අනිත් කට්ටිය පල්ලිය වැඳ පුදාගෙන ආවට පස්සෙ ඔක්කොමල්ලා වේලන්කන්නි බීච් ඒකට සේන්දු වුණා බීච් එකෙත් කට කපල සෙනග එතන තියන කඩ පේළියෙම තැටිවල තියල මාළු පුච්චල දෙනවා... මාලුන්ව සුද්ධ කරල කහ ගාල ප්‍රදර්ශනය කරල තියෙනව, අවශ්‍ය මාලුවගෙ ගාන කතාකරගත්තට පස්සෙ රත්වෙච්චි තැටියට දාල පුළුස්සනවා, හැබැයි ඉතිං නිකම්ම වගේ පුච්චන්නෙ අපට ඒ විදියට කන්න බැරි නිසා ලුණුයි ගම්මිරිස් කුඩුයි වැඩිපුර දාල පුච්චල දෙන්න කිව්වා...
කෑමටයි බයිට් එකටයි දෙකටම ඇතිවෙන්න මාළුත් අරං අපි ආපහු හෝටලේට ආවා...
ඊට අවුරුදු දොළහකට පස්සෙ 2011 දී මට ආපහු වේලන්කන්නි යන්න ලැබුනා...එතකොට නං ලංකාවෙන් අපි පස්දෙනෙක් ආවා අපි දෙන්නයි පුතයි මස්සිනයි මල්ලිගෙ පුතයි...අසෝකන් එදත් ගයිඩ් හැටියට අපිත් එක්ක එකතු වුණා...පුතාට නං කලින් ආපු හැටි මොකුත්ම මතක නෑ, බිරිඳයි පුතයි තියල කලින් සැරේ පින්තූරයක් ගත්තු තැනම අවුරුදු දොළහකට පස්සෙත් ඒ දෙන්නගෙ පින්තූරයක් ගත්තා...කලින් සැරේ හිටපු හෝටලේට නවතින්න ගියත් කාමර හිස්වෙන්න ප්‍රමාද වෙනවා කියපු නිසා ඊට අල්ලපු හෝටලේට ගිහිං නැවතුනා...
අපි ඒ ගිහිං ටික දවසකට පස්සෙ ලංකාවෙ වන්දනා නඩේකට වේලන්කන්නි වලදී ගැහුවා...දැන් ලංකාවෙ වන්දනා කරුවන්ට ඒ පැත්ත සුරක්ෂිතද කියල තවම හෝදිසියක් නෑ...
මම ඔය ගැන නෙවිල් එක්කත් පම්පෝරියක් ගහනවා...
ඔන්න බලාපං මම බෞද්ධයා දැනට දෙසැරයක් වේලන්කන්නි ගිහිං තියෙනවා...එක සැරයක් වතිකානුවට ගියා උඹ කොච්චර භක්තිමත් කතෝලිකය වුනත් උඹ ඔය එක තැනකටවත් ගිහිං තියෙනවද...
ඔව් බං වේලන්කන්නිවත් ගිහිං එන්න යන්න ඕනෑ තමයි...
ඔය ඉන්දියාවෙ සිද්ධස්ථාන ගැන මෙන්න මෙහෙම කතාවකුත් තියෙනව ඔයගොල්ල කොහොම හිතයිද දන්නෙ නෑ නමුත් මම නං අත්විඳලා තියෙනව, කතාව මේකයි...
අපි කොච්චර සූදානම් වෙලා හිටියත් සල්ලි බාගෙ ගමන් පහසුව ආදී සියල්ලම තිබුනත් ඒ සිද්ධස්ථානවල දෙවියන්ගෙන් කැඳවීමක් ලැබුනේ නැතිනම් ගමන යන්න සිද්ධ වෙන්නෙ නැහැලු...ස්වදේශිකයන් මේ මතය තදින් විශ්වාස කරනවා මම කතා දෙකක් කියන්නං...
ඉන්දියාවෙ ඉඳල ලංකාවට ආපු අලුත මම ගුවන් තොටුපොළේ රාජකාරියකට ගියා එදා ඉන්දියාවෙන් නියෝජිත කණ්ඩායමකුත් ආපු දවසක්,අපි දෙගොල්ල වී අයි පී පර්යන්තයෙදී කතා කරමින් හිටියා මමත් ඉන්දියාවෙ වැඩ කරල තියනව කියල කියපුවම විස්තර හෙම අහල ඉන්දියාවෙ සිද්ධස්ථාන ගැන අපේ කතාව යොමුවුනා...එතන හිටපු උස මහත ඉන්දියන් ආරක්ෂක නිලධාරියෙක් මෙන්න මේ කතාව කිව්වා...
ඔහු ඉන්දියාවේදී එක්තරා ඇමතිවරයෙක් ළඟ සේවය කරද්දී ඇමතිවරයා ගුරුවායූර් කෝවිලට පූජාවකට යන්න සූදානම් වුනාලු...ගුරුවායූර් කියන්නෙ කේරළයේ තියනඉතාම හාස්කම් සහිත කෝවිලක් නියමිත දවසෙ උදේ ඔවුන් ගුවන් තොටුපොළටත් ගිහිං ඉඳිද්දී හදිසියෙම ඇමැතිවරයගේ සංචාරය අවලංගු වෙලා තියෙනව...
