අපේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවත් එක්ක මේ දවස්වල ගහන ක්‍රිකට් තරඟ නරඹමින් ඉන්නකොට මගෙ හිත ඉබේම අතීතයට ගියා...රවිත් ක්‍රිකට් ගැන අපූරු කතාවක් ලියල තිබුණනෙ...කතාවටත් වැඩියෙ ක්‍රිකට් කතා තිබුණෙ කමෙන්ට්වල...අපූරු අතීතයක්.
ලංකාවට ටෙස්ට් තත්වය ලැබුණෙ අසූඑකේ...හරියටම කිව්වොත් අසූඑකේ ජූලි විසි එක් වෙනිදා...ඒ දවස්වල ක්‍රිකට් පාලක මණ්ඩලයෙ සභාපති වෙලා හිටියෙ දිවංගත ගාමිණී දිසානායක ඇමතිතුමා.
මුල් අවදියෙ ක්‍රිකට් පාලක මණ්ඩලයෙ සභාපතිවරුන් හැටියට හිටියෙ ශ්‍රේෂ්ඨ පුරුෂයන්...
පී.සරවනමුත්තු මහතා
ජේ.ආර්.ජයවර්ධන මහතා
රොබට් සේනානායක මහතා
ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මහතා
ලකෂ්මන් ජයකොඩි මහතා
වැනි ක්‍රීඩාවට සැබෑ ආදරයක් තිබුණු මහා පුරුෂයන් එකල සභාපති පදවිය හෙබවූයේ ගරු සේවයක් වශයෙනුයි.
ක්‍රිකට් ක්‍රීඩාව යනු මුදල් උල්පතක් වෙච්චි 1996 අවුරුද්දෙන් පස්සෙ මුදල් අතින් සරුසාරව තිබිච්ච ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉහඳ පණුවන් බැල්ම හෙලුවා...පාලක මණ්ඩලය විසුරුවල ගෙනාපු අතුරු පාලනවල සභාපතිවරු හැටියට හිටපු මේ ඉහඳ පණුවන් සරුසාරව වැඩී තිබුණු ක්‍රිකට් කියන ගහේ සාරය අවුරුදු කීපයකින් උරාබීල හප කරල දැම්මා.
ලංකාවෙ පැවැත්වෙච්ච පහුගිය ලෝක කුසලාන තරඟාවලිය වෙලාවෙ අයි.සී.සී එකෙන් ක්‍රිකට් ආයතනයට සල්ලි ගලන්න ගන්නකොට අතුරු පාලනයෙ සභාපති හැටියට ලොකුම ලොකු කඳ පණුවෙක්ව පිටරට ඉඳන් ආනයනය කළා...
අපරාදෙ කියන්න බෑඅවුරුද්දක් එකහමාරක් ඇතුළත ක්‍රිකට් ආයතනයෙ තිබ්බ ඉතුරුම් ටිකයි ලැබිච්ච සල්ලි කන්දරාවයි ඔක්කොමත් ගිලල අති විශාල ණය බරකට ක්‍රිකට් ආයතනය ඇදල දාපු මේ කඳ පණුවා කිසිම අතුරු ආන්තරාවක් නැතිව සභාපතිකමෙන් අයින්වෙලා යන්න ගියා.
හොඳේ කියන්නෙ කිසිම අවස්ථාවක මොවුන්ගෙ වංචා දූෂණ ගැන මොනම පරීක්ෂණයක්වත් පැවැත්වුණේ නැති එකයි...දැන් ක්‍රිකට් ආයතනයට ක්‍රීඩකයන්ගෙ පඩි ගෙවාගන්නවත් බැරුව ක්‍රීඩකයන්ටත් ණයවෙලා පවත්වාගෙන යනවා...
මම කියාගෙන ආවෙ ලංකාවට ටෙස්ට් තත්වය ලැබුණු එක ගැනනෙ...ටෙස්ට් තත්වය ලැබෙන්න ඉස්සෙල්ලා 1979 දි එංගලන්තයෙ පැවැත්වුණු ලෝක කුසලාන තරඟාවලියෙ සීමිත ඕවර තරඟයකදි ලංකාව ඉන්දියාව පරාජය කළා...ඒ ජයත් අපට ටෙස්ට් තත්වය ලැබෙන්න ලොකු පිටුබලයක් වුණා කියල ක්‍රිකට් විචාරකයො කතාවුණා.
මේ ආදී සියලුම වාසිදායක කරුණු කාරණා ගොනුකරගෙන අයි සී සී රැස්වීමට සහභාගි වුනු ගාමිණී දිසානායක මහතා ලංකාවට පක්ෂ රටවල් ගණන වැඩිකරගන්න මෙහෙයුමක් දියත් කර ටෙස්ට් තත්වය ලබාගත්තා.
මහන්සි වෙලා ලබාගත්ත ජයග්‍රහණයක් වුණත් ලංකාවෙ මාධ්‍ය වලටනම් ඒ ප්‍රවෘත්තිය මුල් පිටුවට හෝ අන්තිම පිටුවට දාන්නතරම් වැදගත් එකක් වුණේ නෑ...පත්තරේ මැද පිටුවක ඉතාම කුඩාවට මේ ප්‍රවෘත්තිය පළවෙලා තිබුණා මට මතකයි...ගාමිනී දිසානායක ඇමතිතුමා ලංකාවට එනකොටනම් ගුවන් තොටුපොළේ විශාල පිළිගැනීමක් තිබුණා.
