ආදරයට ආදරය කරපු සරෝජිනී ගැන මම ලියපු කතාවට අපේ පාඨකයන්ගෙන් විවිධාකාර ප්‍රතිචාර ලැබිලා තිබුණා...අද මම ලියන්න යන්නෙ සරෝජිනීගෙ හොඳම යාලුවා වෙච්චි තනුජා ගැනයි, ඇයත් ආදරයට ආදරය කළ තරුණියක් වුණත් දෛවය ඇයට එතරම් කාරුණික වුණේ නෑ.
කාලය 90 දශකයේ මුල් භාගය,සරෝජිනිත් තනුජාත් රැකියාවලට යන්න පටන් ගත්ත මුල් අවදියෙ සරෝජිනී කිරිඳිවැල ඉඳලත් තනුජා එල්ලක්කල ඉඳලත් බස් එකේ ඇවිත් අපේ ස්ටේෂන් එකෙන් මහව කෝච්චියට නැග්ගා...ඒ දවස්වල මහවෙ තුන්වෙනි පෙට්ටියෙ ගමන්කරපු අපේ කණ්ඩායම පහළොවකට වැඩියි...දුර ඉඳන්ම ආවෙ පොතුහැරින් ගොඩවෙන වනසිංහ වැඩකළේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙ, අත්තනගල්ලෙ අලවල ඉඳන් ආපු පතිරණ වැඩකළේ රජයේ මුද්‍රණාලයෙ හෙවත් ප්‍රෙස් එකේ, වනසිංහයි පතිරණයි අපේ සීට් එකෙ ගියපු උන්ගෙ සුපිරිම බයිට් දෙකක් වුණා...
වතුපිටිවල ඉඳන් එන රැවුලගෙ නමත් පතිරණ,රැවුලා වැඩකලේ මෙඩිකල් කොලේජ් එකේ,වනයයි පතිරණයි බයිට් කරන්න පටන් ගන්නෙ රැවුලා...
ඔය දවස්වල වනසිංහ වැඩට එනකොට ඔෆිස් බෑග් එකක් ගේන්න පටන් ගත්තා...අපි හවසට ගෙදර එන්නෙ කුරුණෑගල කෝච්චියෙ වනයයි රැවුලයි දෙන්නම නගින්නෙ මරදානෙන්...දවසක්දා කෝච්චිය මරදානෙ නවත්තපුවම අපි දැක්කෙ වනය කෝච්චියට නගින්න පොරකනකොට පිටිපස්සෙන් ආපු රැවුලා වනයගෙ බෑග් එකට වේලිච්චි බෝගන්විලා අතු කෑලි වගයක් ඔබනව...ආයෙ දවසක රැවුලා හොඳටම පැතලි කිලෝ දෙකතුනක් බර කලුගල් කෑල්ලක් කොහෙන්ද හොයල කොළේක ඔතාගෙන කෝච්චියට අරං ආවා...
දෙන්නෙක් වනයත් එක්ක කයිය ගගහ ඉද්දි අනික් උන් වනයගෙ බෑග් එක උඩ රැක් එකෙන් අරගෙන කලුගල් කෑල්ල දාල වහල තිබුණු විදියටම තිබ්බා...වනයට ගානක් නෑ කෝච්චියෙන් බැහැල කලුගලත් උස්සන් ගෙදර ගිහිං...මූට මාරය ආවේස වෙච්චි පාර පහුවදා එනකොට උල් පිහියකුත් බෑග් එකේ දාං ඇවිත් රැවුලට කෙලල දන්න කියල...අනික් අය මේක දැකල කලින්ම පිහිය අරගෙන තිබ්බ නිසා අනින්න නං වුණේ නෑ...වනයගෙ ටෝච් එකේ කෑලි මාරුකරන එකයි බල්බ් එක ගලෝන එකයි නං හැම තිස්සෙම කළා...
ඔය විදියට හැමදාම උදේ හවස පිස්සු නටාගෙන ගමන් කරන අතර සරෝජිනී තනුජත් එක්ක අපේ සීට් එකට ක්‍රමයෙන් සෙට්වුණා...මේ දෙන්නගෙ තව යාලුවො දෙන්නෙක් ගම්පහින් කෝච්චියට නැග්ගා...
තනුජා උසයි මහතයි රූමත්ම කියන්නත් බෑ නමුත් අජූවකුත් නෑ...කවුරු එක්කත් හොඳට කතාබහ කරනව කොටින්ම සෝෂල් කෙල්ලෙක් කියල කියන්න පුළුවනි...පොඩි වැරැද්දකට තිබුණෙ ලොරි ටෝක් දෙන එක තමයි...අලවල පතිරණයව එහෙන් මෙහෙන් බයිට් කරමින් හිටපු අපි තනුජා ආවත් එක්කම ඒ කෙල්ල මූට සම්බන්ධ කරමින් කතාවක් හැදුවා...මේ කතාව කියපු ගමන් පතිරණයට නහුතෙට තදවෙනව මුන් දෙන්න හරියට තල්මහයි හාල්මැස්සයි වාගෙනෙ...
ඔය අතරෙ අපි කෝච්චියෙ කට්ටිය විනෝද ගමනක් ගියා මයියංගනේ...ගිහිං ආපහු එද්දි හොඳටම රෑවුණු නිසා තනුජව ගෙදරට ඇරලවන්න ගියෙ පතිරණ...පහුවදා ඉඳං මේ ගැන නොයෙකුත් කතා හදනව දෙන්න එක්ක ගෙදර ගිය හැටි, රෑ වෙච්චි නිසා තනුජලගෙ ගෙදර නැවතිලා යන්න කියපු හැටි...ආදී නොයෙකුත් පද හදනකොට පතිරණය මාරාවේස වෙනව,තනුජට නං ගාණක්වත් නෑ හිනාවෙවී අහගෙන ඉන්නව...
ඔන්න ඔය අතරෙ පතිරණ ගෙදරින් ගෙනාපු යෝජනාවක් අනුව කසාද බැන්දා, මගුල් ගෙදරට කෝච්චියෙ යන අපි ඔක්කොම අලවල ගියා...
