Thursday, November 10, 2016

හතර සහ උපන් දින සාදය.

අද ලියන්නේ කඩිනමට ලියැවෙන පෝස්ටුවකි.    කඩිනමට ලිවීමේ නිධාන කතාව මෙසේය.    මා කලිනුත් කියා ඇතිසේ කොච්චියා මට නිතරම කතා කරමින් යමක් නොලියන්නේ ඇයිදැයි ඇසීම සිරිතක් වශයෙන් කරයි.   පහුගිය සතියේ පමණ එලෙස කතාකළ කොච්චියාට මා කීවේ මේ දිනවල විවේකය බොහෝ අඩු බැවින්ද මා ලියන දේවලට ඩොමැස්ටික් සෙන්සර් තදින් ඇති බැවින්ද  ලිවීමට  හැකියාවක් නොමැති බවත් මේ මස එකොළොස් වැනිදාට යෙදෙන බ්ලොගයේ හතරවෙනි උපන් දිනට ඒ ගැන යමක් ලිවීමට සිතා සිටින බවත්ය.    මගේ කතාව ඇසූ කොච්චියා ප්‍රීතියෙන් පිනා ගියේ ලේ පෙරෙන මස් කුට්ටියක් දුටු ඇත්කඳ ලිහිණියෙකු සේය.    ප්‍රීතියෙන් ඉපිල යමින් ඔහු කීවේ මේ හතරවෙනි උපන්න දිනය නම් ඉහළින්ම සැමරිය යුතු මංගල කාරණයක් බවය.    උපන්දින වැනි දේවලට මා උත්සව නොපවත්වන බවත් මගෙ උපන් දවස පවා කිසිම උත්සවයකින් තොරව සාමාන්‍ය පරිදි ගෙවී යන බවත් මා කිවත් ඒ කතා පිළිගන්නට කොච්චියා කැමති වුණේ නැත.    සමරන්නට දෙයක් හොය හොයා සිටින ඔහුට උපන් දිනක් මඟුලක් හෝ අවමඟුලක් වුවද ප්‍රශනයක් නොවේ.   හැලප බ්ලොගයේ උපන් දිනයට  නොකරන දේවල් කුමකටදැයි ඇසු ඔහු උපන් දින කේක් ගෙඩියක්ද වෙනත් අවශ්‍ය කටගැස්ම ආදී කෑම බීමද පිළියෙළ කරගෙන රාත්‍රියේ සිය පවුල පිටින්ම අපේ ගෙදරට එන බව කීවේය.   ඊට අමතර වශයෙන් රාත්‍රී භෝජනයද සකස් කරගෙන එන්නට හැකි බව කියූ කොච්චියා අවශ්‍ය නම් වහාම දැනුම් දෙන ලෙස වැඩිදුරටත් කීවේය.

මා මේ කතාව ගෙඩි පිටින්ම හැලපියට කීවෙමි.   කෑම හදන්නට කරදර වෙන්නට අවශ්‍ය නැති බවත් කොච්චියාගේ ප්‍රිය බිරිඳ කෑම උයාගෙන එන්නට සුදානම් බවත් හැලපිට කී විගස ඇය මගේ ඇඟට ගොඩවුනාය.    "ගෙදරට එන අමුත්තන්ට කෑම හදාගෙන එන්න කියන්න ඔයාට ලැජ්ජාවක් නැද්දැ? "යි ඇසු ඇය එන අයට කන්නට දෙන්න සුදුසු දෙයක් තමන්ට හදන්නට හැකි බව කීවාය.    හැලපිගේ නියෝගය අනුව අද දවල් කඩේට ගොස් කෑම බීම ජාති ගෙනැවිත් උයන්නටත් උදව් කල යුතු වන්නේ කොච්චියාට වගේ හිතුනු හිතුනු දේවල් හදාගන්නට පිරිවර අපට නැති නිසාය.    එහෙයින් කඩිනමට ලියැවෙන පෝස්ටුව මෙයින් අවසන් කරමි.     අද රාත්‍රියේ පැවැත්වෙන හැලපකඩේ උපන්දින සාදයේ විස්තර පින්තුරද සමග ඊළඟට ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.     නමුත් ඒ විස්තරය හෙට ලියාගන්නට හැකි තත්වයක සිටීදැයි සැක සහිත වන්නේ හෙට රාත්‍රියේද තවත් සගයෙකුගේ සමුගැනීමේ සාදයකට සහභාගී වෙන්නට ඇති බැවිනි.     අමාරුවෙන් හෝ අනිද්දා එනම් ඉරිදා වැඩට යා යුතුය.   සඳුදා ලංකාවේ පෝය නිවාඩුව නිසා පෝස්ට් පලකලාට වැඩක් නැති වන්නේ නිවාඩු දිනවල අපේ හිතවතුන්ගේ බ්ලොග් පැමිණීම  බෙහෙවින් අඩු අගයක් ගන්නා නිසාය.    එබැවින් පින්තුරද සහිත උපන්දින සාදයේ විස්තරය අඟහරුවාදා එනම් 15 වැනිදා බලාපොරොත්තු වන්න.   හොඳින් හිටියොත් කොච්චියාද ඒ ගැන විස්තරයක් ලියනු ඇත

