අපට කතාවෙන් කතාවෙන් කිටිය ගැන අමතකම වෙලා ගියානෙ,මම කිටියගෙ කතාවෙ කොටස් දෙකක්ද කොහෙද ලිව්ව මතකද...ඔන්න ඉතිං අපි කට්ටිය ඔය ආකාරයට වරායෙ කන්තෝරුවෙ වැඩ කරමින් කිටියවත් බයිට් එකට ගනිමින් ඉන්නැද්දි දවසක කිටිය අපට මාතර යන්න කතාකළා,මාතර කිව්වට මාතර ඉඳන් ටිකක් දුර වල්පොලද යටියනද කොහෙද කියල මට හරියට දැන් මතකක් නෑ කොහොමහරි කිටීගෙ බිරිඳගේ ගෙදර, ඇය ගුරුවරියක් කොළඹ ඉගැන්නුවෙ...කිටීගෙ මාමණ්ඩිත් විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක්...කිටී අපට මාතර ගෙදර යන්න කතාකරපු හේතුව නං මට හරියටම මතක නෑ හැබැයි කිටීගෙ නෑන ඒ කියන්නෙ කිටීගෙ බිරිඳගේ අවිවාහක සහෝදරිය ඇයත් ගුරුවරියක්, ඒ කාලෙම ඇයට මගුලක් කතාකරල තිබුන...මනමාලය මගෙ යාලුවෙක්...ඉතිං අපි එහෙ යනව කියල යාලුවට කියපුවම හා එහෙනං ගිහිං ඒ පැත්තත් බලාගෙන එන්නකො කියල යාළුව මට කිව්වා...
ගමන ගියෙ කරුයි මමයි ජුලියසුයි කිටීයි ,කරු හබරාදූවේ,ජුලියස් කෝට්ටේගොඩ පැත්තෙ මම විතරයි පිට පලාතක කෙනෙකුට හිටියෙ...
අපි ඉතිං එක සෙනසුරාද දවසක උදේ කොළඹින් පිටත්වෙලා හවස දෙක තුන වෙද්දී කිටීගෙ බිරිඳගේ ගෙදරට ළඟාවුණා,දවල් කෑම එහෙන් කාල කිටීගෙ මාමණ්ඩිත් එක්කත් ටිකක් වෙලා කයිය ගහගෙන ඉඳල මනමාලිගෙත් විස්තර අහල බලාගෙන කිටීව එහෙ තියල අපි තුන් දෙනා පිටත්වුණා...මාතරට ඇවිත් ජුලියස් ගෙදර ගියා මමයි කරුයි හබරාදූවේ කරුලයි ගෙදර ආවා...මට ඒ රෑ වෙලා ගෙදර එන්න බැරුව වගේම තවත් වැඩක් පහුවදාට යෙදිල තිබ්බ නිසයි කරුලගේ ගෙදර එදා නැවතුනේ...
ඔය දවස්වල මම පොටෝග්‍රැපි කෝස් එකක් කළා පන්තිය කලේ රූපසිංහ කියල ගම්පහ සර් කෙනෙක්,පන්ති පැවැත්වුනේ පුංචි බොරැල්ලෙ ඔය නාලන්දෙට යන පාරෙ තිබුණු පන්සලක...කෝස් එක ඉවරවෙලා යන ට්‍රිප් එක පහුවදාට යෙදිලා තිබුණා ට්‍රිප් එක ගියෙ උණවටුනට සහ කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න, මම පහුවදා හබරාදුවේ ඉඳල ඇවිත් උණවටුනෙන් කණ්ඩායමට එකතුවෙනව කියල පොරොන්දු වුණා...
පන්තියෙ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විසි ගාණක් හිටියත් කැමරා තිබුනෙ දෙකයි, එකක් සර්ගෙ අනික මගෙ,කට්ටිය ඔටෝ පෝකස් කැමරා ඕසෙට ගෙනාවත් ඒවයින් ඉගෙන ගන්න බෑ කියල කියපු සර් ඔක්කොටොම ඉගැන්නුවෙ මගේ එස් එල් ආර් කැමරාවෙන්...කැමරාවක් අයිතිකරගන්න ගොඩක් කාලෙක ඉඳල හීන දැක්කත් කැමරාවකට රුපියල් විසිතිස්දාහක් වියදං කරන්න අහිංසක රජයේ සේවකයෙක් වුනු මට ඒ කාලෙ කොහොමටවත් හැකියාවක් තිබ්බේ නෑ...
අනුන්ගෙ කැමරා දිහා බලබල හූල්ල හූල්ල ඉන්නකොට ඒ කාලෙ පිටරට රස්සාවක් කරපු අපේ මල්ලි ලංකාවට එනකොට මට මොනවද ඕනෑ කියල අහපුවම පුලුවන්නං මට කැමරාවක් ගෙනත් දෙන්න කියල කියපුවම ඔන්න ඔය පෙන්ටැක්ස් කේ 1000 කැමරාව මට ගෙනත් දුන්නා ...ඒ සන්දියෙ මම පිටරට යන්න හිතලවත් නෑ,පස්සෙ නං මල්ලි මට ඩිජිටල් කැමරාවකට ඇරිය,මගෙ වෙඩින් එකේ පොටෝ ගත්තෙත් ඔය කැමරාවෙන්මයි...
ඒ කාලෙ වෙඩින්වල අද වගේ පිංතූර ගන්න එකටයි වීඩියෝ කරන එකටයි මුල්තැන දුන්නෙ නෑ,දැන් නං හනිමූන් එක ඇරෙන්න අනික් සියල්ලම ඒ ටු ඉසෙඩ් වීඩියෝ කරනවා,පස්සෙ කාලෙකදී හනිමූන් එකෙත් උණුසුම් කොටස් වීඩියෝ කරයි කියලත් මට නිකමට වගේ හිතෙනවා ,මගුල සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණය කරන්නෙ පොටෝ කැචර් සහ වීඩියෝ කාරයනෙ...ජෝඩුව ඇවිදින්නෙ කන්නෙ බොන්නෙ කතා කරන්නෙ වාහනේට නගින්නෙ පිංතූර ගන්න කට්ටිය කියන හැටියට,වැරදුණොත් ආපහු ෂොට් එක ගන්නව...මම නං එහෙම කරුමෙකට අහුවුනේ නැති නිසා අපි අපිට ඕනෑ විදියට ඇවිද්ද කතා කළා කෑව බිව්වා පොටෝ කාරයොත් අපිට කරදර නොකර ඒ ගොල්ලන්ගෙ වැඩේ කළා...
මම බෙන් එකේ ඉද්දි මගුල් කී සීයක් නං වීඩියෝ කරන්න ගිහිං ඇද්ද කොළඹ තියෙන හෝටල් හැම එකකමයි හෝල් ඔක්කොගෙමයි අපි වෙඩින් වීඩියෝ කරලා තියෙනව...අපි කිසි දවසක ජෝඩුවවත් මගුලවත් අධ්‍යක්ෂණය කරන්න ගියෙ නෑ, යාලුවන්ට නෑදෑයන්ට බැන බැන ආපහු ආපහු ෂොට් ගත්තෙත් නෑ,නමුත් වීඩියෝ එකත් ලස්සනට කරලා දුන්න...
ඔය දැන් මහලොකුවට නං ගහගෙන වෙඩින් වීඩියෝ කරන අය මගුල් ගෙදර ස්වභාවික මූමන්ට් ඒ විදියටම වීඩියෝ කරගන්න බැරිකමට ජෝඩුවට වද දිදී දඟලනව...
නැකත් දවසකට බෙන් එකට මගුලක් වීඩියෝ කරන්න ලැබෙනවමයි,ඔය වැඩේට යන්න අපිත් බොහොම කැමතියි මොනවද ඉතිං ගිහිං හොඳට කාල බීල වැඩේ කරල හවසට ගානකුත් සාක්කුවෙ දාගෙන එන එකනෙ,එදාට රස්සාවෙන් නිවාඩු දාල හරි වැඩේ කරන්න ගියාට පාඩු නෑ...එහෙම නැතුව රස්සාව කරල ලැබුණු සොච්චමෙන් විතරක් පණ ගැට ගහගන්න හරි අමාරුයි...හෝල්වල හෝටල්වල විතරක් නෙවෙයි ගෙවල්වල පල්ලිවල තිබිච්ච මගුල් වීඩියෝ කරන්නත් අපි ගියා...
මගුල් ගෙවල්වල කොච්චර ගියාද කිව්වොත් මගුලෙ මුල ඉඳන් අගට යනතුරු කෙරන හැම දෙයක්ම පෝරුවෙ චාරිත්‍ර ජයමංගල ගාථා ආදිය ඔක්කොම මට කට පාඩම් වුණා...ඒ ලැබුණු දැනුම මට පස්සෙ අවස්ථාවලදී ගොඩක් ප්‍රයෝජනවත් වුණා...
ඒ කොහොමද කියල එක උදාහරණයක් කිව්වොත් අපේ ගමේ හිටපු අහිංසක කොල්ලෙක් ඔහුගෙ මගුලෙ පින්තූර ටික මට අරං දෙන්න කිව්ව,බලපුවම පින්තූර ගන්නවට මට සල්ලි දෙන්න තියා ෆිල්ම් රෝල් ටික අරං දෙන්නවත් ඌට වත්කමක් නෑ...මමත් හා කියල මගුල් ගෙදර ගියා...මනමාලිගෙ ගෙදර ගිහිං පින්තූර ටිකක් එහෙම අරං උදේට කෑම මේසෙට වාඩිවෙලා ඉවරවුනාම ඊළඟට තිබුනෙ මගුලෙ වැදගත්ම අංගය වෙච්චි පෝරුවේ චාරිත්‍ර සහ ඉදිරි කටයුතුයි...පෝරුවෙ චාරිත්‍ර කරන්න ඇවිත් හිටපු දැනමුත්ත කවුද දන්නවද,අර මාත් එක්ක එල්ලේ මැච් එකේ එනවුන්ස් කරපු ඌරුමීයා ...දැන් ඌරුමීය පෝරුවෙ චාරිත්‍ර කරනවා මම පැත්තක ඉඳන් පින්තූර ගන්නවා,ඌරු මීය කියන සමහර සොලෝක ගාථා ආදිය ඒ තැන්වලට අදාළ නැතිබව මට හොඳට තේරෙනව...කවුරුහරි දන්න කරන කෙනෙක් එහෙම හිටිය නං මූට ගුටි කන්න වෙන සයිස් එකට පොර වරද්දනවා...මම කරපුදේ පින්තූර ගන්න ව්‍යාජයෙන් ඌරුමීය ලඟට ගිහිං අදාළ තැනට කියන්න අවශ්‍ය පාඨය හිමිහිට මතක්කරල දීල පැත්තකට වෙනවා...ඊට පස්සෙ පොරට හිරවෙනවා නං මගෙ දිහා බලපුවම මමත් උදව් කරනවා...ඔන්න ඔය විදියට දෙන්නම ගුටි කන්නෙ නැතිව වැඩේ ගොඩ දාගත්තා...
