අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න කියල මේ අවුරුද්දෙ අවසාන පෝස්ටුව ලියමු.පහුගිය අවුරුද්දෙ පෝස්ට් එකසිය ගාණක් ලියවුනාට මේ අවුරුද්දෙ යන්තං පනහ පැන්නුව විතරයි.එහෙම ලියාගත්ත එකත් ලොකු දෙයක් කියල දැන් හිතෙනවා.ඊට වඩා ලියාගන්න තිබුන නං හොඳයි නමුත් මොනව කරන්නද, ලද දෙයින් සතුටුවෙන්න කියල කතාවකුත් තියෙනවනෙ.ඒ නිසා එහෙම හිතල හිත හදාගන්නව.
අවුරුද්දෙ අවසාන පෝස්ටුව මොනව ගැන ලියන්නද කියල මම කල්පනා කළා.පහුගිය මාසෙ නන්දා මාලිනි ආපු කතාව ලියන්න පටන් ගත්තා,ඒ වුනාට පින්තූරයි, වීඩියෝ ටිකයි තාම ඉල්ල ගන්න බැරිවුනා.මට එදා කැමරාව ගෙනියන්න බැරිවුනා,ඇත්තම කිව්වොත් මම කැමරාව ගෙනිච්චෙ නෑ.ඒ සංගීතෙ ගොඩක් කාලෙකට පස්සෙ පැය දෙක තුනක් එක විදියට ඉඳගෙන බොහොම ආසාවෙන් රස විඳපු ප්‍රසංගයක් වුණා.ඉන්ටිපල් එක වෙලාවෙ ප්‍රසංගයේ පූරක හෙවත් ගීතවල අටුවා ටීකා කියපු අපේ හිතවත් ඉන්දිකගෙ මිත්‍රයා වුන බන්දුල නානායක්කාරවසම් එක්ක මම කතාකලා.ඉන්ටිපල් කියන වචනෙ මම ඇහුවෙ මීට අවුරුදු බර ගානකට ඉස්සෙල්ල එක වෙසක් රැයක මීරිගම මිහිර හෝල් එකේ රෑ දොළහෙ ෂෝ එක බලන්න පෝලිමේ ඉන්නකොටයි.ඒ කාලෙ වෙසක් එකට සෙනග වැඩි නිසා රෑ නවයෙ ෂෝ එකට පස්සෙ තවත් එකක් දැම්මා.ඔන්න අපි පෝලිමේ කට්ට කාගෙන ඉන්නකොට (එතකොටත් නමේ ෂෝ එක දුවනවා)ඉන්ටවල් බෙල් එක ගහපුවම කොල්ලෙක් තව එකෙකුට කතා කරලා අපිවත් පෙරළගෙන ඇතුළට දිව්වා.
වරෙන් වරෙන් යකෝ ඉන්ටිපල් පටන් ගත්තා...
බලපුවම හෝල් එකේ වඩේ විකුණන්න ආපු කොල්ලෙක්.ඒ නං අපි ගෙදර ඉඳල වෙසක් බලන්න ආව දවසක වෙච්ච දෙයක්.ඒ වුනාට මම ඒ කාලෙ වැඩිපුරම ෆිල්ම් බැලුවෙ බෝතලේ අපේ අම්මලගෙ ගමේ ඉන්නකොට මීරිගම ඇවිත්.මීරිගම හෝල් දෙකයි ටවුමෙ එහා කෙරෝලේ මීරිගම සෙන්ට්‍රල් එක ළඟ මිහිර හෝල් එක සහ මෙහා කෙරෝලේ වෙල ගාව පැට්‍රෝල් ෂෙඩ් එක ඉස්සරහ ගාමිණී හෝල් එක.ඒ කාලෙ තිබුණෙත් චිත්‍රපට සමාගම් දෙකයි මිහිර සිනමාස් එකේ.ගාමිණී සිලෝන් තියටර්ස් එකේ.
අපි හතර දෙනෙක් බයිසිකල් දෙකක නැගල බෝතලේ ඉඳන් මීරිගමට හැතැප්ම හත අටක් මඩම පාරෙ සයිකල් පදිනවා.ඒ පාරත් නිකං තැනිතලා පාරක් හෙම නෙවෙයි මහ උස කඳු තුන හතරක්ම තියෙනව.ඒ උනාට බහින්නෙ ස්කවුට් කැලේ හරියෙ පුරාණ මීරිගම කන්දෙ විතරයි.ගාමිණී හෝල් එකේ නමේ ෂෝ එක බලල රෑ කඩෙන් තේ බීල වැනිල සුරුට්ටුවකුත් බිබී සයිකල් පැදගෙන බෝතලේට යද්දි මහ රෑ දෙක තුන වෙනවා.
දැන්නං පැට්‍රෝල් ෂෙඩ් එක ඉස්සරහ ගාමිණී හෝල් එක නෑ.ඒ වෙනුවට ගෙදර යන ගමන් කඩයක් තියෙනවා. ඊට එහා පැත්තෙ අරක්කු බාර් එක.ගෙදර යන ගමන් කඩේ අරක්කු නෑ මම දවසක් පවුලගෙ ගෙදර යන ගමන් ගෙදර යන ගමන් කඩේට ගිහිං බෝතලයක් ගන්න බලපුවම ඒකෙ බෝතල් තිබ්බෙ නෑ.ලයිසන් එකක් තාම නෑ කියල සිකුරිටි කොල්ල මගෙත් එක්ක කිව්වා.මිහිර හෝල් එක නං තාම තියෙනව.ඒ හෝල් එකේ අපි ගොඩක් බැලුවෙ ඉංග්‍රීසි චිත්‍රපටි.කව්බෝයි චිත්‍රපටි බර ගාණක් ඒ හෝල් එකේ බලල ඇති.ඒ කාලෙ අපේ වීරයා වුනේ ක්ලින්ට් ඊස්ට්වුඩ්.ඔහු අස්සයා පිටේ යන විදිය,වෙඩි තියන විදිය,සුරුට්ටු බොන විදිය එහෙම අපි හරිම අගය කළා.අපි වැනිලා සුරුට්ටු බොන්න පුරුදු උනෙත් ඔය ක්ලින්ට් ඊස්ට්වුඩ් හින්දනෙ.
