Sunday, May 7, 2017

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 17- වීශේෂ කෑම වේල, ධර්මයාගේ සඳ, ටෂ්ගේ අවුල සහ ප්‍රියානිගේ දානය

 අප කණ්ඩායමේ සියලුම දෙනාගේ අපරිමිත කැපවීම හේතුවෙන්   පිටපළාත්වල කෙරුණු රුපගතකිරීම් අවසන්ව තිබුණු අතර ඉතිරිවී තිබුණේ ගීත රුගත කිරීමය.    සාමාන්‍යයෙන් ගීත රූගත කිරීම් තරමක අසීරු කාර්යයක් හැටියට සැලකුනු අතර ගීතයක රූගත කිරීම් හවස ආරම්භවූ විට එය පසුවදා එළිවෙන තුරු දිගට ඇදී යෑම සාමාන්‍ය දෙයක් විය.    එදා රූගත කරන්නට නියමිතව තිබූ ගීතයද කලේ දළුගම සරසවි චිත්‍රාගාරයේය.   බෙනට්ගේ අදහස වුනේ බඩුත් පටවාගෙන නළු නිළියනුත් සමග සියලුදෙනාම බෙන් එකේ සිට හවස පිටත්වී දළුගමට යෑමටය.    වැඩේට අපි උදේ සිට ලෑස්ති වුනෙමු.  ප්‍රධාන නිළිය බෙන් එකට ආවේ දවල් වේලාවේය. ඒ වනවිට මා ඉතා කාර්යබහුලවී සිටියෙමි.    ඇය ආ වග දුටු මම ඇයට ශීත නොකළ බීම බෝතලයක් දෙන්නට යැයි සහායකයෙකුට කියා කරමින් සිටි වැඩවල නිරත වුයෙමි.   ඇය පසුව මගේ මුණටම කීවේ ඇය දුටුවත්  බල්ලෙක් ආ තරමටවත් මා ඇයව ගණන් නොගත් බවය.

ඔය සියළුම නෝක්කාඩු මධ්‍යයේ සරසවි චිත්‍රාගාරයට ගොස් වෙලාවට ගීතය රූපගත කිරීම  පටන්ගන්නට අපට හැකිවිය.   ක්‍රමයෙන් රාත්‍රිය ලඟාවිය අපි වැඩ කරන සියළුම දෙනාට රාත්‍රී ආහාරය සපයන්නට යුහුසුළු වූයෙමු.   නිෂ්පාදන අංශයේ කොල්ලෙක් ඇවිත් මට කීවේ ප්‍රධාන නිළියට රාත්‍රී ආහාරය සඳහා චිකන් කෝසස් අවශ්‍යයැයි ඇය කියූ බවයි.   ඒ ඇසු මම තරමක පුදුමයට පත්වුණේ ඇය එතෙක් කල් කිසිදිනෙක ඇය සඳහා විශේෂ කෑමක් ඉල්ලා නොසිටි නිසාය.   ඇයද අනෙක් අය මෙන් නිෂ්පාදන අංශයෙන් ලබාදෙන කෑම සතුටින් අනුභව කළ කිසිදිනෙක නිෂ්පාදනයට කරදර කල නිළියක් නොවුවාය.     පෙර දිනෙක කළ රූගත කිරීමකදී අපේ නිෂ්පාදන අංශය සිතා සිටියේ රාත්‍රී ආහාරයට පෙර රූගත කිරීම් අවසන් වනු ඇතැයි කියාය.    එබැවින් රාත්‍රී ආහාරය ලබාදීමට අපේ සුදානමක් නොවීය.  