ඔය අතරින් කෝච්චියෙ ගමනත් සුපුරුදු විදියට ගලායනවා...තනුජගෙ ලොකු ටෝක් දීමත් සුපුරුදු ආකාරයටම කෙරෙනවා...ගොඩක් වෙලාවට කියන්නෙ තනුජත් එක්ක යාලුවෙන්න ආපු කොල්ලො ගෑන,ඒ එක කොල්ලෙක්වත් සුලු පටු උන් නෙවෙයි ලොකු රස්සාවල් කරන හොඳට සල්ලිය බාගෙ තියෙන වාහනවලින් ගමන් බිමන් යන කඩවසම් තරුණයො,ආයෙ අපි වගේ ලපයි සිපයි නෙවෙයි...දවසක්දා තනුජා මටත් බුදු ටෝක් එකක් දුන්නා...
අයියත් එක්ක කතා කර කර ගියා කියල නලින් මට වරුවක් බැන්නා...
නලින් කිව්වෙ ගම්පහින් ගොඩවෙන කොල්ලෙක්,නලින් හම්බවෙච්චි වෙලාවක මම මේ ගැන උගෙන් ඇහුවා...
උඹ මොකටද බං අර කෙල්ලට බැන්නෙ...
උඹට පිස්සුද ඒකිට බනින්න මම ඒකිගෙ තාත්තද,මළ වාතයක් බං හැම තිස්සෙම කතාකරන්න එනව මම දැන් උඹලගෙ කෝච්චියට එන්නෙත් නෑ...
ඔන්න ඔය ආකාරයට ජීවිතය ගලායන අතරෙ දවසක්දා තනුජා අපිත් එක්ක කෝච්චියෙ යන රාජාට කතාකරල එයාගෙ යාලුවෙකුගෙ මුත්‍රා ටෙස්ට් එකක් කරගන්න තියෙනව කියල කිව්වා...රාජා වැඩ කළේ එම් ආර් අයි එකේ...
පොඩි කුප්පියකට චූ කරල ගෙනාවම ඇති,උඹ අරක්කු බෝතලේකින් එකක් අරං එන්න එපා මෙතන...
තෙන්නකෝන් තනුජට වදේ ගැහුවා,තෙන්නකෝනුත් වැඩකලේ එම් ආර් අයි එකේ...
තනුජයි සරෝජිනියි දෙන්න තෙන්නකෝන්ගෙ දුවලලු,අපි පුතාලලු...හවසට කෝච්චියෙ එනකොට දෙකක් දාගෙන ඇවිත් මූ මරු කතා කියන්නෙ...
සැරයක් බටුවත්තෙ ස්ටේෂන් එකට ටිකක් එහා කන්ද උඩ තිබ්බ පරණ ගේකට තීන්ත එහෙම ගාල විකුණන්න දාල තියෙනව අපි කෝච්චියෙ යනකොට දැක්කා...තෙන්නකෝන් ඔය ගේ මට පෙන්නල...
ඒයි අපි අර ගේ ගම්මුද අරං බඩු පොට් එකක් දාමු...
ඉතිං බඩු කෝ...
ඇයි මුං දෙන්න ඉන්නෙ ඔවුන් දැනුත් ඕකමනෙ කරන්නෙ...
හැබැයි පිළිවෙලට වැඩේ කරගෙන යන්න ඕනැ,ගෙවන ගානෙ හැටියට තමයි වෙලාව දෙන්නෙ වෙලාව පැන්න ගමන් විසිල් එකක් ගහනව...ගියෙ නැති උන් එළියට ඇදල දාන්න ඕනැ හරිද....
තෙන්නය කියන කතාවලට හිනාවෙලා පණයනවා...
ඒ දවස්වල හවසට අපේ ස්ටේෂන් එකෙන් බහින කට්ටිය ටවුමෙ කඩේකින් ආප්ප කන්න පුරුදුවෙලා හිටියා,චිත්‍රපටි හෝල් එක ළඟ හෝටලේක හවසට හොඳ රස ආප්ප තියෙනව කියල තෙන්නකෝන් හොයාගත්තෙ...මම, රැවුලා,තෙන්නකෝන්,සරෝජිනී,තනුජා කට්ටියම ආප්ප කන්න යනවා පතිරණය මග ඇරල ගෙදර යනවා ඌට අපි වදේ ගහන හින්දා...
හෝටලෙන් ආප්පයි බිත්තර ආප්පයි කාල උන් ටික බස්වල යනවා මම පයින්ම ගෙදර යනවා...
ඔය කතාව අපි කෝච්චියෙ කියපුවම රාජටයි සෝමෙටයි අපිත් එක්ක ආප්ප කන්න යන්න ඕනැවුණා...දවසක උන් දෙන්නවත් ආප්ප කන්න එක්කරගෙන ගියා,කාල බීල එළියට බැහැල බලපුවම උන් දෙන්නට යන්න තියෙන්නෙ මහව කෝච්චිය ඒක එනකොට හත විතර වෙනවා,එතකොට අපි ගෙවල්වල ගිහිල්ලත් ඉවරයි...
ඔය කාලෙ වෙද්දි පතිරණටත් දරුවෙක් හිටියා...රාජා යූරින් ටෙස්ට් රිපෝට් එකත් ගෙනල්ල තනුජට දුන්නා...තවත් මාසයක් විතර ගෙවිල යද්දි තනුජා කෝච්චියට එන එක එකපාරටම නතරවුණා...
දවසක් හවස කෝච්චියෙදි හිටපු ගමන් තනුජව හම්බවුණා,කොටු කොටු දිළිසෙන සාරියකුත් ඇඳන් ඇඟිල්ලක මඟුල් මුද්දකුත් තිබුණා...මූණත් ටිකක් පිපිහළු ගතියක් තිබුණ වගේ මතකයි,විස්තර අහපුවම හදිස්සියෙ කසාද බැන්දය මහත්තය රට ගියාය කියල කිව්වා...හබැයි ටිකක් තිගැස්මකින් තමයි ඇය කතාකරපු මුලු කාලෙම හිටියෙ...
