Sunday, July 27, 2014

145.කළු උක් දණ්ඩ සහ වෙළෙන්දට ඇදුන සුවිප් එක.



අද ලයිබ්‍රරිය අවුස්ස අවුස්සා ඉද්දි පරණ පොතක් අහුවුනා,මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "කළුනික සෙවීම"(1951)මාතෘකාව දැක්ක ගමන් මට කළුනික ගැන පරණ කතාවක් මතක් වුනා.කළුනික වලින් කරන්න ඇහැක් හපන්කම් වගයක් අපේ සීයා ඒ කාලෙ මගෙත් එක්ක කීවා මට මතකයි.ඒ විතරක් නෙවෙයි කළුනික ගහක් අපේ වත්ත පහළ තියෙනව කියලත් කිව්වා.ඒ කාලෙ කළුනික ගහක් කියල හිතාගෙන හිටියට ඒ නික ගහක් කියල පස්සෙ දැනගත්තා ඒ කියන්නෙ කළු නැති නික.

අපි පුංචි කාලේ වේලිච්ච නික කොළ පාවට්ට කොලේක සුරුට්ටුවක් වගේ ඔතාගෙන දුං අදිනවා.පාවට්ට දුම නික දුම සරීරෙට අගුණක් නෑයි කියල කතාවකුත් තිබුණු නිසා වැඩිහිටියොත් මේ දුං ඇදිල්ල දැක්කට මොකුත් කිව්වෙ නෑ.මොන බේත උනත් දුං සැරේ එකම නිසා ටිහිකින් ඔලුව කැරකෙන්න ගන්නවා.අපේ බොන ලිඳ ළඟ තිබුණු කළු උක් පඳුර මතක් වෙන්නෙ එතකොටයි.උක් පඳුරෙන් ගහක් කපාගෙන ළිං මිදුලෙ ඉඳන් බරු ගහනකොට අම්ම කෑ ගහනවා.

ඔය උක් පඳුර විනාස කරන්න එපා ළමයිනේ,බේතකටවත් ගන්න ඔය ගස් දෙකතුන පරිස්සං කරගෙන හිටියෙ,ඒකත් කාල දාපල්ලා...

අම්ම එහෙම කියන්නෙ කළු උක්ගස් බේතට ගන්න හින්දයි.බේත් හේත් වලට කළු උක් හොයන අය අපේ ගෙදරට ඇවිත් කළු උක් ගස් කපාගෙන යනවා,අපි නිකං කාල දානවට වඩා එහෙම දුන්නම පිං සිද්දවෙනවලුනෙ.කළු උක් ගස් බේතට විතරක් නෙවෙයි දත් සුදුවෙන්නත් හොඳලු නේද.ඔය ගැන මම මෙන්න මෙහෙම කතාවකුත් අහල තියෙනවා.

ඔන්න එක ගමක හිටපු ඉලන්දාරියෙකුට මඟුලක් කතාකරල පහුවදා මනමාලි බලන්න යන්න සුජානම.ගංඔල ඉලන්දාරි කවුරුත් වගේ මේ ඉලන්දාරියත් තදෙන්ම විට හපපු නිසා දත් වහල්ලෙ බුලත් කහට බැඳිල බොහොම අජුවට තිබුනලු.ඒකෙ වගේ වගක්වත් නැතුව විට හපමින් ඉන්න කොල්ල දැකපු අම්මට යස්සය ආරූඪ වෙලා කොල්ලට ගෝලු ගත්තා...

ඈ බොල තෝ හෙට මනමාලගං යන්න ඉන්න එකා නේද, බලාපිය තොගෙ දත් වහල්ලෙ හැටි,රටඉඳි මෝල වගේ. ගෑනු බලන්න යන්නෙත් ඔහොමද බොල,අනේ අම්මපල්ල අඟුරු ගෝනියක් දාල ඇතිල්ලුවත් ඔය වහල්ල නං සුදුවෙන එකක් නෑ,ඉඳා මේ සතපහ අරං ගිහිං කළු උක්ගහක් වත් විකල බලපිය යන්තං හරි අව පාටක් ගහයිද කියල...

කොල්ල අම්ම දුන්න සතපහත් අරං කඩමණ්ඩිය පැත්තට පල්ලං බැස්සා,ගිහිං වරුවකින් ඉතර ආපහු ඇවිත් පිලේ ඉඳගෙන ඉන්නව අම්ම දැක්කා දත් වහල්ලෙත් වෙනසක් නෑ තිබ්බ විදිහමයි.

කෝ බොල කළු උක් ගහ?

උඹ කිව්වට කඩමණ්ඩිය පැත්ත පළාතක කළු උක් ගස් තිබුනෙ නෑ ඕං...

එතකොට තොට මම දීපු සතපහ කොයි?

උක්ගස් තිබුනෙ නැති හින්ද මං ඒ සතපහෙත් බුලත් විටක් හප හපා ආවනෙ එහෙනං...

මේ තව කළු උක්ගස් කතාවක්,මුස්ලිම් ජාතිකයො ලංකාවෙ වෙළඳාම පටන් ගත්තෙ අද ඊයෙ නොවෙයි ,පෘතුගීසින් ලංකාවට එන්නටත් පෙර ඔවුන් ලංකාවෙ වෙළඳාම් කටයුතුවල යෙදී තිබුණා.ඉතිහාසෙන් ගත්තොත් එහෙම මෙන්න මේ විදියට දැකගන්න පුළුවනි.