 නමුත් රූගත කිරීම් ඇදී ගොස් නොදැනීම රාත්‍රී ආහාර වේලාවද ළඟාවූ විට බෙනට් අසා සිටියේ " මල්ලි රෑ කෑම ටික ලෑස්තියි නේද?" යි කියාය.     හිස ගිණි ගත් අප එවෙලේ ළඟ පාත ඇති රෙස්ටුරන්ට් හෝටල් යනාදියෙන් කෑම පාර්සල් සුදානම් කරදෙන ලෙස ඉල්ලා සිටියත් කාලවේලාව නොමැතිය කියා ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.      අවසානයේ දළුගම හන්දියේ හෝටලයකින් කෑම පාර්සල් ටික ලබාගැනීමට හැකිවිය.    එහෙත් ඔවුන්ටද හැකිවුයේ ඉතාම සාමාන්‍ය ආහාරයක් පිළියෙල කරදීමටය.     මස් හෝ මාළු වෙනුවට ඒ කෑම පාර්සල්වල තිබුණේ කරවලය.    එදාද ප්‍රධාන නිළිය කිසිම වෙනසක් නොපෙන්වා එම කෑම අනුභව කළාය.  ඉල්ලා සිටින දෙයක් ඇයට කෑමට ලබාදෙන ලෙස කියූ මම ඇයගේ මේ අමුතු ඉල්ලීමට හේතුව කුමක්ද කියා තරමක විමසිල්ලෙන් සිටියෙමි.    කාලය ගෙවී ගොස් රාත්‍රී කෑම වෙලාවද ළඟාවූ අතර කෑම සඳහා රූපගත කිරීම් නවත්වන ලදී.    එදා සරසවි චිත්‍රාගාරයට තවත් චිත්‍රපට කණ්ඩායමක් පැමිණ තිබුණේ චිත්‍රපටයක හඬ කැවීම් සිදුකිරීමටය.   එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ජනප්‍රිය නළුවා ද පැමිණ සිටි අතර ඔහුත් අපේ ප්‍රධාන නිළියත් කෑම ගත්තේ එකම ස්ථානයකය.    ඔවුන්ගේ නිෂ්පාදනයෙන් රාත්‍රී ආහාර සඳහා ලැබී තිබුණේ ගෝදම්බ රොටීත් මස් හොදිත්ය.   ඒ දෙදෙනා එකතැන කෑම ගන්නා ආකාරය දුටු මට අපගේ ප්‍රධාන නිළිය රාත්‍රී ආහාරයට කෝසස් ඉල්ලූ හේතුව පැහැදිළි විය.    ඒ ජනප්‍රිය නළුවා අද යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ගැන නම් දරා සිටින්නෙකි.

එදා රූපගත කළ ගීතය "සඳ කාන්ති දිදී නිලම්බරේ නැගී එන ශ්‍රියා" යනුවෙන් පටන්ගන්නා ගීතය වූ අතර දර්ශනයේ ආරම්භය සඳහා කැමරා ශිල්පී ධර්මේ හඳක් ඉල්ලා සිටියේය.    අහසේ සඳ පායා තිබුණද එය එතරම් පැහැදිලි සඳක් නොවීය.    අපි ධර්මයාව මග හැර සිටියේ සඳ අමතක වේයැයි සිතා වුවද ධර්මයා සිය මතයේ තදින් එල්බ සිටිමින් දිගින් දිගටම සඳක් ඉල්ලයි.    අන්තිමේ අධිසැර විදුලි බල්බයක් රවුමකින් ආවරණය කර පොල්ගහක එල්ලා දුන්නේ ඉතිරි හරිය කැමරාවෙන් හදා ගන්නටැයි කියමිනි.   එවිට ධර්මෙගේ මුහුණද සඳ මෙන් ආලෝකවත් විය.    ඉන්පසුව වැඩි කරදරයක් නොමැතිව ගීතය රූපගත කරගන්නට හැකිවුණේ ඒ ගීතයට ප්‍රධාන නිළිය සමග රංගනයේ යෙදුණු ශිල්පියාද ප්‍රවීන වේදිකා සහ ටෙලි නළුවෙකු වූ නිසාය.   කෙසේ වුවද රූපගත කිරීම් අවසන් වනවිට වටින් ගොඩින් එළිය වැටෙමින් තිබිණි.

