Sunday, January 10, 2016

නව වසරට ආසිරි සහ සුද්දාගේ වාසනාව.


අරක්කු බෝතලේ එක්දාස් පන්සීයට නෙවෙයි දෙදහට ගියත් අපේ ගමේ උන් බීම නවත්තන්නේ නැත.   මිළ වැඩිකලාට බනිමින් වැඩි වැඩියෙන් බොති.   වෙන වැඩකට උවමනාවකට අතේ සතපහ නැතත් බොන්නට සැට්වුන විටදී නම් නැති සල්ලි කොහෙන් හෝ එළියට එයි එදා ජේ වී පී එකේ සාකච්ඡාව අවසානයේදී සිදු වුනෙත් එයමය.   බෝතලයක් ගහන්නට හොඳටම උවමනාව තිබුණත් කා අතේවත් බර නැත.   කරුමෙට මගේ සාක්කුවෙත් එපමණ මුදලක් නොතිබුණේ පහුවදා රාත්‍රියේ ආපසු ගුවන්ගත වීමට තිබුන නිසාත් දවල් දවසේ වියදම් කරන්නට තරම් දෙයක් යෙදී නොතිබුණ නිසාත් ලංකා මුදල් අතේ තබා ගැනීම ගැන මම වැඩි උනන්දුවක් නොදක්වු නිසාවෙන්ය.   පොකැට් එක ඇර බලනකල රුපියල් තුං හාරසීයකට වඩා තිබුණේ නැත. ඒ සල්ලි ඔක්කොමත් සම්මාදම් කරන කට්ටියට දුන්නත් බෝතල් දෙකක් ගන්නට ප්‍රමාණවත් මුදලක් එකතු වුණේ නැත.    අන්තිමේ කට්ටිය සාකච්ඡා කර එකඟතාවකට ආවේ මුදල් ප්‍රියන්තට දී ප්‍රියන්තගේ කාඩ් එකෙන් බෝතල් ගන්නටය.   ඒ එකඟතාවට අනුව  හිස් බෝතලුත් සමග ප්‍රියන්තත් තවත් එකෙකුත් ටවුමට පිටත්වී ගියේ රෑ හතහමාරට විතරය.

ඒ දෙන්නා බෝතලුත් අරගෙන එනතුරු අපි කතා කරමින් හිටපු තැනට ඔයවෙලාවේ සුද්දා ආවේ හොඳට ඇඳ පැළඳගෙන සපත්තු දෙකකුත් දාගෙනය.     සුද්දාට මේ දවස්වල සනීප නැත අසනීපය ඔලුවේ ඇති ලේ කැටියකි  ඒ නිසාම උගේ ඇස් පෙනීමද දුර්වලය සීනි අමාරුවද තිබේ.   මම ලංකාවට ගිහිං සතියක් විතර ගියතැන සුද්දා ප්‍රියන්තත් එක්ක මාව හම්බවෙන්නට ගෙදරට ආවේ විස්කි බොන බලාපොරොත්තුවෙනි.   සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමය මම ආ බව ආරංචි වී යාළුවන් ගෙදරට ආ විට ඔවුන්ට රටබීම සංග්‍රහයක් ලැබේ.   එදා සුද්දාද ආවේ ඒ සත් චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරන්නට උනත් අසනීපයේ බරපතලකම නිසා වෛද්‍යවරුන් විසින් බීම තහනම් කර ඇති සුද්දාට බොන්න දෙන්නට මගේ හිත එකඟ කරගන්නට බැරිවුන බැවින් එදා උන් දෙන්නාට බිරිඳගේ ප්ලේන්ටී වලින් සැහීමකට පත්වන්නට සිදුවිය.   සුද්දා නිසාවෙන් එදා ප්‍රියන්තටත් සළකා ගන්නට බැරිවීම ගැන මම පහුවදා ඔහුට කණගාටුව පළකළවිට ප්‍රියන්ත කීවේ මා කළේ නිවැරදි දෙය කියාය.   මම බොන්න නොදුන්නාට සුද්දා ලැබෙන තැනකදී කණ පැලෙන්නට බොයි බීගෙන ගෙදර ගිහිං පවුලගෙන් කණ පිරන්නටම බැණුම් අහගනී.   බැණුම් අහන සුද්දාත් අතඅරින්නේ නැත ඌත් පවුලට රැස්පොට් දමයි. 

