පළමුවෙනි කොටස
අපි දෙන්න රහසිගතව සොයා ගෙන යනකොට දැනගන්නට ලැබුණු විස්තරය මෙහෙමයි...
ඔය මනමාලය කාලෙකට ඉස්සෙල්ල බඳින්න කියල නිවාඩු ඉල්ලගෙන ඇවිදින් සති දෙක තුනක් ගමේ රස්තියාදු ගහල ගිහින් තිබිච්චි නිසා මෙදා සැරේ මඟුලට කියල නිවාඩු ඉල්ලන්න විදියක් නැති තැන ගෙදර යන්න නිවාඩු ඉල්ලලා ...ඒ නිවාඩුව අනුමතවෙලා නැහැ, මඟුල දවසෙත් මිනිහට ඩියුටි කරන්න වෙලා...
මනමාලයගේ පැත්තෙන් ඇවිත් හිටපු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඇතුළු වැඩිහිටි උදවිය දන්න දන්න ලොකු අයට කතා කරලා මනමාලයව කෑම්ප් එකෙන් මුදා ගැනීමේ මහා මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනව...
ඒ මෙහෙයුමේ ප්‍රතිපලයක් විදියට මනමාලයට සතියක් නිවාඩු දීල කෑම්ප් එකෙන් මුදා හැරලා...ඒ වෙනකොටත් මගුලට පැමිණෙමින් සිටිනවා...මනමාලය ඒ වෙනකොට ඉන්න තැන නිශ්චිතවම හොයාගන්න විදියක් තිබුනෙ නෑ ඒ දවස්වල අද වගේ හැම කෙනා අතේම මොබයිල් පෝන් තිබුනෙ නැති නිසා...
ඒ කාලෙ මොබයිල් පෝන් එකක් තිබුනෙ කලාතුරකින් කෙනෙක් අතේනෙ...මොබයිල් කිව්වට ඒවා අර ගඩොල් ගෙඩි තරං විශාල එලියට ඒරියල් එකක් විහිදුනු හෙනට බර භාන්ඩයක්...
මනමාලය එන බව සහසුද්දෙන්ම දැනගත්තට පස්සෙ පිළියෙළ කරලා තිබුණු ආකාරයටම මඟුල් උත්සවය පැවත්විලා...
ඔන්න ඔය ටික තමයි පැයක් විතර මහන්සිවෙලා රැවුලයි මමයි හොයාගත්තේ...
කෑම කාලත් ටික වෙලාවකට පස්සෙ ආපු අය එකා දෙන්න ගෙවල්වලට යන්න පල්ලම් බහිනව, වෙලාව හතරටත් කිට්ටුයි...
අයියෙ ඔයාලත් දැන් යනවද...
සරෝජිනී ඇවිත් මගෙන් ඇහුවා...ඇයව දැක්කහම මට හරිම දුකක් ඇතිවුනා...
නෑ නෑ අපි කොහෙවත් යන්නෙ නෑ ඔයා බය නැතිව ඉන්න...
එහෙම කියල මම අපේ අනික් යාළුවො ටිකට කතාකලා...
මේ කෙල්ලව මෙතන අතඇරල අපි යන එක හරි නෑනෙ...වැඩේ මොකක් හරි පිළිවෙලක් වෙනතුරු අපි කට්ටිය ඉම්මු...
බිරිඳටත් කතාකරල යන කට්ටියත් එක්ක යන්න ලැස්ති කරල දුන්න දුර යන්න එපායැ...කලින් කතාවෙලා හිටියෙ මඟුල ඉවරවෙලා අපි දෙන්න ජෝඩු දාල බිරිඳව ඇරලවන්න එහෙ යන්න...
අන්තිමට ඉතුරුවුණේ අපි ටික විතරයි...ඉන්න ගමන් කරන්න දේකුත් නැති නිසා තව බෝතල් දෙකක් ගෙන්නගත්තා...
ඔය බෝතල් බොමින් ඉන්න අතරෙ අර මම කලින් ගියපු මඟුල් ගෙදර ජෝඩුව,ඒ ජෝඩුවත් රෑ නවතින්න අපි හිටපු හෝටලේටම ආවා...
