Wednesday, September 11, 2013

88.කොන්දේසි සහිත ආදරය


ආදරය කියන වචනයට නිවැරදි   නිර්වචනයක් හෝ අර්ථකතනයක් දෙන්නට තවම කිසි කෙනෙකුට හැකියාවක් ලැබිල නෑ කියල මට නිකමට හිතෙනව.

අද බොහෝවිට ආදරයක් එහෙමෙහෙ වුනාම තුවක්කුවක් උදුරගෙන වෙඩිතියල මරල දාන එක හරි හොඳට කැපෙන මන්නයක් අරං ගිහින් පෙති කපල දාන එක හරි ඉතාම සාමාන්‍ය දෙයක් වෙලානෙ තියෙන්නෙ...
මේ වෙඩි තියන,පෙති කපන අය අතරෙ ඇත්තටම ආදරයක් තිබිල තියෙනවද,එහෙම තිබුනානං මෙහෙම වෙන්න පුලුවනිද,ඔන්න ඕකයි මට තියෙන ප්‍රශ්නේ...

අනිකගේ කැමැත්තට ඉඩ දීල සතුටුවෙන එක නැත්නං අනිකගේ සතුට දැකල උපේක්ෂා සහගත වෙන එක නොවේද නියම ආදරය කියන්නෙ...හරියට දෑසනිසා එකේ නිරුදක වගේ එහෙම නැත්නං තුංමං හන්දියෙ අබිලිං වගේ...

'ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි' කියල යමුනා විනෝදිනි කියනවා, වර්තමානයට නම්  ඔය පදපෙළ ටක්කෙටම ගැලපෙනවා ...යමුනා විනෝදිනී කිව්වට ඔය පද පෙළ ලිව්වේ වෙන කෙනෙක්නෙ...

ලිව්වේ කවුද කියල හොයාගන්න මම බොහොම උත්සාහ කළා නමුත් හරිගියේ නෑ...හරි නං ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කොස් ගසකටවත් සමවිය යුතුයි.මොකද ප්‍රේමය තියෙන තැන  වෛරය තියෙන්න විදියක් නෑ...ඒ වගේම වෛරය තියේනං එතන ප්‍රේමයක් තිබිලත් නෑ.

ඔයවාගෙ ඒ දවස්වල මොහිදීන් බෙග් සූරීන් බොහොම පණ්ඩිතමානී සහ ආදර්ශමත් ගීත රාශියක් කිව්වනෙ...

'සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා '

'මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ'

ඔය සිංදු අහගෙන ඉන්න අපේ අම්මා...

ඒ මනුස්සය විතරයි වැදගැම්මකට ඇති දෙයක් කියන්නෙ...

කියල කියනව,අම්ම හිතන්නෙ ඔය සින්දු ලියන්නෙත් බෙග් මාස්ටර්මයි කියලනේ...වෙන කෙනෙක් ලියල බෙග් මාස්ටර් කියනව කියල අපි කියන්න ගියොත්...

ඒ මනුස්සයට පිස්සුද මෙච්චර අපූරු සින්දු ලියල වෙන උන්ට කියන්න දෙන්නෙ...

කියල අම්ම කියයි,ඉතිං අපට වෙන්නෙ කරුණාරත්න අබේසේකරයන්ට කියල සින්දු කියවන්න...

අසූ ගණන්වල මම හිතන්නෙ අසූඑකේ හෝ අසූදෙකේ බෙග් මාස්ටර් එයාගෙ ඔක්කොම පරණ සින්දු ටික තරංගා කැසට් දෙකකට ගායනා කලා...

විජය රාමනායක පටන් ගත්ත තරංගා රෙකෝඩ් බාර් තමා ලංකාවෙ ඒ වර්ගයෙ පළවෙනි එක...මේ රෙකෝඩ් බාර් එක විවෘත කරද්දි පත්තරෙත් පළවෙලා, සිංහල පත්තරේ දාන්න මේ නම සිංහලට පරිවර්තනය කරන්න ඕනැනෙ... පත්තරේ කෙනෙක් මේ නම පරිවර්තනය කරල තිබ්බෙ මෙහෙමයි,
 

තරංගා තැටි තැබෑරුම
 

හොඳ වෙලාවට පත්තරේ යන්න කලින් දැකල නවත්තගෙන තිබුනා...