අපේ අම්මගේ අවුරුද්දේ දානය වෙලේ මම ගමේ කිසිම කෙනෙකුට බොන්න දුන්නේ නැත.  නමුත් උන් සියළු දෙනාම එකතුවී ඉස්සරහ ගෙදර ලොකු මල්ලිත් කතා කරගෙන එහෙට වී කොච්චර බීවාද කිව්වොත් කෑමට ආවේ බලු පදමට බීගෙනය.    ඒ රැළේ එකතුවුන සුද්දාද නන්නත්තාර වෙන්නට බීගෙන ගෙදර ගිය කළ නරක නාමය ආවේ මටය ඒ මම බොන්නට දුන්නා කියාය.   දානයට පැමිණි අටමා ගුරුවරුන්ගේ පානය ලීටරයක් කොහෙන්ද  හොයාගෙන උඩටවී සප්පායම් උන එක වෙනම කතාවකි ඌට කොච්චර බොන්න දුන්නත් ඌවත් ගෙදර අයවත් මට දොස් කියන්නේ නැත.   ගෙදර ආ වෙලේ මම සුද්දාගෙන් අසනීපය ගැන ඇහුව විට  සුද්දා කිව්වේ කන්දකැටිය පැත්තේ වෙද මහත්තයෙකුගෙන් සිංහල බේත් බොන බවය.   අපි බෝතල් බලාපොරොත්තුවෙන් හිටපු තැනට හොඳට ඇඳ පැළඳගත් සුද්දා ආවේ එදා රෑ නමයයි කාලට තියෙන කෝච්චියේ බදුලු යන්නටය.   සුද්දා රෑ කෝච්චියේ ගිහිං කන්දකැටියට යනවිට හොඳටම දවල් වෙයි  වෙද මහත්තයාගෙන් බේතුත් අහගෙන ආපහු රෑ කෝච්චිය අල්ලන්නට බදුල්ලට එන්නේ කොහොමද කියා මම අහපු විට සුද්දා කීවේ ඌ දුර ඉඳන් එන බව වෙද මහත්තයා දන්නා නිසා අනික් අයට කලින් ඌව බලා බේත් දී පිටත් කරන බවය.  

අපි ඔහොම කතා කරමින් ඉන්න වෙලාවේ ප්‍රියන්තලා බෝතලුත් බයිටුත් අරගෙන එතනට ආවේ ටවුමේ බයිසිකල් අල්ලන බව කියාගෙනය.   බොන කට්ටියට ගලුත් අරක්කු නොබොන මට කාල්ස්බර්ග් බෝතලයකුත් ප්‍රියන්ත ගෙනැවිත් තිබුණි.   බෝතල් මේසය උඩින් තිබ්බ පමාවෙන්ම වීදුරු පුරවමින් සුද්දා ළඟ නවන්නට වුනේ බාර් එකේ තියෙන අන්තිම බෝතලය දැකපු  ගානටය  මේ රෑ කෝච්චියේ බදුලු ගිහිං බේත් ගන්නට ඉන්න එකාය.   උගෙ පවුලට ලැබෙන්නට ඉන්න දරුවන් තුන්දෙනා ගැන කතාව එළියට ආවේ එතැනදීය.  මම සුද්දා මුණගැහෙන්නට උගෙ ගෙදර ගියවෙලේ පවුලගේ බඩ ලොකු බව දැක්කත් මම  එපමණ ගනිච්චියකට නොගත්තේ එය සාමාන්‍ය දෙයක් නිසාය.   නමුත් දැන් සුද්දා කියන්නේ පවුලට ළමයි තුන්දෙනෙක් ලැබෙන්නට ඉන්න බව වෛද්‍යවරුන් කියා ඇති බවය.   සුද්දාගේ ජයග්‍රහණය ගැන සුබ පැතුම් එක්කල අපි මේ ප්‍රතිපලය ලබාගන්නට කළ විශේෂ දෙයක් ඇද්දැයි උගෙන් ඇසුවෙමු.    සුද්දා කියන්නේ ඌට වෙද මහත්තයා දෙන බේත් අතර ඔලිඳ කොළ මැල්ලුමද ඔලිඳ කොළ කැඳද ඇති බවත් පවුලත් ඒවා කන බොන නිසා මේ ප්‍රතිපලය ලැබී ඇති බවත්ය.    දෙවැනි විනෝද සමය වැනි සුද්දාගේ කතා අහන අපට බයිට් කිසිසේත්ම අවශ්‍ය නොවන්නේ සුද්දා සිය කැමැත්තෙන්ම බයිට් වන නිසාය.   

