Wednesday, January 30, 2019

2019 අලුත් අවුරුද්ද ආරම්භ වූ හැටි.


අලුත් අවුරුද්දේ අලුතින් යමක් ලියාගන්න කියා දෙසැම්බර් මාසෙ ඉඳන්ම කුරුමානම් ඇල්ලුවත් අකුරක්වත් ලියැවුණේ නැත.  ඒත් කමක් නැහැ කියා ජනවාරි වල ලියන්න හිටියත් කම්මැලිකම හරහට හිටියේය.  ඊට පස්සේ පරිගණකයේ ඇතිවුණු තාක්ෂණික දෝෂයකි.  ඒක හදාගන්නත් දවස් ගණනක් ගතවිය.  ඉතින් ඔයින් මෙයින් සිදුවුණේ වෙනදා වගේ අලුත් අවුරුද්දට සුබ පතා පෝස්ටුවක් ලියාගන්නට බැරි වීමයි.  කොහොමත් දැන් බ්ලොග් පෝස්ට් කියවන අය කමෙන්ට් කරන අය හුඟක්ම අඩුය.  ඒ මදිවාට ලියන අයත් අඩුය.  අපි ලියන්න පටන්ගත්ත කාලේ ඉඳපු අයගෙන් බ්ලොගය යාවත්කාලීන වෙන්නේ කීපදෙනක්ගේ  පමණය.  අනික් අය ඔක්කොම වගේ ලිවීම නවත්තලාය.  ඒ නිසාම බ්ලොගය බුකියේ ගෘප් එකක් හැටියට දාමු කියා යෝජනා කළේ අටමාය.  කීමෙන් නොනැවතී දවසක් අපේ ගෙදර ආ අටමා ගෘප් එක හදා දුන්නේය. 

පහුගිය දවස්වල යාළුවන් කීපදෙනෙකුගේ  ගෙවල්වල යන්නට ද සුපුරුදු පරිදි අපි වේලාව සොයාගත්තෙමු.  ඒ ගෙවල් ටික නම් වශයෙන් කීවොත් අනික් ගුණේ ලගේ ගෙදරත්, ඩේවිඩ් ලගේ ගෙදරත්, රාණි ලාගේ ගෙදරත් ය.  ඊට අමතරව දානෙ ගෙදරක්ද, මඟුල් ගෙයක්ද තිබුණු නිසා මාස දෙකක් ගතවුණේ කාර්ය බහුලවය.  ඒවායේ විස්තර හෙමිහිට ලියන්නට සිතා සිටිමි.

සුද්දාද මේ දවස්වල බොහෝ කාර්ය බහුලවී සිටින්නේ ගේ කඩාගෙන අලුත්වැඩියාවක් කරන නිසාය.  සුද්දාගේ අන්නාසි කොටුවේ හැදෙන අන්නාසි ගැට ඔක්කොම ඉත්තෑවන් කා දමන නිසා ඌ ඉන්නේ ඒ ගැන හිත් අමාරුවෙනි.    ඉත්තෑවන්ට බැනවදින සුද්දා උන් අල්ලන්නට උගුල් අටවන බව කියා ඉත්තෑ මස් කන්නට බලාපොරොත්තුවෙන් ඉන්නට කීවත් තවම ඉත්තෑ මස් ලැබුණේ නම් නැත.

ඉතින් මේ මාසයට පෝස්ටුවක් දමන්නට අවශ්‍යම නිසා කඩිනමින් මේ ටික ලීවෙමි.  කතා ටික ඔක්කොම ලබන මාසයේ සිට පිළිවෙලට ලියන්නට සිතා සිටින බැවින් පෝස්ටුව කෙටි වීම ගැන සමාව බාජනයකට දමා දෙන ලෙස ඉලා සිටිමි෴ 

52 comments:

  1. Replies
    1. මේ බ්ලොග් වලට ගේම දුන්නේ අර අටමා කියන බ්ලොග් බ්‍රෂ්ඨයාය. මෙකා ඔක්කොම බ්ලොග් කාරයො උගේ ෆෙස් බුක් පේජ් එකට අද්දවාගෙන බ්ලොග් බංකොලොත් කලේය

      Delete
  2. ඉත්තෑ මස් කෑවාම ඒ ගැනත් ලියහන් හැලපයියේ.කියවන්න දෙයක් නැතුව අපි ඉන්නෙත් හරි කම්මැලිකමේ.