පුදුමයක් නෙවෙයි එදා අපට දෙවියන්ගෙන් කැඳවීමක් තිබිල නෑ...
ඔහු එහෙම කියපුවම අවුරුදු හතරක් විතර තමිල්නාඩුවෙ හිටියත් යන්න පහසුකම් ඔක්කොම තිබුනත් මට තිරුපති කෝවිලට යන්න බැරිවුනා කියල මම කිව්වා...
ඔබට දෙවියන්ගෙන් කැඳවීමක් තිබිල නෑ...ඔබ තිරුපති කෝවිලට අල්ලපු වැටේ හිටියත් ඔබව කැඳවුවෙ නැතිනම් ඔබට යන්නට ලැබෙන්නෙ නෑ...නමුත් දෙවියන් ඔබ කැඳවූ දාට ඔබ ලෝකෙ කොහෙ හිටියත් තිරුපති කෝවිලට යනවා...අන්න එදාට දෙවියන් හමුවට යනවායි හිතාගෙන භක්තියෙන් යුතුව සූදානම් වෙන්න එයට අවශ්‍ය කරන සියළුම දේවල් ඔබට හිතාගන්නවත් බැරි විදියට සිදුවේවි...
ආරක්ෂක නිලධාරියා දැඩි විශ්වාසයකින් යුතුව කියාසිටියා...මට කැඳවීම ලැබුනෙ 2007 දී, එතකොට අපි ඉන්දියාවෙන් ඇවිත් අවුරුදු හයක්...
තිරුපති කියද්දී මට තවත් කතාවක් මතක් වුණා ඒකත් කියලම ඉන්නං...
2000 වර්ෂයේ වගේ මට මතක ලංකාවේදී අපිත් එක්ක වැඩකරපු යාලුවෙක් දවසක් හවස මට ගෙදරට කතාකලා...
අපේ මල්ලි ලබන සතියෙ බොම්බෙ එනවා ආපහු එන ගමන තිරුපති කෝවිලටත් ගියොත් හොඳයි කියල කිව්වා චෙන්නායි වලදී උදව් කරන්න කෙනෙක් නැද්ද කියල මගෙන් ඇහුවම මට ඔබව මතක් වුණා...
ප්‍රශ්නයක් නෑ මෙහෙ එන්න කලින් මට කතාකරන්න කියන්න අවශ්‍ය දෙයක් තියෙනවනං මම කරල දෙන්නං...
හිතවතාගෙ මල්ලි ඒ එස් පී කෙනෙක් සංචාරයකට බොම්බායට ඇවිත්, ඒ දිනවල ඔහු ගායකයෙක් හැටියටත් ඉතාම ජනප්‍රිය වෙලා හිටියෙ දවසක්දා රෑක බොම්බේ ඉඳන් මට කතාකළා...
අපි අනිද්ද උදේ මැඩ්රාස් වලට එනවා...
හරි හරි එන්න...
ඔහු එන වෙලාව යානයේ නොම්බරය ආදී දේවල් මට ලබාදුන්නා...ඔවුන් එන්නට නියමිතව තිබුනේ සෙනසුරාදාවක උදේ...මම බෝඩ් එකකුත් දීල කපිලව එයාපෝට් ඒකට යැව්වා...උදේ දහයට විතර කපිල පිරිමි තුන් දෙනෙක් එක්ක අපේ ගෙදරට ආවා...
ඔවුන් බොම්බායේ සතියක් ගතකළත් ඉඳල තියෙන්නෙ බාගෙට හාමතේ,එහෙදි කන්න දීපු කෑම මේ අයට මොන විදියකින්වත් කාගන්න බැරිලු අඩු තරමින් හරියට තේ එකක්වත් නැතිව සතියක් ගතකරලා තියෙනවා...අපේ ගෙදර සූදානම් කරල තිබ්බ කෑම මේසෙ දැකපු තුන්දෙනා හීල්ලුවා...
කන්න ඕනෑ නෑ ලංකාවෙ කෑම ටිකක් දැක්කත් ඇති...
දවල්ටත් කෑම ලෑස්ති කරල කට්ටියට දුන්නා...දවල් කෑම කන වෙලාවෙදී අපේ පුතා ලස්සන වැඩක් කළා...මිනිහ පපඩම් පෙරේතය දවල් කෑම මේසෙට තිබ්බ පපඩම් පිඟාන වේගයෙන් හිස්වෙනවා දැකපු පුතාට බයහිතුනා...
මේ ගොල්ල ඔක්කොම පපඩම් ටික කාල ඉවර කරයි...
එහෙම කිය කියා පපඩම් පිඟාන උස්සගෙන කුස්සියට ගියා...කට්ටියටම හිනාවෙලා පණගියා...
කෑමෙන් පස්සෙ තුන්දෙනාම කපිලගේ ගෙස්ට් හවුස් ඒකට පිටත් කළා...පහුවදාට තිරුපති යන්නත් සියළුම කටයුතු කපිල සූදානම් කරල දුන්නා...
