අලුත් අවුරුද්දට කොහා අඬන්න ගන්නත් කලින් අවුරුදු ළඟ එන බව අපට දැනෙන්නෙ අම්මා කුස්සිය අස් කරන්න පටන් ගත්තමයි.මැටිවලින් බැඳල තියෙන ලිප් සුද්ද කරල කැඩිච්ච බිදිච්ච තැන්වල සුන්බුන් අයින් කරල දාල එහෙම අලුතෙන්ම ලිප් බඳින්න ලෑස්ති වෙනවා.ඊට පස්සෙ තාත්තට කියල හුඹස් මැටි කූඩ දෙක තුනකුත් ගෙන්නගෙන මැටි ටික පදමට අනල ඉස්සෙල්ලම කැඩුන බිඳුන තැන් පිළියම් කරල වේලෙන්න තියනවා.හොඳින් වේලුනාට පස්සෙ හරක් මඩුවෙන් අමුගොම අරං ඇවිත් මැටිත් කලවං කරල සීරුවට කුස්සිය පුරහම ගොම පිරිමදිනවා.ගොම ගෑවට පස්සෙ හොඳට වේලෙනකල් අපට කුස්සියට යන්න තහනම්.
ඒ කුස්සිය තිබුනෙ අපේ පරණ මහගෙදර.ඒ කියන්නෙ දැන් තියන මහ ගෙට කලින් අපි හිටපු ගේ.එතකොට අපි ගොඩක් පුංචි නිසා මතකය අඩුයි.ගෙයි ඉස්සරහ පැත්ත නං හොඳට මතකයි.ඉස්තෝප්පුවෙ විසාල කණු තිබුණා.පැත්තක කොට බිත්ති කණ්ඩියක් අනික් පැත්තෙ ඉස්තෝප්පු කාමරේ.ඉස්තෝප්පුවෙන් ගෙට යන්න දොරවල් දෙකයි.මහහයිය කිතුල් පොලු දාපු ජනේල වහලෙට හිංගල උළු වහල තිබුණ ඒ ගේ හරි සනීපයි.
ඒ උනාට ඇමරිකන් පැටන් එකට ගෙවල් හැදිල්ල ඒ කාලෙ අලුත්ම විලාසිතාව වෙලා තිබුණ නිසා හොඳට තිබුණ මහ ගේ කඩල අලුත් ගෙයක් හදන්න තාත්තලට ඕනෑ උනා.ඉතිං අපුරුවට තිබුණ පරණ ගේ කඩල දාල අලුත් ගේ හදන්න පටන් ගද්දි අපි පවුල පිටින්ම අලවත්තෙ පාරෙ තිබ්බ කුලී ගේක පදිංචි උනා.පරණ ගේ තිබුණ නං මොනතරම් අපූරුද කියල මට දැනුත් වෙලාවකට කල්පනා වෙනවා.ඉතිං ඔන්න ඔය අලුත් ගේ හදද්දී බිමට සිමෙන්ති දානකොට කුස්සියට සිමෙන්ති නොදා ඉන්න අම්ම තාත්තව එකඟ කරවගත්තා.එහෙම කුස්සියට සිමෙන්ති නොදැම්මෙ අම්මට ගොම ගාන්න තැනක් අවශ්‍ය කරපු හින්දයි.ඒ ගෙයි ඉන්නකල්ම අම්මා කුස්සියෙ ගොම මැටි ගෑමේ කටයුත්ත දිගටම කරගෙන ගියා.
ඒ විදියට කුස්සිය ඉවර කරගත්තට පස්සෙ ඊළඟට තියෙන්නෙ කැවිලි පෙවිලි සැදීමයි.කැකුළු හාල් දියේ දාල පිටි වනක් දෙකක් කොටාගෙන අම්මා අවුරුද්දට කැවිලි හදන්න පටන් ගන්නවා.අතිරස නම් නොවැරදීම හැදුවට කොන්ඩ කැවුම් හැදුවෙ නෑ.මොකද කොන්ඩ කැවුම් හදද්දී එකතැන වාඩිවෙලා ඉරටු කරකවමින් තෙල් ඉහිමින් ගොඩක් වෙලා ගතකරන වැඩවලට ඒ අය කිව්වෙ සීග්ගර වැඩ කියලයි.ඉතිං කොන්ඩ කැවුම් ආස්මී වගේ කෑම හදන එකත් සීග්ගර වැඩ ගණයටම අයිති නිසා වෙන්න ඇති.අතිරස හදල තෙල් බහින්න මැටි මුට්ටිවල දාල කට බැඳල තිබ්බට පස්සෙ මුං කැවුම් කජු අලුවා ආදිය හදනවා.කජු අලුවා ලොකු පළඟානක අඩුක් කරල හංගල තියන්නෙ අවුරුදු දවස වෙනකල් අපෙන් බේරල තියාගන්නයි.ඒ උනාට කොහොම හරි හංගපු තැන හොයාගත්තම අවුරුදු වෙද්දි ඉතුරු වෙන්නෙ පලඟානෙන් බාගයයි.වැලිතලප හදන්නෙ අවුරුදු දවසට කලින් දවසෙ,නැත්නං නරක්වෙනවනේ.අම්මගෙ වැලිතලපත් හරිම රසයි.තව අම්මගෙ නංගි මැණිකෙ පුංචිඅම්මත් හරිම රස වැලිතලප හදනවා.අපේ නැන්දා ඒ කියන්නෙ තාත්තගෙ නංගි එයා දීල හිටියෙ අම්මගෙ අයියට ඒ කියන්නෙ බෝතලේට.නැන්ද හදන වැලිතලපවල ඇට ගල් වගෙ හයියයි.හපන්න බැරි නිසා අපි පැණි ටික සූප්පු කරල ඇට ප්රූස් ගාල පිඹල අරිනවා.
අලුත් අවුරුදු චාරිත්‍ර වලට කලින්ම අම්මා කෝඳුරු කැවුම කුස්සියෙ එල්ලනවා.එතකොට අවුරුද්දෙ ගණුදෙනු නැකතේදී ඉස්සෙල්ලම ළිඳත් එක්ක ගණුදෙනු කරනවා.අවුරුදු කෑම බිම ලොකු රෙද්දක් එලල කිරිබත් කැවුම් කෙසෙල්ගෙඩි ආදී ඔක්කොම කෑම වර්ගත් දවාලක රෑක නං බත් මාළු පිණිත් එතනම තියනවා.නැකත් වෙලාවට කට්ටියම එකතුවෙලා අනුභවය කරනවා.නැකත් වෙලාව කිව්වම මට කතාවක් මතක් උනා.