84 comments:

  1. හතරට සුභ පතාගෙනම මාත් මේ පැත්තට ගොඩවැදුනා හැලපේ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. කල් යන ඉක්මන....!

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. සිව් වසරක් මරදානේ!!!

      Delete
    2. සිව් වසරක් හැලප කඩේ

      Delete
    3. ඔව් අප්පා අවුරුදු හතරකුත් ගියා නොදැනීම.

      Delete
  3. හැල පක‍ඩේට සුබ උපන්දිනයක්! :-)

    ReplyDelete
  4. හැලප කඩේ හතරට සුභ පැතුම්!!!

    ReplyDelete
  5. මාසෙට හතරවරක් හතරක්ම post එන සුභම සුභ 4 වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මද්දෝ. එහෙමවත් බලමු.

      Delete
  6. හැලප කඩේට සුබ උපන්දිනයක් වේවා.

    ReplyDelete
  7. සුබ ඇනිමල්සරියක් වේවා...!

    මටනම් ඔය ඇනිමල්සරි හරියට අමතක වෙනවා, ඒ වගේම ගණන් ගන්නවත් අඩුයි...
    මගේ 05 වෙනි බ්ලොග් ඇනිමල්සරිය ඔක්තෝබර් මාසේ පහු වෙලා, මට මතක් උනේවත් නැහැ...
    මේ අවුරුද්දේ අපේ කසාදෙ ඇනිමල්සරියත් අමතක වෙලා හාමිනේ දවස් ගානක් කතා නොකර හිටියා...

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ඔය දින වකවානු අමතක කරගන්න නං එපා. මම නං කොහොම හරි ඕව මතක තියාගන්නවා.

      Delete
  8. හැලප කඩේ සිවුවන වර්ෂ පූර්ණයට සුභපැතුම්...

    ReplyDelete
  9. හැලප කඩේ හතරට සුභ පැතුම්!

    ReplyDelete
  10. //උපන්දින සාදයේ විස්තරය අඟහරුවාදා එනම් 14 වැනිදා බලාපොරොත්තු වන්න.//
    හැලපයියේ උඹ දැනුත් බීලද ඉන්නෙ
    14 අපටනම් සඳුද

    ReplyDelete
    Replies
    1. හැදුව හැදුව පොඩ්ඩක් එවෙලෙ කොයිල් වගේ තිබුනෙ.

      Delete
  11. එළකිරි සහ ජලය.. ඔන්න ඔය පාටියට මාත් එනවා කලින් දැනං හිටියනං.. හැක්..

    එහෙනං ඉතිං ලස්සනට වටකුරු කරල පෝස්ට් තුන හතරක් වත් කොටා බාමු කොච්චියාගේ පිහිටෙන්.. ජය වේවා හැලපයාට... සුභ වේවා රාජ සම්පත්ම ලැබේවා.. (නොදකින්ගෙන් උපුටාගති)

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ එතන ගිහිල්ල වෙරළු මල් ඩ්‍රින්ක් බොන්න ද?

