අනූනමයෙ අප්‍රේල් මාසෙ මුල සතියෙ ඒක හැන්දෑවක වේලන්කන්නි බලා යන අපේ කණ්ඩායම එග්මෝර් දුම්රිය ස්ථානයෙන් නාගපට්නම් යන දුම්රියට ගොඩවුනා,තමිල්නාඩුවෙ දකුණට යන දුම්රියන් එග්මෝර්වලින්ද ඉන්දියාවෙ උතුරට යන දුම්රියන් සෙන්ට්‍රල් දුම්රිය පොලෙන්ද ගමන් ආරම්භ කරනවා...දුම්රිය ප්‍රමාද වීමක් ඉන්දියාවෙ කොහෙත්ම දකින්නට නැති නිසා හරියටම හවස හයට දුම්රිය පිටත්වුනා...
මුලු රැයක් ගමනේ යෙදිල නාගූර් දුම්රියපොලෙන් අපි බැහැගද්දී වෙලාව පාන්දර හතරහමාරට විතර ඇති...කට්ටියටම නිදිමත පෙරෙනව, ඉක්මනටම කුලී කාර් එකක් කතාකරගෙන වේලන්කන්නිවලට පිටත් වුනා නාගූර් ඉඳල වේලන්කන්නිවලට කිලෝමීටර විස්සක් විතර දුර ඇති,ඇම්බැසඩර් කුලී කාර් එක අපි ඔක්කොටොම යන්න ප්‍රමාණවත් වුණා.
වටින් ගොඩින් එලිය වැටීගෙන එද්දි පාර දිගටම දකින්න ලැබුනෙ වන්දනා නඩ වේලන්කන්නි බලා පයින්ම ගමන් කරන ආකාරයයි, පහුවදා මහ සිකුරාදා නිසා මේ විදියට දවස් දෙකක ඉඳන් සෙනග ගමන් කරනව කියල රියදුරා අපිත් එක්ක කිව්වා...
වේලන්කන්නිවලට යනතුරුම නවාතැනක් සොයාගන්න පුලුවන්වෙයිද කියන ප්‍රශ්නය මගේ හිතේ වැඩකලා මොකද පයින් ගමන් කරන සෙනග සේනාව මෙච්චර නං වාහනවලින් සෙනග තව කොච්චර එන්න ඇද්ද කියල මම කල්පනා කළා...අපිත් එක්ක හිටපු පොඩි අයයි කාන්තාවනුයි කොයි වෙලේ ඇඳට වැටෙනවද කියල හිතමින් හිටියේ.
පල්ලියට යන පාර පටන් ගන්න තැනම තිබුණු හෝටලයක මිදුලෙ රියදුරා කාර් එක නතර කරපුවම හෝටලේ කාමර දෙකක් හිස්ව තිබුනා, ඒක නං හිතාගන්නවත් බැරි වැඩක් අපි ඉක්මනට කාමර දෙකට සල්ලි ගෙවල වෙන්කරගෙන ගිහින් නිදාගත්තා...
ගමන් මහන්සියට කණ්ඩායමටම වැටුණු වැටුණු තැන්වල නින්ද ගිහිං ඇහැරෙද්දි උදේ දහයත් පහුවෙලා ඉක්‌මනට ඇඳ පැළඳගෙන පල්ලියට යන්න පිටත්වුනා...
මහ සිකුරාද දවසෙ සෙනග පාරෙන් එකයි,ඊස් මීස් නෑ පාරෙ අඩිය තියාගන්නත් අමාරුයි...සෙනග අතරෙ තෙරපෙමින් පල්ලිය ආසන්නයටම යනකොට පාරෙ පැත්තක කාන්තාවන් පේළියක්ම කෑම ජාති හදනවා ඉට්ලි පූරි තෝස පිට්ටු වඩේ එහෙම වට්ටිවල පුරවල තියෙන්නෙ...යන එන වන්දනාකරුවො ඔය කාන්තාවන්ගෙන් කෑම අරගෙන එතනම ඉඳගෙන කන එක සාමාන්‍ය දර්ශනයක්...මටත් ඔය ලෙඩේ තරමකට තියෙනවා...
රස ඇති නේද,අපිත් මෙතනින් කමුද...
මම යෝජනාවක් කළා...
ඔයාට නං අප්පා ඉතිං ඕනැ ජරාවක්...බලන්නකො මේ දූවිලි ගොඩේ දාගෙන හදන කෑම කන්න හොඳද...කෑවොත් එහෙම බලාගෙනයි මම නං ඉන්නෙ නෑ යන්න යනවා...
බිරිඳ මගෙ යෝජනාව වහාම නිෂ්ප්‍රභා කළා...
ඔයාට කන්නම ඕනැනං ඔය කෑම ජාතිම අර හෝටල්වල තියෙන්නෙ ගිහිං කන්නකො අපි මොකුත් කියන්නෙ නෑ...මෙතන ලෙඩ හදාගන්න දඟලන්නෙ...
ඔය වගේ අපි දෙන්න සෙනසුරාදට නුංගම්බක්කම්වල මාකට් යද්දි කුකුල් මස් කඩේ ඉස්සරහ කුණු කාණුවෙ ගැට්ට උඩ තියාගෙන ගෑණු කෙනෙක් තෝසෙ හදනව...පොඩි ලිපක් පත්තු කරගෙන,තැටියට තෝස පිටි මිශ්‍රණය දාල ඒ උඩින් බිත්තරයකුත් කඩල අතුරනකොට ...ම්ම්ම් පැත්ත පළාතෙ ඉන්න බෑ එන සුවඳ...
ඔය තෝසයක් කෙහෙල් කොළේ උඩ තියල චට්නි සාම්බාරු ටිකක් එහෙම දාල මාකට් එකේ වෙළෙන්දන්ට කන්න දෙනවා...මම ඔතනට ගියාම ඔය කාන්තාව තෝසෙ හදන දිහා ඇහිපිය නොහෙලා බලන් ඉන්නව, මොකද මේ වැඩේ මට හරිම ඉන්ටරස්ටිං...
බිරිඳ චිකන් කඩෙන් මස් අරගෙන මට යන්න කතා කරනවා...
එන්න යං...
