Wednesday, October 19, 2016

දෙසතිය මතක- සංක්‍රාන්ති සමයේ සතුට,වතුර සංග්‍රහය, වත්තේගෙදර හාමුදුරුවන්ගේ දානය සහ මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානය.

අමතර අංගජාතයකට  තබා ස්ථිර අංගජාතයටවත් සුළුදිය පහ කරනවා වැනි සිල්ලර වැඩක් ඇරෙන්නට  වෙන කිසිම වැදගත් වැඩක් ඒ දවස්වල තිබුණේ නැති නිසා ඉලෙක්ට්‍රික් අංගජාතය මට සතපහක වත් ප්‍රයෝජනයක් නැති තෑග්ගක් වුයෙන් දෙතුන් වතාවක් එය ක්‍රියාත්මක කර වැඩ කරන හැටි බලා ලාච්චුවේ දමා වසා තැබුවෙමි.     ඔය කාලයේ අපේ දෙසතිය බෙදාහැරීමේ අංශය ක්‍රියාත්මක උනේ මැලේ වීදියේ ඉස්සර අධ්‍යාපන අමාත්‍යංශය තිබු ගොඩනැගිලිවලින් එකක සිටය.    දෙපාර්තමේන්තුවේ ඉතිරි හරිය කොම්පඤ්ඤ වීදියේ රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ලේ සිට ක්‍රියාත්මක විය.     දෙපාර්තමේන්තුව කෑලි කෑලි වලට කැඩුණු හැටිත් ලස්සන කතාවකි.

මම ගිය කාලයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පිහිටා තිබුණේ කොටුවේ ට්‍රාන්ස්වර්ක් මන්දිරයේය.    අප සියලු දෙනාම දන්න පරිදි එය ඉංග්‍රීසි පාලන සමයේදී සාදා ඇති අලංකාර ගොඩනැගිල්ලකි.   කොටුව දුම්රිය පොළේ සිට ඇවිදගෙන එන දුරය.     මේ අලංකාර ගොඩනැගිල්ලේ උඩ තට්ටුවලටත් පඩිපෙළටත් භාවිත කොට තිබුණේ ඉස්තරම් බුරුම තේක්ක ලීය.    ඒවා යකඩ කඳන් මෙන් සවි ශක්තිය ඇති ලී බව බැලු බැල්මටම පෙනුනේ ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට එදා  දක්වාම පාවිච්චි වී ඇති ඒ ලීවල  කිසිම ඇද පලුද්දක් සොයා ගන්නට නොතිබුණු නිසාය.    ඉතින් මේ අලංකාර මන්දිරයේ පිහිටුවා තිබු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අපි වැඩකළේ අසීමිත නිදහසකිනි.

මා සේවය කළේ පාලන අංශයේ වුවද විවේකයක් ලැබුණු හැමවිටම මා දිවගියේ දෙසතිය කර්තෘ මණ්ඩලයටය. ඒ ලිපි ලේඛනවලට සහ සාහිත්‍යයට එදා සිටම මගේ තිබු ආශාව නිසා වන්නට ඇත.    තවත් කතාවක් කිවහොත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අපේ අංශයේ සිටි සියලුම දෙනා පාහේ වඩාත් ආර්ථික වාසි ලැබෙන ස්ථානවලට මාරු ලබා ගත්තද මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා ගත්තේ දෙසතියත් රජයේ චිත්‍රපට අංශයත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණු නිසාය.    දෙසතියේ අයද අමුත්තෙකු වුවද මාව ආදරයෙන් පිළිගත්තා මට මතකය.    ඒ කාලයේ දෙසතිය සංස්කාරක වරයා වුයේ ගාමිණි විජේතුංග වූ අතර වින්සන්ට් පෙරියප්පෙරුම නියෝජ්‍ය සංස්කාරකවරයා විය.    ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා පිටු සැකසුම් ශිල්පියා වූ අතර ඔවුන්ගේ සහයට තවත් හතර පස් දෙනෙක් දෙපාර්තමේන්තුවෙන් අනුයුක්ත කොට තිබුණි. කියන්නට මඳක් මැලිවන කරුණක් වුවද නොකියා බැරි කාරණාවක් වන්නේ මා යද්දී පාලන අංශයත් දෙසතිය කර්තෘ මණ්ඩලයත් අතර තිබුණු අන්‍යොන්‍ය සම්බන්ධතාව ඉතාම දුර්වල අඩියකට පත්ව තිබු වගය.    කෙසේ වුවද එය වෙනම කතාකළ යුතු කාරණයකි.

ඔය ආකාරයට වසර දෙකක් පමණ ගතවෙද්දී හෙණය වැදුණේ එක්වරටමය.     බොහෝ නිදහසකින්ද සතුටින්ද අප සේවය කල ස්ථානය අපට එක්වරම අහිමිවී ගියේය.   ඒ කතාව ද කාගේත් දැනගැනීම සඳහා ලියා තැබුවහොත් හොඳයි කියා මට සිතේ කතාව මෙහෙමය.     දවසක්දා ජනාධිපති ප්‍රේමදාස ගමනක් යද්දී ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ අලංකාරය දැක විස්තර සොයා බලා ඇත.     ඊට පසුව ඔහු නියෝග කර තිබුණේ ඉන්න අයට වහාම එම ගොඩනැගිල්ලෙන් ඉවත් වන්නට කියාය.    හේතුව වුයේ එතැන මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් සහ ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කිරීමට නියමිත වීමය.    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හා ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍යාංශයට හැකි ඉක්මනින් ඉවත් වන්නට ජනාධිපති කාර්යාලයෙන් නියෝග ලැබී තිබුණි.     යන්නට කීවාට කොයි වල යන්නටද?  කොයි වල යන්නටද කියන විට මට පරණ කතාවක් මතක්වේ.  

අසරණ සරණ හික්කඩුවේ ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ  එක් පෝය දිනක පිංකමකට වඩින විට වෙල් නියරක ඇනබාගෙන බිලී පිත්තක් වලකට දමාගෙන ඉන්නා කොලුවෙක් දැක " ඈ බොල කොලුවෝ අද  උතුම් පෝය දවසේ  මේ කරන පව්කාර වැඩේ නිසා තෝ කොයි වල යන්නටදැයි ඇසුසේක."     උත්තර දෙන්නට මොහොතක් වත් ප්‍රමාද නොවූ කොලුවා " අනේ හාමුදුරුවනේ මේ වලේ මාළු නැතිනම් එහා වලට යනවා" යි නොපැකිලව පිළිතුරු දුන්නේය.     කුඩා වුවද කොලුවාගේ මුඛරිකම ගැන ප්‍රසාදයට පත්වූ උන් වහන්සේ පසු කාලයක මේ කොලුවා පැවිදි කරවන ලදුව තොටගමුවේ ශ්‍රී රාහුල නමින් චිර ප්‍රසිද්ධ මහතෙර නමක් වූ වග මා කියවා ඇති කතාවක තිබුණා මතකය.     කතාව ලියන ලද්දේ මතකයෙන් බැවින් කතාවේ හෝ නම් ගම්වල අඩුපාඩුවක් ඇත්නම් නිවැරදි කරනු ලබත්වා.  

