Sunday, July 10, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 12 - රාජ්‍ය පරිපාලනේ කැන්ටිම,ඉන්ද්‍රාගේ කතාව ,ධර්මයාගේ නයිට් ෂූටිං එක සහ ඔෆිස් ට්‍රිප් එක.


අපි වැඩකළ ඒකාබද්ධ සේවා අංශය පිහිටා තිබුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පස්වෙනි මහළේය.   කැන්ටිම තිබෙන්නේ හත්වන මහළේය මම ඉන්ද්‍රා සහ ලාල් උදේ සහ හවස දවසකට දෙවරක් තේ බොන්නට හත්වෙනි මහලට නැග්ගෙමු.   මටත් ලාල්ටත් දවල්ට කන්නටත් කැන්ටිමට යන්නට සිදුවේ.   හත්වෙනි මහලට එස් එස් සී ක්‍රීඩාංගනය ඉතා හොඳින් දර්ශනය වේ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් සමග ලංකාව තරඟ වදින දිනයක් නම් හත්වන මහලේ සිට තරඟය නරඹා සෑහීමකට පත් නොවූ අපි තරඟය නරඹන්නට කෑමෙන්පසු එස් එස් සී පිටියට යන්නෙමු.   ටෙස්ට් තරඟ බලන්නට ටිකට් අවශ්‍ය නොවේ ඒත් එක්දින තරඟ බලන්නට එහෙම බැරිය අනික එක් දින තරඟ තියෙන්නේත් සති අන්ත වලය.    මගෙත් ලාල්ගෙත් ක්‍රිකට් පිස්සුව ගැන ඉන්ද්‍රා කොතෙකුත් විහිළු කළත් අපේ වැඩ පිළිවෙල අපි නතර නොකළෙමු.    මම කලින්ද කියා ඇත්තාක් මෙන් මා මෙන්ම පොත් ලෝලියක් වූ ඉන්ද්‍රා නිතරම පොත් ගැන මා සමග කතා කළාය.   හවස වැඩ අවසාන වීමෙන් පසුව අපි බස් එකේ බොරැල්ලට යන්නට පුරුදුවී සිටියෙමු බොරැල්ලෙන් ඉන්ද්‍රා ඇය පදිංචිවී සිටි කැලණියට යන්නට බස් එකට නැගගත් අතර මම තලවතුගොඩ බසයට නැගී බෙන් එකට ගියෙමි.   ගාල්ලේ පදිංචිකරුවෙකු වූ ලාල් ගෙදර යන්නට ප්‍රමාද වූ දවස්වලට මගෙත් එක්ක බෙන් එකට ඇවිත් නවතින සිරිතක් විය.  තරුණ අපගේ දඟකාර වැඩ ඉන්ද්‍රා බෙහෙවින් ප්‍රිය කළ අතර අපි කළ තක්කඩි වැඩ ගැන කියනවිට ඇය අසා සිටියේ සිනාසෙමිනි.

දවසක් අපි කතාකරමින් සිටියදී ලාල් කීවේ නවයොවුන් වියේදී අහළ ගං පළාතේම අතිශය රූමතියකව සිටි ඉන්ද්‍රා ඒ පැත්තේ චණ්ඩියා වූ එඩ්වඩ් විසින් බලෙන්ම වාගේ විවාහ කරගත් බවයි.   විවාහයෙන් අවුරුදු දෙක තුනකට පසු සියළුම චණ්ඩින්ට හිමිවන ඉරණම් ගමන එඩ්වඩ්ටත් යන්නට වුනේ තවත් චණ්ඩියෙක් අතින්ය.  මේ සියළුම කලබැගෑනි දෙස අකම්පිතව බලා සිටි ඉන්ද්‍රා එඩ්වඩ් ගේ මරණින් පසු ආපසු තමන්ගේ ගෙදරට පැමිණ පදිංචිවී ඇත.  ඇයට රැකියාව ලැබුණේ ඒ සමයේදීය තම ජීවිතයට සිදුවූ බරපතල අසාධාරණය ගැන කම්පා නොවූ ඇය තනිකඩව රැකියාව කරගෙන සිටින බවත් ගාල්ලේ අවුරුදු දහයක පමණ සේවයෙන් පසු කොළඹට ස්ථාන මාරු ලැබී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණි බවත් ලාල් වැඩිදුරටත් මට කීවේය.    ඉන්ද්‍රාගේ කතාව ලාල්ගෙන් ඇසූ මට ඇය ගැන ඇතිවූයේ විමතියක් සහ අනුකම්පාවකි.    සිය ජීවිතයේ හිරිමල් වයසේදීම යුවතියකට දරාගන්නට බැරි තරම් දුක් කරදර විඳ සිටියදීත් ඒ ගැන කම්පාවට පත් නොවී සිය හිත මිතුරන් සමග සතුටින් විනෝදයෙන් රාජකාරි කාලය ගතකරන ඉන්ද්‍රාගේ විස්තර තවදුරටත් දැනගන්නට මට ඇතිවුණේ දැඩි කුතුහලයකි.   එහෙත් කෙනෙක්ගේ පුද්ගලික විස්තර අහන්නට මගේ තිබු අකමැත්ත හේතුවෙන් සිතේ තිබුණ කුතුහලය යටපත් කරගෙන හිඳින්නට සිදුවිය.

අපේ අංශයේ කට්ටියක් ඉන්ද්‍රලාගේ ගෙදර ට්‍රිප් එකක් යන්නට සුදානම් වුනේ මේ අතරය.   ගමන සංවිධානය කළේ නීතාය ඇය ගමන යන්නට කට්ටියද වාහනයක්ද ලෑස්ති කරගත්තාය.  මට ඒ ගමන ගැන එපමණ උනන්දුවක් ඇති නොවූයේ ඒ දිනවල මා බෙනට්ගේ ටෙළියත් සමග බෙහෙවින් කාර්ය බහුලව සිටි හෙයිනි.  ගමනට දින ළං ළංවීගෙන එද්දී දවසක් අපි දෙන්නා  කැන්ටිමේ තේ බොමින් සිටියෙමු.