මේ කාලය වනවිට අල්ලපු ගෙදර ටෂ් සමග වූ මගේ ඇයි හොඳයිය මුහුකුරා ගොස් තිබු අතර ටෂ්ට අවශ්‍ය වුයේ ටෙලි නාට්‍ය කරන්නට මා කොහේවත් නොගොස් හවසට රැකියාව අහවර වූ විගස ගෙදර හෙවත් බෙන් එකට පැමිණෙනු දකින්නටය.    ටෙලිනාට්‍ය කිරීම හෙවත් මා නළුනිළියන් විශේෂයෙන් නිළියන් සමග ළඟින් ඇසුරු කිරීම ටෂ් කෙසේවත් රිස්සුවේ නැත.    ඇය ඒ ගැන මා සමග කීප විටක්ම පවසා තිබුණු අතර ටෂ්ට උවමනා කර තිබුණේ මාව ගෘහස්ථ ජීවියෙක් කොට හැකි හැම වේලාවේම ගෙදර රඳවා ගැනීමටය.   ටෂ් මට බලකරන ජීවිතයට මගේ කිසිම කැමැත්තක් නොතිබුණු අතර මගේ කැමැත්ත තිබුණේ හැකි හැමවිටම ගෙදරින් පිට ගතකිරීමටය.   මේ කාරණය ගැන අප දෙදෙනා අතර සාකච්ඡා ද සාකච්ඡා වලින් පසු ගැටුම්ද බොහෝ විට හටගන්නට විය.    

ටෂ්ලා වතුර ගත්තේ බෙන් එක සතු ලිඳෙන් වූ අතර සමහරවිට ටෂ්ලාගේ ගෙදර කෙල්ලන් හවසට ලිඳෙන් වතුර ඇදගෙන නා කියා ගන්නා අවස්ථාද විය. ස්ටුඩියෝ එකේ වැඩ අවසන් කර හවස ගෙදර එන ටෂ් කෙටි රෙදිකඩක් හැඳ අඩ අඳුරේම ලිඳට විත් නෑම හෝ ඇඟ සෝදා ගැනීම ඉතාම සාමාන්‍ය දර්ශනයක් විය.    අපේ ඇයි හොඳයිය ඇරඹුනාට පසුව නෑමෙන් පසු ඇය ගෙයි කුස්සිය පැත්තේ සිටින මාත් සමග දොඩමළු වීම සිරිතක් විය.  මේ කතාබහ දිගදුර ගොස් කතාබහක් නොමැතිව තුරුලුවී සිටින තත්වයකට පත්වුණේ බෙන් එකේ වෙන කවුරුවත් නොසිටි දිනවලදීය.    එවැනි දිනවලදී මා හැර තබන කුස්සියේ දොරෙන් ඇතුල්වී කාමරයට එන්නට තරම් ප්‍රගතියක් ටෂ් පසුව ලබාගත්තාය.    මා බෙනට්ගේ ටෙලි කණ්ඩායමත් සමග වැඩවලට යෑම ගැන ටෂ් නොරිස්සුමෙන් කතා කළ  අතර මේ සමබන්ධයෙන් අප දෙදෙනා අතර නිතරම  ඇතිවුණු බහින්බස් වීම් වලින් පසු දවසක  ටෂ් මට කෙලින්ම කියාසිටියේ අපේ ඇයි හොඳයිය පවත්වාගෙන යනවාද නැත්නම් ටෙලි නාට්‍ය වලට යනවාද යන දෙකින් එකක් තෝරාගෙන ඇයට කියන  ලෙසටයි.

ටෂ්ගේ කතාව මට සෑහෙන උහතෝකෝටිකයක් වූ අතර නොමිලේ ලෝඩ් බාගන්නට ලැබෙන අවස්ථාවද නැතිවී ගියේය.    ටෂ්ද නිතරම මා ඉන්නා තැන්වලට ඇවිත් මට උපරිම පීඩනයක් ලබා දුන්නාය.   දවසක් මම කාර්යාලයේ වැඩ කරමින් ඉන්නවිට ටෂ් එතැනට කඩා පාත් වුයේ ළඟ ගෙදරක ඉන්න ඇගේ යාළුවා වූ ඩෙලා ද සමගය.   මම කෙලින්ම ටෂ්ට කීවේ මෙවැනි වැඩවලට මගේ කිසිම කැමැත්තක් නැති බවයි.   එසේ කියා කැන්ටිමට රැගෙන ගොස් දෙන්නාට සිසිල් බීම දෙකක්ද රැගෙන බොන්නටදී ගෙදර පිටත් කළෙමි.    ටෂ් තේ බොන්නේ නැත ඇය උදේටද බොන්නේ වතුර හෝ පළතුරු බීමය.    මට එසේ නොව උදේට තේ එකක් බොන්නටම අවශ්‍යය.     බොරැල්ලේදී අප මුණගැහෙන දවස් වලටත් ටෂ්ව තේ බොන්නට හෝටලේකට  එක්කං යන්නට බැරි නිසා සිසිල් බීම බොන්නට මැද මිදුලට යා යුතුවිය.    මැද මිදුලේ කෑම බීම පට්ට ගණංය.    දුප්පත් රජයේ සේවකයෙකු වූ මට මේ විදියට ටෂ්ව නඩත්තු කරන්නට බැරිය.    යම්කිසි අමතර  ආදායමක් ලැබෙන වැඩකට යනවාට ටෂ් උදැල්ල දමයි.   බෙන් එකේ අනික් උන් පුල් ජොලියෙන් දවස ගතකරද්දී මගේ ඔලුව යකාගේ කම්මල වගේය.  