ඔය කියන කාලෙ මගෙ ජීවිතෙත් සෑහෙන පෙරළියක් සිද්ද වෙලා තිබුණු කාලයක්...මගෙ ජීවිතේට ඇතුල්වෙලා හිටපු යුවතියක් කිසිම හේතුවකින් තොරව මගෙන් සමුගෙන යන්න ගියෙ ඒ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙදි.
කලින් කියන්න බැරිවුණා ඔය කාලෙ මම වැඩකෙරුවෙ ඔය අටමලගෙ ගෙවල් හරියෙ තියෙන ඉස්පිරිතාලෙ.
අසූඑකේ මැද බාගෙ විතර ඉස්පිරිතාලෙට අලුතෙන් ගත්ත කෙල්ලන්ගෙන් එක කෙල්ලක් වෙච්චි(අපි නමකුත් දෙමු මේ කතාව කියාගෙන යන්න) ස්වප්නා වැඩට ආවෙ අපි ආපු කෝච්චියෙමයි...ගම මීරිගම පැත්තෙ උසයි මහතයි හැඩයි... හැබැයි පාට නම් නෑ...හරියට පදම් කරල ගත්ත රබානක් වගේ...පදම් කරපු රබානක් දැක්කමත් කෙනෙකුට නිකමට තට්ටු කරල බලන්න හිතෙනවනෙ...රාගමින් බැහැල අපි කට්ටිය එකට ඉස්පිරිතාලෙට ගියෙ...ඒ දවස්වල අපි උදේ පාන්දරින් වැඩට එනවා...සමහර දවස්වලට උදේ ඇවිත් කෝච්චියෙන් බැහැල බලපුවාම අපි දෙන්න විතරයි...ඉතිං දෙන්න කතා බහ කර කර වැඩට යනවා.
කොහොමත් කෙල්ලක් නිසා වැටුණු වලෙන් ගොඩ එන්න නම් තව කෙල්ලෙකුගෙ අතේ එල්ලෙන්නම වෙනවා...ඔය විදියට හමුවෙලා වැඩිකල් නොගිහින්ම අපි ගොඩක් සමීප වුණා...ස්වප්නා හැම උදේකම මම එනතුරු බලාගෙන හිටියා.
අපි කොච්චර සමීප වුණත් ස්වප්නගෙ හැඟීම්වලට ඒ විදියටම ප්‍රතිචාර දක්වන්න මගෙ හිත නම්‍යශීලි වුණේ නෑ...ඒ වෙනකොටත් මට කෙල්ලන් ගැන තිබිච්ච තරහ හිතෙන් දුරුවෙලා තිබුණෙ නැති නිසා...ඒ නිසා ස්වප්නගෙ යම් යම් කතාවලට මම ගොලුවෙක් වගේ හිටියා...කතා කර කර යනව එනව ඇරෙන්න වෙන මොකුත් නෑ...මට ඕනැකම තිබ්බත් එක්වෙන්න බැරිතරම් විශාල සමාජ පරතරයක් අපි අතර තියෙනව කියල දැනගත්තෙ කාලෙකට පස්සෙයි.
කොහොමත් අපේ ගෙවල්වලට මේවගෙ දේවල් අතිවිශාල ගැටළු...අපේ අම්මල හැමදාම ආචීර්ණ කල්පික මතවල ඇලිල ගැලිලනෙ හිටියෙ...යාළුවෙක් ගෙදර එක්කරගෙන එන්න බෑ හොයනව බලනව...අහනව කවුද කින්ද මන්ද කොහෙද කියල...හැමදේම අහන්නෙ වංස පරම්පරාව හොයාගන්න...මේ අද රෑ ඉඳල හෙට උදේ යන එකා...ඒත් වංහුං ඔක්කොම හොයන්නෙ නැතුව ඉන්න බෑ ඔක්කොම කුල පරම්පරාවල් දැනගන්න ඕනැ.
අම්ම විතරක් නෙවෙයි අම්මලගෙ පරම්පරාවම එහෙමනෙ...කෙල්ලෙක් එක්ක කතාකළොත් ඉවරයි කවුද කියල අලගිය මුලගිය තැන් ඔක්කොම හොයනව...කෙල්ලෙක් යාළුකරගත්තොත් එහෙම ඉතිං බැඳල එක්ක ආපු ගාණයි...යාලුවෙන හැම කෙල්ලම ගෙදර එක්කරන් එන්නෙ නෑ කියල ඒ ගොල්ලන්ට හිතාගන්න බෑ.
අම්මගෙ නංගි මැණිකෙ පුංචි අම්මා...ඒ කියන්නෙ අපේ ශානුකගෙ ආච්චිඅම්මා...බුදු අම්මෝ මැණිකෙ පුංචි අම්ම අපේ අම්මටත් හපන්...
ඔන්න දවසක්දා ශානුකගෙ යාලු කොල්ලො කෙල්ලො ටිකක් ගෙදර ඇවිත්...ආපු වෙලේ ඉඳන් මුං ටික කෑ ගහනව දුවනව පනිනව වත්තෙ තියෙන ගහ කොළ පාලු කරනවා...පණ ඇති ළමයිනෙ.
ඔන්න මේ ගෝසාව ඇහිල ශානුකගෙ ආච්චිඅම්මත් පහළ ගෙදර ඉඳල පාර පැනල තුනටියටත් අත තියාගෙන බොහොම අමාරුවෙන් කණ්ඩිය නැගගෙන උඩ ගෙදරට ඇවිත්...කොල්ලො කෙල්ලො දඟලනව බලාගෙන හිටියෙ කම්මුලේ අත තියාගෙනලු...කට්ටිය ගියාට පස්සෙ...
