Thursday, November 24, 2016

මඟුල්පොකුණ හංදිය, අඩි විස්ස පාර, චිත්‍රාගේ හුටපටය,සහ මැටිල්ඩක්කගේ තේ කඩේ.


අපි වැලිසර ඉස්පිරිතාලෙ රස්සාවට ගිය අලුත රාගම ඉස්ටේසමෙන් බැස බස් එකේ ගියොත් ඇලෙහිවත්ත හරියේ වංගුව ළඟ තියෙන පොඩි ගේට්ටුවෙන් ඉස්පිරිතාලෙට ඇතුල් වූයෙමු.    දැන් මගේ මතකයේ හැටියට එතැන නිවාස යෝජනා ක්‍රමයක් තිබුණත් එකළ ඇලෙහිවත්ත නිරන්තර දිය සීරාවෙන් හෙබි හිස් බිමකි.     පසු කාලයකදී එතනට පාරෙන් එහා පැත්තේ වැලිසර ඩිපෝවද ඉදිවිය.    ඊලඟ වංගුවේ තියෙන වැලිසර නාවික හමුදා කඳවුර නම් ඒ කාලයේත් තිබුණි.      කෝච්චියෙන් බැස පයින් එන දවස්වලට එකල මඟුල්පොකුණ හංදිය යයිද දැන් නවලෝක හංදිය යයිද කියන හංදියෙන් දකුණට හැරී අඩිවිස්ස පාරේ ගොස් ඉස්පිරිතාල වත්තට ඇතුල් වූයෙමු.     හැරුණු ගමන්ම දකුණට තිබුණේ මඟුල්පොකුණ පාරය.    දැන් ඒ පළාතේ පදිංචි කාරයෙක් වී සිටින අටමා ඒ කාලේ ඉපදිලා හිටියේවත් නැත.    අඩිවිස්ස පාරට හැරුණු ගමන්ම නගින්නට තියෙන්නේ කන්දකි පසුකලෙක නවලෝක පොලිසැක්ස් ආයතනය ඉදිවුයේ ඔන්න ඔය කියන කන්ද උඩ තිබුණු හිස් බිම් කඩෙකය.     ඒ ඉඩමේ මැටිවලින් තනා ටකරං හෙවිල්ලා තිබුණ එකම එක ගෙයි පදිංචිවී සිටිය පවුලේ යොවුන් වියට පා තබමින් සිටි පිනිබර මලක් වන් සුන්දර පාසල් දැරියක් හිටියා හොඳින්ම මතකයේ ඇත.  කන්ද නැග ඉදිරියට යන්නට පෙර නවලෝක පොලිසැක්ස් ආයතනය හැදුණු හැටිත් කෙටියෙන් වුවද කිවයුතුය. 

නවලෝක මුදලාලි මුලින්ම ඔය ඉඩම පාවිච්චි කළේ රටින් ගෙන එන කෙම්පස් ලී බාන්නට සහ ගොඩගසා තබා ගන්නටය.    ඒ පෑලියගොඩ ඉඩ නැති නිසා විය හැකිය.   ලී ගොඩගසා තිබෙන ඉඩම ටිකෙන් ටික එළිවන්නට විය.    ඉන්පසු කැටපිලර් ආදී බර වාහන ඇවිත් පස් කපමින් ඉඩම සමතලා කරන්නට විය.     ටිකෙන් ටික පස් කපමින් ආ බර වාහන අර දැරිය පදිංචි වී සිටි ගේ කිට්ටුවටම දැන් ඇවිල්ලාය.    ඒත් ඒ පවුල තාම ගෙයින් ඉවත්වී නැත.    අපිත් බලාගෙන හිටියේ ගෙට මොනවා කරයිද කියලාය.    ඒ වුණත් බර වාහන   ගේ ඉතුරුවෙද්දී වටේම පස්  කප කපා ඉවතට ගෙන ගියාට පසු ඒ පොඩි ගේ කණුවක් උඩ තියෙන්නාක් මෙන් දිස්වන්නට විය.    අපි හැමදාම උදේට මේ පස් කපන සෙල්ලම බලමින් ගෙට මොනවා වේදැයි සිතමින් සිටියෙමු.    එක සති අන්ත නිවාඩුවකට පසු දවසක් වැඩට එද්දී ගේ තිබුණු තැනක්වත් හොයාගන්නට තිබුණේ නැත.  ගෙයි හිටපු උදවිය ආගිය අතක්ද නැත මොන ක්‍රමයකින් හෝ ඔවුන් ඉවත් වන්නට කැමති වෙන්නට ඇති බව අපි සිතුවෙමු.     බිම සමතලා කරගත් පසු ඉක්මනින්ම ගොඩනැගිලි ඉදිවන්නට විය.    නවලෝක පොලිසැක්ස් නම් ආයතනය පටන් ගත්තේ ඒ ගොඩනැගිලි වලය ඒ සමගම මඟුල්පොකුණ හංදිය නවලෝක හංදිය නමින් බවුතීස්ම විය.