ඔය ඒ එස් පී මහත්තය අසූව දසකයේ මුල හරියෙ අපේ පොලිසියෙ ඕ අයි සී වෙලා හිටිය කාලෙ මට හොඳට මතකයි...ගොඩක් සැරපරුෂ නිලධාරියෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා හිටියත් අපි එක්ක නං හරිම සහයෝගෙන් වැඩ කළා, හැම අවුරුද්දකම කරන අපේ වෙසක් සැරසිල්ල විවෘත කරන්න සුදු සරමකුයි කමිසෙකුයි ඇඳගෙන එනව, විවාහවෙලා හිටියෙත් ටවුමෙ මුදලාලි කෙනෙකුගෙ දුවෙකුත් එක්කයි...
ඔන්න ඔය විදියට ඉන්නකොට ටවුමෙ පන්සලේ පොසොන් පෙරහැර දවසකදී වගා නිලධාරියෙකුට ගහල ඇතිවෙච්චි ආරාවුලක් නිසා ඒ වෙනකොට ආසනයෙ තදය වෙලා හිටපු පෝල් පෙරේරා ජේ ආර්ට කියල ඔහුව යාපනේට මාරුකළා...
එදා රාත්‍රියේ කපිලගෙ ගෙස්ට් හවුස් එකේ අපි ටික පොඩි මීවිතක් ඇසුරු කරමින් ඉද්දි ඔය කතාව මතකද කියල මම ඔහුගෙන් ඇහුවා...
පෙරහැර දවසෙ වගා නිලධාරියා පාරේ ඩියුටි කරපු රාළහාමිව උස්සල පොළොවෙ ගහල තිබුණා, මේක අහපු වෙලාවෙ මට යකා ආවේස වුණා ඌව අල්ලං ඇවිත් නෙළුව බීපු කිරි කටින් එන්න...මාව යාපනේට මාරු කරපු එකත් හොඳට ගියා යුද්දෙ තදබල වෙන්න කලින් මට උතුරෙ රාජකාරියත් ඉවර කරගන්න ලැබුනා...
ආදී වශයෙන් අපේ පොලීසියෙ වැඩ කරද්දී වෙච්ච රසකතා ගණනාවක්ම ඔහු කිව්වා...
ලංකාවට ආපු දවසක දෙන්නම අපේ ගෙදර එන්න ඕනෑ...
දවස් කීපයකින් චෙන්නායිවලින් සමුගද්දී ඔහු කපිලටයි මටයි ආරාධනා කළා...දැන්නං ඔහු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්...
පහුවදා උදෙන්ම අපි කාර් එකක් කතා කරගෙන වේලන්කන්නිවලින් තන්ජාවූර් බලා යන ගමන ආරම්භ කළා...වේලන්කන්නි ඉඳන් තන්ජාවූර් වලට දුර කිලෝමීටර් අනූඅටක් සීයක් විතර ඇති...මගදී හම්බවුනු පොඩි ටවුමකින් උදේට කාලා මග දෙපස සියඹලා සහ කොහොඹ ගස්වලින් හෙවන වුනු ලස්සන පාරක අපේ වාහනේ ගමන් කළා...ඒ දවස්වල සියඹලා වාරෙ කෝච්චි ගේට්ටුවක් ළඟ වාහනේ නවත්තපු ගමන් අපි බැහැල ගිහිං ගස්වල සියඹලා කඩනවා...ඔය විදියට පැය හතරක විතර ගමනකින් පස්සෙ අපි තන්ජාවූර් වලට ළඟාවූනා...
තන්ජාවූර් වලින් කිලෝමීටර් කීපයක් ඇතුලට වෙන්න කාවේරි නදිය අසබඩ සුන්දර බිම් කැබැල්ලක බෝස්ගේ අයිඩියල් රිවර් වීව් රිසෝර්ට් හෝටලේ පිහිටලා තිබුණා...
අපි එන නිසාම චෙන්නායි ඉඳන් තන්ජාවූර් ඇවිත් හිටපු බෝස් අපිව ආදරයෙන් පිළිඅරන් සිසිල් කොමඩු යුෂවලින් අපට කරපු සංග්‍රහය මහන්සියෙන් හිටපු අපේ ගත සිත සිසිල් කළා...එච්චර කල් කොමඩු කාලා තිබුනත් අඹරල බීම හදන්න පුළුවන්ය කියල මම දැනගෙන හිටියෙ නෑ...
මහාබලිපූරම්වල තියෙන බෝස්ගේ අයිඩියල් බීච් හෝටලේට ගියාමත් ඔයවගේ ඉතාම ප්‍රනීත දෙළුම් යුෂ බීමක් ප්‍රියා හදල දෙනවා,ප්‍රියා කිව්වෙ බෝස්ගේ නංගි හෝටලේ ආහාරපාන අංශය භාරව වැඩ කරන්නෙ ඇයයි...සිහින් සුන්දර තරුණියක්වූ ප්‍රියා අපිත් එක්ක ඉතාම හිතවත් අපි මොන වෙලාවක හෝටලේට ගියත් අපි කැමති කැමති ආහාරපාන වලින් සංග්‍රහ කරන්න ඇය උනන්දු වෙනවා...
