Sunday, February 18, 2018

ස්වප්නාගේ දානය, චන්දරේ ගේ මඟුල, එරික්ගේ ඔරොප්පුව සහ කේටරින් සර්විස්.


'අපට ලැබෙන්නේ අප බලාපොරොත්තු වන දේ නොවැ අපට හිමි දේය'! මේ කතාව මම ස්වප්නාට කීවේ මේ ඊයෙ පෙරේදා මඟුල් ගෙදරකදී ස්වප්නා මුණ ගැසුණු වේලාවේය.    පහුගිය මාසයේ එක දිගට මඟුල් ගෙවල් කීපයකම යන්නට වුන අතර ඒවායින් සමහරක් හෝටල්වල තිබුණු අතර අපිත් එක්ක වැඩකරපු පැරණිම සගයෙක් වන චන්දරේ ගේ බාල දුවගේ මඟුල ගත්තේ ගෙදරමය.    දැන් දැන් ගෙවල්වල ගන්නා මඟුල් වලට යන්නට ලැබෙන්නේ කලාතුරකින් නිසාත් අපේ පරණ යාළුවන් ඔක්කොම පාහේ මුණගැහෙන දවසක් නිසාත් මම සතුටින්ම මඟුල් ගෙදර ගියෙමි.    

චන්දරේගේ ගෙයත් වත්තත් හොඳට ඉඩකඩ තිබෙන නිසා වත්ත හැමතැනම මඩු ගසා සරසා පුටු මේස තබා එන අයට වාඩිවෙන්නට ලෑස්ති කර තිබුණු අතර සංගීත කණ්ඩායම සඳහාද අති විශාල වේදිකාවක් ඉදිකර තිබෙනු දක්නට ලැබිණ.  සංගීත කණ්ඩායමට අමතරව උඩරට නැටුම් කණ්ඩායමක් සහ ඉන්දියන් විදියට ඇඳගෙන බෙර ගහමින් සිංදු කියන කණ්ඩායමකුත් වරින්වර වැඩ පෙන්නුවේ ඇවිත් හිටපු අයගේ විනෝදය සඳහාය.   මඟුල් ගෙදර අපේ පරණ යාළුවන් ඔක්කොම වගේ කල් වේලා නොඉක්මවා ඇවිත් සිටියෝය.   ස්වප්නා සාරියකුත් ඇඳගෙන ඇවිත් හිටියේ පොඩි ඇතින්නියක් වගේය.    ඇයගේ රුව පැරණි කවි සමයෙන් වනනවා නම් ගන්නට තියෙන කවිය වන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණියේ එන මේ ප්‍රසිද්ධ කවියයි.

සිසිවන උවන සිහිනිග ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රියසක යුරු තිසර තන
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙ පුරඟන
ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන

ස්වප්නා ගේ සිහිනිඟ නම් මිටින් තියා දෑත බදලා වත් අල්ලන්නට හැකි වෙන්නේ යන්තමිනි.   පුළුලුකුළ නම් හරියටම කවියේ කිව්වාක් මෙන් රිය සකයුරුමය.   පොඩි පරහකට තියෙන්නේ පුළුලුකුළ පමණක් නොවැ  උඩ ඉඳන්  පහළට මුළු ශරීරයම රියසක යුරු වීමය.   තිසර තන ගැන වනන්නට පැරණි කවි සමය අතහැර නූතන කවියක පිහිට ලබන්නට කැමැත්තෙමි.

පළමුව දෙළුම් රැක්කා
දෙවනුව තැඹිලි වික්කා
පසුව වට්ටක්කා
වැලක එල්ලී සිටිනු දැක්කා

ඉතින් ස්වප්නාගේ රූප සොබාව වැනිල්ල නවතා ආපහු කතාවට ගියොත් ගේ ඉස්සරහ පැත්තේ තිබුණු හට්වල සෙනගද සද්දේද වැඩිය.   සංගීතය පටන් ගත්තායින් පසුව සද්දෙ දෙගුණ වී ළඟ ඉන්න එකා කියන දේද නෑහෙන තරම් නිසා කට්ටියම පුටුත් අරගෙන ගිහින් වාඩි වුණේ ගෙයි පිටිපස්ස පැත්තට වෙන්නටය.   එතැන හට් නැති උනාට වටේ ගස් තියෙන නිසා සෙවනය.   අපි කට්ටිය වාඩිවී සිසිල් බීමකුත් බොමින් ආගිය කතා සහ පරණ කතා  කියවමින් ඉද්දී චන්දරේ එතැනට මේසයක්ද බෝතල් හා බයිට්ද එව්වේය.    

