Sunday, January 17, 2016

නව වසරට ආසිරි මනමේ නැටුම කාලගෝල හා කුමාරිගේ අතුරුදහන්වීම.


අපේ ප්‍රසංගය ආරම්භ වන්නේ ජනවාරි පළවෙනිදා රාත්‍රී 8.30 ට කියා බැනර්වල සඳහන් කර තිබුණත් ඒ වෙලාව වනවිට  නටන ළමයින්ට අන්දවා ඉවර කර ගන්නටවත් හැකිවුණේ නැත.   සාමාන්‍යයෙන් ගමක තියෙන මේ වගේ කටයුතු වලදී පමාව ඇතිවන එක සොබාවිකය.   ඔය පමාව අද ඊයේ පටන් පැවතගෙන එන එකක් නොව මම කුඩා ළමයෙකුව සිටි කාලයේ පටන් අද වෙනතුරු අවිච්ඡින්නව පැරන්නන්ගෙන් අපේ ගමට ලැබී ඇති දායාදයකි.   මන්ද යත් ඒ කාලයේ තිබුණේ කොන්සට් නොව ටීටර්ය ටීටර් එක අටට පටන් ගන්නවා කියා කිව්වත් ඔක්කොම වැඩ කටයුතු ඉවරකරගෙන අන්තිමට පටන්ගන්නාවිට රෑ එකොළහ හෝ දොළහ වෙයි.   ඉස්සර අපේ ගමේ ටීටර් එකක් පෙන්නන විට තාත්තාට නොවැරදීම ආරාධනාවක් ලැබෙයි.    තාත්තා ටීටර් බලන්න යන්නේ සිය පවුලමද සමගය.   අපිත් එක්ක ටීටර් පොළට යන තාත්තාව පිළිගන්නේ එතන ඉන්න ටීටර් සංවිධායකයන්ය.   රැස්කමින් ඉන්න සෙනග මැදින් කැඳවාගෙන යන අපට  ඉදිරිපස පුටු පේළියක අසුන් ගන්නට ලැබේ.   වෙනදාට යන්තං රෑ අට නමය වෙද්දි නිදාගන්නා අපි එදාට ටීටර් බලන්නට තියන උනන්දුව නිසා නිදිමත ඇස් දෙකෙන් පෙරෙමින් වුවත් නොනිදා ඉන්නට උත්සාහ ගන්නෙමු.

ටීටර් එක ආරම්භයේදී සංවිධායකයින් සමග ගනුදෙනු අහවර කරගෙන ඔවුන්  පිළිගන්වන  සිසිල්බීම සංග්‍රහයත් බුක්ති විඳීමෙන් පසු  පැයක් හමාරක් ටීටර් එක බලන තාත්තා එක්වරම හිඳගෙන සිටි පුටුවෙන්නැගිටගනියි.

හා යමල්ලා ගෙදර ...

අනේ තාත්තෙ ඉතුරු හරියත් බලලම යමුකො...

අපේ කන්කෙඳිරි ගණනකට නොගන්නා තාත්තා බලෙන් වගේ අපිවද ඇදගෙන ගෙදර යයි.  මොනම ටීටර් එකක් ගමේ පෙන්නුවද තාත්තා එක්ක ගිය කිසිම දවසක ටීටර් එක අහවර වනතුරු බලන්නට ලැබුණේ නැත.  ඒ කුමක් නිසාදැයි අද කල්පනා කරන කළ මට නිකමට වගේ හිතෙන්නේ ඒ ටීටර් වල ඇති පෙම් ජවනිකා සහ දෙපිට කැපෙන දෙබස් නිසා තාත්තා එලෙස අපට ගෙදර ඇදගෙන යන්නට ඇති බවය.   කොහොම උනත් අපේ ගමේ අය ටීටර්  හෝ ප්‍රසංග  පටන්ගන්නට කොපමණ ප්‍රමාද වුවත් ඒ සියලුම අපහසුකම් දරාගෙන ඉඳීම පුරාණයේ සිට පැවතගෙන එන සද් චාරිත්‍රයක් නිසාවෙන් පටන් ගන්නට ප්‍රමාද වීම නිසා අපේ ප්‍රසංගයට කාගෙන්වත් වචනයකින් හෝ විරෝධයක් එල්ලවුණේ නැත.  විරෝධයක් එල්ලවුන එකම වතාවත් මගේ මතකයට එයි.   ඒ 1983 හෝ 84  වර්ෂය විය යුතුයැයි මගේ සිත කියයි ඒ වතාවේ අපේ  තරුණ සමිතියෙන් ඉදිරිපත් කළේ කාලගෝල නාටකයයි.  කාලගෝල නාටකය නිෂ්පාදනය කර ඉදිරිපත් කිරීම පැවරුණේ  මගේ පිටටය.    හදිසියට පිටපතක් ලියා පුහුණු කරන්නට පටන් ගත්තත් ගමෙන් නිළියන් සොයාගැනීම  අපහසුවූ හේතුවෙන් නිළි චරිතද රඟපාන්නට වුයේ කොල්ලන්ටමය. නාට්‍යයේ තිබූ එකම කාන්තා චරිතය රඟන්නට ගැලපෙනම කෙනා වුයේ චූටියා වුවත් ඊට කලින් කරපු නර්තනයකදී ඌට වෙච්ච ඇබැද්දියක් නිසා මම චූටියාට රාජ සභාවේ තෝල්කයාගේ චරිතය දී නිළියට වෙන කොල්ලෙක් පුරුදු කෙරුවෙමි.   චුටියාට සිදුවූ ඇබැද්දියත් මේ එක්කම කියා දමමි.

