Sunday, May 28, 2017

අර්ජුන ගැන මතක සටහනක්.

ඒ මා චෙන්නායි නුවර රාජකාරි කළ සමයයි.    උදේ 8.30 ට කාර්යාලයට එන අපි සවස 5 ට පිටත්ව යන්නෙමු.    කාලය මගේ මතකයට අනුව 2000 වසරේ මැද භාගයයි.

"අද හවස මොකුත් වැඩක් හෙම දාගෙන තියෙනවද?" කාර්යාලය ඇරෙන්නට ආසන්නව තියෙද්දි මට කතා කළේ අර්ජුනය.    ඒ සමයෙහිද  ජංගම දුරකථන බහුලව පාවිච්චි නොවුයෙන් අර්ජුන කතා කළේ කාර්යාල දුරකථනයටය.   ජංගම දුරකථන ලංකාවෙහි භාවිතා වීම ඇරඹුණේ අනූව දශකයේ මුල් භාගයේ බව මගේ මතකයයි.    සෙල්ටෙල් යනුවෙන් හැඳින්වුණු එම ජංගම දුරකථනය ගඩොල් ගෙඩියක් තරම් උස සහ රාත්තල් කීපයක් බර උපකරණයකි.    මේ බව හොඳින්ම මගේ මතකයේ තිබෙන්නේ මමද අනූව දශකයේ මුල් භාගයේ  එවැනි දුරකතනයක් පරිහරණය කර ඇති නිසාය.   පරිහරණය කළාට දුරකථනය මගේ නොව එවකට මා සේවය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ලද නිල ජංගම දුරකතනයය.    එම දුරකථනය මිළදී ගන්නට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වියදම් කළ මුදල රුපියල් අනුදහසකට මදක් වැඩි බව මගේ මතකයයි.     ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා කාර්යාලයේ සිටිනා විට ඔහුගේ මේසය උඩ තබා තිබෙන මෙම දුරකථනය ඔහු පිටතට යනවිටදී රැගෙන යෑම අත්‍යාවශය වන්නේ ජනාධිපති ප්‍රේමදාස මහතා කොයි වෙලේ කතා කරත් දැයි කියන්නට බැරි බැවිනි.    ප්‍රේමදාස මහතා ජංගම දුරකථනයට කතා කරනවිට අදාළ නිලධාරියාම එයට පිළිතුරු නොදුන්නොත් ඔහුට දෙයියන්ගේම පිහිටය.   රාත්තල් ගණනක් බර දුරකථනය අතේ තියාගෙන ඉන්නටත් බැරිය.    එයට පිළියමක් ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා කරන්නේ ඔහු සමග යන නිලධාරියෙකුට දුරකථනය තබා ගැනීමේ වගකීම භාරදීමයි.   ගම්උදා රාජකාරි, ජනාධිපති ජංගම සේවය, පදවිප්‍රාප්ති උත්සවය වැනි උත්සව වලදී නම් දුරකථනය තබාගැනීමේ වගකීම අනිවාර්යයෙන්ම මට භාරවේ.    මට තිබෙන්නේ ගඩොල් ගෙඩියක් බඳු දුරකථනය පැත්තකින් තබාගෙන ඇමතුමක් ඒ දැයි පරීක්ෂාවෙන් සිට ඇමතුමක් එනවිට එය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයාට යොමු කිරීමය.   දැන්නම් මෙය සිනාවට කාරණාවක් වුවද එදවස නම් මෙය ඉතා භාරදුර රාජකාරියක් වුයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා කේන්ති ගැස්සවීමට කිසිම නිලධාරියෙකු කැමති නොවූ  හෙයිනි.

ජංගම දුරකථනයේ විස්තරය අවසන් කොට නැවතත් කතාවට පැමිණියහොත් මා මෙහිදී අර්ජුන යනුවෙන් හඳුන්වා ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ටී. අර්ජුනයි.    ලංකාවේදී චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළ ඔහුගේ සිනමා දිවියේ අග්‍රඵලය වුයේ 1979 දී තිරගතවූ 'වසන්තයේ දවසක්' චිත්‍රපටයයි.    එය ඒ වසරේ හොඳම චිත්‍රපටය වූ පළඟැටියෝ සමග තරඟ කරමින් ජනාධිපති සම්මාන අටක් දිනාගත්තේය.    මා මේ කියන වකවානුවේ අර්ජුන චෙන්නායි නුවර මයිලපූර් පැත්තේ නිවෙසක පදිංචිවී සිටියේ සිය දියණියද සමගය.    1999 අග භාගයේ සිට අපේ කාර්යාලයට නිතර යන එන්නෙකු වූ අර්ජුන 2000 වර්ෂය වනවිට මා සමග ඉතාම කිට්ටු  සම්බන්ධතාවක් ගොඩ නගා ගෙන සිටියේ මාද ඔහුගේ වෘත්තියට දැඩිසේ ප්‍රිය කරන්නාවූ කලාබරයෙකු වූ නිසාවෙනි.    චෙන්නායි නුවර ඇති ප්‍රසිද්ධ චිත්‍රාගාරයක් වූ ප්‍රසාද් ස්ටුඩියෝ හි අවසන් නිමහම් කටයුතු හමාරවූ චිත්‍රපට බලන්නට අර්ජුනට නිතරම ලැබෙන අවස්ථාවට ඔහු මාවද සම්බන්ධ කරගන්නට අමතක නොකළේය.   එසේ වන්නේ චිත්‍රපටය කලාත්මක එකක් වුවහොත් පමණකි.    එදාද අර්ජුන මට කතාකළේ එවැනි චිත්‍රපටයක් බලන්නට යන්නටය.

