අප තීරණය කරගෙන තිබු පරිද්දෙන්ම අප්‍රේල් මාසයේ එක්තරා සැන්දෑවක ගාර් ඩි මිඩිවලින් වෝර්සෝ බලා යන බස් රථයට ගොඩවුනේ සිංහල අලුත් අවුරුද්ද වෝර්සෝවල ගෙවා දමමින් අවුෂ්විට්ස් වද කඳවුරද නරඹන්නට යන්නටය.නියමිත වෙලාවට බසය පිටත්විය.එඩුවාද එදිනම රාත්‍රියේ පෘතුගාලය බලා ගුවන්ගත විය. මුළු රාත්‍රිය පුරාම බසය ජර්මනිය හරහා ගමන්ගත්තේය.අප පෝලන්ත දේශ සීමාවට පැමිණෙන විට වටින් ගොඩින් එළිය වැටෙමින් තිබිණි.පෝලන්ත ගමන ගැන විස්තරයක් වෙනම ලිවිය යුතු බැවින් මෙහිදී ගමනේ විස්තර සඳහන් කරන්නට නොයමි.එතැනින් පෝලන්තයට ඇතුළුවූ අපි වෝර්සෝවලට පැමිණෙන විට සවස්වී තිබුණි.පෝලන්තය විශාල රටක් බව මා දැනගෙන සිටියත් මෙතරම් විශාල යැයි රටට එනතුරු නොසිතුවෙමි.සංග්‍රාහිකාව අප එනතුරු බලා සිටියාය.අධික මහන්සියත් නිදිමතත් හේතුවෙන් රෑට කෑවයින් නොකෑවයින් ඇඳට වැටී මළකඳන් මෙන් නිදාගත් අප ඇහැරුණේ පසුවදා උදයේය.එදින වෝර්සෝවල රවුමක් ගැසූ අප පසුදින ක්රැකෝ යන්නට සිතාගෙන අවුෂ්විට්ස් කඳවුරට ටෙලිපෝන් කළෙමු.පිළිතුරු නැත.ක්රැකෝවල දන්නා අඳුනන ටැක්සි රියැදුරෙකුට කතාකළ විට ඔහු කීවේ පාස්කු නිවාඩුවට අවුෂ්විට්ස් කඳවුර සතියක් වසා ඇති බවයි.ඊට අමතරව නත්තලට දවසක් වසනු ලැබේ.අවුරුද්දටම නිවාඩු එපමණය.
යන්නට ආ ගමන අසාර්ථක වූ බැවින් අපි බෙහෙවින් සිත් තැවුලට පත්වූයෙමු. හරියට සිකුරාදාවක ටජ්මහල් බලන්නට ගියාසේය.මේ අපේ නොලැබීමම මිස වෙන කුමක්ද.අලුත් අවුරුදු කෑමවල් නම් කිහිප තැනකම විය. වෝර්සෝ ගියා වෙනුවට රවුමක් ගසා ආපසු පැමිණියෙමු.මේ අතර පෘතුගාලයට ගිය එඩුවාට කුමක් වීද? එඩුවා ලිස්බන් නගරයේ සුපිරිසිදු පෝට්වයින් රස බලමින් සිය පර්යේෂණය ආරම්භ කළා පමණකි.ගෙදරින් ලැබුන දුරකථන ඇමතුමකින් කියවුනේ පාර්ලිමේන්තු ඡන්දය තව දින දෙකකින් පවත්වන බැවින් වහාම ආපසු පැමිණෙන ලෙසටය.ඡන්දය හෝ දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නැති එඩුවා පර්යේෂණය අතරමග නතරකර දමා හැරෙන තැපෑලෙන් ආපසු යන්නේ ඡන්දය නොදුන්නොත් වදින දඩය පෘතුගාලයට දෙතුන් සැරයක් යන්නට එන්නට තරම් ප්‍රමාණවත් නිසාය.ඡන්දය ගැන කිසිම හෝදිසියක් නැතිව යොදාගත් ගමන සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.ඒ අනුව අප දෙදෙනාගේම බලාපොරොත්තු සුන්වී ගියේ වැල්ලේ තැනූ මාලිගා සේය.