කාලයාගේ අවෑමෙන් ප්‍රියාගේ විවාහ මංගල්‍යයට අපටත් ආරාධනා ලැබුනා...මඟුල පැවැත්වුනේ හෝටලේමයි මනාලයා වුනේ ලංකාවෙන් ඇමෙරිකාවට ගිය තරුණයෙක්...ප්‍රියා නං මනමාලි හැටියට වෙනදාටත් වඩා සුන්දරව හිටියා, මනමාලය ප්‍රියාට වඩා ටිකක් විතර කොටද කියලත් මට හිතුනා,ඇවිදිනකොට කකුලක තිබුන කොරයක් ඇරෙන්න වෙන ප්‍රශ්නයක් මනමාලයට තිබුනෙ නෑ...
මඟුලෙ චාරිත්‍රානුකූල කටයුතු උදෙන්ම අහවර වෙලා දවල් කෑම වෙන තුරු ගොඩක් වෙලාව තිබුණා ඔය මගුල්වලට මත්පැන් වැද්දගන්නෙ නැතත් කොතැනක ගියත් බොන්න හොයන බොනයො ටිකට උඩ තට්ටුවක වෙනම කාමරයක් කාටත් හොරෙන් සූදානම් කරල තිබුණා...
මඟුලෙ චාරිත්‍රානුකූල කටයුතු උදෙන්ම අහවර වෙලා දවල් කෑම වෙන තුරු ගොඩක් වෙලාව තිබුණා ඔය මගුල්වලට මත්පැන් වැද්දගන්නෙ නැතත් කොතැනක ගියත් බොන්න හොයන බොනයො ටිකට උඩ තට්ටුවක වෙනම කාමරයක් කාටත් හොරෙන් සූදානම් කරල තිබුණා...
කාන්තාවන්ටත් උවමනා හැටියට විවේක ගන්න කාමර ලෑස්ති කරල දුන්නා...ඇඟ රත්වෙලා මූණු රතුවෙද්දී අපේ කට්ටියට පූල් එකට පනින්න බොහොම උවමනාව තිබුණා...පොඩිඋන් ටික එතකොටත් පූල් එකට බැහැල හිටියෙ...
පූල් එකට බහින්න ඉස්සෙල්ල ඇඟපත හෝදගන්න එපායැ,ෂෝටකුත් ගහගෙන මම පයිප්ප පේලියට ඇඟ හෝදගන්න ගියාම වැටෙන් එහාපැත්තෙ නිලට නිලේ රැලි නගමින් තිබුණු ඉන්දියන් සාගරය දැකපු මම මූදෙන් නාගන්න එක පූල් එකට වඩා ජොලිනෙ කියල වෙරිමතේම වෙරළට පියනැගුවා...
වෙරළෙ දිගාවෙලා අලස සුවය විඳිමින් හිටපු යුරෝපීය සංචාරකයො කීප දෙනෙක් ඇරෙන්න වෙන කවුරුත් හිටියෙ නෑ...මමත් හිමිහිට නැළවෙන මුහුදු රැළි අතර වැතිරුණා...රැළි මතින් පාවෙමින් මටත් නොදැනිම ටිකෙන් ටික ගැඹුරු මුහුදට මාව ඇදිල ගිහිං තිබුණු බව මට තේරුනේ පය බිම ගහන්න හදද්දියි...
මතු සම්බන්ධයි...
// බිරිඳයි පුතයි තියල කලින් සැරේ පින්තූරයක් ගත්තු තැනම අවුරුදු දොළහකට පස්සෙත් ඒ දෙන්නගෙ පින්තූරයක් ගත්තා.// මෙන්න මේ අත්දැකීම නම් නියමයි ,,
ReplyDeleteමන් හිතුවේ මනමාලයට ඇදලා ඉන්නේ ඔයා කියලා..ඔය අර්ටිෆිසල් රැවුල් කොටේමයි හි හි
ඇයි යකෝ මාත් ඔය පැත්තකින් ඉන්නෙ
Delete//අපි කොච්චර සූදානම් වෙලා හිටියත් සල්ලි බාගෙ ගමන් පහසුව ආදී සියල්ලම තිබුනත් ඒ සිද්ධස්ථානවල දෙවියන්ගෙන් කැඳවීමක් ලැබුනේ නැතිනම් ගමන යන්න සිද්ධ වෙන්නෙ නැහැලු.//
ReplyDeleteමේ කතාව මාත් අහලා තියෙනවා. ඔය ගුරුවායූර් පැත්තේ යන්ට හිතාගෙන ඉන්නවා ලඟදිම. දෙවියන්ගේ කැඳවීමක් ලැබුණොත්... :)
හැලපගේ මේ ඉන්දියානු මතකයන් හරිම ලස්සනයි. අර විදියට මාලු බැදලා රහ ඇතිනේ. ලංකාවේ උණු දිය ලිඳක් බලන්ට ගිය වෙලාවක ඔය වගේ හුරුල්ලෝ බැදලා කාපු තැනක් මතකයට ආවා අමු අඹත් එක්ක. කතරගම ගිය ගමනකදි වෙන්ට ඇති.