 "මුස්ලිම්වරු වාණිජ්‍යයෙහි අති දක්ෂ වුහ.ඔවුහු කුරුඳු,කුළු බඩු,පොල්,පොල්තෙල්,කළුවර, බුරුත, ඇතුන් ආදී ලාංකික ක්‍රයවස්තු විශේෂයනට උසස් මිල ගෙවූහ."
"සිංහලයෝ බොහෝ කලෙක සිට මුස්ලිම් වරුන් හා දැහැමෙන් ගනු දෙනු කළ පළපුරුදු කම් ඇති හෙයින් පරංගි සැහැසිකම් නොඉවසන්නෝ,නොයෙක්විට මුස්ලිම්වරුන්හටම බඩු සැපයීම කළහ."
(30 පිටුව,විජයබා කොල්ලය,ඩබ්ල්යු.ඒ.සිල්වා,2013,විසිපස්වෙනි මුද්‍රණය )
"අස්වැන්න කාලයට මේ ගම්වලට වරින් වර එන මරක්කල වෙළෙන්දෝ වගයක් වෙති.නොයෙක් වර්ගවල බඩුවලින් පිරුණු  ගෝනි දෙපැත්තේ එල්ලූ තවලම් ගොනුන්ගේ ගොන්බරු හෙවත් ගොන්මිණි හඬවමින් දෙදෙනා බැගින් එන මේ මරක්කල වෙළෙන්දෝ මේ ගම්මුන්ට වුවමනා හැම දෙයක්ම පාහේ ගෙන එති.පිහියා,පොරෝ,පිත්තල භාජන,පීරිසි කෝප්ප,වෙඩි බෙහෙත් ,කැප්*,පුවක්,දුම්කොළ,ලුණු,රෙදි පිළි,පබළු වර්ග වළලු මෙයින් සමහරකි.ඔවුහු මේවා ගම්මුන්ගේ මිරිස්,ඉරිඟු,කුරක්කන්,වියලි දඩමස්,ආදියට හා තහනම් ද්‍රව්‍යයක් වූ ගංජා වලටද හුවමාරු කර ගනිති."
(වන සරණ,ආර් ඇල් ස්පිටල් දෙවන මුද්‍රණය 1995,43,44 පිටු)
( *මෙහිදී කැප් යනුවෙන් සඳහන් වන්නේ කැප් තොප්පි නොව බේත් කොටන තුවක්කුවක වෙඩිල්ල කොටා එය පත්තුකිරීමට අත්‍යාවශ්‍යම දෙයක් වන කැප් එකය.වනාන්තරබද ගම්වල ගැමියන් සහ වැද්දන් මෙය ගිනිමල් යනුවෙන්ද හැඳින්වූහ.)

 "රබර් ජය කාලයේ නම් නිකිණියානට නිතර යන එන අමුත්තන්ගෙන් කිසි හිඟයක් නොවීය.එකල මෙහි අමුත්තෙකු දැක්මෙන් කිසිවෙකුට අමුත්තක්ද නොවීය.දැන් දැන් නම් මෙහි අමුත්තෙකු පැමිණෙන්නේ ඉතාම කලාතුරකිනි.ගොලෑ පුවක් ගන්නට එන තලතුනා මරක්කල මිනිහාත්,එළුවන් හා ගවයන් මසට ගෙනයන තරුණ මස්කඩ කාරයාත්,දුම්කොළ වෙළඳා හා රෙදි පොට්ටනි කාරයාත්,පිට මිනිසුන් වුවද මෙහි නිතර යන එන්නන් බැවින් අමුත්තන්සේ නොගැනෙති."
(කැලෑහඳ,ඩබ්ල්යු ඒ සිල්වා හත්වෙනි මුද්‍රණය1993,98,99 පිටු)

ඉතිං මේ විදියට කියවෙන්නෙ අනාදිමත් කාලයක හිටං මුස්ලිම් වෙළෙන්දන් හා සිංහල ගම්වැසියන් අතර තිබු අන්‍යොන්‍ය සහජීවනයයි.මේ උදවිය ඉතා පැහැදිලිවම තමන්ගෙ ජාතියෙන් පිට ගමෙන් පිට අය උනාට ගම්වල අය ඒ වෙළෙන්දන් පිට මිනිසුන් සේ සැලකුවෙ නැහැ. ඒ කාලෙ ගම්මු ගමෙන් පිටට යෑමක් තිබුනෙම නැති තරං නිසා තමන්ගෙ රෙදි පිළි ආදී වෙනත් අවශ්‍යතා පිරිමහගන්නෙත්  එකතු කරන බව බෝග ආදිය විකුණන්නෙ හුවමාරු කරගන්නෙත් මාස කීපෙකට වතාවක් ගමට එන මුස්ලිම් වෙළෙන්දන් එක්ක  ගනු දෙනු කිරීමෙනුයි.දිගින් දිගටම ගමට ඇවිදින් හිතවත් වුන මේ වෙළෙන්දන් එක්ක ගම්වැසියන් ණය ගණුදෙනු පවා කරන්නට තරම් සමීප වෙනවා.

ඔය විදියට කාලයක් තිස්සෙ ගමේ අයත් එක්ක බොහොම හොඳින් ගණුදෙනු කරපු එක මුස්ලිම් වෙළෙන්දෙක් හිටිය ගම්මුත් ඔහුට බොහොම හිතවත්,ඔන්න දවසක්දා දවාලෙ මේ වෙළෙන්දා තමන්ගෙ බඩු පොට්ටනියත් ඉහ තියාන වෙලේ මහනියර දිගේ ගමට එන්න එනවා.එක ලියැද්දක නියර කොට කොටා හිටපු ගොවියෙක් දැක්ක වෙළෙන්දා මොහොතකට නැවතුනා.

හා තම්බි කාලෙකට පස්සෙ නොවැ කොහොමද වාස දේස...

එහෙනං, අපි ගමේ ගිහිං එන්න තමයි ගියා අප්පුආමි,හප්පා අව් රස්නෙ හරි ෂරයිනේ දිව ගිලෙන්න එනවා තිබාසේ...

දැන් ටික දොහක ඉඳන් පෑවිල්ලක් අල්ලල දවල්ට අව් කාස්ටකේ,කොහෙද වතුර කොතලෙත් ඉවරයිනෙ ඔහොම්මම අපේ ගෙවල් පැත්තට ගොඩවුනා නං පිපාසෙ යන්න උක් ගහක්වත් කපාගෙන කන්න බැරුවය, මං කිව්වයි කියමුකෝ...

කියාපු විදියටම තම්බිත් වෙල්යාය කෙළවරේ තිබ්බ ගොවි ගෙදර මිදුලට ගොඩවෙලා කතාකරපුවම ගේ ඇතුලෙ හිටපු ගොවි බිරිඳ එලියට ආවා.

හානේ මේ තම්බිනෙ මං කවුද කියල බැලුව ඒත්,මදැයි දැකපු කල් කොහෙද අප්පේ ගිහිං හිටියෙ...

