Tuesday, August 19, 2014

148.පාලු කැපීම හෙවත් වල් නෙලීම.



අදත් ලියන්න හදන්නෙ පරණ ජන කතාවක්, ඒ මොකද කිව්වොත් මට අලුත් කතාවක් හදාගන්න විවේකයක් නැතිව ගියා.අලුතෙන් කතාවක් ලියනවනං හිත ගත බොහොම සාමකාමීව සන්සුන්ව තියෙන්න එපැයි නිසල විල වගේ.අන්න ඒ සාමකාමී සන්සුන්බව මට පහුගිය සතියටම තිබුණේ නෑ.ඉතිං අලුතෙන් හොඳ කතාවක් ලියනකල් මොකක් නමුත් ලියන්න හිත හිතා හිටියට වැඩේ නොකෙරුණ නිසා මේ වගෙ වෙලාවට මට කවදත් පිහිටවෙන කෝකටත් තෛලය හෙවත් ඩී පී වික්‍රමසිංහ මහත්තයගෙ මග දිගට ජනකතා පොතෙන් කතාවක් දාල මේ වෙලාවෙ තියෙන අවශ්‍යතාව පිරිමහගන්නං කියල හිතාගත්තා.මීට වෙනස් මාදිලියෙ කතාවක් මගෙන් බලාපොරොත්තු වෙන අයට මේ නිසා තරමක බලාපොරොත්තු කඩවීමකුත් ඇතිවෙන්න පුළුවනි.මට බනින්න දොස් කියන්නත් පුළුවනි.ඒත් ඉතිං මමයි කියල මොනා කරන්නද?තව ටික දවසකින් හොඳ කතාවක් ලියන්නං.එතකං ඔන්න එහෙනං සාවධානව කතාව අහගන්නකො.

සිංහල රජවරු අප්‍රසිද්ධ වේශයෙන් ගම්බද හැසිරීම ප්‍රිය කළෝය.රජවරුන් පිළිබඳව බොහෝ ජනකතා ඇතිවුයේ මෙසේ අප්‍රසිද්ධව හැසිරුණු අවස්ථාවලදීය.රාජාධිරාජසිංහ රජද දෙවන රාජසිංහ රජු මෙන් නිතර නිතර අප්‍රසිද්ධව හැසිරුණු කෙනෙකි.

දිනක් මෙම රජතුමා අප්‍රසිද්ධ වේශයෙන් පේරාදෙනි පෙදෙසෙහි සංචාරය සඳහා යන්නේ දැන් දෙයියන්නේවෙල යයි ප්‍රසිද්ධ කුඹුරු ප්‍රදේශයට පැමිණියේය.දෙපැත්තකින් මහ වනාන්තරයෙන් වටවූ මෙම කුඹුරුයාය එකල පැසී නැවුන රන්වන් කරලින් බරව තිබුණේය.කුඹුර වැඩකළ ගොවියාගේ දියණිය වූ රූපත් තරුණ කාන්තාවක් කුඹුරෙහි පැල් රකිමින් සිටියාය.ඈ වරින්වර ටකය සොලවමින් ශබ්ද කළාය.ඒ අතර පැල් කවි හා වෙනත් සීපදද,තමන් ගොතාගත් කවිද කියමින් විනෝද වුවාය.පැසී තිබුන වී කරල් කෑමට එන ගිරා,වී කුරුළු ආදී පක්ෂීන්ද රිළා, වඳුරු ආදී සිව්පාවුන්ද,භයකර පන්නා හැරීම ඇගේ මෙහෙය විය.ටකය වරින් වර සෙලවුයේ සතුන් භයකර යැවීම සඳහාය.

මේ තරුණ කාන්තාව ඉතා දක්ෂ කවිකාරියකි.ඇගේ කටහඬ ද ඉතා මිහිරි විය.මිහිරි හඬින් වෘතය නොබිඳ කියන ඇගේ කවියට මිනිසුන් පමණක් නොව සිව්පාවෝද වශී වුහ.සිය මෑණියන්ගේ උපදෙස් පරිදි කවියට පුහුණුවූ ඈට ඉතා හදිස්සි අවස්ථාවකදී වුවත් යම් කරුණක් මුල් කොට කවියක් ගොතා කීම එතරම් අසීරු කාරියක් නොවීය.අවස්ථානෝචිතව සිව්පද ගොතා හිටිවනම කීමට දක්ෂ උඩරට කාන්තාවෝ බොහෝ වුහ.ගොයම් පැළ සිටුවීම,වල් නෙලීම,කුරහන් කැපීම ආදී ස්ත්‍රීන් විසින් කළයුතු ගොවිතැන් වැඩෙහි යෙදෙමින් තරඟයට කවිකීම උඩරට ස්ත්‍රීන් අතර ඉතා මෑතක් වනතුරුම පැවැත්තේය.

මෑතකදී වූ සිද්ධියක් මෙසේය.ප්‍රසිද්ධ වලව්වකට අයිති කුඹුරක වල් නෙලීම සඳහා ඈත ගමකින් ස්ත්‍රීන් සමුහයක් කැඳවන ලද්දෝය.එම ස්ත්‍රීන් වල් නෙලන අතර කුඹුර හිමි වලව්වේ මැණිකේ ඇවිත් නියරක් පිට සිටගෙන බලා සිටියාය.මේ අතර වල් නෙලූ ස්ත්‍රියක් තමා නෙලූ වල් අතෙහි මඩ ඈතට ගසා දැමුවාය.ඉන් නික්මුණු වතුර සහිත මඩපිඬක් නියර පිට බලාසිටි මැණිකේගේ ඔසරියෙහි වැටුණේය.මෙයින් මැණිකේගේ මුහුණ ඇඹුල් විය.ඈ කෝපයටද පත්වුවාය.

