Sunday, February 15, 2015

මගේ පාන් කෑම සිරාගෙ ප්‍රැක්ටිකල් එක සහ ඩොල්පින් කොත්තු.

අපි ලංකාවට ගියෙ අපූරු කාලෙක.මාස ගාණක් තිබ්බ වැස්ස ඉවරවෙලා හොඳට අව්ව පායලා තිබුණට ගොවි බිම් ඔක්කොම කුණුවෙලා විනාස වෙලා ගිහිං එළවලු එහෙම නිකිණි වගේ ගණන්.කොච්චරද කිව්වොත් ඔය මම උඩින් දාල තියෙන්නෙ මීරිගම ගෙදර යන ගමන් එකේදී මම ගත්ත පිංතූරයක්.මේ රටට පහුගිය අවුරුද්දටම වැස්සෙ දවස් දෙකයි.ඒකත් වැස්සක් කියන්න බැරි තරං විනාඩි පහක දහයක විතර කෙටි වැස්සක්.ඉතිං අවුරුද්දකින් විතර වැස්සක් දැක්කෙ නැති නිසාම ලංකාවෙ ඉද්දි වැස්සක් බලාගන්න පුළුවන් වේවි කියල බලාපොරොත්තුවක් හිතේ  තිබුණා.නමුත් වැඩක් උනේ නැහැ මම හිටපු මුළු කාලෙම හොඳට අව්ව පායලා තිබුණ මිසක වැහි බින්දුවක් වත් වැටුනෙ නෑ.වැඩේ කියන්නෙ මම ලංකාවෙ ඉන්න කාලෙ දවසක් මේ රටට ගලන්න වැස්සක් වැහැල තිබුණා.කොච්චර තද වැස්සක්ද කිව්වොත් පාරෙ නවත්තල තිබුන කාර් හිට ගහගෙන ගියාලු.එතකොට කන්දෙ තිබුන විශාල ගල් පර්වත පාරෙ ගහගෙන ගියෙ බැලුම් බෝල වගේලු.මට ඒ වැස්සත් බලාගන්න ලැබුනෙ නෑ.හැබැයි මම ලංකාවෙන් පිටත් වෙච්ච දවසට පහුවදා ගලන්න වැස්සා කියල ආරංචි උනා.

ඉතිං මම ලංකාවට ගිහිං මුලින්ම කළේ හිතේ පෙරේතකම යන්න ඇතිවෙන්න පාන් කන එකයි.පාන් ගන්න දැන් ඉස්සර වගේ ටවුමට ගිහිං කරදර වෙන්න අවශ්‍ය නෑ.ගේ ඉස්සරහින්ම දවසට දෙසැරයක් චූං පාන් ත්‍රී වීල් එකක් යනවා.අපේ ගෙදරත් මිනිහගෙ හොඳ ගනුදෙනු කාරයෙක්.ඉතිං අපි උදේට කන්න රෝස් පාන්,තැටි පාන් එතකොට ළමයින්ට සොසේජ් බන් හරි ෆිෂ් බන් හරි ආදී වශයෙන් ගත්තම බිල රුපියල් තුං හාරසීයක් වෙනවා.ඒ නිසාම මිනිහ අපේ දානෙට එයා ගානෙ බටර් කේක් තැටියකුත් ගෙනැත් දුන්නා.මනුස්සයගෙ ත්‍රී වීල් එකේ තියෙන්නෙත් දර පෝරන් පාන්.ගෑස් පාන් නං මම කන්නෙම නෑ.නිකං පුම්බල විතරයි කිසිම රහක් නෑ.කාපු වෙලේ ඉඳන් වතුර තිබහයි බඩ දැවිල්ලයි.අපේ චූං පාන් මනුස්සයගෙ ත්‍රී වීල් එකේ පිංතූරයක් මම එන්න කලින් දවසෙ හැන්දෑවෙ අපේ ගේ ඉස්සරහදී ගත්තා.


 ඉතිං චූං පාන්  කරත්තෙන් ගන්න පාන් මම එක එක ආකාරයට කාල බැලුවා.මිරිසට උයාපු මාළු හොදි,පරිප්පු, අලහොදි ආදිය එක්ක වගේම පොල් සම්බෝලත් එක්ක රෝස් පාන් දිව්‍ය බෝජනයක් වගේ.හැබැයි සම්බෝලෙ හරියට හදාගන්න ඕනෑ.ඒ කියන්නෙ අමු පහේ පොල් ගෙඩියක පොල් ළූණු මිරිස් උම්බලකඩත් එක්ක ගලේ අඹරගෙන පදමට දෙහි ඇඹුල් මිශ්‍ර කරලා අනනකොට සුවඳක් එනවා මොකුත් නෑ උදුරගෙන කන්න හිතෙනව.හැබැයි ඉතිං ඔය ක්‍රමේටම සම්බෝලෙ තනාගන්ට ඕනෑ.එහෙම නැතුං අපි මෙහෙ කරනව වගේ වේලිලා කරකුට්ටන් වෙච්ච ගෙඩිවල පොල් අරං කළමනා ටිකත් එක්ක ග්‍රයින්ඩරේ දාල අඹරල අරං සුවඳවත් රසවත් නෑ කියල මට බනින්න එපා.ගලේම තලාගන්න ඕනෑ හොඳද?ඒ උනාට විප්‍රවාසෙ ඉන්න අපට නං මිරිස් ගල්, ගහෙන් කඩාපු ගමන් පොල් එහෙම හීනයක් පමණයි.

ගලේ අඹරනවා කියද්දී මට කතාවක් මතක් උනා.අපේ ගෙවල් ළඟපාත පදිංචි වෙලා හිටිය සිරා හොඳ විනෝදකාමියෙක්.දවල්ට අඩියක් එහෙම ගහල ඇවිත් කුස්සියෙ උයන පවුලට විහිළු කරමින් ඉන්න එක සිරාගෙ පුරුද්දක්.ඒ කාලෙ දැන් වගේ කඩෙන් මිරිස්කුඩු අරං මාළු පිනි වලට දැම්මෙ නෑ.තමන්ට අවශ්‍ය මිරිස් තුනපහ ගෙදර ගෘහිණිය මිරිස් ගලේ අඹරාගත්තා.සිරාගෙ පවුල ගලේ මිරිස් අඹරනකොට සිරා කුස්සියෙ පිල්කඩ උඩ පඩියෙ ඉඳගෙන ඒ දිහා බලාගෙන ඉන්නව.අත්ගල එහාට මෙහාට යන ගානෙ ලතාවකට නැටවෙන පවුලගෙ නිතඹ දිහා බලාගෙන ඉන්න සිරාගෙ ඉවසීමෙ සීමාව පනිනව.මූ මොකද කරන්නෙ හිමීට පවුල ලඟට කිට්ටුවෙලා සෙලවෙන නැළවෙන නිතඹට මුගෙ අවයවේ හේත්තු කරනවා.