ඔහොම ඉඳල ඉඳල අන්තිමේදී හවස හතහමාරට විතර මනමාලය සුභ නැකතින් හෝටලේට පය තැබුවා කියන සුභ ආරංචිය ලැබුනා...ඒ වෙනකොට අපට ටවුමට යන්න බසුත් නෑ එකෙක් ගිහිං කුලී කාරෙකක් ගෙනාව...අපි ජෝඩුවගෙන් සමුගන්න ගියාම හිටියෙ මනමාලි විතරයි මනමාලය එතනම කාමරේකට වෙලා මෙලෝ සිහියක් නැතුව බාගයක් ගහනවා...
අපි ටික කාර් එකේ ටවුමට ඇවිත් කෝච්චියෙ යන අය ස්ටේෂන් එකට දාල බස්වල යන අය බස්වලට නග්ගල මම පයින්ම ගෙදර යන්න පිටත්වුනා...
එදා හරියටම ජනාධිපති ප්‍රේමදාසගෙ අවමංගල උත්සවය පැවැත්වුණු දවස...ටවුමේ ඉඳල ගෙදරට යනතුරුම පාර දෙපැත්තෙ ගෙවල්වල තිබුන ටී වී වලින් ජනාධිපති ආර්යාවගේ නන්දෙඩවිල්ල නොනැවතීම ඇහුනා...
බැඳල වැඩිකල් නොගිහිම්ම සරෝජිනී මවක් වෙන සුබ ලකුණු පෙන්නුම් කලා...පුරපසට මෝරන සඳසේ ඇගේ බඩ විශාල වෙනකොට අපිත් එක්ක ගිය කට්ටියගෙන් හරි සැළකිලි...කන්න ආසා දේවල්, බත් පාර්සල් ආදිය නොකඩවාම ඇයට ලැබුණා...
දවස් සති මාස කෙමෙන් කෙමෙන් ගෙවී ගියා...වැහි කාලෙ දවසක වැඩ ඇරිල එද්දි තෙමීගෙන ගෙදර ගිය සරෝජිනී එහෙම්මම පීල්ලෙන් වැටෙන වැහි වතුරෙන් නාගත්තා, මේ වැඩේ ඇයට හොඳට පුරුදුයි...නමුත් වෙනද වගෙ වැඩේ හරිගියෙ නෑ සීතල වැඩිවෙලා සන්නියක් වගෙ හැදිල ඇඟ ඉදිමෙන්නට අරන්...ගෙදර අය ඉක්මනටම සරෝජිනීව ඉස්පිරිතාලෙට ඇතුල් කලහම කොළඹට මාරුකරල...අසිහියෙන්ම ඇයට ප්‍රසව වේදනා ඇවිත් තිබුණු නිසා ඒ රාත්‍රියෙම සීසර් කරල දරුවව අරං තියෙනවා...
සරෝජිනී රෝහලේ සුවපත් වෙමින් ඉන්න දවස්වල අපි ඇයව බලන්න ගියා...අපිත් එක්ක කෝච්චියෙ ගියපු රාජා වැඩකළේ එම් ආර් අයි එකේ...රාජා සරෝජිනීලගෙ තාත්තගෙන් අහනව...
අඩු මාසෙන් නේද අන්කල්...
නෑ නෑ පුතා දින ගණං හරි...
සරෝජිනීගෙ තාත්ත බොහොම විශ්වාසෙන් රාජට උත්තර දුන්නා...අපට මේ කතාව හරිම ප්‍රහේලිකාවක් ඒ වෙනකොට සරෝජිනී බැඳලත් මාස හතකට වඩා ගතවෙලා තිබ්බෙ නෑ...
අපට ඔය ගැන යම්කිසි උපකල්පනයක් විතරක් තිබුණා පසුකාලීනව සරෝජිනී ආපහු කෝච්චියෙ යන්න ආවට පස්සෙ ඒ උපකල්පනය ස්ථිර කරගන්න ලැබුණා...
මඟුල ගද්දිත් සරෝජිනීගෙ බඩට මාස දෙකක්, මනමාලයා ඒ දවස්වල මඟුලට කියල බොරුවට නිවාඩු අරං ආවට ඇත්තටම මදුසමයක් ගත කරලයි ගිහිං තියෙන්නෙ... හදිසි කරල මඟුල ගන්න ඕනැවුණේ තව ටිකක් දවස් ගියානං බඩ වසංගන්න බැරිවෙන නිසායි.
මමයි බිරිඳයි දවසක් අලුත උපන් දුව බලන්න සරෝජිනීලගෙ ගෙදර ගියා...කිරිඳිවැලට ගිහිං තවත් බස් එකක නැගල කිව්ව තැනිං බැහැගත්තා...සරෝජිනීලගෙ ගෙවල් කොහෙද කියල ඒ හරියෙ අයගෙන් අහපුවම කිසිකෙනෙක් දන්නෙ නෑ... උදේ හවා ඒ පාරෙන් වැඩට යන කෙනා ගැන දන්නෙ නෑ කිව්වම අපට හරි පුදුමයි...