යන්නට තැනක් සොයා ගන්නට බැරිව සතියක් පමණ ගතවිය.    දිනපතාම ජනාධිපති කාර්යාලයෙන් තර්ජානාත්මක විමසීම් ලැබෙන්නේ තාම ගියෙ නැද්දැයි අසමිනි.    දැන් කරන්නට දෙයක් නැත ඒ නිසාම අපට සිදුවුණේ ජනාධිපති ප්‍රේමදාසගේ සැට් එක ඇවිත් එලවා දමන්නට පෙර බඩුත් පොදිබැඳගෙන පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට අවතැන් වන්නටය.    අපි බඩු ටිකත් ලොරිවල පටවාගෙන ගිහිං රජයේ චිත්‍රපට අංශයේ ගස්යට වාඩිලා ගත්තෙමු.     දෙපාර්තමේන්තුව ස්ථාන මාරු කළ කාලය හෙවත් සංක්‍රාන්ති සමය අපට නම් එකම විනෝද සාගරයක් විය.     අපේ රාජකාරියට අයත් බඩු බාහිරාදිය එකලස් කර අලුත් තැනට ගෙනයන්නට දීමෙන් පසු බොහෝ විනෝදයෙන් කාලය ගතකළෙමු.     බඩු අදින එක දවසක අපි කළේ උඩ තට්ටුවේ හැංගී ඉඳිමින් පහළ දොරෙන් ඇතුල්වෙන අයට වතුර ගැහීමය.     හොයන්නට එනවිට දුවගොස් කොහේ  හෝ හැංගී ඉඳ නැවතත් ඇවිත් පහළ ඉන්න උන්ට වතුර සංග්‍රහය දුන්නෙමු.      අපි කීපදෙනෙක් වතුර ගහන විට වතුර ගෙනැවිත් දීමෙන් උදව් කළේ ජයරත්නත්, පුෂ්පිකාත් ය. 

ජයරත්න මැදි වයසේ සිටි අයෙකු වුවද කොලුකම ඔහුගේ ඉහට ගසා තිබුණි.     පුෂ්පිකාත් ඒ වගේය විවාහක  එක්දරු මවක වුවද කෙල්ලෙක් මෙන් සැහැල්ලුවෙන් විනෝදයෙන් හැසිරුණු ඇය අපි කළ ඕනෑම  කුප්ප වැඩකට කොන්දේසියකින් තොරව මුළු හදවතින්ම සහයෝගය දුන්නාය.     උන් දෙන්නා වතුර ගත්තේ කඩා දමා තිබු ඡායාරුප අංශයේ අඳුරු කාමරයේ තිබු ටැප් එකෙනි.     මුලින් මුලින් සිලි සිලි කවර වලට වතුර ගෙනැත් දුන්නත් සිලි කවර හිඟවන විට කරදාසි කොළ ගොටු වලට වතුර පුරවාගෙන  දුවගෙන ඇවිත් අපට දුන්නේ වතුර ඉහිරෙන්නට පෙර ගහන්නටය.      දෙසතියේ සුරේෂ්ගේ සහයට සිටි ශ්‍රියානිට දොරෙන් ඇතුල්වන විටම වතුර පාරක් වැදුණු අතර  ඇය අඬාගෙන දිව ගියේ වතුර ගහපු උන්ට විරුද්ධව පැමිණිලි කරන්නටය අපි වහා දිවගොස් හොඳ ළමයින් වගේ වාඩිවී සිටියෙමු.   තවත් එකෙක් වතුර ගහන උන්ට තිත්ත කුණුහරුපයෙන් බණිමින් ඇතුළට ආවේ ඌට වතුර ගහන්නට ඉන්න එකාගේ මෑණියන්ට පිං දෙමිනි.    දොරෙන් ඇතුල්වන විටම සූස් ගාගෙන පියඹා ආ වතුර කවරයක් චකස් ගා උගේ මුණේ වැදී වතුරෙන් නෑවී ගියේය ඒ සමගම ඌ ආගිය අතක් නැතිවිය.

ඔය විදියට ෂිෆ්ටින් ආතල් ගත්ත අපිට චිත්‍රපට අංශයට ගියදා සිට වැඩක් කරන්නට තියා වාඩිවී ඉන්නටවත් තැනක් නැති සුපිරිම අනාථයන් රැළක් බවට පත්වූයෙමු.      දවස් දෙකතුනක් යද්දී හදිසියේ වැස්සොත් එහෙම ගෙනා සබ්බ සකලමනාවම තෙමී දියබත්වන හේතුවෙන්  චිත්‍රපට අංශයේ ඇති කුඩා සිනමා ශාලාවට මාරුවක් ලද්දෙමු.     සිනමා ශාලාවට ගියත් අපි එහි වාඩිවී නොසිටියේ ඉන්නට කම්මැලි නිසාය.     ඒ දිනවල අපේ දෛනික වැඩසටහන වුණේ උදේට කොටුව ස්ටේෂන් එකේ සිට පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට ඔෆිස් වාහනයෙන් ඇවිත් කට්ටියම කැන්ටිමට එකතුවී උදේ කෑම ගෙන ඉන්පසුව නොයෙකුත් බූත කියවමින් කාලය ගතකර බොහෝවිට දවල් වෙද්දී පොල්හේන්ගොඩ වලේ බාර් එකටද ගොස් ආපහු ඇවිත් දවල් කෑම කා හවස තුන වෙද්දී යන්නට පිටත් වීමය.     සති කීපයක් මෙලෙස ගතවෙද්දී දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අංශයත් දෙසතිය කර්තෘ මණ්ඩලයත්  කොම්පඤ්ඤ වීදියේ රක්ෂණ ගොඩනැගිල්ලටද පාලන අංශය,ගිණුම් අංශය,ඡායාරුප අංශය හා දෙසතිය බෙදාහැරීම මැලේ වීදියේ පරණ අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලටද ගෙනයන ලදී.

මැලේ වීදිය අපට තිබුණාටත් වඩා හොඳ තැනක් විය.    කොම්පඤ්ඤ වීදියේ හෝටල්වල රතුළූණු අතවැඩියෙන් දමා මිරිස් සැරට  හදන කෝලි හොද්ද සමග ගෝදම්බ රොටීවලද බාබත් සමග මනි පිට්ටුවලද රස විඳිමින් ජෑම් ගහ යට හොරපොලෙන් බාර් වසා තියෙන දවස්වලටද  සප්පායම් වෙමින් අපි ඉතා සැහැල්ලුවෙන් කාලය ගතකළෙමු.     රාජකාරිය වූ දෙසතිය බෙදාහැරීමද ඉතා හොඳ තත්වයකින් පවත්වාගෙන යන්නට මගේ ගෝලයින් ඉතා කැපවීමෙන් කටයුතු කළෝය.    ඔය කාලයේ අලුතෙන් බඳවාගත් කණ්ඩායමකින් මුස්තාපා නම් තරුණ කොල්ලෙක්  දෙපාර්තමේන්තුවට පත්කර එවන ලදී.     උගේ උපන්ගම නැගෙනහිර පළාතේ සයින්දමරදු වූ අතර ප්‍රශ්නය වුයේ මේකාට දෙමළ හැරෙන්නට වෙන කිසිම භාෂාවක් ලියන්න කියවන්නට හෝ කතාකරන්නට බැරිවීමය.     ඒ නිසාවෙන් වෙනත්  කිසිම අංශයකට වැඩක් ගන්නට බැරි නිසා මුස්තාපාව මගෙ ලඟට එවන්නට යෙදුනු අතර මමද කිසි වෙනස්කමක් නොපා ඌව ආදරයෙන් මගේ බෙදාහැරීම් කණ්ඩායමට එකතු කර ගතිමි.