ඒ කොහොමද කියල එක උදාහරණයක් කිව්වොත් අපේ ගමේ හිටපු අහිංසක කොල්ලෙක් ඔහුගෙ මගුලෙ පින්තූර ටික මට අරං දෙන්න කිව්ව,බලපුවම පින්තූර ගන්නවට මට සල්ලි දෙන්න තියා ෆිල්ම් රෝල් ටික අරං දෙන්නවත් ඌට වත්කමක් නෑ...මමත් හා කියල මගුල් ගෙදර ගියා...මනමාලිගෙ ගෙදර ගිහිං පින්තූර ටිකක් එහෙම අරං උදේට කෑම මේසෙට වාඩිවෙලා ඉවරවුනාම ඊළඟට තිබුනෙ මගුලෙ වැදගත්ම අංගය වෙච්චි පෝරුවේ චාරිත්‍ර සහ ඉදිරි කටයුතුයි...පෝරුවෙ චාරිත්‍ර කරන්න ඇවිත් හිටපු දැනමුත්ත කවුද දන්නවද,අර මාත් එක්ක එල්ලේ මැච් එකේ එනවුන්ස් කරපු ඌරුමීයා ...දැන් ඌරුමීය පෝරුවෙ චාරිත්‍ර කරනවා මම පැත්තක ඉඳන් පින්තූර ගන්නවා,ඌරු මීය කියන සමහර සොලෝක ගාථා ආදිය ඒ තැන්වලට අදාළ නැතිබව මට හොඳට තේරෙනව...කවුරුහරි දන්න කරන කෙනෙක් එහෙම හිටිය නං මූට ගුටි කන්න වෙන සයිස් එකට පොර වරද්දනවා...මම කරපුදේ පින්තූර ගන්න ව්‍යාජයෙන් ඌරුමීය ලඟට ගිහිං අදාළ තැනට කියන්න අවශ්‍ය පාඨය හිමිහිට මතක්කරල දීල පැත්තකට වෙනවා...ඊට පස්සෙ පොරට හිරවෙනවා නං මගෙ දිහා බලපුවම මමත් උදව් කරනවා...ඔන්න ඔය විදියට දෙන්නම ගුටි කන්නෙ නැතිව වැඩේ ගොඩ දාගත්තා...
අපි නං මගුල ගත්තෙ ගෙදරමයි, මුලදීම මගුල හෝටලේක ගම්මු කියල බිරිඳ ගෙදරට යෝජනා කරපුවම ඒ ගොල්ලන්ගෙ ගෙදර සියලු දෙනාම එක හඬින් විරුද්ධ වෙලා...කොහොමත් පරණ උදවිය එහෙමනෙ පණ කඩාගෙන ගෙවල් දොරවල් ලැස්ති කරන්න, ගෑනු කට්ටිය එකතුවෙලා රෑ එළිවෙනකන් කැවුම් කොකිස් උයන්න, කයිය ගහ ගහ වැඩ කරන්න තිබ්බේ නැත්නං ඒ ගොල්ලන්ට නිකං මගුලක් නොකෙරුණු ගානයි...
අපි පොඩි උන් කාලෙ තත්වය ඔයිටත් වෙනස් දැන් නං බඩු මුට්ටු කුලියට දෙන තැන් ඕසෙට තිබුනට ඒ කාලෙ එහෙම තැන් තිබ්බෙ නෑ ගෙදරක මගුලක් තියනකොට මගුලට මාසෙකට විතර කලින් ඉඳන් ගමේ පිරිමි එකතුවෙලා මුළු ගමේම ගෙවල්වල තියෙන මේස පුටු එකතු කරගෙන මගුල් ගෙදරට ගෙනියනව එතකොට ලොකු හට්ටි වලං මුට්ටි ඔක්කොමත් එකතු කරගන්නව...ඊළඟට පිඟන් කෝප්ප වීදුරු ආදී බඩුත් එකතු කරගෙන මගුල් ගෙදරට ගෙනත් දානව...පිරිමි ටික ගෙයි මිදුලෙ මගුල් මඩුව හදන්න නැකතට කණු හිටෝල එහෙම වැඩ පටන්ගන්න කොට බවලත් උදවිය හාල් දියේ දාල පිටි කොටාගෙන කැවිලි පෙවිළි හදන්න සූදානම් වෙනව...කැවිලි හදන්න තෙල් තාච්චිය ලිපේ තියන්නෙත් නැකතකට, තාච්චිය ලිපේ තියල ඒ උඩින් කැවිලි හදන්න ගන්න හැඳි දෙකක් කුරුසෙ වගේ තියල වැඩිපුර තෙල් පිච්චෙන්නෙ නැති පිරිමි කෙනෙකුගෙ අතින් කොටු හතරටම තෙල් වක්කොරනවා...
කෙල්ලක් එහෙම දීග දෙනව නං කැවිලි ජාති කත් හතක් නෑගම් ගෙනියන්න එපැයි, කත් කියල කතාවට කිව්වට කැවිලි දාගෙන යන්නෙ බටපොතු පෙට්ටිවල...කොන්ඩ කැවුම් කොකිස් අතිරස ආස්මී මුංකැවුම් නාරංකැවුම් කෙසෙල් ගෙඩි බටපොතු පෙට්ටිවල කට පුරෝලා හිප්පල බැඳල අරං යනවා...කොහොම හරි ගෑනු ළමයෙක් දීග දෙද්දී ගෙදරට ඕනෑ කරන හාල් එළවලු කරෝල තුනපහ විතරක් නෙවෙයි කොට්ට පැදුරු ඉදල කොස්ස ඉලපත පවා ගෙදරින් ගිහිං දෙනවා...
කෙල්ලක් එහෙම දීග දෙනව නං කැවිලි ජාති කත් හතක් නෑගම් ගෙනියන්න එපැයි, කත් කියල කතාවට කිව්වට කැවිලි දාගෙන යන්නෙ බටපොතු පෙට්ටිවල...කොන්ඩ කැවුම් කොකිස් අතිරස ආස්මී මුංකැවුම් නාරංකැවුම් කෙසෙල් ගෙඩි බටපොතු පෙට්ටිවල කට පුරෝලා හිප්පල බැඳල අරං යනවා...කොහොම හරි ගෑනු ළමයෙක් දීග දෙද්දී ගෙදරට ඕනෑ කරන හාල් එළවලු කරෝල තුනපහ විතරක් නෙවෙයි කොට්ට පැදුරු ඉදල කොස්ස ඉලපත පවා ගෙදරින් ගිහිං දෙනවා...
කොහොමත් ගෑනු පිරිමි කට්ටිය විස්සක් තිහක් හැමදාම උදේ ඉඳල රෑ වෙනකල් මගුල් ගෙදර වැඩ...වැඩ කරන අයට කන්න බබලත්තු වෙනම උයනවා හාල් සේරු දහයක පහළොවක බතකුයි ඒ බතට සමෝසමේ තව කොස් දෙල් අල බතල ජාතියි එළවලු වෑන්ජනයි හැමදාම දෙවේලට ගෙදර ඉදෙනවා...
මගුල් මේසෙට යවන්න උයන හරක් ගාතෙට අමතරව ජා ඇල ගිහිං ඌරෙක් ගේන එකයි මීගමුවෙන් ලොකු කෙළවල්ලෙක් ගේන එකයි වරද්දන්නෙ නෑ...අනික ඒ කාලෙ දැන් වගේ ආගිය අතේ චිකන් තිබ්බේ නෑනෙ, ඒ දවස්වල චිකන් කියන්නෙ ඉස්සරහ කෑමක්,හිටියෙ ගෙවල්වල හදන ගං කුකුල්ලු විතරයි.ගං කුකුලෙක් හම ගහල රෝස් කරල ඇස්ටෝම් මේසෙට තිබ්බ ලස්සනට වගේ...එහෙම නැත්නං කවුරුත් හොඳට තුනපහේ දාල මිරිසට උයපු හරක් මස් සහ තෙල් පෑදෙන්න රතුවට උයපු ඌරු මස් බොහොම හොඳට කෑවා...ඊට අමතරව ගමේ අච්චාරු, ඉඳල හිටල අර්තාපල්, පරිප්පු,බෝංචි වෑන්ජනේ,එතකොට අර සලාද කොළෙයි,රතුඅල පෙත්තයි බොම්බයි ළූණු පෙත්තයි පිපිඤ්ඤ පෙත්තයි ලස්සනට එක උඩ එක තියල හදන සලාදේ, පපඩම් වගේ කෑම වර්ග සීමිත ප්‍රමාණයක් තිබ්බා...දැන් වගේ කජු ග්‍රීන් පීස් දාලයි,කට්ලටුයි,මික්ස් සැලඩුයි,මැලේ අච්චාරුයි ආදී දාහක් දේවල් මගුල් මේසෙට තිබ්බේ නෑ...
මගුල් පෝරුවත් දැන් වගේ මහන්සිවෙලා බොහොම අලංකාරෙට හැදුවෙ නෑ, බොහොම වෙලාවට ලෑල්ලකට සුදු රෙද්දක් දාල ඒ උඩ හාල් බුලත් පඬුරු එහෙම තියල හදාගත්ත එකක් පෝරුව වෙනුවට පාවිච්චි කළා...මතකද ගම් පෙරළියෙ නන්දගෙයි ජිනදාසගෙයි මගුල,ඒකෙත් චාරිත්‍ර කරන්නෙ පෝරුවක් නැතුවනෙ...
මගුල් පෝරුවත් දැන් වගේ මහන්සිවෙලා බොහොම අලංකාරෙට හැදුවෙ නෑ, බොහොම වෙලාවට ලෑල්ලකට සුදු රෙද්දක් දාල ඒ උඩ හාල් බුලත් පඬුරු එහෙම තියල හදාගත්ත එකක් පෝරුව වෙනුවට පාවිච්චි කළා...මතකද ගම් පෙරළියෙ නන්දගෙයි ජිනදාසගෙයි මගුල,ඒකෙත් චාරිත්‍ර කරන්නෙ පෝරුවක් නැතුවනෙ...
මගුල් කන්නෙ මෙහෙමයි, අපේ ගමේ නං මගුල හෙට නං අද දවල්ට හරි රෑට හරි ගමේ ඔක්කොටොම නෑදෑයන්ට බුලත් දීල කෑමට ආරාධනා කොරනව...ගමේ ඔක්කොම නෑදෑයොනෙ කිසි කෙනෙක් මග ඇරෙන්න බෑ,කොච්චර තරහ මරහ තිබුනත් මිනී මරා ගත්තත් මගුල කියන්න ඕනෑ, කෑමට මේසෙට වාඩිවෙන කට්ටිය මුළු ගමෙන්ම ඇවිත් ඉන්නවද කියල බලනවා...එහෙම එක්කෙනෙක් හරි අඩු නං ඇයි කියල ගෙදර කෙනා උත්තර බඳින්න ඕනෑ...හැමදේම හරි කියල සෑහීමට පත්වුනාම මත්ද්‍රව්‍ය සහිත කෑම මේසෙ බාරගන්නවා,එතකොට මගුල දාට පවුලේ ලඟම උදවියයි පිටිං එන නෑදෑයොයි විතරයි...රාත්තිරියට මනමාලයාගේ සහ ගෙදර අයගෙ යාලුවන්ට ඇට්හෝම් හෙවත් ඇස්ටෝම්...
අපේ පවුල්වල මගුල් කෑම ඔයිට ටිකක් වෙනස්,ඔක්කොම නෑදෑයන්ට මගුල් ගෙදරටම ආරාධනා කරනව යාලුවන්ට සංග්‍රහය රාත්‍රියට...එතකොට අර ඔක්කොටම ආරාධනා කලාද, නැත්නං ඒ මොකද ආදී සොයා බැලීම් නෑ,කුඩුකේඩු කම් තරහ මරහ හොඳට පවත්වාගෙන යන්න පුළුවනි...
ඒ කාලෙ මගුල් ගෙවල්වල දවල් කෑම හෙවත් මංගල භෝජන සංග්‍රහය පැවැත්වුනේ ගෙයි මිදුලෙම හදල තියෙන මගුල් මඩුවෙ, මේසවලට පුටුවලට සුදුරෙදි එලල මල් පෝච්චි තියල එහෙම කෑම මේසෙ සූදානම් කරනව...