    ReplyDelete
    Replies
    1. මල්ලි ලොලිපොප් කන්න ආසා නැද්ද? ලොලිපොප්?

      Delete
    2. ලියන්නං, ලියන්නං. වැඩි කල් යන්නේ නෑ.

      Delete
  3. කම්මැලිකම ඇරලා මොනවහරි ලියන්න.

    ReplyDelete
    Replies
    1. වෙන මොකුත් අරින්න එපාද කුමාර?

      Delete
    2. ඔව් දැන් කම්මැලිකමේ ඉඳල බෑ. යමක් ලියන්න ඕනෑ.

      Delete
  4. සුබ නව වසරක් වේවා අයියේ !

    ReplyDelete
    Replies
    1. මල්ලි සමලිංගිකද?

      Delete
    2. ඕක අමුතුවෙන් අහන්න දෙයක්ද ඇනෝ, මෑන්ස්ගේ මුණ දැක්කම පේනවනි ඒක.

      Delete
    3. සුබ නව වසරක් ඔබටත් කලන!!

      Delete
  5. ඇයි මනුස්සයො කොමෙන්ට් කරන්න මේ අපි ඉන්නෙ. ඉත්තැමස් හම්බවෙනකල් බලං ඉන්නෙ නැතුව මේක ලිවුවනං නරකද.

    Praසන්ன

    ReplyDelete
    Replies
    1. උඹ වගේ කීප දෙනෙක් විතරයි බං කම්මැලි නැතුව කමෙන්ට් එකක්වත් දාන්නෙ. මොකෝ ප්‍රොපයිල් වැඩ කරන්නෙ නැතිද?

      Delete
    2. මැසිම ෆෝමැට් කළාට පස්සෙ ගූ ගලය ලොග් වෙන්න දුන් නෑ. දැං හරි.

      Delete
  6. අඩේ!!! බුකියට වඩා මෙතන හොදයි!!! බුකියේ අටමංගල්ල ඔක්කොම අස්සේ බ්ලොග් කියවන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලිට එහෙ කවුරුත් අසැබි ක්‍රියාකාරකමක්වත් කරාද?

      Delete
    2. බුකිය ඉතිං තාවකාලික තැන නොවැ.

      Delete
  7. හලෝ හැලපෙ,

    මාත් සැරින් සැරින් අපේ මාතලන්ගේ සින්ඩියට ඇවිත් බලනවා. ඒත් දැන් ගොඩක් බ්ලොග් වල ලිපි පලවෙන්නෙම නැහැ නේද? රාජ් එහෙම නං දැක්කෙම නෑ මාස ගානකින්. මාතලන් නං මාසයකට දෙකකට සැරයක් ලිපියක් දානවා.

    ඉතිං හැලපෙ මං ඒ පාර අපේ හැලපෙ බ්ලොග් එකේ මුල ඉදං ලිපි ටික ආයේ කියවගෙන එනවා මේ දවස් වල. දවසට ලිපි දෙක තුනක් බලනවා. දැන් 2015 අවුරුද්දේ මැද හරියේ වගේ හැලපෙ ලියපු බලාගෙන එන්නේ.එක දිගටම ලියාගෙන එනකොට කම්මැලි හිතෙනවද හැලපෙ?

    මොකක්ද හැලපෙ පේස්බුක් එකේ හැදුව පිටුව? ඒත් මට එකේ ගිණුමක් නැහැ නොවැ. හැලපෙලා එකේ ලියනවා නං මාත් එකක් හදා ගන්නං.