ඉතිං ඔය කන්ද නැගගෙන අඩි විස්ස පාරේ ඉදිරියටම යනවිට ඉස්පිරිතාල වත්ත හමුවේ.    වත්තේ ඉස්සෙල්ලාම තියෙන්නේ අහළ පහළ කවුරුත් සක්කිළි ක්වාටස් යැයි හැඳින්වූ රෝහලේ සනීපාරක්‍ෂක කම්කරු නිවාස පේළියයි.     ඒ නිවාස පේළිය පිහිටා තිබුණේ මයිකල් ඉස්කෝලෙ මහත්තයගෙ කඩේ ඉදිරිපිටය.      ඒ නිවාසවල පදිංචිවී  හිටපු සනීපාරක්‍ෂක කම්කරුවන් ඔක්කොම පාහේ ද්‍රවිඩ අයයි.     එහෙම කියද්දී මට කතාවක් මතක්වේ.    කතාව අපිත් එක්ක කිව්වේ මීගමුවේ තිඹිරිගස්කටුවේ සිට රෝහලේ වැඩට ආපු බැසිල්ය.   ඔය ද්‍රවිඩ අය හිටපු ක්වාටස්වල පළවෙනි ගෙදර පදිංචිවෙලා හිටියේ චිත්‍රා කියන මහ නැඩ මනුස්සයාය.     දැලි රැවුලක් වවා ගත් කළු උස මහත චිත්‍රා හරියටම වලහෙක් වගේය.     දවසේ වැඩ අහවරවී චිත්‍රා පවුලත් එක්ක සින්ඩා ගේ හොර පොට් එකට ගිහිං කාලක් හමාරක් බොන්නේ ඇඟ රත් වෙන්නටය.    කෙට්ටු කාන්තාවක් වූ චිත්‍රාගේ පවුලට චිත්‍රාටත් වඩා බොන්නට පුළුවන.    ඇය රස්සාව කරන්නේ නාගොඩ පොල්තෙල් මෝලේය.   හවසට අතේ මිට තියෙන පමණට බොන දෙන්නා ආපහු එන්නේ කච කච ගගා කියවමින් හරිම ලෙන්ගතු කමින්ය.     දවසක්දා මේ දෙන්නා පාර දිගේ එමින් ඉන්නේ මහා ගෝසාවක් නගමිනි.    කිට්ටු කර බැලු විට චිත්‍රාගේ පවුල ඌට දෙස් දොවොල් තියයි.    ඇය කැඩිච්ච සිංහලෙන්ද චතුර දෙමළෙන්ද චිත්‍රාට පලු යන්නට බැන වදියි.    චිත්‍රා වචනයක්වත් කතා නොකොට සද්ද නැතුව ගමන් කරයි.     ඒ දවස්වල මට දෙමළ වචනයක්වත් බැරි නිසා දෙමළෙන් කියපු දේවල් තේරුණේ නැතත් සිංහල භාෂාවෙන් කියපු දේවල් ලියන භාෂාවට නැගුවොත් මෙන්න මේ ආකාරයට කියැවේ.

"යකෝ තෝ නම් ජරා ශුක්‍රාණුවෙකි,  ශුක්‍රාණු සුනඛයෙකි.  කිසි දිනෙක මා තෝව මඟහැර බොන්නට ගොස් තිබේද සුනඛය?"

