Wednesday, December 27, 2017

ස්වප්නා හමුවීම, රක්ෂිත කැලෑ විනාශය, චෙෆාකිගේ මාළු වල සහ කාවයියෝ.


අලුත් අවුරුද්දක අරුණළු පේන මානයටම ඇවිත් තිබෙන මේ උඳුවප් මාසයේ නම් වෙනත් උඳුවප් මාසවල මෙන් ගත සලිත කරන හිත හිරිවට්ටන සීත සුළං රැළි හමා නොගිය අතර ඒ වෙනුවට මාසයේ අඩක්ම ගතවුණේ  ඇත්තේ මහ වර්ෂා මැදය.  උඳුවප් මාසය මට බොහෝ අතීත මතකයන් සිහිගන්වන සමයක් බව මා මීට අවුරුදු කීපයකට පෙර ලියු මේ බ්ලොග් සටහනේ ලීවෙමි.   ඒ සටහන මට හදිසියෙන් මතක් උනේ කාලයකට පසු ස්වප්නා මුණගැසීම නිසාය.    ඒ මුණගැසීම සිදුවුණේ කල්ප කාලාන්තරයකට පසුවය කියා මට හිතුණේ ස්වප්නා වෙනස්වී ඇති අයුරු දැකීමෙනි.    දැන් ඇය ලොකු දරුවන් දෙදෙනෙකුගේ මවක් වගේම ශරීර ප්‍රමාණයෙන්ද අති විශාලය.     

කෙල්ල සමයේදීද  ඇය තරමක් උස මහත ලලනාවකි.    ඒ උනාට ස්වප්නා මට හිනාවුණේ තරුණ අවදියේ පන් බොඩයක් මෙන් කැහැටු ගැටවරයා මේ තරම් උස මහත උනේ කොහොමද කියා වෙන්නට ඇත.   තරමක කෙටි ඇසුරකින් පසුව අසූ ගණන්වල මැද භාගයේ දී පමණ අප දෙදෙනා වෙන්වුණේ එතරම් හිත හොඳකින් නොවන බව ද මගේ මතකයයි.    ඊට එකම හේතුව වුයේ අප දෙදෙනාගේ අරමුණු එකිනෙක නොපෑහීමය.    එකල මගේ අදහස වුණේ තවටිකක් වැඩිදුර ඉගෙන ගන්නටත් රැකියාවේ උසස්වීමක් ලබාගන්නටත් වූ අතර විවාහවී ගෙදරට කොටුවන්නට කිසිම බලාපොරොත්තුවක් මා තුළ නොවුණත් ස්වප්නාගේ එකම අරමුණ වුයේ හැකි ඉක්මනින් විවාහ වන්නටය.    වැලිසර රෝහලේ සිට කොළඹ ප්‍රධාන කාර්යාලයට මා ස්ථාන මාරුවක් ලබාගත්තේද මගේ සිතේ තිබු බලාපොරොත්තු ඉටුකර ගන්නටය.   

මා උසස්වීමක් ලබා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට මාරුවී ගිය අවුරුද්දේම ස්වප්නා ඇය හඳුනා ගත් තරුණයෙකු සමග විවාහ වූ බව මා දැනගත්තේ බොහෝ පසු කාලයකදීය.    ඒ දෙදෙනා විවාහ වෙන්නට පෙර එක දවසක් ජෝඩුවම ප්‍රධාන කාර්යාලයට පැමිණියේ ස්වප්නා ඉල්ලා තිබූ ස්ථාන මාරුවක් ගැන සොයා බලන්නටය.    දුටු පමණින්ම පුද්ගලයා ගැන මගේ හිතේ එතරම් ප්‍රසාදයක් ඇති නොවුණත් මම ස්වප්නාට අවශ්‍ය රාජකාරිය ඉටුකර දුන්නෙමි.    විවාහවී දරු දෙදෙනෙකුත් ලද පසු ස්වප්නාගේ සැමියා වෙනත් කාන්තාවක් ජෝඩු කරගෙන ස්වප්නා ව අතහැර ගිය බවද මා දැනගත්තේ බොහෝ කලකට පසුවය.    තනිවූ ස්වප්නා ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙමින් දරු දෙන්නාද ලොකු මහත් කරගෙන ගේද හදාගෙන රැකියාව කරමින් ඉන්නා බව මේ මෑතකදී මට කතාකළ මිත්‍රයෙක් කීවේය.    ස්වප්නාගේ මෑණියන්ගේ තුම්මාසේ දානය ඒ ළඟ දිනකට යෙදෙන බවත් පැරණි මිතුරන් එදාට එකතු වන බවත් මාත් දානයට එනවා නම් හොඳ බවත් ඌ වැඩිදුරටත් කීවේය.    ඊට ටික දිනකට පසු ස්වප්නා මට කතාකළේ දානයට ආරාධනා කරන්නටය.   දුරකතන අංකය ඇය මගේ මිතුරාගෙන් ඉල්ලගෙන තිබු අතර නොවැරදීම දානයට එන්නටය කියූ ස්වප්නා කන්නට කැමති දෙයක් ඇත්නම් හදා තියන්නට හැකියැයි කීවේ සිනාසෙමිනි.

ස්වප්නලාගේ ගෙදරට මා මීට කළින් ගොස් තිබුණේ මීට බොහෝ ඈත කාලයකට පෙර සිදුවුණු ඇගේ අක්කාගේ විවාහයටය.   ඒ ගියේ කොහාටද මොන ආකාරයකටද යන්නවත් ගැන කිසිම අයුරුවක් මගෙ මතකයේ නොවුණත් රේල් පාරෙන් පැන වෙලක් හරහා ගියා යන්තමට වගේ මතකය.   ඒත් මෙදා නම් ගේ ළඟටම යන්නට තාර පාරක් වැටී තිබුණත් පෙර තිබු පිටිසර ගතිය එලෙසමය.    තාර පාර එක දිගටම වැටී තිබුණේ රජයේ රක්ෂිත කැලය අද්දරින්මය.   පාරෙන් පැන රක්ෂිතය ඇතුළට අපි කීප දෙනෙක් ගියේ කැලේට තිබුණු ආසාව නිසාමය.    කැලය ඇතුළට යන්න යන්න කළුවර ගතියද සිසිලසද කුරුළු හඬද එකසේ වැඩිවෙයි.    මට එකවරම මතක් වුණේ මීට කාලයකට පෙර අප කරක් ගැසූ රක්ෂිත වනයකි.    ඒ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලයේ තිබු අමන ආර්ථික ප්‍රතිපත්තිය හේතුකොටගෙන ජනතාව සාගතයෙන් පෙළුණු සමයයි. 