අනේ අම්මපල්ල මේ මිනිහට තියන විසයක්,මං ඕකෙ මිරිස් ගුලියක් අතුල්ලනව ඕං...

පවුල කොච්චර බැන්නත් සිරාට ගාණක් නෑ.බැන්නට මිරිස් අතුල්ලන්නෙ නෑ කියල සිරාට ෂුවර්.හිනාවෙවී ඉන්නව මිසක සිරා පහු බහින්නෙ නං නෑ.සිරා රස්සාවට එගොඩහ ගොඩේ හකුරු මඩුවෙ වැඩ කළා.වැඩිහිටියො වෙච්ච සිරාල හකුරු මඩුවෙ බාස්ල වෙද්දි අනික් වැඩ කරන්න හිටියෙ ගමේ කෙල්ලො කට්ටියක්.කෙල්ලො කිව්වට ඔක්කොම වගේ අවුරුදු දාසයේ දාහතේ ළමිස්සියො,මේ කෙල්ලො රෑන උදේට කිචි බිචි ගගා කැකිරි පලමින් හිනාවෙවී හකුරු මඩුවෙ වැඩට එන හැටි බලන්න ලස්සනයි.කෙල්ලන්ගෙත් ඉතිං විසේකාර කසන වයසනෙ.මේ කොල්ලො කණ්ඩායම සිරා සහ අනික් අයත් එක්ක සහයෝගයෙන් හකුරු මඩුවෙ වැඩකළා.බාස්ල පැණි උනුකරල හකුරු හදද්දි කෙල්ලො ටික හකුරු කෑලි කපල සීයෙ පැකට් කරල අලවල ලේබල් ගහල අලෙවියට සුදානම් කළා.

එකට වැඩ කරද්දි මේ දෙගොල්ල අතර කතාබහ විහිළු තහළු ඇතිවෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්නෙ.ඔය කතාබහ අතරෙ සිරාල මේ කෙල්ලන්ට වගේම හකුරු මඩුවෙ මුදලාලිගෙ දුවරුන්ටත් ලිංගික අධ්‍යාපනය නොඅඩුව ලබා දුන්නා.ඒ වගේම ළඟ අහළ පහලින් යද්දි කෙල්ලන්නෙ මුදු මොළොක් ප්‍රදේශවල  රස පහස සොයන්නටත් පසුබට වුනේ නෑ.බැන්නට එපා කිව්වට මේ වැඩේට කෙල්ලන්ගෙ එච්චර අකමැත්තක් තිබුනෙත් නෑ.දිගින් දිගටම මුං කියන කරන කියන දේ ගැන කෙල්ලන්නෙ විශාල කුතුහලයක් තිබුණා.ඉතිං ඔහොම දවස් ගතවෙද්දි කියපු දේවල් ප්‍රායෝගිකව අත්හදා බලන්න සිරා ඇහැට කනට පේන්න හිටපු  එක  කෙල්ලක්ව කැමති කරව ගත්තා.වැඩි වයසක් නැති උනාට හොඳට ඇඟපත හැදිල තිබුන මේ කෙල්ලගෙ නැමෙන සුළු අඟපසඟ ඇස් කොණකින් බලල නගන හිනාව එහෙම සිරාගෙ හිතට අමුතුම මිහිරියාවක් ගෙන ආවා.හැම කෙනා එක්කම කට කමිසිරියාවක් නැතුව කියෙව්වට මොකද රැවටිලි කපටිකම් එහෙම කෙල්ල දැනං හිටියෙ නෑ. මෝල් අමාරුව ඉහට ගහල තිබුන සිරා කල් යල් බලල කරපු යෝජනාවට කෙල්ල වැඩියෙ හිතන්නෙ නැතුව කැමති උනේ  කුතුහලය නිසාමයි.

ඔන්න එක දවසක ගොම්මනේ හකුරු මඩුවෙ වැඩ කටයුතු අහවර වුනාම අනික් කෙල්ලන්ට වහං වෙලා මේ කෙල්ල සිරාත් එක්ක හකුරු මඩුව පිටිපස්සෙ හේත්තු කරලා තිබ්බ ටකරමක් අස්සට රිංග ගත්තෙ මෙතෙක් දවස් කට වචනෙන් ලබාදුන්න ලිංගික අධ්‍යාපනයේ ප්‍රායෝගික පැත්ත අත්හදා බලන්නටයි.සිරා නොඉවසිල්ලෙන් බලං හිටියෙ මේ හුරුහුහුටි කෙල්ලගෙ නොඉඳුල් සුකොමළ නාරි දේහයේ සියුමැලි පහස ලබන්නටයි.කුතුහලයත් ආසාවත් නිසා සිරාත් එක්කං ටකරම අස්සට රිංගුවට මේ වගේ අත්දැකීමක් කළින් ලබල තිබුනෙ නැති කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන ගල්බීත වෙලා සිරාගෙ අතේ එල්ලිලාම හිටියා. 

ගොම්මන් කළුවර ටිකින් ටික පාත්වෙද්දි ඒ දුරුතු හැන්දෑවෙ සීතල මකාගෙන  කෙල්ලගෙ සරීරෙ පුරහම දාඩිය ගලන්න ගත්තෙ හිතේ ඇතිවෙච්ච බයටමයි.නමුත් සිරා ඒ ගැන පොඩ්ඩක්වත් කලබලයට පත්වුණේ නැහැ. කෙල්ලව බය නොකර මේ ලැබුන අනගි අවස්ථාව ප්‍රවේශමෙන් පාවිච්චියට ගන්න කලාව  මේ වගේ වැඩට පළපුරුදු කාරයෙක් වෙච්චි සිරා හොඳට දැනගෙන හිටියා.ඒ නිසා ඇඳුම් ගලවන්න වත් හදිස්සි නොවී බයෙන් චකිතයෙන් දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ  ගැහි ගැහි හිටපු කෙල්ලව තුරුල් කරගෙන  බය ඇරෙන්න චාටු කතා කණට කර කියමින් දරදඬු වෙලා තිබුන කෙල්ලගෙ සරීරෙ ආපහු සැහැල්ලු බවට පත්වෙනකල් ඉවසිල්ලෙන් ටිකක් වෙලා කාලය ගතකලා.

ගල්ගැහිලා තිබ්බ කෙල්ලගෙ සරීරෙ ටිකින් ටික නම්‍යශීලී තත්වයට පත්වෙන්න සාපේක්ෂව පණුවෙක් වගේ ඇකිලිලා තිබුන සිරාගෙ අවයවේට ලේ පුරල එහෙම පිම්බිලා ටිකින් ටික දරදඬු වෙන්නට ගත්තා.සරීරෙ කෙංචියට තිබුනට සිරාගෙ අවයවේ නං එහෙම කෙංචි නෑ.ලොකු වෙනිවැල් ගැට දැකල තියනවද? කිව්වට ඇස්වහක් කටවහක් වදින්න එපා අන්න ඒ වගෙමයි.

