Wednesday, May 6, 2015

අපේ වෙසක් සැරසිල්ල, හැංගිමුත්තං, නම් පටබැඳීම සහ තවත් කතා



අවුරුදු ඉවරවෙලා  වෙසක් මාසෙත් ආපි.අවුරුදු මාසෙ පුරහම කොහායි,කජු වලුයි,ඔන්චිල්ලායි පෙන්නපු ටී වී චැනල් මැයි මාසෙ ආ ගමන්ම වෙහෙරක් හරි බෞද්ධ කොඩියක් හරි අටපට්ටමක් හරි බුදු පිළිමයක් හරි මල් වට්ටියක් හරි දාගන්නවා.ඉතිං වෙසක් සමය කියන්නෙ බුද්ධාලම්බන ප්‍රීතිය ඉස්මතු වෙන පරාර්ථකාමය ඉහවහ යන කාලසීමාවක් නිසාවෙන් වෙසක් සම්බන්ධ මගෙ අත්දැකීම් කීපයකුත් ලියන්න හිතුනා.ආ ඊට කලින් තවත් දෙයක් කියන්න තියෙනවා.වෙසක් උත්සවයට බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමී සිංදුව වගේ අනන්‍ය වෙන වෙනත් සිංදුවක් ගැන හිතලවත් තියෙනවද?ඒ සිංදුව ඇහෙද්දී නිකං වෙසක් ගතිය ඇඟට එනව නේද?අනික ඒ සිංදුව නැති වෙසක් නිකං වෙසක් නෙවෙයි වගේ නේද?පොඩ්ඩක් හිතල බලන්නකො.

අපි තරුණයො කණ්ඩායම ඉස් ඉස්සෙල්ලම විශාල ප්‍රමාණයේ වෙසක් සැරසිල්ලක් හැටියට සිරීපාද ආකෘතිය  හදපු කතාව මම මීට කලින් ලිව්වා.ඊට පස්සෙ අවුරුද්දෙ අපි හැදුවෙත් සිරීපාදෙ ආකෘතියක්මයි.කලින් සැරේ අපේ වෙසක් සැරසිල්ල බලන්න ආපු සෙනග කන්දරාව දැකල හුල්ලපු ගමේ කීප දෙනෙක් ගහගෙන යන වතුරෙන් දිය දෝතක් ගන්න කියල හිතාගෙන තුංමං හංදියේ කොස් ගහ යට හා ඩේවිට් අයියගෙ පොඩි ඉඩම් කෑල්ලෙ මඩුවක් ගහල ඇටසැකිලි රංගනයක් පෙන්නුවා.මේ ඇටසැකිලි රංගනයට නම දාල තිබ්බෙ ෂැඩෝස් ඔප් ද වයිට් මෑන් කියලයි.සිරීපාදෙ පෙන්නපු අන්තිම දවසෙ ඔය ඇටසැකිලි මඩුවෙ විසාල ගෝරියක් ඇතිවුනා.මඩුව ඇතුලෙ කෙල්ලෙක්ගෙ අතින් ඇද්දද මොකද්ද සිද්දියකට පිටින් ආව කට්ටියක් මඩුවත් කඩල මඩුවෙ සංවිධායකයන්ටත් ඇතිවෙන්න නෙලල ගිහිං තිබුනා.ඒ නිසාම අපි එදාසැරේ  ඔය මඩුව තිබ්බ තැන සිරීපාදෙ කාර්යාලය ඉදිකළා.

දෙවෙනි සිරීපාද ආකෘතියත් කරදරයක් නැතුව පෙන්න ගත්තා.කියන්න විශේෂත්වයක් ඇත්තෙත් නෑ.හැබැයි පළවෙනි එක තරම්ම සකිලයක් නෑ.මොකද කිව්වොත් අපි හැදුවට කොච්චර හොඳ උනත් එකම දේ දිගින් දිගටම බලන්න මිනිස්සු කැමතිත් නෑනෙ.ඒ නිසා ඊළඟ අවුරුද්දෙ වෙනස්ම මාදිලියක වෙසක් සැරසිල්ලක් හදල පෙන්නමු කියල කට්ටියම සිරීපාද ආකෘතිය ගලවන ගමන් කතාවුනා.එදා ඉඳන් සති ගණනාවක් යනතුරු කට්ටිය එකතු වෙලා නිල සහ නිල නොවන සාකච්ඡා වට ගණනාවක් පැවැත්තුවා.ඒ ඊළඟ අවුරුද්දෙ හදන වෙසක් සැරසිල්ල කුමක් විය යුතුද ගැන තීරණයක් ගන්නයි.අවුරුදු දෙකක්ම සිරීපාදෙ පෙන්නල ලාබෙ හැටියට එකතු වුන යම්කිසි මුදලකුත් අතේ තිබුන නිසා ප්‍රාග්ධනය සම්බන්ධයෙන් කලින් වගේ කරදර වෙන්න තත්ත්වයක් ඇතිවුනෙත් නෑ.සාකච්ඡා කරල, තර්ක කරල, රණ්ඩු වෙලා, බැනගෙන,තරහවෙලා,යාලුවෙලා අන්තිමට වෙසක් සැරසිල්ල ගැන එකඟතාවකට ඇවිත් ඊළඟ අවුරුද්දෙ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන අපාය ආකෘතියක් ඉදිකරන්නට  ඒකමතිකව  තීරණය වුනා.

තීරණේ ගත්තට මදි.එවෙලෙ ඉඳන් පෙන්නන දවස වෙනතුරු එක හා සමානවම කට්ටියම මහන්සි වෙන්නට වෙනවා.නැත්නම් වෙලාවට වෙසක් සැරසිල්ලේ වැඩ ඉවර කරන්නට ලැබෙන්නෙ නෑ.අනික සිරීපාදෙ ගහනව වගේ නෙවෙයි මේ අපායෙ කරන්නට වැඩ අටෝරාසියකුත් තවත් ටිකක් තියෙනවා.මූලිකවම  ඉස්තානයක් හොයා ගන්න,මඩුවක් හදන්න පුවක් ගස් හොයන්න පොල්අතු හොයන්න ගමේම ගෙවල්වල තියෙන පරාල ටික එකතු කරගන්න ආදී වශයෙන් වැඩ ගොඩයි.සුබ නැකතක් බලල සරසපු කිරි අත්තක් පොල් ගෙඩි දෙකක් එක්ක හිටවල පොඩි මහින්දලගෙ කඩේ ඉස්සරහ කෑල්ල ඒ කියන්නෙ පෝටවත්තෙ විනී මහත්තයගෙ කොටසෙ අපේ වැඩේ පටන් ගත්තා.එතන හැම අතින්ම ලේසියි.සමබිම ඒ වගේම ජයබිමක් කියලත් පස්සෙ දැනගත්තා.දැන් කට්ටිය කණ්ඩායම් වශයෙන් බෙදිලා වැඩ කරගෙන යනවා.එක කණ්ඩායමක් මඩුව හදනව තවත් කණ්ඩායමක් අවශ්‍ය රුප හදනව තවත් ටිකදෙනෙක් රූප වැඩකරවන්නට අවශ්‍ය තාක්ෂණය ආදී වශයෙන් මුලික වැඩ පටන් ගෙන තිබුණා.

 ඒ වෙනකොටත් මාව අපේ තරුණ සංගමයේ නිවේදකයා වශයෙන් ඒකමතිකව පත්කරගෙන තිබුණ නිසා මම මේ එක කණ්ඩායමකටවත් අයිති උනේ නෑ.ඒකමතිකව පත්කරගත්ත කිව්වෙ ඇත්තටම මේ වැඩේට කරගහන්න වෙනත් කෙනෙක් හිටියෙම නෑ.ගමේ  එල්ලේ මැච්වල නිවේදනය කරල ඊළඟට සිරීපාද දෙකකත් නිවේදන කටයුතු කරපු නිසාම වැඩේට මාව කලින්ම පත්කරගෙන තිබුණා.ලූලා නැති වලේ කනයා පිනුම් ගහනව වගේ මමත් ලැබුණ තනතුර සතුටින් බාරගත්තා.ඉතිං මුලිකවම මගෙ වගකීම උනේ වෙසක් සැරසිල්ලට අවශ්‍ය කරන ප්‍රචාරය ලබාදීමත් සැරසිල්ලේ නිවේදන කටයුතු කිරීම නිසාත් ඒ වැඩවලට තව සෑහෙන කලක් තිබුණ නිසාත් මම තියෙන හැම වැඩකටම පාහේ උදව් කළා.අපි වැඩියම කැමති උනේ එක තැනකට වෙලා වැඩ කරනවට වඩා වැඩට අවශ්‍ය බඩු බාහිරාදිය සපයන්නටයි.

