Sunday, January 24, 2016

නව වසරට ආසිරි කැලෑ ගිනිතැබීම සුද්දාගේ ශෝකය සහ කුමාරිගේ පැමිණීම.


අපේ ප්‍රජා ශාලාවේ පිටුපස දොරෙන් එළියට බහිනවිටම ඇත්තේ බොහෝ  වයසට ගොස් ඇති දුම්මල නිසා ගෙඩි කන්නට බැරි කණාටු කොස් ගසකි.    අනික් අය එක්ක මමත් ඔය කොස්ගහ යටට ඇවිත් පහළින් ඇති පාර දෙපැත්ත බැලුවේ කුමාරි පාරේ කොහෙහරිවත් ඇද්දැයි බලන්නටය.   කොස්ගහමුල කුණුරොඩු ගොඩගසා තියෙනු දුටු මට සිනාවක් පහළවුනේ  දවසක්දා වුන වැඩක් මතක් වීමෙනි.   අපි කොල්ලො කට්ටිය කීප දෙනෙක් නිවාඩු දවසක දවාලේ ඔතනට සෙට් වුනේ පොඩියට වගේ කර්තව්‍යයක් කරන්නටය.   බොහොම අමාරුවෙන් බෝතල් දෙකකට මුදල් එකතුකරගෙන බෝතල් ගේන්නට තව එකෙක් එක්ක සයිකලයක ටවුමට ගියේ සුද්දාය.   ඌ එනතෙක් අපි කතාබහ කරමින් සිටියෙමු  සුද්දා ගිය ඉක්මනින් බෝතලුත් අරගෙන ආපහු ආවේ බොන්න තියෙන තිබහ ඉවසන්නට බැරි නිසාවෙනි.  ඇතුළට ගිය අපි එකක් කඩා බොන්නට පටන් ගත්තෙමු.   මම ටිකකින් එළියට බැස්සේ මා ඉදිරිපිට නොබොන උන් කීප දෙනක් හිටපු නිසා උන්ට අවස්ථාවක් දෙන්නටය.  එළියට බැස්ස මම දැක්කේ කොස්ගහමුල ඇති කුණු රොඩු ගොඩය.    ඔයවගේ රොඩුගොඩවල් පෙන්නන්නට බැරි අමාරුවක් මට තිබේ.  එනම් රොඩු ගොඩක් දැක්ක පමණින් එය ගිනි තියන්නට ඇතිවෙන ආසාවයි මගේ මේ ඔලුවෙ අමාරුව ගැන අපේ ගමේ කොල්ලෝ නම් හොඳින් දැනුවත් වී සිටිති.    දවසකුත් ඔය ගිනිතියන වැඩේ  කර අමාරුවේ වැටෙන්න  ගිහිං  යන්තං බේරුනෙමි.

ඒ අපි වලක් කපන්නට කනත්තට ගිය දවසක්ය මුළු කනත්තම මානා පඳුරුවලින් වැසී ගිහින්ය.   ඒ දිනවල තිබු වියළි කාලගුණය නිසා මානා පඳුරු ගිනි පුළුන් මෙන් වියලී කරකුට්ටන් වී තිබේ.   කට්ටිය වල කපන තැනින් නැගිට පාරට බැස්ස මම කනත්ත වටේ ඇවිද්දෙමි මුදුන්වී ඇති ඉරේ රශ්මිය ඉවසන්නට බැරිය වියළි මානා පඳුරු දකින විට මට ඊට වඩා ඉවසන්නටම බැරිය ගිනි  තියන්නටම හිතෙයි.   ආපහු ගිහිං බුලත්මල්ලට අතදමා බලනවිට ගිනිපෙට්ටියක් තිබුණි  හීං සීරුවේ ගිනිපෙට්ටියත් අරගෙන ආපහු කනත්තේ එහා කොනට ගිය මම හුළං අතබලා ගිනි කුරක් පත්තුකර වියළි මානා පඳුරකට ගිනි  තිබ්බෙමි.   

හිමිහිට හිමිහිට පැතිරී යන්නට වූ ගින්න  ටිකකින් මහා ගිනිජාලාවක් බවට පත්විය.  හමන සුළංවලින් ජවය ලබාගන්නා ගින්න ඉදිරියට හසුවන සෑම සියළු දෙයම දවා හළුකරලමින් පැතිරයන්නට වුයේ අනුකම්පා විරහිත ලෙසටය.   ආසාවට ගිනි තිබ්බාට දැන් මට පණ බයය එනම් ගින්න කනත්ත පහුකරගෙන වැටෙන් එහා වත්තේ ඇති ගෙවල් වලටද පැතිරෙයිද කියන සැකය නිසාය.   දැන් වල කපමින් සිටි අපේ කට්ටියත් කලබල වෙලාය පට පට ගගා ඇවිළෙන ගින්නේ රස්නයට කනත්ත අහලකවත් ඉන්නට බැරිය.   ගින්නට බයේ වල් හාවුන් දෙන්නෙක් පැන දිව්වේ මගේ දෙපා අසලිනි.   ඔය වත්ත වල් හාවන්  විමානයකි ඕනෑම අගලකින් හාවෙක් දෙන්නෙක් තලා ගන්නට කිසි අමාරුවක් නැත.  අපේ ගමේ ඉන්න හාවුන් මරුවා එදා කනත්තට ඇවිත් නොතිබුණේ හාවුන්ගේ වාසනාවටය.  කලබල වී වටපිට බලන කොල්ලන් දැක්කේ පාරට වී ගින්න දෙස බලා සිටින මාවය.