දැනට වයස අවුරුදු අසුහතරක් වන ක්ලින්ට් තාමත් කැලිපෝනියාවේ ජීවත් වෙනවා.මම කැලිපෝනියාවේ ඉද්දි ට්‍රයි එකක් දුන්න නං සමහරවිට මුණ ගැහෙන්නත් තිබුණා.කොහෙද මොළේ පහළ වෙද්දි පරක්කු වැඩියි.ඇයි තවත් සුප්‍රසිද්ධ නළුවෙක් වන ආනොල්ඩ් ස්වාසෙනගර් කැලිපෝනියාවේ ආණ්ඩුකාරය.ඔන්න සැරයක් රජා කැලිපෝනියාවට ආපු වෙලේ පිළිගැනීමේ උත්සවයට එන්න කියල ස්වාසෙනගර්ටත් ආරාධනාවක් කළා.ආණ්ඩුකාරයනෙ කියන්ඩම එපැයි.මොන පිස්සුද එනව තියා පොර ආරාධනාව තඹ සත පහකට ගණන් ගත්තෙ නෑ.
හැබැයි මමනං දවසක්දා ස්වාසෙනගර්ව දැක්ක.ඒ මෙහෙමයි අපි පන්සලක කටිනෙට සහභාගී වෙන්න යද්දි මග තිබුණ රූපගත කිරීමක ස්වාසෙනගර් හිටිය කියල සෙනෙවිරත්න කිව්වා.
අන්න අන්න ස්වාසෙනගර් දැක්කද?
හැතැප්ම අසුවක විතර වේගෙන් වාහනේ යද්දි සෙනෙවිරත්න කියනවා,මොකෝ නවත්තල ආපහු ගිහිං බලාගන්න කියලයැ අපිත් ඔලුව හොල්ලල නිකං හිටියා.හරියට මහ රෑ එකට දෙකට කතරගම රජ මාවතේ යද්දි ජයකොඩි අපට වල්අලි පෙන්නුව වගේ.දකුණු කැලිපෝනියාවේ ශ්‍රී ලංකා පන්සල් 13 ක් ඒ දවස්වල තිබුණා.ඔය පන්සල් හැම එකකම කටිනෙට අපටත් එන්න කියල ආරාධනා කරනවා.එක පන්සලකට ගිහිං තව එකකට නොගිහිං හිටියොත් හාමුදුරුවන්ගෙ හිත නරක් වෙනවා.ඒ නිසා තියෙන හැම වැඩක්ම කල්දාල කටිනෙට නොවරදවාම සහභාගී වෙනවා.ඒ දවස්වල කටින පිංකමක් තනියම කරන්න පුළුවන් තරමට පිංකමේ කෙරෙන හැම දෙයක්ම කට පාඩම් වෙලා තිබුණා.
පිංකම ඉවරවෙලා හාමුදුරුවන්ට දානෙත් දීල ගිහියන් වෙන අපි දානෙට ගියාම තමයි වැඩේ තියෙන්නෙ.දිග මේසෙක කෑම තියෙල තියෙනව.මේසෙ පංසලේ එහා කෙළවරේ ඉඳල මෙහා කෙලවරට දිගයි.ඔය මේසෙ මුල ඉඳල අගටම කෑම බාජන තියෙනවා.ඇයි ඉතිං අපි ඇරෙන්න එන හැම දායකයම මොනව හරි කෑම වර්ගයක් අරං එනවනෙ.ඔන්න ඉතිං අපිත් මුලින්ම ඩිස්පෝසබල් ප්ලාස්ටික් පිඟන් අරගෙන පෝලිමේ යනවා.ඉස්සෙල්ලම බත් බේසම්.එක එක ජාතියෙ ඒවා.සුදු බත්,රතු බත්,කහ බත්,එළවලු බත්,දුන්තෙල් බත්,ප්‍රයිඩ් රයිස් ඔය වගේ බත් වර්ග දහයකට වැඩියි.ඊට පස්සෙ පරිප්පු කියමුකො පරිප්පු බාජන විස්සක් විතර අර්තාපල් ගත්තොත් ඒවත් එහෙමයි උයල බැදල තෙල් දාල ආදී වශයෙන් ඊළඟට මාළු ඒවත් එහෙමයි මිරිසට, කිරට, බැදපු මාළු ඒ වගේ බාජන ගොඩයි චිකන්,බෝංචි,කජු,ආදී වශයෙන් බොහොම පරිස්සමෙන් චූට්ට චූට්ටබෙදාගත්තත් මේ වෙනකොට පිඟානේ සෑහෙන ප්‍රමාණයක් පිරිලා.තව මේසෙ බාගයක්වත් දුර ගිහිං නෑ.බොහොම අමාරුවෙන් මේසෙ කොණටම ගිහිං අන්තිමටම රෝ සැලඩ් ටිකයි කට්ලට් එකකුයි පපඩම් කෑලි ටිකකුයි කෑම එකේ උඩින් තියාගත්තම පිඟාන අරං එන අසරණය කවුද කියල කාටවත් හොයන්න බෑ මුණ පේන්නෙ නෑ.
මොන ආකාරයට බෙදාගත්තත් ඔය සෙතේ ඔහොමම වෙනවා.අන්තිමට කිරිපැණි තියා කෙහෙල් ගෙඩියක්වත් කන්න බැරි තරමට උස්මුරුත්තාවටම එනතුරු කෑම කාල.ඉතිං බොහොම අමාරුවෙන් ග්‍රේප්ස් ගෙඩි දෙක තුනක් කාල නිකං ඉන්නවා.යන්න ලෑස්තිවෙලා හාමුදුරුවන්ට වඳින්න ගියාම හාමුදුරුවො කෑම අරං යන්න කියනවා.
අනේ මේ ඔය යන අය ඔක්කොම කෑම අරං යන්න,ඔය කෑම මොකුත් මෙහෙ පංසලේ ඉතුරු කරල යන්න එපා අපරාදෙ අහක යනවා...
කෑම අරං යනව තියා ඒ වෙලාවට කෑම දිහා බලන්නවත් හිතෙන්නෙ නෑ බඩ උස්සගන්නවත් බැරි තරමට තියෙද්දී රෑට තියා තව දෙතුන් වේලකට කෑම ටිකක් කන්න බැරි ගානට හිතෙන්නෙ.ඒත් ඉතිං හාමුදුරුවො තරහ වෙයි කියල කේක් කෑල්ලක් කෙසෙල් ගෙඩියක් ඔතාගන්නවා.
ආ මහත්තය යන්නද හොඳා හොඳා ගෙනියන්න කෑම ටිකක් ගත්තද?
එහෙමයි එහෙමයි අපේ හාංදුරුවනේ ගත්ත මේ තියෙන්නෙ ...
හොඳයි එහෙනං ගිහිං එන්නකො තෙරුවන් සරණයි...