මේ...අපි දෙන්නත් එග් තෝසයක් අරගෙන කමුද...
බිරිඳ මගෙ දිහෑ බැලුව බැලිල්ලක් මම වහාම කරපු යෝජනාව අකුල ගත්තා...
හා යං එහෙනං...
2007දි අපි දෙන්න චෙන්නායි ගිය වෙලාවෙ ඔය නුංගම්බක්කම් කඩමණ්ඩියටත් ගියා ඒ දවස්වල අපි ගියපු මාකට් එක දැන් නෑ,මාකට් එක කඩල එතන තට්ටු ගණනාවක මහ විශාල බිල්ඩිමක් හදනව...තෝසෙ හදපු කාන්තාවත් නෑ මාකට් එක ඉස්සරහ පේමන්ට් එකේ එළවලු වික්ක තට්ටය එක්ක හිටපු කාන්තාවො කණ්ඩායමත් නෑ එතනම ඉඳගෙන සපත්තු මහපු මනුස්සයත් නෑ...මට මහා දුකක් ඇතිවුණා...මට ඇතිවෙච්චි දුක ඔයගොල්ලන්ට තේරෙයි කියල මං විශ්වාස කරනවා ,අතීත මතකයන් අතරේ අතරමං වීම කියන ලෙඩේ මට තදටම තියෙනවා...
මොකද වටපිට බලන්නෙ තෝසෙ හදන ගෑණි හොයනවද...
බිරිඳ හිනාවෙවී අහනව...ඇයට මගෙ දුක තේරෙන්නෙ නෑනෙ ඒ ගැන විස්තර කරලත් වැඩක් නෑ...
ඒ දවස්වල ඔතන ඉඳගෙන සපත්තු මහපු මනුස්සය එක්කත් මගෙ පොඩි කතාවක් තියෙනව...
පුතාගෙ සපත්තුවක් මහගන්න මම ඔය මනුස්සයට ගිහිං දුන්නා, සපත්තුවෙ අඩිය වටේට මහන්නයි තිබ්බෙ...සපත්තුව තියල ගිහිං මට දවල් වෙලා එන්න කිව්වා...
දවල් වෙලා ගියපුවම පොර ටොප් එකට වැඩේ කරල තිබුණා...මට සපත්තුව දීපුවම ගාණ කීයද කියල මම ඇහුවා...
රුපියල් විසිපහක් දෙන්න...
සපත්තු මහන්නා ගාණක්වත් නැතුව දෙමළෙන් කිව්වා...
ඒ දවස්වල රුපියල් විසිපහකින් තුන් හතර වේලක් කන්න බඩු ගත්තැහැකි...ගාණ බොහොම වැඩියි කියල මම කිව්වා...
හරි කීයක්ද දෙන්නෙ...
රුපියල් පහක් දෙන්නං...
මිනිහට මල පැන්න පාර ගාණ සතයක්වත් අඩුකරන්න කැමතිවුණේ නෑ...හිමින් හිමින් පටන් ගත්තු අපි දෙන්නගෙ කතාව ටික ටික වේගවත් වෙලා ලොකු බහින්බස්වීමක් බවට පත්වෙමින් තියෙද්දි අවට පිට හිටපු කීප දෙනෙක්ම මොකද්ද මේ සද්දෙ කියල බලන්න අපි හිටපු තැනට ආවා...
රුපියල් පහට වැඩේ කරල දෙන්න බැරිනං සපත්තුව ආපහු දීපං...
දෙනව තමයි හැබැයි මැහුං ටික කපල තමා සපත්තුව දෙන්නෙ...
හරි මැහුං කපල දීපං හැබැයි නූල් කෑලි ටික තියන්න බෑ ඒවත් ඇදල දාපං...
පොරගෙ ඇස් දෙක කේන්තියෙන් දිලිසෙනව...සපත්තුව අතට අරං නූල් කපන්න අර පිහිතලෙත් ගත්තා...
අයි අයියෝ...මුං දෙන්නටම පිස්සු...
අපේ බහින්බස් වීම එච්චර වෙලා බලාගෙන හිටපු වයසක මහත්තයෙක් ඔළුවටත් තට්ටු කරගන්න ගමන් කිව්වා...
මං මොනව කරන්නද මේකා මේ පොඩි වැඩේට රුපියල් විසිපහක් ඉල්ලනවනෙ හොඳයි මේකට එච්චර ගාණක් ඉල්ලන්න වටිනවද...
මම පැමිණිල්ල ඉදිරිපත් කළා...
පෙරේතකමට රුපියල් විසිපහක් දෙන්නෙ නෑ කියල දන්නවනං මම මේක මහන්නෙත් නෑ...
සපත්තු මහන්නා විත්ති වාචකය දක්වන්න වුණා...
මම ඔවුන්ගෙ රටේ කෙනෙක් නෙවෙයි කියල දැනගත්ත වයසක මහත්තය මට ඉංග්‍රීසියෙන් කතා කළා...
එහෙම නෙවෙයි තව කීයක් හරි වැඩියෙන් දීල මේක බේරගම්මු දුප්පත් මිනිහෙක්නෙ,නැති බැරි කමට සපත්තු මැහැව්වට ඒ මිනිහටත් ආත්ම ගෞරවයක් තියෙනවනෙ ඔබ මෙහෙම බැනපුවම ඒ මනුස්සය හෙට කොහොමද මෙතන ඉඳන් වැඩකරන්නෙ...
මට ප්‍රශ්නයක් නෑ රුපියල් විසිපහක් දෙන්න පුළුවන් නමුත් විදේශිකයෙක් කියල දැනගෙන ගසාකන්න හදන එකට මම විරුද්ධයි...ඒකයි මම රණ්ඩු කළේ...
පස්සෙ අර මහත්තය සපත්තු මහන්නටත් කතා කරල එච්චර සල්ලි ඉල්ලපු එක ගැන දොස් කිව්වා...
රුපියල් දහයක් අරං සපත්තුව දෙන්න කැමතිද...