"තමුසෙ අපේ ගෙදර එන්නෙ නැද්දැ?" යි ඉන්ද්‍රා එක්වරම මගෙන් ඇසුවාය.   හිතවත්කම වැඩිකමට ඇය මට කතාකළේ එහෙමය.

"මට එන්න වෙන්නෙ නෑ ඕයි!" කී මම ඒ දිනවල දිගටම  මට බෙනට්ගේ ටෙළියේ ෂූටිං වලට රැයක් දවාලක් නොමැතිව සහභාගී වන්නට සිදුවී ඇති බව ඇයට පැහැදිළි කළෙමි.  

මා ඇය සමග කීයේ සහතිකම ඇත්තය.   ඉන්ද්‍රා වේගයෙන් ඇසිපිය සලමින් මගේ කතාව අසා සිටියාය.  කරදරයක් වුවිට හෝ සිත කලබලයට පත්වූ විට ඇය තදින් ඇසිපිය සලන බව මම නිරීක්ෂණය කර තිබුණෙමි.   කතාවක් නොමැතිව මොහොතක් ගතවී ගියේය.   ඇගේ සිහින්  දෙතොල් වෙවුලන බව මම දුටුවෙමි.

"මමත් ගෙදර යන්නෙ නෑ ! " යි  ඇය හිමිහිට පැවසුවිට මම කරකවා අතහැරියාක් සේ වීමි.

"එතකොට කට්ටියගෙ ගමන?" මම ඇසුවෙමි.

"ගෙදර ප්‍රශ්නයක් හරි සනීප නෑයි හරි කියනවා!"  ඉන්ද්‍රා මුහුණ රතුකරගෙන සිහින් හඬින් කීවාය.   

"ඒක හරි සවුත්තු වැඩක් නේද? එතකොට අර කට්ටිය ලෑස්ති කර ගත්ත ගමන අපරාද නෙ! " යි මම කීවෙමි.

"ගමන අපරාදයක් උනොත් ඒ තමුසෙ නිසා!" යි  ඉන්ද්‍රා කීවාය.  "ඇත්තමයි මම දන්නව තමුසෙ හින්ද වෙලාවක මට පිස්සු හැදෙනවා! " යි බිඳුණු හඬින් ඇය කීවේ බිම බලාගෙනය.

කේන්ති ගිය විට ඈ බෙහෙවින් රූමත් යැයි මා කීවිට ඇය අත් බෑගය ඇද දුම්රියේ යන්නට ලබාදී තිබුණ සීසන් පෝල්ඩරයේ පිංතුරය මට පෙන්වූවාය.   එය ඊට අවුරුදු දහයකට හෝ පහළොවකට පෙර ගත්තක් වූ අතර එහි තිබුණේ මා ඉදිරිපිට ඉන්නා ඉන්ද්‍රාගේ දැයි හිතාගන්නටවත් බැරි අතිශය පියකරු උදේ පිපුණු මලක් මෙන් රූමත් යුවතියකගේ පිංතුරයකි.

"ඉතිං බලෙන් උස්සගෙන යන්නෙ නැතුව ඉඳීයැ !" යි මා කීවිට සිනාසුණු ඈ "හිනාවුණාට මගෙ කේන්තිය තවම ඇරුනෙ නෑ, තමුසෙ එනවද නැද්ද කියල හෙට හරියටම  කියනවා! " යි කීවාය.   අපි සිනාසෙමින් කැන්ටිමේ සිට ආපසු ආවෙමු.

ඉන්ද්‍රලාගේ ගෙදර යන්නට නියමිතව තිබුණේ ඒ සතියේ සෙනසුරාදාය.   සිකුරාදා මුළු රාත්‍රිය පුරාම ටෙළියේ ගීතයක් ගීතයක් රූපගත කරන්නට නියමිතව තිබුණේ රාජගිරිය පැත්තේ වලව්වකය.  එහෙයින් සෙනසුරාදා විවේක දිනයක් විය.   අවශ්‍ය නම් උදේම ඉන්ද්‍රලාගේ ගෙදරට පිටත් වෙන්නට හැකියාව තිබුණත් මුළු රැයක් නිදිවරා වෙහෙසවී වැඩකර එතැනින්ම හැතැප්ම පණහක් පමණ දුර යෑමේදී ඇතිවන මහන්සිය මෙතෙකැයි කියන්නට බැරිය.  ඉඳගත් තැන එහෙම නින්ද යයි දවල් ඉර එළිය වැටෙන විට ඇස් වලින් පිටවන්නේ බුදු රැස්ය.   මා මේ විස්තරය පසුවදා ඉන්ද්‍රාට කීවෙමි එන්නට හැකි නමුත් ගෙදරට ළඟාවන්නේ හොඳ පණ  ගිය එකෙක් බවත් එහෙම ඇවිත් පළක්  වේ නම් එන්නට හැකි බවත් මම වැඩිදුරටත් විස්තර කළෙමි.

