Photo: Google images
අපේ හිතවත් ගුණේ යන්නම යන්න ගියේ අපි කවුරුවත් බලාපොරොත්තු නොවූ වෙලාවකය. බලාපොරොත්තු වුණේ නැතැයි කීවේ ගුණේට වැළඳී තිබු අසනීපය නිසා ඔහු යන බව අපි දැන සිටියත් මෙච්චර ඉක්මනට යාවි කියලා නම් තුන් හිතකවත් තිබුණේ නැත. ඒ කියන්නේ අපි කට්ටිය ගුණේගේ සැප දුක් බලන්නට ගිය වෙලාවෙත් කිසිම අපහසුවක් නොපෙන්වා බොහොම හොඳට අපිත් එක්ක කතා බහ කරමින් සිටිය නිසාය. ගුණේ අසනීප වූ වෙලේ අපි කට්ටියම ගුණේ බලන්නට ගිය කතාව මම මීට කලින් පෝස්ටුවක ලීවෙමි. ඒ ගියේ ජූනි මාසයේ අග සතියේ වගේය. එදා අපි යද්දී ලලනිත්, එරිකුත් අපි යන්න කලින් ගුණේලාගේ ගෙදර ගිහිං හිටියේ අපට සළකන්නටය. උන් දෙන්නාට ගුණේ මස්සිනා වී ඇත්තේ ගුණේගේ පුතා ලලනිලාගේ දුව බැඳපු හේතුවෙන්ය. එදා අපි කට්ටිය කතාකරමින් සිටියදී ඊළඟ මාසයේ ලලනිලාගේ ගෙදර යන එක ගැනද කතාකරද්දී ගුණේ අපට කීවේ ඌ ඊළඟ සතියේ ආපහු ඇඩ්මිට් වෙන බවත් ඒ ගිහින් එනතුරු ලලනිලාගේ ගෙදර යෑම පමා කරන්නට කියාත්ය. අපි ඒකටත් හා කීවෙමු. නමුත් සතියක්වත් ගතවුණේ නැත. හදිසියේම මට කතාකරපු එරික් ගුණේගේ අවසානය ගැන දැන් වුයේය.
සාමාන්‍යයෙන් රෝහල්වල වැඩ කරන අයට මරණය එපමණ සංවේදී කරුණක් නොවේ. මිනිහෙක් මැරෙන එක ඔවුන්ට ඉතාම සාමාන්‍ය දෙයකි. රෝහල් රස්සාව කරන කාලයේ මටත් ඔය කියන මරණයට සංවේදී නොමැතිකම තිබුණු නිසා මරණ ගැන ඉතාම අඩු ලංසුවට ගණන් ගැනීම හේතුවෙන් අපේ අම්මාගෙන් බැණුම් අහන්නට සිද්ද වුනු වෙලාවල් ද අඩු නොවීය. කොහොම වුණත් රෝහල් රස්සාවෙන් අයින්වී සෑහෙන කාලයක් ගතවන විට මගේ සිත ආපසු මරණයට සංවේදී වන තත්ත්වයට පත්විය. ඉතින් අපි කට්ටියම ගුණේගේ මරණ ගෙදර ගිහින් ගෙට පහළ වත්තේ ජම්බෝල ගහ යට තියාගෙන බෝතල් කීපයක්ද හිස්කර ගුණේටද සමුදී ආපහු ආවෙමු.
ගුණේ ගියායින් පසුව මට දැඩිව දැනෙන්නට වුයේ මට ගුණේව අති විශාල ලෙස මිස් වී හෙවත් මග හැරී ඇති බවයි. එදා ගුණේ බලන්නට ගිය වෙලේ විහිළු කරමින් හිටියා මිසක අපේ පරණ විස්තර කතාබහ කරමින් රස විඳින්නට බැරි වුණේ එදා කට්ටිය වැඩි වූ නිසාය. කොහොම වුණත් මම ඒ ගැන එච්චර ගණන් නොගත්තේ ආයෙම දවසක හමුවූ විට කතා කරන්නට හැකි නොවේදැයි සිතමිනි. නමුත් බලාපොරොත්තු නොවූ තරම් ඉක්මණින් ගුණේ මෙලොව හැර යෑම මගේ හිතට ඇති කළේ දුකකටත් වඩා මහා හිස් බවකි. කතා කරගන්නට තිබූ දේවල් දැන් ඉතින් කාත් එක්ක කතා කරන්නටද? ආයෙම ගුණේ හමුවුණොත් හමුවන්නේ මාත් ගුණේ ගිය තැනටම ගිය දාකය. ඒත් අහම්බෙන් හමුවුණොත් විතරය. නැත්නම් මළවුන් සමග මෙලොවදී කෙසේ කතා කරන්නද?
ආර්. කේ. නාරායන් විසින් රචිත ඔහුගේ ජීවිත කතාව වූ My Days පොතේ එහෙම කතාවක් කියැවේ. විවාහ වී අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකදී බිරිඳ මියයෑම නාරායන් මහත්සේ කම්පාවට පත්කළ සිදුවීමක් විය. බිරිඳ ගේ මරණයෙන් පසු ඔහු කා සමගවත් ආශ්‍රය නොකොට දැඩි හුදෙකළා දිවියක් ගත කරද්දී මිතුරෙකුගේ මාර්ගයෙන් මළවුන් සමග කතා කරන තැනකට යයි. වීදුරුවක් ආශ්රයෙන් තමන්ට අවශ්‍ය මළවුන් ගෙන්වාගත් විට පැන්සලක උදව්වෙන් කතා බහ කළ හැක. නාරායන් බිරිඳ සමග අදහස් හුවමාරු කර ගත්තේ එහෙමය. ඒත් ගුණේ එක්ක නම් හිස් වීදුරුවකින් කතා කරගන්නට බැරි බව මට සිතේ. වීදුරුව පුරවා තිබුණේ නම් සමහර විට ගුණේ එන්නට පුළුවන.