ඊට පස්සෙනං තනුජව ඇහැට දකින්නවත් ලැබුණෙ නෑ...සරෝජිනීගෙන් ඇහුවත් දන්නෙ නෑ කිව්වා...තනුජල එක්කම වැඩකරපු මගෙ තව යාලුවෙක් හිටියා,ඇයගෙන් මම විස්තරේ අහගත්තා ඇයට අපි ලසිතා කියමු, ලසිතා කියපු කතාව මෙහෙමයි...
වැඩක් කරගන්න තනුජලගෙ කන්තෝරුවට ආපු කෙනෙක් එක්ක තනුජා සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණා...ඔහු තනුජට වඩා තරමක් වයස වුණත් හොඳ කඩවසම් අතේ මිටේ සල්ලි බාගෙ ගැවසුනු වාහනයකුත් පාවිච්චි කරපු කෙනෙක්...තනුජා සිහින මැව්වෙත් මෙවැනිම කෙනෙකුට නිසා ඔහුට ආදරය පිළිගන්වන්න තනුජට දෙසැරයක් හිතන්න උවමනා වුණේ නෑ...
මේ දෙන්නගෙ ආදර කතාව කිසි කෙනෙකුගෙන් කරදරයක් බාධකයක් නැතිව මාස කීපයක් ගලාගියා...අලුත් පෙම්වතා තනුජගේ සියළුම ඕනැ එපාකම් පිරිමහන්න කිසිම ලෝබකමක් නැතිව වියදම් කළා,ඇයත් පෙම්වතාට තමන් සතු සියළුම දේ පිළිගන්වන්න මොහොතකටවත් පැකිලුනේ නෑ...
දෙන්න පෙම් සුව විඳිමින් හිටපු දවසක තනුජා පෙම්වතාගෙ කණට රහසක් කෙඳිරුවා...
දැන් ටික දවසක ඉඳල මගෙ ඇඟට අමුත්තක් දැනෙනව අනේ...බබෙක්වත්ද දන්නෙ නෑ නේද...
පෙම්වතා පොඩ්ඩක්වත් කලබල වුණේ නෑ, ඔහු තනුජාට කතාකලේ මුව පිරුණු සිනාවක් එක්කයි...
හරියටම ස්ථිර කරල බලාගන්න ළමයෝ...එහෙම නං අපි පහුවදාම කසාද බඳිමු...
තනුජා රාජාට කියල මුත්‍රා බලාගත්තෙ ඊට පස්සෙයි,ප්‍රතිපලය පොසිටිව්...තනුජාට හරි සතුටුයි ඇය පහුවදාම මේ සතුටුදායක ආරංචිය පෙම්වතාට කිව්වා...
පෙම්වතා කොහෙ ගියාද කියල අන්දෝ සංසාරයක් ඊට පහුවදා ඉඳන් තනුජාට හොයාගන්න බැරිවුණා.
මතු සම්බන්ධයි....
මතු සම්බන්ධයි....
ඒ ඇත්තිට වෙන කෙනෙක් පිහිට වෙලාද කඩේ අය්යේ ..? සංසාරේ සංසාරේ ...!
ReplyDeleteමගේ බ්ලොග් එක. පරණ ඒවා කියවලා , ෆලෝ කරලා යන්න එන්න
බලමු බලමු....
Deleteඊළඟ කොටස කියවන්නකො සහන් මල්ලි ඔය දිලිනි කියල තියෙනව වගේ
Deleteඅයියෝ.... :(
ReplyDelete(අද හැලපේ එක දිගටම කතාව කියලා... :) )
ඔව්නෙ,හැමදාමත් කතා අහන්න පුළුවන්ය
Deleteමමත් කෝච්චියෙ තමයි උදේ හවහ යන්නේ එන්නෙ.මේ වගේ සෙට් එකක් තමයි අපිටත් ඉන්නෙ.මාරම ෆන්.ඔය කියන විදියෙ අය 90 දශකයට වැඩ මේ දශකයෙ ඉන්නව.සිරාවටම
ReplyDeleteඔය කෝච්චියෙ යන සෙට් කිසිදිනක නැතිවන්නේ නැහැ දිනෙන් දින දියුණු වෙනවා මිසක්
Deleteහප්පේ තනුජා......කොහොමත් ඔය ලොකුටෝක් දෙන කෙල්ලන්ට ඔය වගේ වැඩ අනන්ත වෙනවා....! කොහොම වුනත් පව් වැඩේ.
ReplyDeleteමටත් නිකං කාට හරි පිහිට වෙන්න ඕනේ වගේ හිතුනා හලපයියේ මේක අහලා ..:D
පව් වැඩේ නං තමයි,කාටහරි පිහිට වෙන්න තරම් ගටක් උඹට තියෙනවනං හරිම හොඳයි කොල්ලො
Deleteහයියෝ!
ReplyDeleteමම සිංගල් පේරන්ට් සංකල්පය ගැන කතා නොකර ඉන්නම්.
අර උඹ කිව්වා වගේ හෙමිහිට කුටු කුටු ගාලා මැරෙන්න හිනායන කතා කියන යාලුවෙක් මටත් හිටියා පතිරණ කියලා. මේකා ඉස්සර මාත් එක්ක බස් එකේ එක සීට් එකේ ඉඳගෙන කොළඹට යනකල් කයිය ගහගෙන යනවා. ඕකා කියන කතාවලට මට හිනා වෙලා පණයන්නේ නැති ටික විතරයි.
ඔන්න දවසක් සෑහෙන බරපතල ගෑණු කෙනෙක් අපි ලඟ හිටගෙන ඉන්නවා.
"ඒයි මචං හෙන්රියෝ," මූ මගේ කණට කොඳුරණවා." මේක කරගහන එකාට නම් නැව් කඹේකුයි, දිග අතට දෙකට කපපු බැරල් පලුවකුයි ඕනෙ වෙනවා."
"ඒ මොකටද යකෝ?"
"නැව් කඹයක් නැතුව මේක පෙරලාගන්නේ කොහොමද, යකෝ?"
මම ඒකට හිනාවෙලා ඉවරවුනාම තමයි මට මතක් වුනේ බැරල් බාගේ.