අපිත් එක්ක ක්‍ෂය රෝග මර්දනේ වැඩ කරපු ප්‍රියානිගේ මහත්තයගේ අවුරුද්දේ දානය ඊළඟ සතියට යෙදී ඇති බව මට කාර්යාලයට කතාකල දීපිකා කීවාය.    දානය සෙනසුරාදාට යෙදී ඇති නිසා දීපිකා සිකුරාදා සවස රද්දොළුගම ප්‍රියානිලාගේ  ගෙදර යන බවත් ඒ එක්කම මමත් යන්නට එනවානම් හොඳ බවත් ඇය වැඩිදුරටත් කීවාය. මමත් කැමැත්තෙන්ම දීපිකාට හා යි කීවේ කලදී අප දෙදෙනා අතරද යම් තරමක ඇයි හොඳයියක් තිබුණු නිසාය.  මේ දිනවල වේලි වේලි ඉන්න මට ඒත් මදිද කියා අඬගහපු ගමන්ම කැමති උනෙමි.     මම සති අන්තයේ ප්‍රියානිලාගේ ගෙදර දානයට යන බව ටෂ්ටද කීවෙමි.    කාන්තාවකගේ වැඩක් නිසා ටෂ් කැමති නැතිවුණත් ඒ වෙලාවේ මොකුත් නොකියා බුම්මාගෙන හුන්නාය.    සිකුරාදා සවස මම බොරැල්ලට ඇවිත් කොටුවට යන්නට ඉන්නාවිට ටෂ් රාජගිරියේ සිට පැමිණ එතැනට කඩා වැදුණාය.   

 ටෂ් ඇවිත් තිබුණේ මා කාත් එක්ක යනවාද කියා බලන්නට බව මට තේරුම් ගියත් සද්ද නැතිව සිටියෙමි.    ඇය මට ගෙදර යන්නට කතාකළාය.    මම ආවේ රද්දොළුගම දානයට යන්නට බවත් පසුදා හවස ආපහු එන බවත් කියා ටෂ්ට රස්තියාදු නොවී ගෙදර යන්නටැ යි කීවෙමි.    "මම කතා කළාම එන්නට බැරිවුණත් එක එක ගෑණුන්ගේ ගෙවල්වල නම් යන්නට පුළුවන්" යි  කියූ ටෂ් මාත් එක්කරගෙන මිසක අද ගෙදර යන්නේ නැතැයි වැඩිදුරටත් කීවාය.    මේ වාදයට එතැනම පැය බාගයක් පමණ ගෙවී ගියේය.   ටෂ්ගේ තර්කානුකූල නොවූ කතාවලට නප්පියටම තදවී සිටි මම ටෂ්ට  ඕනෑ මඟුලක් කරගන්නැයි කියා බස් එකකට ගොඩවී පිටකොටුවට ගියෙමි.   ඒ වනවිටත් මා එනතුරු බස්පොළේ බලාසිටි දීපිකා මා නැති නිසා තනියම ප්‍රියානිගේ ගෙදර ගිහිල්ලාය.   මමත් රද්දොළුගම බසයක නැගී ප්‍රියානිගේ  ගෙදර ගියෙමි.

