Sunday, June 10, 2018

නාරායන් සොයා යාම, රැන්ඩෝර් ගයි, ඇන්ටාගේ ටේලර් සාප්පුව සහ අහම්බෙන් සිදු වූ හුටපටය.



                                                  පිංතුරය : Google Images

නාරායන් සොයා යාම

නාරායන් සොයා යාම 2

නාරායන් සොයා යාම 3

ආර්. කේ රාමචන්ද්‍රන් අපත් සමග කතාබහට එකතු වුණේ පුළුල් සිනහවක් ද සමගය.  රැන්ඩෝර් ගයි  සමග මම රාමචන්ද්‍රන් එක්ක කතා කරද්දී අර්ජුන මගේ කැමරාවෙන් පිංතුර ගත්තේය.  අපට විෂයය වුණේ නාරයන්ගේ කුඩා කාලයේ ගෙදර දොර ජීවිතයේ ප්‍රසිද්ධියට පත් නොවූ දේවල්ය.  එසේ නොමැතිව නාරයන්ම ලියා ඇතිවුද කවුරුත් දන්නා කරුණු කාරණා සෙවීම වැඩකට නොමැති දෙයක් බව අප මුලදීම කතිකා කරගෙන තිබුණෙමු.   හොඳ කතාකාරයෙක්වූ රාමචන්ද්‍රන් ඒ විස්තර අපිත් එක්ක කීවේ හක හක ගා මහ හයියෙන් සිනාසෙමිනි.  පොඩි ප්‍රශ්නයකට තිබුණේ කතාවේ ජොලිය වැඩිවෙද්දී ඔහු ඉංග්‍රීසිය අතහැර දෙමළට බහින එකය.  එය අනිත් දෙන්නාට ප්‍රශ්නයක් නොවුනත් එකල දෙමළ තේරුම් ගන්නට බැරි මට අවුලක් විය.  කෙසේ වුවද කතාබහ සියල්ලම පටිගත වෙන නිසා ආපසු දවසක අර්ජුනට කියා පරිවර්තනය කරගත හැකි නොවේදැ'යි  කියා හිත හදාගත්තෙමි.

රැන්ඩෝර් ගයි මගේ හිතවතෙක් වුණේ ඔහු අර්ජුනත් එක්ක අපේ ගෙදර එන්නට පුරුදුවී සිටිය නිසාය.  දවසක් හැලපි මගෙන් ඇහුවේ ඒ කවුද කියාය.  ඔහු කලාත්මක චිත්‍රපට කතා රචකයෙක් සහ තිරපිටපත් රචකයෙක්  බව  මම කීවේ අර්ජුන මට කියාපු විදියටය.  ඒ ගමන හැලපිට රැන්ඩෝර් ගයි හදපු කලාත්මක චිත්‍රපට බලන්නට වුවමනා විය.  ඔහු ගෙනැත් දුන් චිත්‍රපට කීපය කොපමණ කලාත්මකද කියා කීවොත් හැලපි එදා සිට රැන්ඩෝර් ගයිව හැඳින්වුයේ කුණුහරුප චිත්‍රපටි කාරයා යනුවෙනි.  කොහොම වුණත් රැන්ඩෝර් ගයි සුන්දර මිනිසෙකි.  ඔහු විහිලු කතා, යාන්ස්, දෙපිට කැපෙන කතා ආදිය සිය දහස් ගණනක් දැන සිටි හෙයින් ඔහු ඉන්න තැන කිසිම පාළුවක් නැත.

රාසිපුරම් ක්‍රිෂ්ණසාමි අයියර් නාරායනසාමි හෙවත් ආර්.කේ.නාරායන් බ්‍රිතාන්‍ය යටත් විජිත එක්සත්  ඉන්දියාවේ මදුරාසියේදී උපත ලබන්නේ 1906 වර්ෂයේදීය.  දරුවන් අට දෙනෙක්ගෙන් යුත් බ්‍රාහ්මණ වංශික පවුලක තුන්වැනියා වන නාරායන් සිය ළමාකාලය ගෙවන්නේ ඔහුගේ මවගේ මව හෙවත් සිය අත්තම්මාගේ ගෙදර ඇයගේ සෙවනේය.  ඊට හේතුව වන්නේ ලොකු පවුලක් රැක බලාගන්නට ඇති නාරයන්ගේ මවට සහනයක් ලබාදීමය.   නො.1, වෙල්ලාල වීදිය, පුරුසවල්කම් නාරායන්ගේ මවගේ මහ ගෙදර ලිපිනය වූ අතර ඒ ගෙදර ඔහු අත්තම්මාත් මාමාත් සමග වාසය කළේ පාසැල් මුල් ගුරුවරයෙකු වූ සිය පියා මයිසුර් හි පාසැලකට මාරුකළ හෙයින් ඔහු සිය පවුල සමග මයිසුර් වලට ගිය නිසාය.  පාසැල් යන වයස සම්පූර්ණ වද්දී  කුඩා නාරායන් පුරුසවල්කම් හි ලුතරියන් මිෂන් ස්කූල් විදුහලට ඇතුළත් කරන ලදී.

සිය සම වයසේ කොල්ලන් සමග පුරුසවල්කම් ටවුමේ ක්‍රීඩා කරමින් කෙළිදෙලෙන් කාලය ගතකළ නාරායන් කෙරෙහි සිය මිත්තණිය ගේ බලපෑම පසුකාලීනව බෙහෙවින් ප්‍රකට විය.  හාපුරා කියා කතාවක් ලිවීම ඔහු ඇරඹුවේ ද මිත්තණිය සාදවා දුන් සුබ නැකතකට පොතක අකුරක් ලිවීමෙනි.  රෙපරමාදු මිෂනාරි විදුහලේ ප්‍රාථමික පන්ති අවසන් කරන නාරායන් ඊළඟට යන්නේ සී.ආර්.සී විද්‍යාලයටයි.  මිෂනාරි විද්‍යාලයෙන් සමු ගන්නා දින ගන්නා ලද සමුහ ඡායාරූපය නාරායන්ගේ මරණයෙන් පසුව හින්දු පත්‍රයේ අතිරේකයක පළකර තිබෙනු මට දැකගන්නට ලැබිණි.  ඒ පිංතුරය ගැන නාරායන් අපූරු කතාවක් කියා ඇත.  සමුහ ඡායාරූපයට පෙනී සිටීමේදී නාරායන් හැඳ සිටින කබාය මසන්නට අප්පු මයිස්ත්‍රී නම් ඇඳුම් මසන්නා මාස ගණනාවක් ගත් බව හා ඡායාරූපයට පෙනී සිටින දවසේ දහවල් වන තුරුමත් ඔහු කබායේ බොත්තම් අල්ලමින් සිටි බව නාරායන් පවසයි.