ඒ මට මතක හැටියට 79 හෝ 80 වර්ෂය විය යුතුය.  වෙසක් සමය ලංවෙත්ම අපි පොඩි මහින්දගේ කඩේ ඉස්සරහ වත්තේ පොඩියට ස්ටේජ් එකක් හැදුවේ වෙසක් දවස්වලට අපට ගීත ගයමින් නටමින් විනෝද වන්නටත් ගමේ උදවියට බලා සතුටු වෙන්නටත්ය.   එක දවසක රෑ අපි කපිලව කුමාරයාටත් චූටියා කුමරියටත් අන්දවා ඒ කාලයේ ජනප්‍රියව තිබුණ නිහාල් නෙල්සන්ගේ මනමේ ගීතයට මුන් දෙන්නාව නැටෙව්වෙමු.  උන් දෙන්නා කොපමණ හොඳට නැටුවාද කිව්වොත් නැටුම නියමෙටම  නැගලා ගියේය.   නැටුම් බලන්නට ඇවිත් සිටි ගමේ නරඹන්නන්ගේ  ප්‍රතිචාරය අති මහත් විය.   මේ දෙන්නා කොපමණ හොඳට නැටුවත් නැටුම  ලඟින්ම  ඉඳ බලාසිටි මට කුමරියගේ නැටුමේ පොඩි ඇදයක් පෙනුණි.   ඒ මොකක්ද කිව්වොත් මුළු නැටුම පුරාම කුමරිය  සිටියේ කුමාරයාගේ ඇඟට හේත්තුවී ඇලී ගැලීගෙනය.  මේ අඩුපාඩුව මම දැක්කත් එහෙම ඇදයක් නොදුටු ප්‍රේක්ෂක සමුහය නැවත වරක් ඒ නැටුම නටන්නයි ඉල්ලා කෑ කෝ ගසති.    අපි දෙතුන් දෙනා කතාකර ආයෙමත් මුන් දෙන්නා නටවන්නට තීරණය කළත් ඒ දෙන්නාට මහන්සි නිසා තවත් විනාඩි පහකින් නැටුම ලබාදෙන බව පවසා ප්‍රේක්ෂකයන් සංසුන් කළෙමි.   නැටුම ආයෙමත් නටන්නට වේදිකාව සුදානම් වෙද්දී  නටන ජෝඩුව හොයාගෙන එන්නට ගිය අය  එක්කරගෙන ආවේ කපිල විතරය කුමරියව  හොයාගන්නට ලැබී  නැත.   ඒ ගමන අපි කුමරියව හැම තැනම හොයන්නට වූයෙමු.   ස්ටේජ් එක යට නිදිකුම්බා පඳුරක් උඩ වැටී මලාක් මෙන් වැටී සිටි කුමරියව අවසානයේ සොයාගන්නා ලදී.   නැටුම පටන්ගන්නා විටත් හොඳ පදමටම වෙරිවී සිටි කුමරිය කුමාරයාගේ ඇඟේ එල්ලිගෙනම නැටුවේ කෙළින් ඉන්නට ඇති අපහසුතාව නිසාය.   නැටුම අවසානයේ පහළට ඇවිත් තව ෂොට් එකක් දැමු කළ සියල්ල අවසාන විය.