වෙනිවැල් ගැට මං ගෙදරදි බේත් කඩේදී එහෙම දැකල තිබ්බට වෙනිවැල් දැක්කෙ ඔන්න ඔය නාඩියලගෙ ගමේදියි.අපේ සුදු මාමට නැන්දව ගෙනාවෙ නාඩියලගෙ ගමෙන් නොවැ.මඟුල් කාල ඉවරවෙලා ජෝඩුව ආපහු මනමාලිගෙ ගෙදර යන දවසෙ ඒ එක්කල මමත් නාඩියලගෙ ලස්සන ගමට ගියා.දැන්නං එහෙම සිරිතක් තියෙනවද දන්නෙ නෑ ඒ කාලෙ ජෝඩුවක් ගෙදර යද්දි පොඩි ළමයෙකුත් එක්කගෙන යන සිරිතක් තිබ්බා.මාව එක්කං ගියෙ එහෙමයි.ගිහිං උදේ තේ එහෙම බීල ගෙදර අය දවල්ට කෑම ලෑස්ති කරනකල් තිබ්බ දිග වෙලාව ප්‍රයෝජනයට අරගෙන අපි ගමට යාබදව තිබ්බ දර්ශනීය කැලෑවෙ ඇවිදින්නට ගියා.ඒ කැලේ ගන සැරේට තිබුන වේවැල් ආදී එක එක වැල් අතරෙ වෙනිවැලුත් ඕසෙට තිබුණා.පැය ගාණක් කැලෑවේ කරක් ගහල අපි ගෙදරට ආපහු ආවෙ ඉර හැරිලත් පැයක් හමාරක් ගියාට පස්සෙයි.දැන්නං වෙනිවැල් තියා ඒ කැලේවත් තියෙනවද දන්නෙ නෑ මොකද එදා මෙදාතෙක් මම ආයෙ කවදාවත් නැන්දලගෙ ගමට ගිහිං නෑ.ආයෙම යන්න ලැබෙයිද කියන එකත් කිසිම විශ්වාසයක් නෑ මොකද නැන්දා මීට අවුරුදු කීපෙකට ඉස්සෙල්ල නොඑන ගමන් ගියනිසා.නැන්ද මැරුණ එක ගැන බොහොම හිත් වේදනාවෙන් හිටපු සුදුමාමත් ඊට අවුරුදු දෙකකට පස්සෙ මැරුණා.නැන්දගේ මරණෙට ලංකාවෙ ඉන්න ලැබුනට මාම මැරෙද්දි මම ලංකාවෙ හිටියෙ නෑ.

අම්මෝ පාන් ගැන කියන්න ගිහිං කොහෙ කොහෙ ගියාද.ඉතිං ත්‍රී වීල් එකේ පාන් ගේන පාන් අයිය එන්නෙ නැති දවසට රසට තැටි පාන් කන්න ටවුමෙ බෙන්තර හෝටලේට යන්න වෙනවා.ටවුමට යනවා කියද්දී මට තව වැඩක් මතක් උනා.ඔය අපේ බල්ලට කෑම දෙනකොට අපි කන දේවල් හරියන්නෙ නැති නිසා වෙනම වට්ටෝරුවකට කෑම වේලක් හදනව රතු බත්, වට්ටක්ක, කොළ ජාති, සාලයො  එහෙම එකට දාල.ඉතිං පහුගිය දානෙ ගෙවල් දවස්වල තිබුන වැඩ නිසා දවස් දෙකක් මේ කෑම වේල හදාගන්න බැරුව ගියා.ඒ නිසා ගෙදර අය කාපු කෑමම බල්ලටත් දුන්න.තෙල් බැදුම් ආදිය යහමින් තිබ්බ ඒ කෑම කාල බල්ලට ඉවරයක් නැතුව බඩයන්න ගත්තා.ඒ ගමන හැලපි ඩොක්ටට කතා කරල කිව්වම පෙති වගයක් ගෙනත් දෙන්න කියල පෙත්තෙ නම කිව්වා.එවෙලෙ පෙති ගේන්න ටවුමට යන්න ක්‍රමයක් තිබ්බෙම නැති නිසා මම ත්‍රී වීල් එකකට කතා කරගෙන සීයක් දීල ටවුමට ගියා.ෆාමසියට ගිහිං පෙති දහයක් ගත්තා, ගාන රුපියල් හතයි.ආපහු ත්‍රී වීල් එකකට සීයක් දීල ගෙදර ආවා.

බෙන්තර හෝටලේ ළඟ වහපු කඩයක් ඉස්සරහ බෝඩ් එකක් තිබිල මම ඒකෙ පිංතූරයක් ගත්තා.මේ තියෙන්නෙ ඒ පිංතූරෙ.


 ඉතිං මට තියෙන ප්‍රශ්නෙ මේ ඩොල්පින් කොත්තු කියන්නෙ මොනවද කියලයි.මම නං එහෙම කොත්තු වර්ගයක් උපන් හඳවියකට කාල නෑ.ඩොල්පින් මාළු දාල හදන කොත්තුද?ඒ උනාට ඩොල්පින් මාළු අල්ලන්න විකුණන්න තහනම් නොවැ.තහනම් මාළු ජාතියකින් කොත්තු හදන නිසාම කඩේ වහන්න උනාද දන්නෙ නෑ නේද?මට ඇතිවුන ප්‍රශ්න ඔන්න ඕවයි.ඉතිං දන්න කෙනෙක් ඉන්නව නං කිව්වොත් ලොකු පිනක්.ලියාගෙන ලියාගෙන ගියා වැල් වටාරං වැඩි උනාද මංදා.ආයෙම ගම්මැදි හෑල්ලක් හොයාගෙන එන්නංකො෴

97 comments:

  1. පාන් නොකාපාන් කියලා අන්න එක්කෙනෙක් කියලා තියනවා. අපිව බය කොරන්ඩද කොහෙද. හුහ්....ඔව්වට අහුවෙයි කියලා හිතන්ඩ ඇති අපි.

    http://rasikalogy.blogspot.com/2015/02/limit-your-carb-intake.html

    වෙනිවැල් ගැට කොහොම වෙතත් අපිනම් කිව්වේ, කෑලි දෙකේ පොඩි මූණ ටෝච් එක, කෑලි තුනේ ලොකු මූණ ටෝච් එක කියලා. කලාතුරකින් තිබුනා කෑලි පහේ ලොකු මූණ ටෝච්. :D

    අර කඩේ දුරකථන අංකයවත් තිබුණනම් අහන්න තිබුනා අර කොත්තු වර්ගය ගැන.