ආදී වශයෙන් ඇය චිත්‍රාට නොනවත්වා බැන වදී.    කාරණාව සොයා බැලු විට චිත්‍රා පවුලට කතා නොකොට සින්ඩා ගේ හොර පොලට බොන්නට ගොස් ඇත්තේ අත මිට හිඟකම නිසාමය.    කවුදෝ කට කැඩිච්ච පොඩි කොල්ලෙක් කේලම චිත්‍රාගේ පවුලට කියා ඇත.    ඇය ඒ මොහොතේම චිත්‍රා සොයා පිටත්වුන අතර ඌ සින්ඩා ගේ හොරපොලේදී ඇගේ අතටම මාට්ටු විය ගෝරිය ඇරඹුණේ ඉන් පසුවය.     

චිත්‍රාගේ ගෙට අල්ලපු ගෙයි ඉන්නා තිරුපති චිත්‍රාට හාත්පසින්ම වෙනස්වූ අහිංසක මනුස්සයෙකි.     බෝතල් අඩි රවුම් කන්නාඩි දෙක හිස පිටුපස ගැටගැසූ නුලකින් රඳවාගෙන සිටින  තිරුපතිගේ  කැහැටු සුදුමැලි ඇඟපත ද කුදු ගැසී යන ගමනද නිසා මට ඔහුව පෙනෙන්නේම මහත්මා ගාන්ධි තුමා මෙනි.    තිරුපති එහෙම උනාට උගේ පවුල හැඩකාරියකි.     උදෙන්ම නාගෙන කෙස් කළඹේ මල්වැල් ගසා වර්ණවත් සාරියක් හැඳ සාරිපොට ඉණේ පටලවාගෙන ගෙයි ඉදිරිපිට සේදු ඉස්තෝප්පුවේ කෝලම් අඳින ඇගේ රුව චිත්‍රාගේ නෙතට රසාංජනයක් ම විය.

චිත්‍රාගේ විදුලි කොටන බැලුම් වලට ඇය අකමැත්තක් නොදක්වන බවත් ඇය දෙස බලාසිටින විට පස්ස ගස්සා ගෙට රිංගනවා වෙනුවට චිත්‍රා දෙස කෝල බැලුම් හෙලන බවද ඌ තේරුම් ගත්තේය.     මෙසේ ආරම්භවූ මේ දෙපොළගේ ඇයි හොඳයිය ටිකින් ටික දුරදිග ගියේ දෙන්නාටම හොරාය.    දැන් හැමදාම උදෙන් වැඩට යන චිත්‍රා ඉක්මනට වැඩ ටික අහවර කර තිරුපතිව මගහැර ගෙදර එන්නේ සිය අලුත් පෙම්වතියට තුරුලුවී පෙම්බස් දොඩන්නටය තිරුපතිගේ පවුලද චිත්‍රා එනතුරු මග බලා සිටී.     චිත්‍රාගේ හැඩිදැඩි ආලිංගනය ඇයට මෙතෙක් නොවිඳි අමුතු සුවයක්ම විය.   මෙසේ ටික කලක් පෙම්සුව විඳිද්දී  වැඩේ පත්තු උනේ දෙදෙනාටම නොදැනීය.  දවසක්දා තිරුපති වැඩ ටික ඉවර කර කලින්ම ගෙදර ආවේ උදේට කන්නටය.    එනවිට ගෙයි ඉදිරි දොර වසා තිබු නිසා තිරුපති පිටුපස දොරෙන් ගෙට ඇතුල්වුනේය.     පවුලගේ සද්දක් නැත තව ටිකක් කන්දී බලනවිට කාමරයෙන් කෙඳිරිලි හඬක් ඇසුණු නිසා තීරුපති හීන් සීරුවේ කාමරයට එබිකම් කළේය.    පවුල කාමරයේ ඇඳේ සිටියේ තනිවම නොව චිත්‍රාද ඇඟ උඩ පටවාගෙනය.     චිත්‍රා යෝධයෙක් මෙන් තිරුපතිගේ පවුලව යට කරගෙන බර වැඩය.    තිරුපතිගේ පවුල දෑස් පියාගෙන සුසුම් හෙළමින් චිත්‍රාගේ උරයේ එල්ලී උගේ යෝධ අංගජාතයේ මිහිර විඳිමින් සිටියාය.   තිරුපති මේ සියල්ල බලාගෙන සිටිනු දෙදෙනාම නොදත්හ.