සපත්තු මහන්නා එකඟවුනා,මම රුපියල් දහය දීල සපත්තුවත් අරං ගෙදර ගියා...වෙලාවට මේ දර්ශනයෙ එකම තැනකවත් බිරිඳ හිටියෙ නෑ,හිටියනං මට රණ්ඩුවෙන්න දෙන්නෙ නෑ මටත් බැනල අර මනුස්සයට රුපියල් විසිපහ දීල මාවත් ඇදගෙන ගෙදර යනවා...
ඊට පස්සෙ මම මිනිහගෙ මූණවත් බැලුවෙ නෑ කියල ඔයගොල්ලො හිතනව ඇති...නෑ අපි නුංගම්බක්කම් වලින් යනතුරුම අපේ කැඩුණු සපත්තු සෙරෙප්පු හැදුවෙ මිනිහමයි...එදායින් පස්සෙ අපි දෙන්න හොඳම හිතවතුන් වුණා,සපත්තු සෙරෙප්පු හදල සල්ලි කීයක් ඕනැද කියල මම අහපුවම...
කීයක් හරි දීල අරං යන්න මහත්තයා...
කියල කියනව,එතකොට මම වැඩේ වටිනාකමටත් වැඩියෙන් සල්ලි දෙනවා...
ආයෙම දවසක ඔය පුරුසවල්කම් මාළු මාකට් එකට මාළු ගන්න ගිය වෙලාවක වෙච්චි වැඩක් මේ...
ලෑලිවල තියෙන මාළු බලාගෙන යනකොට හොඳ තෙල් පාටට පරා මාළුවෙක් තියෙනව දැකල ගාණ අහපුවම කිලෝව තිහයි කිව්වා...ඒ ගමන පරවගෙන් කිලෝ එකක් කප්පගෙන කෑලිත් කපල ඔතල දුන්නට පස්සෙ ගාණ හතළිහයි කියල වෙළෙන්දා කිව්වා...
ඇයි තිහයි කියල නේද කිව්වෙ...
නෑ මහත්තය ගාණ හතළිහයි...
නෑ නෑ තමුන් මුලින් තිහයි කියල මම පිටරට කෙනෙක් කියල දැනගත්තම දැන් ගාන වැඩිකරල කියනව...මුලදි හතළිහයි කිව්වනං මම ඒත් දෙනව මොකද මේ මාළුව හතළිහට වටින නිසා...දැන් මාව ගසාකන්න හදන නිසා මම සතයක්වත් වැඩිපුර දෙන්නෙ නෑ දෙනව නං තිහක් අරං දෙනව නැත්නං නිකං ඉන්නව...
නෑ නෑ මම මුල ඉඳලම හතළිහයි කිව්වෙ දැන් කපලත් ඉවරවුණාට පස්සෙ ගාණ අඩුකරන්න හදන්නෙ ඇයි...
මගෙ තාම හොඳට කන් ඇහෙනව මනුස්සයො...
දැන් කතාව නැගලම යනව හැබැයි අපි දෙන්න විතරයි එදා වගේ ගෝරි බේරන්න කිසි කෙනෙක් හිටියෙ නෑ...මාළු වෙළෙන්දගෙ කතාවට මට හොඳටම තදවෙලා හිටියෙ...මල පැනපු පාර මම බැන බැන වටපිට බලනව දැකපු මනුස්සය ලෑල්ල උඩ තිබ්බ මාළු කපන මන්නෙ අරං ලෑල්ල යටින් තිබ්බා...
රුපියල් සීයක විතර රණ්ඩුවෙලා ලේත් පුච්චගෙන මාළුත් අරං ගෙදර ආවා...
ඔය අපේ බිරිඳ ඉන්නව නේද කවදාවත් තනියම මාකට් යන්නෙ නෑනෙ මාවත් ඇදගෙනම තමයි යන්නෙ...අසනීප වුනත් ගෙදර ඉන්න දෙන්නෙ නෑ...
ටික වෙලාවනෙ ඔන්න ඔහෙ ගිහිං ඉක්මනට එමු ...
කියල අහිංසක මාවත් ඇදං යනවා...
මෙයා තනියම මාකට් නොයන හේතුව මම හිමිහිට හොයල බැලුවා...ඔය පොළේ එළවලු විකුණන ගෑණු ඉන්නවනෙ ඒ ගෑණු එළවලුවල ගණං කියන්නෙ දෙමළෙන් උන්ට ඔය ගණං ඉංග්‍රීසියෙන් කියන්න බෑනෙ...මෙයාට දෙමළෙන් කියන ගණං තේරෙන්නෙ නෑ...
කතා කරන ඒව නං අන්ඩර දෙමළ හරි කියල තලාගන්න බැරියැ ගණං වැරදුනොත් කෙලින්ම පොකැට් එකට බලපානවනෙ...ඔන්න ඔය හේතුව නිසා වැඳල හරි මාවත් ඇදගෙන යනවා...මමත් මාකට් ගිහිං මෙයා බඩු ගන්නකං පැත්තකට වෙලා තල්මද උරයක් හරි රටකජු හරි කකා ඉන්නව...
කතා කරන ඒව නං අන්ඩර දෙමළ හරි කියල තලාගන්න බැරියැ ගණං වැරදුනොත් කෙලින්ම පොකැට් එකට බලපානවනෙ...ඔන්න ඔය හේතුව නිසා වැඳල හරි මාවත් ඇදගෙන යනවා...මමත් මාකට් ගිහිං මෙයා බඩු ගන්නකං පැත්තකට වෙලා තල්මද උරයක් හරි රටකජු හරි කකා ඉන්නව...
මේ ඒයි...මෙන්න මෙයා කීයක් ඉල්ලනවද බලන්න...
ඔන්න එතකොට මම ඉදිරිපත් වෙලා දෙන්නගෙ ගණුදෙනුව බේරල දෙනවා...
දෙමළ විතරක් නෙවෙයි පස්සෙ කාලෙක අපි බෙල්ජියමෙ පදිංචිවෙලා ඉන්නකොටත් එහෙමයි...ප්‍රෙන්ච් වලින් කියන ගණං මෙයාට තේරෙන්නෙ නෑ...
දවසක් පාන් කඩේ කෙල්ල යුරෝ එකයි කියපුවම මෙයා සතයක් දීලා...බොහොම අමාරුවෙන් තමා කෙල්ල ගණුදෙනුව කරගෙන තියෙන්නෙ...ඇයි අං කියපු ගමං මෙයා සතේනෙ දෙන්නෙ...
