අවුරුද්දකට වරක් මහාබෝධියේ පැවැත්වෙන ලොකුම උත්සවය වූ වෙසක් මංගල්‍යය ඒ අවුරුද්දේ මහ ඉහළින් පැවැත්වුණේ විශාල ජනකායකගේ සහභාගිත්වයෙනි. කෙනට් පාර පටන් ගන්නා තැන සිට ආරම්භ වූ පෙරහැර නැටුම් ගැයුම් වලින් අලංකාර විය. මහාබෝධිය දක්වා පෙරහැර ගමන් කිරීමේදී පොලිසියෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබිණි. ආගමික කටයුතු අවසානයේ උත්සව සභාව පැවැත්විණි. කලින් සකස් කළ වැඩ සටහනට අනුවම උත්සවය පැවැත්වුණු නිසා වෙනදා පැය දෙකහමාරක් තුනක් කතාකරන ආචාර්ය සිද්ධාර්ථන් ගේ කතාවට ලැබී තිබුණේ විනාඩි පහක කාලයකි. කෙසේ වුවද පැය කාලක පමණ කතාවකින් පසු ආචාර්ය සිද්ධාර්ථන් ව නවතා ගැනීමට සංවිධායකයන්ට හැකිවිය. මේ සියලු උත්සව කටයුතු විටින් විට ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය. උත්සවයේ අවසන් කතාව වන ස්තූති කතාව කරන්නට සිටියේ ධම්මදින්න හාමුදුරුවෝ ය. උත්සවය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන නිසා ස්තුතී කතාවද කළ යුත්තේ ඉංග්‍රීසියෙනි. ඉංග්‍රීසියෙන් ස්තුතී කතාව කරන්නට ධම්මදින්න හාමුදුරුවෝ දත මැදගෙන හිටියත් පොඩි පරහකට තිබුණේ ධම්මදින්න හාමුදුරුවන්ට ඉංග්‍රීසි බැරි වීමය.
ඉංග්‍රීසි බැරිය කියා ධම්මදින්න හාමුදුරුවන් පසුබැස්සේ නැත. උන්වහන්සේ ගේ කතාව සකස් කරදීම අපට පැවරිණි. අපි උත්සවයට සතියකට පෙර සිට ධම්මදින්න හාමුදුරුවන්ගේ කතාව හදන්නට පටන් ගත්තෙමු. මුලින්ම අපි කළේ මහාබෝධියට ගොස් ධම්මදින්න හාමුදුරුවන්ගේ කතාව සිංහලෙන් ලියා ගැනීමය. ලියාගෙන අවසන් වන විට තරමක් රෑ වෙලාය. "මහත්තුරුන්ට මහන්සිත් ඇති නේද?" කියන හාමුදුරුවෝ තේ ගෙනෙන්නට ගෝලයෙකුට කියන විට "තේ නම් ඕනෑත් නෑ හාමුදුරුවනේ" කියා අපි ඇද පැද කිව්වේ තේ එපා නිසාම නොවේ. "එහෙනම් වෙන මොකුත් ගෙන්නන්නකෝ" කියන හාමුදුරුවෝ විස්කි බෝතලයක් ගේන්නට මුදල් දෙති. විස්කි බෝතලය අවසානයේ අපි සතුටින් නිවෙස් බලා විසිර යන්නෙමු. පහුවදාද අපි මහාබෝධියට එකතුවෙන්නේ හාමුදුරුවන්ගේ සිංහල කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමටය. ප්‍රසිද්ධ සභාවක් මැද කෙරෙන කතාවක් නිසා ඒ කතාව බොහෝ ප්‍රවේසමෙන් පරිවර්තනය කර අවසන් කළ යුතු බැවින් අපට එදාද කතාව සම්පූර්ණයෙන් පරිවර්තනය කර ගැනීමට නොහැකිව හාමුදුරුවන්ගේ ආගන්තුක සත්කාරය ලබා විසිර යන්නට සිදුවේ. කෙසේ හෝ අපි සතියක පමණ කාලයක් හාමුදුරුවන්ගේ කතාව සඳහා ගතකල අතර අවසානයේ කතාව පරිවර්තනය කර ශුද්ධ කර අලංකාර කර බලන විට ඉතිරිවී තිබුණේ හාමුදුරුවන් අපට කියපු සිංහල කතාවට හාත්පසින්ම වෙනස් කතාවකි. කතාව හාමුදුරුවන්ට බාරදුන් විට ප්‍රීතියෙන් පිනාගිය උන්වහන්සේ අපට බොහෝසේ ස්තුතී කළහ.
