Wednesday, December 19, 2018

සේනගේ කතාව, අපේ ලොකු හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ, සමිත හාමුදුරුවෝ සහ බුද්ධ පූර්ණිමා.


අපට සේනගේ කතාවේ අවසානයක් දකින්නට බැරි වුණේ ඒ මැදට හාමුදුරු කතාවක් ආපු නිසාය.  එය මගේ භික්‍ෂු පරිච්ඡේදය දැයි ඇනෝ හිතවතෙකුත් අසා තිබිණ.  ඒ ගැන කල්පනා කරන මට මතක් වුණේ පරිච්ඡේදයක් ලියන්නට තරම් නැතත් භික්‍ෂු කතා කීපයකුත් මගේ ළඟ තියෙනවා නොවේද කියාය.  ඒ ටික ලියා ගන්නට මේ තරම් හොඳ වෙලාවක් ආයෙම එයිදැයි කියන්නට බැරි නිසා ඒ කතා ටිකත් මේත් එක්කම ලියා ඉවරයක් කරන්නට සිතුවෙමි.

ලංකාවේ භික්‍ෂු කතා ගත්තොත් අරක්කු ටිකක්, මලක් ගහන එකක්, කොටු පැනිල්ලක් වගේ සිල්ලර වැඩ ඇරෙන්නට සොමි කතා අඩුය.  ඒ මදිවට ඔය ටික ලියපු එකාව බෞද්ධයෝ ඇවිත් මරාගෙන කන්න හදයි.  ඔහොම කියනකොට ඔක්කොමල්ල වගේ හිතන්නේ මම ලියන්නේ හාමුදුරුවන්ගේ වැරදි විතරයි කියලාය.  නමුත් බොහෝම හොඳ හාමුදුරුවරුන්ගේ කතාත් මගේ ළඟ තිබේ.  එයින් ඉහළින්ම ඉන්න හාමුදුරු කෙනෙක් වෙන්නේ අපේ පංසලේ වැඩ සිට අපවත්වූ ලොකු හාමුදුරුවෝය.  සිල්වත්කම අතින් නම් මහපළවෙනිය.  අවුරුදු තිහ හතළිහක් තිස්සේ අපේ ගමේ තියෙන බණට, පිරිතට, දානෙට, මළගෙදරට ආදී හැම තැනටම ලොකු හාමුදුරුවෝ කකුල් ගෙවෙනවා නම් ගෙවෙනකල්ම වැඩියේ පයින්මය.  අද ඉන්න අයට නම් වාහනයක් පන්සල් මිදුලේ නොතිබුණොත් පන්සලෙන් එළියට බහින්ටවත් බැරිය.  ගහකොළට ඇති ඇල්මත් ඒ වගේමය.  පංසල මල්වත්තක් වගේ තියාගෙන සිටි හාමුදුරුවෝ ගහක අත්තක්වත් කාටවත් කඩන්නට දුන්නේ නැත.  හැබැයි ඉතින් ඇටේට පොත්තට නැත.  බනින්නට ගියාම රෙදි ගැලවෙන්නටම බනිනවාය.  කුඩා කාලයේ පටන්ම ශ්‍රී රාහුල දහම් පාසලේ ඉගෙනගත් ශිෂ්‍යයින් වූ අපි ගැන පසුකාලීනව හාමුදුරුවෝ මහා ඉහළින් කතාකළේ මගේ ගෝලයන්ය කියාය.

වෙනුජත් ලොකු හාමුදරුවන්ගේ හොඳම ගෝලයින්ගෙන් එක්කෙනෙකි.  මට වෙනුජව හදිස්සියේම මතක් වුණේ වෙනුජ ලොකු හාමුදුරුවන් ගැන හිනාවෙවී කියපු කතාවක් මතක්වෙලාය.  ලොකු හාමුදුරුවෝ සාමාන්‍යයෙන් තමන්ගේ දායක දායිකාවන් වෙනත් පන්සල් කරා යනවාට බොහෝසේ අකමැතිය.  එහෙම ගිහිං අහුවුනොත් එහෙම බනින්නේ බලු බැනුම්ය.  අපේ දුප්පත් පංසල වෙනුවට පොෂ් පන්සල් වලට යන දායිකාවන්ට හාමුදුරුවෝ දොස් කියන්නේ "අමුතු බුදුන් හොයාගෙන යනවා" කියලාය.  කේන්තිය හොඳටම තද නම් "වෙන පන්සල් වල නිදි වදින්න යනවා"ය කියලාත් බනී.

එක දහම් පාසැල් දවසක වෙනුජගේ පංතියේ කෙල්ලන් අතරේ කතාබහක් ඇතිවුණේ බොහෝම හොඳ යෝගියෙක් ක්වාටස් වල ගෙදරක වැඩ සිටින බවත් ගිහිං බලන්නට වටිනා බවත්ය.  විවේකය වෙලාවේ කෙල්ලන් තනියට එක්ක යන්නට වෙනුජටද  පෙරැත්ත කර කතා කරගෙන ක්වාටස් වල ගෙදරක හිටපු යෝගියා බලන්නට ගියහ.  ටිකක් පරක්කු වෙලා ආපහු ආ වෙනුජගෙන් කොහේ ගියේදැ'යි ලොකු හාමුදුරුවෝ ඇසු සේක.  වැඩේ බරක් පතලක් නොදන්නා වෙනුජත් ඇත්තම විස්තරය කියා ඇත.  කතාව අහපු ලොකු  හාමුදුරුවන්ගේ ඉරියව් වෙනස් වෙන්නට ගතවුණේ තප්පර ගණනකි.  ඉඳගෙන හිටපු පුටුව උඩට එකවරම පැන සිටගත් ලොකු හාමුදුරුවෝ "ගියාද නිගන්ටයන්ගෙන් බණ අහන්න" කියා පැය කාලකට වැඩි වෙලාවක් කණ පිරෙන්නටම බැන වැදුණු බව වෙනුජ කීවේය.