සැරයක් රීප්ප හොයන්න යනවා තව සැරයක් ඇණ ගේන්න යනවා ඔය විදියට එක සැරේ කරගෙන එන්න තියෙන වැඩ දෙකකට දෙසැරයක් යනවා.බ්රේක් නැති මළකඩ කාච්ච කබල් සයිකල් වල නැගල රූං ගාගෙන එහෙට මෙහෙට යද්දි ගමේ කෙල්ලො වීරයො දිහා බලනව වගේ අපි දිහා බලන්න පටන්ගෙන තිබුණා.ඒ දවස්වල පැඟිරි වයසෙ කෙල්ලො සැට් එකකුත් ගමේ හිටියනෙ.ඔවුන් ටික අපි එකිනෙකාව බෙදාගෙන තිබ්බ කියලත්  පස්සෙ දැනගත්තා.එහෙම තමයි කෙල්ලන්ගෙත් කසන වයසනෙ.අනික අපි ඔය කෙල්ලොත් එක්ක සෙල්ලං කරන්නත් ගිහිං තියෙනවනෙ.වැඩිපුරම කරන්නෙ හැංගිමුත්තං සෙල්ලම තමා.ඕ දහය විස්ස තිහ හතළිහ කියල හැංගි මුත්ත හැංගියෝ නොපෙනෙන තැනක හැංගියෝ කියල එහෙම හොයන එකාව තෝරගෙන හැංගෙන්න දුවනවා.හදිස්සියට හැංගෙන්න තැනක් නැතුව වටපිට බලන කෙල්ලෙක් එහෙම හිටියොත් අහුවෙන්නෙ නැතුව මෙන්න මෙහෙට එනවා කියල බොහොම බැරෑරුම් විදියට කියල කෙල්ලවත් ඇදගෙන රෝල් කරල තියෙන පැදුරු ගොඩක් අස්සට හරි මාගලක් අස්සට හරි රිංගගත්තම ආයෙ හොයනව බොරු.කෙල්ලත් අහුවෙයි කියල බයේ ඇදගෙන යන තැනට නිකම්ම එනවා.ඔය වගේ හැංගිමුත්තං සෙල්ලම කරපු එවුන් නං විස්තරේ දන්නවා ඇති.සෙල්ලම ඉවරවෙලා එළියට ආවට පස්සෙ කෙල්ල සැරින් සැරේ විදුලි කොටන්නා වගේ අර්ථ පූර්ණ බැලුම් හෙලනවා.සමහර කෙල්ලො කසාය බීපු ගොළුවො වගේ බැලුම් හෙලනවා.

කසාය බීපු ගොළුවො බලන හැටි දන්නවද?ඔන්න ගොළුවට අසනීප වෙලා කසාය බොන්න දුන්න කියමුකො.කසාය පට්ට තිත්තයි.කසායේ තිත්ත භාවය ගොළුවට කියාගන්න බෑ.ඒ වෙලාවට ගොළුවගේ මුණ කොහොම ඇද්ද?කසාය බීපු ගොළුව වගේ කියන්නෙ අන්න ඒකයි.ඒ උනාට සමහරවෙලාවට හැංගි මුත්තං සෙල්ලම නිසා කෙල්ලො කෙල්ලො නොරොක් වෙනවත් එක්ක.තෝ මොකටද බොල එයත් එක්ක හැංගෙන්න ගියෙ මමනෙ හැමදාම එයා එක්ක හැංගෙන්නෙ බොල පරට්ටියෙ තෝ ඒක දන්නැද්ද කියල එකියක් කියනකොට, හෑ තොගෙන් අහල හැංගෙන්න බලං හිටියෙ බැල්ලියෙ කියල අනික් එකී හැරෙන තැපෑලෙන් උත්තර බඳිනවා.එහෙම කොකු පටලෝ ගන්නත් ඔවුන් හරි දස්සයි.ඒ වෙලාවට ඔය රණ්ඩු අපට අදාළ නැති නිසා අපි හිමීට එතනින් මග ඇරල මාරු වෙනවා.කවුරු එක්ක හැංගුනාම මක්වෙනවද නේද?සෙල්ලං කරල රණ්ඩු වෙන්නෙ ගහගන්නෙ මොකටද නේද?අනික ඔය අපේ රණ්ඩු අපි හැංගෙන ගෙවල්වල වැඩිහිටියෙක් එහෙම දැක්කොත් දුවපියව් යන්ඩ ආව මෙතන අහුමුලු අස්සෙ රිංගන්ඩ,මුංඩ කාල තෙලේ වැඩිවෙලා.දුවපියව් ගෙවල්වලට කියල එලව ගන්නව නොවැ.ඒ සෙල්ලමේ තියෙන ගතිය උන් දන්නවැයි.

ඔය පරණ වැඩිහිටියොත් ඔහොම කියනව නොවැ.ඒ ගොල්ල සෙල්ලං ගමන් යනවා,සෙල්ලමේ යනවා කියන්නෙ විනෝද ගමන් වලටයි.මං හවස්කොරේ සෙල්ලමටත් එක්ක ඒ පැත්තෙ එඤ්ඤංකො කියල සීයල කියන්නෙ හවසට මම ජොලියටත් එක්ක එහෙ එන්නං කියන එකනෙ.සෙල්ලං නිරිඳු කියල රජ කෙනෙකුත් ඉඳල තියෙනව නොවැ.ඇයි සෙල්ලං නිරිඳු වඩිනා කුණ්ඩසාලේ කියල කවියකුත් තියෙන්නෙ.දැන්නං ඔය සෙල්ලම කියන එකට විවිධ අර්ථකතන දීල තියෙන නිසා කියවෙන්නෙම නැති ගානයි.අපි රාජ්‍ය පරිපාලනේ වැඩ කරන කාලෙ අපේ අංශෙ හිටපු වීරක්කොඩි කෙල්ලො ලඟට ගිහිං මම හවහට ඒ පැත්තෙ එන්නංකො සෙල්ලමටත් එක්ක කියනවා.කෙල්ලොත් අරින්නෙ නෑ,අනේ එහෙනං ආවෙ නැතුවට කමක් නෑ කියනවා.

ඉස්සර අපේ සීය මාත් එක්ක හවසට රජවත්ත පැත්තෙ යනවා.සීයගෙ මී හරක් බාන් කීපයක් මේච්චල් කරන්න වත්තෙ සීයගෙ හිතවත් කෙනෙකුට දීල තිබ්බා.හීයකට මැඩවුමකට හරක් උවමනා උනහම පණිවිඩේ කියන්න ගිහිං මැංගුස් කොටුවෙන් ගෙඩිත් කාල එහෙම ආපහු එනවා.එමින් ගමන කුරුළු පිහාටු අහුලන්න කොක්මොට කඩන්න එහෙම රජවෙළට පනින්න හැදුවට සීය බනිනවා.කූඩැල්ලො එල්ලගන්නෙ නැතුව මෙන්න මේ නියරට වරෙන් කියනවා.කූඩැල්ලන්ට නං මම කොහොමටත් බය නෑ.ඕක මොකද්ද සබන් පොත්තක් තියපු ගමන් වැටිල යනවනෙ.ඒ උනාට සමහරු නං වල් අලින්ට වඩා කූඩැල්ලන්ට බයයි.