භාෂාව බැරිවුනද මුස්තාපා ඉතා හොඳ කණ්ඩායම් සගයෙකු වූ අතර අපේ රාජකාරි ගමන්වලට බොහෝ  උනන්දුවෙන් සහභාගී විය.       දෙසතිය රාජකාරිවලට පිට පළාත්වලට යද්දී ජීවිතේටම මත්පැනක් තොල නොගා සිටි අහිංසකයාට අරක්කු බොන්නට පුරුදු කරන්නට දෙසතියේ ගෝලයන් වූ සෝමපාල සහ කාලිංගට ටික දවසකින්ම හැකිවිය.    පසු කලෙක සයින්දමරදුවලට මාරුවක් ලබාගෙන යන තුරුම මුස්තාපා අප සමග ඉතා සතුටින් සේවය කළේය.     දෙසතිය බෙදාහැරීමේදී අප නොවරදවාම යන්නට පුරුදුවී සිටි පන්සලක් වත්තේගෙදර පැත්තේ විය.    ඒ පංසලේ හාමුදුරුවෝ ඉතාම හොඳ දෙසතිය පාඨකයෙක් වූ අතර පංසලට යන අපට ඉතා හොඳින් ආගන්තුක සත්කාර කරන්නට  අමතක නොකළහ.    දවාලක ගියොත් නොවැරදීම දවල් දානය අපටත් ලැබෙයි හවසක නම් රසකැවිලි කෙසෙල්ගෙඩි සමග තේය.     දානය අවසන්ව අප එන්නට පිටත්වන විට හාමුදුරුවන්ට පිරිකරට ලැබී ඇති කුඩ හෝ තුවා තෑගි වශයෙන් ලැබේ.  මේ සංග්‍රහ සත්කාර හේතුවෙන් අප ඒ හාමුදුරුවන්ගේ පංසලට යන්නට බොහෝ ප්‍රිය කළෙමු.

දැන් ඉතින් අදට කතාව හමාර කරන්නට වෙලාව පැමිණ ඇති නිසා දැන් ඇත්තේ පුර්වාපර සන්ධි ගැලපීමයි. ට්‍රාන්ස්වර්ක් මන්දිරයෙන් පිටත්වීමෙන් පසු තැන තැනට යන්නට සිදුවූ නිසා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ස්ථිර වාසස්ථානයක් අවශ්‍ය බව තේරුම් ගත් බැවින් දෙපාර්තමේන්තුවේ දේපොලක් වූ රජයේ චිත්‍රපට අංශය තිබෙන ඉඩමේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය සහ එයට අයත්  අනිකුත් සියලුම අංශ සඳහා ගොඩනැගිලි පසුකලෙක ඉදිවිය.    දැන් ඔය නෙළුම් අජිත්ලා බ්ලොග් සම්මාන දෙන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය ඉදිවුණේ අන්න ඒ ආකාරයටය.     ජනාධිපති ප්‍රේමදාස ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ ඉදිකරන්නට සැලසුම් කළ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයට කුමක් වුනේදැයි කියන්නටද අවශ්‍යය.     ප්‍රේමදාස මහතා වැඩේ භාරදුන්නේ නවලෝක මුදලාලිටය.    මුදලාලි පළමුවෙන්ම කළේ ගොඩනැගිල්ලේ තිබු මසුරන් වටිනා බුරුම තේක්ක ලී සියල්ලම ගලවා  පෑලියගොඩ ලී මෝලට ඇදගැනීමය.     ඉන්පසුව ජනාධිපති ප්‍රේමදාසට විරුද්ධව ආ දෝෂාභියෝගය හේතුවෙන් බොහෝ අවිවේකී වූ ඔහුට ට්‍රාන්ස්වර්ක් මන්දිරය ගැන සොයා බලන්නට වෙලාවක් නැතිවූ බැවින් වැඩේ එහෙමම යටගොස් ට්‍රාන්ස්වර්ක් මන්දිරය පාලුවට ගොස් තිබියදී යන්නට තැනක් නැතිව සිටි කොටුව පොලිසිය එයට රිංගාගෙන සිටිනු මම පසු දවසක එතැනින් යද්දී දුටුවෙමි෴

ප.ලි. කාර්ය බහුලත්වය සහ කම්මැලිකම හේතුවෙන් ලිවීම කල්දදා සිටි මට හැමදාම වගේ කතා කර ලියන්නට කියා කරදර කළේ කොච්චියාය.   මේ පෝස්ටුව අද පළකලේ කොච්චියාගේ කරදරයෙන් බේරෙන්නට බවද වැඩිදුරටත් ලියා තබමි.

106 comments:

  1. අංගජාතේ දාල වහපු ලාච්චුව ... එක්කො ඕනෙ නෑ :D
    එදා ඉඳන්ම මහ පුටුවට එන උන්ට මොලේ කොලොප්පං නේ :)

    ReplyDelete
    Replies
    1. උත්තරයක් ලියන්න ඉස්සෙල්ල උඹට මොන නම කියල කතා කතා කරන්නද කියල මම හොල්මං වෙලා ඉන්නෙ බං.

      Delete
  2. ඔය ගොඩනැගිල්ලේ නේද, වනිතා කටයුතු අමාත්‍යාංශය තිබුණේ?

    කොච්චියා ගේ පෝස්ට් කිපයක් මාත් කියෙව්වා. ඕමානයේ තවත් බ්ලොගර්ස් ලා කීප දෙනෙකුම ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. වනිතා කටයුතු අමාත්‍යාංශයත් එම ගොඩනැගිල්ලේම තිබුණා මතකයි. තවත් බ්ලොගර්ස්ලා කීප දෙනෙක් හිටියත් දැනට ලියන්නේ මමත් කොච්චියාත් පමණයි කියල මගේ අදහස.

      Delete
  3. ඒක නං උඹල එලවන්න පුරුවේ පිනට උන්නැහේට ආපු හිතුවිල්ලක්..

    ඔය වගේ බ්ලොගක් කොටාගෙන ඉන්නවනං ඔය ගොයියා කොයි තරං හොදයිද ඈ.. (පාඩුවේ ඉන්න උන්ට කරදර කරන්න එපා කියල තර්ජන ඇවිත් තිබුන හින්දා මම නං ඒ යකා මැරිලද කියලවත් බැලුවේ නැහැ.. හැක්)

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං මටත් වෙන්නෙ උඹට පොල්ලකින් ගහල හරි කූද්දන්නයි.

      Delete
  4. //කාර්ය බහුලත්වය සහ කම්මැලිකම හේතුවෙන් ලිවීම කල්දදා සිටි මට// බලන බලන තැන මම යැ... මමම යැ. කාර්යබහුල කෙසේ වතුදු කම්මැලිකම වෙතොත් ඒ මම යැ. අපූරු ය හැලප තුමනි. සැරද.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලේ.හී මම දන්න විදිහට හැලප ගොයිය හරි සැරයි.

      Delete
    2. ඒ වුනාට හැලපිච්චි ඉස්සරහා පූස් පැටියෙක් වගේ කීකරුයි

      Delete
    3. ලේ.පා .හී ට ඔය දෙන්නෙක්ම උත්තර දීල තියෙන්නෙ. මං මොනා කියන්නද?

      Delete
    4. ඉයන්,
      අනේ නෑ ඉයන් හරිම අහිංසකයි.

      Delete
    5. කටුස්,
      ඔව් බං,එහෙම නැතුව ජීවත්වෙන්නෙ කොහොමද?

      Delete
  5. කලින් ලියපු ටිකකුත් තියෙනවද මන්දා.....

    ReplyDelete
    Replies
    1. මතකක් නං නෑ සමහර විට ඇති.

      Delete
  6. අර නාමල් ගොයිය මිලියන 400 ක් අරගෙන ඉන්දියන් සමාගමකට ක්‍රිශ් ටවර් එක හදන්න දුන්නේ ඔය ඉඩම නේද?

