Sunday, January 28, 2018

ආරි සහ ධවල නාග රාජයා, පිඹුරාගේ දුක සහ සුද්දා සමග සතුට සැමරීම.


ඊයේ රාත්‍රියේ මම අපූරු හීනයක් දැක්කෙමි.    මම මැරිච්ච ආරිත් එක්ක රජයේ කාර්යාලයකට යමින් සිටියෙමි.   රජයේ කාර්යාලයක් කිව්වාට ඒ කාර්යාලයේ සාමාන්‍ය රජයේ කාර්යාලයක දකින්නට නොලැබෙන විදියට ඉදිරිපස විසිතුරු මල් වවා දිය පොකුණු සහ ගල් තලා වලින් අලංකාර කොට තිබිණි.    අපි දෙන්නා එක පොකුණක් පසුකර යනවිට දැක්කේ පොකුණ අයිනේ ගල් තලාවක පෙණය පුප්පාගෙන සිටි සුධා ධවල නාග රාජයෙකි. ඉදිරියට යමින් සිටි අපි දෙදෙනා එක්වරම ගල්ගැහුණේ මේ තේජාන්විත සුදෝසුදු නාග රාජයා දැකීමෙන් ඇතිවූ භීතිය නිසාය.  


රජයේ කාර්යාලවල කොහොමත් නයෙක් දෙන්නෙක් දුලබ නොවේ.    සමහර ඒවායේ ඉන්නේ මුචලින්ද නාග රාජයාටත් වඩා ලොකු නයිය.   ඒ උනාට මේ නාගයා සිටියේ කාර්යාලයේ නොවැ කාර්යාලයට එන පෙත් මඟේය.  

ආරි මාවත් ඇදගෙන ඉස්සරහට යන්නට හැදුවත් මම දිගින් දිගටම පසුබැස්සෙමි.  ජීවත්ව සිටියදීද ආරි මැරෙන්නට බයක් තිබ්බ එකෙක් නොවේ, මරණය දැක දැක ඉදිරියට යන එකෙකි.  වතාවක් බෙල්ලෙ වැල දාගත් ආරියා තවත් වතාවක් කෝච්චියට බෙල්ල තියන්නට ගියේය.  අලුත් අවුරුදු දවසක හොඳටම බීගෙන ගොනෙකුගේ බෙල්ල කඩන්නට ගිහින් ඔලුව පළාගෙන යන්තම් බේරුණේය.   ඒ උනාට ඇත්තටම මැරුණේ සිරෝසිස් හැදිලාය.    ඒ කතා ටික පසුවටය. 

දැනටමත් සැරයක් මැරී ඉන්න ආරියාට තව කී සැරයක් මළත්  එකය.   නමුත් මට එහෙම නයෙක් ගසා මැරෙන්න ආසාවක් නැති නිසා පණ බයෙන් හිටි තැන ගල් ගැසී හිටියෙමි.    නාග රාජයා දිහාම බලා ඉන්න මම දැක්කේ නාග රාජයාගේ බඩ හරියේ එක තැනක් ඉදිමී ඇති බවය.   ඒ ගෙඩි පිටින්ම බිත්තරයක් ගිල දමා ඇති නිසා බව ආරි කීවේය.   එය නම් සාමාන්‍ය කිකිළි බිත්තරයකට වඩා මහත එකකි සමහර විට තාරා බිත්තරයක් විය හැකිය.    

තාරා බිත්තරය කිකිළි බිත්තරය වගේ දෙගුණයක් තරමය.    කේරළේ ගිහිං තාරා බිත්තර කාපු කතාවක්ද තිබුණත් එය මෙතැනට අදාළ නොවේ.     ගල්වල ගැටී බිත්තරය පළුදු වේදෝ යැයි බියෙන් මෙන් නාග රාජයා සිය වලිගය බඩ වටා පටලවාගෙන සිටියේය.  දෙගොල්ල මුණෙන් මුණ බලාගෙන ඉඳිල්ල ඉවරයක් නැති තැන නාග රාජයා  එක්වරම සිං ගා අහසට පැන තටු ගසමින් ඉගිලී ගියේ මගේ කණ ලඟිනි.   මේ නම් මහා කොබෝ නයෙකැයි වැටහුණු මම භීතියෙන් වෙවුලමින් ඉවතට පැනගත්තෙමි.    