අනේ අම්මප මේ යකානං,කෙරුවොත් කොරන්නෙ ඔහොම වැඩක් නොවැ...

මිනිහා කැලේ දිහා බල බලා කැරකෙනකොට මට නිකමට වගේ හිතුණා...

වේලිච්ච කොළයක් දැක්කත් ඇති නලියනවා...

ආදී වශයෙන් කොල්ලෝ මට පිං අනුමෝදන් කරති.

හා හා දැන් වෙච්ච දේට මොනා කරන්නද වරෙල්ල වරෙල්ලා මේක නිමල දාමු...

පොල්පිති වලින් තල තලා එතැනම ඇති ඇළෙන් වතුර ගෙනවුත් දමා සෑහෙන වෙලාවක් මහන්සිවූ කොල්ලෝ අවසානයේ  ගින්න ගෙවල්වලට පැතිර යා නොදී නිවා දැමුහ.  හැබැයි කරපු අලුගුත්තේරු වැඩේ ගැන එකෙක්වත් මට දොස් කියන්නට ඉදිරිපත් නොවුයේ අහවල් දෙයක් නිසාදැයි නොදනිතත් නොමිලේ බොන්නට ලැබෙන ටික නැතිකරගන්නට කවුරුන් කැමති  වේදැයි මට නිකමට වගේ සිතුවිල්ලක් පහළ විය.   ඔය වගේ ගොන් විදියට ගිනිතියන වැඩ හැමතැනදිම කළත් තාම මම මට්ටුවී නැත්තේද කවුරුවත් හරිහාමන් පාඩමක් උගන්වා නැති නිසා විය හැකිය.   ඒ නිසාම මම හෙටත් අහුවුන තැන ගිනිතියමි. 

දැන් ඉතිං කොස්ගහමුල ලොකු කුණුගොඩක් තිබේ කුණුරොඩු ඔහොම නොසලකා හරින්නට හොඳ නැත්තේ ඕවායේ වතුර එකතුවී මැසි මදුරුවන් බෝවෙන නිසාය.  එහෙම උනොත් එය අහල පහළ අයගේ ශරීර සෞඛ්‍යයටද අහිතකරය ඒ නිසා නීතිගරුක පුරවැසියෙකුගේ වගකීම වන මේ කුණුගොඩට ගිනි තබා ඉවරයක් කිරීම මගේ යුතුකමය.  ගිනිපෙට්ටි හොයන්නට කොල්ලන් බොන තැනට ගියොත් එහෙම මට ලැබෙන්නේ ගිනිපෙට්ටි නොව කන්දෙක පුරා බැණුම් වරුසාවකි ඒ නිසා මම එතනට නොගොස් ළඟපාත  ගෙදරක එළියේ  සිටි කාන්තාවකගෙන් ගිනිපෙට්ටියක් ඉල්ලා ගෙනවුත් ඉතාම සීරුවට කුණුගොඩට ගිනි  තිබ්බෙමි.   ගින්න හොඳින් ඇවිලෙද්දී වට පිට තිබුණ කුණු රොඩුද ඇදගෙනවිත් ගින්නට දැමුවිට ගිනිගොඩ ඉතා අලංකාරව ඇවිලෙන්නට විය.   මම හද පිරි චිත්ත ප්‍රීතියෙන් යුතුව ඇවිළෙන ගිනිගොඩ දෙස බලමින් සතුටු වෙමින් සිටිනා විට ගිනි  ඇවිළෙන සද්දෙටද කොහෙද ඇතුලේ බිබී හිටපු සුද්දා එළියට දුවගෙන ආවේය.   මොහොතක් ගිනි ගොඩ දෙසත් සතුටින් ගිනිගොඩ දෙස බලා සිටින මා දෙසත් බැලූ සුද්දා අත් දෙක ඔලුවේ තබාගෙන එතැනම ඉඳගත්තේ කකුල් පණ නැතුව ගියා සේය.

කවුද ගිනි තිබ්බෙ ඔයාද?   සුද්දා මගෙන් අසයි.

එහෙනං,පේනව නේද ඇවිළෙන ලස්සන...මම ආඩම්බරයෙන් පිළිතුරු දෙමි.

ලස්සන මං කියන්නෙ නෑ ලස්සන... සුද්දාගේ කටහඬ කෝපාවිෂ්ටය ඇස්වල කඳුළුය.

