අද ලියන්නට හදන කතාවේ ද ඩැනිස් හිටියත් මේ ඩැනිස් ගේ කතාවක් නොවේ වෙනත් කෙනෙක්ගේ කතාවයි. සුපුරුදු පරිදි මේ කතාවටද පසුබිම් වන්නේ සෑහෙන ඈත කාලයක අපි ගතකළ ජීවිතයයි. අනාදිමත් කාලයක් ගතවී තිබුණත් කිසිම මල කෑමක් නොමැතිව මේ කතා මගේ හිතේ සටහන් වී තිබෙන්නේ එකල අප ගතකළ ජීවිතයේ තිබු රසවත්කම නිසාමය. ඩැනිස් පොඩි මහින්ද ලාගේ ගෙදර ඉස්සරහ කාමරේ නවාතැන් ගෙන සිටි සමය අපි තරුණ අවදියේ ගතකළ සුන්දරම කාලය ලෙස සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත. කරන්නට වැඩකුත් නැතිව අතේ සතේ නැතිව අපතයන් ලෙස ඩැනිස්ගේ කාමරයට වී විනෝදයෙන් ගතකළ ඒ අවදියේ හත් අට දෙනෙකුගෙන් යුත් අපේ කොල්ලන් කණ්ඩායම ඩැනිස්ගේ කාමරය බදු අරගෙන වගේ දවසම කාමරයේ ගතකරද්දී කාමරයට තවත් නව සාමාජිකයෙක් එකතුවී සිටියේය. ඒ ගුරාය. නුවර දෙයියන්නේවෙල පදිංචිකරුවෙකු වූ ගුරා ටික දවසකින්ම ඩැනිස්ටත් වඩා අපට හිතවත් වුණේ ඒ වනවිට ගුරාද අපි වගේ අවිවාහකයෙක් වීම හේතුවෙනි. සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසිත් කතාකළ හැකි එකෙකු වූ ගුරා ඉතා චතුර ලෙස දෙමළ භාෂාවද හැසිරවිය. ඒ ඔහු පදිංචි වී සිටි ප්‍රදේශයේ විසූ මුස්ලිම් අයගේ ආශ්‍රය හේතුවෙනි. උගේ යහළුවන් වූ සිද්දික් හා මොහොමඩ් නිතරම ගුරා හමුවන්නට පැමිණ දින දෙක තුන කාමරයේ නැවතී සිටින බැවින් ඒ අයද ඉතා ඉක්මනින් අප සමග හිතවත් වූහ.
ඔය කාලයේ අපේ ප්‍රධාන විනෝදාංශය වී තිබුණේ චිත්‍රපටි නැරඹීමය. ටවුමේ චිත්‍රපටි හෝල් එකට එන හැම චිත්‍රපටියක්ම සිංහලද, ඉංග්‍රීසිද, දෙමළද, හින්දිද කියා වෙනසක් නොමැතිව බලන්නට යෑම කට්ටියගේ සිරිත විය. අතේ සතේ නැතිව සිටියත් චිත්‍රපටියක් බලන්නට නම් කෙසේ හෝ මුදල් සොයාගන්නට කවුරුත් සමත්කම් දැක්වුහ. ගෙදරින් චිත්‍රපටි බලන්නට සල්ලි නොලැබෙන විට හාල් ටිකක්, පොල් හෝ අන්නාසි ගෙඩි කීපයක් විකුට අවශ්‍ය මුදල් සොයාගතිමු. සල්ලි අතේ නැති එකෙකුට හෝ ගානට අඩුවෙන් මුදල් තියෙන එකෙකුට වැඩිපුර සල්ලි තියෙන එකෙක් අනුග්‍රහය දක්වයි. මේ අනවරත චිත්‍රපට නැරඹීම හේතුවෙන් අපට සිදුවූ එක යහපතක් වුණේ පසුකාලීනව හොඳ හා කබල් චිත්‍රපට වෙන් වශයෙන් හඳුනා ගැනීමට හැකිවීමයි. චිත්‍රපටයක් නැරඹු පසු ඒ චිත්‍රපටය එහෙම පිටින්ම පහුවදා ඩැනිස්ගේ කාමරයේ රඟ දැක්වීම සිරිතක් විය. ඒ වැඩට යන නිසා චිත්‍රපට බලන්නට නොලැබෙන ඩැනිස්ගේ හා ගුරාගේ වින්දනයටය. සිංහල චිත්‍රපටයක් නම් සම්පූර්ණ චිත්‍රපටය රඟ දක්වනු ලබන්නේ පැටියා විසිනි. චිත්‍රපටයේ දෙබස් කියමින් හා ගීත නිසි තැන්හි ගායනා කරමින් පැටියා චිත්‍රපටය අපූරුවට රඟපා පෙන්වයි. සමහර වෙලාවට අපේ චිත්‍රපට රඟ දැක්වීම නිසා කාමරයේ ඇතිවන කන් කරච්චලය ඉවසා ගනු නොහැකි ඩැනිස්
" පලයව් පලයව්, එළියට ගිහිං කරන මඟුලක් කරගනියව් මට ටිකක් නිදාගන්න දීලා." කියමින් අපව කාමරයෙන් පිටුවහල් කරයි.