සැක්, මොකද මනුස්සයො මේ මහ රෑ දඟලන්නෙ, නිදාගන්න වත් දෙන්නෙ නැද්ද? 

ඛේදයකි!  මා පැන ඇත්තේ පසෙක නිදාසිටි හැලපිගේ ඇඟටය.

නෑ මේ හීනයක් දැක්කා ! තවමත් බියෙන් සිටි මම කීවෙමි.

හීනෙන් බය වෙන්නෙ නැතුව යැ දවල් දවස තිස්සෙ කියවන්නෙම බහුබූත කොට, බ්ලොක් කියයි බුක් කියයි රෑට පේන්නෙත් ඔව්ව තමා ! දැන්වත් පන්සිල් අරං දෙයියන්ට පිං දීල නිදාගන්නැ 'යි ! කී හැලපි ඔලුවේ ඉඳන් රෙද්දත් පොරවාගෙන ආපහු නිදාගත්තාය.

වෙලාව රෑ දෙකය, වතුර ටිකක් බී ආපහු නිදාගන්න බැලුවත් නින්ද අහලකවත් නැත.   මට මතක් වෙන්නේම නාග රාජයාගේ ඉදිමී තිබු බඩය.   මේ ඊයෙ පෙරේදා මාධ්‍ය ජාලා වලත් මුහුණු පොතේත් සංසරණය වූ  මුවෙක් ගිලදමන පිඹුරාගේ ජනප්‍රිය වීඩියෝව මට මතක් විය.   මටනම් දුක හිතුණේ මුවාට වඩා මුවා ගිලදමන්නට දුක්වින්ද පිඹුරා ගැනය.   මුවාගේ බාගයක් එළියේය, බාගයක් ඇතුළේය, පිඹුරාගේ කට ගව්වක් විතර ඇරී ඇත, මුවා ඇතුළට යන වේගය පැයට අඟලකි.    මුවාට අං නොතිබූ එක වාසනාවකි.   නැත්නම් සිද්දවෙන්නේ අර රොමයියගේ පිඹුරාට වෙච්ච දේය.    රත්තරන් මුතු මැණික් දෙනවාය කිව්වත් මම නම් කෑමකට ඔච්චර දුක් විඳින්නේ නැත.   ආයෙමත් කෑමක් කනවා නම් ඔය ලොකු ලොකු සත්තු අතහැර හාවෙක්, මීමින්නෙක්, වඳුරෙක්, වළිකුකුලෙක් වගේ ගිලින්නට ලේසි සතෙක් අල්ලගෙන ගිල දමා ආහාර වේල පිරිමසා ගන්නා ලෙස අනුකම්පා පෙරදැරිව පිඹුරාට කියන්නට කැමැත්තෙමි.

මීළඟට කියන්නට ඇත්තේ තරමක පුරාජේරුවකි.    පහුගිය ඉරිදා ලක්බිම පත්තරේ හැලපකඩේ ගැන සඳහන් වී තිබීම බ්ලොග් රචකයෙක් වශයෙන් මගේ සිත සතුටට පත්කරවූ කාරණයක් විය.   ලිපිය ලියා තිබුණේ මාධ්‍යවේදී ක්‍රිෂ්ණා විජේබණ්ඩාරයන්ය.   හැලපකඩේ බ්ලොගයේ පස්වන සංවත්සරය වෙනුවෙන් මවිසින් ලියන ලද ඇරියස් කතාවක් සහ සුද්දාගේ අන්නාසි සොමිය පෝස්ටුව ගැන ඔහු ලියා තිබුණේ සිංහල බ්ලොග් අඩවි හඳුන්වා දෙමින් ලියන්නට යෙදෙන ලිපි මාලාවක පළමුවැනි ලිපිය වශයෙන්ය.   මාධ්‍යවේදියෙකු මතු නොවැ බ්ලොග් රචකයෙක්ද වන ක්‍රිෂ්ණා විජේබණ්ඩාරයන් වලස්පතිගේ අඩවිය නම් වූ බ්ලොගයේ රචකයාය.   