ඇයි සුද්දෝ මොකක්ද වැරැද්ද...

නෑ නෑ ඔයාගෙ මොකුත්ම වැරද්දක් නෑ මම ගෙනාපු අනික් බෝතලේ ඔය රොඩුගොඩ අස්සෙ ගහල තිබුණ එකයි වැරැද්ද දැන් ඉතිං බීපියව් අහවල් එක...පිස්සෙකු සේ කියමින් සුද්දා කුණුහරුප වැසි වස්සන්නට විය.   

ගිනිගොඩ එතරම් අලංකාරව ඇවිලුන රහස හෙළිවුණේ ඒ මොහොතේදීය.  පාලි සංස්කෘත මතු නොවැ ප්‍රාකෘත භාෂාවලද  සමර්ථයකු වූ සුද්දාට භාෂා නෛපුණ්‍යත්වය අතින් අපේ අටමාද පරද්දන්නට හැකි නොවේදැයි මට බොහෝවිට සිතේ.  ඇවිළී අවසන්ව ටික ටික නිවී යන  ගිනිගොඩ දෙස සුද්දා බලාසිටියේ ගිනිගත් තම නිවස දෙස හද පැලෙන තරම් ශෝකයෙන් බලා සිටි පනංගල අයියා වගේ යැයි මට ඒ මොහොතේ සිතුනි.   ටවුමෙන් බෝතල් දෙකක් ගෙන ආ සුද්දා එක බෝතලයක් රොඩුගොඩ අස්සේ ගසා එක බෝතලයක් ගෙනාවාසේ රඟපෑවේ පිනට බොන්නට එන අපතයන්ගෙන් බෝතල් බේරාගන්නටය.   ඌ හොඳ හිතින් කළ සත් කාර්යය දැන් නොපිට හැරී ඇති නිසා අනික් උන්ගෙන් සුද්දාට දෝෂාරෝපණ එන්නට නොදී ඌව බේරාගත යුතුය.   අතේ සල්ලිද නැත අපේ ගේ තියෙන්නේ පිට්ටනියට පොඩ්ඩක් උඩහින්ය.   සුද්දාට එහෙමම ඉන්නට කියූ මම ඉක්මන් කර ගෙදර ගියෙමි මම යනවිට බිරිඳ කුස්සියටවී  දවල්ට උයමින් සිටියාය.  ඇය කැකුළු බතකුත් කිරිකොස් මාළුවකුත් හදා පැත්තකින් තබා පදමට කොච්චිද මුසුකර කරෝල තෙල්දමයි. කරෝල බැදුමේ රුචිකර සුවඳ කොස් මාලුවේ සුවඳට මුසුවී හාත්පස පැතිර යන්නේ මගේ බඩගින්න අවුළුවමිනි.

ආ මොකද කළින්ම...බිරිඳ අසයි.

නෑ මං මේ හදිස්සියකට ආවා...කියමින් දොට්ට පිලට යන්නට ආ එකෙක්සේ රඟපෑ මම කාමරයට ගොස් බිරිඳගේ පසුම්බියෙන් සල්ලි අරගෙන එළියට ආවෙමි.

මං යනෝ...

යන දිහාක කාල යන්න... 

කන්න ඉක්මනට එන්නං...

කියමින් අඩිය ඉක්මන් කර ප්‍රජා ශාලාවට ගිය මම තව බෝතල දෙකක් ගේන්නැයි කියා සුද්දාට සල්ලි දුන්නෙමි.   සුද්දාගේ මුහුණ මහදවල් පුරහඳ පෑව්වාසේ ප්‍රීතියෙන් බබලන්නට වුයේ නැතිවී ගිය වාසනාව නොසිතු විලස නැවත අතටම ලැබුන නිසාය.  මුදල්වලට වඩා සුද්දාගේ සතුට එවෙලේ මට රටක් වටී.

දැන් ඉතිං නව වසරට ආසිරි ප්‍රසංගය ඉදිරිපත් කිරීම පැත්තක තබා කුමාරිව හොයන්නට වී ඇත.  කිසි කෙනෙකුට නොකියා ඇය කොහේ ගිහින්ද?   එච්චර පාට නැති උනත් උස්වූ පිරිපුන් සිරුරක්ද සුනම්‍ය සිත්බඳනා කැපීපෙනෙන අඟපසඟද මිතුරු කතාබහද  ඇති  ප්‍රියමනාප හැඩකාර කාගේත් සිත් බැඳ ගත් කාන්තාවක් වූ කුමාරිගේ ඇසුර පැතු මෝල් අමාරුකාර අපතයන් කීප දෙනෙක්ද අපේ ගමේ හිටපු බව මට රහසක් නොවේ.   උන් දෙතුන් දෙනාද අද අපේ නව වසරට ආසිරි ප්‍රසංගය බලන්නට නොවැරදීම ඇවිත් ඇතුවාට සැක නැත.   ඔයවගේ වෙලාවල බොරදියේ මාළු බාන්නට උන් බෙහෙවින් සමර්ථය.  උන්ගෙන් එකෙක්වත් කුමාරිව උස්සලාදැයි දහ අතේ කල්පනා කරමින් ඉන්නාවිට පාරේ ඈත කෙළවරින් කාන්තා රුවක් මතුවෙනු ලයිට් කණුවේ එළියෙන් දැක්කෙමි.    දෙයියන් දුන්නාසේ ඒ එන්නේ කුමාරිය ඇය දුවන නොදුවන ගානට වේගයෙන් අප සිටින දෙසට එයි෴