අන්තිමේදි විස්තර කියල හැඩහුරුකං කිව්වට පස්සෙ එක්කෙනෙකුට මතක් වුණා...
ආ... මේ කියන්නෙ කුමාරිනෙ...
කුමාරි කිව්වම නං ගමම දන්නවා අපට ගේත් පෙන්නුවා...
කාලෙකට පස්සෙ දවසක අපේ සෝමෙට සරෝජිනීව හම්බවෙලා...
අපිත් වෙලාවක එන්නංකො බබා බලන්න...
ඒ වෙනකොට ළමය ගොඩක් ලොකුයි...
ගෙදර එන්න කරදර වෙන්න එපා සෝමෙ අයියෙ...මොන්ටිසෝරියෙ ගේට්ටුව ලඟට ආවොත් ළමය බලාගත්තහැකි...
ඔන්න මට කතාවක් මතක් වෙනවා...ඒකත් කියලම ඉන්නංකො...
අපේ ගමේ හිටපු වඩුවා තමා අමරෙ, වැඩක් කරවගන්න එහෙම හරි අමාරුයි...දවසක් නාරංවත්තෙ මනුස්සයෙක් අලුත උපන්න දරුවට තොටිල්ලක් හදන්න අමරෙට බාරදීලා...
මේ මනුස්සය අනේ දවස ගානෙ අමරය හම්බවෙන්න එනව තොටිල්ල හදලද බලන්න...
මොන...අත තියලවත් නෑ...
හරි හරි දවස් දෙකකින් එන්ඩකො මම හදල තියන්නං...
අර මනුස්සයත් හැමදාම ඇවිත් හිස් අතින් ආපහු යනව...
දිගින් දිගටම ඇවිල්ල එපාවෙච්ච පාර මිනිහ වැඩේ අතෑරල දාල නිකං හිටියා...ඊට පස්සෙ ආවෙ නෑ...
ඔහොම කාලයක් ගියාට පස්සෙ දවසක්දා ටවුමෙදි අමරෙට තොටිල්ල හදන්න දීපු මනුස්සයව හම්බවෙලා...
ආ...මං අර තොටිල්ල හෙට අනිද්දට හදල දෙන්නංකො...
අනේ...බාස් උන්නැහැ දැන් ළමය මොන්ටිසෝරිත් යනවනෙ...
ඉතිං කතාව ඕකයි... මගේ මිම්මෙ හැටියට නං සරෝජිනී ආදරය ඉන්ෂුවර් කරගන්න නොහිතපු ආදරයට ආදරය කරපු කෙල්ලක්...
එදා අපි බලන්න ගියපු දුව දැන් ඒ ලෙවෙල් කරනව කියල දවසක ස්ටේෂන් එකේදි හම්බවුනු වෙලාවෙ සරෝජිනී මට කිව්වා...ඒ දුවට බාල තව පුතෙකුත් ඉන්නවලු.
මේ ඊයේ පෙරේද පත්තරේ තිබුනෙ දෙන්න කසාද බැන්දයින් පස්සෙ නර්ස් කපල් එකේ ලමයව අතට දෙනව.
ReplyDeleteමගුල් උත්සවයත් වීඩියෝ එකක තිබුනා
Deleteසරෝජිනී හනීමූන් ගිහිල්ලනේ වෙඩිමට කලින්. ඒ කාලේ එහෙම උනාට දැන්නම් පුදුම වෙන්න දෙයක් නෑ. වෙඩිමට ඉස්සෙල්ලා තමයි වෙඩින් පොටෝ ගන්නේ. එතකොට ෆිල්ම් එකකුත් හදනවා. තව ටික කාලේකින් මදුසමයත් වීඩීයෝ කරාවී, ඒක විකුනලා වෙඩිමට වෙන ණය ටික කවර් කර ගන්න බැරිය.
ReplyDeleteමමත් මේ බොහෝම මැතක ගිය මගුල් ගෙදරක, මනමාලිට බබෙක් හම්බ වෙලාලු.. මට ෂුවර් නැති නිසා. වෙඩින් කාඩ් එක හොයාගෙන බැළුවා. බැඳලා මාස පහයි..