කලින්දා බැලුවේ ක්‍රියාදාම සපිරි ඉංග්‍රීසි චිත්‍රපටයක් හෝ කව්බෝයි චිත්‍රපටයක් නම් චිත්‍රපටය රඟ දක්වන්නට නළුවන් බොහෝ වෙති. ගොපළු චරිත රඟ පෑ ක්ලින්ට් ඊස්ට්වුඩ්, රොජර් මුවර් වැනි නළුවන් අපේ ලෝකයේ වීරයන් වූ ඒ සමයේ කව්බෝයි චිත්‍රපටයක් නරඹා දින කීපයක් ගතවෙන තුරු අපි පාරේ යන්නේ පවා සිතින් මවාගත් ගිනි අවියක් ඉණේ රඳවාගෙනය. සතුරෙකු දුටු සැණින් වෙඩි තැබීම එහි අරමුණයි. සතුරන් නොමැතිවූ හෙයින් ඉදිරියට පැමිණෙන මිතුරෙකුට හෝ එක්වනම වෙඩි තැබීමට අපි පසුබට නොවීමු. කාලය වේගයෙන් ගෙවී යද්දී එක්කෙනෙක් දෙන්නෙක් රස්සාවල් හොයාගෙන සිටි බැවින් රස්තියාදු ගහන්නට කාලය නොතිබුණත් තවත් හත් අට දෙනෙක් කණ්ඩායමේ ඉතිරිවී සිටියහ.
සේන අපේ කණ්ඩායමට එකතු වෙන්නේ ඔන්න ඔය කාලයේදීය. අපේ ගමේ කොල්ලෙක් වුණත් සේන පොඩි කාලයේ සිටම සිටියේ ගමෙන් පිටය. පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගමෙන් පිට ගොස් වත්තල පැත්තේ මන්ත්‍රී වරයෙකුගේ ළඟ සෑහෙන කාලයක් වැඩ කළ සේන ඡන්දයෙන් මන්ත්‍රීට ආසනය අහිමි වූවායින් පසුව තවත් රස්සාවල් දෙක තුනක් කරමින් සිට ඒ කාලය වන විට මොකුත් නැතිව ගමට ඇවිත් සිටියේය. ටිකින් ටික අපේ ඇසුරට වැටුණු සේනයා පුරාජේරු කතාවෙහි ගජ සමතෙකි. තමන් කිසිසේත් සම්බන්ධ නොවූ ලොකු ලොකු වැඩ ඌ කළා යයි අල්ලේ පැල කර කියමින් ද අඳුනන ලොකු ලොකු අය ලවා ඔනෑම වැඩක් කරදෙන්නට ඌට හැකිය කියමින්ද රස්තියාදු වෙමින් කාලය ගත කළ සේන අපිත් එක්ක කීවේ ඌ අහිංසක කලාකරුවෙක් බවය. සේනයා දන්නා වෙන කලාවක් නැති වුණත් ගොක් කොළ කලාවෙහිදී ඌ විශිෂ්ටයෙකි. ගමේ මඟුලක් හෝ පිරිතක් ඇති සෑම අවස්ථාවකදීම පෝරුව ගහන්නටත්, පිරිත් මණ්ඩප්පය සරසන්නටත් සේන නැතිවම බැරි චරිතයක් විය. සේනයා ජිනාත් එක්ක කරාටි ගැසූ පේමයා ගේ බාල සහෝදරයෙක් නිසා අපේ කණ්ඩායමට එකතු වෙන්නට ඔහුට වෙනත් චරිත සහතික අවශ්‍ය නොවීය.