" පණගිහිං හරි තමුසෙ එනව නං එච්චරයි!" යි ඇය සිහින් අනම්‍ය හඬකින් කීවාය.   ජයග්‍රහණයක සතුට ඇගේ දෑස් පුරා  දකින්නට තිබිණි.   ඒත් මට අනෙක් අය යන වාහනයේ යන්නට ලැබෙන්නේ නැත මම බස් එකේ එන්නම් කියා කීවේ ආපසු එනවිට වාහනයේ එන්නට හැකි බැවිනි.   ලාල් ගාල්ලේ සිට කෙළින්ම ඉන්ද්‍රලාගේ ගෙදර එන බව කිවේය.  ඉන්ද්‍රා සිකුරාදා දවල් වරුවක නිවාඩුවක් ගෙන ගෙදර ගියාය.

නියමිත පරිදි සිකුරාදා සවස අපි බඩු පොදි බැඳගෙන රාජගිරියට ගියේ නයිට් ෂූටිං වලටය.   ප්‍රධාන නිළිය ගීතය ගයන්නේ සාදයකය, සාදයේ සෙනගට පීරියඩ් විදියට ඇඳුම් අන්දවා බස් එකක පටවාගෙන එන්නට සිදුවිය.  ඊට පසුව ඒ නිවසේ සැරසිළි කරන්නට ද ගෙනා කට්ටියගේ කෑම බීම ආදී අවශ්‍යතා බලන්නටද මට සිදුවී තිබිණි.  ගිය වෙලාවේ පටන්ම වෙහෙස නොබලා වැඩකලත් මුල්ම ෂොට් එක ගන්නාවිට වෙලාව රෑ දොළහටත් ළංවී තිබිණි.  එතැන් සිට එක දිගට රූපගත කිරීම සිදුකළ හෙයින්  බලාපොරොත්තු වූ පරිදිම මුළු රාත්‍රිය පුරාවටම එක විනාඩියකට වත් ඇස් පියාගන්නට ලැබුණේ නැත.  ගීතයේ අන්තිම ෂොට් එක ගන්නට ඉතිරිවී තිබියදී උදා හිරු රැස් ක්‍රම ක්‍රමයෙන් පොළොව සිප ගන්නට වන්නේය.  කිචි ධර්මයා කෑ ගසමින් කාර්මිකයන් කණ්ඩායම මෙහෙයවන්නේ එළිය වැටෙන්නට කළින් ෂොට් එක ගන්නට නොහැකි වුණොත් අද රාත්‍රියේද නිදිවරන්නට වන බව කියමිනි.  ඒ රාත්‍රියේද නිදිවරන්නට වනවා යැයි ඇසෙන විට ඇඟ හිරිවැටේ.  කෙසේ වුවද කරදරයක් නැතිව අවසාන දර්ශනයද රූපගත කරන්නට ධර්මයා සමත්විය.   රූපගත කිරීම නිමකර ඩොලියෙන් බැසගත් ධර්මයා,

"මම නැත්නං වෙන වැඩේ බලන්න තිබුණා!" යි කියමින් බුලත් විටක් ඒදාගෙන හපන්නට විය.

එතැන් සිට මම ඉක්මන් වුයේ කොටුවේ බස්පොළට යන්නටය.  හවස එනවිට ගෙනැවිත් පැත්තක තබා තිබූ වෙනත් ඇඳුමක් ඇඳගත් මම ගේ ඉස්සරහින්ම කොටුව බස් එකකට ගොඩවී පිටකොටුවට ගොස් ගාලු යන ඒ සී බසයකට ගොඩවුනෙමි.   ටිකට් වලට කලින්ම මුදල් අතටදී මම කොන්දොස්තරට කීවේ මට අනිවාර්යයෙන්ම සීට් එකේ නින්ද යන බැවින් නියමිත තැනදී නොවරදවාම ඇහැරවන්නට කියාය.   බසය ගාලු පාරට ඇතුළු වන්නටත් පෙර මගේ හිස බරවී නින්ද යන්නට ඇත නැවත ඇහැරුණේ කොන්දොස්තර මල්ලී මා අවදිකරවා "මහත්තයා බැහැගන්න!" කියද්දීය.  

එහෙම කියද්දී මට මතක් වන්නේ රවී ලියා තිබූ කතාවකි.  එකල සති අන්තයේ කදුරුවෙල සිට ගෙදර එන රවී ඉරිදා හවස බසයේ ආපසු කදුරුවෙල යයි.  කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් කොලීජිය පසුවන විටම නින්ද යන රවිට නැවත ඇහැරෙන්නේ කදුරුවෙල දීය.   දවසක් අම්මා රවිගෙන් අසන්නේ "නුවර ඉඳන් කදුරුවෙලට කොපමණ දුරද පුතේ?" යි කියාය.   මඳක් කල්පනාකරන රවී "එච්චර නෑ අම්මේ,ඇන්තනීස් කොලේජ් එක පහුවුණ ගමන් කදුරුවෙල" යි පිළිතුරු දෙයි.   ඒ පිළිතුර අසා ඇරුණු  අම්මාගේ කට පැයක් පමණ වහගන්නට බැරිව තිබුණා යැයි රවී ලියා තිබිණි.

මට පාර වරදී යයි ඉන්ද්‍රා  අක්කගේ දුවලා දෙන්නාව පාරට එවා තිබුණාය.  බයිසිකලයක නැගගෙන පාරට ඇවිත් තිබු පොඩි කෙල්ලන් දෙන්නා මට කතා නොකරම මා හඳුනාගන්නට සමත්වුණු අතර බසයෙන් බැසගත් පුද්ගලයා නියම පාරට වට බව දැනගත් විගසම කෑ ගසාගෙන ආපසු ඉගිලුනෝය.   මට දී තිබු මග විස්තර අනුව පාර වරදවා නොගෙන ඉන්ද්‍රාගේ ගෙදරට ගියෙමි.  ඒ වනවිටත් යන්තම් උදේ දහයමාර පහුවුණා පමණකි.   කලින්දා රෑට  කාපු ආප්ප දෙක තුනට පසු කිසි දෙයක් කුසට  නොවැටුණු  මගේ කුසගින්න ලැව් ගින්නක් සේ නැගගෙන එයි.   සිනාසී ගෙන පෙරමඟට පැමිණි ඉන්ද්‍රා මා පිළිගත්තාය කොට සායක්ද බ්ලවුසයක්ද හැඳ දැරියක සේ සිටින ඇගේ දෑස් සතුටින් දිළිසෙයි.