ඒ කාලයේ අපට නව වසරට ආසිරි ප්‍රසංගය කරන්නට මෙන් පිට්ටනියක් ප්‍රජා ශාලාවක් හෝ වේදිකාවක් නොතිබූ නිසා කාලගෝල වේදිකාගත වුනේ අපි එකල හැම වැඩේටම පාවිච්චි කළ පෝටවත්තේය.    ගමේ හැම තැනින්ම ලී සහ පරාල එකතුකර වේදිකාව හැදුවෙමු.   එහෙම අමාරුවෙන් හැදුව වේදිකාවේ කරළියට ආ කාලගෝල නාටකය ගමේ ප්‍රේක්ෂක ජනතාවගේ මහත් ප්‍රසාදය ලබමින් වේදිකාගත වී අවසානයේ නාටකයේ රඟපෑ කීපදෙනා එක රැයින් මුළු ගමේම ජනප්‍රිය තරු බවට පත්වුහ.   කෙල්ලන්ගේ නොමඳ බැලුම්ද ලැබෙන්නට වන් කළ උන්ව ඒ තත්වයට ගෙනා මට ඒ කීපදෙනා බෙහෙවින් ස්තුති කළහ.  ඉක්මනින්ම තවත් නාටකයක් කරමුයි හැම තැනින්ම ආරාධනා ලැබෙන්නට විය.     ඒ බලාපොරොත්තු සියල්ල සුන් කරමින් ඊට අවුරුද්දකට පමණ පසු කපිල මින්නේරි වැවේ ගිලී අවසන් ගමන් ගියේය.   කපිල ගැන මා මෙතෙක් එක වචනයක් වත් ලියා නැත්තේ මා ඇසුරුකළ හා හැම වැඩකදීම එකට සිටි  අපූරු තරුණයෙකු වූ ඔහු ගැන වෙනමම කතාවක් ලිවිය යුතු නිසාය.   චූටියා ගැන නම් මම කොටස් දෙකකින් යුක්ත කතාවක්  මීට පෙර ලියා ඇත්තෙමි.   අධික බීමත්කම නිසාම හදිසියේ හෘදයාබාධයක් සෑදී තරුණ වයසේදීම ජීවිතයෙන් සමුගත් චුටියාගේ මළගෙදර අපි ගිය වෙලේ එදා ඌ නිදිකුම්බා පඳුරක් හපාගෙන වැටී සිටිය හැටි මතක් වී මට බකස් ගා හිනා ගියේය.  කපිලගේ මරණය මගේ හිතට කෙතරම් කම්පනයක් ඇතිකළාද කිවහොත් කොපමණ ආරාධනා පැමිණියත් ඊට පසු නාට්‍යයක් හෝ කිසිම කලා කටයුත්තක් කරන්නට මට හිත් දුන්නේ නැත.   ගමේ කොල්ලන් ඊට පසුකාලීනව නාට්‍යයක් රඟදැක්වුයේ ඊට අවුරුදු හතර පහකට පසුව බව මගේ මතකයයි.   එයද නිෂ්පාදනය කළේ වෙන ගමකින් පැමිණි සිරිකුමාර අයියාය.