කතරගම යද්දි බලන්න තියෙන උණුදිය උල්පතනං තියෙන්නෙ සූරියවැව. එතන හුරුල්ලො බැදල දෙනම මමනං දැකල නෑ. නමුත් තිස්ස වැවේ බන්ට් එක උඩනං හුරුල්ලො බැදල විකුණන කට්ටිය ඉන්නව.
Deleteමොකෝ පොඩ්ඩියෙ ගුරුවායූර් යන්න විශේෂ උවමනාවක් තියෙනවයි
Deleteඅම්මෝ බිල දිය නෑම නම් අති භයානකයි.
ReplyDeleteඅරය දැන් කොළඹ භාරව නේද?සින්දු කියන කාලෙ වැලිකඩ පොලොසියෙත් හිටිය.
ඒ දවස්වලට නං ෆේමස්, දැන් තමයි නොටෝරියස්.
Deletehttp://kathandara.blogspot.com/2011/06/pajero-vs-corolla.html
!!!
මම දන්නව කකා මේ ජිල් බුවා ගැන හොදට.
Deleteඅපේ හැලප උනත් වැඩිපුර උලුප්පල නැත්තෙ අපි වගේ ගායක ඕ අයි චී ගැන ඕනවට වඩා කතා කරයි කියල.
මේ යකා.....එක්කෝ ඕනෙම ...නැහැ,,,
එයා ගැන කතා ගොඩයි
Deleteudugampola gaena katha nedda? parana yaalu kam aethine?
Deleteඋඹ හොඳ පිහිණුම් කරුවෙක් වෙන්න ඕනේ, ඔය බීලා ඉඳලත් වතුරේ පාවෙවී ඉන්න. බලමු උඹට මෝර හෝ තලමස් බඩකදි පිනෝකියෝවවත් හම්බවුනාද කියලා.
ReplyDeleteබලමු බලමු දනී පනී ගහලවත් මෝර කටින් බේරිලා ගොඩ ආවද කියල
Deleteබීලා මුහුදෙ නාන්න ගියහම නිතරම වෙන දෙයක් තමයි අයියටත් වෙලා තියෙන්නෙ !
ReplyDeleteඔව් වෙනී ඔහොම නාන්න ගියාම ඔවැනි දේවල් වෙන එක සාමාන්‍යයි
Deleteනොබී නාන්න.. නාලා බොන්න..
ReplyDeleteකොමඩු ජූස් අපි නං බොනව බොල...
මට නම් ඔක්කාරෙට එනවා... පේන්න බැරි ජාතියක් කොමඩු.....
Deleteමම නම් මාර ආසයි බංස්ලා, නමුත් කොමඩු කෑවාම බඩ බහින්නේ නෑ පැය ගානකට. නිකම් දිරවන්න හොර ගතියක් තියෙනවා නේ?
Deleteබඩ බහින්නේ නැති සීන් එකනං තියෙනවා ඒ උනාට ඒකේ රහ කියල වැඩක් නැහැ
Deleteදැන් නං බීලා නාන්න යන්නෙ නෑ බං
Deleteකොතැනක ගියත් බොන්න හොයන බොනයො ටිකට///
ReplyDeleteආයිත් අහලා... හි හි...
අච්චර ලස්සනයි කිව්ව ප්‍රියාගේ මනමාලයගේ කකුල කොටයි වගේ කියන එක විශේෂයෙන් කිව්වෙ මොකද කියල මට තේරුනේ නෑ නේ... හ්ම්ම්....
ඔව් අක්කේ පෙනේද
Deleteඇත්තටම කිව්වොත් එච්චර ලස්සන කෙල්ලෙක් කකුල කොට කෙනෙකුට මොකට කැමති වුනාද කියල හිතුණා
Deleteමොනවද ඉතිං පැහැදිලි මෙව්වා එක... :D
Deleteමොකක්ද මාරයෝ මෙව්වා එක,මට කෙල්ල ගැන දුක හිතුණා එච්චරයි.
Deletelassana kello kakul kota ekek bendama mona wennada.. undennata un denna kemathinam ahaka inna uta moko uge kakule kote wagak :P
Deleteසඳ කිඳුරු ගීතය කියපු ගායකයා වෙන්න ඕනේ මේ... දැන් නම් වැඩියෙන්ම නම ඇහෙන්න පොරගේ ගේම් ගැන.... මට නම් තාම ඉන්දියාවේ යන්න අවස්ථාව ලැබිලා නෑ.. ගියත් ඔය සිද්ධථාන වලට නම් යයි කියලා හිතන්න අමාරුයි. ගමන් ගියහම මම හොයන්නේ මිනිස්සු අඩුවෙන් ගැවසෙන තැන්....
ReplyDeleteඔව් ඔව් එයා තමයි,තිසරත් කැමති හුදකලා තැන්වල තනිවෙන්න වගේ.
Deleteබීලා නාන එකේ තියෙනවා අමුතු ගතියක්. මටනම් නොබී නාන්න බැහැ
ReplyDeleteඇයි උඹ බාත්රූම් එකට යන්නෙත් බීලද?