සාමාන්‍යයෙන් ලංකාවේ ටේලර්ලාද එහෙමය.  අපේ හොඳ මිත්‍ර ටේලරෙක්ට ඇඳුමක් මහන්නට දුන්න විට ඇඳුම ගන්නට අඩුම තරමින් මාස හයක් වත් ගතවෙයි.  සමහර විට අවුරුද්ද එකහමාර ගතවෙන වෙලාවල්ද නැතිව නොවේ.  ඒ මිතුරුකමයි.   ටේලර් ලා ගැන කියද්දී මට තවත් ටේලර් කෙනෙක් ගැන මතකෙට එයි.  ඒ මගේ හිතවත් ඇන්ටා ය.  ඇන්ටා අපේ ගමේ කුලියට ගෙයක් අරගෙන පදිංචි වී හිටියත් මගෙත් එක්ක එච්චර ළඟ සම්බන්ධයක් නොතිබුණි.  ඌ මට සෙට් වුණේ කෝච්චියේදීය.  ඒ මම රස්සාවට යන ගමන් ඉගෙන ගත් අවදියයි.  අපේ ඉගෙනීම අවසන් වෙන්නේ රෑ හතහමාරටය.  මම ගෙදර එන්නේ අටයි කාලට කොටුවෙන් අදින බදුල්ල නයිට් මේල් එක්ස්ප්‍රස් එකේය.  ඔය කෝච්චියේ අන්තිම පෙට්ටියේ එකතුවුණු අපේ සෙට් එක කෝච්චි පෙට්ටියක හැර වෙනත් කිසි තැනක එකට එකතු නෙවෙන තරමට විවිධත්වයකින් යුතු වූ කණ්ඩායමක් විය.

විද්‍යාර්ථින්, බැංකු කරුවන්, රජයේ සේවකයින්, මුද්‍රණ සේවකයින්, වෙළෙඳ සේවිකාවන්, ස්වයං රැකියාවල යුක්ත වුවන්, පුද්ගලික සහ සංස්ථා සේවකයින් ආදී කණ්ඩායමකගෙන් කෝච්චියේ අපේ සීට් එක පිරී තිබුණි.  මේ කට්ටිය ගැන සුළු විස්තරයක් කරන්නට මට ඉඩ දෙන්න.  මුලින්ම කියන්නට තියෙන්නේ මොරටුවෙගම මහත්තයා ගැනය.  විද්‍යාර්ථීයෙකු, ග්‍රන්ථ කර්තෘවරයෙකු, විචාරකයෙකු සහ චින්තකයකු වූ එච්. එම්. මොරටුවෙගම මහතා ඒ කාලයේ බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වරයා ලෙස කටයුතු කළේය.   උක්ත තනතුරුවලට අමතරව හොඳ බොන්නෙකු සහ විනෝදකාමියෙකු වූ මොරටුවෙගම මහතා හවස විශ්ව විද්‍යාලයේ රාජකාරිය අවසන්වූ පසු මරදානට ඇවිත් පොත් කඩවල මුදලාලිලා සහ ලේඛකයින් සමග කයිවාරු ගහමින් රෑ වෙනතුරු ගතකර කොටුවට ඇවිත් වික්ටෝරියා බාර් එකෙන් දෙකක් දාගෙන කෝච්චියට නගී.

සාහිත්‍ය විශ්ව කෝෂයක් බඳු මොරටුවෙගම මහතා සමග සාහිත්‍යය සහ පොත් ගැනත් ලේඛකයින් ගැනත් කතා කිරීම මට මහත් ආස්වාදයක් විය.  පොත් කතුවරුන් ගැන මා නොදත් බොහෝ තොරතුරු ඔහු දැන සිටියේය.  පොත් වලට සම්මාන දීමද අප දෙදෙනා කතාකළ එක මාතෘකාවකි.  සම්මාන දෙන හැටි ගැන සහ සම්මාන පොරය ගැන ඔහු කියූ සමහර තොරතුරු මා විස්මයට පත්කරන සුලු විය.  අප දෙදෙනාගේම මිතුරා වූ ඇන්ටා වෙනස්මැ චරිතයක් විය.  උපතින් ද්‍රවිඩයකු වූ ඇන්ටා උප්පැන්න සහතිකයට පමණක් දෙමළ වූ අතර සිංහලයන් අතර ඉපැදී සිංහලෙන් ඉගෙනගෙන සිංහල කෙල්ලක් කසාද බැඳ සිටි ඔහු අඩු තරමින් දෙමළ කතා කරන්නටවත් නොදත්තේය.  නිවාඩු දිනවලට මම ඇන්ටාත් එක්ක මොරටුවෙගම මහත්තයා හමුවෙන්නට ඔහුගේ ගෙදර යන්නට පුරුදුවී සිටියෙමි.  එහෙම ගියවිට මොරටුවෙගම මහත්තයාගෙන් මට පොතක් තෑගී ලැබෙන එක ෂුවර්ය.  ඔහුට තෑග්ගක් හැටියට අපි ගෙනයන්නේ බෝතලයකි.  ගෙනිච්ච බෝතලයෙන් සප්පායම් වෙමින් අපි දෙන්නා සාහිත්‍යය සහ පොත් ගැන කතා කරද්දී මොන සාහිත්‍යයක් වත් නොදත් ඇන්ටා කණ පාත්වෙන්නටම බී ගෙන දොඩවන්නට ගනී.

