(දේශක,විදානේ,ප්‍රියා,පත්තර මල්ලි,ඉවාන්,ප්‍රසන්න ඇතුළු සහෘදයන්ට ආදරයෙන් පිළිගන්වමි)
අපි අන්තිමට ලිව්ව ඌරු කතාව හිතුවෙවත් නැති විදියට නැගල ගියානෙ,ඉතිං අපි දන්න දන්න ඌරු කතා කියමින් ඉන්න අතරෙ අපේ සඳාත් ඌරු කතාවක් කිව්වා ඒක මෙහෙමයි...
ඔන්න ඌරු කොටුවක ඊරියක්ව පට්ටි දම්මන්න වෙන කොටුවකට ගෙනියනවලු,චීන ඊරියක් වෙන්න ඇති මහත නිසා ගෙනියන්නෙ විල්බැරෝ එකක තියලලු, එක දිගට දවස් කීපයක් පට්ටි ගස්සන්න ඕනැනෙ. දවස් දෙකක් ගෙනිහින් ඇවිත් තුන්වෙනි දවසෙ ගෙනියන වෙලාවට බලපුවම ඊරි නැහැලු,ඌරු කොටුවෙ මනුස්සය ඊරිව හැම තැනම හොයල හොයල නැතුව එළියට එද්දි මෙන්න ඊරි විල්බැරෝ එකට නැගල නැට්ටත් හොල්ල හොල්ල ජොලියෙ ඉන්නවලු...
අපේ මිත්‍රය නෙවිල් ඉන්නවනෙ අර කරෝල වාඩියෙ හිටපු එකා ඌ භක්තිමත් කතෝලිකය නොවැ,ලංකාවෙදි ඉරිද දවසට කොහෙන් හරි හොඳ ඌරු මස් කෑල්ලක් හොයාගන්නව. එක්කො පල්ලි ගිහිං එනිං ගමන නිට්ටඹුවෙන් අරගන්නව එහෙම නැත්නං කෙළින්ම කොරසෙ ඌරු මස් කඩේට යනවා,ඌරුමස් කඩේ ඇන්ටනි ඉන්නෙ නිකං අලුගෝසුව වගේ, උඩු රැවුලත් කරකෝල ෂර්ට් එකක් නැතුව ලේ තැවරිච්ච කාකි රෙදි කෑල්ලක් සරමට උඩින් ඇඳගෙන මස් කපන දඩ මන්නාපිහිය අර කූරෙ අතුල්ල අතුල්ල බලාගෙන ඉන්නකොට දන්නැති එකෙක් එහෙමනං බයවෙනවා,නෙවිල් ගියාම ආ එන්න මහත්තය කියල හොඳ මස් කෑල්ලක් කපල දෙනව,ඉස්සර අහීමාන මන්ඩියක් වෙච්ච නයිවල ටවුමක් වෙලා දියුණු වෙන්න ගත්තම එතන දාපු ඌරුමස් කඩෙත් කොන්ත්‍රාත් එක ඇන්ටනිල ගත්තා. දවසක්දා වෙනුජ වැඩ ඇරිල එන ගමන් වැස්ස නිසා කඩේට ගොඩවුනාම කඩේ හිටපු කෙනෙක් වෙනුජත් එක්ක කතාවට වැටිල ගම් පළාත එහෙම අහල...
මගෙත් හොඳම මිත්‍රයෙක් ඔයාලගෙ ගමේ ඉන්නවනෙ...
කියල මගෙ නම කිව්වලු,ඒ ගමන වෙනුජට හිනා ගිහිං..
ඇයි සුනිල් අයියෙ මාව අඳුනගන්න බැරිද...
ඌරුමස් කඩේ ඉඳල තියෙන්නෙ රත්තා,ඒ කාලෙ ඉස්පිරිතාලෙ වැඩකරපු අපේ හොඳම යාලුවෙක් හොඳ වොලිබෝල් ක්‍රීඩකයා මැච් එකක් තියනව නං එදාට මිනිහ වැඩට එන්නෙ නෑ,ඔහොම ගිහිං ගිහිං අන්තිමේදී නෝ පේ ගිහිං වැඩිවෙලා රත්තට සේවය අතහැර යාම කියල ලියුමක් දීල,ඒ ගමන මම එක්කං ඇවිත් සර්පයෙක් කෑවා කියල ලාල්ලගෙ තාත්තගෙන් නෝ පේ ගිය මාස ගානට මෙඩිකල් අරං දීල ආපහු රස්සාව හදල දුන්නම රස්සාව දීල රත්තව ජලභීතිකා මර්දන ව්‍යාපාරයට මාරුකලා...