දැන් කුමක් කරන්නද?  චිත්‍රා ඉදිරියේ තිරුපති යෝධයෙක් ඉස්සරහට ගිය අඟුටුමිට්ටේකු සේය.   චිත්‍රා එක්ක ගෝරියට යන්නට තරම් හිතේ හයියක් ඌට නැත.     තිරුපතිව උඩින් විසිවී පාරට වැටෙන්නට චිත්‍රාගේ එක පා පහරක් සෑහේ.    ඒත් තමන්ගේ ගේ ඇතුළෙම දාගෙන තමන්ගේ බිරිඳට චිත්‍රා කරන මේ කුපාඩි වැඩේට කටවහගෙන ඉන්නටත් බැරි නිසා තිරුපති නල්ලාඩි, නල්ලාඩි කියමින් අප්පුඩි ගසන්නට වන.(නල්ලාඩි = නල්ල+අඩි =හොඳට ගහපං)   ගහ බැන ගැනීමක් රණ්ඩුවක් නැතුව තුන්දෙනා වැඩේ ගොඩින් බේරාගත්තත් සිද්ධිය ගෑණුන්ගේ කටින් කට පැතිර ගොස් රෝහලේ හැමදෙනාම දැනගැනීම නම් වලක්වන්නට බැරිවිය.   ඊට පස්සෙන් පහු සිද්ධිය චිත්‍රාටත් තිරුපතිටත් හිසරදයක් උනේ උන්ව දකින දකින තැන කොල්ලන් නල්ලාඩි කියමින් අප්පුඩි ගසන්නට වීම නිසාය.

සක්කිළි ක්වාටස් වලට පසු දිගටම තියෙන්නේ රෝහලේ එක් එක් අයගේ නිල නිවාසය.   රෝහල් වත්ත එතැනින් පටන්ගෙන මීගමු පාරතෙක් අක්කර පනස් ගණනක් පුරා විහිදෙයි.    වැට කැඩී කම්බි කණු ඉදිරී ඇති එච්චර විශාල වත්තක හැම තැනින්ම අඩි පාරවල් ඇතිවෙනු වලක්වන්නට බැරිය.   අඩි විස්ස පාරේ සියලු  දෙනාම පාහේ ගමන් ගියේ රෝහල් වත්ත මැදින් වැටී ඇති අඩි පාරවලිනි.    ඊට අමතරව අඩි විස්ස පාරේ දිගටම ඉදිවී තිබු කඩවල ප්‍රධාන ගනුදෙනුකරුවන්ද වුයේ රෝහලේ රෝගීන් හා සේවකයන්ය.   මයිකල් ඉස්කෝලෙ මහත්තයගෙ කඩේට අමතරව ඊට එහායින් තිබුණේ හියුබට් අයියගෙ සිල්ලර කඩේය.   සිල්ලර කඩයක් උනාට ඒ කඩේ උදේට ආප්ප,ඉඳිආප්ප ආදියද විකිණුනි.    අපි වැඩට යද්දී ආප්ප ඉඳිආප්ප අරගෙන ගියෙ ඒ කඩයෙනි.    ඊට ටිකක් එහායින් තිබුණේ මැටිල්ඩක්කා ගේ තේ කඩයයි.    විවාහ වෙන වයස පසුකරමින් සිටියද තාම තනිකඩව සිටි මැටිල්ඩක්කාට වැඩිමල් අයියෙක් ද බාල නංගියෙක්ද සිටි අතර අයියා රස්සාව කළේ මත්තුමගල ලක්ස්ප්‍රේ කිරිපිටි මෝලේය.   හැඩකාර නංගි පාසල් යන කෙල්ලෙකි අපි නිතරම පාහේ මැටිල්ඩක්කාගේ කඩේට තේ බොන්නට ගියේ වැඩියත්ම මැටිල්ඩක්කාගේ නංගිත් එක්ක කයිය ගහන්නටය.   තවත් රසවත් කතාවක් මට මතක්වේ.  හැමදාම උදේ හවස රෝහල් වත්ත මැදින් වැඩට යන එන මැටිල්ඩක්කගේ අයියා රෝහලේ මිසී කෙනෙක් එක්ක ඇයි හොඳයියක් ඇතිකර ගත්තේය.   එය කාටවත් දොසක් කියන්නට බැරි සාමාන්‍ය දෙයක් උනත් පොඩි ප්‍රශ්නයකට තිබුණේ දෙන්නාම විවාහකයින් වීමය෴

ප.ලි. කතාව දිගදුර යන බැවින් තව කොටසකට ගියොත් හොඳයි කියා සිතේ.මේ දිනවල ලියන්නට විවේකය බොහෝ අඩු බැවින් පෝස්ට් ප්‍රමාදවේ.  ඒ සම්බන්ධව සමාව භාජනයකට දමා දෙන ලෙස ඉල්ලා සිටිමි.