මුල්ම කෑම මේසෙ අරින්නෙ පිටිං ආපු නෑදෑයන්ට ඒ ගොල්ල කාල බීල ඉවර උනාට පස්සෙ ගමේ නෑදෑයන්ට යාලුවන්ට ආපු පිළිවෙලට වතුර අල්ලනව...මගුල් මේසෙ වැඩකරන තරුණ කට්ටිය කෑමට එන අයව පුටුවල හිරකරල වගේ හැකි තරම් කණ්ඩායමක් වාඩි කරවන්නයි නිතරම බලන්නෙ,මේසෙට වාඩිවුනාම තමන්ගෙ පුටුව ඉස්සරහින් මුනින් නමපු පිඟානක් තියෙනව ඔය පිඟාන අනික පැත්ත හරවගෙන කෑම බෙදනකල් බලාගෙන ඉන්නව වාඩි වෙච්චි පලියට කෑම දෙන්නෙ නෑ, ඉස්සෙල්ල මගුල් මේසෙ පිලිගන්නනවා...ආ මට කියන්න අමතක වුණා කෑම මේස කීයක් ඇරියත් හැම කෑම මේසෙකම ප්‍රධාන පුටු දෙකේ මනමාල ජෝඩුව වාඩිවෙලා සිටීම අනිවාර්යයි...ඒ විතරක් නෙවෙයි ඒ දෙන්නට හැම මේසෙකම කෑමත් බෙදනව කෑවත් නැතත්...මනමාලි නං කන්නෙම නෑ බිම බලාගෙන ලජ්ජාවෙන් ඉන්නව මිසක්...ඔන්න ඉතිං මගුල් ගෙදර වැඩිහිටියෙක් කෑම මේසෙ පිලිගන්නනවා...
අභිනව මනාල යුවල ඇතුළු මංගල සභාවෙන් අවසරයි,මේ යුවලගේ ආරාධනය පිළිගෙන පැමිණි ඔබ සියලු දෙනා මනාල යුවල වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නා අතරම මංගල නිවසේ අයගේ ශක්ති ප්‍රමාණයෙන් ඔබ සඳහා පිළියෙළ කර ඇති මේ භෝජන සංග්‍රහය අභිනව මනාල යුවල වෙනුවෙන් මා ඔබ වෙත පිළිගන්වන අතරම එය පිළිගන්නා ලෙස ඉල්ලා සිටින අතර අඩුපාඩුවක් තිබේනම් සමාධිය භජනය කරන ලෙස ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි...
ඔන්න ඊට පස්සෙ මගුල් මේසෙට වාඩිවෙලා ඉන්න දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක් භෝජනය පිළිගන්න නැගිටිනවා...
යුගදිවිප්‍රාප්ත අභිනව මනාල යුවලගෙන් අවසරයි,අපට කළ ආරාධනය අනුව මංගල නිවසට පැමිණි අපට පිළිගන්වන ලද මේ භෝජන සංග්‍රහය ආදරයෙන් පිළිගන්න බව දන්වන්නට කැමතියි...
ඊළඟට සුදු පිරුවට වලින් වහල තියෙන මගුල් මේසෙ පිරුවට ඉවත් කරලා කෑම බෙදන්න පටන් ගන්නවා...කෑම මේසෙට වාඩි වෙලා ඉන්න අයගෙ පුටුවලට පිටිපස්සෙන් හිටගෙන ඉන්න කෑම මේසෙ ආවතේව කරන කට්ටිය කෑම බෙදනවා...බත් මස් මාළුපිනි අච්චාරු ආදී හැම දෙයක්ම ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඔහෙ පිඟානට පුරෝනවා පිටිපස්සෙන් ඉඳගෙන බෙදනකොට පේන්නෙත් නෑනෙ පිඟානට වැටෙනකොටයි දන්නෙ,අනේ ඉතිං ඉඳගෙන ඉන්න එකා උස්මුරුත්තාවට එනකල් කෑවත් ආයෙම බෙදනවා...
ඔන්න ඔයවිදියට කාල ඉවරවෙනකොටත් පිඟානෙ කෑම ගොඩක් කන්න බැරුව ඉතුරුවෙලා තියෙනව...කෑමෙන් පස්සෙ ලොකු ආනමාලු හරි කෝලිකුට්ටු ගෙඩියක් හරි අතුරුපස හැටියට ලැබෙනවා ඉඳල හිටල කිරිපැණිත් සමහර මගුල් ගෙවල්වල දකින්නට පුළුවනි අයිස්ක්‍රීම් නං තිබුනෙම නෑ...කාල ඉවරවුනාට තමන්ට අවශ්‍ය ආකාරයට මගුල් මේසෙන් නැගිටල යන්න බෑ...මේසෙ ඉඳන් ඉන්න ඔක්කොම අය කාල ඉවරවෙනතුරු බොහොම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න වෙනව...කට්ටියම එකට වාඩි වුණා වගේ නැගිටල යන්නෙත් එකටමයි...හරියට ලිච්ඡවි රජදරුවො වගේ,ලිච්ඡවි රජදරුවොත් එහෙමලුනෙ, සමගියෙන් රැස්වෙනව සමගියෙන් සාකච්ඡා කරනව සමගියෙන් විසිර යනව...
තෑගි හැටියට කවුරුත් වගේ රුපියල් පහක් ලියුං කවරෙක දාල දෙනව ඒ දැන් අපි රුපියල් දාහක් දෙනව වගේ, ඇති පැති උදවිය නං රුපියල් දහයක් දෙනව ඒ දැන් අපි දෙදාහක් දෙනව වගේ, නං ලියපු ලියුං කවර ටික බුලත් හෙප්පුවක තියල සුදු ලේන්සුවකින් වහල කතාවක් පවත්තල එහෙම පිළිගන්වනව...පස්සෙ කාලෙකදී ඔය ලියුං කවර පිළිගන්නන වැඩේ මටම ලියල දීල වගේ කරන්න උනානෙ,හැම එකාම ලියුං කවරේ ගෙනත් මගෙ අතට දීල පැත්තකට වෙනව එක්කො යන්න යනව,මමත් ඉතිං පණ්ඩිතමානී කතාවක් දෙකක් කියල ලියුං කවර ටික තියෙන හෙප්පුව ජෝඩුවට පිළිගන්නනවා,ලියුං කවර කියපුවම ඔන්න මට කතාවක් මතක් උනා...
දවසක්දා අපි මගුල් ගෙදරක ගිහිං හොඳට අනුමත වෙලා රෑට කෑම කාල එහෙම සල්ලි දෙන්න කවරවල නං ලියනවා, ආරිය මතකනෙ, ඒ කාලෙ ආරි කසිප්පු වෙළඳාම පටන් අරං තිබුනෙ,මූ හොඳටම වෙරිමතේ වැනි වැනි ඇවිත් වෙනුජට කවරයක් දුන්න...
මල්ලියෙ මේකෙ මගෙ නමත් ලියල දෙන්ඩකො...
වෙනුජ කවරෙ අරං නම ලිව්වා...කසිප්පු ආරි
ලියල හිනාවෙවී මට පෙන්නුවා...
ඕක දකීද ඕයි...
පිස්සුද ඇස් පේන්නෙ නැති ගානට අරක්කු පැලිලනෙ ඉන්නෙ...
කවරෙ ආරියට දුන්නම ඌත් අරං යස අගේට සල්ලි දාල දුන්නෙ...
ආපහු කතාවට ආවොත් මේසවල වාඩිකරවල කෑම දෙන ජාතියෙ මගුල් ගේක මම අන්තිමට ගියෙ අනූහයේ විතර යාළුවෙකුගෙ මගුල් ගෙදර පොටෝ ගන්න මිනුවන්ගොඩ මනමාලිගෙ ගෙදර,ඒ වුනාට මාවත් උදේ තේ මේසෙට හිරකරල වාඩි කොරෝල කන්න දුන්නා...
දැන් නං මේසෙට වාඩිවෙලා කෑම කන එකත් ගෙවල්වල මගුල් ගන්න එකත් කියන දෙකම අපේ සංස්කෘතියෙන් නැතිවෙලා ගිහිං...
මගුල් කතාවල හොඳ හරිය පොඩි අයට බලන්න නරක කතා එහෙම තව ගොඩක් කියන්නනං තියෙනව කට්ටිය කැමති නං ඒ කතා ටිකත් ලියල දාන්නං...
අනේ හැලපයෝ ඒ කතා ටිකත් දා න් න
ReplyDeleteහොඳා හොඳා දම්මික දාන්නං
Deleteඅද කාලේ නම් මගුලක් කන්න(බොන්න) සල්ලි වියදම් කරන එක මහා අපරාදයක්.මේ යන විදියට එහෙම කරන්න බෑ නෙව...ෆොටෝ ගැහිල්ල සහ වීඩියෝ කෙරිල්ල ගැන නවතම ප්‍රවණතා දැන ගන්නනම් සෑම පැණි හඳ කාල එනකන් ඉන්න වෙනවා.
ReplyDeleteකවදද දන්නෙ නෑ සෑම එන්නෙ,ආවොත් නං කියයි අලුත්ම ප්‍රවණතා ගැන
Deleteඅර පන්සල කුප්පියාවත්තේ ජයශේඛරාරාමයද නාලන්දාරාමයද හැලප අයියේ
ReplyDeleteපුංචි බොරැල්ලේ නාලන්දේ පාරේ කිව්වහම ජයශේඛරාරාමය වෙන්න විදියක් නෑ. ඔය කියන්නේ නාලන්දාරාමය වෙන්න ඕන.
Deleteජයශේකරාරාමය නං නෙවෙයි,නාලන්දාරාමේ වෙන්න ඇති.
Deleteආරිට ඇරිය එක අරි නැ
ReplyDeleteඋඹට එච්චරමද පෙනුනෙ
Deleteගෙවල් වල මගුල් කන එකගැනනම් කියල වැඩක් නෑ බුදු අම්මේ මාසයක් තිස්සෙ ඒවට ලෑස්ති වෙනවට වඩා ලාබයි කීයහරි දීල හොටෙල් එකක ගන්න එක....නරක කතා ටිකත් දාන්න හැලප මාමේ :D
ReplyDeleteදැන් ඉතිං කොහොමත් ගෙවල්වල මගුල් වෙන්නෙ නෑනෙ සසිදු,ආසනං නරක කතා ටිකත් ලියල දාන්නං
Deleteආයේ අමුතුවෙන් කියන්න කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ. කිසිම අඩුපාඩුවක් නැතුව ඔක්කොම ලියලා. බොහොම සතුටුයි හරිම අගෙයි. ඉතුරු කොටස්වලදී ලියන්නකො ඔය මගුල් ගෙවල් වලට සපත්තු දාගෙන ගිහින් කකුල කැපිලා විඳින දුක. අර කෑම වල මිරිස් සැර, දෙපැත්තෙන් එන මෝඩ යක්කු ජෝඩුවට කලන්තේ හැදෙනකල් පෝරුවේ තියාගෙන දෙන දස වද,
ReplyDeleteමගේ ලොකු අක්කාගේ මංගල්‍යය (1968 දි) ගත්තේ ඔය විදිහටමයි. 'ලැයිස්කීපර්' බැන්දේ පොල්ගස්වල. ඒ කාලේ ටිකක් 'දියුණුයි'. 'රෙකෝඩ් ප්ලේයරය', බල්බ් මාරු නොකරන 'කැමරා ෆ්ලෑෂර්' එක මම මුලින්ම දැක්කේ ලොකු අක්කගේ මගුල් ගෙදරදී. කෑම ඉව්වේ පිරිමි අය.
රු 4.50 කට ගත්ත මගේ කමිසයේ කුණු ගාගත්තොත් හම ගහනවා කිව්වා අම්මා. ඒ කාලේ 'ඇට්ටෝන්' ගෙවල්වලට මාව යවනවා ලියුම් කවරෙකට රු 2 කොලයක් දාලා, තාත්තගේ නම ලියලා. නැතිවෙනවට ලියුම් කවරේ කමිස සාක්කුවට දාලා හැට්ට කටුවක් ගහලා දෙනවා.
ඔන්න විචාරක තුමා ඉතුරු හරියත් මතක් කොරල,ඔය ලැයිස්කීපරේ කතාවයි ගමේ උන් සිංදු කියන එකයි මගුල් මඩුවයි ගබඩාවයි කතා ටික ඊළඟට කියන්න හිතං ඉන්නෙ.
Deleteඑතකොට රබන් ගැහිල්ල තිබ්බේ නැතැයි?
Deleteනැතුව නැතුව රබනුත් ගැහුවා,ඔය රබන් ගහන වෙලාවට තරහකාරයො රබන් පදේ අල්ලල දෙහි මතුරලා චප්ප කරපුවම රබාන පැලෙනවලු.