මැච් විතරක් නෙවෙයි අපි අවුරුදු උත්සව එහෙම කරනකොටත් රත්ත ඇවිත් අපටත් වඩා මහන්සිවෙලා දවස් දෙකක් විතර අපේ ගෙදර නැවතිලා ඉඳල අවුරුදු උත්සවේ ඔක්කොම වැඩටික කරලදීල යන්නෙ තමන්නෙ වැඩක් කරනව වගෙයි,ගෙයක් දොරක් පවුලක් ළමයි ඉන්නවදවත් කියල ගානක් නෑ,මමත් බැඳල ඊට පස්සෙ ලංකාවෙන් පිට රස්සාවට යන්න වුනාට පස්සෙ අපේ ආශ්‍රය අඩුවුනා,අඩුවුනා කියන්නෙ හරියටම කිව්වොත් නැතුව ගියා,අවුරුදු ගණනකට පස්සෙ අපි හම්බවුනු වෙලාවක වෙනුජ ඔය කතාව කියපුවම හොඳට රස්සාව කරගෙන හිටපු එකා ඌරුමස් කඩේ මොනව කරනවද කියල මට නිකමට වගේ හිතුනත් කමක් නෑ නයිවලනෙ ඉන්නෙ ඔතනින් යන වෙලාවක ගිහිං අහල බලනව කියල හිතාගත්තා...
ඒත් දිගින් දිගටම රටින් රට මාරුවෙවී හිටපු නිසා ඉතිං ඒකටත් වෙලාවක් ආවෙ නෑ,ලංකාවෙ ඉන්න කාලෙටත් ඒ වැඩේටම නයිවලට යැවුනෙත් නෑ,ඔන්න ඔහොම ගිහිං දවසක නයිවල හංදියෙන් එද්දි මූව මතක්වෙලා ටක් ගාල බැහැල ගිහිං ඌරුමස් කඩෙන් සුනිල්ව අහපුවම...
ආ දැන් මිනිහ ඉන්නෙ කොරසෙ කඩේනෙ...
කියල එතන හිටපු මනුස්සය කිව්වා,ඒ වෙලාවෙ කොහොමත් කොරසෙ යන්න විදියක් තිබ්බෙ නැති නිසා එහෙමම ගෙදර ගියා,ආයෙම පිටරටක ඉඳල සෑහෙන කාලෙකට පස්සෙ ගෙදර ආපු කාලෙක නයිවල යන්න අවශ්‍යතාවක් ඇතිවුනා,මොකටද කිව්වොත් ලී කැටයං කපන තැනකින් ඇඳ විට්ටමක කැටයමක් කපාගන්න දෙන්නයි,තැන තිබුනෙ නයිවල හංදියෙන් ටිකක් පහළට ගියාම තියෙන අර හාමුදුරුවන්ට කේස් එකක් වැටුණු පංසල ලඟ,එතෙන්ට ගිහිං වැඩෙත් බාරදීල ආපහු එන ගමන් රත්තව හොයන්න යන්න හිතුණා...
අයියෙ පොඩ්ඩක් කොරසෙටත් ගිහිං එමු...
නයිවලින් උඩුගම්පොල පාරට දාල කොරසෙ ඌරුමස් කඩේට ගියා,ඇන්ටනි මස් කප කපා ඉඳල මගෙ දිහා බැලුවෙ මොකද කියල අහනව වගෙයි...
ඇන්ටනි අයියෙ අර මෙහෙ වැඩකරන සුනිල් ඉන්නවද...
සුනිල් කිව්වෙ...
අර පෙතියගොඩ එක්කෙනා...
ආ රත්තද,රත්ත මළානෙ...
මළා...
මම පාෂාණිභූත වුණා මගෙ කටහඬේ වෙනස ඇන්ටනිට තේරෙන්න ඇති...