91 comments:

  1. හැලපගේ ලිපියක් කියෙව්වමයි, ඇත්තතම මේක, තරුණ කාලේ මං කරපු මගේත් ගොන්වැඩ මට මතක් කලා, ඔය කොල්ලෝ ගොඩේ මාත් හිටියා වගේයි මට දැනුනේ......එතකොට හැලපයෝ, ඔය කුමාරිට ඇත්තටම මොකක්ද වෙලා තිබුනේ?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම උන්මත්තකව මගෙ බ්ලොගේට ආදරයෙන් පිළිගන්නවා. අපි කවුරුත් ඉතින් තරුණ කාලේ ගොන් වැඩ කළා නොවැ.කුමාරිට ඇත්තටම වෙච්ච දේ ඉදිරියේදී බලාගන්න පුලුවන්වේවි.

      Delete
  2. "කොල්ලන්" (කොල්ලෝ) අවසානයේ ගින්න ගෙවල්වලට පැතිර යා නොදී නිවා දැමුහ.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ කොල්ලන් (කොල්ලෝ) නම් හොඳින් දැනුවත් වී සිටිති.

      Delete
  3. බලාගෙන ගියාම ගිනි දෙයියෙක් නොවැ... කවදා හරි මට්ටු වෙයි ඔහොම යනකොට. ඔය රොඩු වලට ගිනි තියෙන වැඩේ නම් ඕනෙ එකෙක් ආසාවෙන් කරනවා. කොච්චර වයට ගියත් හිත ඇතුලෙ පොඩි එකෙක් ඉන්නවනේ..

    ///භාෂා නෛපුණ්‍යත්වය අතින් අපේ අටමාද පරද්දන්නට හැකි නොවේදැයි/// මූට වඩා එකෙක්...? වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. මමත් ඒ වගේ ගිනි දෙයියෙක් තමා.වැඩේ කියන්නේ කුණු රොඩු දැකපුවම ඉන්න බැරි එකනෙ.

      Delete
  4. ඔස්ට්‍රේලියාවේ, ඇමෙරිකාවේ සමහර පැතිවල ලැව් ගිනි පැතිරෙන්නේ මෙහෙමයි :).

    ReplyDelete
    Replies
    1. Luckily he is not here. Otherwise he would be in jail for arsenic attacks he he.

      Delete
    2. එසේ ගිනි තබන්නේ බොහෝ විට එකාතරා මානසික තත්වයක් නිසා! සමහරු ඒකට ඇබ්බැහි වෙලා. Serial arsonists.

      Delete
    3. ඉයන්,
      ලංකාවේද ග්‍රීෂ්ම කාලයට කැලෑ ගිනි ගන්නේ මේ ආකාරයට නොවේද?

      Delete
    4. ඇනෝ,
      අම්මෝ යන්තං බේරිලා.

      Delete
    5. රසික,
      මමත් ඇඩික්ටඩ් ද දන්නෙ නෑ.

      Delete
  5. වෙසක් බලල එනකොට ගෙදරක් ඉස්සරහ වියල ගොඩකරල තිබුන පොල් අතු දෙතුන් සීයක ගොඩකට ගිනි තිබ්බ.
    පහුවදා පොලිසියෙන් පවා ඇවිත් විශාල කලබගෑනියක් උනා.
    අපි පූස් පැට්ව වගේ සද්ද නැතුව හිටියා.
    ආයෙමත් ඒ වගේ බලු වැඩ කලේ නෑ.

    ReplyDelete
    Replies
    1. කොලු කාලෙ කවුරුත් ඔය වගේ ගොන් වැඩ කරනවනෙ.

      Delete
  6. අටමා පරද්දනන්න.. හැක්. .හිතුවා මදි. කුමාරිගේ පැද්දි පැද්දි එමින් ගමන නං එච්චර සුභ නෑ ගොයියෝ.. හැක්

    ReplyDelete
    Replies
    1. අදත් බඩු තමයි අමුඩය. හැක්...

      Delete
    2. ඇයි බං.කුමාරිගෙ ගමන දැක්ක වගේ නොවැ මුගෙ කතාව.

      Delete
    3. ප්‍රසා,
      බොලා දෙන්නට කාඩ් එකක් වැදිල නේද? මරු මරු.