    ReplyDelete
    Replies
    1. යු.ඇන්.පී ගැත්තෙක් උන්ගෙ එකෙක් හොරකම් කලහම වැරැද්ද දකින විදිය

      Delete
    2. ඔය ඉඩමේ පිටුපස පැත්ත ඉයන්.

      Delete
  7. හම්මේ...... ඔය ගොඩනැගිල්ලට මමත් කීප වතාවක් ගිහින් තියනවා. එවකට අපේ ප්‍රදේශයේ මන්ත්‍රී වූද, ඇත්තටම, අවංකවම, සත පහක්වත් හොරකම් නොකළ, නමුත් රටට වැඩක් නැති, කෘෂිකර්ම? ඇමති පී.සී.ඉඹුලාන මහතා හමුවන්න. එවකට ඒ අමාත්‍යාංශය තිබුණේ ඔතන. ඔය මන්දිරයේ අගය මම ඒ කාලෙම තේරුම්ගත්තා. අදනම් මොනවා තියනවාදැයි නොදනිමි.

    අර තේක්ක ලෑලි ඇත්තටම ඒ කාලෙත් කෝටි ගානක් වටිනවා. නවලෝක මුදලාලි එයින් හොඳ ගෘහ භාණ්ඩ හදා ප්‍රේමදාස උන්හෙනැටම දුන්නද දන්නේ නැහැ.

    මේ වගේ විනාශකාරී වැඩ එදත් අදත් එකසේම රාජ්‍ය අංශය තුළ සිදුවෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් බිල්ඩිම වහල දාල , බෝ ගස් පැල වෙලා තියනව දැක්ක. කාලෙක්ට කලින් අලුත් වැඩියා කරන්න අරගෙන ආපහු නවත්තල දාල.

      Delete
    2. ඔය පී.සී. ඉඹුලාන ඇමතිතුමා සම්බන්ධ රස කතාවක් තියෙනව. ඉඹුලාන ඇමතිතුමා ඒ කාලෙ රුවන්වැල්ල මන්ත්‍රීතුමා. දවසක් අසූ ගණන්වල මුල ඉඹුලාන ඇමතිතුමාට (ඒ කාලෙ එතුමා නියෝජ්‍ය ඇමති) අවශ්‍යවුනා කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රකට යුධ හමුදා රෙජිමේන්තු මූලස්ථානයක යම් ප්‍රධානියකුට කතා කරන්න. ඉතින් ඇමැතිතුමා දුරකථන ඇමතුමක් අරන් මෙහෙම කිව්වලු.

      “ළමය මම පීසී ඉඹුලාන මට කර්නල් _ _තුංගට කතා කරන්න ඕනෑ.”

      එදා මේ රෙජිමේන්තු මූලස්ථානයෙ දුරකථන ක්‍රියාකරුව හිටියේ ගුණ_ _න කියල ලඟදි උසස්වීමක් ලද කෝප්‍රල් වරයෙක්. මෙයා වැඩි උගත් කමක් නැති ඔලුව ඉදිමුණු කෙනෙක්. මිනිහ මෙහෙම උත්තර දුන්නලු.

      “ළමය? කොහේ ඉන්න ළමයෙක්ද? මම කෝප්‍රල් ගුණ_ _න. අයිසෙ ඉස්සර වෙලා කතා කරන්න ඉගෙන ගන්නව.”

      ඉඹුලාන ඇමතිතුමා නිවුණු කෙනෙක්නෙ. ඉතින් ඊලඟට එතුමා මෙහෙම කිව්වලු.

      “ළමය මම මේ පී.සී. ඉඹුලාන. මාව දන්නෙ නැද්ද? මට කර්නල් _ _තුංගට කතා කරන්න ඕනෑ.”

      මේක ඇහුනම කෝප්‍රල් ගුණ_ _නට මල පැනල මෙහෙම කිව්වලු.

      “අයිසෙ මම දැන් තමුසෙට එකපාරක් කිව්ව. ඉස්සර වෙලා කතා කරන්න ඉගෙන ගන්නව. තමුසෙ පීසී. මම කෝප්‍රල්. පීසී කෙනෙක් කොහොමද අයිසෙ කෝප්‍රල් කෙනෙකුට ළමය කියන්නෙ? අනික පීසී කෙනෙක් මොකටද අයිසෙ කර්නල් කෙනෙකුට කතා කරන්නෙ?”

      ඔය වෙලාවේ ඔතනින් යන්න ආවලු ඒ කාලෙ රෙජිමේන්තු සැරයන් මේජර් _ _ _නායක.මේ _ _ _නායක දැකපු කෝප්‍රල් ගුණ_ _න රිසීවරේ අතේ තියාගෙන මෙහෙම කිව්වලු.

      “බලන්නකො සර්, මේ කොහෙද යන ඉඹුලාන කියල පීසී කෙනෙක් සීඕ සර්ට කතා කරන්න ඕනැ කියල කරදර කරනවා. ඒ යකා කතා කරන්නවත් දන්නෙ නෑ.”

      වැඩේ තේරුම්ගිය රෙජිමේන්තු සැරයන් මේජර් _ _ _නායක පැනපු ගමන් රිසීවරේ අරන් සමාව ගෙන ඉඹුලාන ඇමතිතුමාව අදාළ තැනට සම්බන්ධ කළේ කෝප්‍රල් ගුණ_ _නට පුටුවෙන් වීසිවෙලා යන්න පයින් පාරක් දෙමින්ලු.

      යහපත් කෙනෙක් වන ඉඹුලාන ඇමතිතුමා මේ සිද්ධිය ගැන පැමිණිලි නොකළත් _ _ _නායක ගෙන් සහ කෝප්‍රල් ගුණ_ _නගෙ සහයට හිටිය සෙබළා හරහා මේ සිද්ධිය කඳවුර පුරා ප්‍රචාරය වුනාම කෝප්‍රල් ගුණ_ _න ගෙන් ඉහල නිලධාරීන් පවා අහන්න ගත්තලු.

      “කෝප්‍රල් ලඟදි පීසී ඉඹුලාන එහෙම කතා කාලේ නැද්ද ?” කියල.

      ඉහල නිලධාරීන් ඉස්සරහ කට පියාගෙන හිටියත් වෙනත් කෝප්‍රල්වරු අර ප්‍රශ්නෙම අහද්දී කෝප්‍රල් ගුණ_ _න ගෙන් පිටවුනේ ශුද්ධ සිංහල වචන විතරමලු.

      Delete
    3. සුපිරි කතාව. ඇත්තටම එතුමාට කේන්ති යන්නේ බොහොම අඩුවෙන්. මන්ත්‍රී කාලේ තමන්ගේ කාර් එක එලවාගෙන තනියම ගමන්බිමන් ගියේ.

      Delete
    4. මාත් ඔය පීසී ඉඹුලාන කතාව කොහේදී හරි කියවල තිබුණ. ඒ වගේ චරිත අද කොහෙද විචාරකතුමෝ ? තව මම ඔය වගේ චරිතයක් ගැන අහල තියනව රෝමානිස් කියල මට මතක විදියට නම් නම ඒ.එම්. රෝමානිස් වගේ. සර් ජෝන් ගෙන් පස්සෙ දොඩම්ගස්ලන්ද ආසනයේ මන්ත්‍රීනේද එතුමා? අද ඉතිං වෙලා තියෙන්නෙ දේශපාලනේ බල්ලට ගිය එක නෙමෙයි. බල්ලො දේශපාලනේට ආව එක.බ්ලොග් ගැන උනත් කියන්න තියෙන්නෙ ඕකම තමයි. මේක ඔබතුමන්ලා හැලපෙලා වගේ තමන්ගෙ පාඩුවේ වැදගත් යමක් ලියන බ්ලොග් රචකයන්ට අදාළ නැහැ.
      - A.de S.