බෝතලේ ගම වටා තිබු අරංගල කන්ද, ආඳාගල කන්ද, විලිකුළාකන්ද, කොස්ගස් කන්ද, කළු කන්ද ආදී කඳුවලින් සමන්විත අලංකාර කඳු වළල්ල ගම්මානයට ගෙනදුන්නේ අමුතු සුන්දරත්වයකි.   හිරු එළිය නැගගෙන එන විටදී මෙන්ම බැසගෙන යන විටදීද පළමුවෙන් එළිය සහ අඳුර වැටීගෙන එන්නේ කන්දටය.   එළියට බැස කඳුපෙළ දෙස බලා ඉද්දී මාගලක් එලාගෙන යන ආකාරයට එළිය වැටීගෙන එන අන්දමත් පැදුරක් අකුලන්නාසේ අඳුර වැටීගෙන එන ආකාරයත් බලාසිටීම කවදාවත් එපා නොවෙන තරමටම සුන්දරය.    මේ කඳුපෙලේ තිබූ කැලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තිබු එක් වටිනාම වන සම්පතක් වුවා නිසැකය.     අවුරුදු සිය දහස් ගණනක් වයස් වූ මහ වනස්පතීන්ගෙන්ද බිම පුරා තට්ටු ගණනින් පතිතවී තිබු කැලෑ කොළ තට්ටුව මැඩගෙන සරුවට වැවුණු හබරොස්ස වැල් කුඹුරු වැල් හා යෝධ පුස් වැලින්ද කඳු මුදුනේ ගල්තලාව උඩින් කුඩා දිය සීරාවක් සේ පටන්ගෙන දෙපස සරුවට වැවුණු බට පඳුරු පීරාගෙන ටික ටික සරුවී පහළට එද්දී විශාලවන මනස්කාන්ත දිය කඳුරු ආදියෙන්ද මොනවට සැරසුණු වන රැජිණිය සිය අභිමානවත් අලංකාරය මොනවට විදහා දැක්වූවාය.    මොන තරම් වටිනා වන සම්පතක් වුවත් පැවති රජයට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එහි තුට්ටුවක වටිනාකමක් හෝ තිබුණාදැයි සැක හිතෙන්නේ ගමේ මිනිස්සු වන රක්ෂිතය උඩ සිට පහලටම කපා පුළුස්සා මඤ්ඤොක්කා බතල වවනතුරු කිසි කෙනෙකුට විරුද්ධව කිසිම පියවරක් ගන්නට කෙනෙක් සිටියේ නැති නිසාය. 

එය එපමණ අරුමයක් නොවන්නේ සිංහරාජ වනාන්තරය කපා ගස් ටික තුනී ලෑලි හදන්නට ගිංතොට පැටවුයේද ඒ කාලයේදීම නිසාය.   අද නම් ගහක් තියා කැලේ ගහක අත්තක් කැපුවත් රෙදි කරට ගෙන දුවගෙන එන පරිසර සංවිධාන, විවිධ භාරයන්, එන්. ජී. ඕ. කාරයන් ඈ කිසිකෙනෙක් එදා වන විනාශය ගැන කතා කරන්නට සිටියේ නැත.   අද නම් උද්ඝෝෂණය කරන්නට මේ පරිසර සංවිධාන සතුව බොහෝ සටන්පාඨ ඇත.   මේ දිනවල වඩාම ජනප්‍රිය සටන් පාඨය වනුයේ 'විල්පත්තුවේ වන විනාශය නවත්වනු' යනුවෙන් කරන උද්ඝෝෂණයයි.  මේ ඊයෙ පෙරේදාද කොළඹ කොටුව අවහිර කරමින් විල්පත්තු වන විනාශයට විරුද්ධව අති විශාල උද්ඝෝෂණයක් පැවැත්විණ.    උද්ඝෝෂකයින් කියන්නේ විල්පත්තු රක්ෂිත වනාන්තරය කපා එළිකර මුස්ලිම් ගම්මාන පිහිටුවද්දී ආණ්ඩුව ඇහැ කණ පියාගෙන බලාසිටින බවයි.    පහුගියදා ප්‍රසිද්ධියට පත්කළ පිංතූර විශේෂයෙන් ඩ්‍රෝන කැමරා මගින් ලබාගෙන තිබු ඡායාරූපවලට අනුව සිදුවී ඇති වන විනාශය අති මහත්ය.   විල්පත්තුවට මෙපමණ හානියක් කරද්දී ආණ්ඩුවට අහක බලාගෙන සිටිය හැකිද? නැත්නම් මේ වන විනාශයට විරුද්ධව ආණ්ඩුව පියවර නොගන්නේ ඇයි?    මට ඇතිවූ ප්‍රශ්න වුයේ ඒවාය.    සාමාන්‍යයෙන් මෙවැනි උහතෝකෝටිකයකදී සිදුවී ඇත්තේ කුමක්දැයි මා සොයා බලන්නේ වෙන කුමකටවත් නොවැ මගේම සිත් සංතෘප්තිය උදෙසාය.    එහෙම සොයා බැලූ විට මට දැනගන්නට ලැබුණේ මෙහෙම කතාවකි.

