Tuesday, November 10, 2015

තුන් වසර, දෙසැම්බර් 31 පාටිය සහ ආරියගෙ ඩ්‍රෙස්කෝඩ් එක.

අද හැලපකඩේ බ්ලොගයට නිල වශයෙන් තුන් වසරක් සපිරෙයි.ඒ කියන්නේ බ්ලොගය ආරම්භකළේ 2012 නොවැම්බර් එකොළොස් වැනිදාය.එහෙම ආරම්භ කළාට ලියන්නට පටන්ගත්තේ නම් දෙසැම්බර් මාසයේය.ඒ පටන්ගත් දා සිටම මගේ ශක්ති ප්‍රමාණයෙන් ඔබේ ප්‍රසාදය සඳහා ලීවෙමි.ඒත් පහුගිය කාලයේ බ්ලොග් රචකයන් සෑහෙන සංඛ්‍යාවක් බ්ලොග් ලිවීමෙන් හැලී යන අයුරු අපට දකින්නට ලැබුණි.ඒ කොච්චරද කිව්වොත් මගේ බ්ලොග් රෝලේ ඇති 140 ක පමණ  බ්ලොග් අඩවි වලින් යාවත්කාලීන වන්නේ බ්ලොග් අඩවි තිහක් හෝ හතළිහක් පමණි.පුරා අවුරුද්දකට වැඩි කාලයක් යාවත්කාලීන නොවූ බ්ලොග් අඩවි හතළිහකට ආසන්න ප්‍රමාණයක් මා පසුගිය දවසක බ්ලොග් රෝලෙන් ඉවත්කළෙමි.ඊළඟ වටයේ ඒ තැන ගන්නට තවත් ඒ හා සමානම බ්ලොග් අඩවි සංඛ්‍යාවක් පෝලිමේ සිටී.

මේ බ්ලොගය පටන් ගනිද්දී කොපමණ කාලයක් ලියනවාද කොපමණ ලිපි ප්‍රමාණයක් ලියනවාද යන්න සම්බන්ධයෙන් කිසිම පුර්ව නිගමනයක් මා වෙත නොවීය.මගේ ආත්ම තෘප්තිය උදෙසා මා ලිවූ අතර කියවන ඔබ මගේ ලිවීම අගය කිරීම මට දිගටම ලිවීමේ නියැලීමට උත්තේජනයක් විය.අවුරුදු තුනක් පුරාවට ලියාගෙන ආවේ ඒ ආකාරයටය.ලියන්නට කම්මැලි කමක් මේ තාක් ඇති නොවුනත් විටින් විට ඇතිවන කාර්ය බහුලත්වය ලිවීමට බාධා ඇතිකරයි.තුන් වර්ෂ පුර්ණය නිමිත්තෙන් බ්ලොග් ලිවීමේ මගේ අත්දැකීම් ගැන වෙනම ලිපියක් ලියන්නට කලින් සිතා සිටියද එයද නොහැකි වුනේ දැඩි කාර්ය බහුලබව නිසාමය.ඒ නිසා කලින් ලියා තිබු මේ ලිපිය අද පළකරමි.මගේ බ්ලොග් ලිවීමට සවියක්ව උදව් දුන් ඔබ සියලු දෙනාටම මගේ සහෝදරත්වයේ ආචාරය පිරිනමමි.


අපේ කතාවට අනුව ඊළඟට කියන්නට තියෙන්නේ දෙසැම්බර් තිස් එක් වෙනිදා ගම්බද උත්සව ශාලාවේ පැවැත්වුන පාටියත් ආරියාගේ ඩ්‍රෙස්කෝඩ් එකත් ගැනය.ගම්බදේ අයිතිකාරයා පාටියට ටිකට් ගහගෙන ආවේ මාස දෙක තුනකට පෙරදීය.හොඳ ගනුදෙනුකරුවන් වන අපට ගෙදරටම ගෙනත් ටිකට් වික්කේය.ටිකට් එකක් දෙදාහය,ඒ මුළු පවුලටමය.වෙල්කම් ඩ්‍රින්ක් එක,බෝතලයක් සමග හපන්නට අවශ්‍ය කටගැස්ම සහ ප්‍රණීත රාත්‍රී අහාරය බුපේ ක්‍රමයට ලබාදීම පැකේජ් එකය.අමතර බෝතල් අවශ්‍ය නම් මුදලට ලබා ගතහැකිය.ඊට අමතරව තාරාවාගේ බෙල්ලට වළල්ල දැමීම,ටිකට්වලට දිනුම් ඇද තෑගි දීම ආදී නොයෙක් විවිධාංගද දරුවන්ට විනෝද ක්‍රීඩාද ආදී වශයෙන් තිබුණු ලැයිස්තුවේ සංගීත කණ්ඩායමක් එදිනට සංගීතය සපයන බවද සඳහන් විය.පැකේජ් එක සාධාරණ නිසා අපිත් පවුලටම එකක් ගත්තෙමු.ඉක්මනටම තිස්එක් වෙනිදා ලඟාවිය.