කට හද හදා කතාකරන ගොවි බිරිඳගේ රූ සිරියාවත් නට නටා ඉස්මතුවෙන නාරි ලාලිත්‍යයත් දිහැ ගල්බීත වෙලා බලාගෙන හිටපු තම්බිට ඇය ගැන පුදුමාකාර කෑදරකමක් ඇතිවුණා.කියන්න ආපුදේත් අමතකවෙලා කටත් ඇරගෙන බලාගෙන ඉන්න ගත්තා ගොවි බිරිඳ තාම කියවනවා.

මේ මොකැයි මේ බයවෙලා වගේ මගෙ දිහැ බලං ඉන්නෙ ගෙට  ඇවිත් ඈඳි ගන්නෙ නැතුවැයි...

ගොවි බිරිඳ දිහාවෙම බලං හිටපු තම්බිට මෙන්න මේ වෙලාවෙ පුදුමාකාර නුවණක් පහළ වුනා,නුවණක් කිව්වට තරමක කපටි හිතක්,හරිගියොත් එහෙමයි නැත්නං එහෙමයි කියල හිතපු තම්බි දෙසැරයක් හිතන්නෙ නැතුව තමන්ගෙ හිතේ තිබ්බ දේ යෝජනාවක් හැටියට කීවාම මේ සැරේ ගල් ගැහුනෙ ගොවි බිරිඳයි.

මොකක් මොකක් තම්බි හැබෑටම එයා එහෙම කිව්වද?

එහෙනං ආය මොනවද ඔනෑනං අහල බලන එකනෙ...

තම්බි එහෙම කිව්වම ගොවි බිරිඳ වත්තෙ කෙලවරට ගිහිං වෙලේ වැඩකරන ගොවියට කතාකලා...

මේ....ඇත්තදෝ...

මේක අහපු ගොවියත් හිතුවෙ තම්බිට කළු උක් ගහක් දෙන එක ගැනයි අහන්නෙ කියල.

අනේ  දීපාං...

ගොවිය එහෙම කිව්වම හිතේ තිබ්බ සැක සංකා පහවෙලා ගියපු ගොවි බිරිඳ අඟර දඟර ගමනින් ගේ ඇතුළට යද්දි තම්බිත් හිමිහිට ඒ පස්සෙන් ඇදුනා.ගේ ඇතුලෙ තිබුණු කබල් ඇඳේ හැතපුනු මේ දෙපොළගේ ප්‍රේමාලිංගනය තරමක් වෙලා යනතුරු දිගින් දිගට ඇදිලා ගියත් කොයි මොහොතක හෝ වෙලේ වැඩ ඉවරවෙලා ගොවියා ගෙදර ඒවි කියන බය මුල ඉඳන්ම දෙගිඩියාවෙන් හිටපු තම්බිගෙ හිතේ තිබුන නිසා ඇඳ මත කටයුත්ත ඔහු ඉක්මන් කළා.

මහ හදිසියකින් දාඩිය පොල්ල දාගෙන හැති හලාගෙන දඟලන තම්බිගෙ ඇඟේ වෙලිල හිටපු ගොවි බිරිඳට තරමක දුකකුත් හිතුණා.

අප්පොච්චියෝ මොකද්ද මේ හදිස්සිය ඇඳ කැඩෙයි තම්බි...

ගොවි බිරිඳ හුරතලේට කිව්වෙ  කටත් ඇරගෙන හැති හලමින් දඟලන තම්බිගෙ එළු රැවුලෙන් අදින ගමන්.

අඳ කඩිච්චදෙන් පොලු හලිච්ච්චදෙන් මා මරිච්චදෙන්...

හති දමමින් කියපු තම්බි හනි හනිකට රාජකාරිය අහවර කරල පුසුඹ සබන් කැටයකුත් ගොවි බිරිඳට දීල ඉක්මන් කරල ගෙදරින් පැනගත්තේ වෙලේ වැඩ ඉවරකරල ගොවියා ආවොත් එහෙම ඔලුව පලාගන්න වෙන්නෙ කියල හිතමිනුයි.

127 comments:

  1. බලාගෙන ගියාම කළු උක් වලින් දත් සුදු කරගන්නවට වැඩිය වැඩත් වෙලා තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. දත් නෙවෙයි සුදු වෙලා තියෙන්නෙ වෙන දෙයක්නෙ නේද ප්‍රසන්න.

      Delete
    2. ඔය උක්ගස් කතාවෙ මම අහපු වර්ෂන් එක මේකයි.

      83දි පොරක් දෙමළ ගේක්ට පැනලු ජාති ආලෙ පෙන්නන්න. එතකොට ගෙදර ඉඳල තීන්නෙ ලස්සන දෙමළ කෙල්ලෙක්. මූ කඩුව පෙන්නල කිව්වලු

      "අඩෝ උඹව මරණව යකෝ" කියල.

      එහෙම කියල කෙල්ලව භය කරල ඇඳේ දාගෙන "හිටප්ය බඩ පලල මරන්න" කියල අර කෙලීගෙ ඇඟ උඩ නැටුම පටන් ගත්තලු. අනේ කෙලීගෙ ඇඳ ජිරි බිරි ගාල සද්දෙලු.

      මූ කෑ ගැහුවලු "අද ඇඳත් කඩල තෝවත් මරනව යකෝ" කියල වෙන කවුරු හරි උගෙ සෙට් එකේ උන් ඉන්නවනං උන්ට ඇහෙන්න වගේ.

      ටික වෙලාක් ගියාම අර කෙල්ල කියනවලු

      "එඳ කෙඩිච්චිදෙන්, බඩ පෙලිච්චිදෙන්, මරන්ට අය්යා..මරන්ට..මරාගෙන මරාගෙන යන්ට අය්යාහ්..." කියල.

      මූ වැඩේ ඉවරවෙලා නැගිට්ටම මේකි ආයි කියනවලු

      "අය්ය හෙටත් එන්ට අය්ය මරන්ට...." කියල.

      Delete
    3. ඉන්දික,
      ඒකත් සුපිරි කතාව බං.මරන්ට අයියා මරාගෙන මරාගෙන යන්ට කිව්වලු නේද.

