ආර්. කේ .නාරායන්ගේ පොත්වලින් මම මුලින්ම කියවපු පොත "The Guide" කියා මගේ මතකයේ ඇත. "වීදුරු බිත්ති" නමින් එහි පරිවර්තනය කර තිබුණේ ආරියදාස සෝමතිලකය. මටම කියා පොත් මිළදී ගන්නට වත්කමක් නොතිබුණු ඒ කාලයේ වීදුරු බිත්ති පොත මම කියැවුයේ බෙනට්ගේ පොත් එකතුවෙන්ය. පසුකාලයක ඒ පොත මිළදී ගන්නට හෙව්වත් පොත් කඩවල වීදුරු බිත්ති පොත සොයාගන්නට නොවීය. ඒ නිසා දැනටත් මා ළඟ තියෙන්නේ වෙනත් කෙනෙක් විසින් පරිවර්තනය කරන ලද මඟ පෙන්වන්නා නම් පොතකි. ඒ පොත වීදුරු බිත්ති තරම් හොඳට පරිවර්තනය වී නැතැ යි මගේ විශ්වාසයයි. කොහොම උනත් මට ආර්.කේ.නාරයන්ගේ කතා රස වැටුණේ වීදුරු බිත්ති පොතෙනි. ඔහුගේ කතා රටාවේ තිබු උපහාසයද උත්ප්‍රාසයද මගේ සිත තදින් බැඳගත් නිසා ඉන්පසු මගේ උනන්දුව තිබුණේ නාරායන් විසින් ලියන ලද තවත් කතා කියවන්නට වුනත් එය එතරම් පහසු නොවුයේ නාරායන්ගේ කතාවල පරිවර්තන පොත් කඩවල එතරම් නොතිබුණු හෙයිනි. නාරායන් විසින් මවන ලද මනඃකල්පිත මල්ගුඩි නම්වූ නගරයක් වටා ගෙතුණු කතා මාලාවක් වූ Malgudi Days නම්වූ පොත ඇසුරෙන් කරන ලද ටෙලි කතා මාලාවක් සිංහල උප සිරැසි යොදා රූපවාහිනියෙන් ප්‍රචාරය වන්නට වුයේ ඔය වකවානුවේය.
ඒ කතාවලට සිංහල උපසිරැසි යෙදු ටයිටස් තොටවත්තයන් මල්ගුඩි දවසැ යනුවෙන් කතා මාලාවට නම යෙදීය. අලුත් අලුත් නම් යෙදීමේ ශුරයෙකු හෙවත් වදන්පතියෙකු වූ තොටවත්තයන් යෙදු ඒ නම කතාවලට ගැලපෙන නිවැරදිම නම වුයේ මල්ගුඩි දවස යනුවෙන් හෝ මල්ගුඩි දවස් යනුවෙන් යෙදීම කතාවට නාරායන් යොදා ඇති මාතෘකාවට නොගැළපෙන බැවිනි. ඒ අනුව ඔහු යෙදු ඇ කාරය කතාවට ඉතාම උචිත විය. ඇ කාරය මෙලෙසින්ම ඉතා ප්‍රතිපලදායක ලෙස යොදාගෙන ඇති තවත් අවස්ථාවක් මගේ මතකයට නැගේ. ඒ නම් රැයිපියෙල් තෙන්නකෝන් කවියා විසින් ලියන ලදුව පසුව සුනිල් සාන්තයන් ගායනා කළ කුකුළු හැවිල්ල නම් කවි පෙළයි. එහි එන එක් පදයක් වූ "පොළොවැ උලා නළල් ඇටේ" යන පදය ඇ කාරය නොමැතිව "පොළොව උලා නළල්ඇටේ" ලෙස ගැයුවහොත් අදහස් වන්නේ පොළොව අතට ගෙන නළලේ උලන බවකි. නමුත් ඇ කාරය හේතුවෙන් නළල පොළොවේ උලන බව නිවැරදිව කියැවේ.
තොටවත්තයන් ගැන කියැවුණු මේ වෙලේ ඔහු ගැන සමන් ලියා තිබු කතා කීපයක්ද මට මතක් වේ.
ඒ මෙහෙමය.
"නිර්මාණ කාර්යයේ යෙදෙද්දී ද, දවල් කෑම වෙලාවට පෙරාතුව පොඩි රවුමක් ගසා ඒම බොහෝ කලාකරුවන්ගේ සිරිතය. ටයි මහත්තයාද එසේය. ටෙලි නාට්‍යයක් රූගත කරනවිට කෑමට පෙර සුපුරුදු රවුම ගසා ටයි මහත්තයා පැමිණියේය.
"පුතා...උඹ කෑවද?" ඔහු කැමරා ශිල්පියාගෙන් ඇසීය.
"ඔව් ටයි අංකල් ...කෑවා..." කැමරා ශිල්පියා උත්තර බැන්දේය.
"ආ...උඹ කාපං...උඹ කෑවොත් ඇති.අනිත් උන් බඩගින්නෙ මළත් උඹ කාපං..." ටයි මහත්තයා බැණ අඬගෑවේය.
පසු දිනද ටයි මහත්තයා රවුම ගසා ආවේය.
"පුතා...උඹ කෑවද?" ටයි මහත්තයා කැමරා ශිල්පියාගෙන් ඇසීය. ඊයේ "කෑවා" කියා කාපු පරිප්පුව තාමත් කැමරා ශිල්පියාට මතකය.
"නෑ...ටයි අංකල්...කෑවෙ නෑ..."කැමරා ශිල්පියා කීය.
"ආ...උඹ කන්න එපා...උඹ බලාගෙන හිටපන් කවුරුහරි කෑම එක අනල ගෙනල්ල උඹේ කටේ ඔබන කල්..." ටයි මහත්තයා බැණ අඬගෑවේය."
පසුකාලීනව අතිශය ජනප්‍රිය වූ පිස්සු හුටං යන වචනයද තොටවත්තයන්ගේ නිෂ්පාදනයක් බව කියැවේ.