රාත්‍රී අට අටහමාර වෙද්දී අපි සුදත්ලගේ පවුලත් සමග ගම්බදේට යනවිටත් තවත් කණ්ඩායම් කීපයක් මේසවලට වාඩිවී සිටියහ.ගම්බදේ අයිතිකාරයා අපව පිළිගත්තේය.තමන්ගේ හෝටලයේ  ප්‍රීති උත්සවයක් පැවැත්වෙන වෙලාවක අයිතිකාරයා මනමාලයෙක් මෙන් හැඳ පැළඳ උතුරා යන සතුටින් සිටිය යුතු වූවත් මුගේ මුණ නිකං මළගෙදරක් වගේය.හොඳ පරීක්ෂාවෙන් බැලුවත්  කියවන්නට බැරි ඒ මූණ විනාඩියෙන් විනාඩියට විවිධ වෙස් ගැනීම මට  මහත් ප්‍රහේළිකාවක් විය.කට්ටිය ඉස්සරහ අහන්නටත් බැරිය.කොහොම උනත් මම උගේ මුණ මතක තියාගෙනම කට්ටියත් එක්ක ගිහිං මේසෙකට වාඩි වුනෙමි.වෙල්කම් ඩ්‍රින්ක් එකත් ඊට පසුව බෝතලයකුත් ආදී වශයෙන් පැකේජයේ තිබුනු පිළිවෙලටම මේසයට ආවේය.කටගැස්මට සම්ප්‍රදායික ලෙස ඩෙවල් චිකන් පාට්ස් සහ තම්බපු කඩලය.වීදුරුවට ටිකක් වක්කරගෙන අපි දෙන්නා බොන ටිකට ගෑනු සහ ළමයි ටික කටගැස්මට වැඩේ දීලාය.කොච්චර ගෙනාවත් ඔයටික තමයි කියා අපි දන්න නිසා සද්ද නොකර බීවෙමු.බිරිඳ මේසයට වාඩිවී ඉඳගෙනම නිවේදනය කළේ  හෙට නිවාඩු දවසක් නම් බීම ගැන වචනයක්වත් නොකියන බවත් නමුත් හෙට ජනවාරි පළවෙනිදා දෙන්නාටම වැඩට යන්නට තියෙන නිසා බොන හරියක් ඉක්මනට බී  මහ රෑ පාන්දර වෙනතුරු නොඉඳ රෑට කෑම ගෙන ගෙදර යමු කියාය. 

සුහද කතාබහ සතුටු සිනා අතරින් සාදය ඉදිරියට ගියත් මට මතක් වෙන්නෙම ගම්බදේ අයිතිකාරයාගේ මුණය.ෂොට් දෙකතුනක් වැදී ඇඟපත සැහැල්ලුවී හොඳට කතා කරන්නට පුළුවන් ගානට එනවිට මම ගම්බදේ අයිතිකාරයා සොයා ගියෙමි.මනුස්සයා එළි පහලියක නැත.තවත් ඇතුළට යනවිට කුස්සියේ වාඩිවී කම්මුලටත් අත තියාගෙන මොනවද කෑ රිළවා මෙන් ඉන්න අයිතිකාරයා මට හමුවිය.මම ඔහුට කතාකළ විට අහන්නත් ඉස්සර සිදුවී ඇති අකරතැබ්බය මට කීවේය.පාටියට ජයට උයන්නට කෝකියෙක් කතාකරගෙන හිටියත් කෝකියා ඇවිත් නැත.කුස්සියේ වැඩ කරන කොල්ලත් හවුල් කරගෙන කෑම ටිකක් උයාගත්තත් ඒ ටික පැමිණෙන ඔක්කොටොම කන්න දෙන්නට මදිය.කුස්සියේ වැඩකරන කොල්ලා ආයෙමත් උයන්නට කැමති නැත.ඒ මොකද කිව්වොත් ඌ අලුත් ඇඳුමකුත් මසාගෙන ඇඳගෙන ඇවිත් ඒ රාත්‍රියේ උගේ සොමිය ගන්නට බලාපොරොත්තුවෙන් ඉන්න බැවිනි.සංගීත කණ්ඩායමද ඇවිත් නැත.කකුල් ගැටගසපු තාරාවෝ ටික දාපු දාපු තැන්වල රොබ්බාගෙන ඉඳිති.වැඩ කටයුතු බලන්නට හොයාබලා කරන්නට කවුරුවත් නැත.මේ ඔක්කොම ප්‍රශ්න ටික එකට පැටලී අයිතිකාරයාගේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලාය.උදව්වට කෙනෙක් හෝ දුක කියන්නටද කෙනෙක් නැති තැන කුස්සියට වී කල්පනා කරමින් සිටින බව ඔහු කීවේය.

කෝකියත් සංගීත කණ්ඩායමත් ඇවිත් නැත්තේ මුගෙ මොකක් හරි මරිසි වැඩක් නිසා වෙන්නට හැක. මේ සියළු ප්‍රශ්න ඇතිවී තියෙන්නේ කාටවත් මේ වගේ වැඩක් ගැන අත්දැකීමක් නැතිකම නිසා බව හොඳට පෙනේ.කොහොම උනත් ගම්බදේ කාර්ය මණ්ඩලයෙන් අයිතිකාරයාට ප්‍රමාණවත් සහයෝගයක් ලැබී නැති බව නම් පැහැදිළිය.අයිතිකාරයාට මම කීවේ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර  පසුතැවිලි වීමෙන් කිසිම පලක් නැති බවය.මුණ හෝදාගෙන එලියට ගිහිං තමන්ට පුළු පුළුවන් වැඩ ටිකවත් කරදාන්නට කියා කීවෙමි.මිනිහා වැඩියත්ම බයවී හිටියේ කන්නට මදිවී කොල්ලන් ගෝරි දමාවියයි කියාය.එහෙම නොවෙන්නට කොල්ලන් ෂේප් කර දෙන්නම් කියා මම පොරොන්දු උනෙමි.කෑම වෙනුවට උන්ට වැඩිපුර  බීම ටිකක් නොමිලේ දෙන්නට ඔහු කැමති විය.ඒ අනුව බපල් දෙකක් ගෙනත් එළියට දමා සංගීතය සපයන්නට පළමුවෙන්ම කටයුතු කළෙමු.නිදිමතේ තිබු පාටිය පණගසා ආවේ එවිටය.අයිතිකාරයාට පැත්තකට කතාකර කට කපා වීදුරුවකින් එකක් බොන්නට දුන්නේ හිතේ තිබු බය ඇරෙන්නටය.එවිට හිතේ බය බාගයක්ම ඇරී මිනිහා සැහැල්ලුවෙන් සාද භූමියේ සැරිසරන්නට විය.මමත් ආපහු ඇවිත් මේසයට වාඩිවී කතා කරමින් හිටියෙමි.