බොන්නට හදිස්සිය තිබුණේ එරික්ටය, ඌ අපේ කණ්ඩායමේ ලලනිගේ මනුස්සයා උනත් ඒ කාලයේ සිටම ලලනිට වඩා අපි යාලු පිට් එක පවත්වාගෙන ගියේ එරික් එක්කය.     බෝතලේ කඩපු ගමන්ම එරික් මෙලෝ සිහියක් නැතුව ගහන්නට පටන් ගත්තේය.    ඒ කොහොමද කිව්වොත් අපි එක ෂොට් එකක් ගද්දී ඌ ෂොට් දෙක තුනක් දාගනී.    ටිකක් හිමිහිට බොන්න කිව්වට අහන්නෙත් නැත.    සුපුරුදු විදියට ගෑණු ටික බයිට් පිඟන් හිස්කරද්දී බෝතලයද හිස්විය.   බෝතලෙන් තුන්කාලක් විතර බිව්වේ එරික්ය, ඉතුරු ටික අපි තුන්දෙනා බීවෙමු.   බෝතලේ ඉවරවූ පසු වටපිට බැලු එරික් මේසේ උඩ තිබුණු අපේ වීදුරුද හිස්කලේ එක හුස්මටය.    දැන් එරික්ට හොඳ පදමට වැදී කෙලින් හිටගන්නවත් බැරි සයිස්ය. 

බෝතලේ ඉවරවුණත් තව බෝතලයක් ගෙන්නා නොගත්තේ එරික් ඒකෙත් වැඩි හරිය බීගෙන බිම වැටුණොත් එහෙම උස්සාගෙන යන්නට වෙන නිසාය.   ඌ දැන් මෙලෝ සිහියක් නැතුව නන්දොඩවයි.   මම එතැන තිබුණු ටැප් එක ළඟ චන්දරේගෙ මස්සිනා එක්ක කතා කරමින් සිටිද්දී එරික් එතෙන්ටද ඇවිත් කියවන්නට ගත්තේය.    එරික්ගේ ඔලුව වටේට කෙස් තිබුණත් මැද තට්ටේය.   මට හොඳ වැඩක් මතක්වී එරික්ට කතා කළෙමි.

ඒයි  වරෙන්කො පොඩ්ඩක් !

මොකක්ද බං මළ කරදරේ! එරික් වැනි වැනී ආවේය.

උඹ මේකට ඔලුව අල්ලපන්, මම ටැප් එක අරින්නං!

ඒ මොන මඟුලකටද?

ඇයි යකෝ වෙරි බහින්න නෙ!

එරිකාට යකා නැග මට පලු යන්න බනින්නට විය.

මට කියන්නෙ උඹ අල්ලපන්කො, අනේ අම්මප! අපිත් හිතාගෙන ඉන්නෙ උඹල මහ බුද්ධිමත් මිනිස්සු කියලනෙ, ඔන්න බුද්ධියෙ හැටි!ඇයි පස්ස ගහන්නෙ ඇවිත් පෙන්නපන්කො මට ටැප් එකට ඔළුව අල්ලන හැටි.

එරික් ආවේස වූ කපුවා වගේ මට බැනගෙන බැනගෙන යයි, උගේ මූණ යකෙක්ගෙ වගේ විකෘති වෙලාය, ඇස්වලින් ගින්දර පිටවෙයි, කඩදාසියක් මුණට දැම්මත් එවෙලෙම දැවිලා අඟුරුවෙලා යන සයිස්ය.    මම වචනයක් වත් නොකියා පැත්තකට වී බලා සිටියෙමි.   උගේ බැනිල්ලට ගෑණු ටික බයවෙලාය, ලලනි හිමිහිට මට කතාකලාය.