මම ඒ දවස්වල වැඩකලේ ඉස්පිරිතාලෙ...උදේට කෝච්චියෙ ඇවිත් රාගමින් බැහැපුවම ස්ටේෂන් එක ලඟම තියෙන රෙකෝඩ් බාර් එකක මේ සින්දු වාදනය වෙනවා...සින්දු ටික අපට කනේ මීපැණි වක්කරනව වගේ රසවත්...අපි සිංදු ටික ඔක්කොම එතන ඉඳන් අහල පරක්කු වෙලා වැඩට ගිහිං ෂෝට් ලීව් දානවා.

මම මෙච්චර අටුවා ටීකා ලිව්වෙ ආදරය කියන දේ බෙදන්න කොටස් කරන්න හෝ කොන්දේසි මත පිරිනමන්න පුළුවන් දෙයක්ද කියල විග්‍රහ කරගන්නයි...

සමහර කෙල්ලෝ ඉන්නව උන්ට ආදරය ප්‍රකාශ කරපුවම කියන්නෙ...

ගෙදරින් කැමතිනං මමත් කැමතියි...

ඔයා අපේ ගෙදරට කියන්නකො...

ආදී වශයෙන්නෙ...ඒ කියන්නෙ ආදරේ කරන්න  කලින්ම ඉන්ෂුවර් කරගන්න එක...කෙල්ල හිතන හැටියට ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න කලින් ඉන්ෂුවර්  කරගන්න එක අත්‍යාවශ්‍ය දෙයක්...

මම ගිය අවුරුද්දට පස්සෙ අවුරුද්දෙ අපේ ඔෆිස් එකට ආපු සුරාජ්ට උන්ගෙ කණ්ඩායමේම හිටපු පුන්සරා ගැන පිලිබඳ සිතක් පහලවෙලා...ඒ කට්ටිය දවල්ට කන්නෙත් එකටමයි  දවල් කෑම වෙලාවට පුන්සරා හරි  වෙන කෙල්ලෙක් හරි  ඇවිත් අපේ බ්‍රාන්ච් එකේ දොර ලඟ පෙනී සිටිනවා...මොකුත් කියන්නෙවත් කතාකරන්නේවත් නෑ...ඒ කියන්නෙ සුරාජ්ට කෑමට එන්න කියන එක...

අන්න උඹව එක්ක යන්න ඇවිත් ඉන්නෙ පලයන්...

අපි කියනවා...සුරාජ් පුන්සරාට ඇති කැමැත්ත අපි එක්කත් කිව්වා...

තටම තටම ඉන්නෙ නැතිව  අහල බලපන්...

අපි කිව්වහම සුරාජ් කෙල්ලගෙන් අහලා...ඔය කොල්ලො කෙල්ලන්ගෙන් කැමැත්ත අහන්නෙත් විවිධ ක්‍රමවලටලු නොවැ  ව්‍යංගාර්ථයෙන් එහෙම,එක කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඇහුවලු...

මැරුණම අපේ පවුලේ සුසාන භූමියෙ සැතපෙන්න ඔයා කැමතිද ...

සුරාජ් නං කොහොම ඇහුවද දන්නෙ නෑ,පුන්සරාගෙන් කැමැත්ත අහපුවම...

අනේ මන්දා සුරාජ් ගෙදරින් කැමතිනං මම කැමතියි...

ඔන්න ඔහොමයි උත්තරේ ලැබිල තියෙන්නෙ...සුරාජයා ඇවිත් අපට කතාව කිව්වා...

වරෙල්ලකො බං පුන්සරාලගේ ගෙදර යන්න...

මේ සුරාජ්...ඔහොම ලත් තැනම කෙල්ලගෙ ගෙදර යන සිරිතක් නෑ බං...ඉස්සෙල්ල කෙල්ලව යාලු කරගෙන ගෙදරට හොරෙන් ලව් කරපල්ල...කොහොම හරි ඔය කතාව ගෙදර දැනගන්නවනේ...ඊට පස්සෙ බඳින්න බැරියැ...එතකොටනේ බං ඒ ලව් එකේ ජොලිය තියෙන්නෙ...