හාපුරා කියා හැලපකඩේ ගැන ජාතික පුවත්පතක පළවීම සමරන්නට වටින සතුටුදායක කරුණක් බැවින් කර්තව්‍යය ඇරඹීමට අප මුණගැසුනේ සුද්දාගේ ගෙදරදීය.   ඒ සඳහා කතාවේ නොහිටියත් මාතෘකාවේ හරි හිටපු සුද්දාට ආරාධනා කිරීම මගේ යුතුකමකැයි මා සිතුවෙමි.  සවුදිය පුරා හමුව ඇරඹුනත් සමරන්නේ කුමක්දැයි මා සුද්දාට කියන්නට නොගියේ අන්තර්ජාලය හෝ බ්ලොග් යනු සුද්දාට තවත් එක වචනයක් පමණක්ම වූ නිසාය.  සුද්දා  බෝතලය  හොඳහැටි  සප්පායම් වුණේ මා ලියන කතාවල ඔහුද එක චරිතයක් බව හෝ තමන් බ්ලොග් පාඨකයන් අතර බොහෝ ජනප්‍රිය කෙනෙක්ය ඈ කිසිවක්ම නොදැනමය

84 comments:

  1. හැලපීගේ ඇඟට පනින්නට ගොස් තට්ටේ පලා නොගෙන බේරුනා ඇතිය.

    බ්ලොගය ගැන පත්තරේ පලවීම ගැන සතුටුය. මෙසේ බ්ලොග් ගැන පත්තරේ පලවීම තව කීපදෙනෙකු හෝ බ්ලොග් බලන්නට යොමුවීමට හේතුවක් වන්නේය. මක්නිසාද යත් මාද බ්ලොග් බලන්නට පුරුදු උනේ ලක්බිම පුවත්පතේම පලවූ අච්චාරු නම් බ්ලොගයක 'සුදන්ත සාදුගේ දිනපොත' නැමති ලිපි මාලාව කියවීමෙනි.

    ReplyDelete
    Replies
    1. තමුසේ බ්ලොග් විතරද බලන්නේ? අසභ්‍ය පුවත්පත් බලන්නේ නැද්ද?

      Delete
    2. ඒව බැලුවෙ ඉස්කෝලෙ යන කාලෙ ගස් අස්සෙ හංගල තියාගෙන. දැං තාක්ෂණේ ඊට වඩා දියුණුයිනෙ ඇනෝ. හැක්..

      Delete
    3. තමුසේ පොඩි කොල්ලොන්ට අසභ්‍ය එව්වා පෙන්නලා ලෝඩ් බාගන්නවා කියන්නේ ඇත්තද?

      Delete
    4. ඔය කියන බ්ලොගේ දැන් අප්ඩේට් නොවුණට කො කා නං හැමදාම අප්ඩේට්. ඉතිං ලක්බිමට ස්තුති නොකර කොහොමද?

      Delete
  2. හැලප කඩේ පත්තරේ යෑම ගැන සතුටුය.දැන් රේඩියෝ එකෙත් ගියොත් හරිය.මොකද දැන් එතුමා පත්තරේ බලනවා වගේම රේඩියෝ එකත් අහන නිසා බ්ලොග් වලට ඊගාව බජට් එකෙන් ගානක් වෙන් කර ගන්නත් පුළුවන් වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ආන්න පාර ය. බඩු බනිස් ය.

      Delete
    2. හා හොදයි. ගිහිං ඇල්ලේ පොලීසියට කියපන්.