" විශේෂ වැඩක්නම් නෑ අර්ජුන ඇයි?"

" එහෙනම් හවස මගෙත් එක්ක ප්‍රසාද් එකට යමු, අද හොඳ ෆිල්ම් එකක් තියෙනවා!"   මට එක්වරම මතක්වුයේ ඒ දිනවල චෙන්නායි හි සංචාරයක නිරත වෙමින් සිටි සමන් වය.    ඔහුද අප දෙදෙනා මෙන්ම කලාබරයෙකි.

"අර්ජුන මේ දවස්වල සමනුත් චෙන්නායි ඇවිත් මහාබෝධියේ නැවතිලා ඉන්නෙ!"

" අයියෝ ඇයි මට කිව්වෙ නැත්තෙ? එයත් එක්කගෙන යමු.  මම හවස එනකොට සමනුත් එක්කරගෙනම ඔයාලගෙ ගෙදර එන්නම්!"

හවස මම යන්නට සුදානම් වෙද්දී මමත් එන්නම් කියා හැලපි කණු කුණු ගාන්නට වූ නිසා ඇයටත් සුදානම් වෙන්නට කියා කීවෙමි.    හැලපැට්ටා ගැන ප්‍රශ්නයක් නොවුයේ ඒ දිනවල අපේ අම්මා පැමිණ අපත් සමග නැවතී සිටි නිසාය.    අපි හතරදෙනාම ප්‍රසාද් ස්ටුඩියෝවට ගියේ අර්ජුනගේ වාහනයෙනි.   එදා අප නැරඹු චිත්‍රපටය වුයේ තරුණ ද්‍රවිඩ සිනමාකරුවෙකු විසින් අධ්‍යක්ෂණය කර තිබු "ටෙරරිස්ට්" නමැති චිත්‍රපටයයි.   එය එවකට ලංකාවේ පැවති වර්ගවාදී යුද්ධය පසුබිම් කරගෙන තැනු අතිශය කලාත්මක චිත්‍රපටයක් වූ බැවින් චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වා අප හිඳ සිටි අසුන්වලම ගල්ගැසී චිත්‍රපටය නැරඹුවෙමු.   මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය නොවූ බව මගේ විශ්වාසයයි. (මෙම චිත්‍රපටයේ විස්තර සොයා ගැනීම සඳහා පැය කීපයක් අන්තර්ජාලය පිරික්සුවද පලක් නොවීය, චිත්‍රපටය නැරඹීමෙන් උද්දාමයට පත්ව සිටි සමන් ලංකාවට ගිය පසු ටෙරරිස්ට් චිත්‍රපටය ගැන ලිපියක් ලංකාදීප පත්‍රයට ලීවා මට මතකය ) චිත්‍රපටය අවසානවී අප ආපසු එද්දීද බොහෝ දුරක් එනතුරු තමන්ගේම කල්පනා ලෝකවල නිමග්නව සිටි අප අතර කතාබහක් නොවීය.   නිහඬතාව බිඳිමින් චිත්‍රපටයේ සිය සිත්ගත් තැන් සහ යම් යම් තාක්ෂණික කරුණු කීපයක් ගැන සමන් විසින් මතුකළ ප්‍රශ්න වලට අර්ජුන අවශ්‍ය පැහැදිලි කිරීම් සිදුකළේය.    වාහනය අපේ ගමනාන්තය කරා ක්‍රමයෙන් ලඟාවෙමින් තිබිණ.

" සුන්දර සැන්දෑවක් ලබාදීම ගැන අර්ජුනට බොහොම ස්තුතියි!" සමන් කියා සිටියේය.

" ඒ සැන්දෑව තව දුරටත් දික්වෙනවාට සමන්ගේ අකමැත්තක් නෑ නේද?" අර්ජුන විමසන්නේ සිනාසෙමිනි.

" අපෝ කොහොමටවත් අකමැත්තක් නෑ, අපි ඔක්කොම මගෙ කාමරයට යමු." සමන් පවසන්නේ අර්ජුන දෙස බලමිනි.

" නෑ සමන් මේගොල්ලන්ගෙ ගෙදර අපට පුරුදු තැන නොවැ, අපි එහෙ යමු . වාඩිවෙන තැනම ටෙලිපෝන් එක තියෙනව අවශ්‍ය හැම දේම කෝල් කරලා අපට ගෙන්නගන්න පුළුවනි."  අර්ජුනගේ යෝජනාවට කාගේවත් අකමැත්තක් නොවුයෙන් තව ටික වේලාවකදී අප සියලුම දෙනා අපේ නිවසේ වාඩිගෙන සිටියෙමු.

මා සතුව තිබු ස්කොච් බෝතලයකින් අපේ එකමුතුව ආරම්භ කළ අතර ටිකකින් කලින් කීවාසේම දුරකථනය අතට ගත් අර්ජුන ඔහුගේ සුපුරුදු අවන්හලට කතාකර අපට අවශ්‍ය කටගැස්ම ඇණවුම් කළ අතර සියලු දෙනාටම රාත්‍රී ආහාරයද ඒ සමගම ඇණවුම් කළේ රාත්‍රී ආහාර ගෙදර උයන්නට අවශ්‍ය නැතැයි හැලපිට කියමිනි.   විදේශීය මත්පැන් වර්ග දුලබ ඉන්දියාවේ අපට එවන් හිඟයක් නොමැතිවුවද වෙනත් අයට විදේශීය මත්පැනක රස බලන්නට ලැබුණේ ලංකාවට හෝ වෙනත් රටකට ගොස් ආපසු එද්දී ගෙන එන්නට ලැබෙන මත්පැනක් ලැබුණොත් පමණකි.     මෙයට හොඳම විකල්පය ලෙස අර්ජුන තෝරාගෙන තිබුණේ ඕල්ඩ් මන්ක් නම් ඉන්දියානු රම් වර්ගයයි.   බොන්නට ප්‍රිය දනවන සේ මෙම රම් වර්ගය මිශ්‍ර කිරීමට අර්ජුන අති දක්ෂයෙක් විය.   සෝඩා ද පෙප්සිද නියමිත ප්‍රමාණවලින් රම් වීදුරුවට දමා දෙතුන් වරක් හොඳින් කලවම් කරදෙන බීම වඩිය අතිශය ප්‍රණීත බැවින් ටික දවසකදී අප බොහෝ දෙනෙක් අර්ජුනගේ රම් මිශ්‍රණය ලැදියෝ වීමු.      නමුත් කොතෙකුත් බලා සිටියත් අර්ජුන මිශ්‍ර කරන රම් වඩිය ඒ ආකාරයට සකස් කර ගැනීමට අපට කිසිදිනෙක  නොහැකි විය.