Deleteරබන් පාලන මන්තරයක් ගැන අපූරු කතාවක් ඒ දවස්වල අමාරිස් අයිය විනෝද සමේකින් කිව්ව මට මතකයි.
//ඒ විතරක් නෙවෙයි ඒ දෙන්නට හැම මේසෙකම කෑමත් බෙදනව කෑවත් නැතත්// අඩේ! මම එහෙම මනමාලයා නම් කනවා බඩ පැලෙන්න!
ReplyDeleteඋඹට ඔය මළ පෙරේතකොම හැදුනෙ අලුත් මොන්ටිසෝරියට ගියාට පස්සෙ නේද නාඩියෝ.
Deleteඋඹට කියන්න අයියේ දැන් මේ දවස් තුන හතරකට කලියෙන්.. හිටහං මතක් කරන්න.. මං හිතන්නේ ගිය බුරහස්පතින්දා වෙන්ට ඕන.. මේ දියත උද්‍යානයට ගිය වෙලේ අපේ යාළුවෝ දෙන්නෙකුට මං ඔය අපේ ගංවල මගුල් කාපු හැටි විස්තර කොර කොර හිටියා නෙව... ඔය මගුල් මඩු ගැහිල්ලයි.. එතකොට අර මගුල් මඩුවට කෑම එවන්න හදලා තියෙන කොටුව ගැනයි... අත හෝදන්න කොප්ප තියලා තියෙන එකයි.. ප්‍රදර්ශනාත්මක රෝස් කුකුලා සහ.. හොඳටම වැඩි වෙච්ච එකෙක් මුලින්ම කුකුලට අත තියන එක ගැන එහෙම දොඩෝ දොඩෝ හිටලා සතියක් යන්ට මත්තෙන් මේ පෝස්ට් එක දැක්කම පුදුම සංතෝසක් හිතුනේ...
ReplyDeleteමට මගුල් කෙවල්වල ඔක්කෝම හොඳයි.. අර අන්තිමට ජෝඩුව වාඩිකොරං වි යන්න වා යන්න හ යන්න ය යන්න ගැන විස්තර කර කර පවුල් අවුල් කරගත්ත හම්පඩ බුවාලා දෙන තවුසන් ටෝක් තමා කාලා ඉවසන්න අමාරු... :D
මගුල් ගෙයක් අහවර වෙලා හැමෝම තම තමන්ගේ ගෙවල්වලට ගියාට පස්සේ මගුල තිබුන ගෙදර ඇති වෙන පාළුව ගැන මට හොඳ මතකයක් තියෙනවා.. අපේ මාමා කෙනෙකුට ළමයි හිටියා දුසිමකට වැඩිය.. ඒ හැම කෙනෙක්ම වගේ හොදට මගුල් කාලා තමා ගියේ... ඒ මගුල් හත අටකටම මං හිච්චි එකා කාලේ ගියා තාත්තා පස්සේ එල්ලිලා... අන්තිමට ඔක්කෝම ගියාට පස්සේ මාමයි නැන්දයි අපි තුන් දෙනයි තමා හැමදාම ගෙදර ඉතිරි වෙන්නේ... ඉතින් කට්ටිය එක්ක හට්ටි මුට්ටි අස් කර කර... කයිය ගගහා ඉන්න දවස් දෙක තුනක් එනවා.. පුදුම පාළුවක් තියෙන්නේ ඒ දවස් දෙක තුනට...
ඔය වයසක බුවාලගෙ ඉවරයක් නැති කියවිල්ල ගැන අනික් පොස්ටුවේදී ලියන්නං මාරෙ.
Deleteඊටත් වඩා වැදගත් අපි කවුරුත් වැඩිපුර සංවේදී නොවන තැනක් ඔබ ස්පර්ශ කර තියෙනවා,එනම් පාළුව.ඇත්තටම මගුල් ගෙදරක විතරක් නෙවෙයි මල ගෙදරක දානෙ ගෙදරක පිරිලා හිටපු අය එකිනෙකා ගියාට පස්සෙ ඇතිවෙන කියාගන්න බැරි හිස්බව සහ මහා පාළුව මමත් අත්විඳල තියෙනව.
ඔයිටත් කලින් පරම්පරාවල මගුල් ගැන රසවත් විස්තර ජී. ඇච්. පෙරේරා ගේ සිංහල මංගල සූත්තර නවකතා පොතේ තියෙනවා.
ReplyDeleteඅළුත් මුද්‍රණයක් ඇත.
කකා මට පොතේ විස්තර දුන්න නං,ගෙන්න ගන්න නං විදියක් නැතිවෙයි ගිය වෙලාවකවත් ගන්න බැරියැ
Deleteකාලෙන් කාලට වෙනස් වෙන මඟුල් කෑම් ගැන දැන ගන්න ලැබුන එකත් වටිනවා.. අර තියෙනවයි කිවුව කතා ටිකත් ඔන්න ඔහේ ලියලා දාමු..
ReplyDeleteදිනේෂ්ල කියවන්න කැමතිනං ඉතිරි හරියත් ලියන්නං
Deleteහ්ම්ම්...රසවත්....පොඩි කාලේ ගිය මගුල් ගෙවල් මතක් වුනා.
ReplyDeleteඅමු පොල් අතු වියලා භාගෙට අහුරපු මගුල් මඩු,ක්‍රේප් කොළ ඇදල බැලුම් සමග සරසල තිබුන හැටි මැවිලා පෙනුන.
අනිත් කතා ටිකත් ඉඩ ලැබෙන විදියට ලියන්න හැලප.
ඔව් කෙන්ජි මමත් ලියද්දි හිතින් අතීතයට ගියා,අනිත් කතාත් ටික ටික වත් ලියන්න බලන්නං
Deleteඅපි නම් ඔය කියන ජාතියේ මඟුල් ගෙවල් දැකලා තියෙන්නේ පරණ සිංහල ෆිල්ම් වල තමයි.දැන් ඉතින් තියෙන්නේ මොඩ් වෙච්ච මඟුල් ගෙවල් නේ. කැමරා කාරයන්ට ඕන විධියට දඟලන.අපෝ...අපේ මඟුලේදී මං වින්ද වදේ මතක් වෙද්දී බඳින උන් දෙන්නා පවු..........කියලා හිතෙනවා. ඇවිදගන්න බැරි තරමට සෙරෙප්පු දෙකට මගේ කකුල් දෙකත් කැපිලා.හවස අන්තිම ෆොටෝ ගහද්දි මන් කිව්වා "අපෝ..දැන් ඇති.ඉවරයි නේද?" කියලා.ඔව් කියලා ඉවර වෙලා ආයෙම කියනවා ඉන්න ඉන්න ටිකක් තව ෂොට් 2-3ක් අරගෙනම යමු කියලා.
ReplyDeleteමට නේද කේන්තියෙ ඉන්න බෑ.
ආ මෙන්න ඉන්නව පොටෝ කැචර්ලගෙන් රැග් වෙච්චි මනමාලියක්.
Deleteමම හිතාගෙන හිටියේ අර ගිය ට්‍රිප් එක ගැන කෑල්ලක් තව එයි කියලා. ඒක ඉවර උණා මදි වගේ හිතුනා. අවසාන වෙනකල් ම කියෙව්වේ ඒක තියෙයි කියලා බලාගෙන.
ReplyDeleteමඟුල උණත් වෙනස් වෙන්න එපාය. අනිත් හැමදේම වෙනස් වෙද්දී
ට්‍රිප් එක ගැන ලිව්වෙ නං නෑ තමයි යක්ෂයෝ,එහෙනං ආයෙ වෙලාවක ලියද්දීවත් ඒ ගැන ලියන්නං
Deleteසොඳුරු මඟුල් කතාවක් නොවැ :-)
ReplyDeleteඑකල මගුල් ගැන මතක ඉතාම සොඳුරුය දිලිනි.
Deleteඅපේ පොටෝ වලට නම් එච්චර දස වදයක් වින්ඳෙ නෑ හැබැයි....සුට්ටක් විතර රඟපාන්න උනා
ReplyDeleteඒකනෙ රෙහානි මං කිව්වේ ඔවුන්ට ස්වභාවික මූමන්ට් ගන්න බෑ කියල,ජෝඩුවට කියල රඟ පාවෝනවා.
Deleteමට නං මඟුල් ගෙවල් වල ඔක්කොම කොහොම හරි ඉවසතෑකි.. අර අන්තිමට කතා පවත්තන එක ඇරෙන්න.. හයියෝ ඒක හින්ද තාමත් මං කොච්චර බැනුං අහනවද.... මට හිනා යන්න එනකොට මොකා හරි ළඟ ඉන්න එකා මාව කොනිත්තනව.. මං ඇඹරෙනව.. ඉවර වෙලා ගෙදර එනකං මට බයිනවා... මගෙ මඟුල දවසෙත් ඔය සන්තෑසියමයි.... අපේ සීයා කෙනෙක් කියපු තරමක් කිව්වෙ බොරු.. අම්ම වගේම ඉවුම් පිහුම් දන්න, මැහුම් ගෙතුම් දන්න... හි හි.... මේ මං..?? කුස්සිය පළාතේ ගියෙ නැති එකා.... හි හි.... ආයිත් ඉතිං ඔය බොරු ටික අමුතුවෙන් කියන්න ඕනැයැ.. අපේ මහත්තයගේ ගෙදර කට්ටියත් මගේ වැඩ ගැන දැනගෙනනෙ හිටියෙ.. මං හිනාව තද කරන් හිටියෙ පුදුම අමාරුවෙන්... හි හි
ReplyDeleteදැං නං ෆොටෝ ග්‍රැෆර්ලා වැඩිය පිස්සු කරන්නෙ නෑ කලින්ම කියල ලෑස්ති කරගෙන හිටියොත්... ඇත්තටම ෆොටෝ ග්‍රැෆර්ලට බැන්නට ඕක අවුල් කරන්නෙ ජෝඩුවයි නෑයෝ ටිකයි තමයි.. පිළිවෙලක් නැතුව මහා වැඩ ගොඩක් ලෑස්ති කරගෙන අන්තිමට බැනුං අහන්නෙ ෆොටෝ ග්‍රැෆර්ලා තමයි....
මොනාද අප්ප මඟුල් ගෙවල් වල පොඩි අයට හොඳ නැති කතා... බොන එක ඇරෙන්න තවත් තියෙනවද... හි හි
ඔය කතා පැවත්තිල්ල තියෙනව නේද හිරූ,හප්පා මගුල් ගෙවල්වල ඔය වැඩේ නැත්නං මගුල් කෑවෙ නෑ වගේ, කතා නැති මගුල ලුණු ඇඹුල නැති හොද්ද වගේ.ඔයාගෙ සීය බොරු කියල හරි මිනිපිරීගේ ජාම බේරාගෙන තියනව සෙනග මැද්දෙ,ඇත්ත කිව්ව්වනන් එහෙම මනමාලිට විලි ලැජ්ජාවේ පණ යනව.
Deleteඅපොයි බොන එක ඇරෙන්න තව කොච්චර කතා තියෙනවද ඔයාල වගේ අයට කියන්න හොඳ නැති.
නියම විස්තරයක් හැලපෙ. දැං ඉතිං ඕව බලන්න වෙන්නෙ පොත්පත් සහ මේවගේ පෝස්ටු වලින්ම විතරයි. ඒ කාලෙ මඟුලක් ගත්ත කියල ඒ හැටි අවුලක් නෑ. දැන් කාලෙ වියදම එක්ක බැලුවම ෆොටෝ ගැහිල්ල ඇන්දවීම වගේ දේවලට යන වියදම සාමාන්‍ය මිනිස්සුන්ට දරාගන්න බෑ. ණය වෙලා තමයි මගුල් කන්න වෙන්නෙ
ReplyDeleteගම්පෙරලියෙ මගුල නේද?
Deleteඔව් රාජ් ගම්පෙරළියේ මගුල තමයි,දැන් ගම් පෙරළියටත් අවුරුදු පනහක්.බලපන් පින්තූරෙ ලස්සන.