"ඔය යස අගේට ඉන්නෙ, මම මේ මගට ආවෙ පණගිය මනුස්සයව  අරගෙන යන්න!" යි ඇය කීවේ සිනාසෙමිනි.

"ඉන්නව නං තමා ආපු හැටි දන්නෙ මම විතරනෙ!"

"මහන්සිද?" ඉන්ද්‍රා මගෙන් අසන්නේ මහත් සෙනෙහසිනි.  "ගෙදර නෙවෙයි නං මම තමුසෙව උස්සගෙන යන්නෙ!" ඇය  මගේ කණට කර රහසින් කීවාය.

"බඩගිනියි ඕයි, ඊයෙ රෑට කාපු ගමන්,පරක්කු වෙන නිසා මගින් කන්න හිටියෙ නෑ. බස් එකෙන් බැහැපු තැන හංදියෙ කඩේකින් කන්නත් කල්පනා කරල නිකා හිටියා!"

"ගේ පෙනි පෙනී  කඩේට කන්න ගියානං හොඳ වැඩක් කරනවා, යමු යමු, ගෙදර උදේට කන්න හදල ඇති!"

මුහුද අද්දර ඉතා පියකරු පරිසරයක පිහිටා ඇති පැරණි පන්නයේ නිවෙසක් වන ඉන්ද්‍රලාගේ ගෙදර කුස්සියේ දොරින් එළියට බැස්ස විට ඉදිරියට දිස්වන්නේ රැළි නඟන මහ මුහුදයි.ගෙදර හිටියේ ඉන්ද්‍රාගේ අම්මාත් නංගීත් පොඩි මල්ලිත්ය.  ඇගේ ලොකු මල්ලිගේ පදිංචිය ඔහුගේ බිරිඳගේ ගෙදරය.  නිතර සිනාසෙන කාරුණික කාන්තාවක වූ අම්මා මාව  කෑම කන කාමරයට එක්කරගෙන ගෙන ගොස් උදේට කන්නට දුන්නාය.  උදේට කන්නට ඇය සුදානම් කර තිබුණේ මිරිස් මාළු හොදිත් පොල් සම්බෝලත් සමග ඉඳිආප්පය.  දකුණේ තාලයට සැරට සකස් කර තිබු මිරිස් මාළු හොද්ද බෙහෙවින් රසවත් විය.  කෑමෙන් පසු කහට තේ කෝප්පයකි, සිගරැට් එකක්ද දල්වාගත් මා ඉස්තෝප්පුවේ තිබු හාන්සි පුටුවේ වාඩිවුනෙමි.  ඒ දිනවල මා බොහෝසේ දුම් පානය කළ අතර මගේ අනවරත දුම් පානයට ඉන්ද්‍රාගේ දැඩි විවේචන එල්ලවිය.  එනවා යැයි කියූ අනික් අය හෝ ලාල්වත් තවම එන පාටක් නැත.  මුදු හුළං වදිමින් හාන්සි පුටුවේ වාඩිවී සිටි මට එක්වරම නින්ද යන්නට ඇත෴

129 comments:

  1. මට හිතුන දෑ නොලියමි...අනික් ඇත්තෝ ඒවාට අඩුම කුඩුම දමා ලියනු ඇත...

    හරිම රසවත් විදියට ලියල තියනවා, හැමදාම වගේ...සමහර වාක්‍ය අවසානයේ නැවතීමේ තිත මග හැරිලා තියනවා දුටුවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්...............

      ඒත් ඉතිං, හැලපෙ හිතලා මතලා කටයුතු කොරලා තියන බව පේනවා.

      Delete
    2. පොකුරු වැහි,
      හිතුන ටිකත් කිව්වා නං අපූරුයි.කෙටි වාක්‍ය වලට නැවතීමේ තිත නොතිබ්බෙමි.

      Delete
    3. විචා,
      එහෙම නැතුව බෑනෙ ඉතිං.

      Delete
  2. ගස්ලබ්බටත් බස් වල නිදා ගන්න හැකියාව නං හොඳට තියනවා.කොළඹ ඉඳන් මාතරින් බහින්න යනකොට (යන්නෙ රෑට.) නූපෙ හන්දියෙන් ඇහැරිලා ආයෙ නින්ද ගිහින් දෙවුන්දරින් බහින්න උන අවස්ථා තියෙනවා.. හෙහ් හෙහ්..
    මේ පෝස්ට් එක නම් මත් ගතියකින් ලියපු ගතියක් දැනෙනවා..
    නිකං හෘදයාංගම ගතියක්.. හෙහ් හෙහ් හේ
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මට නං සාමාන්‍යයෙන් ගමන් යනකොට නින්ද යන්නෙ නෑ.එදා නිදාගත්තෙ නිදිමරලා හිටපු නිසයි. මේ පෝස්ටුව හරිම ඕනෑකමකින් සහ පරිස්සමකින් ලියපු නිසා හෘදයාංගම ගතියක් දැනෙනවා ඇති.

      Delete
  3. මට නම් බහින තැන අමතක වෙන්නේ කෝච්චියේ ලැපට ඛොට කොටා හෝ නවල් කියවමින් ආ විටයි!

    ReplyDelete
    Replies
    1. අමතක වෙනවා මිසක නින්ද යන්නෙ නෑනෙ.