ඔන්න දවසක්දා අපි වෙලේ එල්ලේ ගගහ ඉද්දි දරදරාං ගාල මහා සද්දක් ඈතින් ඇහුනා.හරියට පිට සක්වළ යානාවක් ඇවිල්ල වගේ.සද්දෙ ඇහුනෙ රජවෙළ පැත්තෙන් නිසා අපි කට්ටියම මෙලෝ සිහියක් නැතුව හැති මුනින් දාගෙන ගමේ එහා කෙරෝලේ රජවෙළට දිව්වා.සෙනග ඊස් මීස් නැතුව නියර දිගේ වෙලේ උඩහට දුවනවා.බැලින්නං කොල්ලෙක් වෙල හරහට යන 33000 ලයිට් ලයින් එකේ කණුවක උඩ එල්ලිලා ඉන්නව.එල්ලිලා කිව්වට වැටිල කණුවේ යකඩ කඳන් අතරෙ ඔලුව පහළට හිටින්න  හිරවෙලා,කොල්ලට සිහිය නෑ අත පය එහෙට මෙහෙට වනනකොට කරන්ට් කම්බිවල වදී කියල පහළ ඉන්න අම්මල  එපා කියල කෑ ගහනව,එක කම්බැල්ලෑවයි.වෙලා තියෙන්නෙ මොකක්ද කියල හොයල බලපුවම කොල්ලො කීප දෙනෙක් සරුංගල් අරින්න වෙළට ඇවිත් එකෙක්ගෙ සරුංගලේ ලයිට් කණුවේ පැටලිලා ඒක බේරගන්න කොල්ල ලයිට් කණුවට නැගල තියෙනව.සරුංගලේ ගන්න අත දික්කරද්දී ලයිට් කම්බියට අත ලංවෙනකොටම මහා සද්දෙකුත් එක්ක කොල්ල විසික්වෙලා ගිහිං කණුවේ පැටලිලා.කොල්ලට කරන්ට් වැදිල නෑ වැදුන නං ඌ එතනම අඟුරු වෙනවා.පස්සෙ විදුලිබල මණ්ඩලේට පණිවිඩ යවල ලයින් එකේ කරන්ට් කපල කණුවට නැගල කොල්ලව බේරාගත්තා.හොඳටම පිච්චිලා තිබුණ කියලයි විදුලිබල මණ්ඩලේ වැඩකරන සෝමෙ එහෙම කිව්වෙ, ඉස්පිරිතාලෙ ටික දවසක් තියල පස්සෙ ගෙදර ගෙනත් කෙහෙල් කොළ උඩ නිදිකරවල සිංහල බේත් කරල සනීප කළා.

ඌ එදා ඉඳන් කෙහෙල්කොළයා උනා.ඔහොම නං වැටුණු තව කීප දෙනෙක් වත්තෙ හිටියා.වත්තෙ කොණ්ඩ සාපින් මාමගෙ බාල කොල්ලට පොළොං තෙලිස්සෙක් කාල බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තා.එදා ඉඳල කොල්ලට පොළොංතෙලිස්සා කියල නම වැටුනා.තව පොඩි එකෙක් හිටිය මූ කළුම කළුයි.සුදු වෙන්න ගාන දෙයක් නැද්ද කියල ඔක්කොගෙන්ම අහනවා.කොල්ලො සොලිග්‍රෑම් ගාපිය කියල කළු දර්මයා කියපුහම  මු මුණේ පැත්තක සොලිග්‍රෑම් ගෑවා,සොලිග්‍රෑම් කියන්නෙ ලී වලට ගුල්ලො ගහනවට ගාන සැර බේතක් නොවැ.කොල්ලගේ මුණේ පැත්තක්ම හමගියා.එදා ඉඳල ඌ සොලිග්‍රෑම්. ඔය වගේනෙ අපේ කුවින්ටස් ට නම වැටුනෙත්.යකෝ මුට තාම නමක් දාගන්න බැරි උනානෙ කිය කියා හිටපු කොල්ලො දවසක් මොකද්ද එකකට කුවින් කුවින් කිවා.කුවින් හරියන්නෙ නෑ බං කුවින්ටස් කියපල්ල කියල මම කිව්වා.එච්චරයි.ඔන්න ඊට කාලාන්තරේකට පස්සෙ මම ටවුමෙ ඉඳන් ත්‍රීවීල් එකක ගෙදර එනවා.දහඅටේ කන්ද උඩදි මල්ලි ඔය තිලකෙගෙ  වැඩපොළ ළඟින් වමට හරවන්න කියපුවම  ත්‍රීවීල් කොල්ල මගේ මුණ දිහා බැලුවා.කවුද අයියෙ තිලකෙ කියන්නෙ?කොල්ල මගෙන් අහනවා.ඇයි මල්ලි ඔය වැඩපොළ දාගෙන ඉන්නෙ!ඒ කුවින්ටස් අයියනෙ! ගෙදර යනකල්ම  මට තනියෙන් හිනා.ආයෙ ඔන්න දවසක් අපි මැච් එකක.අපේ පැත්තෙ පොඩි එකෙක් ටොප් එකට සෙල්ලං කරනවා.මේ කොල්ලගෙ ළඟින් එහාට බෝලෙ යන්නෙම නෑ.මේකා ටොප් කොල්ලෙක්නෙ වෙනුජ හරියට මාලන් වොන්හාට් වගේ ෆීල්ඩ් කරනවනෙ.මම වෙනුජට කිව්වා.වෙනුජත් මගේ කතාව ඉතසිතින් පිළිගත්තා.කොල්ලගෙ නම රංජිත්.අපි ඒ වෙලාවෙ විහිලුවට ඌට මාලන් කීවා.කියල ඒ කතාව එතනින් අමතක කළා.ඒ සිදුවීමෙන් කාලාන්තරයකට පස්සෙ ඒ කියන්නෙ අවුරුදු විස්සකට විසිපහකට විතර පස්සෙ මම ඉන්දියාවෙ චෙන්නායි වල වැඩ කරන කාලෙ මට මංගල ආරාධනා පත්‍රයක් ලැබෙනවා.බලපුවම මේ අපේ කතානායකයාගෙ මගුල් කාඩ් එක.කාලෙ ගෙවිල ගිහිං පොඩි එකා තරුණයෙක් වෙලා දැන් රෙදිමෝලෙ වැඩ.කසාදයකුත් කරගන්න යනවා.මගුල් කාඩ් එක මෙහෙමයි. 
             
              සුමඟුල් ඇරයුමයි 
..........මහතාගේ සහ එම මහත්මියගේ දෙටු පුත් 
               රංජිත්(මාලන්)


වැඩපොළේ කිසි කෙනෙක් රංජිත් කිව්වට මේ කොල්ලව දන්නෙ නැතිලු.ඒ  නිසා මගුල් කාඩ් එකට පටබැඳි නම දාන්න උනා කියල මම ආරංචි කරල බලපුවම දැනගන්නට ලැබුණා.ඉතිං කතාවෙන් කතාවෙන් වෙසක් කතා ගොඩක් ලියවුනා.නවත්තන්නත් වෙලාව හරි.තවත් වෙසක් කතා ටිකකුයි දන්සල් කතා ටිකකුයි ආයෙම ලියන්නංකො.

සියලු දෙනාටම මෝහාන්ධකාරය දුරුවූ සුබ වෙසඟක් වේවා!!!


114 comments:

  1. "හැබැයි පළවෙනි එක තරම්ම සකිලයක් නෑ"
    අයිසෙ හැලපෙ මොකදම සකියල කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. සොරි අයිසෙ චුට්ටක් තැපලුනා.
      "මොකක්ද මේ සකිලය කියන්නෙ?" වෙන්න ඕනැ.

      Delete
    2. අයිසේ කිසි ගතියක් නෑ

      Delete
    3. අප්පට හුඩු මේ අයිසෙ ඇනෝ නොවැ.
      සකිලයක් නෑ කියන්නෙ කළඑළියක් නෑ එහෙම නැත්නං සරු නෑ කියන එකයි.තේරුණාද අයිසෙ ඇනෝ.

      Delete
    4. හැපලතුමා , මේක අයින් කරන්න... මුන්ට වෙන තැන නැතුවද මන්ද මෙව්වා මේ තැන් වල දාන්නෙ..

      Delete
  2. /* ලූලා නැති වලේ කනයා පිනුම් ගහනව වගේ මමත් ලැබුණ තනතුර සතුටින් බාරගත්තා. */

    රටින් පිට ඉන්න කොට ඔය වගේ දේවල් වීමේ සම්භාවිතාව තවත් වැඩියි!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.පිටරටදි ඔය වගේ අයගේ හිඟයක් අඩුපාඩුවක් තියෙනවා තමා.

      Delete
  3. /* සමහරවෙලාවට හැංගි මුත්තං සෙල්ලම නිසා කෙල්ලො කෙල්ලො නොරොක් වෙනවත් එක්ක.තෝ මොකටද බොල එයත් එක්ක හැංගෙන්න ගියෙ මමනෙ හැමදාම එයා එක්ක හැංගෙන්නෙ බොල පරට්ටියෙ තෝ ඒක දන්නැද්ද කියල එකියක් කියනකොට, හෑ තොගෙන් අහල හැංගෙන්න බලං හිටියෙ බැල්ලියෙ කියල අනික් එකී හැරෙන තැපෑලෙන් උත්තර බඳිනවා. */

    අයියෝ සුන්දර ගැමි ලළනාවන් ගැන තිබුණු මොකක්ද හැඟීම එහෙම්මම නැතිවෙලා ගියා ඒ කතාව දැකලා!

    ReplyDelete
    Replies
    1. ගැමි ලලනාවMay 7, 2015 at 1:13 AM

      අපිත් මිනිස්සු බාං !