ගේට්ටුව ළඟ ලොකු සද්දයක් ඇහෙන්නට උනේ මේ අතරය. කවුදෝ හයියෙන් හයියෙන් කතාකරයි.ගේට්ටුවට තඩිබායි.සද්දෙ මොකක්දැයි ඔලුව දමා බැලුකල හොල්මනක් මෙන් කරුවලේ ගේට්ටුව ළඟ කෑගහන්නේ ආරියාය.කැලැන්ඩරේ දවස ගැනවත් හෝදිසියක් නැති එකාට හදිසියේ තිස්එක්වෙනිදා රෑ පාටි දාන්නට මතක් උනේ මොකද කියා මට ප්‍රශ්නයක් ඇතිවුනි.මම පස්සෙ උගෙන් අහලා දැනගත්ත විදියට කතාව මෙහෙමය.ගම්බදේ පාටිය ගැන ආරියාට මොනම හෝදිසියක් වත් තිබුණේ නැත.ඌ වෙනදා පුරුද්දට රෑ වෙද්දි තවත් යාලුවෙක් එක්ක හොර පොළට ගියේ කාලක් බාගයක් බී ගෙදර එන්නටය.ඇතිවෙන්න බීගෙන ආපහු එද්දී යනකොට ඇහුනේ නැති සංගීත සද්දක් මහ හයියෙන් ඇසී ඇත.සද්දෙ මොකද්ද කියා බලනකල ගම්බදේ මඟුල් ගෙයක් වගේ ලයිට් දමා සරසලාය.ඇතුළේ නටන කට්ටියත් උගෙ යාලුවන්ය.දැන් ආරියාට හොඳටම චූන්ය.නමුත් ඌට ඇතුල්වෙන්නට බැරි විදියට ගේට්ටුව වහලාය. ආරියා ගේට්ටුවට තඩිබාන්නට පටන් ගත්තේ ඊට පස්සෙය.

වැඩ කරන දෙතුන් දෙනෙකුත් ගම්බදේ අයිතිකාරයත් ගේට්ටුව ලඟට ගියේ ආරියාව සංසුන් කරවන්නටය.මම ඇතුළේ ඉඳගෙන ආරියාට අත වැනුවිට ඌ තවත් චූන්වී ගැම්ම අරගෙන බනින්නට විය.අයිතිකාරයා ආරිට කිව්වේ පාටිය තියෙන්නේ කලින්ම ආසන වෙන්කරගෙන සිටි අමුත්තන්ට පමණක් බවත් දැන් ඒ අය සියලුම දෙනා ඇවිත් සිටින බවත් වෙන අය ඇතුළට ගන්නට විදියක් නැති  බවත්ය.අනික් අතට ඇවිදින් ඉන්න කට්ටියටවත් කන්නට දීගන්න බැරුව ඉන්න අයිතිකාරයා තව උන් ඇතුළට අරගෙන ඉල්ලං කන්නේ මොනවාටදැයි හිතන්නට ඇත.නමුත් හොඳටම බීමත්ව ඉන්න ආරියා ඔය පැහැදිළි කිරීම්වලින් සංසුන් කරන්නට හැකි තත්වයක හිටියේ නැත.ඌ වෙඩි කාපු ඌරෙක් සේ දඟලයි.සල්ලි කීයක් හෝ අරගෙන ඇතුළට ගන්න කියා බනියි.ගම්බදේ අයිතිකාරයා අන්තිම තුරුම්පුවද ගැහුවේය.එනම් ආරියාව ඇතුළට ගන්නට කැමති නමුත් ඌ කලිසමක් ඇඳ පිළිවෙලට ඇවිත් නැති නිසා ගන්නට විදියක් නැත කියා කීවේය.ආරියා එයින් මෙල්ලවී ආපහු යයි කියා මිනිහා හිතන්නට ඇත.ආරියා ආපහු ගියද විනාඩි දහයක්වත් යන්නට ඉස්සර කලිසමකුත් ඇඳගෙන ආපහු ආවේය.මට පුදුම හිතුනේ මු මෙච්චර කඩිනමට කලිසමක් හොයා ගත්තේ කොහෙන්ද කියාය.යාළුවෙක්ගෙන් ඉල්ලා ගත්තාද එහෙම නැත්නං වැලක වේලෙන්නට දමා තිබු කලිසමක් ඇඳගෙන ආවාද කියා දන්නේ නැත.නමුත් කලිසම ඌට හොඳටම හිරය ඒ මදිවට කොටය. ආරියා හරියට ඉස්සර අපේ ගමේ ටීටර්වල හිටිය බම්බුවා වගේමය.

මට ඌව දැක්ක ගමන් හිනා ගිය ගමන බිබී හිටපු එකත් ඉස්මොලේ ගියේය.ඒ ගමන ගම්බදේ අයිතිකාරයාට කියන්නට දෙයක් නැති නිසා ආරියාව ඇතුළට ගත්තේය.ආරියා තදයා ලෙස දුරින් දුරින් අඩි තබමින් ඇතුළට ආවේ ජයග්‍රාහී ලීලාවෙනි.උගේ ලොකුකමට මගෙත් එක්ක කතා කළේවත් නැත.ගිහිං නටන්නට ගත්තේය.ගම්බදේ දෙසැම්බර් තර්ටි ෆස්ට් නයිට් එකේ වග විස්තර ඔහොමය.ඊට පසුව අපි වැඩිවෙලාවක් රැඳුනේ නැත.යන්නට ඕනෑ කියන ගෑනුන්ගේ කරච්චලය නිසා බාගෙට බී කෑම කා ගෙවල්වලට පිටත්වුනෙමු.අපිත් එක්ක යන්නට සුද්දා ඇතුළු කණ්ඩායමටද කතා කළත් තව ටිකක් සොමිය අරගෙන එනවා කියා නැවතුන උන් ටිකට රෑට කන්නවත් නැතුව ගිය බව ඊට පහුවදා සුද්දා මගෙත් එක්ක කීවේය.ගෝරි දාන්න එපා කියා කොල්ලන්ට කියන්නට මට මතක නැති උනත් හොඳ වෙලාවට කිසිම ගෝරියක් ඇතිවී නැත෴

124 comments:

  1. හැලපෙ, අපි පොඩි කාලෙ සිංහල අවුරුද්දට නම් අනිවාර්යයෙන් අපෙ අම්මලගෙ ගමේ බෝතලෙ යනව.