ආපහු එනකොට නං කිසිම කතාවක් නෑ ගෙදරට එනකං කොහෙ ගියාද දන්නෙ නෑ නිදි.අපි හිටිය ල බ්‍රියා හවුසිං එකේ ගෙවල් තිබුනෙ වට රවුමට සහ මැද පොදු තණ පිටියක්.ඒ වගේ රවුමට ගෙවල් සහ තණ පිට්ටනි ගණනාවක් ඒ විශාල නිවාස ක්රමයේ තිබුණා.ගෙවල්වල ඔක්කොම අය සහ පොඩි ළමයි ඔය තණ පිටිය තමන්ගෙ විවේකය ගත කරන්නටත් සෙල්ලං කරන්නටත් යොදා ගත්තා.අපේ අල්ලපු ගෙදර හිටියෙ තරුණ ජෝඩුවක්.කොල්ල නිතරම ගෙදර ආවෙ නැති නිසා බෝනික්කියක් වගේ හුරතල් කෙල්ල වැඩ ඇරිල ඇවිත් ගොඩක් වෙලාවට ඔය තණ පිටියෙ පුටුවක වාඩිවෙලා පොඩි උන්ගෙ සෙල්ලං බලමින් මොනා හරි කමින් බොමින් කාලය ගතකළා.
මමත් හවසට පොත් කියවන්න ගේ පිටිපස්සෙ ගහක් යටට යන නිසා අපි එකිනෙකා දැන හඳුනා ගත්තා.දවසක මේ කෙල්ල ගහයටට රෙඩ් වයින් බෝතලයක් ගෙනත් මටත් බොන්න කතාකළා.මමත් නිකං යන්න බැරි නිසා අර්තාපල් චිප්ස් ටිකකුත් බැදගෙන බෝතලේට සහබාගි වුණා.නිතරම ගේ පිටිපස්සෙ ඉන්නව නං අපි මොනව හරි බෙදා හදාගෙන කනවා.දවසක් දා මම ඉඳිආප්පයි පොල් සම්බෝලයි දුන්නම කෙල්ල ගෑරුප්පුවෙන් කන්න උත්සාහ කළා.
ඔය ජාතිය ගෑරුප්පුවෙන් කන්න බෑ පුළුවන් නං අතින් කන්න එතකොටයි රස තියෙන්නෙ...
උත්සාහ කළාට කෙල්ලට අතින් කාගන්න බැරිවුනා.දවසක් කෙල්ල හෙනසි බෝතලයක් අරං ඇවිත් තිබුන නිසා මම මොකද මේ වෙනස කියල ඇහුවා.
අපි දෙන්න අද ඩිවෝස් වෙන්න නඩුව ෆයිල් කළා ඒ සතුටට බොමු...
ඒ මොකද ඔය දෙන්න මේ අද ඊයෙ වෙනකං සතුටින් හිටියනෙ...
හිටිය නං තමා ඒ වුනාට සතුටින් නෙවෙයි, අපි දෙන්න නොගැලපෙන බව අපට තේරිලා ගොඩක් කල්...
මම සිරිතක් වශයෙන් කෙනෙකුගෙ පුද්ගලික දේවල් එයා කියන්නෙ නැතිනං හාර අවුස්සල අහන්නෙ නැති නිසා ඒ ගැන ඊට වඩා දෙයක් ඇහුවෙ නෑ.බෝතලේ ඉවර කරන්න හවුල් උනා.ඊට දවස් කීපෙකට පස්සෙ ඒ ජෝඩුව ගෙදර බඩු අස් කරගෙන දෙන්න ගමනාන්ත දෙකකට යන්න ගියා.ඒ දවස්වල ගේ පිටිපස්සෙදි මම ගත්ත ඒ කෙල්ලගෙ පිංතූරයක් නං මට ඊයෙ පෙරේද හම්බවුනා.මට මේ කතාව මතක් වුනෙත් ඒ පින්තුරෙ දැකපුවමයි.ඉතිං අමතක වෙයි කියල ලියල තියන්න හිතුවා.
විස්තරේ තාම ඉවර නෑ ඒ වුනාට මගෙ කතාව ඉවර කරන්න ඕනැනෙ.දැන් තියෙන්නෙ කතාව අවසන් කිරීම සහ නව වසරට සුබ පැතීම.ඉතිං 2014 අවුරුද්ද පුරාවටම මගෙ බ්ලොග් එක කියවන්න ආපු සොහොයුරු සොහොයුරියන් සියලු දෙනාටම ලබන්නාවූ 2015 අලුත් අවුරුද්ද සියළුම සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන,බත බුලතින් බව බෝගයෙන් මිළ මුදලින් අඩු නොවන ඉසුරුමත් අවුරුද්දක් වේවායි ඔබේ හිතවත් හැලපයා වන මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අවුරුද්දෙ මුල අපේ මෑණියන්ගෙ අභාවයෙන් වසරක් පිරෙන දානමය පිංකම් කටයුත්ත යෙදිලා තිබෙන නිසා මමත් ලංකාවට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා.ආවහම හමුවෙමු.සැමට සුබ නව වසරක් වේවා෴
ආපහු එනකොට නං කිසිම කතාවක් නෑ ගෙදරට එනකං කොහෙ ගියාද දන්නෙ නෑ නිදි.අපි හිටිය ල බ්‍රියා හවුසිං එකේ ගෙවල් තිබුනෙ වට රවුමට සහ මැද පොදු තණ පිටියක්.ඒ වගේ රවුමට ගෙවල් සහ තණ පිට්ටනි ගණනාවක් ඒ විශාල නිවාස ක්රමයේ තිබුණා.ගෙවල්වල ඔක්කොම අය සහ පොඩි ළමයි ඔය තණ පිටිය තමන්ගෙ විවේකය ගත කරන්නටත් සෙල්ලං කරන්නටත් යොදා ගත්තා.අපේ අල්ලපු ගෙදර හිටියෙ තරුණ ජෝඩුවක්.කොල්ල නිතරම ගෙදර ආවෙ නැති නිසා බෝනික්කියක් වගේ හුරතල් කෙල්ල වැඩ ඇරිල ඇවිත් ගොඩක් වෙලාවට ඔය තණ පිටියෙ පුටුවක වාඩිවෙලා පොඩි උන්ගෙ සෙල්ලං බලමින් මොනා හරි කමින් බොමින් කාලය ගතකළා.