කෙල්ල පස්සෙ දවසක පුතාට කතාකරල කියල තියෙනවා...
අම්මට ඕනැ දේවල් අහල ඔයා කියන්න...ඔයාට ප්‍රෙන්ච් පුළුවන්නෙ...
ඔන්න ඔය විදියට වැඩේ ගොඩ දාගෙන තියෙනවා...
මතු සම්බන්ධයි...
දැන් ලංකාවෙත් සපත්තු මහන අය නෑ නේද? ඉස්සර නම් මම දකිනවා ළඟ කාලෙකදි දැක්කේ නෑ.
ReplyDeleteඔය විදේශිකයෝ හූරන් කන එක නම් කොයි රටෙත් තියෙනවා. සීගිරියේ රජයෙන්ම හූරන් කන හැටි දැක්කම දුක හිතෙනවා.
ඔබව ආදරයෙන් පිළිගන්නවා,සපත්තු මහන අයනං අපේ ටවුමෙ තාම දෙතුන්දෙනෙක් ඉන්නවා
Deleteමොකෝ නැත්තෙ! ලඟදි මගේ සපත්තු දෙකම ඇලෙව්ව. එයා සපත්තු මැහිල්ලත් කරනව
Deleteමචං මට ලියන්න තියෙන එව්වාට ඉස්සෙල්ලා මේකට උත්තර දීලා හිටහන් බං. මැඩ්‍රාස් ෆෑන් කෙනෙක් ඉන්නවානේ.හැලපගේ මැඩ්‍රාස් කතා කියවනකොට ආපහු යන්න හිතෙනවාලු. කරුණාරත්න සහ කුසුමා යුවල දන්නවාද? මුරකරු විශ්වනාදන්? පාරේ කඩවල්වල කෝපි එක මාර රසයිලු. උඹලා ඉන්න කාලේත් එළදෙන ගේ ගාවට අරන් එනවද කිරි දොවලා දෙන්න? Mobile Ironing service එක්ක රන්ඩු වුනේ නැද්ද අහනවා. Mr.ඇලඩින්ව මතකද?
ReplyDeleteඔළ දෙනව ගෙදරට එක්ක ඇවිත් කිරි දොවලා දෙනවා පිස්සුනේ බං
Deleteඋඹත් එක්ක බෑ බං අරූ,උඹ මගේ මතකයන් තවත් අවුස්සනවා.මැඩ්රාස් වල හිටපු අය තමයි එහෙට ආදරේ,ඒ මතකය කවදාවත් අමතක කරන්න බෑ,උඹගේ ආදරණීය බිරිඳටත් ඒ අමාරුව හොඳටම තියෙනවා.
Deleteඔව් මචං ඔය කියපු ඔක්කොමල්ලව හොඳට අඳුනනවා.මම ඉදිරියේදී ලියන කතාවලින් ඒ අයත් එලියට එයි.මොබයිල් අයනින් සර්විස් එක ගැනත් ලියන්නං.
@අටම්,
Deleteපිස්සුවක් නෙවෙයි බං,තණකොළ මිටියකුත් අරගෙන එලදෙනත් දක්කන් ගෙවල් ගානෙ ඇවිත් කොච්චර කිරි ඕනැද අහල එතනදීම සෙම්බුවට කිරිදොවල විකුණන එක තමිල්නාඩුවෙ ඉතාම සාමාන්‍ය දර්ශනයක්.
ඉතින් එක මරු නෙ.මොනවත් කවලම් නොකර නියම පිරිසිදුයි නෙ.
Deleteමුළු කතාවම නියමයි ,,, ඔබේ බිරිද ගැන පුදුමයි //වෙලාවට මේ දර්ශනයෙ එකම තැනකවත් බිරිඳ හිටියෙ නෑ,හිටියනං මට රණ්ඩුවෙන්න දෙන්නෙ නෑ මටත් බැනල අර මනුස්සයට රුපියල් විසිපහ දීල මාවත් ඇදගෙන ගෙදර යනවා.../// සාමන්යෙන් අපි ඉතින් ඔකේ අනිත් පැත්තනේ ,,, ඒ වගේම ඔයා ජිවිතේ ගොඩක් විවිද අත්දැකීම් ලබපු කෙනෙක් කියලා තේරුණා ,, මෙහෙම ලියනවට ස්තුති ,, ඔයා භාෂා කියක් විතර දන්නවද කඩේ අයියේ .. ශෝක් මන් ඔයාගේ දරුවෙක් උනානම් .. යන්න තිබ්බා රට රටවල ඔයා එක්ක මට දෙමලෙන් කෙනෙක්ට බයින්නත් උවමනාවක් තියෙනවා ඊයක් විදින්නම්කො ඈ හි හි ,,, නිදුකින් ඉන්න හැමදාම ... දිගටම ලියන්න
ReplyDeleteගොඩාක් ස්තූතියි ඔමා,මම නැතත් ඔබටත් රටවල් ගානෙ යන්න ලැබිල තියනවනේ.ඔයා කාටද දෙමලෙන් බනින්න ඉන්නේ.විස්තරේ ලියල මට එවන්නකො.
Deleteඔමයා ඔයා රට පිට නේද ඉන්නේ?
Deleteඅපි කසාඳ බදිමුද? මට visa ගන්න.... :)
හි හි අම්මගහයි
Deleteකතාව හැමදා වගේ අගෙයි...පුරුසවල්කම් මාළු මාකට් එක ? නම දුටුව ගමන් හිනා ගියා..හැලප අයියත් හොයා ග්නේම යන මාකට් ! මේක ඇහැ ගැටුනා උදේම ඉන්දියාවෙ අඳුරු පැත්ත ගැන...
ReplyDeletehttp://www.chinasmack.com/2010/pictures/filthy-india-photos-chinese-netizen-reactions.html?fb_action_ids=313177928822847&fb_action_types=og.likes&fb_source=other_multiline&action_object_map=%7B%22313177928822847%22%3A453391706682%7D&action_type_map=%7B%22313177928822847%22%3A%22og.likes%22%7D&action_ref_map
අපේ මිනිස්සු ලැජ්ජාවටද කොහෙද ඔය නම පුරුසා වල්කම් කියනවා,එහෙම නැත්නං පුරුස වක්කම් කියනවා,මොන විහිළුද වෙනී,නියම නම පුරුසවල්කම් ඉතිං ඕක කියන්න ලජ්ජා වෙන්න ඕනැයි.මොකෝ අපිත් පුරුසයෝ වුනාට වල්කම් ගැන අහලවත් තියෙනවයැ නේද.