      Delete
  7. හැක්.. මෙයත් හරියන්නෙ අපේ ගිනිවැල් ප්‍රියන්ත අයියටම තමයි.
    ඔය වගේ අපේ වත්තෙ තිබ්බ මාන පඳුරු ටිකක් අස්සට නයෙක් රිංගල ඒකට ගිනි තියපු එක අල්ලපු වත්තෙ තිබ්බ මාන යායට පැතිරිලා යන්න ගිය එකත් නවත්තගත්තෙ මහා සංග්‍රාමයක් කරල.

    කොන්සර්ට් එකට තව කල් යයි නෙහ්... ඔන්නොහෙ කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. හැබෑට වෙනි වල් අයියට මොකද උනේ.. පේන්ඩ නෑනේ.. ගිනිවැල් වෙලාද දන්නෑ..

      අමුඩය

      Delete
    2. මාරයගෙ ෆොටෝ එකක්නෙ අන්තිමට ෂෙයා කරල තිබුණෙ.
      සුදු වෑන් එකකිං ඉස්සුවද දන්නෑ.

      පු.ක.

      Delete
    3. සනීපෙං සතුටෙං ඉන්නවලු.. බිසිලු..

      Delete
    4. උඹලට අමතක වුණාට අමුඩෙත් එක්ක තව තව ජාති තියෙනවා.

      Delete
    5. පැහැදිලි කොරහං බලන්ට

      Delete
    6. වෙනිවැලා ආගිය අතක් නෑ නොවැ.මොකක්ද බං නයෙක් වගේ වැඩකට නැති සතෙක් එළවන්නත් කැලෑ ගිනි තියනවද?

      Delete
  8. අද නම් පඳුරු තලලා නෙමේ පඳුරු වලට ගිනි තියල. මටත් ඔය එකතු කරපු කොළ ගොඩවල්, වේලිච්ච මාන පඳුරු එහෙම පෙනෙන්න බෑ. නව වසරට ආසිරි ප්‍රසංගය 2017 දී වත් බලන්නට බැරියයි හිටං.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් 207 දී වත් පන්නමු එහෙනම්.

      Delete
  9. නව වසරට ආසිරි ප්‍රසංගය සිංහල අලුත් අව්රුද්දට වත් පෙන්නමු. දැන් කුමාරිට වෙච්ච දේ හොයමු.

    ReplyDelete
    Replies
    1. කුමාරි මග එනවා නොවැ.දැන් වෙච්ච දේ හොයාගන්න පුළුවන් වේවි.

      Delete
  10. ඔය වගේ ගිනි වලින් මහා විනාශ සිද්ධ වෙනවා...

    මම අනුරාධපුර දිහාවේ නතර වෙලා හිටපු ගෙදර මනුස්සයාගේ මල්ලිගේ පුතා ඒ කාලේ කොහේදෝ මන්ද රටක ඉගෙන ගන්නවා...
    මු දවසක් යාලුවෙක් එක්ක එහේ ඇවිත් ඒ ගෙදර අක්කලත් එක්ක නාච්චදුව වැවේ නාන්න ගිය වෙලාවේ වැව් පිටියේ තිබ්බ වේලිච්ච තණකොළ දැකලා හැමෝටම හොරෙන් ගිනි තියලා...
    හුළඟත් එක්ක ගින්න සැරේට පැතිරිලා...
    පස්සේ අහල පහල නනා හිටපු ගමේ මිනිස්සුත් ඇවිත් මුන්ටත් බැනලා පුළු පුළුවන් විදිහට ගින්න නිමලා...
    මේ සෙට් එකත් කොළ අතු කඩාගෙන ගගහ ගින්න නිවන්න උදව් කලත් සෑහෙන හානියක් වෙලා ඉවරලු...
    ඒ වියළි කාලයේ ඒ අවට ඉන්න ගවයින්ට කන්න තියෙන එකම කෑම ඒ වේලිච්ච තණකොළලු...

    කුණු ගොඩක්, කොළ රොඩු ගොඩක් වගේ නෙමෙයි නෂ්ට ආශාවක් වෙනුවෙන් මානා/ඉලුක් හෝ වෙනත් කැලයක් ගිනි තියන එක හරි වැරදියි...
    ඒවා අස්සේ ඉන්න හයියෙන් යන්න බැරි පුංචි සත්තු, සර්පයෝ, පොඩි පැටව් කී දෙනෙක් ඔය ගිනි තැබීම් නිසා මැරෙනවද...
    ගින්නේ පැතිරීම අනුව ලොකු සත්තු පවා මිය යනවා...
    හරි අපරාධයක්...

    මේ ගිනි තියන පෝස්ට් එක අස්සට කුමාරියෙක් කොහෙන් ආවද මන්ද... ;)

    ReplyDelete
    Replies
    1. මොන ආකාරයෙන් බැලුවත් කැලෑ ගිනි තියන එක වැරදියි.නමුත් වැඩේ තියෙන්නේ වේලිච්ච කැලෑ දැක්කම ඉන්න බැරි එකනෙ. කුමාරි ගින්නෙන් බේරෙන්න එන්න ඇති.

