Thursday, November 23, 2017

ඇරියස් කතාවක් සහ සුද්දාගේ අන්නාසි සොමිය.

අද මුලින්ම කියන්නට තිබෙන්නේ ඇරියස් වෙච්ච කතාවකි.   ඒ මොකක්ද කිව්වොත් පහුගිය එකොළොස් වෙනිදා හැලපකඩේ බ්ලොගයට වසර පහක් පිරීමය.   ඒ වෙනුවෙන් යමක් ලියන්නට සිතා සිටියත් දිනය ගැන හාංකවිසියක වත් මතකයක් නොවීය.   ඒ පහුගිය කාලය පුරා මුහුණ දීමට සිදුවූ කරදර කනස්සලු ආදිය හේතුවෙන් බ්ලොගය ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නට හැකියාවක් නොතිබුණු නිසාය.   ඒ නිසා ඇරියස් වුනු කතාව මෙසේ දිග හරිමි. 

 බ්ලොග් යන වචනයද බ්ලොග්වල කියවන්නට කතා ආදිය තිබෙන බවද ඉස් ඉස්සෙල්ලාම මා දැනගත්තේ ලක්බිම පත්‍රයෙනි.    2012 වර්ෂයේ ඕමානයේදී මා කියැවූ ඉරිදා ලක්බිම පත්‍රයක හිස් අහස බ්ලොග් අඩවියෙන් උපුටා ගත් කතාවක් පළකර තිබු අතර කතාව රස වැටුණු මම එදා සිට බ්ලොග් යනු කුමක්දැයි සොයන්නට පටන් ගත්තෙමි.    කෙසේ වෙතත් මගේ උත්සාහය සාර්ථක වුයේ නැත.    එයින්ද ටික දවසකට පසු කුමක් හෝ වෙබ් පිටුවක තිබී W3LANKA හෙවත් පැරාගේ බ්ලොගයට පිවිසෙන්නට හැකිවිය.    ඒ බ්ලොගයේ රෝලෙන් වෙනත් වෙනත් බ්ලොග් අඩවි කියවන්නට හැකියාව ලැබුණු අතර ඉන්පසු ටික දවසකින්ම මම මගේ සිත්ගත් බ්ලොග් අඩවි සියල්ලේම තිබු කතා සහ කමෙන්ට් සම්පූර්ණයෙන්ම කියවා හමාර කළෙමි. 

ඉන්පසු මගෙ අවශ්‍යතාව වුයේ මේ බ්ලොග්වල පළවන කතාවලට කමෙන්ට් කිරීමය.   නමුත් බ්ලොගයක් නොමැතිව කමෙන්ට් කරන්නට නොහැකිවූ අතර බ්ලොගයක් සාදා ගන්නේ කෙසේද යන්න ගැන මට කිසිම දැනීමක් හෝ හෝදිසියක් නොවීය.    මගේ ඥාති පුත්‍රයෙක් වූ ශානුක ඕමානයට පැමිණෙන්නේ මේ අතරවාරයේය.    ශානුක මුළු රැය පුරාම අවදියෙන් සිටිමින් මුහුණු පොතේද බ්ලොග්වලද කරක් ගසා එළිය වැටෙද්දී නින්දට යයි.    දවල් ඉර හැරුණු පසු අවදිවී කෑම කා නැවතත් ලැප් එකට හිස ඔබාගනී.    දවසක්දා මම බ්ලොගයක් නිර්මාණය කරගැනීමට මට ඇති අවශ්‍යතාව ගැන ශානුකට කීවෙමි.     ශානුක එදාම මා වෙනුවෙන් බ්ලොගයක් නිර්මාණය කල අතර අප දෙදෙනාම එකතුවී අවශ්‍ය වෙනස්කම් කරමින් බ්ලොගය හැඩ වැඩ කර අවසන් කළෙමු.    එදා සිට බ්ලොග්වල කමෙන්ට් කරන්නට මට හැකිවුනත් යමක් ලියන්නට සිත් නොදුන්නේ මා ලියනදේට අනෙක් අය කෙසේ ප්‍රතිචාර දක්වාවිදැයි මගේ සිත තුළ තිබු සැකය නිසාය. කෙසේ වුවද සැකය අතරින්ම මමත් දෙසැම්බර් මාසයේ කෙටි පෝස්ටුවක් පල කළෙමි.    එයට ලැබුණු ප්‍රතිචාර මා දිරිගන්වන සුළු විය.    කෙමෙන් කෙමෙන් ලිවීමේ වේගය දියුණු කරගෙන පෝස්ට් පළකලෙමි.   එම වේගය කෙතෙක්ද යත් මාස කීපයක් ගතවන විට දවසකට එක බැගින් පෝස්ට් දමන්නට පටන් ගත්තෙමි.    එම වේගය අඩු කළේ අටමාය ඔහු මට කීවේ පෝස්ට් එකක් පළකර එයට ප්‍රතිචාර ලැබෙන්නට කල් වේලා ලබාදී අනෙක් පෝස්ටුව පළකරන ලෙසයි.    එමතුද නොවැ අටමා හැලපකඩේ බ්ලොගයේ කතාවක් අටම්පහුරේ පළකර හැලපකඩේ බ්ලොගයට අවශ්‍ය කරන ප්‍රචාරය නොඅඩුව ලබාදුන්නේය.   මාතලන් ඔහුගේ සින්ඩියට හැලපකඩේ ඇතුල් කරගත් අතර ඊට පසුව වෙනත් සින්ඩි වලද හැලපකඩේ බ්ලොගයට ඉඩ ලැබුණු බැවින් එතෙක් කල් ඉතා අඩුවෙන් තිබු ප්‍රතිචාර ඉක්මනින් ඉහළ යන්නට විය.