ස්තුතිය අවසානයේ අපි හාමුදුරුවන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේ කතාව එක්වරක් නොව දහවරක් පමණ කියවා වචනවල උච්චාරණය පුහුණු වෙන්නට කියාය. ඊටද හේතුවක් තිබුණි. ඊට කලින් අවුරුද්දේ සමිත හාමුදුරුවන්ට අපි හදා දුන් කතාව උන්වහන්සේ සභාවේදී කියවන්නට ගොස් වරද්දා ගත්තේය. වචන උච්චාරණය එහෙම පිටින්ම වැරදිය. නවත්වන්නට අවශ්‍ය තැන නවත්වන්නේ නැත. වාක්‍යවල මැදදී නවත්වයි. ඊට පහුවදා ලොක්කා අපට කතාකළේය.
" මොනවද අයිෂේ අර හාමුදුරුවො ඊයෙ කියපු කුණුහරුප? කවුද ඔය කතාව හදල දුන්නෙ?"
අපි මුවින් නොබැන සිටි තැන කතාව අප විසින් හදා දෙන ලද්දක් බව ලොක්කා ප්‍රත්‍යක්ෂ කරගත්තේය.
" කතා හදල දෙන එකේ වැරද්දක් නෑ, ඒ වුණාට කියවන හැටිත් පුරුදු කළා නං තමයි හොඳ." කියා කතාව හමාර කළේය. ධම්මදින්න හාමුදුරුවන්ටද අපි බැගෑපත් වුණේ කතාව වැරැද්දුවොත් එහෙම ඒ වැරද්දත් අපි පිට පැටවෙන නිසාය. කෙසේ වුවද ප්‍රතිපලයේ වෙනසක් වුයේ නැත. අපි ලියාදුන් කොළය එකවරක් වත් කියවන්නට කරදර නොවූ ධම්මදින්න හාමුදුරුවෝද කතාව වැරද්දු අතර අන්තිමේදී කළේ සෙවරල් කොන්ක්‍රීට් වැනි කතාවකි.
කෙසේ වුණත් ඉතා අලංකාරව පැවති වෙසක් උත්සවය සතුටින් අවසන් වූ අතර උත්සවය අවසානයේ ආරාධිතයින් සඳහා තේ පැන් සංග්‍රහයක් විය. කාන්තාවන්ට තේ පැන් සංග්‍රහයට සහභාගී වෙන්නට කියා අපි දෙතුන් දෙනෙක් සමන් සමග ඔහුගේ කාමරයට ගියේ සමන් ලංකාවෙන් එනවිට ගෙනැවිත් තිබූ විස්කි බෝතලයක් හිස් කරන්නටය. වැඩේ පටන්ගන්නා විටම සංඝානන්ද හාමුදුරුවෝ කාමරයට වැඩම කළහ. ඊට ටික කලකට පෙර මහාබෝධියට පැමිණ සිටි සංඝානන්ද හාමුදුරුවෝ ඉතා අලංකාරව බෝධි පූජා පැවැත්වීමෙහි සමතෙකි. උන්වහන්සේ අහගෙන ඉන්න උපාසක අම්මලාට අඬන්නට බෝධි පූජා කවි ගායනා කරයි. හාමුදුරුවෝ විස්කි බොන්නේද අමුවෙනි. ඔහු ආපු ගමන්ම කට කපා වීදුරුවක් වක්කරගෙන ගිල දැම්මේය. තව එකක් වදින විට උන් හිටි තැන්ද අමතකවූ හාමුදුරුවෝ පිස්සු කියවන්නට වූයෙන් කාමරයෙන් එළියට වැඩම කරවුයේ බොහෝ අසීරුවෙනි.