Deleteමමත් අහල තියෙනව ඉස්සර මගුල් ගෙවල් වල වැඩියෙන්ම තියෙන්නෙ හරක් මස් කියල.ඉස්සර කුකුලෙක් දකින්න ලැබෙන්නෙ ටිකක් ඉහල පන්තියේ මගුල් වලලු.
ReplyDeleteඒකයි කුකුල් මස් ඉස්සරහ කෑමක් කියල මම කිව්වෙ.ඔක්කොම වගේ මගුල් වල ඌරු මස් සහ හරක් මස් කන්න දුන්නා.
Deleteමගුල් මේසෙට ගේන ගාත ටික දැකල මම කතාව නැවැත්තුවා බං.. හැක් හැක්.. කකා කිව්ව වගේ මීටත් ඉහත කාලේ මගුල් කෑම මොන විදියෙද නේද බං. දැං මොන විදියෙද??
ReplyDeleteඑහෙම තමයි බං,දැන් මගුලකට මොන තරං වියදමක් කරනවද,කාලෙන් කාලෙට මගුල් කෑමත් වෙනස් වෙනවනේ.
Deleteඉස්සරහට මොන මොන ආකාරයට තව වෙනස් වෙයිද කියල කවුද දන්නෙ.
හප්පා. අපෙ හාමිනේලයි දිහා තමයි ඔය මඟුල් චාරිත්තර අකුරටම කරන්නෙ. ඔය සෙල්ලං කොරන්ට බැරි හින්දම මම එකහෙලාම කියල මයෙ මංගල්ලෙ ගත්තෙ හෝල් එහෙක.
ReplyDeleteඑයාලගෙ අක්කගෙ මඟුලට මම හිටියනෙ. එහෙ මඟුල් මේසෙ ඔන්න මුලිම්ම මනමාලිගෙ පැත්තෙ වැඩිහිටියෙක් බත් එක පිළිගන්න කියල ආරාදනා කරල කතාවක් පවත්තනව. මේසෙට වාඩි වෙලා ඉන්න ගමේ වැඩිහිටියෙක් ඔන්න කතාවක් පවත්තල ඒ ආරාදනාව බාර ගන්නව. ඊළඟක මස් වෑංජනේ බාරගන්න කියල ආයම කතාවක්. ඒකෙදි කරන්නෙ මස් වල පෝස්ය ගුනේ වර්නනා කරන එක. ඒකත් බෝජනේ පිලිගන්ට ඇවිල්ල ඉන්න කවිරිහෝ වැඩිහිඔටියෙක් ස්තුති කතාවක් කරල පිලිගන්නව. ඊගාවට ඇඹුල් තියල් එක..ඒකත් එහෙමයි. ඊළඟට සැවුලා..නෙක්ස්ට්. පරිප්පු..අල...මුකුණුවැන්න...ඔය ඔක්කෝටම සේම් ප්‍රොසීඩියර් රිපීටඩ්...පිස්සුම තමයි.බත් බෙදාගන්නෙත් නැකතට.
" මොනවද අනේ මේ හැම එකටම නැකැත්?...ඔය ඔක්කොම කොරන්නෙ එක දේකටනෙ. අන්න ඒ වැදගත්ම එකට මොන නැකතක්වත් නෑ..බැරිද ඒකටත් නැකතක් හදන්ට? "
කට එක විදිහකට තියාගෙන ඉන්ට බෑ නෙව මටත්...අපෙ උන්දැගෙන් මම ඔහොම අහල තව පොඩ්ඩෙන්නං මයෙ මඟුලත් අතෑරෙන්ඩයි ගියේ හෙහ්, හෙහ්
මඟුල් මේසෙ මැද ඉන්න රෝස් කුකුල කිසි එකෙක් කන්නෙ නෑ. හැමෝම ලැජ්ජයි ඌට අත තියන්ට. අපි ඔන්න දවසක් මගෙ අතිජාත යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල වත්තෙ කෙලවර ගහක් යට පොඩි ..හෙහ්, පොඩි කිව්වට පොඩිමත් නෑ..ලොකු කර්මාන්තයක් කරනව.
සාමාන්‍යයෙන් මෙහෙමනෙ වෙන්නෙ.. ඔය කරුමාන්ත ඉවරවෙලා අපි කන්ට එනකොට මඟුල් මේසෙ මොකවත්ම නෑ. ආයම ගෙදර අයට උයන්ට වෙච්චි අවස්තාත් තියනව.
ඉතිං අර කුකුල් සීන් එක..ඔන්න හැමෝටම නෝත් සවුත් මාරු වෙන්ට වැදිල. ඒත් පෙරේත කමට බොනව. බඩු තියනව. බයිට් නෑ. එකෙකුට මතක් උන කුකුල.." මචං අර කුකුල නං ඉන්නව මේසෙ මැද්දෑවෙ බැබළි බැබළි...තවම කවුරුත් අත තියලවත් නෑ.. ඒක ගේන එක තමයි වැඩේ..... " " කොහෙද බං කුකුලෙක් ඉන්නෙ? මම ගේන්නං..හුහ්..මේ වෙලාවට නැති කුකුලො ආය මොන කෙහෙම්මලකටද? " මම නැඟිට්ට...හප්පච්චියේ ඊට පස්සෙ වෙච්චි දේ නං කියල වැඩක් නෑ. මගෙ යාලුවගෙ මාමගෙ දුවක් හිටිය එළ කිරිස්. පොඩි ආතල් එකකුත් වැඩ කර කර තිබ්බෙ ඒ දවස් දෙක තුනට. ඒකත් එහෙමමම හබක් අර රෝස් කුකුලගෙ අර්බුදය නිසා. මට මතක් කරපන් හැලපෙ පෝස්ට් එකක්ම ලියන්න ඕන ඔය ගැන. " පිළිස්සූ සැවුලකු කරනකොටගෙන අහිමි වූ මගේ සෙනෙහස."
අපූරු චාරිත්‍ර නොවැ බං එහෙ තිබිල තියෙන්නෙ නියම සිංහල සිරිත් විරිත්.මගුල් මේසෙට කෑම ජාති විස්සක් ඉතර තිබුනොත් දවල් කෑම කන්න වෙන්නෙ රෑ අටට විතර මොකද කතාම හතළිහක් නොවැ.
Deleteඋඹගෙ තර්කෙත් අපූරුයි,හැබෑටම ඒ කරුමාන්තෙටත් නැකතක් හදාගන්න බැරිද,ඔන්න විද්‍යාර්ථින්ගෙ අවධානය යොමුවිය යුතු දෙයක්.අනාගතේවත් එහෙම උනොත් කාටද නම්බුව.
අර සැවුලගේ සෙනෙහසද කොහෙද පෝස්ට් එක ලියන්න තව අවුරුද්දකින් හමාරකින් මම උඹට මතක් කොරන්නන් එතකොට තව අවුරුදු පහකට ඉතර පස්සෙවත් උඹ ලියන්නෙ නැතෑ.
එක වතාවක් කුරුණෑගල පැත්තෙ මඟුල් ගේක ගියා. හොඳට බඩ කට පිරෙන්නම කන්න කියලා හිතන් උන්නත් කෑමට තිබ්බේ අලයි ගෝවයි වගේ ජාති ටිකක්...
ReplyDeleteආයේ ඉතින් ඒ කියලත් ඇරියේ නෑ... පිඟන් දෙකක්ම අඹරලා දැම්මා :)
යකෝ අලයි ගෝවයි තිබිල පිඟන් දෙකක් ඇඹරුව නං මසක් මාළුවක් තිබුන නං කොහෙන් කෙලවර වෙයිද කියල මම කල්පනා කොළේ.
Deleteඔය කැවිලි හදන තැන් වලදි දවල් කාලේ ඉපදිච්ච පිරිමියෙකුට තමයි තෙල් වක් කරන්න දෙන්නේ.ඒ වගේම තෙල් කියලා කියන්නේ නෑ.වතුර කියලා තමයි කියන්නේ.තව පැති වල අපහාසාත්මකව සැලකීම සඳහා කැවුම් අනික් පැත්ත හරවලා මේසේට තියනවා.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteඔන්න ඔය තියෙන්නෙ තව තවත් සැඟවුණු කතා.මේ කතා ටිකත් මතක් කලාට ඔබට බොහොම ස්තූතියි.
Deleteඅපෝ හැලප අයියෙ දැන්නම් මඟුලට අපි සපයන්න ඕන නළු නිළියො ටිකයි නිශ්පාදකයි විතරනෙ. ස්ටූඩියෝ එකේ අය ෆිල්ම් එක ගහලා හෝල් වලටත් දානවා.
ReplyDeleteදැන් එන උන් උපදෙස් නොදෙන්නෙ අහවල් වැඩේට විතරයි මයෙ හිතේ.
ඔව් ප්‍රියා,දැන් නං මගුල් ගන්න කිසි කරදරයක් නෑ,මගුලේ පැකේජ් එකම කොන්ත්‍රාත් අරගෙන කරන අය ඉන්නවනෙ.
Deleteදැන් තියන අලුත්ම වෙනස තමා, මනමාලයයි, මාලියයි දෙන්නම එකම දවසක පාටි එක අරගෙන මංගල ඇදුම, ගොයිනවේ, හෝං කමින් ඔක්කොම එකට සැමරීම. ඒ අතරේ හනිමුන් යන්න වෙලාව මදි නිසා මගුලට කලින් කොටු පනින ඒවා මතක් වෙන්න කැෂුවල් ෆොටෝ ෂුට් කියල එකක් කරනවා.
ReplyDeleteඅද කාලේ ආර්ථිකය වගේම, ආහාර රටාව අනුව ඔය වගේ මගුල් දන්න එවුනුත් හරි අඩුයි. සමහර ඒවා නම් අපේ ජීවිතකාලේ මුල් හරියේ දැක්කා. සමහර ඒවා අපිත් කලා. සමහර ඒවා ඇහුවෙත් අද.
මං මේ කල්පනා කරන්නේ ඇත්තට මොන මගුලට අපි මගුලක් වෙනුවෙන් මගුල් කනවද කියලා.
දෙන්නම එක දවසේ පාටි එක ගන්නෙ වියදම අඩුකරගන්න වෙන්න ඇති.
Deleteඑදා තිබ්බ ආහාර රටාවයි අද ක්‍රමයයි එකකට එකක් වෙනස්.මගුල් කන්න ඕනෑ නිසා මගුල් කනවා මිසක් පුළුවන්කමකට මගුල් කනව නෙවේනේ,මගුල් මිනිස්සුන්ව කන එක නේද වෙන්නෙ.
මේවා තමයි මගුල් ගෙවල් නැතුව හෝල්වල හරි හෝටල් වල හරි කුලියට ගන්න ඒවනෙමෙයි. මගුල් නැකැත් බලනකොට ඔය සේරටම නැකැත් හදනවා.බුලත් දෙන්න,මගුල් මඩුවට කනු හිටවන්න,තෙල් වලං ලිපේ තියන්න ආදී වශයෙන්.ඉස්සර නම් අමුපොල් අතු වලින් සහ කැටයම් කපපු ඩිමයි කොලවලින් හරි,ගොක්කොල ව්ලින් හරි සරසනවා. පස්සෙ කාලෙ නම් තහඩු මඩු කුලියට ගත්තා.හැලපෙට මතකද ඇල් ඩී. මැන්දිස් මහත්තයගෙ නස්පැත්තිය පොතේ තියන පොරෝලිස් මාමගෙ දුවගෙ මගුල් ගෙදර විස්තරේ. ඔය කෑමට වතුර අල්ලන එකත් මහ භයානක වැඩක් මොකද කලින් ආපු අය ඉන්දැද්දි පස්සෙ ආ කෙනෙකුට මේසෙට වතුර ඇල්ලුවොත් නෑකම් නැතිවෙන්න තරම් වැරැද්දක්.