ඌව ගෙදර එක්කරගෙන එන්නට වෙන්නේ හරකෙක් දක්කාගෙන එනවා වැනි අසීරුවකිනි.  ඇන්ටා කොළඹ ටේලර් සාප්පුවෙන් අස්වී පසුකාලීනව ටවුමේ ටේලර් සාප්පුවක් පටන් ගත්තේය.  අපි රෑ බෝවී ගෙදර එන බොහෝ දිනවල කුණුවෙන්නට ම බීගත් ඇන්ටා සිහියක් පතක් නැතිව ලයිට් කණුවකට බරදී හිඳගෙන නිදිකිරමින් හෝ කඩපිලක නිදාගෙන ඉන්නවා හමුවෙයි.  ගමේ ඉන්න එකා නිසා මග දමා යන්නටද බැරි හෙයින් අපි කොහොම හෝ වාත්තු කරගෙන ඇන්ටා ගෙදරට ගෙනැත් බාරදුන් විට ඇන්ටාගේ පවුල අපට බනින්නට පටන්ගන්නේ අපි ඌට හැන්දෙන් පෙව්වාක් මෙනි.  උදව්වකුත් කර බැණුම් අහන්නටත් බැරි නිසා පසුව අපි කළේ ඇන්ටාව ගෙනැත් වැටට හේත්තු කර තබා උගේ පවුලට කෑගහන එකය.  ගෙයි ලයිට් දැමු විගස අපි හෙමිහිට මාරුවී යන්නට පුරුදු වීමු.

අපේ යාලුවෙක් තම සහෝදරයාගේ මඟුල් ගෙදරට අඳින්නට සුට් එකක් මහන්නට ඇන්ටා ට බාරදී තිබුණේ මඟුලට මාස හයකට පමණ පෙර සිටය.  සුට් එක අද දෙන්නම් හෙට දෙන්නම් කිය කියා හිටියාට මඟුල් දවසට කලින් දවස වෙනතුරු ලැබුණේ නැත.  සුට් එක ගන්නට යාලුවා යද්දී ඇන්ටා හිටියේ ගෙදරය. හොඳටම බීගෙන ගෙදර ගිහින් පෙරේතයා පොළොවේ ගැහුවා වගේ නිදාගෙන හිටියේය.  වදෙන් පොරෙන් ඇහැරවා සුට් එක ගැන ඇසුවිට ඌ විකාර කියවන්නට විය.  අපේ යාළුවාට මල හොඳ එකෙන්ම පැන්නේය.  ඇන්ටා ඇඳෙන් බිමට ඇද දැමු ඔහු අද රෑ වෙන්නට ඉස්සරින් සුට් එක නොලැබුණොත් බෙල්ල මිරිකා මරා දමනවා කියා තර්ජනය කළවිට ඇන්ටා යන්තම් සුට් එක මහන්නට පටන් ගත්තේය.

වතාවක් අපිත් එක්ක සිරීපාදෙ යන්නට එකතු වූ ඇන්ටා ගමේ ඉඳන් නල්ලතන්නියට යනතුරුම මෙලෝ සිහියක් නැතිව බිව්වේය.  නල්ලතන්නියට ගිය විට ඌට බස් එකෙන් බහින්නටත් බැරි තරමට වෙරිය.  බස් එකෙන් බැස කෙළින් ඉන්නට බැරුව බිම ඉඳගත් ඇන්ටා නිවේදනය කළේ ඌට සිරීපාදෙ නගින්නට බැරි නිසා කට්ටිය කරුණා කර ආපහු එනතුරු තමන් නල්ලතන්නියේ ඉන්නවා කියාය.  අපි එදා හවස සිරීපාදෙ නගින්නට පටන්ගත් අතර පහුවදා උදේ ආපහු ඇවිත් බලන විට ඇන්ටා බස් එක ළඟ පත්තරයක් බිම එළාගෙන නිදා සිටියේය.

ඉතින් අපිත් එක්ක කෝච්චියේ එන කාලයේදීත් ඇන්ටා කෝච්චියට එන්නේ මඳ පමණට බීගෙනය.   අපේ ගමට එහා ගමේ පදිංචිකාරයෙක් වූ විතානගේ මහ බැංකුවේ නිලධාරියෙකි.  බැංකුවේ රාජකාරියට අමතරව තව ආනයන ව්‍යාපාර ආදියට සම්බන්ධ වී සිටි නිසා  ඒ වැඩ ඔක්කොම අහවර කර රෑ බෝවී ගෙදර යන කෙනෙකි.  දෙකක් දාගෙන කෝච්චියට එන විතානගේ කවි ද ගාථා ද තාලයට කියයි.  කවි සින්දුවලට  අත්වැල අල්ලන්නට ලඟපාත හිතවත් කෙනෙක් නැත්නම් ඔහු පිරිත් තුන් සුත්‍රය සජ්ජායනා කරයි.  ඔහුගේ කවි හෝ සිංදුද කියන්න නොදන්නා නමුත් කියපු එකක් මට තවත් මතකය.