අවසන් වරට මගෙත් එක්ක කතා කරද්දීත් ගුණේ කීවේ " අරක්කු,සිගරැට් බීල හැදෙන ලෙඩක් හැදුන නං දුක නෑ මචං" කියාය. අපි එදා යද්දිත් ඌ හිටියේ සැටියේ දිග ඇදී සිගරැට් එකකුත් අදිමින් කකුල් ටීපෝව උඩ තියාගෙන ටීවී එකේ ගිය පරණ හින්දි චිත්‍රපටයක් බලමිනි. තමන්ටය කියා ඉන්නට ගෙයක් හදාගත් පසු ගුණේ බොහෝ සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවත්වූ බව මට කීවේ ලලනිය. අවුරුදු තිස් ගාණක් රස්සාව කළත් ගුණේට ගෙයක් හදාගන්නට බැරිවිය. සාමාන්‍යයෙන් රජයේ සේවකයන් වූ අප හැම දෙනාගේම ඉරණම එයයි. ලැබෙන වැටුප මාසය කන්න අඳින්නටවත් මදිය. ඒ මදිවාට ගත්ත ණයවලට වැටුපෙන් සෑහෙන කොටසක් අඩුවේ. ඉතින් රජයේ සේවකයෙකුට ඉඩම් කෑල්ලක් මිළට ගෙන ගෙයක් හදා ගැනීම බොහෝ දුරට සිහිනයක්ම පමණය. ගුණේත් රස්සාව කරනතුරුම ජීවත්වුණේ අනුන්ගේ තැන්වලය. පසුකලෙක ගුණේගේ පුතා පිටරට රස්සාවකට ගිහින් හම්බ කළ මුදලින් ගුණේට අයිති ඉඩම් කෑල්ලක ගෙයක් හදන්නට පටන් ගත්විට බොහෝ සතුටුවූ ගුණේ ගේ හදන්නට මුළු සිතින්ම උනන්දු විය. අවසානයේ අංග සම්පූර්ණ නූනත් පදිංචි වෙන්නට හැකි තරමට ගේ හදාගන්නට ඔවුන්ට හැකිවිය.
ඒ ගෙදර තියෙන්නේ තරමක කන්දක බෑවුමේ ය. වාහනයක් ගෙදරට ගන්නට අමාරු තරම්ය. පාරෙන් හැරී තරමක නැග්මක් සහිත කොන්ක්‍රීට් පාර එක්වරම මහගිරි දඹය සේ කෙළින් ගමන් කරයි. බර වාහන වූ රානිලා, ස්වප්නලා ඔය ටික අදින්නේ කෙඳිරි ගාමිනි. බොහෝ වෙලාවට උන්ව ඇදගෙන යන්නට සිදුවේ. ගුණේට නම් පුරුදුවෙලාද කොහෙද ඒ කන්ද එච්චර ගාණක් නැත. අපි අමාරුවෙන් උඩට නගින විට ඌ හිනාවෙයි. ගුණේ ඔහුගේ ජීවිතය ගතකලේද අමාරු ලේසි කිසි දෙයක් ගණන් නොගෙන හිනාවෙමිනි. අපි ඔක්කොම වැලිසර ඉද්දි ගුණේ මාරුවක් ඉල්ලාගෙන අනුරාධපුරේට ගියේ කොහෙ ඉන්නද, කොහොම කන්නද ආදී කිසි දෙයක් නොසිතා සැහැල්ලුවෙනි.
අනුරාධපුරයේදී ගුණේගේ සද්ධි විහාරිකයා වුයේ තවත් ගුණේ කෙනෙකි. ඔහු ගුණසේකර නම් ගුණේට වඩා තරමක් වැඩිමහල් පවුල් කාරයෙකි. ගම අනුරාධපුර පළාතේම කලත්තෑවයි. බිරිඳ අතහැර දමා, ලොකු මහත්වූ දුවත් සමග ඔහු පදිංචි වී සිටියේ රෝහල ඉදිරිපිටම තිබුණු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පොම්ප හවුස් එක සතු නිල නිවසකයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තු සේවකයෙක් වූ ඔහුට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිවසක් කොහොම ලැබුණා දැයි කවුරුත් නොදනී. ගුණසේකර ගුණේටත් වඩා ජොලියට බර කෙනෙක් විය. අපි ගුණේ මුණගැහෙන්නට අනුරාධපුරේ ගිය විට ගුණේ නොහිටියත් හිටියාටත් වඩා හොඳට ගුණසේකර ආගන්තුක සත්කාර කරයි. පසුකාලීනව ගුණේ ගුණසේකරගේ දුව එක්ක විවාහ වු විට එතෙක් කල් මචං කියාගෙන සිටි ගුණසේකර ගුණේගේ මාමණ්ඩියා බවට පත්විය. විවාහය සිදුකර ගන්නට 1983 කළු ජූලිය වෙලේ නගරය පුරා නැගුණු දුම්රොටු හා ගිණිදැල් මැදින් කච්චේරියට ගිය බව ගුණේ මගෙත් එක්ක පස්සෙ දවසක කීවේය. විවාහයෙන් අවුරුදු දෙක තුනකට පසු කඳාන රෝහලට මාරුවක් ලබාගත් ගුණේ දරු පවුලද සමග ආපහු ගමට ආවේය. ඒ වනවිට ඔවුන්ට පුතෙක්ද ලැබී තිබුණි.
කෙසේ වුවද ඒ විවාහය වැඩිකල් පැවතුණේ නැත. ටික කලකින්ම දෙන්න දෙමාල්ලන් අතර අඬ දබර ඇතිවන්නට විය. එහෙම අඬ දබර වැඩිවී ගුණේගේ බිරිඳ අපේ අනික් ගුණේලගේ ගෙදර ඇවිත් නැවතුන බව මට කීවේ අනික් ගුණේය. එහෙම අඬ දබර කරගන්නට හේතුව මම කවදාවත් සොයා නැතත් මේ කතාව ලියන්නට හිතපු වෙලේ මම අනික් ගුණේගෙන් ඒ ගැන ඇහුවත් සාමාන්‍යයෙන් කතා බහ අඩු පුද්ගලයෙක් වූ ඔහු කීවේ ඒ ගැන වැඩි දෙයක් ඌ නොදන්නා බවත් ගුණේගේ බිරිඳ ඇවිත් මාසයක් දෙකක් සිට යන්නට ගිය බවත්ය. ගෑනු පටලැවිල්ලක් වෙන්නට බැරිදැයි මම ඇසුවිට අනික් ගුණේ කීවේ එහෙමත් වෙන්නට බැරි නැත කියාය. මම එහෙම ඇහුවේ අපේ කණ්ඩායමේ සිටි ලස්සනම තරුණයා වූ ගුණේට කාන්තා ආකර්ෂණය අඩු නැතිව තිබුණු නිසාය. ගුණේ එක්ක කතාකරන්නට ලැබුණත් මම ඔය ප්රශ්නය උගෙන් අහන එකක් නැති වෙන්නට පුළුවන. කොහොම උනත් ගුණේගේ පවුල් ජීවිතය එතැනින් නිමාවුණු අතර ඔහු ආයෙම කසාදයක් කරගන්නට හිතන්නේ නැතිව පුතාත් සමග ජීවිතය ගෙනගියේය.