      Delete
  4. ලස්සන පෙම් කතාවක් වගේ , කතාවේ ඉතුරු ටික එක එක අවසාන වලින් මැවෙනවා . දෙකතුනක් ලියන්නද? එක්කෝ ඔයාම ලියන්න . හැක

    ReplyDelete
    Replies
    1. දෙකතුනක් ලිව්වනම් මක් වෙනවද ඉවාන්.

      Delete
  5. ඉතිං ඊට පස්සෙ :)

    ReplyDelete
  6. අයියෙ ඔයා මේ ප්‍රෝග්‍රැම් එක ලස්සනට කරනවා, ..ආ, සොරි වැරදුනා
    වෙනද වගේමයි....අපූරුයි....

    ReplyDelete
    Replies
    1. නංගි හෝ මල්ලි දන්නෑ මේ අයිය කරල තියෙන ප්‍රෝග්‍රෑම් වල තරම. හැක්..

      Delete
    2. අනේ තැන්කු ඇනෝ.ඔයා කොහෙන්ද එකතුවෙන්නෙ.

      Delete
    3. හරි,
      එච්චරද බං.

      Delete
    4. ප්‍රසා,
      ඒ හරිය දන්නෝ දනිති.

      Delete
  7. "සාදයේ සෙනගට පීරියඩ් විදියට ඇඳුම් අන්දවා" what the hec is this? every one got periods???

    ReplyDelete
  8. ඉඳිආප්ප බඩගිනි හැදෙනවා ඕයි.... මේ වගෙ බඩගිනි හදවන එක හරිද?

    ReplyDelete
    Replies
    1. ෂා රස යි නේ?

      Delete
    2. කිසි ප්‍රශ්නයක් නෑනෙ සාරස.ඔය මෙනු එක හැමතැනම ඇවේලබල් නේද?

      Delete
  9. මටත් බස්වල නැංගම ඇහරලා නම් ඉන්න බෑ... විනාඩි 20 ක දුරක් යන්න නැංගත් හරි අමාරුවෙන් ඇහරලා ඉන්නේ...
    ඉන්ද්‍ර හරි පවු... එච්චර ප්‍රශ්න වෙලා සතුටින් ඉන්න එක කොච්චර හොඳද?

    මුහුද අයිනේ ගෙයක් හරි ශෝක්...
    දැන් එතන ගිහිනුත් නිදි......

    මේ කොටසත් හරිම රසවත්... බලමු මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. ඔයත් හරිම නිදි ලෝලියක් නොවැ.
      මුහුද අයිනෙ තියෙන ගෙවල්වලට මමත් හරි කැමතියි.ඉතුරු හරිය අනික් කොටසින් බලමු.

      Delete
  10. අදත් අනුවේදනීය කතාවක්.

    ReplyDelete
    Replies
    1. එසේය.කඳුළැල් කඩා හැලේ.

      Delete
  11. මටනං වාහනවල යනකොට නින්ද යන්නෙ කලාතුරකින්. එකපාරක් රෑ හතහමාරෙ ඉඳල උදේ හය විතර වෙනකල් කොළඹ හරහා මාතලේ ගියා. ඇහැරල හිටියෙ මායි වෑන් එකේ ඩ්‍රැයිවරයයි විතරයි.
    මිරිස් මාළු හොදි, පොල් සම්බල් එක්ක ඉඳියාප්ප ගැන කියල හැලපෙ අද අහගන්නව කට්ටියගෙන්. ඔය සා රස ගොයිය පළවෙනි වෙඩි මුරේ පත්තු කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මිරිස් මාළු ගැන මම කිව්වෙ.මුන් කියන්නෙ මාළු මිරිස් ගැන.

      Delete
  12. දැං ඉතිං මේ කතාවෙ තව කී පාරක් විතර නිදාගන්න බලාගෙන ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. වැඩියෙ නෑ, නින්ද යන විදියට බලමුකො.

      Delete
  13. අද තොග මිළ
    මාළු මිරිස් 350 – 370
    බෝංචි රුපියල් 200 – 220
    කැරට් රුපියල් 300 – 320
    ගෝවා රුපියල් 140 -145 අතර තොග මිලට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අළෙවි විය.

    ReplyDelete
    Replies
    1. මල්ලි අල කීයද?

      Delete
    2. තොගද සිල්ලරද ?

      Delete
    3. මල්ලි වම්බටු නැද්ද??

      Delete
    4. මගේ යාලුවෙක් පොලේ ගිහිල්ල මලා

      Delete
    5. මගේ යාලුවෙක් පොලේ ගිහිල්ල මලා × 2

      Delete
    6. හැක්.. පොළේ ගිහල්ල මලේ සුරංගය..

      Delete
    7. හොඳ වෙලාවට අපි මුංගෙ යාළුවො නොවුනෙ. හැක්..

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. ඇනෝ,
      මිළ දර්ශනය ලබාදීම ගැන ස්තුතියි.මාළු මිළත් තිබ්බ නං අපූරුයි.

      Delete
  14. මගෙ යාලුවෙක් වාහනයක නිදාගත්ත, ඇහැරුනෙ නෑ (මලා)

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැයිවරය නිදාගත්තොත් ඉතිං පාරෙ යන උංටත් මැරෙන්න තමයි වෙන්නෙ.

      Delete
    2. මගේ යාළුවෙක් මළගෙවල් වැඩි වෙලා මළා..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අනේ මංදා දැන් උඹේ යාළුවො කවුරුවත් ඉතුරු වෙලා නැතුව ඇති නේද?