"සිංහල සිනමාවටද දායකවූ ප්‍රංශුවෙක් මෙරට ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කළේය. අප ඔහු දැන හඳුනා ගත්තේ සිනමාවට පිවිසීමට කලිනි. පසු කලෙක ඔහු ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ 'පුරන් අප්පු' චිත්‍රපටයේ ඉංග්‍රීසි සෙනෙවියෙකුගේ භූමිකාව නිරුපණය කරමින් සිංහල සිනමාවටද පිවිසියේය.
අපේ ටයි මහත්තයා ඔහුගේ 'හඳයා' චිත්‍රපටය සඳහාද මේ ප්‍රංශුවා සම්බන්ධකර ගත්තේය. ඔහුගේ නම 'යාන් පියරේ ඔතෑන්'ය. නිසි පරිදි උච්චාරණය කරද්දී ඔහු 'ඔතෑන්' වුවද එය ලියැවෙන අයුරින් අපට හුරුපුරුදු ලෙස උච්චාරණය කළහොත් කියැවෙන්නේ 'හුටං' යනුවෙනි.
ටයි මහත්තයා මුළු චිත්‍රපටය පුරාම පාහේ ඔහු ඇමතුවේ 'හුටං' කියාය. හුටං පමණක් නොව ඔහුගේ පුත් පුංචි හුටං ද හඳයා චිත්‍රපටයේ රඟපෑවේය.
"කෝ මේ පුංචි හුටං...? එතකොට කෝ ලොකු හුටං?... කොහේ ගිහිල්ලද මේ පිස්සු හුටං ලා...?" බේරේ වැව අද්දර දර්ශන තලයේ සිට ටයි මහත්තයා කෑ ගසනු මට තාමත් මතකය. සිංහල භාෂාවට 'පිස්සු හුටං' යන වදන එක්වුණේ මෙලෙසින් බව මගේ හැඟීමයි..!"
(එය මෙසේ සිදුවිය, සමන් අතාවුදහෙට්ටි, 2008)
නාරායන් ගැන කතාවට නැවත ආවොත් ඔහු විසින් ලියන ලද ස්වයං ලිඛිත චරිතාපදානය වූ My Days සමන් වික්‍රමාරච්චි විසින් මගේ කළ දවස යනුවෙන් පරිවර්තනය කරනු ලදුව මට කියවන්නට ලැබිණි. බෙහෙවින් සිත් අදනා සුළු ශෛලියකින් රචිත "මගේ කළ දවස" ද මා සිත වසඟ කළ පොතක් වූ බව නොකිව මනාය. කාලය වේගයෙන් ගෙවී ගොස් පසුකලෙක මට චෙන්නායි නගරයේ පදිංචියට යන්නට සිදුවිය. චෙන්නායි වල නාරායන්ගේ පොත් හිඟයක් නොවීය. ඔහු විසින් ලියන ලද සියලුම පොත් පබ්ලිකේෂන්ස් විසින් ප්‍රකාශයට පත්කරන ලදුව චෙන්නායිහි පොත් කඩවල විකුනන්නට තිබු නිසා මම හිගින්බොතම් පොත් සාප්පුවෙන් ඒවා මිලදීගෙන කියැවුයෙමි. පොත්වල ප්‍රමිතිය එතරම් හොඳ තත්ත්වයක නොතිබුණද කියවන්නට අපහසුවක් නොවීය. නාරායන්ගේ පොත්වලට වහවැටී දිගින් දිගටම කියවමින් සිටි මට ඔහුගේ පොත්වල කියැවෙන දකුණු ඉන්දීය පරිසරය පොත්වලින් පමණක් නොව හැබැහින්මද දැකගන්නට ලැබුණේ ඒ වනවිට මාද දකුණු ඉන්දියානු පරිසරයට අනුගතවී සිටි ජීවියෙක් නිසාවෙනි. කතාවලින් කියැවූ නාරායන් සැබෑ ජීවිතයේ ජීවත්වූ ආකාරය සහ ඔහු ජීවත්වූ පරිසරය ගැන වැඩිදුරටත් සොයන්නට මට කල්පනා වුනේ මේ අතරවාරයේය. කල්පනා වුවාට ක්‍රියාත්මක වන්නට ප්‍රමාද වුණේ වෙනත් කිසි හේතුවක් නිසා නොව කම්මැලිකම ඉදිරියට ආ නිසාය.
කාලය 2001 වසරේ මුල් භාගයයි. මෙතෙක් දවස් කල් දමමින් සිටි නාරායන් සොයා යාම ක්‍රියාත්මක කරන්නට මට හිතුණේ නිකම්ම වාගේය. වැඩේ එච්චරට අමාරු නොවන බව මා සිතුයේ නාරායන් කුඩා කල පදිංචිව සිටි පුරුසවල්කම් ටවුම අප පදිංචිව සිටි එග්මෝර් වලට බොහොම ලඟින් පිහිටා තිබු නිසාය. නාරායන්ගේ ජීවිත කතාවට අනුව ඔහු පදිංචිව සිට ඇත්තේ අංක.1, වෙල්ලාල වීදිය, පුරුසවල්කම්, යන ලිපිනයේය. අපි සති අන්තයේ බඩු ගන්නට යන්නෙත් පුරුසවල්කම් ටවුමටය. සති අන්තයේ එළවළු මාළුපිණි ගන්නට කඩපොළට යන ගමනට හැලපි අනිවාර්යයෙන්ම මාවත් එකතු කරගන්නේ ගන්න බඩු මුට්ටු වලට කඩපොළේ ගෑණු චර බර ගා දෙමළෙන් කියන ගණන් හිලව් ඇයට නොතේරෙන නිසාය.
