Sunday, November 16, 2014

අලි ඇල්ලීම.




අලි ඇල්ලීම කියල මාතෘකාව තිබුණට මම අල්ලපු අලියෙක් නෙවෙයි.අදත් මම ලියන්නෙ මා කියවූ පොතකින් උපුටාගත් කතාවකුයි.මේ විදියට පොතකින් කතාවක් ඉදිරිපත් කරන්නෙ මගෙ අතින් මේ දිනවල කතා ලියවෙන්නේ නැති නිසයි.ඒ ගැනත් යමක් කියන්න එපැයි.සිද්ධීන් ගෙන් ගහන කාලයක් ගෙවිල ගියත් ලියන්න දේ  හිතේ එමට තිබුණත් ලියාගන්න බැරුව ඉන්න කාලයක් මේක.ඇයි කියල කියන්න නං මම දන්නෙ නෑ. ඉතිං මගෙ පුද්ගලික ජීවිතයේ සිදුවුන සිදුවීම් කීපයක් මෙතන සඳහන් කිරීම ඔබට කරච්චලයක් නොවේවි කියල හිතනවා.

ටික කලක් අසනීපව එක්තැන්වී හිටපු බිරිඳගෙ මව පහුගිය මාසෙ මියගියා. මට උදව් කරමින් හිටපු බිරිඳ මරණෙ සිදුවූ දාට පහුවදාම ලංකාවට පිටත්වුන නිසා සුපුරුදු විදියට මට ඒ අවමංගල්‍යයටත් සහභාගී වෙන්නට නොහැකි උනා.එදා ඉඳන් ඇයගේ වැඩ කොටසත් මට කරන්නට සිදුවුන නිසාවෙන් කරමින් හිටි වැඩ කොටස දෙගුණ වුණා.ඒත් එක්කම ලංකාවෙන් තව පොත් මිටියකුත් ලැබුණා.වැඩත් පොතුත් අතර හිටපු නිසා බ්ලොග් කියවීම සහ කමෙන්ට් කිරීම ඇරෙන්නට ලියාගන්න වෙලාවක් ලැබුනෙ නෑ.ඊට අමතරව කම්මැලිකමකුත් නොතිබුනාම නොවෙයි.කම්මැලිකම කොපමණද කිව්වොත් මේ බ්ලොගේට අවුරුදු දෙකක් පිරුණු නොවැම්බර් 11 වෙනිදාවත් යමක් ලියාගන්න හැකිවුණේ නෑ.මුලදී හිතාගෙන හිටියෙ කවද නැතත් අවුරුදු දෙක පිරෙනදාට හොඳ කතාවක් ලියන්නටයි.නමුත් ඒ සිතුවිල්ල පල දැරුවෙත් නැහැ.මෙන්න මෙහෙම හිතත් එක්ක තර්ක කරමින් හිටිය මිසක ප්‍රයෝජනවත් යමක් වෙන්නෙ නැති නිසා මා රස විඳි පොතකින් කතාවක් ලියන්නට හිතාගත්තා.කලින් කියවල නැත්නං රසවත් නං පොතකින් අරං ලිව්වත් මමම ලිව්වත් වෙනසක් නෑනෙ නේද? එහෙනං අපි කතාව රසවිඳිමු.

"වැල්ලවාය සිට හම්බන්තොට දක්වා ගමන් කරන්නෙකුට තෙලුල්ල නගරය හමුවේ ඉන් අනතුරුව හමුවන කුඩාඔය වැදගත් සිද්ධි සිදුවූ ස්ථානයක් නොවේ.නමුත් එහි පාලමක් ඉදිකර ඇති අතර,සමහර විට ඔයෙහි එතරම් ජලය නොමැත.කෙසේ වෙතත් මෙම ඔය රට තුලින් නිතරම ගලා බසින අතර එය මුළු පෙදෙසටම ජීවය ලබාදෙයි.මෙහි ඇති බොහෝ දිය කඩිති මග දිගටම විසිරී ඇත.වල් අලි,කොටි,මුවන් හා වල් ඌරන් ආදී සත්තුද,කුරුල්ලෝද මෙහි ජලය ප්‍රයෝජනයට ගනිති.කුඩාඔය පාලම අසල වෙසෙන ජනතාවද මෙම සතුන් සමග ඔයෙහි ජලය ප්‍රයෝජනයට ගනිති.

මෙම පෙදෙසෙන් වරක් මා මිතුරෙක් සමග රථයෙන් යද්දි මගෙ රථයෙහි සුක්කානම ගැස්සෙන්නට වූ අතර එයින් මට පැහැදිලි වූයේ රථයෙහි යම් රෝදයක හුළං බැසගොස් ඇති බවය.මම ඉහත සඳහන් පාලමට කිට්ටුවෙන් ඇති පැල්පතක් ඉදිරියෙන් රථය නැවැත්වීමි.ඒ අසල වෙනත් පැල්පත්ද ඇති බව පෙනිණි.මීට පෙර මා මෙම පෙදෙස පසුකර යන විට මෙම පැල්පතෙහි හැඩිදැඩි මිනිසෙකු මා දැක ඇති අතර,විටෙක එහි හීන් සිරුරක් ඇති උස ස්ත්‍රියක්ද,කිරිබොන කුඩා දරුවෙක් ද මා දැක ඇත.

එදින මා රථය නවතා රථයෙන් බැස රථයෙහි පිටුපස කොටස විවෘත කළේ අමතර රෝදය සහ රථය එසවීමට අවශ්‍ය උපකරණ ලබා ගැනීමටය.අවශ්‍ය දේ ලෑස්ති කරමින් සිටින විට කාරුණික සිහින් කටහඬකින් යමෙකු ඇසුයේ තමාට එම කාර්යය සඳහා උපකාරී වන්නට හැකිද යන්නය.එවිට මා දුටුවේ පාර හරහා පැල්පතේ මීට ඉහතදී දැක ඇති මිනිසාය.ටයරයක් මාරු කිරීමට තමා දන්නේදැයි මම ඔහුගෙන් විමසුවෙමි.ඔහු සිනාවක් පාමින් පැවසුයේ තමා මීට පෙර බොහෝ වාරයක් එම කටයුත්ත කර ඇති බවත්,තමාට අවශ්‍ය වන්නේ අදාළ උපකරණ බවත්ය.ඔහුට යම් මුදලක අවශ්‍යතාවක් වුවහොත් එය දීමට හැකියාවක් තිබු හෙයින් එම කාර්යය ඔහුට බාරදුනිමි.