Deleteඅනේද කියන්නෙ වරෙන් අයියෙ උඹේ කටට මසුරමක් ඔබන්න !
Deleteඅර මං ලිව්වා නේද කාකි හදවත් කියලා කතාවක්? ඒකේ රංජියගේ අයියත් නේවි ට්‍රේනිං එකකට ගිහින් හිටියා ඉන්දියාවේ වල්සුරා කියලා තැනකට. මට මතක් වෙන්නෙම කසිප්පු.
Deleteවල් සුරා නම් කසිප්පු තමයි..අපේ ඕනයා මල්ලි හිටියෙ හුහුමලේද කොහෙද නේද මෝල්ලන්තෙ ?
DeleteHulumale.
Delete2007 දී අතිතය සිහිනයක් පමණයි උනා නේ. උඹේ ලෙඩේ ගැන නං මන් දන්නෑ. ඒ උනත් තෝසේ ගැනිව හෙව්වේ මක්කටෙයි.. හැක්..
ReplyDeleteඉස්සෙල්ලම කියපන්කො උඹ කොහෙද අන්තරස්ධාන වෙලා හිටියෙ කියල.උඹේ කතාව ඊයේ උඩින් පල්ලෙන් කියෙව්වා වෙලාවක් නැති නිසා අද ගිහිං හිමිහිට කියවන්නන්.
Deleteමගේ අතිජාක මැසිම කැඩිලා හිටියේ බං.. අනාත උනා තමා ඒ ටිකේ
Deleteසපත්තු කාරය එක්ක වැඩේ තමයි නියම.වැඩේ කියන්නෙ ආපහු යාලු වුන එක.
ReplyDeleteනෝන මහත්තය මාර්කට් එක්කන් යන රහසත් නියමයි.
මට නම් මැලේසියාවෙදි ටැක්සි කාරයො එක්ක තරම් මල පනින තරමක් නම් කියල වැඩක් නැහැ.
ටැක්සි කාරය එක්ක ඔරොප්පුවෙන් වචන දෙක කතා කරද්දී නෝනයි,දුවයි,පුතයි ඉන්නෙ මට වඩා මීටර් ගානක් දුරින් මා එක්ක ආවෙ නැහැ වගේ.
ගෑනු කැමති නෑ කෙන්ජි අපි ඔය එක එක මිනිස්සුත් එක්ක රණ්ඩු වෙනවට.උන් බයයි,මමනං බොහොම ඉවසීමෙන් තමා පිටරටවලදී වැඩ කරන්නෙ විශේෂයෙන්ම ආසියානු රටවලදී.යුරෝපෙනං කිසිම ප්‍රස්නයක් නෑ ඒ මිනිස්සු කෙලින් කතාකරන අයනෙ කාටත් එකයි.
Deleteවැඩක් කරාම කීයක් හරි දෙන්න, කැමති ගානක් දෙන්න කියන එකනම් මාර මල පනින වැඩක්. අයි යකෝ කීයක් කියලා දෙන්නද ..? එතකොට වෙන්නෙම නොවටිනා ගානක් ගෙවන්න තමයි.
ReplyDeleteහැලපයියා මාර පොරක් නේ මට නම් ඔය හෙට්ටු කිරිල්ල බෑ . සපත්තුව මහලා දාහක් ඉල්ලුවොත් එත් දෙන්න වෙනවා. ඊට පස්සේ නම් බැන බැන ඉඳියි තනියම.
රණ්ඩු කිරිල්ල හෙට්ටු කිරිල්ල මාත් හරිම අකමැති වැඩක් නමුත් එළිපිට ගසාකන්න හදපුවම කේන්ති යනවනේ
Deleteඅනේ මන්ද මෙයාලා මේ අපායවල් වල කොහොම හිටියද කියල.. හි හි... මේවා කියෝනකොට හිතෙනවා හපොයි ලංකාව මල් හතයිනෙ කියල ඇත්තටම... අපේ සතිපොළවල්වත් ඔච්චර ජරා වෙලා නෑ දැං... හ්ම්ම්....
ReplyDeleteවිදේශිකයෝ හූරං කන එක මං හිතන්නෙ රජයෙන් අවසර දීපු වැඩක් කියලා.. ඇයි ඉතිං අපේ රටේ රජයෙනුත් විදේශිකයන්ව හූරං කනවනෙ... හි හි...
ජරා සති පොලවල් දැකලා නැත්නම් එන්නකො සුදා වැහැපු අඟහරුවාදාවක නිට්ටබඹුවට.
Deleteමෙහෙමයි හිරූ,පරිසරය අපිරිසිදු වෙන්න පුළුවනි නමුත් ඒ අහිංසක මිනිස්සුන්ගෙ හිත් හරිම පිරිසිදුයි,අපි එහෙ හිටපු මුළු කාලෙ පුරාම හරිම සතුටින් හිටිය නිසා තවම තමිල්නාඩුව අමතක කරන්න අමාරුයි,අපි ඒ රටෙන් ආවට පස්සෙ ආපහු දෙසැරයක් ගිහිං එන්න ගියා ආයෙමත් ලංකාවට ගිය දවසක යනව දේශපාලන මත කෙසේ වෙතත් තවම චෙන්නායිවල මිනිස්සුගෙ අහිංසක කම ඒ විදියටම තියෙයි කියල මම විශ්වාස කරනවා.
Deleteඅකලංක මාත් එකගයි හි හි නියමයි හිරු අක්කේ බලාගන්න තිබ්බා ආශ්චර්ය
Deletefisku hadenawa ane....
ReplyDeletethanksa amare,welcome to my blog.
Deleteok ayya...
Deleteහැලපෙගෙ කෑම සම්බන්ධයෙන් හැලප නෝන බොහොම තදින් ඉන්නව වගෙයි.