මෙය දුටු වල් නෙලමින් සිටි එක් කවිකාර ස්ත්‍රියක් ඒ සිද්ධිය මුල්කොටගෙන කවියක් ගොතා සුමිහිරි තාලයෙන් කීවාය.ඒ ඇසු වලව්වේ මැණිකේගේ කෝපය දුරුවිය.ඈ ප්‍රීතියට පත්ව අත් පොළසන් දුන්නාය.කවියෙන් ඉල්ලා සිටි පරිදි ඈ වහා වලව්වට ගොස් නිලමේටද ඒ බව කියා ප්‍රීති වුවාය.

"ඈත සිටන් ආවෙමු අපි නෙලුමක         ට
මැණිකේ ඇවිත් සිට ගත්තයි නියර පි     ට 
වතුර පොදක් වැටුනයි නෙරි කැරැල්ල    ට 
මැණිකේ ඉතින් යනවාකෝ වලව්ව       ට"

මෙපරිද්දෙන් ස්ථානෝචිතව සිටිවන කවි කීමට දක්ෂ උඩරට කාන්තාවෝ තවමත් සිටිති.දෙයියන්නේවෙල නම් දැනට මහනුවර දුම්රිය ස්ථානය වෙනුවෙන් ඇරී තිබෙන භූමි ප්‍රදේශයයි.එකල එය වෙල්යායකි.බෝගම්බර වැවේ ජලයෙන් පෝෂිතවූ එම කුඹුරුයාය රජයට අයත්වුවකි.අවට ගොවියෝ එය කොටස් වශයෙන් බෙදාගෙන අඳේට වැඩ කළෝය.එවැනි අඳ ගොවියෙකුගේ තරුණ දියණියකි,එම පැල් රැක්මේ යෙදී සිටියේ.

තරුණිය රජු විසින් දකිනු ලැබුවාය.නමුත් තරුණිය විසින් රජු නොදක්නා ලද්දේය.තරුණියගේ රූප ශෝභාවත්,ලපටි වයසත්,සිවුමැලි ගතත් දුටුවිට රජුට ඈ ගැන කවියක් නොකියාම බැරිවිය.අලංකාර ශුභ දර්ශනයන්ගෙන් උද්දාම වීම කවියාගේ සිරිතකි.සිත උද්දාම වූ පමණට කවියට අවශ්‍යවූ වචන ගලා ඒමද සිදුවේ.ඒ නිසා රජතුමා පහත දැක්වෙන කවියෙන් ඈට ආමන්ත්‍රණය කලේ පඳුරකට මුවාවී ඈට නොපෙනෙන සේ සිටිමින්ය.

"ලස්සන හිමවතේ පැලපිට සිටින        ලඳේ 
දුක්දෙන වල්සතුන් පන්නා හරින         ලඳේ 
රැක්මෙන වෙලේ ඉඳ වෙල්බත් බුදින  ලඳේ 
දුක්දෙනු සරිද ඔබ සිව්මැලි ගතට         ලඳේ"

මෙය ඇසුන කාන්තාව එම ගැඹුරු පුරුෂ කටහඬින් වශීවුවාය.සුමිහිරි ස්ත්‍රී ශබ්දයෙන් පුරුෂයන්ද ගැඹුරු පුරුෂ ශබ්දයෙන් ස්ත්‍රීන්ද වශීවීම ස්වභාවික ගතියකි.රුක්ගොමුවෙහි සැඟවී සිටි බැවින් පුරුෂයා කෙබඳු කෙනෙකුදැයි ඈ නුදුටු නමුත් තමාගේ කටහඬින් හා රූපයෙන් වශීවූ යම්කිසි තරුණ කිවියෙකු විසින් ආමන්ත්‍රණය කරන ලදැයි ඈ සිතුවාය.කවුරු හෝ වේවා ඊට පිළිතුරු දීම තමාගේ යුතුකම යයි සිතූ තරුණිය

"ලස්සන හිමවතේ මාවී පැසෙ             න්නේ
දුක්දෙන වල්සතුන් පන්නා හරි            න්නේ 
රැක්මෙන දෙවියනේ වෙල්බත් බුදි      න්නේ
දුක්පත් කම නිසයි මා පැල් රකි           න්නේ"

යන කව මිහිරි හඬින් කීවාය.එවිට රජ තරුණියගේ රූප සම්පත්තිය වර්ණනා කරන අදහසින් පහත දැක්වෙන කව කීවේය.