බ්ලොගය ආරම්භයේදී පෝස්ට් කොපමණ ලිවිය යුතුද අවුරුදු කීයක් බ්ලොගය ලිවිය යුතුද ගැන කිසිම අදහසක් මාහට නොමැතිවූ අතර මගේ සිතේ තෘප්තියට දිගින් දිගටම බ්ලොගය ලියාගෙන ගියෙමි.   ඉතින් එසේ ආරම්භවූ බ්ලොගයට අද වන විට අවුරුදු පහක් පිරී ඇති අතර බ්ලොග් පෝස්ට් දෙසිය පනහ ඉක්මවා ලියැවී ඇත.    බ්ලොගයට ආගිය අය හෙවත් බ්ලොග් ට්‍රැෆික් හාරලක්ෂ පනස් දහසකට ආසන්න වී ඇත.    මෙය මා බලාපොරොත්තු නොවූ සාර්ථකත්වයක් බව අවංකවම කියන්නට කැමැත්තෙමි.    බ්ලොගය නිසා ඇතිවූ බ්ලොග් මිතුරුකම් හා පුද්ගලික මිතුරුකම්ද බොහෝය.    ඉතින් බ්ලොගයට වසර පහක් සපිරෙන මේ මොහොතේ හැලපකඩේ බ්ලොගයට අතදුන් බ්ලොග් හිතමිතුරු සියලු දෙනාටම මගේ අවංක ආදරය හිතවත්කම පුදකිරීමට කැමැත්තෙමි.    ඒ වගේම කියන්නට තවත් දෙයක් ඇත.පහුගිය මාස කීපයක් ඇතුළත මට බ්ලොගය පැත්ත පළාතේ එන්නට නොහැකි උනේ හැලපි ගේ අසනීප තත්වය නිසාය.   ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නට තරම් කරුණු ඇත.    ඇත්ත වශයෙන්ම කිවහොත් හැලපි මරුකටට ගොස් ආපහු ආවාය කිව්වොත් නිවැරදිය.    ඉතින් හැලපිව බලාගන්නටද කෑම බීම බේත් ටික වෙලාවට දෙන්නටද තිබුණු නිසාවෙන් බ්ලොගය ලියන්නට හිතේ නිස්කලංකයක් නොවීය.   එමෙන්ම මා සහභාගී විය යුතු අවස්ථාවන් කීපයක්ම මගහැරී ගියේය.   ඒ සම්බන්ධයෙන් මාහට ඇත්තේ බලවත් සිත් තැවුලකි.  

ඉතින් කතාව නවත්වන්නට වෙලාව පැමිණ ඇත.       සුද්දාගේ අන්නාසි සොමිය නැවත පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි෴

71 comments:

  1. හැලප කොහේද ගිහින් හිටියෙ?
    මමත් පහුගිය ටිකේම හිටියෙ නෑ.
    අපෙ අම්මලගෙ ගමේ බෝතලේ ගිහින් හිටියනෙ මම.

    ReplyDelete
    Replies
    1. මට නම් පොඩි කරදරයක් වෙච්ච නිසා ලියන්න බැරුව ගියා. මටත් ලඟදි බෝතලේ යන්න බැරි වුන නිසා උඹ ගියපු එක හොඳයි. අම්මවත් මතක් කළා කිව්වා කියපං.