චිත්‍රපට නළුවෙක් වීම සේනගේ එකම සිහිනය සිහිනය වූ අතර ටෙලිනාට්‍ය තබා රුපවාහිනිය වත් ලංකාවට හඳුන්වා දී නොතිබූ ඒ කාලයේ සේනයාට නළුවෙක් වීම සිහිනයක්ම විය. නළුවෙක් වෙන්නට ඇත්නම් සේනයා නොකරන දෙයක් නැති තරම්ය. උගේ මේ සිහිනය හොඳින් අධ්‍යයනය කළ ගුරා තේරුම් ගත්තේ චිත්‍රපටි කලාව මුලට තබා ගත් විට සේනයා ඇන්දිය හැකි බවය. දවසක් සේනට කතාකළ ගුරා කීවේ උගේ යාලුවෙක් වූ සිද්දික් චිත්‍රපටි නිෂ්පාදකයින් හා අධ්යක්ෂ වරුන් හොඳින් දන්නා කියන එකෙක් නිසා ඒ මාර්ගයෙන් සේනට චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාවක් ලබාදෙන්නට තමන්ට හැකි බවයි. නමුත් ඊට පෙර සේනට ඇත්තටම රඟපාන්නට පුලුවන්ද යන්න සොයා බැලිය යුතු බව කී ගුරා තමන් ඉදිරියේ චිත්‍රපට කොටස් රඟපා දැක්වීමට සේනයාට යෝජනා කළේය. ඊට පසු ගුරා කාමරයේ සිටි හැම දිනෙකම සේනගේ රඟපෑම් අපි සියල්ලන්ටම බලා ගත හැකි විය.
දවසක්දා සේන අපි සියලු දෙනාම ඉදිරියේ 'පැන පැන එන සඳේ' ගීතය ගයමින් නැටුම ඉදිරිපත් කළේ ගුරාට පෙනෙන්නටය. මට මතක තියෙන ආකාරයට චිත්‍රපටයේ එම නැටුම ඉදිරිපත් කළේ සුමනා අමරසිංහය. සේන ඇය නැටු ආකාරයටම දෑත් එකට තබා ඉණේ ඒ පැත්තටත් මේ පැත්තටත් තබමින් කාමරයේ සිට නටාගෙන එළියට එනවිට කුස්සියේ සිට සාලය පසුකර එළියට යන්නට ආ පොඩි මහින්දලාගේ අම්මාගේ ඇඟේ හැපුනි. පොඩි මහින්දලාගේ අම්මා කෝපි ඇට වනක් කොටාගෙන කුල්ලක දා ඉණේ තබාගෙන එළියට යන්නට ගියේ කෝපි ටික අව්වේ වේලෙන්නට දමන්නටය. සේනයා නටාගෙන ඇවිත් ඇඟට පැනීම හේතුවෙන් කුල්ල බිම වැටී කෝපි ටික බිම විසිරී ගියේය.
" මගෙ ඇඟට පැන්නෙ මූට මදන යකා ගහල ද" කියමින් පොඩි මහින්දලගෙ අම්මා සේනයාට දෙස් දෙවොල් තබන්ට වූ අතර ඌට සිදුවුණේ නැටුම පැත්තක තබා කෝපි ඇට අහුලා දීමටය. අපි කාමරයට වී ඇතිවෙන්නට සිනාසුනෙමු.