කොහොමත් ඌ එක්ක කෙල්ලන්ගෙ ගෙවල්වල යන්න වෙලාවක් මට තිබ්බේ නෑ...මම ඒ දවස්වල ඉන්දියාවෙ යන්න සූදානම් වෙමින් හිටියෙ...අපි කවුරුත් යන්න බෑ කියපුවම

උඹලට බැරිනං  මම මල්ලි එක්ක හරි යනව...

සුරාජ් කොහොමහරි ගෙවල් කැමති කරවාගෙන පුන්සරාව කසාද බැඳගත්තා...එදා ඉඳල අද වෙනකං ජෝඩුව බොහොම සතුටින් පවුල් කනව...දැන් දරුවෝ දෙන්නෙක්,මේ දවස්වල පදිංචිවෙලා ඉන්නෙත් ලඟපාත රටකයි... ලඟකදී කතාකරපුවමත් එහෙ එන්න කිව්වා...

උඹල මේ පැත්තෙ එන්නෙ නැද්ද බං...

ඩ්‍රින්ක් එකක්වත් දාන්නවිදියක් නැති රටකට ඇවිත් වැඩක් තියේය බං...මෙහෙ එනවනං වරෙන් මම ඇතිවෙන්න බොන්න දෙන්නං...

ඉස්සර ඌට බියර් බෝතලයක් තනියම බොන්න බෑ වෙරිවෙනව...සුරාජ්ල රෝමෙ පදිංචි වෙලා ඉන්න කාලෙ අපි එහෙ ගියාම මම විස්කිවලට සෝඩා දාගෙන බොද්දි සුරාජ් බියර් දාගෙන විස්කි බිව්වෙ...එච්චර දියුණුයි...

ඔන්න ආදරය ගැන කියාගෙන ආව කතාව ට්‍රැක් පැනල වටේ ගියා...

අපිත් එක්ක කෝච්චියෙ වැඩට ගිය කෙල්ලෙක් හිටියා...අපි මෙයාට නමක් දෙමු සරෝජිනී කියල...සරෝජිනී විවාහ වෙන්න සූදානමෙන් හිටියෙ, මනමාලය ආමි එකේ කොල්ලෙක්,ඒ දවස්වල යාපනේට කිට්ටුව කෑම්ප් එකක හිටියේ...

කෝච්චියෙ අපිත් එක්ක   ගිය ඔක්කොටොම සරෝජිනී මගුල් කිව්වා...ඒ දවස්වල මමත් බැඳලා හිටියෙ මගුල අරං තිබ්බෙ නෑ, බිරිඳටත් මඟුල් කිව්වා...
මගුල් උත්සවය පැවැත්වුනේ පස්යාල මීරිගම පාරෙ හෝටලේක...එදාටම මට තව මඟුල් ගෙදරක යන්න වෙලා තිබුණා...ඒ අපේ පොඩි මහින්දගෙ බිරිඳගේ නංගිගෙ මගුල,තිබුනෙ පොඩි මහින්දලගේ  ගෙදර... 

මගුල් ගෙවල් දෙකටම යන්න උවමනාව තිබුණු නිසා ඉස්සෙල්ලම පොඩි මහින්දලගෙ ගෙදරට ගොඩවැදුනා එහෙන් කේක් කෑල්ලක් කාල බීම වීදුරුවක් බීල එහෙම ටිකක් දවල් වෙනකොට මට තව මගුල් ගේක යන්න තියෙනව කියල පිටත්වෙලා හෝටලේට ගියා...

හෝටලේ සරෝජිනීගේ මගුල බොහොම ජයට පැවැත්වෙනවා...කෝච්චියෙ යාළුවො කට්ටිය,බිරිඳ  එහෙම මම යනකොටත් ඇවිත් හිටියා...අපි කට්ටිය එකතුවෙලා සිසිල් බීම බීල ඉවරවෙද්දි සැර බීම බොන්නත් ආරාධනාවක් ලැබුණා...

ෂොට් දෙක තුනක් වැදිල මූණ කන් එහෙම රතුවෙනකොට මගුල් ගෙදර තිබ්බ බොහොම පොඩි අඩුපාඩුවක් ගැන මටත් දැනගන්න ලැබුනා...

ඒ මොකක්ද කිව්වොත් මනමාලය ඇවිත් නැති එක...අපට නං ඒක කොහොමත්ම ප්‍රශ්නයක් නෙවෙයි,නමුත් මනමාලිට ඒ ප්‍රශ්නෙ තදින් බලපානවනේ...