 ප්‍රියානිලාගේ ගෙදරදී පරණ යාළුවන් සියලු දෙනාම පාහේ කලකට පසු මුණගැසී එතැන ඇතිවුණේ රස සාගරයකි. කෑමද,බීමද,විහිළු කතාද,පැරණි රසාංගද ආදියෙන් කුල්මත්වී සිටි අපට කාලවේලාව ගතවනු පවා නොදැනිණ.    දානය අවසන්වී සෙනසුරාදා සවස ආපහු එන්නට හිතාගෙන ගියත් මම ආපහු ආවේ ඉරිදා සවස් වරුවේය.    කාර්යාලයට යන්නට සෑහෙන ඇඳුම් ගෙනගොස් තිබුනානම් ඉරිදාද නතරවී සිට සඳුදා කෙළින්ම කාර්යාලයට යන්නට තිබුණා නේදැයි අපි කීපදෙනෙක් කතාවුණේ මහ හඬින් සිනාසෙමිනි.    

සෙනසුරාදා සවස එනවා යැයි කියූ මිනිහා ඉරිදාද සවස් වරුවේ බෙන් එකට පැමිණීම ගැන ටෂ් හිටියේ කේන්තියෙනි.    බුම්මාගෙන සිටි ඇය සඳුදා උදේ මගේ මුහුණවත් නොබලා වැඩට ගියාය.    ඒ වනවිටද මා ටෂ් සම්බන්ධයෙන් තීරණයක් ගෙන සිටියෙමි.    ඒ ඇයත් සමග දිගින් දිගටම ඉදිරියට යාමට කිසිසේත්ම නොහැකි තත්ත්වයක් පැනනැගී ඇතිබව මා තේරුම් ගෙන සිටි නිසාය.     ඊට දින කීපයකට පසු ටෂ්ගේ කේන්තිය පහව ගොස් අප  මුණගැසී සන්සුන්ව කතාකරමින් සිටි මොහොතක අප දෙදෙනාගේ තත්ත්වය මම ඇයට පැහැදිළි කර දුන්නෙමි.   මේ ආකාරයට අපට කෙතෙක් දුර යා හැකිද? එසේ නම් අනාගතයේ උද්ගත වන ප්‍රශ්න මොනවාද? ආදී වශයෙන් බොහෝ කරුණු ටෂ්ට පැහැදිලි කරද්දී ඇය නිසලව අසා සිටියාය.    එසේ නම් මින් ඉදිරියට අප වෙන් වෙන්ව අපේ ගමන් මාර්ග සොයා ගතයුතු බව මා කියුවිට ඇය මහ හඬින් හඬා වැටුණාය.    මගෙන් මෙවැනි දැඩි තීරණයක් ඈ බලාපොරොත්තු නොවූ සෙයකි෴
(අධික වැඩ රාජකාරි නිසා කපන මණ්ඩලය මේ දිනවල අක්‍රීය වී ඇති බැවින් භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය කතා මාලාවේ තවත් කොටසක් ඔබේ පහන් සංවේගය උදෙසා පළකරන බව කරුණාවෙන් සලකන්න)

70 comments:

  1. මේක කියෙව්වෙත් භීෂණය මැද ඉන්නවා වගේ ෆීලින්ග් එකකින්...මොකෝ කොයි වෙලාවේ ඩොමෙස්ටික් සෙන්සර් කොහුපාරක් වදීවීදෝ කියනා සැකයෙන්...!
    ඔහේ ඉල්ලන් කන්නයි යන්නේ බලධාරි තැනගෙන්...!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්

      Delete
    2. ප්‍රශ්නයක් උණේ නං නෑ මෙතෙක්.

      Delete
  2. ඉලව් ගෙවල් දානේ ගෙවල් කොටහලු ගෙවල් පිංකං ... මගුල් ගෙවල් වැඩි වේවා කියා ඉතසිතින් පතමි

    ReplyDelete
  3. හලෝ හැලපෙ, කොහොමද සැප සනීප. මාසෙකින් විතර කොමෙන්ට් එකක් දාන්නේ. ඒ උනාට හැලපෙ ලියලා තිබ්බ එව්වා නං කියෙව්වා ඔක්කොම මං. ඉතිං හැලපෙ දැන් මොනාද කරන්නේ ලංකාවේ ඉදං? ආයේ රට යනවද?