අපි බොහොම තරුණ කාලෙ එක අලුත් අවුරුද්දක උදේ වරුවෙ ආරියලගෙ ගෙදර ගියා.අපි කිව්වෙ වෙනුජයි මමයි.ඔය කාලෙ අපි නැකත්, චාරිත්‍ර වාරිත්‍ර එහෙම එච්චර ගණන් ගත්තෙ නෑ,හිතුන වෙලාවට කනවා බොනවා හිතුන තැනක යනවා කොල්ලො එහෙමනෙ.ඉතිං ආරිලගෙ ගෙදර යමු කියල දෙන්න කතාවුනා ගියා.හොඳද නරකද අරකද මේකද බැලුවෙ නෑ.යනකොටත් ආරිය හොඳට බීල හිටියෙ වෙරි මරගාතෙ ආරිය මරු කතා කියනව.ඌ කියන කතාවලට අපිට මැරෙන්න හිනා.මුගෙ කතා අහගෙන විනෝද සමය වගේ අපි ඉන්නකොට ඔන්න එහා පැත්තෙ බූරු පොළේ බූරු ගහල පැරදිලා ගෙදර යන සැන්ටින් මුදලාලි අපේ සද්දෙ ඇහිල එතෙන්ට ආවා.සැන්ටින් මුදලාලිත් බීල හිටියෙ, අපේ බෝතලෙනුත් බීපුවම මිනිහට හොඳටම වැඩිවුණා.ඔහොම කියෝ කියෝ ඉද්දි දන්නෙම නැතුව අවුරුදු නැකත් වෙලාවත් ලංවෙලා සැන්ටින් මුදලාලි හොයන්න මයුරපාල ආවා.මයුරපාල කිව්වෙ සැන්ටින් මුදලාලිගෙ බෑනා.මිනිහ ගමේ හැමතැනම සැන්ටින් මුදලාලිව හොයල හොයල යන්තං හොයාගත්ත කියල අපිත් එක්ක කිව්වෙ.පස්සෙ අපි සැන්ටින් මුදලාලිව මයුරයගේ තැපැල් නයින්ටියේ ලගේජ් එක උඩින් තිබ්බා.හරියන්නෙ නෑ දහ් ගාල බිම වැටෙනවා, මුදලාලි කොටයි මහතයිනෙ අන්තිමේ කරන්න දෙයක් නැති තැන මයුරපාල සයිකලේ කෙසෙල්කැන් බැඳගෙන එන නයිලෝන් ලණුවෙන් අපි මුදලාලිව ලගේජ් එකේ ගැටගැහුවා.ගැටගහල පිටත් කරල ඇරියම අගේට ගෙදර ගියා.
ආයෙ දවසක ආරි මට රෑ කෑමකට ගෙදරට ආරාධනා කළා.මට මතක හැටියට ඒ මම ඉන්දියාවෙ ඉඳල ආපු අලුත ආරි කසිප්පු බිස්නස් එක කරපු කාලෙ,මිනිහට අතමිට හොඳට තිබුණා.ඉතිං මාව දැක්කම ආරිට හරි සතුටුයි.ටිකක් බීලත් හිටියෙ මාව බදා ගත්තා.
මේ ඔයා ඔන්න හෙට රෑට කෑමට නොවැරදීම අපේ ගෙදර එන්න ඕනෑ හරිද...
ඔන්න ඔහොම එනවමයි කියල කීප සැරයක් පොරොන්දු කරගෙන ආරි යන්න ගියා.පහුවදා රෑ මම තනියෙන් යන්න බැරි හින්ද වෙනුජටත් අඬ ගහගෙන ආරිලගෙ ගෙදර යනකොට මගදී අපේ මස්සිනා හම්බුනා.මිනිහත් කන බොන මනුස්සයනෙ කියල ඌටත් එන්න කිව්වා.අපි තුන්දෙනා ආරිලගෙ ගෙදර යද්දි ගෙයි සෙනග පිරිල මීවදේ වගේ.කසිප්පු බොන්න කස්ටමර්ල එන්නෙ මීමැස්සෝ වගේ ආරියා හෙනට බිසී.කසිප්පු දාල දෙනවා සල්ලි ගන්නවා ණයට බොන්න එන උන්ට බනිනවා එක කම්බැල්ලෑවයි.ගෙයි පිටිපස්සෙ ආරිගෙ ගෝලය හපයා කසිප්පු කලවං කරනවා.අපි ගිහිං ආරිට කතාකළා.
ආ උඹල ආවද මචං පොඩ්ඩක් වාඩිවෙලා හිටපල්ලකො...
අපිත් සාලෙ පැත්තක තිබුණ පුටුවල වාඩිවෙලා පැය බාගයක් විතර බලාගෙන හිටියා.සෙනග යනවා එනවා බනිනවා ආරිය උගෙ වැඩ.දැන් අපට ඊට වඩා පණ බයයි බැරිවෙලාවත් පොලිසියෙන් පැන්නොත් එහෙම අපි තුන්දෙනාවත් අල්ලං ගිහිං කූඩුවෙ දානවනෙ,මොකෝ එපා කියන්ඩයැ.අපිත් ගැහි ගැහි ඉන්නව ඔහොම ඉන්නකොට එකපාරටම ආරිය දුවගෙන දුවගෙන ආවා.පොලීසියෙන් පැනලද දන්නෙ නෑ කියල බයටම අපටත් නැගිටවුනා.
අනේ මහත්තයො, මල්ලියෙ තරහ වෙන්න නං එපා.මට නං දැන් හෙල්ලෙන්න වත් විදිහක් නෑ පේනවනෙ සෙනග, ටවුමට ගිහිං උඹලට කැමති ඕනෑම ජාතියක් අරං වරෙල්ලා.මෙන්න සල්ලි තියෙනව...
දැන් මූට මොකුත් කියන්නත් බෑ බනින්නත් බෑ ඔය ඉතිං දන්න හරියනෙ,මොනා කරන්නද?පස්සෙ අපේ මස්සිනා ටවුමට යන්න කැමති උනා.පොර හෙල්මට් එකත් දාගෙන සයිකලේට නගින්න හැදුව විතරයි.