      Delete
  2. හැලපයාට පහයි.. වඩේ එකක් දහයයි.. හැක්..

    සුභ පැතුම් ලොක්කා..

    ReplyDelete
  3. අහ්..ඒකයි එහෙනම් මේ පහුගිය ටිකේ නිහැඬියාවට හේතු...ඔබගේ බිරිඳට ඉක්මන් නිරෝගී සුව පතමි!

    PS- Would වෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී. පින්තුරෙ ගුගලෙන් ගත්තෙ. හදිස්සියට වැරැද්ද දැක්කෙ නෑ. ඔන්න හැදුවා.

      Delete
  4. මමත් සිංහල බ්ලොග් ගැන මුලින්ම දැනගත්තෙ ඔය ලක්බිම පිටුවෙන්ම තමයි... ඒ අවුරුද්දෙම කොහොමහරි දනි පනි ගාලා බ්ලොග් එකක් හදාගත්තා.

    ReplyDelete
    Replies
    1. බිරින්දෑට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

      බොහොම අමාරුවෙන් අන්තර්ජාලයෙන්ම දැන කියාගෙන අටවගත්ත මගේ බ්ලොග් එකටත් මේ මාර්තුවල අවුරුදු පහ සපිරුණා...

      සුබ පැතුම් හැලප කඩේට...

      Delete
  5. හැලපිට ඉක්මන් සුවය..!!!
    හැලපෙට පස් අවුරුද්ද සමරන්න චියර්ස්..!!!
    ඉක්මනට එන්නං ඔහේව බලලා හැලපිට සුව ප්‍රාර්ථනා කරල යන්න...!.
    දැන් ඉතිං ආපහු පහක් පස්සට ගිහින්, ඒ වෙර අරන් ලියමු නේ...හාද...!
    :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චෙෆා! ආයෙම හැකි ඉක්මනින් ලියන්න පටන් ගන්නයි ඉන්නෙ. ඔහේ මේ පැත්තෙ එනවනං මම අන්නාසි ටිකකුත් තියල තියන්නං.

      Delete
  6. අවුරුදු 5 ට සුභ පැතුම්. හැලපිට ඉක්මන් සුව ලැබේවා.

    ReplyDelete
  7. මමත් මුලින්ම කියලා බ්ලොග් එකක් කියෙව්වේ ලක්බිම පත්තරේ ගිය සඳරුවගේ ඕක කියවලා තමයි.....
    හැලප අක්කාට නිරෝගී සුව පතමි....

    කම්මලාත් එක්ක ඔය පැත්තේ එන්නංකො බලලා යන්ඩ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුටික්කෝ! කම්මලත් එක්ක ඇවිත් යන්න එන්න.

      Delete
    2. බාලගිරි දෝශය අද නොවේ හෙට .

      Delete
  8. අපි ඔහේව ලියන්න දිරි ගන්නපු හන්ද තමයි මේ තරං විනාසයක් උනේ. හුහ්..

    හැලපය අවුරුදු පහක් පරණ වෙලත් එක්පයර් වෙන්නැතුව තිබීම ගැන සුබ පතනව. තව කාලයක් හැලපෙ පවතින්න ප්‍රාර්ථනා කරන ගමංම.

    හැලපිට ඉක්මන් සුව පතනව. මොකද මේ දවස් ටිකේ ජයටම ගෙදර වළං පිඟන් හෝදනව කියල ආරංචියි. හැක්..

    බ්ලොග් වලට කොමෙන්ට් කරන්න බ්ලොග් එකක් ඕන නෑනෙ. බ්ලොගර් එකවුන්ට් එකක් විතරක් තිබුණම ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ප්‍රසා! අපි ඒ කාලෙ ඔය බ්ලොගර් එකවුන්ට් ගැන දැනගෙන හිටියෙ නෑනෙ බං. කොහොම හරි ඒකෙන් බ්ලොගකුත් හැදුණා.

      Delete
  9. අවුරුදු 5ක් සැපිරීමට සුභ පැතුම්.
    හැලපීටත් ඉක්මන් සුව ලැබේවා.
    පුලු පුලවන් වෙලාවට මොනාහරි ලියන්නත් ලැබේවා

    ReplyDelete
  10. සුභ පැතුම්.
    ඉක්මන් සුවය.

    ReplyDelete
  11. දිගටම කියවපු බ්ලොග් එකක් හැලපයියාගේ බ්ලොග් එක අවුරුදු පහේ කඩ ඉමට සුබ පැතුම්.!
    හැලපි අක්කාටත් නිදුක් නිරෝගී ඉක්මන් සුව පතනවා.