ගණන් ගන්න එපා අනේ, දැන් එයාට හරියට කේන්ති යනවා !

මම මොනවා හරි කියා ආයෙම ගෝරිය වැඩිවෙයි කියා ලලනිට බය හිතිලාය, වෙරිවෙච්ච එකෙක් බැන්නාට මට කිසිම ගණනක් නැත, වෙරි උන උන් බයිට් කරන්නට ගිහිං මම බැණුම් අසා ඇත්තේ අදක ඊයෙක නොවේ.  ගෑණු ඒවා දන්නේ නැත, එඩ්ඩාත්,ගුණේත් එරික්ට යාප්පුවෙන් කතාකර පැත්තකට ඇදගෙන යද්දිත් එරික් කියවයි.

උඹේ ලොකුකම මට පෙන්නන්න එන්න එපා,  මට ඔය එකෙක්වත් ලොකු නෑ  තේරුණාද?  වරෙන් මම උඹට නාන හැටි කියල දෙන්න, මොකද පස්ස ගහන්නෙ?

ස්වප්නා බයවෙලා ඉන්නේ එරික්ගේ බැනිල්ලට මම හිත නරක්කර ගනී කියලාය.   ඇය බීතවී මගේ දිහා බලාගෙන ඉන්නේ ඒ නිසාය.

මේකට යකා වැහිලද මංදා?  ස්වප්නා කියයි.

වැඩේ ඔය විදියට ඇදී යද්දී කෑමට ආරාධනා ලැබුණි.  එරික්ට කෑම තියෙන තැනට ගියත් බෙදා ගන්නට බැරිය.   ඒ නිසා ඌ මේසයක  වාඩිකර ලලනි කෑම පිඟානක් බෙදා ගෙනැත් දුන්නාය.  කෑම එක උඩින් පල්ලෙන් අත ගෑ එරික් ටිකකින් කෑම පිඟානේ මුහුණ ඔබාගෙන නිදි කිරන්නට විය.   වෙරි බහින්නට අයිස්ක්‍රීම් දෙක තුනක් කවමු කියා ගුණේ කියපු නිසා ගෙනැත් දුන් අයිස්ක්‍රීම් එරික් ඇඟේ හලාගත්තේය.  කොහොම නමුත් අයිස්ක්‍රීම් දෙකක් විතර කවාගන්නට පුළුවන් වුණේ හත අටක් හැලුවාට පසුවය.   ඊට පසු එරික් ට පුටුවේ නිදාගන්නට ඇර අපිත් කෑමට ගියෙමු.    මඟුල ගෙදර තිබුණත් කෑම සපයා තිබුණේ කේටරින් සර්විස් එකකිනි. 

කේටරින් සර්විස් වලින් දෙන කෑම ඔක්කොම එකම රස බව මා මෙන්ම කේටරින් සර්විස් කෑම කා ඇති හැමෝම දන්න කාරණයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.   කේටරින් සර්විස්වලින් දෙන කෑමවල තියෙන චිකන්ද, මාළුද, පරිප්පුද, කජුද, බටු මෝජුද, ඉස්සෝද,කට්ලට්ද  ආදී මෙකී නොකී කෑම සියල්ලම එකම රසය.   ඒ නිසා හැමදේම බෙදාගෙන බලාපොරොත්තු කඩ කරගන්නවාට වඩා එක දෙයක් බෙදාගෙන කන එක හොඳ බව මගේ පුද්ගලික අත්දැකීමයි .    ඒ කොහොමද කිව්වොත් බතුත් පරිප්පු ටිකකුත් බෙදාගෙන කෑමය.   අවශ්‍ය නම් පපඩම් කෑලි කීපයක්ද, සැරක් වගේ උවමනා නම් මැලේ අච්චාරුවෙන් ළූණු සහ මිරිස් ස්වල්පයක්ද  එකතුකර ගත හැකිය.    අපි කට්ටිය පෝලිමේ ටික වෙලාවක් ගතකර කෑම බෙදාගෙන කන්නට එනවිට එරික් පුටුවක ඉඳගෙන වටපිට බලමින් සිටියේය.   මම උගේ ලඟින්ම වාඩිවී කන්නට පටන් ගත්තෙමි, ඌට දැන් අර කළින් බැනපුවා මොකුත් මතක නැත, මගෙත් එක්ක සුහදව කතා කරයි.