    ඉතිං හැලපෙ මේ ටිකේ නං හරි රස්නේ නිසා මං හැන්දෑවට ගෙදර ඇවිත් හොදට සීතල වතුර ටිකක් නලා කරලා දැන් මේ සීතල බියර් බෝතල් දෙකක් බොන ගමන්. මං ඒ ගමන නිකමට වගේ අපේ මාතලන්ගේ සින්ඩියට ආවම මෙන්න හැලපෙ පොස්ට් එකක් දාලා. සන්තෝසේ වැඩි කමට මම ගොලිප් එකකුත් පත්තු කරගත්තා හැලපෙ.

    අපේ ජයේ අයියගේ පොට් එකත් දැන් වෙනින් කට්ටියක් කරන්නේ හැලපෙ. මම දවසක් දෙකක් එතෙන්ට ගියා. ඒත් කලින් තිබ්බ සුන්දර,පරණ ගතිය එතන නෑ හැලපෙ. එතන දැන් මට ලොකු වැඩි. මම ඒ නිසා දැන් දවල් කෑමට කලින් කාලක් අරං ඔපිස්‌ එකේ ඉදන්ම තමයි මේ ටිකේ ගැහැව්වේ.

    ඉතිං හැලපෙ මම දැන් පොටෝ එකකුත් ගත්තා අපේ හැලපෙලට බලා ගන්න. මෙන්න පොටෝ එක.

    එහෙනං ආයේ එන්නංකො..

    ReplyDelete
    Replies
    1. ඇනෝ බොහොම කාලෙකිං, දකින්නත් ආසයි. මම කිව්වෙත් අපේ ලියන කස්ටිය නොලියන එක ගැන තමයි. දිගටම ලියනකොටත් කම්මැලි හිතෙනවා වගේම හරිහමන් ප්‍රතිචාර නැතුවාම ලියන්න කම්මැලියි.
      අර ඇනෝ කියපු කතාව නං හරියටම හරි. ඔය අපට පුරුදු පරණ තැන් අලුත් කරල ලස්සන කරල පොෂ් ගතියට තියෙන කොට ඒකෙ ඇති සුන්දරකම නැති වෙනවා. මටත් එහෙම බොහෝ තැන් ගැන දැනිල තියෙනවා.

      Delete
  8. වැලිමඩ-කොළඹ(79) ගලහාගම හරහා බස් සේවය. වැලිමඩ නගරයෙන් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.

    ඌමා ඇල හන්දියට ලගාවීම රාත්‍රී 12:30

    මැදවෙල හන්දියට ලගාවීම රාත්‍රී 12:45

    නුවරඑළියෙන් නගරයෙන් පිටත් වීම අළුයම 1:30

    තේපානය සදහා තවලම්තැන්න හන්දියේ නැවැත්වීම අළුයම 2:30

    කොළඹට නගරයට ලගා වීම උදැසන 6:30

    කලින් ආසන වෙන් කරවා ගත හැක.

    ( RAD බස් කොම්පැනිය-රාජගිරිය )

    ...........

    කොළඹ-වැලිමඩ(79) කැප්පෙටිපොළ හරහා බස් සේවය. කොළඹ නගරයෙන් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.

    සියළුම ආසන කලින් වෙන්කරවා ගත යුතුය.

    තේ පානය සදහා පේරාදෙණිය කිට්ටු කර නවතනු ලැබේ.

    උදැසන 6:30 වන විට වැලිමඩ නගරයට ලගාවනු ලැබේ.

    (ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය- කැප්පෙටිපොළ ප්‍රාදේශීකය)

    ReplyDelete
    Replies
    1. කාල සටහන දැම්මට ස්තුතියි ඇනෝ.

      Delete
  9. හැලප අය්යේ දිගටම ලියන්න . ඔබේ කතාවල ඉතිරි කොටස් ටික පලවෙනකම් බලන් ඉන්නෙ කියවන්න .

    ReplyDelete
    Replies
    1. හා මල්ලි. හවස් වෙලා එන්නකෝ.

      Delete
    2. ඉතිරි කොටස් ඉක්මනින්ම ලියන්නට සිතා සිටිමි.

      Delete
  10. ඒ දවස්වල පැල්බැඳන් බ්ලොග් ලියපු කට්ටිය දැන් වැඩිය පේන්න නෑ තමා. ඉඳල හිටල හොම්බ දාලා බැලුවම තමා වැඩියමත් පාළුගතිය දැනෙන්නෙ.

