අපි පහුගිය දවස්වල දිගටම එකගෙයි කෑවා මතකයි නේද,එකගෙයි අවුරුද්ද ගැන කියල එකගෙයි කෑමේ ආරම්භය ගැන ලියන්නට මම හිතාගෙන හිටියට රවී ඉස්සරවෙලා තිබුණා.කොහොම වුනත් ද්‍රෙෳපදී අර්ජුන ඇතුළු සහෝදරයන් පස්දෙනෙකුට භාර්යාව වීම හේතුකොටගෙන එකගෙයි කෑම ආරම්භ වී තිබෙනවා කියා විශ්වාස කරනවා.
ඔය විස්තරය හිතවතෙක් මගෙත් එක්ක කිව්වෙ ඌන පූර්ණයකුත් එක්කයි.කතාව මෙහෙමයි.ඔන්න ඉතිං ද්‍රෙෳපදී සහෝදරයන් පස්දෙනා එක්කම දැහැමින් සෙමෙන් දීගකෑම කරගන යනවා සහෝදරයො පස්දෙනත් කිසිම අරෝවක් ආරාවුලක් නැතුව සමාදානෙන් බෙදාගෙන වළඳනවා.කට්ටිය සහෝදරයො පස්දෙනෙක් නිසා වැඩේ සංකීර්ණයි සමහරවිට එකවර දෙන්නෙකුට හෝ කීපදෙනෙකුට ද්‍රෙෳපදී එක්ක සමහන් සුව විඳීමේ අවශ්‍යතාව ඇතිවුනොත් එහෙම ලොකු පටලැවිල්ලක් වෙන නිසා මේ අය ඒකටත් උපක්‍රමයක් යොදාගෙන තිබුණා.උපක්‍රමේ මොකක්ද කිව්වොත් ද්‍රෙෳපදිගේ කුටියට ගිය සහෝදරයා ඔහුගෙ මිරිවැඩි සඟල හෙවත් පාවහන් කුට්ටම ගලවල දොර ඉදිරියෙන් තියල තියනව, කෙනෙක් ඇතුලෙ ඉන්න බව වෙන සහෝදරයෙක් හෙම ආවොත් ඒ ලකුණෙන් දැනගන්නවා.
ලංකාවෙ නං ඔය වගෙ වෙලාවට දොරට කුල්ල හේත්තු කලාලු,එහෙම නැත්නං අමුඩ ලේන්සුව දොර පලුව උඩ පිටට පේන්න දාල තිබ්බලු ඒ වැඩේ නං හරිම ප්‍රායෝගිකයි සහ නිර්මාණශීලියි නේද.කුල්ල වෙනුවට ගලෝපු චීත්තෙ හරි හැට්ටෙ හරි දොර උඩින් දැම්මත් අපූරුවට ගැලපෙනව,ඔය වෙලාවට අමුඩ කෑලියි චීත්තයි බම්බු ගහන්නයැ නැද්ද මං අහන්නෙ.කාන්තාවො පවා එකගෙයි කෑම ලජ්ජාවක් විදියට හිතුවෙ කෙරුවෙ නෑ තමුන් එකගෙයි කන බව ඔවුන් ප්‍රකාශකළේ මෙන්න මේ ආකාරයටයි.
මං ඒ දෙන්නටම බත් උයල දෙනවා...
මේ චාරිත්‍රය ඇතිවෙන්නටත් පැවතගෙන එන්නටත් වඩාත්ම හේතුභූත වී තිබෙන්නෙ ලංකාවෙ විශේෂයෙන්ම උඩරට පළාත්වල තිබු ඉඩම් හිඟයයි.කුඩා ඉඩම් කැබැල්ල තවත් කුඩා කොටස්වලට බෙදීම මගහරවා ගන්නට සහෝදරයන් දෙදෙනෙකුට හෝ වැඩි ප්‍රමාණයකට එක් බිරිඳක් සමග දීග කෑමේ චාරිත්‍රය බිහිවන්නට ඇති.කොහොම වුනත් එකගෙයි කෑමේ චාරිත්‍රය පිළිබඳව ප්‍රමාණවත් අන්දමේ සංවාදයක් සිදුවී නැති බව මගේ පුද්ගලික අදහසයි.