      Delete
    2. කලින් දැනං හිටිය නං අනිවාර්යයෙන්ම උඹ එන බව මම හොඳින්ම දන්නවා. මොකෝ ලංකාවෙවත් කිසිම පාටියක් මිස් කරන එකෙක්යැ.
      බොහොම ස්තුතියි ඈ.

      Delete
  12. සඳමාලයත් එනවද ඹය පාටියට?

    ReplyDelete
  13. හැපි හතරවෙනි හැලපර්සරියක් වේවා !

    කොච්චිය ගේන රෑ කෑම එපා කිවුවට බයිට් එකයි බෝතලෙයි එපා කිවුවෙ නෑ නේද?

    ඔය කිවුවට මේ ඩබල ෆොටෝ ගහන්න සිහියක් තියෙය්ද මන්ද. ඔය හැලපිව දන්න කියන කෙනෙක් ඉන්නවනං මේ ඩබලගෙ ෆොටෝ ටිකක් ගහල පබ්ලිස් කරන්නය කියල කෝල් එකක් දීල තිවුවොත් නරකද.

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රට හරි නීතට හරි කියමු. හැක්

      Delete
    2. බෝතල් නම් ඉතින් අපි ගේන්න දෙයක් නැහැ.හැලපෙට බෝතල් අතින් නම් කිසි අහේනියක් නැහැ

      Delete
    3. ස්තුතියි ප්‍රසන්න!!
      ඔන්න හැලපි මම සහ කොච්චියා තුන්දෙනාම පිංතුර ගත්ත බං.

      Delete
  14. බ්ලොග් සංවස්තරයට සුභ පැතුම්

    ReplyDelete
  15. අප්පට හතරක්ද ,දෙන්නට වෙරි වේවා ,

    ReplyDelete
    Replies
    1. හතරක් නේන්නං.තැන්ක්ස් අටමෝ!!

      Delete
  16. හැලප බ්ලොගයේ සිව්වන සංවත්සරයට උණුසුම් සුභ පැතුම් එක් කරමි. චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට ආසිරි පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල් මල්ලි!!

      Delete
  17. හතරට හතර ගාතෙන් යන්න ගහන එකයි තියෙන්නේ..

    හතර වරන් දෙයි පිහිටයි හැලපේ.. කොච්චි මිරිසත් මතක් කොලා කියහන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ. මම කොච්චියටත් කීවා.

      Delete
  18. සිව් වසරට සුභාසිරි වේවා..!! තව තවත් පෝස්ට් වැටේවා..!!
    හැලපයියාගෙන් හැලප වගේ රස පෝස්ටුවක් ද කොච්චියාගෙන් හීංකොච්චි වඩේ බයිටක් වගේ සූ ගෑවෙන රස පෝස්ටුවක් ද බලාපොරොත්තු වෙමු ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්. වැඩ අස්සෙ කොහොම හරි ලියාගන්න බලමු.

      Delete
  19. හෘදයාංගම සුබපැතුම්!

    15 වෙනිදා නැගිටින්න පුළුවන් වුනොත්, 16 වෙනිදවත් ලියන්න හොඳේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචා!! ඔව් එහෙමවත් ලියාගන්න බලමු.

      Delete
  20. සුභ පැතුම් ...කොමෙන්ට් කලේ නෑ කාලෙකින් හැබැයි පුලුවන් වෙලාවට අනිවාර්යයෙන්ම කියවනවා ..ජයවේවා දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. සහෝදර බොහොම කාලෙකිං නේද. බොහොම ස්තුතියි!!

      Delete
  21. හතර අතේ පඳුරු තලනකොට ඩොමෙස්ටික් සෙන්සර්ශිප් මතුවේයැයි හිතුනෙමිය....!
    හතරපාරක්ම චියර්ස්‍ කිව්ව ඕන්න...!
    මෙහෙත් වරෙන් ඉතිං....ඔන්න ඔහේ එන්න එපාලු විසිටර් වීසා වලින්...ඉතිං මෙහේ ආවාම අපිලටත් මූනබලාගෙනම චියර්ස් කියතෑකි...!