    ReplyDelete
    Replies
    1. ඔය මූණ ලොකු ටෝච් කතාව උපමාවට අපිත් කිව්වා.මෙදා පොටේ අලුත් උපමාවක් හොයා ගන්න හිතුවා.එතකොට මට මතක් උනේ බොහොම කාලෙකට ඉස්සරින් අපේ ගෙදර තිබ්බ වෙනිවැල් ගැටයක්.ඒ නිසා වෙනිවැල් ගැට උපමාව පාවිච්චි කළා.නරක නෑ නේද?අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියල කුමාරතුංග මුනිදාසයනුත් කිව්වනෙ.
      ඇයි කාන්තාවන්ගෙ පිරිපුන් පියයුරු වලට රන් කුඹු,රණ හංසයෝ,තිසරු කිය කියා අනාදිමත් කාලයක් එකම උපමාව කියා කියා හිටිය මිසක අලුත් උපමාවක් හෙව්වෙ නැති කොට කොළඹ යුගයෙ හිටපු ශ්‍රේෂ්ඨ කවියෙක් වුන මීමන ප්‍රේමතිලකයන් ඔහුගෙ පොතක හෝ කවි පංතියක මෙන්න මෙහෙම ලිව්වා.මට මේ කවිය විතරක් මතකයි.

      සමන්මලිගෙ පියයුරු දැක නැවත හැරී
      තබන්නෙමි අලුත් උවමක් කොහොම හරී
      පැලෙන්නට ඉතා ලංවුණු සුළං පීරී
      ජපන් බැලුම් යුවළක් යනු නොවෙද සරී

      Delete
  2. ඕං දැන්නං හැලපයා ඇවිත්.. ඒක නෙමෙයි බං වෙනිවැල් ගැට කිව්වේ අර වෙනිවැල් ගේ ගැටද?? හැක්..

    හැබෑට මාත් දන්නෑ ඩොල්පින් කොත්තු ගැන..

    ReplyDelete
    Replies
    1. වෙනිවැල් නං අපේ පලාතෙ තමයි .ඒ උනාට මම ඌ වත් උගෙ ගැට වත් දැකල නං නෑ.ඩොල්පින් කොත්තු ගැන මමත් දැනගත්තෙ බුරා කිව්වට පස්සෙයි.

      Delete
    2. වෙනි වැල් ගෙ වගේ ගැට එන්නනං වැල් පෙනෙල සාත්තුවත් යහමින් ඕන වෙනවනෙ.

      Delete
  3. 'සරීරෙ කෙංචියට තිබුනට සිරාගෙ අවයවේ නං එහෙම කෙංචි නෑ.ලොකු වෙනිවැල් ගැට දැකල තියනවද? කිව්වට ඇස්වහක් කටවහක් වදින්න එපා අන්න ඒ වගෙමයි.'

    හැලපෙ කොහොමද දන්නේ සිරාගේ අහවල් එකේ සයිස් එක? කකා වගේ සබ්ජෙක්ට්කාරයෙක්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. කකා සබ්ජෙක්ට් කාරයෙක්ද?අනේ මංදා උඹල කකාට ගහන මඩ නං

      Delete
  4. පිටරට යනකොට බල්ල කොහෙද ඉන්නෙ? බෝඩින් එකකද? එහෙ කෑම අල්ලනවද?
    බුත්ගමුව පාරෙත් ඩොල්ෆින් කොත්තු බෝඩ් එකක් දැක්ක. වෙලා තියනකොට අහන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. උඹ ඩ්‍රයිව් කරන ස්පීඩ් එකට පාරේ තියෙන බෝඩ් කියවනව කියන එකනම් විශ්වාස කිරීම සෑහෙන්න අපහසුයි මචෝ... චීස් කොත්තු හැටට හැටේ යනකොට කියවෙන්න ඩොල්ෆින් කියලා තමයි...හෙක් හෙක්...

      Delete
    2. පිටිපස්සෙ වයිපර් දාගෙනම යන්නෙ පහුවුන ඒව කියවන්න වෙන්න ඇති. හෙහ් හෙහ්

      Delete
    3. මාවනම් අල්ලගන්න එපා ඒකටනම්. ඔය වාහනේ පිටිපස්සෙ වයිපර් එක වැඩකරන්නෙ ඩ්‍රයිවර්ගේ බ්ලඩ් වල තියෙන ඇලොකොහොල් ප්‍රතිශතයට අනුකූලව. පවුලූශා සහෝදරයා අපි ඔක්කොමට කොලේ වහලා බීලා වගේ..

      Delete
    4. වාහනෙ ඇතුලෙ fumes නිසා ඉස්සරහ ලයිට් පිටිපස්සෙ වයිපර්
      හොඳවෙලාවට සන් රූෆ් නොතිබුනේ

      Delete
    5. අපරාදේ කියන්නේ ඒවත් දෙකක්ම තිබුනා...

      ප්‍රා... දැන් රාජප්ස්ස බෙබිලත් නැති එකේ, නරකද ස්ලාඩා (SLARDAR) එකට සෙට් උනා නම්...

      Delete
    6. Sri Lanka Association of Rajapakse Drivers and Riders?

      Delete
    7. No More.... You can replace Rajapaksea with Racing....

      Delete
    8. බලු බෝඩින් ලංකාවෙ කොහෙද ප්‍රා.මම ඇමෙරිකාවෙදි නං බලු බළල් බෝඩිමක් දැකල තියෙනව.අපේ ගෙවල් ළඟම එකක් තිබුණා.

      Delete
    9. http://www.bringfido.com/resource/doggie_daycare_boarding/country/sri_lanka/

      Delete
    10. ඊයේ අපි දෙන්නා එනකොට ගනේමුල්ල පාරෙත් තිබ්බා බං ඩොල්පින් කොත්තු කියල ගහල , ඔන්න නිමෝධය ෆොටෝ එකකුත් අල්ල ගත්තා , වැඩේ කියන්නේ අපිට කඩේ උන්ගෙන් අහන්ඩ අමතක උනානේ

      Delete
    11. ප්‍රා එසේ මෙසේ බීමක් නෙවේ බීලා තියෙන්නේ, නැත්තං කොමද නිකං තිබ්බ වයිපරේ වැඩකරනව වගේ දැක්කේ ?? මම හිතුවා කවලමේ ගහනකොට ,:P

      පස්සේ දිගටම කියද්දී ,සුදීක කිව්වා මල්ලි රියර් වයිපරේ දාලා ඔෆ් කරපන් නැත්තම් ප්‍රා ට දුක හිතෙයි කියලා .. හෙක් හෙක් හෙක්

      Delete
  5. මොකද්ද අය්යො කොරල තියෙන්නෙ හැබෑට...
    සිරා ගැන කිය කිය ඉදල වෙනිවැල් ගැටයක් ගැනඇරං තියෙන්නෙ හිහි...
    හොදම හරිය පසුවට ද ඈ

    ReplyDelete
    Replies
    1. මොකෝ මහේෂ්,බලාපොරොත්තු කඩවුනාද?ඉතුරු හරිය තමයි රසම.පස්සෙ ලියන්නං.