ඒ කාලයේ චූ කොල්ලෙක් වූ වෙනුජ පසුකාලයේදී ලොකු මහත්තයෙක් වූ පසුවත් සිය ගුරුවර ලොකු හාමුදුරුවන් ගැන උනන්දුවෙන් සොයා බැලුවේය.  ඒ වනවිට ලොකු හාමුදුරුවෝ හිටියේ බොහොම අසනීප තත්ත්වයකිනි.  ලොකු හාමුදුරුවන්ට වෛද්‍ය පරීක්ෂණ වගයක් ගම්පහින් කරගන්නට ඇති නිසා එක්ක යන්න එන්න කියා පොඩි හාමුදුරුවෝ වෙනුජට කියා ඇත.  ඒ කාලයේ ලොකු හාමුදුරුවන්ගේ පළවෙනි ගෝල නම සිවුරු හැර ගොස් සිටි නිසා හිටියේ වෙනත් පොඩි හාමුදුරු කෙනෙකි.  වෙනුජත් ලොකු හාමුදුරුවන් ගම්පහ රැගෙන ගොස් ඒ වැඩ ටික බොහොම උනන්දුවෙන් කරදී ආපහු පන්සලට රැගෙන ආවේය.  පන්සල්වත්තේ කාරෙක නවත්තන්නට තැනක් බැලු වෙනුජ උඩ බලනවිට දැක්කේ පංසලේ තැඹිලි ගස්වල ගෙඩි පැහී වේලිලා ඇති බවය.  "අවසර, ගස්වල ගෙඩි පැහිල වේලිලා නේදැ"යි වෙනුජ ඇසුකල ලොකු හාමුදුරුවන් දුන්නේ අපූරු පිළිතුරකි.

"කාට කියන්නද වෙනුජ, ඔය ගොල්ලන්ගෙ කාලෙ වගේ නෙවෙයි දැන්.  දැන් කොල්ලො ඔය ගඩා ගෙඩි දිහා බලන්නෙවත් නෑ.  ඔය ගොල්ලො දහම් පාසැල් ආපු කාලෙ නං මම දෙසැරයක් බුද්ධ පූජාව තිබ්බා" යි ලොකු හාමුදුරුවෝ වදාළ කල්හි වෙනුජ උඩ ගොස් බිම වැටුණේ ලොකු හාමුදුරුවන්ට හොරෙන් කරනවාය කියා සිතාගෙන කළ දේවල් ඔක්කොම උන් වහන්සේ දැන සිටි බව අවුරුදු විසි ගණනකට පසු දැනගන්නට ලැබුණු අවස්ථාවේය.

 ගමට බොහෝ ඈතින් තිබුණු ගලේ පංසල හෙවත් ශෛලබිම්බාරාමය හැරපියා අළුතෙන් ලැබුණු ඉඩමේ කටුමැටි ගසා හදාගත් පන්සලට වැඩිය ලොකු හාමුදුරුවෝ පංසල හොඳට හදාගන්නට සෑහෙන දුක් මහන්සි වුවෝය.  එතකොට හාමුදුරුවන්ට හිටියේ එක ගෝල නමකි.  ඒ පොඩි හාමුදුරුවොත් ඒ කාලයේ සරසවි සිසුවෙකි.  පංසල ලස්සනට හදාගන්නට පොඩි හාමුදුරුවන්ට තිබුණේ ලොකු හාමුදුරුවන්ටත් නැති තරමේ වුවමනාවකි.  ඒ කාලයේ හැම සති අන්තයකම අපි ශ්‍රමදාන දැම්මේ පංසලේ ඉදිකිරීම් වලටය.  ඉදිකිරීම් කරන්නට ශ්‍රමය විතරක් මදිය, මුදලුත් අවශ්‍ය වේ.  මුදල් ටිකක් හොයාගන්නට සල්පිලක් කරන්නට පොඩි හාමුදුරුවෝ අපිව උනන්දු කරවූහ.  සල්පිලක් කළාට මදිය ජනතාව ද ගෙන්නාගත්තේ නැත්නම් සල්පිල අසාර්ථකය.  පොඩි හාමුදුරුවන් කීවේ බණක් කියවමු කියලාය.  ඒ කාලයේ අද වගේ ජනප්‍රිය බණ කියන හාමුදුරුවරු සිය ගණනක් හිටියෙ නැත.  කාලීන ධර්ම දේශනා කළේ මාදුළුවාවේ සෝභිත හිමියන් විතරය.  සෝභිත හිමියන් ට ආරාධනා කර කැඳවා ගන්නට පොඩි හාමුදුරුවන් බාර දුන්නේ මටය.

