අදට දවස් විසිපහක් වෙනව බ්ලොගේ පාළුවට යන්න ඇරලා,අපි පහුගිය හයවෙනිදා ලංකාවට පිටත් වුනු ගමන එන්න වුනේ ඊයෙ රෑයි,අද උදේ වැඩට ගියා.ලංකාවේදී බ්ලොග ලියන්න බැරිවුනාට අනික් බ්ලොග් ඔක්කොම කියෙව්වා, නමුත් කමෙන්ට් එකක්වත් කොටාගන්න විදියක් නැතිවුනේ සිංහල තිබුනෙ නැති නිසායි.
ඉතිං විශේෂයෙන්ම මේ ලිපිය හදිසියෙන් ලියන්නෙ බ්ලොග් අවකාශයේ සොයුරු සොයුරියන්ට ස්තූති කරන්නටයි.මෙය කොයි ආකාරයට කරන්නදැයි මා බොහෝ වෙලා කල්පනා කළත් නිශ්චිත අදහසක් හිතට නොආ නිසාවෙන් පුරුදු ආකාරයටම ඔහේ ලියාගෙන යන්නට තීරණය කළා.
මගේ ආදරණීය මව අසනීපව ලෙඩ ඇඳට වැටුණු මොහොතේ මා ඒ ගැන පෝස්ටුවක් ලිව්වා.අම්මගෙ රෝගී තත්වය පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන්ගේ නිගමනය වුනේ ප්‍රතිකාර කිරීමෙන් ඇයට පීඩා නොකොට නිසංසලේ අවසාන ගමන යන්නට ඉඩදීම වඩාත් සුදුසුයි යන්නයි.ඒ අනුව සේලයින් අධාරයෙන් දින දෙක තුනක් ජීවත්වූ ඈ පස්වෙනිදා රාත්‍රියේ නිහඬවම අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන අවස්ථාවේ මා හැරෙන්නට අනෙක් දරුවන් සියලුදෙනාම ඇය වටේ සිටි අතර මා නියෝජනය කරන්නට මෙන් අපේ පුතා එවේලේ කිරිඅම්මාගේ අතින් අල්ලගෙන සිටියා.
ඉතිං මවගේ අභාවය ආරංචි වූ මොහොතේ පටන් බ්ලොග් අවකාශයේ සොයුරු සොයුරියන් සියලු දෙනාම පාහේ මාවෙත තම ශෝකය ප්‍රකාශ කළා,එමෙන්ම මා හිතවත් මිතුරු කෙන්ජි විශේෂ පෝස්ටුවක් ලියමින් මවගේ වියෝව සියල්ලන් වෙත දැනුම් දුන්නා.
විවිධාකාරයෙන් ශෝකය ප්‍රකාශ කලාවූ සියළුම සොයුරු සොයුරියන්ටත්,සදාදර සොයුරු කෙන්ජිටත්,මා වෙනුවෙන් ඔබ සමග සම්බන්ධීකරණ කටයුතු වල නියැලුණු සොයුරිය සඳාටත්,පුද්ගලිකව මගේ
නිවසට පැමිණ අවසන් ගෞරව දැක්වූ මාතලන්,නලීන් දිල්රුක්ෂ,අටම්පහුර,දමිත් ගුණවර්ධන,ඉවාන් පවුලූශා,රසික නානායක්කාර(රනා),රජ වීදියේ උමේෂ්,කළු ජෙමා යන සොහොයුරන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරන අතර පුද්ගලිකව ස්තූති කිරීමට හැකියාවක් නොමැතිවීම ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරමි.
නිවසට පැමිණ අවසන් ගෞරව දැක්වූ මාතලන්,නලීන් දිල්රුක්ෂ,අටම්පහුර,දමිත් ගුණවර්ධන,ඉවාන් පවුලූශා,රසික නානායක්කාර(රනා),රජ වීදියේ උමේෂ්,කළු ජෙමා යන සොහොයුරන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරන අතර පුද්ගලිකව ස්තූති කිරීමට හැකියාවක් නොමැතිවීම ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරමි.
මෙම දුක්මුසු අවස්ථාවේ ඔබ සියලු දෙනා මා සමග ශෝකය බෙදා ගැනීම මට මහත් වූ ධෛර්යක් වූ බවද මෙහිදී නොකියාම බැරිය.
ආදර මෑණියන්ට නිවන්සුව අත්වේවා. . . ඔබ ඒ අවශ්‍යම කාලය තුඅ ඇය සමග සිටීමම ලොකු දෙයක්.රටින් පිට සිටින බොහෝ දෙනෙකුට නොලැබෙන දෙයක් හැලපේ.
ReplyDeleteස්තූතියි මගියෝ
Deleteඇයට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.
ReplyDeleteස්තූතියි තිසර
Deleteඑතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.!!