    ReplyDelete
    Replies
    1. අපි නම් ගමේ යන්නෙ බස් එකේ..

      Delete
    2. මෙන්ඩා,
      ++++++++++++++++++++++

      Delete
    3. ඇයි බං මෙන්ඩො ඒකාලේ තෙල් තාච්චි තිබුණෙ නැත්ද? අන්න ගමන

      Delete
    4. හැලපෙ නම් අවුරුද්දට අම්මලගෙ ගමේ යද්දි බෝතලයක් අරං යනවළු.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. අඩෝ ඇනෝ, අම්මට කියපන් හැලපයියගෙ තුන දැන් සම්පූර්නයි කියල.

      Delete
    7. @ ඉයන්
      Mr. E de B M දැන් ගමේ යන්නෙ BBQ අවන් කර ගහගෙන

      @ හැලපෙ
      සුබ පැතුම්


      Delete
    8. හැලපතුමා , මාත් කෙල්ල කාලෙ සිංහල අවුරුද්දට ගමේ කොහුමිටේ යනව - බටකොළ ආච්චි...

      Delete
    9. මෙන්ඩා,ප්‍රසන්න,ඉයන්,කම්මල,ඇනෝ,ප්‍රා,සජ්ජා.
      ඌ පොඩි සොමියක් ගන්නවා මේ දවස්වල.ගණන් ගන්න එපා.

      Delete
    10. ප්‍රා,
      බොහොම ස්තුතියි ප්‍රා.

      Delete
  2. හයියෝ.. කතාවනම් මරැ..හැබැයි දැන් දැන් පෝස්ට් වැටීම අඩු වීමනම් දුකක්.. මේක බලන්න ගත්ත මුල් දවසේ ඉදන් බලල බලල ඔක්කොම ඉවරකරා.. මම හිතන්නෙ ඉස්සර ලියපු ක්‍රමය හොඳයි වගේ.. ඒවගේම ආයෙ කියන්නම් කියල නවත්තපු කතා ටිකත් හොයල දැම්මනම් වටිනව

    ReplyDelete
    Replies
    1. පෝස්ට් වැටීම තරමකට අඩුයි තමා.දුක්වෙන්න එපා ලියන්නේ කාලය ලැබෙන හැටියටයි.කොහොමත් මාසෙකට පෝස්ට් හතරක් පහක්වත් ලියන්නට උත්සාහ කරනවා.මගේ නවත්තපු කතා ටිකත් හොයල ඉතුරු හරිය ලියන්නම්.ස්තුතියි.

      Delete
  3. තව තවත් ඉදිරියට ලිවීමට ශක්තිය ධෛරය ලැබේවා........

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි.

      Delete
  4. Replies
    1. කෝ උඹේ සිංහල.

      Delete
    2. ඒක බදුරලියේ ගග අයිනේ BBQ කරා

      Delete
    3. මටත් අහන්න තියෙන්නෙ ප්‍රසන්නයා අහපු දේම තමා.

      Delete
  5. අවුරුදු තුනයි. යකෝ මම හිතාගෙන හිටියේ අවුරුදු පහකට වඩා හැලප කඩේට වයසයි කියලා. ඔන්න තව අවුරුදු 23 ක් වත් ලියන්න ආශිර්වාදය සමග සුබපැතුම්!

    නියම දෙසැම්බර් 31 කතාවක්. ඊයේ අපේ එකෙක් කිව්වා නියම කතාවක්. මේ අහළ පහළ ගමක ගොවියෙක්, කුඹුරේ වැඩ කර කර ඉන්නකොට, ගමේ මිනිහෙක්ව සර්පයෙක් කාලා. විජහට කෑ ගහලා ත්‍රී වීල් එකක් හොයාගෙන, මිනිහවත් අරන්, තව ආධාරෙට එක්කෙනෙකුත් දාගෙන, කුරුණෑගල ඉස්පිරිතාලෙට ගිහිල්ලා. හදිසි අනතුරු ප්‍රතිකාර අංශයේ දොරකඩින් බැස්සම, අර ගොවියා දිහා ඔක්කොමලා බලනවලු, අඟහරු ලොකෙන් ආව මිනිහෙක් දිහා බලනවා වගේ. මොකද දන්නවද? ඒ මනුස්සයා පැරණි සාම්ප්‍රදායික ගොවියෙක්. අමුඩේ ගහගෙන තමයි කුඹුරේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඉස්පිරිතාලේ ගිහිල්ලා තියෙන්නෙත් අමුඩේ පිටින්.

    ReplyDelete
    Replies
    1. මාර විහිලුව හෙහ්.. හෙහ්

      Delete
    2. අපොයි එච්චර පරණ නෑ විචා.තාම තුනයි.සුබ පැතුමට බොහොම ස්තුතියි.

      Delete
  6. සුභ පැතුම්..
    මේ අර අපේ ඩොල්කි ආරි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙන්ඩා.මේ ඩෝලය නෙවෙයි උගෙ යාළුවා ආරියා.

      Delete
  7. හැලපයියා වසර තුනක් කියන්නේ සුළුපටු කාලයක් නෙවේ , එක අතකට දිග කාලයක්ද නොවේ. කොහොම වුනත් මේ කාලය තුලදී හැලප කඩේ හැලප වල කොලිටියේ මෙන්ම සයිස් එකේද කිසිම අඩුපාඩුවක් නොමැතිව සුහදශීලිව ගලාගෙන ගිය බව සතුටින් කියන්නට කැමැත්තෙමි . හැලප කඩේ මුදලාලිගේ සමහර ජීවන සටහන් අපි කියෙව්වේ සුරංගනා කතාවක් කියවන්නා වගෙයි . තවත් චිරාත් කාලයක් හැලප කඩේ බිස්නස් සරුවේවා කියා පතමි .