      Delete
    3. කාලයක් බස් රේඩියෝ එකක් කියල තිබුණා දැන් ඒක නැහැ. කොහොමත් කාලයක් යද්දී බ්ලොග් වලටත් ජාතික තලයේ තැනක් ඒවි. හැබැයි ඒ වෙනතුරු අපි බ්ලොග් ලියයිද දන්නෙ නෑ.

      Delete
  3. පත්තරේ ගිය එකට හද පතුලෙන්ම මෙව්වා එක....

    ඊයෙ ලක්බිම පත්තරේ ගත්තට කියවලා බැලුවේ නෑනෙ.... සව්දිය පුරාගෙනම හිටිය මිසක්ක......

    ReplyDelete
    Replies
    1. 'පුරාගෙන හිටිය 'යන්න, 'පෙරාගෙන හිටියා' යන්න නිවැරදි විය යුතුය.
      - සූටික්කා -

      Delete
    2. ඈ බොළ ?

      අපි කොහෙද පෙරාගෙන බොන්ට දන්නේ ? තොපිනෙ ඉතිං පෙරාගෙන බොන උන්.... අපි ඉතිං උඹලා කොරන දේ, බලගෙන ඉන්නවා තමා කොරන්නේ.....

      - මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී -

      Delete
    3. සන්සුන් වෙන්ඩ සූටික්ක. මල් පැණි වගේ නෙමේ ඇත්ත තිත්තයි බ්‍රෝ . 😁

      Delete
    4. සව් බිව්වද?

      Delete
    5. තනියම සවුදිය පුරනකොට දුකක් හෙම දැනුනෙ නැද්ද?

      Delete
  4. දැන් දන්නව නයෙක් අරින්නේ කොහොමද කියල...😂😂😂

    ReplyDelete
    Replies
    1. සුදීකගේ ඩොස් නයා වගේ නෑ ඔය කොයි නයාත්.

      Delete
    2. ඉගෙන ගත්ත එක ගැන සතුටුයි. දැන් ඉතිං පත නයෙක් අරින එකයි තියෙන්නෙ.

      Delete
  5. සුභ පැතුම් හැලපේ.. පත්තරේ හොයාගෙන බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මහත්තයා දියතලාවේ හෙන ගොඩේ පැත්තක නේද ඉන්නේ? එහෙට පත්තර එන්නේ සතියට සැරයයිද?

      Delete
    2. ස්තුතියි පැතුම්.

      Delete
  6. සුබ පැතුම් හැලප කඩේට

    ReplyDelete
    Replies
    1. හැල පකඩේට අපගේත් උණුසුම් සුභ පැතුම්. ඔබගේ සුභ පැතුම මාගේ පුකයි.

      පුක යනු කුණුහරුපයක් නොවේ- දිවංගත කක්කි කකා

      Delete
    2. ස්තුතියි ශානි.

      Delete
  7. සුභ පැතුම් !

    පිඹුරගෙ වගේ හක්ක ෆ්ලෙක්සිබල් වුනාම හරි

    ReplyDelete
    Replies
    1. මහත්තයා බ්ලූ බලනවද?

      Delete
    2. බලනවද?

      Delete
    3. ෆ්ලෙක්සිබල් නොවී බ්ලොග් ලියන්න හැබෑටම අමාරුයි. අද වැටක් නැති එක ගැන හරිම සතුටුයි.

      Delete
  8. හැලපෙට ජය වේවා. !!
    සැමරීමට කාන්තා පාර්ශවයට ආරාධනා කලේ නැතෙයි. එයාලත් කතා ගොඩක් ලියන්න උදවු උනා නේදා ?

    ReplyDelete
    Replies
    1. තමුසෙට වෙන වැඩ නැද්ද ගොනෝ ගෑනුන්ගේ එව්වා හොය හොයා ඉන්නේ.