බලපංකො මුන් කියන සිංදු, මෙලෝ රහක් නෑනෙ බං!

එරික් කියන්නේ සංගීත කණ්ඩායම ගැනය.  මගෙත් ලැජ්ජ නැතිකමට ආයෙම කට ඉස්සර විය.

ඉතිං බල බලා ඉන්නෙ නැතුව ගිහිං කිව්වනං හරිනෙ!

මම බලා හිටියේ ආයෙම මූ මට බනින තුරු වුණත් පුදුමයකට වගේ එරික් මගේ කීම හිස් මුදුනෙන් පිළිගෙන සංගීත කණ්ඩායම පැත්තට ගියේ කැපිච්ච පණුවන් සේ ඇඹරෙමින් දඟලමින් නටන කොල්ලන් අතරිනි.    ස්ටේජ් එක ඉස්සරහට ගිය එරික් අත දික්කරමින් සංගීත කණ්ඩායමට මොනවාදෝ කියනු පෙනිණි.   ඈත ඉන්න නිසා එරික් කියනදේ අපට ඇහෙන්නේ නැත, ඌ ආපහු ආවේ සිනාවකින් මුව පුරවාගෙනය.   

තවත් ටික වෙලාවක් මඟුල් ගෙදර ගතකර චන්දරේගෙන් සමුගෙන අපි ආපහු ආවේ ගියා වගේම සුහද සිතිනි.  ඔය ඉහතින් කියා ඇති කතාව මම ස්වප්නාට කීවේ ආපහු එද්දී කතාකළ පැරණි රසාංග අතරේ ස්වප්නා කියූ නෝක්කාඩුවකට පිළිතුරු වශයෙනි.   ඇගේ ස්වරයේ වුයේ එදා අපි වෙන් නොවුණා නම් අද මේ ගමන මීට වඩා රසවත් වෙන්නට තිබුණා නොවේද වැන්නක් බව මට වැටහිණි.    කරගත් මඟුල ගැන ශෝකයක්ද ඇගේ වතේ තැවරී තිබුණු බව මට පෙනුණත් මම ඒ ගැන වැඩිදුර කතා කරන්නට නොගියේ දැන් ඒ පරණ දේවල් ගැන කතාකර කිසිම පළක් ප්‍රයෝජනයක් නැති හේතුවෙනි.

මඟුල් ගෙදර ඉවරවී දවස් තුන හතරකින් චන්දරේ මට කතාකළේය. 

අනේ මචං, එදා මට උඹල ගැන බලන්නවත් වෙලාවක් තිබ්බෙ නෑනෙ! හරියට කන්න බොන්න වත් ලැබුණද දන්නෙ නෑ, කොහෙද මට එක තැනක ඉන්න බැරි තරමට වැඩ ගොඩ !

ඒව හරි බං, දන්නවනෙ උඹේ ගෙදර අපි ආගිය නැති තැනක් යැ! 

කියන්නට උවමනා උනත් මම චන්දරේට නොකියූ කාරණය වුණේ මඟුල ගෙදර ගත්තා වගේම කෑම ටිකත් ගෙදරම හැදුවානම් කොච්චර හොඳද කියලාය.    ගෙවල් වල ගන්න මඟුල් ගැන කියද්දී මට මතක් වෙන්නේ ගුණේගේ අයියාගේ මඟුලයි.  ඒ මීට බොහෝ කාලයකට පෙර අපි කණ්ඩායමක් වශයෙන් ගිය පළවෙනි මඟුල හැටියට මගෙ හිතේ සටහන් වී ඇත.   කතාව මෙතැන ලිව්වොත් පෝස්ටුව දිග වැඩිවන නිසා ආයෙම ලියන කතා ගොඩට දමන්නට සිතුවෙමි෴

67 comments:

  1. වැලම්ටයිම් එකේමද එතකොට පරණ ලව් එක මුලච්චි උනේ? සන්තෝසයි.. සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. තමුසේ වැල බලනවද?