මමත් හවසට පොත් කියවන්න ගේ පිටිපස්සෙ ගහක් යටට යන නිසා අපි එකිනෙකා දැන හඳුනා ගත්තා.දවසක මේ කෙල්ල ගහයටට රෙඩ් වයින් බෝතලයක් ගෙනත් මටත් බොන්න කතාකළා.මමත් නිකං යන්න බැරි නිසා අර්තාපල් චිප්ස් ටිකකුත් බැදගෙන බෝතලේට සහබාගි වුණා.නිතරම ගේ පිටිපස්සෙ ඉන්නව නං අපි මොනව හරි බෙදා හදාගෙන කනවා.දවසක් දා මම ඉඳිආප්පයි පොල් සම්බෝලයි දුන්නම කෙල්ල ගෑරුප්පුවෙන් කන්න උත්සාහ කළා.
ඔය ජාතිය ගෑරුප්පුවෙන් කන්න බෑ පුළුවන් නං අතින් කන්න එතකොටයි රස තියෙන්නෙ...
උත්සාහ කළාට කෙල්ලට අතින් කාගන්න බැරිවුනා.දවසක් කෙල්ල හෙනසි බෝතලයක් අරං ඇවිත් තිබුන නිසා මම මොකද මේ වෙනස කියල ඇහුවා.
අපි දෙන්න අද ඩිවෝස් වෙන්න නඩුව ෆයිල් කළා ඒ සතුටට බොමු...
ඒ මොකද ඔය දෙන්න මේ අද ඊයෙ වෙනකං සතුටින් හිටියනෙ...
හිටිය නං තමා ඒ වුනාට සතුටින් නෙවෙයි, අපි දෙන්න නොගැලපෙන බව අපට තේරිලා ගොඩක් කල්...
මම සිරිතක් වශයෙන් කෙනෙකුගෙ පුද්ගලික දේවල් එයා කියන්නෙ නැතිනං හාර අවුස්සල අහන්නෙ නැති නිසා ඒ ගැන ඊට වඩා දෙයක් ඇහුවෙ නෑ.බෝතලේ ඉවර කරන්න හවුල් උනා.ඊට දවස් කීපෙකට පස්සෙ ඒ ජෝඩුව ගෙදර බඩු අස් කරගෙන දෙන්න ගමනාන්ත දෙකකට යන්න ගියා.ඒ දවස්වල ගේ පිටිපස්සෙදි මම ගත්ත ඒ කෙල්ලගෙ පිංතූරයක් නං මට ඊයෙ පෙරේද හම්බවුනා.මට මේ කතාව මතක් වුනෙත් ඒ පින්තුරෙ දැකපුවමයි.ඉතිං අමතක වෙයි කියල ලියල තියන්න හිතුවා.
විස්තරේ තාම ඉවර නෑ ඒ වුනාට මගෙ කතාව ඉවර කරන්න ඕනැනෙ.දැන් තියෙන්නෙ කතාව අවසන් කිරීම සහ නව වසරට සුබ පැතීම.ඉතිං 2014 අවුරුද්ද පුරාවටම මගෙ බ්ලොග් එක කියවන්න ආපු සොහොයුරු සොහොයුරියන් සියලු දෙනාටම ලබන්නාවූ 2015 අලුත් අවුරුද්ද සියළුම සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන,බත බුලතින් බව බෝගයෙන් මිළ මුදලින් අඩු නොවන ඉසුරුමත් අවුරුද්දක් වේවායි ඔබේ හිතවත් හැලපයා වන මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අවුරුද්දෙ මුල අපේ මෑණියන්ගෙ අභාවයෙන් වසරක් පිරෙන දානමය පිංකම් කටයුත්ත යෙදිලා තිබෙන නිසා මමත් ලංකාවට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා.ආවහම හමුවෙමු.සැමට සුබ නව වසරක් වේවා෴
සෝස නේගරය හිතන්න ඇති
ReplyDeleteයකෝ මම පාලනේ කරන පාන්තෙටත් වැඩිය පොඩි රටක එකෙක් පිළිගන්න යන්නෙ අහවල් එකටය උෟ ඕන නං ඇවිත් හම්බෙන්නෙ නැතැයි කියල...
සමහර විට කුරහං රොටියක් එහෙම හොයන් සැන්ටිමෙන්ටල් වෙන්න බලං ඉන්නත් ඇති...
අපිටත් එකපාරක් හැලපෙට වුණා වගේ වැඩක් වුණා නෙව
අපි කොහෙ හරි අවලමක යන ගමන් ප්‍රයිවෙට් ප්ලේන් එක්ක තමා ඉතිං ගියෙ මොකෙත් හරි නළි බට්ටියක් ගෙ නමක් කියල න්න ****** අතන දොඩං බලනව කීව ප්ලේන් එකේ කොන්ද
කොහෙද අපි හැරිල බලන්නත් කලිං කිලෝමීටරයක් විතර ගිහිං..
හිහි
හැලපෙත් ඒතරං ලොකු මනුස්සයෙක් නොවිච්ච එකේ වැඩිය කන්න බොන්න බැරිව ඇති නේහ්....
එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන්
සුභම සුභ නව වසරක් වේවා....
ජයෙන් ජයම වේවා
ඔව් බං මම කිව්වෙ අපි මහා රෑ කතරගම රජ මාවතේ කිලෝ මීටර් සීයෙ වේගෙන් යද්දි අඩු තරමින් පාර දෙපැත්තෙ තියෙන ගස් කොළන් වත් පේන්නෙ නෑ.පට්ට කළුවරයි වාහනේ වේගෙයි.ජයකොඩි හිටපු ගමන්
Deleteඅන්න අලියෙක් දැක්කද කියා කියා අහනව.අපිත් නිදිමතේ ඔලුව හොල්ල හොල්ල ඉන්නවා.
ආර්නෝල්ඩ් සෙනෙවිරත්න කියලයි අපි ඒ දවස් වල කියන්නේ. අැයි වදේ අර ස්වාස්සනර්ගර් ද මොකක්ද කියන එක පහසුයැ.. හැබෑට බං ඡන්ද ඩියුටි කතා ඉවරද? එන කොට මට රෙඩ් වයින් එකක් ගෙනෙං. අර පෙරටුගාමියා අතේ ගෙන්නගන්න බැරියැ.. හැක්.. බොටත් එහෙනං සුනවවේ...
