අද ලියන්නේ කඩිනමට ලියැවෙන පෝස්ටුවකි. කඩිනමට ලිවීමේ නිධාන කතාව මෙසේය. මා කලිනුත් කියා ඇතිසේ කොච්චියා මට නිතරම කතා කරමින් යමක් නොලියන්නේ ඇයිදැයි ඇසීම සිරිතක් වශයෙන් කරයි. පහුගිය සතියේ පමණ එලෙස කතාකළ කොච්චියාට මා කීවේ මේ දිනවල විවේකය බොහෝ අඩු බැවින්ද මා ලියන දේවලට ඩොමැස්ටික් සෙන්සර් තදින් ඇති බැවින්ද ලිවීමට හැකියාවක් නොමැති බවත් මේ මස එකොළොස් වැනිදාට යෙදෙන බ්ලොගයේ හතරවෙනි උපන් දිනට ඒ ගැන යමක් ලිවීමට සිතා සිටින බවත්ය. මගේ කතාව ඇසූ කොච්චියා ප්‍රීතියෙන් පිනා ගියේ ලේ පෙරෙන මස් කුට්ටියක් දුටු ඇත්කඳ ලිහිණියෙකු සේය. ප්‍රීතියෙන් ඉපිල යමින් ඔහු කීවේ මේ හතරවෙනි උපන්න දිනය නම් ඉහළින්ම සැමරිය යුතු මංගල කාරණයක් බවය. උපන්දින වැනි දේවලට මා උත්සව නොපවත්වන බවත් මගෙ උපන් දවස පවා කිසිම උත්සවයකින් තොරව සාමාන්‍ය පරිදි ගෙවී යන බවත් මා කිවත් ඒ කතා පිළිගන්නට කොච්චියා කැමති වුණේ නැත. සමරන්නට දෙයක් හොය හොයා සිටින ඔහුට උපන් දිනක් මඟුලක් හෝ අවමඟුලක් වුවද ප්‍රශනයක් නොවේ. හැලප බ්ලොගයේ උපන් දිනයට නොකරන දේවල් කුමකටදැයි ඇසු ඔහු උපන් දින කේක් ගෙඩියක්ද වෙනත් අවශ්‍ය කටගැස්ම ආදී කෑම බීමද පිළියෙළ කරගෙන රාත්‍රියේ සිය පවුල පිටින්ම අපේ ගෙදරට එන බව කීවේය. ඊට අමතර වශයෙන් රාත්‍රී භෝජනයද සකස් කරගෙන එන්නට හැකි බව කියූ කොච්චියා අවශ්‍ය නම් වහාම දැනුම් දෙන ලෙස වැඩිදුරටත් කීවේය.
මා මේ කතාව ගෙඩි පිටින්ම හැලපියට කීවෙමි. කෑම හදන්නට කරදර වෙන්නට අවශ්‍ය නැති බවත් කොච්චියාගේ ප්‍රිය බිරිඳ කෑම උයාගෙන එන්නට සුදානම් බවත් හැලපිට කී විගස ඇය මගේ ඇඟට ගොඩවුනාය. "ගෙදරට එන අමුත්තන්ට කෑම හදාගෙන එන්න කියන්න ඔයාට ලැජ්ජාවක් නැද්දැ? "යි ඇසු ඇය එන අයට කන්නට දෙන්න සුදුසු දෙයක් තමන්ට හදන්නට හැකි බව කීවාය. හැලපිගේ නියෝගය අනුව අද දවල් කඩේට ගොස් කෑම බීම ජාති ගෙනැවිත් උයන්නටත් උදව් කල යුතු වන්නේ කොච්චියාට වගේ හිතුනු හිතුනු දේවල් හදාගන්නට පිරිවර අපට නැති නිසාය. එහෙයින් කඩිනමට ලියැවෙන පෝස්ටුව මෙයින් අවසන් කරමි. අද රාත්‍රියේ පැවැත්වෙන හැලපකඩේ උපන්දින සාදයේ විස්තර පින්තුරද සමග ඊළඟට ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි. නමුත් ඒ විස්තරය හෙට ලියාගන්නට හැකි තත්වයක සිටීදැයි සැක සහිත වන්නේ හෙට රාත්‍රියේද තවත් සගයෙකුගේ සමුගැනීමේ සාදයකට සහභාගී වෙන්නට ඇති බැවිනි. අමාරුවෙන් හෝ අනිද්දා එනම් ඉරිදා වැඩට යා යුතුය. සඳුදා ලංකාවේ පෝය නිවාඩුව නිසා පෝස්ට් පලකලාට වැඩක් නැති වන්නේ නිවාඩු දිනවල අපේ හිතවතුන්ගේ බ්ලොග් පැමිණීම බෙහෙවින් අඩු අගයක් ගන්නා නිසාය. එබැවින් පින්තුරද සහිත උපන්දින සාදයේ විස්තරය අඟහරුවාදා එනම් 15 වැනිදා බලාපොරොත්තු වන්න. හොඳින් හිටියොත් කොච්චියාද ඒ ගැන විස්තරයක් ලියනු ඇත
හතරට සුභ පතාගෙනම මාත් මේ පැත්තට ගොඩවැදුනා හැලපේ.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි දුමින්ද!!