මීට අවුරුදු විසිහතකට පෙර එනම් අනුවේ ඔක්තෝබර් වල උතුරේ සහ නැගෙනහිර පදිංචිවී සිටි මුස්ලිම් පවුල් දහස් ගණනාවක් කොටි සංවිධානය විසින් සිය පදිංචි ස්ථානවලින් එළවා දමනු ලැබුයේ  ප්‍රභාකරන්ගේ නියෝගය අනුවය.    සිය වාසස්ථාන වලින් පිටව යද්දී තමන් එතෙක් කල් හරි හම්බ කරගත් යමක් තිබුණානම් එයද ගෙනයන්නට ඔවුන්ට තහනම් විය.   එසේ නැතහොත් ගෙනයන්නට දුන්නේ සීමාසහිත චංචල දේපළ ප්‍රමාණයකි.    මේ සංසිද්ධිය ප්‍රසන්න විතානගේ ඔහුගේ 'ඉර මැදියම ' චිත්‍රපටයේ මනාව චිත්‍රණය කර ඇත.     ගර්හාවට පත්කර සිය වාසස්ථාන වලින් එළවා දමනු ලැබූ මුස්ලිමුන් පුත්තලම් පළාතේ අනාථ කඳවුරු වල අවුරුදු විසි ගණනක් දුක් විඳ යුද්ධයෙන් පසුව නැවත සිය නිත්‍ය පදිංචි ස්ථානවල පදිංචි කරවන තුරු බලා සිටියෝය.    මේ කතාව සුදු කුකුලාද ඔහුගේ බ්ලොගයේ ලියා ඇත.   ඒ වන විට විල්පත්තු පළාතේ මුස්ලිම් වරුන්ගේ මුල් ගම් බිම් වන ගහණයට නතුව රූස්ස කැලෑ බවට පරිවර්තනය වී තිබිණි.    කපා ඉවත්කරන ලද්දේ එම කැලෑවයි.   එහෙත් විවිධ පරිසර සංවිධාන මෙය අර්ථකථනය කළේ විල්පත්තුව කපා විනාශ කරනවා යනුවෙනි.    ඊටද හේතුවක් ඇත ඔය වනාන්තර රැක ගන්නට දිවි හිමියෙන් සටන් කරන පරිසර සංවිධානවලට මුදල් ලැබෙන්නේ ඔවුන් කෑගසන තරමටය.    පරිසර සංවිධාන පමණක් නොවැ සිංහල ජාතිය බුද්ධාගම බේරාගන්නට සටන් වදිමින් උපවාස, සත්‍යග්‍රහ කරමින් ජීවිතය දෙන්නට වුවද කැපවෙන අය වුනත් කෑ ගසන්නේ තමන්ට ලැබෙන කුට්ටියේ හැටියටය.    එහෙම නැත්නම් ලද වරප්‍රසාද තෑගී බෝග රැක ගන්නටය. 

විල්පත්තු විනාශය මෙන්ම තවත් මහත්සේ ජනප්‍රියවූ සටන් පාඨ කීපයක් මට මතකය.   මෑතකදීම කියැවුණු තවත් කතාවක් වුණේ ශ්‍රීපාද රක්ෂිතයේ ඉදිකරනවා යැයි කියන සංචාරක හෝටලය ගැන ඇතිවූ කලබගෑනියයි.   මේ කියන හෝටලය හදන්නට යෙදුණේ ශ්‍රීපාදයට කිසිම සම්බන්ධයක් නැති තේ වත්තකය.   ශ්‍රීපාදයට එහි ඇති එකම සම්බන්ධය තේ වත්තට ශ්‍රීපාද කන්ද පෙනෙන එකය.    මේ කතාවේ ඇත්ත තත්ත්වය රජය කොතරම් පැහැදිලි කළත් පරිසර සංවිධාන එය නෑසු කන්ව උද්ඝෝෂණය කළේ පැහැදිලිවම ඔවුන්ගේ තක්කඩි කමටය.     තවත් කතාවක් තිබුණේ සිංහරාජ වනාන්තරය මැදින් පාරක් කපනවා කියාය.   ඒ කපනවා කියූ පාරද සිංහරාජ වනාන්තරයේ මායිමට බොහෝ ඈතින් ඒ පළාතේ ගම්මුන්ගේ ගමන් පහසුව සඳහා කපන්නට යෙදුණු පාරකි.    මීට බොහෝ කලකට පෙර හැත්තෑ ගණන්වල මුල් භාගයේ බෙන්තර ඉදිකරන්නට පටන්ගත් සංචාරක හෝටලයකට එරෙහිව එක්තරා විප්ලවීය පක්ෂයක් ගම්වැසියන් උසි ගැන්වුයේ ඒ හදන්නේ ඇමෙරිකානු යුද කඳවුරක් ය කියාය.    හෝටලයේ තාප්පයේ ඇති සිදුරු ඒ යුද කඳවුරට ගෙනෙන කාලතුවක්කුවල බටය එළියට දමන්නට හදන සිදුරු බව ඔවුන් ගම්මුන්ට කියා ඇත.    එයිට්කන් ස්පෙන්ස් සමාගම දඹුල්ලේ කණ්ඩලම හෝටලය ඉදි කරගෙන යනවිට විශාල උද්ඝෝෂණයක් ඇතිඋනේ  කණ්ඩලම වැව් තාවුල්ලේ හෝටලය හදන බව කියමිනි. මේ උද්ඝෝෂණයේ මුලිකත්වය ගෙන කටයුතු කල දඹුල්ලේ හාමුදුරුවෝ  වැව් තාවුල්ලේ හෝටලය හැදුවොත් තමන් ගිනි තියා ගන්නා බව දෙසා වදාළෝය.    එහෙත් රටේ සංචාරක කර්මාන්තයේ වැඩි දියුණුව සඳහා පුද්ගලික අංශයේ සහයෝගය කෙතරම් අවශ්‍යදැයි හොඳින් වටහාගෙන සිටි ප්‍රේමදාස ජනාධිපති තුමා ඔය උද්ඝෝෂණ පයිසයකටවත් ගණන් නොගෙන කරදරයක් නැතිව හෝටලයේ වැඩ නිම කරන්නට අවශ්‍ය සහයෝගය දුන්නේය.   එදා උද්ඝෝෂණ කල උපවාස කල වීරයින් හැමදෙනාම පාහේ දැන් කණ්ඩලම හෝටලයට ගොස් කති බොති විනෝදවෙති.   ඒ අපේ රටේ හැටිය හැම තැනම සත්‍යග්‍රහ, විරෝධතා සහ උද්ඝෝෂණ ය.    මාරාන්තික උපවාස ය බොහෝ ඒවායේ යටි අරමුණ ප්‍රකාශිත අරමුණට හාත්පසින්ම වෙනස් එකක්ය.    