ReplyDeleteස්තූතියි ප්‍රියා
Deleteඔබගේ මව් තුමියට නිවන් සුව අත්වේවායි පතමි....!
ReplyDeleteසැපතේදී මෙන්ම දුකේදීත් එකට සිටීම ලක් වැසි අප සැමගේ සිරිතක් නෙ මචන්.
අද 111 පෝස්ට් එක නේද?
සුදික කියයි වචනෙ......
ක්‍රිකට් ක්‍රීඩාවේදී කණ්ඩායමක් හෝ ක්‍රීඩකයෙක් ලකුණු 111ක් ලබා ගත්තොත් එය නෙල්සන් ලෙස සටහන් කරනවා. ඔවුන් එය අසුබ ලකුණක් ලෙස විශ්වාස කරනවා(ක්‍රිස්තු භක්තිකයන්). හේතුව වෙලා තියෙන්නේ යුද්ධයකදී සතුරු පාර්ශික හමුදාව විසින් එක් සෙබළෙකුගේ එක් අතක්, එක් කකුලක් කපා එක් ඇසක් අන්ධ කර එවීමයි. මගේ මතකය නිවැරදි නම් එම පුද්ගලයාගේ නම නෙල්සන්. ඉන්පසුව එංගලන්ත වැසියන් බොහෝ කාරණා වලට මෙය සම්බන්ධ කර ගන්නවා. පසුව විස්තර විචාරකයන් මෙය නිතර සටහන් කිරීම නිසා ක්‍රිකට් ලෝකයටම මෙය ව්‍යාප්ත වුණා.
Deleteබොහෝ දෙනා දන්නා කාරණයක්. ඒත් නොදන්නා කෙනෙකුගේ දන ගැනීමට එකතු කළා.
ස්තූතියි කෙන්ජි
Deleteසුදීක,මේ විශ්වාසය ගැන මා මෙලෙසත් අසා තිබෙනවා,වෝටර්ලූ සටනේදී නැපෝලියන් පරාජය කළ නෙල්සන් සාමිවරයා සිය අවසන් සටනේදී ආපසු පැමිණ ඇත්තේ අතක් කකුලක් සහ ඇසක් අහිමිවයි,මේ අවයව තුනෙන්ම එක බැගින් ඉතිරි වූ නිසාවෙන් 111 ලකුණට නෙල්සන් ලෙස ව්‍යවහාර කරන්නට විචාරකයින් පුරුදුවී සිටිනවා.
Deleteඇයට නිවන් සුව පතමු.. !!
ReplyDeleteඅටම් මට දෙවරක් කතා කළා - ඒ දෙවරම මට එකතු වෙන්න නොලැබීම ගැන කණගාටුයි.
ස්තූතියි සෑම්
Deleteබැක් ඉන් ට්‍රැක්..
ReplyDeleteයෙප්, ට්‍රයි ඇට් ලීස්ට්
Deleteඔබගේ අම්මාට නිවන් සුව අත්වේවා!
ReplyDeleteස්තූතියි කැන්ඩියන්
Deleteජීවිතේ හැටි අපිට වඩා හොඳට හැලප අයියා දන්න නිසා උපදෙස් දෙන්න යන්නේ නෑ .....අම්ම කෙනෙක් කියන්නේ පුතෙකුට ලෝකේ උතුම්ම සම්පත. ඔබ ඒ ගෞරවය ලබා දුන්න ඔබේ මවට . ඇය හැමදාමත් ඔබ ළඟ ඉඳියි
ReplyDeleteඉවාන් මල්ලි,ඔබේ පැමිණීමෙන් මට ගෞරව දැක්වීම අතිශය සතුටක් සහ එදින රාත්‍රියේ කාර්ය බහුලත්වය හේතුවෙන් රිසි පරිදි ඔබව ඇසුරු කරන්නට නොලැබීම හිතට දුකක්.ඔබ දැකගැනීමේ වාසනාව නැවත ලැබේයයි සිතමි.
Deleteහැලපයියා,
ReplyDeleteමම හිතන්නේ පුතෙක් විදියට හැලපයියා අම්මාට අඩම්බරයක්ව ජිවත් වුනකෙනෙක්.අම්මලා තමන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේත් ඒ දේම තමයිනේ.කොහෝම නමුත් හැලපයියේ නැවත වරක් ඔබේ ආදරණිය මෑණියන්ට නිවන් සුව පතමි.
අම්මා මාගැන බොහෝ බලාපොරොත්තු තැබුවා මනෝජ්,මා වෙනම නිවසක පදිංචි වෙද්දී ඇය මාසමග පැමිණියා ඇගේ බලාපොරොත්තු වලට මා සාධාරණයක් ඉටුකළා කියා මා සිතනවා.ඔබට ස්තූතියි.