      Delete
    2. නැත්නම් ඕයි! තමුසෙත් අහන කතා!

      Delete
    3. වැලම්ටයිම් වලට ඔන්න මෙන්න තියා මීට් උනෙමි.

      Delete
  2. පොත් බ්ලොග් එකෙත් ලියයිද ලඟදි?

    ReplyDelete
  3. ඇති යන්තං අරූ ගෲප් එකෙන් ගුටි නොකා බේරුන එක.

    ReplyDelete
    Replies
    1. ගැහැටවෙල කිත්සිරි ඔහේගේ බාප්පද?

      Delete
    2. නෑ මිනිහ මගේ ලොකු අපුච්චද කොහෙද.

      Delete
    3. නෑ කොහොමත් ඌ ටිකක් ඈත ඉඳගෙන කතා කළේ. බිව්වට හොඳට මතක තියෙනවා.

      Delete
  4. මගුල් ගේ කනවා ගෲප් ඇවිල්ලා
    ගෲප් එක කනවා මගුල් ගෙදර ආපු උන් සින්දු කියන්න ගිහිල්ලා..

    මෑතක නම් මම නියම මගුල් ගෙදරක ගියා... ඉස්සර ඇස්ටෝන් ගෙයක් වගේ... පුදුම රසයක් ඒ මගුල් ගෙදර තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. ඇස්ටෝන් කෙසේ වෙතත් තමුසේ තොරණ හන්දියේ මැරිච්ච ගුණපාලලැයි ගෙදෙට්ට රිංගනවා කියලා කොල්ලෝ කියන්නේ හංදියේ.

      Delete
    2. මඟුල් ගෙවල්වල ගෘප් ගැනයි සිංදු කියන ගමේ ගොඩේ ගායක ගායිකාවො ගැනයි වෙනම පෝස්ට් එකක් ලියන්න ඇහැකි.

      Delete
  5. දැන් නම් ඔය මගුලට විතරක් නෙමේ අවමගුලටත් කේටරින් නැතුවම බැහැ.විශේෂයෙන්ම නාගරික පැති වල.දැන් දැන් මිනිස්සු බලන්නේ වැඩේ කොලිටියටත් වඩා පහසුව.හැබැයි හොඳ කේටරින් එහෙමත් නැතුව නෙමේ.

    ReplyDelete
    Replies
    1. මොකද ඔයි තමුසේ මළපහ කරනවා වගේ ඇන තියාගෙන ඉන්නේ, ඉන්නවකෝ කෙලින් අපේ හැලපයියා වගේ.

      හැලපෙව ලෝකේ කොහේ හරි හමුදාවකට බන්දන මෙන් අප ඉල්ලා සිටිමු.

      Delete
    2. මම පෙරේදා අවමඟුලක ගියා සීදුවේ. දවල්ට කෑම කේටරින්.

      Delete
  6. අර ස්වප්නා කියපු ටිකත් අමු හිංගෙලන්ම ලිව්වා නම් අහවරයි නෙව

    ReplyDelete
    Replies
    1. මම කල්පනා කළේ මම ලියන දේවල් මල් මල්ලිල කොච්චර අවධානයකින් කියවනවද කියලයි.

      Delete
  7. මගේ තාත්ත ගේ පවුලේ සහ අම්මගේ පවුලේ ගොඩක් මගුල් ගත්තේ ගෙදර . ඉව්වෙත් ගෙදර . ඔය කේටරින් වැඩේ නැතිව එහෙම මගුල් කන එක නියමයි .

    හැබැයි අපි ඒ කාලේ පොඩි උන් වෙච්චි හිදද කොහෙද කෝකියා අපිව දැක්ක තැන පන්න ගන්නවා . හැමතැනකම එහෙමයි . හොරා කන්න එයි කියල මයේ හිතේ .