කේ ජයතිලක මහත්තයගෙ එකගෙයි අවුරුද්ද කෙටිකතාවට අමතරව තව සිංහල ලේඛකයො දෙන්නෙක් ඔය චාරිත්‍රය සම්බන්ධ නවකතා දෙකක් ලියා තිබෙනවා.
ඉරහඳ පායන ලෝකේ-සෝමවීර සේනානායක
බැද්දෙගෙදර-ජයසේන ජයකොඩි
බැද්දෙගෙදර ලංකාවෙ මගෙ පොත් ගොඩේ තිබුනට දැන් මගෙ ළඟ නෑ ඉරහඳ පායන ලෝකෙ මම කියවා තිබුනට පොත මා ළඟ නෑ.ඊට අමතරව ඒ සම්බන්ධව ලියැවුණු දෙයක් කියවල තියෙනව කියල මගෙ මතකයෙ නම් නැහැ.
මං ඒ දෙන්නටම බත් උයල දෙනවා...
මේ චාරිත්‍රය ඇතිවෙන්නටත් පැවතගෙන එන්නටත් වඩාත්ම හේතුභූත වී තිබෙන්නෙ ලංකාවෙ විශේෂයෙන්ම උඩරට පළාත්වල තිබු ඉඩම් හිඟයයි.කුඩා ඉඩම් කැබැල්ල තවත් කුඩා කොටස්වලට බෙදීම මගහරවා ගන්නට සහෝදරයන් දෙදෙනෙකුට හෝ වැඩි ප්‍රමාණයකට එක් බිරිඳක් සමග දීග කෑමේ චාරිත්‍රය බිහිවන්නට ඇති.කොහොම වුනත් එකගෙයි කෑමේ චාරිත්‍රය පිළිබඳව ප්‍රමාණවත් අන්දමේ සංවාදයක් සිදුවී නැති බව මගේ පුද්ගලික අදහසයි.
කේ ජයතිලක මහත්තයගෙ එකගෙයි අවුරුද්ද කෙටිකතාවට අමතරව තව සිංහල ලේඛකයො දෙන්නෙක් ඔය චාරිත්‍රය සම්බන්ධ නවකතා දෙකක් ලියා තිබෙනවා.
ඉරහඳ පායන ලෝකේ-සෝමවීර සේනානායක
බැද්දෙගෙදර-ජයසේන ජයකොඩි
බැද්දෙගෙදර ලංකාවෙ මගෙ පොත් ගොඩේ තිබුනට දැන් මගෙ ළඟ නෑ ඉරහඳ පායන ලෝකෙ මම කියවා තිබුනට පොත මා ළඟ නෑ.ඊට අමතරව ඒ සම්බන්ධව ලියැවුණු දෙයක් කියවල තියෙනව කියල මගෙ මතකයෙ නම් නැහැ.
ඉතිං ද්‍රෙෳපදී පාවා ගත්ත සහෝදරයින් පස්දෙනාගෙන් වැඩුමල්ම සහෝදරය දවසක්දා ද්‍රෙෳපදිත් එක්ක සමාගමයේ යෙදෙන්න ඇයගේ කුටියෙ දොරකඩ තමන්ගෙ සෙරෙප්පු කුට්ටම ගලවල තියල කුටියට ඇතුල්වුණා,සෙරෙප්පු ගලවලා තියනව කියපුවම ඔන්න මට තව කතාවක් මතක්වුනා අමතක වෙන්න ඉස්සර ඒ කතාවත් කියල ඉන්නං ඈ.
කපිතාන් එඩ්වර්ඩ් ජේම්ස් කෝබට් හෙවත් ජිම් කෝබට්ගෙ පොත් ඔබ කියවා ඇතියයි මා සිතනවා,කොහොම වුනත් පස්සෙ දවසක ජිම් කෝබට් ගැනත් යමක් ලියන්න මගෙ අදහසක් තිබෙනවා,ඔහු ලියූ My India(1952)පොත 2005 දි ඉන්දියානු දිළින්දන්ගේ කතන්දර යනුවෙන් සිංහලට පරිවර්තනය වුනා.ඒ පොතේ ඇති කතාවක් වන "සුල්තානා;ඉන්දියාවේ රොබින් හුඩ්"යන කතාවේ මෙන්න මේ ආකාරයට කොටසක් තියෙනව.