      Delete
    2. නිර්මල සුන්දර ගම එදා තිබ්බෙත් නෑ අදත් නෑ.ඔය සුන්දර කතා තිබුනෙ පොත්වල විතරයි.ගංවල ගෑනු රෙදි ගැලවෙන්න එදත් බැනගත්තා.

      Delete
  4. ඔය නම් දාන එක මරු වැඩේ නේද?
    අපේ ගමේ කොල්ලෝ සෙට් එකේ තිබ්බ නම් ටිකක් මතක් වුණා.

    එකක් බර්ටි ගෙදර මිනිස්සු කතා කලේ එහෙම අපි කතා කලේ බොට්ටා සමහර වෙලාවට බෝටි. උගේ ඇත්ත නම දිනුෂ ද කොහෙද

    තව නිවුන් ඩබලක් හිටියා උන් දෙන්න එකෙක් ලෙඩා අනිකා බඩා
    උන්ගේ මල්ලි හනුමා

    තව එකෙක් හිටියා ඌ දොඩ්ඩා උන්ගේ වාස ගම වුනේ දොඩම්මුල්ල.

    තව එකෙක් හිටියා මැක්කා

    මට කිව්වේ පැත්තා හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. සුපිරි නම් ටික පැතුම්.ආසාවෙ බෑ.

      Delete
    2. පැතුම් සහෝදරයා කිව්වම මතක් උනා මටත් ඔය වගේ පරිණාමය වෙන නමක් තියන එකෙක් අපේ ගමේ ඉන්නවා. උගේ නම බර්නාඩ් , එක දැන් බර්නාට් වෙලා බෝනට් වෙලා දැන් නිකන්ම නිකං " "බෝනා"
      තව පොරක් හිටිය, බුවා මළා. ෆ්‍රැන්සිස් තමයි නම . ෆ්‍රැන්සිස් පුරන්සිස් වෙලා පුරන්සිස් පුරන් වෙලා අන්තිමට නිකන්ම නිකං "පුරා" වෙලා හිටියෙ.(වීර පුරන්අප්පු හැදුනෙත් ඔහොම වෙන්ටැති )

      Delete
  5. වෙසක් තොරණක් මැ අටවලා තියෙන්නේ! කොහොමත් ගමේ උන් දන්නේ වෙනමම නමකින් තමයි! පිටින් එකෙක් එහෙම ඇවිත් හෙව්වොත් හොයනවා බොරු

    ReplyDelete
    Replies
    1. ඇයි බං කැම්පස් වලත් එහෙම නේද.කාඩ් එක නැත්නං හොයාගන්න බෑ නේද?

      Delete
  6. උඹ ඔයිට කලිනුත් ඔය හැංගිමුත්තං වගේ xxx rated කතා කීයක් පටන් අරන් පාඨකයෝ අතරමං කලාද!

    ඔය නම් දැමිල්ලෙන් සමහරු ජීවිත කාලෙම හිතෙන් පීඩා විඳිනවා මචං. අපේ පැත්තේ කුකුල් පවුලක් හිටියා. ගෙදර හැමෝම කුකුල්ලු සහ කිකිළියෝ. මට නම් හිතුනේ ඒක මහාම අප්සෙට් වැඩක් කියලයි.

    ReplyDelete
    Replies
    1. ඈ.. අපේ සෑර් ඉන්නවා.

      Delete
    2. අතරමං කළේ නෑ බං පස්සට කල් තිබ්බා.ආයෙ දවසක ඉතුරු හරිය ලියනවා.
      ඔහොම පවුල්වලටම නම් දැමිල්ල අප්සෙට් වැඩක් නේන්නං.අපේ ගමේ හිටියා හාවා කියල.ඉතිං මුළු පවුලම හාවොයි හාවියොයි.ආයෙ අලියා.මුළු පවුලම අලි.

      Delete
  7. නම් ගැල කිව්වා ම අතීතය ම තමා මතක් වෙන්නේ හැලප(අ)යියේ....... ලියැවිල්ල සුපිරියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ළමයි.

      Delete
  8. අයියෝ අපාය ගැන ලියවිලා නෑ නෙව. අර හැංගිමුත්තං කෙලිය නං නියමයි.
    ඔය අන්වර්ථ නාමයන් කරලියට ආවෙ මට මතක විදියට මියගිය එම්.කේ.රංජිත් හෙවත් චන්ඩි මල්ලිගෙන්. එයා තමයි චන්ද පෝස්ටරයට අන්වර්ථ නාමය දැම්මෙ. දැං නං චොකා මල්ලි, රත්තරං, පොඩිපුතා වගේ අටෝරාසියක් නම් දානව.

    ReplyDelete
    Replies
    1. ඕ යේස් රාජ් අයියා ..දම්මුල්ලේ චන්ඩි මල්ලි.
      ඇයි පී කේ සෝමසිරි..ලයන් හිච්චි මහත්තයා ??

      Delete
    2. ඔහොම යනකොට කවදාහරි අපාය ගැන ලියවෙයි බං.හැංගිමුත්තන් කෙළිය ගැන අත්දැකීම් උඹටත් තියෙනවද?

      Delete
    3. පත්තර,
      ලයන් හිච්චි මහත්තය අමතක වුනා. පෙරේද අඩියක් ගහන්න තංගල්ලෙ රෙස්ට් හවුසියට ගිය වෙලේ බුවත් ඇවිල්ල හිටිය මතකයි. දැං සෑහෙන්න වයසයි පොරට

      Delete
    4. //පෙරේද අඩියක් ගහන්න තංගල්ලෙ රෙස්ට් හවුසියට ගිය වෙලේ //

      හීල්ලුනා … :D

      Delete
    5. ඇඩෙනවා...
      මොකටද අපි මේවා අහන්න ඡිවත් වෙන්නෙ

      Delete
  9. මේ වතාවේ හොල්මන් මන්දිර, ඇටසැකිලි නං දැක්කේ නෑ. ඒකට හරියන්න කලිසන් දනිහේ තියෙන , විදින්න පුළුවන් හැම තැනකම විදලා කරාබු දාල ඉන්න යම පල්ලෝ වගේ කොලු කුරුට්ටෝයි, ඕනෑ තැනකට තෙල්ගාල බස්සන ඩෙනිම අදින කෙලී පැටික්කියොයි පිරිලා හිටියා. ඉස්සර නං අපි වෙසක් කියපුවාම කූඩු, තොරන් ගැන කතා කලාට , දැන් එව්වෝ ඉන්නේ දන්සල් සිහියෙන්

    //ඔය වගේ හැංගිමුත්තං සෙල්ලම කරපු එවුන් නං විස්තරේ දන්නවා ඇති.සෙල්ලම ඉවරවෙලා එළියට ආවට පස්සෙ කෙල්ල සැරින් සැරේ විදුලි කොටන්නා වගේ අර්ථ පූර්ණ බැලුම් හෙලනවා.සමහර කෙල්ලො කසාය බීපු ගොළුවො වගේ බැලුම් හෙලනවා.// අප්සට් වගේ නේද

    ReplyDelete
    Replies
    1. කතාව නං සැටිපිකෙට් ඇත්ත රොටියෝ.
      ඔව් චුට්ටක් විතර අප්සැට් තමා.

      Delete
  10. අද මුල හරිය නිකං අට පට්ටම වගේ. කෝ ඉතිං හැලපයියෙ අපාය?

    මාධවීලෑ ගෙවල් පැත්තෙ ඉන්නවා බලදේව කියලා පොරක්. පොරට කියන්නෙ බලයා. මිනිහගෙ පුතා අලගුඩ්ඩා!

    ReplyDelete
    Replies
    1. එතකොට බලයගෙ වයිෆ් කෙළවල්ලද බං :D

      Delete
    2. අටපට්ටම හැදුවෙ මේ වෙසක් එකට.අපායෙ විස්තරෙත් පස්සෙ ලියමු.
      නියමයි.බලයගේ පොඩිඑකා අලගොඩුව නේන්නං.හරිම නිර්මාණාත්මකයි.

      Delete
    3. මාව කාලා....
      පත්තරේ, කවද්ද බං බලයො කෙලවල්ලන්ට ........වෙ.

      Delete
    4. නෑ බං....බලයා ඇටවල්ලාගේ වයිෆ්....එකම පවුලෙ ඇවැස්ස නෑනා නොව...ඕක දන්නෙ නැද්ද...? අපි කුඩාවැල්ලෙ හරිය....

      Delete
    5. ආ එහෙමෙයි … ඔහේ කුඩාවැල්ලෙය ?? : D

      Delete
  11. නියම ආකෘතියෙන් යුත් හැලපක තාවක්.. උඹ මාතගෙන් නං අහගන්නවා පොඩි කාලේ ගැල්ලමයි එක්ක හැංගි මුත්ත හැංගියෝ විතරක් කර කර හිටියා කියලා...ඒක නෙමෙයි බං අර බොගේ මිසදිටු පෙරටුගාමි පුතන්ඩියා කෝ...

