Thursday, September 5, 2013

86.වරායේ කිටියා,අනාවරණය සහ තවත් කතා 2.


අපරාදෙ කියන්න බෑ ඔෆිස් එකේ හිටපු කාටත් හොඳම බයිට් එක වුණේ කිටියා...අපේ කාර්යාලයෙ ප්‍රධාන නාවික ඉංජිනේරුවරයා හැටියට හිටියෙ මිස්ට අල්මේදා...වරායට එන නැව්වල ජාත්‍යන්තර නාවික නීතිවලට අනුකූලව යාත්‍රා කරන්න අවශ්‍ය කරන උපකරණ ආදිය පරීක්ෂා කරන එක ඔහුගෙ රාජකාරියෙ කොටසක්...

මේ පරීක්ෂණයන්ට නැව්වලට නගින්න යද්දි මිස්ට අල්මේදා අපටත් අඬගහනවා...කිටියත් අපේ පස්සෙ එල්ලිලා එන්න බොහොම කැමතියි.

නැවට ගියාම කැප්ටන් ඔහු දන්න උපරිම ආකාරයට අපට සලකනවා...මොකද පොඩි අඩුපාඩුවක් එහෙම තිබුණොත් නැව යන්න නොදී නවත්තගන්න පුළුවනිනෙ...අපිත් ඔය චීන බියර් ,වියට්නාම් බියර් ආදී බොන්න නොලැබෙන බීම බිව්වෙ නැව්වලට ගිය ගමන්වලදියි...

නැවට ගියාම මිස්ට අල්මේදා කැප්ටන් එක්ක කතාකරනකල් අපි නැව පුරා රවුං ගහල ඇන්ජින් රූම් එකටත් ගිහින් තමා උඩට එන්නෙ...අපි සමුගනිද්දි කැප්ටන්ගෙන් විස්කි බෝතලයක් දෙකක් සිගරැට් කාටූන් එකක් ආදිය ලැබෙනවා...

ඊළඟට ඉන්නව ෂිපිං මාස්ටර්...එය නැව්වලට යන්නෙ නාවිකයන්ට තිබිය යුතු සහතික ආදිය නිසියාකාරව තියෙනවද කල් පැනලද කියල බලන්න...ඒ ගියාමත් හොඳට කෑම බීම දීල සලකල එනකොට බෝතලේකුත් දෙනවා...

නැව්වලට නගින්නෙත් හොයල බලල හොඳ රටවලට අයිති නැව්වලට විතරයි...පොතු ගැහිල මළකඩ කාච්ච ඉන්දියන් නැව්වලට එහෙම නැගල කිසි ප්‍රයෝජනයක් නෑ...උං දෙන්නෙ තේ එකක් විතරයි ඒකත් මෙලෝ යකෙකුට බොන්න බැරි ඉන්දියන් තේ...

අපි ආපහු එනකං ඔෆිස් එකේ බොනයො ටික බලං ඉන්නවා...උං දන්නවනෙ එනකොට බෝතලයක් දෙකක් ගේනවමයි කියල...කිටිය ඔය වෙලාවට බොහොම කඩිසරයි...කෑම කාමරේට බෝතල් ගෙනිහිං වීදුරු ලෑස්තිකරල සෝඩ හොයලා පුදුම උනන්දුවකින් වැඩ කරන්නෙ...

මිස්ට අල්මේදාත් හරිම විනෝද කාමියා, කට්ටිය බොන්න පටන්ගන්න හදනකොටම කිටියට එන්න කියල පණිවිඩයක් එවනවා...

මම ටක් ගාල එන්නං...

කියල කිටී මිස්ට අල්මේදගෙ කාමරේට ගියාම...

ඉතිං...ඉඳගන්නවකො ක්‍රිස්ටෝපර්...මොනවද තොරතුරු...

කියල පටං අරං රටේ නැති බහුබූත ගැන කිටියත් එක්ක කියවනවා...ටික ටික වෙලාව ගතවෙනකොට කිටියටත් බොනතැන මතක් වෙලා ඉන්න බැරිව ගිහිං ඇඹරෙනවා...

මොකද ක්‍රිස්ටෝපර් වට පිට බලන්නෙ කවුරුවත් එනව කිව්වද...

මිස්ට අල්මේදා අහන්නෙ හිනාව තදකරගෙන...

නෑ නෑ සර්...

ආයෙම කතාව...ඉඳල ඉඳල අන්තිමේ ඉන්නම බැරි තැන...

සර්...මම එහෙනං යන්නද...

මොකද හදිස්සිය...තව ටිකක් ඉඳල යනවකො මටත් කම්මැලියි...

ඔය විදියට කිටියව කාමරේ තියාගෙන මඩෝල බෝතලේ ඉවරවෙන්න ඔන්න මෙන්න ඇති කියල හිතෙනකොට කිටියට යන්න කියනව...කිටියත් බොනතැනට දුවන් එන්නෙ නිකං දුන්නෙන් මුදාහල ඊයක් වගේ...ඒ වෙනකොට කිටියට බොන්න තරං දෙයක් ඉතුරුවෙලා නෑ...ඒ මදිවට හොඳට බිබී හිටපු උං ටික ඌට බනිනවා...