      Delete
    2. මගේ බ්ලොගයට කතා ලියන්න වැඩිපුරම උදව් වුණේ කාන්තාවන්ය. ඔවුන් සැමරීමට මොනවා කළත් මදිය. ජය වේවා!!

      Delete
  9. ගොඩක්ම සතුටුයි හැලපයියෙ. මං කියවන්න ගත්තු මුල්ම බ්ලොග් කීපයෙන් එකක් මේක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකී. ඩ්‍රැකී කියල ලියන්න කොච්චර අමාරුද කියල දන්නවද? ඩ්‍රම් කියල මුලින්ම ලියල ම් කපල ඇදේ ගෙනැත් එල්ලන්නයි වෙලා තියෙන්නෙ.

      Delete
  10. සික්...වේලෙන්නත් කලින් පත්තරෙත් ගිහින් නොවැ. පත්තරේ ගිය එක ගැන හැලපෙට සුබපැතුම්! මතක විදියට කියවපු මුල්ම සිංහල බ්ලොග් එක taboo subjects

    හැලපෙ ඇතුළු සියලුම සිංහල බ්ලොග් රචකයන්ට ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේ ටවුවේ ගාමිණි හෝටලේ තේ ගහන මත්තයියා හම්බෙන්න ගියාද? පුක පුරා කැ*. අත පුරා සල්ලි.

      Delete
    2. ස්තුතියි උදය! දැන් වේලෙන්නත් කළින් පත්තරේ යන එක නවත්තන්න බෑ.

      Delete
  11. යකෝ මෙන්න නයි අරින හැටි නියමෙටම.චෙෆාකිගෙ කටේ සත පනහක් දාන්න වටිනවා.මූ ඇවිල්ලා මුචලින්ද නාග රාජයා වගේ දෙගුණයක් සයිස් එකෙක්.මැරුන යාළුවෝ හීනෙන් පේන්නේ හොඳකට නම් නෙමෙයි පරිස්සමින්.

    ReplyDelete
    Replies
    1. අපෝ ඔයිට වඩා නයි කොච්චර ඉන්නවද? කුමාර දැකල නෑනෙ බ්ලොග්වල හිටපු නයි.

      Delete
  12. නයා ගැන කිව්වාම මටත් මතක් උනේ අපේ ගමේ නයා. මෑන්ගේ කථා අපි පොඩි කාලේ අහන්නේ කට ඇරගෙන. හත් අට දෙනෙකුට ගහපු හැටි, මිනිහ අල්ලපු පත සයිස් මාලු ගැන කථා, කැලේ ඇවිදින්න ගියාම වෙච්ච දේවල් ...... පස්සේ තමා මිනිහා නාග රාජයෙක් කියලා දැනගත්තේ.

    හැලපේ අය්යේ ඉන්දොලමුල්ල පාරේ අබේසේකර මහත්තයාගේ මල ගෙදර ගියෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. මරණෙ ගැන දැනගත්තෙත් මල් මල්ලි කිව්වට පස්සෙයි. දැන් තොරතුරු ලැබෙනව හරි අඩුයි බං.

      Delete
  13. මොකක්ද ඔයි හැලපෙ, තමුසේ හරියට ඉමේජ් එකක් වත් ගන්න දන්නේ නෑනි. ඔන්න හැලපගේ පත්තර ආර්ටිකල් එක පැහැදිලිව තියෙනවා පහල ලින්ක් එකේ.

    ඒක අරං පොස්ට් එකට දාගන්න.

    ලක්බිම ලිපිය

    ReplyDelete
    Replies
    1. ටැන්කු ඇනෝ. දාගත්තා.

      Delete
  14. හැලපකඩේ ගැන ජාතික පුවත්පතක පළවීම පිලිබදව මගේ සුබ පැතුමේ හැලපේ අය්යාට

    ReplyDelete
    Replies
    1. ඔබගේ සුබ පැතුම මාගේ පුකයි.

      තමුසෙව බන්දන්න ඕනි බලුකිස්තානේ පෙඩරල් හමුදාවට.