සරවනමුත්තු තංගරාජා සහ රංජනා තංගරාජා යුවළගේ වැඩිමහල් පුතණුවන් ලෙස කොළඹදී උපත ලබන තංගරාජා අර්ජුන අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි.   ශාන්ත තෝමස් විදුහලේ ගුරුවරයෙක් වන සරවනමුත්තු තංගරාජා විවාහ කරගන්නේ එවකට ප්‍රසිද්ධ නර්තන ශිල්පිනියක වූ රංජනාය. රූමත් රංජනා, තංගරාජා ට වඩා වසර විසිපහකින් හෝ තිහකින් බාල යැයි මා අසා තිබේ.    අර්ජුන උරුමකරගන්නේ මවගේ දේහ ලක්ෂණ සහ ඡවි කල්‍යාණයයි.  අප හමුවන විටද රිදීවන් කෙස් කළඹක් තිබු අර්ජුන ග්‍රීක පිළිමයක් මෙන් පැහැපත් සුන්දර පුරුෂයෙකු වුයේය.    පාසැල් අධ්‍යාපනයෙන් පසු ලන්ඩන් ෆිල්ම් ස්කූල් වෙතින් චිත්‍රපට කලාව පිලිබඳ උපාධිය ලබාගන්නා අර්ජුන එක්සත් රාජධානියේදී ඔහුගේ මිතුරෙකු වූ බෘනායි සුල්තාන් වරයාගේ පුතණුවන්ගේ ආරාධනයෙන් බෘනායි රාජ්‍යය බලා පිටත්වන්නේ එහි චිත්‍රපට කලාව නංවාලීමේ වැඩසටහනකට සම්බන්ධවීමටය.     කෙසේ වුවද ඔහු වැඩිකල් බෘනායි රාජ්‍යයේ රඳන්නේ නැතිව ලංකාවට පැමිණ සිය වෘත්තීය ආරම්භ කරයි.    හිතුවක්කාරයෙකු වූ අර්ජුන විසින් ලියා ඉදිරිපත් කරන තිර නාටක වලට චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය නොලැබෙන තැනදී ඔහු කරන්නේ තිරනාටකය වෙනස් කිරීම නොව අර්ජුන කළායයි කියන්නටවත් නොහැකි බාල වර්ගයේ විහිළු චිත්‍රපට කීපයක් නිපදවීමයි.    අර්ජුනගේ හොඳම මිතුරා වන්නේ තවත් එවැනිම හිතුවක්කාරයෙකු වූ කේමදාස මාස්ටර්ය.    කෙසේ වුවද අර්ජුන සිය සිහින චිත්‍රපටය නිපදවන්නේ 1979 දීය.    

අසු ගණන්වල අග භාගයේ චෙන්නායි නුවර පදිංචියට එන අර්ජුන වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හෝ වෙනත්  විවිධාකාර කටයුතුවලට ඉන්දියාවට එන කලාකරුවන්ගේ සෑම සියලු අවශ්‍යතාවක්ම ඉටුකර දීමට සැදී පැහැදී සිටියේ ඉතා කැමැත්තෙනි.    චෙන්නායි නුවරට එන බොහෝ කලාකරුවන්ගේ නවාතැන වුයේ අර්ජුනගේ නිවහනයි.    ඒ අය වෙනුවෙන් අර්ජුනගේ නිවසේ පැවැත්වෙන සාදයන් සඳහා අපද නිතරම ඇරයුම් ලැබුවෙමු.    මෙහිදී මට එක සිද්ධියක් මතක්වේ.    ලුෂන් බුලත්සිංහල චෙන්නායි විත් අර්ජුනගේ නිවසේ නැවතී සිටි දිනෙක අර්ජුන අපටත් දවල් කෑමට ආරාධනා කර ඔහුගේ ඇම්බැසඩර් වාහනයද  එව්වේය.    සාදයෙන් පසු අපි අර්ජුනගෙන් සහ ලුෂන්ගෙන් සමුගෙන ආපසු එන්නට පිටත්වුනෙමු.   හොඳ පදමට වැදී සිටි අප සිව්දෙනා වාහනයේ ආපසු ආවේ මහ හඬින් ගීත ගයමිනි.   දෙදෙනෙක් වාහනයේ පිටුපස ජනේල දෙකෙන් අත් එළියට දමාගෙන දොරට තඩිබාමින් තාලයද ඇල්ලුවෝය.     වාහනයට කරන මේ හිරිහැරය රියදුරාට ඇල්ලුවේ නැත.   පාරේ පැත්තකට කර වාහනය නැවැත්වූ රියදුරා වාහනයෙන් බැස අපට කීවේ ඇති තරම් සිංදු කීමෙන් පසු යමුයි කියාය.    රියැදුරාව ෂේප් කරගෙන ආපසු පිටත් වෙන්නට අපට සෑහෙන පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.   වරක් ඔහුගේ හිතවත් කලාකරුවෙකුගේ ඥාතියෙක් හෘද සැත්කමකට ඇපලෝ රෝහලට එද්දී අර්ජුන ලංකාවට ගොස් සිටියේය.   මෙය දැනගත් වහාම ලංකාවේ සිට මට කතාකළ අර්ජුන සියලුම විස්තර මට ලබාදී  කීවේ වහාම රෝහලට ගොස් ඔවුන් හමුවී අවශ්‍ය උපකාර කරදෙන ලෙසටය.   කලාකරුවන් සමග ඇසුර ප්‍රිය කළ තරමටම ඔහු දේශපාලකයන් අප්‍රිය කළේය.   ලංකාවේ දේශපාලකයන් සහභාගිවන කිසිම උත්සවයකට අර්ජුන සහභාගී වුයේ නැත.   