ReplyDeleteමං හිතුවෙ හැලප අයිය මාළු කාරයගෙ පිහිය දැකල බයවෙයි කියල උනාට වෙලා තියෙන්නෙ අනික් පැත්තනෙ.
ප්‍රසන්න මාළු කාරය බයවුණේ මම මන්නේ අරං මිනිහව කපයි කියලයි.
Deleteඅයි ප්‍රසන්න ඔය ජරා කෑම කාල සැරයක් මම මැරෙන්න ගියානෙ,බිරිඳ එදා ඉඳල මගෙ කෑම ගැන හරි පරිස්සං
හැලපයියේ උඹ ඔය මිනිස්සු එක්ක හෙට්ටු කරන්න ගිහින් ඔහොම බේරිලා ඉන්න එකත් ලොකු දෙයක්.ඇයි බං නැතිනම් අර දෙමළ චිත්‍රපටි වල වාගේ කොහොමද සපත්තු මහන පොරයි,මාළු කඩේ බුවායි කඩු,පොලු උස්සන් ආවනම්.
ReplyDeleteච්ත්‍රපටිවල චෙන්නායි සහ හැබෑ චෙන්නායි මිනිස්සු වෙනස්. ඒ මිනිස්සු උගත් බුඩ්දිමත් ජනතාවක බං. හැබැයි මොන උගතත් සංවේදියි
Deleteචිත්‍රපටිවලට වඩා සැබෑ ජීවිතේ හරි වෙනස් මනෝජ්,ඔය අකලංක කියන්න වගේ ඒ මිනිස්සු හරිම බුද්ධිමත්.
Deleteමචං, අද හෙම ගියොත් ගුටිකාලා මැරුම් කාලත් එන්න පුලුවන් ඇති ලංකාවෙයි කියලා දැන ගත්තාම නේද?
ReplyDeleteහැලප්ස්. ඔය අපිව සූරා කනවා කියලා දැනගත්තම මටත් මල් පොකුරම පනින්නේ ඇයි කියලා මමත් හිතලා බැලුවා. නිකං හිතාපංකෝ ලෝකල් කෙනෙකුට රුපියල් දයයට දෙන දේ මට පහළොවට දුන්නා කියලා. මට ඉවසන්න බැරි ඒ වැඩිපුර රුපියල් පහ ගෙවන එක නෙවෙයි. මම විදේශිකයෙක් හන්දා මූ මාව සූරා කනවා නේද කියන හැඟීම. මචං, නුවර එලියේ බණ්ඩාරවෙල පාර අයිනේ තියෙන එළවලු කඩවල එළවලු කිලෝවත් අපේ ගමේ පොළේ එළවලු මිලමනේ.
ඒවගේ වෙලාවට හිතට දරාගන්න බැරි කේන්තියක් එනවා. මම මූට අහුවුනා නේද කියන හැඟීම දරාගන්න අමාරුයි. ඒක පුදුම හැඟීමක්. very difficult to stomach: impossible to deal with...grrr
මෙතැන ප්‍රශ්නේ තියෙන්නෙ සල්ලි ගැන නෙවෙයිනෙ මචං,සල්ලි ඕනෑ තරමක් දුන්නහැකි නමුත් අපිව ගසා කෑවා රැවැට්ටුව කියන සිතුවිල්ල ඉවසන්න අමාරුයි.
Deleteදැන් බලපන් පාර අයිනෙ තියෙන එළවලු කඩවලට වඩා අඩුවෙන් කොළඹින් එළවලු ගන්න පුලුවන්නෙ,පාර අයිනෙ ඉන්න උන් ගාන කියන්නෙ උඹගේ මූණ බලල වාහනෙටත් එක්කයි.
වැඩිය ඕනෙ නෑ අපේ ගමේදීත් මාව ගසා කෑමට ලක්වෙනවනේ,අනික් උන්ට දෙන ගානට වඩා මට කියන ගාන රුපියල් පහක් දහයක් වැඩියි.ඉතිං කාටද කියන්නෙ කියපන්කො.
//අයි අයියෝ මුං දෙන්නටම පිස්සු// හි, හි.. :-)
ReplyDeleteඇත්ත තමා හැලප අයියෙ. අතීත මතක වල අතරමං වීම කොයි තරම් ආශ්වාද ජනකද?
-ප්‍රියා.
ප්‍රියාව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,අතීත මතක මංපෙත් වල අතරමං වීම මොන තරම් අස්වාදයක්ද ප්‍රියා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසූරාගෙන කෑම පිලිබඳ ප්‍රශ්න හුඟක් නැගිලා වගේ,,,,...
ReplyDelete//.වෙලාවට මේ දර්ශනයෙ එකම තැනකවත් බිරිඳ හිටියෙ නෑ,හිටියනං මට රණ්ඩුවෙන්න දෙන්නෙ නෑ මටත් බැනල අර මනුස්සයට රුපියල් විසිපහ දීල මාවත් ඇදගෙන ගෙදර යනවා...//
බිරින්දෑවරු එහෙම කරන්නේ ඔහොම අවස්තාවකදි වටේ පිටේ ඔක්කොම ඇස් ගෙඩි එලියට දාගෙන බලන් ඉන්න බව දන්න නිසා,,.... ලැජ්ජා වෙන්න බැරි කමටයි....රණ්ඩු වෙනවට අකමැති නිසායි
ඔව් ඔව් රෙහානි,අපි වගේ නෙවෙයි ඔය වගේ අවස්ථාවල කාන්තාවො හරියට ඒ ගැන හිතනවනේ.ඒ අය හිතන්නේ අපි ගහගනී කියලනෙ.
Deleteඅනේ ඉතිං බිරිඳ ඒ කරලා තියෙන හැමදේම කරලා තියෙන්නේ ඔයාගේ හොඳටනේ හැලපේ..
ReplyDeleteභාෂාව දන්නේ නැතුව පොළේ ගිහින් වැඩිපුර ගෙවුවොත් ඒකෙනුත් පාඩුව ඔයාටනෙ..
හැම එලවලුවම රුපියල් තුන හතරයි,ඔය අහිංසකයන්ට කීයක් හරි වැඩිපුර දුන්නම මක්වෙනවද .