      (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා)

      Delete
  15. වෙරදා හැදූ බ්ලොගයකි හැලපය නමිනා
    ඉරිදා ලක්බිමේ පිටු අතරේ තිබුණා
    දළුදා සතුට හදවත්වල නිති නැගුනා
    පළඳා සුභපැතුම් කවියක මම තියනා.....

    සතුටුයි හැලපේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කකාගේ කයි-පදයක් වගේ. මෙලෝ රහක් නැහැ.

      Delete
    2. ස්තුතියි දුමී. හැමදාම වගේ රසවත් කවියක්.

      Delete
  16. සුබ මචන් :* මහන්සියේ ප්‍රතිපල තමා ඉතීම් ඔය වපුරන්න්නේ :)

    ReplyDelete
  17. සුබ මචන් :* මහන්සියේ ප්‍රතිපල තමා ඉතීම් ඔය වපුරන්න්නේ :)

    ReplyDelete
    Replies
    1. එක කොමෙන්ට් එක දෙපාර ගාන දන්නෙත් ඔහෙත් මහන්සි වෙලා කියලා පේනවා.

      Delete
    2. ස්තුතියි. මහන්සියෙන් ලියද්දි ප්‍රතිපලත් ලැබෙනවා නේද?

      Delete
  18. හැලපයියා මගේ හොදම ඥාතියා, ආවේ ඔබ සොයා.
    අපේ රටේ සංවර්ධනේ අපේ රටේ සංවර්ධනේ, හැලපයියගේ වර්ධනේ හැලපයියගේ වර්ධනේ

    හැලපයා මහින්ද මහත්තයාගේ ආණ්ඩුවට වැඩ කරද්දී දෙන්නා පැටලුනේ නැද්ද? හැලපෙත් නිකං අපේ හිටපු ජනාධිපතිතුමා වගෙනි පේස්කට් එක. බුරුස්‌ රැවුල වවන් ඉන්නකොට හරි හුරතල්.

    ReplyDelete
    Replies
    1. හැලපෙට ලංකට් දෙකක්ම අන්දලා පොදු අපේක්ෂකයා ලෙස 2020 ඉදිරිපත් කරන මෙන් අප ඉල්ලා සිටිමු.

      Delete
    2. අයි හැලපයාට ලබ්බ ( අපස්ථිතික ජල පුංඤ්ඤය) බැහැලාද?

      Delete
    3. ඇනෝ, හැලපයා කවදාවත් ආණ්ඩුවලට වැඩකර නැත. රජය වෙනුවෙන් හැමදාම දිවිහිමියෙන් වැඩ කළෙමි.

      Delete
  19. සුබ පැතුම් හෙලප අයියේ . cheers

    ReplyDelete
    Replies
    1. හෙලප නෙමෙයි හරකෝ, හැලප. හැලප.. හැල පයියා

      Delete
    2. ස්තුතියි රාවණා.

      Delete
  20. ඔබේ බ්ලොගයට ජය පතමි .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ජෙනරාල් විචාරක මහතා සිටි යුගයේ මෙන් එම බ්ලොග් අඩවිය යාවත්කාලීන නොවන්නේ ඇයි නෝනා?

      Delete
    2. ඩිසන්ට් ඇනෝ කෙනෙක්.. රෙස්පෙක්ට්! :D

      Delete
    3. ස්තුතියි දියණිය.

      Delete
  21. හැලපයමද ඇනෝ ඇවිත් "ඇට මැස්සා" වගේ ආතල් දෙන්නේ?

    ReplyDelete
    Replies
    1. හැලපගේ යටි බඩ. යට පැත්ත. හැලපෙට කෑම දිය යුතු ඇඟ පත රිදෙන.

      Delete
    2. කැමති විදියකට හිතාගන්න ප්‍රභාත්. ඔබ හිතන දේට කියන දේට වැට බඳින්න මට බෑනෙ. ප්‍රා ඇවිත් ඔබේ කතාවට වැට ගහපු එක ගැන නම් මට පොඩි දුකක් තියෙනවා.