අවුෂ්විට්ස් කඳවුර බලන්නට නොලැබීම ගැන මටත් වඩා සිත් තැවුලට පත්වී සිටියේ එඩුවාය.ඔහු කීවේ අවුෂ්විට්ස් තරම් ලොකු නැතත් හිට්ලර්ගේ වද කඳවුරක් මේ රටේත් තිබෙන බවය.වෙලාවක ඒ කඳවුර බලන්නට යමුයි කියූ ඔහු පසුදිනෙක අප බ්රින්දොන්ක් හි පිහිටි ඒ කඳවුර බලන්නට අරගෙන ගියේය.ඒ කතාව වෙනම කිවයුතු එකක් බැවින් එයද පසුවට කියන්නට තබාගනිමි. ඉතිං එඩුවා සම්බන්ධයෙන් දැනට එපමණය. පහුගිය අවුරුද්දේ දවසක මම එඩුවාට කතාකළේ දුක සැප අහන්නටත් වඩා පැරණි මතකයන් අලුත් කරගැනීමටය.එකළ ඔහු හැන්සන් සුළීහි ගෙය අතහැර ඊට ටිකක් ඈතින් ඇති වෙනත් ගෙයක විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටියේය. ඒ දවස්වල සරසවි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වූ අපේ මිත්‍ර ඉතියෝපියන් ජාතික ගෙත් දැන් කැනඩාවේ කැල්ගරි හි ජීවත්වන බවත් ඔහු දැන් මහාචාර්ය ගෙත් බවත් එඩුවා කීවේ කැහ් කැහ් ගා හිනාවෙමිනි.අතරමගදී අතහැර දමා ආ පෘතුගාල සංචාරය නැවත යන්නට එඩුවාට ලැබුනේ නැත.ඕනෑනම් දැන් ගිහිං ඒ කටයුත්ත ඉවර කර දමන්නට හැකි නොවේදැයි මා ඇසුවිට එඩුවා කීවේ දැන් ඒ ගැන එපමණ උනන්දුවක් ඇතිවන්නේ නැති බවයි.ලංකාවට ආ වෙලාවක දෙන්නා එකතුවී කොහේ හෝ යමුයි කී එඩුවා ආවිට මට කතාකරන්නම් යැයි කියා සමුගත්තේය.
එඩුවාගේ හදිසි අභාවය ගැන පණිවිඩය ලැබුණේ රසිකගෙනි.ඒ සම්බන්ධයෙන් මා රසිකට ස්තූතිවන්ත වෙමි.මා සිතා සිටියේ මේ ලිපියත් පළවූ පසු එඩුවාට කතාකර කියවා බලන්න කියන්නටය.නමුත් මගේ ලිපි නොකියවාම ඔහු දෙව් මව් තුරුළට ගොසින්ය.එඩුවාගේ නික්ම යාම ගැන දැනගත් මොහොතේ සිටම මගේ සිතට දුකක් වේදනාවකට වඩා මහා පාළු ගතියක් දැනෙන්නට විය.එය අමුතුම මුසල පාලුවකි.ඔහු ගැන මතකයන් චිත්‍රපටයක රූප රාමු මෙන් සිත තුළ මැවී පෙනේ.ගෙවී ගියාවූ ඒ සුන්දර සන්ධ්‍යාවන්හි වයින් බෝතලයක් ඉදිරියේ වාඩිවී සිට අප කළාවූ කතාබහ දැන් සුන්දර සිහිනයකි. නෙදර්ලන්තයේ නිරුවත් වෙරළ තීරයේ සිට ඩෙල්ෆ්ට් දුපතේ කැලෑ අශ්වයන් දක්වා ඒ කතාබහ ඇදීයයි.
ඒත් දැන් එඩුවා මට නොකියාම යන්න ගිහින්ය.එඩුවාගේ අභාවය දැනගත් වෙලේ මම එඩුවාගේ ආදරණීය බිරිඳට කතාකළේ ඔහුගේ අවසානය ගැන දැනගන්නටය.ඇය කීවේ කිසිම දුකක් නොවිඳ හදිසියෙන්ම එඩුවා සමුගත් ආකාරය ඇයට මහත් සැනසීමක් බවය.ජීවත්වූ කාලයේ කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවත්වූ ඔහුගේ මරණයද කිසිම කෙනෙකුට කරදරයක් නොවී සිදුවුන බව ඇය වැඩිදුරටත් කීවාය.එඩුවා බොහෝසේ ප්‍රියකළ වයින් පානය පසුකාලීනව සම්පූර්ණයෙන්ම අත්හැර දමා බියර් බොන්නට පටන්ගත් බවත් ඒ හේතුවෙන් ලොකු බියර් බඩක් ඔහුට ලැබුණු බවත් ඇය කීවේ සිනාවෙමිනි.
මෑතකදී ගත් එඩුවාගේ පිංතුර තියේනම් මට එවන්නට යැයි මා ඇයට කීවිට ඇය එවා තිබුණේ මීට අවුරුදු අටකට හෝ නවයකට පෙර ශීත සෘතුවේ දවසක මා විසින්ම ගනු ලැබූ ඔහුගේ පිංතුරයකි.ඒ කාලයේ පිංතුරයක් අවශ්‍යවූ හැම තැනකටම එඩුවා දුන්නේ ඒ පින්තුරයයි.එය එඩුවාගේ ප්‍රියතම පිංතුරයක් වූ බව ඇය ලියා තිබුණි. ඒ මවිසින් ගන්නා ලද්දක් බව ඇය තවම නොදනී.එඩුවාගේත් මගේත් අපූර්ව මිත්‍රත්වය සිහිකරන ඒ පිංතුරය අද මේ ලිපිය සමග පළකරන්නේ මගේ අපූරු මිත්‍රයෙක් වූ එඩුවාට උපහාර පිණිසය෴