Deleteඇයි රාජ් උඹ හිතන්නේ මූ හැමදාම නානවා කියලා? :D
Deleteනානකොට වතුර පෙවෙන එක ගැන වෙන්ටැ කෝරලේ කියන්නෙ.
Deleteප්‍රසා හරි මූ කියන්නේ එහෙම කතාවක් තමා. අපේ පොඩි එකාටත් නාන්න බැ මොකද වතුර පෙවෙනවලු හැක්
Deleteනාලා බීපං.....නැත්නම් බිබී නාපං
Deleteවතුර බීලා නේද කෝරළේ මහත්තයො
Deleteකොහොම හරි අන්තිමට නවත්තන්නේ ප්‍රශ්නයක් තියලම තමයි ..... මොනවා උනත් ටක්කෙටම දන්නවා එදත් හැලපයිය මරුනේ නැති විත්තිය ...
ReplyDeleteඒ මදැයි රාළේ
Deleteඅම්මෝ... මාර මහන්සියි හැලපේ... පුදුම ගමනක් ගියේ... :)
ReplyDeleteඑක කතාවක කතා 10ක් විතර තියෙනවා.. ගැනලා බලන්න මම හරිද කියලා... :)
ලස්සනයි.., අත්දැකිම් ගොඩයි... :)
ස්තූතියි සඳා මහන්සි ඇරගන්නකෝ
Deleteසල්ලි තියනව නං කොයි දෙයියත් ගෙදරටම වඩම්මවා ගන්න පුළුවන්.
ReplyDeleteඑහෙමද රාජ්
Deleteසුන්දර අත්දැකීම් සමුදායක් වගේ. ලියන්නකෝ දිගට ම. වෙනස් නිසා කියවන්න හිතෙනවා.
ReplyDeleteහොඳයි හොඳයි දිලිනි දිගටම ලියන්නං
Deleteබීලා බීලා නාලා බේරුණු නිසා අද හැලප කඩේ ඇරලා තියෙනවා . ඔය ගායක A.S.P. "මාගේ කිරිල්ලී සොයා යන්නේ මා ....." කියන පොරද ?
ReplyDeleteඔව් එයා තමයි වැලිකඩින් පස්සේදී ගියා මිරිහානට 88 දී වගේ ..අතුරු කතා නම් බොහෝමයි ප්‍රගීත්... ඕනෙම නැහැ ඒවා ගැන ,,,,,,,,,,,, වාසුත් මිරිහානේ තමයි ඒ කාලෙ.. වාස් කියන්නේ නම් රත්තරන් මිනිහෙක්... ( කැරට් ගාණ නම් අඩු ඇති සාපේක්ෂව ..ඒක වෙනම කතාවක් )
Deleteඉවාන් සහන් දෙන්නම හරි,සහන් මට වාස් ගැන නං කිසිම අත්දැකීමක් නෑ
Deleteවාස් 88 ඌරගස්මංහන්දියට ගියා ඕ අයි සී ඇඳලා ...මිරිහානේ හිටියේ සාමාන්‍ය පෝස්ට් එකක.. මගේ පුංචිත් මිරිහානේ පොලිසියේ හිටියේ 86 සිට හැලපේ.. ඉතින් ගායක මහත්තයාගේ සෑම විස්තරයක්ම දන්නවා .. ( ගෑණු ඕප ගැන ආයේ කියන්න ඕනේ නැහැ නෙව )
Deleteඔය පොලිස් මහත්තයා දවසක්
ReplyDeleteඅල්ලගන ඇවිත් කැඩුවේ හිපු කොල්ලෙක් නිදහස් කරපු කතාව හැලපේ අයියා දන්නවද
මම අටං
හරි හරි ඒ දවස්වල රාගමත් හිටිය නොවැ,මොකෝ බං ඇනෝ ඇවිත්.
Deleteවෙන එකෙකුගේ එකකින් බං ඒ වෙලාවේ ආවේ ,
Deleteඔය පොලීසි වල උදවිය විස්වාස කරන එක නම් මම නැවැත්තුවා... කියනකොටනම් බොක්ක දෙන්න කතාව. හදිස්සියකට උදව්වක් ඉල්ලලා බලන්න ඕන. "මට නම් සතයක්වත් එපා. ඒ උනාට ඔය වැඩේ කරන්නේ වෙන රාළහාමි කෙනෙක්. එයාට පොඩි සම්තින් එකක් දුන්නේ නැත්තම් වැඩේ කෙරෙන්නේ නෑ" ඔන්න ඔහොමයි කියන්නෙ. එහෙම එකෙක් විස්වාස කරලා මේ ලඟදි 1500ක දඩේකුත් කෑවා.
ReplyDeleteඇයි පොලිසියෙන් උදවු බලාපොරොත්තු වෙන්නෙ? යාලු පිට් එකට, බෝතලේට, සල්ලි වලට වැඩකරන පොලිස්කාරයො සහ ඔයා වගේ මිනිස්සු නිසා නේද රටට මෙහෙම වෙලා තියෙන්නෙ?