බෝතල් දෙකක් අවසානයේ ආයෙම බෝතල් දෙකක් ප්‍රියන්ත විසින් ගෙන එන ලදී.   රෑ කෝච්චියේ දුර ගමනක් යන්නට ඉන්න සුද්දාට ගමන යන්නට ගාණක්වත් නැතුව හොඳ සීරුවට බොයි.   අන්තිමේ රෑ නමයටත් වූ විට බලෙන් වගේ සුද්දාව නැගිට්ටවා පිටත් කරවුයෙමු.   ගමනේ විස්තර කිසි දෙයක් උගෙන් අහගන්නට නොලැබුණේ මම පහුවදා ආයෙම විදේශගත වූ නිසාය.   ඒ විස්තර මට අහගන්නට ලැබෙන්නේ ආයෙම ලංකාවට ගිය දවසකය එතෙක් සුද්දාගේ අසනීපය සුවවන්නට කියා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ උගෙන් තව රසකතා බර ගණනක් අහගන්නට තියෙන නිසාවෙන්මය. 

ආපහු අපේ කතාවට ආවොත් නව වසරට ආසිරි ප්‍රසංගය දැන් දැන් පිමි පනිමින් ඉදිරියට යයි "න" අක්ෂරයෙන් පටන් ගන්නා දේවල් එපමණ සුබ නොවන බව මට යාන්තමට වගේ අහල පුරුදු උනත් ඒ ගැන එපමණ කරදරයක් නොවී තියෙන වැඩ කටයුතු ටික කරගෙන ගියෙමි.   කෙමෙන් කෙමෙන් දවස් ගතවී ගොස් ජනවාරි පළමුවෙනිදාවද උදාවිය.   අපේ වැඩේ තියෙන්නේ අද රාත්‍රියටය කට්ටිය දවල් දවසේ හිටන්ම එක සීරුවට වැඩ කරන්නේ රෑ තියෙන කොන්සට් එක සාර්ථක කරගන්නටය෴

80 comments:

  1. අටමා ගුරුවරුනු්ගෙන් බොනවද?? හැක්..

    සුද්දා බයිට් කිරීම උඹල හිතාමතාම කරන වැඩක් නෙව.. ජය වේවා හැලපේ.. මදි මදි හොදටෝම මදි බෝතල් හතරකට ලියපු ප්‍රමිාණය

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ගේ ලග ෂොප් එකෙන් බඩු ගන්නැ , තව කිලෝමීටරයක් දෙකක් ගිහින් වෙන ගමකින් ගේන්නේ , අපි වැදගත් මිනිස්සු

      Delete
    2. ටැලිපෝන් එකට කියන කුනුහරුප ටික ඇහුනම නං වැදගත් කම බේරෙනවා.. හැක්

      Delete
    3. සුද්දා තමන්ම බයිට් වීම ගැන අපට කරන්නට දෙයක් නැත.බෝතල් හතරක් ගහපු කළ වැඩිවුන නිසා මීට වඩා ලියන්නට බැරිවිය.

      Delete
  2. ගුරුවරුන්ගේ පානය.. ඇකේයියා.. සුද්ද බදුල්ලේ ආපු වෙලාවක සෙට් කර ගන්න ඕනි. කන්දකැටිය කියන්නේ ඉතින් අපේ ඒරියල් එකනේ.. :)

    ReplyDelete
    Replies
    1. ගල්වලට වඩා හොදයි හැනපියර් තරං නැ

      Delete
    2. ඔව් ඔව් බොලාගේ ඒරියල් එක තමා මට ලියද්දිත් මතක්වුණා.ආපු වෙලාවක අල්ලගනින්.