    ReplyDelete
    Replies
    1. මාතාත් ඔය සෙල්ලං කරල ඇති මයේ හිතේ.
      අනේ බං කුරුටුගාමියා සෑහෙන දවසකින් කතා කළෙත් නෑනෙ.

      Delete
  12. මේක කියවනකොට මට මතක්වෙන්නේ වෙසක් එකට මම හදන්න ඉන්න බට කූඩුව ගැන, හැම පාරම උන බට ලී ගෙනල්ලා හදන්න හිතන් හිටියත් අන්තිමට වෙන්නේ ප්ලාස්ටික් කූඩු ගෙනල්ලා අලවලා එල්ලන එක

    ReplyDelete
    Replies
    1. එන අවුරුද්දෙ ජනවාරි විතර ඉඳන් සූජානං උනානං මැයි වෙද්දි හදාගන්න පුළුවන් වෙයි.

      Delete
  13. අහෝ කල්‍යාණ මිත්‍ර- නොදිටි අපාය :p

    යකුනේ අර 33000 Arc Flash එකට සෙට් වෙලා පිච්චිලා විතරක් බේරුණු කෙහෙල්කොලයාට නම් තියෙන්නේ බළල් පනක්. නැත්නම් ඒකා කරන්ට් වදිනෙක කෙසේ වෙතත් කණුවෙන් පහලට දෙරි ගැහිලා ඉහමොළ කුඩුවෙන්න එපැයි. ලයිට් කණුවේ දෙබලක හිර උනා කියන්නේ එතනම උගේ වාසනාව තිබිලා තියෙනවා මැරෙන්නේ නැතුව ඉන්න. ඉස්සර ඔය ඇඟ පුරාම කුට්ට (කුෂ්ඨ ) දැම්මමත් ඔය වගේ කෙසෙල් කොළවල තියාගෙන බෙහෙත් කරනව නේද? ඇඳුම් මොකුත් අන්දන්න බෑනේ ඇලෙනව. තව එකක් පැපොල හැදුනම කොහොඹ කොළ උඩ නිදි කරවනවා.. ඒ නම් වැඩිපුරම ඇඟ සිසිල් වෙන්න.
    මං මේ කල්පනා කරන්නේ හැලපයියගේ මේ තොරණෙන් පෙන්නපු ජාතක කතාව මොකක්ද කියලා..

    ReplyDelete
    Replies
    1. හරි හරි උඹ යන්න ඉන්න තැන නේද?ඉතිං ගිහිල්ලම බලාගන්න බැරිද?එක්කොත් මම පස්සෙ කියන්නංකො.මොකටද ආයෙ.
      ගම්පහින් කෝච්චියට නගින අපේ එක යාලුවෙක් හිටියා.ගමපහ මාළු මාකට් එකේ මේ සැරේ දැතිමෝර ජාතකේ ගහල තියනව කියල ඌ ඇවිත් කියනවා.

      Delete
  14. රජ වත්ත, රජ වෙල කවුද හැලපෙ වදුරව හිටපු රජා? හැබැයි මම පොඩිකාලෙ රජයිය කියල කෙනෙක් ඒ පැත්තෙ හිටිය.
    වෙනුජ කියන්නෙ සිංදු කියන කෙනා නේද?
    හැංගි මුත්තං පැදුරු අස්සෙ ? අපි හැංගුනේ වී පෙට්ටියේ හොයන එකාට කියලම .

    ReplyDelete
    Replies
    1. ඔය බං අර බේකරියේ රජා නොවැ.වෙනුජ සිංදුත් කියනවද?
      චඃ බං වී පෙට්ටියෙ ගන්න දෙයක් නැතුව ඇති නේද?

      Delete
    2. තනි වී . :D : හුකෑස්

      Delete
  15. කියලා වැඩක් නෑ හැලපේ.. මම රිකට් රෝහිණි ලියන එක් අල්ලලා දැම්මේ මේවත් එක්ක ඒක කිට්ටු කරන්න බැරි නිසා..

    දැන් වෙසක් වලට ටී වී කාරයෝ පෙන්නන්නේ ධාතු ප්‍රදර්ශන නොවැ.. ඕන් බලයන් ත්ව වෙසක් දෙකක් තුනක් යන කොට රට පුරාම නිසැක ධාතූ පෙන්නන්නේ නැද්ද කියලා.. මුන්ට හෙන ගහන්න ඕන ජනතාව මෙහෙම ගොනාට අන්දනවට...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බාගෙට ලියපු කතාව ඉවරකරපන්.
      මටත් බං මේ ශ්‍රද්ධාව විකුනං කන උන් එක්ක නං මල පැනල ඉන්නෙ.

      Delete
  16. අයියව නිවේදක කටයුතු වලට ගත්තයින් අපායෙ එක යකෙක් අඩු වෙන්න ඇතිනෙ ඉතින් !!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මහ යකෙක්මලු අඩු උනේ.ඒ උනාට වැඩේ ගොඩ දාගත්තලු.

      Delete
  17. සෙල්ලං නිරිඳු කිව්වෙ නරේන්ද්‍රසංහ රජ්ජුරුවන්ටයි. ලංකාවෙ අන්තිම සිංහල රජුජුරුවො (ගොංගාලෙගොඩ බණ්ඩා නොවෙන්න)

    ඉතිං හැලපයියෙ ලියහංකො අපාය ගැනත් විස්තර...

    මේ පහුගියදා මොඩන් අපායක් ගැන කාටුන් එකක් තිබුණා, ඒකෙ පවුකාරයින්ගෙන් ප්‍රශ්න අහනවා විතරයි ලු, දඬුවම් දෙන්නෙ නෑලු.

    ReplyDelete
    Replies
    1. අයියයි මල්ලියි හැංගිමුත්තං කරන ‍සීන් එකක් අපේ යාළුවෙක් කිව්වා, දවසක්. උංගෙ තාත්තා අරක්කු බාගයක් ගෙනත් හංගලා තිබ්බලු, ඇඳ යට. අයියයි මල්ලිය් මාරුවෙන් මාරුවට හැංගෙනවලු ඇඳයට. ටිකකින් දෙන්නම වැනෙනවලු.

      Delete
    2. ඩූඩ්ගේ කතාවක් නෙ බන්/

      Delete
    3. ඩ්‍රැකියෝ.. පළවෙනි කොමෙන්ටුව පට්ටයි යකෝ...

      Delete
    4. ලියනව ලියනව බොලා කියන හින්දම අපාය ගැන විස්තර ලියනවා.
      මොඩන් අපාය දැන් නැගල යනව බං.ගිය උන්ට පුල් සැප.

      Delete
    5. පවුකාරයින්ගෙන් ප්‍රශ්න අහන ගමං ඉස්පිරිතාලෙ ගෙවන වාට්ටුවට යවනවා, වගේ එකකුත් ඇඩ් කළානං තව හොඳයි මයෙ හිතේ

      Delete
  18. පටන් ගත්තේ කූඩුවෙන්, ඉවර උනේ වෙන කොහෙන්වත්ද මන්දා?

    කොහොම උණත් වෙසක්, අවුරුද්ද සුන්දර දෙයක් උනේ ඉස්සර. දැන් එව්වා අපිට ජොලිත් නෑ, අපිට පොඩි පරම්පරා වල උන්ට ජොලිත් නෑ.

    ReplyDelete
    Replies
    1. පටන් ගත්තෙ අපායෙන්.ඉවර උනේ මඟුල් කාඩ් එකකින්.
      දැන් ඉන්න අයට ජොලිය තියෙන්නෙ වෙන වෙන දේවල්වල.

      Delete
  19. වෙඩිං කාඩ් එකට අන්වර්ථ නම දැම්මම මොකද වෙන්නෙ ඔය උසාවි වලයි, පත්තර වලයිත් ඒව දාන එකේ.
    අපාය අස්සෙ රිංගපු එවුවෙ වැනි වැනී එලියට ආවෙ එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපේ හිටියා ලේනා කියල එකෙක්.. උගේ බබාට කියන්නෙ ලේන් පැටියා :

      ඇයි අපේ "සර්කස් විචා" :D චැහ්

      Delete
    2. පෙ‍ාරට කියන්න ඕන වීදුරුව කියල. :D

      Delete
    3. ඇත්ත තමයි.සමහරුන්ට ඔය ඕනෑ තරං අන්වර්ථ නම් තියෙන්නෙ.
      අපි තාම අපාය පටන්ගත්තෙ නෑනෙ.ඒ හරිය ලියනකොට වෙච්ච වැඩ ලියන්නං.