අපේ නව වසරට ආසිරි ප්‍රසංගයට ආපහු ආවොත් දැන් ප්‍රසංගයට උවමනාවටත් වඩා නැටුම් ලැබී තිබේ.   පළමුවෙන්ම කුමාරි පුහුණුකළ කුඩා දරු දැරියන්ගේ නැටුම් දෙකය ඊළඟට ගමේ ගැටිස්සියන් ඉදිරිපත් කරන නැටුමය එහා ගමෙන් ආ කණ්ඩායම ද්‍රවිඩ ගීතයකට ඉදිරිපත් කරන නර්තනය ඊට පසුවය.  ඉන් අනතුරුව අපි දන්නා කියන කලායතනයකින් කණ්ඩායමක් ඇවිත්  සම්ප්‍රදායික නැටුම් හා ජන නැටුම්ද නොංචි කෝලමද ඉදිරිපත් කරන්නට නියමිතය.  ඔය කියන නර්තන දෙකක් අතරේ ඇතිවන හිස්තැන් පුරවන්නට ගීත කීපයක් ගායනා කරන්නේ ගමේම නැගී එන ගායකයන්ය.    බලාපොරොත්තු උනාටත් වඩා විවිධාංග ලැබුන නිසා අපි සිටියේ ඉතාම සතුටිනි.   දැන් රාත්‍රී නවයටද ආසන්නය ප්‍රසංගයට සහභාගිවන සෑම සියලු දෙනාම නියමිත වෙලාවට ඇවිත් ඇඳුම් ඇඳගෙන නොඉවසිල්ලෙන් බලා සිටින්නේ තම දස්කම් පෙන්වන්නටය.    දැන් මීළඟට ඇත්තේ ප්‍රසංගය ආරම්භ කිරීමටය ප්‍රසංගයේ නිවේදකයා ලෙස එය මට පැවරී ඇති කටයුත්තක් නිසා සෑම සියලු දෙයම නිසි පරිදි සුදානම්ව ඇතිදැයි නැවත වරක් සොයා බලමින් මම බොහෝ කාර්යබහුල වුයෙමි.    නමෝ විත්තියෙන්ම ඉදිරිපත් කරන්නට නියමිතව ඇත්තේ පොඩි උන්ගේ නැටුමය මන්ද යත් මහ රෑ වෙනතුරු වැඩේ ඇදුනොත් නැටුම පැත්තක දමා උන් සියල්ලම නිදා ගන්නා බැවිනි.   ඉදිරිපස පොල්තෙල් පහන් දැල්වීම වැනි කටයුතුවලට අත දමන්නට පෙර පොඩි උන්ගේ නැටුමට සියල්ල සුදානම්දැයි බැලුවේ ඒ නිසාය.   පොඩි උන් සියලු දෙනාම හැඳ පැළඳගෙන නටන්නට සුදානමින් සිටිති එතකොට නැටුම පුරුදුකල ආචාරිණිය කුමාරි? ඇය කොහේද? ඇය වේදිකාව පිටුපස සිටියේ නැත.   මම කුමාරිට කතාකළෙමි.   

කෝ මේ කුමාරි කොහෙ ගිහින්ද?

දෙතුන් දෙනෙක් කුමාරිට කතා කරමින් ප්‍රජා ශාලාවේ පිටුපස දොරින් එළියට බැස්සාහ.   මේ අවශ්‍යම අවස්ථාවේ කුමාරිට කුමක්වීද?

69 comments:

  1. කුමාරී.... කෝ මේ කුමාරී.... අවිච්ඡින්නව පැරන්නන්ගෙන් ලැබී ඇති දායාදය අනුව මේ ප්‍රසංගය ගැන කියවන්න තව පෝස්ට් කිහිපයක් බලා සිටීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න... අම්මප මෙහෙමත් පඳුරු තැලිල්ලක්...

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි ඔන්න ඔහෙ තව ටික දොහක් බලා ඉම්මු.

      Delete
  2. 1960 දශකයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්තරා විහාරස්ථානයක පෙන්වූ ටීටර් එකක් අතරමගදී කඩාකප්පල් විය. හේතුව, නාට්‍යයේ විවේක කාලය තුළ දී, කුමරිය වෙනත් කුමාරයකු සමග පා පැදියක නැගී, 'ජම්පින් ගොයින්' කිරීමයි. පසු කාලයේදී මේ කුමරිය, දරු දෙතුන් දෙනෙකුගේ මවක්ව දැහැමෙන් සෙමෙන් ජීවත්වූ බවද මතකය.

    ඇත්තටම මේ ටීටර් අදත් තියනවානම් හොඳයි කියා හිතෙනවා. හැබැයි එදා වගේ 'පැට්ටෝල් ලාම්පු, ඇලඩින් ලාම්පු' එළියෙන් පෙන්නුවම තමයි අගේ තවත් වැඩි.

    ReplyDelete
    Replies
    1. ඇයි කිට්සන් ලාම්පු. තාමත් කිට්සන් ලාම්පු උස්සගෙන යන මිනිස්සු ගාලු පාරේ ඉඳහිට දකින්න පුලුවන් උදේට.

      Delete
    2. කිට්සන් ලාම්පු මතක් කලාට බොහොම ස්තුතියි. අදත් සමහර පෙරහැරවලත් ගෙනියනවා නේද?