    ReplyDelete
  12. අපි අරක්කු බියර් බොන්නේ බාර් එකේ මුදලාලි එව්වා විකුණන නිසානි.එතුමා විකුනන්නේ නැත්තං අපට අඩියක් වත් ගහන්න වෙන්නේ නෑ. එම නිසා බාර් එකේ මුදලාලිට බුදුබව් පාර්ථනා කරමු !!!

    ReplyDelete
    Replies
    1. එසේම ප්‍රාර්ථනා කරමු.

      Delete
  13. හැලපිට අවුරුදු පහක් පිරිම ගැන සුභ පැතුම්! හැලප කඩේ මාරු කටට ගිහින් හරි මෙහෙම ආපහු ගොඩ ආපු එක ගැන සතුටුයි.. හැක් හැක්.. ඒක නෙවෙයි.. කොහොමද මනුස්සයෝ බ්ලොග් ප්‍රොෆයිල් එකට 'හැලපයා' කියල නම දාන්න කියල කලිසමක් ඇඳන් අර කොල්ලට කියුවේ.. සෙහ්.. මටනං මෙහෙම හිතද්දීත් මොකක්ද වගේ.. ඒ නම කියනකොට ඌ නිකං මොකාද එකා දිහා බලනවා වගේ බැලුවේ නැද්ද? හෙහ් හෙහ්..

    හැලප අක්කට ඉක්මන් සුව! වෙලාවක තලගොයි මස් ටිකකුයි මී පැණි මුලකුයි හොයාන ඇවිත් බලල යන්න එන්නං.. හැලප කඩේ දිනේවා!

    ReplyDelete
    Replies
    1. /කොහොමද මනුස්සයෝ බ්ලොග් ප්‍රොෆයිල් එකට 'හැලපයා' කියල නම දාන්න කියල කලිසමක් ඇඳන් අර කොල්ලට කියුවේ../

      පිස්සුද බං? මූ කිව්වයි කියන්නෙ බහුශ්‍රැත මහා පඬි රුවන කියල නම දාන්ට කියලලු. ඒ පාර ඒ කොලුවයි කියල තියෙන්නෙ බාප්පගෙ වැඩවල හැටියටනම් හැලපය වගෙ නමක් තමයි ගැලපෙන්නෙ කියල.

      ඒ පාර බාරියා තොමෝත් කිව්වලු අන්න හරි මමත් හිතන්නෙ ඒක තමයි ගැලපෙනම නම කියල. අන්තිමට ඒකම දාන්ට උනාලු.

      Delete
    2. සුමිත් බොලෑ පැත්තේ එකෙක් අපේ බැච් එකේ හිටියා.ඌට කොල්ලෝ කිව්වේ පොරමලා කියලා. දැන්නම් උඹටත් ඒක හරියනවා කියලා හිතෙනවා. ඒත් වැද්දන්ගේ මූනේ සමුපර්ඛයෙන් රැවුල වැවෙන්නේ වත් වැද්දදෝ හිනවෙන්නේ වත් නැහැලු කියලා සෙලිග්මාන් කිව්වාලු. රතකේට ඒක බොට ගැලපන්නේ කොහොමද කියලා හිතුවේ. තලගොයෙක් අල්ලලා දෙන්නම් . මී පැණි හොයන් වරෙන්.

      Delete
    3. කොල්ල නමක් අහනකොටත් මම ඔය නම හිතාගෙනමයි හිටියෙ. ඉතිං ෂේප් එකේ මම නෙවෙයි වගේ අහක බලාගෙන කිව්වා. ඌ ටිකක් වෙලා මගෙ දිහා බලාගෙන ඉඳල පස්සෙ ආපහු වැඩේ පටන් ගත්තා.

      Delete
  14. Sinhala akuru natha...
    Halapa akkata ikman suwa samaga halapa kade 5 was semarumata jaya wewaay pathami...

    ReplyDelete
  15. ඔබගේ හැලපයට පස් වසරක පිරීම නිමිත්තෙන් මාගේ සුභ පැතුම් ඔබේ බිරිඳට නිදුක් නිරෝගී සුවය පතමි
    විචාරක දියණිය

    ReplyDelete
  16. පස්වන සංවත්සරයට සුබපැතුම්, හැලපේ! ඒ සමඟම ඔබේ බිරිඳට ඉක්මන් සුවයද පතමි.

    ReplyDelete
  17. සුබ පැතුම් හැලප කඩේට.... හැලපිටත් ඉක්මන් සුව පතමි...