"වෙලක මහිම බල මාවී පැසී              ලා 
පැලක මහිම බල බටකොළ සොයා    ලා 
මලක මහිම බල අතු අග පිපී              ලා 
ලියක මහිම බල ගෝමර ඉසී             ලා"

එවිට කාන්තාවද රජු කී කවෙහි විරුද්ධාර්ථය පෙන්නුම් කිරීමේ අදහසින්

"වෙල හොඳ මොකද යලමහ පාලුවේ             නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ       නම් 
මල හොඳ මොකද අතු අග පරවී යා               නම් 
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ           නම්"

යන කව කීවාය.මෙය ඇසු රජ ඇගේ දුක පහකොට සිත සැනසීමේ අදහසින්

"යල මහ පාලුවෙන්නට ඉඩදෙන්ට               එපා 
දුක් දෙන සතුන් පන්නා වෙහෙසෙන්ට         එපා
ලැම බඳ ඉසුන ගෝමර වැනසෙන්ට            එපා 
දුක් පත් කමින් මින්මතු දුක් විඳිනු                එපා"

යන කවිය කියමින් ඈට පෙනෙනසේ නිලීන ස්ථානයෙන් එළියට බැස්සේය.ඒ දුටු තරුණිය මේ තැනැත්තා තමා සිතූ අන්දමේ තරුණයෙකු නොවන බවත්,කවදා කොතැනකදී හෝ මේ මහේශාක්‍ය තේජවන්ත පුරුෂයා දැක තිබෙන බවත් කල්පනා කළාය.අතීත දර්ශනයන් ගැන සිහි එලවූ ඈට මේ පුරුෂයා කවුද යනු වැටහුනෙන් ඇගේ සර්වාංගය දවෙන්ටත් හෘදය "ටික් ටික්"අනුකරණයෙන් ගැහෙන්ටත් විය.මේ අනෙකෙකු නොව ත්‍රීසිංහලාධීශ්වර මහරජු බවත් ඇසළ පෙරහැර සමයේ දැක ඇති බවත් අවබෝධවූ ඈ භයින් ත්‍රස්තව පැන දිව්වාය.තමා ඇඳිනගෙන බියට පත් තරුණිය පලායන බව දුටු රජතුමා ඈ සනසන අදහසින් පහත දැක්වෙන කව කීවේය.

"ඇනලා මරන කුළු මීමෙකු නොවේ        නම් 
විකලා දමන සිහ රදෙකුත් නොවේ          නම් 
විදලා මරන වැදී රජෙකුත් නොවේ          නම් 
දුවලා වෙහෙස නොගනින් ලඳ බියේ       නම්"

ඒ ඇසු කාන්තාව මඳක් බිය දුරුකරගෙන නැවතී සිට 

"රෑන පිට රෑන තුඩු රෑන දී                   යන්
ඇදලා ඇටෙව් දුන්නෙන් අගට ඊ        යන් 
බළලුන් දුටුවාම බියනැද්ද මී              යන් 
දුටුවම බිය නැද්ද රාසිං දෙයී              යන්"

යන පිළිතුරු කව කියා තුරු වදුලෙහි සැඟවී පලාගියාය.

පසුදින හන්තානේ කඳු පාමුල ගෙයක් පාසා ඇවිදින රාජ පුරුෂයෙකි.පෙරදින සන්ධ්‍යාවෙහි රජු සමග තරඟෙට කවි කී කාන්තාව සොයමින් ඔහු ඇවිදියි.රාජකීය කුඹුරුයාය වැඩකළ ගොවියන් සියලු දෙනාගේ ගෙවල් සෝදිසි කිරීමට ඔහුට සිදුවිය.අන්තිමේදී රජ කී ලකුණු අනුව කාන්තාවක් ඔහුට දකින්නට ලැබුණි.ඇගෙන් මේ ගැන ප්‍රශ්න කළ විට ඈ භයින් ගෙට වැදුනාය.රාජපුරුෂයා දෙමාපියන්ගේ මාර්ගයෙන් රජු හා තරඟයට කවි කී තැනැත්තිය ඈ බව දැනගත්විට ඈ කැඳවා ගෙන යන සේ රජු නියෝගකර තිබෙන බව පැවසුවේය.

රජු මා කැඳවන්නේ කුමක් නිසාද?මින් මට යහපතක් වේද?අයහපතක් වේද?යන සැකයෙන් මෑණියන්ද සමග රජවාසල කරා ඈ ගමන් කළාය.

කාන්තාව දුටු රජ ඈ ගැන ඉතා ප්‍රසන්නව ඇගේ කවිත්වයට ගරු කිරීමක් වශයෙන් ඈ සිටි කුඹුරු යායම සන්නසක් සහිතව ඈට හිමිකර දී "දුක්පත්කමින් මින්පසු දුක්වන්ට එපා"යයි තමා කී බස ඉෂ්ට කළේය.එදා පටන් ඒ වෙල්යාය දෙයියන්නේ වෙල නමින් ප්‍රසිද්ධ විය.දැනුදු ඒ ප්‍රදේශය ඒ නමින්ම ව්‍යවහාරයෙහි පවතී෴

("ගෙවිලියක් රජු හා තරඟෙට කවි කියයි." මග දිගට ජනකතා, ඩී.පී වික්‍රමසිංහ 1998)

106 comments:

  1. කවි කෙසේ වෙතත්. කෙලින්න ඇති සිංහාසනේ කටෙන් එන්න.. ඇයි යකෝ රජා කාළා තියෙන්නේ මාර කෑමක් නේ.. තෙලේ බහින්න තමයි ඔය සෙල්ලම් කොරලා තියෙන්නේ 500 විතර එක්කලා..

    ඒ කාළෙනේ ඉන්න තිබුනේ.. I Don't know why

    ReplyDelete
    Replies
    1. මං ඒ හරිය කපාහැරිය මචෝ.නැත්නං කතාවෙ තිබුනා.

      Delete
    2. >>කවි කෙසේ වෙතත්. කෙලින්න ඇති සිංහාසනේ කටෙන් එන්න.. << හෙක්.....හෙක්....එල
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. පුදුමයි ඔය කෙල්ලව 501 කර නොගත්තා!