එතකොට හැලපේ පොඩි එකා අම්මට වඳින්න ඕන... "පස් මාසේ උරේ කත්වා...." කියලද..
ඔතනත් මනමාලයා හමුදාවේ එකෙක්. කකුලකුත් නෑ.. ඔය හමුදාවේ උන් පැදුර පෑගුවත් ඇති කියනවා නේ.. සමහර විට මූ මනමාලි බලන්න ගිය වෙලාවක. ඒකී නිදාගන්න පැදුරෙ මොනවා හරි වේලෙන්න දාලා, ඒක මූට පෑගුනාවත්ද දන්නෙ නෑ.. හැබයි මනමාලී පෝරුවේදි ඇදගෙන වැටුනෙත් නෑ.. මේවා හරි නම් ගිනස් පොතට යන්න ඕන කාරනා..
අපේ තව නෑ වෙන පුතෙක් බැන්දා.. අවුරුදු එකහ මාරක විතර ගිහිනුත් ළමයි නෑ. ගුරුකං, බෝධීපූජා, දේවාල ගානේ යන ඒවා හෝ ගාලා. ඒත් නෝ බබා.. මම කොලුවගෙන ඇහුවා උඹ ගෑනී එක්ක සෙල්ලම දාන්නේ කොහොමද කියලා.. දෙන්නම වැඩට ගිහින් මහන්සිවෙලා එන නිසත්, සෙනසුරාදා ගෙදර වැඩ කරලා මහන්සි නිසාත්.. මුන් දෙන්නගෙම හැදියාව නිසාත්,, (යෝජිත් මගුලක්) ඉරිදා රෑට විරලු සෙට් වෙන්නේ...
මම කිව්වා. ඔහොම කොහොමෙයි යකෝ බබ්බු හදන්නේ හැමදාම රෑටයි, කුණු කෙල පිටින් උදේටයි දෙන්නා එක්ක පොර කාපිය කියලා.. ඕන දැන් අරකි බඩින්.. මට බය තියෙන්න මුන් දෙන්නා බබත් අරගෙන අපේ ගේ වටේ යයිද කියලා.. බාප්පා දුන්න දරුවා කිය කියා...
දැන් අරකද පෝස්ට් එක..මේකද පෝස්ට් එක.. :D
Deleteමාරයා මලයගෙ කතාවම මටත් හිතුන.
Deleteමොනව උනත් මේකත් පට්ට රසය.
යකෝ කතාවත් හරි මාතලන්ගෙ කට කැඩිච්ච කමෙන්ට් එකත් හරි !
Deleteහි හි
Delete@ මාතලන්
Delete+++++++++++
මචෝ මේක මම පෝස්ට් එකක් විදියට දානවා...
Deleteදැන් ඉතිං මේක පෝස්ට් දාලා වැඩක් නැ මාතලන්... එතකොට අපිට කියන්න වෙන්නෙ රිපීට් ටෙලිකාස්ට් කියලා තමයි... හි හි
Deleteමෙහෙම්මම නෙමෙයි.. ඕන් ඇඹුල් තියාල් එහෙම වැඩුපුර දාලා දැම්මා.. ඇහැක් වෙලාවක ඇවිත් යන්නකෝ...
Deleteමේ නිසාම මාතලන්ට පෝස්ට් එකක් ලියන්නත් ලැබුනනෙ,ඒ ගැන තමයි මට සතුටු.
Deleteපට්ටම රහට ලියල තියනවා හැලපයියේ... අනේ සරෝ අපි නොදන්න චෙස් කියල තමා කියන්න වෙන්නේ...
ReplyDeleteස්තූතියි නලීන් රස නං එච්චරයි
Deleteඅවංකවම කිව්වොත් ඉතාමත් කණුගාටුදායක කතාවක් මේකනං...
ReplyDeleteඑක්කෝ බොක්කෙන්ම තියෙන ආදරයක්.. නැත්තං සරෝජිනී කියන්නේ කසාදයක් කරගන්න මිනිහෙක් හොයාගන්න අපහසු මට්ටමේ දිළිඳු අවලක්ෂණ හෝ කුල මල කේස් එකක් හරි මොනවා හරි තියෙන කෙනෙක් වෙන්න ඕන.. ඒ දෙකෙම නෙවෙයිනං මේකත් අර බණ පොත්වල තියෙනවා වගේ සංසාරගත කරුමයක් වෙන්න ඕන... මඟුල් දවසේ මිනිහා නැතිව එව යන දෙනෝ දහක් ඉස්සරහා අඩා වැටෙන්නේ නැතිව ඔය තරමට කෙලින් කටින් ඉන්නනං ඒකි යකඩ ගෑණියෙක් වෙන්න ඕන...
