Tuesday, January 6, 2015

ජනවාරි නිවාඩුව.





අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලම පෝස්ට් එක ලියන්න පටන්ගත්තෙ ලංකාවට පිටත්වෙන්නට ඔන්න මෙන්න කියල තියෙද්දියි.මොකද කිව්වොත් මේ මාසෙට ආයෙ පෝස්ට් ලියවෙන එකක් නෑ සහ බ්ලොග් බැලිල්ලත්  කමෙන්ට් කිරීමත් මාසෙ අන්තිම වෙනකං කල්යාවි.ඒ කියන්නෙ බ්ලොග්  කෙරුවාවට මාසෙක පමණ නිවාඩුවක් ලැබෙනවා.ඒත් එක්කම මම  බ්ලොග් රාජකාරියට කොපමණ ඇබ්බැහි වෙලාද කියා මටම නිරීක්ෂණය කරගන්නත් හැකිවේවි.

පහුගිය වතාවෙ මම ලංකාවට ආවෙ ගිය ජනවාරියෙ,කොහොම උනත් ගතවුණු අවුරුද්ද සිදුවීම් වලින් ගහන අවුරුද්දක් වුණා කීවොත් නිවැරදියි.ඉතිං දැනටමත් මාසෙන් සතියක් ගතවෙලා, ඔය විදියට මේ අවුරුද්දත් ඉක්මනටම ගෙවී යාවි.කොහොම උනත් ලංකාවට ගිහිං ආපහු ආපු විගසම නැවත හමුවෙමු.

46 comments:

  1. සුබ එනමං.
    ලංකාවෙ නිවාඩුව සාර්ථක වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසා.

      Delete
    2. AnonymousFebruary 8, 2015 at 8:25 AM

      ගෑල් ලමයි ගැන මහලොකුවට ලියන කියන අයගේ කෙරුවාව බලන්න .මාතලන් ගෙ බ්ලොග් එකේ මෙහෙම තිබුනෙ.

      //AnonymousFebruary 4, 2015 at 10:09 PM
      ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
      අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
      මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
      අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

      Replies

      දේශක යාFebruary 4, 2015 at 10:29 PM
      හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

      Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:06 PM
      ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

      ඉවාන් පවුලූශාFebruary 5, 2015 at 2:01 AM
      පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

      Helapa kadeFebruary 5, 2015 at 2:27 AM
      ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?//


      බබා හම්බෙවෙන්න ගිය ටිකට වත්
      කතා නාහ ඉන්න පිනක්
      නැති අසරන ගෑල්ලමයා මං.
      බබා හම්බ වෙද්දි හැදුනු
      මගෙ තුවාල වේලෙනකන් බලන් ඉන්න
      මාමලා වගෙ මිනිස්සුන්ගෙ
      කතා අහන්න වෙච්ච ගැල්ලමය මං.

      තමන්ගෙ ගෙදර ඉන්න හඩු ගඳ ගහන, බඩ තඩි, කිහිල්ලෙ මයිල් පුරෝගෙන වයසක මාමලාගෙ නාකි නෝනලා, දූල ගෙදර පරිස්සමට තියල, රටේ ඉන්න අනිත් ගෑනුන්ට, තමන්ගෙ දුවලා වගෙ උනත්,කෙල පෙරන මහා මානව හිතවාදියන්ගෙ සබෑ අදහස් තමයි ඔය උඩින්ම තියෙන්නෙ.
      ඒ කියන්නෙ,
      මාතලන් ට ඉවාන් ගෙ දුව උනත් කෑල්ලක්
      හැලපෙට ට මාතලන් ගෙ දුව උනත් ලමයා හම්බෙලා තුවාල වේලෙනකන් ඉස්පාසුවක් නැහැ.
      මේක කමෙන්ට් කරාම,
      ඉවන් පව්ලූශ යි, මාතලනුයි,
      ඉක්මනට එම කමෙන්ට් මකලා දැම්මා.
      හැබැයි දකින්න ඕනැ අය දැක්කා.බස්සි මේකට මොකද්ද කියන්නෙ කියල අහන්න මම කැමතියි. මේක මකන්නෙ නැතුව උත්තර දෙන්න.

      Delete
  2. පරෙස්සමෙන් ගිහින් වරෙන්...! ඡන්දෙ දාල මෛත්‍රී කරල එන්'ට ඕනෙ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව කිව්වලු.අවුරුදු විසි තිස් ගානකට පස්සෙ ගමේ ඡන්ද පොළේ ඡන්දයක් දාන්න ඉඩ හසර ලැබුණා.තැන්කු මචං.

      Delete
  3. සුබ නිවාඩුවක්.. සැබෑ වෙනසක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු.සැබෑ වෙනසට දායක වීමට ලැබීම සතුටක්.

      Delete
  4. සුබ නිවාඩුවක්. සැබෑ වෙනසක් මෛත්‍රී පාලනයක්.....

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං,වෙනසක් නැතුව කොහොමෙයි.උඹේ බලාපොරොත්තු ඉටුවේවා.ස්තූතියි රාජ්.

      Delete
  5. ආ .. වෙල්කම් හැලපයියා..... අපි මේ එනකං බලාගෙන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. අනේ තැන්කුයි මල්ලි.හමුවෙමුකො.

      Delete
  6. ලස්ස තුනෙක් එකෙක් එන බව දැං ඉස්තීරයි. හැක් හැක්.. මගේ වයින් බෝතලේ ගනිං මතක ඇතිව පෙරටුගාමියා ගෙනැත් දේවි..