ඔහුගේ නම කවරේදැයි මා විමසුවිට ඔහු පැවසුයේ තජුඩින් යනුවෙනි.පසු වර්ෂවලදී ඔහු හොඳින් දැන හඳුනාගැනීමට මට හැකිවූ අතර එම පාරේ ගමන් කරන හැමවිටම වාගේ ඔහුගේ පැල්පතට ගොඩවී තේ එකක් බීමට අමතක නොකළෙමි.ඔහු පහසුවෙන්ම මා දුටු ශිෂ්ටසම්පන්න මිනිසෙකු වූ අතර එයට යම් හේතුවක් තිබිණි.එය මා පසුව ඔබ වෙත පවසමි.

රථයෙහි රෝදය මාරුකොට ආම්පන්න රථයෙහි පිටුපසට දැමු පසු ඔහු අපට තමාගේ වාඩියට පැමිණ තේ බී යන ලෙස ඉල්ලා සිටියේය.වාසනාවකට තජුඩීන්ට දෙමළ හා සිංහලෙන් කතා කිරීමට හැකිවීම අපට පහසුතාවයක් උදා කළේය.අපිටද එම භාෂා කතාකළ හැකි බැවිනි.අපි මේසයක් වටා වාඩිවූ අතර ඔහු ඔයට ගොස් වතුර පනිට්ටුවක් ගෙන එන ලදී.ඒ අතරතුරේ ලිපෙහි විශාල බෙලෙක් භාජනයක බාගෙට පිරවූ වතුර ලිපෙහි උතුරමින් තිබිණි.ඔහු වාඩියට පැමිණ කෝප්ප කිහිපයක් වතුරෙන් සෝදා තම බිරිඳට දුන් අතර ඇය උකු කළ කිරි සමග තේ කෝප්ප කිහිපයක් පිළියෙළ කරන ලදී.අපගේ ගමන නැවත ආරම්භ කිරීමට ප්‍රථම ඔහුට යම්කිසි මුදලක් දුන් අතර,නැවත මෙම පාරේ යනවිට ඔහු හමුවීමටද පොරොන්දු වීමු.

තජුඩීන් යනු මෙම පෙදෙසට තම ජීවනෝපාය කරගැනීමට පැමිණි මුස්ලිම් ජාතිකයෙකි.ඔහු හා ඔහුගේ පවුල සම්පූර්ණයෙන්ම හුදකලා නොවීය.සතියකට දෙවතාවක් බසයක් එම මාර්ගයෙහි ගමන් ගනී.ඔහුට තණමල්විලට යාමට අවශ්‍යතාවයක් වුනොත් ඔහු දන්නා අයෙකුගේ වාහනයක හෝ පාරේ යන ලොරියකට අතවනා තම ගමන යයි.

ඔහු හොඳින් දැනගත් පසු ඔහු මා විශ්වාසවන්තයෙකු ලෙස සැලකීය.තජුඩීන් හා ඔහුගේ බිරිඳ මෙම දුෂ්කර පෙදෙසෙහි ජීවත්වූ අන්දම මට දැනගන්නට ලැබිණ.ඔහු වෙත සමහර විට අවසර නොලත් විය හැකි තුවක්කුවක් තිබුණ අතර එය දඩයමේ යාමට ඔහු ප්‍රයෝජනයට ගත්තේය.මුවෙකු හෝ ගෝනෙකු දඩයම් කරගත් අවස්ථාවක ඔහු එහි වැඩි කොටසක් වෙළඳාම් කළේය.මෙම පාරේ යන බොහෝ දෙනා මෙම වාඩියෙහි දඩමස් විකුණන බව දැනගෙන එහි පැමිණ ඔහුගෙන් දඩමස් මිලදී ගත්හ.ඔහු මුස්ලිම් ජාතිකයෙක් නිසා වල් ඌරන් මැරීමෙන් වැළකී සිටියේය.නමුත් වල් ඌරන් සිටින ඉසව්ව ඔහු දැනසිටි නිසා,එම සතුන් සිටින ස්ථානයට මා ගෙනගිය විට වල් ඌරෙකු දඩයම් කරගැනීමට මට හැකිවිය.මා හැමවිටම පාහේ එස් ජී උණ්ඩ පහක් හෝ හයක් ඔහුට ලබාදුන් අතර ඒ සම්බන්ධව මා හට කෘතඥ විය.

ඔහුට තවත් හොඳ ආදායම් මාර්ගයක් තිබිණ.අවට කැලෑවේ ඔහු පමණක් දන්නා ඉසව්වක ගංජා හේනක් වවා එයින් ඔහු ආදායම උපදවා ගත්තේය.පාරේ යන අයට ඒවායේ කුඩා මිටි ඔහු විකිණු අතර ඔහුද ගංජාවැටි ගත්බව මට ඒත්තු ගියේ,ඔහු නිතරම සන්සුන් ශාන්තභාවයකින් සිටීමේ රහස,ඔහු නිතරම මත්වී සිටි නිසා බව මම විශ්වාස කරමි.එම කරුණ මට ප්‍රශ්නයක් නොවුයේ ඔහුගේ ජීවිතය ඔහු විසින්ම ගෙන යායුතුය යන්න මගේ ප්‍රතිපත්තිය වීම නිසාය.

තජුඩීන් අවුරුද්දක් හෝ දෙකක් දැනගැනීමෙන් පසුව ඔහුගේ තවත් රහසක් මට දැනගන්නට ලැබිණි.එනම් හම්බන්තොටට ඔබ්බෙන් වෙසෙන ඉතා පෝසත් අයෙකුට අලියෙකු ලබාගැනීමට ඔහුට දෙන කොන්ත්‍රාත්තුවය.කැලයෙන් අල්ලගන්න එම අලියා මාස කීපයක් මිනිස්වාසයට පුරුදුකොට පසුව අලියා ප්‍රවාහනය කරනු ලැබේ.මෙම කටයුත්ත ඉතා රහසිගත ලෙස සිදුකරන අතර යම් සිදුවීමක් සිදුවී ඇතිබව දැනගන්නේ කිහිප දෙනෙකු පමණි.රහස ටික දෙනෙකු දැනගත්විට එය ආරංචිවීමේ ප්‍රවණතාවයද අඩු මට්ටමකින් පවතී.මෙම කාර්යය සඳහා තජුඩීන්ට හොඳ ගෙවීමක් කරනු ලබන අතර එයින් ඔහුට සාමාන්‍යයෙන් මිලදී ගැනීමට නොහැකිදේ මිලදී ගැනීමට හැකිවේ.