"ඉතිං බැරල් බාගේ මොකටද?"
"අරක හොයාගන්නනේ."
ඔන්න මටත් බට ලයිට්.
"ඇයි යකෝ උඹ දැකලා නැද්ද බයිසිකල් විංකල්වල ටියුබ් එකේ හිල හොයාගන්න ටියුබ් එකට හුලං ගහලා වතුර බැරල් එකේ ඔබලා බුබුලු දාන තැන බලනවා?"
උඹ මේකට රිප්ලයි එකක් අදම නොදුන්නොත් මම උඹට කමෙන්ට් දාන එක වර්ජනය කරනවා, දැනගනිං.
Deleteඋඹගෙ කමෙන්ට් එකක් නැති පෝස්ට් එක පාලුයි පාලුයි වගේ,කෝච්චියෙ යන සමහර උන් ඉන්නව කියන ඒවට ඉල කැඩෙනවා හිනාවෙලා,අපි එක්කත් ඔය වගේ කීප දෙනෙක්ම ගියා කාලෙන් කාලෙට .
Deleteඔන්න කියපු ගමන්ම රිප්ලයි කලේ බයටමයි.
අඩේ මේකෙන් තමයි මම දැනගත්තේ ඩූඩ් දැන් මගේ ඒවාට කොමෙන්ට් නොකරන හේතුව. ශික් නොදැනුවත්ව වුනු වරදට සමාව දෙනු මැන ඩූඩ්
Deleteහෙන්රියට සපෝට් එකට මාත් පොඩි(xx) එකක් දානව.
Deleteමූ කෝච්චියෙ ගිය කටකාර එකෙක්. බවලතුන්ගෙ බැල්ම එහෙමකට නැති එකෙක්. මූ ඒ ගැන විස්සෝපෙන් හිටියෙ. ගෑනු දෙතුන්දෙනෙක් එක්ක චැට් එක දාගෙන යන එකෙක් දිහා බලල දවසක් මූ කියනව
"යකෝ ඉන්න එකාලට හතර පහ ඉන්නව. අපිට හදිස්සියකට _ලක් කපාගන්න එකෙක් නෑ" කියල.
////"ඇයි යකෝ උඹ දැකලා නැද්ද බයිසිකල් විංකල්වල ටියුබ් එකේ හිල හොයාගන්න ටියුබ් එකට හුලං ගහලා වතුර බැරල් එකේ ඔබලා බුබුලු දාන තැන බලනවා?"/////
Delete@ඩූඩ්......හිනාවෙලා පන ගියා බං.....තනියම රස විඳලා වැඩක් නැති නිසා වයිෆ්ට පෙන්නුවා....වනචරයෝ කියලා ආපහු හිනා උනා බන්
@හැලපේ: හාහ් හා! උඹ බය වුනා නේද? භෙ අෆ්‍රෛඩ්. භෙ වෙර්ය් අෆ්‍රෛඩ්.
Delete@ඉවාන්: ඉවාන්, මම බැලුවා ,මේක උඹට පෞද්ගලිකව කියන්න උඹේ බ්ලොගේ ඊ මේල් ඇඩ්‍රස් එකක්වත් තියෙනවද කියලා. නැති නිසා මම මෙතනම කියලා දාන්නම්.
මම උඹව වර්ජනය කරලා නෑ බං. අපි අතර ඉන්න විශිෂ්ඨතම කෙටි කතා කාරයෙක් විදියට තමයි මම උඹව දකින්නේ. උඹේ සමහර පෝස්ට් වල මගේ කමෙන්ට් එකක් උඹ නොදකින්න ඇත්තේ මේ හේතුව නිසා. මම ප්‍රතිපත්තියක් විදියට දේශපාලන, ආගමික, වර්ගවාදී, අන්තවාදී සහ තවත් මාතෘකා කීපයක් සම්බන්ධයෙන් පළවෙන බ්ලොග් පෝස්ට් වලට කමෙන්ට් දාන්නේ නෑ. උදාහරණයක් විදියට පෞද්ගලික විශ්ව විද්‍යාල, අමෙරිකන් විරෝධය වගේ. එයින් අදහස් වෙන්නේ නෑ මම ඒ පෝස්ට් නොකියවන බව. පෝස්ට් කියවනවා. ඒ වගේම මම ඒ ගැන යම් මතයකුත් දරනවා. නමුත් හුඟක් වෙලාවට ඔය කමෙන්ට් කිරීම දිගටම ගිහින් අවසන් වෙන්නෙ මම හීනෙකින්වත් නොහිතපු ලේබලයකුත් අලවාගෙන, ගෙදර අඹුදරුවෝ මියගිය දෙමව්පියෝ පවා කුණු හරප අහගෙන. තව දුරටත් බුද්ධිමය සංවාද කියලා ජාතියක් නෑ බ්ලොග් ලෝකේ.
ඉතින් උඹලා කැමති මාතෘකාවක් ගැන පෝස්ට් ලියාපල්ලා. ඒක උඹලගේ අයිතිය. මම ඒකට ගරු කරනවා. ඒවට කමෙන්ට් නොකිරීම මගේ පෞද්ගලික කැමැත්ත. අනික මම ඔය එක දේශපාලන ප්‍රක්ෂයකටවත් අයත් වෙන්නෙ වත්, මම ඔය එක පක්ෂයක් හෝ පාටක් ප්‍රිය කරන්නේවත්, මම කැමති දේශපාලකයෙක් හොයාගන්නවත් නෑ.
මම හිතන්නේ මගේ මේ ගති ස්වභාවය දේශපාලන පෝස්ට් ලියන රාජ්, මාතලන්, මාරයා, බුවා වගේ හිතවතුන් දන්නවා.
මේක ගැනත් මම පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ.
@රාජ්: ඒක නම් විහිලුවටම වඩා හදවතේ ගැඹුරුම තැනින් එලියට පැනපු විලාපයක් කියලා මට හිතෙන්නේ.සපෝට් එකට ස්තුතියි රාජ්.
@හැලපේ:භෙ අෆ්‍රෛඩ්. භෙ වෙර්ය් අෆ්‍රෛඩ්= Be afraid. Be very afraid.