2001 වර්ෂයේ මැද භාගයේදී  සුප්‍රකට ඉන්දීය ගත් කතුවරයෙකු වූ ආර්.කේ.නාරායන්  චෙන්නායි හි සිටින බව මට ආරංචි වූ විට ඔහු මුණගැසීමේ ආසාවක් මට ඇතිවිය.    හැකි හැම ආකාරයකින්ම ඔහු සිටින තැනක් සොයාගන්නට උත්සාහ කළ මට අවසානයේ  දැනගන්ට ලැබුණේ නාරායන් අසනීපව ඇපලෝ රෝහලේ සිටින බවය.   විස්තරය අර්ජුනට කීවිට ඔහු මා කැටුව ඇපලෝ රෝහලට ගියේය.   අපට දැකගන්නට ලැබුණේ මරණාසන්නව දැඩි සත්කාර ඒකකයේ සිටි නාරායන්වය.    ඊට පසුදින නාරායන් මියගියේය(මේ කතාව දිග විස්තරයක් බැවින් නාරායන් හමුවීම නමින් වෙනම කතාවක් ලෙස ලියන්නට බලාපොරොත්තු වෙමි) 

2001 ජුනි මාසයේදී චෙන්නායිහි රාජකාරී අවසන්කර මා ලංකාවට පැමිණියෙමි.   ඒ දිනවල අර්ජුන තවත් චිත්‍රපට කීපයක් නිපදවීමට කටයුතු කරමින් සිටියේය.   දිනක් අර්ජුන මට කතාකර කීවේ ඔහුගේ චිත්‍රපටයක මුහුරත් උළෙල කොළඹ හෝටලයක(හෝටලයේ නම දැන් මට මතක නැත) පැවැත්වීමට නියමිත බවත් එයට සහභාගී වීමට ඔහුට හැකියාවක් නැති බවත් නියමිත දින හෝටලයට ගොස් පිංතුර ටිකක් රැගෙන ඔහුට එවන ලෙසත්ය.   අර්ජුන කී ආකාරයටම මා නියමිත දින එම මුහුරත් උළෙලට ගොස් පිංතුර ගෙන අර්ජුනට යැව්වෙමි.   සමන්ද එදින පැමිණ සිටියේ අර්ජුනගේ හිතවත්කමටය.    එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට අර්ජුන බාරදී තිබුණේ අයි. එන්. හේවාවසම්ටය.  රුගත කිරීම් සියල්ල නිමාකලද  චිත්‍රපටය ඉන් ඉදිරියට ගියේ නැත.

මා මුලින් සඳහන් කළ පරිදි   ක්ෂේත්‍රයේ තවත් හිතුවක්කාරයෙකු වූ කේමදාස මාස්ටර් අර්ජුනගේ ලඟම හිතවතා වූ අතර කේමදාස මාස්ටර් වෛද්‍ය ප්‍රතිකාර ගන්නට නිතරම චෙන්නායි නුවරට පැමිණෙයි.    ඔහුගේ නවාතැන වන්නේ අර්ජුනගේ නිවෙසයි.   වරක් අපි චෙන්නායි නුවර ශ්‍රී ලංකා චිත්‍රපට උළෙලක් සංවිධානය කළෙමු.   දින තුනක් පැවති චිත්‍රපට උළෙලේ සිංහල චිත්‍රපට හයක් ප්‍රදර්ශනය කරන්නට නියමිත විය.   ඒ දිනවල කේමදාස මාස්ටර් ද චෙන්නායි හි නැවතී සිටියේය.    උළෙලේ ආරම්භක උත්සවය පැවති දින අර්ජුන කේමදාස මාස්ටර්ද කැටුව උත්සවයට පැමිණියේ අහම්බෙන්ය.    ප්‍රදර්ශනය වන චිත්‍රපට හයේ නම් කියැවූ අර්ජුන මට කීවේ ඒ  චිත්‍රපට හයටම සංගීතය සපයා ඇත්තේ මාස්ටර් බවය.   අපි වහාම මාස්ටර් රැගෙන ගොස් ප්‍රධාන වේදිකාවේ වාඩිකරවුයෙමු.    අර්ජුනගේත් මාස්ටර්ගේත් හිතවත්කම කොයි තරම්ද යත් මාස්ටර්ගේ දියණියගේ විවාහය අවස්ථාවේ සාමාන්‍යයෙන් මාමා කෙනෙක් විසින් සිදුකරන මනාලිය පෝරුවට නැංවීමේ කටයුත්ත බාරවුනේත් අර්ජුනටය.  අදද ඇයගේ මුහුණු පොතේ ඒ පින්තුරය ඇත.