අනේ මේ පේමෙ කන්නත් මොනා හරි ගෙනෙන් මචං...
රෑට කන්නද?එහෙනං මම කොත්තුත් දාගෙන එන්නං,හැබැයි පරක්කුවෙයි...
නෑ නෑ රෑට කන්න පවුල බත් උයනවා.බයිට් එකක් හදාගන්න මස් ටිකක් ගෙනෙංකො...
ඒ වෙනකොටත් රෑ නමේට ලඟයි, පේමය පිටත්වෙලා ගියා.අපි දෙන්නට ගේ ඇතුලෙ ඉන්න බයයි.ඒ හින්ද එළියට බැහැල පාර පේන හරියෙන් ගහක් යටට වෙලා මදුරුවො තල තලා හිටියා.ආරිය ගේ ඇතුලෙ ගජරාමෙට බිස්නස් එක.පැයක් විතර යද්දි අරක්කු ගේන්න ගිය එකා ආපහු ආවා.වෙන එකෙක් ගියා නං විනාඩි දහයෙ ගමන ඒ උනාට මූ ගිය තැන පැලවෙනවනෙ, සයිකලේ නවත්තල මගදී දකින දකින යාලුවොත් එක්ක කයිය ගගහ ඉන්නව.ඌව ගමනක් යවන්න අපි කැමතිම නැත්තෙ ඔය ගිය තැන පැලවෙන සිරිත හින්දමයි.කොහොම හරි ආපු එක මදැයි කියල තුන්දෙනාම ගෙනාපු අඩුම කුඩුම අරගෙන ගෙට ගියා.ඒ ගමන ආරිය වීදුරු ටිකක් ගෙනල්ල අපට දුන්නා.අපි වාඩිඋනාම ආරිය බෝතලේ කඩල ටිකක් වක්කරගෙන බිව්වා.
මචං උඹල ඕනෑ හැටියකට බීපල්ලා මට මෙතන ඉන්න හැටියක් නෑනෙ බං ජොබ් එක කරන්න එපායැ තරහ වෙන්න එපා ඈ...
එහෙම කියල ආරිය ආපහු බිස්නස් පටන්ගත්තා.ගෙනාපු මස් ටික සැරට ඩෙවල් දාල දෙන්න කියල ආරිගෙ පවුලට දීල එහෙම අපි තුන්දෙනා ටික ටික වක්කරගෙන බිව්වා.ආරිගෙ ගෙදරට බොන්න එන උන් ඔක්කොම වගේ ගමේ අපි දන්නා අඳුනන උන්නොවැ.ඉතිං බොන්න එන අය අපි ලඟටත් ඇවිත් කතා කරනවා.සමහරු අපේ බෝතලෙන් වක්කරගෙනත් බොනවා.උං ඒක බොන්නෙත් කසිප්පු බොනවා වගේ. අසෝක වීදුරුවට කට කපල වක්කරගෙන උගුරු දෙකට ගුඩු ගුඩුස් ගාල ඇරල දානවා.අපි වීදුරුවට පොඩ්ඩක් වක්කරගෙන සෝඩා එහෙම දාගෙන හිමිහිට බොනකොට මුං දෙක තුනක් ගිල දාල ඉවරයි.වැඩි වෙලා යන්න කලින් බෝතලේ අඩිය පෙනෙන්න ගත්තා.මස් ඩෙවල් එක තාම නෑ.බොන්න දේකුත් නැතුව අපි තුන්දෙනා හෝහපුටුවො වගේ බලං ඉද්දි ආරිය ලොකු දීසියකුත් උස්සගෙන ප්‍රාදුර්භූත උනා.
මෙන්න මචං මස් ටික නං හැදුව,හුකා! ඔය ටිකට බෝතලේ ඉවරද?තොපි තියන්න වටින් නෑනෙ...
කාටද ඉතිං මේ අවනඩුව කියන්නෙ? කටේ තිත්ත යන්න මස් කෑල්ලක් වත් හපමු කියල බලනකොට දීසිය කට කපල පුරෝල හොදි එකයි,බසවක්කුලම වගේ.ආරිගෙ පවුල දන්න ඩෙවලක් ඇතැයි,ගෑනිට මස්ටික දුන්නම දන්න හොද්ද හැදුවා.
බොන්න දේකුත් නැතුව මෙතෙන්ට මස් ඕනැන්නෙ නෑ ආරි ඔන්න ඔය දීසියත් කෑම මේසෙන්ම තියපන්.නැත්නං උඹේ කස්ටමර්ල ටික මේකෙ කෑලි ටික කාල හොදි ටිකත් බීල දාවි...
එදා ආරිගෙ රාත්‍රී භෝජන සංග්‍රහය ඉවරවෙලා ගෙදර යද්දි මහ රෑ දෙගොඩහරියක් උනා.ආරිය කරපු වැඩේ ගැන අපි තුන්දෙනාගෙම හිත්වල කිසිම කහටක් තිබුනෙ නෑ.ඒ වෙනුවට ආපහු යන ගමන් අපි හොඳටම හිනාවුනා.ඔය වගේ අමතක නොවන සොමියක් දෙන කෙනෙකුට ගමේ ඉන්නෙ ආරිය විතරනෙ.හොඳයි ආරියත් වෙන අය වගේ අපිව පිළිඅරන් බොන්න බෝතලයක් තියල බොනකල් සතුටු සාමීචි කතා කර කර ලඟට වෙලා ඉඳල කෑමට ආරාධනා කරල කන්න දීල අපිව පිටත් කළා නං අද මම මොනව ලියන්නද?
ආරියගෙ කතා මෙහෙම ඉවරවෙන්නෙ නෑ තව මහගොඩක් තියෙනව.සැරෙන් සැරේ ලියන්න බැරියැ.අද ලියන්න ගත්තෙ අපේ අම්මගෙ අවුරුදු චාරිත්‍ර ගැන නොවැ.