හාමුදුරුවන් කාමරයට එන විට අපි කතා කරමින් හිටියේ ඊට අවුරුදු කීපයකට පෙර සමන් කළ වැඩක් ගැනය. මහරගම ජාතික තරුණ සේවා සභාවේ යොවුන් සම්මාන උළෙලක නිවේදකයා වුයේ සමන්ය. ප්‍රධාන ආරාධිතයා ජනාධිපති ප්‍රේමදාස මහතාය. සමන් සිය සුපුරුදු වාග් චාතුර්යයෙන් සභාව මෙහෙයවමින් කථිකයන් හඳුන්වා දුන්නේ එක් එක් කථිකයා ගැන වර්ණනාවක් ද සමගිනි. අවසානයේ ජනාධිපති ප්‍රේමදාස මහතා සභාව ඇමතීමේ වාරයද පැමිණියේය. මයික්‍රපෝනය ඉදිරියට ගිය සමන් කථිකයා හඳුන්වන්නට පටන් ගත්තේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ කිලර් කැසට් පටයේ එන ගීතයක කොටසකිනි.
"කළුවර දළු කඩාගෙන කෑ මහ රෑට
ගිණි මල් පිපීලා හඬ දෙයි විටින් විට
කඳු කවුළුවෙන් ලා හිරු එබෙනා පැයට
රැකගත් යෞවනය ගිනිගත් ටයර යට"
වනමල්ය වනමල්ය (ගීතය මෙතැනින් අසන්න)
"දැන් ඔබ අමතන්නේ ශ්‍රීමත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස!!"
මා මේ උත්සවය රූපවාහිනියෙන් නැරඹු නිසා මේ ගැන සමන්ගෙන් අහන්නට සිත්විය. සමන් සිනාසෙමින් කීවේ මෙවැනි කතාවකි.
" සමන් ඉවරයි කියල ඔක්කොම කිව්වා. අහගෙන හිටපු චරිත රත්වත්ත(එවකට ජාතික තරුණ සේවා සභාවේ සභාපති) ඔළුවෙ අත ගහගත්තා. ඒ වුණාට මට කිසිම ප්‍රශ්නයක් ආවෙ නෑ ප්‍රේමදාස මහත්තය මැරෙනකල්ම."
" ප්‍රශ්නෙ තියෙන්නෙ ඇයි ප්‍රේමදාස මහත්තය ඉස්සරහ තියාගෙන එහෙම කිව්වෙ කියලා?"
" අනේ මංදා බං, කිව්වද කියවුණාද කියල මට අදත් හිතාගන්න බෑ."
අපි සිනාසෙද්දී සමන් තවත් කතාවක් කීවේය. අඳුකොළ සමන් අධ්‍යක්‍ෂණය කළ ටෙලි නාට්‍යයක් වූ අතර එය 1989 දී පමණ රූපවාහිනියෙන් විකාශය විය. එයද මා ඉතා ප්‍රියකළ ටෙලි නාට්‍යයක් වූ අතර අද අඳුකොළ ටෙලි නාට්‍යයේ කොටසක් හෝ අන්තර්ජාලයේ කිසිම තැනකින් සොයාගන්නට නොහැකිවීම කණගාටුවට කරුණකි. මේ ටෙලියේ ප්‍රධාන චරිත වසන්ත කොටුවැල්ල සහ අරුණි දේවරාජා රඟ පෑ අතර ජෝ අබේවික්‍රම, මානෙල් ජයසේන, ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍ර සහ දයා තෙන්නකෝන් සහාය චරිත රඟපෑහ(අරුණි දේවරාජා රඟ පෑ ප්‍රථම සහ එකම ටෙලි නාට්‍යය අඳුකොළ විය. මහාචාර්ය ලෝනා දේවරාජා මහත්මියගේ දියණිය වූ අරුණි රාජ්‍ය සේවයට බැඳීමෙන් පසු රඟපෑමෙන් ඉවත් වීම නිසා ක්ෂේත්‍රයට දක්ෂ නිළියක් අහිමි වූ බව මගේ විශ්වාසයයි) සමන් කී කතාව මෙයයි.