අනේ අම්මේ ළමයො කවුද ඒ...
ගෙවල්වල ඇවිත් ඔහොමත් දඟලනවද හැදිච්චි ළමයි...
ඔක්කොටොම හපං අර කෙල්ලො ටික...දැක්කෙ නැද්ද බොඩි ඇඳගෙන...
සමහර කෙල්ලො අර පටි තියෙන බ්ලවුස්ලු ඇඳන් හිටියෙ...කතාව අහල අපට හිනාවෙලා පණගියා.
ඒ ඒ කාලෙ අයනෙ...මේ කාලෙ අය එහෙම නෑ කියන්න පුළුවනිද...ඔන්න මේ ඊයෙ පෙරේද දවසක වෙච්චි දෙයක්.
අපේ පුතා පහුගිය මාසෙ විභාගෙ ගත්තනෙ...පන්තියෙ කට්ටිය විභාගෙ ඉවරවෙච්චි සතුටට සල්ලි එකතු කරල හෝටලේක පාටියක් ලෑස්ති කරල තිබුණා...පුතත් ඔය පාටියට සල්ලි ඉල්ලගෙන ගිහින් දුන්නා...පාටිය දවසෙ හැන්දෑවෙ ගිහිල්ල මහ රෑ ගෙදර ඇවිත් පාටියෙදි ගත්ත පින්තූර ඒ මහ රෑම පේස්බුක් දාල නිදාගෙන...
උදේ ඔය පින්තූර ටික අපටත් පෙන්නුවා...ඔය පින්තූර අතරෙ පුතා කෙල්ලක් එක්ක කරට අතදාගෙන ගත්ත පින්තූරෙකුත් තිබුණා...
ඔන්න උදේම කෝල් එකක් එනව අපේ නංගිගෙ පොඩිපුතා ගෙන්...කෝල් එක ගත්තෙ බිරිඳ...ආගිය විස්තර කතාකරල ප්‍රස්තූතයට බැස්සා...
නැන්දෙ මල්ලි සුදු කෙල්ලෙකුත් එක්ක කරට අතදාගෙන ඉන්න පින්තූරයක් තිබුනා දැක්කද...
ආ...ඔව් ඔව් අපි දැක්කා...
ඔය විදියට එදානං කෝල් කීයක් ආවද මන්ද මේ ගැන අහල...අපිට හිසරදයක්...පුතාටත් කේන්තියි...
අම්මයි තාත්තයි විතරයි මොකුත් කිව්වෙ නැත්තෙ...
පුතා කිව්වා...ඔව්ව ඉතිං ඔය ඉස්කෝලවල සාමාන්‍ය දේවල්නෙ...කෙල්ලො කොල්ලො කියල බේදයක් නෑ...කතා කරනව, විහිළු කරනව, බදා ගන්නව, ඕව මහලොකු දේවල් නෙවෙයි අපේ අය බීත වෙලා දැඟලුවට...
මම කිය කියා හිටියෙ ලංකාවට ටෙස්ට් තත්වය ලැබීම ගැනනෙ...ඔන්න ඔය ආකාරයට අසූ දෙකේ අවුරුද්දත් ලැබුවා...පෙබරවාරි මාසෙ එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරඟයක් ඇතුළු තරඟ සංචාරයකට ලංකාවට එනව කියන ප්‍රවෘත්තිය ලැබුණා...ඔය වෙනකොටත් ස්වප්නයි මමයි එකට වැඩට යනව එනව...
මොකක්ද මේ මුං දෙන්නගෙ අමුතු ඇඟැලුම්කම කියල අපේ අනික් එවුන්ට ප්‍රශ්නයක්...කොල්ලො මගෙන් අහනව...
යාලුකමට වැඩිදෙයක් උඹල දෙන්න අතරෙ තියෙනව නේද...
කෙල්ලො ස්වප්නගෙන් අහනව...
ඇත්ත කියපං...උඹල දෙන්නගෙ සම්බන්ධයක් තියෙනව නේද...
දෙකටම උත්තරේ නෑ එහෙම දෙයක් නෑ කියන එක වුණත් අරුන් ඒක පිළිගන්න ලෑස්ති නෑ...ප්‍රගති සමාලෝචන රැස්වීම් පවා පවත්වනවා...
අපට නෑ කිව්වට ෂුවර් එකටම මුං දෙන්නගෙ මොකක් හරි තියෙනව...
මතු සම්බන්ධයි
මතු සම්බන්ධයි
ආනා පුන්චිහේවාගේ නමත් ලිස්ට් එකේ අගට එකතු කරන්ට පුළුවන්..... දැන් කාලේ උන් වගේ සල්ලි පස්සේ ගිය පොරක් නෙවේ කියලයි මම හිතන්නේ...
ReplyDeleteඔව්,ආනා පුංචිහේවා මහතාත් එම ගනයේ මහත්මයෙක්.
Deleteමතක් කර දීම ගැන ස්තූතියි කැන්ඩියන්.
ඇයි බං අර අම්මගේ ෛාටෝ කෑල්ල දැම්මේ
ReplyDeleteඑතනට ගැලපෙන නිසා දැම්මා,හොඳ නෑ කියපු නිසා අයින් කලා
Deleteලඟකදි කාටවත් ටෙස්ට් තත්ත්වයක් හම්බුනේ නෑ නේද ? ඒකත් දැන් ඉන්දියන් ක්‍රිකට් බෝර්ඩ් එකෙන්ද දන්නෑ දෙන්නෙ !