    සුභ ගමන් හැලපයියේ..

    ReplyDelete
    Replies
    1. පෙරටුගාමිය කොහොම වෙතත් මමවත් ගෙනත් දෙන්නංකො.ස්තූතියි දේශෝ .

      Delete
  7. සුභ නිවාඩුවක්.. මෛත්‍රී පාලනයක්.. බ්ලොග් ලියන්න කියවන්න ඉඩක් අවකාශයක් ලැබේවා!.. (ලංකාවට එනවනම් ඉතින් වෙල්කම් කියන්නත් එපැයි..)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමියෝ.උඹල සියලු දෙනාගෙම ඒකායන ප්‍රාර්ථනය ඉටුවෙන්න කියල හිතාගෙන මාත් එනවා.

      Delete
  8. වෙල්කම් බැක්!

    ReplyDelete
  9. අටවැනිදට කළින් ලංකාවට එන්න. එක ඡන්දයක් හරි අඩු වුනොත් අපරාදෙනෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි එනවා.හෙට උදේ ලංකාවෙ.එක ඡන්දයක් මෙදා සැරේ වැඩිවේවි.මොකද හැලපැට්ටගේ කුළුඳුල් ඡන්දෙත් මෙදා සැරේ ඇවිල්ල කියල කිව්වා.අනේ ඌ ඡන්දෙ කියන්නෙ කන දෙයක්ද බොන දෙයක්ද කියල දන්නෙ නැති එකා.මුල ඉඳන්ම කියල දෙන්න වේවි.

      Delete
  10. මෙත් මල් පිබිදේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් මෙත් මල් පිබිදේවා
      රටටත් මෙත් මල් පිබිදේවා!!!

      Delete
  11. කොටුවෙ ඉරි වල ගෑවෙන්නෙ නැතුව කතිරෙ ගහන්ට හැලපයියෙ . :P
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.කුමාරයාටත් ජයවේවා!!!

      Delete
  12. හුරේ !! ජය වේවා.. පරිස්සමිං ගිහිං එන්ඩ හැලපයියේ.…

    ලබන මාසෙ මුල මං එනවා.. පත්තරයත් ලංකාවේ !!!! ඕ යේස් ..කාණු පල්ලක් බුක් කරා :D

    ඩිංගක් එහා මෙහා උනානං ගල් බාගයක් සප්පායං වෙන්ඩ තිබ්බා.. චැහ්

    ReplyDelete
    Replies
    1. චික් අම්මප,අපි දෙන්න හැමදාම මාසෙන් හමාරෙන් මිස් වෙනවනෙ කොල්ලෝ.
      ජයවේවා පත්තරේ!!!

      Delete
  13. යකෝ මම හිතුවේ දේශපාලකයෝ විතරයි මේ දවස් වල රට පනින්නේ කියල. :D
    .
    පරිස්සමෙන් ගොහින් එන්න

    ReplyDelete
    Replies
    1. අපි පනිනව නෙවෙයි,ආපහු එනවා.
      ස්තූතියි උකුස්සෝ.

      Delete
    2. රට පනිනව නෙමෙයි රටට පනිනව නේද?.
      එතකොට රිලව් කියයිද අදිරාජ්යවාදී කුමණ්ත්‍රනයකින් බහුජාතික බූවල්ලෙක් ( පැටියෙකුත් සමග ) බටහිර රටකින් ඇවිත් චන්දෙ දීල රට අස්තාවර කලයි කියල?

      Welcome back Halape. Have fun !!!

      Delete
  14. ඡන්දෙත් දානවද? බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉල්ලනවා ඡන්දෙ දාන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඡන්දෙ දානව නේන්නං.විචා කියනව වගේම මෙත් සිතින් ඡන්දෙ දාන්නං.

      Delete
  15. සුබ නිවාඩුවක්
    සුබ අනාගතයක් වෙනුවෙන් චන්දෙ දෙන්න.

    ReplyDelete
  16. හැලපට සුභ ගමන් ...

    ReplyDelete
  17. මහින්ද රාජපක්ශ දිනනවාමයි. ප්‍රතිශතය 51.8. ගයාත්‍රි.

    ReplyDelete
    Replies
    1. අනාවැකිය හරියටම හරි , නම විතරයි වැරදි

      Delete
  18. වෙල්කම් හැලපතුමා.. සුබ නිවාඩුවක් ....

    ReplyDelete
  19. එහෙනම් සුබ නිවාඩුවක්..

    ReplyDelete
  20. තොරණ එහෙම ගහන්න වෙයි මයේ හිතේ,, :D

    ReplyDelete
  21. අන්න එහෙමයි ඉන්ට ඕන
    කොහෙ හිටියත් චන්දෙ දාන්ට එන්ට ඕන
    හිහි

    ReplyDelete
  22. එහෙනම් පරිස්සමින් එන්ඩ ඈ..
    ජය වේවා !

    ReplyDelete
  23. හැලපයියගෙත් ජන්දේ දිනුම්,රටත් දිනුම්!

    ReplyDelete
  24. ප්‍රීතිමත් නිවාඩු කාලයක් වේවා.

    ReplyDelete
  25. නිවාඩුව ප්‍රීතිමත් එකක් සහ කථා කීපයක් ලියන්නට කරුණු එක් රැස් වෙන එකක් වේවා !

    ReplyDelete

ඔබේ අදහස්