      Delete
  2. යකෝ තම්බි ට ගිය කල..
    පලං ගියාම අය්යා යේක කොයි තම්බිත් ලට්ටයි වගේ නේද...

    ReplyDelete
    Replies
    1. දත් නැතිදා "උක් දඬු" ගිනි තපින්නද........

      Delete
    2. ඒකනේ මම කිව්වෙ ඌට ඇදුනු සුවිප් එක කියල.

      Delete
  3. මදැයි උදේ පාන්දරම සතිය පටන් ගන්නෙයි කියලා හැලපේගේ පිටුව කියෙව්වා...ආපහු ගෙදර දුවන්න හිතෙන කථානේ කියන්නේ...
    මචෝ උඹලගේ කන්තොරුවේ පොඩි කලබලයක්ලු නේ..?
    ඔන්න ඔය උඩ ඉන්න බොනඇනෝව වත් ගෙන්න ගනින් වැඩ බලන්න...

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං ගෙදර දුවල ආපහු ආවද?
      කන්තොරුවෙ අපට නං කිසි කලබලයක් නෑ මචං.වැඩ ටික කරගෙන ෂේප් එකේ බ්ලොගකුත් ලියාගෙන ඉන්නවා.බොන ඇනෝ ගෙන්න ගත්ත නං දැනට වඩා හොඳට වැඩ සිද්දවේවි.

      Delete
    2. ගෙදර දුවලා බලනකොට මම කන්තොරුවෙමයිනේ......මොකෝ කරුමෙට ගෙදරයි කන්තෝරුවයි දෙකම එකක්....අපිට කොහෙද බොලාට වගෙ සැප....කලබලයක් ගැන මෙහේ පත්තර වලනම් ලියලා තිබුනා....ගානක් නැත්නම් නියමයි මචෝ...

      Delete
  4. පොටෝ කට්ට හරි නෑ ඇනෝ..
    උඹ හොරෙන්ද ඔය පොටො එක ගැහුවේ බොලාගේ බොසාට අහුවෙනවාට...?
    ගොලීප් බොන එක අඩුකරලා ඒ සල්ලි වලින් ගනින් මචෝ හොඳ කැබරාවක් තියෙන ෆෝන් එකක්....

    ReplyDelete
  5. "අපේ මුතලාලි අරක් මශි කනවා, එලු මශි කනවා.. ඒත් ඇඟට පන නේ.... අප්පුහාමි අයියා මශි කන්නෙ නේ... කොශි තමා කනවා... ඒත් ගල් ඉන්න වගෙ පන තියෙනවා....."

    ReplyDelete
    Replies
    1. ශිහ්,රූප මැවෙනවා යකෝ.කොස්වල බලේ නේද?

      Delete
  6. කෝ යකෝ දුක් විඳල ගහ්පු කමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. ස්පෑම් බැලුව එහෙ නෑ.තරහ නැතුව ආයේ කොටල දාපං.

      Delete
    2. කළු නික කිව්වම මතක් වුනේ ඔය සූරිය සිරස පටන ගත්තු මුල් දවසවල සිරසෙ කිංස්ලිටත් කළුනික හොයන්න වුවමනාවුනා. ඉතින් උදේ පාන්දරම කළු නික කොහොමද හොයාගන්නෙ කොහොමද කියලා ලංකාවාසී ප්‍රබුද්ධ ජනතාවගෙන ඇහුවා. ඔන්න කෝල් එනවා හෝ ගාලා. එකෙක් ගත්තා

      හෙලෝ

      ඔව් සූරියසිරසෙන් ඔබව සාදරයෙන් පිලිගන්නවා. ඔයා කොහෙන්ද් කතාකරන්නෙ

      අය්යෙ මම ගම්පොලින් මොහොමඩ්

      ඔව් මොහොමඩ් ඔබ කොහොමද කළුනික හොයාගන්නෙ?

      අයියෙ තමාලි අක්කත් ඉන්නවද?

      ඔව් මල්ලි මම ඉන්නවා

      ඔව් අයියෙ ඔය තමාලි අක්කගෙ ගවුම උස්සලා බලන්න කළු නික තමා ඇත්තෙ


      හප්පේ සංසාරෙ දවල 12 වෙනකම් නන්ස්ටොප් මියුසික්. මේකාගෙ හිතේ කිංස්ලිට අවශ්යවෙලා තියෙන්නෙ කළු නික(ර්) කියලා

      Delete
    3. යකෝ බොරු ලියන්න එපා සූරිය සිරස තිබ්බේ උදේ 8 ඉඳන් 10.00 වෙනක්න විතරයි.ඒකට හිටියේ කිංස්ලි එක්ක සුරංගී ද අල්විස් (ප්‍රේම කීර්තී ද අල්විස්. දවල් 12 වෙකන් තිබ්බේ ගීතයෙන් ගීතය අසන්නන්ගේ ඉල්ලීම්.

      Delete
    4. 12ද කියලනම් මතක නෑ හැබැයි ආපහු දෙන්නා කළුනික හෙව්වෙ නෑ සුද්දො.

      අනික උඹ ප්‍රෙෂර් හදාගන්න එපා. හිනාවෙලා හිටපං ජෝක් එකට. ගොන් ජෝක් එකක්නම් ඒත් හිනාවෙයන් මූ කන කට්ටක් කියලා

      Delete
    5. මාත් අහලා තිබුනා මොකක් හෝ ගුවන් විදුලි වැඩ සටහනක ඔහොම සීන් එකක් උනා කියලා. ඇත්තද බොරුද නම් ගම් නම් කිසිත් නොදනී.

      මොක උනත් කළු නික මොකෝ,, කළු නික(ර්) මොකෝ,, නේද බොලන්ලා. ;D

      Delete
    6. මේක වුනේ තමාලි පීරිස්ට තමයි. කුසුම් පීරිස්ගේ දුව.

      Delete
    7. මං ආසම එක කළු නිකර්...

      Delete
    8. මේ කතාව සිද්දවුනේ අනුව දශකයෙ මුල බාගෙ බව මතකයි.වැඩ සටහන කලේ කිංස්ලිත් තමාලිත් බවත් මතකයි.මම වරායේ වැඩ කරන කාලෙ.අරූ කියල තියෙන්නා වගේ තමාලි කුසුම් පීරිස්ගෙ දුව.ඇය හිතුවක්කාර විවාහයක් කරගෙන ගෙදරිනුත් සිරසෙනුත් යන්න ගියා.ඊට පස්සෙ ආගිය අතක් නෑ.