දැන් හෝටලේ සේවකයො දවල් කෑමත් බුපේ එකට ගෙනත් තියන්න ලෑස්තිය...ඔය අතරෙ මනමාලයට මොකද වුණේ කියල හොයන්න මමයි, රැවුලයි රහසිගත මෙහෙයුමක් දියත් කලා...

මතු සම්බන්ධයි....

73 comments:

  1. ඒ පාර රහස් පරික්ෂක කතාවක්ද? කස ගහපු විදියට නං ටිකක් දුක හිතෙන කතන්දරයක් වගේ.. බලමු...

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන කතන්දරයක්මත් නෙවෙයි,බලමුකො ඊළඟ කොටසින්

      Delete
  2. //මැරුණම අපේ පවුලේ සුසාන භූමියෙ සැතපෙන්න ඔයා කැමතිද ...//

    මේ වගේ එකක් කොල්ලෙක් ඇහුවන,ම් මම නම් පැත්ත පලාතේ ඉන්නේ නැතුව දුවනවා...:)

    මතු සම්බන්ධයි කියන්නේ ඉතින් රහස් පරීක්ෂක කතාවක් තමා...:D

    ReplyDelete
    Replies
    1. මොකද පොඩ්ඩියෙ දුවන්නෙ පණ බයේද

      Delete
  3. //ඒ මොකක්ද කිව්වොත් මනමාලය ඇවිත් නැති එක...අපට නං ඒක කොහොමත්ම ප්‍රශ්නයක් නෙවෙයි,නමුත් මනමාලිට ඒ ප්‍රශ්නෙ තදින් බලපානවනේ...//

    කියන සැහැල්ලුව විතරක්!

    ReplyDelete
    Replies
    1. ගාණක් නෑ මචං බඳින්නෙ පවුල් කන්නෙ උන්නෙ.

      Delete
  4. කොහොමද මේ පිකප් ලයින් එක?
    What is a nice girl like you doing in a dirty mind like mine?
    (ඔයා වගේ ෂෝයි කෙල්ලක් මගේ වගේ ජරා හිතක මොනව කරනවද මන්දා!)

    ReplyDelete
    Replies
    1. ඩූඩ් ඒ කාලේ පාවිච්චි කරපු ඒවායින් එකක්වත්ද? :D:D

      Delete
    2. කවදහරි ඕන වුනොත් මම මේක තමා පාවිච්චි කරන්නෙ ඩූඩ් අයියා.. අමනාපයක් නෑනෙ. :)

      Delete
    3. නෑ පොඩ්ඩි. මම පාවිච්චි කලේ මේක:
      My Love for you is like diarrhea. I just can't hold it in. (ඔයාට තියෙන මගේ ආදරය අතීසාරය වගේ. නවත්තගන්න බෑ)

      @ සාතන්: උඹ සාතන් හන්දා මෙතනින් එකක් ‍තෝරාගනිංකෝ.

      I only have 12 hours to live... please don't let me die a virgin.

      Roses are red, violets are blue, I suck at pick up lines... nice tits.

      All those curves, and me with no brakes.

      Delete
    4. @Dude,

      Last two are priceless! :D :D

      Delete
    5. @සාතන් ඔය Dude උඩ දාල තියෙන pickup line කිවුවොත් කන පලාගෙන තමයි එන්න වෙන්නේ,හැබැයි ඉතින් කනාවටවත් හරි ගියොත් instant සැප තමයි.

      Delete
    6. Dude is the best, thats what we told..
      (ඕක තමයි අපි කිව්වෙ, ඩුඩෙ යකා තමයි කියලා)

      Delete
    7. වෙලාවට බැන්දෙ! ඩූඩ කලින් මේව ඉගැන්නුව නං ඒකත් හබක්!

      Delete
    8. අනේ අනේ ඩූඩෝ,නරකම නෑ උඹෙත් තිබිල තියෙන මනමාලකම

      Delete
  5. යකෝ මනමාලය නැතුව ආපු උන්ට බොන්ඩත් දුන්නද

    ReplyDelete
    Replies
    1. ඩබලම නාපු මගුල් ගෙවල් වලත් අපි බිව්වා ඩෝ...