Deleteඋපන්නොත් යම් කෙනෙක් මෙලොවෙ
ReplyDeleteමරණයක් කොටා ඇත නළලෙ ..
අම්මාට එලොව යහපත සඳහා දැන් කරන්න දේයක් කරන්න ...වෙන දැන් කරන්න දේයක් නෑ ..ඔබ ගැන ඇය අනිවාර්යෙන්ම ආඩම්බරයෙන් ඉන්න ඇති ...
ඇත්තෙන්ම සහෝදර ඇය මාගැන ආඩම්බරයෙන් සිටියා කියා මා සිතනවා,ඔබටත් ස්තූතියි.
Deleteඅම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ...
ReplyDeleteතුශානිට ස්තූතියි.
Deleteඔබේ සොව තුනී වී යේවා! මවට නිවන්සුව අත්වේවා!
ReplyDeleteස්තූතියි විචාරක තුමනි.
Deleteහොඳ මනුස්සයෙක් මුන ගැහුන එකත් සන්තෝෂයක්. ඒ අම්මා උපදින මතු අත්භවයන්හීද උඹේම මව් වේවා..!!!
ReplyDeleteනිවන් යන්න බැරිය පස්සේ...
මාතලන්,නොසිතූ මොහොතක වුවද ඔබ මුණගැසීම සතුටට කරුණක් ඒ වගේම සිත්සේ ඇසුරු කිරීමට ඉඩ නොලැබීම දුකක්.නැවත මුණ ගැසීමේ භාග්‍යය ලැබේවී යයි සිතමි.ස්තූතියි.
Deleteහැලපේට ඉදිරි කටයුතු සියල්ල කරගෙන යාමට මානසික ශක්තිය ලැබේවා...!!!!
ReplyDeleteස්තූතියි සඳා
Deleteඅම්මට නිවන් සුව අත් වේවා !!
ReplyDeleteස්තූතියි මධු.
Deleteහැලපෙ අයියගෙ අම්මට නිවන් සුව පතනව..!
ReplyDeleteස්තූතියි උමේෂ්.
Deleteනැවත වරක් ඔබේ මවට නිවන් සුව පතනවා.
ReplyDeleteපෞද්ගලිකව ස්තුති කිරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඔබේ අදහස් තේරුම් ගනී මෙය කියවන සැවොම.
ස්තූතියි ප්‍රසන්න,මා අදහස් කරන දේ සියලු දෙනාම තේරුම් ගන්නවා නම් සතුටුයි.
Deleteඔබ ගේ මවට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මමත්.
ReplyDeleteස්තූතියි දිලිනි.
Deleteඇගේ මතු සසර යහපත් වේවා!
ReplyDeleteස්තූතියි මානවී
Deleteනැවතත් පෙර පරිදි බ්ලොග් අවකාශය තුල නිතර මුනගැසෙන්න ඉක්මනින් ඉඩ ප්‍රස්ථාව උදා වේවා කියලා පතන්නම්...
ReplyDeleteඑසේම වේවා කියා මාත් පතන්නම්,ස්තූතියි සිරා මල්ලි.
Deleteඑතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.!!
ReplyDeleteමගේ බ්ලොගයට ඔබව සාදරයෙන් පිළිගන්නවා,ස්තූතියි.
Deleteමෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අයියේ..
ReplyDeleteස්තූතියි දිනේෂ්.
Deleteඋඹේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනියන්නට ධෛර්ය්‍යය හා ශක්තිය ලැබේවා.
ReplyDeleteගොඩක් ස්තූතියි මචං,උඹ මහන්සිවෙලා මගේ නම්බර් එක හොයාගෙන කතා කරපු එකත් අගය කරනවා.
Deleteඑතුමියට නිවන් සුව!
ReplyDeleteඅපි හිතුවා ඒක වෙන්නැති සද්දයක් නැත්තේ කියලා. එහෙනම් ආයෙම පටාං ගනිමු.
ස්තූතියි මචං,ආයෙම කොතනින් පටන් ගන්නවද කියලා හිතමින් ඉන්නෙ.
Deleteඅම්මා වෙනුවෙන් හැකි හැමදේම ඔයා කලානේ, ඉදිරියට පින්දහම් එකතු කරන්න ඈ වෙනුවෙන්.. ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න ශක්තිමත්ව .
ReplyDeleteසොයා බැලුවට බොහොම ස්තූතියි ඔමා,අම්ම වෙනුවෙන් දැනටමත් පින්දහම් කරමිනුයි අප ඉන්නෙ.
Deleteහැලප අයියගේ මෑණියන් ගෙ එලොව ජීවිතය පින්බර එකක්ම වෙන්න කියල පතනවා.. ඒ වගේම හැලප අයියාට ඉදිරි කටයුතු සාමන්‍ය පරිදි කරගෙන යාමට ශක්තිය, දිරිය ලැබෙන්න ඕන..!!