ඔන්න ඔහොම එක සති අන්තයක අපි දෙන්නා බඩු ගන්නට යන්න සුදානම් වූ විට නාරායන් සොයා යාමේ මගේ අභිලාෂය ගැන ද මම ඇයට කීවෙමි. ප්‍රශ්ණයකට තියෙන්නේ අපට වැඩේ පටන්ගන්නට තැනක් නැතිකමය. නාරායන් කියා ඇති ලිපිනය සොයා යාම විහිළුවක් වන්නේ ඔවුන් ඒ ලිපිනයේ පදිංචිවී සිට ඇත්තේ එක්දාස් නවසිය තිස් ගණන් වල වීමය. නමුත් කරන්නට දෙයක් නැතිකම නිසාම එතැනින් පටන් ගන්නට තීරණය කර වෙල්ලාල වීදියේ අංක එක සොයා ගියෙමු. ඛේදයකි! දැන් එතැන තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ නිර්මාංශ හෝටල් ජාලයක් වන ආනන්ද භවන් අති විශාල සයිවර් කඩයකි. දැන් කුමක් කරන්නද? කෝකටත් කියා අපි දෙදෙනා කඩයට ගොඩ වැදුනෙමු. හෝටලයෙන් හමන තෝස, වඩේ, ඉඩ්ලි, පූරී ආදී දකුණු ඉන්දියානු ආහාරවල දිව පිනා යන සුවඳින් මුසපත්වූ හැලපි ක්ෂණයකින් නාරායන් අමතක කරදමා සයිවර් කන්නට වාඩිවූවාය෴
ඔන්න ඔහොම එක සති අන්තයක අපි දෙන්නා බඩු ගන්නට යන්න සුදානම් වූ විට නාරායන් සොයා යාමේ මගේ අභිලාෂය ගැන ද මම ඇයට කීවෙමි. ප්‍රශ්ණයකට තියෙන්නේ අපට වැඩේ පටන්ගන්නට තැනක් නැතිකමය. නාරායන් කියා ඇති ලිපිනය සොයා යාම විහිළුවක් වන්නේ ඔවුන් ඒ ලිපිනයේ පදිංචිවී සිට ඇත්තේ එක්දාස් නවසිය තිස් ගණන් වල වීමය. නමුත් කරන්නට දෙයක් නැතිකම නිසාම එතැනින් පටන් ගන්නට තීරණය කර වෙල්ලාල වීදියේ අංක එක සොයා ගියෙමු. ඛේදයකි! දැන් එතැන තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ නිර්මාංශ හෝටල් ජාලයක් වන ආනන්ද භවන් අති විශාල සයිවර් කඩයකි. දැන් කුමක් කරන්නද? කෝකටත් කියා අපි දෙදෙනා කඩයට ගොඩ වැදුනෙමු. හෝටලයෙන් හමන තෝස, වඩේ, ඉඩ්ලි, පූරී ආදී දකුණු ඉන්දියානු ආහාරවල දිව පිනා යන සුවඳින් මුසපත්වූ හැලපි ක්ෂණයකින් නාරායන් අමතක කරදමා සයිවර් කන්නට වාඩිවූවාය෴
නල්ල කදෙයි !!
ReplyDeleteවල්ල කැඩෙයි රාළහාමි !
Deletethanks.
Deleteනාරායන් වගේ ද තෝසේ?
ReplyDeleteඅයිසේ ඉයං, මොකෑ තමුසෙගෙ බ්ලොක් එකේ ඇනෝ කොමෙන්ට් බැරි?
Deleteඒකනෙ. තෝසේ තියේනං නාරායන් මොකටද?
Deleteමොකද්ද යකෝ මේ ටවුන් එක?පුරුසවල්කම්? එතකොට ගෑනුවල්කම් කියලා එකකුත් තියෙනවද?
ReplyDeleteකුමාර දත් මැද ගන්න. කටේ ගද එනවා.
Deleteඇති.පුරුසවල්කම් තියේනං ගෑනුවල්කම් තියෙන්නත් එපැයි.
Deleteපුරුෂ වල්කම් - මරු නම
ReplyDeleteමරු නේන්නං.
Deleteනාරායන්, ඛුෂ්වාන්ත් සිං, ප්‍රේම්චාන්ද් මගෙත් තාත්තගෙත් ඕල්ටයිම් ෆේවරිට්...
ReplyDeleteඉතිං අපිට පාන්ද?
Deleteමගෙත් පේවරිට්.
Deleteසයිවර් තරම්ම රසවත් පෝස්ටුවක්නේ !
ReplyDeleteටයි මාමාගේ කතා නම් හැමදාම රසවත් වෙයි... හොස්ස ලඟින් මැස්ස යන්න බැරි ඔහුට ආදරේ නොකළේ 'දඬුවම් මාරු' ලැබී ආපු උන්ගේ මුල් කාලය විතරයි මම හිතන්නේ.
අන්තිමට ගිහින් සයිවර් කඩේකින් ඉවර උනාම මම මේ ඉරිසියාවේ පැලෙනවා!!
අනුන් කන කෑම බීම වලට ඉරිසියා කරන්නේ මොකද බුරු දෙන? තමුසෙට ඕනි නං කනවකෝ කඩේකට ගිහිං. අනේ මෙහෙමත් මෝඩ රැලක්.
Deleteහි හි හි හි
Deleteහා.. හරි.. ඉස්තුතියි ඈ
කාලයක් තිස්සේ පැවතිච්ච නොවිසිඳුණු පුරස්නයක් විසඳුවා කියලා සන්තෝසෙන් ඉන්ට ඈ
සයිවර් වලට නං එච්චර හුල්ලන්න ඕනෑ නෑ නේද?
Deleteපිස්සු හුටං හැදුන හැටි නම් දැන් හොයාගත්තා ;-)
ReplyDeleteඑහෙනං ඇල්ලේ පොලිසියේ ඇන්ට්‍රියක් දාපං ගිහිං
Deleteසතුටුයි.
Deleteදෙමළෙන් ලියවෙන්නේ පුරසයිවාක්කම් (புரசைவாக்கம்) කියල නේද? ඔය නම හැදිල තියෙන්නේ සූරිය ගස් විශාල ලෙස තිබුණු නිසා කියනවා. සූරිය ගහට දෙමළෙන් කියන්නේ පූවරසයි (පූරසයි) මරම් කියලා. වසරකට වරක් මල් හැදෙන කියන අර්ථයෙන් විය යුතුයි. සූරිය වලට ඉංග්‍රීසියෙන් කියන පෝර්ෂා (Portia) වචනය හැදෙන්න ඇත්තෙත් දෙමළ වචනයෙන් බිඳී විය හැකියි.