      Delete
  15. කථවේ ඉතුරැ ටික ඉක්මනට දාන්න. මේක ටිකක් නැගලා යන කථාවක් වගේ. මොකක් හරි අමුත්තක් තියෙන දෙයක් කියලා හිතෙනවා. මටත් බස්වල යනකොට නින්ද යනවා එළකිරි වගේ. සමහර වෙලාවට ලඟ ඉන්න එකාගේ කරේ.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය පරිපාලනේ වැඩකරපු ජේ.ටී. කොඩිතුවක්කු, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙි හිටිය සුනන්ද මද්දුම බන්ඩාර එහෙම දන්නවද.

      Delete
    2. අමුත්තක් තියෙනවා වගේ හිතෙනව නං කතාව හොඳට ලියවිලා ඇති.

      Delete
    3. ඔව් හොඳින් දන්නවා .

      Delete
  16. "අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්...." හැලප අයියා. බොහොම රසවත්... ඒ ලෙන්ගතුකම මගේ හිතටත් දැනුන නිසා කට කැඩිච්ච කතාවක් කියන්න හිත නැමෙන්නෙ නෑ ... ඇත්තමයි.. ඉතුරු හරියත් ලියමු...

    ReplyDelete
    Replies
    1. ලෙංගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ
      නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කදුලු පිරෙන්නේ..

      හැක් :D

      Delete
    2. පත්තරයා දන්න ලව් , හැක

      Delete
    3. නෙදකින් තොපි... මනුස්සකම ඉස්මතු කරන්න දෙන්නෙම නැති හැටි..

      Delete
    4. ආදරේ කරාට කමක් නෑ - සීට් කුරුටුගාන්න එපා :D

      Delete
    5. මොන ලවක්ද බං. දැන් හැලපයිය නිදාගත්තම ආයෙ ඇහැරෙන්නෙ පහුවෙනිද උදේට තමයි.

      Delete
    6. උදය ම පුබුදී
      මුහුණට දිය දී
      කුල දෙවි නමඳී
      ගේ දොර අමදී

      වෙලාව  නොවැරැද
      කෑමට ආ සඳ
      ඔහුට වඩා සොඳ
      මහතෙක් කවරෙද…

      --- හැලපි ----

      Delete
    7. //"වෙලාව නොවැරැද
      කෑමට ආ සඳ"//

      මොනවා කෑමටද ?

      Delete
    8. නින්දට යන තැන
      කුල දෙවි වඳිමින
      කටයුතු පසු දින
      සලකයි නුවණින

      ඒ කියන්නෙ පහුවදාට ගහන ගේම ගැන ප්ලෑන් කරනව කියන එක...

      Delete
    9. මං හිතුවෙ පොසිෂන් එක ගැන කියල..චැහ්

      Delete
    10. කෑම කිව්වොත් ඉතිං ඉවානය කොහෙ හිටියත් එතන ඇති..

      Delete
    11. කෑම නැති ජීවිතෙන් කුමන පලක්ද ?

      පත්තරේ ..පොසිෂන් කිව්වේ?

      Delete
    12. පොසිෂන් කිව්වෙ හිටං :D

      Delete
    13. හැලප අයිය පොල් ලෙලි වගයක් ගැන ඒ කාලෙ කියල තිබ්බ..

      Delete
    14. හිටං මහන්සි නැද්ද?

      Delete
    15. ඒ වෙලාවට ප්‍රා

      හිමගිර මට වැලි අහුරකි
      මහ සමුදුර දිය රැල්ලකි
      කටු තුඩුමත මල් පුබුදමි
      ඔබ හිනැහේ නම් ……

      :D

      Delete
    16. සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
      කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන්
      බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
      සැනසුම යයි කන්දෙන් පල්ලම්

      Delete
    17. උකුල ළැම හස මලවි කරලිය
      මුවා කල ඇගෙ දුහුල් සළු තිර
      විවර කෙරුවා මනස් සලෙළුන්
      උමතු වු දෙනුවන් රැහැන් ඇද
      මා අබියස මැවුනු තුසිතය
      සුරන් නැළවූ සුයාමය..

      Delete
    18. නළලත බබළන සඳන තලාවයි…
      සිරුරත ඝන නිල් මේඝ වළාවයි…
      මානස විල මැද රණ තිසරාණනි
      වෘන්දා වනයේ වසන්තයයි…

      මලයගිරේ මධු ගීත කලාවයි…
      තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි…
      වන රේඛාවේ රණ මොණරාණෙනි
      තරුද නොපායන රාත්‍රියයි…

      Delete
    19. නුරාව පොඩ්ඩක් පැත්තකට කරල මෙන්න මෙහෙම කිව්වොත්..

      විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
      වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
      වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
      ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ

      සුසුම් ලා දිවා රැ වෙළී හුදෙකලාවේ
      එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
      තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
      ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ

      Delete
    20. සේලෙ පලන් උඹේ කලව පෙන්නෙන්නට
      සුලිය වගේ නාභිය පෙන්වන්නට
      උස්සලා පස්ස ටිකාක් හදපන්
      ඉඟ සේලෙ තදින් ඇදපන්

      පාරට්ටු ළදේ නුඹෙ මුහුන පෙනෙන්නට
      නීල දෙබැම දිගු දෑස දිලෙන්නට
      උස්සල කෙස්ස තදින් බැදපන්
      රන් තෝඩු කනේ දමපන්

      Delete
    21. පැණි කොමඩු ගෙඩිය කැකිරි පලුව
      සුන්දර ගම්මානේ
      මගෙ හිඹුටු මිටිය මිහිරි මැණික
      අති සුන්දර දීපේ

      Delete
    22. තට්ටු කරන්න හෙමින් . . . තට්ටු කරන්න හෙමින් . . .
      මගේ විමානේ . . දොරටුව ඔබගේ . . .
      තට්ටු කරන්න හෙමින් . . . තට්ටු කරන්න හෙමින් . . .