    **** **** **** **** ****

    ස්වප්නාගේ ගැන වෙනම පොස්ට්ටුවකුත් හැලපේ අය්යා ලියයි ද දන්නේ නෑ ඉස්සරහට .

    ReplyDelete
    Replies
    1. තමුසෙව කප්පාදු කරන්න ඕනා. ඒක කරන්න ඕනි මෙහෙම.

      තමුසෙගෙ ඇට කුට්ටම තදින් අල්ලගෙන බ්ලේඩ් එකෙන් ඇට කුට්ටමේ හම උඩ ඉරක් වගේ කැපුමක් දාල මිරිකලා කොස් ඇටේ සිබිඩ්ඩෙන් එළියට පන්නනව වගේ ඇට කුට්ටම එළියට අරං වීසිකරන්න ඕනි. එතකොට වටේ බලාගෙන ඉන්න කපුටො ටික උඩදීම කුට්ටම අල්ලගෙන ගිලල දායි....

      Delete
    2. ස්වප්නා ගැන වෙනම පෝස්ටුවක් ලියන්න අවශ්‍ය නැතිවෙයි හැම පෝස්ට් එකේම ස්වප්නා ගැන ටික ටික හරි ලියවෙන නිසා.

      Delete
  8. පොඩි ඇතින්නියක් වගේ.. හැක්. කීප දෙනෙක්වම ටැග් කොරන්න හිතෙනවා කියහන්කෝ.

    තව පොඩ්ඩෙන් එරිකය කනවා එතන හිටපු ලලනාවන්ගෙන්..ආයි.. ඇයි යකෝ ලලනෝපචාරි මහාචාරි හැලප තුමාට විරුද්ධව කතා කරන්න දෙයිද ඒ හිටපු ඇත් පැටික්කියෝ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. තමුසේ අර පොටෝ කේස් එකට හිරේ ඉන්නකොට පරණ හිරකාරයෝ තමුසෙට ටැග් කරා කියන්නේ ඇත්තද?

      Delete
    2. ඇනෝ ඉතින් බොට පාාන්ද? උඹත් පලයන්කෝ. උඹව නම් ටැග් කරලා විතරක් අරින එකක් නැහැ මයේ හිතේ.

      Delete
    3. එකෙන්ම. ඇත් පැටික්කියෝ ටික මාව මෙව්ව කරන්න උපරිමෙන් සප් එක දුන්නා.

      Delete
  9. සම්හර එවුන් බොන්නෙ ලොකෙ තියන අන්තිම බොතලෙ කියලා හිතගෙන..

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල් නං එහෙම වෙන එකක් නෑ.

      Delete
    2. තමුසේ ආසා නැද්ද පුන්ඩේ කොටන් පටවපු ලොරියක් පදින්න?

      Delete
    3. ආසයි උබලාගෙ පැත්තෙ තිබුනොත් කියපන්..

      Delete
    4. එහෙම උන් ඉන්නව. ඔය අපේ මස්සිනත් එකෙක්.

      Delete
  10. Replies
    1. මොකද අයිසේ තමුසෙට විලි රුදාවද?

      Delete
  11. Replies
    1. ට්‍රාන්ස්පොර්ට් සැල්වේසන් අන්තර්ජාල බ්ලොග් අඩවියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍යචර්ය ශ්‍රීමත් රුවන් එම් ජයතුංග මැතිදුන්(57) කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්.

      Delete
  12. ස්වප්නව හොදටම ස්කෑන් කරල තියෙන්නෙ .
    මගෙ ඇට්ටෝං එක ගත්තෙත් ගෙදර කෝකියො ඇවිත් උයල , සිල්පර ස්ටේජ් එකක් ගහල , වත්තෙ කොනක බාර් එකක් හදල , කැටයම් කපපු මගුල් මඩුවක් ගහල . ඒක තනිකරම මගුල් ගෙදර දවසෙ අපේ අයියයි , බාප්පලයි ගත්ත තීරණයක්.

    ReplyDelete
    Replies
    1. තෝත් බිව්වා නේද ?