ඉතිං පොඩි කාලෙ අපි අම්මල තාත්තල කියනවට අවුරුදු චාරිත්‍ර කළා.ඉලන්දාරි කාලෙ චාරිත්‍ර කිසි දෙයක් ගනිච්චියකට ගන්නෙ නැතුව අපට ඕනෑ ඕනෑ විදියට වැඩ කළා.ඊටත් පස්සෙ දැනුම් තේරුම් ඇති වයසට ඇවිත් රස්සාවල් කරද්දි රාජකාරිත් එක්ක කාර්යබහුල වුනා.ගොඩක් වෙලාවට විප්‍රවාසෙ ගතකරද්දී අවුරුදු ගණන් අම්මව මග ඇරුනා.ලංකාවෙ ඉන්නව නං අවුරුදු දවසෙ අම්මගෙ ආදරයත් එක්ක කවන කිරිබත් කට වරද්දන්නෙ නෑ.අම්ම අපිව දාල යන්න ගියා කියල තවමත් හිත පිළිගන්නෙ නෑ.දැනුත් ගෙදරට අඩිය තියපු ගමන් යැවෙන්නෙ අම්ම හිටිය කාමරේට.අම්මගෙ හිස් ඇඳ දකිද්දි ඔන්න අම්ම නෑනෙ කියල මතක් වෙනවා.මෙදා සැරේ ගතවෙන්නෙ එකදිගට ලංකාවෙ අවුරුදු කන්න නැතිවෙච්ච හතරවෙනි අවුරුද්ද සහ අම්මා නැතිව ගතවෙන දෙවෙනි අලුත් අවුරුද්දයි.මෙහෙ අපට කොහොමත් අවුරුදු නෑනෙ.ඉතිං ජයට අවුරුදු සමරන ඔබ සියලු දෙනාට ලැබුවාවූ අලුත් අවුරුද්ද බත බුලතින් මිළ මුදලින් අඩුවක් නැති කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේ හැලපයා වන මම හා මගේ දරු පවුල වම්හ෴
ඉස්සර අපේ ගම් වලනම් අවුරුදු කියපුවහම සූදානම් වෙන්නේ ගොඩ කාලෙකට කලින්. හරිම විනෝදෙන් හැම දෙයක්ම කළේ. දැන් එහෙම නෑ අවුරුද්ද නිකම් ඔහේ ඇවිල්ල යනවා.
ReplyDeleteඅජිත් මම ඊයේ ගමට ගියා....ඉස්සර අප්‍රේල් පලමුවෙනිදා ඉඳන් පටන් ගන්න කැට පොලවල් එකක්වත් දැක්කේ නෑ....හැබැයි ටවුමේ අඩියක් ගහන්න බැහැ මිනිස්සු පිරිලා අවුරුදු පොලවල් ගානේ යන...
Deleteහැමතැනම කැවිලි විකුනනවා කියලා බෝර්ඩ් ගහලා..
පොඩි ඈයොන්ට ඉතින් දෙයියන්ගේම පිහිටයි...උන් කාගෙන් කොහෙන් ඉගෙනගන්නද අවුරුදු සිරිත් විරිත්...මට මතක් වෙන්නෙ අපි කෙහෙල්කන් වලේ දාලා දුම් පිඹ පිඹ ඉදෙව්ව හැටි...
කලින් කලට පලින් පල කිව්වලුනෙ.දැන් ජයටම අවුරුදු තියෙන්නෙ ටී වී චැනල් වලයි එෆ් එම් වලයි මිසක ගමේ නෙවෙයි.
Deleteචෙපාකි,
Deleteකෙහෙල්කැන් වලේ දාල දුම් පිඹපු හැටි මට කියන්න බැරිඋනා.බිලිං කොළයි ගම්මිරිස් කොළයි දාල දුම් පිඹල කෙහෙල්කැන ගොඩ ගද්දි එන සුවඳ තාම දැනෙනවා.
අපේ පැත්තෙ (කෑගල්ලෙ) නැකතට කෑමට පෙට වැඩ ඇල්ලීම කරනවා.
ReplyDeleteඒ කරන්නෙ මුලින්ම කිරි ගහකින් (කොස් හෝ කදුරු වැනි) අතු කීපයක් කඩාගෙනවිත් මිදුලේ ලෑස්ති කරනවා
(ඒවත් කපාගෙනෙ එන්න්නෙ නෑ අතින් තමයි කඩන් එන්නෙ,නොනගතේ වැඩ කරන්නෙ නැති නිසා).
ඉන් පස්සෙ ගෙදර තියෙන ආයුධ (කැත්ත ,උදැල්ල සහ පිහිය) පාවිච්චි කරල නැකැත් වෙලාවට සියලු දෙනාම ඒවට කපනවා කොටනවා. ඉන් පස්සෙ තමයි කන්නෙ.
මටනං ඒ කාලේ එපා වෙලගා හිටියේ කැවුමක්වත් කන්ඩ දෙන්නැ
Deleteඅපේ පැත්තෙ කාලයි වැඩ අල්ලන්නෙ.ගොයිතැන් කරන අය ඒකට සමබන්ධ දෙයක් එතකොට ඉස්කෝලෙ යන අපි පොතක් බලනව වගේ තමා වැඩ ඇල්ලීම.
Deleteඅටං,
Deleteඒක තමයි චාලිත්තරේ කියන්නෙ බං.නැකත් වෙලාව එනකල් ඉන්නේ නැතුව කන්න ඉල්ලල බෙරිහන් දෙන උඹ වගේ ආනාදියෝ හිටිය තමා.අපි නං හොඳ ළමයි වගේ නැකත් වෙලාව එනකල් බඩගින්නෙ හිටියා.
//"ඒ උනාට ඇමරිකන් පැටන් එකට ගෙවල් හැදිල්ල"// මේ කෑල්ල කියවනකොටම එක පාරට මතක් වුනේ චෙෆාකිව . මේ ළඟදිත් කොහේ හරි යද්දී මට පෙන්නුවා ඇමරිකන් ස්ටයිල් හරි බ්‍රිටිෂ් සටයිල් හරි කියලා ගෙයක්...
ReplyDeleteකොහොමත් හැලපයියලා පොඩි කාලේ අවුරුදු බොහොම ලස්සන ඇති, අද ආපහු හැරිලා බලනකොටනම් අපේ පොඩි කාලේ අවුරුද්දත් දැනට වඩා ගොඩක් ලස්සනයි. කාලය මැවූ වෙනසක අරුමේ .