    අපේ රාජ් නං දැන් බ්ලොග් ලියන්නේ නෑ වැඩිය. ඇයි දන්නේ නෑ. මාතලන් නං ලියනවනි. මාතලන් ගියේ නැද්ද දන්නෑ ලගදි පොල් අතු බත් කඩේ පැත්තේ. මාත් ගියා ගිය සතියේ දවසක අපේ ඔපිස්‌ එකේ කාණ්ඩයක් එක්ක නිට්ටඹුවේ රාජකාරි ගමනක් යද්දී වෑන් එකේ නැගිලා. එන ගමන් අපි තුන් හතර දෙනෙක් බෝතල් දෙකක් ගහලා බත් ඩිංගක් කාලා අවා එතනින්.

    ආ එක නෙමේ හැලපෙ, අද උදේ මට හොද පල්ලම. අපේ දෙවැනි ලොක්කා රට ගියානි. අද ඔපිස්‌ එද්දී මට ගෙනත් දුන්නා හොදවැයිං වොඩ්කා බෝතලයක්. මං කල්පනා කරේ දවල් කෑමට කලින් හිමිට ඩිංගක් දාලා බත් ඩිංගක් කන්න.

    මං එහෙනං දැන් පහලට ගිහිං උදේට මොනාහරි කාලා එන්නං කෝ. මං කල්පනා කරේ අල හොදියි, මිරිස් මාලුයි එක්ක උණු උණු රෝස් පාන් දෙකක් කාලා, ප්ලේන්ටි එකකුත් බිලා ගොලිප් එකක් පත්තු කරගන්න.

    ආ මේ අපේ දෙවැනි ලොක්කා දුන්නු බෝතලේ. පොටෝ එකක් ගත්තා මං අපේ රාජ්ට, මාතලන්ට, හැලපෙට බලාගන්න.

    පොටෝ එක මෙතනින්

    ReplyDelete
    Replies
    1. අදාල ඡායාරූපය දැකීමෙන් මා පස්වනක් ප්‍රීත්‍රියෙන් පිනා ගියවග සතුටින් දන්වා සිටිමි..

      Delete
    2. දැන් ලංකාවේ ඉන්නෙ ඇනෝ. හිටපු ගමන් ඇනෝ දාන කමෙන්ට් දැක්කම මට හෙණ ත්‍රිල්. එහෙනං ස්මිර්නොෆ් ගහගෙන ඉම්මුකෝ.

      Delete
  4. යකෝ ඉර හඳ උනත් ඉල්ලන පමාවෙන් මවන්න පුලුවන් ලෝකයක්නේ බං මේක. ඇත්තට ඇයි අර ගෑණි චිකන් කෝසස් ඉල්ලුවේ.

    ReplyDelete
    Replies
    1. අරූට වඩා මෙයාට සලකන බව පෙන්වන්න

      Delete
    2. අරූට එයාගෙ ඩිමාන්ඩ් එක පෙන්නන්න නෙ බං.

      Delete
  5. අද හැලපසීරියස්..

    ReplyDelete
  6. කපන මණ්ඩලය බොහොත් බිසී වේවා :) ජයවේවා !

    ReplyDelete
  7. ඉස්සරවෙලාම හිනා ගියේ අන්තිම වැකිය දැක්කාම.
    කාලයක් මාත් ඔය මැද මිදුලේ පැය ගණන් ලැගලා හොද බිල් දාලා තියනවා. හැබැයි ඉන් පස්සේ ගියේ මැදමිදුලට මෙහා තියන ඇපෙක්ස් එකට. පොඩි වෙනසක්... ඒච්චරයි...

    ReplyDelete
    Replies
    1. දැන් මැද මිදුල නෑ නේද නලින්.

      Delete
    2. තියනවා මං හිතන්නේ. එත් ළගකදි ගිහින් නම් නැ.

      Delete
  8. ටෂ් කිව්වේ ටෂ්මා දිල්කි (කුමරප්පෙරුම) නේද? මාර සෙක්සි කෑල්ල හැලපස් ඒකි නං. උබ ඒකිව ඇද්දා කිව්වම විශ්වාශ කරන්නත් බෑ. මං ට්‍රයි කරන්නේ ඒකිගේ යාලුවා ඕමයා අදින්න. හරි ගියොත් නං දිව දාලා ගහන්නේ. ම්ම්..සැප කඳ.