ඊට බොහෝ පසු කලකදී මම හැලපිත්, හැලපැට්ටාත් සමග අනුරාධපුරයට ගිය ගමනකදී ගුණසේකර සොයාගෙන ඔහු පදිංචිවී සිටි ගෙදරට ගියෙමි. ඒ වන විට එතැන ගෙවල් තිබුණේ නැත. ඔක්කොම කඩා බිමට සමතලා කරලාය. ඒ ළඟ ගෙදරක හිටපු කෙනෙකුගෙන් විස්තර ඇසුවිට ඔහු කීවේ ගුණසේකර විශ්‍රාම ගෙන කලත්තෑවේ ඔහුගේ ගමට ආපසු ගිය බවත් ඊට පසු තිබුණු ගෙවල් නගර සභාවෙන් කඩා දැමු බවත්ය. විස්තරයක් දැන ගන්නට වෙන කෙනෙක් නොසිටි නිසා මම කඩවුණු බලාපොරොත්තු ඇතිව ආපසු ආවෙමි.
ඒ කාලයේ නම් ගුණේගේ තව යාලුවෙක් රෝහලේ සිටියේය. ඒ රෝහලේ ලැබ් එකේ වෛද්‍ය කාර්මිකයෙකු ලෙස වැඩකළ නන්දකුමාර් නම් ද්‍රවිඩ තරුණයෙකි. හිතවත් වූ විට අපි ඔහුගේ නම නන්දකුමාර විදියට සිංහලට හරවා ඇමතුයෙමු. හොඳ බොන්නෙකු වූ නන්දකුමාර, අපි ගුණේව හමුවන්නට ගියවිට ඔහු එවේලේ නොසිටියොත් අපිට ආගන්තුක සත්කාර කරන්නට එක්කරගෙන යන්නේ හොරපොලකටය. ඒ කාලයේ අනුරාධපුරේ නව නගරයේය පුජා නගරයේය කියා වෙනසක් නැතිව හොරපොලවල් සිය ගාණක් තිබුණු බව මට මතකය. සමහර හොර පොළවල් ලයිසන් අරගෙන අරක්කු විකුණන තැන්වලට වඩා හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන ගිය අතර අඩුවකට තිබුණේ ලයිසන් එක පමණි. හෝටලවලද ඉස්සරහ කොටසේ කෑම තේ ආදිය විකුණන අතර පසුපස කොටස තනිකරම බාර් එකක් ලෙස පවත්වාගෙන යන ලදී. මේ හොරපොලවල් සියල්ලම නන්දකුමාර හොඳින් දන්නා හඳුනන තැන් වූයේ ඔහු ඒවායේ නිරන්තර පාරිභෝගිකයකු නිසාය.
එක පොසොන් සමයක දෙවෙනි දවසේ හවස වගේ මමත්, ගුණේත්,නන්දකුමාරත් රෝහල ඉදිරිපිට වාඩිවී කතා කරමින් සිටියෙමු. කලින් දවසේ අනුරාධපුර පූජා නගරය පුරා ඇවිද්ද අපිට එදා පූජා නගරයේ ඇවිදින්නට කම්මැලිය. කුමක් කරන්නද කියා සිතමින් සිටියදී මිහින්තලේ යන්නට යෝජනා කළේ නන්දකුමාරය. යෝජනා ස්ථිර වී මිහින්තලේ යන්නට මගට බැස්ස නන්දකුමාර ඉස්සෙල්ලාම ගියේ හොර පොළකටය. එතැනින් අසෝකා වීදුරුවක් පුරා ලැබුණු කලවම් අරක්කු උගුර බඩ පපුව පුච්චාගෙන යන තරමට සැර විය. ඊට පසුව බස් එකකට නැගී මිහින්තලයට ගොස් බැසගතිමු. මිහින්තලේ එදා අඩිය තියන්නට බැරි තරමට ඊස් මීස් නැතිව සෙනග පිරී තිබුණි. පඩිපෙළ නැග උඩට යනවා තබා හිතන්නටත් බැරිය. ටිකක් වෙලා එහේ මෙහේ ඇවිදිමින් හිටියත් මොනා කරන්නදැයි සිතා ගන්නට බැරිය. දන්සැලකින් රෑට කෑම කා ආපහු යමු කියා අපි කතා කරගත්තෙමු. හැම තැනම තිබුණු දන්සැල් වලින් එකක පෝලිමේ ඉන්නවිට නන්දකුමාරට උවමනා වුණේ තවත් ෂොට් එකක් දාගන්නට වුණත් ඔහු මිහින්තලේ හොර පොළවල් ගැන ඔහු නොදැන සිටීම හේතුවෙන් එම අදහස අතහැර ගන්නට සිදුවිය. පෝලිමේ දන්සැල ඇතුළට ටික ටික ගමන් කළෙමු. ඒ දන්සැලේ කෑමට දුන්නේ කහබත්, පරිප්පු සමග සීනි සම්බෝලය. දැඩි කුසගින්නෙන් සිටි අපට ඒ කෑම දිව්‍ය භෝජනයක් මෙන් රසවත් විය. එදා අපි කාපු කෑමේ රස අදත් මට සදා නොමැකෙන මතකයක්ය. අද නන්දකුමාර කොහේ සිටිනවාදැයි නොදනිතත් 83 කළු ජූලියේ අනුරාධපුර හැර දමා පලාගිය ඔහු අද සිටිනා තැනක ද හිතවත්කමේ සුවඳ නොඅඩුව හමනු ඇති බව මම හොඳින් දනිමි.