වැලිතලප මගෙත් ප්‍රියතම කෑමක් ... ෂෙක් අම්මප එක මතක් කලානේ මේ අස්සේ
ඉවාන්,
Deleteඔය ඒ කාලේ ඇමෙරිකන් පැටන් කිව්වෙ හුඩ් එක සහිතව හදන ගෙවල් වලටයි.දැන් ඉතිං රස වැලිතලප කොහෙන් කන්නද?
ඇයි බං අර මුදුනෙ වහල එකතුනොවී පල දෙක පනිනවට කිව්වෙත් ඇමරිකන් පැටන් කියලනෙ.
Deleteඉස්සර චාරිත්‍ර වාරිත්‍ර අකුරට කළාට දැන්නං එහෙම නෑ. අවුරුද්ද කියන්නෙ තවත් එක දවසක් විතරයි බොහෝ දෙනෙකුට.
ReplyDeleteවැලිතලප කියපුවාම මෙහේනං ඒව නියමෙටම හදන්න දන්නෙ අපේ නැන්දම්ම තමයි.
හැලපෙ අයියාටත් දරු පවුලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව.
//වැලිතලප කියපුවාම මෙහේනං ඒව නියමෙටම හදන්න දන්නෙ අපේ නැන්දම්ම තමයි//
Deleteවෙලාවක ගොඩවැදිල ( තේ ) ටිකක් බීල යන්න එන්නං ඈ :D
එකෙන්ම. හැබැයි පුතෝ වැලිතලප කන්නනං අවුරුද්දටම වරෙං.
Deleteයන්තං ඇති.මෙන්න රස වැලිතලප කන්න ක්‍රමයක් පෑදුනා.අපි එන දාටත් නැන්දම්මට කියල වැලිතලප ටිකක් හදවල තියනවද?
Deleteප්‍රසාටත් සිය පවුලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ප්‍රසන්න නැන්දම්මා ඉනෙන වේරහැර පාරේ නේද? මම නම් යනවා ප්‍රසන්නගේ නැන්දම්මා බලන්න. වැලිතලප හදන්න දන්න ඕනේ කෙනෙක් හොයාගන යනු ලැබේ,
Delete@ Buru, නැත. ඕපනායක පැත්තට වෙන්නය.
Deleteමට නම් පොඩි කාළේ ඉඳන් ඔය රෙද්ද දිරවන්නේ නෑ. එපා කරපු දේ තමයි හැම එකාටම වඳින එක. ඒ නිසා මම නෑගම් එහෙම මඟ අරිනවා.
ReplyDeleteසල්ලි තියේනම් හැමදාම අවුරුදු හැලපේ....!!!
වෙලාවට උඹ පරක්කුවෙලා ආවේ..අහපං අටමගෙං මට වැදපු උන් ගැන...
Deleteඑච්චර හිතන්නෙ නැතුව වැදපං බං...වැඩිහිටියන්ට විතරයිනේ වදින්න ඕන...අනික අවුරුද්දකටම එක පාරයිනේ...
මම ඒකට කැමති නෑ බං. එතන තියෙනවා පට්ට ගෝත්‍රික ගතියක්. ඊට වඩා ෆීලින්ග් එකක් එනවා හග් එකක..
Deleteඒත් අද යනවා අම්මටයි තාත්තටයි වඳින්න. එයාලා හරි සතුටුයි ඒකට.
මාත් කාටවත් වදින්නේ නැ . ළමයින්ව උනන්දු කරන්නෙත් නැ . මට හිතෙන්නෙ ඔය මාතයට හිතෙන එකම නෙමෙයි , ඒකත් එක්ක කලවං වෙච්ච හැගිම් ගොඩක් ,
Deleteඑදානං හැබැයි මට නිකන් මොකදෝ මොකදෝ වගේ හිතුනා ,
ඇත්තම කියුවොත් මට මං ගැන ලැජ්ජා හිතුන
හැබැයි මම තාම තීරණය කෙරුවේ නැ වැඩිහිටියන්ට වදිනවද නැද්ද කියල
වැඩිහිටියෙකුට වඳින්න කොන්ද නැමෙන්නෙ නැත්තෙ උඹලගෙ තියන මාන්නෙ හන්ද.. වන්දපල්ලා යකුනේ... කොන්ද කැඩෙනවයැ වැඩිහිටියෙක්ට වැන්දම..
Deleteනොස්ටැල්ජික් ටෝක්ස්....අපේ මනස පසුගාමී කියන්නෙ ඕක තමයි. අපේ මනස පය ගහහල ඉන්න ලෝකෙට වඩා ගවු ගානක් ඇතින් ඉන්නෙ. විසි එක් වෙනි සිය වසේ ඉන්න අපි මනසින් ජීවත් වෙන්නෙ ගවු ගානක් ඈත ලොකෙක...
Deleteඒවා ඉතිං චාලිත්තර කියනව නොවැ.අපි කැමති උනත් නැතත් ඒවාට අනුගත වෙන්න වෙලා.
Deleteඅනේ මන්ද බන්, විසි එක්වෙනි සියවසේ ටොය්යො සර්වබළධාරී දෙය්යො වඳින්න පල්ලි වලට යන එක අවුලක් නැති උනාට දකුණු ආසියානු බය්යො වැඩිහිටයන්ට වඳින එක අවුල්. මටනම් අවුරුද්දට බුලත්දීල, තෑග්ගක් දීල වඳින එක අවුලක් හිටෙහ්න දෙයක් නෙමේ. ඔන්න අර ටීවී වල වගේ දවසගාඑන් ගෙදරට එන යන උන්ට පොඩි උන් ලව්ව වන්දවන්න හිතන/හදන එකනම් ගොන්කමක් තමා.
Deleteහැම එකාටම දණ ගගහ වඳින එකේ තියෙන අවුල පොඩ්ඩක් කල්පනා කලොත් තේරෙයි
Deleteමම අද උදේ ගියා ළදරු පාසලක පැවැත්වෙන අවුරුදු උත්සවයක ආරාධිත අමුත්තකු හැටියට. කරන්නේ මොනවද කියලා ළමයින්ට අවබෝධයක් දෙන්නේ නැතුව. අවුරුදු චාරිත්‍ර 'ඩ්‍රිල්' වශයෙන් කරවනවා. ගුරුවරුයි දෙමවුපියෝයි ළමයින්ව බලහත්කාරයෙන් ඇදගෙන පිට්ටනිය මැද්දට දමලා නියෝග දෙනවා අරක කරපන් මේක කරපන් කියලා. තව ටිකක්වෙලා බලාගෙන හිටියොත් පිත කොපවෙන නිසා බොරුවක් කියලා මාරුවෙලා ආවා.