    ReplyDelete
    Replies
    1. ටෂ්මා එක්ක ඇනල් කරන්න තිබ්බ නං කොහොමද? හම්මේ ඕමයා. මතක් වෙද්දීත් ඉවසන්න බෑ. ලෙවකන්න පුළුවන් හැම තැනම. හැලපයා මාර ලකී නේ ඔයි ටෂ්මා ඇද්දා කිව්වම. කෙට්ටු කෑල්ල. හ්ම්ම්ම්. තදට බහිනවා ඇති. සැප කියන්නේ. මතක් වෙද්දීත් ඉවසන්න බෑ.

      Delete
    2. ජයවේවා! පැතුම් ඉටුවේවා!!

      Delete
  9. කපන මණ්ඩලේ කතුරට කෙළ වේවා
    හැලපේ අතින් හොඳ හොඳ දෑ ලියවේවා
    පෝස්ට් වලින් ශෘංගාරය ඉතිරේවා
    ඉතිරි කොටස මීටත් වැඩි රහ වේවා....

    ReplyDelete
    Replies
    1. රහ ඒව ලියන්න නං ආසයි.

      Delete
  10. බලාගෙන ගිහාම කවුරු කවුරුත් ලෝඩ් බාලා කරලා තියනවා ;)

    ReplyDelete
  11. අපේ පහන් සංවේගය උදෙසා ඔබේ කැපවීමට අපේද ප්‍රමාණය...:D

    ReplyDelete
  12. හප්පට සිරි.. විවේකයක් අරන් හෙම දීල ඇදලනෙ සැන්ඩි නැතිවම..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මොජ්වද කියන්නෙ, විවේක ගත්තම හොඳට ලියවුණා.

      Delete
  13. මම හිතුවේ හැලපයියා පිළිකුල් භාවනාව කොරා කියලා . බලකොට ගල්කොරියක් එහෙමත් දාලා වඩකරලා තියෙන්නන් . අනේ වාසනාවන්. හැබැයි හැලපක්කාට බලවත් විරැද්ධත්වය

    ReplyDelete
    Replies
    1. ගල් කොරියක් දැම්මදත් අහනව. අර සජ්ජට එහෙම ඇහෙන්න ඔව්ව කියන්න එපා.

      Delete
  14. කපන මණ්ඩලයට හ්සු නොවේවා...
    ආයෙ එලම.....

    ReplyDelete
    Replies
    1. කපන මණ්ඩලයට හසු නොවී ලියන්නට උපරිම ට්‍රයි කරමි.

      Delete
  15. මරු , කථාව නැගලම යනවා...

    ReplyDelete
    Replies
    1. තව කෑලි තියෙනවා ෂේප් එකේ ලියමු.

      Delete
  16. හොරිවිල හරි මරදංකඩවල හරි යන්න ඕනෙ උනොත් කතාකරපන් අයියෙ මං එන්නම්, පල්ලෙවෙලින් ගොඩ දාගන්න පුළුවන් තත්වයක් තිබ්බොත් ත්‍රීවීල් එකක්වත් අරං පලයන්.

    ReplyDelete
    Replies
    1. උවමනාවක් උනොත් මම ටක් ගාල උඹට කෝල් එකක් දෙන්නං කම්මලේ.

      Delete
  17. හැක්.. දැං හෙටානිද්දට හැලපෙ අයිය ICU ඇඩ්මිට් වෙන්න බලාපොරොත්තු වෙන්නෙ මොන හොස්පිටල් එකේද?
    අපිටත් බැරියැ ඔය බෝතලයක් එහෙම අරගෙන බලන්න එන්න.

    ReplyDelete
    Replies
    1. බෝතලයක් අරගෙනම වරෙන්. මම කවුරු හරි අතේ පණිවිඩේ එවන්නා.

      Delete
  18. චෙෆාකි කියුව වගේ හෙන ප්‍රෙෂර් එකකින් කියෙව්වේ.. හැලපක්කාට ජයවේවා! තව තව බිසී වේවා!

    ReplyDelete
    Replies
    1. කොහොමත් හැලපක්ක එහෙදි වගේ නෙවෙයි මෙහෙදී පට්ට බිසී.

      Delete
  19. කපන මණ්ඩලේ කතුරට නිවාඩු නොලැබේවා ..
    හලපෙට දිගටම ලියන්න ලැබේවා ..

    ReplyDelete
    Replies
    1. එහෙම බලාපොරොත්තු වෙමි.