දිනක් මා තජුඩීන්ට පැවසුයේ අලියෙකු අල්ලා ගන්නා හැටි බැලීමට මට බලවත් කැමැත්තක් ඇති බවය.එමෙන්ම කරන ක්‍රියා කිසිවෙකුට මා නොපවසන බව ඔහු දැනසිටියේය.ඔහු මට පැවසුයේ එවැනි කොන්ත්‍රාත්තුවක් ලැබෙන අනික් වාරයේදී තමා ඒ බව මාවෙත දන්වන බවත්,එම මෙහෙවර සඳහා මාද කටුව යන බවත්ය.

මාස කීපයකට පසු මා තජුඩීන්ගේ වාඩිය වෙතට ගියෙමි.ඔහු මා පැත්තකට කතාකොට පැවසුයේ අලියෙකු ඇල්ලීමට තමා මන්දක් පිළියෙළ කරන බවය.එයින් පැහැදිලි වුයේ අලියෙකු ඇල්ලීමට පෙර මුලික වශයෙන් පිලිවෙලවීමක් විය යුතු බවය.ඔහු යෙදී සිටියේ එවැනි කාර්යය කෙරෙහිය.

ඔහුට කොන්ත්‍රාත්තුව දුන් අය පවසා ඇත්තේ ඔහුට අවශ්‍ය හොඳින් වැඩුණු තරුණ අලියෙකු බවකි.ඔහු අනතුරුව කළේ අලින් විශේෂයෙන් ගැවසෙන ඔයෙහි දියවළවල් අසල හා වනාන්තරයේ විවිධ ස්ථානවල අලින්ගේ පා සලකුණු පරීක්ෂා කිරීමය.පා සලකුණු අනුව අලියාගේ උස දළ වශයෙන් සොයාගැනීමට ඔහුට හැකිවිය.එසේ සනිටුහන් කරගත් අලියා පසුපස ගොස් අලියා නිදැල්ලේ හැසිරෙන ස්ථානත් කාලය වැඩියෙන් ගතකරන ඉසව්වත් ඔහු විසින් සොයාගනු ලැබේ.

තජුඩීන්ට නිතරම කුඩා හේනක් තම වාඩිය කිට්ටුවෙන් තිබුන අතර ඔහුගේ නිවාස වටාද ඉරිඟු,උක්ගස්,මෑකරල් හා වෙනත් බෝග වවා තිබිණි.ඒවා තම පවුලේ ප්‍රයෝජනයට ගන්නා ලදී.ඒවාට අවශ්‍ය ජලය අවශ්‍ය ප්‍රමාණයට තිබුණු අතර එහි අඩුවීමක් නොකිරීමට ඔහු වග බලාගත්තේය.ඔහුගේ පැල වටා තිබුන කුඩා පැල්පත්වල බඩඉරිඟු හා උක්ගස් කොළ මිටි ගබඩා කර තිබිණි.අලියා ඇල්ලීමට සති කීපයකට පෙර ඔහු කළේ මෙම මිටි අදාළ අලියා හැසිරෙන ඉසව්වට ගෙන යාමය.අනතුරුව එම ඉරිඟු හා උක්කොළ මිටි අලියාට හමුවීමට හැකි ඉලක්ක ස්ථානවල ගැටගසා දමන ලදී.අලි බඩඉරිඟු හා උක්කොළ කෑමට ප්‍රියකරන අතර මේ නිසා හේන්වලට වැද ගැමියන්ගේ වගා පාලු කරති.එවිට සමහරවිට ගම්මුන්ගේ වෙඩි පහරට ලක්වී අලි තුවාල ලබති.කැලෑවේ ගස්වල කොළවලට වඩා අමුතු රසයක් මෙම ඉරිඟු හා උක් කෑමෙන් ලැබෙනු ඇත.මෙය මිනිසුන් ආහාරයෙන් පසු රසවත් අතුරුපසක් ගත්තා වැනි ක්‍රියාවක් ලෙස සිතිය හැක.

තමාගේ බඩඉරිඟු මිටි හා උක්කොළ මිටි කෑමට අදාළ අලියා පැමිණෙන බව තහවුරු කරගත් පසු,අලියා තව තවත් ඒ සඳහා පෙළඹවීම සඳහා වැඩියෙන් ආහාර සැපයීමට තජුඩීන් ක්‍රියාකරයි.මෙම කටයුත්ත ඔහු දිගටම කරන්නේ අලියා ඒවා කෑමට නිතර නිතර පැමිණෙන බව තහවුරු වන තෙක්ය.

අනතුරුව ඔහු කළේ ඉතා ශක්තිමත් තොණ්ඩු/මන්ද කිහිපයක්ම ප්‍රවේශමෙන් තෝරාගත් ස්ථානවල පොළොවෙහි තැබීමය.මෙම මන්දවල් අල්ලා ගතයුතු අලියාගේ පාදයට තරමක් විශාලව සාදන ලද ඒවාවූ අතර ඒවා විශාල අලින්ගේ පාදවලට කුඩා තරමේ ඒවා විය.මෙම මන්ද පොළොවෙහි කුඩා වලක් හාරා ඒ වටා තබා තිබු අතර යම් හෙයකින් අලියා ඒ මත පාදය තැබූ විට පාදය මන්ද සමග එම කුඩා වලට වැටෙන අතර අලියා කරන්නේ පාදය ඉදිරියට ඇදීම මිස ඉහළට එසවීම නොවේ.එම හේතුවෙන් පාදය මන්දයේ හිරවෙයි.මන්දහි එක් කොණක් අසල ගසක තදින් ගැටගසා ඇති බව කිවයුතු නොවේ.ගැට ගැසීමට එවැනි ගසක් නැති අවස්ථාවල වෙනත් සෙලවිය නොහැකි යමක මන්දෙහි ලනුව ගැටගසනු ලැබේ.තජුඩීන් තවදුරටත් මන්ද අලියාට නොපෙනෙන ලෙස එය වැලි හෝ පස්වලින් වසාදැමීමට කල්පනාකාරී වෙයි.මන්දවල් ඇටවූ පසු දිනකට දෙවරක් හෝ තුන්වරක් ඒවා පරීක්ෂාවට යන්නේ යම් සාර්ථක ප්‍රතිපලයක් ලබා ඇත්දැයි සොයා බැලීමටය.යම් හෙයකින් අලියා මන්දට අසුවී සිටියේ නම් ක්‍රියාව අවසන් කිරීමට ඔහු වහා පියවර ගනු ඇත.ඒ පිලිබඳ විස්තර ඉක්මනින් ඔබවෙත ඉදිරිපත් කරමි.