" අපි අඳුකොළ ෂූට් කරන කාලෙ ජේ වී පී කලබල තදටම තිබුණා. කතාවෙ හැටියට ජෝ මහත්තයට තුවක්කුවක් තිබ්බා. මිනිහ ඇවිදින්න යන්නෙ ඕකත් කරගහගෙන. දවසක් ජෝ මහත්තය අරුණිත් එක්ක ඇවිදින්න යද්දී පැත්තක තියලා තිබ්බ තුවක්කුව දැකල ආසාවට තුවක්කුව අතට ගන්න අරුණි කොකා ගස්සනවා. වෙඩිල්ල පත්තු වෙද්දි තුවක්කුව ආපහු විසිවෙන සැරට අරුණි විසිවෙලා වැටෙනවා. තුවක්කුව තව පැත්තකට වීසි වෙනවා. ඒ වෙලාවෙ ජෝ මහත්තය අරුණිට කරපු වැඩේ ගැන දොස් කියනවා. ඔන්න ඔය සීන් එකයි ගන්න තිබ්බෙ. ඒ කාලෙ වැඩේට තුවක්කුවක් හොයා ගත්තෙත් හරි අමාරුවෙන්, මුලදි මුලදි තුවක්කුව බලාගන්න වෙනම ගෝලයෙක් දාල හිටියත් ෂූටිං කෙරීගෙන යද්දී ඒ උනන්දුව නැතිවෙලා ගියා, ඊට පස්සෙ ගස්වලට, ගල්වලට, බෝක්කු කණුවලට තුවක්කුව හේත්තු කරල තිබ්බ මිසක බලාගන්න වෙනම කෙනෙක් හිටියෙ නෑ. ඔන්න දැන් අපි ෂූට් එකට ගියා, අරුණි තුවක්කුව අරගෙන කොකා ගැස්සුවට තුවක්කුව පත්තු වුණේ නෑ. ඊට පස්සෙ අරගෙන තුවක්කුව සුද්ද කරල ආපහු පතුරමක් දාල ආයෙ ගැස්සුවත් පත්තු වෙන්නෙ නෑ. දැන් ලොකු ප්‍රශ්නයක් සීන් එක කරගන්න බෑනෙ. ඔය වෙලාවෙ තමා පැත්තකට වෙලා ෂූටිං බලාගෙන හිටපු කොල්ලො දෙන්නෙක් මගෙ ලඟට ආවෙ.
" ඇයි සමන් අයියා ප්‍රශ්නයක්ද? මේ කොල්ලො මගෙන් ඇහුවා."
" ඒකනෙ මල්ලි තුවක්කුව පත්තු වෙන්නෙ නැතිව ගියානෙ."
විනාඩි පහක් ඉන්න සමන් අයියෙ කියල කොල්ලො දෙන්නා සයිකලේ නැගල යන්න ගියා. මේ දෙන්න ටිකකින් ආපහු ආවෙ තුවක්කු හතරක් අරගෙන. "මෙන්න සමන් අයියෙ ඔයාට ඕනැ තුවක්කුව තෝරලා ගන්න" කියල තුවක්කු ටික මගෙ අතට දුන්නා. මම ජෝ මහත්තය ළඟ තිබ්බ තුවක්කුවෙ පෙනුමට හරියන එකක් තෝරගෙන ආපහු ටේක් එකට ගියා. එක ටේක් එකෙන්ම ෂොට් එක ඕකේ වුණා. වැඩේ ඉවරවුණාට පස්සෙ තුවක්කුව ඉල්ලගත්ත කොල්ලො දෙන්නා සයිකලේට නැගල යන්න ගියා. ආයෙම උන් ඒ පැත්තෙවත් ආවෙ නෑ."
" දේශප්‍රේමියෝ දෙන්නෙක් වෙන්න ඇති." අපි කීවෙමු.
" වෙන කවුද, කොච්චර වුණත් උන් දෙන්නා වෙලාවට එතන හිටියෙ නැත්නං මම ලොකු අමාරුවක වැටෙන්නෙ." සමන් කතාව අවසන් කළේය.
ඉලන්දාරිකම හොඳටම ඔලුවට ගසා තිබූ නිසා ධම්මදින්න හාමුදුරුවෝ මහාබෝධියේ කාලය ගතකලේ සැහැල්ලුවෙනි. නිතරම මහාබෝධියේ ඉන්න කපිල, රාජා වැනි අය සමග හිතුණු හිතුණු වෙලාවට වාහනවල නැගී ඇවිදින්නට ද ධම්මදින්න හාමුදුරුවෝ පුරුදු වුණේය. ඔහොම ටවුමේ ඇවිදින ගමන් රෑ බෝ වුන වෙලාවට අපේ ගෙදරට ගොඩවෙන්නේ රෑ දානය සොයාගෙනය. අපේ අම්මාත් අපේ ගෙදර ඇවිත් හිටපු දවසක පොඩි හාමුදුරුවෝ අපේ ගෙදරදී අපිත් එක්ක මේසයේ වාඩිවී රෑ දානය වළඳනවා දුටු අපේ අම්මාගේ කට අප්පල්ල වගේ හායි ගා ඇරුනේ මෙහෙම දෙයක් කවදාවත් දැක නැති නිසාය.