      Delete
    2. මට උඹව කන්ඩ කේන්තියි

      Delete
    3. අටං,
      මොකෝ හිතට අමාරුද?උඹට මම කියන්නෙ නෑ මෙතන, එනව වල් කතා කියවන්න.,

      Delete
  6. කකාගේ බ්ලොග් එක මිනිස්සුන්ට අසුබයි කියලා හැලපයාගේ කලින් ලිපියට කොමෙන්ටුවක් දාලා පෙන්නලා දුන්නා.

    ඒ වෙලේ හැලපයා ඇහැව්වා එහෙම කියන්නේ මොකක් හරි රිසර්ච් එකක් කරලද කියලා. කොහොම හරි ඔය කකාගේ පරණ බ්ලොග් එක පටන් ගත්ත කාලේ යුද්ධයේ අවසාන් සමය බවට පත්වෙලා මිනිස්සු සැහෙන ප්‍රමානයක් මැරුණා, අතුරුදහන් උනා. ඊට පස්සේ කකා දැන් ලියනා බ්ලොග් එක පටන් ගත්තා විතරයි මීරියබැද්ද කියන ගමේ නායක් ගිහිල්ලා ළමා ළපටින් අතුලුම් මිනිසුන් සැහෙන ගණනක් මිය ගියා,අතුරුදහන්උනා.

    ඒ වගේම තමයි කකා දැන් බ්ලොග් එකේ ලිපියක් දාන හැම දවසකම වගේ මොකක් හරි දෙයක් වෙලා මිනිස්සු රාශියක් එක තැනකදී මිය යාමට කරුණු කාරනා යෙදෙනවා කියලා කලින් කොමෙටුවේදීත් පෙන්නලා දුන්නා. එකේදී අන්තිමට ඉල්ලුව ඉල්ලීම තමයි "කකා, මම ඉල්ලීම කරන්නේ බොහොම ආයාචනාත්මකව. කරුණාකර මෙම අසුභවාදී බ්ලොග් ලිවිම නවතන්න. අපිට ජිවත් වීමට ඉඩ දෙන්න. අපි කැමතියි අපේ දරු පැටව් සමග එක් දිනක් හෝ වැඩිපුර ජිවත් වෙන්න. ඒ මතකයන් උදුරා ගන්නේ ඇයි? " කියලා.

    කකාට මේක කිව්වම කකා නිකන් කෝචෝක් එකට වගේ එදා ඉදලා හැමදාම ලිපි පොස්ට් කරන්න පටන් ගත්තා. හැබැයි කකාගේ අවාසනාවන්ත බ්ලොග් ලිවිම දැන් කොච්චර දුරදිග ගිහින්ද කිව්වොත් මාපලගම වීරසිංහ සහෝදරයත් හදිසියේ මිය ගිහිං.... ඔහු හදිසියේ මිය ගියෙත් මම මේ කකාගේ බ්ලොග් අඩවියේ අවාසනාව ගැන සදහන් කිරීමට මොහොතක කලින්. මාපලගම සහෝදරයා කුඩා දැරියන් දෙදෙනෙකුගේ ආදරබර පියෙක්. කකාට බොහොම අයචනාත්මකව කිව්වා කරුණාකර මෙම අසුභවාදී බ්ලොග් ලිවිම නවතා අපිට ජිවත් වීමට ඉඩ දෙන්න. අපි කැමතියි අපේ දරු පැටව් සමග එක් දිනක් හෝ වැඩිපුර ජිවත් වෙන්න. ඒ මතකයන් උදුරා ගන්න එපා කියලා. ඒත් දැන් මාපලගම සහෝදරයාගේ මතකයන් උදුරාගෙන ඉවරයි. ඔහුගේ බිරිඳ,කුඩා දරුවන් දෙදෙනා තනිවෙලා... අවුරුදු 10 යෙදී වගේ පියා අහිමි වීම ඒ දැරියන්ට කොයිතරම් බලපෑමක්ද? කකා ආඩම්බර වෙනවා කකාගේ දුව ගැන. හැබැයි අද මාපලගම සහෝදරයා නැහැ ඔහුගේ දියණියන් ගැන ආඩම්බර වීමට. කරුණාකර කකා මේක කැත විහිළුවක් කියලා නං හිතන්න එපා. ටික දිනක් හෝ බ්ලොග් ලිවිම නවතා දමන්න..

    මාපලගම වීරසිංහ සහෝදරයාගේ හදිසි වෙන්වයාම ගැන අපේ මිතුරකු දැනුම් දුන් අයුරු පහලින් දාලා තියෙනවා.


    මේ තියෙන්නේ මදුරංග මිත්‍රයා ඒක දැනුම් දුන් අයුරු ජායාරුප සමග.


    මේ තියෙන්නේඅපෙන් වෙන්වූ මාපලගම වීරසිංහ ලබැදී මිතුරාගේ ෆේස්බුක් ගිණුම. මේකේ තියෙනවා ඔහුගේ ජායාරුප,පවුලේ ජායාරුප. මෙව්වා දකිද්දී දරාගන්න බැරි දුකක් එන්නේ. කකා කරුණාකර දැන් මේ බ්ලොග් ලිවිම නවතන්න ටික දවසකට හෝ...

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      දැන් කකාගෙ ලිවීම නවත්තලානේ.දැන් ලියන්නෙ රසික නොවැ.

      Delete
  7. යකෝ හැලප(අ)යියේ................

    උඹ අර පණුවා කෙලින් වෙන කෑල්ල නම් යස අගේට ලියලා තිබුණා.. ඒ හැකියාව පාවිච්චි කොරලා බ්ලොගයක් කරගෙන ගියානම් මීටත් සාර්ථක වෙයි මයේ හිතේ...... අම්මපා...............

    ReplyDelete
    Replies
    1. මේකේ උඩින්ම තියෙන පයිය උඹ බැලුන නං ඔය වරහන් ඇතුලේ තියෙන එක අයින් කරනවා...

      Delete
    2. කුරුටුස්,
      බොහොම ස්තූතියි.ඒ වුනාට මේ නහින දෙහින කාලෙ ඕවගේ කතා ලියන්න ගිහිං කතා අහගන්නවට වඩා ඔන්න ඔහේ දන්නා දෙයක් ලියාගෙන ඉනා එක හොඳා.

      Delete
  8. රස ගුණ හරක් මස් කොත්තුවක් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට ගන්න. ලේ වඩවන,ගුණදායක හරක් මස් කන්න.

    උදේට හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් සමග පාන්...
    දවල්ට හරක් මස් එක්ක බත්..
    රෑට ඔය ඩොල්පින් කොත්තු කන්න එපා. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්...

    ReplyDelete
    Replies
    1. හරක් මස් කොත්තු මොනවාද දොරේ,පහුගිය දොහොක කෑවා ඌරු මස් කොත්තුවක් රංජි අයියාගේ බත් කඩෙන්.හම්මේ සැර සහා රස.