ReplyDeleteඔය ලියුම් කවර ගැන මගෙ යාලුවෙක් මරු කතාවක් කිව්ව.එයාගෙ මාම කෙනෙක් ඒගොල්ල එක්කම හිටියා මිනිහ තනිකඩයා ඒකයි අක්කලගෙ ගෙදරම හිටියෙ. ඉති ගමේ මගුල්ගෙදරක යනකොට ඒ මාම ගෙදරදිම ලියුම් කවරදෙකකට රුපියල් පහකුයි රුපියල් දෙකකුයි දාගෙන කවර දෙක සාක්කු දෙකක දාගන්නවලු. මොකද මාමෙ කවර දෙකක් කියල ඇහැව්වහම කියනවලු "බොන්න තිබුනොත් පහයි නැත්නම් දෙකයි" කියල.බීපුවහම කවර මාරුවුනත් පාඩුවක් නෑනෙ.
ඔව් ඇනෝ පොරෝලිස් මාමගෙ දුවගේ මගුල් විස්තරේ මට හොඳට මතකයි.ඒ මම ලියපු කාලෙටත් අවුරුදු තිහ හතළිහකට එහා පැත්තෙ.
Deleteමතකද අතපත්තු නැන්ද ජිනපාලත් එක්ක මගුල් ගෙදරක ගිහින් කෑම මේසෙ පුටුවලට සුදු රෙදි දාල නා කියල කෑම මේසෙට වාඩිවෙන්නෙ නැතුව කොල්ලත් ඇදගෙන ආපහු ආව හැටි.
පොරෝලිස් මාමගෙ දුව මල්ලිකා නේද?...හැලප...ඇල්.ඩී. මැන්දිස් මහත්තයගෙ කතා මාරයි නේද? පණංගල අයියා, නස්පැත්තිය, ජිනපාලගෙ කතන්දරේ...මල්ලිකා බඳින්නෙ පරණ නට්ටංවෙච්ච වලව්වක හාමු කෙනෙක් නේද?...සමතපාල ද කොහෙද නම නේද? මිනිහ දාන කඩේ මතකද ? සවුත් සිලෝන් ස්ටෝර්ස්...මල්ලිකාගෙ පුතාට මොකක්ද බං අර පොරෝලිස් මාම දාන මහප්පරාණ නම? මට මතක නෑනෙ...හරි ධන්වන්තරී ද මොකක්ද නේද? එතකොට අතකොට බාප්පයි, බීරි බාලම්මයි..හෙහ්, හෙහ්,
Deleteමල්ලිකාගේ මනමාලය සමතපාල ද සොයිසා,හාමු. මල්ලිකාගේ පුතාගෙ නම වොෂිංටන් පරාක්‍රම ධන්වන්තරී වගෙයි මට මතක හැටියට.
Deleteබීරි බාප්ප හන්දියට ගිහිං රා බීල කොට අත වන වනා සින්දු කිය කිය එනවා මතකද මචං.
මොකද මචෝ මතක නැත්තෙ?...බීරි බාප්පගෙ අත වැලමිට ගාවින් කැඩිල තියෙන්නෙ බෝරයක් ගහන්න ගිහින්ද කොහෙද නේද? බීර අත කොටේ වැහෙන්න සාලුවක් දාගෙන ඉන්නෙ. රා පදම වැඩි උනහම ඔය සාලුව බඩ වටේ ඔතාගන්නව. ඊට පස්සෙ අතකොටේ වන වන නටනව. ගෙදර යන ගමං පොරෝලිස් මාමගෙ ගෙදර ඉස්සරහ ඉඳගෙන බණිනව. පොරෝලිස් කංකානම කියලයි පොරෝලිස් මාමට කතා කරන්නෙ. අතපත්තු නැන්දට කියන්නෙ අතපත්තියෙ කියල හෙහ්, හෙහ්, එහෙම වෙලාවට පොරෝලිස් මාම දොර වහ ගන්නව." බීර රා බීල, " පොරෝලිස් මාම එහෙම කියල උඩු රැවුල කරකෝනව.
Deleteජිනපාල පණංගල අයියගෙ ගෙදර ගිහිල්ල අර කන්නෙ මොනවද බං බොකුටු බෙලෙක් පිඟානක? ලූල් මාලුයි කුරහං රොටියි ද?...පොරෝලිසා ඊට පස්සෙනෙ පණංගලයගෙ ගේ ගිනි තියවන්නෙ. පණංගල අයියයි පණංගල අක්කයි සකල සබ්බ මනාවම පොදි ගහල ඔලුව උඩ තියාගෙන ගම අත ඇරල යන විස්තරේ කියවල මට කඳුලු ආව බං....ජීවිතේ කියන්නෙ මොකක්ද?..ජීවිතේ මේ වගෙ දේවලුත් වෙනවයි කියල යන්තමට දැලි රැවුල එනටත් ඉස්සර මම ඉගෙන ගත්තෙ මේ වගෙ හදවතට කතාකරන පොත් වලින් හැලප....:)
පනංගල අයියයි අක්කයි ගම ඇරලා යද්දී ඇත්තටම දුක හිතෙනවා කිව්වොත් බොරු නෙවෙයි .අර ජිනපාල ලූල් මාළුත් එක්ක රොටී කාපු පිඟානේ කෑලි ගෙයි අලුගොඩේ තිබිල හම්බවෙනවා නේද මචං.
Deleteඅපි නොදැකපු කාලෙ මගුල් ගැන ගොඩාක් විස්තර දැන ගත්ත.හොටල් වල ගැනිල්ල නම් හෙතු ඇතුවත් නැතුවත් කරන වැඩක් වෙලා.මම නම් ගෙදර ගත්තෙ හැබැයි ඔක්කොම කලෙ පිට අයට දීල.
ReplyDeleteවිචාරක මහත්තයගෙ කමෙන්ට් එක දැක්කම මතක් උනෙ චිත්‍ර කතාවක මම දැක්ක මගුල් ගෙදරක ලව්ඩ්ස්පිකර් බැදල මනමාලය එනකොට දන්නෙ "මරුවා එයි ඔබ කැන්දන් යන්නට කියන සින්දුව ".තිබුනෙ සිත්තර පත්තරෙ මැද පිටුවෙ ගජමැන්ගෙ කොලම් එකට උඩින් තිබුන කතාවක.
ඔය ලවුස්පීකර් වැඩේ ගම්වලමගුල් වල නැගල ගියා,ගායන හැකියාව තියෙන ගමේ කොල්ලො මඩු බැස්සෙ ඔය වෙලාවට තමා මම ඒ හරියත් ලියන්නං
Deleteජා-ඇලින් ඌරයි මීගමුවෙන් කෙලවල්ලයි ....ආදී විදියට ඔය විස්තර කල වෙදීමක් ගත්තා මගේ පුංච් අම්මාගේ අවුරුදු 13 කට විතර කලින් ඒ දවස් ටිකේ දේවල් මතක් වුණා ..කිටියා ගැන කතා අහන්න මාත් ආසයි
ReplyDeleteඅවුරුදු 13 කට කලින් කියන්නෙ අපූස් ඉතාම මෑත කාලෙ ඒ කියන්නෙ 2000 දී විතර නේද.ඒ දවස්වලත් ඔය ක්‍රමේට මගුල් කාපු තැනුත් තියෙනව බලපුවම නේද.
Deleteකිටියගේ කතාවත් ලියන්නං ඉක්මනටම.
යේස් හරියටම හරි ..ඔව් ඊට පස්සේ නම් හැමදේම වෙනස් වුණා, කොච්චර හොදට අපේ ආච්චි අම්මලා උයන්න දැනගත්තත් ඔක්කොම කේටරින් කලානේ මිනිස්සු ඒ දේවල් කරන්න පටන් ගත්තෙත් රැල්ලට උවමනාවට නෙමේ , අක්කර ගණන් ලොකුවට වතු තියෙද්දී හොටෙල් වල වෙඩින් ගත්තේ අනිත් අය කරන නිසා ...
Deleteඔයාගෙ වෙඩින් එක වෙනසකටත් එක්ක ගෙදර ගම්මු.පරණ චාරිත්‍ර කරන්න මම එන්නං
Deleteමම හේනේ මාමගේ බාරියාවගේ වැඩේට එන්නද?
Deleteයෑස් ගමු ,,
Deleteමගුල් කථා ටික පංකාදුයි මාමෙ...මමත් පුංචි එකා සන්ධියෙ ඔබ කියපු වර්ගයේ අත්දැකීම් ලබලා තියෙනවා...අපේ ගෙදර මේස පුටු , පිගන් පීරිසි කෝප්ප ඕවා ඔක්කොම ගමේ මගුලක් උනාම එහෙට මෙහෙට ගියා...හදුනා ගැනීමේ පහසුවට ඒවා පිටිපස්සෙ තීන්තෙන් අකුරක් දෙකක් ලියලා තිබුනා...ඉස්සර ගමක මගුලක් කියන්නෙ...ගමටම මගුල් වගේ තමයි...බොහෝ වෙලාවට ගෙදර මගුල ගත්ත නිසා වගේම අද වගේ සෝභන විදයම් තිබුනෙත් නැති නිසා ගමටම මගුල කියනවා...ජෝඩුව කාර් එකෙන් යද්දි වැට අද්දර වෙලා අනිත් පාර්ශවයෙ කෙනා කොයි වගේද බලන්න අපේ ගමෙත් ගෑණු පිරිමි විපරම් කොරපු ආකාරයත් මට මතක් වෙනවා...
ReplyDeleteඅර දෙන්නා හොර කොටලා අෂ්ඨක කියපු මගුලෙ ජෝඩුව තාම යහතින් ඉන්නවැයි ?
ඇයි සිරෝ මනමාලි ලස්සනද බලන්න වැට අයිනෙයි අහුමුලුවලයි ඉඳගෙන බබලත්තු එබිකම් කරන හැටි.
Deleteඅපොයි ඒ ජෝඩුව ඔය අගේට ඉන්නෙ,උන්ගෙ ලොකු කොලුවටත් දැන් අවුරුදු විස්සකට කිට්ටුයි.
කලින් අහල නොතිබ්බ හුඟක් දේවල් දැන ගන්න ලැබුනා ... දැන් ඉතින් හැම දේම වෙනස්නේ..
ReplyDeleteවෙනදා වෙගේම අදත් හරිම රසවත්...
ඔන්න තුශානි ඔයාල අහපු නැති දේවල් මම ලිව්වා,ඔව් ඔව් දැනට වඩා ඒ කාලෙ හාත්පසින්ම වෙනස්.
Deleteමොනවා කියන්නද බං උඹ ඔක්කොම කියලනේ. මමත් ඔය බත් බෙදිල්ලට මාට්ටු වෙලා තියෙනවා..අහක දාන කෑම කන්දරාව නම් කියලා වැඩක් නැහ.
ReplyDeleteමචං මේ මගුල් ඩිරෙක්ටර්ලා නම් නවතින්න කාලේ හරි බං..වස ලැජ්ජයි සමහර ෆොටෝ දැක්කාම...මම හෝටල් බුවා නිසා තරු පහේ වෙඩින් වල කෝලමුත් දැක්කා..හැබැයි මචං වලි නැහැ.
කාලෙකට පස්සේ මම හෝමාගම, කොට්ටාව ඒ කාලේ ප්‍රසිද්ධ වෙඩින් හෝටල් දෙකේම මැනේජරයා වෙලා හිටියා. බුක් කරන වෙලාවේ ඉඳන් වෙඩිම ඉවරවෙනකම් මම වැඩේට ඉන්වෝල්ව්...මාර වැඩ වෙන්නේ බන්...සමහර මිනිස්සු හෝල් බුක් කරන්න කෑම වලට සල්ලි බඳින්න විඳින දුක මාව මාර අප්සට් කරලා තියෙනවා. පව් මචං...වෙනම පෝස්ට් එකක් ලියන්න හිතෙනවා. අන්තිමට මොකෙක් හරි වලියකුත් දානවා.