ReplyDeleteතමුසෙටත් ඉතිං අනුන්ගේ ලබ්බවල් හොයනවා ඇරෙන්න වෙන එකක් නෑ නේද? ලංකාවේ උන්ට කක්කා පූක් එකක් ගියත් රටේවත් නැති මෝඩමැට්ටාට තමයි පුක්ගාය ඇවිත් බ්ලොග් එකේ ලියන්නේ. උබ වගේ ගොනෙක්.
Deleteඔය නම කීප ආකාරයකට කියවෙනවා. නමුත් වැඩිපුරම ව්‍යවහාරයේ තියෙන්නෙ පුරුසවල්කම් කියල නිසා එහෙම ලිව්වා. නිරුක්තිය සැපයීම ගැන ස්තුතියි.
Deleteඇකාරය යෙදිල්ලත් ඕක්කාරෙ හැදෙන වැඩක් තමා.
ReplyDeleteතොගේ බ්ලොග් එකත් එහෙම තමයි උගුඩුරාල. උබ ඉතිං රාවයේ වැඩ කරනවා කියන්නත් ලැජ්ජයි අච්චර නිදහස තියෙන පත්තරේ වැඩ කරන් ඇනෝ වහලා බ්ලොග් එකේ ගොන්පාර්ට් දානකොට
Deleteඇ කාරය බොහෝ තැන්වල ප්‍රතිපලදායක ලෙස යොදාගන්න හැකියි අවශ්‍ය නම්.
Deleteතමිල්නාඩුව යනු සිංහල විරෝධී නරකාදියක් කියා සිතා සිටි මගේ මනැස් චිත්‍රය වෙනස් කලේ ඔබත් ෆ්ලොරීඩා වල වෙසෙන මගේ තමිල්නාඩු මිතුරෙකුත් ය
ReplyDeleteරාලහාමිගේ ආච්චි තමිල්නාඩුවේද උපන් ගම? එවැනි ලුක් එකක් ඇති නිසා බැලුවේ මේ අපි
DeleteTrans Sylvania රාලහාමිගේ අදහස අනුව කොලඹ සරසවිය තිඹිරි ගෙන් සමාව අයැද ඔහුට යලි උපාධිය කිරීමට ඉඩ දිය යුතුයි.
Deleteඔබගේ උපදෙස්පරිදි වහාම මේ කරුණු සම්බන්දයෙන් අන්තර් විශවවිද්යල {අන්තර්ගෝලීය} ශිෂ්‍ය කමිටුව කරුණු සලකා බලා කටයුතු කරනු ඇත. ඔබගේ උපදෙස් සහ ක්‍රියාකාරීව අපසමග කටයුතු කිරීම අගයමි .
තිඹිරියාගම බණ්ඩාර කවියාගේ සියලු අයිතීන් වෙනුවෙන් ඔබ පෙනිසිට කටයුතු කිරීම ඔබට ස්තුතියි
තිඹිරියාගම බණ්ඩාර කවියා දැනුවත් කර ඔහුගේ සියලු විස්තර අ.වී.අ.ගෝ.ශි.ක. වෙත මෙයාකාරයෙන් ලබාදෙන මෙන් ඉල්ලා සිටුමු
තිඹිරියාගම බණ්ඩාර කවියාගැන ලොවේ කිසිවෙක් මෙතක් අප දැනුවත් කර නැත
මෙයට
අ.වි,අ ගෝ.ශි. ක
මමත් අතීතයේ සිතාගෙන සිටියේ ඔබ වගේමයි. නමුත් තමිල්නාඩුවට ගියායින් පසුව ඒ සිතුවිල්ල වෙනස් උනා.
Deleteහලෝ හැලපෙ,
ReplyDeleteබොහොම කාලෙකින් හැලපගේ ලිපියක් කියෙව්වේ. දැන් අපේ රාජ්ලා එහෙමත් බ්ලොග් ලියන්නෙම නෑනි. හැලපෙත් ලියන එක අඩු කරලා නේද?
ඉතිං හැලපෙ ඊයේ රෑ ඉදං කොළඹට වහිනවානි. අද දවාලේ නං පැව්වා. ඒ උනාට අඩියක් එහෙම ගහන්න නියම දේසගුනේ. මං ඒ පාර අද ඕටි කරන්න ගිහිං දවල් 12:45 ට ආවා. ඊට පස්සේ යාළුවෙක් එක්ක අඩියක් ගහලා, බත් ඩිංගක් කාලා තවත් බෝතලයක් අරං ආවා.
දැන් මේ හැන්දෑවෙලා සනීපෙට වතුර ටිකක් නාගෙන බෝතලෙත් ලෑස්ති කරගෙන ආවා අපේ හැලපෙ එහෙම ලියලා තියෙන එව්වා බලන්න. ඔන්න මං පොටෝ එකකුත් ගත්තා හැලපට, මාතලන්ට, රාජ්ට එහෙම බලාගන්න. බෝතලේ ඉතිරි ටිකත් ගහලා, බත් ඩිංගක් කාලා හාන්සි වෙන්න තමයි හදන්නේ දැන් මං.
පොටෝ එක මෙතනින්
++++
Deleteපට්ට...!
Deleteදැං ගෝලිප් බොන්නෙ නැතෙයි.
Deleteතමුසේ කොහෙද ඉන්නේ ඇනෝ? හැන්දෑවට අතපය වෙවුලනවට ඔය අරක්කු ඩිංගක් බිව්වට මොකුත් වෙන්නේ නෑ හෙනං
Deleteමෙන්න ඇනෝලා...මමත් මේ අහන්න හැදුවේ කෝ ගෝලිප්පෙක කියලා.
Deleteඔබගේ කමෙන්ටුවක් දැකීම මට පුදුම සතුටක් ගෙන එනවා.
Deleteනාරායන් සොයායාම හරි අපූරුයි අවසානේ නතර වෙලා තියෙන්නේ කෑම කඩේකින් එකත් හොඳයි දැන් තෝසයක් කාලම වැඩ පටන්ගන්න
ReplyDeleteවිචාරක දියණිය
විචාරක දියණිය කියන නම අයින් කරලා දොස්තර නෝනාගේ ඇත්ත නමින් අවොත් මොකද?