94 comments:

  1. සැන්ඩා සින්ඩා උනේ කොහෙමෙයි බං හැලපේ...
    මඟුල්පොකුණ හංදිය දැන් හෙන බිසී තැනක්...අඩි විස්සේ පාර දැන් හතලිහක් විතර පළලයි...
    නල්ලාඩි..නල්ලාඩි....:)

    ReplyDelete
    Replies
    1. හැදුවෙමි. ඒ හංදිය පැත්තෙ ගිය කාලයක් මතක නෑ බං.

      Delete
  2. මගේ යාලුවෙක් හොර කොටල මළා

    ReplyDelete
    Replies
    1. සමාජ රෝග හැදිල වෙන්නැති.

      Delete
  3. කාලෙකට පස්සේ බ්ලොග් බලන්ට ආවේ..

    ReplyDelete
  4. දැන් ඒ පැත්තෙ කියන්නෙ අටම නල්ලාඩි..නල්ලාඩි

    ReplyDelete
    Replies
    1. දැන් නං ඒ මිනිස්සුන්ගෙ දරුවො වත් ඒ පැත්තෙ නැතුව ඇති.

      Delete
  5. "යකෝ තෝ නම් ජරා ශුක්‍රාණුවෙකි, ශුක්‍රාණු සුනඛයෙකි. කිසි දිනෙක මා තෝව මඟහැර බොන්නට ගොස් තිබේද සුනඛය?"

    අති පිරිසිදු සුද්ද සිංහල වචන ටික නම් පංකාදුයි.
    කෝ හැලපයියේ උපන්දින සාදයේ පින්තුර කතන්දර ටික?

    ReplyDelete
    Replies
    1. පිංතුර රැසක් තිබේ.දාන විදියක් නැත.

      Delete
  6. කථාවෙ කෑලි දෙකක් අල්ලල දාන්න කමෙන්ට් එක හිතට ආව. අටමගෙන් මැරුම්කන්න බැරි නිසා දාන්නෙ නැහැ.

    ReplyDelete
  7. කෝ මනුස්සය අර හතරෙ පාටියෙ විස්තරේ.

    මේකෙනං ඉතිං කොමෙන්ට් කරන්න තරං දෙයක් නෑනෙ. ඊගාව කෑල්ලත් දාමු.

    ReplyDelete
    Replies
    1. වෙලාව ලැබෙන විදියට දාමු.

      Delete
  8. මේ චරිතවලටනම් ඩොමෙස්ටික් සෙන්සර්ශිප් බලපාන්නේ නැති නිසා අවසානය දක්වා ලියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්...කතාව අනුන්ගෙ නේ

      Delete
    2. හෙහ්, ෂුවර්ද?

      Btw, Mr. Chillie you might like this (Halape too)
      http://sinhalajanakatha.blogspot.com/2016/11/blog-post.html

      Delete
    3. ජනකතා ගැන මගේ තදබල interest එකක් තියෙනවා..මේ බ්ලිග් එකේ තියෙන සෑහෙන කතා මමත් එහෙන් මෙහෙන් කියවලා තියෙන ඒවා

      Delete
  9. අටමා ඉපදිලා ඉන්න නිසා උගෙ ගෙවල් පැත්තෙ යන්න හිතාන ඉන්නවා... අටමාගෙයි එයාගේ වයිෆ් මිෂෙල් ඔබාමාගෙයි ලස්සන ඡායාරූප එක්ක පත්තරේට ආටිකල් එකක් කරන්න ඕනෑය කියල අදහසක් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් උඹත් මැරුම් කන්න හදන්නේ... :)