                                        අල්ලපු මාළුවැල

මිනිසුන් ඉදිරියට දමා විවිධ කණ්ඩායම් මේවා  මෙහෙයවන්නේ නිකම්ම නොවේ.    අන්තිමේ විරෝධතා වලට මොනවා උනත් ඒ අයගේ බලාපොරොත්තු ඉටුවෙලාය.    විරෝධතා නැත්නම් ඒ අයට සිද්ධ වෙන්නෙ කහ කහ ඉන්නටය.    කහ කියද්දී මට එකපාරටම මතක්වුණේ චෙෆාකිවය.    මම පහුගිය දවසක චෙෆාකිව බලන්නට වත්තට යද්දී ඔහු හිටියේ වත්තේ පාත්තිවලින් ගලවපු කහ ගොඩක් එක්ක ඔට්ටු වෙමින්ය.   අස්වැන්න සරුය කහ සෝදා සුද්ද කරන්නටත් තම්බන්නටත් තිබෙන බව චෙෆාකි කීවේය.    ඒ දවස්වල තිබුණු අයහපත් කාලගුණය හේතුවෙන් බෝට්ටු මුහුදු ගොස් නැති නිසා කෝට්ටෙගොඩ මාළු ලෑලිවල මාළු තිබුණේ නැත.   තිබිච්ච ටිකත් පට්ට ගණන්ය.    ඒ නිසා වත්තේ වලෙන් මාළු අල්ලන්නට චෙෆාකි යෝජනා කළේය.   ඒ යෝජනාවට මම බොහොම කැමති වුණේ බිලී බෑම මගේ ප්‍රියතම විනෝදාංශයක් නිසාය.    වත්තේ වැඩකරන ක්‍රිෂ්ණාට කියා පණුවන් ටිකක් කොටවා ගත් අපි බිළීපිති දෙකක්ද අරගෙන වලට ගියෙමු.    ක්‍රිෂ්ණා ගෙනැත් තිබුතිබුණේ පාණ්ඩුව හැදිලා වගේ හිටි කැහැටු පණුවන්ය.    ඒ ගමන වල අද්දර මඩ වගේ තිබුණු තැනකින් ආයෙම පණුවන් ටිකක් හොයාගන්නට විය.    ඇම දියට දමා වැඩි වෙලාවක් බලාගෙන ඉන්නට උනේ නැත.   මාළු එකා දෙන්නා ඇංවලට කොටන්නට වුවෝය.   වැඩි වෙලාවක් යන්නට පෙර මාළු වැලක්ම අල්ලා ගන්නට අපට හැකිවිය.   වලේ හිටපු තරම් හිටියේ චෙෆාකි බට්ටන් කියා කියන කාවයියන්ය.   ගොඩට ගත් කාවයියා කටුත් පුප්පාගෙන දඟලන්නේ ඇඟ ඇතුලේ මෝටරයක් හයිකලා වගේය.    පොඩ්ඩ බැරිවෙනකොට අතින් ගිළිහී යයි පැන්නොත් ආපහු අල්ලාගැනිලි බොරුය.   කාවයියෙක් කටේ තියාගෙන තවත් මාළුවෙක් දැලෙන් ගලවන්නට ගිය මාළු අල්ලන මිනිහෙකුගේ උගුර දිගේ ගොස් හිරවූ කාවයියා නිසා ඔහු මැරුණ බවත් ඒ මනුස්සයාගේ බෙල්ල මාළුවාත් එක්කම සංරක්ෂණය කර වෛද්‍ය විද්‍යාලයේ ආදර්ශකයක් හැටියට තබා ඇති බවත් මා අසා තිබුණත් දැක ගන්නට නම් ලැබී නැත.    මාළු ටික සුද්ද කර අඩුවැඩිය දමා කර කර ගා හැපෙන්නට චෙෆාකි හදපු බයිට් එකනම් රසම රසය.    කහ තැම්බූ කතාවත් කියන්නට ඇතත් දැනටමත් පෝස්ටුව දිග වැඩිවී ඇති නිසා ඉතිරි හරිය නැවතත් ලියන්නට තබාගෙන කතාව  මෙතෙකින් නවත්වමි.     හැලපකඩේට ගොඩවදින මගේ හිතවත් බ්ලොග් රචකයින් හා කමෙන්ට් කරන හිතවතුන්ටද පාඨක සියළුම දෙනාටද ලබන්නාවූ 2018 වසර සතුටින් බර වලියෙන් තොර වාසනාවන්ත අවුරුද්දක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේ ඔබ සියලු දෙනාටම ඉතා හිතවත් හැලපයා වන මමද හැලපී සහ හැලපැට්ටාත්ය෴ 



76 comments:

  1. විල්පත්තුව අධ්‍යනය කරල රෑස්ස ගස් අතෑරල කපන්නත් තිබ්බ ඕනනං.. සුවපුනා දානෙ කියනකං අගේට ලියල.. අර වල් චෙපාකිය කුනු වලෙ මාලු බානවයි... සුනවේ

    ReplyDelete
    Replies
    1. එච්චර රූස්ස ගස් තියෙන්න නැතුව ඇති බං. අවුරුදු විසි ගාණක කැලෑව නොවැ. උඹටත් සුනවේ!!

      Delete
  2. සිරාවටම විල්පත්තුවෙ තියෙන්නෙ ඔහොම සීන් එකක්ද?

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතිං වෙන මොකක්ද? දානෙ ගෙදර විස්තර ඊළඟට.

      Delete
  3. විල්පත්තුව නෙමෙයි ඔය රක්ෂිතය විලත්තියිකුලම්...
    විගණකාධිපති වාර්ථාව කියවල බලල ඇත්ත තේරුම් ගන්න...
    එතන ප්‍රශනයක් නැහැ කියල මෙහෙම ඕපන් කියන්න බැහැ...

    එළි කරපු ඉඩම් කොටසෙන් 80% ක් තාම කිසිම පදිංචියක් නැහැ...
    අක්කර 650 කැලෑව කපලා දව සංස්ථාවට බුරුත, පලු ඝණ මීටර් 12.5 ලු දීල තියෙන්නේ...

    මගේ ගාව තියෙන PDF ඩොකියුමන්ට් එක මේකේ එල්ලන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා කියන මේ කතාව ගිය සතියේ "රාවය" පත්තරෙත් තිබ්බා.ඔය කියන විගණකාධිපති වර්තාව මම දැක්කේ නැතත් පත්තරේ තියෙන උපුටන එක්ක බැලුවම මව් කරලා තියෙන්නේ අපරාධයක්.යුද්දේන් අවතැන් වුවෝ පදිංචි කරන්න ඕනේ.එකේ කතා දෙකක් නැහැ.නමුත් ඒ ගම්මානවල කෑලෑ කපපු තරම් ජනතාව නැවත පදිංචි වීමක් වෙලා නැහැ.