      Delete
    3. අටං,
      මට නං හැනපියර් ඔය උඹ කියන තරං ගතියක් නෑ බං.මුළු ඇඟම වේලනවා.

      Delete
    4. කල්‍යාන මිත්‍ර කන්දකැටියේ කියල දන්නේ අදයි .. අනූව දශකයේ අග භාගයේ මම කන්දකැටිය පැත්තේ ඇතිවෙන්න ඇවිදලා තිබේ.. බදුල්ල , ස්ප්‍රින්ග් වැලි ,ඇටම්පිටිය, වැලිමඩ, මීගහකිවුල, රිදීමහලියද්ද, කන්දකැටිය, ඉස්පිරිතාල වලට, ඉස්කෝල වලට මාසෙකට වතාවක් දෙවතාවක් විසිට් කරනවා ඒ කාලේ.. ඇටම්පිටියේ යන්න ගිහින් වෙච්ච සිරා කතාවක් තියනව, වැඩේ කියන්නේ ඒ කතාව ඔක්කොම ලියල තියෙද්දේ ඩිලීට් උනන්නේ.. අද හෙටම ඒක ආයෙත් ලියන්න ඕන..

      Delete
  3. සුද්දා කොහොමද ඔය පදමෙන් බදුලු ගියේ

    ReplyDelete
    Replies
    1. දෙයියො දනී.ඒ වෙලාවට ගියෙත් අපි බලෙන් වගේ පිටත්කරපු හින්දයි.

      Delete
  4. අදත් කොන්සර්ට් එක නෑ ඒ කියන්නෙ.

    අටම ගුරාගෙන් ලීටරයක් බීල උඩ ඉඳල පල්ලෙහට ආවෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. දිලා බලහං එනහැටි

      Delete
    2. කොන්සට් එකට එන්න හැදුවට බැරි උනානෙ ප්‍රසා.

      Delete
  5. න යන්න හින්දා මොනවා වෙයිද??????????????? බලමු............ බලමු..........

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස්වලින් බලමු.

      Delete
  6. අටමට ලීටරයක්...? ඇති උනාද දන්නෑ... ඕකා උඩට වෙලා ජාතිය ඇමතුවෙ නැද්ද හැලපෙ අයියේ...?

    ReplyDelete
    Replies
    1. සුරා අටෙක් උඩු මහලෙන් විසිවී
      මහ පොළොවට පාවී එද්දී....
      කන දැවටෙන මේ හැලප වදන් රැල්
      අහෝ දුකයි කීවාලූ...

      Delete
    2. මාෂලයෙක් කැබ් රථයක ගොඩවී
      අැඹිලිපිටිය පැත්තට ඒද්දී
      කබරගොයෙක් දැක වැළද ගන්න උෟ
      අහෝ සැපයි කීවාලූ...........................

      (මේවා ගැන වැඩි දුර විස්තර මාෂල්ගෙන් අසා දැනගැනීම යෙහෙයි.....

      Delete
    3. අටමගේ පින්තුරයකුත් මගේ ළඟ තිබුණා මාහිතේ.ඕකා එතන බෝතලේ ළඟ ඉන්නෙත් තනියම.වැඩිය කියවන්න ආවොත් ඒක දානව.

      Delete
  7. ගුරුවරුන්ගේ පානය ලීටරයක් තනියම? බුදු පුංචි අම්මේ මේක ඉස්කාගාරයක් නොවැ. හැක්!

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ ගැන නං අහන්න දෙයක් නෑ උදය.

      Delete
  8. අටමාට අරවා මේවා කීම ගැන අපගේ බලවත් මෙව්වා එක.....!!!!
    හැලපේ දැන් මචෝ ඉස්සර වගේ බැහැ...අපිට බෝතල ගේන කොට සාලහාමිලාටත් දෙකක් ගේන්න ඕනි..නැත්නං ඉතින් තට්ටු ගනන් උඩ ඉඳන් බංජි ජම්පින් කරන්න උගන්නනවා ඒ අය...බොරු නං අටමගෙන්ම අහගන්නකෝ...!
    ඒ මොනා උනත් ඌ මහ අසම්ජ්ජාතියා..ඊයේ ඌ තනියෙන් බෝත්ඩේ පාටි දැම්මා බං අපිටත් නොකියාම...!