අර්ජුන ගැන මතක තව රාශියක් ඇතත් කතාව දිග්ගැහෙන බැවින් ඒවා ලියන්නට අවස්ථාවක් නොමැත.   මා ලංකාවට පැමිණීමෙන් ටික කලකට පසු අර්ජුනද ලංකාවේ පදිංචියට පැමිණි බව මට ආරංචි විය.   අපි දින දෙකතුනක් කොළඹදී මුණගැසුනෙමු.    ඉන්පසුව දිගින් දිගටම සිදුවූ මගේ විප්‍රවාසය හේතුවෙන් අපේ සම්බන්ධකම ඈත්වී ගිය අතර මේ මෑතකදී මට ඔහු නැවත මුණගැසුනේ මුහුණුපොතෙනි.   මුහුණු පොතේ අපි දෙදෙනා හොඳ මිත්‍රයෝ වීමු.   අප්‍රේල් මාසයේ අප දෙදෙනා අතරවූ කතාබහකදී අර්ජුන කීවේ අලුත් අවුරුද්දට ඔහු කොළඹින් පිට යන බැවින් අවුරුදු පසුවූ වහාම මුණගැහෙමු කියාය.   මා කාලයකට පසු අර්ජුන මුණගැසීමේ බලාපොරොත්තුවෙන් සිටියදී අර්ජුන අලුත් අවුරුද්ද සමරන්නට බුද්ධි කීර්තිසේනලා සමග කොස්වාඩියේ ඔවුන්ගේ නිවසට ගියේය.   අප්‍රේල් 16 අර්ජුනගේ උපන් දිනය වූ අතර මම  ඔහුට මුහුණු පොතේ සුබ පැතුමක් එක්කළෙමි.   සුබ පැතුම දකින්නට වත් අර්ජුනට අවස්ථාවක් නොමැති වුයේ 15 දා රාත්‍රියේ නින්දට ගිය අර්ජුන 16 දා නැගිට්ටේ නැති බැවිනි.

අවසන් ගමන් යන්නට ජයරත්න මල් ශාලාවේ සැතපී සිටි අර්ජුනට සමුදෙන්නට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් පැමිණ සිටි අතර විශේෂයෙන් කැපී පෙනුණේ ඉන්දියාවේදී අර්ජුන නවාතැන් අහාර පාන සපයාදී කැපවී උදව් කර සුවපත් කළ ලංකාවේ  ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු අර්ජුන බලන්නට නොපැමිණීමය.   අර්ජුනව එළියට ගන්නා තුරු මමත් සමනුත් එවකට මහාබෝධියේ සිටි ජයතුංගත් කතාබහ කරමින් සිටින අතර මම සමන් ගෙන්  විමසුවේ අර්ජුන අයි. එන්.හේවාවසම් ට හදන්නට දුන් චිත්‍රපටයට කුමක් වීද කියාය.   චිත්‍රපටයේ කුමක් හෝ දෙයකට චිත්‍රපට සංස්ථාවත් සමග ගෝරි දමාගත් අර්ජුන විශාල මුදලක් වැයකර රූගත කළ චිත්‍රපටය පෙන්වන්නේ නැත කියා පැත්තකට දැමු බව සමන් මට කීවේය.   අපි සියලු දෙනා අර්ජුන සමග ඔහුට සමුදෙන්නට කනත්තේ හින්දු කොටසට ගියෙමු.   අවමංගල්‍ය උත්සවයේ එකම ගුණකථනය කළ මහාචාර්ය සුනිල් ආරියරත්න අර්ජුනගේ ජීවිතය ගැන කෙටියෙන් පැහැදිලි කළේය.   ඔහු කීවේ අතේ සතේ නොතිබූ වේලාවලදීත් අර්ජුන ජීවත්වුණේ රජෙක් මෙන් බවයි.   භීෂණ සමයේ තමන් පණ බේරාගන්නට ඉන්දියාවට පැනගොස් සිටි සමයේ ඇතිවූ තදබල අක්‍ෂි ආබාධයකට අර්ජුන ඔහුව රැගෙන ශංකර නේත්‍රාලයට ගොස් ප්‍රතිකාර කර සුවපත් නොකරන්නට ඇස් පෙනීම නැතිව යන්නට තිබුණු බව මහාචාර්ය සුනිල් ආරියරත්න කියා සිටියේය.

මා විප්‍රවාසයේ සිටිද්දී අර්ජුන සමුගත්තේ නම් වඩා හොඳයි කියා මට හිතෙන්නේ ඔහුගේ නිසල කය නොදකින මගේ හිතේ අර්ජුන සැමදාම ජීවමානව සිටින නිසාය.

කලකට පසු මට බෙනට් මුණගැසුනේද එදාය.   මා සමග සිනාසුනද බෙනට්ට මාව හඳුනා ගන්නට නොහැකිවූ බව මම දැන ගත්තෙමි.   අවමංගල්‍ය කටයුතු අවසන් වෙද්දී මා බෙනට් හමුවී කතාකළ විට ඔහු මාව හඳුනා ගත්තේ " ආ මල්ලි උඹ දැන් ලංකාවෙද?" කියමිනි෴

41 comments:

  1. මේ අර්ජුන් කමලනාත්ගෙ කව්ද

    ReplyDelete
    Replies
    1. කවුරුවත් නෙවෙයි.

      Delete
  2. අප කාටත් දවසක යන්න වෙනවා හැලපේ!

    ඔබේ අත්දැකීම් නම් මසුරන් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික. ඔව් අපි කවුරුත් දවසක ඔය ගමන යනවා.

      Delete
  3. https://en.wikipedia.org/wiki/The_Terrorist_(1997_film)

    https://www.buzzfeed.com/sahilrizwan/new-and-improved-monk?utm_term=.fmNEaaNbR#.vhkDxx37a

    ReplyDelete
    Replies
    1. thanks pra. දෙකම ප්‍රයෝජනවත්.