      Delete
  20. කපන මන්ඩලයට විරැද්දව අකන්ඩ වැඩ වර්ජනයක් කරන්න වෙයි වගේ.

    ReplyDelete
  21. දැා කවදද ඔහේගේ අවසන් කටයුතු කරන්න දාගත්තේ... හැක් හැක්..

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. වරෙන්කො බලන්න.දවසක් දාගන්න බැරියැ.

      Delete
  22. අවසන් වැකිය තමා පෝස්ට් එකේ හොඳම එක

    ReplyDelete
    Replies
    1. එහෙනං.එහෙම නැතුව කොහොමද.

      Delete
  23. කියන්න අමතක වුණා කපණ මණ්ඩලේ අවිවේකි වෙලා තියෙන්නේ පහුගිය දා හැලපේ අයියගේ ළගම ඥාතියෙක් අන්ත්‍රාෙවුණා. හැලපි එහේ වැඩ. මාත් මල ගෙදරට ඔලුව දාලා ආවා...

    ReplyDelete
    Replies
    1. අපි හත්දවසෙ දානෙත් ඉවරවෙලා ආවෙ.

      Delete
  24. http://blogs.timesofindia.indiatimes.com/toi-edit-page/never-had-a-girlfriend-what-wives-dont-need-to-hear-and-husbands-dont-need-to-say/

    ReplyDelete
  25. නියමයි හැලපේ ++++++++

    ReplyDelete
  26. ධර්මයාගේ සඳ කිව්වහ මම මේ බැලුවේ ... මේ ටෂ් කියන්නේ අර කලින් දානේ ගෙදර එක්කෙනා නෙමේ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ එයා නෙවෙයි වෙන එක්කෙනෙක්.

      Delete
  27. අම්මෝ හැලපේ මේක කියවලා හැලප නෝනා කෑම හෙම හදලා දෙයිද ඈහ්?
    මම හිතන්නේ කතුර බොහොම ඉක්මණට හොයා ගනියි.

    හැලපේ මේ කියන කාලේ අර කියන නළුවාට ඒ තරම් පිළෛගැනීමක් තිබුනාද ලංකාවේ? මට නම් මතක විදියට ඇමරිකාවේ හෙමත් ගිහින් ආවට පස්සේ නේද යන්තම් පිළිගැනීමක් ලැබුනේ. එයාම කලින් එහෙම කියනවා ඇහිලා තිබුනා.
    ගම රට ආවට පස්සේ නිතර ලියවෙන්න ගත්තනම් තවත් අපූරුයි!

    ReplyDelete
    Replies
    1. කෑම නම් තාම හදල දෙනවා රංගි. ටිකක් විතර බිසී උනත් හැකි හැම විටම ලියනවා.

      Delete
  28. //ඒ ජනප්‍රිය නළුවා අද යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ගැන නම් දරා සිටින්නෙකි//

    කව්ද බොලේ මේකා ?

    ReplyDelete
    Replies
    1. හොයාගන්නම බැරිද හැබෑට.

      Delete
  29. ඉන් පස්සෙ ටෂ් හමුවුනේ නැතැයි

    ReplyDelete
  30. 2017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    හෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html

    බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html

    හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html

    පිහාටු - https://tinyurl.com/k7azlyz

    සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/05/2017.html




    2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    Pra Jay

    Sa rasa

    පත්තර මල්ලි



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/04/2017_29.html

    ReplyDelete
    Replies
    1. ඇයි බං කො කා සබාපතිට මෙදා තැනක් නැතුවද?

      Delete
  31. කියන්න මොකුත්ම නැද්ද?

    ReplyDelete
  32. හාපෝයි .... කියුබාවේ ආණ්ඩුව වගේ එකක් එක්කනෙ හැලපයිය සෙට් වෙලා ඉඳල තියෙන්නෙ, ලෝඩ් බෑම කෙසේ වෙතත් වැඩි දුර සබඳතා වලට පළතුරු ජුස් බොන ගෑල්ලමයින් හරි යන්නේ නැත ... ඒ උරචක්කර මාලයෙන් ගැලවුණේ පෙර කළ පිනකට වෙන්නට ඕනෑ ... :)

    ReplyDelete

ඔබේ අදහස්