තවත් දවසක කව්බෝයි චිත්‍රපටියක කෑල්ලක් රූපගත කරන්නට ගුරා යෝජනා කළේය. සේන ප්‍රධාන චරිතය වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් ය. දැන් සේනයාව කව්බෝයි කෙනෙකුට ඇන්දිය යුතුවිය. දෙන්නාම එකම උස මහත නිසා ගුරාගේ කලිසමකුත් කමිසයකුත් සේනට හරියටම හරිගියේය. ඩෙනිම් ජැකට් එකක් අන්දවා පළල් පටියක් ඉණට දමා පොඩි මහින්දගේ සෙල්ලම් පිස්තෝලයකුත් පටියේ එල්ලූ අතර කව්බෝයිට තොප්පියකුත් අවශ්‍යමය. ඩැනිස්ට සුද්දෙක් දීපු ලස්සන දුඹුරු පාට තොප්පියක් ඔහුගේ පෙට්ටියේ විය. එයත් අරගෙන සේනගේ හිසට දමා සුපිරිම කව්බෝයි කෙනෙක් හැටියට සේනව හැඩ ගන්වන ලදී. චිත්‍රපටයේ අධ්යක්ෂ වරයා වූ ගුරා සේනට දර්ශනය විස්තර කර කිව යුතු ඉංග්‍රීසි දෙබස් ද කියා දුන්නේය.
දර්ශනයේ හැටියට අස්සයා පිටේ ඇවිත් බහින කව්බෝයි අස්සයා පොඩි මහින්දලගෙ මිදුලේ ඇති අඹ ගහේ ගැට ගසයි. ඊට පසු ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එතනට එන්නේ කව්බෝයිව හමුවී එක්කරගෙන යන්නටය. මිතුරන් දෙදෙනා සමග වචන කීපයක් හුවමාරු කරගන්නා කව්බෝයි ඔවුන් දෙදෙනා සමග පිටත්ව යයි. දරශනය එහෙමය. අධ්යක්ෂ ගුරා 'ඇක්ෂන්' කීමත් සමගම දර්ශනය රූගත කිරීම ආරම්භ විය. සේන පාරේ සිට අස්ප ගමන ආරම්භ කර පොඩි මහින්දලාගේ මිදුලට ඇවිත් අස්පයාගෙන් බැස අස්පයා අඹ ගහේ ගැට ගැහුවේය. වටපිට බලනවිට එතැනට ආවේ ඔහුගේ සහචරයන් දෙදෙනෙකි. සහචරයන් දෙදෙනා කිට්ටුවන විටම ඉණේ තිබූ පිස්තෝලය ඇදගත් සේනයා ඩිෂුම් ඩිෂුම් කියා උන් දෙන්නාටම වෙඩි තබා පිස්තෝලයේ බටයෙන් පිටවන දුමට කටින් පිඹ ආපහු පිස්තෝලය ඉණේ ගසාගත්තේය.
" කට් කට්, කෑවා කෑවා, යාළුවො දෙන්නට වෙඩි තිබ්බෙ මොන මඟුලකටද? " අධ්යක්ෂ ගුරා කේන්තියෙන් මෙන් කෑ ගැසුවේ පුපුරන්නට තතනන සිනහව ආයාසයෙන් නතර කර ගනිමිනි. අපි කට්ටියම හූ කියමින් සිනාසෙන්නට වීම නිසා රූපගත කිරීම එතැනින් නවත්වන්නට සිදුවිය. දර්ශනයේ දී කියන්නට ගුරා උගන්වා තිබු ඉංග්‍රීසි වාක්‍යය ඌට අමතකව ගොස් තිබිණි. වෙනත් මොකුත් කියන්නටත් නොහැක්කේ සේනයා ඉංග්‍රීසි මළපොතේ අකුරක්වත් නොදන්නා නිසාය. සහචරයන් කතාකළොත් තමන් නෝන්ඩි වෙන නිසා කළින්ම උන් දෙන්නාට වෙඩි තබා දැමු බව සේන මට පසුව කියා සිටියේය.