      උතුරු පාලත් සභා ජන්දය ඉලක්ක කරගෙන නාමල්ලා මේ වගේම වැඩක් කෙරුවා වව්නියාවේ කෑළෑ කපලා සිංහල මිනිස්සු පදිංචි කරලා.

      Delete
    2. බුකියෙ දැක්කා ලස්සන ෆොටෝ එකක්. පිටරටවල් වල නිවාස ගැටළුවට විසඳුමක් විදිහට තට්ටු ගෙවල් හදලා ඒකෙත් ගස් හදනවා... අපි තියන කැලෑව අක්කර ගණන් කපලා පෙට්ටි ගෙවල් අටවනවා.
      මොළෙන් තීරණ ගන්න උගත් දේශපාලකයො සහ උන් කරන හැම වැඩේම කවර් කරන්න ලෑස්ති උගතුන් උන්නකොට ආයෙ මොන කතාද..?

      Delete
    3. ගස් ලබ්ස්
      ++++++++++++++++++++

      මේදූපතේ දැනටම මිලියන් 22 ක් ඉන්නවා. සිරස් අතට යන නිවාස හැර විකල්පයක් නෑ

      Delete
    4. /// මේදූපතේ දැනටම මිලියන් 22 ක් ඉන්නවා. සිරස් අතට යන නිවාස හැර විකල්පයක් නෑ ///
      ළමයි හදන එක සීමා කිරීම පමණයි එකම විසඳුම...

      Delete
    5. පටන්ගත්තෙ විල්පත්තු රක්ෂිතය කියල පස්සෙ බෝඩ් එක වෙනස් කළා. ප්‍රශ්නයක් නෑ කියල මම කියල නෑනෙ. ප්‍රශ්නයක් ඇතිකරල තියෙනවා. විගණකාධිපති හැම දෙපාර්තමේන්තුවකටම අමාත්‍යාංශයකටම අවුරුද්දෙ අන්තිමට විගණන විමසුම් එවන එක සිරිතක් හැටියට කරනවා. ඒ වගේ එව්වා සිය දාස් ගාණක් මගේ රාජකාරි කාලය ඇතුළත මම දැකල තියෙනවා. ඒක අවසාන පියවර නොවෙයි. ඔය ප්‍රශ්නෙ ගැන සුප්‍රීම් කෝට් එකේ නඩුවක් දැම්මා. අහන්න දෙයක් නෑ කියල නඩුව අහක දැම්මා. එළිකරපු කොටසෙ තාම කිසිම යටිතල පහසුකමක් නැති නිසා 80% ක් තාම පදිංචි වෙලා නැති බව ඇත්ත. ඒකට ටික කාලයක් යයි. හැබැයි පදිංචි කරපු ඔක්කොම ඉඩම් හිමිකම් බලපත්‍ර තියෙන අය. ඒ පළාතේ දිසාපති කිව්වේ. තියෙන ලොකු ගස් එහෙමම ඉතිරි කරලා තමයි ඉඩම් බෙදුවේ කියලත් කිව්වා.

      Delete
    6. ප්‍රාජේ,
      සිරස් අතට නිවාස ඡන්දෙන් පස්සෙ.

      Delete
  4. අයිශෙ මරු සටහන.. ඔය මාලු වැලේ බට්ටොයි කාවයියොයි දෙකම ඉන්නවනෙ අයිශෙ..අනික අයිශෙ ලංකාවෙ බුවාල මීයක් කඩන්නෙ අත ලෙව කන්නය... ආං ඒ වගේ නැවත පදිංචි කොරන අතර යටිං බස බස ගාල ගස් වලටත් ගේම දෙනව අයිශෙ... ඒ වගේම බස බස ගාල ඇන්ජීඕ කාරයිංගෙත් මල්ල පිරෙනව අයිශෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මොන කතාද අයිශේ.

      Delete
  5. අපේ රටේ ඇති තරම් පරශ්න තියනවා. ඒවා විසඳන්න විකල්ප නෑ. හැබැයි කෑ ගහන්න ඕන තරම් ඉන්නවා. අර දානේ ගෙදර ඉතුරු හරිය ලිවුවනම් වටිනවා නේ .
    විචාරක දියණිය

    ReplyDelete
  6. වෙන මොකුත් මතක නෑ.. වැව් මාළු බයිට් එක විතරයි මතක් වෙන්නේ.. අනේ බොලා දෙන්නටත් හිතුනේ නෑනේ කාවයියෙක් කටේ තියාගන්න.. බඩම පලයව්! :D

    ReplyDelete
    Replies
    1. වැව් මාළු බයිට් එකනං සුපිරි. කාවයියො කටේ තියාගන්න උනේ නැතුවට පනින කාවයියො අල්ලන්න ගිහිං වලට නං පනින්න උනා.

      Delete
  7. අළුත්ම මෙගාව... ස්වප්නා... වරහන් විවෘත්ත කලා...
    සුභ අනාගතයක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්වප්නාට ජයවේවා.

      Delete
  8. දැන් ලංකාවෙනෙ හොඳා හොඳා.. සතුටින් පිරි වලියෙන් තොර තාප්ප, පාප්ප වලින් පිරී යන සුබ නව වසරක් වේවා.!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  9. කන්නංගර සමුහ ව්‍යාපාරය වෙතින් එළඹෙන්නාවූ නව වසරට උණුසුම් සුභ පැතුම්...

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර සමුහ ව්‍යාපාරය

    කන්නංගර හාඩ්වෙයාර් (ඔබට අවශ්‍ය සියළුම ගොඩනැගිලි ද්‍රව්‍යය පහසු මිලට)
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර උත්සව ශාලාව
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ
    කන්නංගර බේකරිය
    කන්නංගර වයින් ස්ටෝර්ස් (සියළුම වර්ගයේ ඉස්තරම්ම දේශීය සහ රට බීම)
    කන්නංගර රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්
    කන්නංගර උකස්‌ බඩු ගන්නා ස්ථානය
    කන්නංගර ලී මෝල ( දැව කදන් මිලට ගන්නෝ සහ ලී වෙලෙන්දෝ )
    කන්නංගර ස්ටූඩියෝ
    කන්නංගර සැලෝන්
    කන්නංගර අයන් වර්ක්ස්
    කන්නංගර පොත්හල

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවුක ඉංජිනේරුවරයා

    ReplyDelete
    Replies
    1. එකක් අඩුයි නේද? කන්නන්ගර මල් ශාලාව සහ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු.