Delete@Aru: මම සුභ පැතුම ආදරෙන් සහ ගෞරවයෙන් බාර ගත්තා කියලා අරකිට කියහං. :D
අයියෝ ඩුඩ් ... මං එක දනන් හිටියේ නෑ , එත් උඹ දේශපාලනය ගෑවිච්ච ඒවාට කොමෙන්ට් කරන්නේ නැති බව මම නිරීක්ෂණය කරපු දෙයක්. එත් මම දැනගෙන හිටියේ නෑ උඹ ප්‍රතිපත්තියක් හැටියට දේශපාලනික පොස්ට් වලට කොමෙන්ට් කරන්නේ නෑ කියලා.
Deleteහැබැයි මචෝ මම දේශපාලනය ගැන පොස්ට් ලිව්වට කිසිම වෙලාවක ආගමික, වර්ගවාදී, අන්තවාදී පොස්ට් නම් ලියා නැත. ලියන්නේද නැත. මම කිසිම අන්තවාදී අන්තයක නැත.
//"තව දුරටත් බුද්ධිමය සංවාද කියලා ජාතියක් නෑ බ්ලොග් ලෝකේ"//
උඹ 1000% ක් හරි. බ්ලොග් ලෝකේ විතරක් නෙවෙයි අද සමාජයේ කොහෙවත් එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් මතුකරන්න හදන අයවත් යම් යම් දේවල් වලට හංවඩු ගැහීම විතරයි සිද්ධ වෙන්නේ. බොහෝ දෙනෙකුට අන් අයගේ මතය ඉවසීමේ හැකියාවක් නෑ. යමක් කිව්වම එක පෞද්ගලිකව අරගෙන කොක්කට තමයි එන්නේ .
උඹේ කතාවෙන් මට තේරෙන්නේ උඹ නොලිව්වට, දේශපාලනය ගැන උඹේ සවිඥ්ඥනික බව, දැක්ම බොහෝ උසස් බවයි.
ස්තුතියි ඉවාන්. මම කිව්වේ නෑ උඹ අන්තවාදී වර්ගවාදී පෝස්ට් ලියනවා කියලා. මම කිව්වේ පොදුවේ. ඒ වගේම ඕනෙම කෙනෙකුට එහෙම පෝස්ට් ලියන්න තියෙන අයිතියටත් මම ගරු කරනවා. උඹ මේ කිව්ව දේ තමයි මටත් කියන්න ඕනෙ වුනේ.
Delete>>බොහෝ දෙනෙකුට අන් අයගේ මතය ඉවසීමේ හැකියාවක් නෑ. යමක් කිව්වම එක පෞද්ගලිකව අරගෙන කොක්කට තමයි එන්නේ .<<
එහෙම අන්මත ඉවසීමේ හැකියාවක් නැතිනම්, එහෙම පෝස්ට් ලියලා ප්‍රතිචාර බලාපොරොත්තු වෙන එකත් තේරුමක් ඇති දෙයක් නෙවෙයි. සමහර විට පෝස්ට් එක ලියපු ලේඛකයට ඒ හැකියාව තිබ්බත්, කමෙන්ට් කරන සමහරුන්ට නැති නිසා පෝස්ට් එකම අඩිය තියන්න බැරි කක්කා ගොඩක් බවට පත්වෙනවා.
අනික, හුඟක් වෙලාවට එතනදි විවේචනය වෙන්නේ ක්‍රියාවට වඩා පුද්ගලයාව.
හෙන්රි,
Deleteඋඹේ ප්‍රතිපත්තිය මම දන්නව ඒක උඹේ කැමැත්ත නෙව. හැබැයි කතන්දරකාරයෙක් විදියට ඉවාන්ගෙ කෙටිකතා නං අගයකිරීමක් කරන්න පුළුවන් දේශපාලනය තිබුනත්. මොකෝ පොදු වැසිකිළියකට ගියත් දේශපාලනය තියනව නේ. ඒක අත්හැරල සූක්ෂම විදියට වැඩේ කරන්න පුළුවන්.
රාජ්. ඒක තමයි මම කිව්වේ ඉවාන් අපි අතර ඉන්න විශිෂ්ඨතම කෙටි කතා කාරයෙක් කියලා. ඉවාන් ලියපු මගේ ප්‍රියතම කතාව මම මුලින්ම කියවපු "හීනේ" .
Deleteහෙන්රි,මචං අර බුබුළු දාන කතාව නං මතක්වෙන ගානේ හිනායනව,නැවුම් සංකල්පයක් නොවැ .
Delete@රාජ්,
Deleteබය නැතුව ලියපං බං ගලක් කපන්නවත් කියල.අවුලක් නෑ වෝනින් ආවොත් මටනෙ.
@අරූ,
Deleteමචං මම ඉස්සෙල්ලම හිතුවෙ අර කඹේ ඕනෑවෙන්නේ ඇතුළට බහිනකොට ඉනේ ගැටගහගන්න කියල.
@ඉවාන්,
Deleteදේශපාලන හා වර්ගවාදී පෝස්ට් වලට කමෙන්ට් කිරීම මමත් ඉතා අකමැති දෙයක්.එවැනි පෝස්ට් වලට කමෙන්ට් නොකලට තරහවෙන්න එපා,නමුත් පෝස්ට් එක නොවැරදීම කියවනව.
වෝනිං උඹට උනාට අපිට අමතර ක්ලික් එකක් වැයවෙනවනෙ බං. අපරාදෙනේ!
Delete:-) :-) ;-)
ඉස්කෝලෙ යන කාලෙ මහව කොච්චියත් අපි වදුරව යන කොච්චියත් මගලෙගොඩදී මාරුවෙනව. අපේ උන්ගෙ වැඩේ මහව කොච්චියට අත දික්කරගෙන කෑම ඉල්ලගන්න එක.
ReplyDeleteපස්සෙ කාලයක් මහවෙ වැඩට ගියා. එතැනදී ඇතිවුන යාළුකම් තාමත් තියනව. ඉස්සර මහවෙ තිබ්බ ගතිය පවර්සෙට් දැම්මට පස්සෙ නැතිව ගිහින්.