      Delete
  7. දැන් ඊළඟ කොටසින් වත් අපිට කළු නික(ර් ) ගැන කියනවයි ???

    ReplyDelete
    Replies
    1. කාම පැයේ කළු නික(‍ර්) ගැන කියවන්න හොද නෑ බං, වස් වඳිනවා. :D

      Delete
    2. අනේ මැලයෝ අපට ඉතිං ඔව්ව ගැන එච්චර අත්දැකීම් නෑනෙ බං,මම නැතුවට ඔය අත්දැකීම් බහුල අය ඇවිත් සියලුම විස්තර දෙන්නෙ.

      Delete
  8. Helape

    Be careful! Mr.ABASARANA will tolerate you highlighting muslim brothers

    ReplyDelete
    Replies
    1. එහෙම උනත් මොනා කරන්නද ඇනෝ.මම හරියි කියල හිතන දේ කියන එක නවත්තන්නැයි.

      Delete
  9. ඇද කැඞිච්චදෙන් පොලු හැලච්චදෙන් මා මැරිච්චදෙන්...ලියන්ඞ අයියා.. ලියන්ඞ..

    ReplyDelete
    Replies
    1. " මාව මරාගෙන කාපං මල්ලියේ " කිව්වලු :D

      Delete
    2. '' මට මක්කටෙයි කාසි , දාඩීය මුගුරු හෙලුවේ ඔය ඇත්තමනේ , ඔය ඇත්තම තියාගන්ට ''

      අටමටත් කවුදෝ එහෙම කියලා ................

      Delete
    3. මැන්ඩියෝ,
      ලියමු ලියමු.බොලා ඇති කියල බනිනකල් ලියමු.

      Delete
    4. පත්තරේ,
      බොට වෙච්ච දෙයක් නේද මල්ලි.ලජ්ජා වෙන්න එපා බං ඔය වෙලාවට ඔහොම තමා.

      Delete
    5. හැබෑද ඇනෝ,ඉතිං අටම මොකද කියල තියෙන්නෙ?

      Delete
  10. බැරිද දන්නේ නෑ පොට්ටනියකුත් අරන් වෙළදාමේ යන්න.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ තියෙන පොට්ටනියත් නැතිකරගෙන තමයි එන්න වෙන්නෙ. :D

      Delete
    2. ජීවන,
      ගිහිල්ල බලමුකෝ.හැබැයි ප්‍රසන්න කියන දේ ගැනත් හිතන්න වෙයි.

      Delete
  11. හැලපේ@ තම්බි කියන්න ඇති "මට උක් කන්න ඕන" කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති නේද?නැත්නං එකපාරටම සබ්ජෙක්ට් එකට බහින්න බෑනෙ.

      Delete
  12. කළු උක් ගස් ඒ කාලේ අපිටත් වැඩිය කන්න වෙන්නේ නෑ ඔය බෙහෙතට ගන්න හින්දා. ඒ කාලේ දෙළුම් වලටත් ඔය ලෙඩේමයි. ගෙඩි හැදෙන කාලෙටම මිනිස්සු බෙහෙත් හොයාගෙන එනවා. අපේ දෙමාපියොත් පොඩි වුනාට අපේ ආශාව පැත්තක තියලා අර මිනිසුන්ට හොඳම පලතුරු දීලා දානවා. අපිට ඉතින් තරහා.....
    අපිට නම් සීනි උක් හරි මොනවා හරි එකක් තිබුනා තව. අනේ අපේ දොළදුක් දරාගත්තේ ඒවා. ඒකත් පොළඟු එනවා කියලා පඳුර ළඟට යන්නේ නෑ. කවුරු හරි කපලා ගෙනත් දුන්නොත් කන්නේ. අපි මාර හොඳ ළමයි ඒ කාලේ.
    කළු නික තිබුනේ දොලවල් අයිනේ නේද? මට මතකයි අපේ කුඹුරේ අයිනේ දම්පාට මල් තිබුන හීනි දිගටි කොල ගස්.

    ReplyDelete
    Replies
    1. උක් වගාවන් වලට නැයි පොළොංගු එනවා තමයි,හැබැයි ගෙදර දොර වවන පඳුරට දෙකට නෙවෙයි විශාල පරිමාණයේ වගාවන් වලටයි.
      කුඹුර අයිනෙ තිබ්බ දම් පාට මල් පිපෙන හීනි දිගටි කොළ තියෙන ගස් වලට කියන්නෙ බෝවිටියා.ඔය කළුනික කියන්නෙ වචනයක් පමණයි රංගි.මා දන්න තරමින් එහෙම ගස් වර්ගයක් නෑ.

      Delete
  13. උඹ ඒ ගමන පඳුරු තලනවයි කියලා කලු උක් පඳුරත් පොඩි කරලා වැටකෙයා ගාලකුත් තලලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං,දන්නෙම නැතුව වැටකේ ගාලට සේන්දු උනා නොවැ.

      Delete
  14. උඹ ඉන්නකං හැලපෙටයි , මාතලන්ටයි ,රාජ්ටයි පෝස්ට් දාන්න ඕනේ නෑ.. අපි එන්නේ මේ උඹේ කමෙන්ට් එක බලන්න මිසක් නැතුව ඔය කබ්බෝ තුන්දෙනා ලියන වැල් වටාරම් බලන්න නෙවෙයි ..ඕ යේස් ..බොරු නම් පත්තර මල්ලිගෙන් අහපං

    ReplyDelete
  15. හැලපයියෝ ඔන්න මම නම් වීඩියෝ කමෙන්ට් එකක් තමා දාන්නේ , තම්බිගේ කතාව කියෙව්වම මට මතක් වුනේ මෙන්න මේ සීන් එක ..බලලා කියන්නකෝ කොහොමද කියලා

    ණයට ගත්ත යූරෝ 200

    ReplyDelete
    Replies
    1. අයිය්යත් මාර වීඩියෝ නේ දාන්නේ

      Delete
    2. මල්ලි බැලුවේ ඇයි මල්ලි නරක් වෙයි ඔයා :P

      Delete
    3. ඉවාන් මල්ලි,වීඩියෝ ඒක නං එළ.මං ඇහැ නොපියා බලං හිටියෙ ඉස්සරහ පැත්තෙන් ගත්ත කට් එකකට යාවි කියල කොහෙද?ඒක නෙවෙයි වෙන ඈන්ගල් එකකින් ගත්ත වර්ෂන් එකක් තියේද කියල හොයල බලන්න බැරිද තරහ නැතුව.