"දැඩි පාලනයකට නතු නොකෙරුණු ඇතැම් අපරාධකාරී වරිගයන්ට අයත් සමහර සාමාජිකයන් පෞද්ගලික නිවාසවල රාත්‍රී මුරකාරයන් සේ රැකියාවන්හි නිරත වූ අතර,මා දන්නා පරිදි ඇතැම් අවස්ථාවන්හි ඔවුන් කාවල් කරන ගෙදර එළිපත්ත මත ඔවුන්ගේ පාවහන් යුවළ තැන්පත් කර තැබීම පමණක්ම ඒ ගෙවල් බිඳීමට එරෙහිවූ ප්‍රාමාණික සහතිකයක් විය.සමහර විට මෙය කප්පම් ගැනීමක් සේ ඇඟවූනත්,එය තුට්ටු දෙකේ කප්පම් ගෙවීමක් වන්නේ අපරාධකාරයාගේ තත්වයට අනුව මුරකාර වැටුප රුපියල් තුනේ සිට පහ දක්වා ගණනක් වන නිසාය.ඒ සියල්ලටමත් වඩා මේ මුදල වුව ඇඟපතට නොදැනී ලේසියෙන් උපයන්නක් වුයේ,මුර උන්නැහේට කරන්නට තිබු එකම රාජකාරිය වූ කලි,රාත්‍රී කාලයෙහි අදාළ ස්ථානයෙහි සිය පාවහන් යුවළ තැන්පත් කොට පසුදා පාන්දර එය ආපසු ගැනීම පමණක් ම වූ නිසාය."
(ඉන්දියානු දිළින්දන්ගේ කතන්දර 116 පිට)
ඉතිං ආපහු කියමින් හිටපු කතාවට ආවොත් වැඩිමල් සහෝදරයා ද්‍රෙෳපදීගෙ කුටිය ඇතුළට ගියායින් පස්සෙ එළි පහළියෙ රස්තියාදු ගහමින් හිටපු බල්ලෙක් එළියෙ දොරකඩ තියල තිබ්බ හම් සෙරෙප්පු කුට්ටම ඩැහැගෙන යන්න ගියා,මේ අතරෙ ද්‍රෙෳපදීගෙ සමාගමය පැතුව තව සහෝදරයෙක් ඇය හමු වන්නට කුටියට පැමිණියා,එළියෙ කිසිම බාධකයක් පෙනෙන්නට නොතිබූ නිසා සතුටුවූ ඔහු කෙළින්ම කුටියෙ දොර ඇරගෙන ඇතුල් වුනා.අවාසනාවකි!කුටිය තුළ ද්‍රෙෳපදිය සමග සිත්සේ රති කෙළියේ යෙදෙන සොහොයුරාය.කිනම් අබග්ගයක් වීදැයි එකෙක් තුෂ්නීම්භූතව ගිය අතර කුමන හේතුවකට සොහොයුරා දොර ඇරගෙන පැමිණියේදැයි අනිකා වික්ෂිප්තව බලා හිඳිනු දක්නා ලදී.
අන්තිමේදි සිද්ද වෙච්ච දේ හොයාගත්තා මේ වෙච්ච විලිලජ්ජා නැතිවෙන වැඩේට සහමුලින්ම වගකිවයුතු බල්ලත් හොයාගත්තා.හොයාගෙන බලු සංහතියටම මහ දරුණු සාපයක් කළා.
අහෝ නීච සුනඛය,තා විසින් කිසිම වග විභාගයක් නොමැතිව මේ කරන ලද්දාවූ අවක්‍රියාව හේතුවෙන් මා මලණුවන් ඉදිරිපිට හෑල්ලුවට ලක්වීමි,ලජ්ජාවට පත්වීමි තවෙකෙකු දැනගත්තේ නම් ඇතිවන නවනින්දාව බොහෝය,දරාගත නොහැකිය එබැවින් තට හා තගේ බලු සංහතියටම සාප කරමි,මින්පසු තා ප්‍රමුඛ බලු සංහතියේම රමණය එළිපිට සියලු දෙනා ඉදිරියේම වේවා!රමණ කර්තව්‍යයෙන් පසු මහත්වූ අපහසුතාවකට පත්වී දකින සියලු දෙනාගේ නින්දා අවමන් විඳින්නට සිදුවේවා!!තොප හිසමත පතිත මේ සාපය ඉරහඳ පවත්නා තුරුම වේවා!!!