Deleteඇයි අපි ඉන්දියාවෙ ඉද්දි වයිෆ් එක්ක ෂොපින් ගිහින් සාරි කඩේ එකා කියනවා රුපියල් 150යි(ඩයි සෝ) කියලා වයිෆ් කියනවා 250මයි (දෝ සෝ පචාස්)කියලා. ඌ හිනාවෙනවා මටත් මීටර් නෑ. අපරාදෙ රුපියල් 100ට ගන්න තිබ්බ සාරියට රු 150ක් දෙන්න වුනා.
ReplyDeleteතව කොචින්වල ඉදිද්දි මමත් එක්ක එනවට වඩා වයිෆ් තනියම එනවට තෙවරා හන්දියෙන් හැරිල යනකොට තියන කුකුල් මස් කඩේ එකා කැමතියි. මොකද වයිෆ්ට මලයාලම් බෑ ඌට ඉන්ග්‍රීසි බෑ වගෙ අක්ට් කොරල රු 60 කිලො එක වයිෆ්ට 100ට දෙනවා.
චෙන්නයි එග්මෝ ගැන කියපු නිසා අහන්නෙ මහනාම හාමුදුරුවො සිල්වත්ද හැලප අය්යෙ මම ගියපු 3 පාරම මට හිතුනෙ ලොක්කා ඔපරේටර් කෙනෙක් වගේ.
වයිෆ් නියමෙට මලයාලම් කතා කරල තියෙනවනෙ අකලංක,කඩේ එකා දෙපැත්තෙන්ම හිනාවෙනවා ඇති.
Deleteමෙහෙමයි මල්ලි,ඔය මහාබෝධියේ ඉන්න අය කිසි කෙනෙකුගෙ සිල්වත්කම ගැන මට සහතිකයක් දෙන්න අමාරුයි.මහානාම හාමුදුරුවොත් එක්ක මට වැඩිපුර ආශ්‍රය කරන්න ලැබිල නෑ එයා ආපු කාලෙම වගේ මම ලංකාවට ආවා,ඔතන හිටපු අය ගැන ලස්සන කතා මගේ ළඟ තියෙනව මල්ලි,මෙහෙම කියන්න හොඳ නෑ පෝස්ට් එකක් හැටියටම දාන්නං.
//මට ඇතිවෙච්චි දුක ඔයගොල්ලන්ට තේරෙයි කියල මං විශ්වාස කරනවා ,අතීත මතකයන් අතරේ අතරමං වීම කියන ලෙඩේ මට තදටම තියෙනවා...//
ReplyDeleteමම මැතක දවසක් ඉස්කොලෙට ගියා.කිසිම කොල්ලෙක් මව ගනන් ගන්නෙ නැතුව තනි වෙලා ඉන්නකොට දැනුනෙ අමුතු හැගිමක්.දෙයියනෙ ඉස්සර හිටියෙ කොහොමද කියල හිතුන.බස් ස්ටැන්ඩ් එකට ගොඩෞනත් ඔයවගෙ හැගිමක් එනව.එක ලොකු පාලුවක් වගෙ හැගිමක්
ඔය තනිවුනු හැගීම හරිම දුක්ඛදායකයි දමිත්,හිතාගන්න කියාගන්න හරි අමාරුයි,
Deleteඑහා ගමින් මෙහා ගමට.
ReplyDeleteනැතේ තැනේ.
එහෙම නැතේ..
රටින් රටට පැන පැන එන
සුදු කෙදි ඇති වදුරු පැටව්, ගැටිස්සියන්
නාකි රිලව්, මල සමයං
අරන් රටේ පැලපදියං
කරන අපේ මා.තලං..
හරිම දුකෙන් මේ ටිකේම
ආගිය අත් හොයාගන්න
අංජනමක් ඇරිය මමත්
ඔන්න ආවා දේවිය දැන්
අනේ මචෝ මගේ ලැපා.. ඉහි ඉහි..
එයා මැරිලා.. මොන ට්‍රිටිමන්ට් කරත් ඉහි ඉහි
ගොඩගන්නට බැරි උනා නේ.
මොනා කරන්නද දැන් මං
ගෙදර ඉන්න ලඩි තඩියත්
අරන් ලගදි තොපි වෙනුවෙන්
එන්නෙමි මම හනි හනිකෙන්..
Priyantha Hewage Maathalan ට දුරකතන ඇමතුමක් දී ලබා ගත් තොරතුරු ආශ්‍රයෙනි..
දේශකයා විසින් කරන ලද නිර්මාණයකි,මෙහි පළකිරීමට ලබාදීම ගැන දේශකයාට මගේ ස්තූතිය.
අපොයි උඹේ තැන්කුයි එක තියාගනිං...
Deleteඔය ඉනිදියාවෙ සිරි විසිතුරු මමත් දැකලා තියෙනවා...ගිහිල්ලා පලවෙනි දවසෙම හිතෙන්නෙ මේ මොන අපායක්ද ලංකාව කොච්චර ෂෝක්ද කියලා...ඒත් සංචාරය නිම කරලා අවුරුදු කීපයක් ගත වෙද්දි ආයෙත් ඒ පැත්තට යන්න ආශාවක් එනවා...ඉන්දියාව කියන්නෙ රටක් විතරක් නෙමෙයි...ලෝකයක්...ලෝකයේ තියෙන හැමදෙයක්ම...හැම ආකාරයකම මිනිස්සුත් එතන ඇති...
ReplyDeleteසිරා නියම වචනෙ කියල තියනවා ඉන්දියාව රටක් නෙවෙයි ලෝකයක්.මුළු ඉන්දියාවම දැක බලාගන්න කෙනෙකුගෙ ජීවිත කාලෙත් මදිවෙයි මට හිතෙන හැටියට.
Deleteහරිම රසවත් සිදුවීම් ටිකක්. ජීවිතේ අපහු හැරිලා බලනකොට ගතවෙච්ච හැම මොහොතක්ම හරි සුන්දරයි කියලා හිතෙනවා නේද..
ReplyDeleteඅතීත මතක සැමරුම් හරිම මිහිරියි තුශානි,ඒ ගතවුණු කාලය ඒ විදියටම කවදාවත් අපට ලැබෙන්නෙ නැහැ කියල හිතනකොට දුකක් හිතෙනවා.