      Delete
    2. මේක මරු සමුහ ව්‍යාපාරයක් නොවැ ඇනෝ.

      Delete
  10. විල්පත්තු සීන් එකේ ඇත්ත නැත්ත හොයන එක නං හොඳයි. උද්ඝෝෂණ කරන්න ඕනැත් එතනම තමයි.

    ඉදකිං පව්කාරයො දෙන්නා.

    ReplyDelete
    Replies
    1. උද්ඝෝෂණ නම් අඩුවක් නැතුව යනවනෙ සුරංග. හැබැයි ඔක්කොම කොළඹ. අපට තමා පාරෙ යන්න බැරිවෙන්නෙ.

      Delete
  11. සංස්කාරකතුමාටත් ආගිය අයටත් සුබ නව වසරක් පතනවා.
    මගේ බ්ලොගය"නීල නිම්නය"
    එහි ලිපිනය https://neelanimnayasl.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් පතමි. බ්ලොගයට ගිහිං බැලුවා.

      Delete
  12. හයේ හතරෙ ඩෑල් එකේ උගුරෙත් කාවයියෙක් හිරඋනානං අපිට මෙඩිකල් කොලේජ් ගියාම බලාගන්න තිබුණ. සවප්නගෙ ගෙදර ගිහිල්ලත් කරට කැඩෙන්න ගහන්න ඇති. හැක්..

    හැලප පවුලේ සැමට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්වප්නගෙ ගෙදර විස්තරේ පසුවට. ඔබටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  13. ඔතන නම් එක කාවයියෙක්වත් නැහැ. ඉන්නේ සියල්ලම තිලාපියා නොහොත් ජපන් කොරළි. නැත්නම් බට්ටෝ. කාවයියා අල්ලන්න වතුරට ඇම දාන්න ඕන නැහැනේත වතුරට
    අඩින් ඇල්ලුවාහම සමහර ගෑණු වගේ පැනලා කන්නේ.
    තිලාපියා හද්දන කලින් අල්ල ගත්ත මාළු පණ පිටින් හොඳ වතුර එකක පැයක් විතර ඉන්න ඇරියානම් මඩ ගද යනවා. දවසක් විතර ‍ෙඳෙවතුරේ තියලා හම ගහලා බැද්දනම් තෝර මාළු වලට හොඳම විකල්පයක්.

    ReplyDelete
    Replies
    1. අපිත් මුන්ට කියන්නේ කොරළි කියල තමයි.. කෑලි කපල අළු වල ගාල හෝදලා ගත්තහමත් මඩ ගඳයි සෙවල ගතියයි ඔක්කොම යනවා.. බයිට් එකටත් ඩයට් එකටත් සුපිරි!

      Delete
    2. අළුගානවට වඩා වෙන දේ වෙනස්. අළු ගාන්නෙේ මාළුාගේ සෙවල ගතිය නිසා අල්ල ගන්න , කපන්න තියෙන් අපහසු තාවය වළක් වන්නයි. වතුරේ දාලා තිබ්බාහම වෙන්නේ මාළුවා ගේ අපදුව්‍ය ආදිය ක්‍රමයෙන් සිරුරෙන් ඉවත් වෙනවා. මඩ ගඳට හේතුව සම්පූර්ණයෙන්ම අයින් ‍වෙනවා. ආහාර මාර්ගය හිස් විම නිසා නරක් විමත් සිදු වන වේගය අඩු වෙනවා. මොකද තිලාපියාගේ ාහාර රටාව නිසා ඌ අනිවාරියෙන්ම මඩ කනවා. අනේ මේ උඹයි මමයි දන්න මාළු. දැන් ඉතින් වරෙන් මස්සිනාගෙන් පිහියක් ඉල්ලන්

      Delete
    3. ඕකට තව වැඩක් තියනවා උදාර , ගස්ලබු පිති තලලා වතුරට දාන එක , ගදත් යනවා හමත් ගහත හැකි , හැබැයි මචං ඔය තිලාපි පැටවු නං නෙමෙයි .... ඔය උන් වැඩෙන උපරිම ප්‍ර්‍රමානය , තිලාපියා ලොකුවට වැඩෙනවා .... හොදට බලහං ඔය මාලුවා වඩාහුරු තිප්පිලියට .... සමහරවිට වෙන මොකක් හරි විශේෂයක් වෙන්ඩ ඇති ............ ඔය කියන වලේ මම මාලු බලා තියනවා .......... කවදාවත් ඔයිට වඩා ලොකු අයනං අහුවෙලා නැ

      Delete
    4. අළු වැඩේ හරියටම හරි , ආදන්ව මගුරන්ව ලෙලි ගහන්ඩ , ලිස්සන්නේ නැ

      Delete
    5. දැං මෙහෙමනේ ඔව්වයේ එක එක ටෙක්නික් තියනවා ............ ඔය කරුමාන්තේ කෙල පැමිනිය උන් දන්නවා .......... හාවෙක් , දඩුලේනෙක් මයිල් මස්වලට කලවං නොවී හමගහන්ඩ ........... අපි එහෙම එදිනෙදා මස් වරුද්දෝ නොවෙන හින්දා ෂොට් එක දීලා මයිල් පුච්චනවා ..... දැං බලහං වල් ඌරගේ මයිල් බාන්නේ නැ , පොල් අතු දාල පුච්චනවා , අපේ ගෙවල් පැත්තේ සැලුන් එකක් දාල මයිල් බානවා

      Delete
    6. මං කියුවේ ගෙවල් වල හදන චීන ඌරගේ

      Delete
    7. //අනේ මේ උඹයි මමයි දන්න මාළු.// අනේ පල උලමා යන්න.. "බොලා විස්ස විජ්ජාල වල පොත් බලල මාළු ගැන ඉගෙන ගත්තට අපි මූදු මාළු ගැන ඉගෙන ගත්තේ වැල්ලේ රීල යකෝ.. වැව් මාළු ගැන ඉගෙන ගත්තේ මඩ කරි එක්ක බඩ පිනුං ගහල.." (කියල එකෙක් කියුවලු...) හෙක්.

      Delete
    8. ඔය ගස්ලබු පිති තලන කෙනා කරුණාකරලා මාව හම්බවෙන්ඩ

      Delete
    9. මේ මාළු වැලේ කාවයියො නෑ තමයි. ඉන්නෙ කොරලි. කාවයියො අල්ලන්ඩ පනුවො ඕනෙ නෑ පාන් පොතු කෑලි කටුවට ගැහුවත් ඇති.