      Delete
    2. එහෙනං බොලා යන්න ඇත්තෙ මල ගෙදරක වෙන්න ඇති.

      Delete
    3. අම්මප සිරා බං.. මනමාලයගේ උන්ඩුක පුඡ්චය කපල දාලා මගුල් දවසේම අමාරු වෙලා..

      Delete
    4. හරි වැඩක්නෙ යකෝ,මනමාලය නාවට අපි පලියැ

      Delete
  6. ආදරේ සහ වෛරය අතරෙ ට්‍රාන්සිසන් පීරියඩ් එකක් නෑ. ඒකයි  කෙස් ගහක පරතරයයි තියෙන්නෙ කියන්නෙ.
    මේ මම ඉන්න පලාතෙ සිද්දියක්, 
    මගේ ෆැමිලිඑක ගෙදරට ගෙන්නගෙන ආදරෙන් අපිට සලකපු හස්බන් සහ වයිෆ් දෙන්නා, ඊළඟ සති අන්තයෙදි එක්කෙනෙක් මිහිදන් උනා අනිත් එක්කෙනා හිරේගියා.
    ඉන්දරේ

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ඔබව මගෙ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා,ආදරයත් වෛරයත් අතර වෙනස ගැන කතිකාවක් තමයි මම ගොඩනගාගෙන යන්නෙ.
      මගෙ තර්කය නම් වෛරය තියේනම් එතන ආදරයක් නැහැ කියන එකයි.

      Delete
  7. තරංගා තැටි තැබෑරුම නියම නමක්නෙ ඒක.

    යකෝ මනමාලය නැතුව දවල් වෙනකල් ගෙනිච්ච මගුලක් ගැන ඇහුවමයි.

    බෙග් මාස්ටර්ගෙ සිංදු කරුණාරත්න අබේසේකර කිවුවනං කොහොම තියෙයිද කියලයි මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසින් බලාගනින්කො වෙච්චිදේ,අපි මහ රෑ වෙනකල් හිටියනෙ.

      Delete
  8. එකත් මතූ සම්බන්ධයිද ? එතකොට කිටියා ...? මොකක්ද හැලපයියේ මොලේ මඤඤන් වෙනවනේ බං .. තරංගා තැටි තැබෑරුම කියන එකනම් නැගලා යනවා .

    ReplyDelete
    Replies
    1. ගණං ගන්න එපා කොල්ලො,කිටියගෙ කතාවත් දෙනවා...මග නවත්තපු ඔක්කොම දෙනවා

      Delete
  9. මනමාලය නැතුව මගුලක්... හරිනම් මනමාලිට නෙමෙයි මගුල් ගෙදරටම බලපාන්න එපෑ...

    ReplyDelete
    Replies
    1. බලපෑව නේන්නං ඔක්කොටොම බලපෑව,අපි හිතේ අමාරුවටත් එක්ක බිව්වා

      Delete
  10. ඒක මාර වැඩක් නේ.
    //'ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි' කියල යමුනා විනෝදිනි කියනවා, වර්තමානයට නම් ඔය පදපෙළ ටක්කෙටම ගැලපෙනවා ...// ටක්කෙට ම නෙමේ...බොහෝ විට කියමු.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි එහෙම කියමුකො,දිලිනිගෙත් අත්දැකීමක් වෙන්න ඇතිනෙ.

      Delete
  11. මොහිදීන් බෙග් ගේ කැසට් සීරීස් එක ආවේ 1978-79 කාලෙ..මියුසික් ස්ටැන්ලි පීරිස්ගේ... ඒකාලෙ උදේ ඉඳන් රෑ වෙනකං අහන සින්දු සෙට් එකක් ඕක.

    2 වෙනි කොටසෙදි මනමාලයා හොයගනීද? :-)

    ReplyDelete
    Replies
    1. කැන්ඩියන්ට බොහොම ස්තූතියි, බෙග් මාස්ටර්ගෙ කැසට් සීරිස් එකේ දින වකවානු මතක් කරල දුන්නට,මට ටිකක් දින එහෙ මෙහෙ වෙලා තිබ්බෙ.
      දෙවෙනි කොටස ඉක්මනටම දෙනවා.

