මහගම සේකර කියන්නෙ මා ඉතා ආදරය කරන කලාකරුවෙක්.ඔහුගෙ කවි කීපයක් මගේ හිත අතීතයට රැගෙන ගියා.සේකර ශූරීන්ගෙ උපන් ගම රදාවාන,පසුකාලීනව ඔහු ගම්පහ පදිංචියට යනවා.දෙමාපියන් බලන්නට ඉඳහිට රදාවානට යෑම ඔහුගෙ සිරිතක්
මෙයින් කියවෙන්නෙ නිසැකයෙන්ම ඔහුගේ අත්දැකීමක්,ඒත් බලන්න මෙය අපේ හිත්වලටත් කොතරම් සමීපද කියල.
කලාතුරකින් දවසක ගමට යනවිට
අපේ ගමේඉස්කෝලය පෙනෙයි මට
සිංහල උලු සෙවිලි කළ ඒ වහල යට
සඟවා තිබේ මග ජීවිතයෙහි සතුට
ඈත අහස දෙස නිකමට දෑස හෙලා
කොලුවෙක් සිටී පංතිය කෙලවරට වෙලා
ගහ කොල කියන දෙය ඇසෙනා මුත් කනට
ගුරුතුමා කියන දෙය නෑසෙයි ඔහුට
ඔහුගේ මුහුණ හොඳහැටි නොපෙනුනත් මට
ඒ ඉන්නේ මා යයි සැක සිතෙයි මට