වැලිසර රෝහලේ වාට්ටු අලුත්වැඩියා කර විවෘත කරන වෙලාවට නවලෝක මුදලාලි විසින් වැඩමවා ගෙන එන ලද සෝභිත හිමියන් සමග කතාබහ කර තිබුණද එතරම් හිතවත්කමක් උන්වහන්සේ සමග මගේ තිබුණේ නැත.  කෙසේ වුවද කෝට්ටේ නාග විහාරයට ගොස් උන්වහන්සේට ආරාධනා කරන්නට තීරණය කරගත්තායින් පසුව නාග විහාරයට යන්නේ කෙසේදැයි නොදැන සිටි අපට පාර කියාදුන්නේ රෝහලේ සිටි කරුණාරත්න පෙරේරා විසිනි.  ඉතින් එක් සුන්දර උදෑසනක ආරිත් මමත් කරුණාරත්න පෙරේරා කිව් මග සලකුණුවලට අනුව කෝට්ටේ නාග විහාරයට ගියේ ආරිගේ සයිකලයෙනි.

මග වරද්දා නොගෙන නාග විහාරයට ගිය අපි ටිකක් වෙලා බලාසිටිය විට සෝභිත හිමියන්ගේ කැඳවීම ලැබුණි.  ඒ කාලයේ නාග විහාරය අද වගේ ලොකු සහ පොෂ් විහාරයක් නොවුණු අතර වැඩිපුර සෙනග ගැවසෙන තැනක්ද නොවීය.  හාමුදුරුවෝ අපෙන් විස්තර අසා පන්සලෙන් ගෙනගිය ලියුමත් බලා ආරාධනය පිළිගත්තෝය.  ඔය කියන කාලය වන විට රටේ විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර් බොහෝ බලසම්පන්න තත්ත්වයක සිටි අතර ඔහුට කරන්නට අවශ්‍ය දේවල් හොඳින් හෝ නරකින් කරගන්නට කිසිසේත්ම පසුබට නොවීය.  පාර්ලිමේන්තුවේ හයෙන් පහක බහුතර බලයත් ප්‍රබල විධායක ජනාධිපති බලතලත් සහිතව රට පාලනය කළ ජේ. ආර් කීවේ ඔහුට බැරි ගැහැණියක් මිනිහෙක් කරන්නට පමණය කියාය.  1980 ජුලි වැඩ වර්ජනය අතිශය අමානුෂික ලෙස මර්දනය කළ ඔහු කීව්වේ තවම අලියා නැට්ට හෙලෙව්වා පමණයි කියාය.  එහෙම ජනාධිපතිවරයෙක් ගෙන් ගේම ඉල්ලූ හාමුදුරුවරු දෙදෙනෙක් එකල වැඩ විසුහ.  එක හිමිනමක් මාදුළුවාවේ සෝභිත හිමියන් වූ අතර අනෙක් හිමිනම වුයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය.  මේ ගැන වැඩිදුර විස්තර පසුවටය.

අපේ පංසලේ පැවැත්වුණු සෝභිත හාමුදුරුවන්ගේ බණට ආපු තරම් සෙනගක් මම ඒ පංසලේ අද වෙනතුරු දැක නැත.  පන්සල් වත්ත උතුරන්නට හිටි සෙනග නිසා බණට පසුව පැවැත්වුණු සල්පිලද ඉතාම සාර්ථකව පවත්වා ගන්නට හැකිවිය.  සෝභිත හාමුදුරුවන් එක්ක කතාබහ කරන්නට හා හිතවත් කමක් ඇතිකරගන්නට මට ඉඩ ලැබුණේ මෙන්න මේ බණ කීමෙන් පසුවය.  එදා ඇතිවූ හිතවත්කම දැනට අවුරුදු දෙකකට කලින් සිදුවූ උන්වහන්සේ ගේ අපවත්වීම දක්වාම එක දිගට ඇදී ගියේය.  2015 අවුරුද්දේ උන්වහන්සේ ඕමානයට වැඩම කළ ගමන ඒ හිමියන්ගේ අවසාන විදේශ සංචාරය යැයි සිතමි.  එදා හමුවුනේද මා ඊට අවුරුදු තිස් ගණනකට පෙර දැක තිබූ අල්පෙච්ඡ සහ නිහතමානී යතිවරයාණන් මය.

මම චෙන්නායිවලට මාරුවක් ලැබී ගිය කාලයේ ඒ නගරයේ තිබූ බෞද්ධ සිද්ධස්ථානය වුණේ මහාබෝධියයි.  එය චෙන්නායි පමණක් නොව දකුණු ඉන්දියාවටම තිබූ එකම පන්සලයි.  චෙන්නායිහි මහාබෝධිය පන්සලක් වශයෙන් මෙන්ම නවාතැන් පොලක් වශයෙන්ද සිය සේවය ලාංකිකයන්ට ලබාදුන්නේය.   දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගේ හුවමාරු නැවතුම් පොලක් වශයෙන්ද, ලෙඩට බේත් ගන්නට චෙන්නායිහි රෝහල් කරා එන ලාංකිකයන්ගේ මෙන්ම වෙනත් වෙනත් කටයුතු සඳහා එන අයගේ නවාතැනක් වශයෙන්ද මහාබෝධිය ජනප්‍රිය මධ්‍යස්ථානයක් විය.  එම පංසල යැපුනේද එහෙම නවතින්නට එන අයට කාමර කුලියට දී ලබාගන්නා මුදලිනි.  මම යන කාලයේ පංසලේ හිටියේ සමිත හාමුදුරුවන්ද පංසලේ පරිපාලන වැඩ ටික කරන්නට ජයතුංග මහත්තයා ද යන දෙදෙනාය.  ආවතේව, පිරිසිදු කිරීම් සහ උයන පිහන කටයුතු කෙරුණේ දකුණු ඉන්දීය කම්කරුවන් කීප දෙනෙකු අතිනි.  මුරට වයසක මුරකාරයෙක්ද විය.