      Delete
    4. මචං හැලප...... උඹ මට කියනව කුණු හබ්බ ලියන්න එපා කියල.....
      පේනව නේද.... අපේ වේෂ කොල්ලො බලන දේවල්....

      Delete
  16. අර බුලත්විට කතාවත් මරු. තම්බිලාගෙ හැටි නං ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය බුලත්විට කතාව අපේ අම්ම මට කියල දුන්න එකක්නෙ රාජ්.

      Delete
  17. ගමරාල මාතීයා කීවා ආමිනේගෙන් උක්කාන්න ඉල්ල ගන්න කීලා... ඉතිං යපිලා උක්කාන්න තමා ආවා..ආමිනේ අප්පිලට උක්කාන්න දෙන්නවෑ...

    ReplyDelete
    Replies
    1. හුටා .. මං කම්පනා කරා තමිබ්යා මක්කැයි දෙඩුවේ කියා..

      Delete
    2. ඔය තියෙන්නේ මාරයා ලැජ්ජා බයක් නැතුව දිගඇරලා..............

      විදානේ බබානේ................???

      Delete
    3. අහගෙන හිටිය වගේ රසට ඇතිවෙච්ච දෙබස ලියල තියෙන්නෙ ඒ වෙලාවෙ මාරෙත් ඒ ගෙදර හිටියද?

      Delete
    4. මාරෙ හිටියෙ ගෙයි පිටි පස්සෙන් ගොඩවෙලා.......

      Delete
  18. කළු උක් බෙහෙත් වලට ගන්නවා තමයි දත් සුදු වෙනවා කියලා ඇහුවෙ අද ..ඇදිලා තියෙන්නෙ මාර සුවිප් එකක් තමයි ... ඔහොම බඩු විකුණපු අයටද මණි බඩු කාරයෝ කිව්වෙ (එහෙම වචනයක් නැත්ද මන්දා මතකේ තියෙනවා එහෙම වචනයක් )

    ReplyDelete
    Replies
    1. තොරොම්බල් කාරයො කියලත් කියනව නේද බං …

      Delete
    2. මණිබඩු කාරයො හිටිය තමා.හැබැයි මේ ගොල්ල මනිබඩු කාරයො කියල හඳුන්වන අය නොවෙයි.

      Delete
  19. ඕනයත් ඔය කතාව නොකිය හිටිය හුඟ කාලයක් තිස්සේ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද දන්නෙ නෑ නේද උකුස්සෝ.

      Delete
  20. ඕ යේස් සහතික ඇත්‍ත..… අපි පෝස්ට් එක බලන්න කලිං මචෝ බලන්නෙ ඉස්සෙලම උඹේ කොමන්ට් එක තියනවද කියලා, පෝස්ට් එක කියවන්නෙ ඊට පස්සේ.…

    ReplyDelete
  21. අර තම්බිගෙ බඩු පොට්ටෙනියේ බැලුම් බෝල තියෙන්ට නැතුවා හැලපයියෙ … ??? :D

    ReplyDelete
    Replies
    1. !! ගංතුලානට අරුමෝසං බඩු ඇන්න එන තම්බී නානාගේ බඩු පොට්ටනියේ තිබ්බ චීන බැලුමක් කියාලා දං කඩන්ට රීංගන හිං එකෙක් පැලට ඇන්න යයිද දන්නැ !!

      Delete
    2. පත්තරේ, බැලුම් කිව්වෙ බං? තේරුණ්නෑනෙ. ;)

      Delete
    3. හා තේරුන් නැද්ද …උඹ බබා :D

      Delete
    4. බය වෙන්ට දෙයක් නෑ අයියා උර දාලනේ කෙටුවේ...

      Delete
    5. නැහැල්ලු බං.සරමෙ පිහ පිහා දිව්ව කියල තමා දැකපු උන් කියන්නෙ.

      Delete
    6. ඒකාලේ බැලුම් දාන්ඞ නැතුව ඇති බං.

      Delete
  22. හැහ් හැහ්.. හිච්චි කාලේ කියපු කයියක් ඕං ඈ..

    තම්ලිගෙ තට්ටේ දිලිසෙනවා
    ටොක්කක් ඇන්නොත් හිල් වෙනවා
    තම්බිට ඉන්නෙ එකම දුවයි
    ඒ දුව බැන්ඳොත් සල්ලි ගොඩයි.

    ReplyDelete
    Replies
    1. තම්බිගෙ ගෙදරට හොරු පැනලා
      තම්බිගෙ ගෑනිට ....කපලා
      එහෙමත් තියෙනවලු.

      Delete
  23. /බලාපිය තොගෙ දත් වහල්ලෙ හැටි,රටඉඳි මෝල වගේ.//

    ආයේ නම් රටඉඳි කන්ටත් බෑ වගේ අප්පා...:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,ඔය රට ඉඳි මෝලේ කතාව කියල දුන්නෙ අපේ අම්මා.දැන් දවස් දෙකතුනකට ඉස්සර රට ඉඳි වගයක් කෑවා ඒවයේ ඇට නෑ.පුදුම රහක් අප්පා.

      Delete
  24. බලල්ලු දෙන්න එකට දී කිරි කෑව දැක්කමයි

    ReplyDelete
  25. පැනි බේරෙන්නම උක් පදුරක් තලල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පැණි බේරි බේරි ගියා කියල තමා කතාව තියෙන්නෙ.

      Delete
  26. බලන් ගියාම උක් කන එකත් ලේසි පාසු සෙල්ලමක් නෙවේ.