හැමදාම අනුන්ගේ වාහනවල නොයා තමන්ටම කියා වාහනයක් ගත්තා නම් නරකදැයි දවසක් රාජා හාමුදුරුවන්ට කියූ පසුව හාමුදුරුවෝත් වාහනයක් මිලදී ගැනීම ගැන උනන්දු වන්නට වූහ ෴
ගොං කැරියෙක්නෙ. හොද වැඩේ කුට්ටි කුට්ටි පුදන මෝඩ උපාසකයන්ට
ReplyDeleteහොඳ වැඩේ කියන්නෙ මොනවා කිව්ව කලත් කුට්ටි පිදීම නවතින්නෙ නෑනෙ.
Deleteහැමදාම රෑට හාමුදුරුවො ගානෙ විස්කි බීල අන්තිමේ ඒ මනුස්සයට කියවන්නවත් බැරි කතාවක් හදල දුන්න නේද?
ReplyDeleteප්‍රේමදාස මහත්තය ඉස්සරහ අරහෙම කියල ජීවිතේ බේරගත්ත කියන්නෙ ලොකු දෙයක් තමයි.
කතාව හදන වැඩේ සුපිරියටම කළා. කියවන එක හාමුදුරුවන්ගෙ වැඩක් නොවැ.
Deleteහැලපට ප්‍රේමදාස මහත්තයා සමග වැඩ කරන්න හම්බෙලා නැද්ද? එතුමා මිය ගිහිනුත් අවුරුදු 25 ක් විතර ගතවෙලා තියෙද්දිත් එතුමා ඇයි අදටත් මේ තරම් ජනප්‍රිය? අදටත් පත්තරයක් ගත්තත් ප්‍රේමදාස මහත්තයා ගැන මොකක් හරි කතාවක් සදහන් වෙනවනි. බ්ලොග් වල උනත් එහෙමයි. එතුමා ජනාධිපති වෙලා හිටියත් වසර 4 ක් වගේ කෙටි කාලයනි.
ReplyDeleteප්‍රේමදාස මහත්තය ජනාධිපති වෙලා හිටපු කාලෙ තමා මම රාජ්‍ය සේවයේ ගතකළ හොඳම කාලය.
Deleteසමන් අතාවුදහෙට්ටි ප්‍රේමදාස ඉන්න තැන මෙහෙම දෙයක් කියයි කියල කවුද හිතන්නේ :)
ReplyDeleteඅඳු කොළ නම් මතක නෑ - කිව්වත් වගේ අන්තර්ජාලෙත් නැහැ
අඳු කොළ මම කොච්චර නම් හොයාගන්න බැලුවද. නෑනෙ.
Deleteහැලපේ - ඔබේ අත්දැකීම් අනුව සීලය රකින හාමුදුරුවරු හමුවීම නැද්ද ? :)
ReplyDeleteඅපොයි ඕනෑ තරම් හම්බවෙලා තියෙනවා. ඉදිරියට ඒ ගැන ලියැවෙයි.
Deleteඔය අදුකොල නාට්‍යයේ තිබ්බෙ ෆැක්ටරියිකින් වෙන පරිසර දූෂණය ගැන මට මතක විදිහට. සමන් මහත්තයා අමරදේව මහත්තයාගේ දුව ගැන හිත හිතා හිටපු කාලෙ වෙන්ඩැති අර ඉන්න තැන අමතක උනේ....
ReplyDeleteඔව් ඔව් ජී.ඩබ්. සුරේන්ද්‍රගේ පැක්ටරියකින් ජෝ මහත්තයාගේ කුඹුරට වෙන අවුල ගැන කතාවක්. ඔව් සමන්ට ඒ කාලෙ අමරදේවයන්ගේ පොඩි දුව ගැන ක්‍රෂ් එකක් තිබ්බා කියල සමන්ම කියල තියෙනවා.
Deleteඉතිං ධම්මදින්න හාමුදුරුවන් ඉංගිරිසී කථාව ලස්සනට කරාද ?
ReplyDeleteටොප් එකට කළානේ. මෙලෝ දෙයක් තේරුණේ නැහැ.