      Delete
    2. රාවය නං දැන් එච්චර කියවන්න දෙයක් නෑ. මිට අවුරුදු දෙක තුනකට කලින් තිබුන කොලිටිය එකේ නෑ. මං සාමානයෙන් රාවය ගත්තම මුලින්ම කියෙව්වේ විමලනාත්ගේ කොලම. දැන් ඒක නෑ. අනික ඉස්සර එකේ අහස කියන කොටසේ ගියා හොද ලිපි. මිනිස්සු ගැන, රේස් දාන අය, බාර් එකක ඉදලත් නියම ලිපියක් ලියලා තිබුන. ඇයි ලුම්බිණි සල් උයනේ සේන අයියා ගැන ලිපිය. ලගදි ඒ වගේ එකකට තිබුනේ රා ගැන ලිපිය විතරයි. මං රාවය ගන්නේ 93 ඉදලා. ඊට කලින් ඉදලා කියනවා ඒත්. රාවය කියන්නේ ජිවිතේ කොටසක් වගේ නිසා කිව්වේ. මාත් රාවය බලන්නේ බියර් එකක් එහෙම බිබී. උඩුවාගේ සයිට් එකේ ඇනෝ බැරි නිසා මෙතන අදහස දැම්මේ. පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ගිය සතියේ රාවයේ උඩුවාගේ ලිපි විතරයි. වැඩක් නෑනේ එහෙම. අර අතිරේකේ නිසා වෙන්න ඇති. කේ සංජිව, බංගමආරච්චි, වීරරත්නලාගේ ලිපි කෝ? හැලපට අවුල් නැතුව ඇති කියලා හිතනවා මෙතන මේ ගැන දැම්මට.

      Delete
    3. වාරකන් සහෝදරයා වාරකන්, කෝඩෙ ගහල. ඒක නෙව අටමා ගැන ලියන්නෙ. ඊලඟ ලිපිය මාතලන් ගැන, එන අවුරුද්දෙ හැලපයා ගැනත් ලියන්න තමයි හිතන් ඉන්නෙ, කොහෙද , ඉස්සෙල්ලා ඩොමෙස්ටික් සෙන්සරෙන් අවසරගන්න එපැයි?
      ඇනෝ වහල තියෙන්නෙ විවේචන කලමනාකරණය කරගන්න බැරි නිසා. ඔය කවුරු කිව්වත් අපි යන්නෙ ඉස්සරහට, උතුරු කොරියාව වගේ.

      -උගුඩුසිංඤෝ -

      Delete
  10. ඔය යෝජනා ක්‍රමය කියන වචනය නම් නොමග යවන එකක්. යෝජනාව ක්‍රියාත්මක කළ දා සිටම අවලංගුයි.

    ReplyDelete
  11. ඕක හැලපී කියන්නෙ
    "හැලපාඩි, හැලපාඩි" කියල නේ

    ReplyDelete
    Replies
    1. වෙන මොනා කියන්නද බං.

      Delete
  12. කෝ ඉතින් කතාව කිව්වේ නැහැනේ...

    ReplyDelete
  13. මේක කියවපු වෙලේ ඉඳන් අටමා ගෙදර නෑලූ....

    ReplyDelete
    Replies
    1. අඩි විස්ස පාරේ හක්කලන් කොරනවා කියලයි ආරංචිය.

      Delete
  14. ආ මේ එහෙද?

    නල්ලාඩි නල්ලාඩි

    ReplyDelete
  15. වෙනදා වගේම රහ ලිවිල්ල

    ReplyDelete
  16. නල්ලඩි...නල්ලඩි...නල්ලා......ඩි! මේ වගේ චරිත ගැන කියවන්න මමත් හරි කැමතියි. චිත්‍රා ගෑනිට හොරෙන් බොන්න ගිහිල්ලා බැනුම් අහනවා වගේ, මම දැකලා තියෙනවා කුඩු පැකට් එක බෙදාගන්න බැරිව මරාගන්න ජෝඩු. වැදුනට පස්සේ ආපහු ශේප්. මොනවා වුනත් චිත්‍රා ශුක්‍රානුවා ගෑනිටයි, යාලුවටයි කැත වැඩක් කරලා තියෙන්නේ. තිරුපති පව් බං.

    ReplyDelete
    Replies
    1. උඹ ලඟත් මේ වගේ කතා අනන්තවත් තියෙයි කියල මම දන්නවා බං.

      Delete
  17. වැල කතාවක් වගේ...කොහොම උනත් චිත්‍රා පට්ට ශුක්‍රාණුවෙක්...

    ReplyDelete
  18. ඔය වගේ ෂුක්‍රානු සුනකයො කොහෙද නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. එහෙනං,ඕනෑ තරං ඉන්නවා.