Deleteකල් යන ඉක්මන....!
ReplyDeleteජයවේවා
සිව් වසරක් මරදානේ!!!
Deleteසිව් වසරක් හැලප කඩේ
Deleteඔව් අප්පා අවුරුදු හතරකුත් ගියා නොදැනීම.
Deleteහැල පකඩේට සුබ උපන්දිනයක්! :-)
ReplyDeleteස්තුතියි රාජ්!!
Deleteහැලප කඩේ හතරට සුභ පැතුම්!!!
ReplyDeleteස්තුතියි කම්මලේ!!
DeleteHappy Anniversary!!!
ReplyDeleteThanks Ravi!!
Deleteමාසෙට හතරවරක් හතරක්ම post එන සුභම සුභ 4 වේවා.
ReplyDeleteස්තුතියි මද්දෝ. එහෙමවත් බලමු.
Deleteහැලප කඩේට සුබ උපන්දිනයක් වේවා.
ReplyDeleteස්තුතියි අසංග!!
Deleteසුබ ඇනිමල්සරියක් වේවා...!
ReplyDeleteමටනම් ඔය ඇනිමල්සරි හරියට අමතක වෙනවා, ඒ වගේම ගණන් ගන්නවත් අඩුයි...
මගේ 05 වෙනි බ්ලොග් ඇනිමල්සරිය ඔක්තෝබර් මාසේ පහු වෙලා, මට මතක් උනේවත් නැහැ...
මේ අවුරුද්දේ අපේ කසාදෙ ඇනිමල්සරියත් අමතක වෙලා හාමිනේ දවස් ගානක් කතා නොකර හිටියා...
බුදු අම්මෝ ඔය දින වකවානු අමතක කරගන්න නං එපා. මම නං කොහොම හරි ඕව මතක තියාගන්නවා.
Deleteසුබම සුබ හතරක් වේවා!
ReplyDeleteස්තුතියි කසුන්!!
Deleteහැලප කඩේ සිවුවන වර්ෂ පූර්ණයට සුභපැතුම්...
ReplyDeleteස්තුතියි නිර්මාණි!!
Deleteහැලප කඩේ හතරට සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි එදිරි!!
Delete//උපන්දින සාදයේ විස්තරය අඟහරුවාදා එනම් 14 වැනිදා බලාපොරොත්තු වන්න.//
ReplyDeleteහැලපයියේ උඹ දැනුත් බීලද ඉන්නෙ
14 අපටනම් සඳුද
හැදුව හැදුව පොඩ්ඩක් එවෙලෙ කොයිල් වගේ තිබුනෙ.
Deleteඑළකිරි සහ ජලය.. ඔන්න ඔය පාටියට මාත් එනවා කලින් දැනං හිටියනං.. හැක්..
ReplyDeleteඑහෙනං ඉතිං ලස්සනට වටකුරු කරල පෝස්ට් තුන හතරක් වත් කොටා බාමු කොච්චියාගේ පිහිටෙන්.. ජය වේවා හැලපයාට... සුභ වේවා රාජ සම්පත්ම ලැබේවා.. (නොදකින්ගෙන් උපුටාගති)
ඇයි උඹ එතන ගිහිල්ල වෙරළු මල් ඩ්‍රින්ක් බොන්න ද?
Deleteකලින් දැනං හිටිය නං අනිවාර්යයෙන්ම උඹ එන බව මම හොඳින්ම දන්නවා. මොකෝ ලංකාවෙවත් කිසිම පාටියක් මිස් කරන එකෙක්යැ.