    ReplyDelete
    Replies
    1. අටමා..? ඕකා කාලත් මදි නොවැ...

      Delete
    2. @chef-architect උස්සං ආවා රෙද්දෙ තෑග්ගක් , බෝතලයන් අරන් එන්නේ නැතුව

      Delete
    3. චෙෆාකි..

      මේකට මඩුවල්ගයකින් ගහල ඒක තෑගි කරානං ඔයිට හොදයි..

      Delete
    4. වෙරි Happy Birth Day

      Delete
    5. ඔව් නේද චෙෆා,වැඩිපුර දෙකකුත් ගේන්න වේවි.අර ඩියුටි ෆ්‍රී එකේ යුනිෆෝම් ගහගෙන ඉන්න චුටි නංගිලාගෙන් වැඩිපුර ගන්න එක තමා කරදරේ.ඒ ගොල්ල අපිත් එක්ක හුරතල් උනාට වැඩිපුර බෝතලයක් නං මළාට දෙන්නෙ නෑ.

      Delete
  9. ගැහුවේ සුද්දට වැදුනෙ අටමට

    ReplyDelete
    Replies
    1. මටනං ගානක්වත් නැ , ඔව්වා මට හොදට පුරුදුයි

      Delete
    2. උඹට නීතිපති උපදෙස් ඕනෙද?

      Delete
    3. අපතේ ගිය හීයක් වැදී ඇත.

      Delete
  10. අටමටයි සුද්දටයි එක බෝතලේ උඩ තට්ටුවට වෙලා බොන්න දුන්නනම්, සුද්දගෙ ලේ කැටිය නිකම්ම දිය වෙලා යනව.

    ReplyDelete
    Replies
    1. බෝතල් ඕනෑත් නැතිවෙයි කතා කරන්න දුන්නත් ඇති.

      Delete
  11. රෙද්ද තමා , ඒක උඩ තියනවා කියල මාව ශානුකයත් එක්ක උඩට ඇරල . තව හත් අට දෙනෙක් වරින් වර එව්වා , ඒක ශානුකයටයි මටයි නං ඔන්න ඇති , අපරාදේ කියන්ඩ බැ ගමේ කොල්ලෝ ටික මට මලක් ගෙනත් දුන්නා අයියේ බොනවනං බීහං කියල . යාන්තං ඒකෙන් ෂේප් නැත්තං එතන උන්න උන්ට ඔලුව කැක්කුමට දාන්ඩත් ඒ බෝතලය මදි.

    ReplyDelete
    Replies
    1. සිකේයියා අටං. හැලපේ කොලේ ගලවල දැං සෙවල් පිටින්ම හෙලුවෙන්.. හැක්..

      Delete
    2. අන්න කොල්ලො.... උඩටම වෙලා ඉන්න ඇති...

      Delete
    3. හැලපෙලා වගේ නෙමෙයි බං රත්තරං කොල්ලො

      Delete
    4. උඹ මගෙන් අහගන්න එපා.දානව පින්තුරෙ.

      Delete
  12. මේක කියවල ම වෙරි වගේ අෆ්ෆා දැන්නං... හික්ඃ

    ReplyDelete
    Replies
    1. එහෙනං,බෝතල්ම හතරක් නොවැ.

      Delete
  13. බෝතල් පෙන්නා මාරු වීම හෙලා දකිමු.අයුතු ජනරාශි සඳහා අනුබල දීමේ ආදීනව දැනුවත් වීම උදෙසා ඇඹිලිපිටිය පොලීසියට ඔබගේ තොරතුරු දැනුම් දෙන අතර පරීක්ශන කටයුතු සඳහා කොටදෙණියාව පොලීසියට ආරාධනා කරමු.
    හෙහ් හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලොකු පිහියක් තිබ්බත් ඇති නේද බං තට්ටු දෙකෙන් පනින්න...?