එක් සති අන්තයකදී මම මිතුරන් කිහිපදෙනෙකු සමග කිරිඳි ඔයෙහි ස්නානය කිරීමට ගිය අතර අනතුරුව ඇතිවූ බඩගින්න හේතුවෙන් අපි තණමල්විල පාරේ රිය පැදවීමු.වැල්ලවායට යනවාට වඩා තණමල්විල ආසන්න නගරය වූ නිසාත් එහි තානායම්කරුවූ කැලික්ස්ටස් අප හඳුනන නිසා හොඳ ආහාර වේලක් බලාපොරොත්තුවෙන් අපි එහි ගියෙමු.මම නිතරම දොළහ පරිමාණය තුවක්කුව රැගෙන ගිය අතර මගදී වලි කුකුළෙකු හෝ දෙදෙනෙකු අවස්ථාවක් ලැබුණොත් දඩයම් කරගැනීමද අරමුණ විය.

කුඩාඔය පසුකරත්ම මා තජුඩීන්ගේ පැල්පත අසල රථය සෙමින් පැදවූයේ ඔහුට අප ආපසු ගමනේදී හමුවන බව දැන්වීමටය.ඔහු රථය වෙත දුවගෙන විත් පැවසුයේ යමක් මට කීමට ඇති නිසා රථයෙන් බැස පැමිණෙන ලෙසය.

ඔහු කණට කොඳුරමින් පැවසුයේ තමා තරුණ අලියෙකු මන්දට හසුකරගත් බවත් ඔහු සවස්යාමය වනතුරු බලා සිටින්නේ ඒ වනවිට අලියා යම්තරමකින්වත් සන්සුන් වීමට ඉඩ ඇති නිසා අලියාගේ අනෙක් පාදයටද මන්දක් දැමීමට සුදානමින් සිටින බවත්ය.මෙම ක්‍රියාදාමය පරිස්සමින් කළයුතු දුෂ්කර ක්‍රියාවක් බැවින් එය බැලීමට මට තදබල ආශාවක් ඇතිවිය.මා ඔහුට පැවසුයේ අප දැන් තානායමට යායුතු බවත් අපි ආපසු හැරී ඉක්මනින් පැමිණෙන බවත් ඒ සඳහා ඔහු සමග මම එක්වන බවත්ය.

පොරොන්දු වූ පරිදි අපි කුඩාඔයට එදින සවස පැමිණියෙමු.මා මිතුරන්ට පැවසුයේ තජුඩීන් මා වනාන්තරයට කැඳවාගෙන යන බවත් ඔවුන් එතෙක් වාහනයේ සිටින ලෙසත්ය.එය මා පමණක් බැලිය යුතු දෙයක් බව තජුඩීන් පවසන බවත් ඔවුන්ට දැන්වීය.මාගේ පහදාදීම ඔවුන් පිළිගත් බව පෙනිණි.වැඩි විස්තර ඔවුන්ට පසුව කියන බවත් ඔවුනට දැන්වීය.මාගේ මිතුරන්ට මෙම රහස පැවසුවිට එය රහසක් වශයෙන් ඔවුන් තබාගන්නා බව මට විශ්වාසය.

මාගේ පුදුමයට පැය කිහිපයක් තුලදී තජුඩීන් ඉතා මහත ගංජා සුරුට්ටු දෙකක දුම්පානය කළ අතර එය ඔහු මත්  ගතියකට පත්කළ බව මට පෙනිණි.සවස හතර පමණ වනවිට තජුඩීන් සහ මා ඔහුගේ පැල්පත පිටුපස වනාන්තරයට අඩි පාරක් දිගේ ගමන් ගතිමු.

අපි පැය බාගයක් පමණ ගමන්කොට විශාල උස් ගසක් යට නතරවීමු.ඔහු ගස වටා ගොස් දිගු ශක්තිමත් දඟර ගැසූ ලණුවක් ඔහුගේ උරහිස වටා දමාගෙන මා ඉදිරියේ පෙනී සිටියේය.ඔහු පැවසුයේ අලියාගේ අනෙක් කකුලට එය දැමීමට සුදානම් කර ඇති බවය.එය කෙසේ සිදුකරනු ඇත්දැයි මට කිසිදු දැනුමක් නොතිබිණි.

අපි නැවත ගමන් ඇරඹුවෙමු.ඔහු මගෙන් ඉල්ලා සිටියේ නිශ්ශබ්දව එන ලෙසය.ඔහු ඇඟිල්ල දිගුකොට මට දැන්වූයේ අලියා දැන් ආසන්නයේ සිටින බවය.සුළු වේලාවකින් මන්ද සහිත කඹය අතට ගෙන සුදානම් වූ අතර මම එම මොහොතේ සිතුවේ අශ්වාරෝහකයෙකු ගවයෙකු ඇල්ලීමට මන්ද විසිකරනවා වැනි ක්‍රියාවක් කිරීමට ඔහු සැරසී සිටින්නේද යන්නය.නැවත ඔහු නිශ්ශබ්දව මට දැන්වූයේ මා සිටින ස්ථානයේ නැවතී සිටින ලෙසත් ඔහුගේ ඉරියව් වලින් මට පැහැදිලිකලේ ඔහු ඉදිරියට ගොස් අලියා මුහුණලා සිටින දිසාව බලාගන්නා බවය.

සුළු වේලාවකින් ඔහු නැවත පැමිණියේය.ඔහු නැවත මට ඉඟි කළේ ඉතා ප්‍රවේශමෙන් ඔහු සිටින තැනට පැමිණෙන ලෙසය.මම එතැනට ගිය පසු ඔහු ඇඟිල්ලක් දිගුකොට අඩි හතළිහක් පමණ ඉදිරියෙන් සිටින අලියාගේ පසුපස පෙදෙස පෙන්වීය.මට එම ස්ථානයේ නතරවීමට සිදුවිය.ඔහු කළේ සරම අමුඩයක් ලෙස කැසකවාගෙන පොළොව දිගේ බඩගාමින් ඉතා සෙමෙන් ඉදිරියට යාමය.යම් අවස්ථාවක මන්ද එක් කොණක් ඔහු ගසකට බැන්දා විය හැක.නමුත් එම ක්‍රියාව මම නුදුටිමි.