      Delete
    10. මාළු ගැන හොඳ විස්තරයක්. අපිත් අළු ටිකක් ගාල තමා සුද්ද කළේ. හැබැයි ගස්ලබු පිති කතාව නං දන්නෙ නෑ.

      Delete
    11. ගස් ලබ්ස්, උඹ කලබල වෙන්න එපා. තලන්නෙ පිත්ත මිසක ලබ්බ නෙවෙයි නොවැ.

      Delete
    12. කම්මල, අපිත් ඉස්සර ගමේ කාවයියො අල්ලද්දී පාන්වල මැද ගුලි කරල ඇමට දැම්මෙ.

      Delete
  14. හැලප පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබ දෙපළටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  15. +++++++
    ස්වප්නා ගේ දානෙ ගෙදර හොඳ හොඳ වැඩ වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්, දානෙ කියන්නෙත් කොච්චර හොඳ වැඩක්ද.

      Delete
  16. විල්පත්තුව සම්බන්ධ කොටස පැටැලිලි සහගතයි.
    මොනා උනත් ස්උභ නව වසරක්

    ReplyDelete
    Replies
    1. කොහොමත් විල්පත්තුව පැටලිල්ලක් තමයි. ඔබටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  17. රාගම වෛද්‍ය පීඨයේ මාලුවා සිරවී මිය ගිය පුද්ගලයාගේ උගුර කොටස මාලුවත් සමඟ තාමත් නිදර්ශනයක් ලෙසට අධිකරණ වෛද්‍ය විද්‍යා ඒකකයෙ තවමත් ඇත. තවත් එවැනිම අත්භූත කතා සහිත නිදර්ශක ගනනාවක් ඇත. ෆොටෝ එකක් තිබ්බ මයෙ හිතේ. හම්බුනොත් දාන්නම්

    ReplyDelete
    Replies
    1. මම ඔය කතාව අහල තිබ්බට දැකල නෑ. පොටෝ එක දකින්න ආසයි.

      Delete
  18. ස්වප්නා... මෙගා සිරිස් එකක් වගේ!

    ReplyDelete
    Replies
    1. එහෙම නං මෙගාවක් හැටියට ලියමු නේද?

      Delete
  19. හැලප අය්යටත් සුභ නව වසරක් වේවා. විල්පත්තුවේ වෙලා තියෙන දේට සමාන කථාවක් තියෙනවා ආරියනන්ද දොඹගහවත්ත මහත්තයාගේ නව කථාවක. ඒකේ නම "අපේ කාලයේ දේශපාලඥයෙකුගේ කථාවක්". පුලුවන් නම් කියවලා බලන්න. මේ කාලේ දේශපාලනේ ගැන සාරාංශය ඒකේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි කියන පොත කාලෙකට ඉස්සර කියෙව්ව වගේ මතකයක් තියෙනවා. නමුත් දැන් කතාව මතක නෑ. මල් මල්ලිටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  20. මේ හැලපය්යෙ... අනං මනං වන විනාස වලිං වැඩක් නෑ. සුවප්නා එක්ක පෙරට!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ස්වප්නා එක්කම පෙරට යමු.

      Delete
  21. ජලයේ කොතෙක් සිටියත් කිසිදා මසකු මරා නොමැත. ඒ හුදෙක් ; සෑම සත්වයෙකුගේම ජීවිතය කෙරෙහි මා තුල ඇති ගෞරවය කරණ කොටගෙනය. එහෙත් මේ කිසිවක් මා හෙලා නොදකිමි! ඒ එක් එක් අයගේ රුචි අරුචිකම්ය!

    ReplyDelete
    Replies
    1. වී ඩී ද ලැනරෝල් මහතාගේ සහෝදරයෙක් වන ඇස් ඩී ද ලැනරෝල් හෙවත් සැමුවෙල් ද ලැනරෝල් මහතා මයියංගනේ සිට ත්‍රිකුණාමලය දක්වා මහවැලි ගඟ දිගේ ඔරුවලින් 1951 වර්ෂයේ ගිය ගමනක් ගැන වන නදිය නමින් පොතක් ලියා තිබෙනවා. ඔබ ඒ පොත කියවා ඇද්දැයි නොදනිමි.

      Delete
  22. හැලපයියේ.... ඔබතුමා අපි ගොඩාක් ආදරය කරන බ්ලොග් කරුවෙක්.... ඉතින් ඔබතුමා වෙනද වගේම තමන්ගෙ අත්දැකීම් එක්ක හොඳ ලිපි ටිකක් ලියන්න...විල්පත්තුව වගේ නොදන්න මගුල් කියවන්නෙ නැතුව මොකද අද අපේ රටට පිලිලයක් වේගෙන එන මුස්ලිම් ව්‍යාප්තිය ගැන දැනගන්න වෙනම ටිකක් අද්‍යනය කරානම් තමයි හොඳ.... වෙනද වගේම හරවත් දෙයක් ලිව්වොත් අපි එනව හැමදාම කියවන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ. ඉඳහිට ඕවගේ දේවලුත් ලියවෙනවා. හැමදාම එන්න.

      Delete
  23. අනේ පලයං හැලපයියේ යන්ඩ

    දැං උඹ කියනවා ඔය ඉස්සර මුස්ලිම් අය හිටපු ඉඩ කඩන්ලු
    පිරබාහරන් එලවපු තැන්වලලු ඔය ගෙවල් හදන්නේ

    මට කියහං ලංකාවේ කොහෙද පැරනි ගං තිබුනේ පොල් අත්තේ නාරටියයි පොල් කොලයි වගේ මහ පාරයි අතුරු පාරයි සමාන්තරව බෙදුන හරියට දික්රූල් වගේ

    තව ටිකක් බලහං , ඔය සුද්ද කරපු කැලැ සහ , දැනට හදපු ගෙවල් එහෙම තියන ඒරියා එක ......... සුදු කුකුලා ලියපු එක විතරක් නෙමෙයි සජ්ජත් ඔයව ගැන ලාවට ලියුවා , තව එහෙම ඒවා ගොඩක් තියනවා........... ඒවත් කියවන්ඩ සර්

    ඔයාලා අපිට වැඩිය දැනුම්තේරුම් තියන , අපි ගරුකරන , ඇසුපිරුතැන් තියන මිනිස්සු ...... ඔයාල කියන දේවල් ......... අපිටත් වඩා ... හැදෙන පොඩි ළමයි ඔයාල කියන දේවල් ඔලුවට ගන්නවා ......... අදහන දේශපාලනය ඔලුවේ තියාගන ......... රටට ජාතියට තියන ......... අභියෝග හෑල්ලු කරලා ......... සංවේදීකාරනාවලට වැරදි අර්ථකතන දීලා ........ පොඩි එවුන්ව මුලා කරලා අනාත කරන්ඩ එපා. මොකද උඹලට අපිට වැඩිය .. නොදරුවෝ දැනුම් තේරුම් ගන්නේ ........... මේ උඹයි මායි දෙන්නම හක්කලං කරන අන්තර්ජංජාලෙං.