මට හැමදාමත් තියෙන ප්‍රශ්නයක් තමා ඇයි මේ අපේ රටේ උන් විඳවන්න වෙනවා කියලා දැන දැනත් මොකාක් හරි මගුලක් කරගන්නේ..සහ විඳව විඳවා ඒකෙම ඉන්න එක සැපයි කියලා හිතලා දික්කසාදයක් ගැන නොහිතන තරමට ඒකට බය ඇයි කියන එකත්... පුදුම රටක්.. පුදුම මිනිස්සු ටිකක්...
"මේ රටේ මිනිස්සූ......
Deleteතනිකර කෙලින්නේ පිස්සූ...." //
- තහනම් කරන ලද, ලංකාවේ ජාතික ගීය
ඉතිං බං උත්තරය තියෙන්නේ මාස 7න් ළමය හම්බවෙන්න දින හරි කියලා.
Delete"මට හැමදාමත් තියෙන ප්‍රශ්නයක් තමා ඇයි මේ අපේ රටේ උන් විඳවන්න වෙනවා කියලා දැන දැනත් මොකාක් හරි මගුලක් කරගන්නේ..සහ විඳව විඳවා ඒකෙම ඉන්න
Delete"
මටත් ඕක නිතරම හිතෙනවා අපේ රටේ මිනිස්සු ගැන ..... හැබැයි මගුලක් නිසා නෙවි රටගාය හේතුව නිසා
මාරෙ නියම තැනින් කතාව අල්ලගෙන තියෙනව,සරෝජිනී බොහොම හිත හයිය කෙනෙක් ඒ කතාව සහතික ඇත්ත.
Deleteබැඳගත් බෙරේ කොහොමහරි ගහන්න ඕනෑ කියල දුක් විඳින ජෝඩු කොච්චර රටේ ඉන්නවද
කොහොම උනත් අමාරුවේ වැටෙන්නේ නැතිව කසාද බැඳපු එක ලොකු දෙයක්. කොල්ලත් බොරු කාරයෙක් නෙවෙයි. කොන්ට්‍රෝල් නැති පොරක් හැක් හැක් හැක්
ReplyDeleteඒ කතාවත් ඇත්ත කෝරළේ මහත්තයො,ඌ කොන්ට්‍රෝල් නැති පොරක් තමයි.
Deleteමාරය කියල තියෙනව වගේ මගුල ඉවරවෙනකල් මනමාලි ඒ විදියට හිටියනං මාර මනුස්සයෙක් තමයි.
ReplyDeleteඇත්තෙන්ම ප්‍රසන්න ඒ විදියටම තමයි සිද්දවුනේ.
Deleteමාර කතාවක් නේ.
ReplyDeleteදිලිනිට පුදුමයි නේද
Deleteගෙදරකට වද්දගන්න පුලුවනෑ...බෝතලෙකුත් කඩලා නොවැ ඉතින් ගමන අහවර වෙන්නෙ...ඒ නිසා වෙන්න ඇති මොට්ටසෝරිය ලගට එන්න කියන්න ඇත්තෙ....
ReplyDeleteකෙල්ල සෝමයට විහිළුවක් කලේ සිරෝ
Deleteඅපෙත් දන්න කෙනෙක්ට ඔහොම බදින්න උනා බබා හම්බවෙන්න ඉද්දි ,, බබා හරියට මාස නවයෙන් හම්බුනා එත් මිනිස්සුන්ට කිවුවා අඩුමාසෙන් හම්බුනා කියලා ,,
ReplyDeleteඔයා ලස්සනට ලියලා තියනවා ඒ වගේම කෑම ෆොටෝ නැතුව කතාවක් ලිවුවට තෑන්ක්ස් කඩේ අයියේ
බැද්දාම රස ඇති නේද කෙළිච්චියේ....ඕකට අපි ඉස්කෝලේ යන කාලේ කිව්වේ තැපැල් ඡන්ද දානවා කියලා.