      Delete
  12. අය්යෝ... මොකක්ද හැලපේ..,දැන්
    1. කොන්දේසි සහිත ආදරය
    2. මාළු පස්තැල සාදා ගැනීමේ කතාවස්තුව
    3. වාරයේ කිටියා සහ තවත් කතා.. මේ සේරම "මතුසම්බන්ධ" ඒවා හොඳේ..

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න එපා පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා,මග නවත්තල තියෙන ඔක්කොම කතා ඉවර කරනවා,ෂුවර්.

      Delete
  13. හෑ මනමාලය ඇවිල්ලා නැහැ,,,, එතකොට දෙවෙනි මනමාලය එයත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. දෙවෙනි මනමාලය නං හිටිය සන්ජය,නමුත්...දෙවෙනි කොටසත් බලමුකෝ.

      Delete
  14. මනමාලයා පැනල ගිහිංද නැත්තම් වලකජ්ජ ගහලද මගදී ?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ ඒ දෙකම නෙවෙයි,තව දවසක් ඉවසන්නකො.

      Delete
  15. මොහිදින් බෙග් ගේ කැසට් නම් අහන්න පුළුවන්. ඒ උනාට උන්නැහේගේ බොදු බැති ගී පන්සලේ ලවුස්කීපරෙන් මුළු ගමටම ඇහෙන්න දාන කොට මොහොදීන් බෙග් නෙමෙයි බුදු හාමුදුරුවොත් එක්කන් මලේ හොඳම එකෙන් පනිනවා..

    මොහිදීන් බෙග් ෂෝ එකකට ගියපු වෙලාවේ.. පල්ලෙහා කොල්ලෝ සෙට් එකක් ඉඳන්, "අනේ මාස්ටර් කෝටූ කෑලී ගහන්නකෝ...." කිව්වලු.. මාසටර්ට මල පැනලා කිව්වලු, " කෝටූ කෑලී ගහගනින් තොපේ පුක්කේ..." කියලා. කොල්ලෝ කියලා තියෙන්න, "කෝටු කෑලී ගෙනල්ලා කියන සින්දුව ගහන්නෙයි කියලා..."

    බෙග් මාස්ටර් හිතා ගෙන ඉන්නේ එයා තවම ඔපරේෂන් එකේ කියලා. ඔය කතාව මට මතක් උනේ, අපේ "අරූ" ඔපරේසොන් එකට කලින් ඔය කතන්දරේ ලියලා එව්වාම.

    මම නම් ඉස්සර කෙල්ලන්ගෙන් කෙලින්ම අහනවා.. මම ඔයාට කැමතියි. ඔයා මට කැමතිද කියලා.. බැනුම් අහපුවනම් අනන්තයි.. ඒත් ඉතින් වැඩ කරපු වෙලවලත් අඩුවක් නෑ.. කෙල්ලාන්ගේ.. ගෑණුන්ගේ ඇස් වලින් කියන්න පුළුවන් නේ සීන් එක.. එතකොට කෙලින්ම අහනවා.. ඇස් වලින් කතා කලේ නැතත්, මම කැමති නම් ඒත් අහනවා.. ඒවා තමයි අවුට් ගියේ.. ඇස් වලින් ඕ කේ දුන්න ඒවා එකක් වත් වැරදුනේ නම් නෑ..

    යාළුවන්ගේ සීන් අහන්න යන්නෙත් මං. එක සැරයක් ටියුෂන් ක්ලාස් එකේ කෙල්ලෙක්ගෙන් ඇහුවම.. මේ අරූ ඔයාට කැමතියි, ඔයා මොකද කියන්නේ කියලා... ඒකී කියාපි... මම එයාට නම් කැමති නෑ.. ඔයාටනම් කැමතියි කියලා....

    // ඒ මොකක්ද කිව්වොත් මනමාලය ඇවිත් නැති එක...අපට නං ඒක කොහොමත්ම ප්‍රශ්නයක් නෙවෙයි,නමුත් මනමාලිට ඒ ප්‍රශ්නෙ තදින් බලපානවනේ...//

    ඒ කෑල්ල නම් පට්ට...

    ආදරය කියලා එකක් නෑ.. තියෙන්නේ තමන්ගෙ කර ගැනීමක් විතරයි...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ බං කියන්නේ. ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියල නොහිතන උන් පිරිච්ච ලෝකයක් මේක..