කොහෙද මනුස්සයො ගියෙ...අපි හැමතැනම හෙව්වනෙ...
මේකෙ නං බොන්න ඇතිදෙයක් නෑ...බොන්නම ඕනැනං ගිහිල්ල බාර් එකෙන් බෝතලයක් ගේනවා...

අහිංසක කිටිය මොනව කරන්නද...ඊට පස්සෙ මිස්ට අල්මේදා හම්බවුණාම දෙපැත්තෙ සිද්දවෙච්චි දේවල් කියල කට්ටිය බඩ අල්ලගෙන හිනාවෙන්න...

හේමාල් තමයි කිටියව වැඩිපුරම බයිට් කරන්නෙ...කිටිය හැම තිස්සෙම හේමාල්ට බැණගත්ත ගමන්මයි...

දවසක්දා කිටිය කලිසම බාත් රූම් එකේ දොරේ එල්ලල...කිටිය ඇතුළෙ, ජුලියස් මේක දැකල ගිහිං කලිසම ගන්න හිමිහිට ටික ටික අදිනවා කිටිය එකපාරටම මේක දැක්ක...

හේමාල් බලු වැඩ කරන්න එපා හේමාල්...

කිටිය කෑගහනවා...කිසි ප්‍රශ්නයක් නෑ වැඩේට හේමාල්වනෙ අහුවෙන්නෙ ජුලියස් කලිසම අරං ආවා...

පැය බාගයක් විතර කිටියට  බාත් රූම් එකේ ඉන්න ඇරලා කලිසම ගිහිං ආපහු එල්ලුවා...

මුණු මුණු ගගා දවසෙම බැන බැන හිටිය මිසක් කිටී කෑගැහැව්වෙ නෑ...කෑ ගැහුවනං ඔෆිස් එකේ කෙල්ලො වැඩේ අහනවනෙ...කිටිය කිව්වත් නැතත් අපි කෙල්ලන්ට වැඩේ කලින්ම කියලයි තිබුණේ...උනුත් හොරෙන් හොරෙන් හිනාවෙනවා.

ඔෆිස් එකේ හිටපු කැටිපෙ ආරච්චි ගමට මාරුවක් අරං ගියාම ඒ වෙනුවට ආවෙ ලක්ෂ්මන් කියල ලෝක ආනාදියෙක්...

ආපු දවසෙම මූ මිස්ට දසනායක ළඟට ගිහිං කියනවා...

සර්...මට වැඩ ගැන නං කිසි ප්‍රශ්නයක් නෑ ඕනැ වැඩක් කරන්නං...හැබැයි මම දුර ඉඳල එන නිසා උදේට ටිකක් පරක්කු වෙනවා...

තමුසෙ කොහෙ ඉඳලද එන්නෙ...

ගම්පහ ඉඳල සර්...

ඈ යකෝ...පොල්ගහවෙල ඉඳල ඇවිල්ලත් මම වෙලාවට එනවා තමුසෙට ගම්පහ ඉඳල එන්න බෑ නේද හරි දුරයිනෙ...

ලකෂ්මන් ඔලුව කස කසා යන්න ගියා...

ලක්ෂ්මන් පණ්ඩිතයා, කතා කළොත් මන්තර ගුරුකං,ජ්‍යොතිෂය ගැනමයි...මන්තර ගුරුකං වලින් කරපු දෙවල් ගැන කයියගහන්නෙ හරියට ඌ කළා වාගෙ...

 මේ රස්සාව කරල මදි කීයක් හරි වැඩිපුර ගාණක් හොයාගන්න ඕනැ කියපු හේමාල් නෝපේ ලීව් දාල නැවකට නැග්ගා...දැන් ඔෆිස් එකේ දෙන්නගෙම වැඩ කරන්න ඉන්නෙ ලක්ෂ්මන් විතරයි...

ඒ 96වර්ල්ඩ් කප් මැච් පටන් ගත්ත දවස්...අපි කතා කර කර ඉන්නකොට ලක්ෂ්මන් එනවා...

කොච්චර වැඩකාරයො හිටියත් වැඩක් නෑ...ග්‍රහය උච්චවෙලා තියන කට්ටිය තමා දිනන්නෙ...

ඈ බං...මෙච්චර ලක්ෂ කෝටි ගණං වියදං කරලා මැච් ගහන්නෙ මොන මඟුලකටද...දිනන්නෙ කවුද කියල කලින්ම ජ්‍යොතිෂයෙන් බලල ඒ ටීම් එකට කප් එක දුන්නනං ඉවරයිනෙ...

මුගෙ කයිය ඉවසගෙන ඉන්නම බැරිතැන කරු කිව්වා...

මාස හයක් හතක් ගතවෙලා හේමාල් නැවෙන් බැහැල වැඩටත් ආවා...