      හැබැයි "ඒ කාලේ නෙ ඉන්න තිබුණේ අයි ඩෝන්ට් නෝ වයි" කිව්වාට ඒ කාලේ රජාලත් අපේ කාලේ සාරුවා සුනිල්ලා ට පරාදයි නේද?

      Delete
    4. නැත්නම් ඒකා රජෙක් වෙනවය කතෝ...

      Delete
  2. අනෙ බන් හලපය්යෙ උබ අර ලතා අක්කගෙ පොට් එකෙ මලහොන්තු කතා ලියන වෙලවෙ උබෙ බ්ලොග් එකෙ උබෙ ජිවන අත්දෙකිමක් දාපන්කො මොකකද බන් ලතාගෙ එකෙ ලියන කතා....

    ReplyDelete
  3. //අලුතෙන් කතාවක් ලියනවනං හිත ගත බොහොම සාමකාමීව සන්සුන්ව තියෙන්න එපැයි නිසල විල වගේ//
    නිසල විල සසල වෙයි ලතා අක්කගෙ බ්ලොග් එකෙ ලියනව කියල වයිෆ් දෑනගත්තහම

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේ ගැන කටේ කෙළ බිම හලන්න එපා තේරුණාද.ඔන්න දැනගත්තොත් උඹ හින්ද තමයි.

      Delete
  4. මචන් මේ වගේ සටහනුත් ඉඳ හිට ලියන එක හොඳයි වෙනසකටත් එක්ක , උඩරට පළාතේ ගම්වල හිටිවන කවි කියන ගැහැණු මිනිස්සු ගැන කියෙව්වා කවි කඳුර පොතෙන්.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචං,අපේ කියවන පිංවතුන් කැමතිනං මට මේ කතා ලියන්න පුළුවනි.නමුත් ඒ අය මගෙන් වෙනස් ආකාරයක කතා බලාපොරොත්තු වෙන නිසා දිගටම මේ වගේ ජන කතා ලියන්න ගියාම ටිකක් බර බරේ දානවා.

      Delete
    2. අනිවා අනිවා ...අපිට ඕන අරව

      Delete
  5. කවි ටිකනම් කලින් අහලා තිබුනට කතාව හරියටම ඇහුවේ අද තමයි..

    හිත සංසුන් වෙලා වෙන එකක් ලියනකන් මෙහෙම එකක් දාපු එකත් වටිනවා..

    ReplyDelete
    Replies
    1. කතාව ගැන දැනුවත් කිරීමට ලැබීම ගැන සතුටුයි.ඉක්මනින්ම තව කතාවක් ලියල දාන්නං.

      Delete
  6. //අවස්ථානෝචිතව සිව්පද ගොතා හිටිවනම කීමට දක්ෂ උඩරට කාන්තාවෝ බොහෝ වුහ.//

    පේන්නේ නැද්ද පොඩ්ඩි...:P

    //සුමිහිරි ස්ත්‍රී ශබ්දයෙන් පුරුෂයන්ද ගැඹුරු පුරුෂ ශබ්දයෙන් ස්ත්‍රීන්ද වශීවීම ස්වභාවික ගතියකි.//

    මේ දවස්වල ඔය වගේ හඬවල් හොයන්ට නෑ මගෙ හිතේ...:D

    ReplyDelete
    Replies
    1. //පුරුෂයා කවුද යනු වැටහුනෙන් ඇගේ සර්වාංගය දවෙන්ටත් හෘදය "ටික් ටික්"අනුකරණයෙන් ගැහෙන්ටත් විය.//

      දැනුත් එහෙමද?

      //වතුර සහිත මඩපිඬක් නියර පිට බලාසිටි මැණිකේගේ ඔසරියෙහි වැටුණේය.මෙයින් මැණිකේගේ මුහුණ ඇඹුල් විය.ඈ කෝපයටද පත්වුවාය.//

      දැන් මඩ ගැහැව්වට කෝප නොවෙයි කියල හිතනව

      Delete
    2. තාමත් හදවත නම් ටික් ටික් ගානවා...නැත්නම් මෙලාකට මැරිලා...:P

      මඩ වැදුනේ, නියර උඩ හිටපු කෙනාටනේ...:D

      Delete
    3. පොඩ්ඩි කොලර් එක උස්සගන්න......

      Delete
    4. අපේ නම් ටික්,ටික් ගාන්නේ ගෙදර එලාම් එක.හදවත නම් "ලබ්,ඩබ්"ගාන්නේ...:D

      එතකොට ඒ හිටියේ ඔය කුමාරිහාමි නොවේද?

      Delete
    5. පොඩ්ඩි දන්නවද මේ දවස්වල ඔය සුමිහිරි ශබ්ද ඔක්කොම ඇහෙන්නෙ ඌව පළාතෙන්.පොඩ්ඩිත් ලංකාවෙ හිටියනං ඌවට ගිහිං කවි කියන්ට තිබ්බා.

      Delete
  7. උඩරට කාන්තාව .......ඇත්තටම දක්ෂය........
    මං එයාල ට මනාපත් ඒ නිසානෙ ......

    ReplyDelete
    Replies
    1. ඒකනේ රජීව්ලා පලිපානලා ගැන ලිව්වේ කාලයක් නේද කෙන්ජයියා

      Delete
    2. ඈ මචෝ උඹ කලින් මනාප වෙලා හිටියේ කොළඹ පළාතේ කාන්තාවන්ට නේද?