ගෙදර වැඩත් කඩේ වැඩත් ආදී සියල්ලම තනියෙන් කරගන්නට පොඩි මහින්දලාගේ අම්මාට තිබු අපහසුතාව නිසා උදව්වට පොඩි මහින්දලාගේ අම්මාගේ මල්ලීගේ දුවෙක් ඇය ගෙදරට ගෙන්වාගත්තේ මේ අතරතුරේදීය. ලාලනී නම්වූ ඇය උස රතු ලස්සන කෙල්ලෙකි. ඉතා කඩිසරව ගෙදර වැඩත් වත්ත පිටියේ වැඩත් කරන ලාලනී ගේ පැමිණීම නිසා පොඩි මහින්දලාගේ අම්මාගේ වැඩ කන්ද බාගෙකින්ම අඩුවිය. ඇවිත් ටික දවසකින්ම ලාලනී උදේට උදේට හදා කඩේ තැබූ පොල් රොටී කඩේට තේ බොන්නට එන අය අතර බෙහෙවින් ජනප්‍රිය විය. මේ නිසාම අපි කට්ටිය රොටියා කියා ඇයට නම් තැබුවෙමු. ඒ නමට රොටියාගේද අකැමැත්තක් නොවූ අතර අලුත් නම ඇය පිළිගත්තේ සුපුරුදු පරිදි මඳ සිනහවකිනි.
අනික් අය මෙන් නොව ආ දා පටන්ම සේන රොටියා ගැන බොහෝ උනන්දු විය. හැමදාම උදේට වෙන කාටත් පෙර පොඩි මහින්දලාගේ ගෙදරට වාර්තා කරන සේන නිතරම සිටියේ රොටියා පේන මානයේය. පොඩි මහින්දලාගේ ගෙයි ඉස්තෝප්පුවේ තිබුණු කොට තාප්පය උඩ අපි කට්ටිය පාරට මුහුණ ලා වාඩි වෙද්දී සේනයා ගෙට මුහුණ ලා වාඩි වෙන්නට වග බලා ගත්තේය. ටික දවසක් මේ විදියට කොකම් පාමින් සේන උත්සාහ කළේ කෙසේ හෝ රොටියා එක්ක හුටපටයක් පටන් ගන්නට ය. කකුල් අමාරුව නිසා පොඩි මහින්දලාගේ අම්මා ඇඳට ගිහිං නිදියද්දී තනියම කුස්සියේ වැඩ කරන රොටියාට උදව් කළේ සේනයාය. රොටියාද ළූණු ටිකක් සුද්ද කරගන්නට, පොල් ගෙඩියක් ලෙලි ගසා ගන්නට සේනගෙන් ලැබුණු උදව්ව ප්‍රතික්ෂේප කළේ නැත. මෙහෙම වැඩ කර දෙන ගමන් සේනයා දෙන නැව් ටෝක් වලට මුගේ කපටිකම් දන්නේ නැති කෙල්ලද ටික ටික රැවටුනාය. ටික දවසකින්ම රොටියා සේනගේ පෙම්වතිය බවට පත්වුණේ කාටත් හොර රහසේය. ඒ කාලයේ සේනයා දවසෙන් වැඩි කොටසක් පොඩි මහින්දලාගේ ගදර ගත කළ අතර කෙනෙකුට ඌව හොයාගන්නට නම් උන්ගේ ගෙදර නොව පොඩි මහින්දලාගේ ගෙදර යායුතු විය. දවල් දවසේ රොටියාට ආදර බස් කියමින් ඇගේ වටේ කැරකෙමින් ඉන්නා සේනයා හවස් කල අඳුරට මුවාවී පොඩි මහින්දලාගේ ගේ පිටුපස ඇති දෙහි ගහ යටටවී රොටියාත් එක්ක හාදු හුවමාරු කරගන්නට පුරුදු විය.