ලක්ෂ්මන් ලියුමකුත් ලියාගෙන වැඩිපුර කරපු වැඩවලට සල්ලි ඉල්ලනවා...
 
උඹ කරපු අමතර වැඩක් නෑනෙ බං...මෙතන බොරු පූච්චානං කියෝ කියෝ හිටිය මිසක්...
 
අපි ලක්ෂ්මන්ට වදේ ගහනකොට හේමාලුත් එතනට ආවා...
 
මම උඹගෙ වැඩත් අනාවරණය කළා...නැද්ද මචං...
 
ඈ...මොනවද යකෝ තොට අනාවරණය කරන්න තිබුණු මගෙ වැඩ...
 
හේමාල්ගෙ පුෂ්පය ටික ටික විකසිත වේගන එනවා...
 
නෑ මචං මම වැරැද්දක් කිව්වෙ නෑනෙ...වෙන කවුරුවත් හිටපු නැති නිසානෙ මම උඹේ වැඩ අනාවරණය කළේ...
 
හේමාල්ට හොඳටම තදවුණා...
 
මේ ලක්ෂ්මන්...උඹ මගෙන් කුණුහරුප අහගන්න එපා...මොන රෙද්දක්ද යකෝ මම කරල තියෙන්නෙ තොට අනාවරණය කරන්න...
 
ලක්ෂ්මන් උඩ බිම බලනව මොකක්ද වැරදුනේ කියල...ඌ මුලදිම වචනෙට අකුරක් වැඩිපුර දාල කිව්වෙ,අපිත් හිනාවෙන්න ඕනැ නිසා ඌව බයිට් වෙන්න ඇරල බලං හිටියා...
ආවරණය කියන්න ඕනැ එකට මූ කිව්වෙ අනාවරණය කියල හාත්පසින්ම විරුද්ධ තේරුමක් එන වචනයක්නෙ...

කිටී කෑම කන්නෙ යසයි,ගුනෙයි එක්ක...කිටී නොගෙනාවත් යසා කිටීටත් එක්ක කෑම ගේනවා...යසා කෑම ගේන්නෙ බොහොම පිළිවෙලට,ඔක්කොම කෑම ජාති එක ගොඩේ දාගෙන නෙවෙයි...බත් වෙනමයි,දෙල් මාළුව වෙනමයි,මාළු ඇඹුල් තියල් වෙනමයි,අඟුණ කොළ මැල්ලුම වෙනමයි,පරිප්පු වෙනමයි ආදී වශයෙන්...

පරිප්පු කිව්වම මට තව කතාවක් මතක්වුනානෙ...ඒකත් කියල ඉන්නංකො අමතක වෙන්න ඉස්සරවෙලා...

අපි බෙන් ෆිල්ම්ස් එකේ ඉද්දි බෙනාට කොන්ත්‍රාත් එකක් ලැබුන ...ඒ ගම් උදාවෙ පෙන්නන්න කස්ටම් එක ගැන ඩොකියුමන්ට්‍රියක් හදන්න.

අපි සියල්ල සූදානම් කරගෙන වරායට ගිහින්  දවස් කීපයක්ම ෂූටිං කළා...එක දවසක් ෂූටිං වලට නැවකට ගියා ඒ නැව ලංකාවට පරිප්පු ලෝඩ් එකක් ගෙනාපු නැවක්...

ඒ දවස්වල බඩු ආවෙ දැන් වගේ කන්ටේනර්වල නෙවෙයි  නැවේ හැච් එකේ පරිප්පු ගෝනි ගොඩගහල තිබුනා...කම්කරුවො හැච් එකට බැහැල ගෝනි දහයක් පහළොවක් දොඹකරයට අමුනපුවම  උස්සල අරං කෙලින්ම ලොරිවලට බානව...ජැටියේ ලොරි පෝලිමක් තියෙනව බාන බාන පරිප්පු ලෝඩ් ගෙනියන්න...

අපිත් දැන් මේ පරිප්පු බානව ෂූට් කරනව...කැමරාමන් කිචි ධර්මයා, ඒක අපේ වැඩේට අවශ්‍ය කරන දර්ශනයක් නොවුනත් ඕනැකරන වෙලාවකට ගන්න අරං තියාගන්න සිරිතක් තියෙන නිසා ගත්තා...

සමහර වෙලාවට දොඹකරයෙන් උස්සනකොට ඉරුණු ගෝනිවලින් පරිප්පු හැලෙන්නෙ දිය ඇල්ලක් ඇදහැලෙනව වගේ...ඕක දැකපු නැවේ ප්‍රධාන නිලධාරියා ඇවිත් ඒවා ෂූට් කරන්න එපා කියල බොහොම කරුණාවෙන් කිව්වා...ධර්මයත් හරි හරි කියල වැඩේ නැවැත්තුව එතකොට ගන්න ඕනෑ හරිය අරං ඉවරයි...ප්‍රධාන නිලධාරියත් තෑන්ක්ස් කියල යන්න ගියා...