Deleteහොද නැහැ අප්පා ඔයා :-( ඈ ...තැපැල් චන්දේ හි හි
Deleteස්තූතියි ඔමා,ඔයා කැමතිම නෑ නේද මම කෑම ගැන පෝස්ට් දානවට
Deleteඉරිසියයි අයියේ ,, ඒකයි දැවිල්ලට කන්න ආසයි ,,එත් මන් එක එක දේවල් එහෙම හදද්දී සීයට කිබුහුම් යනවා ,බොරුවටත් මැරෙන්න හදනවා ,, ඒ නිසා හිත හදාගෙන පැණි රස කනවා ,,ගෙදර යද්දී අම්මට කෝල් කරලා කියන්නේ ,, හුරුල්ලෝයි බලමාලුයි මිරිසට උයලා ,දෙල් කිරට උයලා ,මිරිස් කරල් බැදලා ,, අගුණ කොළ මැල්ලුමක් හදල තියන්න කියල බද දෙල් වෙනකල් කන්න :-(
Deleteරසකතා ස්ටොරියක් බං හැලපයියේ උඹ නම්.
ReplyDeleteපට්ට ලියවිල්ල ඈ...
කලබලේට මනෝජ් වචනත් පටලවාගෙන,ස්ටොරියක් නෙවෙයි ස්ටෝරුවක් වෙන්න ඕනෑ නේද
Deleteහැබෑ නෙන්නම්.
Delete//අපි ජෝඩුවගෙන් සමුගන්න ගියාම හිටියෙ මනමාලි විතරයි මනමාලය එතනම කාමරේකට වෙලා මෙලෝ සිහියක් නැතුව බාගයක් ගහනවා...//
ReplyDeleteඔහොම මී හරකෙක් එක්ක යාලු උනොත් ඔය කට්ට කන්න වෙන එක අහන්න දෙයක් යැ.. ආදරයක් කෙසේ වෙතත්, ඔය වගේ මෙළෝ වගකීමක් නැති මිනිහෙක් එක්ක සරෝජනී ගත කරන්න ඇත්තේ ජීවිතයක් නෙවෙයි හැලපයියේ, පෙර කරුමයක්...
+++++++++
Deleteහිරුට මම උඩින්ම එකගයි... මම හි.. හී ඇනෝ.....මගුල දවසෙත් බොන එකා කාලකන්ණියෙක් තමයි...
Deleteහිරුට ලෙල්ලටම තදවෙලා ඉන්නව දැක්කමයි,ඔයාගේ කතාව මම සම්පූර්ණයෙන්ම අනුමත කරනවා
Deleteකවුද දන්නේ ඌ බැන්දට පස්සේ බීම නවත්තනවා කියලා හිතාගෙන, ජීවිතේ අන්තිම ෂොට් එකද එච්චර උනන්දුවෙන් දාගත්තේ කියලා :D
Deletefirst f*** u Hiru!!!! for your comment.
ReplyDeleteAnd now this is to u halape - i'm in KSA for last 4 years & regular follower of all blogs.
and to be very frank w u, this is the best blog I ever read (other than Ravi's)
let me know how much your salary & I will pay for one whole month for you to just get no pay leave & write continuously for one month!(at least 2 post per day)
Nice tread in Sinhala blogsphere, I quite like it.
DeleteFor Halape, it's a just a matter of crossing the border from Oman to Saudi to work for this Ano reader.
Ano must be really rich to pay Halape in Oman Rials from Ano's Saudi rials.
මෙන්න මරු වැඩක්. සිංහල බ්ලොග් කලාව මෙතරම් දියුණු වීම ගැණ ඉතා සතුටියි.
Deleteදැන් හැලපේට හැකියි ඕමානයේ සිට දේශ සීමාව පැනලා සවුදියට ගිහින් ඇනෝට වැඩ කරන්න.
ඕමාන් රියාල් එකකට සවුදි රියාල් දහයක් නේද? මරු!
correction: tread = trend
Deleteඇත්තෙන්ම ඔබ කර ඇත්තේ හුදෙක් මට පමණක් නොව සියලුම බ්ලොග් කරුවන්ට ගෞරවයක්,ඔබගේ නම නොමැතිවීම ගැන කනගාටුයි නැතිනම් නමින්ම අමතන්නට තිබුණා.
Deleteඔබ විසින් කරන ලද මේ ගෞරවය සියලුම බ්ලොග්කරුවන්ට උපහාරයක් වශයෙන් මල් කළඹක් ලෙස ඔවුන්ට පිළිගන්වන්නට මා සතුටුයි.
මට හැකි පමණ වේගයෙන් ලියා පලකරන බව ඔබට දන්වන්නට කැමතියි.
මේ සම්බන්ධයෙන් අදහස් පලකල කකාටත් බොහොමත්ම ස්තූතියි
ගෞරවේ කිව්වෙ first f*** u Hiru කිව්වටද?