ඈත එපිට මහ කැලෑවෙ අලියෙක් හිටියා - අලී අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග - තාලයට කියා ගායනය නතරකර වටපිට බලන ඔහු ලඟපාත කාන්තාවන් නැත්නම්, පොල්ලක් තිබුණා කියා  කියයි.  කාන්තාවන් හිටියොත් කියන්නේ හොඬයක් තිබුණා කියලාය.  රාගමින් බහින ලංසි කෙල්ලන් දෙදෙනෙක් වූ ඩ්‍රෙසරි සහ හෙදර් වැඩකළේ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනයේය.  සැහැල්ලු ගති පැවතුම් ඇති  ඒ කෙල්ලන් දෙන්නාත් එක්ක විතානගේ පටන් ගන්නා කතාව හරිම විනෝදජනකය.  කතාව ඉංග්‍රීසියෙනි, විතානගේ අහන දෙපිට කැපෙන ප්‍රශ්නවලට කෙල්ලන් කිසිම සබකෝලයක් නැතිව කටේ දිවේ නොගෑවී උත්තර දෙති.  ඔය විදියට කතාබහ කරමින් කරන කෝච්චියේ ගමන හරිම විනෝදයකි.  සමහර දවස්වලට විතානගේ කෝච්චියට නගින්නේ විස්කි ලීටරයක් හමාරක් අපටත් අරගෙනය.  එහෙම ගේන දවස්වලට කලින් කියන නිසා කට්ටිය ප්ලාස්ටික් කෝප්පත් හපන්නට කඩල, වඩේ ආදියත් අරගෙන ලෑස්තිවී සිටිති.

කෝච්චි පෙට්ටියේ අපිත් එක්ක ගිය අයගේ විස්තර තව කියන්නට ඇතත් කතාව දිග්ගැහෙන නිසා තව එක්කෙනෙක් ගැන විතරක් කියා ඒ විස්තරය ඉවර කරමි.  කෙල්ල වැඩකළේ කොම්පඤ්ඤ වීදියේ තිබු ඉහළ පෙළේ පෞද්ගලික ආයතනයකය.  වැඩ ඉවරවෙන්නේ රෑ අටට නිසා ඇයට අටයි කාලේ කෝච්චියට හැති දාගෙන දුවගෙන එන්නට සිදුවේ.   කතාකරන  ලොකු ඇස් දෙකක් තිබු ඇය එවකට සිටි හින්දි නිළියක් සේ රූමත්ය.  ඇය ගැන උනන්දු වෙන්නට මට කොහෙත්ම වුවමනාවක් නොතිබුණේ ඒ වන විටත් මම ජීප් සහ දීපිකා එක්ක ලෙහන්නට බැරි අවුල් බොහොමයක් හදාගෙන තිබුණු හේතුවෙනි.  ඒ නිසා මම මගේ පාඩුවේ පැත්තකට වී ඉද්දි ඇය මට කියවන්නට පත්තරේකුත් දෙයි.  සිතුදේ නොමවේ නොසිතු දේම සිදුවේ කියන කතාව සනාථ කරමින් අපි අතර හුටපටයක් ඇතිවුණේ දෙන්නාම නොසිතු විලසය.  ඒ වන විට ඇය ඇගේ ප්‍රථම ප්‍රේමයෙන් දරුණු පරාජයක් ලබා දැඩි චිත්ත සන්තාපයකින් පසුවුණු බව පසුව දැනගතිමි.

අපේ පලහිලව්ව දිගදුර ගොස් සෑහෙන කලබලයක් ඇතිවුණේ ජීප්ලාට කතාව ආරංචි වීම නිසාය.  ඒ කතාව හරිම දිග සහ මෙයට අදාළ නොවන බැවින් ඒ ගැන කතාකිරීම මෙතෙකින් නවත්වමි.  නැවතත් නාරායන් ගේ කතාවට බැස්සොත් අපි එදා මුළු හවස් වරුවම රාමචන්ද්‍රන් ගේ නිවසේ ගතකළේ බොහෝ විනෝදයෙනි.  නාරායන් ගැන රාමචන්ද්‍රන් ගෙන දැනගත යුතු සියල්ලම අහගන්නට අර්ජුන තදින්ම හිතට ගෙන තිබුණු සෙයකි.

නාරායන් ඔහුගේ මුළු ජීවිත කාලයටම රස්සාවක් කියා කර තිබුණේ දින කීපයක් ගුරු වෘත්තියේ යෙදීම පමණය.  ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ඔහු කරගෙන ගියද දින කීපයකින් ගුරු රස්සාව එපාවී ආපසු ගෙදර එයි.  රස්සාව හැර දමා ගෙදර ආවිට ගෙදර උදවිය සිතා ඇත්තේ ඔහු නිවාඩුවට පැමිණි බවයි.  සියලු දෙනාම සතුටින් නාරයන්ගේ ඉස්කෝලයේ විස්තර අසන්නට වූ බව රාමචන්ද්‍රන් කීවේ මහ හයියෙන් හිනාවෙමිනි.  කෙසේ වුවද පියාගේ සහ මවගේ බලකිරීම මත නැවත චෙන්නා පට්නා හි පාසලට යන නාරායන් දෙවැනි වතාවේ පාසලෙන් පැන එන්නේ  ළමයින්ට සරඹ පන්තියක් කරන්නට භාරදුන් විටය.  සරඹ පන්තිය උඩින් පල්ලෙන් ඉවර කරන නාරායන් ඔහු නැවතී සිටින නිවසට එන්නේ දැඩි කළකිරීමකිනි.   එක්වරම තීරණයක් ගන්නා ඔහු තම බඩුත් පොදි බැඳගෙන බස් එකට නැගී ආපසු මයිසූර් බලා එයි.

සිය මුළු ජීවිතයම ලියන්නට කැප කළ නාරායන් සිය ලිවිසැරියේ මුල් භාගය ගතකළේ බෙහෙවින් දුක් කරදර මැදය.  නාරයන්ට ඔහුගේ බිරිඳ රාජම් හමුවන්නේ කොයිම්බටුර් වල ඔහුගේ අක්කා විවාහවී සිටින නිවසට ගොස් සිටි කාලයේය.  පාසලක මුල් ගුරුවරයෙක් වන රාජම් ගේ පියා බ්‍රාහ්මණ වංශික ගතානුගතික දිවියකට හැඩ ගැසී සිටින කෙනෙකි.  දෙදෙනාගේ විවාහය ගැන ඔහු පවසන්නේ දෙදෙනාට කෙතරම් අවශ්‍යතාව තිබුණද හඳහන් නොගැලපේ නම් විවාහය සිදු නොවන බවයි.