ReplyDeleteටෙස්ට් තත්වයට සුදුසු රටවල් දැනට නැහැ මම හිතන හැටියට
Deleteඅර්ජුන වර්ල්ඩ් කප් එක අරගෙන ආපු ගමන් ඔක්කෝටම ඉස්සෙල්ලා ගියේ ගාමිණි දිසානායකගේ ගෙදර. එතකොට එයා පරළෝකාප්ප්‍රාප්ත වෙලා. නමුත් ඒ කෙළෙහි ගුණය අර්ජුනට තිබුනා. ඒ කාලේ අර්ජුන ටෙස්ට් ගහන්න ආවේ කෝච්චියේ. අද කොහොමෙයි. මේ ආන්ඩුව අනිත් හැම දේ වගේම ක්‍රිකටුත් කිසි අවුලක් නැතිව අනුභව කළා. අර දන්දෙණිය කියන හොරා, දැන් ඉන්නවා බැඩ්මින්ටන් සංගමේ. අම්මපා ඔයිට වඩා හොඳයි මුන් ටයි එක පිටින්ම ආමර් වීදීයෙන් බස් වලට නැග්ගුව නම්. වෙන මොකකටවත් නෙමෙයි පොකට් ගහන්න.
ReplyDeleteඅර දන්දෙණිය කියන හොරා, දැන් ඉන්නවා බැඩ්මින්ටන් සංගමේ.//
Deleteහැබැට.. අරයගේ මෙයාගේ ඇඟිලි ගැහිලි නැතුව ටීම් එකකට යන්නත්, ගිහින් දිනන්නත් තිබ්බ ඒ ස්පෝට් එකත් එහෙනං අවසානයි....
මට මතකයි අර්ජුන ආනන්දෙට ගහද්දීම ලංකා කණ්ඩායමටත් සෙල්ලම් කලා,ඔහු ගම්පහින් උදේ කෝච්චියට නගින්නේ කොළඹ යන්න
Deleteයකෝ මං මේ බැලුවේ මේ කතාව කියන අපුරුව. ක්‍රිකට් ගැන කියනවා ආදරේ ගැන කියනවා පුතා ගැන කියනවා ආයේත් සප්නා ගැන කියනවා මාරම පෙළ ගැස්මක් අයියේ... නියමයි.
ReplyDeleteස්තූතියි නලින් ඔබේ ආශීර්වාදයත් එක්ක ලියන්නම්
Deleteහෙහ්..මමත් ඔය අපේ පළවෙනි ටෙස්ට් එකෙන් පටන්ගන්න පඳුරු තැලිල්ලකට අත තියලයි තියෙන්නෙ...:)
ReplyDeleteමම ඔය මැච් එක බැලුවා හැලප...හැටන් නැෂනල් බැංකුව තමයි ප්‍රධාන අනුග්‍රාහක. එයාල පළවෙනි දවසෙ ටිකට් එකත් එක්ක දුන්න නිල් පාට කැප් එකක් ඉස්සරහ " The First Ever Test Match - I Was There " කියල ලියල තියන. අපේ මහ ගෙදර මේ ළඟක් වෙනකල්ම තිබ්බ. ආයෙම ගියාම හොයල බලන්ට ඕන.
පලි - අර හිරුවා මම ලියපු චන්දිමාල් පෝස්ට් එකේ කියල තිබ්බනෙ හැලප අද හෙටම ක්‍රිකට් ගැන එලකිරි පෝස්ට් එකක් ලියයි කියල. අම්මප මේ බබලත්තුංට නම් දිවැස්ද කොහෙද?......හෙහ්, හෙහ්
දිවැස් නෙවෙයි රවියයියේ.. නෙස්ටලොජියාකාරයොන්ගේ හිත්වල හැටි දන්නවනේ... පරීක්ෂණ, නිරීක්ෂණ ඇන්ඩ් නිගමන... හි හි...
Deleteඔය කැප් එකක් මගේ ලඟත් තිබුනා ගිය කෙනෙකුගෙන් ඉල්ලගත්ත එකක්, මම ගියේ සීමිත ඕවර තරඟය බලන්න,ඒ දවස්වල පුදුම ක්‍රිකට් උණක්‌නේ තිබ්බේ අපිට.
Deleteරවිත් ක්‍රිකට් ගැන ලියනවනම් සතුටුයි,ගැටෙන්නේ නැතිව ලියාගෙන යමු.
මට හිතුණා මොනාලිසාත් ඉවර වෙච්චි එකේ.... එක්කො ඕනි නෑ.
ReplyDeleteපඳුරු තැලීමේ මං ආසම දේ තමයි මුල හොයා යාම. කතාව ගලාගෙන යන විදියට ට්‍රැක් ඒක මාරු උනාට තේරෙන්නෙ නෑ. අයි හරි ට්‍රැක් එකට වැටෙනකොට ඉස්සෙල්ලම හොයන්නේ මූ අපිව නොමග යැව්වෙ කොතනින්ද කියලා. :D (අරූ මූ කිව්වට සොරි ඈ)
මං මේ කල්පනා කලේ අපේ රටේ තව කන්න ඉතුරුවෙලා තියෙන්නේ මොනවද කියලා. ම්ම්ම්ම්ම්ම්ම්.....