      Delete
  8. කවුරු මොනවා කීවත් මේ කවි නම් ඉතා සරලයි.

    හතර පදේම එකම වචනේන ඉවර වෙන, ට යන්නේන්, නේ යන්නේන්, වා යන්නෙන්, ලා යන්නෙන් ඉවරවෙන කවි තරම් ලේසි කවි වෙන කොහේද?

    ReplyDelete
    Replies
    1. එහෙමද.......?ඔයා ඉතිං කථා විතරක් නෙමේ කවි කාරයත් නෙ ......

      Delete
    2. ඒවිතරක් නෙමෙයි KK අපිට මේ කවි නම් තේරෙනවත් එක්ක

      Delete
    3. කවි ටික නං බොහොම සරලයි තමයි කකා.මුල සහ අග දෙකෙහිම එළිසමය පිහිටුවා ඉතා සංකීර්ණ කවි ලියූ වී ඩී ද ලැනරෝල් ශුරීන් ලියූ කවියකි මේ.

      මාගල සේම සිටි කාටත් වැඩ ගන් ට
      මාගල වා ගතිය කඩවර සැනසෙන් ට
      මාගල මිතුරි කී බැරිවිය ගෙන එන් ට
      මාගල උඩ වනනු හැක වී වේලන් ට

      මෙතන මාගල යන්න අර්ථ හතරකින් යෙදෙන ආකාරය බලන්න.

      Delete
    4. මේකෙත් කොහොමහරි ගල් ගැන කිව්ව එහෙමනම් හැලපෙ

      Delete
    5. ප්‍රා,
      ගල් ගැන නොකියා කොහොමද ප්‍රා.

      Delete
  9. මම නම් හිතන්නේ මේ විස්තර කරලා තියෙන තරම් සිරා කෙල්ලෙක් වෙන්න බෑ... එහෙම උනා නම් රජා ඉඩමක් දීලා නිකන් ඉන්න එකක් නෑනේ.. හෙහ් හෙහ්. සමහර කවි අහල තියෙනවා හැබැයි සිද්දිය සහ ඉතිරි කවි ටික දැන ගත්තේ අද..

    ReplyDelete
    Replies
    1. මෙතන ඔක්කොම ස්ටොරිය තියෙනව කියල කිවුවෙ කවුද.

      Delete
    2. කිව්වහම මොකද තිබුණු පඳුරු තැලිලි ආදිය නැතුව තමා මම කතාව දැම්මෙ.රජා වෙලත් දීල තව මොකක්දත් කළා කියලත් තිබුණා.ඕක කිව්වොත් අපේ රජාටත් වදී කියල මම දැම්මෙ නෑ.

      Delete
  10. පට්ට ඇ...
    පොත හොයාගන්න බැරි වෙයිද

    ReplyDelete
    Replies
    1. වරෙන්,පොත දෙන්නං.

      Delete
  11. හැලපේ කොමහරි ඉතින් ඩී.පී වික්‍රමසිංහ ට පින් සිද්දවෙන්න පොස්ටුවකුත් දාගත්තායි කියන්නකෝ ..... ඊළඟ සැරේ ලංකාවට ගියාම මමත් එන්න ඕනා පොත් ටිකක්

    ReplyDelete
    Replies
    1. මරු, පුළුවන් තරං පොත් ඇන්න වරෙන්.එතකොට ලියන්න කතා නිකම්ම ඔලුවට එයි.

      Delete
  12. මාත් කොහෙන් හරි පොතක් හොයාගන්න ඕන බ්ලොග් එක ගොඩ දාගන්න. :D

    ReplyDelete
    Replies
    1. මල පොත හොයාගන් අයියේ.. yela yela''

      Delete
    2. කොංක්‍රීට් සම්බන්ධ පොත් නේද?මට නං හෝදිසියක් නෑ ප්‍රසන්න.පොඩ්ඩක් ඉවාන්ගෙන් අහල බලනවද.

      Delete
  13. ශැක් අපිට බැහැ නොවැ කියන්න හිටිවන කවි! ;)

    මම කල්පනා කරන්නෙ අපේ දැන් රජාත් ඔහොම යනවද දන්නෑ නේද? :D

    ReplyDelete
    Replies
    1. අපි කියන්නෙ හිටගෙන කවිනෙ.
      අපේ රජාත් ඔහොම යනවා කියල බොට කවුරුහරි කිව්වද.යකෝ බෝ පැලේ වගේ ඉන්න මනුස්සයෙකුට අපහාස කරන්නෙ නැතුව ඉඳින්.

      Delete
  14. අඩෝ අපිත් කියනව ඩෝ හිටගෙන කවි...

    අංගංමන සුමන, අංගංමන සුමන
    අංගංමන සුමන, අංගං මන සුමන
    අංගංමන සුමන අංගං මන සුමන
    ඇයි,
    අංගංමන සුමන අම්මට sකුවාද..

    ReplyDelete
    Replies
    1. කවි රස පෙරා දෙන්නට හොඳ ආතලයක්

      දෙන්නේ කව්ද ගෙනවිත් මට බෝතලයක්

      Delete
    2. //දෙන්නේ කව්ද ගෙනවිත් මට බෝතලයක්//

      දැන් එයි අර ඇනෝ

      Delete
    3. කවිය..