      Delete
    4. @ පත්තර මල්ලිMay 7, 2015 at 4:55 AM

      ඇයි අපේ "සර්කස් විචා" :D චැහ්

      අඩා පත්තරයා....................... ගානවා තොගේ පස්ස පැත්තෙත් සොලීග්‍රෑම්.

      Delete
  20. හප්පේ කතා කීයක මික්ස් එකක්ද මේක.. මරු මරු..

    ReplyDelete
    Replies
    1. කතා හතර පහක්ම තියෙනවා නේද.තැන්කු තැන්කු.

      Delete
  21. හැලපය්යේ ,
    මාලන් වොන්හාට් කියන්නේ කටුගස්තොට ශා / අන්තෝනි විදුහලට cricket ගහපු දක්ෂ හැබැයි ප්‍රසිද්ද නැති ක්‍රීඩකයෙක්. රංජිත්ට නම දාන්න මාලන් මතක් උනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඌ ටිකක් මාලන් බ්‍රැන්ඩෝ වගේ ලූ..

      Delete
    2. kapilawasthu,
      මාලන් වොන්හාට් ප්‍රසිද්ධ වුනේ නැතුවට ඔහුගේ දක්ෂකම් ගැන අපි දැනුවත්ව හිටියා.ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට නොහැකිවීමට ඔහුගේ වෙලාව හොඳ නැතිකම කියනව ඇරෙන්නට වෙන දෙයක් කියන්න නෑ.නමුත් ඔහු 1984 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස එකතුවුනා.තිබුන එකම ටෙස්ට් තරඟයේදී එක් අවස්ථාවක කවුරුන් හෝ ක්‍රීඩකයෙක් වෙනුවට ඔහු පන්දු රකින්නට ආවා.එවෙලේ ඉයන් බෝතම් ඉතා පහතින් එල්ල කළ වේගවත් ප්‍රහාරයක් ඔහු තණ තිල්ල අසලම පන්දු රකිමින් උඩ පන්දුවක් ලෙස රැකගෙන බෝතම් ආපසු යැව්ව ආකාරය අදත් මගේ හිතේ නොමැකී තිබෙනවා.ඒ විශිෂ්ට පන්දු රැකීම ගැන ජාත්‍යන්තර විචාරකයින් එදා දවස පුරාම කතා කළා මට මතකයි.
      මාලන් වොන්හාට් ලංකා කණ්ඩායමට ඇතුල් නොවීම ඔහුගේ අවාසනාව මිසක දක්ෂකම්වල අඩුපාඩුවක් නොවෙයි.අද ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක් ලෙස ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බව මේ ලඟදි දැනගන්නට ලැබුණා.

      Delete
    3. හැලප,

      අති දක්ෂ පන්දු රකින්නො ගැන කියනවනම් මට මතක් වෙන්නෙ මුලින්ම ඩේවිඩ් හයින්..උඹට මතකද? මාර හැන්ඩියා..සුද්දෙක් වගේමයි. කවර්ස් වල ෆීල්ඩ් කලේ.එන්.සී.සී. සෙල්ලම් කලේ. මිනිහගෙ තාත්ත 1970 විතර හමුදාපති වෙලා හිටිය. මේජර් ජෙනරල් රසල් හයින්. ඊට පස්සෙ රෝයි ඩයස්, කාල්ටන් බර්නඩස් සහ බර්නාඩ් පෙරේරා.....

      Delete
    4. රවී,
      මේ ලඟදි 1975 ශ්‍රී ලංකා කණ්ඩායමේ පින්තූරෙ ආපහු දැක්කා.ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අතරෙ වෙනත් රටක එකෙක් වගේ ඩේවිඩ් හයින් හිටගෙන ඉන්නවා.විනෝදන් ජෝන් කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වෙන්න යනවා කියල විස්තරයකුත් දැක්කා.

      Delete
  22. අපායෙ විස්තරෙත් කියලා හිටියානම් හොඳයි......

    ReplyDelete
    Replies
    1. අපායෙ විස්තර ටිකත් ඉදිරියේදී කියමු.

      Delete
  23. හනේ.......ඒ කාලේ අපේ වයසක උන්දලාට අපි අර වගේ හැංගිමුත්තන් කෙලිනවා පෙන්නන්න බැහැ. කෝ ඉතිං අපි කැමති වුණත් දැන් ඉන්න එවුං හැඟී මුත්තන් කෙලින්නේ ගෙවල් වලින් පිටදි නේ. මම දැක්කා පිචර් හෝල් එකකදී ජෝඩුවක් කටට කට තියාගෙන, දෙබස් කවනවා. හ්ම්.........................

    අපේ රෙජිමේන්තුවේ සොදාදුවෙක් හිටියා 'දෙයියා' කියලා. ඌට ඒ නම් වැටුනේ, ක්‍රියාන්විතයක් පටන්ගන්න කලින් දවසේ, මූව පොලොන් තෙලිස්සෙක් කාල, හමුදා රෝහලට ඇතුලත් කරන්න වුණා. ඒ ක්‍රියාන්විතයේදී, සෑහෙන ගානක් මැරුණා/තුවාල වුණා. මූ හමුදා රෝහලෙන් ආපහු කෑම්ප් එකට ඇවිත් කියනවලු, 'එදා මාව කෑවේ සර්පයෙක් නෙවෙයි දෙයියෙක්' කියලා.

    ReplyDelete
    Replies
    1. විචාත් ඇතිවෙන්න හැංගිමුත්තන් කෙළිය කරල තියෙනව වගේ පේනවා.පසුකාලීනව අපිත් පිචර් හෝල් වගේ තැන්වල හැංගිමුත්තන් කෙළින්නට උසස්වීම් ලැබුවා.

      Delete
  24. අනේ අම්මේ, හැලපයෝ , ඔය වගේ නම් හැදිච්චි සීන් නම් කොච්චරද?

    ඒ ඔක්කොම මතක් වුනා ඔහේගේ මේ පොස්ටුව දැකලා..

    ReplyDelete
    Replies
    1. මේ නම් කේස් එක කාටත් පොදු දෙයක් විභීෂණ.ඒ නිසා හැමෝටම කියන්නට කතාවක් තිබෙනවා.

      Delete
  25. හැලපතුමා අපාය මිස් කොරල. අපේ ගෙවල් ගාව අපි පුංචි කාලේ ලොකු සෙට් එක හැදුව මරු අපායක්. වැඩේ නැගලම ගියා. ඉස්ටෙජ් එකක් ගහල ඒක උඩයි හැදුවේ. ඉස්ටෙජ් එක යට තමයි යාන්ත්‍රිකව වැඩ කරවන සුකුරුත්තම් තිබුනේ. මෝටර් වලින් කරකවන බයිසිකල් රීම් කීපයක් තිබුන ඉස්ටෙජ් එක යට. ඒ බයිසිකල් රීම් වල නූල් ගැටගහල ඒ නූල් වලින් තමයි ඉස්ටෙජ් එක උඩ තිබුන රූකඩ ක්‍රමේට හදපු යමපල්ලෝ සහ දඬුවම් කාරයෝ වැඩ කලේ. ටකු ඉඹුලේ යන විදිය, ලෝදිය හලියකින් දඬුවම් විඳින එකාට හැන්දකින් ලෝ ඩිය පොවන විදිය, කියතක් කකුල් දෙක අස්සෙන් දාල ඉරන විදිය, කපුටෝ වැටිලා ඉන්න මිනිහෙකුගේ බඩවැල් එලියට අදින විදිය, යාම රජ්ජුරුවෝ ඔලුව කරකව කරකවා සිංහාසනයක් වගේ එකක් උඩ ඉන්න විදිය, වගේ දේවල් ගොඩක් ඉස්ටෙජ් එක උඩ ක්‍රියාත්මක උනා. ඒ මදිවට ගමේ කොල්ලො ඩබ් කරපු කැසට් පීස් එකකින් මිනිස්සු කෑගහන හැටි , යම රජ්ජුරුවෝ දඬුවම් නියම කරන විදිය වගේ දේවල් එක දිගට ප්ලේ කරලා තිබ්බ. මරු වැඩක් තමයි. හැලප අපායේ විස්තරෙත් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිත් කළේ එහෙමම තමා, මඩුවෙ ස්ටේජ් වගේ හදල ඒ උඩ රූප තිබ්බා.පහළින් මොටරේකින් දිග පුවක් කඳක් කැරකෙව්වා.2x2 පොලුවලට ලණු බැඳලා වැඩකෙරෙව්වා.මෙහෙම නිකං කිව්වට වැඩේ හරි සංකීර්ණ එකක් උනා.
      මඩුවෙ තිබ්බ කොටු පහක්ද හයක්ද කොටුවල විස්තරේ වෙනම රෙකෝඩ් කරල දැම්මා.ඊට අමතරව යමපල්ලන්ගේ සද්ද වද දෙනකොට ඇහෙන සද්ද වෙනම ටේප් කරල දැම්මා.ඒ ටික ඔක්කොම මගේ වගකීම.