      Delete
    2. මගේ ඇට්ටෝන් එක ගත්තෙත් ගෙදර.. ඒක තනිකරම අම්මගේ තීරණයක්.. හෝටල් වල ගත්තොත් ගමේ හැමෝටම එන්න කියන්න බැරි වෙනවලු. ගෙදර බල්ලෝ පූසොත් බඩ ගින්නේලු.. අන්තිම එකා නිසා ජයටම මගුල් කන්න ඕනිලු කියල.. මම හනිමූන් ගිහින් එනකොට ඔක්කොම ලැස්ති කරලා.. උයන්න ගෑණු කට්ටියකට බාර දීලා තිබ්බලු.. (මං දන්නෙවත් නෑ ඒ ගැන).. ස්ටේජ් මගුල් මඩු නෑ.. ඩීජේ එකක් සෙට් කරලා තිබ්බ.. උදේ ඉඳන් රෑ දොළහා එක වෙනකං වැඩේ ඇදුනා.. උදේට රෑට වෙන වෙනම මිනිස්සුන්ට ආරාධනා කරලා තිබ්බේ.. අපේ උන්දා පාන්දර ඇඳපු හෝම් කමින් සාරිය රෑ දහය එකොළහ වෙනකං ගලවන්න දුන්නේ නෑ.. මිනිස්සු එන්නේ මනමාලි බලන්න ලු.. ඉතින් අපි දෙන්නට අබ සරණයි.. හැබැයි අදටත් ගමේ හැමෝම ඒ මගුල ගැන මතක් කරනවා.. ඒ වගේම මාස දෙක තුනකට පස්සෙත් කෙසෙල් පඳුරු අස්සේ තිබිලා බෝතල් කොට හම්බුනා.. දැන්නම් එහෙම මගුලක් ගැන හිතුවත් අමාරුයි. හෙහ්..

      Delete
    3. සූටික්ක , උඹ දන්න ගොඩක් උන් ඔය ඇට්ටෝං ගෙදරදි හොදටම බිව්ව , උඹ මාව හොදට දන්නවනෙ 😁

      කමී , ඒ කාලෙත් බර වියදමක් යන්න ඇති. මට බර පැන දරන්න උනේම නෑ, අපේ උන් ඔක්කොටම සාම්ප්‍රදායික විදිහට මගුලක් කන්න ඕනෙ වෙච්චි එකේ ප්‍රතිපලයක් හින්ද ගෙදර අයට බරක් තිබ්බෙම නෑ. දවස් හතරක් ඇතුලත තීරණයක් අරන් එච්චර සංවිධානාත්මක විදිහට වැඩ කරපු එක මටවත් හිතාගන්න බැරිඋනා , කාඩ් එකක් ඩිසයින් කරල අච්චුගහල ඔෆිස් එකේ උන්ටත් යවල , මගෙ පන්තියේ වගේම වල බැස්ස සෙට් එකට ( ටිකක් ඈත පැත්තක ) , ඒ වගේම නෑදෑයො කොටින්ම මාස ගානක් මහන්සි වෙලා ගත්ත වෙඩිමට වඩා මරු .තාමත් හිතාගන්න බෑ ඒ කරපු දේවල් .

      Delete
    4. මගෙ මඟුලත් ගෙදර. හෝටලේ මඟුල ගන්න අහල හැලපි ගෙදරින් හොඳට බැණුම් අහගෙන තියෙනවා.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. කේටරින් කෑම සසායි.....

    ReplyDelete
    Replies
    1. හප්පේ,,,,, ඒක තමයි !

      මම නම් මොනවත් කියන්නේ ණෑ ...

      හාල්මැස්සෝ එක්ක හුනෝ බැදලා දීල ගාමන්ට් අක්කලා ට .

      ඇහුවා ම ඉන්දියන් පැක් එකක් ද මොකද කියල .

      හැක් හැක් හැක්

      Delete
  15. හප්පේ,,,,, ඒක තමයි !

    මම නම් මොනවත් කියන්නේ ණෑ ...

    හාල්මැස්සෝ එක්ක හුනෝ බැදලා දීල ගාමන්ට් අක්කලා ට .

    ඇහුවා ම ඉන්දියන් පැක් එකක් ද මොකද කියල .