      දෙපා තබන්න හෙමින් . . . දෙපා තබන්න හෙමින් . . .
      මගෙ බුමුතුරුනේ සුපහස ඔබටයි . . .
      දෙපා තබන්න හෙමින් . . . දෙපා තබන්න හෙමින් . . .

      මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
      මගෙ මී බදුනේ . . මධුරස ඔබටයි . . .
      මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
      මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .

      Delete
    23. post එක මතක නෑ බොලව් දැන් ...හිටපියව් ආයෙත් කියවන්න වෙනවා ...දැන් යාළුවා මරණ එකා කියයි "පොස්ට් එක දෙපාරක් කියවලා මගේ යාළුවෙක් මැරුණා කියලා "

      Delete
    24. පෝස්ට් එක දෙපාරක් කියවලා මගේ යාලුවෙක් මළා.

      Delete
    25. මුගෙ යාළුවො ඔක්කොම මැරිලනේ බලන් ගියාම...

      Delete
    26. සජ්ජෝ මූ දැන් මිනීපෙට්ටි සාප්පුවක් කරනවා ඇති ...ඇයි බන් හැම වෙලාවේම මු කවුරු හරි මරනවානේ ...මොනවා වුනත් හොඳ එකෙක් .එකෙක් දෙන්නෙක් මැරුවට කාටවත් කරදරයක් නැනේ ...හැක්

      Delete
    27. සජ්ජා,පත්තර මල්ලි,ඉවාන්,ප්‍රසා,ප්‍රා,සිංදු ඇනෝ,
      කට්ටියම එකතුවෙලා මෙතන ගීත සාගරයක් කළාට බොහොම ස්තුතියි. ඉවාන්ට තව එක කතාවක් කියන්න තියෙනවා.ලව ගැන පත්තරේ තරං හොඳින් දන්න වෙන එකෙක් නැති තරම්,මොකද එක කෙල්ලෙක්ගෙන් දෙපාරක් බූට් කාපු එකම එකා ඌ වෙන්න ඇති.ඒ කතාව අහගන්න තියේනං මරු.

      Delete
    28. මං දන්න එකෙක් ඉන්නවා එකම කෙල්ලෙක්ගෙන් හතර පාරක් බූට් කාල තියනවා! ඒක ගිනස් රෙකෝඩ් එකක් මං හිතන්නේ!

      Delete
    29. බලං ගියාම අපි හරි අවාසනාවන්තයි න්‍ෙ

      Delete
    30. බලං ගියාම අපි හරි අවාසනාවන්තයි න්‍ෙ

      Delete
  17. ටක්කෙටම අනිත් උන් ටික එන එකක් නෑ......

    හැලපයියට තනියම අක්ක කෑල්ල එක්ක ඉන්ඩ තමයි වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. එහෙමද? මොනා කරන්නද එහෙනං තනියම වත් ඉමු.

      Delete
  18. හි..හි.. බලමුකෝ මොකද වෙන්නේ කියලා...

    කොහොම වුනත් ප්‍රශ්ණ ගොඩක් එක්ක ඉන්ද්‍රා හිනා වෙලා ඉන්න විදිහ කොයි තරම් හොඳද කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. කතාවට කැමතියි වගේ නේද? එහෙම තමයි මම හැම තිස්සෙම ලියන්නෙ තරුණ ගෑණු ළමයින්ට ආදර්ශමත් කතා.

      Delete
  19. උබ ඉතින් ඉන්ද්‍රාට සරණක් උනේ නෑ.....නොදකින්

    ReplyDelete
    Replies
    1. ඒක ඔහොම සරලව විග්‍රහ කරන්න බෑ බං.

      Delete
  20. ඉඳිආප්ප කතාවනම් සැරටම නැගල ගියා. කෙලත් ඉනුව කටට. ඉන්ද්‍රාගෙ පෙම්කතාව ඊට වඩා නැගල යනව මං හිතන්නෙ. ඉතුරු ටිකත් ලියන්න වෙනවනෙ කෙලවර හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. ඉඳිආප්ප කතාවයි පෙම් කතාවයි දෙකටම ඔයා කැමතියි වගේ නේද? ඉතුරු හරිය ඉක්මනට ලියන්නම්.

      Delete
  21. සිගරට් එක අතේ පත්තුවෙද්දිද නින්ද ගියේ. එහෙනං බඩු හරි. හැක්..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කොටේ බිම වැටිල තිබුණා.

      Delete
  22. නවල් එකක් බැලුවගේ

    ReplyDelete
    Replies
    1. එහෙමද,හරිම සතුටුයි.

      Delete
  23. ක්‍රෂ් එකක් වගේ.....

    ReplyDelete
  24. මට බස් වල නින්ද යනවා හිටගෙනත්. ටොක් ගාලා දනිස් දෙක නැමිලා ගැස්සිලා ඇහැරුණාම තියෙන විළිලැජ්ජාව...
    කොහොම නිදා ගත්තත් හරියට එළාම් එකක් තියා ගත්ත වගේ බහින්න ඕනේ තැනට කලින් ඇහැරෙනවා...

    කතාව ගැනනම් කියන්න තියෙන්නේ "දහසක් දේ ඇත කියා ගන්න බැරි" වගේ කතාවක්...

    ReplyDelete
    Replies
    1. බහින්න ඕනෑ තැනට කලින් ඇහැරෙනවා නං නින්ද ගියාට ගානක් නෑ.
      කතාව ගැන ඉදිරි කොටසෙදි බලමු.

      Delete
  25. හිත මෙව්වා වෙන කතාවක්.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනවද?