අනුරාධපුරේ පණ්ඩුලගම ගම් උදාව තිබුණේ 1984 වර්ෂයේ බව මගේ මතකයයි. ගම් උදාව බලන්නට ඔපමණ දුර යන්නට මගේ අදහසක් තිබුණේ නැත. අපේ හිතවත් පොඩි මහින්දට කටුපොත පැත්තෙන් මනමාලියක් බලා මඟුල තීන්දු කරගෙන තිබුණේ ඔය කාලයේය. අපි කට්ටියත් පොඩි මහින්ද කෙල්ල බලන්නට වරින්වර කටුපොත යද්දී ඒ පැත්තේ යන්නට පුරුදුවී සිටියේ හොඳට කා බී ඔයෙන් නාගෙන දවසක් ගතකිරීමේ සොමිය ලබාගන්නටය. කටුපොත උදවිය ගම් උදාව බලන්නට බස් එකකින් අනුරාධපුරේ යන බවත් තමාටත් ඒ එක්ක යන්නට කතා කර ඇති බවත් පොඩි මහින්ද අපිත් එක්ක කීවේ මේ අතරය.
" අපිත් ගම් උදාව බලන්න යමු." ආරි මගෙත් එක්ක කීවේ දවසක් කතා කරමින් ඉද්දීය.
" කෝච්චියෙද?" මම ඇසුවෙමි.
" නෑ, අපි සයිකලේ යමු. ගත්තට පස්සෙ තවම දුර ගමනක් ගියෙත් නෑනෙ."
ඒ ආරි අලුතෙන් 185 සයිකලයක් ගත්ත කාලයේය. සයිකලයේ හොඳ නරක බලාගන්නත් එක්ක ඉස්සෙල්ලාම අනුරාධපුරේ යන එක හොඳ බව ආරි සිතන්නට ඇත. තීරණයක් ගන්නට හිතන්න කාලයක් අවශ්‍ය නොවූ නිසා එතනදීම ගමන යන්නට කතිකා කර ගෙන අපිත් එදාටම අනුරාධපුරේ යන්නට එන බව පොඩි මහින්දටත් කීවෙමු. අපි එන බව මම ගුණේටත් දන්වුයෙමි. ගමනේ කාලසටහන වුණේ පොඩි මහින්දලා යන බස් එකත් එක්කම අනුරාධපුරේ ගිහින් අටමස්ථානයත් වැඳ පුදාගෙන රාත්‍රියේ ගම් උදාව බලා පසුදා ආපසු ඒමය. අපි දෙන්නා රාත්‍රියේ ගුණේත් සමග නවතින අතර පොඩි මහින්දලාගේ බස් එක ඒ රාත්‍රියේම ආපසු ඒමට නියමිත විය.
නියමිත දවසේ එනම් 1984 ජූනි මාසයේ අග හෝ ජුලි මුල අපි ගමන පිටත්වුනෙමු. ඉන්න තැන දැනගන්නට අද වගේ ජංගම දුරකථන නොතිබුණත් අපි දෙන්නා කෙසේ හෝ පොඩි මහින්දලා ගිය බස් එක අල්ලාගෙන ඒ පසුපස අනුරාධපුරයට ලඟා වන විට හවස්වී තිබිණ. අටමස්ථානය බලා කට්ටියම තිසා වැවට ඇවිත් නාන්නට පටන් ගත්හ. මමත් ආරිත් එතැනදී කට්ටියගෙන් කැපී කෙළින්ම රෝහලට ගියේ ගුණේ හමුවන්නටය. ගුණේ අපි එනතුරු මග බලා සිටියේය. එදා රෑ පණ්ඩුලගම ගම් උදාව බලන්නට අපි දෙන්නාත් සමග ආවේ ගුණේත්, ගුණසේකරත්, නන්දකුමාරත්ය. සුපුරුදු විදියට ගම් උදාවට යන්න කලින් නන්දකුමාරගේ මෙහෙයවීමෙන් බෝතලයක් දෙකක් හිස්වුණු අතර ගම් උදාවට අපි ගියේ බමරු වගේය. ගම් උදාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියට ඇතුල්වන මග දෙපසම ඉතා අලංකාර එළවළු වගාවක් විය. පළ බරින් පිරුණු බණ්ඩක්කා ගස් සහ මෑ වැල් යන එන අයගේ ඇඟේ දැවටේ. පෝලිමේ ඉන්නා ගුණසේකරත්, නන්දකුමාරත් දළු බණ්ඩක්කා කරල් සහ මෑ කරල් කඩාගෙන චර චර ගගා කන්නට වුයේ මරු බයිට් එක කියමිනි. මගේ ඇඟ සීතල වුණේ කවුරුවත් දැක්කොත් කියා උනත් උන් දෙන්නාට ඒ ගැන වගේ වගක් නැත. කරල් කඩ කඩා කන්නට කියා අපි දෙතුන් දෙනාටද දෙති.
ගුණසේකරගේත්, නන්දකුමාරගේත් පිස්සු වැඩ එක්ක ගම් උදා භුමියේ රවුම් ගැසූ අපි එළියට බැස්සේ රෑ දහයට විතරය. දැන් කට්ටියට හොඳටම බඩගිනි දැනේ. ඒ ගමන අපි කඩ පනහේ තිබුණු රෑ කඩයකට ගොඩවුණේ රෑට කෑම කන්නටය. ගුණසේකර ඇණවුම් කළ කෑම වර්ගය මම ඊට කලින් කා තිබුණේ නැතුවාක් මෙන්ම දැක තිබුණේද නැත. ඒ කොත්තු කියන කෑම වර්ගය බවත් මස් හොදිත් කලවම් කරගෙන හැන්දෙන් කෑ යුතු බවත් කියා දුන්නේද ගුණසේකරය. මම නමෝ විත්තියෙන්ම කොත්තු කෑවේ එදා ඒ කඩ පනහේ කඩයෙනි. ඊට පසුව නම් විවිධාකාර විවිධ රසයෙන් යුත් කොත්තු සිය ගණනක් කන්නට ලැබී ඇතත් අද වනවිට නම් හරියාකාර කොත්තුවක් කන්නට තැනක් හොයාගන්නට නැත. හැම තැනම ඇත්තේ නානා ප්‍රකාර රසකාරක පුරවා රසය මරා හදන කොත්තුය. සමහර ඒවායේ හොදි පුරවා ලුණු වැඩිකර ඇත. ඉඳිආප්ප කොත්තු කොච්චර ගහනවාද කීවොත් ඉඳිආප්ප රැලක්වත් දකින්නට නැත. කාලෙකට ඉස්සර කොත්තු මහින්ද ටවුමේ රේල් ගේට්ටුව ළඟ කොත්තු කරත්තයක් දාගෙන ඉන්න කාලයේ ඌ ගහන කොත්තුව හොඳම ප්‍රමිතියෙන් තිබුණා මට මතකය. මොකක්දෝ හේතුවකින් ඒ කරත්තෙත් නැතිව ගිය පසු කොත්තු මහින්ද කුමාරිගේ රෑ කඩේ කොත්තු ගැහුවේය. කොත්තු ගහන අතරම මල් ව්‍යාපාරයක්ද කරගෙන යන්නට ගොස් පොලිසියෙන් අල්ලන් ගිය කොත්තු මහින්ද අද දකින්නටවත් නැත.