එය මට බොහෝ කාලයක් ගතවූ බවක් දැනුණි.එක් අවස්ථාවෙක ඔහු අලියාගේ පිටුපස සිටිනවා මම දුටිමි.මට බය සමග ගෞරවයක් ඔහු කෙරෙහි ඇතිවුයේ අලියා වෙතට අවසන් අඩි කීපය ගොස් අනතුරුව අලියාගේ පිටුපස පාදය අසලටම ගොස් අලියාගේ කකුලට දැනෙන සේ එයට තට්ටු කරනවා දුටු විටය.මෙම සියලු අවස්ථාවේම තරුණ අලියා ඉදිරිය දෙසට යොමුවී සිටි අතර මන්දෙන් ගැලවීමට ගත් උත්සාහය නිසා වෙහෙසට පත්වී සිටියා නිසැකය.නමුත් විශ්වාස ලෙස මට පැවසිය හැක්කේ අලියාගේ පිටුපස මනුෂ්‍යයෙකු සිටින බව අලියා නොදැන සිටි බවය.

මම තජුඩීන්ගේ වේගවත් සෙලවීමක් දුටිමි.මාගේ විශ්වාසය වුයේ ඔහු අලියාගේ අනෙක් කකුලටත් මන්ද දැමු බවය.අනතුරුව සතරගාතයෙන් පැත්තකට පැනගත් තජුඩීන් නිමේෂයකින් මා සිටින තැනට පැමිණියේය.ඒ අතරතුර අලියා පසුපසට ඉක්මනින් හැරී විනිවිද යන හඬකින් කුංචනාද කළේය.අලියාගේ ප්‍රයත්නය වුයේ ඔහු බැඳසිටි මන්ද ගලවාගැනීමත් ඔහු අසලට පැමිණි අවිනීත මිනිසා අල්ලා ගැනීමත්ය.නමුත් එම ප්‍රයත්න ඉටුවූයේ නැත.අනතුරුව ටික වේලාවක් පැවතියේ කලබලකාරී  තත්ත්වයකි.ඊටපසු තජුඩීන් මා දෙස භ්‍රාන්ත වූ මුහුණකින් බැලුවේ 'අලියෙකු අල්ලන්නේ එහෙමයි' පවසන්නාක් මෙනි!

එදින මා යමක් උගෙන ගත්තෙමි.මා යම්දිනෙක අලියෙකු අල්ලාගන්නේ නම් මා ගංජා සුරුට්ටු දෙකක් පානය කළ යුතු බවය.අනතුරුව මා සිහිමුර්ඡා නොවුයේ නම් මට අලියෙකුගේ එක කකුලකට මන්දක් අලියාගේ කකුලට තට්ටුකර දැමීමට නොබියක් ඇතිවන බවය.

තජුඩීන් සහ මම නැවත ආපසු පැමිණ කේන්තියෙන් සිටි අලියාගේ කුංචනාදය ඇසෙන ප්‍රමාණයේ දුරකට පැමිණියෙමු.මෙතැන්සිට සති කිහිපයක් හෝ මාසයක් හෝ දෙකක් ඉතා වෙහෙසකාරී වැඩකොටසක් තජුඩීන්ට බාරවිය.ඔහුට අලියාට ආහාර හා වතුරද ගෙනයාමට සිදුවන අතර මේ කටයුතු දිගටම සිදුකළ යුත්තේ මේ මිනිසා වතුර හා ආහාර සමග සම්බන්ධයක් ඇති බව අලියා තේරුම් ගන්නා තුරුය.පසුව අලියා අතගෑමටත් අලියාගේ කකුල්වල මන්ද එකිනෙක බුරුල් කිරීමටත් ඔහුට අවස්ථාවක් හිමිවනු ඇත.

අලියා මෙල්ල කිරීමට නම් අලියා සමග කතාකිරීමද වැදගත් අංගයක් වන්නේය.මෙම සියලු ක්‍රියාදාමය දැකගැනීමට මා වාසනාව ලද්දෙක් වූ අතර ප්‍රවීනයාට ඉතිරි වැඩකොටස නිමකිරීමට ඉඩ දිය යුතුව ඇත.ගංජා සුරුට්ටු දෙකක් පානය කොට හෝ මධ්‍යසාර බෝතලයක් බිව්වද එවැනි නිර්භීත ක්‍රියාවක් කිරීමට ධෛර්යයක් තිබිය යුතුය.එම ධෛර්යය තිබීම ගැන මා තජුඩීන්ට ගෞරවය පුද කරමි.

තජුඩීන්ගේ නිවසට පැමිණි පසු නැවත මාගේ මිතුරන් හා එක්වීම සතුටට කරුණක් විය.හිරු බැසයමින් තිබුණි.අපට නැවත අපගේ නිවෙස් කරා යා යුතුව ඇත.තජුඩීන්ට මාගේ කෘතඥතාව පලකොට ඔහුගේ පවුලෙන් සමුගෙන අපි නික්ම ගියෙමු.

තජුඩීන් සමග ගොස් කුමන කටයුත්තක නියලුනේදැයි මාගේ මිත්‍රයෝත් මා සිතූ පරිදි දිගටම මාගෙන් ප්‍රශ්න කළහ.ඔවුන් එය තමාට පමණක් සීමාවූ රහසක් ලෙස තබාගන්නේ නම් සියල්ල පවසන බවට ඔවුන්ට පොරොන්දු වී මා ඔවුන්ට කෙලින්ම පැවසුවේ අපි අලියෙකු අල්ලාගත් බවය.ටික වෙලාවක් යනතුරු එකදු වචනයක්වත් එක මිතුරෙකුවත් පිට කළේ නැත.මා හීනයක් දුටුවාදැයි එක් අයෙකු ඇසුවේ සිනාසෙමිනි.මා හිසවනා රිය පැදවීමේ නිරතවීමි෴
(මන්ද ගසා අලි අල්ලන්නා,විශ්මිත වනාන්තරය සහ වෙනත් අරුම පුදුම කථා.ට්‍රෙව ලබ්‍රෝයි )

ට්‍රෙව ලබ්‍රෝයි මේ කතාව ලියා ඇත්තේ 1950 දශකයේ මුල් භාගයේදීයි.ඔහු මේ කතාවේ අවසානයට ලස්සන  කවියකුත් එක්කරනවා.එදවස තිබූ සුහද ආගමික සංහිඳියාව මේ අපූරු කවියෙන් මොනවට පැහැදිලි වන බව මගේ අදහසයි.මේ කවිය අදට ගලපාගැනීම ඔබට බාරයි.හැකිනම් අද තත්ත්වය පෙන්වමින් මෙයට පිළිතුරු කවියක් ලියන ලෙස බ්ලොග් අවකාශයේ සිටින ප්‍රතිභාපූර්ණ කවි කිවිඳියන්ට මා ආදරයෙන් ආරාධනා කරනවා.කවිය මෙහෙමයි.