අඩේ,බලපුවම කම්මලත් අපේ ඉස්කෝලෙ ආදී ශිෂ්‍යයෙක් නොවැ,මගේ බ්ලොගයට උඹව ආදරයෙන් පිළිගන්නව පුතා.
Deleteමහවට පවර්සෙට් දැම්මට පස්සෙ අර ඉස්සර තිබිච්චි තේජාන්විත ගතිය අඩුවෙලා ගියා තමයි.
මමත් දන්න කියන බුවියෙකුට ඔය සීන්එක උනා. හැබැයි ගෑණි කපටියි. ඒ කතන්දර ඉස්සෙල්ලම කියන්නෙ නැතිව අම්මලට කියල ක්ෂණිකවම කොල්ලව බැඳගත්ත පනින්න නොදී.
ReplyDeleteමූ නං මචං කෙල්ල ගැන කිසිම ආදරය තිබ්බ එකෙක් නොවෙයි,ඊළඟ කොටස බලපන්කො.
Deleteඅපි ඉතින් ඔය කියන තරම් කොච්චි වල ගිහින් නැහැනේ.
ReplyDeleteහැලපයියා වගේ කොච්චි වල ගිය අයගේ රසකතා කියවලා තමයි අපිට ඔය රසසස්වාදය ලබන්න තියෙන්නේ.
මගේ කෝච්චි ගමන අවුරුදු තිහකට වඩා දිගයි මනෝජ්,පිටරට හිටපු කාලෙ අතහැරලා බැලුවත්.
Deleteපව් යකෝ කෙල්ල.. ආරක්ෂිත උපක්‍රම ඇතුව කෙල්ලව ගොඩ දාල පයින්න තිබ්බා..
ReplyDeleteඌට එහෙම උවමනාවක් කොහොමටවත් තිබුනෙ නෑ සෑම්,ඊළඟ කොටස බලන්නකො.
Deleteමාත් ගිහිල්ලා හියෙනවා මහව කෝච්චියේ ඉස්කෝලේ යන දවස්වල. උදේට ගනේමුල්ලෙන් 7:10 ට නැග්ගාම නවත්තන්නේ මාලිගාවත්ත සහ මරදාන. ඇසෙම්බ්ලිය ෛවර වෙන්න කලින් ඉස්කොලෙට ගියෑකි.
ReplyDeleteමාළිගාවත්තේ ස්ටේෂමක් දැම්මේ බොගේ අම්මාගේ වාහේ ද පුතේ?
Delete@ඇනෝ,
Deleteදැන් දෙමටගොඩ වුණාට ඒ දවස්වල ස්ටේෂන් එක මාලිගාවත්ත,ඇනෝ මම මකන්නේ නැතිව තිබ්බා පලවෙනි වතාවට
ඇනෝ ගේ පුකත්වය එලිදරව් වී ඇත. දන්න මගුලකුත් නෑ පොර ටෝක් දෙන්න එනවා.
Deleteමහව කෝච්චිය නවත්තන්නේ ගනේමුල්ල, මාලිගාවත්ත, මරදාන, කොටුව.
හවසත් මං ඔය කෝච්චියේ ඇවිත් තියෙනවා ටියුෂන් ක්ලාස් ගිය සමහර දිනවල. මරදානෙන් පහකුත් ගානට නේද තිබුණේ. මාලිගාවත්තෙන් පස්සේ කෙලින්ම ගනේමුල්ලේ. මට හයයි කාලේ බස් එකේ ගෙදර යන්නත් පුළුවනි!
උඹ තරම් කොහේද අපි දන්නේ,ඕස්ට්‍රෛ්ලියාව හොයා ගත්තෙත් උඹනේ
Deleteස්තුතියි හැලපයියේ. නමුත් දැන් අභය වැව කිලා එකක් අනුරාධපුරයේ තියෙනවාද?පුකත්වය කොහොම උනත් කතන්දරයෝ . හැලපයියාගෙන් ඉගෙ ගනින් ඇනෝලාට සලකන විදිහ. තමන් සියල්ල දත් නෙමේ.
Deleteහැලපයිාය් මු වීරවංසගේ මල්ලී . ඌත් කිව්වානේ මහල්ලා හා මුහුද ලිව්වෙ මෝපසාන් කියා. කකා කියන්නෙත් ඒ වගේ තථා. හැබැයි තමන්ට කෙළ වුනොත් තමන් ලිව්ව reply & Ano comments both were missing.
@කකා,
Deleteමහව මරදානෙන් පහයි පනස් ගානකට තිබුනවගේ මතකයි.අපිනං ඔෆිස් එකේවෙන ප්‍රමාදයක් නැත්නං හතරයි ගානෙ ගෙදර ගියා.
@ඇනෝ,
Deleteකාගේවත් කිසිම කමෙන්ට් එකක් මම මකන්නෙ නෑ තුන්වෙනි පාර්ශවයකට කුණුහරුප කියල තිබ්බේ නැතිනම්.
මේ බ්ලොගයේ මට ඕනෙතරම් කුණුහරුප කියන්න වෙනත් අයට කියන්නෙ නැතිව.
ලොබ කමක් නැතුව වියදම් කරාම ඔනදෙයක් දෙන ගැල්ලමෙක් මමත් හොයනවා..... මට නෙවි දන්න අදුරන යලුවෙක්ට,
ReplyDeleteඒ මොකෝ යාලුවා වෙනුවෙන් උඹ හොයන්නේ ...? යාලුවට හොයලා දීලා උඹ වියදම් කරන්නද හිතන් ඉන්නේ .....:D (විහිලුවට කිව්වේ ඈ ...මලපනින්න එහෙම එපා )
Deleteඋඹට කියන්න මමත් එහෙම ගෑල්ලමෙක් හොය හොයනේ ඉන්නෙ රාළේ,අනේ හම්බවුනොත් මටත් කියපං.