      Delete
  11. (ලව්) නෑ නෑ ලැව් ගින්නක් නොවැ..........

    ReplyDelete
  12. මම නම් මාර ආසයි ඇවිලෙන ගිනි වලට පිඳුරු දාන්න...

    ReplyDelete
  13. යකෝ ගින්න ලොකු කරලා.කුමාරිගේ කතාව පොඩි කරලා. කුමාරිට වෙච්චිදේත් කිව්වේ නෑනේ..
    යකෝ බොන්න ගිනියන්නෙත් ගෙදර මනුස්සයගේ සල්ලිද?

    ReplyDelete
    Replies
    1. කුමාරිට වෙච්චදේ කියාගෙන එන ගමන් නොවැ.
      එහෙම තමා නැති වෙලාවට ගෙදර මනුස්සයගෙ කියල ගානක් නෑ.

      Delete
  14. අපෙත් ඉන්නවා ඔහොම ගිණි කාරයෙක්.. ඩී.ජේ එකක් මැද ඌ ගිනි ගොඩක් ගහලා හත් අට දෙනෙක් රෝහල් ගතවෙන තරමේ වලියක් පවා ගහගත්තා.පස්සෙ මූව කවුන්සිලින් යැව්වා.ගිණිතියන එක නවත්තලා මූ ගිණි නිවන්න පටන්ගත්තෙ නැතෙයි.පස්සෙ පස්සෙ වෙඩින් එකකට ගියත් හෝටලේ කාබන්ඩයොක්සයිඩ් එකක් ගෙනල්ලා සෙනඟ ගොඩේ ගහනවා... පේටන් පහ හයකුත් තියෙන ආතල් කොලුව හැබැයි. හෙහ් හෙහ්...
    මේ විශේෂ නිවේදනය ප්‍රසන්ග සංවිධායක වරුන්ටයි...//
    ප්‍රේක්ශකයින් නොඉවසිල්ලෙන්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නියම කොල්ලෙක් බං.මාවත් කවුන්සිලින් කරන්න වේවිද දන්නෙ නෑ.
      තව සුළු වෙලාවක් සාවධානව බලා සිටින ලෙස සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

      Delete
  15. මදැයි යන්තං කුමාරි නම් අවා, ඒත් අටම් තුමාට අපහාස කිරීම පිළිබදව ඇබිලිපිටියේ OIC ට පැමිණිල්ලක් දැම්ම. .හික් හික් පට්ටයි...

    ReplyDelete
    Replies
    1. පැමිණිල්ලක් දැම්ම නං බෝතල් දෙකකුත් ලෑස්ති කොරගෙන ඉන්ට වෙයි.

      Delete
  16. පෙන්නද්දී රෑ එකදෙක වෙනවා කියපු නිසා මම දැනගෙන හිටියා ප්‍රසන්නගේ නෑ තමයි කියලා. අපිට ඕන ප්‍රසංගයක් නෑ. ඔන්න ඔහේ පඳුරු තලලා බැරි හරියට පඳුරු ගිණි තියලා. අන්තිමට පඳුරක් අස්සේ රිංගුවත් කමක් නෑ. කුමාරිලා ඉතිං ඔහොමම තමයි. පික් පොකට් වැඩේට වයිෆ් බැන්නේ නැතැයි ?

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න ඕනේ ප්‍රසන්නගේ නෙවෙයි ප්‍රසංගේ.

      Delete
    2. ප්‍රසන්නයෝ... මෙන්නෝ.....

      Delete
    3. අප්පද බොල, දවස් දෙකයිද කොහෙද හම්බ උනේ ඒ ටිකට ඒකත් දැනගෙන ද?

      Delete
    4. නෑ නෑ... ප්‍රසන්නට තියෙනවා. (දෙමළ එකක් තියෙන්නෙ හැබැයි)

      Delete
    5. පොකට් වැඩේ අහුවුනේ නෑනෙ උන්දැට ගානක් නෑ.අනික දැනගත්තත් මොකුත් කියන්නෙ නෑ.ඇහුව නං මම ඇත්ත කියනවා.

      Delete
    6. ප්‍රසා,
      පැහැදිලිවම මුණ ගැහුණ දවසෙ උඹ පෙන්නන්න ඇති නැත්නං සුදීක දන්නෙ කොහොමද?

      Delete
  17. කරුණාවෙන් සවන්දෙන්න.. මේ විශේෂ නිවේදනය නව වසරට ආසිරි ප්‍රසංගය නැරඹීමේ ආසාවෙන් ඉන්න ප්‍රේක්ෂක මහතුන් වෙතයි.. ගිනි තැබීම ගිනි නිවීම් හා වටේ පිට ආදර අන්දර සියල්ල අවසානයේ අදාල ප්‍රසංගය කවදා හෝ වේදිකා ගත කරන බව කරුණාවෙන් සලකන්න.. ස්තුතියි මිට ප්‍රධාන සංවිධායක හැලප තුමා..