Deleteබොහොම ස්තුතියි ඈ.
සඳමාලයත් එනවද ඹය පාටියට?
ReplyDeleteආහ්...ඌ එන්නෙ නැහැ.
Deleteහැපි හතරවෙනි හැලපර්සරියක් වේවා !
ReplyDeleteකොච්චිය ගේන රෑ කෑම එපා කිවුවට බයිට් එකයි බෝතලෙයි එපා කිවුවෙ නෑ නේද?
ඔය කිවුවට මේ ඩබල ෆොටෝ ගහන්න සිහියක් තියෙය්ද මන්ද. ඔය හැලපිව දන්න කියන කෙනෙක් ඉන්නවනං මේ ඩබලගෙ ෆොටෝ ටිකක් ගහල පබ්ලිස් කරන්නය කියල කෝල් එකක් දීල තිවුවොත් නරකද.
ඉන්ද්‍රට හරි නීතට හරි කියමු. හැක්
Deleteබෝතල් නම් ඉතින් අපි ගේන්න දෙයක් නැහැ.හැලපෙට බෝතල් අතින් නම් කිසි අහේනියක් නැහැ
DeleteThis comment has been removed by the author.
Deleteස්තුතියි ප්‍රසන්න!!
Deleteඔන්න හැලපි මම සහ කොච්චියා තුන්දෙනාම පිංතුර ගත්ත බං.
බ්ලොග් සංවස්තරයට සුභ පැතුම්
ReplyDeleteස්තුතියි ඉයන්!!
Deleteඅප්පට හතරක්ද ,දෙන්නට වෙරි වේවා ,
ReplyDeleteහතරක් නේන්නං.තැන්ක්ස් අටමෝ!!
Deleteහැලප බ්ලොගයේ සිව්වන සංවත්සරයට උණුසුම් සුභ පැතුම් එක් කරමි. චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට ආසිරි පතමි.
ReplyDeleteබොහොම ස්තුතියි මල් මල්ලි!!
Deleteජයවේවා!!
ReplyDeleteස්තුතියි අරුණ!!
Deleteහතරට හතර ගාතෙන් යන්න ගහන එකයි තියෙන්නේ..
ReplyDeleteහතර වරන් දෙයි පිහිටයි හැලපේ.. කොච්චි මිරිසත් මතක් කොලා කියහන්...
බොහොම ස්තුතියි මචෝ. මම කොච්චියටත් කීවා.
Deleteසිව් වසරට සුභාසිරි වේවා..!! තව තවත් පෝස්ට් වැටේවා..!!
ReplyDeleteහැලපයියාගෙන් හැලප වගේ රස පෝස්ටුවක් ද කොච්චියාගෙන් හීංකොච්චි වඩේ බයිටක් වගේ සූ ගෑවෙන රස පෝස්ටුවක් ද බලාපොරොත්තු වෙමු ය.
ජයවේවා..!!
ස්තුතියි ගස්. වැඩ අස්සෙ කොහොම හරි ලියාගන්න බලමු.
Deleteහෘදයාංගම සුබපැතුම්!
ReplyDelete15 වෙනිදා නැගිටින්න පුළුවන් වුනොත්, 16 වෙනිදවත් ලියන්න හොඳේ?
ස්තුතියි විචා!! ඔව් එහෙමවත් ලියාගන්න බලමු.
Deleteසුභ පැතුම් ...කොමෙන්ට් කලේ නෑ කාලෙකින් හැබැයි පුලුවන් වෙලාවට අනිවාර්යයෙන්ම කියවනවා ..ජයවේවා දිගටම ලියන්න
ReplyDeleteසහෝදර බොහොම කාලෙකිං නේද. බොහොම ස්තුතියි!!
Deleteහතර අතේ පඳුරු තලනකොට ඩොමෙස්ටික් සෙන්සර්ශිප් මතුවේයැයි හිතුනෙමිය....!
ReplyDeleteහතරපාරක්ම චියර්ස් කිව්ව ඕන්න...!
මෙහෙත් වරෙන් ඉතිං....ඔන්න ඔහේ එන්න එපාලු විසිටර් වීසා වලින්...ඉතිං මෙහේ ආවාම අපිලටත් මූනබලාගෙනම චියර්ස් කියතෑකි...!