      Delete
    2. ඉතිං උඹත් යාලුවට බම්බු ගහගන්න කියල ඒ කෙල්ල එක්ක යාලුවුනා නේද...අනේ අනේ උඹල වගේ මිත්‍රයො.

      Delete
    3. පිස්සුද මචං එහෙම කරනවද..? යාලු උනේ නම් නෑ.. නමුත් ඉතින් වැඩක් පලක් කර ගත්තා..

      Delete
    4. //මම එයාට නම් කැමති නෑ.. ඔයාටනම් කැමතියි කියලා....//

      මාත් කිව්වෙ ඕකම තමයි... හි හි..

      Delete
  16. >>තරංගා තැටි තැබෑරුම<< කොයි කාලේ වගේද දන්නෙ නැහැ මේ සීන් එක.
    මට නම් එදා ඉදල මේ අද දක්වාම ආදරෙයි කියන එක කෙලින්ම කියනව.
    තාම මම නම් ආදරෙන් පැරදිලා නැහැ.
    පැරදිච්ච එකීලා නම් එමටයි.
    කෙල්ලෙක් එක්ක කෙලින් කතා කරන්නත් හොද පුරුෂ ගටක් තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. තරංගා තැටි තැබෑරුම මට මතක හැටියට හැත්තෑව දශකයෙ මැද බාගෙ වගේ.

      Delete
  17. ඇත්තටම ආදරේ කියල දෙයක් නෑ තියෙන්නේ ගනු දෙනු විතරයි. අම්මා පුතා ගාව පවා. ඒ ඒ ගනුදෙනුවේ තරමට ආදරය කියන වචනයෙන් පෙන්වන හැගුම ඇතිවෙනවා. දරු දෙදෙනකුට තම මවගේ පියාගේ ආදරයත් වෙනස්ව නොවෙද ලැබෙන්නේ. මතුපිටින් නොව ගැඹුරින් හිතා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තම ආදරය යනු සීමාරහිත පරිත්‍යාගයයි නලීන් මගෙ අදහස අනුව,අද එයමයි දකින්නට නොලැබෙන්නෙ...අද ඇත්තෙ ඔබ කීවාක් මෙන් හුදෙක් ගණු දෙනු පමණයි.

      Delete
  18. ආදරේ කරලා ටික කාලයක් යද්දි ඒක සාමාන්‍ය දෙයක් වෙලා ඉන් පස්සේ එලඹෙන්නේ තමන්ගේ කර ගැනීමේ පරමාර්ථය. ආදරයත් එක්ක ඒක එවන්නේ ආත්මාර්ථකාමිකම පොඩ්ඩක් හරි ආදරෙත් එක්ක යන නිසා. හරිද මම?

    ReplyDelete
    Replies
    1. අද වෙන්නෙ එයයි රතී,නමුත් එය ආදරය නොවේ හුදෙක් ආත්මාර්ථකාමය පමණයි...අවාසනාවකට අද ආදරය යනුවෙන් නිර්වචනය කරන්නේද එයයි.

      Delete
  19. මේවා නම් නියම ඔට්ටපාලු කතා. අදිනවා අදිනවා ඉවරයක් නෑ. හා හා කමක් නෑ. ඔහොම යමු :-)

    ReplyDelete
    Replies
    1. ඇයි ඇනෝ,කියවන්න අමාරුද

      Delete
  20. යකෝ මනාලයා නැතුව කන්න බොන්නත් දුන්නද? එහෙව් එකේ ඉතුරු ටිකත් කරලම මනාලයා හොයාගන්න තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. සියල්ලම සිදුවිය යුතු ආකාරයට සිදුවුණා කිව්වොත් හරි උකුස්සො.

      Delete
  21. කොහෙන් පටන් ගත්තත් C2H5OH ටිකක් වැක්කෙරෙනවාමයි නේ! ;)

    ReplyDelete
    Replies
    1. නැතුව බෑනෙ කොල්ලො,ඇල්කොහොල් ටිකක් තිබ්බෙ නැත්නං ඇති වැඩකුත් නෑනෙ.

      Delete
  22. යකෝ මනමාලයා නැතිව ෆුල් අප්සට් ඇතිනේ බන් වැඩේ. උඹලාට බිබී ඉන්නවා කියලා කොක්ක වැටුන් නැද්ද?