      Delete
    3. ඒකනෙ. ඉස්සර නාඩගම් පෙන්නන කොට, ඒ කියන්නෙ ජෝන් ද සිල්වා මහත්තයලගෙ සී දොන් බැස්තියන් උන්නැහැලගෙ නූර්ති එන්න කලින්, එලිය ගත්තෙ කිට්සන් ලාම්පුවලින් කියලා කියැවෙනවා. අදත් පෙරහැරවල ගෙනියනවා මෙව්වා. විචාරකත් දැකලා තියෙනවා වගෙයි.

      Delete
    4. අපේ පැත්තෙ තිබුන තරං තිබුණේ පැස්ටෝල් ලාම්පු.

      Delete
  3. විරෝධයක් ආපු වතාවක් ගැන සඳහනක් තිබ්බට, ඒ ගැන විස්තරයක් නැහැනේ...

    ReplyDelete
    Replies
    1. විරෝධය ගැන ලිවීම අමතකම වෙලා ගිහිං නේද.ආයෙම දවසක මොනා හරි ලියද්දි ලියවෙයි.

      Delete
  4. අප්පටසිරි ඒ කියන්නේ කුමාරි වෙන කුමාරයෙක් එක්ක ඒ ටිකට මාරු වෙලාද ???

    අර එක පාරටම මැලේසියාවට ඇවිත් හිටියෙත් ඔය කුමාරිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති අපේ ගමෙන් ගියාට පස්සෙ ඇහැට දකින්න ලැබුනෙවත් නෑ.

      Delete
  5. හුටා.. සතියක් හමාරක් මෙහෙ ගොඩ වෙන්න නොලැබුණාට අවුලක් වෙලා නෑ තාම ෂෝ එක පෙන්නන්න ලෑස්තිය විතරයි අපරාදෙ තවත් සතියක් විතර නිදාගෙන ඉදල එන්න තිබ්බෙ හිහි
    හම්මේ ඉතිම් නේ තව සතියක් විතර හිටපං කො ඉතුරු ටික කියවන්න..
    ඔය අවිච්චින්න සම්පරදාය මං හිතන්නෙ සිරිලංකාවටම තියෙන එකක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තවම පොල්තෙල් පාන පත්තුකලෙත් නෑ නොවැ.හිමිහිට එමු.

      Delete
  6. මගෙ යාලුවෙක් ටීටර් එකක් කොරල මලා

    ReplyDelete
    Replies
    1. ඉස්ටේජ් එක කඩන වැටිලා වෙන්ටැති...

      Delete
    2. +++++++++
      අර යාංහෑල්ලෙ තිබ්බ, පුකට පිහියෙං ඇන්න එකේ අනික...

      Delete
    3. ආපට සිරි මේ ඉන්නෙ යාළුවා මැරිච්ච ඇනෝ.මෙච්චර කල් කොහෙද බං ගිහිං හිටියෙ.

      Delete
  7. //මම කුඩා ළමයෙකුව සිටි කාලයේ පටන් අද වෙනතුරු අවිච්ඡින්නව පැරන්නන්ගෙන් අපේ ගමට ලැබී ඇති දායාදයකි.// මක්කට කියනවද ඒ ගැන. මේ බ්ලොග් එකම ඊ්ට හොඳ උදාහරණයක් සපයයි. හැක්...

    මොනව උනත් ඉතිං පාන පත්තුකරන තැනට හරි ආවනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනං, පාන පත්තුකරන තැනට ආව එකත් මදැයි.

      Delete
  8. අපේ ජනාධිපති තුමා ජනවාරි 9 වෙනිදා එයා පෝට් වහන්නේ නෑ කුමාරී...........කෝ මේ කුමාරී.............

    ReplyDelete
    Replies
    1. යන දීපංකරේක තොලොන්ජි වෙලා පලයන් කුමාරි.

      Delete
  9. මෙන්න මාතලන්ගේ කාලගෝල නාට්ටි රංඟනය....

    http://maathalan.blogspot.com/2010/06/vesak-drama-festival.html

    ReplyDelete
  10. පහන පත්තුකරගත්ත එකවත් මදෑ දැනට. මම මේ කල්පනා කලේ එක පෝස්ට් එකක් මෙහෙම ඇදන් යන්න හොඳටම පුළුවන් රවීටද හැලපෙටද කියල හිටං.