      අට්ටාපිටිය නුග සෙවනේ බුරත නැමී...
      පැන්චාවියන් දිය කෙලිනා හැටි දුටුමී..
      පිපුණු මලක් නම් නොතලා මිස නොයමී..
      කැකුළු මල නිසා නොතලා යන්න යමි..

      Delete
    4. පිළිතුරු කවිය …

      වනන්තරේ ගස් ඇත මල් පීදෙන්ට
      නිරන්තරේ හිමිඋනේ දුකමයි අපට
      පිපුණු මලක් නම් නොදෙමියෙ තලන්නට
      කැකුළු මල නිසා තලපන් පිපෙන්නට

      Delete
    5. වනන්තරෙ වැහිනැත ගස්මුලවලට
      නිරන්තරෙ හිමිවුනෙ දුකමය අපට
      පිපුනු මලක්නම් නොදෙමිය තලන්නට
      කැකුලු මල තලා යන්නකො පිපෙන්නට

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. හා එතකොට...

      කනබොන දෙයක් තනියම වළදන්න එපා..
      අසරණ කෙනෙක් දුටුවම ගරහන්න එපා...
      අනුවණ නුවනින් පවු සිදුකර ගන්න එපා...
      නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා...

      නනන නනා.. නනන නනා.. නනන නනා.. නනන නනා..

      ඇනෝ... අං ගම්මන සුමන.. අං ගම්මන සුමන.....//

      Delete
    8. මං මොකද කියන්නෙ,
      කැලේ තියෙන කොයි දේවත් රස වේවා
      මලේ බමරු ලෙස පිරිවර වැඩි වේවා
      අව්වෙ තියෙන රැස් මාලා අඩු වේවා
      ගව්වෙන් ගව්ව දිව මාලිග සෑ දේවා

      ගව්වෙන් ගව්ව කියල ටෙලියක් ආව මතකද.මාත් ඒකට සම්බන්ධවෙලා හිටියා.

      Delete
    9. අර නඩරාජ සිවම් හිටපු එකද

      Delete
  15. යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක....සැපසේ වින්දා,
    හෙට රෑ වෙලා, එලිවෙන සඳ
    හිත පාරනා මහ පාලුව
    නුඹ ගන්නවානම් ආපිට
    යනවා කැන්දා..........


    රජ්ජුරුවො කිවුව මේ ටික, ඔය ජනක තා කියන හාදයට ඇහිල නෑ.

    ReplyDelete
    Replies
    1. එතකොට කෙල්ල මෙහෙම කිව්වලු.

      බිංදු ඉහෙන පින්නේ අරුණ උදේ
      මන්ද ඔතන කවුදෝ රහස් කතාවේ

      Delete
  16. හලපේ

    ඔයා දන්නවද දෙය්යනේවෙල සුනිල්. මිනිහගේ මල්ලි මගේ යාලුවෙක් දවසක් අපි football ගහල ගෙදර ගියා. උදේ නැගිටලා බලද්දී උන්ගේ ගෙදර තිබුන තැනක් හොයා ගන්න බැරී උනා.ගෙදර නාය ගියා මගේ යාළුවා සහ තව තුන් හතර දෙනෙක් මැරුණා.සුනිල් බේරුනා පස්සේ JVP එකෙන් වෙඩි තියල මැරුණා. ඒ කාලේ
    කවි කාර යෝ උනාට පස්සේ දෙයන්නේවෙල හිට්යේ චන්ඩි තමා

    ReplyDelete
    Replies
    1. දෙයියන්නෙවෙල සුනිල් ගැන ගොඩක් අහල තියෙනවා.කවුරුහරි දෙයියන්නෙවෙල කිව්වොත් අහන්නෙ සුනිල් දන්නවද කියලනෙ.මගෙත් දෙයියන්නේවෙල යාලුවෙක් හිටියා ගුරුගේ කියල මිනිහ තමයි මට සුනිල් ගැන කිව්වෙ.සුනිල් වැඩකලේ හිරගෙදර ද?එහෙම කතාවකුත් මට මතකයි.

      Delete
  17. කියෙවුවා හොඳේ.... :)

    ReplyDelete
    Replies
    1. අදත් කියෙව්වෙ නෑ නේද හොර ගෙඩියා.....

      Delete
    2. තැන්ක්ස් බස්සි.

      Delete
  18. හැලපේ, ඩී.පී. වික්‍රමසිංහගෙ පොතේ ඔය් වගේ කතා 20 ක් විතර තියෙනවා, හරිම රසවත්. පොත හෙව්වා හම්බ උනේ නෑ. ඒ උනාට ඒකේ ඉංග්‍රිසි පොතක් තියෙනවා.. එල්.බී. හේරත් පරිවර්තනය කරපු. ගිය අවුරුද්දේ නුවර පොත් ප්‍රදර්ශණයකින ගත්තා. පොතේ නම: Folk Tales from the Villages around Kandy Published November 2012 by Darshana Publishers
    http://www.goodreads.com/book/show/21889031-folk-tales-from-the-villages-around-kandy

    ReplyDelete
    Replies
    1. ඩී පී වික්‍රමසිංහයන්ගේ මේ පොත කොටස් දෙකක්.දෙකම හරිම රසවත්.

      Delete
  19. අපේ අරූ.....කෝ......????

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෝ අරූ...?

      Delete
    2. අරූ ආගිය අතක් නෑ තමා පොඩ්ඩක් හොයල බලමු නේද?