Deleteදැං කාලෙ නං ඔය වගෙ එල් බී ඩබ්ලිව් වැඩ වෙන්නෙ නැතුව ඇති.. ඒ මොකද ඔවුව වලක්වාගන්න ක්‍රම හැමෝම දන්නවානෙ.. ඇරත් දැං ඉතින් බඳින්න මාස ගනනකට කලිං නෙවෙයි යාළුවෙලා දවසෙන් කාමර හොයන ආදරේනෙ තියෙන්නෙ.
ReplyDeleteදැන්නං මේ වගේ අමාරුවෙ වැටෙන්න අවශ්‍ය නෑනෙ සරත්
Deleteහලපයියේ මැලේසිය අවොත් මතක ඇතුව මාව හම්බවෙලා යන්ටෝ
ReplyDeleteනොවැරදීම එන්නං
Deleteහැලප්ස්..........මට සරෝජිනි ගැනනම් කනගාටුයි ඇත්තටම.මම එතරම්ම සම්ප්‍රදායිකව හිතන කෙනෙක් නෙමේ. එදත් එහෙමයි. තාමත් ඒ වගේ කියලා හිතනවා. අපි සෑහෙන්න කාලයක් ලව් කරලා තමයි බැන්දේ. අපේ වෙඩින් ෆොටෝ එකේ නොපෙනුනාට තුන් දෙනෙක් ඉන්නවා. සමහරුන් ඔහොම උනාම ඉපදෙන්න ඉන්න කෙනාව විනාශ කරනවා වෙඩිමෙන් පස්සේ හදන්න.ඊට වඩා හොඳයි නේද මෙහෙම කරන්න පුලුවන් නම්. සම්ප්‍රදායන් හින්දම සමහර වෙලාවට මිනිස්සු සදාචාර විරෝධී, සමාජ විරෝධී වැඩ කරන්න පෙලඹෙනවා කියලා මට හිතෙනවා.
ReplyDelete+++++++++++++++
Deleteමමත්.. මගෙත්..
අරූ පුද්ගලයෝ නොයෙකුත් සමාජ විරෝධී වැඩ කරන්නත් පෙළඹෙන්නේ සමාජ සම්මතයන් විසින් ඔවුන් මත පටවන බලපෑම නිසයි කියල මම නම් හිතන්නෙ
Deleteතනිකඩ කාන්තාවක් තමන්ගේ ආදරය කසාදයෙන් ඉන්ෂුවරන්ස් කරගන්න දඟලන්නේ ගෑණු අයට තියෙන මානසික ලෙඩක් හින්ද කියල හිතනවද හැලපේ..?
ReplyDeleteමෙතැනදී සරෝජනී ඇයි බඩ ගොඩක් වැඩි වෙන්න කලින් මගුල ගත්තේ..??
මේ සේරම කරන්නෙ මේ සමාජය නිසා.. සරෝජනී නොබැඳ දරුවා වැදුවා නම් නැත්නම්,බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා පේනකන් ඉඳලා කසාද බැන්දා නම්,ඒ ගෑණු කෙනාට අපේ මිනිස්සු ළමයවත් හදාගෙන පාඩුවේ ඉන්න දෙයිද..??
අපේ මිනිස්සු තරම් අනුන්ගේ දේවල් හොයන, කතන්දර හදන මිනිස්සු කොට්ටාසයක් තවත් ඉන්නවද..??
ඒ නිසා "කසාදය" කියන එක ආදරයේදී පණවන කොන්දේසියක් කියලා කියන්න එපා හැලපේ.
නැහැ මම කිසිසේත්ම එහෙම කියල නෑ
Deleteතව දෙයක්, තමන් ආදරය කරන කෙනා කා ළඟ හිටියත් කමක්නෑ කියලා ආදරය කරන අය කොච්චර නම් ඉන්නවද..?? ඒත් එහෙම දේකට අපේ අය කියන්නේ මොකක්ද "අසම්මත ආදරය".
ReplyDeleteඒකනෙ මම කිව්වේ කසාදය එකක් ආදරය එකක් කියල
Deleteඇයි සමහර පොඩි උන් අඬනවා කියන්නේ. අම්මගෙයි තාත්තගෙයි වෙඩිං පොටෝ එකේ උන් නැතෙයි කියලා.. ඉස්සරහට නම් එහෙම වෙන එකක් නෑ මයෙ හිතේ... අර කාසල් එකේ ගත්තු වෙඩිං පොටෝ එකේ පොඩි එකත් ඉන්නවනේ...