    හැලපයිය වෙනද ලියන මාගල්වල හැටියට මේක හැරෙන්නත් මදිනෙව.

    ReplyDelete
    Replies
    1. මදි මදි ඒක කියන්නත් දෙයක්ද. ලියන්න යමක් තිබුණත් ලියැවුණේ නැති හින්දයි කෙටියට යමක් ලිව්වේ. ඉස්සරහට මාගල් ලියමු.

      Delete
  11. අටමා දැන් බ්ලොග් ලියන්නේ නෑ. ලියන උන්ව බුකියට ඇදලා දානවා සකරබර්ග්ට කඩේ යනවා.

    ReplyDelete
  12. ඒ කාලේ රංග අසේල වගේ සොෆ්ට්වෙයාර් කප්පිත්තෝ පටන් ගත්තු බ්ලොග් ලිවිල්ලට ගිය කලක්.
    අටමා වගේ මහන මැසින් හදන බාස්ලා තමයි දැන් බ්ලොග් එකක් හදා ගන්න විදිය, ෆේස්බුක් පේජස් හදාගන්න විදිය ගැන උපදෙස් දෙන්න ඉන්නේ. මැණික් යට යන්නේ, ගොම රිටි උඩ එන්නේ..

    ReplyDelete
  13. ඉත්තෑ මස් කන්න කලින් මෙිකට මෙනව හරි ලිවිවා නමි හොදයි...දෑන් කවිරැටත් ලියන්නේ නෑ...ලියන එවිවොත් ලියන්නේ නැ...

    ReplyDelete
    Replies
    1. ලියන්නං. ලියන උන් අඩු එක ගැන තමයි මමත් කිව්වෙ. පරණ උන් මෙලෝදෙයක් ලියන්නෙ නෑනෙ.

      Delete
  14. ඉත්තෑ මස් කනවා නං හොදට දන්නා කියන කෙනෙක්ට කියලා උයා ගන්න. නැත්තං ගස්වල කොල රහක් එන්න බලනවා.

    කොහොම උනත් වල් ඌරූ මස්, මොනර මස්, ඉත්තෑ මස් වගේ එව්වා ආහාරයට ගන්න තියෙන තහංචි ටිකක් ලිහිල් වෙන්න ඕනා. මොකද දැන් ගම් වල විතරක් නෙමේ, නගර බද පවා මේ සතුන් බෝ වෙලා සියලුම වගාවන් විනාශ කර දමනවා. ඒ නිසා යම්කිසි කාලයකට වත් මේ සතුන් දඩයම් කරන්න ඉඩ දෙන්න ඕනා. ගොඩක් රටවල එහෙම කරනවා. ඔස්ට්‍රේලියවේ උනත් වසරකට කැන්ගරු සතුන් දහස් ගණනක් මරා දමනවනි උන්ගේ බෝවීම පාලනය කරලා, උන්ගේ වගේම අනික් සතුන්ගේත් පැවැත්ම තහවුරු කරන්න.

    කොහොම උනත් ඊයේ පෙරේදා ලංකාදීප පත්තරේ නිවුස් එකක් දාලා තිබ්බා වල් ඌරන් දඩයම් කරොත් ඒක වරදක් නිසා දඩුවම් ලැබෙන බව. වනජීවී එකෙන් එහෙම කියලා තියෙන්නේ.

    වගාවට හානි කරන්න ආපු වල්ඌරෙක්ව මරා දාන්න පුළුවන් උනත්, ඒ ඌර මරා දැම්මේ වගාවට හානි කරන්න ආපු බවට ඔප්පු කරේ නැත්තං දඩුවම් දෙනවලු.
    ..

    ඉන්දික හේවාවිතාරණ

    වල් ඌරන් සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය වී නොමැති බැවින් වල් ඌරන් ඝාතනය, මස් අලෙවි කිරීම හා විකිණීමට ප්‍රදර්ශනය කිරීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කරති.