මහාබෝධියේ පැවැත්වුණු ප්‍රධාන බෞද්ධ උත්සවය වු බුද්ධ පූර්ණිමා යනුවෙන් ඉන්දීය ජාතිකයන් හැඳින්වූ වෙසක් උත්සව සැමරුම ඒ කාලේ කිසිම විදියකින් සිත් ඇද බැඳ නොගන්නා සහ මහම කම්මැලි උත්සවයක් වූ බව මට මතක තිබේ.  එදාට පන්සලට නොගිහින් ඉන්නට බැරි නිසා ගියා මිසක ඒ උත්සවයට කට්ටිය ගියේ කිසිම කැමැත්තකින් නොවේ.  පළමු කොටම පන්සිල් සමාදන් වීමෙන් පසුව උත්සවය ඇරඹේ.  ඊට පසු තියෙන්නේ කතා වාරයයි.  ආරම්භක කතා කීපයකට පසු මුඛ්‍ය දේශනය පවත්වන ආචාර්ය සිද්ධාර්ථන් සිනහ වෙමින්ද තමාගේ කතාව ගැන තමන්ම සතුටුවෙමින්ද අඩුම වශයෙන් පැය දෙකක්වත් කතා කරන්නේ අහගෙන ඉන්න අසරණයින් ගැන තඹයකටවත් මායිම් නොකරමිනි.  තේරෙන කතාවක් නම් අහගන ඉන්නටවත් හැකි වුවත් ඔහු මුළු කාලය පුරාවටම කතා කරන්නේ සම්පූර්ණයෙන්ම දෙමළ භාෂාවෙනි.  යන්තම් කතාව ඉවරවුන විට හැමෝම සතුටුවෙන්නේ එතනදීම නිවන් ගියා වගේය.  ඊළඟට සමිත හාමුදුරුවෝ ඉංග්‍රීසියෙන් කොළයක ලියාගත් ස්තුතී කතාවක් කියවයි.  උත්සවයේ වැඩ අවසන් වෙන්නේ වඩේ, මුරුක්කු සහ බොන්නට අඹ ජුස් පැකට් එකක්ද වශයෙන් ඇති සංග්‍රහයකිනි.  තියෙන හිතේ අමාරුවේ හැටියට අපට නම් අඹ ජුස් බීලා හිත හදාගන්නට බැරි නිසා කොහේ හෝ කාමරයකට වී විස්කි ටිකක් නොබී බැරිය ෴

41 comments:

  1. ආචාර්ය සිද්ධාර්ථන්ටත් ඔෙහල ෙබාන විස්කි ෙෂාට් ඒකක් දුන්නනං අෙග්ට සිංහෙලන්ම කතා කරයි.

    ReplyDelete
    Replies
    1. කතා කියවනව තරම් ලේසි නෑ අහගෙන ඉන්න එක

      Delete
    2. කියවන එකනං අපිට ඕන වෙලාවක නවත්තල දැම්මහැකිනෙ. ඒත් ඉතිං හෝල් එකක් ඇතුලට වෙලා කියෝන එක අහගෙන ඉන්න බැරුව නැගිටල එන්න කියලයැ.

      Delete
    3. අපේ පන්සලේ සාදු මට අසභ්‍ය ක්‍රියාකාරකමක් කරලා පලා ගියා. ප්‍රශාන් මල්ලිට කවුරුත් කරලා නැද්ද?

      Delete
    4. මළපහ කොට ගුද විවරය සෝදා, දෑත් සබන් යොදා සේදීම අනවශ්‍ය බව අතිගරු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටි. එතුමා මේ බව සදහන් කරමින් වැඩි දුරටත් කියා සිටියේ වැසිකිළි ගොස් ගුදයෙන් පිට කරනා මළපහ තමන්ගේ බඩ ඇතුලේ සිට එලියට යන ඒවා වන බැවින්, ඒවා ස්වල්පයක් දෑතේ තැවරීම ගැටළුවක් නොවන බවයි. දෑත් වල තැවරී ඇති මළපහ කෑම සමග මිශ්‍රව ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවන බව කීවත් එය සබන් නිශ්පාදකයන් විසින් කියනු ලබන අසත්‍ය ප්‍රචාරයක් බවයි මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ. ශරීරය තුල තිබෙන මළපහ පිටකිරීමෙන් පසු, ඒවා නැවත ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා යන්න සම්පුර්ණ අසත්‍යයක් බවයි එතුමා සදහන් කරේ.

      මේ අනුව ඉදිරියේදී මළපහ කෑමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන බවට සදහන් කරමින් විශේෂ ගැසට්ටුවක් එලියට දැමීමට තමන් කටයුතු කරනා බවයි මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩි දුරටත් කිය සිටියේ.