සාපය පලදුන්නා ඊට පස්සෙ බල්ලොන්ගෙ සමහන් වීම එළිපහලියේ සිදුවුනා,කොච්චර වුනත් බල්ලො මේ ගැන හිටියෙ දස විලිලජ්ජාවෙනුයි.කට්ටියම එකතුවෙලා මේ ගැන කතිකාකරල තම බලු පරපුරට කරන ලද්දාවූ සාපය අයින් කරවා ගන්නට පෙත්සමක් ඔප්පු කරන්නට තීරණය කළා.පෙත්සම ලියල එහෙම කට්ටියම එකතුවෙලා පිළිගන්වන්නට යනවා.පෙත්සම ගෙනියන්නෙ කටේ තියාගෙනයි එහෙම ගෙනියද්දි ගලන දාඩියෙන් පෙත්සම පොඟනව(බල්ලන්ට දහඩිය ගලන්නෙ දිවෙන් කියල කවුරුත් දන්නවනෙ)මේ වැඩේට ප්‍රතිකර්මයක් හොයපු බල්ලො පෙත්සම රවුං කරල එකෙකුගෙ පශ්චාත් භාගයට ඇතුල්කළා බොලාට අපට තේරෙන බාසාවෙන් කිව්වොත් රෝල් කරල පුකේ ගැහුවා.අන්තිමට පෙත්සම බාරදෙන වෙලාව ආවහම පෙත්සම කාගෙ පුකේ ගැහැව්වද කියල බල්ලන්ට හොයාගන්න බැරිවුනා.එතැනදී පෙත්සම හොයාගන්නට බල්ලො හැම එකාම අනිකගෙ පශ්චාත් භාගය ඉවකර බල බලා ගියා ඒ පුරුද්ද තමයි බල්ලන්ට ඔය අදටත් තියෙන්නෙ.
ඔය සාපෙ පලදීල තියෙන ආකාරය අපට දැනටත් බල්ලො රැලේ වැටෙන කාලෙට දැකගන්නට පුලුවන්නෙ නේද,පාරවල් වල එහෙම කෝච්චි පෙට්ටි අමුණල වගේ ඔය ඉන්නෙ.ඔහොම කියද්දි මට කතාවක් මතක්වුනා ඒ මම වැලිසර ඉස්පිරිතාලෙ වැඩ කරමින් හිටපු සමයයි,දවසක මාත් එක්ක රාජකාරි කරමින් හිටපු සුන්දර ලලනාවක් වැඩ ඉවරවෙලා යන්න සුදානම් වෙනවා.
මම ගෙදර යනව අනේ පරක්කු වෙනව...
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න,පයින් යන්නෙ මොකටද ඔන්න අද කෝච්චියෙම ගිහෑකි අර පෙට්ටියක් ෂන්ටිං කරලත් තියෙන්නෙ...
ඒ වෙනකොට වාහන පාක් කරන ගරාජ් එකේ දඩ බලු පූට්ටුවක්.
කෙල්ල මට රවල අනික් පැත්ත හැරිල පුපුරන්න එන හිනාව වහගන්න ලේන්සුවක් මුණට තදකරගෙන දුව දුවගෙන යන්න ගියා...