අපේ අම්මාගේ මල්ලි මාර පොරක්. ආමි එකේ ඉඳලා පැන්ශන් ගිය සාජන් කෙනෙක්. අම්බානක බොනවා..හරි සයිලන්ට්...දවසක් අපේ ඥාතියෙකුගේ වෙඩිමකට යන්න ,කවරෙට දාන්න සල්ලි නැහැ. මගෙන් ඉල්ලුවා මගේ ගාව තිබුනෙත් නැහැ. මට කිව්වා පොඩි කොල කෑල්ලක සටහනක් දාලා දෙන්න කියලා. "පැන්ශන් 25 වෙනිදා...ඒක හම්බවුනාම ආපහු ඇවිත් යන්න එන්නම්..මීට...ආමි චන්දරේ" ඕක කවරෙට දාලා දීල ඇවිල්ලා. මරු පොරක් බං. තනියම යන්නේ මගුල් ගෙවල්වල..උපරිම සැප අරන් එන්නේ.
ඇත්තටම අරූ මාත් හොටෙල් ෆීල්ඩ් එකේ හිටපු කෙනෙක් හින්දා මේ සබ්ජෙක්ට් එක හැන්ඩ්ල් කලා කාලයක්ම. සමහර වෙඩිං වලින් පුදුම දේවල් ඉගෙන ගත්තා. ඒත් ලංකාවේ මේ දැන් මඟුල් කියලා කරන එකම එක බම්බුවක්වත් ඒ වෙඩින් වල කලේ නෑ. මගේ වයින් කතා කවදා හරි ලියවුනොත් මාත් කවර් කරපු වෙඩිමවල් කිහිපයක්වත් ලියන්න ඕනේ. ඒත් මම දන්නවා කවමදාවත් මම ඕවා ලියන එකක් නෑ කොහෙද ඉතින් මට ඒ මූඩ් එකට එන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ.
Deleteමේ ලඟදි මගේ යාළුවෙක් බැන්දා ලංකාවේ. උගේ වෙඩින් එකේදි මට වෙඩිමවල් එපාම වුනා. දැන් එකම වෙඩිමට උත්සව තුනක් තිබුනා. හෙට අනිද්දට හතර වෙනි එක සෙට් වෙනවා. එකක් නම් යන්තම් ගොඩගියා කකුල කඩාගෙන. අනිකට නම් බෑ කියන්න බැරිම වෙනවා.
අරූ,මචං උඹගෙ කතාවත් ලිව්වනං ටොප්.මගුල් මඩුවේ බත් බෙදිල්ල ඉඳුල් පිඟන් ඇදිල්ල එහෙම මමත් ඔනතරන් කරලා ඇති.
Deleteඉස්සර කාලේ මගුල් ගෙවල් කීවම මට යකෙක් වගෙ තරහයි. අපි පොඩි කාලේ ඉඳන්ම අපේ අම්මට හා අපේ අප්පච්චිට හැම කෙනාගෙම මගුල් වලට යන්න තිබුනා. ඒකට කියන්නේ ගමනට යනවා හෝ මොකක් හරි. පොඩි කාලේ ටිකක් ලස්සනට හිටපු හින්දා මල් කුමාරිටයි ඔය තව තව එක එක ඒවටයි නම් අපේ ගෙදර තුන්දෙනාම ඉඳලා තියෙනවා. ඒත් වැඩි වෙලාවක් ඉන්නකොට මට කහනවා වගෙ හින්දා කවදාවත් අන්තිම වෙනකම් නම් ඉඳලා නෑ වෙන්න ඕනේ. ඊටත් පස්සේ කාලෙක මම වැඩ කරපු තැනක මගුල් ගෙවල් ප්ලෑන් කරන්න හා අන්තිම බින්දුව දක්වා ඔය මගුල් උත්සව ගැන හිතන්න උනාම වෙඩින් එපා උන තරම්. ඒත් දැන් ආපසු හැරිලා බලද්දි අමරණීයම සැමරුම් තියෙන රැකියාවක් ඒක.
ReplyDeleteදැන් නම් මම විවාහ මංගල්‍යය වලට නොයන්න තරමට කැමතියි විශේසයෙන්ම ලංකාවේ ඒවා.
රංගී ඉස්සර මගුල් කියන්නෙ ආදරණීය අත්දැකීමක් වුණාට දැන් දන කෙරෙන මගුල් බිස්නස්.පවුලෙ කෙල්ලො කොල්ලො ගොඩක් ඉන්නකොට මල් කුමාරිට මල් කුමාරයට ඉන්න ලොකු තරඟයක් තිබ්බා නේද.
Deleteඇයි දැන් ලංකාවෙ මගුල් එපා වුනාද.
හප්පේ එහෙම මගුල් ගෙයකට කවදා යන්ට හම්බවෙයිද ආයෙත්! 80 මුල මගේ යාළුවෙකුගේ මගුල් ගෙයක් තිබුනා හඟුරන්කෙත පැත්තේ...අපි කස්ටිය ගියේ ඇට්ටෝං ගෙදර..අන්තිමට ආපහු ආවේ තුන්වෙනි දවසේ... මගුල් මේස 6ක් ඉඳුල් කරලා :-)
ReplyDeleteදැන් නං ඉතිං එහෙම මගුල් ලැබෙන්නෙ ලබන ආත්මේ තමා කැන්ඩියන්.බොලත් ඇස්ටෝන් ගෙදර ගිය හැටි නරක නෑ නොවැ
Deleteහැලප අයියට කියන්න හැලප අයියෙ මං ඊයෙ පෙරේද කසාද බැඳපු එකා නොවැ .
ReplyDeleteහපෝයි දුන්න වදයක් පොටෝ මචනුයි වීඩියෝ මචනුයි ..
මල් පොකුරක් අරං 9 පාරං දුවං ඇවිත් උඩ් පැන්නා පොටෝ මචංගෙ ඕඩරේට .
වෙඩිම දවසෙ උදේ පාන්දර ඉදං ගස් ගල් බදං ඉදලා පොටෝ ගහලා හොඳම හරිය තමා මේස ලඟට ගිහිං කතා කරන එක කෑම වෙලාවෙ. මං නට්ටං වෙලා හිටියේ.යන යන ටේබල් එකෙන් හැම එකාම ශොට් එක එක දුන්නා දෙයියො බැලුවා වගේ ..
ආයෙ මොනවද යෝධ වීරිය ආවා බොල මගුල් 7 ක් කන්න .ඊට පස්සෙ වෙඩින් කැලේ මං නැටුවා හිතේ හැටියට. ගොයිනවේ කිට්ටු වෙද්දි මට බඩු . !!!
හා පොටෝ කාරයො ටික උඹවත් හොඳට නැටෝල තියෙනව එහෙනං.
Deleteආ බං ඔච්චර බඩු දාල ඉන්නැද්දි ප්‍රියම්බිකාවගෙන් ටොපිය ලැබුනෙ නැද්ද බං.
පොඩ්ඩක් රැව්වා ..
Deleteඒව කව්ද බං ගනං ගන්නෙ චන්ඩිය බඩේනේ ,
මතක පුංචි කාලෙට ඇදිලා ගියා. අපේ තාත්තා කියන කතාවක් තමයි කුලභේදේ හරියට මගුල් මේස වල තිබ්බා කියලා. අඩු කුලයක කෙනෙක් මේසෙක වාඩි වෙලා හිටියොත් මේස පෙරලනවා කියලා.
ReplyDeleteමෙහෙමයි සුදීක, ඔබ මතුකරල තියන කතාව වෙනම පෝස්ට් එකකට ප්‍රමාණවත් මම ඔය ගැන කමෙන්ට් ලියනවට වඩා ඊළඟට ලියන පෝස්ට් එකට මේ විස්තරත් ඇතුල් කලොත් හොඳයි කියල හිතෙනව.
Delete//පස්සෙ කාලෙකදී හනිමූන් එකෙත් උණුසුම් කොටස් වීඩියෝ කරයි කියලත් මට නිකමට වගේ හිතෙනවා ,//
ReplyDeleteමට මැවිලා පේනවා කට්ටිය ෆොටෝස් වලට හරි ගැහිලා ඉන්න විදිය. හනිමූන් එකත් ඒ කියන්නේ කවදා හරි රඟපෑමක් වෙනවා කියන එක නේද? දුකේ බෑ.
//කොට්ට පැදුරු ඉදල කොස්ස ඉලපත පවා ගෙදරින් ගිහිං දෙනවා...//
ඔව් ඉතින් හදිස්සියකට ඉතින් එලියට දාන්ට උණාම, ලඟක දමලා ගහන්ට දෙයක් නැති උණාම පාවිච්චි කල හැකි භාණ්ඩනේ. හී හී...
//ගං කුකුලෙක් හම ගහල රෝස් කරල ඇස්ටෝම් මේසෙට තිබ්බ ලස්සනට වගේ..//
ලස්සනට වගේ. ඉතින් මෙයාව කන්නෙම නැද්ද?
//මනමාලි නං කන්නෙම නෑ බිම බලාගෙන ලජ්ජාවෙන් ඉන්නව මිසක්//
පව් අප්පා.... :)
කොයි කාලෙත් කරලා තියෙන්නේ සල්ලි නාස්ති කරන එකමනේද හැලපයෝ.
//ලස්සනට වගේ. ඉතින් මෙයාව කන්නෙම නැද්ද?//
Deleteඔය හැලපෙ අගේට කියයි බෝතලේ ටිකක් හිස්වෙනකොට කුකුළට සිද්දවෙන සන්තෑසිය.
පොඩ්ඩිට මේ සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක් නැතිකම නිසාම විහිලු කරනව නේද.මේවා ඔක්කොම දැන් අතීතය.එහෙම කාලයක් ආයෙ කවදාවත් දකින්නට ලැබෙන්නෙ නෑ.කොහෙද ඉතිං පොඩ්ඩිවත් ඔය සිරිත් විරිත් කොලායැ.
Delete@ප්‍රසන්න,
ඔව් බං ඒ කතා ටික ඊළඟට ලියමු.
ඇත්තටම ඒ වෙඩින් කතා අහනකොට ඇත්තටම චිත්‍රපටියක් වගේම තමයි. ඔය වගේ වේදීන් ගැන එහන් මෙහෙන් මතක් තියෙනවා ගොඩක් පොඩි නිසා ඒවාට සක්‍රියව දායක වෙලා නම් නෑ. නරඹන්නෙක් පමණයි. මට මතකයි එක වෙඩිමක ඔය කතිකයා වෙනුවට හිටියේ හිටිවන කවියෙක්, කට්ටියට යන්න එන්න ,කන්න බොන්න ඔක්කොම ආරාධනා කරේ කවියෙන්, අන්තිමට කතා පවත්වන්නත් ආරාධනා කලේ කවියෙන්. හැබැයි මාර ඩයල් එක. මට ඒ දවස වල තේරුනේ නෑ. මිනිහා යන්න පිටත් වෙනකොට කපල් එකට කිව්වා කවියක් ,මට තාම මතකයි අපේ අම්මය් තාත්තයි ගෙදර ඇවිල්ලත් ඒ ගැන කියලා හිනාවෙනවා. කිව්වේ මොනාද කියලා දැන් නම් හිතාගත්ත හැකි.
ReplyDeleteඔය වගේ මගුල් වලදී අපූරු චරිත මුණගැහෙනවා ඉවාන්,උඹට ඒ කාලෙ අත්දැකීම් තිබ්බා නං කතා සිය ගාණක් ලියයි.
Deleteහැලපේ, ඔය ඉස්සරහා කෑම කියන්නේ මොනවද?
ReplyDeleteඉස්සර 'කෝපිකඩේ'ත් ගියා ඔය වගේ මගුලක්... මිනිස්සු වැඩිපුර කනවද බලන්න කියලා මිනිස්සුත් දම්මලා හිටියා ඒකේ නම්..