බීම ගබඩාව සීල් තියන දර්ශනයත් ගත්තෙ ඒ නැවේමයි...සාමාන්‍යයෙන් නැවක් වරායට එනකොට වරායෙ නවතල තියෙන දවස් ගානට ඇතිවෙන්න මත්පැන්,බීම ගබඩාවෙන් එලියටගන්න දීල කස්ටම් එකෙන් ගබඩාව සීල් තියනවා සීල් කඩන්නෙ නැව ආපහු යනකොටයි...දැන්නං ඔය ක්‍රමය හරියටම අනුගමනය කරනවද කියල දන්නෙ නෑ...සීන් එක ගත්තට පස්සෙ කැප්ටන් අපට බෝතල් දෙකක්ම දුන්නා...

එදා රාත්‍රියෙ තව සීන් කීපයක් ගන්න තිබුණා...බෝට්ටුවලින්  වෙරළට හොරබඩු ගෙනා අයව අල්ලන සීන්...කස්ටම් බෝට්ටුවකින් අපිව වරායේ පිටිපස්සෙ බ්‍රෙක්වෝටර් එක හරියේ නොගැඹුරු මූදට ගෙනිහින් දැම්මා...වරායේ මනුස්සයෙකුගෙන් ඉල්ලගත්තු සරමකුත් ඇඳගෙන මම හොරබඩු බාන්නෙකුගේ කොටස කරන්න ලෑස්තිවෙලා හිටියේ...

මතු සම්බන්ධයි....

93 comments:

  1. මම එක වෙන්න හදනව

    ReplyDelete
  2. කිටියට දීපු ගේම නං වැඩක් නෑ. ඌ දිව ගිලිල අල්මේදා කාරයත් එක්ක මරු විකාරෙන් දොඩවන්න ඇත්තේ. මම කවදාවත් දැකල නෑ පින්තුරෙකවත් ඔය දිය ඇල්ල වගේ පරිප්පු ගලන ඒවා. ඒ වගේම කියන්න ඕන බාල ඉන්දියන් නැව් වලට ගියොත් බොලාට තමා උන්ට බෝතලයක් දීල එන්න වෙන්නේ.. හැක් හැක්. අම්මප මෙහෙමත් තැලිලලක්. හැබැයි අද ටිකක් ලයින් එකේ එක දිගට ගියා නේද???

    ReplyDelete
    Replies
    1. කිටියගේ තව ලස්සන කතා ටිකක් ඉස්සරට ලියන්නං,අද ටිකක් තැලුව මදි වගේ නේද බං

      Delete
  3. අනේ පව් බං හැලපයියේ කිටියා.

    //මම හොරබඩු බාන්නෙකුගේ කොටස කරන්න ලෑස්තිවෙලා හිටියේ//
    ඒ කියන්නේ ඊලග කොටසෙන් හැලපයියගේ ගරු රගපෑම් බලා ගන්න ඇහිකි වේවි වගේ...:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මනෝජ් ඉතිරි ටික ඊළඟ කොටසින් බලාගන්න පුළුවනි

      Delete
  4. හාබර් පොලිසියෙ අංකල් කෙනෙක් හිටපු කාලේ කීප වරක් පොලිස් බෝට්ටුවෙන් නැව් වලට ගිහිල්ල තියෙනව.ඒ ගියහම චීස්,බියර්,සිගරට් කාටුන්,ටීෂර්ට් වගේ දේවල් සමග විස්කි බෝතල් දෙකක් විතර දෙනව.
    ඔහොම ලැබෙන විස්කි,සිගරට් සමහරු කොටුවෙ පෙට්ටි කඩවලට විකුනනව.
    ඒ පෙට්ටි කඩවලින් ඒවා ඕන වෙලාවක මිලට ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඉස්සර වර්ල්ඩ් මාකට් එකේ නම් කඩයක් තිබුනා.. රට සිගරට් විකුණන. පොර හොරෙන් බොන ජාතිත් විකුණුවා.. දැන් නම් ඩියුටි ෆ්‍රී බඩු තියෙන තැන් ඕන තරම් තියෙන නිසා අවුලක් නෑ... ඒත් ඉතින් සංස්ථා ගල් එක තරම් එකක්වත් නැගලා යන්නෙ නෑ...

      Delete
    2. ඉස්සර බම්බ ඩියුටි ෆ්‍රී එක තියෙද්දී ස්ටේසම ලග තිබුන පෙට්ටි කඩ දෙකෙන් එකක වික්ක.
      එතනින් රෑ 12 ට 1 ටත් ඇහැරවල අරගන්නව.හවසට ගෝල්ෆේස් එකේදී අපි සෙට් එක අරක්කුවලින් පටන් අරන් රෑ දෙමන්දිරමේ ගන්න තැනක් නැති උනාම එතෙන්ට යනව.

      Delete
    3. වර්ල්ඩ් මාකට් එකේ සිගරට් කඩේ රාමනායකගේ..