    ReplyDelete
  18. හැලපිට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනගමන් හැලපයාටත් පස් අවුරුදු සංවත්සරේට සුභ ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කැන්ඩියන්!

      Delete
  19. වසර 5ට සුබ පැතුම් වේවා ...
    හැලපිට ඉක්මන් සුවය අත් වේවා ....!!!!

    ReplyDelete
  20. නෝනගේ ලෙඩේ ගැන දොස්තර රුවනට කියන්න, ලියලා යවන්න එයා තමයි නියම දොස්තර් ඔය වැඩේට කොහොම උනත් ඉක්මන් සුව !!

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර් රුවන් මානසික වෛද්‍යවරයෙක් නේද?

      Delete
    2. දැන්නම් අවශ්‍ය වන එකක් නැහැ. ඇය සුවවෙමින් ඉන්නෙ. ස්තුතියි ඇනෝ!

      Delete
  21. සුභපැතුම්.....! හැලපතුමනි පිළිගනු මැනවි, අප හද පත්ලෙන් නැගෙන උණුසුම් සුභපැතුම්!!. පිය බිරිඳගේ සෙනෙහස තරම් උණුසුම් නැති වුවද මේ හැඟුම්, ළබැඳියන් රෝගී වූ විට නිදි වරණ රෑ කලෙක එන සීතයට වඩා නම් උණුසුම්ය එය සත්තකින්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු මල්ලි! මට ලියන්නට අමතකවූ නිදි වැරීම ඔබ අගේට චිත්‍රණය කර තිබෙනවා.

      Delete
  22. මොකහරි වෙලා ආපහු ලියපු එක නං ලොකු හයියක් මුත්තෙ. නවත්තන්ඩ එපා

    ReplyDelete
    Replies
    1. නෑ බං දැන් ඉදිරියට ලියවෙයි.

      Delete
  23. බිරින්දෑ තොමෝට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි.
    තව වසර 50 කටත් වඩා හැලප කඩේ ලියවේවා!

    ReplyDelete
  24. හැලප කඩේ ට තවත් පහකට සුභ පැතුම්! හැලපි අක්කට ඉක්මන් සුව ලැබේවා!

    ReplyDelete
  25. හැලපෙ අය්යා මටත් බ්ලොග් ලියන්න මුලින්ම අත දුන්න කෙනෙක්. වෙනදා වගේම රහට හැලප හදන්න හැකිවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල් මල්ලි! දැන් ලියන්නෙ නැත්තෙ මොකද?

      Delete
  26. හැලපයා ගේ හතරවෙනි සංවත්සරය ට ඉන්නට ලැබීම භාග්‍යයක් ... මේ පාරත් මෙහේ උන්නා නම් ...

    ReplyDelete
    Replies
    1. හිටිය නං මේ පාරත් ඔහෙලා පත කේක් උස්සං ඇවිත් පාටි දාවි.

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. සැමදා හැපල (හැලප) තුමා සහ හැලප කඩේ සමගයි. (ඉන්න අතරේ ඇස් වලින් රසවිදින්න තව හැලප ටිකක් දැම්මා නම් නේද හොඳ?)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නුවන්! පහුගිය දවස්වල ලියන්න කිසිම හිතේ නිවනක් තිබ්බෙ නැහැ. ඉදිරියට නොවරදවාම ලියන්නං.

      Delete
  29. බිරින්දෑට ඉක්මන් සුවය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකියෝ!

      Delete
  30. හැලප බ්ලොග් අඩවියට මගේ උණුසුම් සුබ පැතුම් !!!! මමත් සෑහෙන කාලෙකින් ආවේ. හැලප අක්කට ඉක්මන් සුව පතනවා. අපිට උයලා කන්න දීපු අතක් නෙව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක! හැලප අක්කට දැන් ගොඩක් සුවයි. හැබැයි කෑම උයන්න එහෙම තාම බෑ.

      Delete
  31. ඔහේ ලියපු කතා බලල බෙල්ල යහතින් තියපු හැලප අක්කට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනව.
    ඒ වගේම අවුරුදු පහක් ලියපු හැලප කඩේ තවත් අවුරුදු ගනනාවක් ලියන්න ශක්තිය හැලප අයියට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව .

    ReplyDelete
  32. හැලප අක්කාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කොර්නවා..
    පස්වරක් පහ විසිපහයි කියල හැලපයියාට සුභපත්නෝ..!!
    ජයවේවා..!!

    ReplyDelete

ඔබේ අදහස්