Delete@ ඉවාන් ඇත්තම කියනවනම් එතන යාලුවෙක් නෑ බන්.... කොහොම මොනවා කිව්වත් කෙන්තිගන්න ජාතියේ පොරක් නෙවි මැලේ රාළ ඒ නිසා බය නැතුව ඕන දෙයක් ඕන තැනක (ඕන කෙනෙක්) කියන්න සහෝ....
Delete@හැලපයියා කෙන්ජයියගෙන් වත් අහමු
@හැලපයියා ඇයි බොට නින්දෙන්ම මියැදෙන්න හිතිලද හැලපි අක්කා මේක දැක්කොත්?
Delete@අකලංක
Deleteමේ දවස්වල හැලපි නෑ කොල්ලො,ලංකාවට ගිහිං.
ගියපර එකත් එක්ක ගත්තම අද පොටො එකත් මදි වගෙ..,..
ReplyDeleteමදි නං තමයි බං,ඒ වුනාට වෝනින් එනවනෙ.
Deleteඑකනේ බන් වැදගත් පින්තුරේක අගය දන්නේ නැති එවුන්නේ ඉන්නේ
Deleteම0 කලින් වැඩ කරපු කන්තෝරුවකත් මරු වැඩක් උනා.
ReplyDeleteප්‍රොමෝශන් එකක් හම්වෙච්ච පොරක් ඊට පස්සෙ තඩි බ්‍රිෆ් කේස් එකක් උස්සන් එන්න පටන් ගත්තා (නයි පාරකට වෙන්න ඇති )
අපි දවසක් ඔකට දන්න බර දෙයක් හෙව්වා. අන්තිමට පිහිට උනේ ඔක්ස්ෆොර්ඩ් ඩික්ශනරිය. කන්තොරුවල ගඩොල්, යකඩ කැලි තියෙන එකක්යැ.
ඌ ඉතින් ඔකත් උස්සන් ගෙදර ගියා කියමුකො, දවස් දෙක තුනක් ගිහිල්ලත් බබා වගේ ඉන්නව කිසි දෙයක් දන්නෙ නැහැ වගෙ.
බැරිම තැන අපි ගිහිල්ලා කිව්වා පොත ගෙනත් දෙන්න කියල. මු කියපි මොන පොතද, එහෙම කිසි දෙයක් තිබ්බෙ නැහැ කියල.
අන්තිමට අපි ටික සල්ලි දාලා අලුත් ඩික්ශනරියක් ගෙනත් තිබ්බා කන්තොරුවේ.
අපෝ ඔයා වගේ වැඩනං අපිත් ඔෆිස් එකේදී හරියට කරනවා,ඇයි අර පන්චර් එකේ එකතුවෙන කෑලි කුඩ ඇතුළට දාල තියනව,කුඩේ දිගෑරියම මල් වැස්ස වගේ.
Deleteසැරයක් මටත් ඔහොම දාල තිබිල එදා මට කුඩේ ඉහලන්න වුණේ නෑ,ගෙදර ගෙනත් තිබ්බා,පහුවද අපේ අම්ම මගේ කුඩේ අරං ටවුන් යද්දී වැස්සක් ඇවිත්.
ඉතුරු ටිකත් කියෝලම කමෙන්ට් එකක් දාන්නං කතන්දරේට...
ReplyDeleteහොඳයි හිරූ,මේ දවස්වල වැඩත් වැඩියිනෙ.
Deleteඔය දුරගමන් කන්තෝරු කෝච්චිවල යන අය අතර මහා කල්ලිවාදයක් තියෙනවා නේද?
ReplyDeleteකල්ලි කල්ලි අතර ප්‍රශ්න තියෙන්න පුළුවනි කකා,නමුත් කල්ලි ගැහිල අනික් මිනිස්සුන්ට තැනක් නොදී අධිපතිවාදයෙන් යන කල්ලි ප්‍රධාන මාර්ගයෙ හිටියේ නෑ කකා,මුහුදුබඩ මාර්ගයෙ එහෙම කල්ලි හිටියය කියල මම අහල තියෙනවා.
Deleteහැලපේ කෝච්චියේ සෙට් එකනම් ආතල් නේද? හරි ආස හිතුනා තෙන්නේ ගැන. මට කවදාවත් කෝච්චියේ වැඩට යන්න සෙට් වෙලා නැහැ.
ReplyDeleteහොඳ වෙලාවට නොගියේ .. ගියානං තනුජා ගොඩ :D
Deleteඅනේ *කෝ පවුලූශෝ..:D
Deleteඋඹව මග ඇරුනනේ මචං සමාවෙයන්
Deleteතෙන්නය මේ සැරේ ලංකාවට ගිය වෙලෙත් කෝච්චියෙන් බැහැල යනවා හම්බවුනා දැනුත් කාගේ හරි සෙට් එකකට එකතුවෙලා කියෝ කියෝ යනව ඇති.
ඔය ටයිප් කෙල්ලො ඔක කරගන්නවමයි.අඩුම තරමෙ ලොක හොරෙක් බැද ගන්න්නව
ReplyDeleteදමිත්ට හොඳට අත්දැකීම් තියෙනව වගේ ඒ ගැන.ලඟදි අලුත් මොකුත් ලිව්වේ නෑ නේද?
Deleteඅයියෙ තරහ නැතුව මෙතෙන්ට යනවද http://damgune.blogspot.com/ .කලින් එක වහලම දැම්ම අවුලක් ඇවිත්.ඉට පස්සෙ අටමගෙ පරන එකක් අලුත් කරා.අවුල නිසා මම කාටවත් කිවුවෙත් නැ
Deleteබොහොම රසවත් අත්දැකීම් සමුදායක් කියන එක තමයි මුලින්ම කියන්න ඕනේ. මම හිතන්නේ මේ කෝච්චියේ යන කල්ලි එදා වගේම අදත් ඉන්නවා. අනාගතයේදීත් ඉඳියි. මගේ ලොකු දුවත් සඳුදා උදේ මහව කෝච්චියෙන් කොළඹ ගිහින් ඇගේ රැකියාවේ යෙදී සිකුරාදා හවස කුරුණෑගල කෝච්චියෙන් ගෙදර එනවා. මම හිතන්නේ ගෙදරදී කියන්න පුළුවන් 'ජවනිකා' විතරක් කියනවා. මමත් විශ්‍රාම ගත්තාට පසු කීප වතාවක් මහව කෝච්චියේ කොළඹ ගිහින් තියනවා. අප්පොච්චියේ එක යමරෙට වැඩනේ. බත් කවනවා, සමහර මහත්තුරු නෝනලාගේ කොන්ඩ පීරලා ස්ලයිඩ් එක ගහලා දෙනවා, හැට්ටෙන් එලියට ආව බ්‍රසියර් පටිය හදලා දෙනවා. ඉඩ මදිනම් ඔඩොක්කුවෙත් ඉන්දවගන්නවා, පුදුමාකාර සාමකාමී සහජීවනයක්.