      Delete
    4. අපේ උනුත් හම්බෙන සිගරැට් වර්ල්ඩ් මාකට් එකේ කඩේට තමයි දෙන්නේ,විස්කි නං විකුනන්නෙ නෑ බීලා දානවා

      Delete
  5. අඩේ හොර බඩු අල්ල එකත් ඉක්මනට දාපන්... ම්මත් අහල තියෙනව නෑව ඈත එද්දි සමහර මාලු බෝට්ටු නැව ලගට යන්ව කියල...

    ReplyDelete
    Replies
    1. හොරබඩු අල්ලන ඒකත් ඉක්මනටම දාන්නම්

      Delete
  6. හාබර් එකේ ඇතුලේ සීන් නම් දන්නේ නෑ. ඒත් මම පොඩි කාලේ දැකලා තියෙනවා, වරායෙන් එලියට එන ලොරි කොටුවේ මෝදර පරේ බ්ලොක් වෙන කොට යකඩෙකින් ඇනලා බේරෙන පරිප්පු සීනී සරම් වලට එකතු කරන උන් නම්. පිටකොටුවේ දන්න එකෙක් කිව්වේ, සමහර තැනවල තවමත් ඒ වැඩේ වෙනවලු.. එතකොටත් පරිප්පු එනවා ටැප් එකෙන් එනවා වගේ.

    හාබර් එකේ ඉන්න උන් උදේ ඉඳන් බීලා ඉන්නේ. පැය 24 ම සර්විස් නිසා කියලා කිව්වෙත් ඇතුලෙ එකෙක්මයි..බොන්නෙත් සුපිරිම බඩු වලින්ලු...

    ReplyDelete
    Replies
    1. අපොයි මාතලන් වරයෙන් එන ලොරි විතරක් නෙවෙයි තොග කඩවලින් බදු පටවාගෙන යන ලොරිත් ට්‍රැෆික් එකේ නැවතුනහම බදඩු බාගන්නවනේ

      Delete
  7. ඒවා ගැන නං නොකිය මාරු වෙන එක ඇගට ගුණයි... හි හි..

    ReplyDelete
    Replies
    1. උඹත් පරිප්පු උස්සන ගැන්සියක හිටියද

      Delete
  8. දැන් එතකොට මේ පරිප්පුවක් ඇදගෙන කිටියගේ රසකතාව නේද මතුසම්බන්ධ කරේ හැලපයියේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉවාන් පරිප්පු බාන තැනින් හැරිලා ගියානේ

      Delete
  9. අපරාදේ කියන්න බෑ හොදට බොන්න පුළුවං රස්සාව....
    බෙබාලාට තොල කට ලෙව කකා කියවන්න පුළුවං පෝස්ට් එකක් :ඩී

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බං ඔය වරායේ උන් හැම තිස්සෙම බඹරු වගේ ඉන්නෙ.

      Delete
  10. මෝඩ ප්‍රශ්නයක් අහන්නම්.

    රාජකාරි වෙලාවේදී ඔෆීසිවල ඇතුලේම බොන්න පුළුවනිද?

    ReplyDelete
    Replies
    1. බොන එක නම් මොනවාද.
      එයිට වඩා දේවල් වෙන්නෙ රාජකාරි වෙලාවෙ.

      Delete
    2. අනේ මේ අපි තාමත් ඔය වැඩේ කරන්නේ අගේට.

      Delete
    3. ආනේ මන්දා උඹලා අපි නං ඉතින් හවසට තමා

      Delete
    4. Naleen DilrukshaSeptember 5, 2013 at 9:34 AM
      අනේ මේ අපි තාමත් ඔය වැඩේ කරන්නේ අගේට.

      podu janathawage tax salli walin ubalata padi gewanne ban. balu weda karanna epa ban. ubala me ratatth nayak.

      Delete
    5. මොකෝ අනේ බැරි. හැබැයි අහුවුනොත් හරි එකෙක්ට, එතනම සෙන්න තමා වෙන්නේ...

      Delete
    6. එක තමයි නලින් අයියලාගේ පත්තරේ මේ තරම් විහිළු තියෙන්නේ..:D

      Delete
    7. AnonymousSeptember 5, 2013 at 8:15 PM
      පවුලක්ම රට කන එකට කොහොමද කියන්නෙ.

      Delete
    8. මෙහෙමයි කකා,නීතියෙන් තහනම් නමුත් වැඩේ වෙනවා,අහුවුනොත් බඩු බනිස්.

      Delete
    9. Kenji @ Japan

      mokaa karath wedda weraddamai. oya hema ekaatama owata widawanna wena dawasak enawa. aru karana nisa mamath karanawa kiyana eka nidahasata hethuwak newe. maha ekaa horakam karana eke katu kana eka horakam kalata kamak ne kiyalada kenji kiyanne???

      Delete
    10. Kenji @ Japan
      දන්න තරමින් රජයේ සේවකයන් අතුරෙන් නාවික හමුදා නිලධාරීන්ට පමණයි දිවා ආහාරය සමග මත්පැන් පානයට අවසර තිබෙන්නේ.