ReplyDeleteආර්නොල්ඩ්සිරිසේන කියලත් කියනවා :-)
Deleteනැත්තං මං වගේ සොසනේගර් කියහත්තල
Deleteඉවරනෙ කතාව
දිවඋළුක් වෙන්නෙත් නෑ හකු පයින්නෙත් නෑ
අපේ තාලෙට ගමේ ආරෙට
ඕ යේස්
ඡන්ද ඩියුටි කතා ඉවරවෙන්නෙ නෑ බං මෙදා සැරේ කියල ඉවරකරගන්න බැරිවුණොත් ඉතුරු හරිය ලබන මහා ඡන්දෙට කියන්නං.රෙඩ් වයින් බෝතලේ ගේන එක නං වැඩක්යැ කුරුටුගාමිය ඕනෑ නෑ මමම ගේන්නං.එහෙම හොඳයි නේද?
Deleteරෙඩ් වයින් එක ෂැන්ඩි වලට වෙන්ටැ :D
Deleteරෙඩ් වයින් බිව්වොත් ඕකා කොහෙන් නවතීද දන්නෙ නෑ පත්තර මල්ලි.ඌට කෝක් එකක් ගිහිං දීල මම වයින් එක බොනවා.
Deleteබොහොම රසවත් (අර කෑම මම කිව්වෙ...) අර ගැල්ලමයගෙ පින්තූරයක් දැම්ම නං නරක් වෙලා තියෙයි!
ReplyDeleteහෙුරතල් කෙල්ල කියුවට , අප්සට් ඇති , නැත්තං නොදා ඉදි
Deleteඋඹලටත් ගෑල්ලමයෙක් ගැන යන්තං හරි ඇහුණොත් උණ ලෙඩ්ඩු වගේ තමා දකිනකන් ඉවසිල්ලක් නෑ.ඔන්න දැම්ම බලාගනින්කෝ.හැබැයි එක එකා ඇනෝ ඇවිත් මෙතන මට එක එක කතා කියන්න ගත්තොත් උඹල ඇවිත් උත්තර දීපල්ලා හරිද .
Deleteඅටමෝ,
Deleteඔන්න දැම්ම බලපංකො හුරතල්ද අප්සැට් ද කියල.
මල කෝලං. මේ නාකි හැලපයා පින්තුරේ දාලා.. හැක්..
Deleteචැහ් .… මං හොය හොයා හිටපු ජාතියෙම නංගෙක් :D
Deleteආයෙ බැන්දෙ නැතුවැති නේ තාම හැලපයියෙ
මම දන්නා ආකාරයට කෙල්ල ආපහු බැඳලා නං නෑ පත්තරේ.
Deleteස්ටැලෝන් සෙනවිරත්න අපේ පැත්තේ කොන්ඩේ කැපුවා
ReplyDeleteඑලිසෙබත් ටේලර් ඇදුම් මැහුවා..
එහනම් සුභ අලුත් අවුරැද්දක් වේවා..
ඇයි බං කැප්ටන් කුක් හෝටලේක වැඩ කළේ නැද්ද?
Deleteආනෝල්ඩ් සුභසිංහ ආපු කාළෙම වගේ නේ රැම්බොත් එන්නේ.. සිල්වෙස්ටර් ඉස්ටැලෝන්.. මම දන්න විදියට මුන් දෙන්නම ඇමරිකන් කාරයෝ නෙමෙයි.. ක්ලින්ට් ඊස්ට්වුඩ් ඉස්සර ටයිම් මැගසින් එකේ පිටිපස්සේ මාල්බරෝ සිකැරට් බොනවා.. ඕවා දැකලා තමයි අපිත් සිකැරට් එකට පෙම් බැන්දේ... මාලන් බ්රැන්ඩෝ අනිත් එකා.. අපේ හිතාගෙනම උන්නේ ඌ මාලන් බ්රැන්ඩෝ වගේමයි කියලා.. හැබයි බිව්වම් නම් ටිකක් ඒ වගේ.. ඇස් පුංචි වෙන නිසා.. දැන් කයිබෝයි සෝ නෑ නේ.. දැන් තියෙන්නේ ත්‍රී ඩී ඇනිමෙසොන්.. ඒවලත් ඉතින් අමුතු මෙව්වා එකක් තියෙනවා.. අපි ඉතින් ඒ කාළෙට අනුව ජීවත් වෙන අය නිසා අවුලක් නෑ..
ReplyDeleteඋඹටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!
තව හිටිය බං දැන් මට නම් මතක නෑ.ඔය කාලෙට පස්සෙ ජේම්ස් බොන්ඩ් කාලෙ ආවා.එතකොට අපිට බොන්ඩ් පිස්සුව ඔලුවට ගැහුවා.ඒ කතාවත් වෙලාවක ලියන්න ඕනෑ.
Delete"Smith, Wesson and me!"
ReplyDelete(Dirty Harry)
The Outlaw Josey Wales බැලුවද?
බත බුලතින් බව බෝගයෙන් (සහ හැලප ඇතුලු අනිකුත් කෑමබීම වලින් ) මිළ මුදලින් අඩු නොවන ඉසුරුමත් අවුරුද්දක් !
අපොයි බලල තියෙනව.ඩර්ටි හැරී කතාව තරමක ශෘංගාරාත්මක එකක් වගේ මතකයි.අවුට්ලෝ ජොසි 1977 වගේ මතකයක් තියෙනවා.
Deleteනියම කතා ටිකනෙ අප්ප. අර කෑම ඉතුරු කරල ගියාට පස්සෙ හාමුදුරුවන්ට එපා වෙනව ඇති ඒව අස් කරන්න ගියාම. මොකෝ ලංකාවෙ වගේ කොහෙට හරි විසි කරල දාන්න කියලැයි.
ReplyDeleteහැලපෙ අයියටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා යි කියල පතනව.
ඔව් බං එහෙ ලංකාවෙ වගේ වැඩකරන්න අයත් නෑ ඉතුරුවුනා කියල කෑම දෙන්න අයත් නෑ.ඉතිං හාමුදුරුවො කෑම ඉතුරු වෙනවට කැමති නෑ.
Deleteගොඩ පිටින්ම හැලප පවුලටම සුභ නව වසරක් වේවා..!
ReplyDeleteබොහොම ස්තූතියි මාරෙ.
Deleteහැලප කඩේ සියලුම දෙනාටම සුභ නව වසරක් වේවා!
ReplyDeleteස්කවුටින් කරන කාලේ මීරිගම ස්කවුටින් කැලේ කෑම්පින් ඇවිත් තියෙනවා. හරිම ලස්සන තැනක්. එක. මාඔයත් කැලේ අයිනෙන් යනව වගේ මතකයි.