    ReplyDelete
    Replies
    1. නෙළුං යායෙන් සම්මානයක් දෙන්න පුළුවන් මහා ඉලාස්ටික් බ්ලොග් කරු කියල.

      Delete
    2. කම්මල,

      එකෙන්ම! හැබැයි මට හිතෙන්නේ තෑග්ග දෙකට බෙදා ගන්න වෙයි. එතකොට "Best duplicate commenter" සම්මානේ කාටද? :)

      ඔය කොමෙන්ට් (සහ වෙනත් content) ඩුප්ලිකේට් වෙන සීන් එක ගොඩක් වෙලාවට android වල ප්‍රශ්නයක්. මම දන්නා තරමින් caching කේස් එකක්. උඹ බ්ලොග් බලන්නේ ෆෝන් එකෙන්ද?

      Delete
    3. උදය, මම බ්ලොග් බලන්නෙ Tab එකකින්. අවුල බ්‍රවුසර් එකේ. ක්‍රෝම් වලින් තමයි අවුල. මම ගිනි නරියගෙන් ආවොත් මේ වගේ reply දෙන වෙලාවට කමෙන්ට් කරන තැන open වෙන්නෙ නෑ. එයිටත් මේ ලෙඩේ හොදවෙනවට මේ හැලපෙලගෙත් එච්චර මනාපයක් නෑ.

      Delete
    4. කම්මල, Dolphin Browser හෝ CM Browser දාල බලන්න. ක්‍රෝම් android වර්ශන් එක ටිකක් කචල් කොහොමත්.

      මේ duplicate comments කේස් එක දැන් අනන්‍යතාවය වෙලා නිසා ලෙඩේ තිබුනත් කමක් නෑ තමා :-)

      Delete
    5. Dolphin Browser එක දැම්ම එතකොට සිංහල හරියට type කරන්නවත් බලන්නවත් බෑ බිංදු වගයක් පේනව. Opera mini දැම්මට හරිගියෙත් නෑ.
      දැන් ලෙඩේ තියන් ඔහෙ ඉන්නව

      Delete
    6. Dolphin Browser එක දැම්ම එතකොට සිංහල හරියට type කරන්නවත් බලන්නවත් බෑ බිංදු වගයක් පේනව. Opera mini දැම්මට හරිගියෙත් නෑ.
      දැන් ලෙඩේ තියන් ඔහෙ ඉන්නව

      Delete
    7. අපොයි ඉලාස්ටික් වැඩේ ගැන කිව්වොත් මට නං රවියගේ අහලකටවත් කිට්ටුවෙන්න බෑ.

      Delete
  11. දැන් ඉතිං කුමාරිට වෙච්චි දේ හොයාගන්න වෙන්නෙ පෝටවත්තට ගිහින්ම තමයි.

    ReplyDelete
    Replies
    1. තැනත් දන්නා එකේ ගිහිං බලල ආවනං.

      Delete
  12. me widihata diga cheda thiyenakota kathawa rasawath unath kiyawima nirasai.....

    ReplyDelete
    Replies
    1. ඉදිරියට ලියද්දි ඡේද කෙටිකර ලියන්න උත්සාහ කරන්නං.

      Delete
  13. ගස්ලබ්බගෙ යාලුවෙක් ඉන්නව ජහුට වලට සංගීතය සපයන.පොර දස්සයා.පදමට ගහලා ගායනේ වාදනේ කොලාම ඒකට වශී වෙන 'කුමාරියෙක්' එක්ක අඳුරු අහුමුළු කෙලි උට නම් වරදින්නෙම නැති තරම්.. ඔව්වා සංවිධානේ කොරන එකෙත් වෙනම ආතල්ලෙකක්නෙ තියෙන්නෙ.. පෝස්ට් එක තලු මරන තරමෙන්ම තේරෙනවා ඒක.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය කලාකාරයො කියන්නෙ අමුතුම කොට්ඨාශයක් නොවැ ගස් ලබ්බෝ.කුමාරියන්ගේ හිත් ගන්නට හරිම හපන්නු.

      Delete
  14. කුමාරි දැන් ඕමාන්වලද මන්දා ?

    ReplyDelete
    Replies
    1. ආවනං බලාගත්තැකි නොවැ.

      Delete
  15. කුමාරි කුමාර එක්ක පැනල ගිහින්ද??