    ReplyDelete
    Replies
    1. කරුනාවෙනි! ප්‍රසංගයේ ඡායාරුපකරණයට මිතුරෙකු පැමිණෙන තෙක් මඳක් බලාසිටින්නට සිදුවී ඇති බැව් දන්වන්නට කැමැත්තෙමි.
      (ජොලියට හොඳද)

      Delete
  18. සැක් අපරාදේ ගින්න නිවුවෙ

    ReplyDelete
    Replies
    1. ඇයි බං,ගිනි ගත්ත නං හොඳද?

      Delete
  19. ඊලග දවසේ කුමාරිව අකුලකට පෙරලගනි වගේ ලොක්කා

    ReplyDelete
    Replies
    1. ලාවට වගේ ඊරිසියිද බං?

      Delete
  20. පුදුමයිනේ ගින්නේ සැරට බෝතලේ පිපුරුවේ නැති එක. එහෙම පිපිරුවානම්, පෙට්‍රල් බෝම්බයක් පිපිරුවා වගේ, ඇල්කොහොල් වලින්, මහ ගින්නක් ක්ෂණිකව ඇතිවෙනවා. ළඟ හිටියානම් තුවාල වෙනවා.

    කතාවේ ආදර්ශය:- "කොස්කොල ගොඩවල් ගිණිතැබීමට පෙර, ඊට යටින් බෝතල් තිබේදැයි සොයාබලනු"

    ReplyDelete
    Replies
    1. සමහරවිට කුණුගොඩ ඇතුලෙ බෝතලේ පුපුරන්නත් ඇති.කුණුගොඩ විශාල නිසා පිපිරීම එළියට දැනෙන්න නැතිව ඇති කියල දැන් හිතෙනවා විචා.

      Delete
  21. හා...හා... ගිනි තිබ්බා මදෑ. අර කුමාරි ගැන ලිව්වනං.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් ගිනි තැබිලි ඉවරයි.කුමාරි ගැන ලියමු.

      Delete
  22. කුමාරිට වැඩිය ලොකුයිනේ බලාගෙන යද්දී මේ ගින්න.

    ReplyDelete
    Replies
    1. මේක මේ අමතර කතාවක් නොවැ.

      Delete
  23. කොස් ගහ ගාව කුණු ගොඩ දැකලා,
    එතනින් අතුරුදහන් වෙච්ච කෙනා හොයන කතාව නතර වුණා...
    කුණු පත්තු කරන කතාව --> පඳුරු පත්තු කරන කතාවට මාරු වුණා...
    හැබෑට අර කොස් ගහ දැක්කේ නැත්තම් බැරි වෙලාවත්???

    ReplyDelete
    Replies
    1. කොස්ගහ නොදැක්ක නං කෙළින්ම කුමාරිව ගේන්න වෙනවනෙ.කොස්ගහ දැකපු එකත් හොඳා.

      Delete
  24. හැලපෙ මේ පෝස්ට් දදා කරන්නෙත් ගිනි තිවිල්ලක් නෙව
    තාම කුමාරි ආවෙ නැද්ද
    අපරාදෙ හැක්

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඔන්න කුමාරි මග එනවා.

      Delete
  25. ගිනි හැලපේ,
    උඹ හොඳයි හැලපයියේ අර වියළි කලාපේ හේන් ගිනි තියන්න යන්න.මතකද චරිත තුනක් එකේ ඉසා වගා කරන්න යන ඉඩම ගිනි තියන්න යනකොට අම්මා එක නවත්තන හැටි.අම්මා නැති නම් එකා පළාතම ගිනි තියනවා නේ..

    ReplyDelete
    Replies
    1. ඔය හේන් ගිනි තැබිල්ලත් මම හරිම ප්‍රියකරන වැඩක් මනෝජ්.අවාසනාවකට තාම ඒ වාසනාව ලැබිල නෑ.
      ඔව් ඔව් ඉසා හේන ගිනි තියන හැටි මට හොඳට මතකයි.

      Delete
  26. අපේ අපුච්චාටත් මේ ගිනි දෙයියෝ පිදීම තියනවා හොඳටම. පොලිතින් කවරයක් එහෙම දැක්කොත් ඉවරයි!

    ReplyDelete
    Replies
    1. අපුච්චාත් මගෙ විදියම වෙන්න ඇති නේද බං.

      Delete
  27. හැලපෙ අයිය “පනංගල අයිය“ කියොලත් තියෙනවනේද? ඇල්. ඩී. මැන්දිස් ගෙ තව පොතක් තියෙනව අපේ වගතුග කියල. තාත්ත නං කියන්නෙ ඒකෙ තියෙන්නෙ අමු ම අමු පුරාජේරු ටිකක් කියල.