ReplyDeleteඔබේ කාරුණික වචනවලට බොහොමත්ම ස්තූතියි චන්දන.
Deleteමෑණියන්ට නිවන් සුව පතමි , ඔබට සිත් සුව පතමි ,
ReplyDeleteස්තූතියි මහේෂ්,ඔබ මීට කලින් පැමිණ ඇතැයි මා සිතනවා,කොහොමත් ඔබව ආදරයෙන් පිළිගන්නවා.
Deleteඅයෙමත් ලියමු
ReplyDeleteදමිත් ඉතාම දුර බැහැරක සිට මා වෙනුවෙන් ඔබ පැමිණීම මා ඉතාම අගය කරනවා සහ රිසිසේ ඇසුරු කිරීමට නොලැබීම ගැන කණගාටුව පළකරනවා.නැවතත් මුණ ගැසෙමු.
Deleteඔබේ මෑණියන්ට නිවන් සුව පතමි..
ReplyDeleteස්තූතියි සසිඳු
DeleteMy deepest Sympathies!!!!
ReplyDeleteස්තූතියි දිනේෂ්,මේ ඔබේ පළමු පැමිණීමද?ආදරයෙන් පිලිගන්නවා.
Deleteකලින් පෝස්ටුවේ කෙටුවා වගේම අදත් කොටන්නේ...ඔයා වගේ පුතෙක් ලැබිම ඒ අම්මගේ වාසනාවක්......මව්ට නිවන් සුව ලැබේවා!හිත ශක්තිමත් කරගෙන ඔබේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න ශක්තියද නොඅඩුව ලැබේවා!
ReplyDeleteස්තූතියි ශානු,ඔබේ කාරුණික වදන්ම මට ඉමහත් ශක්තියක්.
Deleteප්‍රථමයෙන් සමාව අයදිනවා මේ අවස්ථාවට සහ ඉන්පසු ඔබ මුණගැසීමට තිබූ අවස්ථා නොවැලක්විය හැකි හේතු නිසා මග හරින්න සිදු වීම ගැන.
ReplyDeleteඔබගේ මාවත උතුම් නිර්වාණ සමාපත්තිය අත් වේවා !!!
ඇත්තෙන්ම සුදීක ඔබ මුන ගැසේවි යයි ඉමහත් බලාපොරොත්තුවක් මා තුල තිබුණා,හමු නොවීම කනගාටුවක්.ස්තූතියි.
Deleteදරුවකුට කවා පොවා උස්මහත් කොට මවක් බලාපොරොත්තුවන්නේ දිනක තම දරුවා ලොවට වැඩදායි කෙනෙකු කරන්නටය.... ඒ බලාපොරොත්තුව ඔබනිසා මුදුන්පත්කරවාගෙන මෙලොව හැරගිය ඒ අම්මට මාද නිවන් සුව පතමි.....
ReplyDeleteඔබේ වදන් වලට බොහොම ස්තූතියි රාළේ.
Deleteසිද්ධිය කන වැකුනත් ඔෆිසියේ වැඩ ගොඩකට හිර වෙලා උන්න නිසා සහභාගි වෙන්න නම් බැරි උනා..
ReplyDeleteමව්ට නිවන් සුව අත් වේවා !
ස්තූතියි
Deleteස්තූතියි වෙනී
Deleteඅම්මාට නිවන් සුව අත් වේවා!!!
ReplyDeleteඔයාගේ ෆෝන් නම්බර් එක හෙව්වා. හම්බ උණේ නෑ. :(
ස්තූතියි පොඩ්ඩි,මට පොඩි මේල් එකක් දැම්මනං හරිනෙ.
Deleteඒ විදිහට සැනසීමෙන් අවසන් ගමන ගිය එක වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ. අපෙ අම්ම අවසාන වෙලාවෙ කියල තියෙනවා ඉස්පිරිතාලෙට අරන් යන්න එපා කියල ඒත් මල්ලිලා අරන් ගියා .. මං හිටියානම් තත්වෙ වෙනස් වෙයිද මන්දා. අපි කවුරුත් හදන්නෙ තව ටික කලක් පණ රඳවන්නයි.. මගෙ මවයි පියයි දෙන්නම මං විදෙස්ගතවී දෙමසක් තුල යන්න ගියා. ඔබේ මෑණියන්ගේ සසර ගමන කෙටි වේවා.. නිවන් දක්නාතෙක් දුගතියක නොඉපදේවා කියා මම පතනවා.
ReplyDeleteගොඩක් ස්තූතියි සරත්.
Deleteobe adaraneeeya maniyanta niwan suwa athwewa..
ReplyDeleteස්තූතියි තාරක මල්ලි,ඔබ බොහොම දවසකින් නොවැ
Delete