුවන් දෙන්නෙකි.    හැබැයි උන් දෙන්නා ආවේ මා හමුවන්නට නොවේ.    එකෙක් අතේ තරමක පාර්සලයක්ද විය. 

" අපි මෙහෙට ගිහිං එන්නංකො අයියෙ' යි මහත් සතුටකින් මට කී ඔවුන් දෙදෙනා පය ඉක්මන් කොට පල්ලම බැස ගියහ.   මම තව දුරටත් අඳුර දෙස බලා සිටින්නට වීමි.    විනාඩි පහක් ගතවන්නට ඇත.   පහළට බැස ගිය උන් දෙන්නා ආපසු එනු දුටුවෙමි.    හැබැයි ගිය තරම් ජවයකින් නොවේ.   හරියටම කිව්වොත් කන් කඩාවැටුණු බලු කුක්කන් දෙදෙනෙකු සේ නොහොත් ශුක්‍රාණු කෑ රිළවුන් දෙදෙනෙකු සේ මුන් දෙදෙනා ආපසු එති.   ගෙනගිය පාර්සලයද එහෙමමය.    

" අපි යන්නං අයියෙ" මුන් දෙදෙනා කීවේ මලානික හඬකිනි.   යමක් වැරදී ඇති බව මට එක්වනම අවබෝධ විය.    කම්මැලිකමින් ඉන්න වෙලාවේ කතා කරන්නට මේ දෙන්නාද වටී.     
"පිට පාරෙම යන්නෙ මොකද? පොඩ්ඩක් ගෙට ගොඩ වෙලා යමු! "  මා කතා කළ විට දෙන්නාම හැරී ගෙදරට ආහ.    කතා කරමින් ඉන්න ගමන දෙන්නා  කොහි ගියේදැයි මම වටින් ගොඩින් ඇසුවෙමි.     මඳ පැකිලීමකින් එකිනෙකාගේ මුහුණු බලාගෙන මොහොතක් සිටි දෙදෙනා ඉන්පසුව ටිකින් ටික විස්තරය කියන්නට වූහ.    පිට පළාතකින් අපේ ගමට බින්න බැස්ස එකෙක් සිටී.  ඌ වැඩකළේ කොළඹ මහ රෝහලේය.   ඌ කසාද බැඳගෙන ඉන්න අපේ ගමේ කෙල්ලට අපි නම තබා තිබුණේ ෆොක්ස් කියලාය.   ඒ ඇගේ පිරිපුන්ව සහ විශාලව වැඩී තිබු ලැම එවකට ජනප්‍රිය හොලිවුඩ් නිළියක්වූ සමන්තා ෆොක්ස්ට සමානවූ හෙයිනි.    

මුලින් සමන්තා ෆොක්ස් කියා ඇයව හැඳින්වුවද පසුව නම ෆොක්ස් යනුවෙන් කෙටිවිය.     මේ දෙදෙනාට එක් දරුවෙක් සිටී.    ෆොක්ස් වස නපුරු ගැහැණියක් බවද මිනිහාට බලු බැණුම් බනින බවද ඌ රණ්ඩු වෙන්න යන්නේ නැතිව කරබාගෙන ඇය කියන දෙයක් කරන බවද එකල පැතිර ගිය කතාවකි.    ඇය කුස්සියේ වැඩ කරමින් සිටි වෙලාවක දරුවා හැඬුවොත් " මොකද බොල තෝ කරන්නෙ, ඔය ළමය අඬනව ඇහෙන්නෙ නැද්ද? ගිහිං බලපියකො" ආදී වශයෙන් ආදරයෙන් සැමියා අමතන බව මට එකෙක් කියා ඇත.    ඉතිං අපේ යහළුවන් දෙන්නාද මොහුගෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වූ අතර ඔහු ඒ උපකාරය ඉතා හොඳින් ඉටුකරදී ඇත.    දැන් මේ දෙන්නා බෝතලයක් සහ බයිට්ද රැගෙන ගොස් ඇත්තේ කරදුන් උපකාරයට කළගුණ සළකන්නටය.

බෝතලයද ඔතාගෙන ගෙදර මිදුලට ගිය දෙන්නා නම කියා ඔහු අමතා ඇත.   ඇවිත් ඉන්නේ කවුදැයි බලන්නට එළියට විත් තියෙන්නේ ෆොක්ස්ය.

" .....අයිය ඉන්නවද දන්නෑ!" මේ දෙදෙනා ඇසුවිට ඇය කතාබහකින් තොරව ගෙටගොස් ඇත.   ඉන්පසුව ගේ ඇතුලේ සිදුවූ කතාව මෙසේය.