ගුණේගේ හත් දවසේ දානය ඒ සතියේම යෙදී තිබුණත් කට්ටිය එකතු කරගන්නට අමාරු නිසා එදාට එන්නට බැරි බව මම එරික්ට කළින්ම කීවෙමි. ඒ වුණත් තුන්මාසේ දානෙට කට්ටියම එකතුවී එන බව වැඩි දුරටත් කීවෙමි. තුන් මාසයේ දානය යෙදී තිබුණේ පහුගිය මාසයේ මුල දවසකය. අපි කට්ටියම එකතුවී ගුණේ වෙනුවෙන් පූජා කරන්නට පිරිකරත් අරගෙන දානෙ ගෙදර ගියෙමු. එදා චන්දරේට එන්නට නොහැකි වුණේ උගේ රස්සාවෙන් නිවාඩු ගන්නට බැරිවූ නිසාය. ඩේවිඩ් ආවේ අපි කට්ටියට බොන්නට විස්කි බෝතලයකුත් අරගෙනය. දානයේ වැඩ කටයුතු හොඳින් අවසන් විය, අපේ කට්ටිය වෙනුවෙන් දානය දෙන්නට උදව් කළේ අනික් ගුණේය. අපි පැත්තක ඉදිකර තිබු මඩුවකට වී වල්පල් කතා කරමින් සිටියෙමු. හාමුදුරුවන්ගේ දානය අවසන් වී දානය කන්නට ගිහියන් වූ අපටත් ආරාධනා කරන ලදී.
පිංකම අවසානයේ කරන්නට තුබූ කාරිය වුණේ අපි අරගෙන ගිය විස්කි බෝතලය හිස්කිරීමය. ඒ කටයුත්ත ගෙදර කරනවාට ගුණේගේ පුතා කැමති නොවෙනු ඇති බව කී එරික් බෝතලයත් අරගෙන පහළ ගෙදරට යන්නට යෝජනා කළේය. අපි එනතුරු බලා නොසිට කන්නට කියා රාණිටත්, ස්වප්නා ටත් කීවත් තවම කන්නට බැරිය කියූ උන් දෙන්නා අපි එනතුරු ඉන්නම්ය කී නිසා අපි කට්ටියම පහළ ගෙදරට පල්ලම් බැස්සෙමු. කාන්තාවක් විතරක් ඉන්න ඒ ගෙදර අපි මීට කලින්ද බොන්නට ගිහින් පුරුදු තැනකි. ගෙදරට ගිය අපිව ආදරයෙන් පිළිගත් ඒ කාන්තාව අපට වීදුරු ද ලෑස්ති කරදී " මහත්තයල ඉන්න එහෙනං, මම දානෙ ගෙවල් පැත්තෙ යනවා" යි කියා යන්නට ගියාය.
බෝතලය කඩා වීදුරුවලට දාගත්තා පමණය, හපන්නට මොනා හරි ගේන්නම්ය කියා ගිය එරික් දුවගෙන ආවේය.
" ඒයි, අන්න බං අරහෙට එන්නලු." එරික් හැති දමමින් කීවේය.
" නෑ බං, මෙහෙ හොඳයි, කවුරුත් නැති තැනනෙ. අනික එහේ හරියට කවර් වෙච්චි තැනකුත් නෑනෙ." කියා මම කීවෙමි.
" අනේ මංදා, මෙහෙ බොනටට උන් නං කැමති නෑ වගේ." කියූ එරික් එකෙල මෙකෙල වෙමින් හිටියා මිස බොන්නට පටන් ගත්තෙත් නැත.
ටිකකින් ගුණේගේ පුතාත්, උගේ බිරිඳවූ ලලනිගේ දුවත්, ලලනිත් යන තුන් දෙනාම අපි හිටපු තැනට ආවේ අපිවත් බෝතලුත් අත් අඩංගුවට ගෙන උඩ ගෙදරට ගෙන යන්නටය. කරන්නට දෙයක් නැති නිසා අපි හතර දෙනාටත් උන් එක්ක ආපහු දානෙ ගෙදරට යන්නට සිදුවිය. එහේ අපට ලෑස්ති කර තිබුණේ ගෙට ඇතුල්වෙන තැනම තිබුණු ගබඩා කාමරයක් වගේ කුඩා කාමරයකි. තැඹිලි වලුද, කෙසෙල් කැන් ද, හාල් ගෝනිද, බිස්කට් පෙට්ටිද ගොඩගසා තිබු ඒ කාමරය උඩ වහළයට ගසා තිබු ඇස්බැස්ටස් තහඩු රත්වී පෝරණුවක් මෙන් ගිනියම්ව තිබුණි. ඒ මදිවාට කාමරය තිබුණේ ගෙට ඇතුල් වෙන දොර ලඟම නිසා එතැනින් යන එන අය සියල්ලන්ටම ඇතුලේ ඉන්න අයව පෙනේ. අනික් ගුණේත් මමත් කාමරයට යෑම කෙළින්ම ප්‍රතික්ෂේප කළෙමු.
" එතකොට උඹල එන්නෙ නැද්ද?" එරික් ඇසුවේය.
" බෑ බං, ඔතන බොනවට වඩා සාලෙ තියාගෙන බොන එක හොඳයි." අනික් ගුණේ කීවේය.
එරික් කොච්චර කිව්වත් ගෙරි මාලු කෑවත් බෙල්ලෙ එල්ලගෙන කන සිරිතක් නැතැයි කියූ අපි එළියට වී රාණිත්, ස්වප්නාත් එක්ක කතා කරමින් සිටියෙමු. ඩේවිඩ් ද එක්කරගෙන දෙකක් දාගෙන ආපු එරික් අපි දෙන්නාට බනින්නට විය.