පන්සල පල්ලිය කුරානය සමගින්
සමගියෙන් සිනහවෙන් පසන් සිතැතින් 
සිටින රුව ඔබ වැසියන්ගේ 
ඇඳෙයි සිත්වල විදෙසුන්ගේ
එයම ඇරයුමක් ඔවුනට
යළි යළිත් ඔබ දෙසට එන්නට.                                  

64 comments:

  1. කමැමැලි කමට කරන ඒවට උත්තර දෙන්න අපිට බෑ. එක පාරක් මාතේ ඒ වැඩේ කරපු නිසා අදත් මම ඒක මාතේටම භාර කරනවා.

    අවුරුදු දෙකට සුභ පැතුම්.. හැලපයියේ.. අවුරුදු දෙකක් ගොහිල්ලත් පයිය උඩින්ම තියෙන එක තමා මට තියෙන අප්සැට් එක.. හැක්

    ReplyDelete
    Replies
    1. //අවුරුදු දෙකක් ගොහිල්ලත් පයිය උඩින්ම තියෙන එක තමා මට තියෙන අප්සැට් එක//

      කාේ ඒක කොහෙද තියෙන්නේ.................????

      Delete
    2. වැඩිපුර බලාපුවා.

      38.පයිය යනු කුණුහරුපයක්ද...

      Delete
    3. ඇනෝ මිත්‍රයා හරියට හරි.. හැක්..

      හැලපේ.. මේ කතාව මම කියවා තියෙනවා උනත් මොන එහෙකටද මන්දා මට දැං ආයි කියවන්න හිතුනා. ඉතිං කියෙව්වා.. අලියෙක් අල්ලන්න ගංජ සුරුට්ටු දෙකක් ගැසීමේ ප්‍රෙම්යය මට හෙන විනෝදයක් දුන්න වචන ටිකක්..

      Delete
    4. @ දේශක යා,
      ඒ උනාට කාරි නෑ උඹ මලක් ඇදල ඉන්න වෙලාවට අලියෙක් තියා බල්ලෙක්වත් අල්ලන්න යන්න හිතන්න එපා. දෙකක් ගැහුවොත් උඹ කොහොමත් හරහ නිසා අවුලක් නෑ.

      Delete
    5. පුදුමයිෙන්..ෙකා්ක් කතාව අැදුෙන නැති ඒක.. හැක්

      Delete
    6. බොහොම ස්තූතියි.
      උඹ හැම තිස්සෙම පයිය බලන්න රිංගන නිසා පයියට හිට්ස් වැඩියි.ඒ නිසා අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම පයිය උඩින් තියෙනවා.

      Delete
  2. 'හිටපු බිරිඳගෙ මව පහුගිය මාසෙ මියගියා'
    'හිටපු බිරිඳ මරණෙ සිදුවූ දාට පහුවදාම ලංකාවට පිටත්වුන නිසා'

    මේ හිටපු බිරිඳ කියන්නේ Ex-Wife කියන එක නේද? හැලපයා ඩිවෝස් උනා කියලා මම දැන්නේ දන්නේ. කොහොම උනත් මේ අසීරු මොහොතේ අපගේ බ්ලොග් මිත්‍රයෙක් වන හැලපයා සමග අප රැදී සිටිනා බව දැන්වීමට කැමතියි. හැලපගේ පෞද්ගලික තීරණ මොකක් උනත්, අපිට ඒවාට මොකුත් කියන්න බැහැනේ. ජිවිතය් ඔහොම තමයි හැලපයා. පසු බැසීම්,කණගාටුදායක ස්ථාන,අසීරු අවස්ථා,සන්ධිස්ථානයන් එනවා. මොනා උනත් හැලපැට්ටා නියම කොල්ලෙක්. ඌව හොඳ මිනිහෙක් කරපන්. හැලපයාට ජය.

    ReplyDelete
    Replies
    1. බෝල ඇනෝ හරියට කියවන්න හා ඒවා තේරුම් ගන්න උත්සහ කරපන් මෙතැන හිටපු බිරිඳ කියන එකෙන් අදහස් කරන්නේ හැලපෙගේ Ex-Wife කියලා නෙවෙයි බෝල හැලපෙගේ නෝනට ල්හාම්බවෙන්න එනවයි කියන එකයි ...... පොඩ්ඩක් තේරුම් ගනින්කෝ බන්...

      Delete
    2. නෝනට ල්හාම්බවෙන්න= නෝනට ලමයෙක් හම්බවෙන්න

      Delete
    3. නෝනාට හිටලා කියන එකයි, ගොන් වාහෙ!ඒකයි ''හිටපු'' බිරිඳ කියන්නෙ.

      Delete
    4. ස්තූතියි ඇනෝ,
      වාක්‍යයක් මැදින් කඩල ගත්තම තේරුම වෙනස් වෙන එක අහන්න දෙයක් නොවෙයි.ඉතිං ඒකට මම මොනා කරන්නද?

      Delete
    5. මැලේ,ඇනෝ.
      හිටල නං සුබ පතපල්ලා.

      Delete
  3. එල ද බ්‍රා...අයියන්ඩි. ආසාවෙන් කියෙව්වා..
    අවුරැදු2කට සුභ පැතුම්..

    ReplyDelete
  4. අවුරුදු දෙකට සුභපැතුම්!
    අලි ඇල්ලිල්ල ඔයිට ලේසියි අර කඹේ පැනි ගාල කරන මෙතඩ් එකෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්.
      පැණි ගාල කරන මෙතඩ් එක දන්නෙ නෑනෙ බං.

      Delete
  5. මොන හුත්තක්ද බං මේ. හැලපේ එකට අපි එන්නේ අනුන්ගේ මළදාන කියවන්න නෙමෙයි.. ලියන්න දෙයක් නැත්නම් නිකා හිටහන්.. මම කියෙව්වේ අර නැන්දම්මා නිවන් ගිය තැනට විතරයි.. ඒ අම්මා ප්‍රර්ථනා කළ දේ ඉටුවේවා....!!!

    නෝනට කියහන් මගේ කනගාටුව ප්‍රකාෂ කොලා කියලා...

    අවුරුදු දෙකට සුභ පැතුම්.. ඒකත් හදවතින්ම නෙමෙයි.. මට ඒ තරම් මල..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය වගේ හැඟීමක් තමයි බං මාතලන් මටත් උඹගේ බ්ලොග් එකට ගිහින් අර වත්තේගමයගේ පල්හෑලි දැක්කම එන්නේ. උබලට බොහොම රහට ලියන්න පුළුවන් කම තියෙද්දිත් එක එකාගේ හෑලි දානවට වඩා හොදයි මොකුත් නොදා ඉන්න එක. වෙලාව නැත්තං මාසෙකට එකක් හරි ලියපන්, වෙන වෙන එවුන් ලියපු හෑලි නොදා.