Deleteඅපෝ එහෙම ආවම කවුද එයාව දන්නේ දෙශපාලන කරන එවුන්. කළාතරුවන්ගේ එවුන් එහෙම එනවනම් මොකෝ එයට බැරි
Deleteඑයා දැන් පේටන්ට් එකත් අරගෙන ඉවරයි සිංහල බ්ලොග් අවකාසේ 2 පරම්පරාව පලවෙනි කෙනා කියලා
ඔබා මලා කොකවුරුත් ආවද එ වෙනුවට නැහැනේ අර කන්තන්දර කකාගේ ළමයි ආවද බ්ලොග් ලියන්න නැහැනේ ඉතින් මෙයා තමයි එක
විචරක සැක කරුවන් මරලා මිනීමරුවා උනාට මෙයා එහෙම නැ එහින්දා මෙයා ඉක්මනට් මැරෙන්නෙත් නැ කරුමයක් නැති නිසා
මෙයා දොස්තර වරිය නොවෙයි රජයේ සේවකයෙක් ජෝස්තර් නෝනා සයිටම් විරෝදී සටන් මෙහයවනවා එයාට බ්ලොගට වඩා අන්තරේ වැඩ තියනවා
තෝස කාලම ඊළඟ හරිය ලියන්නං.
Deleteමට ඉස්සර ඔය මල්ගුඩි දවසැ කියන එක තේරෙන්නෙම නෑ.. මම හැමදාම කල්පනා කරනවා මොකද මේ සැ කියන්නේ කියල. හරිම හේතුව දැන ගත්තේ දැන්.. ටානානේ ටනා නානා නා
ReplyDeleteමේ කතාව එක දිගටම ලියන්න හැලපෙ
පුංචි මහත්තයා දියතලාවේ කොයි හරියේද? දියතලාවේ ගොඩේ ලුක් එකක් නං නෑ හැබැයි පුංචි මහත්තයට. උගත් බුද්ධිමත් කොළඹ පෙනුමක් තියෙන්නේ.
Deleteකතාව ටිකක් ප්‍රමාද උනත් ඉතිරි හරිය ලියනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි හැලපේ...
ReplyDeleteආ මෙතන කොමෙන්ට් දදා ඉන්නේ ගිහිං අපොස උ/පෙ කරපං පොඩි එකෝ
Deleteස්තුතියි.
Deleteනාරායන් කියවීම වැදගත්. වඩාත් වැදගත් වෙන්නේ පුළුවන් නම් නාරායන්ගේ පොත් මුල් ඉංග්‍රීසි බසින්ම කියවන්ඩ අපේ ඉස්සරහ පරම්පරාවට භාෂාව පුහුණු කිරීම. නාරායන් ගැන ලෝකේ දැන ගන්නේ ඔහු ඉංග්‍රීසි බසින් ලියපු හින්දා. හැලප තුමනි ඔබට හම්බ උනේ නැද්ද දෙමළ බසින් එහෙ ජන ජීවිතය ගැන ලියපු වෙනත් අය? ඔබට බැරිද ඒ වගේ අයගේ නිර්මාණ සිංහලට පරිවර්තනය කරන්ඩ?
ReplyDeleteකට්ටකාඩුව
ඔව්ව පරිවර්තනේ කර කර හිටියම රස්සාව කරන්නේ උබද ගොනෝ?
Deleteමට තමිල්නාඩු ජන ජීවිතය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්ම ද්‍රවිඩ බසින්ද ලියු අය බොහෝ දෙනෙක් හමුවී තිබෙනවා. කාර්ය බහුලත්වය නිසා ඒවා මගේ බ්ලොගයට ලියන්න නොහැකි උනත් දවසක ලියන්න හිතේ තියෙනවා. ඔබේ බ්ලොගය මා රසවිඳින අපූරු තැනක්. දිගටම ලියන්න.
Deleteමේ ලියන්නේ ලියන්න බෑ බෑ බෑ කිය කියා හිටියට යසට.. මේ ලිපිය කියවලා මට තුන් ආකාරයකින් කේන්ති ආව හැලප එක්ක..
ReplyDeleteපලවෙනි කේන්තියට හේතුව තමා,
මල්ගුඩි දවසැ රූපවාහිනියේ පෙන්වපු කාලේ මම මතක විදිහට අට නවය වසරේ වගේ වෙන්න ඕන. ඕක ගියේ බදාදා රෑ හතයි තිහට වගේ තමා මතක. මල්ගුඩ් දවස බලන්න මම වාඩි වෙන්නේ උණු උණුවේ අම්ම උයාපු බත් පත අරගෙන. අන්න ඒ බත් පතේ මතක් වෙලා හැලප එක්ක මට මාර ඌරු ජුවල්..
දෙවැනි කේන්තියට හේතුව තමා ,
ටයිටස් තොටවත්ත කියන අසහාය පුද්ගලයා විසින් රූපවාහිනී කලාවට හඳුන්වලා දීපු උප සිරැසි කලාව අද වෙද්දී වල් වැදිලා තිබීම. ඒ කාලේ ටයි මහත්තයාගේ සිංහල හඬ කැවීම් වල තිබ්බ ඒ උරුව සහ වචන භාවිතාව අද වෙද්දී හොයාගන්නවත් නැහැ. ටයි මහත්තයාගේ උපසිරසි සහ හඬ කැවීම් අහලා බලලා අපි ඉංග්‍රීසි වචනයක්, සිංහල වචනයක් අලුතෙන් ඉගෙනගත්ත.. අද වෙද්දී එව්වා වලපල්ලට ගිහින්.. ඊයේ පෙරේදාවක රත්තරන් නාලිකාවක හින්දි පිචර් එකක ගුවන් යානයක් කඩා වැටෙන්න යන සිද්දියක ගුවන් නියමුවා මෙයිඩේ....මෙයිඩේ... කියල distress call එක දෙද්දී යටින් උප සිරැසි විදිහට "මැයි දිනය " "මැයි දිනය " කියල දැම්ම කියල දැක්ක.. එව්වා දකින්න ටයි මහත්තයා ජීවතුන් අතර නොහිටපු ඒක හොඳයි හැලප..