Deleteහැලපයියෙ බ්ලේඩ් එකක් තියෙනවානම් දෙනවාද උකුස්සාට බඩ කපාගන්න.
Deleteඅවශ්‍ය නෑ මචං, උදව්වකට වඩා සේවාවක් කිව්වොත් නිවැරදියි. මම ගියේ පොලිස් සහතිකයක් ගන්න. ඒක ඉක්මනට කරලා දෙන්න පුලුවන්ද කියල අහපු එකට තමා ඔය කතාව කිව්වෙ.
Deleteලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ අපි හින්ද නෙමෙයි බං. මොකක් හරි උනා ගමන් බඩ කපාගන්න දඟලන උඹල හින්ද. :P
බොලා දෙන්න රණ්ඩු වෙන්න එපල්ලා,ඒ වුනාට අම්ම තාත්ත උනත් පොලිසිවල උන් විශ්වාස කරන්න එපා.බොරු නං හෙන්රිගෙන් අහල බලපන්
Deleteඅපිට ඉතිං ඕවයෙ යන්න කවද දෙවියො කතාකරයිද මන්ද.
ReplyDeleteබීල නාන එකේ ආතල් එකක් තියෙනව තමයි හැබැයි සිහි කල්පනාවෙන් ඉන්නකොට විතරයි. ඊට පස්සෙ අර යුරෝපියන් කෙල්ලෙක් පැනල හැලපෙ බේරගත්තද?
කතාකරයි දවස ආපුවම,හැබෑටම ප්‍රසන්න සාත්තර කියන්නත් දන්නවද.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකිරිල්ලි හොයාගෙන ගියපු පොලිස් මහත්තය නෙද.
ReplyDeleteඉතින් ඔයා එදා මැරුනද
ඔව් ඔව් මැරුණද නැද්ද කියල ඉතිරි කොටසෙන් බලමු දමිත්.
Deleteමුහුදෙ පාවෙන්න තරම් මේක බර නැති හාදයෙක්ද ආ??
ReplyDeleteබඩේ ගෑස් තියෙනකොට වාසිය ඕකයි සෑම්.
Deleteඒ දවස්වල මම හාල්මැස්ස වගේ කැහැටුයි බං,බලපන්කො හෙන්රිය දැක්ක වගේ කියන කතා
Deleteවේලක්කන්නි, තිරුපති, වතිකානුව පැත්තකින් තියමු.... මං මේ අවුරුදු ගානක් බලාගෙන ඉන්නවා සමන් දෙයියන්ගෙන් කැඳවීමක් එනකං..ම්හු..තාම නෑනේ.... :-(
ReplyDeleteඒ විතරක්යැ... ජොබේ වැඩවලට සමහර රටවලට යන්ට හම්බ උනත් සුප්‍රසිද්ධ තැන් බලංට යන්ට හම්බවෙන්නෙ එහෙම්ත් වෙලාවක... ඒ තැන්වලට අරක්ගත්ත දෙයියන්ගෙන් ඉන්විටේෂන් නැත්ද කොහෙද !
සමන් දෙයියො වෙලාවට කැඳවයි කැන්ඩියන්,රටවල සුප්‍රසිද්ධ තැන් බලන්න නං රාජකාරිවලට යනකොට අමාරුයි ඒ වදේටම යන්න ඕනෑ
Deleteහැලපේ.....ජෝඩු දාලා බ්ලොග් කියවන එකත් මරු බං. ඔහොම පලයන්..
ReplyDeleteසඳ කිඳුරා නම් ඉස්සරනම් ෆන් පොරක්
දැන්නම්...........පොන් ගොරක්
මචං උඹල ජෝඩු දාලා මගේ බ්ලොග කියවනවා කියන එක අහන්නත් සතුටුයි.උඹල දෙන්නගෙ කැදැල්ලෙ සතුට සාමය හැමදා පවතීවා.
Deleteහරිම රසවත්... මතු සබැදි මතකයේ ඉතිරියත් ඉක්මනින්ම ලියන්න ,, එතකන් අපි අසාවෙන් බලන් ඉන්නවා..
ReplyDeleteස්තූතියි තුශානි,ඉතිරියත් ඉක්මනින්ම ලියන්නං
Deleteමූදෙන් ගොඩ ආවා නේද? තවම නැද්ද? ටියුබ් එකක් මූදට දාන්නද එල්ලෙන්න?
ReplyDeleteමේ ලිපිය කියවද්දී මට මතක්වුනා මම ඉන්දියාවේ හමුදා පුහුණුව ලබද්දී වාරයමැදදී ලැබෙන දවස් 10 නිවාඩුවේ සංචාරය කල හැටි. ඇත්තටම ඉන්දියාව අපාය දිව්‍යලෝකය දෙකම එකට තිබෙන රටක් කියලයි මටනම් හිතෙන්නේ.
හැලප මහත්තයා ගිහින් නැද්ද උජේන්. එතකොට කජුරාවෝ දේවාලය එහෙම බලන්න? බලන්න වටිනවා උජේන් වල අර 'සේවා සපයන' කාන්තාවෝ ලස්සනට ඇඳලා එයාලගේ ගෙවල් ඉදිරිපිට වාඩිවෙලා ඉන්න හැටි.