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මට හිතුන අටමට මේ වගේ දෙයක් වෙයි කියල ඊයෙ. හැක්..

      Delete
    2. ගහක් ගලක් වගේ උන්න අටමා … :D

      Delete
    3. අනේ මංදා බං, මේකා කමෙන්ට් දාගෙන දාගෙන ගිහිං පහුවදා ඒ ටික කපාගෙන කපාගෙන ගියා.

      Delete
  28. හැලපේ..මටත් ගොඩාක් දේවල් මතක් උනා කියවගෙන යනකොට....සෙනෙහස හරිම මිහිරි අත්දැකීමක්...
    උඹ මරු...!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෙනෙහස කෙතරම් මිහිරි අත්දැකීමක්ද? මතක්වු දේවල් ලියන්න අදහසක් හෙම නැද්ද?

      Delete
  29. දවස් දෙකක් ඇතුලත මුළු බ්ලොග් එකම කියෙව්වා.හැලපය්යාද,හැලපාංකල්ද මන්දා ලියන එක නම් ලියනවා කියවන අයට ආස හිතෙන්න හරි රසට.හරියට ඉඳිආප්පයි කූණිස්සො සම්බෝලෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. දවස් දෙකකින් මේක උඹ යකෙක්

      Delete
    2. නෑකම මොකක් උනත් බොහොම ස්තුතියි නුවන්.ශීග්‍රගාමී ව කියවල තියෙනව නේද?

      Delete
    3. දවාලක් රැයක් නැතුව කියෙව්වා අටම්.දිගටම ලියන්න හැලප මාමේ රසඅඅඅඅට..

      Delete
  30. ඔය රවීයියාගේ සිද්දිය වුනේ රවීයියාගේ යාලුවෙක්ට වගෙයි මතක.ඒ ස්කෝලේත් ට්‍රින්ටි වෙන්න ඕන.

    හැලාපයියාට කට්ටිය සෙට් වෙලා දුන්නේ ලණුවක්වත්ද?

    ReplyDelete
    Replies
    1. //කටුගස්තොට පාළම ගැන පොඩි කතාවක් මේ. අපි අර පොළොන්නරුවටත් එහා කැළේ මැද්දෑවෙ වැඩකරන කාලෙ අපෙ යාලුවෙක් හිටිය ගෙවල් ඔය ගලගෙදර දිහාවෙ.මනුස්සයට බස් එකකට නැග්ගොත් නින්ද යනව. හැමදාම නුවරිං නැඟල කටුගස්තොට පාළම පහුවෙනකොට මිනිහ කට කපල නිදි. ආය ඇහැරින්නෙ කදුරුවෙල බස් ස්ටෑන්ඩ් එකේ නතර කලාම.

      ඉතිං දවසක මේ යස්සයගෙ අත්තම්ම ඇහුවලු "පුතේ..උඹ ඔය වැඩ කරන දිහා ඔය පොළොන්නරුව කියන්නෙ බොහෝම දුරලු නේද? " කියල. මේකා ගත්කටටම කිව්වලු " මොන පිස්සුද අත්තම්මෙ?... කටුගස්තොට පාළම පහුවුනා ඊලඟට ඒ එක්කම පොළොන්නරුවෙ බස් ස්ටෑන්ඩ් එකනෙ " කියල.//

      Delete
    2. නෑ නෑ කට්ටිය ආව මනෝජ්.

      Delete
  31. මං හිතන්නෙ ඉන්ද රා ඇන්ටි වැඩේ ලැහැත්තිකල්ල තියෙන්නෙ කැන්දකොලේ හිමීට ගලෝල අහට්ට කොල්ල වියරවෙලා හිටං ඉතිං .........
    Stay tuned
    Anchor pedia pro

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හැලපෙ කන හැටි බලා ඉම්මු.

      Delete
  32. හරිම ආදරණීය බවක් තියෙන කතාවක්.. අනිත් කොටසත් ඉක්මනටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.ඉක්මනට ලියන්නම් සිතූ.

      Delete
  33. //"ඇත්තමයි මම දන්නව තමුසෙ හින්ද වෙලාවක මට පිස්සු හැදෙනවා! " //
    අයියේ ඇඟපත සීතල වෙලා ගියා.. මටත් උනානේ ඔය කතාව ඔය විදිහටම අහන්න ගෑනු කටකින්!

    ReplyDelete
    Replies
    1. හපොයි.මට වෙච්ච වැඩේ බොටත් වෙලා තියෙනව එහෙනං.

      Delete
  34. දැන් හැලපයා කතාව නවත්තපු තැන ඉඳලා හැලපයම කතාව ලියයි. ඔය රවියා හෝ වෙනයම් ඕනෙම එකෙක් එතැන ඉඳලා වෙච්ච දේ අනුමාන කරලා ලියලා අහුවෙන්නෙපා.

    ReplyDelete
    Replies
    1. හොඳ එකෙන්ම මල පැන ඇත.

      Delete
    2. හෙන්රි,

      මේ දවස්වල එහෙම එව්වට වෙලාවක් නෑ බං....:)

      Delete
  35. ඇත්තටම අර සීන් එක වුනේ මගෙ යාලුවෙකුට. මම ඒ ගැන කියල කමෙන්ට් එකක් දාන්න කියල හිතල පහලය එද්දි ප්‍රසන්නය ඒ කෑල්ල එහෙම්මම උස්සල දාල...තෑන්ක්ස් මනෝජ් ඇන්ඩ් ප්‍රසන්න...:)

    ReplyDelete
  36. ඉන්ද්‍ර‍ගෙ සමාගමය හැලපයියාගෙ හිත කීරි ගස්සා ඇති සෙයකි.

    ReplyDelete

ඔබේ අදහස්