    අර වෙලාවේ හැලපයියට තිබ්බනේ උයන්න උදව් වෙන්න ,ඔයා පට්ට කුකා නේ

    ReplyDelete
    Replies
    1. එහෙම කලානං හැලපක්ක හැලපයියව ඩෙවල් දානව.

      Delete
    2. හැලපයිය නම් හැල#@#% වෙන්න ඕනේ නේද මචෝ

      Delete
    3. ඇත්තම කිව්වොත් වසර තුනක් ලියාගන්න හැකිවෙයි කියල මමවත් බලාපොරොත්තු වුනේ නෑ.වර්ණනාව ගැන සතුටුයි.හදවතින්ම ස්තුතියි.

      Delete
    4. ප්‍රසන්න,ඔව් ඔව් හැලපක්කා ඩෙවල් කන්න හරි මනාපයි.

      Delete
    5. ඇනෝ,
      හරියට හරි බං.අපරාදෙ උඹ ඉතුරුහරිය ලියල නෑ.

      Delete
  8. හෙක්.. ඔය වගේ වෙඩිමකට යනවනං හොඳම දේ ඉක්මනට කාල මාරුවෙන එක තමයි. මාරුවෙන එක කොහොම වෙතත් කාල ඉන්නෝන. නැත්තං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.
    මොනව උනත් වලියක් යන්නැතුව පාටිය හමාර වෙච්ච එක මදැයි.

    හැලපෙගෙ තුනට සුබ පතනවා. තව දිගු කාලයක් හැලප හදන්න හැකියාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. හැලපෙගෙ තුනට ?

      Delete
    2. ඔවු ඉතිං වයසට ගියා කියල හැලෙන්නෙ නෑනෙ. :D

      Delete
    3. කපන්න කපන්න මුවහත් වෙනව :D

      Delete
    4. විටේ ඉස්මොල්ලේ ගියා යකුනේ...

      Delete
    5. ඇයි හැලපෙගෙ තුනේ කොටල තියෙන්නෙ කිඹුල ලකුනද...?

      Delete
    6. වෙලාවට ඔයිල් මාරුකරල එහෙම මේන්ටේන් කරනවලු.

      Delete
    7. ගෑනුන්නෙ කරදරේ නිසා ඉක්මනට කාල මාරු උනා බං.බොහොම ස්තුතියි.

      Delete
  9. අවුරුදු තුනට වගේම දිගු ගමනටක උණුසුම් සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. //"ගමනටක"// ??????

      මොකක්ද ඒ ටකේ ? හැක

      Delete
    2. හැලපයියගෙ තුන ගැන වෙන්ටෑ ඔය කියන්නෙ

      Delete
    3. බොහොම ස්තුතියි තුශානි.

      Delete
    4. ඉවාන්,උඹ ඔය පොඩි කෙල්ලන්ගෙන් ටකේ ගැන අහන්නෙ මොකටැයි.

      Delete
  10. ඔන්න මගෙනුත් සුභ පැතුම්.. තව අවුරුද් ගානක් මේ විදියටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.

      Delete
  11. තුං තුඹ මල් තුඹ මල් තුං තුඹ මල්
    හැලප කඩේටත් තුං අවුරුද්ද ලබාලා...
    ගම්බදයේ පාටි දමාලා.........අා...
    ගම්බදයේ පාටි දමාලා

    තවත් චිරාත් කාලයක් හැලප කඩේ ගෙනයන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ෂාහ්,මරු කවියක්නෙ බොලේ.බොහොම ස්තුතියි තෙලෝ.

      Delete
  12. තවත් ඉදිරියට යන්නට සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්.

      Delete
  13. හැලප අයියාගේ blog එකට ඇවිත් ඔක්කොම ටික කියෙව්වා....... ඔන්න පලවෙනියට මොනව හරි කොටන්ඩ යන්නේ.

    31 රෑ ගම් වල තියෙන බොහොමයක් ඒවයේ ඔහොම තමයි....

    අවුරුදු 3ට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. පලවෙනියට කමෙන්ටුවක් දැමීමේදී හිමිවන කැන්ද කොල මාලය පිලිගන්න

      හැලපෙ වෙනුවට.

      Delete
    2. කහට එක බොන්න හකුරු කෑල්ල මගෙන්.

      Delete
    3. සූටික්කාව ආදරයෙන් පිළිගන්නවා.ඔන්න කට්ටියගෙන්ම තෑගිත් ලැබිල තියෙන්නෙ.මගෙන් මල් පැණි ටිකක්.බොහොම ස්තුතියි.

      Delete
    4. මොකද මේ කම්මල හැලප අයියට කඩේ යන්නේ ? එකම වයසේද ?

      Delete
    5. සුටික්කා,
      නෑ බං කම්මල මට වඩා ගොඩක් වයසෙන් අඩුයි.නමුත් අපේ වෙනම බැඳීමක් තියෙනවා.පුළුවන් නම් හොයාගන්න.

      Delete
    6. කම්මලයි උඹෙයි වෙනසද?? හැක්..

      උඹ එකක් දාන කොට ඌ දෙකක් දානවා.. හැක්

      Delete
    7. කම්මලයි හැලප අයියයි එක ගමේ කියලා මම දන්නවා.......
      අපෝ .... කම්මලගේ දෙසැරයක් වදින්නේ, පාත් වෙලා තියෙන දේවල් හින්දා ..... අර කියන්නේ, ගැහිල්ලයි තැවිල්ලයි කියාලා ..... හැක් හැක් .....

      වෙන මුකුත් දැන්ම එපා නේද ?