      Delete
    5. විස්කි ෂොට් එකක් දුන්නොත් සිංහලෙන් කතාව කෙසේ වෙතත් තවත් පැය පහක් හයක් කතා කරන එක නං ෂුවර්.

      Delete
    6. ප්‍රා,
      ඒකෙ අමාරුව අහගෙන ඉඳලම තමා තේරුම් ගන්න වෙන්නෙ.

      Delete
  2. කථාව තව හුඟක් දුරට යනවා වගෙයි. සියල්ලම කියවනවා.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියවන්න දයා ආතා ඉන්න එකක් නෑ, යටියන්තොට යයි ඊට කලින්.

      Delete
    2. ස්තුතියි දයා අයියේ, තව ටිකක් විතර ලියන්න තිබෙනවා.

      Delete
  3. මහත්තයට කියන්න, ඔය ලොකු ලොකු මන්ත්‍රීලා, ඇමතිවරු, ඔය නායක හාමුදුරුවරු අපේ ලොකු හාමුදුරුවෝ දැක්ක තැනදී මෙහෙම පහට හයට නැමිලා දන ගහල වදින්නේ. හැබැයි පුතෝ අපේ ලොකු හාමුදුරුවෝ හැමදාම රෑට මට දන ගහලා වැඳලායි කුටියෙන් යන්නේ..

    -සාමනේර තැන

    ReplyDelete
  4. හැලප, සුදු වෑන් එකක ආපු සිල්කාරයෝ සෙට් එකක් මගේ කටට පඩයක් ඇරලා ගියා. මම මේ පැයක් තිස්සේ පඩේ හප හපා ඉන්නේ. පඩේ හින්දා ගිලින්නත් බෑ, සිල් හින්ද අහක දාන්නත් බෑ. මං මොකද කරන්නේ? පන්සලේ ප්‍රංශ රසේ විඳ ඇති හැලපෙය මෙවැනි අවස්ථාවකදී ගන්නා පියවර කිමද?

    ReplyDelete
  5. පඩත්තල වෙස ඇනොසෙට් එකක් ඇවිල්ලා පන්සල කතාවේ රිලා පලයල්ලකෝ අර සංක්‍රමික පරගතියෝ ලියන වැසිකිලිවලට වැදගත් කාතා අස්සේ රිංගන්නේ
    උන්ට ඒවාට යන්නබරි සුද්දන්ගේ කටුකනගමන් තොපිට ඉඳ හිට ඒ කටුකාලිත් විසිකරන්හින්දාද අජිත් පොමියෝ ලොජි කන්ගරුවෝයි කැනඩාවේ තිරුවානා මැන්ටලයෝ පොදුවේ වැසිකිලි ඇරලා තියෙන්න ඩොලර් පවුන් වලින් පිහිදාගෙන යන්න

    ReplyDelete
  6. සෝභිත හාමුදුරුවන් ගැනත් ඉංගිරිස් බණ ගැනත් කියෙව්වාම මට පාසැල් කාලේ සිද්ධියක් මතක් උනා. 1976-79 වසර හතර මම උසස් පෙළ ඉගෙන ගත් කාලයයි. සෑම පසළොස්වක දිනකට ආසන්නම පාසල් දිනයේදී අපිට ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඒක පැවැත්වෙන්නේ ඉංගිරිස් භාෂාවෙනුයි. හිංගලෙන් වත් මලාට බන අහන්නේ නැති අපි, මේකට මේන් හෝල් එකට යන්නේ අපේ උප විදුහල්පති 'කටයා' මහතාට බයේ මිසක්, බන අහලා, සසර සයුරෙන් එතෙර වෙන අදහසින් නොවෙයි. (පාසැල Royal College කියලත් කිව යුතුයිනේ.) ඉහත වකවානුවේ එක්තරා බණ දිනක අපේ විදුහල්පති පීරිස් මහතා, හාමුදුරුවන් හඳුන්වා දීම ""සිංහලෙන්"" සිදු කළා. සිංහලෙන් කිවිසුමක්, ඈනුමක් වත් අරින්නේ නැති එතුමාට 'සිංහල තෙරියා ඉල්ලේ' කියලයි අපි ඔක්කොම ඒ වනතෙක් හිතාගෙන හිටියේ. හාමුදුරුවන්ගේ නම "නාග විහාර වාසී , මාදොළුවාවේ සෝභිත" කියලයි කිව්වේ. අපි හැමෝම මේ වෙච්ච දේ (ප්‍රින්සිපල් හිංගලෙන් කතා කරපු එක ) අදහාගන්න බැරුව පුදුම වෙලා ඉන්නකොට සෝභිත හාමුදුරුවෝත් (සිංහලෙන්) බණට කියාපු දේවල් ඊටත් වඩා පුදුමයි. වයස පනස් හතකට කිට්ටු මගේ ජීවිත කාලයේදී, බණකට අහපු එකම වචනයක් හරි මතකයේ තියනවානම් ඒ එදා සෝභිත හිමි කියාපු දේවල් කිහිපයක් තමයි. එතුමා කිව්වා බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන ආකාරයට සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙදී ඇවිදීම, කථා කිරීම ඇත්තටම වෙන්න පුලුවන්ද?? උපන් ගමන් හයියෙන් ඇඬුවා කිව්වානම් විශ්වාස කරන්න පුලුවන්. වයස විසි අටක් වෙලත් සිදුහත් කුමාරයා මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් දැකලා නැද්ද ? ඔච්චර එකේ යශෝධරා දේවියට හෙම්බිරිස්සාවක් වත් (ඒක ටිකක් බරට උච්චාරණය කලාම අපි වාගේම එහි අරුත තේරුම් ගත්ත ගුරු මණ්ඩලයේ ගුරුවරියන් මුහුණ වහගත්තාත් තාම මතකයි) හැදිලා නැද්ද ?? ඕවා නොදන්නා කෙනෙකුට බුදු වෙන්න තියා ඇස් ඇස් සී වත් පාස් වෙන්න පුලුවන්ද? ආදී වශයෙන්. මේ උදාහරණ ගෙනාවේ බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන අතිශයෝක්තියන් (උපන් වෙලාවේ කතා කිරීම, ඇවිදීම, සතර පෙර නිමිති වැනි දේවල්) විශ්වාස නොකර, බෞද්ධ දර්ශනයේ කියවෙන දේවල් පමණක් විශ්වාස කරන්න, පිළිපදින්න කියා කීමටයි. මගේ ජීවිතයේදී අහපු ප්‍රීතිමත්ම ධර්ම දේශනාව ඒකයි. ඒ දිනය දක්වා, බන අහන්න මේන් හෝල් එකට ගියේ මරන්න ගෙනියන හරක් වගේ උනත් එදායින් පසු නැවත එවැනි බණක් අහන්න ලැබේවි කියලා අපි කලින්ම හෝල් එකට ගිහිං ඉස්සරහා පුටු අල්ලා ගත්තා උනත්, ඉන් පසු කිසිදිනෙක එවැනි බණක් තියා සිංහල භාෂාවෙන් වත් බණක් අහන්න ලැබුනේ නැහැ . සෝභිත හිමිපාණන්ට නිවන් සුව පතමි .