ඉස්පිරිතාලෙ ගරාජ් එකේ වාහන දෙකක් තිබුණා එකක් ඇම්බියුලන්ස් එක අනික ඉස්පිරිතාලෙට බඩු ගේන පස්ස දිග ලෑන්ඩ් රෝවර් ජීප් එක,ජීප් එකේ ඩ්‍රයිවර් කයිතන් පෙරේරා,කයිතන් පෙරේරට පමුණුගම පැත්තෙ ඉස්පෙයාවීල් එකක් හෙවත් අමතර කාන්තාවක් එක්ක ඇයි හොඳයියක් තිබුණා, කළු හීන්දෑරි මේ කාන්තාවට අපි තෙරේසා කියල කියමු.තෙරේසගෙ රස්සාව වුනේ පල්ලිවල තියන මංගල්ලවලදී මීගමු අලුවා වැලිතලප ආදී රසකැවිලි විකුණන එකයි. මූදුබඩ ලයින් එකේ තියෙන පල්ලි ඔක්කොගෙම මංගල්ලවල තෙරේසා රසකැවිලි වෙළඳාමෙ යනවා.
ඉස්පිරිතාලෙට කිට්ටු පාත පල්ලියක බඩු විකුණන්න ආවොත් හෙම රෙද්දයි හැට්ටෙයි ඇඳල කොන්ඩෙත් තද වෙන්න ඉස් මුදුනට කරල බැඳගත්තු තෙරේසා කයිතන් පෙරේරව බලල යන්න නොවැරදීම ඉස්පිරිතාලෙට එනව අපට දැක බලාගන්න පුළුවනි.ඇය එනකොට එන්නෙත් කයිතන් පෙරේරට දවාලට කන්න හොඳ රසට හදපු මාළුපිණිත් එක්කං බත් එකකුයි අතුරුපසට පළතුරුයි පුවාලු කෙසෙල්ගෙඩියි රස කැවිලියි ඒ විතරක්ද කන්න ඉස්සෙල්ල බොන්න අරක්කු බාගෙකුත් තෙරේසගෙ වට්ටියෙ තියෙනව.ලෑන්ඩ් රෝවරේ පිටිපස්සෙ සීට් එකේ වාඩිවෙන මේ යුවළගෙ පෙම් ජවනිකාව අපි රසවිඳිනවා.
ඊට පස්සෙ සරුසාර දිවා බෝජන සංග්‍රහය,කයිතන් පෙරේරා ඉස්සෙල්ලම අරක්කු බාගෙ කඩල ගහනව, දෙක වදිනකොට මොකක්හරි පරණ කතාවක් ඇදල අරං තෙරේසට බනින්න ගන්නව බාගෙ ඉවර වෙද්දීං ගෝරිය නැගලම යනවා.
තෝ මොන මඟුලකට මෙහෙ ආවද පට්ට බැල්ලි...
හනේ මං මහන්සිවෙලා කෑමත් හදාගෙන ආවටද ඔයා මට මෙහෙම කතා කරන්නෙ...
තෙරේසා මුණ වහගෙන ඉකිබිඳිමින් අඬනකොට උරිස් ගැස්සෙනවා.
ඉහි ඉහි අනේ සන්තානං මෑණියනේ මට සැනසීමක් නැති හැටි...
සැනසීම,ඉඳපිය තොට මම සැනසීම දෙන්ට,තොගෙ බඩකඩුත්තුවත් අරං මෙතනිං මක බෑවිලා යනවද නැද්ද ...
කයිතන් පෙරේරා තෙරේසට බැනල බැනල සීට් එකට හේත්තුවෙලා ඇස් දෙකත් පියාගෙන හතිඅරින කොට තෙරේසා ඉකිබිඳිමින් කයිතන් පෙරේරට කන්න කෑම එක බෙදනවා.
මම තොට සැරයක් යන්නෙයි කිව්ව නේද ආයෙ එනව මෙතැන ලබ්බක් උස්සගෙන තොගෙ මළදානෙ මට ඕනැ නෑ බොල...
එහෙම කියන්න එපා අනේ මම ඔයාටම කියල උයාගෙන ආපු එකේ ටිකක් හරි කන්නකො ඔයාට කන්න බැරිනම් මං කවන්නද...
ගිහිං කවාගං තොගෙ මහ එකීට ආව මෙතන කවන්ට ඉඳපිය මං තොට කවන හැටි පෙන්නන්නං...
ගිහිං කවාගං තොගෙ මහ එකීට ආව මෙතන කවන්ට ඉඳපිය මං තොට කවන හැටි පෙන්නන්නං...