    ReplyDelete
    Replies
    1. /// අදහන දේශපාලනය ඔලුවේ තියාගන ......... රටට ජාතියට තියන ......... අභියෝග හෑල්ලු කරලා ......... සංවේදීකාරනාවලට වැරදි අර්ථකතන දීලා ........ පොඩි එවුන්ව මුලා කරලා අනාත කරන්ඩ එපා. ///

      +++++++++++++++++++++++++++++

      Delete
    2. අටමාගේ කථාවට මගේ ඉමහත් මෙව්වා එක. හැලපයියේ තම්බි ගැන උඹ ද්න් දේට වඩා නොදන්නා දේ ගොඩයි. දර්ගා ටවුන් වලදි උනත් ගුටි කෑවේ සිංහල මිනිස්සු. ඊයෙ 2018-01-01 රෑ අටට විතර බේරුවල කිල්ස් එකේ මූණ ඉඳන් වහගෙන ආපු මුස්ලිම් ගැණියෙක් චොක්ලට් හොරක්ම කරලා අහුවුනා. ඒත් පොලීසියටවත් නිතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරි උනා. දොර අගුළු දාගේන පොලිසිය එනක්ම හිටපු කිල්ස් එකේ සිංහල කේල්ලට මගේ ආචාරය. සිංහල ගැන්යෙක් කෙරා නම් කෙලින්ම කුඩුවේ. උඹලට ඕවට කිසිම කථාවක් නැහැ.

      Delete
    3. මුස්ලිම් අය විතරක් නොවෙයි සිංහල දෙමළ මුස්ලිම් තුන් වර්ගයම ඔතන ඉන්න බව දිසාපති තුමාගේ කතාවෙන් දැනගත්තා. අවුරුදු විසිහතක් පාලුවට ගියාම පැරණි ගම කොහෙද බං ඉතුරු වෙන්නෙ. නමුත් නැවත පදිංචි කිරීමේදී ඒක පිළිවෙලකට කරනවා. අර උඹ කියන පොල් අත්තේ කොළයි නාරටියයි වගේ. මම මෙතැන දේශපාලනයක් ගැන කොහෙත්ම ලියල නෑනෙ. මේක ඇවිත් රජයේ ව්‍යාපෘතියක්. රජය සහ ආණ්ඩුව කියන්නෙ දෙකක් බව දන්නවනෙ. පාට කන්නාඩි දාගන බලද්දී තමා දේශපාලනය පෙනෙන්නෙ. පොඩි උන් මේවා කියවන එකත් හොඳයි. ඇත්ත මොකක්ද කියල හැම දේම කියවල බලල උන් තේරුම් ගනී.

      Delete
    4. උදාර කියන චොකලට් කතාව ගැන මොකුත් නොදන්න නිසා අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි. දර්ගා ටවුන් එකේ වෙච්ච දේවල් ගැන නම් ගොඩක් දන්නවා. ගුටි කෑවෙ සිංහලයෝද තම්බිද කියන එක අටමගෙන් අහල දැනගන්න.

      Delete
  24. හැලපේ මට ඔහේව මේ අවුරුද්දේ නත්තල් පාටියෙදි හොඳටෝම මිස් උනා

    ReplyDelete
    Replies
    1. මටත් එසේමයි. නත්තලේදී නිතරම ඔහෙව මතක් උනා.

      Delete
  25. /// වලේ හිටපු තරම් හිටියේ චෙෆාකි බට්ටන් කියා කියන කාවයියන්ය. ගොඩට ගත් කාවයියා කටුත් පුප්පාගෙන දඟලන්නේ ඇඟ ඇතුලේ මෝටරයක් හයිකලා වගේය. ///

    ඔය ඔක්කොම බට්ටෝ මිසක් ඔතන කාවයියෝ නැහැ...
    අනික කාවයියෙක් අල්ලුවනම් ඌව ලේසියෙන් බිලී කටුවෙන් ගලවගන්න බැහැ අනිත් මාළු වගේ...
    උගේ ඔළුව දෙපැත්තේ කටු වගේ තියෙනවා. ඌ ඔළුව ගසනවා දෙපැත්තට, ඒ කටු වලින් බේරෙන්න තමයි ඌව ගලවගන්න ඔළුව ගසන එක නවත්ත ගන්න මාළු බාන මිනිස්සු උගේ ඔලුව ගසන්න බැරි වෙන්න කටින් හපාගෙන බිලි කොක්ක ගලවන්නේ...
    මමනම් කරන්නේ සෙරෙප්පුවෙන් පාගගෙන කටුව ගලවන එක...

    ReplyDelete
    Replies
    1. කරමල් දෙක තියන තැන තියන පියන් දෙකෙන් අල්ලගෙන ගලවන්න පුළුවන්.

      Delete
    2. මම නම් ගැලෙව්වේම අතින් මාලුවව අල්ලගෙන. පොඩ්ඩ බැරිවෙද්දී පනිනවා.

      Delete
    3. කම්මලත් බිලී බෑමේ විශේෂඥයෙක් වගේ.

      Delete
  26. මාළු අල්ලන්න නම් මට හෙනම ආස උනත් තවම ජීවිතේට බිලී පිත්තක් උස්සන් මාලුවෙක් බාගන්න බැරි උන එකටනම් අම්බානක දුකයි. සුභ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. ටික්කට තාම මාළු වලක් අහුවෙලා නෑ වගේ. විල්වල මාළු බාන අය මම යුරෝපෙදී දැකල තියෙනවා. හැබැයි ඒ අය මාලුවව මරන්නෙ නෑ. අල්ලලා කිරල මැනල ආපහු වතුරටම දානවා.

      Delete

ඔබේ අදහස්