      Delete
    2. ගස් ලබ්බා නෙමෙයි මු වකුගඩ්ඩා

      Delete
    3. @කැමා..
      තට්ටු තිහකින් උනත් පුශ් ගාලා මාරු වෙනවා.. නැත්තං හිත හැදෙනකං අහුවෙන බෝතලේකිං ගහලා දානවා... මතක් වෙනකොටත් වකුගඩු ගැහෙනවා..
      @අටං..
      අයියෙ අනේ පොඩි රෙදි කෑල්ලක්කත් ඉතුරු කොරහං ලැජ්ජාව වහගන්න.. හපෝයි...

      Delete
    4. අයුතු ජනරාශියට අහුවෙන්නේ මා නොව අටමාය.

      Delete
  14. ගස් ලබ්බා කිව්වාත් වගේ අයුතු ජනරාශියකට අනුබල දීලා තියෙන්නේ.අටමා උඩ ඉඳන් බොනකොට පොලිසියෙන් අවනම් අටමාට මොනවා වෙයිද?

    ReplyDelete
    Replies
    1. මං නැ කියන්නේ නැනේ , තියන දෙයක් දෙනවා

      Delete
    2. බැල්කනියෙන් බිමට. වෙන මොනවද.

      Delete
  15. //සුද්දාගේ ජයග්‍රහණය ගැන සුබ පැතුම් එක්කල අපි මේ ප්‍රතිපලය ලබාගන්නට කළ විශේෂ දෙයක් ඇද්දැයි උගෙන් ඇසුවෙමු. //

    ටයිමිං අවුලක් … පිස්ටන් හතරම එකපාර පත්‍තු වෙලා.. :D :D

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි එහෙමත් එකක්ද.

      Delete
  16. මාෂා අල්ලා අටමා ලීටරයක් තනියෙන් බීල.....මිරීගමට ළග ලෝලුවාගොඩත් සුද්දා වැනි චරිතයක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. පල් මඩත් එකෙක් ඉන්නවා

      Delete
    2. වග විස්තර කිව්වනං ආයෙ ලෝලුවාගොඩ ගිය වෙලාවක හොයා ගත්තහැකි.

      Delete
  17. මොකෝ ඔය අග මුල සෙල්ලම

    ReplyDelete
    Replies
    1. අග මුල සෙල්ලම පටන් ගත්තේ සුද්දාය.කුට්ටම තියෙන්නෙ ඌ අතේය.

      Delete
  18. අරක්කු බෝතලේ එක්දාස් පන්සීයට නෙවෙයි දෙදහට ගියත් අපේ ගමේ උන් බීම නවත්තන්නේ නැත. මිළ වැඩිකලාට බනිමින් වැඩි වැඩියෙන් බොති. ////ඔහේ අමද්‍යප සංගමය බුදිද ?

    ReplyDelete
    Replies
    1. අමද්‍යප සංගමය දැනගන්නා විට පෙරහැර ගොස් හමාරය.

      Delete
  19. ඔන්න ඉතින් බලන්න අවුරුද්ද මුලම දැන්මනේ බේබදු කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් බලන්න අවුරුද්ද මුලම දැන්මනේ බේබදු කතාවක් බියර් බොන එකෙක්

      Delete
    2. කාටද කියන්නෙ ඉතිං.අවුරුද්දම මස්ත බාල්දුයි නෙ.

      Delete
    3. මෙන්න ඉන්නවා වෙරිවෙන්නම කෝක් බොන එකෙක්.

      Delete
  20. සුද්දා වගේ චරිත ඕනෑම ගමක එකෙක් දෙන්නෙකු සොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් විසින්ම බයිට් සැපයීම වගේ කර්මාන්ත. සුබ අලුත් අවුරුද්දක් වේවා !!! හැලපයියේ ......

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් සුදීක.එහෙම උන් මට කීප තැනකදීම හමුවෙලා තියෙනවා.
      ඔබටත් පවුලේ සියළු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  21. අපිට විස්කි නැද්දෝ....................?

    ReplyDelete
    Replies
    1. විස්කි දෙන එකත් වැඩක්ද බං. වරෙන්කො.