ඔව් හදිස්සියෙ පපුවෙ අමාරුවක් හැදිල මළා, හරියටම පහුගිය වෙසක් දවසෙ...
ඒ අගෝස්තු මාසෙ එතකොට රත්ත මැරිල මාස තුනක්,මට ඊට වඩා මොකුත් කියාගන්න බෑ කෙලින්ම ආපහු ආවා...
ඇයි මස් ගන්න නේද ගියෙ ගත්තෙ නැද්ද...
අයිය ඇහුවා...
නෑ අපි යං...
මගෙ වෙනස අයියටත් තේරෙන්න ඇති ඊට පස්සෙ වචනයක්වත් ඇහුවෙ නෑ,රත්තගෙ මරණය ගැන කොහොම ප්‍රතිචාර දක්වන්නද කියල මටම හිතාගන්න බැරිවුනා උන්ගෙ ගෙදර ගිහිං ගෙදර අයට කතාකරන්නද,මම රත්ත ඇරෙන්න ඌට කවුරු ඉන්නවද කියලවත් කසාද බැඳලද කියලවත් ගෙවල් කොහෙද තියෙන්නෙ කියලවත් දන්නෙ නෑ කවදාවත් මම උගෙන් අහලත් නෑ මට කියලත් නෑ,ඒ මගෙ දුර්වලකමක් වෙන්නත් ඇති කෙනෙක්ගෙ පුද්ගලික විස්තර එයාම නොකිව්වොත් මමනං අහන්නෙ නෑ මට අහන්නත් බෑ. කෙනෙක් තව කෙනෙක් එක්ක හිතවත් වුනාම ඇහුවෙ නැතත් තමන්ගෙ පුද්ගලික විස්තර යම් තරමක් කියනවනෙ,රත්ත මට එහෙම කියලත් නෑ,ඌ රසකර කර කොච්චරවත් මාත් එක්ක කියෝල තියෙන්නෙ මැච් දිනපු හැටි ඩෑෂ් ගහපු හැටි වගේ දේවල්. ඒ කියන්නෙ සමහරවිට උගෙ ගෘහමය ජීවිතය රසවත් එකක් නොවෙන්නට ඇති,බැන්ද හෝ නැතා හෝ කිසිම ගානක් නැතුව යාළුවන්ගෙ ගෙවල්වල ගිහිං දවස් ගණන් ඉන්න පුළුවන් නං ගෙදර ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙන්න ඕනැ නේද...
අපි නං පිට කොහෙහරි ගියොත් ගෙදර එන්නෙ කොයි වේලාවෙද කියල හිත හිතානෙ ඉන්නෙ,දෙන්න දෙමාල්ලො ගෝරියක් දාගත්තත් දවසකට වඩා දිගදුර ගෙනියන්නෙ නෑ,ගෝරියක් කියද්දි ඔන්න මට අඹු සැමි යුවළක් ගෝරියක් දාගත්ත කතාවක් මතක්වුනා...
පිටිසරබද ගමක ගොයිතැන්බත් කරගෙන ජීවිතේ ගෙවන ජෝඩුවක්ලු,දවසක්දා දෙන්න මොකද්දෝ කාරණේකට හොඳටම රණ්ඩුවුනාලු, රණ්ඩුවෙලා මරාගෙන දැන් දෙන්නට දෙන්න මුණ බලාගන්නෙවත් නැතුව දෙපැත්තට වෙලා ඉන්නවලු, රණ්ඩුවුනාට මොකද ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කෙරෙන්නත් එපායැ,ඉතිං බිරිඳ එදා උදේට කිරිබතකුයි ලුණුමිරිසකුයි හදල මේසෙට බෙදල තියල...
කෑම බෙදලයි තියෙන්නෙ කනකෙනෙක් ඉන්නවනං කනඑකයි...
කියල එළියෙ ඉන්න මනුස්සයටත් ඇහෙන්න කිව්වම මනුස්සය ඇවිත් කාල එහෙම කුඹුරට ගියාලු,වැඩකරල දවල් ගෙදර ආපුවම ගෑනුකෙනා නාන්න වතුර ලිඳෙන් ඇදල දාල...