තුන්වෙනි කේන්තියට හේතුව තමා ,
මල්ගුඩි දවසැ ගැන කියවල මතක් වෙච්චි බත් පත අමතක කරලා පෝස්ටුව කියවාගෙන ආවාම මෙන්න යකෝ මු අන්තිමේ ආයෙත් ගම කාලා.. දැන් ඉතිං හදපන්කෝ තෝසෙ.. වැඩේ කියන්නේ හදන්න කියල ලංකාවේ කඩෙන් ගෙනාපු තෝසෙ පිටි එකක් තියනව වාසනාවට.. දැන් ඉතිං හදපන්කෝ තෝසෙ..
ඊට වැඩිය නරකද අඟහරුවාද උදේ එකට ගහිං කාල ආවනං.
Deleteඅඩෝ එළකිරි එකේ පොඩි කොල්ලන්ට නයි අරින පොල්වත්ත පොන්සියා. මෙතන නයි අරින්නේ නැතුව පල
Delete-GTRZ-
ඇනෝ... උයා ඔය ඉන්න නරක ආත්මෙන් මිදීලා මානසික ව්‍යාදීයෙන් මිදෙන්න කුසල් ලැබෙන්න කියලා මම උයාට පින් දෙන්නම් හවස බුදුන් වඳිනකොට... හුකෑස්....
Deleteඅද ටෙලිවිෂන් සිංහල දකින්න ටයි මහත්තයා නොහිටිය එකමයි හොඳ. හිටියනං බෙල්ලෙ වැල දාගනී නෙගටිව් එකකින්.
Deleteඅම්මමෝ හැලපයා මැරිලා නෑ ේ ඉන්නෙහොදටම
ReplyDeleteහැලපයා මැරිලා? අව කැපෙන කතා කියන්න එපා හරකෝ. ඇටදෙක ගංවතුරේ ගියා හැලපෙ එක්කම.
Deleteහැලපගේ යටි පැත්ත. හැලපගේ චු පැත්ත, හැලපෙ කියන්නේ අපේ හිටපු ජනාධිපතිතුමා වගේ හි හුරතල් කොල්ලෙක්. හැලපෙගේ චු ඒකට ඉරටු කුරක් අරං දෙන්න ඕනි දෙකක්.
විස්තරයට ස්තුතියි.
Deleteඋඹලගෙ උදව්වෙන් තාම හොඳට ඉන්නව බං.
Deleteතෝසෙ කිවුවොත් ඔහෙට නාරායන් නෙමෙයි හැලපිවත් මතක නැති උනොත් පුදුම වෙන්න දෙයක් නෑ. හැක්..
ReplyDeleteපුරුසවල්කං ගැනනං ආයෙ ඉතිං මොකට කතා කරනවද නෙහ්.
අඩෝ දෙමළා. උබද මේ ප්‍රොපයිල් පොටෝ එකේ ඉන්නේ? බොක පීට් වෙච්ච වදුරෙක් වගේ බාන්. වෙන පොටෝ එකක් දාගනින්. කකාගේ කක්කි පැත්තේ හරි කමක් නෑ.
DeletePraසන්ன හායි !
Deleteඔයා සනීපෙන් ද මට තංගල්ලේ හරියට සමනල් වැඩ අනේ බේරෙන්න බෑ. බැරිද මට ගොඩකවෙල ගල් වැඩපොළේ නැවතිලා පොඩි රෙස්ට් එකක් ගන්න ඔයා එකක විතරක් ඔන්න වෙන කවුරුත් බෑ මට මහන්සියි අනේ
කවුද මේ මගේ සුදුට වඳුරා කියන උලමා බලාගනින් තව මොනවා හරි කිව්වොත් එහෙම අපි තංගල්ලේ .....
AnonymousAugust 20, 2017 at 1:44 AM,
Deleteපරිස්සං වෙලා ඉන්නවෙයි හොඳේ. පේනවනෙ තියෙන ආරස්සාව කොහොමද කියල. හැක්..
නාරායන් වගේද බං තෝසේ. කාල බීල හිමිහිට පුරුසවල්කම් ගැන ලියමු.
Deleteපහු ගිය දා චෙන්නයි වලට ගිහින් ආව හින්ද හැලපයියා විස්තර කරන ගොඩක් දේ බලා කියාගෙන ආව. ඉස්සර අපි අහල තියන චෙන්නායි වලට වඩා දැන් නගරය බොහොම දියුණුයි. ගුවන් තොටුපොලත් කටුනායකට වඩා කාර්යක්ෂමයි, පිරිසිඳුයි.
ReplyDeleteඅනික ලංකාවෙන් කියල දැන ගත්තත් ගිය කොතැකදීවත් කවුරුවත් මාව මරන්න පස්සෙන් එලවාගෙන ආවෙත් නැහැ :-)
මගේ යාලුවෙකුගේ යාලුවෙක් හමු උන නිසා එග්මෝර්, මරීනා සහ එලියට් බීච්, මහාබාලිපුරම් හැම තැනකම වගේ යන්න පුළුවන් උනා. විශේෂයෙන් මහාබාලිපුරම්, චෙන්නයි සහ ෆෝට් ජෝර්ජ් කෞතුකාගාර වල බලන්න බොහොම දේ තියනවා.
නමුත් ඔහේගේ කතාවෙ වගේම චෙට්ටිනාඩු, තලප්පකට්ටි සහ සයිවර් කෑම තමයි තාමත් අමතක කරන්න බැරි. මෙතෙක් කාපු රසම පොංගල් වගේම වරකා අයිස්ක්‍රීම් හිටං රස විඳින්න අවස්ථාවත් මදියි නොකියන්න ලැබුණා !
බ්ලොග්කාරයෙක් කොහේ හරි ගියා, මොනා හරි කෑමක් කෑවා කිව්ව ගමන් මූත් ඇවිත් උගේ පම්පෝරිය පටන් ගන්නවා. ඒ තියා අර යාන්හෑල්ලේ අද පොස්ට් එකක් දාලා තියෙනවා ඉස්සර තෝරන් බලන්න බස් වල හිර වේවි ගිය විදිය ගැන. එතකොට මූත් ගිහිං එතන කියනවා ඌත් ඉස්සර එහෙම ගිහිං තියෙනවා අරකද මේක.