      Delete
  26. ඔය නම් දැමිල්ල නියම වැඩක් තමයි.සමහරුන්ට අම්මා,තාත්තා දාපු නමට වඩා රෙජිස්ටර් වෙලා තියෙන්නේ ඔය අන්වර්ථ නම්.අපේ පන්තියේ කොල්ලෙක් හිටියා "ඇටයා"කියලා.මුළු ස්කොලේම දන්නේ මිනිහාව ඒ නමින්.එක පාරක් මිනිහාගේ ඇත්ත නම කියලා ප්‍රින්සිපල් ඔෆිස් එකෙන් එන්න කියලා තිබ්බා.පණිවිඩේ පන්තියට ආවම පන්තියේ හිටපු උන් කියලා එහෙම නමක් තියෙන එකෙක් අපේ පන්තියේ නැහැ කියලා.

    දැන් නම් ඉතින් යමපල්ලෝ ඔය ඕනෑතරම් ඉන්න නිසා අපායවල් හොයන ගිහින් උන්ව බලන්ට මහන්සි වෙන්ට ඕනේ නැහැ නොව හිටං.:D

    හැලපයියේ අර උඹ කලින් පොස්ට් එකේ කිව්ව "වෘකයාගේ දවස"පොත මම යාළුවෙක්ට කියලා ගෙන්නා ගත්තා.දැන් තමයි පොත ලැබුනේ.මිට කලිනුත් හැලපයියා කියපු "කොළරා කාලේ ආලේ"පොතයි,අරණකට පෙම් බැද"පොතයි ගත්තා."කොළරා කාලේ ආලේ"තාම කියවන්න හැකි වුනේ නැහැ.අරණකට පෙම් බැද නම් කියෙව්වා.සුපිරි පොතක් එක.

    ReplyDelete
    Replies
    1. මම තව පොතක් ගැන කලින් කිව්වා ඒක මනෝජ්ට මතක නැතුව ඇති.සුළඟේ ගිය දිවිය.කොටස් හතරයි.හොයාගෙන කියවන්න.

      Delete
  27. ගුල්ලා. කිරියා. පුංචා, දෙලා, මගුරා, කටා, මියා, දෝතේ, බුරියා, බල්ලා, වස්සා, පැනියා, රෝටියා, පුක බරියා, වයර්, කම්බියා, කෝටා, කිරි පුඩිමා, පුඩිමා, පිනෝ
    මුන්ගේ ඇත්ත නම් අදටත් දන්නෙ නෑ.
    මගේ නම අහන්න එපෝ

    ReplyDelete
    Replies
    1. උඹේ නමත් දැම්මනං තමා වැඩේ සමබර වෙන්නෙ.

      Delete
    2. අඩියා..
      බෝතලේ අඩියේ ෂෝට් එක ඉල්ලලා හැමදාම වලි

      Delete
  28. අම්මපා අර අපාය කෝ බං හැලපයියේ හැංගිමුත්තං කෙලියනම් මරුය.!!!

    ReplyDelete
    Replies
    1. අපාය ගැනත් ලියනවා.දැනට මෙච්චරයි.තව ඉදිරියට.

      Delete
  29. අපේ ජූනියර් බැච් එකේ හිටියා ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකෙන් ආපු බුවාල දෙන්නෙක්..එකෙක් කලුයි මිටියි, අනිකා සුදුයි උසයි...කලු මිටි එකා ගල් ඉබ්බා...සුදු එකා කිරි ඉබ්බා....අනේ ගල් ඉබ්බා නම් අඩු වයසෙන්ම සෙත්තපෝච්චි...කිරි ඉබ්බා තාම ඉන්නවා...ඒකා දැන් හෙන ලොක්කෙක්..ඒත් අපිට ඌ තාම කිරි ඉබ්බා....

    ReplyDelete
    Replies
    1. .කිරි ඉබ්බා තාම ඉන්නවා..
      ආ...දන්නවා..සුදු මහත බඩ තියන රැවුල වවපු අංකල් කාරයා..මටත් ඒක පාරක් පත්තර මල්ලිලාගේ ගෙදරදි සැට් වුනා

      Delete
    2. මටත් පංතියේ උන් තාම හම්බ උනාම කතාකරන්නෙ කාඩ් එකෙන් බං.

      Delete
  30. මම උතුරු කොලඹ මහ රෝහලේ වැඩ කරන කාලේ ඔපෙර්ශන් තියටර් එකේ අලුත් දොස්තර කෙනෙක් ඇවිත් පොඩි සර්ජරියක් කරනවා. මම කිට්ටුවෙලා වෙන දොස්තර කෙනෙක් ගෙන් අැහුවා ඒ කවුද කියලා. ආ ඒ වීසීගේ පුතානේ කිව්වා . ඒ කිව්ව විදියට මම ගැස්සිලා ගියා. බලන කොට වෛද්‍ය චන්ද්‍රසිරි නිරිඇල්ල ගේ පුතා . ඒ කාලේ වෛද්‍ය චන්ද්‍රසිරි නිරිඇල්ල VC.

    ReplyDelete
    Replies
    1. මරු නම.වී පී නෙවෙයි නේද?

      Delete
  31. නම් දැමිල්ල ගැන නං කියලා වැඩක් නෑ හැලපයියේ, අපි කැම්පස් ඉන්න කාලෙ දාපු නං ටිකක් කියන්නම්. නිර්මාණාත්මක නම්.

    පට්ටම කලු එකෙක් උන්නා. ඌ එක යට සුදා. ගණිතයට අනුව එක යට ලියන ඉලක්කම එහි අගයට විරුද්ධ අගය ගන්නවානෙ. කෙල්ලෙක් උන්නා වයි.රාණි. නම මොකද්ද ඇහුවම රාණි කියනවා. මොන රාණිද ඇහුවම වයි රාණි කියනවා. වයි කියන්නෙ යොවුන් කියන එක. යොවුන් රාණි අනිත් පැත්ත හරවලා බලන්න. තව එකෙක් ආර්. පාල. ආර් කියන්නෙ රයි කියන එකයි. රයිපාල හෙවත් පයිරාල. නමට ගැලපෙන්න දාර සයිස් තුන්වෙනි කකුලක් තිබ්බා ඌට. ටී. බොනී හෙවත් තාල බොනී, ඩබ්ලියු කිටී හෙවත් වම්බ කිටී වගේ කෙල්ලන්ගෙ නම්, කේ අලියා හෙවත් කෙතේ අලියා, සී වට්ටා හෙවත් චුල්ල වට්ටා, එච්. ජුලෝලා හෙවත් හොන්ඩා ජුලෝලා වගේ කොල්ලන්ගෙ නම් තවත් උදාහරන. අල්ලපු කාමරේ මෙඩ්ඩෙක් උන්නා බොහොම හිච්චිකිතර එකෙක්. උෟ ඇමීබා. ඒ නම් සහ ඒවගෙ හිමිකාරියන් හිමිකාරයන්ගෙ රූපසොබාව ගතිලක්ශණ මතක් කරද්දි බොහොම රස අතීතයකට ඇදී යනවා.

    ReplyDelete
    Replies
    1. හරිම නිර්මාණාත්මක නම් ටිකක් කසුන්.හිතාගන්නවත් බෑ.

      Delete
  32. අපිත් ඉස්සර යෞවන සමාජයක් අටවගෙන මේ වගේ වැඩ කලා..වෙසක් එකට අපි දුන්නෙ බත් දන්සැලක්...අපි එක්කත් ගමේ එකීලා හිටියට...ගමේ කවුරුවත් උන්ට ආලය දක්වන්න ආවෙ නෑ...උන් ඔක්කොම පිට ගං ගියා...

    ReplyDelete
    Replies
    1. බොලාගෙ වැරැද්ද තමා.හරියට ආදරේ කරන්නට දන්නෙ නැතිකම,වෙන මොකද්ද.

      Delete
    2. එහෙම එකක් නෙමෙයි බං...උන්ගෙ ඩයල් මෙලෝ රහක් නෑ...