      Delete
    5. දොඩම්ගස්ලන්ද පා, මන්ත්‍රී ඒ.යු.රොමානිස්. අරුම උපාසකගෙ රොමානිස් . මම හිතන්නේ 1960 දිනුවා. 1965 පැරදුනා. මොහු ජෝන් කොතලාවලගේ සේවකයෙක් කියා කියනවා.

      Delete
    6. ඒ වගේම බොහොම අමාරුවෙන් ඉහලට ආව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් තමයි, එම්.එස්.තේමිස්. කම්කරු පන්තියෙන් දේශපාලනය අරඹා, පාර්ලිමේන්තුව දක්වා බොහොම දුෂ්කර ගමනක් ආව කෙනෙක්.

      http://www.island.lk/2001/02/18/featur02.html

      Delete
    7. විචා.....මේ ලින්ක් එකට නම් බොහෝම ස්තූතියි!!!!! මම කියවන්න උවමනාවෙන්ම හිටි චරිතයක්.

      ///////Typical of the man, the letter was an explanatory note sent along with a cheque to the amount of money that he had drawn by way of allowances as a member of parliament. "If feel it is immoral and improper to have drawn allowances from the coffers of parliament when the legislative body has basically failed in its responsibility towards the people"./////////////

      Delete
    8. තේමිස් පසුකාලෙක කොළඹ හරස් වීදියක ලියුම් කවර හදන කම්පැනියක් දාගෙන හිටියා. මම දන්න කෙනෙක් ගෙදර ඉඳන් ලියුම් කවර හදලා සප්ලයි කරේ තේමිස්ගේ කම්පැනියට.

      Delete
    9. මමත් ගොඩ කාලෙකිං ඔය බිල්ඩිම දැක්කෙ නෑ විචා. දැන් නං නැති නාස්ති වෙලා ඇති කියල හිතනවා.

      Delete
    10. කම්මල,
      එහෙම වෙලා තියේ නං ඒක පුදුම අපරාධයක්.

      Delete
  8. "අමතර අංගජාතයකට තබා ස්ථිර අංගජාතයටවත් සුළුදිය පහ කරනවා වැනි සිල්ලර වැඩක් ඇරෙන්නට වෙන කිසිම වැදගත් වැඩක් ඒ දවස්වල තිබුණේ නැති නිසා...... "


    දුක තමයි පුෂ්පිකා...!

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඇත්තමයි ඒ කාලෙ වැඩ නැතුව හරි අමාරුවෙන් හිටියෙ.

      Delete
  9. මගේ යාලුවෙක් බුරුම තේක්ක ලෑලි නවලෝක මෝලට පටවල මළා.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ, නවලෝක හොස්පිටල් ගියානං බේරෙන්න තිබුණ.

      Delete
    2. අපරාදෙ බං වෙන මෝලකට පැටෙව්ව නං ඌ තාම ඉන්නවා.

      Delete
  10. දැං අර ඉලෙක්ට්‍රික් අංගජාතෙ දාපු ලාච්චුවත් කොහෙට හරි ට්‍රාන්සර් උනාද?

    ReplyDelete
    Replies
    1. ලාච්චුව තාම ඇති අංගජාතෙ නැතුවට.

      Delete
  11. කියෙව්වා.........ා

    ReplyDelete
    Replies
    1. පඬුරක් දාගෙනම යන්න.

      Delete
    2. හොඳයි, ඉඳල හිටලා හරි මොකුත් ලියන්න.

      Delete
  12. ඒ කාලේ ප්‍රෙස් කල්බ් එක තිබුනෙත් මෙතනද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ තිබුනෙ නෑ නමුත් පසුව එතනට ගෙනාවා.

      Delete
  13. බිල්ඩිම ගැන කලිං කියුවද මන්ද

    ReplyDelete
    Replies
    1. කියල තිබ්බ ලෑලි උස්සපු කේස් එකත් එක්කම.

      මෙච්චර විස්තර තිබ්බෙ නෑ

      Delete
    2. මතක නං නෑ උඹල කියනව නං එහෙම වෙන්න ඇති.

      Delete
  14. කොච්චියා තර්ජනය කළ එක හොඳා... නැත්නම් කියවන්න ලැබෙන්නෑනේ:d...

    ReplyDelete
    Replies
    1. කොච්චිය තමා පොඩ්ඩක් පරක්කු වෙද්දී දැන් තර්ජනේ දාන්නෙ.

      Delete
  15. / අසරණ සරණ හික්කඩුවේ ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ../

    මේ කවුද බං මේ? මෙතන හාමුදුරුවරු තුන් දෙනෙක් ඉන්නව. මයෙ හිතේ එකිනෙකාගෙ කරේ නැඟල එන්ට ඇති..හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බං. වෙලක් නොවැ මඩ ගෑවෙනවට එහෙම එනව ඇති.

      Delete
  16. ///සුළුදිය පහ කරනවා වැනි සිල්ලර වැඩක් ඇරෙන්නට වෙන කිසිම වැදගත් වැඩක් ඒ දවස්වල තිබුණේ //////////////

    කියවන්න ගත්ත ගමන්ම මූ අංගජාතේ එලියට දාලා. සොරි ඇතුලට දාලා.

    කොහෙද හැලපෙ ඔය ජෑම් ගහයට පොට් එක. මැලේ ස්ට්‍රීට් එක, යුනියන් ප්ලේස් එක ,වෑකන්ද සිමෙන්ති මුඩුක්කුව පැත්ත නිතර ගැවසුනු තැන්. ඩේලුගේ රාජධානිය. කුඩු මධ්‍යස්ථානය. මැලේ ස්ට්‍රීට් එකේ වත්තක් ඇතුලේ තිබුනා මේස පුටු දාපු, බාර් කවුන්ටර් එකක් ගහපු "කසිප්පු බාර්" එකක්. බාර්මන් හිටියේ ජා පොරක්. බාර් කවුන්ටරේ උඩ තිබුනේ ප්ලාස්ටික් කසිප්පු කෑන්. මේස උඩ තිබුනේ ප්ලාස්ටික් පිඟන් වලට දාපු ලුනු කැට. බාර් කවුන්ටරේ උඩ බැදපු හුරුල්ලෙක් දෙන්නෙක්, මයියොක්කා ටිකක් එහෙම තිබුනා. මම දැකපු එකම ප්‍රසිද්ධ කසිප්පු බාර් එක. පොලිසිය කටේ. ඒත් කවදාවත් පොලිසිය පනින්නේ නැහැ.පොට් එක ඩේලුගේ නෙමේ. ඒත් ඩේලුගේ අණසකනේ ඒ ඒරියා එකේ තිබුනේ. නා නා ප්‍රකාර සෙට් තමයි බං එතෙන්ට බහින්නේ. මාර අත්දැකීම්.

    ReplyDelete
    Replies
    1. ඔව්ව ලිව්වොතින් හෙම &*%$&*ද බොලේ..

      Delete
    2. // &*%$&*ද///......මේ ටික තේරුනේ නැහැ.

      Delete
    3. ඩේලු ගැන රස කතා තියනවා ලියන්න බැ බං

      Delete
    4. ඩේලුව මැරුවා නේද?

      Delete
    5. මචං මැලේ ස්ට්‍රීට් එකෙන් ඇතුළට තියෙන පළවෙනි පාරෙන් යද්දී ඔය පොට් එක හම්බ වෙන්නෙ. මේකෙ කසිප්පු තිබ්බෙ නෑ ආණ්ඩුවෙ බඩු හොරට වික්කෙ. සුපිරි බයිට් තිබුණා.