      Delete
  11. අපේ ගමේත් හිටියා පොරක් නම ධනපාල වැඩ කළේ හාබර් එකේ. මිනිහා වැඩට ගියේ මීරිගම ඉදන්ම පුට් බයිසිකලේ. ඉද හිට අපේ ගමේ අනෙක් අයගෙත් බයිසිකල් ඉල්ලන් යනවා. ගෙනියන්නේ රෝද දෙකයි ෆෙරේම් එකයි විතරයි.ගෙනත් දෙන්නේ සියලුම අංගෝපාංග හයිකරලා. කොහොමද වැඩේ.

    ReplyDelete
    Replies
    1. මීරිගම ඉඳන්?????

      Delete
    2. ඌට වෙනම ගාණක් දෙන්න ඕනෑ දවස ගානේ ඔච්චර දුරක් සයිකල් පැද්දට

      Delete
    3. හැලප්ස්.......ඉස්සර සුමනවීර පෙට්‍රෝලියම් එකේ වැඩට එන්නේ රත්නපුරේ ඉදන් බයිසිකලෙන්. ඒ නම් ඉතින් ප්‍රැක්ටිස් එකටත් එක්ක වෙන්න ඇති.

      Delete
  12. ඒ දවස්වල රාජ්‍ය පිටි සංස්ථාවේ (දැන් ප්‍රීමා එක?) අපේ තාත්තා වැඩ කරල තියෙන්නේ. ඉතිං වරාය එක්ක බොහොම කිට්ටු සම්බන්ධතා තියල තියනවා. ඒ ගැන තාත්තා කියපු කතා මතක් වෙනවා හැලපෙගේ කතා නිසා.

    රස්සාවක් නැතිව ඉන්න දවස්වල අපේ මාම කෙනෙකුත් කිව්වා වරායට තල්ලු කරල දෙන්නම් කියල. මම බෑ කිව්වා. පීනන්න එච්චර බැරි නිසා. :-D

    ReplyDelete
    Replies
    1. බොහොම නුවණක්කාර වැඩක්,එදා වරායට තල්ලු කලානං අද අපට පෙට්‍රියට් කෙනෙක් මාමේ.

      Delete
    2. මාමේ නෙවෙයි නෑනෙ

      Delete
  13. බලාගෙන ගිහාම මෙයා මූදූ කොල්ලකාරයෙක් නේ!

    ReplyDelete
    Replies
    1. හා හා කෑ ගහන්න එපා,මූදු කොල්ලකාරයෙක් වෙනම ඉන්නව බ්ලොග් අවකාසේ

      Delete
  14. මේකේ තව මතු සම්බන්ධයකුත් තියෙනවද? :D

    //උං දෙන්නෙ තේ එකක් විතරයි ඒකත් මෙලෝ යකෙකුට බොන්න බැරි ඉන්දියන් තේ...//

    මම නම් හිතා හිටියේ එයාලගේ අර මසාලා තේ එක හරි රහයි කියලා.

    දෙල් දීසියේ පාට නම් හරිම රහයි.:)

    ReplyDelete
    Replies
    1. හැලප මාස 9 කට විතර සිංහල කෑම ප්‍රචාරණය සහ පිංතුර දැමීමෙන් වලකින්න.
      දොලදුක හැදිල සිංහල කෑම ඉල්ලුවොත් අර අහිංසකය කොහෙන් හදල දෙන්නද?

      Delete
    2. හපොයි ... පෝලිමේ පිළිවෙලට යමු නේද? අර ඉස්සල්ලා ඉන්න අයට කලින් පනින්ට නරකයි.:D

      Delete
    3. එයාලගෙ ඉලක්කය 2යි.
      ඔබ 2 X 2 නෙ.

      Delete
    4. තව ටිකක් තියෙනව පොඩ්ඩියෙ ඒකයි මතු සම්බන්ධ කලේ

      Delete
  15. ඇල්ලෙන් කොහොම වෙතත් කාලෙකට කලින් උඩිංනං පරිප්පු වැටුණලු යාපනේ දිහාවට.

    දැන් දාමුකො බලන්න මුහුදු කොල්ලකාර‍යගෙ කතා වස්තුවත්.