මා ඔය ස්කවුට් කැළේ අයිනෙන් යන්නෙ නෑ කැන්ඩියන්.මා ඔය හම්බවෙන්නෙ තව ටිකක් දුර ගියාමයි.
Delete\\\ නිතරම ගේ පිටිපස්සෙ ඉන්නව නං අපි මොනව හරි බෙදා හදාගෙන කනවා ////
ReplyDeleteහපොයි.....හිතාගතෑකි ඇයි පොටෝ එක දැම්මේ නැත්තේ කියලා....
ආවාම හම්බවෙන්න තියේනම් මරු....
හැලප පවුලටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
ෂෙෆාකි.....
ඔන්න පොටෝ එක දැම්ම චෙපාකි.මොනාටද ආයෙ නෝක්කාඩු අහන්නෙ.ඇයි අප්පා හමුවෙන්න බැරි ආපුවම මට කතා කරන්නකෝ.
Deleteමම මීට කලිනුත් කොහේ හරි මේක කියලා තියනවා. මරදානේ නිව් ඔලිම්පියා එකේ Commando චිත්‍රපටිය පෙන්නපු කාලේ මම බස් එකේ යන ගමන් අහම්බෙන් දැක්කා හෝල් එකේ ගහලා තිබුණ කටවුට් එක. Schwarzenegger කියන කෑල්ල කොහොමවත් කියවගන්න බැරිවුනා. කටවුට් එක හරිම සිත් ඇදගන්නා සුළුයි. මම යන ගමන නවත්වා වහාම බස් එකෙන් බැහැලා පයින් ආපහු ඇවිත් අර නම ලියාගත්තා බස් ටිකට් එකේ.
ReplyDeleteනෙද්දකින් විතරක්. අපේ රටේ ගෑණුන්ට තමා හෙනසී බෝතලයක් තියා කසිප්පු කාලක් ගහන්නවත් අපිට එන්න කියන බැරි.
තව දුරටත් ඔබේ ජීවන අත්දැකීම් අප හා බෙදාගනිමින්, අපේකම ලෝකයට පෙන්වමින්, දිගු කලක් වැජඹෙන්නට, මගෙන් උණුසුම් සුබ පැතුම්!
"ස්වෝර්ට්ස(z)නෙගර්"
DeletePizza (පීට්සා) සහ Nazi (නට්සි) වගේ ලියන්නෙ නැති T එකක් ශබ්ද වෙනවා මගෙ හිතේ.
හැලපෙ දන්නව ඇති
ඒකනෙ විචා මේ ගෑනු බොන්න හවුල් වෙනවා තියා අපි මොනා හරි කර්තව්‍යයක් කරගන්න හැදුවත් මුණ නරක් කර ගන්නව නොවැ.ඉතිං සුහද සංවාද කරන්නෙ කොහොමද?
Deleteප්‍රා,ඔය වගේ නැති T ශබ්ද වෙන සහ ඇති T ශබ්ද නොවෙන භාෂාව ප්‍රංශ භාෂාව කියලයි මට හිතෙන්නෙ.තවත් උදාහරණ තියෙනවද?
Deleteප්‍රංශ භාශාවෙ ඇති T ශබ්ද නොවෙන අවස්ථා ගොඩක් තියනව නේ. නැති T එකක් ශබ්ද වෙන ඒවා මං දන්නේ ඉතාලි හා ජර්මන් විතරයි. ජර්මන් හුඟක් තියන්ව මං හිතන්නෙ.
Delete( මං එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි,ඔය භාෂාවලින් වචන කීපයයි දන්නෙ. යුරෝපයේ දූපත් දෙකකට විතරයි ගිහිල්ලත් තියෙන්නෙ. තියන ඒවා සයිලන්ට් වෙනවට වඩා නැති එකක් ශබ්දවෙන එක අපූර්වත්වයක් නිසා මගෙ ඉන්ටෙරෙස්ට් එක ආවෙ.
හැලපෙ මට වැඩිය හුඟක් දන්නව ඇති. බෙල්ජියම්, ජර්මනි හෝ ඔස්ට්‍රියා නේද ඉන්නෙ?)
//"ඔන්න සැරයක් රජා කැලිපෝනියාවට ආපු වෙලේ පිළිගැනීමේ උත්සවයට එන්න කියල ස්වාසෙනගර්ටත් ආරාධනාවක් කළා.ආණ්ඩුකාරයනෙ කියන්ඩම එපැයි.මොන පිස්සුද එනව තියා පොර ආරාධනාව තඹ සත පහකට ගණන් ගත්තෙ නෑ."//
ReplyDeleteහලපයියේ ඒ දිවුල්ගෙන් නෙවෙයි ආනොල්ඩ් නේ ...
අනික මම හිතන්නේ මිනිහා බටහිර කුමන්ත්‍රණ කරන කල්ලියේ පොරක් නැත්තම් නෑවිත් ඉඳීවි ය
අපිනම් ආනොල්ඩ් ට වඩා බලන්න ආස වුනේ "වෑන් ඩෑම්" ව. අනික් පොර තමයි ජැකී චෑන්, තව ඔය අතරේ හිටියා ජෙට් ලී , හැබැයි මේ www රෙස්ලින් බලන්න ගත්තට පස්සේ ජෝන් සීනා ඔලුවට ගැහුවා , ඊට පස්සේ , අන්ඩටේකර් , බිග් ෂෝ එහෙම දාන පඩ ෂෝ බල බල හිටියා
මමත් ඉස්කෝලෙ යද්දි රෙස්ලින් ඇල්ලුවා.හැබැයි ඒවා ඔය දැන් පෙන්නන www රෙස්ලින් නොවෙයි.නියම රෙස්ලින්.
Deleteඅර දික්කසාදේ ට හේතුව අර වයින් බෝතලේද දන්නේ නෑ නේ? ;)
ReplyDeleteනෑ බං උන් ගොඩක් පුළුල් දැක්මක් සහ විවෘත මනසකින් යුත් අය.ඔය වගේ දේවල් සත පහකට වත් ගණන් ගන්නෙ නෑ.නමුත් එකට ජීවත්වීම තමන්ගෙ නිදහසට බාධාවක් කියල හිතුන ගමන් දෙන්න වෙන්වෙනවා.
Deleteමාත් අහන්න ගියෙ දික්කසාදෙට වයින් බෝතලෙත් හේතු උනාවත්දෝ කියල.. හිහ් හිහ්..