මේ විදියට මාස කීපයක් ගෙවී යද්දී සේන නිතරම කතාකරන්නට වුණේ රස්සාවක් හොයාගෙන කීයක් හරි හම්බ කර ගැනීම ගැනය. රස්සාවක් හොයාගන්නට එතෙක් කල් තිබුණේ නැති උනන්දුවක් සේනට හදිසියේ ඇතිවීම පිටුපස රොටියාගේ බලකිරීමක් තිබෙන්නට ඇතැයි මට නිකමට වගේ සිතුණි. සේනයාත් එක්ක ආදර බස් මුමුණමින් ඉන්නා අතරේ ඇය සමහර විට " හැමදාම මේ විදියට රස්තියාදු වෙවී ඉඳල හරියයිද? අනාගතේ ගැන බලන්නත් එපායැ, ඔයා ඒ ගැන ටිකක් කල්පනා කරන්නැ"යි කියන්නට ඇත. කොහොමින් කොහොමින් හරි රොටියාගේ ඉල්ලීම පලදරා සේන සල්ලි හම්බ කරන්නට වැඩක් හොයාගන්නට සමත් විය. සේන හොයාගත් වැඩේ වුණේ ගඩොල් කැපිල්ලය. අපේ ගමේ ගඩොල් බාස් ලා කීප දෙනෙක් සමග සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියකට යන්නට නියමිත විය. යන්නේ ගඩොල් කපන්නට වුණත් සේන රොටියාට කීවේ ඌ ඇලහැර මැණික් ගරන්නට යනවා කියාය. ගඩොල් කැපිල්ලට වඩා මැණික් ගැරිල්ල ටිකක් පොෂ් බව සේනයා සිතන්නට ඇත. ඉතින් සේනයා සිය ආදරවන්තිය වූ රොටියාටද ආදර බස් කියා සිප සනසා කුඹුක්ගැටේ ගඩොල් වාඩියට පිටත්ව ගිය අතර රොටියාද ඇඬු කඳුළින් සේනයාට සමුදුන්නේ ඌ යන්නේ දෙන්නාගේ අනාගතය ගැන සිතා නොවේදැයි සිත සනසාගෙනය෴
( සේනගේ කතාව තව ටිකක් ලියන්නට ඇතත් පෝස්ටුව දිග වැඩිවන නිසා තවත් කොටසකින් හමුවෙමු)
මේ වගේ බ්ලොග් වල කතා ඇමිණෙන හැටි හොයන්න වෙනම කමිටු දාන්න ඕනේ! යකෝ එක කියෙව්වා.. මේක කියෙව්වා.. ඊට පස්සේ අරක ටිකක් කිව්වා. පිස්සු බම්ප් වෙනවා!
ReplyDeleteඒක නේන්නං, මටත් පිස්සු බම්ප් වෙනව බං.
Deleteමගේ ජීවිතෙත් මෙහෙම කාලයක් තිබුණා බං. චිත්‍රපටි, නාට්‍ය, සල්පිල් මේවා අතෑරියේ නෑ. අතේ සතේ නැතත් ඒ කාලේ හිතේ සන්තෝසේ තිබුණා.
ReplyDeleteඅපිත් අතේ සතේ නැතුව හරි ඔය එකක්වත් අත ඇරියේ නැහැ. හරිම සුන්දර යුගයක්.
Deleteඅරූ යාලුවො දෙන්නට වෙඩි තියල කරල තියෙන්නෙ මොලේ ඇති වැඩක් බලාගෙන යනකොට. හැක්..
ReplyDeleteසේනය ආපහු එනකොට ඔතන හිටපු අපතයො ටික රොටියහ යහතිං තියල තිබ්බොත් පුදුමයි.
දැං මේකෙ ඊගාව කෑල්ල එන්නෙ අවුරුදු කීයකින් විතරද?
ඊගාව කෑල්ල ඉක්මනට දෙන්නම්.
Deleteඑල එල ඔය තියෙන්නෙ හැලප
ReplyDeleteඔව් ඔව් තව තව රස හැලප ඉස්සරහට.
Deleteරොක් හඩ්සන්, ලී මාර්වින්, චාර්ල්ස් බ්‍රොන්සන්...........................
ReplyDeleteජෝන් වේන්, රෝයි රොජර්ස්, ඇලන් ලෑඩ්, ගැරී කූපර්, බෙන් ජොන්සන්............