ජීප් එකෙන් එළියට පනින කයිතන් පෙරේරා වළං කඩේට පැන්න ගොනා වගෙ තෙරේසගෙ අතේ තියෙන බත් පිඟානත් පොළොවෙ ගහල කෑම පෙට්ටියත් විසිකරල තෙරේසටත් දෙකක් ගහල එලවනවා,අඬමින් වැළපෙමින් සාපකරමින් ආපහු යන තෙරේසව ඔන්න අපට මුණගැහෙනවා.
මොකද නැන්දෙ අඬන්නෙ ගෝරියක්වත් ගියාද...
වෙච්ච වැඩේ හොඳටම දැනගෙන හිටියත් නොදන්නව වගේ අපිත් අහනව.
අනේ පුතේ බලන්නකො අර අසප්පුරුස මිනිහ මට ගහල එලෙව්වනෙ මං මෙච්චර මහන්සිවෙලා ඔය මිනිහට කෑමත් හදාගෙන ආවට ඒකවත් සැලකුවද.
අනේ මනුස්සයෙකුට මෙහෙමත් දුක් දෙන්න පුලුවන්ද ඉහි ඉහි ඉහි...
අඩුවෙලා තිබුණු ඉකිය ආපහු පටන් ගන්නවා.
හා හා නැන්දෙ ආයෙමත් මෙතන අඬන්න ලෑස්තිවෙන්න එපා,කයිතන් පෙරේරට මොකක් හරි කේන්තියක් යන්න ඇති පස්සෙ හරියාවි දැන් ඔය කඳුළු පිහිදාගෙන යන්නකො...
ඔය වසවර්ති මිනිහට කන්න ගෙනාපුවා මේං, දැන් මේව කාට දෙන්නද ඔය පුතාල කන්න...
ඔන්න අපටත් මීගමු අලුවා වැලිතලප සහ කෙසෙල්ගෙඩි ලැබෙනවා,තෙරේසා ගේන මීගමු අලුවා හරිම රසයි මම කොහොමත් තෙරේසා ගේන මීගමු අලුවා කන්න හරිම මනාපයි අපේ ගෙවල්වල කොහොම අලුවා හැදුවත් ඒ රස ගන්න බෑ.
රණ්ඩුවෙලා ගුටිකාල ගියාට තෙරේසගෙ ආදරේ අඩුවෙන්නෙ නෑ තව දවස් කීපෙකින් ආයෙම කයිතන් පෙරේරා බලන්න එනව ඒ ආවමත් පුරුදු විදියමයි.තෙරේසා-කයිතන් පෙරේරා යුවළගෙ ආදර කතාව මොන විදියෙ අවසානයක් කරා ළඟාවුනාද කියල කියන්නට නොහැකිවීම ගැන මට හරිම කණගාටුයි.මොකද කිව්වොත් මම වැලිසර ඉස්පිරිතාලෙ හිටපු ඉතාම හොඳ ළමයෙක් වීම හේතුවෙන් වැඩිකල් නොයාදීම මට හැඳල ලාදුරු රෝහලට මාරුවක් ලැබීම නිසා අවුරුදු හතක් වැඩ කරපු තැන හැරදා යන්නට සිදුවුනා.
ලාදුරු ඉස්පිරිතාලෙ කියපු කරපු දේවල් ඒක වෙනම පරිච්ඡේදයක්.
අතීතයෙ අපිත් එක්ක හිටපු ආශ්‍රය කරපු යාළුවො හිතවත්තු වෙලාවකට සිතුවම් පටක් වගේ මගෙ හිතේ ඇඳෙනවා දැන් ඒ අය ජීවතුන් අතර ඇද්ද ඉන්නවනං කොහෙද ආදී දේවල් මතක් වෙද්දි හිතට මහා පාලු හැඟීමක් දැනෙන්නෙ නිරායාසයෙන්මයි.ආයෙම කවදාවත් ඒ අය දකින්න ලැබෙන්නෙ නෑ කියල හිතෙද්දි තරමක දුකකුත් හිත පහුරුගානවා. බලාගෙන යනකොට ස්වභාවයෙන්ම නොස්ටැල්ජියාව ටිකක් විතර වැඩිපුර තියෙන මට මේ වගේ හිතෙන එක අරුමයක් නොවෙයි නේද෴