උඹටත් කවුද හාල්පාරුවෙක් මේ ලඟදි දවසක අරූ කිව්වා කියලා මළ පැනලා හිටියා කියලා ආරංචියි.. :D
Deleteසුදු වෑන් එකට ඩීසල් ගහන ස්ටාට් එකේම තියන් හිටියේ ආයෙ ඒ පැත්තේ ඔළුව දානකම්. වෙලාවට පොර මාරු වෙලා ගිහින් තිබුණා. :D
Deleteහැබෑටම සෙන්නා උඹත් හොයා හොයා හිටියේ ඌවමද.....?
අකම්,අර නොකිය ඉතුරුකරගත්ත ටිකත් කිව්වනම් තමා හොඳ .
Deleteමේක මාර ගමනක් ගිහින් තියන post එකක්නේ. අගක් කොනක් නෑ කියලත් හිතෙනවා. ඒත් ඒකෙත් මරු ගතියක් තියනවා
ReplyDeleteස්තූතියි පූමා,තව ගොඩක් දුර යන්න තියෙනව
Deleteහරියට පදම් කරල ගත්ත රබානක් වගේ...පදම් කරපු රබානක් දැක්කමත් කෙනෙකුට නිකමට තට්ටු කරල බලන්න හිතෙනවනෙ...
ReplyDeleteමොකක් හරි පරණ පොතකත් මේ වචන සෙට් එක දැක්කා වගේ මතකයි.මොනවා උනත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෑනු ළමයා(දැන් නම් පැන්ෂන් ගිහිල්ලත් ඇති) ගැන චිත්‍රයක් මවා ගන්න පුළුවන් උනා(ඔන්න මට මුළු කතාවෙන්ම අල්ලලා ගිය ටික).
හෑ.... හැලපයියටත් බාල ඒ කෙල්ල පැන්සොන් ගිහින්නම්... අනේ මානවකයෝ සිල් රෙද්දක් පොරවන් හිටියට අපේ හැලපයියට තාම ගොක් කොළ පේන්න තරම් වයසක් නෑ නොවැ.
Deleteඔයා වචන සැට් එක පොතක තිබුනා මටත් මතකයි,පොත ජයසේන ජයකොඩිගේ, නම මතක් කරල කියන්නකෝ මානවක.
Deleteනෑ ඒ ගැනු ළමයට පැන්ෂන් යන්න වයසක් තාම නෑ මයේ හිතේ.
ඒ කාලෙත් ස්වප්නල හිටියද?
ReplyDeleteමම නම් ස්වප්නා නම ඇහැව්වෙ 22ද ලංකාවට ආපු වෙලෙයි.
හැලපයා ගෑනු ලමයා ගැන හීන මවපු හන්දා ඒ නම දැම්මලු. :D:D
Deleteස්වප්නා කියන්නේ මම මේ කතාවට ඒ ළමයට දීපු නම,ඇත්ත නමත් ඒ සමාන සද්දයක් තියෙන නිසා තමයි ඒ නම දැම්මේ.
Deleteකෙන්ජි 22 ලංකාවට ආවද නැත්නම් ස්වප්නා ලංකාවට ආවද,ටිකක් පැහැදිලි මදි.
නැහැ හැලප,ලංකාවෙ සුවා දීන මුද්දරම් පලම් මාද්දිය(මුද්රිත) වල ෆුල් පේජ් වල ගියා "හැලපගේ ස්වප්නා 22 ලංකාවට එනවා"කියල.
Deleteඒක දැකලයි කිව්වෙ.
හැබැයි ඉතිං සුමනට ස්වප්නා කිව්වම නාකි අපිට පොඩි කිචියක් නැතුව නෙමේ නේද?
සුමනට කවුද ස්වප්නා කියන්නේ?
Deleteමං නං ස්වප්නා කියලා ආරූඪ නමක් දානේනේ ස්වර්ණාටයි.
ඒ කෙල්ලගේ නම සුමනා නෙවෙයි,උච්චාරණයේදී ස්වප්නා හා සමාන ශබ්දයක් එන නිසා ඒ නම පාවිච්චි කලා.
Deleteහ්ම්...පළාත් අනුව නම් පිළිබද එන සිතුවිලි විවිදයි නේද?
Deleteමම සු යන්න කිව්වෙ ලෙහෙසියට,හල් සයන්න ටිකක් උච්චාරණයට දිව ටැපැලෙන නිසා නිකන් හිටිය.
//හැබැයි පාට නම් නෑ...හරියට පදම් කරල ගත්ත රබානක් වගේ...පදම් කරපු රබානක් දැක්කමත් කෙනෙකුට නිකමට තට්ටු කරල බලන්න හිතෙනවනෙ...//
ReplyDeleteඅනේ අනේ...ගෑනු ලමයින්ට කියන කතා. ඉස්සර නම් උපමා කලේ මල්වලට. දැන් ඉතින් ගෑනු ලමයි දැක්කාම මතක් වෙන්නේ රබාන. :D
ඔය කොට මහත පුහුල් ගෙඩි වගේ කෑලී මගෙත් චොයිස් එකක්. සමහර විට රබන් පද වලට කැමති නිසා වෙන්නත් ඇති, එහෙමමත් කියලා නෑ ඉතින්....
Delete....අහු වුනොත් ඩ......?
Deleteහැමදාම මල් ගැන කියනවට වඩා මේ උපමාව හොඳයි කියල හිතුනා පොඩ්ඩියෙ,එහෙම නේද ටිකක් හිතල බලපුවම.