    ReplyDelete
  16. සෝ එක පටන් ගන්න අවුරුද්දක් වත් යයි වගේ....

    ReplyDelete
    Replies
    1. මුන්ගේ ගමේ වැරද්දක්.

      Delete
    2. නෑ නෑ එහෙම වෙන එකක් නං නෑ.

      Delete
  17. කුමාරි හැලපකුමාරයගේ ගෙදරට ඇවිත් වෙන්න ඇති..
    මට ඉරිසියැයි අප්පා ඔහේ ගැන..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හැලපේ තාමත් කුමාරි ගහන පදේට නටනවාය කියලාද?????

      Delete
    2. මොකද බං ඉරිසියා කොර කොර ඉන්නෙ හදපන්කො නාට්ටියක්.

      Delete
  18. මේ කතාව කියෙව්වට ටීටර් කියන්නේ කුමකටදැයි නොදනිමි. පරක්කු වෙන අයියාගේ ගමේ විතරක් නොවේ හැමතැනම සිදුවන්නක්. ඉස්සර කාලේ සිද්ද් වෙච්ච දේවල් අපේ පැරෙන්නෝ කියනකොට අපිට සියුම් ඊර්ෂ්‍යාවක් ඇති වෙනෝ....

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙම ලියන්නෙ ඔබ වැනි තරුණයන් නොදන්නා දේ කියල දෙන්නටත් සමගයි.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. කුමාරි, කුමාරයෙක් එක්ක ගිහින්.

    ReplyDelete
  21. අදත් පෝස්ට් එකක් දාලා නැහැනේ මේ යෝධයා, බ්ලොග් එකේ මකුළු දැලුත් බැඳිලා...
    කෝ මේ හැලපයා...

    ReplyDelete
    Replies
    1. ඉන්නව ඉන්නව.පෝස්ට් එකක් හිමීට දාමු.

      Delete
  22. නාට්‍ය නිෂ්පාදක හැලපේ.:)
    කුමාරිත් වන්නමක් නටන්න ගිහින්වත්ද ?

    ReplyDelete
  23. වන් මෝර් වන් මෝර්..

    ReplyDelete
  24. හැබෑටම කුමාරිට මොකක් වුනාද ? :O

    ReplyDelete
    Replies
    1. ආ තුශානි බොහොම දවසකින්.කුමාරිට මොකක් උනාද දැනගන්න දිගටම එන්නකො.

      Delete
  25. මොකෝ මේ වරහන් වහගෙන වහගෙන යන්නෙ? තව කොටහකිං විතර කතාව ඉවරත් වෙයි වගේ මෙහෙම යනකොට...

    ReplyDelete
    Replies
    1. වරහන් ටික කවදාහරි වහන්නත් එපැයි.බයවෙන්න එපා ඉවර උනොත් තව එකක් පටන් ගමු.

      Delete
  26. කුමාරිගේ අතුරුදන් වීම පිටිපස සිටින්නෙ කවුද (ප්රශ්නාර්තයක්) ආන්ඩුවේ ප්රභල හස්තයක් මේ පිටුපස තිබේද (ප්රශ්නාර්තයක්) රතු ඉර අවදීයෙන් (තිත් දෙකයි තුන)

    ReplyDelete
    Replies
    1. විදේශ කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් නේද.

      Delete
  27. ටීටර් එක ලස්සනට පෙන්නගෙන පෙන්නගෙන යද්දී පැට්‍රල් මැක්ස් එකේ හුළං ගියා වගේ උනා . කෝ මේ කුමාරි .. ?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං තිලකේ.දැන් අපි ජයටම කුමාරිව හොයනවා.

      Delete
  28. පඳුරු තැලිල්ලට කවුරු බැන්නත් මමනම් බනින්නේ නෑ. පඳුරු තලනකොටත් පොඩි රසයක් තියෙනවා. ඒ අස්සෙන් එන අතුරු කතා ප්‍රධාන එකට වඩා හොඳයි. අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අතරින් පතර මතුවෙන කතා බොහොම රසවත්.මාත් අත්දැකීමෙන් කියන්නෙ.

      Delete
  29. නරක දවස් වල පොස්ට් කරලා මේක මිස් උනානේ.. දැන් දෙකම එක පාර කියවතාකි ඒකෙන්..

    ReplyDelete

ඔබේ අදහස්