      Delete
  33. රසවත් කතාව. චෙසක් නම් ඉවරයි නමුත් අපිත් ගත්ත ඔන්න.
    http://nelumyaya.com/?p=2346

    ReplyDelete
  34. හැලප අයියෙ, අපාය ගැන අහන්න බලා ගෙන ඉන්නව හො‍දේ.............
    අපිත් හිච්චි කාලෙ ගමේ හැදුව වංගගිරි ආතෘතියක්......... කැළේ සත්තුන්ගෙ හඩවල් දාන්න පහසුකම් තිබ්බෙ නෑ... අපි කටවල් වලින් තමයි සද්දෙ දැම්මෙ......... ආපේ මොඩල් කැළේ මැදින් යන පාරෙ අයිනක හැංගිලා මමයි තව මලයෙකුයි කොටි දෙන්නනෙක් රණ්ඩුවෙන විදිහට කෑගැහුව........... වංගගිරිය බලන්න ආපු දගකාර හිච්චි නගා කෙනෙක් ලොකු පස් කුට්ටියක් අරන් අතෑරියෙ නැද්ද කොටි සද්දෙ ආපු දිහාවට............ අපට මල පැන්න. ඒත් ත් අකෑරියෙ නෑ.......ඔලුවෙ පස් තියාගෙන දිගටම කෑ ගැහුව............ හැලප අයියට බොහොම පිං පරණ සුන්දර මතක අවදි කරෙවිවට..............

    ReplyDelete
    Replies
    1. ගලක් නොතිබ්බ එක ඔයගොල්ලන්ගෙ වෙලාව,නැත්නං කොටින්ට ඔලුව පලාගෙන ලේ පෙරාගෙන ආයි අම්මෝ කිය කියා කෑ ගහන්න වෙන්නෙ.

      Delete
  35. හැලප අයියෙ, මම කැම්පස් යන කාලෙ (තුම්මුල්ල සෙන්ට්‍රල්) කොල්ලෙකුට වැටුන "බුරිය" කියල නමක්........ ඒකෙ නිධාන කතාවනම් පට්ට.........
    කැම්පස් එකේ පෙන්නුව කාමසූත්‍ර චිත්තරපටිය, සිංහල චාටර් එකනම් නෙමේ, හින්දි ඔරිමජිනල් එක........ අහන්න දෙයක් නෑනෙ............ (NAT) නැට් එක බයිස්කොප් රසික රසිකාවන්ගෙන් පිරිල....... ඔන්න දැන් චිත්තරපටිය දිගඇරෙනව........ ඒකෙ දේවල් යන කොට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් උණුසුම්........ කොල්ලො සෙට් එකක් විතරක් මේ වගේ චිත්තරපටියක් බලනවට වඩා අමුතු ගතියක් තියෙනවනෙ දෙගොල්ලොම ඉදන් බලන කොට........ ඕන්න දැන් එක ලස්සන නිලියෙකුගෙ ඇගේ නූල් පොටක් නැති සීන් එකක් ආව......... හෝල් එක හොල්මන්........ හැම එකාම වගේ කට හොල්ලන්නෙවත් නැතුව තනියම විදගන්නව........ කෙල්ලො ඇඹරෙනව........ එතකොටම කට කහ කහ හිටපු එකෙක් හයියෙන් කෑ ගහල අර උපන් ඇදුමෙන් ඉන්න ලලනාවට ඇගිල්ල දික් කරල කියපි "ආං මචං බුරිය පේනව" කියල......... ඉතිං තවත් මොනවද. එදා ඉදන් ඌ "බුරිය" උනා.......... හැබැයි ඒ බුරිය දැන් රජයේ ඉතාමත් ඉහල තනතුරක් දරන එකෙක්.................

    ReplyDelete
    Replies
    1. NAT එකේ තිබුන තත්ත්වේ හිතාගන්න පුළුවනි.ඌ දකින්න ඇත්තෙ බුරිය විතරක්ම වෙන්න ඇති.

      Delete
  36. අර කෙල්ලො කසාය බීපු ගොලුවො වගේ ආවෙ, හැංගෙන්න එක්කං ගිය හාදයා හොඳ රටේ වෙදෙක් වෙන්ටෑ ? :)

    ReplyDelete
    Replies
    1. එහෙනං,නොම්බර එකේ වෙදෙක්.

      Delete
  37. Niyamai nam wala visthara dena gaththe denne.

    ReplyDelete
  38. 99.99 ක් බැලුව.. මරැ..

    ReplyDelete
  39. හොඳටම පරක්කු වෙලා පෝස්ට් එක කියෙව්වේ...
    තොරණේ විස්තරේ මරු, හැබැයි ඉතින් අර අටෝගෙන ආපු අපාය මිසින්.
    එනිවේ...
    අපිට ඔහොම හැංගිමුත්තන් කෙළින්න හරි හමන් කෙල්ලෝ ටිකක් හිටියේ නැහැනේ...

    අපිටත් ඉතින් කාඩ් තියෙනවා ඉස්කෝලේ කාලේ ඉඳල අදටත් පැවතගෙන එන... හෙහ් හෙහ්...
    ඒක නෙමෙයි හැලැපේ,
    අපේ එකෙක් හිටියා උගේ කාඩ් එක "ගලා". ඒ නම වැටුනේ වාසගමෙන්...
    ඌ යාළු වෙච්ච කෙල්ල "ගලීනා" උනා...
    පලවෙනි පොඩි එකා "ගල් කැටේ", ඊළඟ එකා "වැලි කැටේ"...
    කොහොමද නම් සෙට් එක... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. නම් සෙට් එක නං මරු තමා.අපේ ගමෙත් අලි පවුල හා පවුල ආදී වශයෙන් පවුලටම කාඩ් වැදිල තිබුනා.

      Delete
  40. නම් තියන සිද්දි ගැන කිවොත් නම් අපේ මුතුබණ්ඩා අයියට ගහන්න රෙජිස්ටාර් කෙනෙක් ආය ඉඳි කියලා හිතන්න බැ. පොර ගමේ ඔක්කොටම ලියාපදිචි කරපු නම් ගත්තොත් නිධාන කතාවත් එක්ක වෙළුම් තුන හතරක පොතක් ලිවහැකි. නිකමෙට වගේ ඔන්න කීපයක්
    ජේලර් - පොරගේම බාල පුතා. අම්මා ගෙදර නැති වෙලාවට තාත්තා කරන මරිසි ඔක්කොම අම්මට කියන ඩයල් එකක්.
    නාදන් - පොරගේම එක මල්ලි කෙනෙක් හැමදාම හවසට ගහලා ඇවිත් ගෙදර වලි හෙන සද්දෙන්. ඒ හින්දා පොර නාදන් උනා.
    බුසම්මා - වයසක අම්මා කෙනෙක් හිටියා රැවුල එහෙම තියන අත පය වල මයිල් තියන.
    තුන්තනගම - එත් වයසක අම්ම කෙනෙක් තන තුනක් තිවුනා කියලා තමා ආරංචිය
    කමිෂනර් - පොලිසියේ වැඩ කරන සාජන් මහත්තයෙක් ගෙදර ඉන්නවට වඩා පොලිසියේ ඉන්න ආස පොලිස් දෙපාර්තුමෙන්තුවේම අයිති කාරයා කියලා හිතාගෙන ඉන්න පොරක්. හැබැයි ගෙදර හිටියත් ගෙයින් එලියට බැස්සත් ගමේදී නම් කවදාවත් කමිසයක් අඳින්නේ නැති ඩයල් එකක්.
    ගාමිණී අතුකෝරාල - නම ගාමිණී ගස්, ගස්වල අතු කඳුබෑම වගේ දේවල් තමා කරේ.
    මං විතරක් UNP - කොටින්ම කිවොත් රනිල් unp එකෙන් අයින් උනත් පොර තනීවම හරි unp පොරක්.
    මං විතරක් ඩ්‍රයිවර් - මං විතරක් unp ගේ නංගිගේ මහත්තයා ඩ්‍රයිවර් කෙනෙක් හැබැයි පොරගේ talk නිකං ලෝකේ ඉන්න එකම driver පොර වගේ.
    මං විතරක් ඔපරේටර් - ඒ මන් විතරක් ඩ්‍රයිවර් ගේ පුතා. වැඩ කලේ jcb එකක.

    ReplyDelete
    Replies
    1. මරු නම් ටිකනෙ අම්මප.පොර සැබෑ නිර්මාණ කරුවෙක්.

      Delete
  41. _/|\_ පූජාර්හ අග්‍රගණ්‍ය තථාගත සද්ධර්මය වෙත ගෞරව සම්ප්‍රයුක්තව මම ඔබ පමුණුවන්නෙමි. _/|\_

    ReplyDelete

ඔබේ අදහස්