      Delete
    2. හොඳයි අවවාදයට ස්තූතියි.මම නං කැමතියි ඒ වුනාට අපේ ගෑනු හරක් මස් ගේ හරියට ගන්න දෙන්නෙ නෑනෙ බං.

      Delete
  9. /* කාපු වෙලේ ඉඳන් වතුර තිබහයි බඩ දැවිල්ලයි */

    ඕනෑම පාන් ජාතියකින් ඔය වැඩේ වෙනවා. ඟා අසා ඇති විදියට මෙයට හේතුව සියුම් ලෙස කුඩු කර ඇති පාන් පිටි ඉතා ඉක්මනිින් දිරවා ශරීරයට අවශෝෂණය වී ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවීමයි.

    ඉක්මනින් ග්ලූකෝස් වැඩි වූ විට එය ඉක්මනින්ම අඩු වී යයි. එනිසා නැවතත් ඉකම්මනින්ම බඩගින්නක් ඇතිවේ.

    මේ තත්වය ඉක්මනින් නාකි වීමට ද හේතුවක් විය හැකියි ලු!

    ReplyDelete
    Replies
    1. කකානං ඉතිං දැන් කොහොමත් නාකියි තමයි. පෙනුමත් නිකන් නාකි හොටකපපු පැස්බරෙක් වගෙනි.

      Delete
    2. දැන් නං ආගිය අතේ තියෙන්නෙ ගෑස් පාන් නොවැ රසික.ඉක්මනට නාකි වෙන්න තමා වෙන්නෙ.

      Delete
  10. 'ගෑස් පාන් නං මම කන්නෙම නෑ.නිකං පුම්බල විතරයි කිසිම රහක් නෑ.කාපු වෙලේ ඉඳන් වතුර තිබහයි බඩ දැවිල්ලයි.'

    ඕක ඇත්ත. රසික උඩින් කියලා තියෙනවා වගේ හැම පාන් වර්ගයකින්ම ඔය වගේ බඩ දැවිල්ල එන්නේ නෑ. දුඹුරු පාන්,පරළු පාන් වලින් නං කිසිම විටක බඩ දැවිල්ලක් එන්නේ නෑ. ඒ වගේම දර පෝරණු පාන් වලිනුත් බඩ දැවිල්ල ඒමට ඇති සම්භාවිතාව සැහෙන්න අඩුයි.

    හැබැයි පාන් කනකොට පොල්සම්බල් එක්ක විතරක් කෑවොත් සමහර විට බඩ දැවිල්ල,වතුර තිබහ එන්න ඉඩ තියෙනවා. ඒක වලක්වගන්න නං කරන්න තියෙන්නේ සම්බෝල එක්ක මිරිස් මාළු හොද්දක්, අල හොද්දක් වගේ එකක් එක්ක පාන් කන එක.

    ඒ වගේම පාන් කලා ඉවර වෙලා සීනි දාපු කහට තේ කෝප්ප දෙකක් විතර බොන්න ඕනි. එතකොට නං කිසිම අමාරුවක් එන්නේ නෑ. විශේෂයෙන්ම මම රෑට පාන් කනවා නං ඒක හවස හතට විතර කනවා. ඊට පස්සේ කහට තේ ලොකු කෝප්ප දෙකක් විතර (ලීටරයක් වගේ) බොනවා. ඊට පස්සේ ඉතිං දහයට එකොළහට නිදාගන්න ලෑස්ති වෙනකොට හොද චු බරකුත් හැදිලා තියෙන්නේ. ඒකත් දාලා නිදාගත්තම හරි.

    රෑට පාන් කාලා කහට තේ බොන්නේ නැතිව නිදාගත්තොත් බඩ දැවිල්ල අල්ලනවා රෑ මැද. නිදාගන්න හරි අමාරුයි ඊට පස්සේ. ඒ වගේම නිදා ගන්න ලෑස්ති වෙලා රෑට පාන් කාලා,කහට තේ බිව්වොත් රෑමැද චු බර හැදෙනවා. ඒකත් අවුලක්. ඒ නිසයි මම රෑට පාන් කනවා නං හවස 7 ට විතර කන්නේ.

    අනික තමයි පාන් කාලා බඩ දැවිල්ල එනවා නං, කහට තේ බොන්න විදියකුත් නැති නං පොඩි වැඩක් කරන්න පුළුවන්. ඒ තමයි බඩ දැවිල්ල එනකොට තදින් හුස්මක් අරන් බඩ තදකරගන්න එක. එතකොට බඩේ තිබෙනා වායුව ඉවත් උඩට එනවා තේරෙනවා. එතකොට ක්ෂණිකවම බඩ දැවිල්ල නැති වෙලා යනවා. හැබැයි ඉතිං ඕක හැදුනම පස්සේ හුස්ම තද කරගන්නවාට වඩා හොදයි පාන්,රොටි වගේ දෙයක් කනවා නං හොද සීනි දාපු තේ කහට කෝප්ප දෙකක් විතර බොන එක. ඒකෙන් බඩ දවිල්ලත් නැති වෙනවා, වතුර තිබහා එන එකත් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇනෝගේ උපදේශයට ගොඩක් ස්තූතියි.නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.

      Delete
  11. උදේ පාන්දර පනුවෝ කෙලින් වෙන කතා ලියලා.. පිච්චු වැට්ටුවා.. ආයේ රෑට කියවන්න ඕන...

    මහත්වරු බනීද දන්නේ නෑ කුණුහබ්බ ලියනවා කියලා.. මොකෝ දෙන්නෙක්ද තුන් දෙනෙක්ද දීලා ඇදලා ඇරලා තිබුනේ මාතලන් කුණුහබ්බ ලියනවය.. අනිත අය ලියන්නේ නැති එක ළොකු දෙයක්ය කියලා..

    අනේ මන්දා හැල්පේ උන්ගේ කන හරහා ගහප්ය් පාරක්ද කියලා මේක...

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර පනුවෝ කෙලින් වෙද්දී බයිට් එකට ගන්න ළඟ පාත කවුරුවත් නැත්නං පිස්සු හැදෙනවා ත්යමයි.
      මහත්තුරු කියන්නෙ ඇත්ත තමයි මේ බ්ලොග් අවකාශයේ උඹ ඇරෙන්න වෙනින් කිසි කෙනෙක් කුණුහරුප ලියනවයැ මාත් මහත්තුරුන්ගෙ පැත්තෙ ඕං.

      Delete
  12. "ඩොල්පින් කොත්තු?" කොහෙද මේ මීරිගමද තිබ්බේ?? හොයලා බලලා කන්න ඕනේ කොත්තුවක්!

    අපේ ගමේ කොහොමත් හොඳට හැදිච්චි වෙනිවැල් ගැට තියනවා! ;)

    ReplyDelete
    Replies
    1. හම් ....හම්.....අල බහින කොටලුනේ වැල කොඩැරි වෙන්නේ

      Delete
    2. මීරිගම නෙමේ බං අපේ ගමේ.හොයල බලපන් ගිරිඋල්ලෙත් ඇති.