ඉස්සරහ කෑම කියන්නෙ තිසර සුලභ නැති දුර්ලභ කෑම ජාති.එහෙම කෑම වර්ග පිළියෙළ කරපු වෙලාවට කෑම මේසෙ ඉහළ තැනක ප්‍රදර්ශනය කෙරෙනව.නමුත් ඉස්සරහ කෑම කියල වෙනම කෑම වර්ග නෑ සාමාන්‍යයෙන් කට්ලස් පැටිස් වැනි දේවල්,සමහරවිට අද සුලභව තියෙන ඉඳිආප්ප ඒ කාලෙ ඉස්සරහ කෑමක් වෙන්න හැකියි.සමහර ගම්වල පාන් ඉස්සරහ කෑමක් වුණා.ඔන්න ඔය ආකාරයට ඉස්සරහ කෑම නිර්වචනය කරන්න පුළුවනි.නමුත් ඉස්සරහ කෑම යනුවෙන් වෙන්වුණු දේවල් නෑ.
Deleteදුර්ලභ කෑම කියන තේරුම වගේම කෑම රුචිය ඇති කරවන කෑමවලටත් (ඇපටයිස වලට) ඔය ඉස්සරහා කෑම කියලා කියනවා නේද අයියේ...
Deleteහැලප හරි..ඉස්සරහ කෑම කියල වෙනම කෑම ජාතියක් මොකුත් නෑ. ඒ ඒ අවස්ථාවල විශේෂ කෑම වර්ග ඒ නමිනුයි හැඳින්වෙන්නෙ.
Deleteමාටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොතක තිබ්බ ඔය ඉස්සරහ කෑම ගැන විස්තරයක්..මට පොතේ නම නම් මතක නැත.
ඒ විස්තරේ හැටියට දකුණෙ මඟුල් ගෙවල්වල ගමේ ප්‍රභූ පන්තියෙ අයට වෙනම සාලෙ කෑම මේසයක් අරිනව. කට්ලට්ස් , පැටිස්, සැන්ඩ්විචස් එහෙම තියල. සුද්දංගෙ බංගලාවල රාජකාරි කරපු කෝකි අප්පුල ගෙන්නගෙන තමයි ඒ කෑම හදවනව කියන්නෙ.එතකොට අන්න ඒ විශේෂ කෑම මේසෙට තියන එව්ව තමයි ඉස්සරහ කෑම.එව්ව අවශේෂ අයට නෑ. ඉතුරු උනොත් තමයි.
මම දැනට වයස 70 වෙන කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවහම මට ලැබුණු උත්තරේ මාරයාගෙ උත්තරේට ලඟින් තමයි යන්නෙ. දැන් ඔය ත්‍රී කෝසස් වගේ ඒ කාලෙ මගුලක් කනකොට සෙවන් කෝසස් දෙන්න ඕනෙලු... ඕකෙ මුලට තියෙන්නෙ ඔය මාරයා කියන්න වගේ ඇපටයිසර් (ඔන්ට්‍රේ) ජාති (කට්ලට්, පැටිස් ...) අර කෝසස් හතේ මුලහරියේ (ඉස්සරහා) දෙන කෑම වලට ඉස්සරහ කෑම කියනවා කියලා තමයි ඒ උන්දෑ කිව්වේ....
Deleteතිසර....මම හිතන්නේ හොටෙල් ට්‍රේඩ් එකේ entre'e හෝ appetizer කියන ආහාර සම්ප්‍රදායයි අපේ ඉස්සරහ කෑම කියන එකයි වෙනස්. ශ්‍රීලාංකික ආහාර ගැනීමේ රටාවේ ඔන්ට්‍රේ හෝ ඇපර්ටයිසර් නැහැ. අපේ අය හුරුවෙලා "තිබුනේ" සුප් එකක් වුනත් බත් කකා බොන්න හෝ බත් කාලා බොන්න. දකුණු ආසියානු ආහාර රටාවේ ඒ දේවල් ස්නැක්ස් වගේ.ඉන්ඩියන් රෙස්ටොරන්ට් එකකට ගියාම සමෝසා, පකෝරා වගේ දේවල් මේන් ඩිශ් එකට ඉස්සෙල්ලා ඕඩර් කරන්න පුළුවන් වුනාට, ඒවා ඔන්ට්‍රේස් නෙමෙයි. ඒවා පසුකාලීනව හෝටල් ක්ෂේත්‍රය විසින් හදාගත්ත මාකටින් ප්‍රයෝග.
Deleteඉස්සර ගං වල ඔය වගේ මගුල් ගන්නකොට ගමම එකතුවෙලා ඒවට සහයෝගය දක්වන හින්ද අමාරුවක් උනේ නෑ. ඒත් දැං ඔය වැඩේ කරන එක ලේසි නෑ. මොකද ගමේ එවුවංට උංගෙ රස්සාව කරගන්න තියෙන හිංද උං එන්නෙත් මගුල දවසට විතරයි.
ReplyDeleteඅපේ මස්සිනාගෙ වෙඩිම තිබ්බෙත් ගෙදරමයි. ඒකෙ බොන්න දුන්නෙ නෑ කියල අපේ සෙට් එක හෙන ගේමක් දුන්න. අන්තිමට අපිම බාර් එකෙන් ගෙනහල්ල ගෙට පල්ලෙහ ගඟ අයිනෙ තියාගෙන වැඩේ කරගත්ත.
ඒකෙත් ඔය ෆොටෝ කේස් එකක් උනා. මස්සිනාගෙ ගෙවල් තියෙන්නෙ රාස්සගල. බලංගොඩ රෙස්ට් හවුස් එකේ ඉඳල මගුල් කාර එකත් එක්ක රාස්සගල පාරෙ වංගු ටික කෙලින් කරගෙන යන්න පුලුවං උනේ අපේ වෑන් එකට විතරයි. නමුත් ෆොටෝ ගහන එකා හිටියෙ වෙන වෑන් එකක. ඒක පස්සෙන් ඇවිල්ල ගෙවලුත් පහුකරගෙන ගිහිල්ල ආපහු හරෝගෙන එනකොට ජෝඩුව ගෙවැදිලත් ඉවරයි. පස්සෙ ගෙට ගෙවදින ෆොටෝ ගන්න ආයෙ පාරක් ගෙවදින්න උනා.
අපිත් ඔයවගේ වැඩක් කොලානේ බං,අපේ පෙංගගේ මගුලට ගියා ගිහිං ඉන්නව ඉන්නව මොකුත් බොන්න දෙන පාටක් නෑ,මේසෙට බෝතල් තියල ඇති කියල හිතං හිටිය කෑමට වතුර අල්ලපුවම කෑම මේසෙට ගියා ම්ම්හ්හ් මොකුත් නෑ,වතුර වීදුරුත් අරං අත කට හෝදන ව්‍යාජයෙන් එක එකා එලියට බැස්ස බැහැල කලුවරේම ගිහිං කෙලින්ම නැවතුනේ වෙද මහත්තයගේ පොට් එකේ.අප්පට සිරි මගුලට ගියපු පිරිමි ඔක්කොම එතන.හොඳට බඩුත් දාගෙන පැයකට විතර පස්සෙ කට්ටිය ආපහු එන්නෙ.
Deleteමේ මගුල් සක්වලක්නේ.ඉතින් හැලපයියේ ඔය මගුල් ගෙවල් වල ඒ දවස්වල මියුසික් බෑන්ඩ් එහෙම ගැහුවේ නැතැයි..?
ReplyDeleteපිස්සුද මනෝජ්,ඒ කාලෙ මොන මියුසික් බෑන්ඩ් ද,යමක් කමක් තියන තැන්වල ලැයිස්කීපර් ගෙනත් පොල්ගහක බැඳල අර අලි පත එච් එම වී තැටිවලින් සිංදු දැම්මා...ගමේ සිංදු කියන්න පුළුවන් කොල්ලො කවි කියන්න පුළුවන් ගෑනු රෑට පෝලිමේ හිටියෙ ඉස්කීපරෙන් කවි සිංදු කියන්න.
Deleteමගුල් ගෙවල් දැන් නැනේ අප්පා තියෙන්නේ මගුල් සුටින් ගෙවල්... මගේ යාලුවෙක් එක සැරයක් අපේ තව යාලුවෙක්ට මගුල් තෑග්ග හැටියට මහජන සම්පත් ස්වීප් 10ක් කවරෙක දාලා දුන්නා .... පොඩි ලියුමකුත් එක්ක .... ලියුමේ තිබ්බේ උබලාට වාසනාව තියෙනවනම් මෙතන ඔන්න කොටියක්ම තියෙනවය කියාය .....
ReplyDeleteනොදකින් කරලා තියෙන අලුගුත්තේරු වැඩේ ,දැන් නැන්දම්මලා දෙන්නා කෙහෙවලු පටලවාගෙන ඇති එක්කෝ ලේලිට නැත්තම් බෑනට වාසනාව නෑ කියලා .
Deleteආ මේ ඒක නෙවෙයි මැලේසියාවේ කොහෙද බොල මජන සම්පත ...?
Deleteඋඹලටත් හොඳ හොඳ තෑගී දෙන්න මතක්වෙනව නේද බං,මගේ මගුල් ගෙදරට ආපු අයිය කෙනෙක් කවරයක් දීල ගියා ඒකෙ කාගේද ඇඩ්රස් එකක් ලියල තිබ්බා එච්චරයි.
Deleteපැය දෙකකට විතර පස්සෙ පොර හැති දාගෙන දුවගෙන එනවා අනෙ මල්ලියෙ වැරදිලා මට යාලුවෙක් ඇඩ්රස් එක ලියල දුන්න කවරයක් දීල තියෙන්නෙ එක ආපහු දෙන්න මෙන්න මම මගුල් ගෙදරට දෙන්න ගෙනාපු කවරෙ කියල දීල ගියා.
This comment has been removed by the author.
Deleteනියම විස්තරය,
ReplyDeleteඅර ගං කුකුලව කපන්න තියල තියෙන්නෙ මොට්ට පිහියක් කියල කියන කතාව ඇත්තද?
හැබෑට එහෙමත් කතාවක් තිබ්බනෙ,කුකුළා කපන්න මොට්ට පිහියක් තියනවය කුකුළා තියල තියන පිඟානේ පොල්තෙල් ගාල තියනවය කියල කතාවට කිව්වා හැබෑ බොරුව නං මම දන්නේ නෑ.
DeleteThe biggest problem these days is the ear-splitting music in a small cramped hall.
ReplyDeleteBTW waiting eagerly for
1.මගුල් කතාවල හොඳ හරිය පොඩි අයට බලන්න නරක කතා
2.මගුල් මේස වල කුලභේදේ
3.තවත් සැඟවුණු කතා
මට නං ඔය කන පැලෙන්න මියුසික් ගහනකොට ඉන්නම අමාරුයි,මනුස්සයෙක් එක්ක කතා කරන දෙයක් ඇහෙන්නේ නෑ ඔක්කොටොම උඩින් මියුසික්.ඒ වෙලාවට මම කරන්නෙ ඇහෙන්නේ නැති තැනකට යන එක.
Deleteහොඳයි හොඳයි ඔබේ උනන්දුව ගැන හරිම සතුටුයි,ඒ කතා ටික ඊළඟට ලියන්නම්.
කවදාවත් මේ කියලා තියෙන ජාතියේ මගුල් ගෙදරකට ගිහින් නැති වුනාට එතන හිටියා වගේ විස්තර ටික තියෙනවා.. :)
ReplyDeleteස්තූතියි සඳා
Delete18+ kiyala dala onna ohe A rakatha thikath liyala danda. hikizzzzzzzz
ReplyDeleteඒ කතා ටිකත් ඔන්න ඔහේ ලියන්නයි තාරක මමත් හිතුවෙ
Deleteමගුල් ගෙදර ආවා වගේ දැනුනා.හරිම සජීවියි. රහයි. මං සාක්කුව ඇද්දේ රුපියල් පහයි ලියුම් කවරෙයි හොයන්න.
ReplyDeleteස්තූතියි තිලකේ,තවත් කතා කීපයක් ලියන්නත් ඉතිරිවෙලා තියෙනව ඉදිරියට ලියන්නං
Deleteමෙහෙම මඟුල් ගෙවල් නම් දැන් කාලේ ගම්වලවත් තියෙනවද කියලා සැකයි
ReplyDelete