      Delete
    8. දේශා සහ සූටික්කා උත්තරය වැරදියි නැවත උත්සාහ කරන්න.

      මෙන්ඩ , ප්‍රසා ,හැලපෙ ඕව සූටික්කට වැඩක් නෑ බටයක් දාල අපේ බ්‍රෑන්ඩ් එක දෙමු.

      සූටික්ක , උඹ ඔය කියන්නෙ චීනෙදි දැක්ක ඌරෙක් වෙන්න ඇති. ( ගමේ ගිය වෙලාවෙ).

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. කම්මල - මොකද තවම එකක් ගැහුවහම දෙකක් වදින්නේ ? මම දකින හුඟක් ඌරන්ගේ ගැහුවහම තවන ටික නෑ බං.... පුහු කරලද කොහෙද......

      හැලපයියයි කම්මලයි එකම ඉස්කෝලේ නේද ?

      ගහනවනම් ගල් ටිකක්ම ගහමු, අයිස් ටිකකුයි කූල් වතුරයි ටිකක් එක්ක..... බට දාන්ඩ එපා.... අපරාදේ බටේ ගෑවෙන ටික..... පාස්පොර්ට් නම් එපා ඈ.....

      Delete
    12. පැණි බීල බ්ලොග් කියවද්දි මිස් වෙලා බලපං මේක. http://helapakade.blogspot.com/2014/05/128.html

      පාස්පෝර්ට් හෙක්.....හෙක් බඩුම තමයි.

      Delete
    13. This comment has been removed by the author.

      Delete
  14. හැලපෙගෙ තුනට සුභපැතුම්!

    උඹ කත‍ාව කියාගෙන එද්දිම මම හිතුවෙ අයිතිකාරයට ගාන මදිවෙලා කියල. ඇයි බං කෑමයි වෙල්කම් ඩ්‍රින්ක් එකයි බෝතලයයි බයිට් එකයි දෙදාහට!

    (විරාම ලකුණට සහ කොමාවට පස්සෙ ස්පේස් බාර් එක එක සැරයක් ඔබන්න ඔච්චර අමාරුද බොට?)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්.ගාන මදිවෙන්න ඇති තමා.
      ඔය ස්පේස් ඒක ගැන වතාවක් රසිකත් කියල තිබුනා.ඊළඟ පොස්ටුවේ ඉඳන් බලමු.ස්තූතියි.

      Delete
  15. හැලපයියට අවුරුදු තුනට සුභපැතුම් රෙෂ්පට් එකටම.. ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තර මලයෝ.උඹත් හැමදාම මේ බ්ලොගේට ආව බොක්කක් නොවැ.ජයවේවා!!

      Delete
  16. අවුරුදු තුනක් නොකඩවා බ්ලොග් එකක් ලිව්වා කියන්නෙ ආපහු ගම්බදේ පාටියක් දාන්න තරම් කාරණාවක්.
    තවත් වසර ගනනාවක්ම මේ විදිහට නොකඩවා බ්ලොග් එක ලියන්න ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. මේ ඔබගේ පළමුවෙනි පැමිණීම මගේ හිතේ.සාදරයෙන් පිළිගන්නවා.නොදනිම කාලය ගෙවිලා අවුරුදු තුනකුත් වුනා.ඔබටත් බොහොම ස්තුතියි.

      Delete
  17. අවුරුදු 3 ට සුභ පැතුම්...

    ආරියා අනිවාර්යයෙන්ම කලිසමක් උස්සන්න ඇති කාගේ හරි රෙදි වැලකින්...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඌ වැලකින් උස්සගෙන එන්න ඇති කියලයි.බොහොම ස්තුතියි ලොකු.දැන් ඔබ වැඩිපුර දකින්නට නෑ නේද?

      Delete
  18. හැලපතුමාගේ අවුරුදු තුනට උණුසුම් සුභපැතුම්.... කතාව අහල අන්තිමට තුනත් අමතක වෙන්න ගියා...ආරිය මොනව උනත් නියම බුලට් එක. ආරි අපිට අපි ආරිට....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජෝ.ආරියා කතා ගොඩක් ඉතුරුකරලා ගිය එක කොච්චර නම් වටිනවද.

      Delete
  19. තුන් වසරක පට්ට ලිවිල්ලට මගෙනුත් උණුසුම් සුබපැතුම්.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත්.

      Delete
  20. හැලපෙගේ තුනට හදවතින්ම සුපැතුම්..

    අද නම් හැලප ළකුණ සුපිරියටම තියෙන කතාවක් දාලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ.දැන් දැන් ලියන්න කාලය බොහොම හිඟයි බං.

      Delete
  21. වසර තුනට සුභ පැතුම්.. බුදු අයියේ මගේ එකනම් හලන්න එපා රෝලෙන්.. මේ අටම්පහුරු ටික අහවරක් කරලා ආයි එනවා ලියන්ට.. මේ දවස් වල සුමෙට වැඩ බොලල්ලා..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ උඹ බයවෙන්න එපා ඒක හලන්න තව ගොඩක් කල් තියෙනවා.හිමිහිට කරන වැඩේ ඉවරයක් කරගෙන වරෙන්.සුබ පැතුමට බොහොම ස්තුතියි.

      Delete
  22. Happy anniversary Aiya .cheer....... Z

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාවණා.

      Delete
  23. අවුරුදු තුනට අවුරුදු තිහක් ආයුබෝවේවා කිව්වා ඔන්න.. තවත් චිරාත් කාලයක් බ්ලොග් ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා..

    31st පාර්ටි එක ඔයින් බේරුනා මදැයි.. මම දන්නා රෙස්ටුරන්ට් එකක් ඔය වගේ එකක් සංවිදානය කරා.. එත් ටිකට් එකක් අරන් පාර්ටියට ආවේ එකම එක මනුස්සයෙක් විතරයි..

