අද රසිකලොජියේ පළවූ පෝස්ටුවක් දැක මෙය ලිවීමට සිත්විය. එම පෝස්ටුවෙන් රසික කතාකර ඇත්තේ පේස්බුක් නිසා බ්ලොග් වලට සිදුවී ඇති බලපෑම ගැනය. පේස්බුක්හි බ්ලොග් ප්‍රවර්ධනය නිරර්ථක බව දේශකයාද කමෙන්ටුවක් ලියමින් කියා ඇත. පේස්බුක් පාඨකයන්ගේ බ්ලොග් ගැන ඇති දැනුම ගැන අපූරු සාකච්ඡාවක් මීට මාස දෙක තුනකට පෙර පළවී තිබුණ අතර පසුවට ප්‍රයෝජනයක් වෙතැයි කියා මා එම කොටස ප්‍රවේසම් කොට තබා ගත්තෙමි. පහත දැක්වෙන්නේ එම ප්රශ්නය සහ මුල් පැය එකහමාර තුළ එයට ලැබුණු ප්රතිචාරවේ. මීට පිළිතුරු ලෙස මමද මාතලන්ගෙ සින්ඩිය, අටම්පහිය, අඹ ගහ යට, අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ආදී සින්ඩි කීපයක ලින්ක් එතැන පළකළත් බුකිවාසීන් ඒ ගැන ප්‍රමාණවත් උනන්දුවක් දක්වුවා දැයි නොදනිමි. කෙසේ වුවද බුකියේ අයගේ බ්ලොග් ගැන දැනුවත් භාවය අදද එදා මෙන්ම දුර්වල බව නම් නොරහසකි.
ක්‍රියාකාරී මට්ටමේ තිබුණු හෝ තියෙන සිංහල බ්ලොග් අඩවි ටිකක් කියාගෙන යමු ද ?

මෙයත් බුකියේ දරුවෙක් ගැන කණගාටුදායක කතාවකි. ඇය විශ්ව විද්‍යාලයක ජනමාධ්‍ය ගැන උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හදාරණ දැරියකි. ඇයට පැවරී ඇති අභ්‍යාසයක් සඳහා උදව්වක් ඇය බුකියේ මිතුරු මිතුරියන්ගෙන් මෙසේ ඉල්ලා සිටින්නීය.
තුන්මන් හන්දිය
එයා දැන් ලොකු යමයෙක්
සරුංගල
බබරු ඇවිත්
සුජාතා
පරසතු මල්
චිත්‍රපට ගැන දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න...
මට ශී ලංකාවෙ ජනමාධ්‍ය විශයට සිනමාව ලියන්න ඔනෙ..පොඩි විචාරයක් ලියන්න ඔනෙ...උදා..තුන්මන් හන්දියෙ කවුද රගපාන්නෙ මොකක්ද වෙන්නෙ...අවසාන කොහොමද ...වෙන්නෙ..මෙ වගෙ ටිකක්..යු ටියුබ් බලලා මෙ ටික කරගන්න වෙලවාක් නැ මට..plz help me
මා මෙම සිද්ධීන් දෙක මෙලෙස උපුටා දක්වන්නේ මේ සම්බන්ධයෙන් සිනාසෙන්නද අඬන්නද කියා සිතා ගැනීමට නොහැකි බැවිනි෴