    :D :D

    ReplyDelete
    Replies
    1. නැත්තං … හරි වියදං බං :D

      Delete
    2. ආයේ අහලා.. අසනීප නොවෙන්න කන්න එපැයි..
      අර කථාවක් තියේනනේ "උක්කන්නෝ දිනන්නෝ" කියලා

      Delete
    3. උඹ කියන තරම්ම අමාරුවකුත් නෑ ප්‍රියා.ලේසියෙන් කන්න ලැබුනම එච්චර රසකුත් නෑනෙ බං.

      Delete
    4. පත්තරේ,විදානෙ.
      පිටරටම ඉන්න ඕනෑ නේද පත්තරේ?
      ඈ විදානේ අපි අහල තියෙන්නෙ නං වවන්නෝ දිනන්නෝ කියලයි.ඒක වැරදිද මංදා.

      Delete
  27. අපිත් ආව උක්කන්ට

    ReplyDelete
    Replies
    1. මෙහෙම කතාවක් මම අහල තියෙනව.මට මතක හැටියට මිහිර පත්තරෙ බු ගෙ කතාවෙ ගියා.කලුනික වලට රත්තරන් දියවෙනවලු.එක නිසා ඇටිකුකුල් කුඩුවක ඉන්න පැටියෙකුගෙ කකුල් රත්තරන් කෙන්දකින් බැන්දම ඇටිකුකුල් අම්ම කොහෙන් හරි කලුනික හොයාගෙන එනවලි අර කෙන්ද කඩන්න.එතකොට එ ටික ගන්නවලු.ඇත්තද කියලනම් දන්නෙ නැ.

      Delete
    2. ඔව්ව නිකං කතා විතරයි දමිත්.නොකෙරෙන දේවල් වලට හොඳම උදාහරණ.

      Delete
    3. එක නිසා ඇටිකුකුල් කුඩුවක ඉන්න පැටියෙකුගෙ කකුල් රත්තරන් කෙන්දකින් බැන්දම ඇටිකුකුල් අම්ම කොහෙන් හරි කලුනික හොයාගෙන එනවලි අර කෙන්ද කඩන්න.එතකොට එ ටික ගන්නවලු

      මාර කතාවක් නේ..? අම්මා කෙනෙක්ගෙ ආදරේ ගැන කියලා දෙන්න වෙන්නැති එහෙම කතාවක් ගොතලා ඇත්තේ..

      Delete
  28. උක් ගහකටම වැඩේ දිලා තියෙන්නේ ඔය හොදට..

    ReplyDelete
    Replies
    1. උක් ගහ රස ඇති නේද දිනේෂ්.

      Delete
  29. බලාගෙන ඕව ලියන්නෙ නික පල්වෙයි හැලපෙ.... හැක්
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. පල් උනත් මක්වෙනවැයි හර්ෂ,කුල් වතුර එකක ඔබාගෙන හිටියම හරියාවිනේ.

      Delete
  30. අනේ බං අද මම පොඩ්ඩක් බිසි උනා නේ. ඒත් ඉතින් උඹව දෙතනකදිම දැක්කා.. අම්මා අප්පා දැක්කා වගේ අම්මපා...

    ReplyDelete
  31. මටත් හිතේ උක් තියෙන පැත්තක වෙළඳාමක් පටන් ගන්න.. :D

    ReplyDelete
    Replies
    1. බැරි වැඩක්යැ,හැම තැනම සංචාරය කරන කෙනා වෙච්චි.හිමිහිට පටන් ගන්න ඒකයි ඇත්තෙ.

      Delete
  32. පට්ට කතාව හැලපේ.. මේවා අළුත් උන් දන්නෙම නෑ.. අර උපුටා ගැනීම් ටිකත් බොහෝම වටිනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්.අපි දන්න පරණ කතා අලුත් උන්ට කියාදීම අපේ වගකීම සහ යුතුකම නොවැ.

      Delete
  33. තම්බි කෑවා නම් අපි කෑවාම මොකෝ....අද දෙන්නම් කළු උක්ගස්..

    ඉස්සර වේල් පෙරහැරට හරියට කළු උක්ගස් ගේනවා. මේ කළු උක් සහ හින්දුන් අතර තියෙන සම්බන්ධය මොකක්ද බන්...

    ReplyDelete
    Replies
    1. වේල් පෙරහැර ට කළු උක්ගස් ගෙනෙන කතාව මමත් අහල තියෙනවා.සම්බන්ධය ගැන නං දන්නෙ නෑ දන්න කෙනෙක් කියාවි නේද.

      Delete
  34. උක්කන්නනං බෝම මනාපයි ගොයියෝ.. දැං ඉතිං අර වගේ ගොයියොයි ගෙවිලියොයි නෑනේ........

    බු දු ස ර ණ යි !!!!

    ReplyDelete
    Replies
    1. වෙලාව තමයි විදානයෝ.අද ජයවේවා නැද්ද.

      Delete
  35. කළුනික කළු උක් වෙලා අන්තිමට තම්බිගෙන් තමයි ඉවර වුණේ..........

    තම්බි තමයි තම්බි............

    ReplyDelete
    Replies
    1. තම්බි වැඩකාරයා,කොහොම හරි තමන්ගෙ උවමනාව පිරිමහගත්තා.

      Delete
  36. kirithee saadai thammbi kadee,thambige +++le aadare! thammbita hitiye genu hathai warenwareta thambi +++i,!!! wedi wisthara puwathpath walin saha obewelendagen. ME ekanewei thambilata apahasa karala ape Blog HADJIYAR lagen helapetath ABA SARANAI!

    ReplyDelete
  37. මේ කතාවේ දෙමළ එකක් තියනවා. ඒකෙදි ද්‍රවිඩ භාර්යාවක් තමා මේ සිද්ධියට මුහුණ දෙන්නේ. ප්‍රහර්ෂයෙන් කුල්මත්වූ ඇය සිංහල ජාතික වෙළෙන්දාට කියනවා 'ඇන්ද කැඩිච්චදෙන්, මාව මැරිච්චදෙන්, නවාත්තාණ්ඩ යෙපා, අඩි අයියා අඩි' කියලා.

    අර වෙළෙන්දා ගේන බදඩු ලැයිස්තුවේ 'කැප්' කියන්නේ තොප්පි කියලා හිතන්න ඉඩ තියනවා කියවන අය. ඒ නිසා කැප් කියන එක වරහන් ඇතුලේ පැහැදිළි කළානම් හොඳයි.