Delete@මාතලන්,
Deleteකොට මහත පුහුල්ගෙඩි කිව්ව ගමන් මට මතක් වෙන්නේ අර කකුල් හතරේ සතා,මේ දවස්වල මාතලන්ට හරියට කන්න ලැබෙනවය කිව්වේ.ඒ කෙල්ල නම් මහත වුණාට උස තිබුනා ඒ ගානටම.ඔන්න කෙන්ජිත් මොකක්ද කියල බාගෙට නවත්තල.
අපි නං ඒ දවස්වල කියන්නේ ටිං-ටිං කියලයි.
Deleteමොකද, රබානට වගේ නියපොත්තෙන් තට්ටූ කලොත් ටිං-ටිං වගේ සද්දයක් ඒවිය කියලා හිතෙන නිසායි!
මට හිතෙන විදියට රබාන කියන්නෙ තවත් අර්ථයකින්. ඔහෙල දන්නවනේ......
Deleteඅනේ රාජ්,ඒකත් කියලම දාමුද
Deleteමට ක්‍රිකට් වල පේන්න බැරි ජාතියක් තියෙනව නං ඒ ටෙස්ට් මැච් තමයි.. මාර කම්මැලියි දවස් 5ක් අඳිනෙකාට.. 50-50 ඒවා ආවට පස්සේ තමයි මං ක්‍රිකට් මැච් ආසාවෙන් බලන්න පටං ගත්තේ... ( මේ ඔය ඔයාලා කියන කාලේ අපේ අම්මයි තාත්තයි ලවු කරන කාලේ ... ඒ කියන්නේ මං මේ පැත්ත පළාතක නෑ... හි හි)
ReplyDeleteමට ඔය කොල්ලො කෙල්ලො කතාබහ කරනකොට කතන්දර කියන එකට කේන්ති යන්න එකම හේතුව තමයි අපේ අම්මා.. අපේ අම්මා කවදාවත් ඕවා ගනං ගත්තේ නෑ.. එයාගේ කුළමල හෙවිලි නෑ... අපේ තාත්තගේ නම් චුට්ටක් විතර තිබ්බා.. එයාලගේ පවුලේ අයගෙන්.. හැබැයි ඉතිං දෙන්නම යාලු උනාද බැන්දා තමයි අනිත් උන්ට කුද ගහගන්න කියලා.. මං හිතන්නේ මටත් ඒ අභාෂෙමද කොහෙද ඇවිල්ලා තියෙන්නේ... මං ඒ ලෙවල් කරන කාලේ යාලුවෙක් එක්ක කරට අතදාගෙන ගත්ත ෆොටෝ එකක් බඳිනකම්ම මගේ පුංචි ඇල්බම් එකක තිබ්බා... අපේ අම්මලට නම් ඒක කිසිම අවුලක් උනේ නෑ.. ඒත් මේ අපේ මනුස්සයා කිව්වනේ ඒක ඇල්බම් එකෙන් අයින් කරන්න කියලා.. එයාලගේ ගෙදර අය දකී කියලා... පිස්සු විකාර... මාත් ඔන්නොහෙ අයින් කළා...
කුළ මළ විතරක් නෙවෙයි ඒවා හොයන අය එක්කත් මට පුදුම තරහක් තියෙන්නේ.. හැබැයි මගේ දැනුම අනුව නං ලංකාව කොච්චර දියුණුයි කිව්වත්, මිනිස්සු උගත් කිව්වත් ඔය කුළමල යන්තම් හිතේ කොණක හරි තියෙනවා හැමෝගෙම... ටයි එකට නිකම්ම නැගිට්ටවුනත් කසාදෙකදි ටයි එක පැත්තක තියලා කුලේ හොයන්න යන අය ඉන්නවා.. ඒ වගේම ඉතිං එහෙම වෙලාවක පවුල් වල නොගැලපීම ගනන් නොගෙන බැන්දත්, ඊට පස්සේ බැඳපු උන් දෙන්නට ඒකම මහ ප්‍රශ්නයක් වෙන වෙලාවලුත් තියෙනවා.. ලංකාවේ සමාජේ තනිකරම ලෙඩ ගොඩක් අප්පා...
යාලුව කොල්ලෙක් නම් බැන්ද එකාට ටිකක් අවුල් තමා.
Deleteමොකද කොල්ලො දන්නව බර වැඩ පටන් ගන්නෙ ඉස්සෙල්ල කරට අත දාල තමා කියල.
හි හි.. එහෙම එකකුත් තියෙනවද කෙන්ජි.. අනේ මන්දා... ඔය කොච්චර කරට අත දැම්මත් එතනින් එහාට අත දාන්න ආවොත් අත නැතුව තමයි ආපහු ගෙදර යන්න වෙන්නේ කියලා මං හිතන්නේ මාව ආශ්‍රය කරපු උන් දැනං හිටිය... ෂුවර් එකටම ඒ කාලේ මෙයත් ඕක දැනං හිටිය.. හි හි.. ඇත්තටම එයාට ඕවෑ ගානක් නෑ.. ඒත් එයාගෙ අම්මලා තාත්තල මා ගැන වැරදියට හිතයි කියලා හිතලයි එහෙම කිව්වෙ මට... ( හැබැයි මට දැන් තේරෙන විදියට නං එයාගේ අම්මලත් ඔය වගේ දේවල් සත පහකට ගනං ගන් නෑ...) ඔය මං කිව්ව යාලුවා නං ඇත්තටම එදයින් පස්සේ මං තාම දැකලවත් නෑ.. ඒලෙවල් ඉවර උනාම ඉතිං ක්ලාසස් වල යාලුවෝ හතර අතේ විසිරෙනවනේ...