    ReplyDelete
  7. I remember this Bana very well. It enabled a lot of us to understand the deeper meaning of the Jathaka Katha.

    ReplyDelete
    Replies
    1. ඔව් උන් වහන්සේ ඉතාම සරලව ගැඹුරු දහම දෙසුවා.

      Delete
  8. හරිම අපූරුයි හල්පේ. නාග විහාර භූමියේම තිබුණු 'අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ කළමනාකරු විදියට අවුරුදු දහයකටත් වැඩි කාලයක් සේවය කළ සමයට ආයෙමත් ගියා. ඒ අත්දැකීම්වලින් ටිකක් මගේ බ්ලොගයටත් ලියන්න හිතාගෙන හිටියත් තවම ලියැවුණේ නැහැ. ඒත් දැන් හිතුණා බිඳක්වත් කොටන්න ඕනෑමයි කියලා. ස්තුතියි මාව උත්තේජනය කළාට.

    ReplyDelete
    Replies
    1. සතුටුයි. ඒ වගේම මේ ටිකත් කිවයුතුයි. මට ඔබේ බ්ලොගයට කමෙන්ට් කරන්නට බැහැ. ගූගල් මාව ගූගල් + බ්ලොක් කරල තියෙන නිසා.

      Delete
  9. //"කාට කියන්නද වෙනුජ, ඔය ගොල්ලන්ගෙ කාලෙ වගේ නෙවෙයි දැන්. දැන් කොල්ලො ඔය ගඩා ගෙඩි දිහා බලන්නෙවත් නෑ. ඔය ගොල්ලො දහම් පාසැල් ආපු කාලෙ නං මම දෙසැරයක් බුද්ධ පූජාව තිබ්බා"// :D
    සෝභිත හාමුදුරුවන්ගෙ බණ මාධ්‍ය වලින් අහලා තිබ්බට, කවදාවත් බණ කියන තැනකට ගිහින් අහන්න අවස්ථාවක් ලැබිලා නෑනෙ මට. :(

    ReplyDelete
    Replies
    1. එහෙම අහපු අයට ලැබුණු දුර්ලභ වාසනාව දැන් ලබාගන්නට බැහැ.

      Delete
  10. සෝභිත හාමුදුරුවෝ ගැන තියෙන්නේ හරිම අපූරු මතකයක් මට. ඉස්කෝලේ කාලේ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයේ කථික තරගයක අවසාන වටයට මාව තේරිලා තිබ්බා. තරගේ තිබ්බේ රෝයල් කොලිජියෙ ඔඩියේ. ප්‍රධාන තීරක සෝභිත හාමුදුරුවෝ. තරගේ උත්සවාකාරයෙන් පටන් ගන්න ඉස්සරලා හාමුදුරුවන්ට ආරාධනා කළා දේශනයකට.

    පෝඩියම් එක ගාවට ඇවිත් මුලින්ම කළ දේ තමයි. ඉස්සරහ ගහලා තිබිච්චි තඩි මල් වඩම ගලවන්න කියපු එක.

    "පොඩි මිනිස්සු වෙන අපිට මොකටද මැරෙන්නත් කලින් මල් වඩම්! අනික මේක හින්දා කතා කරන කෙනගේ මූණ පේන්නෙත් නෑනේ!"

    පොඩි එකෙක් වෙච්චි මට මාර සතුටක් ආවේ මොකො මං බයේ හිටියේ පෝඩියම් එකට උස නැති මාව කොහොම පෙනෙයි ද කියලා!