      Delete
  4. හොදබමිනිහෙකි වගේ

    ReplyDelete
  5. ටී.අර්ජුන ගැන කියන්න අරගෙන අර්ජුන රණතුංග ගැන නොකියා ගියා මදැයි.

    ReplyDelete
    Replies
    1. අර්ජුන රණතුංග ගැන මොනා කියන්නද බං?

      Delete
  6. //මා විප්‍රවාසයේ සිටිද්දී අර්ජුන සමුගත්තේ නම් වඩා හොඳයි කියා මට හිතෙන්නේ ඔහුගේ නිසල කය නොදකින මගේ හිතේ අර්ජුන සැමදාම ජීවමානව සිටින නිසාය.// මටත් මේ හා සමානම අත්දැකීමක් තිබෙනවා. හිතට මහා බරක් දැනෙන හැඟීමක් එය. හැලපෙට තියෙන්නේ කෙනෙකුට ඉරිසියා හිතෙන තරමේ රසවත් ජීවිත අත්දැකීම් ගොන්නක්. ඒවා බෙදා හදා ගන්නවාට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. මට හැමදාම හිතෙන දෙයක් තමා මගේ ළඟ හිතවතුන් ගේ නිසල කය දකින්නට නොලැබෙනවා නම් හොඳයි කියන එක. ඒත් ලංකාවේ ඉන්නව නම් යන්න වෙනවනේ. තවත් අත්දැකීම් ගොඩක් තියෙනව උදය. ඉඩ ලැබෙන විදියට ලියන්නම්.

      Delete
  7. අරේ එකෙක් සනත් ජයසූරියගෙ නම දාල, මූ අර්ජුන රනතුංගව අල්ලගෙන.
    අනේ මෙහෙමත් හිට් අහේනියක්.

    ReplyDelete
    Replies
    1. කොහෙද බං මේකෙ අර්ජුන රණතුංග ඉන්නෙ. ටී. අර්ජුනට ඒ නම තිබුනට මම මොනා කරන්නද. යාළුවා මැරුණම යමක් ලියන්න එපැයි. හිට්ස් ගැන මම කවදාවත් හිතන්නෙ නැති බව උඹ දන්නව ඇති.

      Delete
  8. වසන්තේ දවසක් සම්මාන දිනුවට එතරම් සුවිශේෂී චිත්‍රපටයක් නම් නෙවෙයි.අපූරු ගීත කීපයක් නම් තිබුනා.

    "දේදුන්නෙන් එන සමණලියේ,
    ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ,
    රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ලඟින් ඉඳහල්ලා " - සනත් සහ ඇන්ජලින්

    කුමාර කරුණාරත්නගෙ ඉතාම ජනප්‍රිය වුනු නවකථාවක්....

    /මට එක්වරම මතක්වුයේ ඒ දිනවල චෙන්නායි හි සංචාරයක නිරත වෙමින් සිටි සමන් වය. /

    කවුද බං මේ සමන්? සමන් අතාවුදහෙට්ටිද සමන් ඒකනායකද සමන් ද සිල්වාද?

    මී හරකා ෆිල්ම් එක කලේ අයි.එන්. හේවාවසම් නේද?

    PS - ඕල්ඩ් මන්ක් එකට මටනම් හරියන්නෙම මවුන්ටන් ඩූ ...:)

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ සමන් අතාවුදහෙට්ටි... ටී. අර්ජුන ළඟින්ම අැසුරු කළ මිත්‍රෙයක් ඔහු.

      Delete
    2. ඔන්න තරුරසි උත්තරේ දීල. ඒක නෙවෙයි උඹ සමන් ඒකනායක කියල ලිව්වෙ කවුරු ගැන හිතාගෙනද?
      මීහරකා ෆිල්ම් එක කළේ අයි.එන්. හේවාවසම්. ඒකෙ ලින්ටන් සේමගේ හොඳම නළුවා උනා. ලින්ටන් දැන් ඉන්නෙ ඇමෙරිකාවේ මට එහෙදි මුණගැහුණා.
      අපේ පොඩි උන් නම් මවුන්ටන් ඩු එකට හරිම ආසයි ඒ උනාට මම තාම ඒ බීම බීල නෑ.

      Delete
  9. හැං ගොලපයෝ උඹ දන්නවද, North Korea fired a ballistic missile Monday that is believed to have fallen into Japan's exclusive economic zone in the Sea of Japan, in the latest in a series of weapons tests in defiance of the international community, the Japanese government said.

    Pyongyang's missile launch comes days after the Group of Seven leaders agreed in their weekend summit meeting in Italy to press the country to abandon its nuclear weapons and ballistic missile development, prompting Prime Minister Shinzo Abe to say Japan will take "concrete action" with the United States.

    ReplyDelete
  10. හැං ගොලපයෝ උඹ දන්නවද? කතරගම, දඹේ ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අක්කර භාගයක පමණ නීති විරෝධි ගංජා හේන් දෙකක් සහ පුද්ගලයන් තිදෙනෙකු අද (22) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදාව පවසයි.
    කිරින්ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව වැටලීම් සිදු කළේය.
    එහිදී, ශාක 3250 ක් පමණ ගිනිතබා විනාශ කෙරිණි.