Deleteකොටින්ම කිව්වොත් බ්ලොග්කාරයෙක් පඩයක් ගියා කියලා පොස්ට් එකක් දැම්මොත් මූ එකට රිප්ලයි දාන්නේ 'ඕක මොකක්ද මට මේ දැන් හෝ ගාලා බඩ යනවා කියලා.' ඒ ටයිප් එකේ නොම්බර එකේ පචෝරිස් කෙනෙක්. අනේ මෙහමත් පුන්ඩේක්.
අඩ්ඩෝව් ... කොට්ට ඉරෙන්ඬ සූත්තල සුත්ත අඩිපෙ..
Deleteපුන්ඩ..??? පුන්ඩ යාන්ඩේ...
Deleteකණ්ඩා ඉල්ලපු උදව්ව කරන්න විස්තර සොයාගත්තත් දෙන්න බැරි උනේ ඒ දින කීපයේදී මගේ බයිට් ඉවරවෙලා මේල් එකට යන්න නොහැකි උන හින්දයි. අවශ්‍යතාව කරගත්ත එක ගැන සතුටුයි. මම ඔබේ ඉල්ලීම සැලකුවේ නෑ කියල අමනාප වෙන්න එපා.
Deleteඑහෙම අවුලක් නෑ ඒත් පොඩි අමනාපෙකට තියෙන්නෙ ඉතිං ඉස්සර වගෙ නිතරම නොලියන එක තමා
Deleteමටනං පොස්ට් එකට වැඩිය ආතල් මේ අනෝ තුමාගෙ රිප්ලයි ටික. හිනා කාල පනයනව බං 😜😜😜
ReplyDeleteඔව් බං ඌ මං වෙනුවෙන් රිප්ලයි දීල.
Deleteහැලපය්යා මොකාද බං මේ ඇනෝ හිස්සුපුක්තා...වැඩිපුර ගොං ආතල් දුන්නට ඌත් පොඩි තනි ආතල් එකක් ගන්නව වගේ.. අවුලක් නෑ .. ඒකෙත් ගතියක් තියේ....
ReplyDeleteඌ තනි ආතල් එකක් ගන්නවා බං.
Deleteමේක බොලාගෙ අලුත් ප්‍රොජෙට් එකක්ද ..? ඒකෙත් අවුලක් නෑ... පොඩි ක්‍රියේටිව් ගතියක් තියේ... ඒත්.. තාම බොලඳයි....ඒ නිසා බොලාගෙ වැඩක් වෙන්න බෑ....
ReplyDeleteඅම්මාහ්..පෝස්ට් එකත් අමතක උනා සියල්ල දත් ඇනෝ යාලුව නිසා.. keep it up ur good work
ReplyDeleteඔව් ඉතිං ඇනෝ මිත්‍රය නිසා මට කරදරයක් නෑ.
Delete//කල්පනා වුවාට ක්‍රියාත්මක වන්නට ප්‍රමාද වුණේ වෙනත් කිසි හේතුවක් නිසා නොව කම්මැලිකම ඉදිරියට ආ නිසාය.// බ්ලොග් එකට වෙලා තියෙන්නෙත් මේකද හිටං?
ReplyDeleteඋදේ රෑ එළිවෙලා ගොනෝ
Deleteඑහෙනං, ඒකම තමයි.
Deleteඅනේ හලපයියේ ඉක්මනට ඇනෝ SELECT PROFILE එකෙන් අයින් කරන්න අනික් වැදගත් බ්ලොග් ලියන අය වගේ එයා හැමෝටම මොනවාහඅරී කියනවා චි එක කැතයි ඔයාටයි හොඳ නැත්තේ
ReplyDeleteමේ කචල් ඇනෝ එන්නකෝ අපේ සමනල් ඇසුරට අර Praසන්ன ගෙන් උණත් අහන්න ඔයත් එනවද ගොඩකවෙල ගල් වැඩපොළට යන්න මත් එක්ක . එතකොඅට එහෙදි 1,2.3. කියල 3ක්ම ඉන්නවනේ හරි ජොලි අනේ ඔයාගේ වියදම මන්ගානේ හනි !
යනවනං මාවත් එක්ක පලයන්.
Deleteහැලපයියේ පොස්ට් එකට වඩා ආතල් එකක් තියෙනවා ඇනෝගේ රිප්ලයි කමෙන්ට් වල.
ReplyDeleteසමන් අතාවුදහෙට්ටි ගේ "එය මෙසේ සිදුවිය" පොත චරිතප්‍රදනයක්ද ?
//චරිතප්‍රදනයක්ද//
Deleteචරිතාපදානය
තමුසේ පොටෝ අල්ලන මිනිහෙක්ද?
Deleteචරිතාපදානයක් නොවේ. විත්ති කතා පෙළකි.
DeletePierre = පියර්
ReplyDeleteඋබ මොකද අර ඉස්කෝලේ යන පොඩි එකාගේ බ්ලොග් එකේ වර්චස් දාන්නේ බූරුවෝ?
DeleteAnge anonyme
Delete:-D
ඔව් ඔව්.
Deleteතෝසේ කන්ඩ නැවතුනාට කාරි නෑ කොහොමහරි නාරායන්ව හොයාගෙන යන්න ඕනි හිටං..
ReplyDeleteමල්ගුඩි දවසැ පට්ටම ටීවී සීරීස් එක.. මට අල්ලලාම ගිය එපිසෝඩ් එකක් තමයි අර තෑග්ගකට බුල්ඩෝසරයක් හම්බවෙන සීන් එක.. අදටත් කාට හරි තෑග්ගක් ගන්න යනකොට ඒ මනුස්සයට ඒ තෑග්ග ගැලපෙනවාද කියල දෙපාරක් හිතන්න පුරුදු උනේ ඒකෙන්
හත්වලාමේ ඒකෙද එහෙම එකක් තිබ්බේ. මම මේ අර රවියා ගේ පෝස්ටුවක ඔය උපහැරනේ කියල උන්දලා එකතුවෙලා නෙලන්න ගත්තනේ බුල් ඩෝසරේ කියන්නෙත් සිරාම සුඛෝපබෝගී වාහනයක්ය, අරකය මේකය කියල....
Deleteමට මතකේ තියෙන්නේ ඉංගිරිස් මොකද්දෝ කොමඩියක ඔහොම එකක් තිබ්බය කියල.