"කවුද ඕයි?"

" අන්න තොගෙ කූටාලියො දෙන්නෙක් බෝතල් අරං පැලෙන්න ඇවිත් ඉන්නව, ගිහිං පැලිය!" 

කළගුණ සැළකීම පසෙක තැබූ මුන් දෙන්නා ඒ පයින්ම ආපසු හැරී ආවේ දෙවියන්ට පිං දෙමිනි෴

"අප්‍රේල් මාසයට ලියන පළමු පෝස්ටුව ලියන්නට අලුත් අවුරුදුදා වන තුරුම ඉන්නට විය.  මෙවර මා වැඩ අල්ලන්නේ මෙය පබ්ලිෂ් කිරීමෙනි.   බ්ලොග් ලියන කියවන කමෙන්ට් කරන සියලුම හිතවතුන්ට හිතවතියන්ට වලියෙන් තොර සොමියෙන් බර බත බුලතින් සපිරි  කිරියෙන් පැණියෙන් උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා, හැලපි සහ හැලපැට්ටාය."

65 comments:

  1. සුබ නව වසරක් වේවා හැලපා අයියේ.. අදින් පසුව දිගින් දිගටම ලියැවේවා බොහෝ රසවත් ලිපි මේ අඩවියේ.

    ReplyDelete
    Replies
    1. රාළහාමි ගොලිප් එකක් වත් බොමුද?

      Delete
    2. ගරු සාරසතුමනි,

      සිනුවර තට්ටස් නොහොත් රසික සූරියආරච්චි පොස්ට් එකක් දලා තියෙනවා 'තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම ' කියලා. එකේ තියෙන්නේ කාන්තාවන්ගේ පියයුරු සදහා රන් තැඹිලි, ජම්බෝල වගේ උපමා ගන්නවා කියලා. ඉතිං මං දන්නා කාන්තාවක් ගැන මං එකේ කොමෙන්ට් එකක් දැම්මා.

      මං කිව්වේ රෂිනිගේ තන් නම් ජම්බෝල වගේ. ඉස්සර එයාට අවුරුදු 12 වගේ කාලේ තිඹිරි ගෙඩි වගේ සයිස් තන් තිබ්බේ, හැබැයි එව්වා ඉස්සෙල්ලම පාවිච්චි කලේ දෙමළෙක් කියලා. ඒත් ඒ කොමෙන්ට් එක තුන පාරක්ම අයින් කරලා. එහෙම කොමෙන්ට් අයින් කරේ මොකොද කියලා අහපු කොමෙන්ට් එකත් අයින් කරලා. දැන් රසික කොමෙන්ට් මොඩරේට් දාලා. ගරු සාරස තුමා ගේ අදහස මොකක්ද මේ ගැන.

      පහල තියෙන්නේ පස්සේ දාපු කොමෙන්ට් එක.
      Anonymous17 April 2017 at 17:18
      කෝ මගේ කොමෙන්ට් එක? ඇයි අයින් කරේ? මේ පොස්ට් එකට අදාලව ජම්බෝල,තිඹිරි ගෙඩි තන ගැන මං අදහස් පල කරේ.

      මං කිව්වේ රෂිනිගේ තන් දෙක නං ජම්බෝල ගෙඩි දෙකක් වගේ, රෂිනිට අවුරුදු 12 වගේ කාලේ තමයි තිඹිරි ගෙඩි වගේ තන් තිබ්බේ. ඒවා කලින්ම පාවිච්චි කලේ දෙමෙලෙක්' කියලා

      මේ කොමෙන්ට් එක සම්පුර්ණයෙන්ම මේ පොස්ට් එකට අදාලයි. ඇයි අයින් කරේ කියන එකයි මගේ ගැටලුව?

      Delete
    3. ස්තුතියි නලින්. වෙලාවක හමුවෙමු.

      Delete
  2. වලියක් නොමැති වී සාමය රජවේවා
    එළියක් වැටී නව පැතුමන් ඉටුවේවා
    පොළියක් සමග බ්ලොග් ලිපි තව ලියවේවා
    ජොලියක් පිරුණු සුභ නව වසරක් වේවා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තමුසේ අදද මේ පැත්තේ ආවේ? කලින් දැකලා නෑ.

      Delete
    2. දුමින්දටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  3. හැලප පවුලට සුබ නවවසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. එහෙමයි සර්. සර්ගේ පුක සුදුද?

      (පුක යනු කුණුහරුපයක් නොවේ-කකා)

      Delete
    2. චෙපාකි ඇතුළු සිය පවුලටම සුබ නව වසරක් වේවා!