    ReplyDelete
  11. හැං ගොලපයෝ උඹ දන්නවද?
    1.. පළමුවෙන්ම ආරක්ෂාව. ආරක්ෂා සහිත ලිංගික එක්වීමකට හැම විටම වග බලාගන්න ඕනෙ. මේකෙදි පළවෙනි දේ තමයි ඔබට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝගයක් නොවැළඳීමට වග බලාගන්න එක. ඔබගේ සහකරු හෝ සහකාරියත් ඔබ වගේම ජීවිතේ පළමු වතාවට ලිංගිකව එකතු වෙන කෙනෙක් නම් මෙතනදි ඒක බලන්න ඕනෙ නැහැ. අනිත් කාරණය තමයි ඔයාල දෙන්නා විවාහ නොවුණු ජෝඩුවක් නම් පිළිසිඳ ගැනීමක් වළක්වා ගන්න එක.

    2. දෙවෙනි කාරණය තමයි මේ ලිංගික එකතු වීම අනෙක් කෙනා මත කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකිරීම. ඒ කියන්නෙ මේක ප්‍ර‍ථම ලිංගික අත්දැකීම මිසක් අවසාන එක නෙවෙයි කියල තේරුම් ගන්න එක. ඔක්කොම දේවල් පළවෙනි පාර කරන්න යන්න එපා.

    3. පළමු ලිංගික අත්දැකීම අමාරුයි. රිදෙනවා. අපහසුයි. කවුරුත් ඒක ඉවසන්නෙ අමාරුවෙන්. ඒක නිසා හොඳ හුස්මක් අරන් කලබලයක් නැතිව ඒක කරන්න. එතකොට අපහසුවක් දැනෙන එකක් නැහැ.

    4. හතරවෙනි කාරණය තමයි පූර්ව ලිංගික උත්තේජන ක්‍රියාවලිය එහෙම නැත්නම් ෆෝ ප්ලේ එක. පූර්ව ලිංගික උත්තේජනය ලිංගික එකතුවිම පහසු කරනවා. සිපගැනීම්, ස්පර්ෂය, මුඛ ලිංගික සංසර්ගය වගේ දේවල් වෙලා අරගෙන කරන්න. විශේෂයෙන් ඔබේ සහකාරියගේ පළමු ලිංගික අත්දැකීම එය නම් එක් වීමට පෙර ඇය ඒ සඳහා සූදානම් කිරීම අතිශය වැදගත් වෙනවා. වැඩි අපහසුවකින් තොර ලිංගික සංසර්ගයක් සඳහා මෙය උදව්වක් වෙනවා.

    5. පස්වෙනි කාරණය තමයි ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙර එය හොදින් ප්‍රාණවත් වී ඇති බව තේරුම් ගැනීම. එසේ හොඳින් ප්‍රාණවත් වී නැතිනම් එය යෝනි මාර්ගයට ඇතුළු කරන්න යන්න එපා. ඒ වගේම තමයි යෝනි මාර්ගය හොඳින් තෙත් වී නැත්නම් ඒ කියන්නෙ ඇයට හොඳ උත්තේජනයක් ලැබී නැහැ. මේ වගේ වෙලාවකදි ශිෂ්ණය යෝනි මාර්ගය තුළට ඇතුළු කරන්න යන්න එපා. දෙදෙනාම හොඳින් උත්තේජනය වී නැතිනම් ලිංගික කාර්යය දෙදෙනාටම වේදනාකාරී එකක් වේවි.

    6. හය වෙනි කාරණය තමයි කතා කරන එක. ඔබට දැනෙන්නෙ කොහොමද කියල අහන්න. රිදෙනවද, අපහසුද, මෙහෙම ඉන්න අමාරුද කියල අහන්න. අවශ්‍ය ආකාරයට, පහසු ආකාරයට සැකසෙන්න.

    7. හත්වෙනි කාරණය තමයි මේක අලුත් අත්දැකීමක් කියල දැනගෙන වැඩ කරන එක. හිතන්න ඔබ වගේම අනිත් කෙනාත් ආධුනිකයි කියල. එහෙම හිතල වැඩ කරන්න. සෙක්ස් වීඩියෝවල තියෙන සෙල්ලම් දාන්න යන්න එපා.

    8. අවසාන කාරණය තමයි කාන්තාවගෙන් සුරතාන්තයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ගොඩක් වෙලාවට වෙන්නෙ නැහැ. එහෙම කරන්න හිතල අනවශ්‍ය විදියට ඇයව ඒකට යොමු කරන්න එපා. ඇය ඒ අවස්ථාවෙදි සුරතාන්තය අත් විඳල නැහැ. ලිංගික අත්දැකීමක්වත් අත් විඳල නැති නිසා ඒකෙන් ඇය සෑහීමකට පත් වේවි. ඔබත් ජීවිතේ පළවෙනි වතාවට ලිංගික අත්දැකීමක් ලබන්න සූදානම් වෙලා ඉන්න කෙනෙක් නම් මෙම කරුණු ටික ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. උඹේ පාටමාලාවෙ උගන්නපු ඔක්කොම ටිකද මේ? අනේ බං ගොන් ...යෝ මෙහෙම තැන තැන ඇවිත් බෙටි හල හල යන්න එපා.මේක හැම තැනම දාල තියෙනව මම දැක්කා.

      Delete
  12. ඔය කියන කාලේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා එවන්ස් කුරේ ද? ඔහුත් සමග හැලපේ වැඩ කර තියනවාද?

    සති දෙකකට කලින් කටුනායක දී විජිත යාපා පොත් හලේ තිබිලා අහම්බෙන් හම්බ උනා එවන්ස් කුරේ ලියපු පොතක්. ඒක කියවලා ඉවර වෙලා ඊමේලයක් දාන්න හිතිලා හොයල බලනකොට දැනගත්තේ එවන්ස් කුරේත් මීට අවුරුදු ගානකට කලින් මියගියා කියලා.