ReplyDeleteමම කෝච්චියෙන් වැඩට ගියේ 1980 දශකයේදී. ඒ කියන්නේ මාසෙකට දෙකකට වරක් වවුනියාවේ සිට පොල්ගහවෙලට සහ ආපසු පොල්ගහවෙල සිට වවුනියාවට. හැබැයි අනුරාධපුරය පහුවුනාම පිස්තෝලය සූදානමෙන් තබාගෙන යන්නේ.
නිවාඩු යන යාලුවන්ගේ බෑග් වලට අරවා මෙව්වා දමා යැවීම අපේ හමුදා එකකයේත් තිබුණා. combination lock සහිත suit cases විවෘත කිරීමට දක්ෂයෙක් හිටියා. එයාගේ කල්ලිය කරන්නේ නිවාඩු යන අයගේ බෑග් වලට කොහෙන්හරි හොයාගෙන ගැහැණු යට ඇඳුම් දමන එක. මේ නිසා ඇත්තටම පවුලක් කැඩෙන්න ගියා. අපේ අණදෙන නිලධාරි තුමා ඒ පවුල කැඩෙන්න ගිය නිලධාරියාගේ ගෙදර ගිහින් කරුණු අවබෝධකරදී ඒ පවුලේ සමගිය රැකගත්තා.
විචාරක තුමාටත් කෝච්චිය ගැන හොඳ හොඳ අත්දැකීම් තියෙන පාටයි.
Deleteඅර කාන්තා යට ඇඳුම් බෑග්වලට දාන එකනං හරිම භයානක වැඩක් නේද.
කෝච්චි කතාත් පුදුම රසවත් නේද හැලප.ඒ අතරට අපේ හෙන්රියත් එල කතා කොටයක් නෙලලා.
ReplyDeleteඔය තනුජල වගේ එකීලා ගේ මෝඩ කම් නිසා නිකන්ම ගොන්නු වෙන කී දාහක් නම් ඉන්නවද.
පුදුම විදියට රසවත් කෝච්චි කතා තියෙනව කෙන්ජි,තනුජා ගැන කිව්වොත් ඒ කෙල්ලට වැඩියෙ කොල්ල හරි දක්ෂයි.
Deleteමහව කෝච්චියෙ 10 පෙට්ටිය වසර 3ක්ම සිරා යාවජීව සාමාජිකයෙකු වෙලා හිටිය තැනක්...පවර් සෙට් එකක් මහවට දැම්මට පස්සෙ තමයි සීට් දෙකක් අස්සට වෙන්න හිටිය පිරිස විසිරලා ඒ සුන්දරත්වය නැති වූනේ...මට මේ පෝස්ටුව අතරින් ඒ අතීතයත් මතක් වුනා...
ReplyDeleteඔය වගේ යාලුවෙකුගෙ කෙල්ලගෙ ඇගට වෙනසක් දැනෙනවා කියලා ගැට අන්නාසි හොයන්න ගිය සිද්ධියකුත් මේ අස්සෙම මතක් වුනා බොල...
මහවට පවර්සෙට් දැම්මට පස්සෙදී අර සීට් දෙකක් අතර හිරවෙලා කයිය ගහගෙන යන සොමිය එහෙම පිටින්ම නැතිවුනානේ බොලං,
Deleteඋඹ ඒ දවස්වල මට කිව්වනං ගැට අන්නාසි ගෝනියක් හරි අලවත්තෙන් කඩල දෙන්න තිබුනා.
ආදර කතා 3ක් කෝච්චියෙදි ලිව්වා.
ReplyDeleteඑකක අතින්වත් අල්ලලා නෑ
නො 2 පවුලත් මේ ලගදි කැඩෙන්න ගියා අපේ පවුලට මාට්ටුවෙලා ෆ්ලේම් එක රි ඉග්නයිට් වෙලා
නො 3 පව්
මගෙ අම්මේ එහෙමත් කාලයක්.
උඹත් පොඩි පහේ බඩුවක් නෙවෙයි කොල්ලො බලාගෙන ගියාම,තව ආදර කතා කීයක් ලියන්න හිතං ඉන්නවද .
ReplyDeleteඅද ටිකක් වෙලා හම්බුනා හැලපලන්තයේ සවාරියක් යන්න. හිනා වෙලා
ReplyDeleteබඩ රිදෙනවා . ඒ මදිවට තනුජා කෙල්ල ගැන බඩේ ගින්දරකුත් ඇති උනා
ඔබේ පලවෙනි ආගමනය නොවේද,ආදාරයෙන පිලිගන්නවා,
Deleteමම අහන්නමයි හිටියෙ ඔබේ දයාබර මාරේ පෝස්ටුවට මොකද වුණේ,
කලින් ඇවිත් බලල ගියා. අද තමයි නිවාඩු පාඩුවේ රස වින්දේ. දැන් නිතරම එනවා.
Deleteමේ තියෙන්නේ අර පොස්ට් එක http://thilakasitha.blogspot.com/2013/07/blog-post.html
//තනුජා සිහින මැව්වෙත් මෙවැනිම කෙනෙකුට නිසා ඔහුට ආදරය පිළිගන්වන්න තනුජට දෙසැරයක් හිතන්න උවමනා වුණේ නෑ...//
ReplyDeleteමම හිතුවේ ආදරේ කියන එක දැක්ක හැටියේ හිතට එන දෙයක් කියලනේ. හරියට විදුලි කොටනවා වගේ...:D