ReplyDeleteආනොල්ඩ් වටපිට බැලුවලු කවුද යකෝ මේ මිහිඳු ව මගෙ විජිතෙට ඇවිත් මට නම කියල කතා කරන කියල.. පස්සෙ ප්‍රශ්ණ දෙක තුනක් අහල ඉල්ලල ගන්න අඹ ගැන. අපේ රජා චොර කර ගත්තලු ඉන්ග්‍රීසියෙන් උත්තර දෙන්න ගිහින්.. මූ හොර මිහිඳුවෙක් කියල තමයි පස්සෙ ගනන් ගන්නෙ නැතුව ඉඳල තියෙන්නෙ..
ක්ලින්ට් ඊස්ට්වුඩ් හම්බෙන්න තිබ්බ චාන්ස් එකනම් අපරාදේ..
ඕං හෙනං හැලපයියා ඇතුළු පවුලේ සියලු දෙනාටත් සුභ නව වසරක් වේවා!
උන් මුව තඹ සතේකට ගණන් ගන්නෙ නෑ කියල මට එදා තේරුණා.කොහොමද මෙහෙ දාන ෂෝ ටික.
Deleteපහුකරගෙන යනකන් බලන් ඉඳලා පහුවුනාට පස්සේ දැක්කද කියලා අහලා මමත් බැනුම් අහපු වෙලාවල් ඕන තරම් තියෙනවා හි..හි...
ReplyDeleteහැලප පවුලේ හැමෝටම සුබම සුබ නව වසරකට ආසිරි පතනවා !
පහුකරගෙන යනකල් නිදාගෙන ඉන්නව නේද.ඒ වෙලාවට ඔව් ඔව් කිව්ව නං හරි තුශානි.
Deleteහෙහ් හෙහ්.. මේක මාවත් මතක් කොරල තියෙන්නෙ.
ReplyDeleteඅපේ උන් ඉස්සර ඕකට කිව්වෙ "ඉන්ටිබොල්" නැත්තන් "ඉන්ටිබල්" කියල.
මාත කිව්ව වගේ "ඊස්ට්වුඩ්" ව අඳුනගත්තෙ අර මල්බරෝ ඇඩ් එකෙන් තමා මුලිම්ම. පස්සෙ තඩි ලෙන්ස් එකක් ඉස්සර හයි කරපු පොඩි ටීවි එකට "ඩෙක්" එකක් පූට්ටු කරල ඩුබායි වලින් ගෙනා "ඩෙක්පීස්"වල තිබ්බ කව්බෝයි ෆිල්ම් පෙන්නපු ගොනාකෝවිලේ සුනිලගෙ ස්පොට් එහෙකදි තමා බුවා අත්දෙකෙන් පිස්තෝල අරන් පට පට ගාල වෙඩි තියනව දැක්කෙ.
ඒව බලල අපිත් ගොනාකෝවිලේ හරක් පිළිමෙ උඩ නැගල කව්බෝයි ෆිල්ම් ඇට් කරා ඒ ආතල් එකටම. අපේ ඒවගෙ කව්බෝයි ටාසන් දෙන්නම හිටිය. මොකද කෝවිලෙ තඩි නුගගස් වල මුල්වල එල්ලිල ටාසන් එනකොට කව්බෝයි පට පට ගාල ගඳපාන ඇටවලින් පෑන්බට තුවක්කුවෙ වෙඩි තියල කෝවිල වටේ දුවනව උන්ඩ ඉවර උනාම.
පස්සෙ වීඩ්යෝ පෙන්නපු සුනිල "සෙටප් එකේ" කව්බෝයි ඩිෂුම් ඩිෂුම් කියන "කැසට් කෑල්ලක්" දාල "ඩෙක්" එකට "අස්ස ගුඩුං" පදින "ඩෙක් පීස්" දාන්න ගත්තම අපිත් වළි නවත්තල ඒවගෙ "කට කන, බැලුම් මිරිකන" සීන් ඇට් කරා සීජීආර් පිට්ටනියෙ මාර ගස් යට, ගාමන්ට් වල වැඩට ආපු අක්කල නංගිල එක්ක.
ඔන්න ඔහොමයි ක්ලින්ට් ඊස්ට්වුඩ් රත්මලානෙ අපිට බලපෑවෙ.
ටාසන් වගේ තාමත් වැලේ යනවද....? නෑ මට මේ රත්මලාන පැත්තේ එකෙක් කිව්වේ.... සිංහයා කිව්වට, ඕකා වැල මාමා කියලා....
Deleteඅඩෝ කම්බ හොරා, අපි අහු උනොත් වැලුත් අදිනව දුන්නොත් වරකත් කනව හරී...
Deleteඅපොයි තොපා වැඩිහිටියෝ නේද බොලව්
Delete@අටම්,
Deleteඅනේ උඹ බබානෙ.
සිංහයො වැල කන්නෙ නෑලු නෙ.ඇයි අහල නැද්ද.
Deleteගජකුම් බිඳින එකසර කෙසරිඳු බලැතී
කෙතරම් සා වුවද තණ කබල නුබුදිතී.
ඔන්න බලපං,උඹල ණ න ල ළ ගැන මට හැමදාම හිනාවෙනවා.ඔය කවියෙ තණ කියන තැන මූර්ධජ ණ යන්න නැතුව නිකං න යන්න තිබ්බ නං මහ අකරතැබ්බයක් නොවැ වෙන්නෙ නේද?
හෙහ් හෙහ්.. තන අතරින් ගිය වතුර කියන මම ලියපු පෝස්ට් එක උඹ දකින්න නැතුව ඇති!
Deleteචැහ් … මේක බලල හිරිඔතප් බිඳුනා සලබලාං ගාල :D
Deleteහැලප කඩේ කට්ටියටත් සුබ නව වසරක් වේවා....
ReplyDeleteකොහෙද අනේ ඔයා මෙච්චර කල් අන්තරස්දාන වෙලා හිටියෙ.
Deleteසුබ පැතුමට ගොඩක් ස්තූතියි.
කෝ බං අර කෙල්ලගේ පිංතූරේ අපිටත් බලාගන්න දාපන්
ReplyDeleteඔන්න දැම්ම ගිහිල්ල බලල ඇවිල්ල මට බැනපන්.
Deleteසුභ නව වසරක් වෙවා... හැලපෙටත් පවුලේ අයටත්...