    කතාවේ රසය උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සිද්ධියක ඇත්තම කතාවකුත් මගෙ ළඟ තියෙනවා.වෙලාවක ලියන්නං.
      කැප් කියන්නෙ තොප්පිද කියල තාම කවුරුත් ඇහුවෙ නං නෑ.නමුත් මෙහෙම දෙයක් උනා.කතාව දාන්න ඉස්සෙල්ල කියවපු බිරිඳ ඔය ගැන මගෙන් ඇහුවා,මම කියල දුන්නම ඔබ කිව්ව වගේම පැහැදිලි කිරීමක් කරන්නයි කියල ඇයත් කියාසිටියා.
      වෙඩිවලට යොදන කැප් ගැන අද දන්නෙ කීයෙන් කීදෙනාද?

      Delete
  38. දත් නැති දා උක් දඩු ගිණි තපින්නද කිව්වලු නේ??

    අපූරුයි හැලපේ ;)

    ReplyDelete
  39. පොත් වලිනුත් උපුටලා දාන්න හැලප සෑහෙන මහන්සි වෙලා.. බොහොම වටිනා වැඩක්. ඒ වගේම හොඳ මතකයකුත් තියනවා. මම ලඟදි කියවපු සඳරුවන් ලොකුහේවාගෙ "වන මැද පුරහඳ" පොතෙත් මීට සමාන අවස්ථාවන් තියනවා.

    ReplyDelete
    Replies
    1. මම කියවල තියෙනව වන මැද ගඟ කියල ද්‍රවිඩ භාෂාවෙන් ලියවුනු කතාවක සිංහල පරිවර්තනයක්.

      Delete
  40. අම්මෝ යාලු ඇනෝ.අද පින්තුරෙකුත් එක්කම කමෙන්ට් ඒක දාල තියෙන්නෙ.හරි සතුටුයි.රෙඩ් වයින් ඒක ගානට වදින්නැති.ඇනෝ දන්නවද වයින් උඩට සැර ඒවායින් ෂොට් එකක් හලාගත්තම තියෙන ගතිය.හැබැයි පුරුදු නැත්නං කරන්න යන්න එපා කට්වෙයි.
    ලොක්ක ඇනෝට හරි ආදරෙයි වගේ නේද?

    ReplyDelete
  41. ඉවාන්,පත්තරේ.
    ඇත්තමයි බං.අපි මහන්සිවෙලා කරුණු හොයල දාන පෝස්ට් එකකට වඩා මේ කුල් ඇනෝ දාන සැහැල්ලු කමෙන්ට් එක හරි රසවත් කියල මටත් ගොඩක් වෙලාවල හිතිල තියෙනවා.

    ReplyDelete
  42. චෙපාකි,
    ඇනෝ හොඳ කැමරා පෝන් එකක් අපට ලස්සන පොටෝ බලන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  43. අඩේ හැලපයියා දාන්නෙත් මරු කතාන්දර තමයි ඈ..:)
    ඔය කළු උක් අර අනික් උක් වල රසමද හැලපයියා....?

    ReplyDelete
    Replies
    1. එකම රහ බං … පාට විතරයි වෙනස්. ඕ යේස්

      Delete
    2. එකත් එහෙමයි,මේ එක නෙමේ පත්තරේ උඹ අ'පුරේ කොහේද බං හිටියේ.?

      Delete
    3. අනුරාධපුර jail එකේනේ ඕකා හිටියේ.

      Delete
    4. ඈ මු හිරෙන් පැන්න එකෙක්ද...?
      වෙන්න බැහැ අරූයියා..:D

      Delete
    5. මේ කමෙන්ට් එක තාම දකින්නේ නැතුව ඇති....

      Delete
    6. මචෝ මං කඩ පණහ ඒරියල් එකේ ගැවසුනේ මනෝජො..මට මතකයි උඹ දවසක් කීව අම්ම එහෙ කියල. මං හරි නේ ??? ඇයි අපේ අටමා ??

      ඌත් එහෙමයි.
      තොපි දන් නෑනෙ අටම ඇත්තටම හිරේ තමා. මොකෝ උංගෙ තාත්ත ප්‍රිසන් එකේ වෑ කරල තියෙන්නෙ. හැක්

      Delete
    7. බලපුවම බොලා ඔක්කොම ලෝක ආනාදියෝ නොවැ.

      Delete
  44. බොහොම රසවත් ලිපියක් හැලපයියා. ඔය කියපු උක් වර්ගය අපේ ඉසව්වෙ නම් ඉස්සර බොහොම සුලභව තිබුනා. ළිදේ වතුර බැස යන මාර්ගය අයිනට වෙන්න හිටවලා...අද කාලෙ තම්බිලාට වතුර පිපාසෙ යන්න ගෙදරින් උක් ගහක් කපාගෙන යන්න ගොවියො කියාවිද කියලා කල්පනා කර කර මම හිටියෙ. බැලින්නම් තම්බි ළිද ඉහගෙනම කාලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නං අපේ පළාතෙත් ඔය උක් ගස් හැම ගෙදරකම වගේ වවල තිබුණා.නමුත් දැන් දකින්නවත් නෑ.

      Delete
  45. ශික් අම්මපා ඔක්කොම නවත්තලා වෙලදාම් පටන් ගත්තනම් හරි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වෙන දේවල් වගේ නොවෙයි හිතු පැතු සැප ගෙනදෙන වෙළඳාම.

      Delete
  46. උපුටා ගැනීම් එක්ක දාපු මේ පෝස්ට් එක උපරිම රස වින්ද මචං .....

    ReplyDelete
  47. තම්බිලා තමයි තම්බිලා... හෙහ් හෙහ් මරු කතාවක්. පොඩි රිස්ක් එකක් ගන්න කැමති නම් සැප කනේ කිව්වලු..

    ReplyDelete
    Replies
    1. සැප කනේ කියන්නෙ පොඩ්ඩ වැරදුනා නං බලාගන්න තිබ්බා.වෙලාවට ඌ කරපුදේ හරිගියා.

      Delete

ඔබේ අදහස්