      Delete
  17. //ලියන්නට කියා කරදර කළේ කොච්චියාය// කොච්චියාට මාගේ බලවත් මෙව්ව එක.

    ReplyDelete
    Replies
    1. දැක්කනේ...අපි ඇණයක් වෙලා හරි සමාජෙට වැඩක් ඇති දෙයක් කර ගන්නවා

      Delete
    2. ඔව් ඔව් කොච්චියා හොඳ වැඩක් කළේ.

      Delete
  18. තොටගමුවේ රාහුල හිමිගෙ ගුරුවරයා වෑත්තෑවේ හිමි නේද ..??? අර පලා සීන් එකකුත් තියෙන්නෙ ...

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      නැහැ, වෑත්තෑවේ හාමුදුරුවන්ගෙ ගුරුවරයා රාහුල හාමුදුරුවො, රාහුල හමුදුරුවොයි වෑත්තෑවෙ හාමුදුරුවන්ට පළා බෙදුවෙ. තමන් ගුරුවරයාට එරෙහිව යන ගුණමකුවෙක් නොවන බව කියන්ටයි වෑත්තෑවෙ හාමුදුරුවො ඊට පස්සෙ ගුත්තිලය ලිව්වෙ.

      රාහුල හාමුදුරුවන්ගෙ ගුරුවරයා වීදාගම හාමුදුරුවො. වීදාගම හාමුදුරුවො තමයි අර රාහුල හාමුදුරුවන්ගෙ උඩහ වළට යනවා කතාවට සම්බන්ධ...

      Delete
    2. ඇනෝ,රවී.
      ඕකනේ බං,මම ඔය කතාව මතකෙන් ලිව්වෙ වැරදි හදන්න කියල කිව්වෙත් ඒකයි.රවිට බොහොම ස්තුතියි.

      Delete
  19. කොච්චියා කර ඇත්තේ සමාජ සේවයක්‍ ය. හැලපයාගේ පෝස්ට් කියවන්නට බලා සිටින්නවුන් අපමණය.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මට ඇති සතුටත් අපමණය.

      Delete
  20. ඔව්වා ඔය ලාච්චු වැල දාල තියන්න වටින එව්වා නෙවෙයි

    ReplyDelete
    Replies
    1. කාටද බං කියන්නෙ.ගොන්කමට මොනා කරන්නද.

      Delete
  21. කොච්චියා කර ඇත්තේ සමාජ සේවයක්‍ ය. හැලපයාගේ පෝස්ට් කියවන්නට බලා සිටින්නවුන් අපමණය.

    ReplyDelete
  22. රජයේ සේවයත් හෙන ආතල් වැඩක් නෙව බලාගෙන යනකොට...
    බඩු අස්කරනකොට අර අංගජාතෙ හම්බුන එකාට මොනවා හිතුනද දල්ලෑ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගෑණු කෙනෙකුට එහෙම හම්බුනා නං?

      Delete
  23. මැලේ වීදියේ තිබුනේ විභාග දෙපාර්තමේන්තුව නෙමෙයිද මචං? අධ්‍යාපන දෙපාර්තමේන්තුව නෙවෙයි නේද? එහෙම නැතිනං අපායට ගෙනියන්න කලින් අධ්‍යාපනේ ඔතන තිබිලා ඊට පස්සෙ විභාගෙ ඔතෙන්ට ආවද? දැන්නම් ඒකත් තියෙන්නෙ අපාය කිට්‍ටුවම පැලවත්තෙනෙ.

    සුළුදිය පහ කිරීම වැනි සිල්ලර වැඩක්... හුහ්. හෙලා දකිමි. තරයේම හෙලා දකිමි.

    යකෝ හැලපෙ. ඕකෙන් ගන්න මහා පරිමානම වැදගත්ම වැඩේ ඕකයි කියලා තේරෙන්න මුත්‍රා ගලක් හිරවෙලා බලන්න ඕනෙ. මුත්‍රා අඩස්සියක් මුත්‍රා ආසාදනයක්හැදිලා බලන්න ඕනෙ. උඹලා අපි අර ඔජ වඩන මහ වැඩේ මොන තරම් සිල්ලර වැඩක්ද කියලා හිතෙන්නෙ එතකොටයි. ඔය වැඩදෙක සංසන්දනය කරල බලනකොට වතුරයි ඔක්සිජනුයි හරියන්නෙත් නෑ. ඔක්සිකනුයි ආහාරයි තමයි වඩා හරියන්නෙ. ඒ කිව්වේ ආහාර නැතුව දවස් ගානක් ඉන්න පුලුවන්. සමහර විට සති ගානක්. මුත්‍රා නොකර පැය කීයක් ඉන්න පුලුවන්ද?

    තරයේම හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. මුට තාම ගලක් සෙට්වෙලා නැහැ ඩූඩ්..එතකොට තමයි තේරෙන්නේ ලාච්චුවට දාලා වහපු අංගජාතකෙන් හුජ්ජ කරන්න තිබුනා නම් කොච්චර හොඳද කියලා.

      Delete
    2. මං විදෙව්වා බොලල ...සැපකනේ

      Delete
    3. මැලේ වීදියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් විභාග දෙපාර්තමේන්තුවත් තිබුණේ මුණට මුණ බලාගෙනය. පසුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවද ඊට බොහෝ කලකට පසුව විභාග දෙපාර්තමේන්තුවද මැලේ වීදියෙන් ඉවත් කරන්නට යෙදුණා.
      සුළුදිය පහ කිරීම සිල්ලර වැඩක් කියලයි බං ඒ කාලෙ හිතුවෙ.ඕකෙ බාරදුර කමක් අපි දැක්කෙ නෑ.

      Delete
  24. අංගජාතය හොයාගන්න ගියපාර එකට යන්න වුනානේ.ස්පීඩ් තුනෙන් හොද ස්පීඩ් එක මොකද්ද දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි බං මම හිතන විදියට වාහනේ ගියර් මාරු කරන විදියමයි. ඉස්සෙල්ල ස්ලෝ ස්පීඩ් පටන් අරගෙන ඊට පස්සෙ ඊළඟ ස්පීඩ් එකට මාරු කරගෙන අන්තිමට හයි ස්පීඩ් එකට යනව ඇති.

      Delete
  25. මුදලාලි පළමුවෙන්ම කළේ ගොඩනැගිල්ලේ තිබු මසුරන් වටිනා බුරුම තේක්ක ලී සියල්ලම ගලවා පෑලියගොඩ ලී මෝලට ඇදගැනීමය. ////// ha ha ha

    ReplyDelete
    Replies
    1. හිනා නෙවෙයි ඒවා එහෙම තමයි උනේ.

      Delete
  26. දැන් එතන ටැෆික් පොලීසියත් නෑ. ඊට එහා පැත්තේ මහා ඉඩමේ ක්‍රීෂ් එක හරි මොකක් හරි අළුතෙන් හදනවා. උඹ කියපු ගොඩනැගිල්ල ජරාවාස වෙලා තාමත් තියෙනවා. උඹට මතකද ඕකටත් වඩා ලස්සන ගොඩනැගිල්ලක් ඕකේ අල්ලපු වැටේ තිබුනා. ඒක ගිනි තියලා තමයි 88-89 විප්ලවේ ආරම්බ කලේ. කාලයක් ගිනි ගත්ත ගොඩනැගිල්ල එහෙමම තිබුනා. පස්සෙ ඒක කඩා දැම්මා.

    ReplyDelete
    Replies
    1. මතකයි බං.ඒක මේකටත් වඩා ලස්සනයි.ජේ වී පී එකෙන් ගිනි තිබ්බා. උන් රටට දුන්න දෑවැද්ද ඒක තමයි.