අභාග්‍යයකට දෛවඥයන් පවසන්නේ හඳහන් කිසිම අයුරකින් නොගැලපෙන නිසා මේ විවාහය සිදු නොකරන ලෙසටය.  නොසිතු ලෙස වැදුණු මේ පහරින් වික්ෂිප්ත වන නාරායන් දන්නා හඳුනන සහ නොදන්නා දෛවඥයන් සෑහෙන සංඛ්‍යාවක් හමුවී මේ ප්‍රශ්නය සුභවාදී ලෙස කෙළවර කරගන්නට හැදුවත් හැමෝම කියා ඇත්තේ විවාහය නොකරන ලෙසටය.  අන්තිමට ඒ ළඟ පාතක ජීවත් වන චෙල්ලප්පා සර් මේ ප්‍රශ්නය විසඳන්නේ රාජම් ගේ හඳහනේ චන්ද්‍රයා සිටින තැන අනුව එහි බලයෙන් නාරයන්ගේ හඳහනේ  අඟහරු බලය මැඩ පැවැත්වෙන බව කියමිනි.

1933 වසරේදී නාරායන්ගේ විවාහය සිදුවන අතර ඔවුන්ගේ එකම දරුවා වන හේමා 1936 දී මෙලොව එළිය දකී.  දෛවඥයින්ගේ කියමන් සනාථ කරමින් දියණියට අවුරුදු තුනක් වෙද්දී 1939 වර්ෂයේ ටයිපොයිඩ් වැළඳීම හේතුවෙන් රාජම් මියයන්නේ නාරායන් සහ බිලිඳු දියණිය මෙලොව තනිකරමිනි.  තම ප්‍රිය බිරිඳගේ වියෝව නාරායන්ගේ දැඩි කම්පනයට සහ චිත්ත පීඩාවට හේතුවක් විය.  ඔහු බිරිඳගේ අකල් මරණයේ වේදනාව දරාගත් ආකාරය අපි රාමචන්ද්‍රන්ගෙන් විමසුවෙමු.

රාමචන්ද්‍රන් කීවේ කිසිවෙකුත් සමග කතාබහෙන් වැලකී සිටි නාරායන් සිය කාමරයට වී දොර වසාගෙන දිගින් දිගටම ලිවීමේ යෙදුණු බවයි.  නාරායන්ගේ ජීවිත කතාවේ ඔහු කියා ඇත්තේ සිය බිරිඳගේ අසනීපය සහ මරණය පිලිබඳ අත්දැකීම ඔහු විසින් The English Teacher නම් කතාවේ විස්තරාත්මකව ලියා ඇති බව සහ එහි එන චරිත වන ඉංග්‍රීසි ගුරුවරයා ක්‍රිෂ්ණා සහ ඔහුගේ බිරිඳ සුසිලාත් දියණිය ලීලාත් ඔහුගේ සත්‍ය අත්දැකීම් මත නිර්මාණය වූ චරිත බවයි.

සිය බිරිඳත් පසුකාලීනව එකම දියණිය හේමාත් අකාලයේ මෙලොවින් සමුගැනීමේ කටුක අත්දැකීම විඳගන්නට සිදුවූ නාරායන් 2001 වර්ෂයේ මැයි මස දිවිය හැර ගියේ 95 වැනි වියේදීය.  නාරයන්ගේ බාල සොයුරු රාමචන්ද්‍රන් සමග අප කළ කතාබහ ඇසුරෙන් රැන්ඩෝර් ගයි හින්දු පත්‍රයට ලිපියක් 2001 ජුලි මාසයේදී ලීවේ මගේ ලිවීම සිදු නොවූ තැනය෴

78 comments:

  1. නාරායන් ගැන නොඇසූ තොරතුරු රැසක් දැනගන්න ලැබුණ මේ ලිපියෙන්. ඒ අස්සෙ කොහෙද යන කෝච්චියකුත් ගියා දැක්ක.

    ReplyDelete
    Replies
    1. තමුසේ දෙමල කොටියෙක්ද?

      Delete
    2. මම හැලපයම තමයි...දැන් දැන් මගෙ ලිපි වලට කමෙන්ට් අඩු නිසා මමම ඇනෝ ඇවිත් කමෙන්ට් ටිකක් ගහගන්නවා...ඇයි අවුල්ද ?

      Delete
    3. අපෝ කිසි අවුලක් නෑ.

      Delete
    4. AnonymousJune 12, 2018 at 4:28 AM

      රාලහාමි මානසික ව්‍යාධියකින් පෙලෙනවද?

      Delete
    5. නාරායන්ගේ කෑල්ලගේ තොල් බලකෝ පට්ටනේ ලේ පිරෙන්ඩ උරතහැකි

      Delete
    6. කෝච්චිය නං ගියෙ බදුල්ලෙ. ඒකෙ විස්තරත් ගොඩක් තියෙනවා අප්පා.

      Delete
  2. ටේලර්ල ගැනනං කතාකරල වැඩක් නෑ. කොහෙත් එකයි.

    ReplyDelete
    Replies
    1. ටේලරයක් විතරක් වැඩක් නෑ ඔයි, ටැක්ටරෙකුත් එකකුත් ගන්නවා. අද කාලේ හොද බිස්නස්..

      Delete
    2. ටැට්ටරේ ගන්න තාම ප්‍රතිපාදන හම්බඋනේ නෑ.

      Delete
    3. AnonymousJune 12, 2018 at 4:29 AM

      ඇනෝ එහෙමද ටේලරයක් ගත්තේ?

      Delete
    4. ප්‍රතිපාදනයක් ඉල්ලා ගනිං. මොකෝ එහෙම අඩුපාඩුවක් උඹට තියෙනවයි.

      Delete
  3. //ඒ කතාව හරිම දිග සහ මෙයට අදාළ නොවන බැවින් ඒ ගැන කතාකිරීම මෙතෙකින් නවත්වමි. //

    හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. මල්ලි සමලිංගිකද?