    ReplyDelete
    Replies
    1. තවත් අවුරුදු දෙකතුනක් වත් ලියන්නට ලැබුණොත් හොඳටම ඇති.සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  24. මුලින්ම උණුසුම් සුබ පැතුම් සමග තවත් චිරාත් කාලයක් ලියන්නට අසිරි....

    ඔයිට සමාන අද්දැකීමක් මටත් තියෙනවා හැබැයි සංවිධායක තුමා බුදු බොක්කක් උන්යින් තව කොල්ලෝ 2න්නේක්වත් අඩගහගෙන උයන්නදන්න කැටය ටිකක් දාලා උයලා තිබ්බ ජාති වලට සමාන(රස ගැන නම් දන්නේ නෑ) ජාති ටිකක් හදල කවලම් කළා(රස ගැන දන්නේ නෑ කිවුවේ කුස්සියේ හෝ සත්කාරක අංශයේ බොහෝ වෙලාවක් රාජකාරි කිරීමෙන් මගේ ආහාර රුචිය නැති වෙනවා ඒ දවසට කරති කැඩෙන්න ගහල බයිට් එක ඩයට් එක කරනවා )

    ReplyDelete
    Replies
    1. මුලින්ම ආචාර්ය වීරකෝන්ටත් මගේ ස්තුතිය පළකරනවා.
      කොහොමත් කුස්සියේ හෝ ගොඩක් වෙලා කෑම සමග සම්බන්ධව සිටීමෙන් ආහාර රුචිය නැතිවෙලා යනවා.ඒ විතරක් නොවෙයි යමක් බදිද්දී තෙල් තාච්චිය ළඟ ඉඳල බලන්න.ඒත් එහෙමමයි.

      Delete
  25. yes"
    හැලප අයියාගෙ තුනට මගෙන් බොක්කෙන්ම සුභ පැතුම්....
    දිගටම එල කිරි වගේ ලියමු ලෙසටම

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ.දැන් වැඩිපුර දකින්නත් නෑ නේද.

      Delete
  26. යකෝ දෙදාහට හොඳටම ලාබයි! ගම්බදේ පැත්තේ ගියත් පාඩු නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ලාබයි නේන්නං.වෙලාවක එනවනං කියපං.

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. හැලපේ මාමාට උණුසුම් සුබ පැතුම්!!!හැලපස්ටයිල් එකට තව දිගු ගමනක් යන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ සුබ පැතුමට බොහොමත්ම ස්තුතියි ශානු.

      Delete
  29. අවුරුදු තුනට සුබ පැතුම් හැලපයෝ. මේ වගේ රසවත් ලිපි අපි එක්ක බෙදා ගන්නවට ගොඩක්ම ස්තූතියි.:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පොඩ්ඩි.

      Delete
  30. තුන සම්පූර්ණ වීම ගැන සුභ පැතුම් හැලපෙ අයියේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කම්මල.හැමදාම එනවටත් ස්තුතියි.

      Delete
  31. උඹ ගෝරි දාගන්න එපා කිව්වනං එතන ගෝරියක් යාවි අනිවා.. හැක්.. හැලපේ මොකද මේ වාක්‍ය අතර ස්පේස් එක නැත්තේ. තිත ගාවින්ම පටන් අරගෙන..

    ඒක නෙමෙයි.. උඹ ඉතිං රහට කතා ලියන එකා වෙච්චි ඔය අවුරුදු තුන දැනුනෙවත් නැහැ බං.. ජය වේවා.. සුභ පැතුම්.. එනකොට මටත් තුනක් ගෙනෙං. හැක්..

    ReplyDelete
    Replies
    1. ඇයි උඹේ තුන හැලිල ද?

      Delete
    2. අනික් කතාව ලියද්දි ස්පේස් එක හදාගන්නන්.
      කොහොමත් බං මම එද්දි එන්නෙ තුන අරගෙනමයි.

      Delete
  32. හැලප සහෝ.................

    අවුරුදු තුනට සුභම සුභ පැතුම්...... තවත් දිගු කලක් බ්ලොග්කරණයේ යෙදෙන්න වාසනාව ශක්තිය ලැබේවා... ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි කුරුටු ළමයි.

      Delete
  33. අරූ අනිවාර්යයෙන්ම කලිසම ගේන්න ඇත්තේ රෙදි වැලකින්. ඒකනේ කර ඇඹෙන සයිස් එකක් ඇඳං ආවේ.
    අරූ අනිවාර්යයෙන්ම කලිසම ගේන්න ඇත්තේ රෙදි වැලකින්. ඒකනේ කර ඇඹෙන සයිස් එකක් ඇඳං ආවේ.

    සුභ තෙවසර සංවත්සරයක් හැලපේ. මගේ ඩෙනිමෙ ඔය සංවත්සරේ මට මේ පාර අමතකත් වෙලා ගියා බං.


    ReplyDelete
    Replies
    1. එකම කමනේට් එකේ දෙපාරක් වැටිමේ පේටන්ට් අයිතිය අද සිට හෙන්රි ද ඩුඩ්ට පවරා දෙමි..

      කෝ මේ කම්මලයා..

      Delete
    2. උඹ බීලද එක කොමෙන්ට් එක ඩබල් වෙලා පේන්න.

      Delete
    3. අනික කම්මලය අර උඹට උඩිං ඇවිල්ල එකක් දාල ගිහිල්ල තියෙන්නෙ. හැක්..

      Delete
    4. කර ඇඹෙන කලිසම ගැන දෙපාරක් කිව්වේ මේ අවධාරණය කරන්න. For emphasis.
      නැතුව මේ සිංග්‍රීසියෙ ගහලා අලවනකොට දෙපාරක් එබිලා හෙම නෙවෙයි. :D

      Delete
    5. වෙන කොහෙන්ද බං වැලකින්ම උස්සන්න ඇති.සංවත්සර නං අමතක කරන්න එපා,කට්ටියගෙන් බැනුම් අහන්නයි වෙන්නෙ.

      Delete
  34. හැලපයියගෙ තුන ට සුභපැතුම්...!!!