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. හැලපේ අයියේ.. බොල පුදුම මිනිස්සු බන්. ගමනක් යන්න ඉන්න එකෙකුට අරෙහෙම බොන්න දෙනවද බන්.. කෝච්චි පාර බදුල්ලෙන් ඉවර නිසා සුද්ද කන්දකැටි යන්න ඇති මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. අපි දුන්න එකක් නෑ බං හිටු කියල ළඟ නැමුවෙ ඌ තමා.කොහොමත් කෝච්චිය බදුල්ලෙන් එහාට යන්නෙ නැති නිසා සුද්ද නොවැරදීම බහින් බව අපි දන්නවා.

      Delete
  24. අම්මෝ බෙහෙත් ගන්න යන දුරක්. ඔය අසනීපෙට ඔච්චර දුර යන්නම ඕනෙද? අපේ රටේ තියන අමුතු පුරුද්දක් නේද දුර ඉන්න වෙදමහත්තුරු හොඳයි කියන එක.

    ReplyDelete
    Replies
    1. ඇයි දුර ඉන්න සාස්තර කාරයෝ හොඳයි කියන එකත් ඒ වගේම රෝගයක් තමා විචාරක තුමෝ.. ගමේ එවුන් මලාට සාස්තරයක් අහන්නේ නැති එවුන්ගෙන් සාස්තර අහන්න වෑන් කුලියට අරන් මිනිස්සු එන්නේ බොහොම දුර බැහැර ඉඳල..

      Delete
    2. අනේ මංදා විචා කොහොමත් අපේ අය වැඩියෙම වඳින්නෙ පුදන්නෙ අමුතු බුදුන්ට නොවැ.

      Delete
    3. අම්බලං,
      අපේ ගමට එහා ගමෙත් ඔහොම තැනක් තිබුණා.ගමේ මිනිස්සු ඇහැ ඇරල බලන්නෙවත් නැති සාස්තර කියන තැනකට ඈත පළාත්වල ඉඳන් වාහන වලින් මිනිස්සු ඇවිත් සාස්තර අහනවා.

      Delete
    4. අපේ ගමෙත් එහෙම තැන් තියන නිසා තමා එහෙම කතාවක් ලිව්වේ හැලප අයියේ..

      Delete
  25. ඒ උනාට කරපු වැඩේ නම් නාකයි.

    ReplyDelete
    Replies
    1. අපි මොකුත් කළේ නැත.ඌ තම නැණ පමණින් ගැහුවේය.

      Delete
  26. කොන්සට් එක ගැන කියවන්න ලැබෙයි නේද ඊලග කොටසින්...නැත්තං වෙන කථාවක් ලියවෙයිද ?

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසින් මොනවා ලියවේවිද කියල බලමු සිරෝ.

      Delete
  27. අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා මේ සුද්දා අයියා වගේ කන බොනවෙලාවට සිය කැමැත්තෙන්ම බයිට් වෙන මනුස්සයෙක් අගේ මාමා කියලා (තිතක්)

    මනුස්සයා දවසක් කියනවා බබෙක් හම්බෙන්ට ඉන්නවා කියලා දැනගත්ත ගමන් හම්බෙන්ට ඉන්නෙ කොල්ලෙක්ද (ප්රශ්නාර්තයක්) කෙල්ලෙක්ද (ප්රශ්නාර්තයක්) කියලා පරික්ෂණ කරන්ට කලින් දැනගන්ට පුලුවන් ක්රමයක් දැන් හොයාගෙන තියෙනවා ලු (තිතක්)

    පලවෙනි ක්රමය තමා කෙල්ලෙක්ද කියලා හොයාගන්නෙ ඇතුලේ ගලාගෙන ගියානම් අනිවාර්‍ය ගෑණු ලමයෙක් (තිතක්)
    දෙවැනි ක්රමය තමා කොල්ලෙක්ද කියලා හොයාගන්නෙ ඇතුලට විදගෙන විදගෙන ගියානම් අනිවාර්‍ය පිරිමී දරුවෙක් (තිතක්)

    ReplyDelete

ඔබේ අදහස්