වතුර දාලයි තියෙන්නෙ නානකෙනෙක් ඉන්නවනං නාගන්න එකයි...
කිව්වම මනුස්සය නාගෙන ආවලු,ඔන්න ඔය විදියට දෙන්න ඇරගත්තත් ගෙදරදොර වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයට කෙරීගෙන යනවලු,දවල්ටත් රෑටත් ඒ විදියටම කටයුතු සිද්දවුනා තවම දෙන්න යාළුවෙලා නෑ,ඔන්න ඉතිං රෑ වුනා කාල බීල ඉවරවුනාට පස්සෙ නිදාගන්න එපැයි ගෑනු කෙනා ගිහිං පැදුර එලුවා...
පැදුර එලලයි තියෙන්නෙ නිදාගන්නකෙනෙක් ඉන්නවනං නිදාගන්න එකයි...
දැන් දෙන්න පැදුරෙ ඇලවෙලා නොකරකතා ඉන්නකොට නිදාගන්න ඉස්සෙල්ල තව එක රාජකාරියක් තියෙනව නේද කියල බිරිඳට මතක්වුණා මෙච්චර දේවල් කරල ඒකත් නොකිව්වොත් ලොකු අඩුපාඩුවක්නෙ කියල ඇයට හිතුණා...
රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං අපි දන්නෑ කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි ...........
අන්න බාරියාවො,මරාගත්තත් සුවාමිපුරුෂයගේ උවමනා එපාකං හොයාබලන මෙවැනි බාරියාවන්ට කියන නම අර ගෑණු ළමය මේ දවස්වල කියවන හාමුදුරුවො ලියපු පොතේවත් තියෙනවද කියල අහල බලන්න ඕනෑ. මම හිතන්නෙ නං ෂුවර් එකටම එහෙම අයට කියන නමක් ඒ පොතේ නැතුව ඇති,ඇත්තටම මම නං කියන්නෙ ඒ වගේ බාරියාවන් අගය කිරීමක් වශයෙන් අපි හරි එහෙම බාරියාවන්ට නමක් හදල ගෞරව දක්වන්නට අවශ්‍යයි කියල මට හිතෙනවා...
හාමුදුරුවන්ගෙ ඒ පොත කියවන එකෙත් වරදක් නෑ නමුත් අලුත විවාපත්වූ යුවතිපතීන් අත් පොතක් සේ දිවා රාත්‍රී පරිශීලනය කළ යුතු මහා අනර්ඝ ග්‍රන්ථ රත්නයක් ඇති බව අභිනවයෙන් යුගදිවිප්‍රාප්තවූ යුවතිපතීන් බොහොමයක් දෙනා නොදැන සිටීම අතිශය කණගාටුවට කාරණයක්...
ඒ මහා ග්‍රන්ථ රාජයා නම් වාත්ස්‍යායන පඬිවරයාණන් විසින් මීට අවුරුදු එක්දහස් හත්සීයකටත් පෙර ග්‍රන්ථාරූඪ කරන ලද ''කාම සූත්‍ර'' නම් වූ අනර්ඝ ග්‍රන්ථ රත්නයයි,මේ අනගි ග්‍රන්ථය කියවීමෙන් ලද හැකි පොරෝජන මෙතෙකැයි කියන්නට අමාරුයි...
අපේ කාලෙ අපි මේ ග්‍රන්ථය බොහොම අමාරුවෙන් හොයාගෙන කියෙව්වට දැන් නං ගුගල් සර්ච් කරන ටික විතරයි,වීඩියෝ ඕඩියෝ, රූප සටහන් වකාරෙට තියෙනව මේ ඔක්කොම පහසුකම් තියෙන එකේ ලද අවස්ථාවෙන් උපරිම පොරෝජනේ ගන්න පමානොවී වැඩකරන්න හිතට ගතයුතු බව අභිනව යුවතිපතීන් පමණක් නොවෙයි මෙතෙක් කල් මේ ග්‍රන්ථයෙන් ප්‍රයෝජන නොගත් පරණ යුවතිපතීන් වුනත් කල්පනාවට ගන්න හොඳයි...
ඕං එහෙනං අදට මදැයි තවත් පල් හෑල්ලක් එක්ක ආයෙම හමුවෙමු.