      Delete
  19. හැලපයා නිකං බෝල ගෙඩිය වගේ ඉන්න ඇති ඒ කාලේ. දැනුත් අපේ හිටපු ජනාධිපතිතුමා වගේ හරි හුරතල්නේ. රැවුල මිරිකලා, පස්ස පැත්තට තට්ටුවක් දාන්න ඕනි හැලපගේ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම හොඳයි ඔය උපමාව තමා මට අල්ලන්නෙ නැත්තෙ.

      Delete
  20. මම පාරේ යනකොට තට්ටයෙක් හිටියා. ඌ මගේ දිහා බල බලා තට්ටේ අත ගෑවා. ඊට පස්සේ එක අතකින් තට්ටේ අතගාන ගමන් අනික් අතින් මට කතා කළා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි තට්ට කණ්නාඩි පොළඟා ඕස්ට්‍රේලියාවේ හරි ප්‍රසිද්ධයි ඔහොම මග ඉඳලා කොල්ලෝ බාගන්න

      Delete
    2. ඊට පස්සෙ මම ගියා. එහෙමද?

      Delete
  21. හලෝ හැලපෙ, ඉතිං කොහොමද? සැහෙන දවසකින් කොමෙන්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේ මං බැලුවා අපේ හැලපගේ, මාතලන්ගේ, රාජ් ගේ බ්ලොග්. කොමෙන්ට් නං දැම්මේ නෑ වැඩිය.

    ඉතිං හැලපෙ මං බලාගෙන හිටියේ හැලපගේ උපන්දින සාදයේ පින්තුර දායි කියලා. එව්වා දාලා තිබුනේ නෑ ඒ උනාට. ඉතිං හැලපෙ මොකද කරන්නේ මේ දවස් වල? අඩියක් නං ගැහැව්වානේ උපන්දින සාදේ දවසේ.

    අපේ ඔපිස්‌ එකේ ලොක්කා රට ගියා ආයේ. එන්නේ සෙනසුරාදාලු. මං ඉතිං ලොක්කා නැති අතරේ ලොක්කාගේ කාර් එකේ නැගිලා ටවුමේ රවුං ගගහා හිටියා.

    දැන් නං මං මේ හොදට කූල් කරපු බියර් ටින් දෙකක් බොන ගමන්, ගෝලිප් එකකුත් පත්තු කරන් ආවා අපේ හැලපෙ මොනාද ලියලා තියෙන්නේ බලන්න.ඔන්න මං පොටෝ එකකුත් ගත්තා අපේ මාතලන්ට, හැලපට, රාජ්ට බලා ගන්න.

    https://s21.postimg.org/nrsvm54yv/image.jpg

    ReplyDelete
    Replies
    1. මේ අර ගෝලිප් ඇනෝ නේද...?

      Delete
    2. හප්පේ උඹ දැක්ක කල්... මම ඒත් හිතුවා මහින්ද මහත්තයත් එක්කම ගියාද කියලා හිටන්...

      Delete
    3. දැං ගෝලිප් එකක් බොන එකත් ලේසි නෑ නේද ඇනෝ.

      Delete
    4. උඹව දැකපු කල් බං.හරියට සහෝදරයෙක් දැක්ක වගේ.

      Delete
  22. ශුක්‍රානුවෙක් නෙමෙයි තෝ නම් ශුක්‍රතරලයකි කියල නිවැරදි විය යුතු...

    ReplyDelete
  23. මල්ගුඩි දවස නාට්‍ය මාලාවේ කතාවක් වගේමයි. බොහොම හොඳට චිත්තරූප මැවෙනවා.

    ReplyDelete
    Replies
    1. ජෙනරාල් විචාරක ගුණසිංහ මහත්තයා උතුරේ කොටු පනින්න ගිහිං මාට්ටු වෙලා නැද්ද? අයියනායක දෙවි පිහිටයි අපේ රට බේරා ගත්තු හිටපු නැති යුධ හමුදාපති තැන්පත් ශ්‍රීමත් ගරුතර ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමාට. බුදුබව අත්වෙන්න ඕනි.

      Delete
    2. ස්තුතියි විචා.

      Delete
  24. නාල්ලාඩි ඈ! බලපුවහම මේවා මඟුල් (කොටු) සක්වලවල් නේ!