      Delete
  20. ඔය රජාලා කොහොමත් ඉස්සර ඉදන් හැංගි හැංගි දෙන ගේම්ස් වලට දක්ෂයි වගේ නේ!

    ReplyDelete
    Replies
    1. හැංගි හැංගි ගේම් දුන්නට පාඩුවෙලා නෑනෙ.අපි දුන්නනං බඩ පුරා ගුටි තමා.

      Delete
  21. Replies
    1. ස්තුතියි ඉන්ද්‍රජිත්.

      Delete
  22. පොත කියෙව්වා වගේ මතකයි හරියටම නෑ ,කතාව කියෙව්වා ,අර පොටොව කොහේදි ගත්ත එකක් ද ?

    ReplyDelete
    Replies
    1. පොටෝව නං මගෙ නොවෙයි ගුගල්ගේ.ලස්සන නිසා අරං දැම්මා.

      Delete
  23. කවි ටික අහලා තිබුනට මේ පසුබිම් කතාව නම් අහලා තිබුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. අද පසුබිම් කතාව දැනගත්තනෙ.බොහොම සතුටුයි තුශානි.

      Delete
  24. ඓහෙන් මෙහෙන් කවියක් දෙකක් අහල තිබ්බට සහසුද්දෙන්ම ඉෂ්ටෝරිය දැනගත්තෙ අද..

    ReplyDelete
    Replies
    1. පත්තරේගෙ බ්ලොගෙත් මේ වගේ කතාවක් ලිව්වොත් නරකද.

      Delete
  25. හැලපෙ මට තීන ප්‍රස්නෙ ඔය කවි සංවාද මතක තියාගෙන හිටියෙ මොකද කියන එක්යි. මම හිතන්නෙ ඔය ගොඩක් ඒව වෙන් වෙන් කවි එකතු කරල යම් ගැලපෙන සිද්ධියකට සම්භන්ද කරල ගෙතුනු ජනකතා කියල.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන එකත් අසාධාරණ නෑ ඉන්දික.එතකොට මේ ජනකතා කවුරු හෝ කෙනෙක්ගෙ නිර්මාණ විය යුතුයි නේද?

      Delete
  26. කවියේ උපත මොකක් වුවත්..එදා ජන සමාජය ගැන සියුම් අවබෝධයක් ගන්න මෙවැනි කවි වල යම් යම් ඉගි තියෙනවා නේද...ඒ අර්ථයෙන් ගත්තාම ජන කවියෙ හොද වටිනාකමක් තියෙනවා. අපේ මහරජත් මේ විදියට වෙල් ගානෙ ගියා නම් ගෑණු පොඩි උන් උස්සගෙන ළගට එයි. කවි පැත්තක තියලා.

    ReplyDelete
    Replies
    1. පොඩි උන් උස්සං එයි,එතකොට ගෑණු නිකම්ම පස්සෙන් එනවනෙ.

      Delete
  27. සීන් එක පොතේ නැති උනාට රජා නිකම්ම වෙල් යාය දුන්න වෙන්න බැහැ :D ඔයා සැහෙන කාලයක් කැප කරලා ලියලා තියෙනවා ස්තුති

    ReplyDelete
    Replies
    1. ඔමා හරියටම කියල තියෙනවා.නිකම්ම වෙල්යායවල් කවුද දෙන්නෙ නේද?මං ඒ හරිය ලිව්වෙ නෑ.

      Delete
  28. ජනසාහිත්‍යය කවදාවත් පරණ වෙන්නේ නැහැ, නීරස වෙන්නේ නැහැ, හැමදාමත් අලුත් පරපුරක් ඉන්නවා මේ කතා මීට කලින් අහලා නැති.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් විචා.මේ කතා අහල නැති අය ගොඩක් ඉන්නව කියල මටත් තේරුම් ගියා.

      Delete
  29. ඩී පී වික්‍රමසිංහගෙ ඔය 'මග දිගට ජනකතා' සීරිස් එකේ පොත් දෙකක් තියෙනවා නේද? දෙකම ගෙදර තිබුනා ව‍ගේ මතකයි, ඒත් ෂුවර් නෑ. මනුස්සයා හැබැයි ‍බොහොම වටිනා වැඩක් කලේ මේ කතා ටිකෙන් පොතක් ගහලා‍.

    ReplyDelete
    Replies
    1. පින්තූ‍රෙ හරිම ලස්සනයි.

      Delete
    2. ඇත්තටම බුරා,හරිම වටිනා කතා සැට් එකක්.මේ පොතේ කොටස් දෙකයි.කතා බර ගානක් තියෙනවා.
      පින්තුරෙ මගෙ නෙවෙයි බුරා ගුගල්ගේ.ලස්සන නිසා අරං දැම්මා.

      Delete
    3. දැක්කය ඒ පින්තූරෙ ටොපික් එක? ඉඩම් අක්කරේ විකුණන්ටයි යන්නෙ හොලි‍ඩේ රිසෝට් එකක් දාන කෙනෙකුට. අර ලස්සන පරිසරේ නැති බංගස්තාන වෙලා යන්ටයි යන්නෙ.

      Delete
    4. උඹෙ කතාව අහල ආස හිතුන ඉඩම කොහෙද කියල හොයල බලන්න. මෙන්න තැන. කඳු වලින් වටවෙච්චි ලස්සන තැනක්.

      Delete
    5. ගම්මුද බංස්ලා,අරං මොකුත් නොකර එහෙමම තියෙන්න අරිමු.