    ReplyDelete
  11. අලුත් වසරක් ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ නවතම ප්‍රශ්න උත්තර තරඟයක් සමගිනුයි. ඉතිහාසය නොදැන අනාගතයයේ පලක් නැති නිසා පහත ප්‍රශ්න සාදා ඇත්තේ සිංහල බ්ලොග් ඉතිහාසය තුළිනුයි. උත්තර දෙන්න ජය ගන්න, යට ජංගි දිනා ගන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    (1) වීරවිල කඳවුරෙන් නිදහස් වීමෙන් පසු පළමුවෙන්ම කරන්නේ හොද වැසිකිළියකට ගොස් හිතේ හැටියට රීම බව ප්‍රකාශ කෙරු බ්ලොග්කරු කවුද?
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) කල්‍යාන මිත්‍ර
    (D) මාරයා

    (2) මෙම බ්ලොග්කරු ආරක්ෂක හමුදාවක සේවය කොට නොමැත
    (A) කල්‍යාන මිත්‍ර
    (B) මාරයා
    (C) හැලපයා
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (3) 'මගේ ලෝකය-රංග' නමැති බ්ලොග්කරුගේ සැබෑ නාමය මෙයය
    (A) ලක්මාල් කන්දේවිදාන
    (B) අසේල ඉන්දික
    (C) චතුෂ කුමාර
    (D) අභීත එදිරිසිංහ

    (4) කුරුළු හමුදා ලොක්කාට අතවර කිරීමට ගොස් හිරේ ගිය බ්ලොග්කරුවෙකි
    (A) හිරකරුවා බ්ලොගයේ රචකයා
    (B) අටම්පහුර රචකයා
    (C) සිනුවර තට්ටයා
    (D) කල්‍යාන මිත්‍ර බ්ලොග්කරු

    (5) 'ටිකක් හිනා වෙන්න එන්න' කියාගෙන පැමිණ මුදල් වලට පොල්ල තැබූ මෙම බ්ලොග්කරු මීමුරේ මාමා, මීමුරේ කැහැටු වඳුරා,හොරා,අබේපාල මාමා වැනි අන්වර්ථ නම් වලින්ද හැදින්වේ
    (A) හැලපයා
    (B) අභීත එදිරිසිංහ
    (C) ජෙනරාල් විචාරක ගුණසිංහ
    (D) මාතලන්-(හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්)

    (6) ඉහත 5 ප්‍රශ්නයේ සදහන් බ්ලොග්කරුගේ මුදල් වංචාකිරීම් වලට හසුව හිතේ අමාරුවෙන් අකාලයේ මිය ගිය හිත හොද බ්ලොග්කරු මෙතුමාය
    (A) ඉන්දික උපශාන්ත(උපසේන)
    (B) රාජ්පාල් මාමා
    (C) ඔබා මාමා
    (D) මාරයා

    (7) මෙම බ්ලොග්කරු විටක හාමුදුරුකෙනෙකි, විටක බස් පළුවෙකි, තවත් විටක කුරුළුහමුදා සාමාජිකයෙකි,මුරකරුවෙකි,කේන්දරකරුවෙකි ඒ මදිවාට හිතුනු විටක ගොසින් කුලී වැඩට කරයි. එසේම මෙම බ්ලොග්කරුට නොම්බරය 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියක්ද අයිතිය. මොහුගේ පුකට කුඩා කල හෙනද වැදී ඇත. මේ කවුද?
    (A) මාරයා
    (B) රසිකලොජි-කකා
    (C) මාතලන්
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (8) රසික සූරියආරච්චි-කකා විසින් රචිත බ්ලොග්අඩවියක් නොවේ
    (A) ඇනොමනිස් ආතල් බ්ලොගය
    (B) කතාන්දරකාරයා බ්ලොගය
    (C) රසිකලොජි බ්ලොගය
    (D) මගේ ලෝකය බ්ලොගය

    (9) වෘත්තීයෙන් ගුරුවරයෙක් වුවත් බ්ලූ බැලීමට රුසියෙකි, විදෙස් රටක සේවය කරයි.
    (A) රසිකලොජි-කකා
    (B) ඩුඩ්
    (C) හැලපයා
    (D) ඉන්දික උපශාන්ත(උපසේන)

    (10) මෙම කුප්‍රකට බ්ලොග්කරු ඔසී රටේ මළපවාහන පද්දතියේ සේවය කරයි. ඔසී යාමට අවශ්‍ය නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක්ද කරගත්තේය. ආනන්දෙට පැරෂුට් එකෙන් ආ බවද කියවේ.
    (A) මාරයා
    (B) හැලපයා
    (C) සාරස
    (D) රසිකලොජි-කකා

    දැන්ම උත්තර සපයන්න. වසරක් පුරාවට හිතේ හැටියට යට ජංගි දිනා ගන්න. ගොනා හරි පාරට දාගන්න.

    ReplyDelete
  12. කාගේද මේ බලවේගේ, මැල්කම්ගේ බලවේගේ
    කාගේද මේ බලවේගේ, මැල්කම්ගේ බලවේගේ..