      Delete
    2. අසමසමයි.
      වල්කම් බැක් ඇනෝතුමනි

      Delete
    3. AnonymousJune 11, 2018 at 1:53 AM

      ඇනෝ කොලුකරයෙක් වගේ.

      Delete
    4. ඉතින් ඇත්තනෙ ඒ කතා ලියන්න ගියානං මේ කතාව ඉවරකරගන්න බැරි වෙනව.

      Delete
  4. දුවන දුම් රියෙ සගයො ටිකගේ විහිලු අඩුවක් නැතුවැතී
    දුවන දිවියට එයින් තරමක සැහැල්ලුවකුත් දෙනු ඇතී
    ලියන මෙම ලිපි බැලූවිට නාරායනන් ගැන දුක් ඇතී
    කියන ලෙස ඔහු සොඳුරු මිනිසෙකි මීට පෙර මා දන්නැතී.....

    ජයවේවා!!!

    ReplyDelete
  5. නාරායන්ගේ කතාවල යටි පෙළින් දිවෙන උපහාසය ඉතා ප්‍රබලයි. මට මතක් වෙන්නේ The Painter of Signs පොතේ රාමන්. මහා හේතුවාදියෙක් වෙච්ච පොරත් ඩේසි වෙනුවෙන් කෝවිලට ගිහින් මලක් පූජ කරලා බාර වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔන්න ලබ්බෙ ලෙන්ස් සෙන්සර් තියෙන කලුපාට කුට්ටියක් ගත්තම උන්ට ඕනි වෙනවා සත්තු ගහන්න. කැලේ ගිහින් සත්තු ගහන්න ගොඩක් උන් බයයි. එනෝ සත්තු වත්තට..කූඩු ඇතුලෙ ඉ්නන එවුන් වීරසේකරලා වගේ පොටෝ ගන්නවා.. සමහර විට උන් පොටෝ ගන්නෙ කැමරාවක් තියෙන නිසා.. එතකොට සතාව බලන්න ආවෙ කැමරාවද නැත්තං කැමරාව අරං ආපු ඇස් තියෙන එකාද?

      ඇස් වලින් දෙයක් දැකගන්නෙ නැතිව කැමරාවටම පෙන්වන්න හදන මරි මෝඩ මූසලයො ටිකක් සික් නෙදකින් ගල් පෙරේතයො.. යකෝ දෙයියො ඇස් දෙක දීල තියෙන්නෙ තොපිට බලන්න. මේ කූඩු හදන උන් ඒවා වහන්නෙ නැතුව දැල් ගහන්නෙ බොලාගේ හොම්බ දිග කැම්ර් ලබ්බවල් ඔබන්න නෙමෙයි.. ඇස් වලින් දැකගන්න. දැන් ඇස් පැත්තක දාල අරක අඹරව අඹරව බලපල්ල.. ඇතුලෙ ඉන්න සතාගෙ ලබ්බ තියේද කියලා.

      Delete
    2. ඔව් ඔව් ඔහුගේ කතා හැම එකකම පාහේ යටි පෙළ උපහාසාත්මකයි.

      Delete
  6. //හින්දි නිළියක් සේ රූමත්//

    //අපි අතර හුටපටයක්//

    ඒකීගේ ඇස් පොට්ටවෙලාද

    ReplyDelete
    Replies
    1. තමුසෙගෙ නෝනා මහත්තයාගේ ඇස් පොට්ට වෙලාද?

      Delete
    2. ඒ උනාට මූට වැඩිය මං ලස්සනයි

      Delete
    3. ආදරයට කැත ලස්සන, වයස, තරාතිරම ආදී කිසි දෙයක් බලපාන්නෙ නෑ. ආදරය අන්ධයි කියන කතාව උඹ දන්නෙම නැද්ද?

      Delete
  7. කතා කරන ලොකු ඇස්!
    හ්ම්,හ්ම්

    ReplyDelete
    Replies
    1. රාළහාමි මොකද මේ බොක පිට් වෙච්ච වඳුරෙක් වගේ ඇන තියං ඉන්නේ?

      Delete
    2. වඳුරු ඇණය උඩද ඉන්නෙ

      Delete
    3. ඇස් ලඟට බස්සෙකුත් ඇවිත් වගේ.

      Delete
  8. ලෝක සාමය වෙනුවෙන් කැපවී බර පැන දරමින් කටයුතු කරන සිංගප්පූරුවේ අගමැතිතුමාට බුදුබව පාර්ථනා කරමු.

    ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිධුරන්දර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාටත් බුදුබව පාර්ථනා කරමු.
    උතුරු කොරියාවේ අධ්‍යාත්මික නායක කිම් ජෝන් අන් මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමාටත් බුදුබව පාර්ථනා කරමු.

    ඇයි චීන ජනාධිපතිතුමා. එතුමාටත් බුදුබව පාර්ථනා කරමු.

    ඒ වගේම අප හිතවත් ශ්‍රීමත් නරේන්ද්‍ර ශ්‍රී මෝදී, ඉන්දීය අගමැතිතුමාටත් බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. තොගෙ අම්මට..
      තෝ හදන්නෙ හැම එකාම බුදු කොරවන්නද බොල

      Delete
    2. AnonymousJune 11, 2018 at 3:44 AM

      කොමෙන්ට් එක දාපු ඇනොටත් බුදුබව් පාර්ථනා කරමු

      Delete
  9. හැලපයාව බ්‍රහ්මචාරී ජිවිතයකට යොමුකරවන මෙන් හැලපේ නෝනා මහත්තයාගෙන් අප මෙසේ ඉල්ලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. බ්‍රහ්මචාරී ෆිල්ම් එක මතක් වුණා. උඹ ඒ ෆිල්ම් එක බලල තියේද? ධර්මේන්ද්‍ර හේමා මාලිනී රඟපෑවේ ලස්සන සිංදු ටිකකුත් තිබුණා මතකයි.