      Delete
    6. ඔවු ඉන්දික, මාත් පින්තූ‍රෙ Google search පාරක් දාලා ඒ ඔස්සෙ හොයාගෙන ගියා. බෙරගල පැත්තෙ. හපුතලේ/ මහවලතැන්න සානුව කියන්නෙ ලංකාවෙ තියන සුන්දරම ප්‍රදේශයක්.

      හැලපේ, එහෙම තිබ්බොතින් බොලං තව මොකෙක් හරි හාල්පාරුවෙක් ඕකට හොර ඔප්පුවක් හදලා ආයෙමත් කාට හරි විකුණලා දායි.

      Delete
    7. බුරා දැක්කද ඒ ඇඩ් එකේ තියෙනව close to Melheim resort & a golf course කියල. ඔය කියන්නෙ සොරගුණේ දේවාලෙ ඉඩමක් අල්ලගෙන දෙන තවත් අංක එකේ පරිසර වැනසීමක්. ගොල්ෆ් කෝස් එහෙකට අවශ්‍ය වතුර සහ රසායනික ප්‍රමාණය අල වලටත් වඩා වැඩියි. හිතාගතෑකිනෙ පහල තියෙන තණමල්විල පැත්තෙ උන්දැලට ඉස්සරහට වෙන දේ!

      Delete
  30. කියලා වැඩක් නැහැ හැලපයියේ කවි ටික.හරිම අපුරුයි,හරිම රසයක් වින්දා උදෙන්ම...:)
    බොහෝම ස්තූතියි මේ පොස්ට් එකට.ඔය පොත හොයා ගන්න ක්‍රමයක් නැතිද..?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්.පොත හොයාගන්න පුළුවනි.මං ආපු දාක මතක් කරන්නකො.

      Delete
  31. නෙලාගන්න බැරිවුනත් හරිම සොදුරුයි
    නෙරියකොනේ මඩ ටිකක් ඉහින්නට ආසයි නුබට හොරා
    මාලහතක් බැද පොරුවමත් හිද නොයන්න ගමහැරදා
    නුඹ නොයන්න ගමහැරදා.............

    "පොඩිකුමාරිහාමියෙ"
    වික්ටර් රත්නායක

    අරකවිසෙට එකෙ කතාව දැනගත්තෙ අද නේ
    ටැන්කිවු ටැන්කිවු

    ReplyDelete
    Replies
    1. කවි සැට් එකේ කතාව හොයාගන්න ලැබීමත් සතුටක් දමිත්.

      Delete
  32. සිංහල පාඩම් වලට මේ කවි කියෙව්වා මතකයි. කතාව දැන ගත්තේ අද. ඒ අතින් හැලපෙට ලියන්න නිදහසක් නැති වුණා ඒකත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සුදීක.එහෙමනං කතාව ලියපු එකෙත් ප්‍රයෝජනයක් තියෙනවා.

      Delete
  33. කවියක නිධාන කතාවත් අාවහම කවිය දෙගුණයක් රසයි..
    මග දිගට ජනකතා පොත මේි දවස් වල නුගේගොඩ සරසවියේ ගන්න තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔත්තුව දීම ගැන බණ්ඩාට බොහොම ස්තුතියි.

      Delete
  34. ඔය පොත් දෙකම මා ලඟ තියෙනවා... නියම ජන කත ලොට් එකක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. පළවෙනි පොතේ තියෙන්නෙ ගොඩක් රජ කතා.දෙවෙනි පොතේ සුපිරි ජනකතා ටිකක් තියෙනවා.

      Delete
  35. මගදිගට ජනකතා පොතනම් මාරයි . ඇත්තටම ඔය ජනකතා විකාශය වුනු හැටිගැන හදාරන්න වටිනා ක්ෂේත්‍රයක් . මොකද කටවහරෙන් මේ තරම මතක සමුදායක් පවත්වාගෙන එනම්වා කියන එකත් ලේසි පාසු කාර්යයක් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. අද සිද්දවෙන දේවල් ඉදිරි පරපුරට දැනගන්න ජනකතා ලෙස ඉතිරිවෙලා තියේවිද ?

      Delete
  36. කවුරු මොනවා කිව්වත්...ඒ කාලේ රජවරු හැම වැඩකටම එක වගේම අවංකවම දක්ෂයි...යුද්ධ ද, කවිද, කතාද, විනෝදෙ ද, රට දියුණු කරන්න ද ආදී ලෙස මෙකී නොකී බොහොමයක් වැඩ වලට...ඉතින් අද ඉන්න නායකයො වගේ නෙවෙයි....ඉතිං ගෑණු 500 නෙවෙයි ඊට වැඩිය උනත් තියාගෙන ලස්සනට ඒවත් කිරීමේ හැකියාව තිබුණා නෝන්ඩි නොවී....අපිට තියෙන්නෙ ඉතින් ඉරිසියා කරන්න විතරයි.... අද ඉන්න උන්ට මොනවද හරියට පුළුවන්... බොහොම ස්තුතියි හැලපේ මේ වගේ වටිනා කතාත් අපි වෙත ගෙන ඒම ගැන....

    ReplyDelete
    Replies
    1. අද රජවරුත් බඩට අනිනවා වඩාගන්නව කිචි කවනවා ආදී නොයෙක් දේවල් කරන්න දක්ෂයි.

      Delete

ඔබේ අදහස්