    වතුර වයින් බවට පත්කෙරු ජේසුතුමාගේ උපන්දිනය දා බාර් වැසූ අතිඋතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන්ට නිවන් සැප පාර්ථනා කරමු. මැල්කම් රන්ජිත් හිමිපාණන්ට බුදු බව අත්වෙන්න ඕනි මේ සිද්ද කරගත ගත්ත කුසල් කර්මයේ බලයෙන්. පොඩි කාලෙම අතිඋතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන් මහණ කෙනෙක් කරා නං හරි කියනවනි.

    අතිඋතුම් මැල්කම් රන්ජිත් හිමිපානන් ජේසුතුමාගේ ධාතු ප්‍රදර්ශනයක් පෙන්නනත් ඉන්නේ කියනවනි ස්වර්ගස්ත වෙන්න කලින්.

    ReplyDelete
    Replies
    1. මේ මැල්කම් රන්ජිත් කියන කාලකන්නියා තමයි ලංකාවෙ කතෝලික පල්ලියට ආපු ප්‍රතිගාමීම ගෝතකරුමය ... !..... ඒකෙත් නියම වැඩේ කියන්නෙ, පාප් වහන්සේ ඉතාම ප්‍රගතිශීලී කෙනෙක් වෙද්දි, ලංකාවට මේ කරුමෙට කරගහන්න වෙච්ච එක.... ඊයෙ රෑ දේශනාවටත් මෙයා කරේ තියෙන්නෙ අම්මයි, තාත්තයි දෙන්නම රස්සාවල් කරන එක විවේචනය කිරීම.

      Delete
  13. නාසා ආයතනය යනු ඇමරිකාවේ අභ්‍යාවකාශ ඒජන්සිය මිසක් ලෝකයට පොදු අභ්‍යාවකාශ ඒජන්සියක් නොවේ. එම නිසා ඇමරිකානු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නාසා ආයතනය වග කියන්නේ ඇමරිකන් ජනතාවට සහ එම ආණ්ඩුවට පමණයි.

    ඒ අනුව ඔවුන් සිය මෙහෙයුම් දියත් කරන්නේ ස්වකිය ජනතාවගේ බදු මුදලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත හැකි දෙයකට මිසක් ලෝකයේ අනෙකුත් රට වලට සහ එම රටවල ජනතාවට ඕනා එපා හැටියට නොවේ. නාසා ආයතනය නැවත හඳ මතට මිනිසුන් නොයවන්නේ එම කාරණය නිසයි. මන්ද සඳ මතට මිනිසුන් සහිත යානා කිහිපවරක්ම යවා ඇති නිසා, නැවත වරක් ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විශාල ලෙස වැය කරමින් හද ගමනක් සංවිධානය කරනවට වඩා, තරණය කර නොමැති ක්ෂේත්‍ර ඔස්සේ මෙහෙයුම් දියත් කිරීම ඔවුන්ට වැදගත් වනවා.

    කෙසේවෙතත් නාසා ආයතනය ආරම්භයේ සිටම ඔවුන් අභ්‍යාවකාශ මෙහෙයුම් වලදී ගන්නා ජයාරූප, වීඩියෝ ආදිය කිසිදු බුද්ධිමය හිමිකාරීත්වයක් නොමැතිවම බෙදා හරිනවා. ඒ අනුව ලෝකයේ ඕනෑම රටක සිටිනා අයෙක්ට එම ජයාරූප, වීඩියෝ තමන්ට ඕනා ආකාරයකට භාවිතා කල හැකියි. නාසා ආයතනය මෙසේ ඔවුන්ගේ ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දුන්නත් ජපානය, රුසියාව වගේ රට වල අභ්‍යාවකාශ ඒජන්සි ඔවුන් ගන්නා ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දෙන්නේ නැහැ.

    ReplyDelete
  14. හැලප කඩෙි පලවෙනි කොමෙින්ටුව ද මන්ද ?

    ලස්සනට වචන ගලපලා සුපිරියට ලියපු පෝස්ටුවක්....

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබේ පළමුවෙනි කමෙන්ටුව. බොහොම ස්තුතියි.

      Delete
  15. අපාරාදෙ බලන් යනකොට මහාබෝධියට චෙන්නායි කෞතුකාගාරෙ ඉඳල හූවයි බල්ටි දෙකයි :( කෞතුකාගාරෙ වරුවකටත් වඩා හිටපු එකේ ගිහින් එන්න තිබ්බ.

    ඒ ඇරෙන්න බණ අහන්න නොයන නිසා බණ ගැන කීමට යමක් නැත ... බණ *** සම්බන්ධවද ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට නොහැකි නිසා අදට ඉවරයි :-D

    ප.ලි : සේනට මොකද කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. සේනටද, ඌටත් මොකක් හරි කරමු.

      Delete
  16. ඉස්සර සෝභිත හාමුදුරුවන් බණකට වඩම්මනවා කියන්නේ පට්ට ගේමක් තමයි අය්යේ ! අපිත් ඒ දවස් වල දහම්පාසලෙන් මුල් වෙලා පන්සලේ පිංකමේ බණකට සෝභිත හාමුදුරුවන් වැඩම්මුවා මතකයි . අපේ පන්සලේ නම ශෛලතලාරාමය .

    ******
    මගේ භික්‍ෂු පරිච්ඡේදය.
    https://magelokaya01.blogspot.com/2018/04/2.html

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා, හාමුදුරුවො වැඩම්මගත්ත කියන්නෙ ඉතින් කියල වැඩක් නෑ.

      Delete

ඔබේ අදහස්