      Delete
  4. තොපිලට අවුරුදු උනාට අපිට මෙහේ අවුරුදු නෑ බොලව් මොනාහරි ලියාපියව්.

    ReplyDelete
  5. ඕව මොනවද අපේ පැත්තෙ කරාටි මාස්ටර් කෙනෙකුටම දුන්නෙ ඩෝප් කාරයෙක් ඔළුව පැලෙන්න.

    හැලප අයියාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බං , කරාටේ වසන්තව මරලම දැම්මෙ එස්.එෆ් ලොක්කා

      Delete
    2. ලොකු මහත්තයා... එස්.එෆ් ලොකු මහත්තයා..!! හරියට කියන්න.

      Delete
    3. ඔහේගේ මුනත් නිකං ඩෝප් කාරයෙක් වගේ. වෙන පොටෝ එකක් දාගනින්. හැලපගේ බුරුස්‌ රැවුල හරි කමක් නෑ

      Delete
    4. ඇනෝ, දවස ගානෙ ගහන අපේ වෙන ෆොටෝ එකක් ගත්තත් ඔච්චර තමයි බං.

      Delete
    5. ප්‍රසන්නටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  6. නොදන්වා කඩවල් වලට පැනීම තරයේ හෙළා දකිමු. ඔවු ඉඳගෙන. හැක්..

    ReplyDelete
    Replies
    1. දුර බැහැර සිට එනවිට මගහැර යෑම හිටගෙනම හෙලාදකිමි.

      Delete
  7. ආ හැලපයියා කාලෙකට පස්සෙ හැලපෝස්ටුවක් ලියලා. එල . සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ලිව්ව නේන්නං කාලෙකිං. ඉවාන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  8. Eat food good becase food good to body. Food eat is meenful. But sinhala new year tradision salibrate no meen. I put post too my blog about fool things. Tank you halapa frend you write about food.

    ReplyDelete
    Replies
    1. Mama passe welaawaka ennam umbata honda pilithurak denna...

      Delete
    2. අයියා සමලිංගික නේ?

      Delete
    3. @Loku putha
      Plese com to my blog too. Thank lots.

      Delete
    4. @ anonymos
      I no homosexuelity man. I have wife and chilren. But I tell one thing that I suport homosexuelity people rigts and also all minority people rigts as i socalism man.

      Delete
    5. ///But sinhala new year tradision salibrate no meen. I put post too my blog about fool things.///

      පුල් මොනවද කියල පැහැදිළි කරමුද රට-තොට...
      ඒ එක්කම පුල් නැති එව්වත් මොනවද කියලත් කියමු බලන්න...

      ///Plese com to my blog too. Thank lots.///
      I no kam yuwar blog...

      Delete
    6. තෑන්ක්ස් රටතොට. එහෙනං පූල් මොනාද කියලත් ලියමුකො.

      Delete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ පුංචි දොස්තර මහතැන් ඇවිත්. ෆොන්සේකා උන්නැහේ ගැන ලියන්න ගිහිං නෑවා නේ?

      Delete
    2. රුවන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    මම කරාටේ ඉගෙන ගත්ත හැටි මතක් වුණා. කෝ ඉතිං ලියන්න හිතෙන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මචං සුදික අළුත් අවුරුද්දෙ වත් උබේ ඩොස් ගේම් එක දීපන්කො බං. අපි හරි අසාවෙන් ඉන්නේ ඒක ප්ලේ කරන්න.

      Delete
    2. බ්ලොග ඔහේ තියෙනකොටවත් ලියන්න හිතෙන්නෙ නැතෑ. සුදීකටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  11. අවුරුද්ද නම් ගොඩක්ම වෙනස් වෙලා.. වෙනදා හංදියක් හංදියක් ගානෙ තිබුනු අවුරුදු උත්සවත් නෑ මෙදා පාර.ඇත්තටම විනෝදයට වියදම් කරන්න පුළුවන් සුඛෝපභෝගී කීප දෙනෙකුට විතරයි.ඒ නිසා වෙන්න ඇති.
    එව්වා මෙව්වා...මක්ක උනත් අර පොල් වත්ත එහෙම බලන්න ගියේ නැතෙයි ලඟදි?
    හැලපයියාට,අක්කාට,හැලපැට්ටාට තුණුරුවන්සරණින් සුභම සුභ නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගියා ගියා පොල්වත්ත බලන්න ගිය සතියෙ ගියා. දැන්නං අන්නාසි මඤඤෝක්ක එහෙම සරුවට තියෙනවා.
      ගස් ලබ්බටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  12. මටත් අවුරුදු 4ක් එකදිගටම අවුරුදු සැමරීම මිස් වුනා. ගිය අවුරුදු වල නම් අඩුම තරමේ කිරිබතක් වත් හැදුවට මේ සැරේ එකත් නෑ.. ලබන සැරේ සමරන්න හිත හදාගෙන ඉන්නවා..