      Delete
  27. දැක්කනේ හැලපයියලා අතනම තැග් ගැහිලා හිටියා නම් දැන් බ්ලොග් සම්මාන තියන්න වෙන්නේ කොහෙද?හැලපයියලා එතනින් යාමේ ප්‍රතිපලයක් ලෙසනේ ඔය දැන් කියන වෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය හැදිලා තියෙන්නේ.

    "ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා" පත්තර වලට ලිපි ලියනවානේ.මගේ ගාව ඔහු ලියු පොතක්ද තියෙනවා "අවසන් විසඳුම"කියලා.අර හිට්ලර්ගේ නට්සි වදකාගාර ගැන ලියවෙච්චි.

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ජන් අයිය මෙච්චරකල් ලියල ගන්න බැරිවුණ ජනප්‍රියත්වයක් එයාගෙ දුව චිත්රු ද සිල්වා ගත්තා.දැන් ලංකාදීපෙ ඉන්න ප්‍රියන්ජන් අයියව සමහරු අඳුනගන්නව චිත්රුගෙ තාත්ත කියල.
      දුව මා ප්‍රියකරන ගායිකාවක්. පියා මම ගරු කරන විදෙස් ලේඛකයෙක්.

      Delete
    2. නොදකින් ඒකිගේ සින්දු ගූ හතයි. බැල්ලියක් පැටව් දාන්න අමාරුවෙලා කෑගහනවා වගේ

      Delete
    3. ඇයි බං ඇනෝ...චිතෘ එයාගේ ගමන ස්වාධීනව යනවානේ. ඒක වෙනස් වින්දනයක් නෙමේද...කටහඬවල් නම් එක එක්කෙනාට වෙනස් නේ. මම ඌශා උතුප්ගේ කටහඬත් හරිම කැමතියි.

      හැලපේ....චිතෘ කියලා හරි විදිහට ටයිප් වෙන්නේ නැහැ බං. නැත්නම් මම හොඳ ව්‍යාකාරන කාරයා.

      Delete
    4. සුරේෂ් මට අවුරුදු විසි ගණනකින් හමුවෙලා නැහැ. නමුත් ඔහුගෙ දුව චිත්රූ සහ ඇගේ මව මේ අවුරුද්ද මුල මුණගැහුනා.

      Delete
    5. අරුණ,
      මංජුගේ සංගීතෙට මේ අවුරුද්දෙ ආවෙ චිත්රූ. මට එදා මුණගැහුණා.
      උඹ හොඳම ව්‍යාකරණ කාරය කියල මම නොදන්නවයි. ගණන් ගන්න එපා දැන දැන වරදින ඒවා නොවැ.

      Delete
  28. වෙනදා මෙන්ම පෝස්ටුව එළයැ...
    කොච්චියාට බලවත් මෙව්වා එක...

    ReplyDelete
    Replies
    1. ඒ බලවත් මෙව්වා එකට කොච්චියාගේ සතුට

      Delete
    2. කොච්චිය තමයි අද ස්ටාර්.

      Delete
  29. මැලේ වීදියේ අමාත්‍යංශ ගොඩනැගිල්ලට පොඩි කාලෙ ගියවෙලාවෙ තමයි Lee-Enfield .303 එකක් හරියටම ලඟට බලා ගත්තෙ. ඒ කාලෙ පොලීසියට හා ආමි එකේ හුඟකට තිබුනෙ ඒවා. ඒ ගිය ගමන්වල මතක තුවක්කු විතරයි. විචාරකගෙ පෝස්ට් වල .303 ගැන කියවනකොට මට මතක්වෙන්නේ මැලේ වීදිය

    ReplyDelete
    Replies
    1. .303 කියන්නෙ අර කිලෝ නමයක් බර පරණ රයිපල් ඒක නේද? ඉස්සර අපේ ඉස්කෝලෙ ආමරි එකෙත් තිබ්බා. කැඩටිං වලදී පුරුදු වෙන්න දුන්නෙ.

      Delete
  30. මාතෙගෙ බාසාවෙන් කිව්වොත් අම්මට සිරිලංකාවනෙ.
    හැබැයි දැන් තියෙන තැන හොඳයි. පත්තර රස්සාව නිසා මාත් නිතර යන එන තැනක්

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන තැන ගුණ අගුණ නං මම දන්නෙ නෑ මොකද මම තාම එතෙනට ගිහිං නැති නිසා.

      Delete
  31. ප්‍රියන්ජන් අයිය මෙච්චරකල් ලියල ගන්න බැරිවුණ ජනප්‍රියත්වයක් එයාගෙ දුව චිත්රු ද සිල්වා ගත්තා.දැන් ලංකාදීපෙ ඉන්න ප්‍රියන්ජන් අයියව සමහරු අඳුනගන්නව චිත්රුගෙ තාත්ත කියල.
    දුව මා ප්‍රියකරන ගායිකාවක්. පියා මම ගරු කරන විදෙස් ලේඛකයෙක්.

    ReplyDelete
    Replies
    1. හිතට අමාරු දේ ඒකයි. සුරේෂ් අවුරුදු තිහකට වැඩි කාලයක් ලිව්වා නමුත් දන්නෙ රටේ කීයෙන් කී දෙනාද? නමුත් චිත්රූ ඇවිත් අවුරුදු දෙකයි රටම දන්නවා.

      Delete
  32. හැලපයියා බාබත් ගැන පොඩි විස්තරයක් කරන්නකො...හරක් බොකු වලින්ද ඕක හදන්නෙ...පැරණි චිත්‍ර‍පටි වල නවකථා වල ඉදහිට දවසක බාබත් එක්ක කාපු මනි පිට්ටුවක් ගැන විස්තරයක් තිබුනට වර්තමානයේ නම් අහන්නම නැති තරම්...

    ReplyDelete
    Replies
    1. සිරා බාබත් කියන්නෙ හරක් බොකු තමයි. හැබැයි දැන් නම් වැඩිපුර කියැවෙන්නෙ නෑ. හරක් මස් වලට තියෙන සීමාවන් නිසා වෙන්න ඇති.

      Delete
  33. 1991 වගේ කාලෙ අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රදර්ශණ මධ්‍යස්ථානයක් පටන් ගත්තා. හැබැයි වැඩේ හිතපු තරම් සාර්ථක උනේ නෑ. එතකොට මං වැඩකරපු පලාත් සහාවකට සම්බන්ධ ආයතනයකටත් එතනින් permanent stall එකක් ලැබුනා. අපිටනම් දුන්න අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. කොළඹ කොහෙද ඔය විධියේ office space එකක් හම්බවෙන්නේ. හැබැයි 95 වෙද්දී අපිත් එතනින් office එක අයින් කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒ ඔය මම කියපු මධ්‍යස්තානේ වෙන්න ඇති. කවුරුවත් ඔතන කරපු දේවල් නැගල ගියෙ නෑ.

      Delete
  34. //ඒ දිනවල අපේ දෛනික වැඩසටහන වුණේ උදේට කොටුව ස්ටේෂන් එකේ සිට පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට ඔෆිස් වාහනයෙන් ඇවිත් කට්ටියම කැන්ටිමට එකතුවී උදේ කෑම ගෙන ඉන්පසුව නොයෙකුත් බූත කියවමින් කාලය ගතකර බොහෝවිට දවල් වෙද්දී පොල්හේන්ගොඩ වලේ බාර් එකටද ගොස් ආපහු ඇවිත් දවල් කෑම කා හවස තුන වෙද්දී යන්නට පිටත් වීමය// - මචං මේවට පඩිත් ගෙව්වද ඒකාලේ ?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මචං,පඩි නොගෙවා අපි ජීවත් වෙන්නෙ කොහොමද?