Deleteසුද්දා , ඩැනිස් මෙන්ම සේනද එකල ආතල් කෝටියක් දෙන්නට ඇතැයි ආටියාට හිතෙනවා ය . ඌ ඇලහැර මැණික් ගරන්නට යනවා කියා කුඹුක්ගැටේ ගඩොල් වාඩියකට යාමත් හරියට බරවාහන රියදුරු කියා බැලින්නම් විල්බරෝ එලවන රස්සාවට කරපු මම අහපු කථාවක් වගේ ය .
ReplyDeleteසේනද බොහෝ ආතල් දී දැන් නිහඬව සිටින එකෙක්ය.
Deleteකියවන්න වෙලාවක් නෑ. හිත හදාගෙන හෙට කියවමු
ReplyDeleteකියවල ඉවර ද?
Deleteරොටියාගෙ ප්‍රේමය සාර්ථක වුණාද?
ReplyDeleteඊළඟ කොටසෙන් දැනගන්න.
Deleteඉතිරි කොටසත් ඉක්මනටම .....
ReplyDeleteඉකමනටම දෙමි.
DeleteMachang, Is this real life stories? (I am new to your blog)
ReplyDeleteනැතුව නැතුව....
Deleteහෙණ ගහන ඇත්ත....
heh
Deleteහෙණ ගහනවා, ගල් පැලෙනවා
අපොයි ඔව්, අමූලික ඇත්ත.
Deleteවැඩ එක්ක කියවන්ඩ පරක්කු උනානෙ....
ReplyDeleteවටේම පටලලානෙ බොළ මාමෙ ලියලා තියෙන්නේ......
සේනයා යනකං ඉඳලා වෙන එකෙක් රොටියට සොට් එක දුන්නා නෙහ් ?
වටේම පටලැවිලි ඊළඟ කොටසින් ලිහෙයි.
Deleteකව්බෝයි සේන නියම ඩයල් එකක් නේ හැලපයියේ.පොතක් අච්චු ගහන්න තරම් කතන්දර උඹට තියෙනවා නේ බං.
ReplyDeleteඑක පොතක් නෙවෙයි පොත් කීපයක් අච්චු ගහන්න කතන්දර තියෙයි.
Deleteඑදා දිනෙක යහලුවො හැම එක්වීලා
ReplyDeleteහොදා කියා හැම සිනමා පට බලලා
මෙදා චිත්‍රපටි ශාලා පිරිහීලා
එදා තිබුනු නිදහස දැන් නැවතීලා...
ජයවේවා!!!
ඇත්ත තමයි, හෝල් එකක චිත්‍රපටියක් දැන් බැලෙන්නෙම නෑනෙ.
Deleteඉක්මනටම ඊළඟ කොටසත් දෙන්න.
ReplyDeleteපැන පැන එන සඳේ- ගීය තිබුණේ ජෝ දේව් ආනන්ද්ගෙ 'ගීතා' ෆිල්ම් එකේ කියලයි මට මතක. මට මතක විදියට නම් එක ජෝගේ පළමු අධ්‍යක්ෂණය. ඒකේ ප්‍රධාන නිළිය ජානකී කුරුකුලසූරිය.(ජීවරානිගේ දෙවැනි නංගි.)
මතක් කර දීම ගැන ස්තුතියි.
Deleteඉතිරියත් ඉක්මණින් දාන්න...
ReplyDeleteඉක්මනින්ම දමමි.
Delete"ආාා කව්බෝයි අයියාාා" කියල පාට් එකක් මතක් උනා. මොකක් හරි ඕඩියෝ එකක් තිබුණා, කොල්ලො කට්ටියක් බොන ගමං එකෙක් කතන්දර කියනව, රෙකෝඩ් කරල.
ReplyDeleteඔය කාලෙ නම් අපට රෙකෝඩ් කරන එක හීනයක් විතරයි. ඇත්තට දැන් වගේ තිබුණ නම් මොන තරම් ආතල් සීන් රෙකෝඩ් කරගන්න තිබ්බද.
Deleteබලමු සේනය ගොඩ යයිද කියල ?
ReplyDelete