      Delete
    3. ඩොල්ෆින් කොත්තු කියන්නෙ, කේරල චිලී පරෝටා වලට ආභාෂයට හදන කොත්තුවක්. සාමාන්‍ය කොත්තුවට වඩා තියෙන වෙනස, මේකට පරාටා දාන්නෙ කපල නෙවෙයි අතින් කඩල ලොකු කෑලි.හදන්නෙ වොක් එකේ

      Delete
  13. මමනං ඩොල්ෆින් කොත්තු කාලා තියෙනවා.. සාමාන්‍ය කොත්තුවකට ව‍ගේ රොටී පොඩියට කපන්නෙ නෑ.. අතින්ම ඉරනවා ලොකු කෑලි කෑලි වෙන්ට.. හොඳට යහමින් තක්කාලි, මාළුමිරිස් කෑලි එහෙම දාලා ‍ලොකු ෆ්රයිඩ් චිකන් කෑලිත් දාලා අන්තිමට කිරි ටිකක් දානවා.. පට්ට රහයි.. අපරාදෙ හැලපෙට කාලා බලන්ට තිබුනෙ..

    ReplyDelete
    Replies
    1. පොල් කිරිද , එළ කිරිද

      Delete
    2. මම හිතන්නෙ එළකිරි, අර දියර කිරි තියෙන්නෙ.. හරියටම ෂුවර් නෑ හැබැයි..

      Delete
    3. අපරාදෙ බුරා මම හිනාවුනා.හොයල කාල බලන්නයි තිබ්බේ.

      Delete
    4. නිකං අපි බොන වැනිලා කිරි පැකට්.

      Delete
  14. රෝස් පාන් වෙනිවැල්ගැට සහ ඩොල්‍ෆින් කොත්තු.. හ්ම්ම් හැලප ස්ටයිල් කතාවක්. සිරාත් හකුරු හැදුවනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සිරා හකුරු හදපු හැටි තමා මම ලියාගෙන යන්නෙ.

      Delete
  15. ඩොල්ෆින් කොත්තුව බූර කිවුව විදිහට තමයි හදන්නෙ ,හැබැයි තැටියෙ තියල කොටන්නෙ නෑ , ෆ්‍රයිඩ් රයිස් හදන වොක් එකේ දාල ෆ්‍රයිඩ් රයිස් හදන විදිහට තමයි හදන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් බං කාල බැලුව නං හොඳා කියල දැන් හිතෙනවා.

      Delete
  16. හැලපෙ පාං ප්‍රමෝට් කරනකොට කකාට පාං එපා වෙලා.
    අර වෙනිවැල්ගැට කතාව ඉවරකළේ නෑ නේද?
    බුරා කියන විදියට හදනවනං අපරාදෙ හැලපෙට තිබු‍ණෙ කඩේ අරිනකල් බලා ඉඳල හරි ඩොල්පින් කොත්තුවක් කාල බලන්න.

    ReplyDelete
    Replies
    1. වෙනිවැල් ගැට කතාව ඉවර කලේ නං නෑ තමා.
      ඩොල්පින් කොත්තුවක් නොකාපු එක අපරාදෙ කියල දැන් හිතෙනව.

      Delete
  17. කාල බලන්න ඕනේ ඩොල්පින් කොත්තුවක් .. හෙක් හෙක්

    ReplyDelete
  18. සැක්...... විතරක් ............ දෙවැනි කොටස කවදාද දාන්නේ ????????????

    ReplyDelete
    Replies
    1. ආ.....මැලයා,කතාව බැලුවෙ කාම පැයේද?ඉතුරු ටික ලියනකල් ඉන්න බෑ බෑ වගේද?අනේ බං.

      Delete
  19. යකෝ,ආවේ කොහේද?ගියේ කොහේද? :D

    අර චූං පාන් ත්‍රී වීල් එකේ ස්ටිකරයක් අලවන් ඉන්නේ "පැමිණි ඔබට ස්තුතියි,නැවත එන්න කියලා"ඉතින් බං හැලපයියේ ඒ ස්ටිකර් එක ඌ නෙමේ ගහගන්න ඕනේ උඹලායේ ගෙදරයි,මොකෝ ඉතින් ඌ එනවා මිසක් ගෙදරට උඹලා යනවායි ඌ හොයාගෙන...:D

    ඉස්සර අපේ ආච්චි ඔය වෙනිවැල් ගැට තම්බලා අපිව නාවනවා පාට වැටෙන්න කියලාත් ..:)

    මේක කියවලා මටත් බඩගිනියි.කොත්තුවක් කන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එතකොට වෙනිවැල් ගැට නාලා මනෝජ් පාට වැටුනද?
      කොත්තුවක් කනවනං ඩොල්පින් කොත්තුවක් ඕං.

      Delete
  20. සිරා තමයි සිරා. ඉස්කෝලෙ යන කාලේ කියෝපු වල පත්තර මතක් උනා. වින්දන, ගින්දර. මෙතන සැර බාල කරලා ලියල තිබ්බට මට නිකමට හිතුන හැලපෙ වින්දන පත්තරේ විශේෂාංග ලේඛකයෙක් වෙලා හිටියදෝ කියල ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. හැලපේ නේ ඉස්සර "සිනා" පත්තරේ කතෘ...

      Delete
    2. සමා වෙන්න .. වල් පත්තර

      Delete
    3. පත්තරේක වැඩ කරන්න තාම බැරිඋනා නොවැ.සඟරාවක් නං වැඩ කළා.

      Delete
  21. වෙනිවැල් ගැට කථාව ගානට එනකොට නැවැත්තුව එක ගැන බලවතත් විරෝධය.. ඉතිරි ටික පත්තර කෑල්ලක් හොයාගෙන හරි කියවන්න ඕන...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අප්පේ දැක්ක කල් ... ඉහින් කෝමෙයි?

      Delete
    2. උඔලා දෙන්නවම දැකපු කල්..ගොඩක් කාලේකින් සෙට් වුනෙත් නෑ..පත්තරයාත් ආපු වේලාවක සෙට් වෙමු..
      වැඩිය දවල් වෙන්නෙ නැතුව වරේන්..ආ..මතක් කරලා පිටි පස්සෙ වයිපරේ ඔන් කරගෙන වරෙන්

      Delete
    3. පත්තර කෑලිවල මේවගේ කතා නෑ බං මෙව්වා හැලප ඉස්පැසල් .

      Delete
  22. ඩොල්පින් කොත්තු :P

    ReplyDelete
  23. ඩොල්පින් කොත්තු :P

    ReplyDelete
  24. වෙනිවල්ගට කතාව ඉතුරු ටික ලියන්නේ නැද්ද?, මට මතක් වුනේ අර කොච්චි කතාව . මම හිතුවා එහෙම සෙන් එකක් වෙන්න යන්නේ කියලා . හෙක්

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ බං.කොච්චි කතා ආයෙ ලියන්නෙ නෑ.