" තොපි යාළුවොද? යාළුවො නෙවෙයි තොපි මරුවො. තොපි මාව කෑවනං මීට වඩා හොඳයි. ගෙදර හිටියනං ඉවරයි. මීට පස්සෙ මම නෙවෙයි තොපිත් එක්ක බොන්න එන්නෙ."
එසේ අපට බැන්න එරික් ඊළඟට බනින්නට ගත්තේ ලලනිටත්, ගුණේගේ පුතාටත්, උගේ පොඩි දුවටත්ය.
" ඔවුන් තුන්දෙනා තමයි ඔක්කොම කෙරුවෙ. අගේට අරෙහෙ ඉඳන් කරගන්න තිබ්බ වැඩේ. මුන්ට මෙතෙන්ට ගේන්න ඕනෑ වුණා. ඕකව මට අල්ලන්නෙම නෑ, මගුල ගන්න හිටිය ඒකටත් බෑ කිව්වනෙ."
කියමින්ව ගුණේගේ පුතාට බැනවදින එරික් වරින්වර කාමරේ ඇතුළට ගොස් වෙරිය අලුත් කරගෙන එයි. අපි කතා නොකර හිටියේ කතාකළා නම් උගේ බැනිල්ල වැඩිවෙන නිසාය.
" මම නානගේ කඩෙන් කෑම එකක් අරං ගෙදර යනවා. තමුසෙ එහෙම මට කෑම ගේන්න එපා, ගෙනාවොත් වීසි කරනවා."
කියා ලලනිට ගෝරනාඩු කළ එරික් දවල්ටත් නොකා යන්නට ගියේය. ටිකකින් විතර දවල්ට කෑම ගත් අපි පිටත්වී ආවෙමු. පහුවදා මට කතාකළ එරික් සිදුවූ දේ ගැන කණගාටුව ප්‍රකාශ කර සමාවෙන්න යැයි කියා සිටියේය.
" සමාවෙන්න දෙයක් නෑ බං, උඹ කරපු වැඩක් නෙවෙයිනෙ. අපි ඒක එතැනින් අමතක කළා."යි මම කීවෙමි.
පසුව මම ලලනිට කතා කළ විට ඇය කීවේ එදා රාත්‍රියේ හොඳටම බීගත් එරික් ඇයට පලු පැලෙන්නම බැන වැදුණු බවය. ඊළඟට අපට හමුවන්නට නියමිතව තිබුණේ ඒ මාසයේම අග අනික් ගුණේලාගේ ගෙදරදීය෴
මිහින්තලේ හොර පොට් ඒ කාලේ නම් කොහොමද දන්නේ නෑ. මං හිටිය මෑත කාලේ නම් තිබ්බේ අනුරාධපුර පාරේ ගම් උදාව ඔරලෝසු කණුව හරියට වෙන්න. :D
ReplyDeleteඋබ කියන්නේ අර ත්‍රිවිල් උපසේනගේ පොට් එකද? රතු පාට පරණ ත්‍රිවිල් එකක් තිබ්බේ. මිනිහා නං මලා. දැන් එතන බඩු නෑ. ජයමාවතේ බන්දු ලග බඩු තිබ්බ, ගිය පෝයට අපි ගත්තා.
Deleteකාන්සියට බාබුල් කමින් දිවා රාත්‍රී දින ගණන්, හැතැම්ම දහස් ගණනක් ඉන්දීය බෝඩරය හරහා රිය පදවන ඉන්දීය ලොරි රථ රියදුරු මහත්වරුන්ට බුදුබව පාර්ථනා කරමු.
Deleteඒ මහත්තරු දකුණු ඉන්දියාවේ සිට උත්තර ප්‍රදේශ් හරහා නේපාල රටේ දුෂ්කර කඳු තරණය කරමින් චීනය දක්වා ඉපැරණි ඇති දුෂ්කර සේද මාවතේ අධි බලැති ටර්බෝ ඩිසල් එන්ජිම සහිත ලොරි රථ ෆුල් ලෝඩ් කරන් යන්නේ. එක දිගට දින හතර පහ එන්ජිම ස්ටාර්ට් එකේ. වාහනේ ඇතුලේ කෑම සාදාගැනීමට අවශ්‍ය භාජන, ගෑස් ලිප්, නිදා ගැනීමට අවශ්‍ය මෙට්ට, ඇඳුම්, වතුර, කෑම බිම සියල්ල රැගෙන යන්නේ.
ගුඩ්ස් කැරියර්. ඕල් ඉන්ඩියා පර්මිට්. බ්ලොව් හොර්න්. යුස් ඩිපර් ඇට් නයිට්... විතවුට් ට්‍රක්ස් ඉන්ඩියා ස්ටෝප්ස්..
ඒ දවස්වල ගිය පොට් ගැන අද මතකයක් නෑ බං. ඔහේ එහෙං මෙහෙන් දාල ගියා මිසක යන තැන හරියට දැනගෙන හිටියෙ නෑ.
Deleteමෙතන මරණය ගැන එහෙම සංවේදී වීම ගැන හැලපයා ලියලා තියෙන නිසා මේ කොමෙන්ට් එක දාන්නේ.
ReplyDeleteදැන් හැලපෙ ලංකාවේ නේද ඉන්නේ? හැලපෙ ආයේ ලංකාවට අවම පස්සේ අර හැලපගේ තිබ්බ සුන්දර ගතිය ගිහිල්ල වගේ තේරෙනවා ඔබගේ පෝස්ට්ස්, කොමෙන්ට් දකිද්දී.
මොකද හැලප රට ඉද්දි මේකේ පොස්ට් වලට දාන කොමෙන්ට් උනත් සැහැල්ලුවෙන් දැම්මේ.
ඒත් හැලපයත් ලංකාවේ බහුතරයට තියෙන මානසික පිඩනයටට ගොදුරු වෙනවා වගේ. මේ හුත්තේ රටේ ප්රවෘත්ති බලන මිනිස්සු මානසික පිඩනයට ලක්වෙනවා කියලා වෛද්‍යවාර්තාවක් පවා පලවෙලා තියෙනව.