    වගාවලට හානි සිදු කරන බැවින් වල් ඌරන් මැරීමට අවසර ලබාදෙන බවට පසුගිය කාලයේදී දේශපාලනඥයන් කිහිපදෙනෙකු ප්‍රකාශ කිරීම හේතුවෙන් වල් ඌරන් මරණයට පත්කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බවද එම දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

    වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනත අනුව වල් ඌරන් ආරක්‍ෂිත සතෙකු නොවුණද, වනජීවීන් ඝාතනය, මස් අලෙවි කිරීම, අලෙවි කිරීමට ප්‍රදර්ශනය කිරීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බවද වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

    ලංකාවේ පවතින නීතියට අනුව ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට හෝ වගා ආරක්‍ෂා කිරීමට වල් ඌරෙකු මරණයට පත්කළ හැකි වුවද, ඒ පිළිබඳ තහවුරු කිරීමට හැකියාව තිබිය යුතු බවත්, එහෙත් මස් අලෙවි කිරීම, ප්‍රවාහනය හා අලෙවි කිරීමට ප්‍රදර්ශනය කිරීම දඬුවම් ලැබෙන වරදක් බවත් වනජීවී නිලධාරීහු පවසති.

    -Ada newspaper

    ReplyDelete
  15. අටන්පහුර
    කොටන්පහුර
    අපේ පහුර
    කක්කා පහුර..

    ReplyDelete
  16. කරුනු බොහෝ රැස් වේවා.
    බ්ලොග් ලිපි තව ලියවේවා
    නව වසරට සුභ වේවා
    ජය පිට ජය හිමිවේවා....
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මල්ලිගේ කවිය දැකි
      මට සරමේ රෙවුනි
      මෙවැනි ගොන් කවි
      ගූය දුමි පුති....

      Delete
    2. ස්තුතියි කවියට දුමී.

      Delete
  17. හැලපේ දවසට කී සැරයක් හස්ත සම්භෝගයේ නිරත වෙනවද?

    ReplyDelete
    Replies
    1. හැලපයා අහවල් එකකටද හස්ත කර්මාන්තයේ නිරත වන්නේ. හැලපයාට තරං කාන්තා ආකර්ෂණය තියෙන වෙන බ්ලොග්කරුවෙක් නෑ.

      හැලපේ බුරුස්‌ රැවුල වවලා, රතු පාටට බෝල ගෙඩිය වගේ ඉන්නකොට අපේ හිටපු ජානාධිපතිතුමාවගේ. හැලපේ දිහා බැලුවම ගෑනුන්ගේ යට තෙත්වෙන්නේ ආසාවට.

      ආයේ කිව්වම මොකෝ, හැලපගේ කුරුන්ගොයියා(චූ පැට්ටා) හින්දම හොදයි. ඕක යකඩින් හදලා තිබ්බා නං මෙලහකට ලුණු සිවියක් තරමට ගෙවිලා කාන්තා පාර්ශවේ ඕකෙන් අරං තියෙන වැඩවල හැටියට.

      Delete
    2. ඇනෝ කියන එක හරි. හැලපෙගේ තියෙන පෙනුම නිසා කාන්තාවක් ආකර්ෂණය වෙනවා ගොඩක්.

      අනික හැලප කියන්නේ සෑහෙන කාන්තාවන් පිරිසකගේ පහස ලබපු කෙනෙක්. ඒත් එච්චර කාන්තාවන් ගැන, රටේ ලෝකේ ගැන, සාහිත්‍ය,කලාව ගැන දන්නා මනුස්සයා කසාඳ බැන්දේ කිසිම ස්භාව සෞන්දර්යක්, කලාවක් රස විදින්න පුළුවන් කාන්තාවක් නෙමේ.

      හැලපගේ ජිවිතේ උන අඩුපාඩුව තමයි ඒක. ඇත්තෙන්ම මට හිතෙනවා හැලපේ වගේ සුන්දර මනුෂ්‍යයෙක්ට මීට වඩා සුන්දර කාන්තාවක් විවහා කරගන්න තිබ්බා කියලා.