    ReplyDelete
  25. අපේ එකෙක් තේ ෆැක්ටරියක වයරින් වැඩක් කරන්න ගිහින් ලැයිමක කෑල්ලක් සෙට් උනා. මේකිට කිව්වා රෑට ඒ පැත්තේ එනවා කියලා. ඉස්සර වෙලා ලැජ්ජාවෙන් ඇඹරුනත් යනකෙට කියලා ගියේ “මාතියා එනකොට කසිප්පු බාගයක් අරගෙන එන්න“ කියලා. කොහොම හරි මේකයි තව යාලුවෙකුයි කසියා බෝතලයකුත් අරගෙනම රෑ කොටියා පැන්නා. ඉස්සරවෙලාම ගෑණි කලේ අරගෙන ගිය කසියා බෝතලේට වගකියන එක. පස්සේ දෙබස් මේ විදිහයි. “අය්යෝ ෂාමි.මට ඉන්ඩ බේ ෂාමි. ෂාමි නම් දෙයියෙක් ෂාමි. මාව මරන්ඩ මාතියා. මරාගෙන කන්ඩ මාතියා. මට ගහන්ඩ මාතියා. අපේ මිනියා මොකෙක්ද මාතියා.“

    ReplyDelete
    Replies
    1. මෙව්වා ලියන්න එපා යකෝ

      Delete
    2. ඒක තමයි. මෙව්වා කියෙව්වම මම මෙව්වා කරපු හැටි මතක් වෙනවා. එහෙම නේද ශ්‍රංගයො.

      Delete
    3. මරු කතාව බං.මෙව්වා ටිකක් ලියපංකො.

      Delete
  26. නල්ල හැලපයියා.

    ReplyDelete
  27. හැලපෙ කොටු පැනලා නැතෙයි?

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් වලට සෙන්සර් ප්‍රශ්න නැතෙයි?

      Delete
  28. ආඩවනේ මුරුගා.....!!!!
    අර ගෙදර උදවියට මක්කා උනාද දල්ලෑ ලේ? පව් වැඩේ.
    සක්කිලි ක්වාටස් එකේ හොඳ දියුණු නිදහස් ලිංගික ඊර්ශාවෙන් තොර උසස් පොස් උදවිය ඉඳල තියෙන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ.දියුණුයි උසස් කියාගන්න උන්ට වඩා හොඳ උදවිය උන්.

      Delete
  29. හැලපයෝ -ඇවිත් ගියා- ජය
    -කපිතන්-

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිගටම එන්න.

      Delete
  30. නල්ලාඩි, නල්ලාඩි

    ReplyDelete
    Replies
    1. අරූට මොනා හිතුණද දන්නෙ නෑ.

      Delete
  31. ධාතු සුනඛයෙක් නේ ඌ
    ඇයි ඒ කාලෙ අටම හිටියෙ තාත්තගෙ දනිස්සෙද ?
    නෑ.. කඩේ කෙහෙල් ගෙඩියෙ මයිහිතේ.....

    ReplyDelete
    Replies
    1. උඹ හිටියේ කෝඳුරුවෙක්ගෙ බෙට්ටක.

      Delete
    2. අටං නම් උපදින්න අවුරුද්දකට විතර ඉස්සර කතාවක් මේ. සාමන්‍යයෙන් ඒ කාලෙට කොයි හරියේද දන්නෙ නෑ නේද?

      Delete
  32. අගෙයි. මමද දන්නා පලාතක් නිසා ඊළඟ කතාව කියවන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. මගේ පිලේ සොපියා

      Delete
    2. අප්පට සිරි උඹත් ඒ පැත්තේද?

      Delete
  33. ඔහේ මේක ලියනවද නැත්තං මම ලියන්නද?

    ReplyDelete
    Replies
    1. ඔහේ ලියනවා නං ලොකු දෙයක්.

      Delete
  34. හැලපයිගේ කතාන්දර ... අනේ මන්ද ... පොතක් ලියන්නම ඕන මෙව්වා ගැන ! :)

    ReplyDelete
    Replies
    1. කණ්ඩ ගෙ විස්තර ටික ලියල ඉමුකො.

      Delete
  35. සමාවට භජනය කරන්නනෙමු. හැබැයි තව ලියන්න. :) ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියන්ති.පැහැදිලිවම තව ලියනවා.

      Delete
  36. හැලපේ - එප්පඩි සුඛම් ?
    හැලපෙගේ වැලිසර හොර ෂොට් එක - නල්ල සුඛම් , අයියෝ අප්පා නල්ලඩි , නල්ලඩි

    ReplyDelete

ඔබේ අදහස්