ඒ කියන්නේ දැන් පත්තරයක් ගත්තත්, ටීවී එකේ ප්‍රවෘත්තියක් බැලුවත්, ෆේස්බුක් එකට ගියත් තියෙන්නේ දේශපාලන මරා ගැනිලි. අනික් මිනිහට බනින එව්වා, විවේචනය කරන එව්වා. අපහාස කරන එව්වා. ඔව්ව බලද්දී මිනිස්සුන්ගේ හිත් වලත් ක්‍රෝධය ඇතිවෙලා මානසිකව ලෙඩ වෙනවා.
ඊට පස්සේ හැම වෙලේම අසහනයට පත්වෙලා ඉන්නේ. සතුටක් නෑ.
හැලප අපරාදේ ආයේ ලංකාව ඇවිත් ඔබ තුල ඉන්නා සුන්දර මිනිසා මරා ගන්නේ. හැලපගේ යාලුවෙක් හිටියා නේද මුද්දරද කොහෙද කියලා ස්කෑනේඩීයානු රටක. හැලපට තිබ්බෙත් ඒ රටට යන්න ස්ත්ර පදිංචියට. මේ හුත්තේ රටට නං ආවේ අපරාදේ.
දැන් බුදු බණට කියනවනි පින් කරපු ඈයෝ හොද තැන්වල වල උප්පත්තිය ලබනවා කියලා. එහෙම බලද්දී ඔය දියුණු ස්කෑනේඩියානු රටවල තමයි එහෙම සැබෑ බුදුදහම අනුව උප්පත්තිය ලබන පින් කරපු ඈයෝ ඉන්නේ. මේ ලංකාව වගේ අපායක ඉන්නේ පව් කරපු අය තමයි.
ඔව් බං, මේ දුපතේ ඉපදීම ගැන දැන් අන්තයටම කළකිරිල ඉන්නේ. මේක ගෝත්‍රිකයන්ට සහ දුපත් මානසිකත්වය ඇති අයටත් රට ගල් යුගයකට යන හැටි ආසාවෙන් බලා ඉන්න අයටත් මිසක අපට හොඳ රටක් නොවෙයි.
Deleteමැරුනු ගුණේට නිවන් සැප.......
ReplyDeleteමොනවා වෙලාද ෆියුස් එක ගියේ ?
පව් නේද මල්ලි?
Deleteදරුණු ලේ පිළිකාවකින් ඔහු අවසන් ගමන් ගියා.
Deleteහප්පේ මේක තනිකරම අමධ්‍යප පෝස්ට් එකක්නෙ. බෝතලයක් ගෑවිච්ච (නැති) තැනක් හොයාගන්න බෑ.
ReplyDeleteඅයියද මේ පින්තුරේ ඉන්නේ? ආසයි.
Deleteඋඹ දන්නවනෙ මම ඉතින් තනිකරම අමද්‍යප බව. ඉතින් පෝස්ටුත් එහෙමයි.
Deletehttps://www.nytimes.com/2014/11/30/magazine/sri-lankan-kottu-roti-by-way-of-staten-island.html
ReplyDeleteThanks Pra!
Deleteහරි පුදුමයි. 84 හරි 85 හරි තමයි මාත් ඉස්සෙල්ලාම අනුරාධපුරේ ආවාම කඩ පනහෙන් කොත්තු රොටි කෑවේ. අපිට ඒ අයුරුව කිව්වේ කල්ලන්චියේ අරුණ දිසානායක!
ReplyDeleteඅපොයි බොල නිමල් අයියේ උඹ කොහොමෑ කල්ලංචිය ගැන දන්නෙ...මටත් හොදටෝම මතකයි සුට්ටං එකා කාලෙ කල්ලංචියෙ ගිහිං අනුරාජපුරේ ගංඋදාවත් බලනවා....
Deleteඑක කාලෙම වගේ නේද? මම හිතන්නෙ කොත්තු ජනප්‍රිය වේගන එන කාලෙ වෙන්න ඇති.
Deleteගුණේ ට නිවන් සුව පතමි !
ReplyDelete"අපි එනතුරු බලා නොසිට කන්නට කියා රාණිටත්, ස්වප්නා ටත් කීවත් තවම කන්නට බැරිය කියූ උන් දෙන්නා අපි එනතුරු ඉන්නම්ය කී නිසා අපි කට්ටියම පහළ ගෙදරට පල්ලම් බැස්සෙමු. "
ආයෙමත් "ස්වප්නා" ..... ?
මල්ලි ඇයි දැන් එළකිරියේ පොඩි උන්ට නයි අරින්නේ නැත්තේ?
Deleteඔව් ඉතින් තවම ස්වප්නා ඉන්නවා සහ හොද්දෙ දෙහි ඇට හැපෙනව වගේ තැන් තැන්වලදී හමුවෙනවා. ඒකට කුමක් කරන්නද?
Deleteමටනම් මුළින්ම කොත්තු කාපු දවස මතක නැහැ...
ReplyDeleteමොක උනත් පෝස්ට් එක කියෙව්වට් පස්සේ සාංකාවක් වගේ හැඟීමක් දැනුනා...
මටත් එහෙමයි බං, හරිම සාංකාවක් දැනුණා.
Deleteඔය පණ්ඩුලගම කිට්ටුව තියෙන පොතනේගම ඉන්නවා අපේ නෑදැයෝ එහෙම.
ReplyDeleteහැලාපයියාට හරියට ඉන්නවා ගුණේ වගේ මිස් වෙච්චි උන් නෙහ්.
අපොයි ඔව්, කීප දෙනෙක්ම ඉන්නව. මිස් වෙන උන් අඩු කරගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.
Deleteමම නං කොත්තු කෑවේ ටවුමේ බුහාරි එකේ. හරක් මස් කොත්තුවක් තියෙනවා ඔකේ, ම්ම් මතක් වෙද්දී රහ දැනෙනවා.
ReplyDeleteමම ඉස්සර උසස් පෙළ කරන කාලේ රාත්‍රී පන්තියකට ගියා. ඕක ඉවර වෙන්නේ රෑ 10 ට වගේ.වාහනේ තමයි යන්නේ. මම ඊට පස්සේ එන ගමන් හොද හරක් මස් කොත්තු දෙකක් දාගන්නවා බුහාරි එකෙන්. හරක් මස් කරියෙන් හොදි පාර්සලයකුත් ගන්නවා. ඊට පස්සේ ඕකත් අරං යනවා ඒ හරියෙම කිලෝමීටරයක් වගේ දුරින් හිටපු මගේ යාළුවෙක්ගේ ගෙදර ලගට. ඌට කෝල් කරාම ඌ එනවා පාරට. අපි දෙන්නා බියර් දෙකක් ගහලා, කොත්තු දෙකත් කාලා දුමකුත් අදිනවා වාහනේ ඉදන්ම. ඊට පස්සේ රෑ 1 විතර වෙනකං වල්පල් දොඩව දොඩව ඉදලා ඌ උගේ ගෙදෙට්ට යනව. මම අපේ ගෙදර යනව එතනම එහා පැත්තේ.