මූදෙන් නං ගොඩ ආවා විචාරක තුමෝ,කජුරාවෝ යන්න බොහොම ආසාවක් හිතේ තියෙනව තවම බැරිවුනා,කොහොමහරි යන්නයි හිතං ඉන්නෙ.
Deleteහැලපෙ අයියගෙ පොස්ටු හැමදාම රසවත්, පරණ සුවද තියෙන හැලපෙ අයියගෙ කතන්දර අස්සෙ බොහොම අව්‍යාජ තැන් තියෙනව....අර කිව්ව වගේ මමත් බලන් ඉන්නව ඉතිරි කොටස ලියනකම්..
ReplyDeleteජෙමා අපේ ගං පලාතෙ කොල්ලනෙ,ඉතිරි ටික ඉක්මනටම ලියන්නං
Deleteඉන්දියාව කියන්නේ බලන්න ඒමට තැන් තියෙන ලස්සන රටක්. මටත් හරි ආසයි තිරුපති, වේලන්කන්නි, කන්‍යා කුමාරි යන්න. කිව්වත් වගේ අර දෙකටම තාම දෙවියන්ගෙන් කැඳවීමක් ලැබුනේ නෑ. කන්‍යා කුමාරි වලට යන්න ගිහින් කන්න වෙයි කියලා බය හිතුන නිසා ගිය පාර හොර පාරෙන්ම ආවා... මගේ අනික් හීනය ගොඅ සහ සිම්ලා
ReplyDeleteපසුව ලියමි: වැඩ අස්සේ එන්නේ හැලප අයියේ . නිතර එන්න වෙන්නේ නැති එකට සමාවෙන්න ඕනේ ...
මට නං කන්‍යා කුමරිත් යන්න ලැබුනා මල්ලි
Deleteගානක් නෑ බං ඇවිත් යන එකම ඇති
ඔය අපේ රටේ නැගෙනහිර පැත්තට ගියාම. මාළු කන්නෙත් කහ ගොඩක් දාලා. මට නම් දිරවන්නෙම නැති සීන් එකක්. මස් මාළුවල නියම රහ බලන්න නම්.. ලුණු ගම්මිරිස් ටිකක් තිබුනාම හොඳටම ඇති. අපේ අය කන්නේ මස් මාළු නෙමෙයිනේ කුළුබඩු...
ReplyDeleteඅපේ පළාත්වල නං මාළු මස් රස නෙවෙයි කුළුබඩු රස තියෙන්නෙ මාතලන් හරි නං වැද්දෝ කාපු විදියට කන්න ඕනෑ
Deleteහැලපේ යන යන හැම තනම යාළුවෝ හදාගන්න දස්සයා කියල පෙනෙනවා. වලාකුළුවල යන්නෙ නැතිව පොලොව මත්තෙ යන අයට විතරය් ඒ හැකියාව තියෙන්නෙ..
ReplyDeleteඅපිත් සාමාන්‍ය මිනිස්සුනෙ සරත්,නැති පොරත්වයක් ඔලුවට අරං පොළොවෙන් අඩි ගණන් උඩින් යන්නෙ මොනවටද.
Deleteමනමාලයා ලග ඉන්න රැවුලද හැලපයා කියන්නෙ එතකොට...
ReplyDeleteඑහෙමලු නේද
Deleteශික්.. අපි කොච්චර රැවටෙනවද? මන් හිතාගෙන උන්නෙ ඔහේ ඇත්තටම හැලප වගේ පොරක් කියල. බලාගෙන ගියාම ඔය ඉන්නෙ නිකන් නීල මහා යෝඩයා වගෙ උසට, මහතට.
ReplyDeleteහැලප මහත්තය ලියන ස්ටයිල් එකනම් අලුත්ම විදිහක්. කියවගෙන යනකොට හරිම ආසයි. හැබැයි පොඩි අවුලුකුත් තියනව. සමහර දෙයක් තේරුම් ගන්න දෙතුම් පාරක් කියවන්න ඕනෙ. අනික සමහර වෙලාවට ඔබතුමා හිතන් ඉන්න සමහර චරිත අපිට මතක නැහැ. සමහර විට කලින් පෝස්ට් වල කියලා ඇති. (උදා : මේ පෝස්ට් එකේ කපිල. )
මම මේ දැනිච්ච දෙයක් කිව්වෙ. නැතිව ඔබ තුමගේ දැනීම සහ අත්දැකීම් සමග මට හැරෙන්නවත් බැහැ.
ස්තූතියි ඇල්බන් මහතාණෙනි ඔබගෙ පැහැදිලි කිරීම් ගැන,ඔබතුමාට දෙතුන් පාරක් කියවන්න වුනු දේත් මට කිව්වනං ගොඩක් වටිනවා මොකද ඒ වැරැද්ද හදාගන්න.
Deleteකපිල ගැන මම මීට කලින් පෝස්ට් එකක ලියල තිබ්බ තමයි,නමුත් මේකෙදි මට ඒ ලින්ක් එක දාන්න බැරිවුනා පසුව හොයල ඔබට කියන්නං.