      Delete
    2. ගොන් මාතයාට ඔව්වා තේරෙන්නේ නෑ. ඌ හිතන්නේ වත්තෙගමයා දාර්ශනිකයෙක් කියලා.

      Delete
    3. ස්තුතියි මචෝ.උඹ බනිනකොට මට හෙන ජොලි.ලියවෙන්නෙ නැතිකොට මොනා කරන්නද බං.

      Delete
  6. අවුරුදු දෙකට සුබ පැතුම් !

    ReplyDelete
  7. අවුරුදු දෙකට සුභ පැතුම් .. අලි අල්ලන හැටිත් දැන් දන්නවා ..හෙහ් හෙහ් ..

    ReplyDelete
  8. කනගාටුව & සුබ පැතුම් !

    දැන් ආයිත් අලි පැටව් අල්ලන එක නැගල යන බිස්නස් එකක් වෙලා. වෙන එකක් තියා හොඳම මන්දවල් සීට් බෙල්ට්වලින් හදන්නෙ කියන එකත් හොයාගෙන. සමහර අවස්තාවල පැටියගෙ අම්මට වෙඩි තියල එලවනවා. මුදලාලිල දේශපාලුවන්, හාමුදුරුවන් තමයි කස්ටමර්ල

    ReplyDelete
    Replies
    1. බලන්න පින්වතුනි ඒ කාලේ අලි අල්ලාපු මිනිස්සු මොන තරම් නපුරුද ? අනේ හිතක් පපුවක් නැති හැටි. මොන තරම් දුකක් දැනෙන්න ඇත්ද පින්වතුනි අර තරුණ අලියට. දෑහින්ම කඳුළු වැගිරි වැගිරී තමන්ගේ කකුලට දාපු මන්ද ගලවා ගන්න බැරිව කොයි තරම් නම් දුකක් විඳින්න ඇත්ද ? ඇයි පින්වතුනි මේ මිනිස්සුන්ට හිතෙන් නැත්තේ ඔය තිරිසන් වැඩේ වෙනුවට අලි පැටියෙක් අල්ලා ගන්න එක කොයි තරම් පින්වන්තද කියල

      Delete
    2. අලියෙක් ඇල්ලුවාම ගෙනියන්නෙ පන්සලකට... බුද්ධ පුත්‍රයන්ගෙ ඇසුරෙ සතෙක් උනත් හැදෙනවා කියන්නෙ කොච්චර පිනක්ද....

      Delete
    3. අනේ තෝ වගෙ ගල් මූසලයෙක්. බේබද්දෙක් වාගෙ බොනවා.වංසෙ කබල් ගානවා. තෝ ඌරෙක් මරලා ඒකෙ පුරාජේරුවත් දොඩවනවා. මතක තියා ගනින් කවදා හරි තෝ ඒ සතා මර්ප්පු විදියට දුක් විඳලා තමයි තොගේ දරුවා කවදාහරි මැරෙන්නෙත්.හා හිතට අමාරුයි නේද?

      Delete
    4. ස්තූතියි ප්‍රා.දැන් නං අල්ලන්නෙ අලි පැටව් තාම ඉස්සර තරුණ අලි ඇල්ලුවට.

      Delete
  9. එතකන් මේ විදිහට හරි යමු. මේකෙත් කියවන්න දෙයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලියන්න බැරි මාන්දම මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙනවා. ඒක හරි යනකන් මේ විදිහට හරි යමු. මේකෙත් කියවන්න දෙයක් තියෙනවා .
      අවුරුදු දෙකක බ්ලොග් ගමනට සුබ පැතුම් හැලපේ !!

      Delete
    2. ස්තුතියි තිලකේ.ලියවෙන්නෙ නැතුව ඉන්න මේ දවස්වල මෙහෙමවත් ලියැවෙන එක ඇති .

      Delete
  10. //කලින් කියවල නැත්නං රසවත් නං පොතකින් අරං ලිව්වත් මමම ලිව්වත් වෙනසක් නෑනෙ නේද? එහෙනං අපි කතාව රසවිඳිමු.//

    මේකට එකඟ නෑ, මොකද ලිපියක් රස වෙන්නෙ කරුණු වගෙම ශෛලියත් හින්ද.
    නමුත් ලැබ්‍රොයි ගෙ ලිපියත් රසයි!
    //තෙලුල්ල නගරය // මෙහෙම එකක් දැන්නං නෑ. ඒත් කුඩ ඔය ටවුමක් තියෙනව. ඉස්සර ඔය පැති ලස්සනට තියෙන්න ඇති! දැන්නං සත්තු ඉතින් බල්ලො පූසො තමා.

    නැන්දම්මට පතන ලොවකට සුභ ගමණක්! එහෙනං වෙලා ඇති වෙලාවක ලියහන්කො වටේ යන රියල් හැළප කතාවක්.

    ReplyDelete
    Replies
    1. වැල්ලවායෙ ඉඳල තනමල්විලට යනකොට වෙන්න ඇති.

      තෙලුල්ල

      Delete
    2. ප්‍රසා, ඔව් තැන ඔතන තමා. නමුත් ඔතන ඇති ටවුමක් නෑ. ඒ අතින් කුඩා ඔය සෑහෙන දියුණුයි.

      Delete
    3. පැත්ත පළාත ගැන පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන ඉන්දිකටත් ප්‍රසන්නටත් ස්තූතියි.වටේ යන රියල් හැලප කතා ලියන්නට වෙන්නෙ ඡන්දෙන් පස්සෙ තමයි.දැන් ලිව්වට කවුරුවත් කියවන්නෙ නෑ.

      Delete
  11. අවුරුදු දෙකේ ගමනට සුබ පැතුම්. තුන්වෙනි අවුරුද්දෙ අල්ලමු අලි ටිකක්. මාත් එන්නම් කිතුල් අත්තක් වත් අරගෙන. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන.
      උඹත් එනවනං හරි සතුටුයි,ගජබින්නාලංකාරය දිග ඇරගෙන අලි අල්ලන්න යන්න බැරුවයැ.

      Delete
  12. අව්රුදු දෙකට සුබ පැතුම් හා නැන්දාම්මට නිවන් සුව

    ReplyDelete
  13. නැන්දාම්මාට නිවන් සුව..
    දැනුත් මෙහෙම ගේම් දීලාද දන්නේ නෑ අලි අල්ලන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාඩියෝ.
      දැන් නං අලි අල්ලන්න මෙපමණ ගේම් දෙන්නෙ නෑ.