ReplyDeleteරූපවාහිනියෙන් පෙන්නන අවුරුදුත් එහෙමම තමා.
එහෙම හරක් වගේ ළමයින්ව බලෙන් ඇදල දාල චාරිත්‍ර කියල දෙන්නෙ කොහොමද? කිව්වත් වගේ දැන් අවුරුදු තියෙන්නෙ ටී වී එකේ විතරයි.
Deleteඅවුරුද්දට ගම වගේ තැනක් නෑ. මේ අවුරුද්ද අපිට නෑලු...:(
ReplyDeleteඅපටත් මෙහෙ අවුරුදු නෑ.ගමෙත් දැන් ඔය කියන තරං අවුරුද්දක් නෑ පොඩ්ඩි.
Deleteඅවුරුදු උත්සවේ සහ චාරිත්‍ර පොඩි කාලෙ ඉඳලම ඇල්ලුවෙ නෑ මට නම්. නරකක් කියනව නෙමෙ. පුද්ගලික කැමති අකමැතිකම් නෙ. දැන් නම් අවුරුදු දවස් වලට ඉල්ලලම වැඩ දාගන්නවා. එතකොට අවුරුදු සැමරුමෙන් බේරෙනවා, ඩබල් ගෙවන නිසා මාසෙ අන්තිමට පඩියටත් හොඳයි
ReplyDeleteඉස්කොප්ප බූරුවා..... :D
Deleteඔබ පවුලේ සැමට, සුබ අලුත් අවුරුද්දක් වේවා හැලප !
Delete@ අරවින්ද සමරසිංහApril 10, 2015 at 2:06 AM
Deleteහරිහමන් සිංහල තාත්තෙකුට ජාතක නොවීමේ ප්‍රතිපලය තමයි අම්මා ප්‍රන්සද
හරි හමන් සින්හල තාත්තා... අනේ හුකේ... නන්නානේ... නෑ අම්ම ඇස්කිමෝ... ඇයි ඔයාට ලපංද....
Deleteතමන්ගෙ කැමැත්ත නොවැ.
Deleteහැලපෙට වගේම අපිටත් අවුරුදු අසිරිය විදගන්න පින තිබුන. ගොම මැටි ගාල වේලුන කුස්සියේ අවුරුද්දට දවස් පහකට විතර කලින් ඉදන් කැවිලි හදනව. අපේ කිරිඅම්ම මේ එකක්වත් නැකතට ඉස්සල්ලා කන්න දෙන්නෙ නෑ. කැවුම් වල තෙල් බහින්න ලොකු කිරි ගොට්ටකට දාල එයා ගෙ කාමරේ මැද්දෙන් තියනව. අයියයි මමයි කොන්ඩ කැවුම් වගේ සොෆ්ට් ඒව බටලීයකට උල්කරපු කෝටුවක් ගැටගහල ජනේලෙන් දාල ඇනල ගන්නව.
ReplyDeleteඅතීතෙ මතක් වෙන්ඩ හැලප අයියම පෝස්ට් එකක් දාන්ඩ ඕනෙ. දැනුත් නැකත් චාරිත්‍ර ඒ විදිහටම රැකගෙන අවුරුද්ද සමරන එක කරනව. වගේම ලමයින්ටත් ඒ සුන්දරත්වය දෙන්න උපරිම දේ කරනව
අපිත් ගෙදර ඉන්නව නං චාරිත්‍ර ඉස්ට කරනවා කම්මලේ.නොරටක ඉන්නකොට අවුරුදුත් නෑ චාරිත්‍රත් නෑ.
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteප්‍රාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteඅපේ ගෙවල් වල ගොම මැටි ගාපු කුස්සි නොතිබ්බාට අනුරාධපුරේ අපේ මාමාලැ දිහා ඔය වගේ ගොම මැටි ගාපු කුස්සියක් තමයි තියෙන්නේ.පොළවට වතුර වගේ වැටුනාම පොළවටම එක උරා ගන්නවා.
ReplyDeleteඕනෑම රස කැවිල්ලක් හොඳට හදන්න දන්න අපේ ආච්චිත් කොණ්ඩ කැවුම් නම් හැදුවේ නැහැ.ඒ ලස්සනට කොණ්ඩේ ගන්න බැහැයිය කියලා.
ලබන්නාවු අලුත් අවුරුද්ද හැලපයියාට,හැලපක්කාට,හැලපපැට්ටා කිරියෙන්,පැණියෙන් බත බුලතින් පිරුණු සුබම සුබ නව වසරක් වේවා!
ගොම මැටි හාපු බිමේ දගන ගාපු ලමයි කීදෙනෙකුට රුමටික් හැදුනයි කියල ඔය ලස්සන ඉතිහාසෙ කියල තියෙනවද
Deleteමනෝජ්ටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සුබම සුබ නව වසරක් වේවා!!!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා හැලප, ඔබටත් ඔබගේ පවුලේ සැමටත්!!!!
ReplyDeleteරවිටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteඅවුරුද්ද කියලා මතක් වෙන්නේ දැන් ටීවී එකේ රේඩියෝ එකේ රබන් සද්දේ ඇහෙන්න ගත්තහම්!
ReplyDeleteශ්‍රී සුබ නව වසරක් වේවා!!!!
ගමේ නැතුවට ටී වී එකේ රේඩියෝ එකේ අවුරුදු හරිම සරුයි.නාඩියා ටත් සුබ නව වසරක් වේවා!!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා හැලප...හරියට අවුරුද්දකට හිටියේ නෑ දැන් සැහෙන කාලයක් ,මම නම් කොණ්ඩ කැවුම් කන්න සැහෙන පෙරෙතයි ...අනික් කෑම වලට වඩා
ReplyDeleteමමත් කොන්ඩ කැවුම් කන්න බොහොම මනාපයි.සහෝදරටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteඔය ගොම ගෑමනං මහා අප්පිරියා වැඩක්.
ReplyDeleteහැලපයියා, හැලපක්කා සහ හැලපැට්ටාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
අප්පිරිය වෙන්න මදාවියා ගොම ගාල තියෙනවද?
Deleteඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
දැන් කාලෙ ළමයින්ට ඉස්සර වගේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර විඳින්න ලැබෙන්නෙ නෑ..... සුන්දර මතකයක් අලුත් කලාට ස්තුතියී....
ReplyDeleteකාලේ වෙනස් වෙද්දී ඔහොම තමා.ඔබටත් ස්තුතියි.
Deleteහායි ශ්‍රීනා අයි ලව් යු මෙයා
ReplyDeleteඔයාට ලමයි ඉන්නවද සුදා
ඔයා දාන කොමන්ට් හරි හිනා
මුලට වඩා දැන් ඒවා හරි හොඳා
කාටද බං?
Deleteඉස්සර අපේ නෝනලාගෙ මහගෙදරත් හැලපයියා විස්තර කරපු මහගෙදර වගේ. සිංහල උළු හෙවිල්ලපු මහා පතරංග බිත්ති තියෙන, කොට බිත්ති එක්ක ඉස්තෝප්පුවක් තිබුණ අපූරු ගෙයක්. සුනාමියට කෙළවිලා ගියා ඒකට
ReplyDeleteසියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා..
ගෙට වෙච්ච වැඩේ නං අපරාදෙ.
Deleteඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
හැලපේ......................... කතාව අැත්ත ... අපි ක්‍රමයෙන් අපේ අතීත පුරුදු වලින් සහ වටිනාකම් වලින් අෑත් වෙනවා. ඒකට අපේ ජීවිත රටාවත් බලපානවා..... ඉස්සර තිබුණ නිදහස විතරක් නෙමෙයි කිසිම දෙයක් දැන් අපි ළග නැහැ..... අපි හුදෙකලා වෙලා...... ඒත් අපි මොකක්දෝ හොයාගෙන යනවා...
ReplyDeleteදැන් තියෙන්නෙ මහ ශීග්‍රගාමී ජීවන ක්‍රමයක්නේ ඉතිං හැම දේම ක්ෂණිකයි.නමුත් ඒ කාලේ මිනිස්සුන්ට බොහොම නිදහස තිබුනා.එකමුතුව තිබුනා.අද අපි දුවනවා විතරයි.
Deleteමිළ මුදලින් අඩුවක් නැති කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේ හැලපයා වන මම හා මගේ දරු පවුල වම්හ෴
ReplyDeleteඔයාටත් එසේම වේවා ............ එත් මොකද මේ අන්තිමට වමේ කතාවක් දාලා තියෙන්නේ????
ඔයාගෙනම් සිංහල අව්රුද්දට ලංකාවේ නැති හතර වෙනි එක,,.. මට .................???????????,,,,,,,,,,,
මට හතරවෙනි එක.රාලෙට කීවෙනි එකද?
Deleteවමේ කතා දැන් ඇහෙන්නෙම නැති තරම්නෙ.ඒ නිසා දැම්මා.
අපේ ගමේ අවුරුද්දට අම්මා ලක ලැහැස්ති වෙච්ච විදිහ මතක් වුනා . ඉතින් හැලපේ, පවුලේ හැමෝටම සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteතිලකෙටත් දරු පවුලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Deleteඔය සීග්ගර වැඩ කියන එක අපේ සීයත් (තාත්තගෙ තාත්තා) පාවිච්ච් කරපු වචනයක්.. "ළමයො, ඕක බොහොම සීග්ගරෙන් කරන්ට ඕන වැඩක්" ඔන්න ඔහොමයි උන්දැ කියන්නෙ.. පුංචි කාලෙ මං හිතුවෙ ඒ කියන්නෙ වැඩේ ඉක්ඉක්මනින් කරලා දාන්ට කියනවා කියලයි.. පස්සෙ තමා තේරුනෙ මේ කියන්නෙ බොහොම කාල වේලා අරගෙන, සම්මා සතියෙන් යුතුව කරන්ට ඕන වැඩ කියලා.. :-D
ReplyDeleteතුංමං හංදිය පොතේ ලොකු මාමා සීග්ගර වැඩ කාරයෙක් කියල තියෙනවා බුරාට මතකද?ගමේ සීග්ගර වැඩ කියන්නෙ සූක්ෂ්ම වැඩ වලටයි.
Deleteඕක මං හිතන්නෙ සියනෑ කෝරළේට විශේෂිත වචනයක් ද කොහෙද.. වෙන කොහෙදිවත් මට අහන්ට ලැබිලා නෑ..
Deleteකාර්ය බහුල කම නිසා ඉස්සර කෙළි කරන්න බැරි උනත් ඒ කාලේ මතක් වෙනකොට තාමත් ඒ හැගීම හිතට දැනෙනව... ස්තුතියි හැලප සහෝදරයා එව්ව ආයේ මතක් කලාට.
ReplyDeleteකාර්ය බහුල උනත් සජ්ජත් අවුරුදු චාරිත්‍ර කරනවා ඇති නේද?අපිට එහෙමත් නෑනෙ.
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා හැලපේ. අරූ තමයි ස්වයංසේවා ක්‍රමයේ නිර්මාතෘ.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා ඩුඩ් සහ දරු පවුලටත්.මොකද්ද මේ අරූගෙ කතාව?
Deleteඅරූ කිව්වේ ආරියා බං. ඌ උඹලටෙ ස්වයංසේවා නොහොත් සෙල්ෆ් සර්විස් කරගන්න ඇරිය නිසා එහෙම කිව්වේ.
Deleteහරි හරි බං අරූ කියපුවම මට පොඩ්ඩක් මැන්ටල් උනා.
Deletehttp://nelumyaya.com/?p=1684
ReplyDeleteසහයෝගයට ගොඩක් ස්තූතියි අජිත්.
Deleteතාත්ත නැතිව මුල් අවුරුදු කීපයේ අපි කවුරුත් අවුරුදු සමරුවේ නැහැ. හරිම අමාරුයි. දැන් අම්ම හෙම ඒ ගැන අමතක කරලා මුනුපුරු මිනිපිරියන් වෙනුවෙන් අවුරුදු සමරනවා.
ReplyDeleteඅපෙත් අම්මා නැතිව ගෙවෙන දෙවෙනි අලුත් අවුරුද්ද.