    ප.ලි.....පහුගිය පෝස්ට් එකට යටින්ම අදහසක් දැම්මා.හෙමින් බලපන්

    ReplyDelete
    Replies
    1. හරි වැඩක්නෙ බං මොකටද කොකු දාන්නෙ,උන්මනෙ බොන්න දුන්නෙ...
      අන්න මම කලින් කමෙන්ට් එකට රිප්ලයි කලා ගිහින් බලන්න.

      Delete
  23. නියම ආදරේ ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි පුළුවන් කසාද බැඳලා ලමයිත් ආවට පස්සෙයි.. ඔන්න එතකොට ආදරේ නං ඒක තමයි නියම එක.. ඒ මොකද අර සෙන්ටිමෙන්ටල් හරිය ඉවර වෙලා සැබෑ ජීවිතේට මූණ දෙනකොට තමයි නියම චරිත ගැලපීම එන්නෙ. මුල් ආදරේ හැඟීම්වලට බර එකක්.. ඊලඟට එන්නෙ කරුණාව මෛත්‍රිය එකතු උන ආදරයක්.. අපේ හාමිනේට පොඩි එකා ලැබෙනකොට මං ලඟ හිටියා. ම්ං හිතන්නෙ මගෙ ගැඟුම්බර ආදරය හැබෑ ආදරයට පරිවර්තනය උනේ එදා කියල..

    ReplyDelete
    Replies
    1. හොඳ විග්‍රහයක් සරත්,ආදරයෙ මුල් අවදිය සැබෑ ජීවිතයෙන් ගොඩක් ඈතයිනෙ එතකොට පෙනෙන්නෙ ජීවිතේ ලස්සන පැත්ත විතරයි,දෙන්න එකතුවෙලා සැබෑ ජීවිතේට මූණ දෙද්දි තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ...අන්න ඒ ස්ථානය නිසි අයුරින් කළමණාකරණය කරගත යුතුයි.

      Delete
  24. ඊයෙ පෙරේදා අන්න අලුත උපන් ළමයවත් වඩාගෙන ජෝඩුවක් පෝරුවට නැග්ගා...කෙල්ලට 18

    ReplyDelete
  25. ///කොන්දේසි සහිත ආදරය///

    ආදරේට නෙවෙයි කොන්දේසි දාන්නෙ.. දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න...

    //කෙල්ල හිතන හැටියට ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න කලින් ඉන්ෂුවර් කරගන්න එක අත්‍යාවශ්‍ය දෙයක්...//

    කසාද සහතිකෙත් ඉන්ෂුවරන්ස් එකක් තමයි...

    ආදරේට කොන්දේසි නෑ.. ආදරේ කරන හැමෝම එකට ජීවත් වෙන්නෙත් නෑ...

    ( දඩිබිඩි කමෙන්ට්..)

    ReplyDelete
    Replies
    1. කසාදයත් ආදරයත් දෙකක්,ඉතිරි කොටසට එකඟයි.

      Delete
  26. මනමාලි නැති මගුල් ගෙවල් අහලා තිබුනා, අද තමයි මනමාලයා නැති මගුල් ගෙයක් ගැන ලයිව් අහන්නේ.

    ඉතින් ඊට පස්සේ?

    ReplyDelete
  27. මම බලනඋන්නේ හැලපයියගේ රගපෑම් ගැන.මේ වෙන මගුලක් නේ.

    ReplyDelete
    Replies
    1. යකෝ ඕක තුන් සැරයක් කියන්න ඕනැ නෑ මට පෙනෙනවා...ඊළඟ කතාව ඒ ගැන තමයි මනෝජ්

      Delete
  28. මම බලනඋන්නේ හැලපයියගේ රගපෑම් ගැන.මේ වෙන මගුලක් නේ.

    ReplyDelete
  29. මම බලනඋන්නේ හැලපයියගේ රගපෑම් ගැන.මේ වෙන මගුලක් නේ.

    ReplyDelete
  30. යකඩෝ මනමාලයා නැති මඟුල් ගෙදර උඹලට බොන්නත් දුන්නද අයියේ . . අදහන්න වටින මගුලක් . .

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ජීවිතේටම එවැනි මඟුල් එකයි

      Delete

ඔබේ අදහස්