      Delete
  14. අලි අැල්ලිල්ල කෙසේ වෙතත් අවුරුදු දෙකක බ්ලොග් ගමනට අපේ හදපිරි සිතුපැතුම්................

    ReplyDelete
  15. හරිම අගනා කතාවක් හැලපෙ. මෙය සත්‍යයක් වුනත් එහෙම නැත්නම් ප්‍රබන්ධයක් වුනත් එය ඉතා අපූරු ඉදිරිපත් කිරීමක්. මේ පොත දැන් ගන්න තියනවද පොත් කඩවල?

    ReplyDelete
    Replies
    1. මා හිතන හැටියට මෙය සම්පූර්ණ සත්‍යයක් විචා.
      අපොයි ඔව්.මෙපොත පිටවුනේ පහුගිය අවුරුද්දෙ.තාම කඩවල තිබෙනවා.

      Delete
  16. කතාවෙ අවසානය වෙනකම් මුලින් තිබුණු කුතුහලය ඒ විදියටම තිබුණ හැලප අයියෙ..එක හුස්මට කියෙව්ව නිසාද කොහෙද අන්තිමට තේරුනේ මං අලියව අල්ලන්න කැලේට ගිය වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ්.දැන් කොහොමද හිත හොඳද?

      Delete
  17. අවුරුදු දෙකට සුබ පැතුම්.... ජය වේ !

    ReplyDelete
  18. අවුරුදු දෙකට සුභ පැතුම්! නැන්දනියට නිවන් සුව!!.. ඒ පිළිබඳව 'හිටපු' බිරිඳටත් අනෙක් කරදර ගැන ඔබටත් කණගාටුව!!!

    තෙළුල්ල දැන් ටවුමක් නෑ.. කුඩාඔය නම් කුඩා නගරයක් තියෙනවා.. ඒත් අර ඇළ (ගඟ) නම් ඒ කියපු විදියමයි.. ලොකු පාරක් හැදිල.. මිනිස්සු ඈත් වෙලා... අලි අඩුවෙලා.. (ජාතීන් අතර) වලි වැඩි වෙලා.. පාර දෙපැත්තෙ පුංචි පුංචි උළු ගෙවල් වටේ ඉරිඟු, මෑ හා කැලෑවට වෙන්න 'මල්' නම් තවම වැවෙනවා..

    ගංජ සුරුට්ටුවලට වඩා පහසුවෙන් කුඩු ගන්න තියෙනවා දැන් මෙහේ.. මිනිස්සු ආයිමත් අලි අල්ලන්න හදනවා.. ඒ බුලත් කොල වලින් කෙළවගෙන ඇති වෙලා.. ඒත් තාමත් අලිය මිනිහට පස්ස හරවගෙන.. සමහරු හිමින් හිමින් පස්සෙන් ගිහින් තට්ටු දාල මදු ගහන්න හදනවලු..

    හැට අවුරුද්දක් ගිහිල්ල වෙලා තියෙන (එහෙම නැත්නං මොකුත් වෙනසක් වෙලා නැති) සංගෙදිය ගැන හිත හිතා මේක කියෙව්ව.. දුකයි සතුටයි දෙක මැද්දෙ අතරමං වෙලා..

    ලියන්න ගොඩක් දෙවල් හිතේ තියාගෙන මාත් මේ දවස් වල නොලිය ඉන්නව.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍ර.හිතේ තියාගෙන නොලියා ඉන්නවට වඩා යමක් ලියන්න උත්සාහ කර බැලුවොත් නරකද?

      Delete
  19. හැලපයියාගේ නැන්දම්මාගේ මරණය ගැන කණගාටුව.හැලප කඩේට අවුරුදු දෙකක් වීම ගැන ප්‍රීතිය.

    ලොක්කා අලි අල්ලන්නේ ඔහොම නෙමේයිනේ හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්.
      ලොක්ක අලි අල්ලන්නෙ නං මඩු ගහල නෙවෙයි ඇම දාලනෙ.

      Delete
  20. ශෝකය සහ සතුට දෙකම එකවර පළකරන්නේ කෙසේදැයි නොවැටහේ. අහිමි වූ දේ නැවත නොලැබෙන නිසා,
    දෑවුරුද්දට සුභ පතනවා අයියේ මුලු හදවතින්ම.

    ReplyDelete
    Replies
    1. අහිමිවූ දේ නැවත නොලැබෙන එක සත්‍යයි.ඒ වගේම ලබැඳියන් වෙන්වීමේදී ඇතිවන වේදනාවද ඉහළයි.
      සුබ පැතුමට බොහොම ස්තූතියි මධුමාධවී.

      Delete
  21. හිතේ හයිය තමයි ලොකුම හයිය. නැතිවෙන දේවල් නැතිවෙනවා. ඒවා එහෙම තමයි. ෆිට් එකේ හිටපන්. පුරුදු විදිහට ලියන්න පටන් ගනිං බං.

    ට්‍රෙවොර් ලැබ්‍රෝයි ඔස්ට්‍රෙලියාවේ නැත්නම් නවසිලන්තයේ නේද දැන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං.
      ට්‍රෙවෝ ලැබ්රෝයි 1950 ගණන්වල වැවිලිකරුවෙක් හැටියට වතුවල වැඩකරද්දී සිදුවුන සිදුවීම් මුහුණ දුන් සිද්ධි සහ අත්දැකීම් ආශ්‍රයෙන් මේ මෑතකදී ඔය පොත පළකර තිබෙනවා.සිංහල පරිවර්තනය 2013 ඩී පළවුනා.කතුවරයා හැට ගණන්වලදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයවී දැන් ඒ රටේ ජීවත්වනවා.

      Delete
  22. කම්මැලි කම් අත ඇරලා අර ඉස්සරම ලිව්ව අලවත්තෙ සිදුවීම් වගේ කථා ටිකක් ලියන්නකො...දෑ වසරට මගේ අක්මාවෙන් සුභ පතමි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා.ඡන්දෙන් පස්සෙ කතා ලියමු.

      Delete
  23. පොත ගැන ඔත්තුවට ස්තුතියි හැලපේ.
    //ට්‍රෙවොර් ලැබ්‍රෝයි
    අසාවත් නොතිබුණු නමක්.මේ ඔහු නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් කතුවරයාත් පොතත් එයමැයි.ස්තූතියි ඇනෝ.

      Delete

ඔබේ අදහස්