    ඔහුගේ පොතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගැන සෑහෙන විස්තර තිබ්බා. ඒවා කියවනකොට මට මතක් උනේ අපේ හැලපේ අයියත් මේ කාලේ මෙහේ වැඩ කරන්න ඇති නේද කියලා.

    ReplyDelete
    Replies
    1. එවන්ස් කුරේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරියෙක් වී හිටියා. පසුව ඔහු ප්‍රේමදාස මහතා ලඟට ගියා. ඔහු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙලා හිටියෙ නෑ.ඒ මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යන්න කලින්.

      Delete
  13. ටී. අර්ජුන ගැන සොයමින් ඉන්න අතර හමුවුණු තොරතුරු දකිද්දි මට හිතුණෙ නවකතාවක් ලියන්න තරම් ඓතිහාසිකව වැදගත් සුන්දර කතාවක් ඔහුගෙ පවුල් පසුබිමේ තියෙන බව... විශේෂයෙන් ඔහුගෙ තාත්තා, අම්මා ඒ ප්‍රේම කතාව වගේම ඔවුන්ගෙ සමාජ, දේශපාලන මෙහෙවර... අර්ජුන කියන්නෙත් තාත්තාට නොදෙවෙනි යහපත්, සොඳුරු මනුෂ්‍යෙයක් කියලයි මට හිතුණෙ...

    වල්ලිපුරම් රන් සන්නසේ කතාව මෙතන ලියවිලා නැති වුණාට හැලපෙ අයියා ඒ ගැන දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඔබත් අර්ජුන ගැන ගොඩක් දේ දන්නව වගේ මට හිතෙනවා. මේ කතාව දික් වෙන නිසා මම බොහොමයක් විස්තර අත හැරියා. වල්ලිපුරම් සන්නස, ප්‍රේම කතාව වගේම අප ආගිය ගමන් ගොඩක් අත හැරියා. මට මග ඇරුණු හරිය ඔබ ලියන්න තරුරසි.

      Delete
  14. //15 දා රාත්‍රියේ නින්දට ගිය අර්ජුන 16 දා නැගිට්ටේ නැති බැවිනි.//

    හොඳ, තමන්ට අවංක ජීවිතයක් ගත කරපු කෙනෙක් වගේ. හොඳ තැනක ඇති. ඔහුට නිවන් සුව.

    ReplyDelete
  15. RIP

    ලංකාවේ දේශපාලකයන් සහභාගිවන කිසිම උත්සවයකට අර්ජුන සහභාගී වුයේ නැත. //////////////////// ++++++++++++++++++++++++++

    ReplyDelete
  16. //විශේෂයෙන් කැපී පෙනුණේ ඉන්දියාවේදී අර්ජුන නවාතැන් අහාර පාන සපයාදී කැපවී උදව් කර සුවපත් කළ ලංකාවේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු අර්ජුන බලන්නට නොපැමිණීමය.// අන්න නියම ශ්‍රී ලංකන් නිළියො.

    ReplyDelete
    Replies
    1. ඒ ඔවුන්ගේ අනන්‍යතාව වෙන්න පුළුවනි.

      Delete
  17. මද්දුමබණ්ඩාර මහත්තයාත් මේ වගේ දේවල් මාත් එක්ක කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කැලණිය කැම්පස් එකේදීද?

      Delete
    2. කැම්පස් එකේදිත් කියලා තියෙනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ගියාම පරණ මතක රිමයින්ඩ් කරලා හිනාවෙවිත් කියලා තියෙනවා.

      Delete
  18. හොඳ මිනිහෙක් වගේ.. සතුටෙන් ජිවත් වෙලා සතුටෙන් මිය ගිහිං.. ඔහුට සුභ ගමන්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඔහු සතුටින් ජීවිතේ ගතකර සතුටින් නික්ම ගියා.

      Delete
  19. //එදා අප නැරඹු චිත්‍රපටය වුයේ තරුණ ද්‍රවිඩ සිනමාකරුවෙකු විසින් අධ්‍යක්ෂණය කර තිබු "ටෙරරිස්ට්" නමැති චිත්‍රපටයයි. එය එවකට ලංකාවේ පැවති වර්ගවාදී යුද්ධය පසුබිම් කරගෙන තැනු අතිශය කලාත්මක චිත්‍රපටයක් වූ බැවින් චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වා අප හිඳ සිටි අසුන්වලම ගල්ගැසී චිත්‍රපටය නැරඹුවෙමු. මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය නොවූ බව මගේ විශ්වාසයයි. (මෙම චිත්‍රපටයේ විස්තර සොයා ගැනීම සඳහා පැය කීපයක් අන්තර්ජාලය පිරික්සුවද පලක් නොවීය, චිත්‍රපටය නැරඹීමෙන් උද්දාමයට පත්ව සිටි සමන් ලංකාවට ගිය පසු ටෙරරිස්ට් චිත්‍රපටය ගැන ලිපියක් ලංකාදීප පත්‍රයට ලීවා මට මතකය ) //
    ඕක 1999 කරපු එකද ? ඕනෙනං කියපං අයියේ.... මගේ කෙලෙක්සොං එකේ ඕක තියෙනවා.... screen ෂොට්ස් ටිකක් දන්නේ කොහොමද ? නැත්තං දාලා පෙන්නන්ඩ තිබ්බා..... මමත් මේ දවස් වල ගෙදර ඉන්නේ, ඕනෙනං හම්බවෙලා, අඩියක් එහෙම ගහල ඕක උබට දෙන්නං ....

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක ලැබුනා බං. ගෙදර ඉන්නව නං අර උඹේ මිත්‍රයත් එක්ක වරෙන් අඩියක් ගහන්න. ඌ අපේ ගේ දන්නව.

      Delete

ඔබේ අදහස්