    හැලප ඇතුළු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ උගත් බුද්ධිමත් ගුණගරුක මහත්මා ඇවිත්. මහත්තයා හනිමුන් ගියේ සේරනිටි විලේජ් එකට නේ? අපි බලං හිටියේ. ඇයි මහත්තයා රටත් ගියේ.. ඔබතුමා බොහොම උගත් බුද්ධිමත් ගුණාත්මක මහතැන් කෙනෙක්. ඔබතුමාට වරදින්නේ නෑ. පුංචි දොස්තර මහත්තයෙක් වගේමයි.

      ආයේ අවුරුදු සමරන්න මහත්මයා.

      Delete
    2. ලබන සැරේ ජයට අවූරුදු සමරමුකො.
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  13. හැලප අයියට මතකද, දඩුබස්නාමනය ටෙලියේ අංගම් සටන් ආපහු හැදුවයි කියපු පොර ගම්පහදී ගුටි කාපු හැටි ?

    හැලපයා, හැලපි සහ හැලපැට්ටා සහ සියල්ලන්ටම සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඌට ගම්පහදී වැදුනනේ මදි නොකියන්න. සුටික්කාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  14. හැලපටත් හැලපිටත් හැලපැට්ටාටත් සුබම සුබ නව වසරකට ආසිරි පතමි

    ReplyDelete
    Replies
    1. සොඳුරු සඳවතී සහ පවුලේ අයටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  15. හැලප පවුලට සුබ නවවසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ලලිත්ටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  16. සකල හැලප පවුලටම සුබ අලුත් අවුරුද්දක් වේවා.
    අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා...
    ෆොක්ස් කිව්වට තියෙන්නෙ තනිකර වෘක ගතිනේ... හැක්...
    අර මනුස්සය කෝම ඉන්නවද දන්නෑ

    ReplyDelete
    Replies
    1. ෆොක්ස් නියම වැඩ දෙනවා. වෘක ගතිම තමා. මහේෂ්ටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!

      Delete
  17. මගේ යාළුවෙක් හිටියා මිනිහා වලියකට ගියොත් අම්බානකට කාලයි එන්නේ අපි මිනිහාට කිව්වේ සෙන්සේ සදගුටි කියලා. හැලැප අයියාටයි හාමිනේටයි හැලැප පැට්ටාටයි සුබම සුබ අළුත් අවුරුද්දක්වේවා.....

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  18. Okkotama subha aluth awuruddak wewa...!

    Passe ennam sinhala ekka...
    Me utte helakuru blog wala pissu kelinawaa, FB ekata ok...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා ඇතුළු පවුලේ සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. සුබ නවවසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ප්‍රාටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  21. magerth yaluwek hitiya karati una thbba. dawasak moota master gahala. meka masterwa allagena digata harahata nelalla mata thota gahanaa karati one na kiyala. masterwa beragena thiyenne anith golayoo tika.

    ReplyDelete
    Replies
    1. ඌ නියම බඩුවක්නේ බං. ඊට පස්සෙ ඌ පංතියක් දැම්මේ නැද්ද.

      Delete
  22. මමත් එකම එක දවසක් ඔය කරාටේ පන්ති ගිහින් තියෙනවා.ඔය ගුටි කෙලි අපිට හරියන්නේ නැති නිසා එහෙමම නතර වුනා.
    හැලපයියා ඇතුළු පවුලේ සැමටත් මේ අලුත් අවුරුද්ද වසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
    Replies
    1. මනෝජ් සහ නෝනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  23. හැලපයියා ඇතුලු පවුලේ සැමට සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. මාතලන් ඇතුළු පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  24. හැලපය්යා, හැලප හාමිනේ සහ හැලපැට්ටාට සුභ අලුත් අවුරුද්දක් වේවා.
    මේක කියවද්දි හිතුනේ අපේ පොඩි කාලේ අවුරුද්ද කොච්චර ලස්සනද කියලා

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ අවුරුද්ද ආයෙ නොඑන්නම පලා ගිහිං බං.
      මල් මල්ලි ඇතුළු පවුලේ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  25. සුභ අලුත් අවුරුද්දක් වේවා. ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete

ඔබේ අදහස්