    අර පොතේ කොහොමද පනංගල අයිය තියන ගජබින්න ටික එහෙම? තාම මතකයි ඈ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒ පොත් සැට් එකම මගෙ ළඟ තියෙනවා.හැබැයි අපේ වගතුග පොතේ ඔය කියන තරමට පුරාජේරු කියල කියන්න අමාරුයි.ඒ කතා ඔහු විස්තර කරලා තියෙන්නෙ උපහාස මුඛයෙනුයි.
      පනංගලයගේ බින්න ඇහිලා කොල්ලගෙ අම්ම ඌව එලවගන්නව නේද?

      Delete
    2. "කටවහගෙන නිදාගනිං පනංගලේ, ඔය ගජබින්න නවත්තල..." වගේ එකක් කියනව නේ?

      Delete
    3. පොත බලල හරියටම කියන්නා.ඒක නෙවෙයි ඇල් ඩී මැන්දිස් මහත්තය ගැන යමක් ලියමුකො බං.

      Delete
    4. මං කියවල තියෙන්නෙ පොත් දෙකයි අයියෙ. ඒකෙං මට හිතුන දේවල් ලිව්වොත් මීළඟ අටං පාටියෙදි අම්බානක ගුටිකන්න වෙයි...

      Delete
  28. අඩු ගානෙ මේ කොටහෙදි කුමාරිව හම්බුන එකවත් මදැයි කියල හිත හදාගත්ත...

    ReplyDelete
  29. කුමාරිව දැක්ක එකත් මදෑ,හිහ්....
    හැබෑට ගිනි රස්නෙට බෝතලේ පිපිරුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම මගෙ බ්ලොගයට ඔබව ආදරයෙන් පිළිගනිමි.
      ගිනි රස්නෙට බෝතලේ නොවැරදීම පුපුරන්නට ඇති.නමුත් පිපිරීම පිටට නොපෙනෙන්න ඇති කියලයි මම නං හිතන්නෙ.

      Delete
  30. නිකන් මේගා නට්ටියක ප්රධාන නිලිය ප්රසුත නිවාඩු අරං අනිත් උන්ට පුශ් එකක් දෙනවා වගෙ හැලපයියේ දැන් කතාන්දරෙ ඉක්මනට කුමාරිට මොකද වුනේ කියන්ට ඉලග කොටැහින්වත් (තිත්දෙකයි ඇල ඉරක්)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඊළඟ කොටහෙන් කියන්න තමා හිතං ඉන්නෙ.කියවන්න ආවට බොහොම ස්තූතියි.

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. හැලපේ අයිය හනුමන්තගේ පරපුරෙන්ද මන්ද පැවත එන්නෙ.. ටිකක් හොයල බැලුවොත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව.හොයල බැලුවොත් හනුමන්තා කොහේ හරි කොණක ගෑවිලා ඉන්න පුළුවනි.

      Delete
  33. හැලප අයියගෙ ජාතියෙම නසරානියෙක් හිටිය අපේ සැට් එකේ..ඒකට පිදුරු ගොඩක් පෙන්නන්න බෑ.. අපේ වත්ත උඩහ ගලේ තියන මානා පඳුරු දැක්කම නලියනව.. මම හිතන්නෙ ඕක පොඩි ඩිසෝඩර් එකක්.. හැක් හැක්... කුනුහරුප භාශිතයේ කෙල පැමිනීම සම්බන්දයෙන් අටමට ගහන්න සුද්දට පුලුවන්ද? මං හිතන්නෙන් නෑ..

    ReplyDelete
    Replies
    1. මට පුදුම වත්ත උඩහ ගල තාම ඉතුරුවෙලා තියෙන එකට බං.

      Delete
  34. කොච්චි මුහු කරලා කරවල තෙල් දානවා... අනෙ අම්මේ රහ මතක් වෙන කොටත් කෙළ ලීටරයක් විතර උනනවා.

    ReplyDelete
    Replies
    1. කිරිකොසුත් එක්ක ගත්තම දිව්‍ය බෝජනයක් නේද ඇනෝ.

      Delete
  35. දුම්මල කියලා කියන්නෙ කොස් ගෙඩි ටික කාලයකදි කලු වෙන එකටද...අපේ ගෙදරත් තියෙනවා හොදට ගෙඩි හැදෙන ගහක්...නමුත් ගෙඩි ලොකු වෙද්දි පැත්තක් කලු වෙලා වැටිලා යනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් සිරෝ කපල බැලුවම දුම්මල වගේ තියෙනවා කන්න බෑ.

      Delete
  36. මොකද ලොක්ක සද්දයක් නැත්තෙ. ආයෙ බෝතලේකට ගිනි තිබ්බද. හැක්..

    ReplyDelete
    Replies
    1. කතාවක් ලියාගන්න ඉවරයක් නෑනෙ ප්‍රසා.ඔහේ තැනින් තැන කියවල කමෙන්ට් එකක් දෙකක් කෙටුවට හරිම වැඩ අධිකයි හේතුව ඒකයි.

      Delete

ඔබේ අදහස්