    ReplyDelete
    Replies
    1. විසිට් වීසා වලින් එන්න එපා කිව්වෙ කවුද? එහෙම දෙයක් නෑ එනව නං වරෙන්.සුබ පැතුමට බොහොම ස්තුතියි ලංකාවට ආපු ගමන් ඉස්සෙල්ලම ඔහේව බලන්න එන්නං.

      Delete
  22. Replies
    1. බොහොම ස්තුතියි ඉකෝන්!!

      Delete
  23. සිව් වසරට ඔන්න අපෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
  24. සුභ පැතුම් හැලප(අ)යියේ....................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ළමයි!!

      Delete
  25. පහුගිය විත්ති ඳඟ කවමින් දමන වැඩ....
    හෙල බ්ලොග් ලෝකයට හැලපයියා පැමිණ....
    සිව්වන වසර සපිරෙන දින අසිරි මැද .....
    තව හැට වසක් බ්ලොග් ලියනට පතමි සුභ. ..

    ජයින් ජයිම වීවා..

    ReplyDelete
    Replies
    1. කවි සුබ පැතුමට බොහොම ස්තුතියි සුරංග!!

      Delete
  26. හැපිම හැපි හතරක් වේවා...

    ReplyDelete
  27. හතර වරක් සුබ පැතුම් හැලපේ. නිවාඩු ලැබුනම ටිකක් වැඩිපුර ලියල තියාගෙන බිසී කාලෙත් එක එක පබ්ලිෂ් කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ අදහස හොඳයි ක්‍රියාත්මක කරන්න බලන්නං!!

      Delete
  28. සුභපැතුම්....
    දැන් මොන්ටිසෝරි යන්න කාලෙ හරි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරිඳු!! මොන්ටිසෝරියේ ඉඳන්ම පහේ ශිෂ්‍යත්ව පංති යන්න වේවිද දන්නෙ නෑ නේද?

      Delete
  29. Hey halapa frend I also come back to blog and put my new post today too. I happy you write blog too. My congadulation to you too.

    ReplyDelete
  30. අනේ ඇයි අර හැලපි එහෙම කඩා පැන්නේ.. කොයි තරන් ලේසිද අනිත් කෙනෙක් උදව් කරන එක.. ඒ උදව්වත් අරගෙන තමනුත් සිතේ සතුටෙන් කෑමක් හැදුව නම් හරිනේ....

    කොහොම උනත් 4 ට සුබ පැතුම්..කොහොම උනත් සාදය ගැන අපිට දැන ගන්න ලැබේවි ද පින්තූර එක්කම...:) :)

    ReplyDelete
    Replies
    1. ගෙදරට එන අයට කියල කෑමත් හදාගන්න එක ලැජ්ජාවක් කියල හැලපිට හිතෙන්න ඇති.අපි දෙන්න එකතුවෙලා කෑම ටික හදාගත්තා.
      සුබ පැතුමට බොහොම ස්තුතියි පිංතුර ටික නං තියෙනවා ලියන්න තමා ටිකක් කම්මැලි.

      Delete
  31. හතර අතේ සමරන්න ලැබේවා!!!!

    ශ්‍රී සුබ වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නාඩියෝ!!

      Delete
  32. සුභ පැතුම් හැලප කඩේට..

    කෝ පින්තූර නෑනෙ තාම.........

    ReplyDelete
  33. කොච්චියාගේ පෝස්ට් එකෙන් පාර හොයාගෙන මේ පැත්තට ගොඩ උනේ,මීට කලින් මෙහෙට ගොඩ උනා වගේ මතකෙකුත් තියෙනවා කමෙන්ට් එහෙම නොකලට.දැන් ඉතින් දිගටම ඔන්න මෙහෙට එනවා හොදේ.

    ReplyDelete
  34. සුබ පැතුම් හැලප (අංකල්)

    ජය බෝලි නාත් !

    කොච්චියා තමයි පාර කිව්වෙ

    ReplyDelete
  35. සුභ පැතුම් හැලප කඩේට...

    ReplyDelete

ඔබේ අදහස්