පහුවදා ඉස්කෝලේ නොවැ. අනේ අම්මේ එහෙම කාලයක්. මතක් වෙද්දීත් ඉරිශියයි හැලපෙ.
කොහොම හරි ඕකෙන් තමයි මට හරක් මස් කොත්තු රහ වැටුනේ. අද උනත් කොහේ ගියත් මගේ ප්‍රියතම කෑමක් තමයි හොදට සැරට හිටින්න හරක් මස් එක්ක ගහපු උණු උණු දුම් දාන කොත්තුවක්, තෙල් පෑදෙන්න හදපු හරක් මස් හොද්දක් එක්ක කොටා බාලා ඩන්හිල් සිගරට් එකක් ගහන එක.
ම්ම්. දිව්‍ය බෝජන හැලපෙ...
දිව්‍ය භෝජන කියන්නෙ ආයෙ මතක් කරද්දීත් කට දිව තෙත් වෙනවා. වැඩේ තියෙන්නෙ දැන් හරක් මස් කොත්තුවක් හරියකට කන්න තැනක් නැති එක. මොකද දැන් හරක් මස් විකුණන්නේ ගංජා විකුණනවා වගේ බොහෝම හොරෙන්නෙ.
Deleteමටත් ලීල් ගුණසේකර කියල යාළුවෙක් හිටිය අනුරාධපුර පැත්තේ දැන් කොහෙද දන්නේ නැහැ. අර පහල ගෙදර තැන කාන්තාවකගේ ගෙදරට එරිකයා රිංගනවා ඇති. මට තේරුනේ එහමයි.
ReplyDeleteකවුරු හරි මොකක් හරි දෙයක් ගැන ලිව්වම මුටත් ඕනි ඒක මැදට පැනලා ඒ ගැන දන්නවා කියලා ලියන්න. දැන් හැලප අනුරාධපුර යාළුවෙක් ගැන ලිව්වම මුටත් ඉන්නවලු එහෙ යාලුවෙක්.
Deleteදැන් හිතමු කවුරු හරි බඩ රිදෙනවා කියලා බ්ලොග් පොස්ට් එකක් දැම්මා කියලා, එතකොට මේ යකා ඒකට ඇවිත් කියන්නේ මගෙත් බඩ රිදෙනවා, දැන් වරුවක්ක් තිස්සේ ලැට් එකේ ඉන්නේ කියලා.
ඒ වගේ පොයිකාරයෙක් මු.
ලීල් ගුණසේකර කිව්වෙ අනුරාධපුරේ හිටපු දිසාපති නෙවෙයි නේද? නෑ එරික් ඒ ගෙදරට රිංගනවා වෙන්න බෑ. ඌ පදිංචිය එහෙ නෙවෙයි.
Deleteඉස්සරලාම කොත්තුවක් කෑවෙ.......................................
ReplyDelete2003හෝ2004
ඒ කාලෙ වෙද්දී අපි හොඳ කොත්තු ලෝලියෝ.
Deleteඅහසේ පොලවේ සාගරේ දස්කම් පෑ, බලුකිස්තාන හමුදා සෙබළුන් දේසයේ සම්පත වේ.
ReplyDeleteහැලපයාව බලුකිස්තානය පෙඩරල් හමුදවට බන්දවා දමන මෙන් අප අතිගරු ජනාධිපති මෙත්පල් සිරිසේන මැතිතුමාගෙන් (ගැසට් මාමා) මෙසේ ඉල්ලා සිටිමු.
එනව කියුවට ආවේ නැනේ ..මල ගෙදරටවත් වරෙන්
ReplyDeleteකාගේද අප්පච්චි? ලක්මාල්ගෙද? එතකොට අර කළු වෙළඹට මොකද වෙන්නේ?
Deleteආයෙම ලීසන්ස් එකට එන දවසට උඹට කියන්නම්. එතකොට හමුවෙමු. ඊට ඉස්සර මැරෙන එකක් නෑනෙ.
Deleteහැබෑට ඇයි පහළ ගෙදර බොන්ඩ එපාය කිව්වෙ?
ReplyDeleteඒ බං ගෙවල් දෙක අතර හුටපටයක්ලු. පස්සෙ දැනගත්තෙ.
Deleteශ්‍රී ලංකාවේ ප්‍රයිම් මුවර් රථ රියැදුරු මහතුන්ට බුදුබව පාර්ථනා කරමු.
ReplyDeleteයකෝ උන් ඔක්කොම බුදුවුනාම ප්‍රයිම් මුවර් එළවන්නෙ කවුද?
Deleteමටත් මතක් වුනේ මං ඉස්සෙල්ලම කොත්තු කාපු දවස.
ReplyDeleteයාළු ගුණේට නිවන් සුව පතනවා.
ස්තුතී මියුරු. ඔබටත් ඉස්සෙල්ලම කොත්තු කාපු දවස ගැන ලියන්න බැරියැ.
Deleteඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , එංගලන්තයේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න . එය මටත් මා සමග කැනඩාවේ සිට නිර්මාණකරණයේ යෙදෙන අනෙකුත් සාමාජික යන්ටත් අනෙකුත් ජීවන කටයුතු මැද්දේ මහන්සියෙන් කරන නිර්මාණ වෙනුවෙන් ප්‍රතිචාර ලබාගැනීම සදහා පිටුවහලක් වෙතැයි හිතනවා .
ReplyDeleteගුණේ & ගුණේ සමග කොත්තු රොටි වලට යටින් දුවන්නෙ තනිකරම අතීතකාමයයි විප්‍රවාසයේ යෙදෙන අයට තියන ලොකුම කණගාටුව වෙන පිය විප්පයෝග දුක්ඛ :(
ReplyDeleteඒක මගහරවා ගන්න හදනකොට පරක්කු වැඩියි !