Deleteමම කිව්වෙ මම කොල්ල කාලෙ කරට අත දැම්මේ ම,කේන්දරේ මනුෂ්‍ය/දේව ඝනයේ කෙල්ලන්ට.
Deleteකේන්දරේ යක්ෂ ඝනයේ කෙල්ලො එක්ක කතා කෙරුවෙ බොහොම ප්‍රවේශමෙන්.
මොකද ඒ කාලෙ අතත් මට හරි ප්‍රයෝජනවත්.
ඉස්කෝලෙ දෙන "ගෙදර වැඩ"කරන්න අත නැතුවම බැහැනෙ.
50-50 ත් කාලේ ගිහින් 20-20 ආවට පස්සේ නේද,
Deleteඔය කුල මල නොතකා බැන්දය කියමුකෝ,ඊට පස්සේ උන් දෙන්නට මුළු ජීවිතේම කරුමේ කරගහගෙන යන්න වෙනවා,මේක මම ඇහැටම දැකපු දෙයක්
හිරූ කිව්වා වගේ කොච්චර උගත් කිව්වත්,දියුණුයි කිව්වත් මේ දේවල් ලංකාවෙන් නැතිවෙලා යන්නෙ නෑ.
@කෙන්ජි,
Deleteකෙන්ජි කරට අත දාල තියෙන්නෙ කේන්දරත් බලල නේද,ශාස්ත්‍රානුකූලව.අපට නම් කේන්දර බල බල ඉන්න කාලයක් නෑ ලැබුණු වෙලාවේ ටක් ගාල කරට අත දාගන්නවා
අපි නොදැන්න වැය,රියැදුරු පුහුණු පාසැල් කෙරුවෙම අක්කල නොවැ.
Deleteහිරු
Deleteටෙස්ට් මැච් කියන්නෙ වෙනම ටේස්ට් එකක්. ඒකට පුරුදු වෙන්න ඕනෑ. ටෙස්ට් කියල දෙයක් නොතිබුනා නං මුරලිදරන් කෙනෙක් බිහිවෙන්නෙත් නෑ.
Thamange kasada minihatat hiniyata kepillak dala tiyenne. Mehemat genu
ReplyDeleteමගෙන් නොවුනත් ඔබට මේකට පිළිතුරු ලැබේවී ඇනෝ
Deleteහෑලපයිය ලියන එව කියවන්න කම්මෑලි නෑ.ක්‍රිකට් ගෑනත් කියවන්න කම්මෑලි නෑ.හෑලපයිය ක්‍රිකට් ගෑන ලියනකොට ?ෂා පට්ට ආතල්
ReplyDeleteස්තූතියි දමිත්
Deleteමම ක්‍රිකට් වලට ආස නැති උනත් මේක අස්සෙ වෙන කතාවකුත් යන නිසා ආසාවෙන් කියෙවුව. ඔන්න ඔහොමනෙ ලියන්න ඕන.
ReplyDeleteදැං ලංකාවෙ තියෙන ඔක්කොම කාල ඉවරයි. තව මොකුත් කන්න දෙයක් තියෙනවද මංද?
තෑන්ක්ස් ප්‍රසන්න,
Deleteතව මොනවද කන්න තියෙන්නෙ කියල කට්ටිය හොයමින් ඉන්නේ
/* මහන්සි වෙලා ලබාගත්ත ජයග්‍රහණයක් වුණත් ලංකාවෙ මාධ්‍ය වලටනම් ඒ ප්‍රවෘත්තිය මුල් පිටුවට හෝ අන්තිම පිටුවට දාන්නතරම් වැදගත් එකක් වුණේ නෑ...පත්තරේ මැද පිටුවක ඉතාම කුඩාවට මේ ප්‍රවෘත්තිය පළවෙලා තිබුණා මට මතකයි...ගාමිනී දිසානායක ඇමතිතුමා ලංකාවට එනකොටනම් ගුවන් තොටුපොළේ විශාල පිළිගැනීමක් තිබුණා. */
ReplyDelete1. මට මතකයි වෙළද සේවයේ ගිය ක්‍රීඩා සංග්‍රහයේ සමන් අතාවුදහෙට්ටටි පැය කීපයක් අරඝෙන නියම ප්‍රෝග්‍රෑම් එකක් කෙරුවා.
2. ඔය ගුවන් තොටුපලේ පිළිගැනීම් නම් ඒ ඒ මාත්තුරූම තමයි සංවිධානය කොර ගන්නේ!
ටෙස්ට් ක්‍රිකට්වල සමන් අතාවුදහෙට්ටිගේ කාර්යභාරය ගැන ඉදිරියේදී ලියවෙයි කකා
Deleteසමන්ගේ අලුත්ම පොත මේ 3වැනිදා මැලේෂියාවේ දී දොරට වඩිනවා. බොහෝ විට මටත් ඒවැඩේට එක්වෙන්න හැකිවෙයි.
Deleteසමන්ගේ පොත එලි දැක්වීම අගෝස්තු 4 වැනිදා ..... ආරංචි හැටියට ඒ උත්සවය මැලේසියාවේ සංවිදානය කරන කමිටුවේ ලොක්කා බන්දුල වර්ණපුර මහතා..... කතාව පොස්ටුවට අදාල නැත්නම් සමාවෙත්වා!!!!