    හැක් හැක් හැක්

    ReplyDelete
  16. හැලපයාව මුස්ලිම් ආගමට බන්දා කසාද හතරක්ම කරදෙන මෙන් අප ඉතා ඕනා කමින් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  17. දිවංගත රසික සූරියආරච්චි මැතිතුමාකෝ?

    ReplyDelete
    Replies
    1. දිවංගත නම් එක්කො දිවිය ලෝකේ එක්කො අපායෙ. ගිය වෙලාවක හොයල බලපන්.

      Delete
  18. හැලපයා මේ පාර ජන්දේ දුන්නේ පොහොට්ටුවටද? ඈ හැලපෙ, ඔහේ ආණ්ඩුවේ වැඩ කරන කාලේ ඉදන් මහින්ද මහත්තයාගේ මිනිහෙක් කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. මම ආණ්ඩුවෙ වැඩ කළේ නෑ කියල කළින් කිව්වනෙ. මම වැඩ කළේ රජයට.

      Delete
  19. හැලප පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? ඔබේ දරුවනුත් මේ වගේ දක්ෂයන් කරන්න ආසයි නේද. එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

    උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

    ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

    ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

    පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?
    Reply

    ReplyDelete
    Replies
    1. හරක් මස් වලට හැලපයාත් බොහොම මනාපය.

      Delete
  20. ගෙවල් වල ගන්නා මගුල් පට්ට ආතල් ය.. සියල්ලෝ හැසිරෙන්නේ පට්ට නිදහසකින් නිසා විනෝද සයුරක් මය.

    ReplyDelete
    Replies
    1. සැටිපිකෙට් ඇත්ත. ගෙවල්වල ගන්න මඟුල්වල තියෙන නිදහස අසීමිතය.

      Delete
  21. ඔය එරිකා වගේ උන් එක්ක නං අපි දුප්පත් බෝතලේ බෙදාගන්නේ නෑ හැලපේ.. හැක්

    හැම මගුල් ගේකම කේටරින් කෑම එක රස තමා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව්. අමාරුවන් ගන්න බෝතලේ.

      Delete
  22. හැලපයා ආසා නැද්ද සර්කස් කණ්ඩායමකට බැඳිලා රටපුරා සර්කස් පෙන්න පෙන්න යන්න ?

    ReplyDelete
    Replies
    1. සර්කස් වල උඩ හයිකරපු කම්බියක් දිගේ සර්කස්කාරයෝ වැඩ දාන්නේ. අන්න එකේ හැලපයා යවන්න ඕනි සරමක් අන්දලා. යට ඉන්න උන්දලාට පෙනෙයි හැලපගේ සරම අස්සේ සර්කස්. සර්කස් හැලපයා..

      Delete
    2. ඒ මගෙ බෙල්ල කඩන්න මඟුලක් උඹ කියන්නෙ.

      Delete
  23. //ස්වප්නා සාරියකුත් ඇඳගෙන ඇවිත් හිටියේ පොඩි ඇතින්නියක් වගේය. //
    පව් නැත්ද මෙහම ලියන්න? කසාදෙ කොර ගන්න බැරි වුනා කියල. හේ හේ ස්වප්න මේවා කියවන්නේ නැත්ද?
    ඔය කේටරින් කතාව නම් ඇත්ත. ඔක්කොම කෑම බැදලා දෙන්නේ. ඔක්කොම එකම තාච්චි යේ ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ස්වප්නා මේවා කියෙව්වා නම් මම ඉවරයි.නොකියවන නිසා අත දිග ඇරල ලියනවා.

      Delete
  24. හැලපෙ ආසා නැද්ද ඩෙංගු මර්දන ඒකකයට බැදිලා, මිනිස්සු/ළමයි වැඩට ඉස්කෝලේ ගිහිල්ලා ගෑනු විතරක් තනියෙම දවල්ට ඉන්න ගෙවල් වල ඩෙංගු චෙක් කරන්න යන්න?

    ReplyDelete
    Replies
    1. හරි ආසයි බං. හදල දෙන්න බැරිද?

      Delete

ඔබේ අදහස්