Deleteපාඨක ඉල්ලීමක් තියෙනවා....මැඩ්‍රාස් සීරීස් එක දිගටම ලියන්නලු. ඔවුන් සිටියේ හැරිංටන් රෝඩ් බව සහ උඹ "ධර්ම අඩි" කියා දෙයක් දැක තියනවාද?
ReplyDeleteමේ දිනවල ලියවෙන්නෙ මැඩ්රාස් සීරිස් එක තමයි කියල පාඨකයට කියපං.
Deleteහැරින්ටන් රෝඩ් හොඳට දන්නවා උනාට ධර්ම අඩි කියන එක ඇහුවෙත් අයි මචං.
ඔවුන්ගේ අපිරිසිඳු පරිසරය ගැන අපුලක් තිබුනත් උඹේ කතා නිසා එක වරක්වත් චෙන්නායි වල රවුමක් ගහලා බලන්න හිතෙනවා අය්යේ. "නොදෝකින් මේ xxxx " කියන දැක්ම අඩුකරන්න මේ දැනුවත් කිරීම් ඉතා වටිනවා .කේරලය නම් ලංකාවට බොහෝ සමානයි කියල අහලා තියනවා. ඉන්දියාවේ පැති කීයක විතර රවුම් ගහලා අත්දැකීම් තියනවද? අර තල්මද කියන්නේ මොනවද?
ReplyDeleteපොල් පුවක් බුලත් කොස් ආදී නොයෙක් පල වැල ගස්වලින් හෙබි කේරලය ලංකාවට ඉතාම සමානයි.
Deleteඅපි කුරුම්බාවේ ලොඳ කනවා වගේ ලපටි තල් ගෙඩියත් පළල ලොඳ කන්න පුළුවනි.
මම තමිල්නාඩුව,කේරලය,ආන්ද්‍රා,කර්ණාටක,ආදී ප්‍රාන්තවල සංචාරය කරල තියෙනවා.
පිට රැටියා සූරාකෑම මෙහෙත් ජයට යනවා. බාසාව ඉගෙන ගත්තත් මුංට තේරෙනවානෙ. සමහරවෙලාවට අපේ රටේදිත් අපිට ඒකම වෙනවා. පුදුම ඉවක් කඩ කාරයින්ට තියෙන්නෙ. ඉන්දියාවෙ බාබර් කෙනෙක් අර අතට දාන මැෂිමෙන් දුන්නෙ නැද්ද මසාජ් එකක් ඔළුවට? මරු නේද ?
ReplyDeleteඔහෙත් එහෙමද,සිංගප්පූරුවෙත් ඔය වැඩේ ජයටම කෙරෙනවා,ඒත් අපේ රටේදී තරං අපිව සූර කන්නේ නෑ වෙන රටවල.
Deleteඉන්දියාවෙ බාබර්ලාගේ වැඩ ගැන කියන්න කතානං ගොඩයි මම වෙලාවක ලියලම දාන්නං.
මට කියන්න ඕන ටිකම උඩ සරත් අයියත් කියලා..... විදෙෂකයින්ව රවටන එක මෙහෙත් බෝම ජයට යනවා විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම ගන්නකොට ජාතියක් ජම්මයක් නැති පට්ට පජාත බදු කට්ටිය අරන් යනවා ලංකාවට දැක්කම දුකේ බෑ
ReplyDeleteඅපි බඩු ගන්න ඔය රටවලට ගියාම නියමෙට අහුවෙනවා රාළේ මොනව කොරන්නද
Deleteසපත්තු මහපු දරුවෙක් ගැන කියපු සරත් අයියගෙ පෝස්ටුව මතක් උනා. හැලපේ ඒක කියවන්න නැතුවැති.
ReplyDeleteඌට පිහියෙන් අනින්න බලාගෙන ආවෙ. කොහේද උඹ ඌ එක්ක යාළුවෙලා නෙව.
මහත්තුරු නෝනලා සාමාන්‍යයෙන් අනිත් පැත්ත. ඒකට උඹල!
වැස්සි අරගෙන ගෙයින්ගෙට යාම නං නියම වැඩක් තමයි.
මාළු වෙලෙන්ද ෆිට්වුනේ නැද්ද?
දැනට ඇති, උඹේ පෝස්ටුවක් කියෙව්වම කීයක් නං කියන්නද!
මෙහෙමනේ බං,ඕකට ලියන්න ඕනෑ මෙහෙමයි.
Deleteහැලපයාගේ පෝස්ටුවක් කියවීම නෙල්ලි ගෙඩියක් කනවා වැනිය,විවිධ තැන්වලදී විවිධ රස මතුවේ.එම රසයන් ඔස්සේ අපි අමුතුම ලොවකට යන්නෙමු.
අන්න ඒ වගේ මගේ පොරත්වයත් මතුවෙන විදියට ලිව්වම දෙන්නම ගොඩ.
මට ඉස්සර ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් තමා ඇයි ලංකාවේ ඇම්බැසඩර් කාර් එක මාකට් නැත්තේ කියන එක.
ReplyDeleteහැලපයා හරීම කීකරු සැමියෙක්නේ බලාගෙන ගියාම....
මෙහෙමනේ උකුස්සෝ, හොඳට දුවනවා ඉඩත් තියෙනවා සැප පහසුවත් හොඳයි,නමුත් පිට පෙනුමෙන් අර පොෂ් ගතිය එන්නෙ නෑනෙ බං මහ බුම්මට්ට පෙනුමක්නේ තියෙන්නෙ අපේ පොෂ් පොරවල් ඔය පෙනුමට කැමති නෑ කාරණේ ඒකයි.
Delete''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
ReplyDeletehttp://yawwnayaa.blogspot.com/
නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
http://yawvanaya.blogspot.com/
ඔය දෙකම ලියන්නේ
පුංචී කුමාරිහාමිද
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ
මේ තුන්දෙනාම
එක්කෙනෙක්ද
දෙන්නෙක්ද
තුන්දෙනෙක්ද
ඇනෝ,ප්‍රශ්න හතරයි හතරටම තියෙන්නෙ එකම උත්තරයයි,මම නං නොදනිමි.
Delete