Delete/* ඔය විදියට එදානං කෝල් කීයක් ආවද මන්ද මේ ගැන අහල...අපිට හිසරදයක්...පුතාටත් කේන්තියි...*/
ReplyDeleteපරිනාමය වෙයි ඊළඟ පරම්පරාවේ දී වත්!
බලා හිඳිමු
Deleteරස කර ලිවීම හරිම අගෙයි.ටී.බී.වේරපිටිය මහත්තයාට ක්‍රිකට් බෝඩ් එකත් එක්ක සම්බන්ධයක් තිබුනද හැලප මහත්තයා?
ReplyDeleteඔව් අරූ,1980-1981 සමයේ ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිකම හෙබවූවා
Deleteකජ්ජට තියපු අත පුහුලට තිබ්බා වගේ ක්‍රිකට් ගිලපු බහිරවයා තව ක්‍රීඩවක් ගිලිනවලු මේ දවස් වල.
ReplyDeleteමේ මරු පෝස්ට් එකක්.හුස්මක් කටක් ගන්නෙ නැතුව එක දිගටම කියව ගෙන ගියා
ස්තූතියි ඩුමිනි,ඔබව ආදරයෙන් පිලිගන්නවා
Deleteකිරිකට් ගැන හෙව්වේ බැලුවෙ නැති වුනාට මැච් එකක් එහෙම ගියොත් නම් අතඅරනි නැ බලනවා. ලංකාවේ සමාජ තේරුමු ගැනීමට නම් වෙනම කතිකාවතක් අරඹන්ඩ ඕනෙ. සමාජ ස්ථරයන් වල තියෙන මහ ලොකු කම් කුණුවලක් වෙලා දැන්.හොයල බලන එක වෙනම කතාවක්.
ReplyDeleteරතී ඔබවත් මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා
Deleteක්‍රීඩාව ඉදිරිය ගැන නොබලා ඒකට එන සල්ලි වලට කෙල හලන උන් ආවම විනාසයි තමයි ඉතින්..
ReplyDeleteක්‍රිකට් වල නෑසූ කතා අහමු එහෙනම්..
හොඳයි චන්දන තව ඉදිරියට තියෙනව
Deleteමුලින්ම හිතුවේ මේක ක්‍රිකට් ගැන ලියන කතාවක් කියලා.. ඉතිං කටත් ඇද කරගෙන කියවන්න පටන් ගත්තා මොකද මම ක්‍රිකට් වලට කැමති නැති නිසා.. ohhh.. වැඩි දුර යන්න ඕන උනේ නෑ නොවැ.. මෙන්න සීරුමාරුවට කතා මාරු වෙනවා.. ම්ම්ම්ම්... ලස්සනට ලියලා තියෙනවා හැලපේ...
ReplyDeleteඔහොම සීරුමාරු කරමින් යමු.. අන්තිමට කියන්නම් කතා කීයක් ලියලා තියෙනවද කියල.. :)
ක්‍රිකට් ගැන ලියන කතාවක් තමයි,ඔය ඉතිං තැන තැන ආගිය කතා ලියවෙනවා
Deleteරසවත් අප නොදන්නා අතීතයක්, කතාවක් සමගම එක්කලාට තුති.
ReplyDeleteස්තූතියි ඔබටත්,මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා
Deleteදැන් කියන්නේ "ස්වප්නා"ගැනද..?නැතිනම් ක්‍රිකට් ගැනද...?
ReplyDeleteතවත් රස කතා මාලාවක ආරම්භය....
ඔය දෙක තුනම ගැන කියනව මනෝජ්
Deleteමේක හැබෑට මොකක් ගැනද බං කිවවේ. ලව් එකද. මැච් එකද. ඩ්‍රිම් එකද/// ජය වේවා හැලපස්ටයිල් එකට..
ReplyDeleteබොලා කොහෙද ගිහින් හිටියේ,ජයවේවා
Deleteපඳුරු තැලිල්ලේ හොඳේ, ප්‍රධාන මාතෘකාව නොහොත් ගමනාන්තය අපට රුචි එකක් හෝ අරුචි එකක් හෝ වේවා යන මඟ කඳවුරු බැඳගෙන බලන්න දේ තියෙනවා.
ReplyDeleteඅර බොඩි කතාව නම් නියමයි බං. නමුත් මීට පරම්පරා කීපෙකට කලින් එයාලමයි බොඩි ඇඳං හිටියේ. අනික මචං ඔය පිටරටවල එවුං හරි වල් කියන සංකල්පය අපේ අයට හරියට කා වැදිලනේ තියෙන්නේ
උඹ පරක්කු මොකද කියල හිත හිතා හිටියේ,දරුවගෙ උපන්දිනේ එහෙම ඉවරයක් කරල එන්න එපාය.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකිරිකට් ගැන කතා කරන්න පුලුවන්ද වර්ණපුර කියන නම නැතුව ...... එයත් දැන් ඉන්නේ මැලේසියාවේ .... මොනවා නැතත් කට ඇරලා මහත්තයා කියල කතා කරන්න පුළුවන් චරිතයක් ...... මැලේ රාළ ඕව දන්නැ...... ලගින් දන්නා අය කියන්නේ
ReplyDeleteමං මේ කල්පනා කරන්නේ අර මොනලිසා වගේ මේ කතාවෙ ප්‍රදාන කතව මොකක්ද කියල.. ක්‍රිකට්ද නැත්නම් ස්වප්නාද ?
ReplyDelete