    ReplyDelete
    Replies
    1. ඒ 1987දි නේද,දැන් නං කිව්වත් පරිප්පු දාන එකක් නෑ

      Delete
  16. ආවරණ අනාවරණ ටැපලුනොත් හරි අවුල තමයි. මම බයේ හිටියෙ පරිප්පු බානව කියල ඉන්දියන් හමුදාව පරිප්පු බාපු හැටියි ඊට පස්සෙ යුද්ධෙ ගැනත් ලියල මහින්ද මහත්තය යුද්ධෙ අවසන් කරන තැනටත් ඒවි කියල. උඹේ හැටි එහෙමනේ :-)

    ReplyDelete
    Replies
    1. අනේ බං,උඹත් කියන දේවල්

      Delete
  17. බලමු බලමු තව මොනවද වෙලා තියෙන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටසින් බලන්න දිලිනි

      Delete
  18. පයිලට් කරයා බැහැල ගියාම පෝලිමෙ අපේ නිලදාරියො නගින්නෙ මළුත් අරන්.. ආගමන විගමන රේගුව වරායෙ දොස්තර වගෙ අය.. බහින්නෙ වැනි වැනී බර මළුත් උස්සන්. ඔය පුරුද්ද තියෙන්නෙ ලංකාව ඉන්දියාව වගෙ රටවල විතරයිනෙ.. බැලින්නම් ඒ අස්සෙ මෙයත් ඉඳලනෙ..

    ReplyDelete
    Replies
    1. අපි නං මළු අරගෙන යන්නෙ නෑ,තව එකක් ඔය නැව් වලට නගින තරප්පුවේ වරාය සිකුරිටි ඉන්නවනෙ උන්ටත් මොකුත් ලැබුනේ නැත්නම් බඩු අරගෙන එනව බොරු.

      Delete
  19. අඩේ මරු පරිප්පු සීන් එක ...හී

    ReplyDelete
    Replies
    1. ඔයා දැකල නෑ පරිප්පු හැලෙන හැලිල්ල දුක හිතෙනවා රෙහනි.

      Delete
  20. ලක්ෂ්මන්ගේ ටෝක තමයි දවසේ ටෝක...

    කොහොම උනත් කතා සෙට් එකම එක හුස්මට ආසාවෙන් කියෙව්වා..ඉක්මනට දෙකත් එලියට දානවද? (දෙක කිව්වේ දෙවෙනි කොටස)

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉක්මනටම දානවා

      Delete
  21. මේක කතන්දර ලෝකයක්නේ.....

    ReplyDelete
    Replies
    1. උකුස්සා කියවනවනන් තව කතන්දර ලියන්නං

      Delete
  22. උබෙ කෑම වට්ටොරුවට හෑමදාම බඩගිනිවෙනව බන්.ඉලග එකෙන් හෑලපය අම්බානකට කනහෑටිද තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් කෑම ෆොටෝ දැමිල්ල මාත් හෙලා දකිනවා ඇයි අනේ රස රස එවුවා දකිද්දී

      Delete
    2. ඒක ඇත්ත. මාත් හෙලා දකිනවා. ඔය කෑම ෆෝටෝ දැමිල්ලයි, රූප රාජිනි තරඟ ෆෝටෝ දැමිල්ලයි දෙකම...

      Delete
    3. එහෙමත් කියන්න පුළුවන් දමිත්,කෑම වට්ටෝරු දාල මම බොලාට උපකාරයක් කරන්නෙ බැලුවම නේද

      Delete
  23. එතකොට අර ඉන්දියන් නැව් පරීක්ෂා කරන්නේ නැති හන්දා නිකම්ම ෂේප් වෙලා යනවද?

    ReplyDelete
    Replies
    1. පව්නෙ බං,උන් ඔන්න ඔහෙ යන්න ගියාවේ.

      Delete
  24. පව් කිටියා ගැන දුකයි මට ,, අම්මේ ඔයත් බලන් ගියාම ලෝකේ කාලා වතුර බීපු කෙනෙක් වගේ කඩේ අයියේ ,,

    ReplyDelete
    Replies
    1. මොකෝ කෙල්ල ලියවිල්ල නවත්වල කොමන්ට් කොටනවද?
      අර නලින්ගේ සමකය වටේ පොඩ්ඩක් ගිහිල්ල එන්න වෙලාවක් තියෙන වනම් ඉදගෙන.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නලකයි ඈ ගොන්ජි

      Delete
    4. අපොයි නෑ ඔමා,මම බොහොම අහිංසක බ්ලොග් ලියන්නෙක්.

      Delete
    5. මාව යැවුවේ අර අහවල් මල් වල සුවද ගැන හොද අවබෝදයක් දෙන්න නේද බොලා ඈ ... ස්තුතී ඈ ,, දේශක තුමා ,, අටම් තුමා වගේ වාසනාවට පයින් ගැහුවේ නැහැනේ ඔයා ,,

      Delete
  25. හැලප්ස්...උඹේ පෝස්ට් එකක් කියවලා ඉවරකරන්න හම්බවෙන්නේ නැහැ අතරමගදී යකෙක් කන්න බඩගින්නක් එනවා.මේ පලවෙනි පාර නෙමේ.බඩගින්න නම් කමක් නැහැ.දෙකක් දාගෙනමයි කන්න හිතෙන්නේ උඹ ලියන විදිහට.වරායේ කෑම, ආප්ප, අද බලපන් දෙල් කරිය, අඟුන කොල. මේවා දමලා ගහලා යන්න හිතෙනවා බන්.