හැලපෙගේ කතා මහපාරවල් මැද්දේ, හැම එකකම ඉන්නවනේ එක්කෝ බෝතලයක්, නැත්තම් කෑමක් හරහට !
හත්වලාමේ ඒකේ නේන්නං.. බැලුවම උඹත් හෙන වෑසක ඩෑල් එකක්නේ බං මටත් ඔය සීං එක මතක ලාවට වගෙ..හෙක් හෙක්..
Deleteකොහොම උනත් ඒ බුල්ඩෝසර් දිනුම ඇදිලා උන් විඳින දුක බලාගෙන ඉන්න බැරි තරං හිතට දැනෙන්න ඒ කොටස් කීපය හදලා තිබ්බ.. තාම මතක ඒකයි..
හි හි හි හි සෑහෙන්න වයසයි හලෝ... දන්නවනේ
Deleteමට මතකම කතාව සහ වඩාත්ම දුක හිතුන, සතුටු හිතුන කතාව තමයි අර සුද්දෙක්ට තමන්ගේ එළුවෝ ටික විකිණුවා කියලා අස්සයාව විකුනපු වයසක ජෝඩුව ! මතක් වෙනකොටත් මොකද්ද වගේ
තමුසෙගෙ අර පොටෝ නඩුව ඉවරද දැන්? කියනවකො බලන්න අලුත්ම විස්තර දැනගන්න අපිටත්
Deleteබොලේ තමුසෙට තාම ඒක මතකද? මම හොඳ බෝලයක් පොලිස් කරලා ගඟන කාරයාව ගෙදරම යැව්ව ඕයි..දැන් ඉන්නවලු බුලත්සිංහලට වෙලා වැලේ පන්දලමක් නැතුව.. තමිසෙලත් පරිස්සමෙන් ඉන්නවල.. මං නරක මිනිහ හිටං..:))
Deleteඅඩෝ, හෙලුං යායෙ බජට් දීල හිටු
Deleteනාරායන් නැත්නං නාරාහේන්පිට හරි යන්නංකො.
Deleteදිවංගත රසික සූරියආරච්චි මැතිතුමාට නිර්වාණ සැප සම්පත්තිය ප්‍රාර්ථනා කරමු.
ReplyDeleteසුභ ගමන් රසික!
Deleteසසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා....
මේ දවස්වල ලියන්නෙ රසිකගේ අවතාරෙ වෙන්න ඇති නේ.
Deleteමට නාරායන් මුණගැහුණේ කුලසේන පොන්සේකා පරිවර්තනය කරපු සැරිසරන සිත්තරා (The Painter of Signs) පොතෙන්. එදා පටන් අද දක්වා රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි අයියර් නාරායනස්වාමි හෙවත් ආර්.කේ. නාරායන් මගේ ලෝකයේ වීරයෙක්....
ReplyDeleteමටත් ඔහු අති විශේෂ පුද්ගලයෙක් නිසා ඔහුව සොයාගන්න හිතුවේ.
DeleteGood post write halapa frend. Mulgudi days there my favarite tv programe past too. I enjoy this storys long time.
ReplyDeleteDeer Ratathota,
Deletetank yu for the aprisiyeshan.
ඔය තියෙන්නෙ ආයෙත් ලියල..... දැන් ඉතින් ආපහු ලියන්න
ReplyDeleteසූදු කාරයයි, බඩු කාරයයි. කුඩු කාරයයි නැවත්තුව කිව්වාට තමන්ගේ වැඩ ආයේ කොයි වේලාවේ පටන් ගනියිද දන්නේ නැහැලු. දැන් ඒකට බ්ලොග් කාරයාත් එකතු කරන්න පුළුන්
Deleteතෝ ලියන්නෙ නැද්ද යකෝ
Deleteලියමු ලියමු. ලැබෙන වෙලාවෙ හැටියට. පහුගිය දිනවල ගොඩක් කරදර උනා. පරක්කු උනේ ඒකයි.
Deleteඑක්කො හැලපයියට නාරායන් මගදී හම්බවෙලා පරණ ඇරියස් කවර් කරන්න සෙට් වෙලා එහෙම නැත්තං තාම හොයනවද කොහෙද. ඒකයි ඊළඟ ලිපිය මේ හැටි පරක්කු !
ReplyDeleteනෑ මල්ලි,බිරිඳ දරුණු ලෙස රෝගාතුර වුණා.පහුගිය කාලෙම ගෙවුනේ රෝහල්වල. තාම ප්‍රතිකාර. කිසිම විවේකයක්වත් හිතේ සහනයක් වත් නෑ. ඉතිං කොහොමද බ්ලොග් ලියන්නෙ.
Deleteනාරායන් කියද්දි දන්න අඳුනන කෙනෙක් ගැන කියනව වගේ ලොකු සතුටක් දැනුණා. හැලප කඩේ පැත්තෙ ආවෙ ගොඩක් කාලෙකින්. අපූරුයි.
ReplyDeleteඅපිට බැරි වෙයිද ඔය කතා පොත් ටික ( දෙමළ භාෂාවෙන්) ගෙන්න ගන්න. අපි මේ දවස්වල කයිට්ස්වල ළමයි පිරිසක් වෙනුවෙන් පොත් එකතු කරනවා. වැල්ලවත්තෙ පූබාලසින්හම්, පිටකොටුවෙ ජෙයා බුක් ෂොප් එකෙන් සෑහෙන පොත් ටිකක් ගත්තා. හැබැයි නාරායන්ගෙ පොත් තිබුණු බවක් නම් දැක්කෙ නැහැ.
නාරායන් සොයා යෑම මම ඔන්න අද පටන් ගත්තා...ඔබව හුග කාලෙකින් කියවන්නෙ...ඒත් පරණ පුරුදු රසය වෙනස් වෙලා නෑ...මල්ගුඩි දවසැ මමත් ආශාවෙන් නරඹපු නාට්‍යයක් ජාතික රූපවාහිනියෙන්...චෙන්නායි වල මමත් සංචාරය කරලා තියෙන නිසා ඔබේ චෙන්නායි අත්දැකීම් මමත් අත්විඳලා තියෙන්නට පුලුවන්.
ReplyDelete