      Delete
  25. චැහැ..වෙනිවැල් කැල්ල පන ගහගෙන ආව ගමන් කෑවා වැඩේ..
    සිරා ගැන ඉතුරැ ටික ලියහන්කෝ

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප මුංට තියෙන විසයක්.

      Delete
  26. මම කාපු හොඳම කොත්තුව ට්‍රින්කො වල සී ෆුඩ් කොත්තුව. ඒකෙ කකුළු මසුත් දාල, මාර ගති!

    ඩොල්ෆින් කොත්තු කියල එකක් මේ ඇහුවමයි.ඔය චීස් රොටි එහෙම නැත්තන් ගෝදම්බෙ මැදට බිත්තර එළවලු සහ චීස් දාල දෙන රොටියත්, චීස් කොත්තුවත් මුලිම්ම මම කෑවේ 95 විතර හික්කඩුවෙන්. ඒ මතකෙට මේ පාරත් නිවාඩු ගියහම හික්කඩුවෙන් චීස් රොටි සහ චීස් කොත්තු කෑව. අපරාදෙ කියන්න බෑ රහ එහෙමමයි!

    ReplyDelete
    Replies
    1. අක්කරේපත්තු පැත්තේ තමයි කොත්තු වල උපත. එහෙ එවුන් කොත්තුව හදලා තැටිය උඩ තුනී කරලා විනාඩි දෙක තුනක් තියනවා එතකොට කිසිම තෙල් ගතියක් නෑ. හොඳට කර වෙලා කන්න පුළුවන්. දැන් කොත්තු වලට නොදාන ජාතියක් නෑ. එතකොට නිකම්ම රසයි. කිරි පැකට්, චීස්. ටික කාලෙකට කලින් දෙහිවල පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ හාල් වලින් හදපු කොත්තුවක් තිබුණා. දැන් නෑ. මම හිතන්නේ සම්බා හාල් පිටි කරලා රොටි හදන්න ඇත්තේ.

      Delete
    2. කකුළු මස්.... මං ඇහැව්වමයි...

      Delete
    3. ඔය තියෙන්නෙ රටේ හැම තැනම කොත්තු ගැන ලියල.මම නං කකුළු කොත්තු කාල තියා දැකල වත් නෑ.ආයෙ ට්‍රින්කෝ ගියොත් මතක තියාගෙනම ඉඳල කන්න ඕනෑ.

      Delete
    4. සුදීක,
      රට හැම තැනම තියෙන කෑම ගැන සුදීකට වඩා හොඳට කවුද දන්නෙ.

      Delete
  27. 2 වෙනි කොටස කවද්ද එන්නේ???????????/

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කොටස?දෙවෙනි කොටසක් අවශ්‍යද?

      Delete
  28. වැලකම් බැක් හැලපයියා....

    ReplyDelete
  29. මෙයා වරහන් ඇරලා.. අපි මෙහෙ වහ ගන්න බැරුව දඟලනවා.. රෑට ආයෙම කියවන්න ඕනි.. නිද්...ද..හ..සේ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. පරිස්සමින්,පරිස්සමින් කියවල නිදාගනින් කමියෝ.

      Delete
    2. වරහන් ඇරියොතින් වහන්න ඕනෙමයි.මේක අසධාරණයි... හ්ම්ම්..

      Delete
  30. ටකරම අස්සෙ සිද්දෙ....අතර මගින් කපා දැමීම පිළිබඳ මාගේ බලවත් විරෝධය....දර පෝරණු පාන් කෑල්ලක් කන්න මමත් පුදුම ආසාවකින් අප්පා ඉන්නෙ...හොඳ පොල් සම්බෝලයක් එක්ක පාන් රාත්තලකට වඩා කන්න පුලුවන්....

    ReplyDelete
    Replies
    1. විරෝධය සටහන් කර ගතිමි.මම නං තිබ්බ දොළදුක සංසිඳවා ගත්තා.ඇතිවෙන්නම පෝරන් පාන් කෑවා.

      Delete
  31. පාන් කතා....
    රටෙන් භාගයක් දිය වැඩියාව. මෙයා මෙහේ පාන් ප්‍රමෝට් කරනවා. එහෙන් බජට් එකෙන් පාන් අඩු කරලා කියලා යහපාලනේ ටොයියන්ට බනිනවා. මෙයා යහපාලනේ ටොයියන්ව ප්‍රමෝට් කරනවා පාන් කතා කියලා.

    ;)
    මම නම් බොරු මොකටද ලංකාවේ පාන් ගැන ආසාවක් ඇති වෙලාම නෑ. ගුල්ලොත් ඉන්නවා. මැස්සොත් ඉන්නවා වටේ පියාඹමින්. කොච්චර ආසාවක් තිබුනත් පොල්සම්බෝලේ එක්ක පාන් කනන් ඒක හින්දා බයයි. බයටත් වඩා මැස්සොයි ගුල්ලොයි මතක් වෙලා කන්නේ නෑ. රෝස් පාන් නම් මේ ළන්න්හකදි කෑල්ලක් කෑවා අර පිච්චිලා කරවෙලා තියෙන ක්‍රස්ට් එක.

    ReplyDelete
    Replies
    1. කොහොම කිව්වත් රෝස් පාන් ගෙඩියක් පොල් සම්බෝලයක් එක්ක රසට කන්න තියෙන ආසාව යන්නෙ නෑ.අපිත් ඉතිං පිටරටවල පාන් දකින්න කලින් දැනගෙන හිටියෙ ලංකාවෙ පාන් ගැන පමණයි නොවැ.
      ඒක නෙවෙයි මොකද දැන් ලියන්නෙ නැත්තෙ.

      Delete
    2. මම ලියනවා හැලපේ. අලුත් තැනක. තවම පටන් ගන්න හිතුවා විතරයි. පහුගිය කාලේ නම් අසනීප වෙලා හෙම හිටියනේ. ජීවත් වෙන එකත් අමතක වෙලා හිටියේ.

      Delete
  32. ඩොල්පින් කොත්තු කතාව අදමයි දැන ගත්තේ .. කර වෙචච අයින් පාන් ගෙඩියක් කන්න තිබිච්ච ආසාව ගිය සැරේ ලංකාවට ගිහින් ඉෂ්ට කර ගත්තා .. උණු උණුවෙන් පාන්ගෙඩිය අරන් මග දිගට යන ගමන් කෑලි කකා ගිහින් .. හෙහ් හෙහ් ..

    ReplyDelete
  33. පොඩි එවුන්ට ලොසිංජර පෙන්න පෙන්න නොදී කනව වගේ වැඩක් නෙව කරල තියෙන්නෙ.. මොනව උනත් රහට කතාව තියෙනව.. එල එලෝ...

    ReplyDelete

ඔබේ අදහස්