Deleteබ්ලොගය සහ සියලු කොමෙන්ට්ස් බැලුවා. ඔබ සියලු දෙනාටම සුභ අලුත් අව්රුද්දක්වවේ යයි කියලා පතනවා. ඊයේ නොනගතෙයේ වෙලාවේ අහල පහල ගෙවල් වලට කැවිලි අරගෙන ගියා. ඒ අයත් අපේ ගෙදරට ආවා.හැමදාම අවුර්ද්දේ මුලින්ම කරන වියදම කරන්නේ මාලිගාවට ගිහින් වැඳලා පඬුරු දමලා ඊට පස්සේ පහල තියෙන කඩෙන් ගෙදරට ලුණු කිලෝ එකක් ගන්න එක.කඩේ මුදලාදිත් ඒ බව දන්නවා ඒ නිසා එඩින් ලුණු ඉල්ලන අයට ලුණු පැකට් එකට මිරිස් කරලකුයි කහ කැබැල්ලකුයි දමන්න අමතක කරන්නේ නැහැ.ඊයේ වැස්ස නිසා මාලිගාවට ගියේ නැහැ. අද උදෙන්ම යන්න ලෑස්ති වෙන අතරෙදියි මේක කෙටුවේ. වැඩිහිටියන්ට වඳින්ට සහ වැඳුම් ලබා ගන්න වාසනාවක් සහ පිනක් තියෙන්න ඕනෑ කියලයි මට නම් හිතෙන්නෙ. මදක් හිතන්න අමාත්‍යාංශයක ස්ථිර ලේකම් වරයෙකු ලෙසින් තවමත් රාජකාරි කරන මගේ නෑදෑයෙක් උපාධිධාරී සහ පස්චාත් උපාධි හිමි ප්‍රමුඛ මහා විද්‍යාලයක උගන්වන ඔහුගේ බිරිඳ සහ සිමා හදාරන සහ බැංකුවක සේවය කරන ඔහුගේ වැඩිමහල් පුතා ඉදිරියේ මට වඳිනවා. ඒ සියලු දෙනාගෙන්ම් වැඳුම් ගන්නා මම ඔවුන් ඉදිරියේදීම වයස අවුරුදු 86ක් ඉකමවා සිටින ඔවුන්ගේ අත්තම්මාට දන ගසා වඳිනවා. අප කිසි කෙනෙක් මේවා කරන්නේ කාගෙන්වත් බල කිරීමක හෝ සෝබනයකට නොවේ. මට හිතෙන්නේ ම වගේ සිරිත් වලින් අපි ළග බැඳිලා තියෙන මානය ඉවත්වී මනුස්සකම ඉදිරියට එනවා කියලයි.
ReplyDeleteසමරසේකර
ඔබේ දීර්ඝ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි.
Deleteතව ටික කාලෙකින් අවුරුදු කැවිළි සල්ලි වලට පමණක් ගන්න ඉතිරි වේවි. කොණ්ඩ කැවුමක් හදාගන්න පුලුවන් ගෑණියෙක් හරිම දුර්ලභ වස්තුවක් වේවි.
ReplyDeleteදැන් දැන් අලුත් අවුරුද්ද වානිජකරණය වෙන හැටියට එහෙම දේවල් වැඩි ඈතක නෑ සිරෝ.
Deleteහරි අසාධාරණයි වැලිතලප කතාවකුත් තියෙනවනේ.
ReplyDeleteමගෙ ආදටත් ආසම කෑම වැලිතලප. මම දැන් ඕඩර් එකකුත් දාල තියෙන්නේ ලබන මාසේ එන ක්ලයන් කෙනෙක් අතේ එවන්න කියලා. මේ පොස්ට් කියවල නොස්ටැල්ජික් වුනාම දන්න අඳුනන අයටයි කරදරේ.
හැලපේ කිව්වත් වගේ මේ ඉස්සර අවුරුදු. අද අවුරුද්ද කියල මවාගත්ත එකක් මිනිස්සු ටී වී එකෙන් බලනවා. අර අපිට තිබුන එකම ෆන් එකක්වත් ඒවයේ නෑ.
අසාධාරණයි අසාධාරණයි.අපට නං අවුරුද්දට රසම රස වැලිතලප වගයක් අහම්බෙන් ලැබුනා.මෙහෙ ඉන්න අම්ම කෙනෙක් හදපු.
Deleteකතාව ඇත්ත අපි නොදන්නා අවුරුද්දක් කියල එකක් ටී වී එකේ පෙන්නනවා.
සුභ අලුත් අවුරුද්දක් වේව...දිගට රහට ලියන්න වැඩියෙන් හය්ය හත්තිය ලැබේවා...
ReplyDeleteසිංහයාටත් දරු පවුලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
Deleteමේ පැත්තට එන්න ටිකක් ප්‍රමාද වුනා. හැලප පවුලටත් ලැබුවාවු මේ අවුරුද්ද සුබම සුබ කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !
ReplyDeleteප්‍රමාද උනත් ආවනේ.තුශානිටත් සියලු සිතුම් පැතුම් සපිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා!
Deleteහැලප ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා .. මේ සැරේ නම් ලංකාවේ අවුරුද්ද සෑහෙන්න මිස් වුනා .. ගිය අවුරුද්දේ වයිෆ් ගේ අම්මල මෙහෙ හිටපු නිසා ගානක් නැති වුනත් මේ අවුරුද්දේ අපි දෙන්න විතරක් යන්තම් කිරිබතක් කාල ඔෆිස් ගියා .. දුක තමයි ඉතින්..
ReplyDeleteගොම මැටි ගාපු මඩුවක් අපේ ලොකු අම්මලාගේ ගෙදර ඉස්සර තිබුනා .. මට යාන්තම් මතකයි ඔය ගොමමැටි ගැන සින් එක.
වැඩිහිටියනට වඳින එක නම් අපි නිතර කරනවා .. අවුරුදු දාට මුළු පවුලේ ඔක්කොම එකතු වෙලා වැඩිහිටියන්ට වඳිනවා. පොඩි අය කොනක ඉඳන් හැමෝටම වඳිනවා . හෙහ් හෙහ්..ආච්චි විතරයි කාටවත් නොවැඳ ඉන්නේ ..
මට නම් ඒක කිසි අවුලක් කියල කවදාවත් හිතිලා නෑ ..