      ආයේ තව පැත්තකින් හිතෙනවා හැලප එහෙම හැලපෙගේ ගතිගුණ වලට සමානම ගතිගුණ ඇති කාන්තාවක් විවාහ කරගත්තා නං එක්කෝ විවහා ජිවිතේ අවුල් කරගනියි කියලා. ඒක සරලව කියන්න බැහැ. ඒත් හැලපට මං කියන දේ වැටහෙනවා ඇති. හැලපගේ මෙම බිරිඳ නිසා හැලපගේ ජිවිතේ යම් පමණකින් විලංගු වැටුනත් ඒක උනේ හොදකට වෙන්නත් පුළුවන්. මොකද තිරිංග නැතිව වාහනයක් උනත් හරියට ධාවනය කරන්න බැහැනි. නැද්ද හැලපේ?

      Delete
    3. අනේ බං හස්ත සම්භෝගයේ නිරත වෙන්න තරම් අහේනියක් මට නෑ නොවැ.

      Delete
  18. අය්යෝ මදැ හැලප අය්යාගේ පොස්ට් එකක් බලන්න මාස දෙකක් දත මැදන් හිටියා .ආසාවෙන් මම බලන්නේ හැලපකඩේ /යාන්හැල්ල /සිරා ගේ කාමරේ /කට්ටනාඩුව /මට හිතෙන හැටි /මයිනාගේ කතා වගේ හිතට වදින බ්ලොග් කීපයක් විතරයි .එත් දැන් ඔක්කොම ලියන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ .සිරා ගේ කාමරේ වහලම දාල .මොකද අප්පා කට්ටියට වෙලා තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. තම්බි සිංහල වැල කතා බ්ලොග් එක බලන්නේ නැද්ද?

      Delete
    2. ඕක තමයි වැඩේ. ඉස්සර එකෙක් කාලයක් නොලිව්වත් අනික් අය දිගටම ලියන නිසා ඒ අඩුපාඩුව පේන්නෙ නෑ. දැන් එහෙම නෑ.

      Delete
  19. යකෝ අපේ හැලපෙට කමෙන්ට් වලට උත්තර ලියන්න වෙලාවක් නැති නිසා කුලියට ඇනෝ කෙනෙක් අරගෙනනේ. මචං ඇනෝ උඹට කීයක් ගෙවනවද හැලෙපෙ?

    ReplyDelete
  20. හැලපේ වැඩිපුර කැමති ජාතික පලදායිතා ඒකකයට බැඳිලා උදේ වරුවේ ළමයි ඉස්කෝලේ ගිහිලා, මිනිස්සු වැඩට ගිහිල්ලා කාන්තාවෝ විතරක් තනියෙම ඉන්න ගෙවල් වල පලදායිතාව මනින්න යන්නද නැත්තන් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට බැදිලා කාන්තාවෝ තනියෙම උදේ වරුවේ ඉන්න ගෙවල් වල ඩෙංගු චෙක් කරන්න යන්නද?

    ReplyDelete
    Replies
    1. දෙකටම එක වගේ ආසයි බං.

      Delete
  21. සුබ අලුත් අවුරුද්දක් වේවා
    විචාරක දිියණිය

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා දියණිය.

      Delete
  22. කමෙන්ට් නොකළත් අපිත් ඉඳහිට මේ අහ ඇවිත් යන්න එනවා. ලියමු දිගටම.

    මට නම් බ්ලොග් එපා වුනේ ඇනෝනිමස් පහසුකම වැරදියට යොදාගත්ත පොන්නයෝ නිසයි. (ඔය මෙතනත් එකෙක් රිරී යන්නෙ).

    ReplyDelete
    Replies
    1. සුමිත් බොහෝම කාලෙකිං. බලනව නං ලියන්න බැරියැ.

      Delete
  23. මෙහෙම හරි යමක් ලියන එක කොයිතරම් දෙයක්ද. FB ගෘප් එක හැදුවට මදි නිතර පොස්ට් දාන්නත් එපැයි !

    මට හිතෙනවා පෝය දවස් පන්නල ඉත්තෑ කතාවක් අහන්න ලැබෙයි කියල හිතනව :)

    ReplyDelete

ඔබේ අදහස්