Deleteසමන් අතාවුදහෙට්ටි පණපිටින් ඉන්න එක හාස්කමක් පුදුමයි :)
ReplyDeleteප්‍රේමදාසගෙ චග්ගෝලයෝ වෙච්ච සිරිසේන කුරේ, මල්ලවාරච්චිල ටයර් මාලයක් එක්කල සමන්ට නිවන් සැප අවබෝධ කරල දෙන්න උනන්දු නොවුණු එක ගැන.
මල්ලවාරච්චිලට මූකුත් කියන්න එපා මහත්තයෝ. එදා හිටියේ මල්ලිමාරච්චි කෙනෙක්. (https://en.wikipedia.org/wiki/Weerasinghe_Mallimarachchi)
Deleteඒක තමයි හාස්කමක් වගේ.
Deleteහාමුදුරු වාහන ගැන කියන්න අන ඊළඟ කෑල්ල තවත් රසවත් වගේ.. :D
ReplyDeleteඒ කෑල්ල ඊළඟට.
Deleteඔහොම සංඝයා වහංසේලාට රහමෙර වළඳෝනවද යහපත් උපාසකයි? ඈ?
ReplyDeleteතවුසෙගෙ බළල් තඩියෙක්ද මේ කොමෙන්ට් දාන්නෙ ඈ?
Deleteහාමුදුරුවරු කැමති දේ වැළඳවීම පවක් වෙන්නෙ කොහොමද බං.
Delete//වැඩේ පටන්ගන්නා විටම සංඝානන්ද හාමුදුරුවෝ කාමරයට වැඩම කළහ....ආපු ගමන්ම කට කපා වීදුරුවක් වක්කරගෙන ගිල දැම්මේය//
ReplyDeleteහාමුදුරුවෝ කාමරයට වැඩමකලාට, කාමරෙන් පිටවෙන්න ඇත්තේ ඉර්දීයෙන් වෙන්ටෑ?
බැලන්ටයින්ගාමී බවට පත්වෙලා ජොනී වෝකිං
Delete+++ :D
Deleteඉර්දියෙන් වගේ තමා පිටවුණේ. කැරකෙන්න ගත්තනේ.
Deleteධම්මදින්න ට විදින්න බලාගෙන ඊළඟ කෑල්ල කියවන්න නොඉවසිල්ලෙන්..
ReplyDeleteසංඝානන්ද හාන්දුරුවෝ නම් එළ කොල්ලෙක්.. බණ කියන වෙලාවට බණ.. ගසන වෙලාවට ගසන.. ආයි මොනවද?
මොනවද මේ කතා. ලැබෙන වෙලාවට වළඳන්න ඕනෑ.
Delete+++++
ReplyDelete//ඔහු ආපු ගමන්ම කට කපා වීදුරුවක් වක්කරගෙන ගිල දැම්මේය. //
ReplyDeleteමෙතන "උන්වහන්සේ වැඩමකළ ගමන්ම" කියල තිබ්බ නම් තවත් මරු...🤔
ගිල දැම්මට මොකක්ද කියන්නෙ. වැළඳුවා කියලමද...🤔
ඔව් ඔව් හාමුදුරුවරු ගිල්ලත් වැළඳුවා තමයි.
Deleteහැලපේ අය්යේ හුගකාලෙකින් බ්ලොග් එකට ආවේ. ධම්මදින්න කියන්නේ දැන් ලංකාවේ ඉන්න හාමුදුරු කෙනෙක්ද
ReplyDeleteනෑ ධම්මදින්න හාමුදරුවෝ දැන් බොහොම පොහොසත් දියුණු ආසියානු රටක පංසලක අධිපති වෙලා ඉන්නවා.
Deleteඋන්නාන්සේලා මජ්ජපානේ කළේ මඳ පමණට විතරක් වෙන්ටැ.
ReplyDeleteඔව්නෙ. වැඩිපුර කළොත් එහෙම කට් වෙන නිසා.
Deleteදවස් කිහිපයක්ම බැලුවා .කෝ බං ඇනෝ.
ReplyDeleteඌ මේ දවස්වල එන්නෙ නෑ බං.
Deleteඅදුකොල ටෙලිය එකපාරටම ඉවර උනා වාගේයි මතක පස්සේ කෑලි හැලුනද මන්දා
ReplyDeletelassana kathawak .
ReplyDeletetest නෙමෙයි post එකක් දාපන්. කවද්ද අන්තිම ට එකක් දැම්මේ? කොච්චර කල් කියලා බලන් ඉන්නද?
ReplyDelete