    ReplyDelete
    Replies
    1. අනේ බං අරූ මටත් හරිම දුකයි ඔය කෑම ගැන ලියද්දි,බලාගෙන ගියාම අපි දෙන්නම එක බෝට්ටුවෙ

      Delete
  26. නැව් කතා රසවත්,
    මං කිටියා උනා නම් පිස්සු හැදෙනවා.

    වරායේ ගබඩා සහයකයෙකු ලෙස 77 ආණ්ඩුවෙන් ගිය හිතවතෙකු අවුරුද්දෙන් අවුරුද්ද තට්ටුව බැගින් ගෙය ඉස්සුවා.
    හැබයි තට්ටු පහෙන් නැවත්තුවා.
    ඊට වඩා උඩට යන්න බැරි නිසා.

    ReplyDelete
    Replies
    1. පැමිණීම ගැන බොහොම සතුටුයි,ආදරයෙන් පිලිගන්නවා.

      Delete
  27. එහෙනම් ඉතිං ඊළඟ කොටස මේ අතුරු කතාවෙන් පටන් ගනිමු නේද..??
    ලස්සන ලියවිල්ල..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි,අතුරු කතා ඉවරයක් නැති එක තමයි ප්‍රශ්නේ.

      Delete
  28. මතකද අසූ ගනන්වල දෙහිවල බොම්බයි ලූනු නැවක් පෙරලුනා. ඒ කාලෙ අපිට තුන්වේලම සීනිසම්බෝල.

    ඉස්සර කොටුවෙ ඇවිදිනකොට ඔරලෝසු රෙද්ද අස්සෙ ගහන් විකුනනව "දැන් නැවෙන් පන්නපුව" කියල. අපෙ අය්ය කෙනෙකුත් ඒකක් ගෙනත් වතුර යනවද බලන්න ගිහින් කටුයි හමයි විතරක් ඉතුරුකරගත්ත.

    ReplyDelete
    Replies
    1. හි හි ඔයත් එහෙනම් කඩේ අයියා වගේම තලතුනා මාමෙක් ඈ ,,

      Delete
    2. ඇයි ඉන්දික නැවෙන් පන්නපු පවුන්ටන් පෑන් වෙළඳාම,ගමේ මනුස්සයෙක් ආවොත් පැත්තකට අරං ගිහින් පෑන් පෙන්නනවනේ.

      Delete
    3. නපුරි,

      වයසට ගියත් හවසට ගෙදර හරිද.



      හැලප,

      ඔව් ඒ අනික. ඒ දවස්වල නැවෙන් පන්නපුව කියල වික්ක ඔක්කොම වගේ චයිනීස් කුනුගොඩවල්.

      Delete
  29. හත් ඉලව්වයි මටත් කියන්නේ කිටියා කියලා හැබැයි ඔයවගේ චාටර් වෙලානම් නැහැ.

    ReplyDelete
    Replies
    1. හප්පා මෙන්නෝ තව කිටියෙක්,එහෙනං කෝරළේ මහත්තය ගොඩක් අහිංසක නිසා වෙන්නැති කිටිය කියන්නෙ

      Delete
  30. වේගයෙන් ඇදීයන නවනළු රසය පිරි මතක මංපෙතක්. ඉක්මනින් තවත් ඉදිරියට රැගෙනයන්න අපිව. වරායේ හමුදා සාමාජිකයන් ගැන මතකයේ තියෙන්නේ මොනවාද කියා දැනගන්නත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා ටික දවසකින්...වරායෙ හිටපු හමුදා සාමාජිකයන් ගැන නම් විශේෂ මතකයක් නැහැ විචාරක තුමා...එහෙමනම් මම අනිවාර්යයෙන්ම ලියනවනෙ...සිකුරිටි එක සම්පූර්ණයෙන්ම භාරව හිටියෙ වරාය අධිකාරියෙ ආරක්ෂක අංශය

      Delete
    2. අපේ එක්කෙනෙක් හිටියා. මිනිහට කියන්නේ 'බී ළූණු' කියලා. ඒ යකා ඒ කාලේ වරායෙන් පන්නන්නෙම බී ළූණු ලු. :D

      Delete
  31. \\හේමාල්ගෙ පුෂ්පය ටික ටික විකසිත වේගන එනවා\\... හික් හික්.. දවසේ කියමන..

    ReplyDelete
    Replies
    1. තුසිතව මගේ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා

      Delete
  32. අනේ පවු...කිටියා ඉතිං කාගෙ හරි දරුවෙක්නෙ නේද...

    ReplyDelete
  33. අනේ පව් බං අපිත් ඉතින් කාගේ හරි දරුවොනේ

    ReplyDelete
  34. හැලප අංකල් කියන ජූලියස් කාර්ය සහයක කෙනෙක්ද? තාම ඉන්නවා එහෙම කෙනෙක් ෂිපින් ඔෆිස් එකේ.

    දැන් නම් ගොඩක් නැව් "dry ship" ඒ කියන්නෙ සැර බීම නෑ

    ReplyDelete

ඔබේ අදහස්