ReplyDeleteමාත් දන්න තැනක අඩු මාසෙන් ළමයෙක් හම්බුනා , මාස පහෙන් හයෙන් වාගේ , එ ළමයගේ බර කිලෝ තුනටත් වැඩියි කියලා තමයි කට්ටිය කතා උනේ
Deleteඑතකොට වෙඩින් පොටෝ එක කියනවද ෆැමිලි පොටෝ එක කියනවද මාතලන්
Delete@අටම්
Deleteඒකත් පූර්ව නිෂ්පාදනයක් නේද අටමො
ජප්පො 90 ගණන්වල මම දැකල තියෙනව ලොකු ළමයි ඉද්දි වෙඩිම අරන්,ළමයි දෙපැත්තෙ තියන් ගත්ත වෙඩින් පිංතුරේ ගෙදර තියන් වර්ණනා කරන අපුරුව.
ReplyDeleteහැබැයි එයාලගෙ ළමයි එහෙම නැහැ.20 සෙන් පස්සෙ ගෙදරින් වෙන් වෙලා කොල්ල එක්ක එකට ඉන්න ගමන් FB එකට හලනවනේ,
එක ගෙදර වලදන හැටි.
රටින් රට පිළිවෙල වෙනයිනේ කෙන්ජි
Deleteඔක්කොමත් හරි අර මොලා ඔක්කොම තියෙද්දිත් බගෙකට සෙට් වෙච්ච එකනෙ වැඩෙ
ReplyDeleteඋගෙ කකුල් ගැහෙන්න ගන්න ඇති නේද දමිත්
Deleteසරෝජිනී නම් ඇත්තෙන්ම හිත හයිය ගෑනියෙක් වෙන්න ඕන . .
ReplyDeleteඇත්තෙන්ම දුකා අය හිටිය ඉඳිල්ල වෙන ගෑනියෙක් ඉන්නෙ නෑ
Deleteඔන්න පලමු කොටසත් කියෝලා ආවේ දැන්
ReplyDeleteහුඟක් අයගේ ගෙදරට කියන න,ම තමයි ගමේ ප්‍රසිද්ධ..අපේ හස්බන්ඩ්ගෙ නම කිවුවට එහෙමත් කෙනෙක් දන්නේ.....ගෙදරට කියන නමෙන් ගමම දන්නවා.. කුමාරි කියන එකත් ඒ වගේ වෙන්න ඇති
ඔව් රෙහානි එහෙමම තමයි
Deleteවාහන සම්බන්ධයෙනුත් ඔහොමනේ.
ReplyDeleteFully loaded
Full option
With all the accessories
ඉතින් ඔය සම්බන්ධයෙනුත් එහෙමම වෙන්න බැරි නෑනේ.
හික්ස්
Deleteහික්ස්
Deleteමේක Half loaded නේද මචං
Delete//ඉතිං කතාව ඕකයි... මගේ මිම්මෙ හැටියට නං සරෝජිනී ආදරය ඉන්ෂුවර් කරගන්න නොහිතපු ආදරයට ආදරය කරපු කෙල්ලක්...//
ReplyDeleteදැන් ඉතින් මේක කොන්දේසි සහිත ආදරයක්ද? කොන්දේසි රහිත ආදරයක්ද? :)
පොඩ්ඩි කොහොමද හිතන්නෙ
Deletebedala hamba unath badinnata kalin hamba unath wede karama kohomath hamba wenawa thama kohoma unth ekage lamayane oka undenna bedala karath ekai badinnata kalina kalath eka nethi pothe liya wenne ne anika badinawa kiyanne wede karana eka thama oka issara minissu neethi pothaka liuwe nehene nikamma gedara ekkan giya geeniwa oka maha deyakda methana comment dana ewnge seeyala achchila ehemath ehema thama methana den sudano wenna enawa bola api nodanna monara thanna
ReplyDeleteඔබගේ පළමු පැමිණීම නොවේද ඔබව මේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා
Deleteඅනේ මන්දා හැලපේ... ළමයි හම්බවෙලා බැන්දත්..බැඳලා ළමයි හම්බ උනත් දෙන්නා දෙමල්ලෝ හා ළමයි බමයි සමගි සාමදානයෙන් ඉන්නවානං ඒ මදෑ..
ReplyDeleteඅන්න එහෙමයි දියුණුවෙන උන්.
ReplyDeleteඑක මාරු අප්පා
ReplyDelete