      Delete
  10. තමුසෙගෙ මේ පල් හෑලි මෙලෝ රහක් නෑ ඕයි...මේවා ලියන්න නාස්ති කරන කාලයෙන් මීට වඩා වැදගත් වැඩක් කරනවා...දැන් ඉස්සර තරම් කමෙන්ට් වදින්නෙත්...කස්ටිය පිට කහන්න එන්නෙත් නෑ නේද...හැලපයා පව්...

    ReplyDelete
    Replies
    1. ඇනෝ කොමෙන්ට් ආතල් එක ගන්න දන්නේ නැත්තං නිකා හිටපං මචෝ. ඇනෝ කොමෙන්ට් දාන එකත් කලාවක් බං. හැලපයට බනින එක නෙමේ ආතල් එක.

      Delete
    2. AnonymousJune 12, 2018 at 4:31 AM

      රාළහාමිත් මාරු ගැහැව්වද?

      Delete
    3. අන්නහරි අපිට ඉඩදෙන හැලපයට අපි රැස්පොට්කරන්න ඕන

      Delete
  11. බීපුවම මටත් හිතෙන්නේ අනිත් කට්ටිය ඔක්කොම ලා හොදටම බීලා කියලයි.බලනකොට හැලපතුමාටත් එහෙමයිනේ....මමත් මොරටුවගම මහත්තයාගේ පොත් කියවලා තියනවා...

    ReplyDelete
    Replies
    1. රාළහාමිගේ බ්ලොක් එකේ ඇනෝ දාන්ට බැරි මොකෝ?

      Delete
    2. බයයි බයයි ඩබල්ගේම්

      Delete
    3. අපිත් ඉතින් ඔයගොල්ලන්ගෙන් වෙනසක් නෑ බීපුවම. බලපුවම බොන හැමෝම එක විදියට හිතන පතන අය නේද?

      Delete
  12. /අපේ හොඳ මිත්‍ර ටේලරෙක්ට ඇඳුමක් මහන්නට දුන්න විට ඇඳුම ගන්නට අඩුම තරමින් මාස හයක් වත් ගතවෙයි. සමහර විට අවුරුද්ද එකහමාර ගතවෙන වෙලාවල්ද නැතිව නොවේ. ඒ මිතුරුකමයි. /

    කවුරුත් එහෙම තමා. “මහත්තෙය ඔළුව තියල යන්ඩ මං කොණ්ඩෙ කපල තියන්නං“ කියල කියන්ඩ පුළුවන්නං බාබර්ලත් ඔහොම කරයි.

    ReplyDelete
    Replies
    1. මේ මලයකාට

      Delete
    2. ඇයි බං වඩුවෝ උනුත් ඒ ජාතියෙමයි.

      Delete
  13. නාරායන්ගෙ විස්තර අහපුවම මතක් උනේ “ස්වාමි සහ යහළුවෝ“ ඒකෙ ස්වාමි ගෙ හොඳම යාළුවා “රාජම්“... අනික “රසකැවිලි වෙළන්දා“. ඒ දෙකම එයාගෙම ජීවිතය ඇසුරින් ලියපුව කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. හිතෙනවා නෙවෙයි ඒ කතා දෙකම නාරයන්ගේ කුඩා කාලය එහෙමපිටින්ම.

      Delete
  14. මොරටුවෙගම මහත්තයා ළමා පොතක් ලිව්වා නේද ඉල්ලිස සිටුතුමා කියලා ?

    ReplyDelete
    Replies
    1. පුංචි මහත්තයා බ්ලූ බලනවද?

      Delete
    2. නිතර අතගානහන්දා අප්පිරියයි

      Delete
    3. මොරටුවෙගම මහත්තය ළමා පොත් ගොඩක් ලිව්වා.

      Delete


  15. "කතාකරන ලොකු ඇස් දෙකක් තිබු ඇය "කෝ දැන්......... ?
    සප්නා එතකොට ?

    ReplyDelete
    Replies
    1. ලොකු ඇස් දෙකක් තිබු ඇය ඉන්නවා. හැබැයි මේ රටේ නොවෙයි. හමුවෙන්නෙත් නෑ. සප්නා ගැන ඊළඟට ලියමි.

      Delete
    2. ආ .. එහෙමද ? :)

      සප්නා ගැන ලියන ඊලග කොටස එනතුරු මග බලමින් .......

      Delete
  16. හැලපෙ කැමති නැද්ද වැඩිහිටියන් පමණක් වෙන්වූ චිත්‍රපටියක කාර්මික අංශේ වැඩ කරන්න?

    ReplyDelete
    Replies
    1. AnonymousJune 12, 2018 at 4:33 AM

      මල්ලි සමලිංගිකද?

      Delete
    2. මොකද අකමැති. ඇනෝ එකක් හදනව නං මම වැඩ කරන්න එන්නම්.

      Delete
  17. හැලපයියා...කොහොමද වාස දේස..හුග කාලෙකින් මේ පැත්තෙ ආවෙ...සිරිලංකාවට ආව දවසක කම්මල සමග එමි. පයින්ඩයක් එවන්ට.

    ReplyDelete
    Replies
    1. රාළහාමි ඉස්සර මැලේසියාවේ ඉන්න කාලේ ලිව්වේ එහෙ තියෙන නිවුන් කුළුන ගැන. මම එතකොට ඒකට කොමෙන්ට් එකක් දලා ඒ කුළුන හදපු මැලේසියාව අධ්‍යාත්මික නායක මහතිර් මොහොමඩ් මැතිතුමාට බුදුබව අත්වෙන්න ඕනි කියලා කිව්වම මට කෝචෝක් කරා. ආන්න දැන් ඒ උත්තමයා ආයේ ඒ රටේ ජනධිපතිවේලා.

      මම කිව්ව එක අහලා ඒ දවස් වැල ඉදං උන්නැහේට සපෝර්ට් කරා නං රාළහාමිටත් අද තැනකට එන්න තිබ්බා. කොහෙද ඉතින්.