      Delete
  22. Replies
    1. මහත්තයා රා අරක්කු බොනවද?

      Delete
  23. හැලපයා ගිය දුරක්...නියමයි නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොච්චි. එච්චර දුරක් නෙවෙයි බැලුවම නේද?

      Delete
  24. හැලප මල්ලිගේ හැලප කඩය Blog අඩවිය මහා ඉහළින් අගයමින් ජාතික පුවත් පතක ගිය විස්තරය පිළිබඳව මගේ සුබ පැතුම්.
    වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ ආදී ශිෂ්‍යයෙකු වන ඔඅබටද මතක ඇතිනේ එහි මා විසින් සිටුවන ලද මැන්ගුස් ගස ගැන Post එකක් ලිව්වා. ඒ මැන්ගුස් ගස සිටුවා 2018 පෙබරවාරි 4 වනදාට (තව දින දෙකයි) හරියටම වසර 60 ක් වෙනවා. මා හිටි කාලේ කවුරුවත් දැන් එහේ නැහැ. ඔබ දන්නා අය සිටිතොත් මේ ගැන මතක් කරන්න.
    මම මේ සම්බන්ධව මෙහේ (ඕස්ට්‍රේලියාවේ) සිංහල පුවත් පතකට ලියන ලද ලිපියක් පළකර තිබුනා. කැමති නම මේ ලින්ක් ඒකෙන් කියවා බලන්න.
    Sannasa Jan 2018 issue pages 12 and 13 ----- http//www.ketapathpawura.com/viewer.htm

    ReplyDelete
    Replies
    1. මොකක්ද දයා අයියේ අපේ කකාගෙන් වත් අහගන්නකෝ හරියට ලින්ක් එකක් දාන විදිය. මෙහම අපහාස කරන්නේ ඇයි හැලපෙට වැඩ කරන්නේ නැති ලින්ක් දාලා? දයා අයියා පන්සලකට පල්ලියකට යන්නේ නැද්ද?

      Delete
    2. ස්තුතියි දයාවී, ඔබ අපේ ඉස්කෝලෙ මැංගුස් ගහ සිටුවා තිබෙන්නේ මා උපදින්නටත් පෙරයි. ශිෂ්‍යයෙක් කාලෙ මම ඒ ගහේ ගෙඩිත් කෑවා. හැබැයි ගැට සයිස්. ඉස්කෝලවල පළතුරක් ඉදවගන්න බැරි බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. මෙදා සැරේ OB රැස්වීමට ගියාම ගහ ගැන වැඩිදුරටත් සොයා බලන්නම්.

      Delete
    3. මැංගුස් ගහක් ගැන මතකෙට එන්නෙම නෑ. සැපතිල්ල ගහයි , සියඹල ගසුයි , ලාවුලු ගහයි, කොස් ගස් ටිකයි , අඹ ගසුයි ම්....හම් මතකම නෑ.

      Delete
  25. ඇනෝ.. මේ නයා කියෝලා වගේම ලක්බිමේ ආටිකල් එක කියෝලත් මාත් හරියට සතුටු උනා කියල හැලපයාට කියපං.. ඒ වගේම උඹේ මේ මහන්සිය ගැනත් සතුටුයි.. :)

    ReplyDelete
    Replies
    1. ඒ වගේම කමි ඇවිත් කමෙන්ටුවක් කොටපු එක ගැනත් සතුටුයි.

      Delete
  26. +++++++++++++++++++++++++++++ Salute

    ReplyDelete
  27. Helapayata subha pethum mokadha mee gon athal dhena ano????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඒ ඇනෝ අපට හැමදාම ආතල් දෙන එකානෙ.

      Delete
  28. නියමා...............යි.
    සුභ පැතුම්.

    ReplyDelete

ඔබේ අදහස්