විසිට් වීසා වලින් එන්න එපා කිව්වෙ කවුද? එහෙම දෙයක් නෑ එනව නං වරෙන්.සුබ පැතුමට බොහොම ස්තුතියි ලංකාවට ආපු ගමන් ඉස්සෙල්ලම ඔහේව බලන්න එන්නං.
Deleteසුබ හතරක් වේවා!
ReplyDeleteබොහොම ස්තුතියි ඉකෝන්!!
Deleteසිව් වසරට ඔන්න අපෙනුත් සුබ පැතුම්...
ReplyDeleteස්තුතියි තුශානි!!
DeleteCheers
ReplyDeleteThanks Damith!!
Deleteසුභ පැතුම් හැලප(අ)යියේ....................
ReplyDeleteස්තුතියි කුරුටු ළමයි!!
Deleteපහුගිය විත්ති ඳඟ කවමින් දමන වැඩ....
ReplyDeleteහෙල බ්ලොග් ලෝකයට හැලපයියා පැමිණ....
සිව්වන වසර සපිරෙන දින අසිරි මැද .....
තව හැට වසක් බ්ලොග් ලියනට පතමි සුභ. ..
ජයින් ජයිම වීවා..
කවි සුබ පැතුමට බොහොම ස්තුතියි සුරංග!!
Deleteහැපිම හැපි හතරක් වේවා...
ReplyDeleteස්තුතියි සූටික්කෝ!!
Deleteහතර වරක් සුබ පැතුම් හැලපේ. නිවාඩු ලැබුනම ටිකක් වැඩිපුර ලියල තියාගෙන බිසී කාලෙත් එක එක පබ්ලිෂ් කරන්න
ReplyDeleteස්තුතියි තිලකේ අදහස හොඳයි ක්‍රියාත්මක කරන්න බලන්නං!!
Deleteසුභපැතුම්....
ReplyDeleteදැන් මොන්ටිසෝරි යන්න කාලෙ හරි
ස්තුතියි තරිඳු!! මොන්ටිසෝරියේ ඉඳන්ම පහේ ශිෂ්‍යත්ව පංති යන්න වේවිද දන්නෙ නෑ නේද?
DeleteHey halapa frend I also come back to blog and put my new post today too. I happy you write blog too. My congadulation to you too.
ReplyDeleteThanks Ratathota!!
Deleteඅනේ ඇයි අර හැලපි එහෙම කඩා පැන්නේ.. කොයි තරන් ලේසිද අනිත් කෙනෙක් උදව් කරන එක.. ඒ උදව්වත් අරගෙන තමනුත් සිතේ සතුටෙන් කෑමක් හැදුව නම් හරිනේ....
ReplyDeleteකොහොම උනත් 4 ට සුබ පැතුම්..කොහොම උනත් සාදය ගැන අපිට දැන ගන්න ලැබේවි ද පින්තූර එක්කම...:) :)
ගෙදරට එන අයට කියල කෑමත් හදාගන්න එක ලැජ්ජාවක් කියල හැලපිට හිතෙන්න ඇති.අපි දෙන්න එකතුවෙලා කෑම ටික හදාගත්තා.
Deleteසුබ පැතුමට බොහොම ස්තුතියි පිංතුර ටික නං තියෙනවා ලියන්න තමා ටිකක් කම්මැලි.
හතර අතේ සමරන්න ලැබේවා!!!!
ReplyDeleteශ්‍රී සුබ වේවා!!
බොහොම ස්තුතියි නාඩියෝ!!
Deleteසුභපැතුම්..
ReplyDeleteසුබපැතුම්!
ReplyDeleteසුභ පැතුම් හැලප කඩේට..
ReplyDeleteකෝ පින්තූර නෑනෙ තාම.........
H4A !
ReplyDeleteසුභපැතුම්.......!
ReplyDeleteකොච්චියාගේ පෝස්ට් එකෙන් පාර හොයාගෙන මේ පැත්තට ගොඩ උනේ,මීට කලින් මෙහෙට ගොඩ උනා වගේ මතකෙකුත් තියෙනවා කමෙන්ට් එහෙම නොකලට.දැන් ඉතින් දිගටම ඔන්න මෙහෙට එනවා හොදේ.
ReplyDeleteසුබ පැතුම් හැලප (අංකල්)
ReplyDeleteජය බෝලි නාත් !
කොච්චියා තමයි පාර කිව්වෙ
සුභ පැතුම් හැලප කඩේට...
ReplyDelete