ReplyDelete//ඒ කාලෙ වෙසක් එකට සෙනග වැඩි නිසා රෑ නවයෙ ෂෝ එකට පස්සෙ තවත් එකක් දැම්මා.ඔන්න අපි පෝලිමේ කට්ට කාගෙන ඉන්නකොට (එතකොටත් නමේ ෂෝ එක දුවනවා)//
මේ කෑල්ල කියවද්දී මටත් පරණ සිද්ධියක් මතක් වුනා... අපේ නගරේ චිත්‍රපටි හෝල් එකට ජුරාසික් පාක් පලවෙනි චිත්‍රපටිය ආපු වෙලාවේ... කොහොමත් පිස්සුවෙන් වගේ මිනිස්සු ඒක බැලුවානේ... මමත් එදා කොහේ හරි රස්තියාදුවක යන්න ගිහින් ඒක වැරදිලා, චිත්‍රපටියක්වත් බලනවා කියලා හෝල් එකට ගියා... හයයි තිහේ ශෝ එකටහෝල් එකෙන් එළියේ ඉඳන්ම පෝලිම...ආසාව වැඩිකමට ඒක ආව ගමන්ම මම මල්ලිත් එක්ක කට්ට කාගෙන කොළඹ ගිහින් බලලා හිටියේ... ආයේ බැලුවට පාඩුවක් නෑ කියලා මමත් පෝලිමට එකතු වුනා... කලින් ශෝ එක ඉවරවෙල සෙනඟ එළියට එනවා... පෝළිමේ මට ඉස්සරහින් හිටපු කෙනා එළියට එන නාකි මනුස්සයෙක්ව අඳුනගෙන කතාකලා...
" ආ මුදලාලීත් ශෝ එක බලන්න ආවද...?"
" ෂික් කියලා වැඩක් නෑ ඕයි... පොඩි උන් රවට්ටන ජරාවක් බලන්න මම කඩෙත් වහලා ආවා..."
මට මැරෙන්න හිනා... ඊට පස්සේ පෝලිමේ බුවා මගෙන් වෙලාව ඇහුවා... මම වෙලාව කිව්වාම මූ කියපි...
"හම්මේ ඉතින් තව කොච්චර වෙලා ඉන්නද...?"
"ඇයි හයයි තිහට තව පැයක්වත් නෑනේ..."
"හයයි තිහ..? පිස්සුද...? ඒකට ගේට්ටුව වහලා ඉවරයි... මේ නමයේ පෝලිම...!"
බීටලේ උඩ යන්න ඇති.ඇයි යකෝ පැයකින් විතර බලන්න හිටපු ෆිල්ම් එක.
Deleteහෙනසි බෝතලේ ඉවර වෙනකොට හැලපෙ අයියත් මැරීජ් ප්‍රොපෝසල් එකක් ගෙනාවනං හරිනෙ බෝනික්කිට. ඩෝප් මරගාතේ ලයික් එකක් දාන්නත් තිබ්බ.
ReplyDeleteහැලපෙ අයියටත් පවුලේ සැමටත් සුද්දිටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
බෝනික්කිගෙ පවුල් ජීවිතේ ඒ දවස්වල දැඩි අර්බුදයකට ලක්වෙලා තිබුණා.ඒකි බිව්වෙ මාත් එක්ක දුක බෙදාගන්නයි.ඒ කෙල්ලගෙ කතාව අහගෙන ඉඳල හිත සැහැල්ලු කරගන්න උදව් කරනව ස්රෙන්න මගුල් යෝජනා කරන්න ගියානං මාවත් ගහල එලවයි.
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඔබටත් එසේම වේවා!!!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDelete-මල්මි
මල්මිටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා හැලප මහත්මයාට!
ReplyDeleteඊලඟ අවුරුද්දෙත් මීට වඩා වැඩියෙන් හැලප කඩේ දාගන්න ලැබෙන්ඩ ඕන.
මධුටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
Deleteවැඩි වැඩියෙන් පෝස්ටු ලියාගන්නට ලැබේවා!!!
Wish your happy new year Aiya.Cheers
ReplyDeleteSame to you Rawana malli .Thanks.
Deleteලිපිය නම් නියමයි! එහෙ පන්සල්වල මස් මාළු ප්‍රශ්න නෑ වගේ...
ReplyDeleteසාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!
එහෙ පන්සල්වල ඔය බොරු වෙජිටේරියන් කරදර නෑ හැමදේම කන්න දෙනවා.
Deleteඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!
අම්මට සිරි හැලප මචං ට සෙට් වෙන ඒවා.............. යකෝ අලුත් අවුරුද්ද තව තවත් ඒ්වා සෙට් වෙවා
ReplyDeleteසුභම සුභ නව වසරක් වේවා........................
කුගැගීප
බොහොම ස්තූතියි.කුරුටු ළමයින්ටත් සුබම සුබ නව වසරක් වේවා!!!
DeleteHappy New Year 2015 Machang to all of you!!!
ReplyDeleteSame to you and family machan.
Deleteහැලපේ සහ පවුලට සුභ අලුත් අවුරුද්දක් !
ReplyDeleteබැස්සා සහ පවුලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Deleteහැලපයියාටත් හැලපීටත් හැලපැට්ටාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteරාජ්ටත් නෝනාටත් දරුවන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Deleteහැලප පවුලට සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)
ReplyDeleteපොඩ්ඩිගෙ පවුලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Deleteමිග්‍රේෂන් කියන කන්දොස්කිරියාව නවත්තගන්න මේක වයිෆ්ට පෙන්නුවනම් හරි වගේ.
ReplyDeleteඔව් ඔව් ඉක්මනට පෙන්නන එක හොඳයි.
Deleteඅපි පරක්කුයි,කමක් නැහැ හැලප අයියාටත් පවුලේ සැමටත් මේ අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා.!
ReplyDeleteජන්දෙට ලංකාවේනේ ඉන්නේ රජා ගෙදර යවන්න එක්වෙමු.
මනෝජ් ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteමෙදා සැරේ එක ගමන පිංකම් දෙකක් කරගන්න ලැබෙයි වගේ.ජයවේවා.
2015 වසර ප්‍රීතිමත් එකක් වේවා !
ReplyDeleteසිරාටත් 2015 වසර ප්‍රීතිමත් අවුරුද්දක් වේවා!!!
Deleteහැලප අයියා මහතා ඇතුළු පවුලේ සැමටයි , අල්ලපු ගෙදර කෙල්ලටයි , ආනොල් ටයි , ක්ලින්ට් ටයි සුභ අලුත් අවුරුද්දක් වේවා !!...
ReplyDeleteපැතුම් ඇතුළු පවුලේ සැමටත් අල්ලපු ගෙදර අයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Deleteහැලපයියා වැනිල සුරුට්ටු බිව්වේ කෙලින් බොන්න බැරි හින්දද ? :)
ReplyDelete