    මේ කතාව දැම්ම වගේ, අතර මග නැවතිච්ච අනිත් කතාත් කියවන්න බලා සිටිමු!

    ReplyDelete
    Replies
    1. "හැලපයියටයි ඉතුරු දෙකටයි සුබපැතුම්" එහෙම හොඳ නැද්ද?

      Delete
    2. රාජ්,
      හැලප මල්ලිටයි ඉතුරු දෙකටයි කියමු...

      Delete
    3. අයියට හරි මල්ලිට හරි කමක් නෑ සුබ පැතුමට ස්තුතියි.මග නැවතුන අනික් කතාත් මේ විදියටම දෙමි.

      Delete
  35. සුබ පැතුම් හැලපයියේ..! අපි දන්නා දවසේ ඉඳන් ගොඩ වෙච්චි තැනනේ මේක.

    අරීයා නම් මරු ඩයල් එකනේ හැලපයියේ.හිනා වේවි බං කතාව බැලුවේ හිටං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්.මම ලියන්න ගත්ත දවස්වල පටන් මනෝජ් මේ බ්ලොගයට ආවා මතකයි.ආරියා ඉතිං මේ බ්ලොගේ බලන කාටත් අමුත්තෙක් නොවෙයිනෙ.

      Delete
  36. අවුරුදු තුනක් කියන්නේ ලොකු කාලයක්.......... ඕ............ අපෙනුත් අවංක සුබ පැතුම්.......! ලියාගෙ ලියාගෙන ලියාගෙන අවුරුදු එකසිය තුනක් විතරම ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...........................

    ReplyDelete
    Replies
    1. අවුරුදු තුනක් කියන්නෙ ඒක අතකට ලොකු කාලයක් කියලත් කියන්න පුළුවනි.බොහොම ස්තුතියි.එකසිය තුනක් කොහොම වෙතත් තව අවුරුදු තුනක්වත් ලියාගත්තොත් ඇති.

      Delete
  37. හැලපයියේ..

    බිලොග් අවකාශයට අලුත් අපිටත් කාලයක් පුරුදු තැනක් වගේ උනා මේ බිලොග් එක.හැලපේ අයියලා වගේ අය කැපිල්ලක් කෙටිල්ලක් නැතිව අපිව හිතවත් කමින් ලෙංගතුකමින් පිලිගත්ත හින්දා තමයි අපිටත් මේ අවකාශයේ දිගටම රැදිලා ඉන්න හිතුනේ...
    දැන් ඉතින් පල කියලා එලෙව්වත් ආය යන්නේ නෑ මේක දාලා....

    හැලපයියගේ අවුරුදු තුනක බිලොග් ගමනට අපේ සුභ පැතුම් ....

    ReplyDelete
    Replies
    1. මනෝ,
      මේ බ්ලොග් අවකාශෙ ඉන්න අපි ඔක්කොම සහෝදරයො නොවැ.ඉතිං කැපිලි කෙටිලි අහවල් දේකටද.මමත් තවම බ්ලොග් ලියන්නෙ මට ඉස්සරවෙලා ලියපු අය දුන්න සහයෝගෙන් තමා.බොහොම ස්තුතියි.

      Delete
  38. කලිසම ඌට හොඳටම හිරය ඒ මදිවට කොටය. ආරියා හරියට ඉස්සර අපේ ගමේ ටීටර්වල හිටිය බම්බුවා වගේමය - මැවිලා පේනවා

    ReplyDelete
    Replies
    1. දැන් ආරියා මැරිලත් අවුරුදු දොළහක් වුනා.ඒත් තාම මටත් උගෙ ගමන මැවිල පේනවා.

      Delete
  39. (හැලපේ අය්යේ පරක්කු වුවාට සමා වෙන්න) අවුරුදු තුනේ සැමරුමට බොක්කෙන්ම සුභ පතනවා ..මේක පටන් ගත්ත දවසේ ඉඳලා මම ඔබගේ පාඨකයෙක් ..දිගටම ලියන්න ශක්තිය ලැබේවා !!
    ...ඔබතුමා බ්ලොග් එක පටන් ගෙන හරියටම අවුරුදු දෙකකට පස්සේ තමයි මම බ්ලොග් එක පටන් ගෙන තියෙන්නේ ...දැන් ඉතින් දෙන්නටම එකම දවසේ සමරන්න පුළුවන් ...

    අපි එකම රෑනෙ කුරුල්ලෝ
    මේ පාරාදීසේ
    නෑ වෙන්වන්නේ නෑ තනි‍වන්නේ
    වරෙල්ලා මේ රෑනේ
    මදු තියලා දැල් එළලා
    නෑ පැටලෙන්නේ අපී
    අපේම ලොවකට පියඹා යන්නේ
    වරෙල්ලා මේ රෑනේ
    තටු ලැබුණේ පියඹා යන්නයි
    කූඩුව දොරකඩ ඉන්න නොවේ
    අපේම ලොවකට පියඹා යන්නේ
    වරෙල්ලා මේ රෑනේ

    පදරචනය: ඇල්ලේ ගුණවංශ හිමි
    සංගිතය: සහ ගායනය: විජේසුන්දර වේරගොඩ

    ReplyDelete
    Replies
    1. කවදා ආවත් ගාණක් නෑ කොල්ලෝ එන එකයි වැදගත්.උඹ නැතුව මේ වගේ අර්ථපූර්ණ සිංදු දෙන්නෙ කවුද.ඒ නිසා අපි නැතිවෙලා ගියත් උඹ තව චිරාත් කාලයක් මේ සිංදුවලින් දෙන සහයෝගය දෙන්නට ඕනෑ.බොහොම ස්තුතියි.

      Delete
  40. සුභ පැතුම් හැලපේ...! කමෙන්ට් කරන එක මගහැරුනාට කියවන එක මගහැරෙන්නේ නෑ,,,

    ReplyDelete

ඔබේ අදහස්