      Delete
  35. උඹ ඔය මැලේ විදියේ හිටියේ කොයි කාලේද බං ? මාත් ඔය පැත්තේ හිටියනේ?

    ReplyDelete
    Replies
    1. මම මැලේ වීදියෙ 1992 සහ 1993 වර්ෂවල හිටියා. කොහොමහරි ප්‍රේමදාසට දෝෂාභියෝගය එද්දී අපි එහෙ.

      Delete
  36. රස වින්දා මචන්.
    ඒත් මේ කතාවල යටිපෙළ දුකයි. රටේ ප්‍රතිපත්තියක්වත් සැලැස්මක් නැතිකම , හිතුවක්කාර දේශපාලන තීරණ නිසා විනාශවෙච්ච දේවල් ගැන උදහාරණ ඕනිතරම්
    (ඔයි පොල්හේන්ගොඩ වලේ බාර් එක අපිටත් හැන්දෑ සෙවනක් වුනා කාලෙක)

    ReplyDelete
    Replies
    1. පොල්හේන්ගොඩ වලේ බාර් එකේ සොඳුරු මතක රාශියක් තියෙනවා තිලකේ. ඔය කාලෙ හවසට එතැනට ගියාම හමු නොවන ප්‍රසිද්ධ චරිත නැති තරම්.

      Delete
  37. ය(ජ)හපාලන සගයිනි,

    වත්මනෙහි සිරනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජයෙහි අළෙවිවන පරිමාවෙන් මිලි ලීටර සත්සිය පනසක් (750 ml) වූ බෝතලයක වන “ගල්” යන අවියත් පදයෙන් හැඳින්වෙන “අති විසෙස්” මත්පැන සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල එක්දහස් සාරසිය සතලිසකි (රු.1,440.00 කි). මිලි ලීටරයක මිල රුපියල් එකකුත් සත අනූ දෙකකි (01 ml = රු.1.92 කි.).

    දුම්කොළ අඩංගු කොටසෙහි දිග මිලි මීටර පනස් පසක් (55 mm) වන “රන්පත්” දුම්වැටියක් සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල පනසකි (රු.50.00 කි). එනම් මිලි මීටරයක මිල ශත අනූ එකක් පමණය (01mm = රු 0.91 කි.).
    මේ නම් රට නැගුමට මුදල් සෙවුම පිණිස “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” විසින් නිමවන ලද මනරම් “අර්ථ සත් නයක්” හෙවත් ආර්ථික ශාස්ත්‍ර/විද්‍යා න්‍යායයකි. මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” අබිමුව නිසැකව අර්ථ සත් නය පිළිබඳ වෙසරද ඇඩම් ස්මිත්හු සහ මාක්ස්හු පවා පසුබාති. එසේම වසර දෙදහස් දහසය සඳහා වන “අර්ථ සත” හෙවත් ආර්ථික ශාස්ත්‍රය/විද්‍යාව පිලිබඳ නොබෙල් තෑග්ග මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” වෙත ලබන වසරේදීවත් පිරිනැමෙනු නිසැකය.

    ය(ජ)හපාලන සගයිනි, මේ දෙබාන වෙත නිසැකව ලැබෙන බුහුමනින් තොප මෙන්ම රටද අමන්දානන්දයට පත්විය යුතුමය. එබැවින් අවම ලෙස අට දෙනකුවත් එකතුව “අති විසෙස්” මත්පැන් බෝතලයක් සහ “රන්පත්” දුම්වැටි අටක් සඳහා මුදලින් සම්මාදම්ව මේ දෙබානෙහි මව් පියන් ද සිහිපත් කරමින් මේ සතුට දැන්ම සැමරුව මනාය. කටගැස්මට අඩුම මිලැති “චිප් අල” (potato chips) වැනි දෑ නොසෙව්ව මනාය. මක්නිසාද යත් දුරුතු මස අටවැනි දින බැස්ම ඇරඹි “ය(ජ)හපාලන විප් - අල” දැන් නොමිලේම ලැබෙන බැවිනි.

    ය(ජ)හපාලන සගයිනි, සාදය ලබන වසරට කල් දැමීම නොමනාය. මක්නිසාද ලබන වසර වනවිට කටගැස්මට පමණක් නොව තුන් වේලටම කන්න ලැබෙන්නේ පානුයි ලුකයි බව පෙනෙන බැවිනි. එය නිසැකව කට කැස්මට නම් හේතුවේ.

    අවසන මා වැනිම කා බිව් දිවංගත “සිතුම් ජයසෙනයන්” උපුටා දක්වමි.
    “ඇත්තෝ කති බොති සුඛති. නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.”

    - මයුරවිල මි.

    ReplyDelete
  38. අමරදේවයන් පිළිබඳව අජිත් පැරකුම් ජයසිංහ විසින් "අමරදේව, ස්කොට්ලන්තය හා මාලදිවයින" යන ශීර්ෂය යටතේ 2016.11,05 පලකළ පොස්ටුවට මා විසින් ඉහත කමෙන්ටුව යොදන ලද අතර එයට පිළිතුරු ලෙස අරුණ පෙරේරා විසින් පලකරන ලද පොස්ටුවට පිළිතුරු ලෙස මා විසින් ඔබවද සම්බන්ධ කරමින් මෙම පොස්ටුව පලකරන ලදී.

    "අරුණ,
    තවත් දෙයක් කියන්න ඕනෑ. මේක අපහාසයක් නෙමෙයි. ලංකාවේ හොඳම කුණුහරප කතා දන්නා පොරවල් දෙකක් හිටිය. එක්කෙනෙක් ගංගොඩවිල අප්පුහාමිලාගේ ටිකාදාස වික්‍රමසිංහ අනික් කෙනා අමරදේව.

    මේ දෙන්නම සහ මේ පිලිබඳ විශේෂඥයෝ අනූගණන්වල මුල - මැද වගේ යම් එකඟතාවයකට ආවා මේ ගැන සංගායනාවක් තියල ඒ දවස්වල විසිගණන් වල මැද හිටපු අපිට මේක බාර දෙන්න. නමුත් මචං එක එක මගුල් නිසා මේක කල්ගියා ජිට්ට (ගංගොඩවිල අප්පුහාමිලාගේ ටිකාදාස වික්‍රමසිංහ) මැරුණා.

    සමහරවිට හැලපෙට මේක මතක ඇති. ජිට්ට ගැන ලියන්න කියල හැලපෙට ආරාධනා කරනවා. ඒකට අඩුගානේ හැලපෙට පොස්ට් 25-30ක් වත් දාන්න වෙයි.

    - මොණරවිල "

    ප.ස. : මයුරවිල යනු යම් වියත් බසෙකින් ලියන කළ මා භාවිතා කරන නාමයය.

    ReplyDelete
  39. මගේ ප්‍රශ්නය, ලාච්චුවේ දාපු අන්ගජාතය දැන් කෝ?
    අනිත් අන්ගජාතය, ඔන්න ඔහෙ අහන්න ඕනැ නෑ

    ReplyDelete
  40. කොච්චියාගේ වදයට හෝ හැලපයියා ලිවීමට උනන්දු වීම අගනේය ... මට පෙනෙනා ආකාරයට කොච්චියා සහ හැලපයියා අමුතුම සුසංයෝගයකි !

    කිව්වත් වගේ ප්‍රේමේගෙන් වැඩ ගත නවලෝක මුදලාලි වැනි දේසපාලු හෙන්චයියන් අදටත් එමට ඇත්තේය ....

    ReplyDelete

ඔබේ අදහස්