      Delete
    2. සිරා එක පාරටම මතුවෙලා හරියට මෙරුවෙක් වගේ. පිළිවෙලක් වෙලා කියලත් දැනගන්ට ලැබුණා. දැන් මම ඉන්නෙ නං ලංකාවේ. කතා කරලා වරෙන්.

      Delete
    3. කෝචොක් කරන්න ඇත්තෙ බුදු බව අත්වෙන්න කීව එකට වෙන්ට ඇති. ඒ මිසක් මහතීර් මොහමඩ් මහතා ගැන මගෙ හිතේ තියෙන්නෙත් ලොකු ගෞරවයක්. මැලේසියාවෙ නූතන දියුණුව දැක්කම එහෙ ජීවත් වෙන පිටරැටියෙකුට උනත් ඒ සිතිවිල්ල එනවා. කොටින්ම මැලේ මිනිස්සු මහතීර් බලයේ නැති කාලෙයිදි උනත් එතුමා ගැන ඇහුවම උත්තර දෙන්නෙ පපුවට අත තියාගෙන.

      අනිවාර්යෙන්ම එමි. පත්තර කොලේකින් බෝතලයක් ඔතාගෙනම එන්නද ?

      Delete
  18. අම්පා මේ මනුසසයට ගිය ගිය තැන මගුල් පටලවෙද්දි කොහොම බේරිල උන්නද මන්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බන් ලැබීම තියෙන මිනිස්සු...
      boys school එකකට ගියත් ටීචර් කෙනෙක් හරි සෙට් වෙනවා...

      Delete
    2. අම්මප සුරංග මලයා අපි හැලපතුමාට කරටි කැඩෙන්ඩ පොවලා අහගමුද ඔය සෑත්තරේ? මටත් ඊරිසියාවේ බෑ ඒ හැකියාවට

      Delete
    3. බේරිලා හිටිය තමයි ඉතින්. අනේ අම්මෝ ගෑනු නිසා එහෙම දුක් විඳපු කාලයක්. කිසි කෙනෙකුට එහෙම ඇබැද්දියක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරන්න ඕනෑ.

      Delete
    4. ලොකු පුතා,
      මේකෙ ලොකු පුතා කියල ගහද්දි ඉස්සෙල්ලම වැදුනේ කොකු පුතා කියල. මටම හිනාගියා. බලපුවම ඒ නමත් නරක නෑ නේද බං?
      මොන ලැබීමක්ද අනේ, කරුමෙට සෙට් වෙන ඒව මට හම්බුනේ.

      Delete
    5. ලොකු මල්ලි,
      කරටි කැඩෙන්න ගහල අඬන්නයි තියෙන්නෙ කිසි කෙනෙකුට එහෙම දුකක් වෙන්න එපැයි කියල බං. එහෙම කරදර නැති උන් ගැන මට ඊරිසියයි ඒ කාලෙ.

      Delete
    6. ඔන්න ලැබෙනවනං ලැබෙන්ඩ ඕන දුක්.ඒකටත් එක්ක අපිට ලැබෙන දුක්...😢😢😢😢

      Delete
  19. ටේලර් ල.. අපොයි..

    අම්මප ඔහේ වගේ මනමාලයෙක්.. මේ රට රාජ්ජ වල ගිහින් කොහොම හිටියද මන්ද කොටුවේ ඉඳල වේයන්ගොඩ ට කෝච්චියේ යන ටිකට ඉන්න බැරි එකා.. හෙහ්..

    බොරු කියන්නේ මොකද ඔහේගේ මේ බහුශ්‍රැත කමට අම්මප ඉරිසියා හිතෙනවා.. :))))

    ReplyDelete
    Replies
    1. මහත්තයා නාවුක හමුදාවේ හිටියා නේද? මිනිස්සු කී දෙනෙක් පැහැරගෙන ගිහිං මැරුවද කප්පන් ඉල්ලලා?

      Delete
    2. අනේ ඇනෝ...පුක නොදී පැත්තකට වෙලා මැෂින් බිජ්ජගෙ රස්සාව කරහං....

      Delete
    3. කෝච්චියෙ එන ටිකට කම්මැලිකම නැතිවෙන්න කරපු දේවල් නෙ බං. ඒ උනාට වැඩේ හිතුවට වඩා දිග දුර ගියා. ලියන්න තියේ නං හොඳයි ඒ උනාට ඒව ලියන එක පව් නේද බං.

      බහුශ්‍රැත කම කිව්වෙ ගෑනු බහුශ්‍රැත කමට වෙන්නැති?

      Delete
  20. නාරායන් මහත්තයා හරියටම වෙලාවට වැඩ කළ කෙනෙක් බවත්, ඉන්ටර්විව් එකකදී පවා වෙන්කළ වෙලාවට වඩා විනාඩියක්වත් නොදුන් බවත් කියෙව්වා මතකයි. ආයෙම 'ඉංග්‍රීසි ගුරුවරයා' පරිවර්තනය කියාවන්න හිතුණා!

    ReplyDelete
    Replies
    1. කියවල අපටත් හොඳ නරක කියන්නකො.

      Delete
  21. උඩින් තියෙන කමෙන්ට් එක දාලා පැය දෙකකට පස්සේ හිතට විදුලියක් කෙටුවා. චායාමාත්‍ර මතකයක් කියනවා මට වැරදිලාය කියලා. වෙලාවට වැඩ ගැන සුප්‍රකට කුෂ්වන්ත් සිං මහත්තයාද? දන්නා කෙනෙක් හරි ගස්සන්නකෝ, තරහ නැතිව.

    ReplyDelete
    Replies
    1. නාරායන් පසුකාලීනව ඉන්ටවිව් දුන්නෙම නැහැ. ඔබේ මතකය කුෂ්වන්ත් සිං ගැන වෙන්නැති.

      Delete
  22. Helapa ayya suddage annasi thiyenawada me dawas wala..thogayak gattekida..

    ReplyDelete

ඔබේ අදහස්